1-3. සාමාවතීවත්ථු අට්ඨකථා
1-3. සාමාවතීවත්ථු
1-3. සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුව
අප්පමාදො අමතපදන්ති ඉමං ධම්මදෙසනං සත්ථා කොසම්බිං උපනිස්සාය ඝොසිතාරාමෙ විහරන්තො සාමාවතිප්පමුඛානං පඤ්චන්නං ඉත්ථිසතානං, මාගණ්ඩියප්පමුඛානඤ්ච එතිස්සා පඤ්චන්නං ඤාතිසතානං මරණබ්යසනං ආරබ්භ කථෙසි.
‘අප්පමාදෝ අමතපදං’ යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතාරාමයේ වාසය කරන සමයෙහි මාගන්දිය ප්රමුඛ ස්ත්‍රීන් පන්සීයක්ද, ඇගේ පන්සීයක් පමණ ඥාතීන්ද මරණයට පැමිණීම අරභයා දේශනා කළසේක.
තත්රායං අනුපුබ්බිකථා – අතීතෙ අල්ලකප්පරට්ඨෙ අල්ලකප්පරාජා නාම, වෙඨදීපකරට්ඨෙ වෙඨදීපකරාජා නාමාති ඉමෙ ද්වෙ දහරකාලතො පට්ඨාය සහායකා හුත්වා එකාචරියකුලෙ සිප්පං උග්ගණ්හිත්වා අත්තනො අත්තනො පිතූනං අච්චයෙන ඡත්තං උස්සාපෙත්වා ආයාමෙන දසදසයොජනිකෙ රට්ඨෙ රාජානො අහෙසුං. තෙ කාලෙන කාලං සමාගන්ත්වා එකතො තිට්ඨන්තා නිසීදන්තා නිපජ්ජන්තා මහාජනං ජායමානඤ්ච ජීයමානඤ්ච මීයමානඤ්ච දිස්වා “පරලොකං ගච්ඡන්තං අනුගච්ඡන්තො නාම නත්ථි, අන්තමසො අත්තනො සරීරම්පි නානුගච්ඡති, සබ්බං පහාය ගන්තබ්බං, කිං නො ඝරාවාසෙන, පබ්බජිස්සාමා”ති මන්තෙත්වා රජ්ජානි පුත්තදාරානං නිය්යාදෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තප්පදෙසෙ වසන්තා මන්තයිංසු –
අතීතයේ අල්ලකප්ප නම් රටේ අල්ලකප්ප නමිනුත් වේඨදීපක නම් රටේ වේඨදීපක නමිනුත් සිටි දෙදෙනෙක් ළදරු කලපටන් යහළුවන්ට එකම ආචාර්යපරපුරක සිප්සතර ඉගෙන තමතමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් සේසත් නගා දිගුපුළුලින් දසයොදුන් පමණවූ රටවල රජුවරුවූහ. ඔවුහු කලින් කල එක්වී එකට සිටිමින් එකට හිඳිමින් එකට නිදමින් උපදින ජීවත්වන මියෙන මිනිසුන් දැක, පරලොව යන අය සමඟ යන්නෙක් නැත. යටත්පිරිසෙන් සියසිරුරු පවා ගෙන යා නොහැකි. සියල්ල මෙහි තබා යායුතුය. අපේ මේ ගිහිගෙයි විසුමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමුයයි කතිකාකරගෙන රජය දුපුතුන්ට පවරා ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි වසන අතර මෙසේ සාකච්ඡා කළහ.
“මයං රජ්ජං පහාය පබ්බජිතා, න ජීවිතුං අසක්කොන්තා. තෙ මයං එකට්ඨානෙ වසන්තා අපබ්බජිතසදිසායෙව හොම, තස්මා විසුං වසිස්සාම. ත්වං එතස්මිං පබ්බතෙ වස, අහං ඉමස්මිං පබ්බතෙ වසිස්සාමි. අන්වඩ්ඪමාසං පන උපොසථදිවසෙ එකතො භවිස්සාමා”ති. අථ ඛො නෙසං එතදහොසි – “එවම්පි නො ගණසඞ්ගණිකාව භවිස්සති, ත්වං පන තව පබ්බතෙ අග්ගිං ජාලෙය්යාසි, අහං මම පබ්බතෙ අග්ගිං ජාලෙස්සාමි, තාය සඤ්ඤාය අත්ථිභාවං ජානිස්සාමා”ති. තෙ තථා කරිංසු.
අප රාජ්‍යයනුත් හැරදමා පැවිදිවූයේ ජීවත්වීමට බැරි නිසා නොවෙයි. ඒ අපි එක්තැනකට වී සිටීම පැවිදි නොවූවාක් වැනිය. ඒ නිසා අපි වෙන්ව වසමු. ඔබ අර පර්වතයෙහි වසන්න. මම මේ පර්වතයෙහි සිටින්නෙමි. අඩමසකින් පැමිණෙන පෙහෙවස් දිනයෙහි එකතුවෙමුයි කතිකා කළහ. ඔවුහු මෙසේද සිතූහ. මේ ක්‍රමයෙන් අපේ ගණසංගණිකාවද (පිරිස් සමඟ එක්වීම) සිදුවෙයි. ඔබ ඔබේ කඳුමුදුනේ ගිනිගොඩක් දල්වන්න. මම මගේ කඳුමුදුනේ ගිනිගොඩක් ගසමි. මේ ක්‍රමයෙන් අප ඇති නැති බව දැනගන්නෙමුයිද කියා එසේ කළාහුය.
අථ අපරභාගෙ වෙඨදීපකතාපසො කාලං කත්වා මහෙසක්ඛො දෙවරාජා හුත්වා නිබ්බත්තො. තතො අඩ්ඪමාසෙ සම්පත්තෙ අග්ගිං අදිස්වාව ඉතරො “සහායකො මෙ කාලකතො”ති අඤ්ඤාසි. ඉතරොපි නිබ්බත්තක්ඛණෙයෙව අත්තනො දෙවසිරිං ඔලොකෙත්වා කම්මං උපධාරෙන්තො නික්ඛමනතො පට්ඨාය අත්තනො තපචරියං දිස්වා “ගන්ත්වා මම සහායකං පස්සිස්සාමී”ති තං අත්තභාවං විජහිත්වා මග්ගිකපුරිසො විය තස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි.
පසු කාලයක වේඨදීපක තාපසතෙම කළුරියකොට මහේශාක්‍ය දේවතාවෙක්ව උපන්නේය. එයින් අඩමසකට පසු එම කඳුමුදුනේ ගිනි නොදැල්වීමෙන්ම මගේ යහළුවා කළුරිය කෙළේයයි අල්ලකප්පක තවුසා දැනගත්තේය. මියගිය තැනැත්තාත් දෙවියෙක්ව උපන් කෙණෙහිම තම දෙව්සිරි දැක කිනම් කර්මයකින් මෙසේ උපන්නේදැයි විමසා බලා ගිහිගෙයින් නික්මුණු දා පටන් තමාගේ තපස්චරියාවන් දැක දැන් ගොස් මගේ යාළුවා දැකගන්නෙමියි ඒ අත්බව හැරදමා සාමාන්‍ය මිනිසකු මෙන් යහළුතවුසා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය.
අථ නං සො ආහ – “කුතො ආගතොසී”ති? “මග්ගිකපුරිසො අහං, භන්තෙ, දූරතොව ආගතොම්හි. කිං පන, භන්තෙ, අය්යො ඉමස්මිං ඨානෙ එකකොව වසති, අඤ්ඤොපි කොචි අත්ථී”ති? “අත්ථි මෙ එකො සහායකො”ති. “කුහිං සො”ති? “එතස්මිං පබ්බතෙ වසති, උපොසථදිවසෙ පන අග්ගිං න ජාලෙති, මතො නූන භවිස්සතී”ති. “එවං, භන්තෙ”ති? “එවමාවුසො”ති. “අහං සො, භන්තෙ”ති. “කුහිං නිබ්බත්තොසී”ති? “දෙවලොකෙ මහෙසක්ඛො දෙවරාජා හුත්වා නිබ්බත්තොස්මි, භන්තෙ, ‘අය්යං පස්සිස්සාමී’ති පුන ආගතොම්හි. අපි නු ඛො අය්යානං ඉමස්මිං ඨානෙ වසන්තානං කොචි උපද්දවො අත්ථී”ති? “ආම, ආවුසො, හත්ථී නිස්සාය කිලමාමී”ති. “කිං වො, භන්තෙ, හත්ථී කරොන්තී”ති? “සම්මජ්ජනට්ඨානෙ ලණ්ඩං පාතෙන්ති, පාදෙහි භූමියං පහරිත්වා පංසුං උද්ධරන්ති, ස්වාහං ලණ්ඩං ඡඩ්ඩෙන්තො පංසුං සමං කරොන්තො කිලමාමී”ති. “කිං පන තෙසං අනාගමනං ඉච්ඡථා”ති? “ආමාවුසො”ති. “තෙන හි තෙසං අනාගමනං කරිස්සාමී”ති තාපසස්ස හත්ථිකන්තවීණඤ්චෙව හත්ථිකන්තමන්තඤ්ච අදාසි. දදන්තො ච පන වීණාය තිස්සො තන්තියො දස්සෙත්වා තයො මන්තෙ උග්ගණ්හාපෙත්වා “ඉමං තන්තිං පහරිත්වා ඉමස්මිං මන්තෙ වුත්තෙ නිවත්තිත්වා ඔලොකෙතුම්පි අසක්කොන්තා හත්ථී පලායන්ති, ඉමං තන්තිං පහරිත්වා ඉමස්මිං මන්තෙ වුත්තෙ නිවත්තිත්වා පච්ඡතො ඔලොකෙන්තා ඔලොකෙන්තා පලායන්ති, ඉමං තන්තිං පහරිත්වා ඉමස්මිං මන්තෙ වුත්තෙ හත්ථියූථපති පිට්ඨිං උපනාමෙන්තො ආගච්ඡතී”ති ආචික්ඛිත්වා, “යං වො රුච්චති, තං කරෙය්යාථා”ති වත්වා තාපසං වන්දිත්වා පක්කාමි. තාපසො පලායනමන්තං වත්වා පලායනතන්තිං පහරිත්වා හත්ථී පලාපෙත්වා වසි.
ඉන්පසු අල්ලකප්පක මෙසේ විමසීය, ඔබ කොහි සිට ආවෙහිද? ස්වාමීනි, මම දුර සිට එන මඟියෙක්මි, ස්වාමීනි, ආර්යයන් වහන්සේ මෙහි වසන්නේ තනියමද? නැත්නම් තවත් කවුරුන් හෝ ඇද්ද? මගේ එක් යහළුවෙක් ඇත. ස්වාමීනි, ඔහු කොහිද? ඔහු අර පෙනෙන පර්වතයේ වසයි. පෙහෙවස් දිනයේ නම් ගිනි දැල්වූයේ නැත. ඒකාන්තයෙන් ඔහු මිය යන්නට ඇත. ස්වාමීනි, එසේද? ඇවැත්නි එසේය. ස්වාමීනි, ඒ යහළුවා නම් මමයි. ඔබ උපන්නේ කොහිද? දෙව්ලොව මහේශාක්‍ය දෙවියෙක්ව උපනිමි ස්වාමීනි. ඔබ දකිනු පිණිස යළි මෙහි ආවෙමි. මේ ස්ථානයේ වසන ඔබවහන්සේට කිසියම් අපහසුවක් ඇද්ද? එසේය. ඇවැත්නි, ඇතුන් නිසා මම වෙහෙසට පත්වෙමි. ස්වාමීනි, ඒ ඇත්තු කුමක් කරන්නහුද? අතුගෑ තැන්වල ඇත්තු බෙටි දමති. පාපහර දී පස් විසුරුවති. මම ඒ ඇත්බෙටි අදිමින් පස් සමකරමින් වෙහෙසට පත්වෙමි. එසේ නම් ඔවුන්ගේ පැමිණීම වළක්වන්නෙමියි කියා ඒ තවුසාට හස්තික්‍රාන්ත වීණාවක්ද (ඇතුන් ප්‍රියකරන හඬ ඇති) හස්තික්‍රාන්ත මන්ත්‍රයක්ද දුන්නේය. වීණාවත් මන්ත්‍රයත් දෙන ගමන්ම මේ වීණාවේ තත් තුනකි. ඒවා හඳුන්වාදී මන්ත්‍ර තුනත් උගන්වා, මේ තත පහරා මේ මන්ත්‍රය කීකල ඇත්තු නැවතී නැවතී පසුපස බැලීමටවත් නොසිට දුවති. මේ තත ගසා මේ මන්ත්‍රය ජපකල විට ඇත්තු නැවතී නැවතී පසුපස බලමින් දුවති. මේ තත පහරවා මේ මන්ත්‍රය කීවිට ඇත්රජා පිට නමාගෙන තමා සමීපයට එයි. මෙසේ කියා ඔබට මනාපයක් කළ මැනවැයි වැඳ යන්ටගියේය. තවුස්තෙම පලායන මන්ත්‍රය ම කියා පලායන තත ශබ්දකොට ඇතුන් පලවා හැර සුවසේ වාසය කෙළේය.
තස්මිං සමයෙ කොසම්බියං පූරන්තප්පො නාම රාජා හොති. සො එකදිවසං ගබ්භිනියා දෙවියා සද්ධිං බාලසූරියතපං තප්පමානො අබ්භොකාසතලෙ නිසීදි. දෙවී රඤ්ඤො පාරුපනං සතසහස්සග්ඝනිකං රත්තකම්බලං පාරුපිත්වා නිසින්නා රඤ්ඤා සද්ධිං සමුල්ලපමානා රඤ්ඤො අඞ්ගුලිතො සතසහස්සග්ඝනිකං රාජමුද්දිකං නීහරිත්වා අත්තනො අඞ්ගුලියං පිලන්ධි. තස්මිං සමයෙ හත්ථිලිඞ්ගසකුණො ආකාසෙන ගච්ඡන්තො දූරතො රත්තකම්බලපාරුපනං දෙවිං දිස්වා “මංසපෙසී”ති සඤ්ඤාය පක්ඛෙ විස්සජ්ජෙත්වා ඔතරි. රාජා තස්ස ඔතරණසද්දෙන භීතො උට්ඨාය අන්තොනිවෙසනං පාවිසි. දෙවී ගරුගබ්භතාය චෙව භීරුකජාතිකතාය ච වෙගෙන ගන්තුං නාසක්ඛි.
එකල කොසඹෑ නුවර පරන්තප නම් රජෙක් විය. දිනක් හෙතෙම ගැබිණිදේවයත් සමඟ උදේ හිරුරැස් තපිමින් උඩුමහල්තලයේ සිටියේය. රජුගේ ලක්ෂයක් වටිනා රක්තකම්බලය පොරවාගෙන සිටි දේවිය රජුත් සමඟ සල්ලාපයෙහි යෙදී සිටි ගමන්ම රජු ඇඟිල්ලෙහි පැළදගෙනසිටි ලක්ෂයක් වටිනා රාජමුද්ද ගළවා තම ඇඟිල්ලෙහි ලාගත්තාය. එවේලෙහි අහසේ පියාඹා යන ඇත්කඳලිහිණියෙක් රතු කම්බිලිය පෙරවාගෙන සිටි දේවිය දැක මස්පිඬෙකියි සිතා පියාපත් විහිදුවාගෙන එතැනට බැස්සේය. රජු ඌ පහතට බසින හඬ අසා බියවී නැඟිට ඇතුළු නිවසට පිවිසියේය. දේවියට දරු ගැබ්බර නිසාත් බියවනසුලු (ස්ත්‍රීජාතිය) ජාතිය නිසාත් වේගයෙන් ඉවතට යානොහැකි විය.
අථ නං සො සකුණො අජ්ඣප්පත්තො නඛපඤ්ජරෙ නිසීදාපෙත්වා ආකාසං පක්ඛන්දි. තෙ කිර සකුණා පඤ්චන්නං හත්ථීනං බලං ධාරෙන්ති. තස්මා ආකාසෙන නෙත්වා යථාරුචිතට්ඨානෙ නිසීදිත්වා මංසං ඛාදන්ති. සාපි තෙන නීයමානා මරණභයභීතා චින්තෙසි – “සචාහං විරවිස්සාමි, මනුස්සසද්දො නාම තිරච්ඡානගතානං උබ්බෙජනීයො, තං සුත්වා මං ඡඩ්ඩෙස්සති. එවං සන්තෙ සහ ගබ්භෙන ජීවිතක්ඛයං පාපුණිස්සාමි, යස්මිං පන ඨානෙ නිසීදිත්වා මං ඛාදිතුං ආරභිස්සති, තත්ර නං සද්දං කත්වා පලාපෙස්සාමී”ති. සා අත්තනො පණ්ඩිතතාය අධිවාසෙසි.
ඉක්බිති ඒ ලිහිණියා හුදෙකලාව බලවත්වී දේවිය නියපඳුරෙන් ඩැහැගෙන අහසට පැන්නේය. ඒ ලිහිණියෝ වනාහි ඇතුන් පස්දෙනෙකුගේ ශක්තිය දරති. එහෙයින් තමන් කැමති තැනකට ගොදුර අහසින්ම ගෙනගොස් හිඳගෙන මස් කති. එසේ ගෙනයන්නාවූ දේවිය මරණභයින් බියපත්ව, යම්හෙයකින් මා කෑ ගැසුවොත්, මිනිස්හඬ තිරිසනුන්ට බිය ගෙනදෙන නිසා මගේ හඬ අසා මා ඉවත දමයි. එසේ වුවහොත් දරුගැබත් සමඟ මරණයට පත්වෙයි. යම් තැනක මා තබා කෑමට පටන්ගන්නවාත් සමඟ එතනදී ශබ්ද කොට පලවා හරින්නෙමියි තමා නුවණැති හෙයින් සිතා ගත්තාය.
තදා ච හිමවන්තපදෙසෙ ථොකං වඩ්ඪිත්වා මණ්ඩපාකාරෙන ඨිතො එකො මහානිග්රොධො හොති. සො සකුණො මිගරූපාදීනි තත්ථ නෙත්වා ඛාදති, තස්මා තම්පි තත්ථෙව නෙත්වා විටපබ්භන්තරෙ ඨපෙත්වා ආගතමග්ගං ඔලොකෙසි. ආගතමග්ගොලොකනං කිර තෙසං ධම්මතා. තස්මිං ඛණෙ දෙවී, “ඉදානි ඉමං පලාපෙතුං වට්ටතී”ති චින්තෙත්වා උභො හත්ථෙ උක්ඛිපිත්වා පාණිසද්දඤ්චෙව මුඛසද්දඤ්ච කත්වා තං පලාපෙසි.
එකල හිමවත් පෙදෙසේ මඳක් වැඩුණු මණ්ඩපාකාර එක් මහනුගගසක් විය. ඒ රාජාලියා මුවන් ආදි සතුන් එහි ගෙනවුත් තබාගෙන කයි. එහෙයින් ඈද එහි ගෙනවුත් අතු දෙබල් අතර තබා ආ මඟ නැවත ආපසු හැරී බැලුවේය. ආමඟ නැවත හැරී බැලීම ඔවුන්ගේ සිරිතකි. එකෙණෙහිම දේවිය දැන් මූ පලවා හරින්ට සුදුසු කාලයයයි සිතා දෑත් ඔසවා අත්පුඩි ශබ්දයත් කෑගැසීමත් එකවරම කොට ඌ පලවා හැරියාය.
අථස්සා සූරියත්ථඞ්ගමනකාලෙ ගබ්භෙ කම්මජවාතා චලිංසු. සබ්බදිසාසු ගජ්ජන්තො මහාමෙඝො උට්ඨහි. සුඛෙධිතාය රාජමහෙසියා “මා භායි, අය්යෙ”ති වචනමත්තම්පි අලභමානාය දුක්ඛපරෙතාය සබ්බරත්තිං නිද්දා නාම නාහොසි. විභාතාය පන රත්තියා වලාහකවිගමො ච අරුණුග්ගමනඤ්ච තස්සා ගබ්භවුට්ඨානඤ්ච එකක්ඛණෙයෙව අහොසි. සා මෙඝඋතුඤ්ච පබ්බතඋතුඤ්ච අරුණඋතුඤ්ච ගහෙත්වා ජාතත්තා පුත්තස්ස උතෙනොති නාමං අකාසි.
හිරු අවරට යන වේලෙහි ඇගේ කර්මජවාතයෝ (දරුවන් බිහිකිරීමේ වාත වේගය) ක්‍රියාත්මක වූවාහුය. හැම දිසාවක පැතිරී ගිය මහ වැස්සක් පටන් ගත්තේය. අතිශය දුක්ඛදායක, ඛේදනීය තත්වයට පත්වුවද ආර්යාවනි, බිය නොවන්න වැනි වචන මාත්‍රයකුදු නොලබා දුකම වැළඳගත් ඕතොමෝ නිදි නොලබාම මුළු රැයම ගතකළාය. රාත්‍රි අලුයම් වේලෙහි අහස වළාකුළු පහවී ගොස් හිරු උදාවීමත් ඈට දරුවන් ලැබීමත් යන ක්‍රියා දෙක එකම වේලාවේ සිදුවිය. ඕතොමෝ වැසි උදාවත් පර්වත උදාවත් අරුණ උදාවත් එක්කොට අලුත ලැබූ පුතාට උදේන යන නම තැබුවාය.
අල්ලකප්පතාපසස්සපි ඛො තතො අවිදූරෙ වසනට්ඨානං හොති. සො පකතියාව වස්සදිවසෙ සීතභයෙන ඵලාඵලත්ථාය වනං න පවිසති, තං රුක්ඛමූලං ගන්ත්වා සකුණෙහි ඛාදිතමංසානං අට්ඨිං ආහරිත්වා කොට්ටෙත්වා රසං කත්වා පිවති. තස්මා තං දිවසං “අට්ඨිං ආහරිස්සාමී”ති තත්ථ ගන්ත්වා රුක්ඛමූලෙ අට්ඨිං පරියෙසෙන්තො උපරි දාරකසද්දං සුත්වා උල්ලොකෙන්තො දෙවිං දිස්වා “කාසි ත්ව”න්ති වත්වා “මානුසිත්ථිම්හී”ති. “කථං ආගතාසී”ති? “හත්ථිලිඞ්ගසකුණෙනානීතාම්හී”ති වුත්තෙ “ඔතරාහී”ති ආහ. “ජාතිසම්භෙදතො භායාමි, අය්යා”ති. “කාසි ත්ව”න්ති? “ඛත්තියාම්හී”ති. “අහම්පි ඛත්තියොයෙවා”ති. “තෙන හි ඛත්තියමායං කථෙහී”ති. සො ඛත්තියමායං කථෙසි.
අල්ලකප්ප තවුසාටද ඒ ළඟම අසපුවක් තිබුණේය. හෙතෙම සිරිතක් හැටියට වැසිදිනවල ශීත බියෙන් පලවැල සෙවීමට වනයට නොයයි. ඒ නුගරුක මුලට ගොස් කුරුල්ලන් කාදැමූ ඇටකටු ගෙනවුත් ඒවා කොටා රස සාදාගෙන පානය කරයි. එහෙයින් එදිනද ඇටකටු ගෙනෙන්නෙමියි එහි ගොස් ගසමුල ඇටකටු සොයා බලනවිට උඩින් දරුවෙකුගේ හඬක් ඇසී උඩ බලනවිට දේවිය දැක තී කවරියකදැයි විචාළේය. මා මිනිස් ගැහැණියක්මියි කීකල, කෙසේ මෙහි ආවෙහිද? ඇත්කඳලිහිණියකු විසින් මා මෙහි ගෙන එන ලද්දෙමියි කීවාය. එසේ නම් බිමට බසින්නැයි තවුසා කීවේය. ආර්යයෙනි, ජාතියට කැළලක් වේදෝයි බිය වෙමියි කීවිට තී කවර ජාතියකට අයත්ද? ක්රෂත්රිය ජාතියටය. මමත් ක්ෂත්රියයෙක්මියි හේ කීවේය. එසේ නම් ක්ෂත්රියමායම් කියව. ඔහු ක්ෂත්රියමායම් කීවේය.
“තෙන හි ආරුය්හ පුත්තං මෙ ඔතාරෙහී”ති. සො එකෙන පස්සෙන අභිරුහනමග්ගං කත්වා අභිරුහිත්වා දාරකං ගණ්හි. “මා මං හත්ථෙන ඡුපී”ති ච වුත්තෙ තං අඡුපිත්වාව දාරකං ඔතාරෙසි. දෙවීපි ඔතරි. අථ නං අස්සමපදං නෙත්වා සීලභෙදං අකත්වාව අනුකම්පාය පටිජග්ගි, නිම්මක්ඛිකමධුං ආහරිත්වා සයංජාතසාලිං ආහරිත්වා යාගුං පචිත්වා අදාසි. එවං තස්මිං පටිජග්ගන්තෙ සා අපරභාගෙ චින්තෙසි – “අහං නෙව ආගතමග්ගං ජානාමි, න ගමනමග්ගං ජානාමි, ඉමිනාපි මෙ සද්ධිං විස්සාසමත්තම්පි නත්ථි. සචෙ පනායං අම්හෙ පහාය කත්ථචි ගමිස්සති, උභොපි ඉධෙව මරණං පාපුණිස්සාම, යංකිඤ්චි කත්වා ඉමස්ස සීලං භින්දිත්වා යථා මං න මුඤ්චති, තථා තං කාතුං වට්ටතී”ති. අථ නං දුන්නිවත්ථදුප්පාරුතදස්සනෙන පලොභෙත්වා සීලවිනාසං පාපෙසි. තතො පට්ඨාය ද්වෙපි සමග්ගවාසං වසිංසු.
එසේනම් ගස උඩට ගොඩවී මගේ පුතා ගසින් ගනුව. හෙතෙම එක් පැත්තකින් හිණිමඟක් තනා එයින් ගසට නැඟ දරුවා ගත්තේය. ඔබ මා අතින් නොඅල්වවයි කී නිසා ඔහු ඈ අත නොඅල්ලාම දරුවා රැගෙන ගසින් බැස්සාය. දේවියද බැස්සාය. මෙසේ ඔවුන් අසපුවට රැගෙන ගොස් ශීලභේදකයකට නොපැමිණ අනුකම්පාවෙන් පෝෂණය කළේය. මැස්සන් නොමැති මීවද ගෙනවුත් ස්වයංජාත ඇල්හාලෙන් කැඳ පිස දුන්නේය. මේ ආකාරයෙන් ඔවුන් පෝෂණය කරන කල්හි අපරභාගයෙහි දේවී මෙසේ සිතුවාය. මම මෙහි පැමිණ මඟ නොදන්නෙමි. ආපසු යන මඟද නොදන්නෙමි. මොහුගේත් මා සමඟ විශ්වාස මාත්‍රයකුදු නැත. යම් හෙයකින් මොහු අප හැරදා කොහේ හෝ ගියහොත් අප දෙදෙනාට මෙහිම මෙතනම මැරෙන්ට සිදුවේ. යම්කිසි උපායක් යොදා මොහුගේ සිල්බිඳ මා අත්නොහරින සේ කටයුතු කළයුතුය. එසේසිතා නොහොබිනා ලෙස හැඳ පෙරවාගෙන ඒ දැකුම්වලින් ඔහු පොළොඹවාගෙන සීලවිපත්තියට පැමිණවූවාය. එතැන් පටන් දෙදෙනා සහවාසයෙන් විසූහ.
අථෙකදිවසං තාපසො නක්ඛත්තයොගං උල්ලොකෙන්තො පූරන්තප්පස්ස නක්ඛත්තමිලායනං දිස්වා “භද්දෙ කොසම්බියං පූරන්තප්පරාජා මතො”ති ආහ. “කස්මා, අය්ය, එවං වදෙසි? කිං තෙ තෙන සද්ධිං ආඝාතො අත්ථී”ති? “නත්ථි, භද්දෙ, නක්ඛත්තමිලායනමස්ස දිස්වා එවං වදාමී”ති, සා පරොදි. අථ නං “කස්මා රොදසී”ති පුච්ඡිත්වා තාය තස්ස අත්තනො සාමිකභාවෙ අක්ඛාතෙ ආහ – “මා, භද්දෙ, රොදි, ජාතස්ස නාම නියතො මච්චූ”ති. “ජානාමි, අය්යා”ති වුත්තෙ “අථ කස්මා රොදසී”ති? “පුත්තො මෙ කුලසන්තකස්ස රජ්ජස්ස අනුච්ඡවිකො, ‘සචෙ තත්ර අභවිස්ස, සෙතච්ඡත්තං උස්සාපයිස්ස. ඉදානි මහාජානිකො වත ජාතො’ති සොකෙන රොදාමි, අය්යා”ති. “හොතු, භද්දෙ, මා චින්තයි, සචස්ස රජ්ජං පත්ථෙසි, අහමස්ස රජ්ජලභනාකාරං කරිස්සාමී”ති. අථස්ස හත්ථිකන්තවීණඤ්චෙව හත්ථිකන්තමන්තෙ ච අදාසි. තදා අනෙකානි හත්ථිසහස්සානි ආගන්ත්වා වටරුක්ඛමූලෙ නිසීදන්ති. අථ නං ආහ – “හත්ථීසු අනාගතෙසුයෙව රුක්ඛං අභිරුහිත්වා තෙසු ආගතෙසු ඉමං මන්තං වත්වා ඉමං තන්තිං පහර, සබ්බෙ නිවත්තිත්වා ඔලොකෙතුම්පි අසක්කොන්තා පලායිස්සන්ති, අථ ඔතරිත්වා ආගච්ඡෙය්යාසී”ති. සො තථා කත්වා ආගන්ත්වා තං පවත්තිං ආරොචෙසි. අථ නං දුතියදිවසෙ ආහ – “අජ්ජ ඉමං මන්තං වත්වා ඉමං තන්තිං පහරෙය්යාසි, සබ්බෙ නිවත්තිත්වා ඔලොකෙන්තා පලායිස්සන්තී”ති. තදාපි තථා කත්වා ආගන්ත්වා ආරොචෙසි. අථ නං තතියදිවසෙ ආහ – “අජ්ජ ඉමං මන්තං වත්වා ඉමං තන්තිං පහරෙය්යාසි, යූථපති පිට්ඨිං උපනාමෙන්තො ආගමිස්සතී”ති. තදාපි තථා කත්වා ආරොචෙසි.
පසු දිනෙක තවුසා නැකැත්යෝග පිරික්සා බලන්නේ පරන්තපගේ නැකැත්තරුව සැළෙනු දැක සොඳුර, කොසඹෑ නුවර පරන්තප රජු මළේයයි කීය. ආර්යයාණනි, ඔබ එසේ කියන්නේ ඇයි? ඔහු ඔබ හා නොමනාපදැයි ඇසුවාය. නැත සොඳුර, ඔහුගේ නැකත් පෙළෙනු දැක මෙසේ කීවෙමි. දේවිය හඬන්ට වූවාය. හඬන්නේ ඇයිදැයි ඇසූ විට පරන්තප තමන්ගේ සැමියා බව කීවාය. සොඳුර අමුත්තක් නොසිතන්න. උපන්නහුට මරණය නියත බව නොදන්නෙහිද? දනිමි ස්වාමීනියි කීකල එසේ නම් හඬන්නේ ඇයිද? ස්වාමීනි, මගේ පුතා කුලසන්තක රාජ්‍යයට සුදුස්සාය. යම් හෙයකින් එහි සිටියේ නම් ඔහු සේසත් නංවා රජ වන්නේය. එහෙත් දැන් ඒකාන්තයෙන් මහත් හානියකට පැමිණියේය. ඒ ශෝකයෙන් හඬන්නෙමි ස්වාමීනියි කීවාය. සොඳුර, එසේ නොසිතන්න, ඔහුට රාජ්‍ය ලබාදීමට ඔබ සිතන්නේ නම් මම ඔහුට රාජ්‍යය ලැබෙන ආකාරයක් කරන්නෙමි.
අථස්ස මාතරං ආමන්තෙත්වා, “භද්දෙ, පුත්තස්ස තෙ සාසනං වදෙහි, එත්තොව ගන්ත්වා රාජා භවිස්සතී”ති ආහ. සා පුත්තං ආමන්තෙත්වා, “තාත, ත්වං කොසම්බියං පූරන්තප්පරඤ්ඤො පුත්තො, මං සගබ්භං හත්ථිලිඞ්ගසකුණො ආනෙසී”ති වත්වා සෙනාපතිආදීනං නාමානි ආචික්ඛිත්වා “අසද්දහන්තානං ඉමං පිතු පාරුපනකම්බලඤ්චෙව පිලන්ධනමුද්දිකඤ්ච දස්සෙය්යාසී”ති වත්වා උය්යොජෙසි. කුමාරො තාපසං “ඉදානි කිං කරොමී”ති ආහ. “රුක්ඛස්ස හෙට්ඨිමසාඛාය නිසීදිත්වා ඉමං මන්තං වත්වා ඉමං තන්තිං පහර, ජෙට්ඨකහත්ථී තෙ පිට්ඨිං උපනාපෙත්වා උපසඞ්කමිස්සති, තස්ස පිට්ඨියං නිසින්නොව රට්ඨං ගන්ත්වා රජ්ජං ගණ්හාහී”ති. සො මාතාපිතරො වන්දිත්වා තථා කත්වා ආගතස්ස හත්ථිනො පිට්ඨියං නිසීදිත්වා කණ්ණෙ මන්තයි – “අහං කොසම්බියං පූරන්තප්පරඤ්ඤො පුත්තො, පෙත්තිකං මෙ රජ්ජං ගණ්හිත්වා දෙහි සාමී”ති.
මෙසේ කියා ඈ අමතා, සොඳුර ඔබේ පුතාට හසුනක් ලියා දෙන්න. ඔහු තනිවම ගොස් රජවන්නේයයි කීවේය. ඈ කුමරා අමතා, කොසඹෑ නුවර පරන්තප රජුගේ පුත්රයායිද මා ඇත්කඳලිහිණියෙකු ගෙනා බව කියා සෙනෙවිවරුන්ගේ නම් ආදිය කීවිට නොපිළිගතහොත් මේ ඔබේ පියා පෙරවූ කම්බිලියත් ඇඟිල්ලේ දැමු මුද්දත් පෙන්වන්නැයි ඒවා දී කුමරා පිටත් කළාය. මෙසේ කියා දැන් කළයුතු කුමක්දැයි තවුසාගෙන් ඇසීය. තවුසා කුමරා අමතා, ඔබ ගසේ යටම අත්තේ සිට මේ මන්ත්‍රය මතුරා මේ තත පහරා වීණාව වාදනය කරන්න. එවිට නායක ඇතා පිට නමාගෙන ඔබ වෙත එනු ඇත. උගේ පිට උඩ නැඟී පරන්තප රජුගේ රටට ගොස් රාජ්‍යය ලබා ගනුව. කුමරා මවුපියන් වැඳ මන්ත්‍රය මතුරා ළඟට පැමිණ ඇතුපිට නැඟී කනට කොඳුරා අනිත් මන්ත්‍රය මතුළේය. මට කොසඹෑවේ රාජ්‍යය ලබා දෙවයිද කීවේය.
සො තං සුත්වා “අනෙකානි හත්ථිසහස්සානි සන්නිපතන්තූ”ති හත්ථිරවං රවි, අනෙකානි හත්ථිසහස්සානි සන්නිපතිංසු. පුන “ජිණ්ණා හත්ථී පටික්කමන්තූ”ති හත්ථිරවං රවි, ජිණ්ණා හත්ථී පටික්කමිංසු. පුන “අතිතරුණා හත්ථී නිවත්තන්තූ”ති හත්ථිරවං රවි, තෙපි නිවත්තිංසු. සො අනෙකෙහි යූථහත්ථිසහස්සෙහෙව පරිවුතො පච්චන්තගාමං පත්වා “අහං රඤ්ඤො පුත්තො, සම්පත්තිං පත්ථයමානා මයා සද්ධිං ආගච්ඡන්තූ”ති ආහ. “තතො පට්ඨාය මනුස්සානං සඞ්ගහං කරොන්තො ගන්ත්වා නගරං පරිවාරෙත්වා ‘යුද්ධං වා මෙ දෙතු, රජ්ජං වා’”ති සාසනං පෙසෙසි. නාගරා ආහංසු – “මයං ද්වෙපි න දස්සාම. අම්හාකඤ්හි දෙවී ගරුගබ්භා හත්ථිලිඞ්ගසකුණෙන නීතා, තස්සා අත්ථිභාවං වා නත්ථිභාවං වා මයං න ජානාම. යාව තස්සා පවත්තිං න සුණාම. තාව නෙව යුද්ධං දස්සාම, න රජ්ජ”න්ති. තදා කිර තං පවෙණිරජ්ජං අහොසි. තතො කුමාරො “අහං තස්සා පුත්තො”ති වත්වා සෙනාපතිආදීනං නාමානි කථෙත්වා තථාපි අසද්දහන්තානං කම්බලඤ්ච මුද්දිකඤ්ච දස්සෙසි. තෙ කම්බලඤ්ච මුද්දිකඤ්ච සඤ්ජානිත්වා නික්කඞ්ඛා හුත්වා ද්වාරං විවරිත්වා තං රජ්ජෙ අභිසිඤ්චිංසු.
පැමිණි ඇතා එපුවත අසා දහස් ගණන් ඇත්තු පැමිණෙත්වායි එක් ඇත්නාදයක් කෙළේය. දහස් ගණන් ඇත්තු එහි රැස්වූහ. යළි දිරාගිය ඇත්තු ආපසු යෙත්වායි හඬක් නැඟීය. දිරා ගිය ඇත්තු ආපසු කැලයට ගියහ. තරුණ ඇත්තු නවතිත්වායි හඬක් නැඟීය. නායක ඇතා නොයෙක් දහස් ගණන් යෝධ ඇතුන් පිරිවරා ප්‍රත්‍යන්ත ග්‍රාමයට ගොස්, මම රාජපුත්‍රයාට රජ සම්පත රැගෙන දෙන්නට යන්නෙමි. තෙපි මා සමඟ එත්වායි එතැන්පටන් මිනිසුන්ට සංග්‍රහ කෙරෙමින් ගොස් නුවර වටලා යුද්ධ හෝ කෙරෙත්වා, රාජ්‍යය හෝ දෙත්වායි පණිවුඩයක් යැවීය. නාගරිකයෝ අපි ඒ දෙකම නොදෙම්හයි කීවෝය. අපේ රාජදේවිය ගැබ්බරව සිටියදී ඇත්කඳලිහිණියෙකු විසින් ඩැහැගෙන යන ලදි. ඈ ජීවතුන් අතර ඇති නැතිබව නොදන්නෙමු. ඒ පිළිබඳ සත්‍ය පුවත යම් දවසක දැනගන්නා තුරු අපි යුද්ධත් නොකරමු. රජයත් නොදෙන්නෙමුයයි කීහ. එකල එය ප්‍රවේණිගත රාජ්‍යයකි. ඉන්පසු කුමරා මම ඒ දේවියගේ පුතායයි කීවේය. එය නොපිළිගත් පසු රක්තකම්බලයත් මුද්දත් පෙන්වීය. සේනාපතීහු ඒ කම්බිලි හා මුද්ද හඳුනාගෙන නිසැකවී රජදොරටුව හැර ඒ කුමරා රාජ්‍යයෙහි අභිෂේක කළහ.
අයං තාව උතෙනස්ස උප්පත්ති.
මේ උදේනගේ උත්පත්ති කථාවයි
අල්ලකප්පරට්ඨෙ පන දුබ්භික්ඛෙ ජීවිතුං අසක්කොන්තො එකො කොතුහලිකො නාම මනුස්සො කාපිං නාම තරුණපුත්තඤ්ච කාළිං නාම භරියඤ්ච ආදාය “කොසම්බිං ගන්ත්වා ජීවිස්සාමී”ති පාථෙය්‍යං ගහෙත්වා නික්ඛමි. “අහිවාතරොගෙන මහාජනෙ මරන්තෙ දිස්වා නික්ඛමී”තිපි වදන්තියෙව. තෙ ගච්ඡන්තා පාථෙය්යෙ පරික්ඛීණෙ ඛුදාභිභූතා දාරකං වහිතුං නාසක්ඛිංසු. අථ සාමිකො පජාපතිං ආහ – “භද්දෙ, මයං ජීවන්තා පුන පුත්තං ලභිස්සාම, ඡඩ්ඩෙත්වා නං ගච්ඡාමා”ති. මාතු හදයං නාම මුදුකං හොති. තස්මා සා ආහ – “නාහං ජීවන්තමෙව පුත්තං ඡඩ්ඩෙතුං සක්ඛිස්සාමී”ති. “අථ කිං කරොමා”ති? “වාරෙන නං වහාමා”ති. මාතා අත්තනො වාරෙ පුප්ඵදාමං විය නං උක්ඛිපිත්වා උරෙ නිපජ්ජාපෙත්වා අඞ්කෙන වහිත්වා පිතුනො දෙති. තස්ස තං ගහෙත්වා ගමනකාලෙ ඡාතකතොපි බලවතරා වෙදනා උප්පජ්ජි. සො පුනප්පුනං ආහ – “භද්දෙ, මයං ජීවන්තා පුත්තං ලභිස්සාම, ඡඩ්ඩෙම න”න්ති. සාපි පුනප්පුනං පටික්ඛිපිත්වා පටිවචනං නාදාසි. දාරකො වාරෙන පරිවත්තියමානො කිලන්තො පිතු හත්ථෙ නිද්දායි. සො තස්ස නිද්දායනභාවං ඤත්වා මාතරං පුරතො කත්වා එකස්ස ගච්ඡස්ස හෙට්ඨා පණ්ණසන්ථරෙ තං නිපජ්ජාපෙත්වා පායාසි. මාතා නිවත්තිත්වා ඔලොකෙන්තී පුත්තං අදිස්වා, “සාමි, කුහිං මෙ පුත්තො”ති පුච්ඡි. “එකස්ස මෙ ගච්ඡස්ස හෙට්ඨා නිපජ්ජාපිතො”ති. “සාමි, මා මං නාසයි, පුත්තං විනා ජීවිතුං න සක්ඛිස්සාමි, ආනෙහි මෙ පුත්ත”න්ති උරං පහරිත්වා පරිදෙවි. අථ නං නිවත්තිත්වා ආනෙසි. පුත්තොපි අන්තරාමග්ගෙ මතො හොති. ඉති සො එත්තකෙ ඨානෙ පුත්තං ඡඩ්ඩෙත්වා තස්ස නිස්සන්දෙන භවන්තරෙ සත්ත වාරෙ ඡඩ්ඩිතො. “පාපකම්මං නාමෙතං අප්පක”න්ති න අවමඤ්ඤිතබ්බං.
අජිත නම් රට දුර්භික්ෂයක් ඇති වූ කල්හි ජීවත්වීමට අපහසුවූ කෝතූහලික නම් එක් මිනිසෙක් කාපි නම් ළාබාල පුතාත් කාළි නම් බිරියත් කැටුව කොසඹෑ නුවරට ගොස් ජීවත්වන්නෙමියි මාර්ගෝපකරණද රැගෙන පිටත් විය. අභිවාතක නම් රෝගයෙන් මිනිසුන් මැරෙනු දැක (බිත්ති බිඳගෙන) නික්මුණාහුයයිද කියති. (ඒ රෝගය හටගත් විට බිත්ති බිඳගෙන යෑම සිරිතකි) මෙසේ යන ඔවුන්ගේ මාර්ගෝපකරණ අවසන්විය. බඩසා දුකින් පීඩිත වූ නිසා දරුවා ඔසවාගෙන යෑමද අපහසු විය. කෝතුහලික බිරිඳට කථා කොට, සොඳුර අප ජීවත්වුවහොත් පසුව පුතකු ලද හැකිය. ඒ නිසා මේ පුතා මඟ දමා යමුයයි යෝජනා කෙළේය. ඈ පුනපුනා ප්‍රතික්ෂේප කරමින් පිළිතුරක් නොදී සිටියාය. දරුවා වරින් වර මාරු කිරීමෙන් වෙහෙසට පත්ව එක් ගසක් යට කොළරොඬුඅතරෙහි ඔහු හොවා ගියෝය. මව නැවතී බලන විට පුතා නොදැක ස්වාමීනි මගේ පුතා කොහිදැයි ඇසුවාය. මම ඔහු එක් ගසක් යට නිදි කෙරෙව්වෙමියි ඔහු කීවේය. සැමියාණනි, මා නොනසව, පුතා නැතිව මට ජීවත්විය නොහැකියි. මගේ පුතා මට ගෙනත් දෙවයි පපුවේ අත් ගසා හඬන්ට පටන්ගත්තාය. ඔහු ගොස් පුතා ගෙනාවේය. ඒ ගෙන එන අතරමඟ පුතා මළේය. මේ කුමරා මෙතෙක් තැන්වල පුතු හැරදැමු අකුශලයෙන් භවාන්තරයේදී හත්වරක්ම හැරදමන ලද්දෙකු විය. පාපකර්මය වනාහි කුඩායයි අවමන් නොකළ යුතුය.
තෙ ගච්ඡන්තා එකං ගොපාලකුලං පාපුණිංසු. තං දිවසඤ්ච ගොපාලකස්ස ධෙනුමඞ්ගලං හොති. ගොපාලකස්ස ගෙහෙ නිබද්ධං එකො පච්චෙකබුද්ධො භුඤ්ජති. සො තං භොජෙත්වා මඞ්ගලමකාසි. බහු පායාසො පටියත්තො හොති. ගොපාලකො තෙ ආගතෙ දිස්වා, “කුතො ආගතත්ථා”ති පුච්ඡිත්වා සබ්බං පවත්තිං සුත්වා මුදුජාතිකො කුලපුත්තො තෙසු අනුකම්පං කත්වා බහුකෙන සප්පිනා පායාසං දාපෙසි. භරියා “සාමි, තයි ජීවන්තෙ අහම්පි ජීවාමි නාම, දීඝරත්තං ඌනොදරොසි, යාවදත්ථං භුඤ්ජාහී”ති සප්පිඤ්ච දධිඤ්ච තදභිමුඛඤ්ඤෙව කත්වා අත්තනා මන්දසප්පිනා ථොකමෙව භුඤ්ජි. ඉතරො බහුං භුඤ්ජිත්වා සත්තට්ඨදිවසෙ ඡාතතාය ආහාරතණ්හං ඡින්දිතුං නාසක්ඛි. ගොපාලකො තෙසං පායාසං දාපෙත්වා සයං භුඤ්ජිතුං ආරභි. කොතුහලිකො තං ඔලොකෙන්තො නිසීදිත්වා හෙට්ඨාපීඨෙ නිපන්නාය සුනඛියා ගොපාලකෙන වඩ්ඪෙත්වා දිය්යමානං පායාසපිණ්ඩං දිස්වා “පුඤ්ඤා වතායං සුනඛී, නිබද්ධං එවරූපං භොජනං ලභතී”ති චින්තෙසි. සො රත්තිභාගෙ තං පායාසං ජීරාපෙතුං අසක්කොන්තො කාලං කත්වා තස්සා සුනඛියා කුච්ඡිම්හි නිබ්බත්ති.
මවුපිය දෙමහල්ලෝ මෙසේ යන අතර එක් ගොපලු ගෙදරකට පැමිණියාහුය. ඒ දවසද ගොපල්ලාගේ දෙනුන් පිළිබඳ මඟුල් දිනයකි.මේ ගොපලුගෙදර එක් පසේ බුදුවරනමක් දිනපතා දන් වළඳති. ගොපල්ලා උන්වහන්සේ වළඳවා ධේනුමංගලයද කෙළේය. ඒ සඳහා බොහෝ පායාසද පිළියෙළ කරන ලද්දේ විය. ගොපල්ලා එන්නා වූ මඟියන් දැක කොහි සිට එන්නේදැයි විචාරා සියලු පුවත් දැන මෘදු මොළොක් කුලපුතෙකු නිසා ඔවුන්ට අනුකම්පාකොට ගින්නෙන් සමඟ පායාස දුන්නේය. බිරිඳ, හිමියාණනි, මා ජීවත්වන්නේ ඔබ ජීවත්වුණොත් පමණි. බොහෝ කලකින් බඩ පිරුණේ නැත. ඇති තරම් බුදිනු මැනවැයි මිදුණුකිරි හා ගිතෙල් ඔහු ළඟටම කොට තමන් කිරි ටිකක් පමණක් කෑවාය. අනිකා බොහෝ කොට කෑ නමුත් හත්අටදිනක් බඩසා පවසින් පෙළී සිටි නිසා ආහාර තෘප්තිය අවසන් කර ගත නොහැකිවිය. ගොපල්ලාද ඔවුන්ට පායාස දෙවා තමනුත් කන්ට පටන්ගත්තේය. කෝතුහලිකයා ඔහු දෙස බලා සිටින විට යට මැස්සෙහි හුන් බැල්ලියට ගොපල්ලා දෙන කිරිබත් දෙස බලා, මෙබඳු භෝජනයක් ලබන මේ බැල්ලිය හරිම වාසනාවන්තියකියි සිතීය. හෙතෙම රාත්‍රියෙහි තමා ගත් ආහාර දිරවාගත නොහී මිය පරලොව ගොස් ඒ බැල්ලියගේ කුස පිළිසිඳ ගත්තේය.
අථස්ස භරියා සරීරකිච්චං කත්වා තස්මිංයෙව ගෙහෙ භතිං කත්වා තණ්ඩුලනාළිං ලභිත්වා පචිත්වා පච්චෙකබුද්ධස්ස පත්තෙ පතිට්ඨාපෙත්වා, “දාසස්ස වො පාපුණාතූ”ති වත්වා චින්තෙසි – “මයා ඉධෙව වසිතුං වට්ටති, නිබද්ධං, අය්යො, ඉධාගච්ඡති, දෙය්යධම්මො හොතු වා, මා වා, දෙවසිකං වන්දන්තී වෙය්යාවච්චං කරොන්තී චිත්තං පසාදෙන්තී බහුං පුඤ්ඤං පසවිස්සාමී”ති. සා තත්ථෙව භතිං කරොන්තී වසි. සාපි සුනඛී ඡට්ඨෙ වා සත්තමෙ වා මාසෙ එකමෙව කුක්කුරං විජායි. ගොපාලකො තස්ස එකධෙනුයා ඛීරං දාපෙසි. සො න චිරස්සෙව වඩ්ඪි. අථස්ස පච්චෙකබුද්ධො භුඤ්ජන්තො නිබද්ධං එකං භත්තපිණ්ඩං දෙති. සො භත්තපිණ්ඩං නිස්සාය පච්චෙකබුද්ධෙ සිනෙහමකාසි. ගොපාලකොපි නිබද්ධං ද්වෙ වාරෙ පච්චෙකබුද්ධස්සුපට්ඨානං යාති. ගච්ඡන්තොපි අන්තරාමග්ගෙ වාළමිගට්ඨානෙ දණ්ඩෙන ගච්ඡෙ ච භූමිඤ්ච පහරිත්වා “සුසූ”ති තික්ඛත්තුං සද්දං කත්වා වාළමිගෙ පලාපෙති. සුනඛොපි තෙන සද්ධිං ගච්ඡති.
ඉන්පසු ඔහුගේ බිරිඳ සැමියාගේ සිරුර පිළිබඳ කටයුතු අවසන් කර ඒ ගෙදරම බැලමෙහෙවර කර සහල් නැළියක් ලැබ එය උයා පසේ බුදුන්ගේ පාත්‍රයෙහි බෙදා, මේ පින මිය ගිය දාසයාට ලැබේවායි පතා මා මෙහිම සිටිය යුතුයි, ආර්යයන්වහන්සේ නිබඳවම මෙහි වඩිති. දීමට යමක් ඇතත් නැතත් දිනපතා වැඳීම්පිදීම් ආදි වතාවත් කිරීමෙන් සිත පහදවා බොහෝ පින් රැස්කර ගතහැකියයි සිතුවාය. මෙසේ සිතු ඕතොමෝ ඒ ගෙදරම බැල මෙහෙවර කරමින් විසුවාය. ඒ ගෙදර බැල්ලීත් හයහත් මසකින් එකම පැටවෙකු වැදුවාය. ගොපල්ලා ඒ බලුපැටවාට එක් දෙනකගේ කිරි වෙන්කර දුන්නේය. පැටවා ටික කලකින්ම ලොකුමහත් විය. පසේ බුදුරජාණන්වහන්සේත් වළදන කල නිබඳවම එක් බත්පිඬක් පැටවාට දෙනසේක. ඌ බත්පිඬ නිසා පසේබුදුන්ට ආදරය දැක්වීය. ගොපල්ලාත් දිනකට දෙවරක්වත් පසේ බුදුන්ට උවටැන් සඳහා යයි. ඒ යන ගමන් අතරමඟ වන සිවුපාවුන් ඇති තැන්වලදී ලීයකින් ගස්වලට හෝ බිමට හෝ ගසමින් සූ සූ සූ යයි තුන්වරක් ශබ්දකර වනසතුන් පලවා හරී. බල්ලාද ඔහු සමඟ යයි.
සො එකදිවසං පච්චෙකබුද්ධං ආහ – “භන්තෙ, යදා මෙ ඔකාසො න භවිස්සති, තදා ඉමං සුනඛං පෙසෙස්සාමි, තෙන සඤ්ඤාණෙන ආගච්ඡෙය්යාථා”ති. තතො පට්ඨාය අනොකාසදිවසෙ, “ගච්ඡ, තාත, අය්යං ආනෙහී”ති සුනඛං පෙසෙසි. සො එකවචනෙනෙව පක්ඛන්‍දිත්‍වා සාමිකස්ස ගච්ඡපොථනභූමිපොථනට්ඨානෙ තික්ඛත්තුං භුස්සිත්වා තෙන සද්දෙන වාළමිගානං පලාතභාවං ඤත්වා පාතොව සරීරපටිජග්ගනං කත්වා පණ්ණසාලං පවිසිත්වා නිසින්නස්ස පච්චෙකබුද්ධස්ස වසනට්ඨානං ගන්ත්වා පණ්ණසාලද්වාරෙ තික්ඛත්තුං භුස්සිත්වා අත්තනො ආගතභාවං ජානාපෙත්වා එකමන්තෙ නිපජ්ජති, පච්චෙකබුද්ධෙ වෙලං සල්ලක්ඛෙත්වා නික්ඛන්තෙ භුස්සන්තො පුරතො ගච්ඡති.
දිනක් හෙතෙම පසේබුදුන්ට, ස්වාමීනි, යම් දිනක මෙහි ඒම සඳහා මට ඉඩක් නොවුණොත් එදාට මම මේ සුනඛයා මෙහි එවන්නෙමි. මොහුගේ පැමිණීම අනුව ඔබවහන්සේ වඩිනු මැනවියි කීවේය. එතැන් පටන් ඉඩ නැති දිනවල දරුව යන්න, ආර්යයන්වහන්සේ කැඳවාගෙන එන්නැයි සුනඛයා පිටත්කර යැවීය. සුනඛයාත් කී හැටියෙන්ම ස්වාමියා ගස්වලට බිමට ගසන තැන්වලදී තෙවරක් බුරා ඒ හඬින් වන සතුන් පලාගිය බව දැන, උදැසනම සිරුරු පිළිදැගුම් කොට පන්සල තුළට වී සිටින පසේබුදුන් වෙත පැමිණ, පන්සල් දොරටුවේදී තෙවරක් බුරා තමන් ආබව හඟවා එක්පැත්තකටවී නිදාගනියි. පසේ බුදුරජාණන්වහන්සේ වේලාව බලා පිටත් වන විට බුරබුරා ඉදිරියෙන් යයි.
අන්තරන්තරා පච්චෙකබුද්ධො තං වීමංසන්තො අඤ්ඤං මග්ගං පටිපජ්ජති. අථස්ස පුරතො තිරියං ඨත්වා භුස්සිත්වා ඉතරමග්ගමෙව නං ආරොපෙති. අථෙකදිවසං අඤ්ඤං මග්ගං පටිපජ්ජිත්වා තෙන පුරතො තිරියං ඨත්වා වාරියමානොපි අනිවත්තිත්වා සුනඛං පාදෙන පහරිත්වා පායාසි. සුනඛො තස්ස අනිවත්තනභාවං ඤත්වා නිවාසනකණ්ණෙ ඩංසිත්වා ආකඩ්ඪන්තො ඉතරමග්ගමෙව නං ආරොපෙසි. එවං සො තස්මිං බලවසිනෙහං උප්පාදෙසි.
පසේ බුදුරදුනුත් ඌ පරීක්ෂා කරනු පිණිස ඉඳහිට වෙනත් මාර්ගවලටද පිවිසෙති. එවිට සුනඛයා ඉදිරියෙන් මාර්ගය අවහිරකොට බුරා සැබෑ මඟට හරවාගනී. ඉන්පසු දිනක වෙනත් මාර්ගයකට පිවිස ඔහු හරස්ව සිට වැළැක්වූ නමුත් නොනැවතී ඌ පයින් මෑත්කොට වැඩියහ. සුනඛයා උන්වහන්සේ නොනවතින බව දැක සිවුරුකොණ සපා අල්වාගෙන අඳිමින් සැබෑ මඟටම ගත්තේය. මෙසේ ඌ උන්වහන්සේ කෙරෙහි බලවත් ස්නේහයක් උපදවාගෙන සිටියේය.
තතො අපරභාගෙ පච්චෙකබුද්ධස්ස චීවරං ජීරි. අථස්ස ගොපාලකො චීවරවත්ථානි අදාසි. තමෙනං පච්චෙකබුද්ධො ආහ – “ආවුසො, චීවරං නාම එකකෙන කාතුං දුක්කරං, ඵාසුකට්ඨානං ගන්ත්වා කාරෙස්සාමී”ති. “ඉධෙව, භන්තෙ, කරොථා”ති. “න සක්කා, ආවුසො”ති. “තෙන හි, භන්තෙ, මා චිරං බහි වසිත්ථා”ති. සුනඛො තෙසං කථං සුණන්තොව අට්ඨාසි, පච්චෙකබුද්ධොපි “තිට්ඨ, උපාසකා”ති ගොපාලකං නිවත්තාපෙත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ගන්ධමාදනාභිමුඛො පායාසි.
පසු කලෙක පසේ බුදුන්වහන්සේගේ සිවුරු දිරා ගියේය. ගෝපාලයා උන්වහන්සේට සිවුරු පිණිස වස්ත්‍ර ගෙනත් දුන්නේය. වස්ත්‍ර පිළිගත් පසේබුදුන්වහන්සේ ඔහුට, ඇවැත්නි, සිවුරක් කිරීම එක්කෙනෙකුට අපහසුය. ඒනිසා පහසු තැනකට ගොස් එය මසාගන්නෙමියි කීහ. ස්වාමීනි, එය මෙහිදීම කරනු මැනවි. ඇවැත්නි, එසේ කිරීම අපහසුය. එසේ නම් ස්වාමීනි, පිටත ගොස් බොහෝ කල් නොගෙවන්න. සුනඛයා මේ දෙදෙනාගේ කථාව අසා සිටියේය. පසේබුදුන්වහන්සේ එසේ නම් නවතුවයි ඔහු නවතා අහසට පැන නැඟී ගන්ධමාදන පර්වතය බලා නික්මුණුසේක.
සුනඛස්ස තං ආකාසෙන ගච්ඡන්තං දිස්වා භුක්කරිත්වා ඨිතස්ස තස්මිං චක්ඛුපථං විජහන්තෙ හදයං ඵලිත්වා මතො. තිරච්ඡානා කිර නාමෙතෙ උජුජාතිකා හොන්ති අකුටිලා. මනුස්සා පන අඤ්ඤං හදයෙන චින්තෙන්ති, අඤ්ඤං මුඛෙන කථෙන්ති. තෙනෙවාහ – “ගහනඤ්හෙතං, භන්තෙ, යදිදං මනුස්සා, උත්තානකඤ්හෙතං, භන්තෙ, යදිදං පසවො”ති (ම· නි· 2.3).
අහසට නැඟී වඩින උන්වහන්සේ දෙස බලමින් බුරමින් සිටි සුනඛයා උන්වහන්සේ තමන්ගේ ඇසින් නොපෙනී යනවාත් සමඟම හදවත පැලී ගියේය. තිරිසන්නු වනාහි සෘජු ජාතිකයෝය. අකුටිලයෝය. මිනිස්සු නම් එකක් සිතින් සිතා වෙනත් එකක් කටින් කියති. එහෙයින් මෙසේ කියා ඇත්තේ. ස්වාමීනි, මිනිස්සු කපටි සිත් ඇත්තෝය. සත්තු විවෘත හදවත් ඇත්තෝය.
ඉති සො තාය උජුචිත්තතාය අකුටිලතාය කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්තො අච්ඡරාසහස්සපරිවුතො මහාසම්පත්තිං අනුභොසි. තස්ස කණ්ණමූලෙ මන්තයන්තස්ස සද්දො සොළසයොජනට්ඨානං ඵරති, පකතිකථාසද්දො පන සකලං දසයොජනසහස්සං දෙවනගරං ඡාදෙති. තෙනෙවස්ස “ඝොසකදෙවපුත්තො”ති නාමං අහොසි.
ඒ සුනඛ තෙමේ ඒ සෘජුසිතින්, ඒ අකුටිල භාවයෙන් කළුරියකොට තවුතිසා දෙව්ලොව උපන්නේය. දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරා මහා සම්පත් අනුභව කළේය. ඔහු තව කෙනෙකුගේ කනළගට කර කරන කථාවේ ඝෝෂාව සොළොස් යොදුනක් පැතිර ගියේය. ප්‍රකෘතියෙන් කරන කථාවේ ශබ්දය යොදුන් දසදහසක්වූ සකල දේවනගරයේම පැතිරීයයි. ඒනිසාම ඔහු ඝෝෂක දිව්‍යපුත්‍ර යන නම ලැබීය.
“කිස්ස පනෙස නිස්සන්දො”ති. පච්චෙකබුද්ධෙ පෙමෙන භුක්කරණස්ස නිස්සන්දො. සො තත්ථ න චිරං ඨත්වා චවි. දෙවලොකතො හි දෙවපුත්තා ආයුක්ඛයෙන පුඤ්ඤක්ඛයෙන ආහාරක්ඛයෙන කොපෙනාති චතූහි කාරණෙහි චවන්ති.
මේ කිනම් පිනක ආනිසංසයක්ද? පසේ බුදුන් කෙරෙහි ප්‍රේමයෙන් බිරීමේ ප්රතිඵලයයි. හෙතෙම එහි ටික කලක් සිට ඒ දෙවිලොවින් චුත වූයේය. දෙව්ලොව දිව්‍ය පුත්‍රයෝ ආයුක්ෂය, පුණ්යක්ෂය, ආහාරක්ෂය හා කෝපය යන කරුණු හතර හේතුකොටගෙන දෙව්ලොවින් චුතවෙත්.
තත්ථ යෙන බහුං පුඤ්ඤකම්මං කතං හොති, සො දෙවලොකෙ උප්පජ්ජිත්වා යාවතායුකං ඨත්වා උපරූපරි නිබ්බත්තති. එවං ආයුක්ඛයෙන චවති නාම. යෙන පරිත්තං පුඤ්ඤං කතං හොති, තස්ස රාජකොට්ඨාගාරෙ පක්ඛිත්තං තිචතුනාළිමත්තං ධඤ්ඤං විය අන්තරාව තං පුඤ්ඤංඛීයති, අන්තරාව කාලං කරොති. එවං පුඤ්ඤක්ඛයෙන චවති නාම. අපරොපි කාමගුණෙ පරිභුඤ්ජමානො සතිසම්මොසෙන ආහාරං අපරිභුඤ්ජිත්වා කිලන්තකායො කාලං කරොති. එවං ආහාරක්ඛයෙන චවති නාම. අපරොපි පරස්ස සම්පත්තිං අසහන්තො කුජ්ඣිත්වා කාලං කරොති. එවං කොපෙන චවති නාම.
එහිදී යමෙක් බොහෝ පින්කම්කොට ඇත් නම් හෙතෙම දෙව්ලොව උපදී. එයයි, ආයු ඇතිතාක් සිට වෙනත් තැන්වල උපදී. එයයි, ආයුක්ෂය චුතවීම නම් වේ. යමෙක් කුඩා පිනක්කොට උපන්නේ නම් ඔහුට රාජ්‍ය කෝෂ්ටාගාරයක දැමු නැළි දෙක තුනක ධාන්යටිකක් මෙන් ඉක්මනින්ම ඒ පින් අවසන්වී කළුරියකරන්ට සිදුවේ. එය පුණ්යක්ෂය චුතවීම නම් වේ. අනිත් තැනැත්තේ කාමගුණයන් අනුභව කරමින්සිහිය විකල් කරගෙන ආහාර නොගෙන ක්ලාන්ත වූ ශරීර ඇතිව කාලක්‍රියා කරයි. එය ආහාරක්ෂයචුතවීම නම් වේ. තවත් කෙනෙක් අනිකාගේ සම්පත් ඉවසාගත නොහැකිව කෝප වී කළුරිය කරයි. එය කෝපයෙන් චුතවීම නමි.
අයං පන කාමගුණෙ පරිභුඤ්ජන්තො මුට්ඨස්සති හුත්වා ආහාරක්ඛයෙන චවි, චවිත්වා ච පන කොසම්බියං නගරසොභිනියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. සාපි ජාතදිවසෙ “කිං එත”න්ති දාසිං පුච්ඡිත්වා, “පුත්තො, අය්යෙ”ති වුත්තෙ – “හන්ද, ජෙ, ඉමං දාරකං කත්තරසුප්පෙ ආරොපෙත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙහී”ති ඡඩ්ඩාපෙසි. නගරසොභිනියො හි ධීතරං පටිජග්ගන්ති, න පුත්තං. ධීතරා හි තාසං පවෙණී ඝටීයති.
මේ දිව්‍ය පුත්‍රයා කාමයන් අනුභව කරමින් සිහිවිකලව ආහාරක්ෂයවී දෙව්ලොවින් චුතවිය. එයින් චුතව කෞෂාම්බී නගරයෙහි නගරශෝභිනියගේ (වෙසඟන) කුස පිළිසිඳ ගත්තේය. ඕතොමෝ ඔහු ලැබූ දින දාසියගෙන් විමසා ආර්යාවනි, ඔබට පුතකු ලැබුණේයයි කීපසු එසේවීනම් මේ දරුවා ගෙන ගොස් කසලගොඩක දමවයි එසේ කරවාලීය. නගරශෝභනියෝ දූවරුන් පමණක් හදාවඩා ගනිති. පුතුන් නොහදති. ඔවුන්ගේ වෘත්තිය ගෙන යන්නේ දුවරුන් විසින් හෙයිනි.
දාරකං කාකාපි සුනඛාපි පරිවාරෙත්වා නිසීදිංසු. පච්චෙකබුද්ධෙ සිනෙහප්පභවස්ස භුක්කරණස්ස නිස්සන්දෙන එකොපි උපගන්තුං න විසහි. තස්මිං ඛණෙ එකො මනුස්සො බහි නික්ඛන්තො තං කාකසුනඛසන්නිපාතං දිස්වා, “කිං නු ඛො එත”න්ති ගන්ත්වා දාරකං දිස්වා පුත්තසිනෙහං පටිලභිත්වා “පුත්තො මෙ ලද්ධො”ති ගෙහං නෙසි. තදා කොසම්බකසෙට්ඨි රාජකුලං ගච්ඡන්තො රාජනිවෙසනතො ආගච්ඡන්තං පුරොහිතං දිස්වා, “කිං, ආචරිය, අජ්ජ තෙ තිථිකරණනක්ඛත්තයොගො ඔලොකිතො”ති පුච්ඡි. “ආම, මහාසෙට්ඨි, අම්හාකං කිං අඤ්ඤං කිච්චන්ති? ජනපදස්ස කිං භවිස්සතී”ති? “අඤ්ඤං නත්ථි, ඉමස්මිං පන නගරෙ අජ්ජ ජාතදාරකො ජෙට්ඨකසෙට්ඨි භවිස්සතී”ති.
බල්ලොත් කපුටෝත් ළදරුවා වටකොටගෙන සිටියාහ. පසේ බුදුන්වහන්සේට ස්නේහ කිරීමේ හා බිරීමේ පින් මහිමයෙන් ඒ එකකුටවත් දරුවා ළගට ඒමට නොහැකි විය. ඒ වෙලාවේ එක් මිනිසෙක් බැහැර ඇවිදගෙන යන අතර ඒ බලූකපුටුවන්ගේ එක්වීම දැක මේ කිමෙක්දැයි එතැනට ගොස් දරුවා දැක පුත්‍රස්නේහය උපදවා, මට පුතෙක් ලැබුණේයයි දරුවා ගෙදර ගෙන ගියේය. එකල කොසඹෑ සිටුතෙම රජගෙදරට යන්නේ රජගෙදර සිට එන පුරෝහිතයා දැක ආචාර්යයන් කෙසේද, ඔබ අද දිනයේ තිථීකරණ නැකැත්යෝග විමසා බැලූවෙහිදැයි ඇසීය. එසේය, මහසිටාණෙනි, අපට බාරව ඇත්තේ එය මිස වෙන මොනවාදැයි කීය. ඉතින් මේ ජනපදයෙහි අද කුමක් සිදුවෙයිද, වෙනත් දෙයක් නම් නැත. මේ නගරයෙහි අද උපන් දරුවෙක් ඇත්නම් ඔහු දෙටු සිටුවරයා වන්නේයයි කීවේය.
තදා සෙට්ඨිනො භරියා ගරුගබ්භා හොති. තස්මා සො සීඝං ගෙහං පුරිසං පෙසෙසි – “ගච්ඡ භණෙ, ජානාහි නං විජාතා වා, නො වා”ති. “න විජායතී”ති සුත්වා රාජානං දිස්වාව වෙගෙන ගෙහං ගන්ත්වා කාළිං නාම දාසිං පක්කොසිත්‍වා සහස්සං දත්වා, “ගච්ඡ ජෙ, ඉමස්මිං නගරෙ උපධාරෙත්වා සහස්සං දත්වා අජ්ජ ජාතදාරකං ගණ්හිත්වා එහී”ති. සා උපධාරෙන්තී තං ගෙහං ගන්ත්වා දාරකං දිස්වා, “අයං දාරකො කදා ජාතො”ති ගහපතානිං පුච්ඡිත්වා “අජ්ජ ජාතො”ති වුත්තෙ, “ඉමං මය්හං දෙහී”ති එකකහාපණං ආදිං කත්වා මූලං වඩ්ඪෙන්තී සහස්සං දත්වා තං ආනෙත්වා සෙට්ඨිනො දස්සෙසි.
එකල සිටුවරයාගේ බිරිය ගැබ්බරව සිටියාය. එහෙයින් හෙතෙම එම්බල, ගෙදර ගොස් ඈ වැදුවාද නැද්ද කියා බලා එවයි වහාම එක් පුරුෂයෙකු ගෙදර යැවීය. සිටු භාර්යාව නොවැදු බව දැන රජුන් දැක වහා ගෙට ගොස් කාලීනම් දාසිය කැඳවා, දහසක් දීතී ගොස් මේ නගරය පුරා ඇවිද අද උපන් දරුවකු ඇත්නම් ඔහු රැගෙන එවයි පිටත්කර හැරියේය. දාසිය ගොස් සොයා බලා දරුවා ගැන දැනගෙන එම ගෙදරට ගොස් දරුවාදැක මේ දරුවා උපන්නේ කවදාදැයි ගැහැවියාගෙන් අසා දැනගෙන අදයයි කීකල්හි මේ දරුවා මටදෙවයි කහවනුවක සිට මිල වැඩි කොට කහවනු දහසක් දී දරුවා රැගෙන ගොස් සිටුවරයාට දුන්නේය.
සෙට්ඨි “සචෙ මෙ ධීතා විජායිස්සති, තාය නං සද්ධිං නිවෙසෙත්වා සෙට්ඨිට්ඨානස්ස සාමිකං කරිස්සාමි. සචෙ මෙ පුත්තො විජායිස්සති, මාරෙස්සාමි න”න්ති චින්තෙත්වා තං ගෙහෙ කාරෙසි.
සිටුතෙමේ යම්හෙයකින් මට දුවක් ලැබුණොත් ඈ සමඟ මොහුත් එකට හදා සිටු තනතුරේ හිමිකාරයකු කරමි. පුතෙක් ලැබුණොත් මොහු මරාදමා ඔහු හිමිකාරයකු කරමියි සිතා ළදරුවා තම ගෙදරම නවතාගත්තේය.
අථස්ස භරියා කතිපාහච්චයෙන පුත්තං විජායි. සෙට්ඨි “ඉමස්මිං අසති මම පුත්තොව සෙට්ඨිට්ඨානං ලභිස්සති, ඉදානෙව තං මාරෙතුං වට්ටතී”ති චින්තෙත්වා කාළිං ආමන්තෙත්වා, “ගච්ඡ, ජෙ, වජතො ගුන්නං නික්ඛමනවෙලාය වජද්වාරමජ්ඣෙ ඉමං තිරියං නිපජ්ජාපෙහි, ගාවියො නං මද්දිත්වා මාරෙස්සන්ති, මද්දිතාමද්දිතභාවං පනස්ස ඤත්වා එහී”ති ආහ. සා ගන්ත්වා ගොපාලකෙන වජද්වාරෙ විවටමත්තෙයෙව තං තථා නිපජ්ජාපෙසි. ගොගණජෙට්ඨකො උසභො අඤ්ඤස්මිං කාලෙ සබ්බපච්ඡා නික්ඛමන්තොපි තං දිවසං සබ්බපඨමං නික්ඛමිත්වා දාරකං චතුන්නං පාදානං අන්තරෙ කත්වා අට්ඨාසි. අනෙකසතගාවියො උසභස්ස ද්වෙ පස්සානි ඝංසන්තියො නික්ඛමිංසු. ගොපාලකොපි “අයං උසභො පුබ්බෙ සබ්බපච්ඡා නික්ඛමති, අජ්ජ පන සබ්බපඨමං නික්ඛමිත්වා වජද්වාරමජ්ඣෙ නිච්චලොව ඨිතො, කිං නු ඛො එත”න්ති චින්තෙත්වා ගන්ත්වා තස්ස හෙට්ඨා නිපන්නං දාරකං දිස්වා පුත්තසිනෙහං පටිලභිත්වා, “පුත්තො මෙ ලද්ධො”ති ගෙහං නෙසි.
ඉන්පසු කිහිප දිනකින් ඔහුගේ බිරිඳ පුතකු වැදුවාය. සිටුතෙමේ, මොහු නැතිවිට මගේ පුතාම සිටුතැන් ලබයි. දැන්මම මොහු මැරීම වටීයයි සිතා කාළිය අමතා, එම්බල යව, ගවගාලෙන් ගවයන් නික්මෙන වේලාවෙහි ගාල දොරටුව මැද මේ දරුවා හරස්කොට තබව. දෙන්නු මොහු පාගායනු ඇති. පෑගුණු නොපෑගුණු බව දැනගෙන එවයි දරුවා දී ඈ පිටත් කෙළේය. ඈ ගොස් ගොපල්ලා ගාල් දොර විවෘත කරනවිටම දරුවා යටකී පරිදි හොවාලීය. ගවරැලේ නායක වෘෂභයා වෙනත් දිනවල සියල්ලන්ට පසුව යන නමුත් එදින සියල්ලන්ට පළමුව නික්මී දරුවා පා සතර මැද සිටින සේ සිටගත්තේය. දහස් ගණනක් දෙනු මේ වෘෂභයාගේ දෙපසින් ඔහුගේ ඇඟේ හැපෙමින් නික්මුණාහුය. ගොපල්ලාත් මේ වෘෂභයා පෙර දිනවල සියල්ලන්ට පසුව යයි. අද සියල්ලන්ට පළමු ගොස් ගාල් දොරටුව මැද නිසලව සිටින්නේ ඇයි දැයි සිතා එහි ගොස් උගේ සිවුපා යට හුන් දරුවා දැක දරු සෙනෙහස උපදවා මට පුතෙක් ලැබීණැයි ගෙට ගෙනගියේය.
කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තමත්ථං ආරොචෙත්වා, “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා සහස්සං දත්වා පුන ආනෙත්වා අදාසි. අථ නං ආහ – “අම්ම, කාළි ඉමස්මිං නගරෙ පඤ්ච සකටසතානි පච්චූසකාලෙ උට්ඨාය වාණිජ්ජාය ගච්ඡන්ති, ත්වං ඉමං නෙත්වා චක්කමග්ගෙ නිපජ්ජාපෙහි, ගොණා වා නං මද්දිස්සන්ති, චක්කා වා ඡින්දිස්සන්ති, පවත්තිං චස්ස ඤත්වාව ආගච්ඡෙය්යාසී”ති. සා තං නෙත්වා චක්කමග්ගෙ නිපජ්ජාපෙසි. තදා සාකටිකජෙට්ඨකො පුරතො අහොසි. අථස්ස ගොණා තං ඨානං පත්වා ධුරං ඡඩ්ඩෙසුං, පුනප්පුනං ආරොපෙත්වා පාජියමානාපි පුරතො න ගච්ඡිංසු. එවං තස්ස තෙහි සද්ධිං වායමන්තස්සෙව අරුණං උට්ඨහි. සො “කිං නාමෙතං ගොණා කරිංසූ”ති මග්ගං ඔලොකෙන්තො දාරකං දිස්වා, “භාරියං වත මෙ කම්ම”න්ති චින්තෙත්වා, “පුත්තො මෙ ලද්ධො”ති තුට්ඨමානසො තං ගෙහං නෙසි.
කාළිය ගොස් සිටුවරයා විසින් විචාරන ලදුව ඒ පුවත දැන්වූ කල්හි යව නැවතත් මේ කහවණු දහස දී ඔහු රැගෙන එවයි කී පසු ඈ නැවතත් ගෙනවුත් දුන්නාය. සිටුවරයා ඈට, දුව කාළිය මේ නගරයේ ගැල් පන්සීයක් ගෙන වෙළෙන්දෝ උදැසනම නැඟිට වෙළඳාමට පිටත්ව යන්නාහ. ඔබ මොහු ගෙන ගොස් රථ රෝදමඟෙහි හොවාළන්න. ගොන්නු හෝ මොහු පාගාගෙන යති. රිය රෝද හෝ මොහු කැබලි කර දමනු ඇති. ඒ පුවත දැනගෙන එන්නැයි කියා පිටත්කර හැරියේය. ඈ දරුවා ගෙනගොස් රෝදපාරෙහි හොවාලූවාය. එදින ගැල්කරු නායකයා ඉදිරියෙන්ම ආවේය. ඔහුගේ ගොන්නු එතනට පැමිණ නැවතුණාහ. නැවත නැවතත් ගැල සකසා තල්ලු කළ නමුදු ගැල පෙරට නොගියේය. මෙසේ ඒ සඳහාම ගොනුන්ද සමඟ උත්සහ ගන්නා අතර හිරුද පායා ආවේය. ගොන් මෙසේ කරන්නේ ඇයිදැයි පාර ගැන සොයා බලන විට රිය පාරේ හුන් බිළිඳා දැක, මවිසින් වැරැද්දක් කරන ලද්දෙමියි සිතා, මට පුතකු ලැබුණේයයි තුටු පහටු සිතින් දරුවාත් රැගෙන ගෙදර ගියේය.
කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා, “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි. අථ නං සො ආහ – “ඉදානි නං ආමකසුසානං නෙත්වා ගච්ඡන්තරෙ නිපජ්ජාපෙහි, තත්ථ සුනඛාදීහි වා ඛාදිතො, අමනුස්සෙහි වා පහටො මරිස්සති, මාතාමතභාවඤ්චස්ස ජානිත්වාව ආගච්ඡෙය්යාසී”ති. සා තං නෙත්වා තත්ථ නිපජ්ජාපෙත්වා එකමන්තෙ අට්ඨාසි. තං සුනඛො වා කාකො වා අමනුස්සො වා උපසඞ්කමිතුං නාසක්ඛි. “නනු චස්ස නෙව මාතා න පිතා න භාතිකාදීසු කොචි රක්ඛිතා නාම අත්ථි, කො තං රක්ඛතී”ති? සුනඛකාලෙ පච්චෙකබුද්ධෙ සිනෙහෙන පවත්තිතභුක්කරණමත්තමෙව තං රක්ඛති. අථෙකො අජපාලකො අනෙකසහස්සා අජා ගොචරං නෙන්තො සුසානපස්සෙන ගච්ඡති. එකා අජා පණ්ණානි ඛාදමානා ගච්ඡන්තරං පවිට්ඨා දාරකං දිස්වා ජණ්ණුකෙහි ඨත්වා දාරකස්ස ථනං අදාසි, අජපාලකෙන “හෙ හෙ”ති සද්දෙ කතෙපි න නික්ඛමි. සො “යට්ඨියා නං පහරිත්වා නීහරිස්සාමී”ති ගච්ඡන්තරං පවිට්ඨො ජණ්ණුකෙහි ඨත්වා දාරකං ඛීරං පායන්තිං අජිං දිස්වා දාරකෙ පුත්තසිනෙහං පටිලභිත්වා, “පුත්තො මෙ ලද්ධො”ති ආදාය පක්කාමි.
කාළී එය බලාසිට සිටුවරයා ළගට ගොස් එපුවත දන්වා සිටියාය. තීයව, නැවතත් කහවණු දහසක් දී දරුවා ගෙනවයි කී කල්හි ඈඑසේ කළාය. දැන් මොහු ගෙන ගොස් අමු සොහොනේ ගස් අතර රඳවාපියව. එහිදී සුනඛාදීන් විසින් හෝ කාදමනු ලබයි, අමනුෂ්‍යයන් විසින් හෝ පහරදෙනු ලැබ මැරෙයි. මොහු මළ බව දැනගෙනම එවයි. පිටත්කර හැරියේය. ඈ දරුවා අමුසොහොනට ගෙන ගොස් ගස් අතර හොවා එක් පැත්තකට වී බලා සිටියාය. සුනඛයෙකුට කපුටෙකුට හෝ අමනුෂ්‍යයෙකුට හෝ දරුවාට ළංවිය නොහැකි විය. එහෙත් එහිදී ඔහුගේ මව පියා හෝ සොහොයුරා හෝ වෙනත් කවරකු හෝ ඔහු රක්ෂාකළේ නැත. එසේනම් ඔහු රැක්කේ කවුරුන්ද? සුනඛ ආත්මයේ සිටි කාලයේ පසේබුදුන් කෙරෙහි ආදරයෙන් පැවැත්වූ භූංකාර මාත්‍රය (බිරීම) ඔහු රකියි. ඉන් පසු එක් එළුගොපල්ලෙක් නොයෙක් දහස් ගණන් එළුවන් තණකැවීම පිණිස ගෙන යන ගමන් සොහොන ළඟින් ගියේය. එක් එළුදෙනක් කොළ ආදිය කමින් යන්නී, ගස් අතර සිටි දරුවා දැක දණ නමා සිට දරුවාගේ කටට තනපුඩුව දුන්නාය. අජපාලකයා හේ, හේ කියා ශබ්ද කළ නමුදු එළුදෙන එතනින් නොගියාය. අජප්පාලයා, කෙවිටෙන් ගසා ඈ ගෙනයන්නෙමියි සිතා ගස් අතරට පැමිණ, ඈ දණින් සිට දරුවාට කිරි පොවනු දැක, දරුවා කෙරෙහි පුත්‍රස්නේහය උපදවා මට පුතෙක් ලැබිණියි රැගෙන ගියේය.
කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා, “ගච්ඡ, තං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි. අථ නං ආහ – “අම්ම කාළි, ඉමං ආදාය චොරපපාතපබ්බතං අභිරුහිත්වා පපාතෙ ඛිප, පබ්බතකුච්ඡියං පටිහඤ්ඤමානො ඛණ්ඩාඛණ්ඩිකො හුත්වා භූමියං පතිස්සති, මතාමතභාවඤ්චස්ස ඤත්වාව ආගච්ඡෙය්යාසී”ති. සා තං තත්ථ නෙත්වා පබ්බතමත්ථකෙ ඨත්වා ඛිපි. තං ඛො පන පබ්බතකුච්ඡිං නිස්සාය මහාවෙළුගුම්බො පබ්බතානුසාරෙනෙව වඩ්ඪි, තස්ස මත්ථකං ඝනජාතො ජිඤ්ජුකගුම්බො අවත්ථරි. දාරකො පතන්තො කොජවකෙ විය තස්මිං පති. තං දිවසඤ්ච නළකාරජෙට්ඨකස්ස වෙළුබලි පත්තො හොති. සො පුත්තෙන සද්ධිං ගන්ත්වා තං වෙළුගුම්බං ඡින්දිතුං ආරභි. තස්මිං චලන්තෙ දාරකො සද්දමකාසි. සො “දාරකසද්දො වියා”ති එකෙන පස්සෙන අභිරුහිත්වා තං දිස්වා, “පුත්තො මෙ ලද්ධො”ති තුට්ඨචිත්තො ආදාය ගතො.
කාළියගෙන් සිටුවරයා තොරතුරු ඇසූවිට ඒ පුවත දන්වා සිටියාය. සිටුතෙමේ එම්බල නැවතත් මේ කහවණු දහස රැගෙනයව. ගොස් ඔහු රැගෙන එවයි කීකල ඈ එසේ කළාය. ඉන්පසු සිටුවරයා මෑණියනි, මොහු ගෙන ගොස් චොරපපාත (සොරු මිනිසුන් මැරීමට හෙළනු ලබන පර්වතයකි) පර්වතයට නැඟ ප්‍රපාතයට දමව, පර්වත කුහරයේ වැදී මොහු කැබලි වී බිමට වැටෙන්නේය. එහිදී මළ නොමළ බව දැනගෙනම එවයි පිටත් කෙළේය. ඈ ඔහු එහි ගෙන ගොස් එසේ කළාය. පර්වතය මුදුනේ වැඩී පැතිර ගිය ඔලිඳ වැල් ලැහැබක්ද විය. දරුවා පලසක් මත තැබුවාක් මෙන් ඒ මත වැටුණේය. එගම නළකාර ප්‍රධානියාගේ වේණුබලිය (උණලීවලට බදු ගෙවීම) පවත්වන දිනයද එදාය. හෙතෙම තම පුතාත් සමඟ එහි ගොස් උණ ලැහැබ කපන්ට පටන් ගත්තේය. ලැහැබ සෙලවෙනවිට දරුවා ශබ්ද කෙළේය. හෙතෙම ළදරු හඬක්යයි එක්පැත්තකින් නැඟීදරුවා දැක මට පුතෙක් ලැබුණේයයි සතුටුව වඩාගෙන ගියේය.
කාළී සෙට්ඨිස්ස සන්තිකං ගන්ත්වා තෙන පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා, “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි. සෙට්ඨිනො ඉදඤ්චිදඤ්ච කරොන්තස්සෙව දාරකො වඩ්ඪිතො “ඝොසකො”ත්වෙවස්ස නාමං අහොසි. සො සෙට්ඨිනො අක්ඛිම්හි කණ්ටකො විය ඛායි, උජුකං තං ඔලොකෙතුම්පි න විසති.
කාළිය සිටුවරයා වෙත ගොස් තොරතුර දන්වා සිටියාය. සිටුවරයා නැවතත්, යව, ගොස් මේ කහවණු දහස දී ඔහු රැගෙන එවයි කීපසු ඈඑසේ කළාය. සිටුවරයා, මෙසේ කරව, මෙසේ කරවයි ඒ කියනකියනදේ කරන අතරම දරුවාද, වැඩී ගියේය. ඔහුට ඝෝෂක යන නමද ලැබිණි. ඔහු සිටුහුගේ ඇසේ ඇනුණු කටුවක් මෙන් පීඩාකාරකයක් විය. කලින් ඔහු දෙස බැලීමට පවා සිටුවරයා අසමත් විය.
අථස්ස මාරණූපායං චින්තෙන්තො අත්තනො සහායකස්ස කුම්භකාරස්ස සන්තිකං ගන්ත්වා, “කදා ත්වං ආවාපං ආලිම්පෙස්සසී”ති පුච්ඡිත්වා – “ස්වෙ”ති වුත්තෙ, “තෙන හි ඉදං සහස්සං ගහෙත්වා මම එකං කම්මං කරොහී”ති ආහ. “කිං, සාමී”ති? “එකො මෙ අවජාතපුත්තො අත්ථි, තං තව සන්තිකං පෙසෙස්සාමි, අථ නං ගහෙත්වා ගබ්භං පවෙසෙත්වා තිඛිණාය වාසියා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා චාටියං පක්ඛිපිත්වා ආවාපෙ පචෙය්යාසි, ඉදං තෙ සහස්සං සච්චකාරසදිසං. උත්තරිං පන තෙ කත්තබ්බයුත්තකං පච්ඡා කරිස්සාමී”ති. කුම්භකාරො “සාධූ”ති සම්පටිච්ඡි. සෙට්ඨි පුනදිවසෙ ඝොසකං පක්කොසිත්‍වා, “හිය්යො මයා කුම්භකාරො එකං කම්මං ආණත්තො, එහි, ත්වං තස්ස සන්තිකං ගන්ත්වා එවං වදෙහි – ‘හිය්යො කිර මෙ පිතරා ආණත්තං කම්මං නිප්ඵාදෙහී’”ති පහිණි. සො “සාධූ”ති අගමාසි. තං තත්ථ ගච්ඡන්තං ඉතරො සෙට්ඨිනො පුත්තො දාරකෙහි සද්ධිං ගුළං කීළන්තො දිස්වා තං පක්කොසිත්‍වා, “කුහිං ගච්ඡසි භාතිකා”ති පුච්ඡිත්වා “පිතු සාසනං ගහෙත්වා කුම්භකාරස්ස සන්තික”න්ති වුත්තෙ “අහං තත්ථ ගමිස්සාමි. ඉමෙ මං දාරකා බහුං ලක්ඛං ජිනිංසු, තං මෙ පටිජිනිත්වා දෙහී”ති ආහ. “අහං පිතු භායාමී”ති. “මා භායි, භාතික, අහං තං සාසනං හරිස්සාමි. බහූහි ජිතො, යාවාහං ආගච්ඡාමි, තාව මෙ ලක්ඛං පටිජිනා”ති.
දිනක් දරුවා මරා දමන උපායක් සිතමින් තම යහළු කුම්භඝෝෂක සමීපයට ගොස් ඔබේ වළං පෝරණුව ගිනි තබන්නේ කවදාදැයි ඇසීය. එය හෙට ගිනිතබන්නෙමියි කීකල්හි එසේනම් මේ කහවණු දහස රැගෙන මට එක් උදව්වක් කර දෙන්නැයි කීය. ස්වාමීනි, ඒ කුමක්ද? මට එක් අවජාතක පුතෙක් සිටී. ඔහු ඔබ ළඟට එවන්නෙමි. ඔබ ඔහු පෝරණුවේ ගැබ තුළට දමා තියුණු වෑයකින් කැබලිවලට කපා සැළියක බහාලා පෝරණුවේ ලා පුළුස්සන්න. දැන් මේ දෙන දහස අත්තිකාරමකි, තවත් කළයුතු දේ පසුව කරන්නෙමියි කීය. කුඹලා මැනැවැයි පිළිගත්තේය. සිටුතෙමේ දෙවනි දින ඝෝෂක කැඳවා දරුව, මම ඊයේ කුඹලාට වැඩක් භාරකෙළෙමි. දැන් ඔබගොස් මෙසේ කියන්න. මගේ පියා ඊයේ ඔබට එක් වැඩක් භාර දී ඇත. එය අවසානද? කියන්නැයි දරුවා එහි යැවීය. ඔහු මැනවින් එහි ගියේය. දරුවා එහි යන අතර සිටුවරයාගේ අනිත් පුතා සෙසු දරුවන් සමඟ ගුඩුකෙළි සෙල්ලම් කරමින් සිට ඔහු දැක සොහොයුර කොහි යන්නෙහිදැයි අසා පියාගේ පණිවුඩයක් රැගෙන කුඹලා වෙත යන්නෙමියි කීකල්හි, මේ ළමයි මගෙන් බොහෝ ඔට්ටු දිනාගත්හ, මට ඒවා ආපසු දිනාදෙන්නැයි ඉල්ලා සිටියේය. මා පියාට බිය නිසා එය දැන් කල නොහැකියයි දෙවැන්නා කීවේය. සොහොයුර බිය නොවව. මම පියාගේ පණිවිඩය ගෙන යන්නෙමි. බොහෝ ඔට්ටු මගෙන් දිනාගෙන ඇති නිසා මා එනතුරු ඒ සියල්ල නැවත දිනාගෙන තබන්නැයි සිටුපුතා කීවේය.
ඝොසකො කිර ගුළකීළාය ඡෙකො, තෙන නං එවං නිබන්ධි. සොපි තං “තෙන හි ගන්ත්වා කුම්භකාරං වදෙහි – ‘පිතරා කිර මෙ හිය්යො එකං කම්මං ආණත්තං, තං නිප්ඵාදෙහී’”ති වත්වා උය්යොජෙසි. සො තස්ස සන්තිකං ගන්ත්වා තථා අවච. අථ නං කුම්භකාරො සෙට්ඨිනා වුත්තනියාමෙනෙව මාරෙත්වා ආවාපෙ ඛිපි. ඝොසකොපි දිවසභාගං කීළිත්වා සායන්හසමයෙ ගෙහං ගන්ත්වා “කිං, තාත, න ගතොසී”ති වුත්තෙ අත්තනො අගතකාරණඤ්ච කනිට්ඨස්ස ගතකාරණඤ්ච ආරොචෙසි. තං සුත්වා සෙට්ඨි “අහං ධී”ති මහාවිරවං විරවිත්වා සකලසරීරෙ පක්කුථිතලොහිතො විය හුත්වා, “අම්භො, කුම්භකාර, මා මං නාසයි, මා මං නාසයී”ති බාහා පග්ගය්හ කන්දන්තො තස්ස සන්තිකං අගමාසි. කුම්භකාරො තං තථා ආගච්ඡන්තං දිස්වා, “සාමි, මා සද්දං කරි, කම්මං තෙ නිප්ඵන්න”න්ති ආහ. සො පබ්බතෙන විය මහන්තෙන සොකෙන අවත්ථටො හුත්වා අනප්පකං දොමනස්සං පටිසංවෙදෙසි. යථා තං අප්පදුට්ඨස්ස පදුස්සමානො. තෙනාහ භගවා –
ඝෝෂක ගුඩුක්රීඩාවෙහි දක්ෂයෙකි. එහෙයින් ඔහු මෙහි යොදවන ලද්දේ. හෙතෙම, ඔබ කුඹලා වෙත යන්න. මගේ පියා ඊයේ භාරදුන් වැඩය අවසන් කරන්නැයි කියා ඔහු පිටත් කර හැරියේය. සිටුපුතා කුඹලා ළඟට ගොස් සිටුවරයාගේ පණිවුඩය ඒ හැටියෙන්ම කීවේය. කුඹලාද සිටුවරයා කීලෙසින්ම ඔහු මරා පෝරණුවෙහි ලෑවේය. ඝෝෂක දවස පුරා ක්‍රීඩා කොට සවස් යාමයෙහි ගෙදර ආවේය. ඇයි දරුව ඔබ නොගියෙහිදැයි ඇසූ විට තමන් ආ කරුණත් බාල සොහොයුරා එහි ගිය සැටිත් දන්වා සිටියේය. සිටුතෙම ඒ අසා මට නින්දා වේවායි මහහඬින් හඬා සියලු සිරුරෙහි උණුතෙල් වැටුණාක් මෙන් දැවිල්ල හැදී, ලේ උණුවී ගොස් එම්බල කුම්භකාරය, මා නොනසව, මා නොනසවයි දෙඅත් හිස තබාගෙන හඬමින් කුඹලා ළඟට දිව ගියේය. කුඹලා දුව එන සිටුවරයා දැක, ස්වාමීනි, ශබ්ද නොකරන්න. ඔබ කියූ සියල්ල නිමාකෙළෙමියි කීය. හෙතෙම මහා පර්වතයකින් පහතට වැටුණු කෙනෙකු මෙන් මහත් සේ ශෝකයට පත්විය. අනල්ප දොම්නස් වින්දේය. දුෂ්ඨ නොවන අයට දුෂ්ඨකම් කිරීමේ විපාකය ඒ ලෙසමය. භාග්‍යවතුන්වහන්සේ එනිසාම මෙසේ වදාළහ.
“යො දණ්ඩෙන අදණ්ඩෙසු, අප්පදුට්ඨෙසු දුස්සති; දසන්නමඤ්ඤතරං ඨානං, ඛිප්පමෙව නිගච්ඡති.
දඬුවම් නොකළයුතු අයට දඬුවම් දේ නම් මෙහි එන කරුණු දහයෙන් එකකට නමුත් පැමිණේ
“වෙදනං ඵරුසං ජානිං, සරීරස්ස ච භෙදනං; ගරුකං වාපි ආබාධං, චිත්තක්ඛෙපඤ්ච පාපුණෙ.
මහවේදනා පීඩා ධනහානියද ආබාධයට හා ඔල්මාදයට වැටේ
“රාජතො වා උපසග්ගං, අබ්භක්ඛානඤ්ච දාරුණං; පරික්ඛයඤ්ච ඤාතීනං, භොගානඤ්ච පභඞ්ගුරං.
රජ උදහසට දෝෂාරෝපණයකට නෑයන්ගෙනුත් පිරිහී සැප විනාසෙට
“අථ වාස්ස අගාරානි, අග්ගි ඩහති පාවකො; කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී”ති. (ධ· ප· 137-140);
ඔහු සතුවූ ගෙවල් ගින්නෙන් දැවී වැනසෙයි මරණින් පසුව ගොස් නිරා දුකකට පැමිණෙයි
එවං සන්තෙපි පුන නං සෙට්ඨි උජුකං ඔලොකෙතුං න සක්කොති. “කින්ති නං මාරෙය්ය”න්ති චින්තෙන්තො, “මම ගාමසතෙ ආයුත්තකස්ස සන්තිකං පෙසෙත්වා මාරෙස්සාමී”ති උපායං දිස්වා, “අයං මෙ අවජාතපුත්තො, ඉමං මාරෙත්වා වච්චකූපෙ ඛිපතු, එවං කතෙ අහං මාතුලස්ස කත්තබ්බයුත්තකං පච්ඡා ජානිස්සාමී”ති තස්ස පණ්ණං ලිඛිත්වා, “තාත ඝොසක, අම්හාකං ගාමසතෙ ආයුත්තකො අත්ථි, ඉමං පණ්ණං හරිත්වා තස්ස දෙහී”ති වත්වා පණ්ණං තස්ස දුස්සන්තෙ බන්ධි. සො පන අක්ඛරසමයං න ජානාති. දහරකාලතො පට්ඨාය හි නං මාරාපෙන්තොව සෙට්ඨි මාරෙතුං නාසක්ඛි, කිං අක්ඛරසමයං සික්ඛාපෙස්සති? ඉති සො අත්තනො මාරාපනපණ්ණමෙව දුස්සන්තෙ බන්ධිත්වා නික්ඛමන්තො ආහ – “පාථෙය්‍යං මෙ, තාත, නත්ථී”ති. “පාථෙය්යෙන තෙ කම්මං නත්ථි, අන්තරාමග්ගෙ ‘අසුකගාමෙ නාම මමසහායකො සෙට්ඨි අත්ථි, තස්ස ඝරෙ පාතරාසං කත්වා පුරතො ගච්ඡාහී’”ති.
එසේ සිදුවීමෙන් පසු සිටුවරයාට ඔහු මුහුණ දෙස කෙළින් බැලීමට පවා අපහසු විය. කෙසේ මොහු මරා දමන්නෙම්දැයි සිතන සිටුවරයාට, මගේ ගම් සීයේ අයවැය එකතු කරන්නා වෙත යවා, මොහු මරන්නෙමියි එක් උපායක් දැක, මේ මගේ අවජාතක පුතෙකි. මොහු මරා වැසිකිළියක දමව. එය ඉටුකළ කල මම මාමා වෙනුවෙන් කළයුතු දේ දන්නෙමියි ඔහුට ලිපියක් ලියවා, දරුව, ඝෝෂක, අපේ ගම්සීයේ ආයුත්තකයෙක් සිටී, මේ ලිපිය ගෙනගොස් ඔහුට දෙවයි ලිපිය ඔහු අත තැබීය. දරුවා අකුරුසමය හෙවත් ලිවීම කියවීම නොදනියි. බාල කල පටන් කුමරා මරවන්ට වෑයම්කළ නමුදු එය නොහැකි විය. අකුරුශිල්පයක් කෙසේ නම් දැනගන්ටද? මෙසේ හෙතෙම තමාගේ මරණලිපිය, රෙදිවාටියෙහි බැඳගෙන පිටත්වෙමින් පියාණනි, මට මඟඋපකරණ නැතැයි කීවේය. මාර්ගෝපකරණවලින් තොපට වැඩක් නැත. අතර මඟ අසවල් ගමේ මගේ යාළු සිටුවරයෙක් සිටී. ඔහුගේ ගෙදරදී උදේ ආහාරය ගෙන යවයි පිටත් කෙළේය.
සො “සාධූ”ති පිතරං වන්දිත්වා නික්ඛන්තො තං ගාමං පත්වා සෙට්ඨිස්ස ඝරං පුච්ඡිත්වා ගන්ත්වා සෙට්ඨිජායං පස්සි. “ත්වං කුතො ආගතොසී”ති ච වුත්තෙ, “අන්තොනගරතො”ති ආහ. “කස්ස පුත්තොසී”ති? “තුම්හාකං සහායකසෙට්ඨිනො, අම්මා”ති. “ත්වංසි ඝොසකො නාමා”ති? “ආම, අම්මා”ති. තස්සා සහ දස්සනෙනෙව තස්මිං පුත්තසිනෙහො උප්පජ්ජි.
ඔහු යහපතැයි පියා වැඳ පිටත්වී ගියේය. ඒ කියන ලද ගමට ගොස් සිටුවරයාගේ ගේ ගැන අසා දැන එහි ගොස් සිටුභාර්යා හමුවිය. ඔබ කොහි සිට ආවෙහිද? මාතාවනි, ඇතුළුනුවර සිටයි. කාගේ පුතෙක්ද? මෑණියනි ඔබේ යහළු සිටුතුමාගේයි. ඔබ ඝෝෂකද? මෑණියනි, එසේය. සිටුභාර්යාවට දරුවා දුටු ගමන්ම ඔහු කෙරෙහි පුත්‍රස්නේහය ඇතිවිය.
සෙට්ඨිනො පනෙකා ධීතා අත්ථි පන්නරසසොළසවස්සුද්දෙසිකා අභිරූපා පාසාදිකා, තං රක්ඛිතුං එකමෙව පෙසනකාරිකං දාසිං දත්වා සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ සිරිගබ්භෙ වසාපෙන්ති. සෙට්ඨිධීතා තස්මිං ඛණෙ තං දාසිං අන්තරාපණං පෙසෙසි. අථ නං සෙට්ඨිජායා දිස්වා, “කුහිං ගච්ඡසී”ති පුච්ඡිත්වා, “අය්යධීතාය පෙසනෙනා”ති වුත්තෙ “ඉතො තාව එහි, තිට්ඨතු පෙසනං, පුත්තස්ස මෙ පීඨකං අත්ථරිත්වා පාදෙ ධොවිත්වා තෙලං මක්ඛිත්වා සයනං අත්ථරිත්වා දෙහි, පච්ඡා පෙසනං කරිස්සසී”ති ආහ. සා තථා අකාසි.
ඒ සිටුවරයාට සිටියේ එකම දුවණියකි. පසළොස් සොළොස් වියෙහිවූ ප්රසාදජනක අභිරූපිනියක වූවාය. ඈ රකිනු පිණිසත්, ඇගේ මෙහෙවර හා එහෙමෙහෙ ගෙන යෑමටත් එකම දාසියක් දී සත්මහල් පහයක උඩම මහලේ සිරියහන් ගබඩාවක නවතා සිටියාය. මේ අවස්ථාවේ සිටුදුවණිය තම දාසිය ඇතුළු වෙළඳ පොළට යැවුවාය. සිටු බිරිඳ ඒ දැක කොහි යන්නීදැයි විචාරා, ආර්යාවනි, දුව විසින් මා එහි යවන ලද්දෙමියි කීකල දැන් මෙහි එව. ගමන නවතා ලවයි කියා මේ මගේ පුතාට පුටුවක් ගෙනව. පා දොවා තෙල් ගා සායනයක් සූදානම්කොට දෙව. ඉන්පසු යන ගමන යවයි කීවාය. දාසිය එසේ කළාය.
අථ නං චිරෙනාගතං සෙට්ඨිධීතා සන්තජ්ජෙසි. අථ නං සා ආහ – “මා මෙ කුජ්ඣි, සෙට්ඨිපුත්තො ඝොසකො ආගතො, තස්ස ඉදඤ්චිදඤ්ච කත්වා තත්ථ ගන්ත්වා ආගතාම්හී”ති. සෙට්ඨිධීතාය “සෙට්ඨිපුත්තො ඝොසකො”ති නාමං සුත්වාව පෙමං ඡවියාදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච ඨිතං. කොතුහලකාලස්මිඤ්හි සා තස්ස පජාපතී හුත්වා නාළිකොදනං පච්චෙකබුද්ධස්ස අදාසි, තස්සානුභාවෙනාගන්ත්වා ඉමස්මිං සෙට්ඨිකුලෙ නිබ්බත්තා. ඉති තං සො පුබ්බසිනෙහො අවත්ථරිත්වා ගණ්හි. තෙනාහ භගවා –
පසුව කාලය ගතකර පමා වී පැමිණි දාසියට සිටුදුව දැඩිලෙස තර්ජනය කළාය. දාසිය සිටුදුවට මෙසේ කීවාය. මට නොකිපෙන්න ඝෝෂක සිටුපුතා පැමිණ සිටී. මම ඔහු වෙනුවෙන් මේ මේ කටයුතු කොට පැමිණියෙමි. ඝෝෂක සිටුපුත් යනනම ඇසීමෙන්ම සිටුදුවණිය තුළ ඇති වූ ප්‍රේමයේ වේගය සම සිදුරු කරගෙන ගොස් ඇට මිදුළු දක්වා විනිවිද ගියේය. කෝතුහලික කාලයේ පටන් ඈ ඔහුගේ ප්රජාපතිනිය, බිරිඳ වී කැඳ බත් ආදියෙන් පසේබුදුන් පිදුවාය. ඒ පින් බලයෙන් මේ සිටුකුලයෙහි උපන්නාය. මෙසේ ඒ පෙරවූ ප්‍රේමය මෙහිදී ඉස්මතු විය. එහෙයින් බුදුරදුන් විසිනුදු මෙසේ වදාළහ.
“පුබ්බෙව සන්නිවාසෙන, පච්චුප්පන්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප්පලංව යථොදකෙ”ති. (ජා· 1.2.174);
පෙර එක්වී පුරුදු හිතවත් කමින් වත්මන ප්‍රේමය යළි යළි නැඟේ දියවරක පැරණි අලයකින් හැදී පිපෙන නෙළුමක් සේ
අථ නං පුච්ඡි – “කුහිං සො, අම්මා”ති? “සයනෙ නිපන්නො නිද්දායතී”ති. “අත්ථි පනස්ස හත්ථෙ කිඤ්චී”ති? “දුස්සන්තෙ පණ්ණං අත්ථී”ති. සා “කිං පණ්ණං නු ඛො එත”න්ති තස්මිං නිද්දායන්තෙ මාතාපිතූනං අඤ්ඤවිහිතතාය අපස්සන්තානං ඔතරිත්වා සමීපං ගන්ත්වා තං පණ්ණං මොචෙත්වා ආදාය අත්තනො ගබ්භං පවිසිත්වා ද්වාරං පිධාය වාතපානං විවරිත්වා අක්ඛරසමයෙ කුසලතාය පණ්ණං වාචෙත්වා, “අහො වත බාලො, අත්තනො මරණපණ්ණං දුස්සන්තෙ බන්ධිත්වා විචරති, සචෙ මයා න දිට්ඨං අස්ස, නත්ථිස්ස ජීවිත”න්ති තං පණ්ණං ඵාලෙත්වා සෙට්ඨිස්ස වචනෙන අපරං පණ්ණං ලිඛි – “අයං මම පුත්තො ඝොසකො නාම, ගාමසතතො පණ්ණාකාරං ආහරාපෙත්වා ඉමස්ස ජනපදසෙට්ඨිනො ධීතරා සද්ධිං මඞ්ගලං කත්වා අත්තනො වසනගාමස්ස මජ්ඣෙ ද්විභූමකං ගෙහං කාරෙත්වා පාකාරපරික්ඛෙපෙන චෙව පුරිසගුත්තියා ච සුසංවිහිතාරක්ඛං කරොතු, මය්හඤ්ච ‘ඉදඤ්චිදඤ්ච මයා කත’න්ති සාසනං පෙසෙතු, එවං කතෙ අහං මාතුලස්ස කත්තබ්බයුත්තකං පච්ඡා ජානිස්සාමී”ති, ලිඛිත්වා ච පන සඞ්ඝරිත්වා ඔතරිත්වා දුස්සන්තෙයෙවස්ස බන්ධි.
පසුව, සිටුදුවණිය, මෑණියනි, දැන් ඔහු කොහේදැයි ඇසුවාය. ඇඳ මත නිදාගෙනය. ඔහුගේ අතේ කුමක් හෝ ඇද්ද? ඔහුගේ ඉණේ (දසරුව) ලිපියක් ඇත. මා පියන් වෙනත් සිතකින් සිටින අතර, සිටුදුව ඔහු නිදා සිටියදීම රහසිගතව බැස ලිපිය රැගෙන තමන් වසන තැනට ගොස් දොර වසා ජනේලය හැර අකුරු කීමෙහි දක්ෂ හෙයින් නිහඬව කියවා බැලුවාය. අනේ මේ බාලයා තමන්ගේ මරණ ලිපිය තමන්ගේ ඉණේ බැඳගෙන ඇවිදියි. යම් හෙයකින් මෙය මා නොදුටුවේනම් ඔහුගේ ජීවිතයද අවසානයයි. ඒ ලිපිය පලා ඉරා සිටුවරයා ලියන හැටියට ඔහුගේ වචනයෙන් වෙනත් ලිපියක් ලීවාය. මේ මගේ පුත් ඝෝෂකයි. ගම් සියයෙන් අයබදු රැගෙන මොහු ජනපද සිටුවරයාගේ දුව හා සමඟ විවාහ මංගලයට ඇතුළු කොට තමන් වසන ගම මැද දෙමහල් මැදුරක් තනා එය ප්රාකාරවලින් වටකොට ආරක්ෂක පුරුෂයන් යොදවා මැනවින් ආරක්ෂාව සැපයිය යුතුය. ඉන් පසු මා විසින් මේ මේ දේ කරන ලදැයි මට ද ලිපියක් එවිය යුතුය. එසේ කළ පසු මම මාමා වෙනුවෙන් කළ යුතු සියල්ල බලා ගන්නෙමියි ලියා ලිපිය හකුළුවා ඝෝෂකගේ ඉණේ බැන්දාය.
සො දිවසභාගං නිද්දායිත්වා උට්ඨාය භුඤ්ජිත්වා පක්කාමි. පුනදිවසෙ පාතොව තං ගාමං ගන්ත්වා ආයුත්තකං ගාමකිච්චං කරොන්තංයෙව පස්සි. සො තං දිස්වා, “කිං, තාතා”ති පුච්ඡි. “පිතරා මෙ තුම්හාකං පණ්ණං පෙසිත”න්ති. “කිං පණ්ණං, තාත, ආහරා”ති පණ්ණං ගහෙත්වා වාචෙත්වා තුට්ඨමානසො “පස්සථ, භො, මම සාමිනො මයි සිනෙහං කත්වා ජෙට්ඨපුත්තස්ස මෙ මඞ්ගලං කරොතූ”ති මම සන්තිකං පහිණි. “සීඝං දාරුආදීනි ආහරථා”ති ගහපතිකෙ වත්වා ගාමමජ්ඣෙ වුත්තපකාරං ගෙහං කාරාපෙත්වා ගාමසතතො පණ්ණාකාරං ආහරාපෙත්වා ජනපදසෙට්ඨිනො සන්තිකා ධීතරං ආනෙත්වා මඞ්ගලං කත්වා සෙට්ඨිස්ස සාසනං පහිණි “ඉදඤ්චිදඤ්ච මයා කත”න්ති.
සෝෂක වරුවක් පමණ නිදා අවදිවී නැඟිට ආහාර අනුභව කොට පිටත්ව ගියේය. දෙවෙනි දින උදෑසනම ඒ ගමට ගොස් ආයුක්තකයන් ගමේ වැඩකරන තැනදීම හමුවිය. හෙතෙම ඝෝෂකයන් දැක පුතා කුමක් නිසා පැමිණියේදැයි ඇසීය. මගේ පියා ඔබට ලිපියක් එවීය. මොන ලිපියක්ද? පුත, එය දෙන්නැයි ලිපියගෙන කියවා සතුටු සිතින් හිතවතුනි, මේ බලව්. මගේ ස්වාමියාගේ හිතවත් කම බලව්. මගේ දෙටු පුතාගේ විවාහ මංගල්ලය කරන්නැයි ඒ පුතා මා වෙත එවීය. හනික දර ආදී දේ ගෙනවුත් ගෘහපතියන්ටද කියා ගම මැද කියා එවා ඇති පරිදි ගෙයක් කරවා ගම් සියයෙන් අයබදු ගෙවා ගෙන ජනපද සිටුවරයාගේ දුව කැඳවාගෙන ගෙනවුත් විවාහමංගල්‍ය සිදුකොට මවිසින් මේ මේ දේ ඉටුකරන ලදැයි සිටුවරයා වෙත ලිපියක් ලියා යැවීය.
තං සුත්වා සෙට්ඨිනො “යං කාරෙමි, තං න හොති; යං න කාරෙමි, තදෙව හොතී”ති මහන්තං දොමනස්සං උප්පජ්ජි. පුත්තසොකෙන සද්ධිං සො සොකො එකතො හුත්වා කුච්ඡිඩාහං උප්පාදෙත්වා අතිසාරං ජනෙසි. සෙට්ඨිධීතාපි “සචෙ කොචි සෙට්ඨිනො සන්තිකා ආගච්ඡති, මම අකථෙත්වා සෙට්ඨිපුත්තස්ස පඨමතරං මා කථයිත්ථා”ති ජනෙ ආණාපෙසි.
ඒ පුවත ඇසූ සිටුවරයා කරන්ට හිතෙන දේ නොකෙරෙයි. නොකරන්ට සිතන දේ කෙරෙයි. කියා මහත් දොම්නසට පත්විය. පුත්‍ර ශෝකය සමඟ මේ ශෝකයත් එක්වී බඩේ පපුවේ දැවිල්ලක් හටගෙන අතීසාරයද වැළදිණි. සිටුදුවත් යම් විටක සිටුවරයා ළඟ සිට කවුරුන් හෝ ආවොත් මට නොකියා පළමුව සිටුපුත්‍රයාට නොදන්වවයි නියෝගයක් කළාය.
සෙට්ඨිපි ඛො “දානි තං දුට්ඨපුත්තං මම සාපතෙය්යස්ස සාමිකං න කරිස්සාමී”ති චින්තෙත්වා එකං ආයුත්තකං ආහ – “මාතුල, පුත්තං මෙ දට්ඨුකාමොම්හි, එකං පාදමූලිකං පෙසෙත්වා මම පුත්තං පක්කොසාපෙහී”ති. සො “සාධූ”ති වත්වා පණ්ණං දත්වා එකං පුරිසං පෙසෙසි. සෙට්ඨිධීතාපි තස්ස ආගන්ත්වා ද්වාරෙ ඨිතභාවං සුත්වා තං පක්කොසාපෙත්වා, “කිං, තාතා”ති පුච්ඡි. සො ආහ – “සෙට්ඨි ගිලානො, පුත්තං පස්සිතුං පක්කොසාපෙසි, අය්යෙ”ති. “කිං, තාත, බලවා, දුබ්බලො”ති? “බලවා තාව, ආහාරං භුඤ්ජතියෙව, අය්යෙ”ති. සා සෙට්ඨිපුත්තං අජානාපෙත්වාව තස්ස නිවෙසනඤ්ච පරිබ්බයඤ්ච දාපෙත්වා “මයා පෙසිතකාලෙ ගමිස්සසි, අච්ඡස්සු තාවා”ති ආහ. සෙට්ඨි පුන ආයුත්තකං අවච, “කිං, මාතුල, න තෙ මම පුත්තස්ස සන්තිකං පහිත”න්ති? “පහිතං, සාමි, ගතපුරිසො න තාව එතී”ති.
සිටුවරයා, දැන් ඉතින් ඒ දුෂ්ට පුත්‍රයා මගේ ධනයට ස්වාමියකු නොකරන්නෙමියි, එක් අයකැමියෙකුට කතා කොට මෙසේ කීවේය. මාමාණනි, පුතා දකිනු කැමැත්තෙමි. එක් පුරුෂයකු අත වියපැහැදම් දී මගේ පුතා මෙහි ගෙන්වව. හෙතෙම යහපතැයි හසුනක් දී එක් පුරුෂයෙකු එහි යැවීය. සිටුදුව ඔහු අවුත් දොරටුව ළඟ සිටින බව අසා කැඳවා, දරුව, ඇයිදැයි ඇසුවාය. ආර්යාවනි, සිටුවරයා ගිලන්විය. පුතා දකිනු කැමති වෙයි. දරුව, රෝගියා බලවත්ද, දුබලද? ආර්යාවනි, බලවත්ය. තවම ආහාරය වළඳිතියි කීය. ඈ ඔහු ආ බව සිටුපුතාට නොදන්වා ආ පුරුෂයාට නිවසකුත් අවශ්‍ය බඩුබාහිරාදියත් වැටුප් වියදම් ආදියත් දීමා කීපසු එහි යවයි නවතාගත්තාය. සිටුතෙමේ නැවතත් අයකැමියා අමතා, මාමාණනි, ඇයි මපුතුන් වෙත පණිවුඩයක් නොයැව්වේද? යැව්වෙමි ස්වාමීනි, ගිය මිනිසා මෙතෙක්ම ආවේ නැතැයිද කීය.
“තෙන හි පුන අපරං පෙසෙහී”ති. සො පෙසෙසි. සෙට්ඨිධීතා තස්මිම්පි තථෙව පටිපජ්ජි. අථ සෙට්ඨිනො රොගො බලවා ජාතො, එකං භාජනං පවිසති, එකං නික්ඛමති. පුන සෙට්ඨි ආයුත්තකං පුච්ඡි – “කිං, මාතුල, න තෙ මම පුත්තස්ස සන්තිකං පහිත”න්ති? “පහිතං, සාමි, ගතපුරිසො න තාව එතී”ති. “තෙන හි පුන අපරං පෙසෙහී”ති. සො පෙසෙසි. සෙට්ඨිධීතා තතියවාරෙ ආගතම්පි තං පවත්තිං පුච්ඡි. සො “බාළ්හගිලානො, අය්යෙ, සෙට්ඨි ආහාරං පච්ඡින්දිත්වා මච්චුපරායණො ජාතො, එකං භාජනං නික්ඛමති, එකං පවිසතී”ති ආහ. සෙට්ඨිධීතා “ඉදානි ගන්තුං කාලො”ති සෙට්ඨිපුත්තස්ස “පිතා තෙ කිර ගිලානො”ති ආරොචෙත්වා “කිං වදෙසි භද්දෙ”ති වුත්තෙ “අඵාසුකමස්ස, සාමී”ති ආහ. “ඉදානි කිං කාතබ්බ”න්ති. සාමි? “ගාමසතතො වුට්ඨානකපණ්ණාකාරං ආදාය ගන්ත්වා පස්සිස්සාම න”න්ති. සො “සාධූ”ති පණ්ණාකාරං ආහරාපෙත්වා සකටෙහි ආදාය පක්කාමි.
එසේ නම් තව කෙනෙක් එහි යවව. ඔහු තව එකෙක් යැවීය. සිටුදුව ඔහු කෙරෙහිද පළමුසේම කටයුතු කළාය. මේ අතර සිටුහුගේ රෝගය බලවත් විය. එක් බඳුනක් තබා එය ඉවත් කරන විට තවත් බඳුනක් තබන්ට විය. සිටු තෙමේ නැවතත් විචාළේය. මාමාණනි, ඇයි කිසිවකු මපුතු වෙත නොයැව්වේද? යැව්වෙමි ස්වාමීනි, ගිය පුරුෂයා මෙතෙක්ම ආපසු පැමිණියේ නැත. එසේ නම් තවත් පුරුෂයකු යවව. හෙතෙම තවත් පුරුෂයකු යැවීය. සිටුදුව තෙවෙනි වරට ආ පුරුෂයාගෙන් තොරතුරු විචාළාය. ආර්යාවනි, ඔහු දැඩි ලෙස ගිලන්ය. ආහාරද නවතා මංචපරායණව (ඇඳේ වැතිරී සිටීම) සිටියි. එක් බඳුනක් ඉවත් කරන විට තවත් බඳුනක් තැබියයුතුය (අතීසාරය නිසා). සිටුදුව, දැන් යෑමට වේලාව යයි දැන ඔබේ පියා ගිලන්ව ඇතැයි ඝෝෂකට දැන්වීය. සොඳුර කුමක් කියන්නෙහිදැයි ඇසූ විට ඔහු බෙහෙවින්ම අරෝබලත් තත්වයට පත්වී ඇතැයි කීවාය. දැන් ඉතින් කුමක් කරමුද? ගම් සියයෙන් උපන් අයබදු හා බඩුමුට්ටුත් රැගෙන ගොස් සිටුවරයා හමුවෙමුයි කීවාය. හෙතෙම යහපතැයි අයබදු හා බඩුමුට්ටු ගෙන්වා ගෙන කරත්තයකින් ඔහුත් සමඟ පිටත්ව ගියේය.
අථ නං සා “පිතා තෙ දුබ්බලො, එත්තකං පණ්ණාකාරං ගහෙත්වා ගච්ඡන්තානං පපඤ්චො භවිස්සති, එතං නිවත්තාපෙහී”ති වත්වා තං සබ්බං අත්තනො කුලගෙහං පෙසෙත්වා පුන තං ආහ – “සාමි, ත්වං අත්තනො පිතු පාදපස්සෙ තිට්ඨෙය්යාසි, අහං උස්සීසකපස්සෙ ඨස්සාමී”ති. ගෙහං පවිසමානායෙව ච “ගෙහස්ස පුරතො ච පච්ඡතො ච ආරක්ඛං ගණ්හථා”ති අත්තනො පුරිසෙ ආණාපෙසි. පවිට්ඨකාලෙ පන සෙට්ඨිපුත්තො පිතු පාදපස්සෙ අට්ඨාසි, ඉතරා උස්සීසකපස්සෙ.
ඉක්බිති ඈ ඔබේ පියා දුබලය. මේ අයබදු හා භාණ්ඩ ගෙනයන විට පමා වෙයි. මොහු නවත්වන්නැයි කියා ඒ සියල්ල තමන්ගේ ගෙට යවා සිටුපුත්‍රයාට, ස්වාමීනි, ඔබ එහි ගොස් ඔබේ පියාගේ දෙපා ඇති පැත්තෙන් (පාමුලින්) සිටින්න. මම ඉහලෙන් (හිස ඇති) සිටින්නෙමියි කියා ගෙට පිවිසෙන විට ගෙය ඉදිරිපසිනුත් පසුපසිනුත් රැකවල්ලාගන්නා ලෙස ආරක්ෂකයන්ට නියෝග කළාය. ගෙට පිවිසි සිටුපුතා පියාගේ පා ඇති පැත්තේ සිටගත්තේය.
තස්මිං ඛණෙ සෙට්ඨි උත්තානකො නිපන්නො හොති. ආයුත්තකො පන තස්ස පාදෙ පරිමජ්ජන්තො “පුත්තො තෙ, සාමි, ආගතො”ති ආහ. “කුහිං සො”ති? “එස පාදමූලෙ ඨිතො”ති. අථ නං දිස්වා ආයකම්මිකං පක්කොසාපෙත්වා, “මම ගෙහෙ කිත්තකං ධන”න්ති පුච්ඡි. “සාමි, ධනස්සෙව චත්තාලීසකොටියො, උපභොගපරිභොගභණ්ඩානං පන වනගාමක්ඛෙත්තද්විපදචතුප්පදයානවාහනානඤ්ච අයඤ්ච අයඤ්ච පරිච්ඡෙදො”ති වුත්තෙ, “අහං එත්තකං ධනං මම පුත්තස්ස ඝොසකස්ස න දෙමී”ති වත්තුකාමො “දෙමී”ති ආහ. තං සුත්වා සෙට්ඨිධීතා “අයං පුන කථෙන්තො අඤ්ඤං කිඤ්චි කථෙය්යා”ති චින්තෙත්වා සොකාතුරා විය කෙසෙ විකිරිත්වා රොදමානා “කිං නාමෙතං, තාත, වදෙථ, ඉදම්පි නාම වො වචනං සුණොම, අලක්ඛිකා වතම්හා”ති වත්වා මත්ථකෙන නං උරමජ්ඣෙ පහරන්තී පතිත්වා යථා පුන වත්තුං න සක්කොති, තථාස්ස උරමජ්ඣෙ මත්ථකෙන ඝංසෙන්තී ආරොදනං දස්සෙසි. සෙට්ඨි තංඛණඤ්ඤෙව කාලමකාසි.
ආයුක්තකයා සිටුහුගේ පිරිමදිමින් ස්වාමීනි, ඔබේ පුතා ආවේයයි කීවේය. පුතා දැන් කොහිද? මේ ඔබේ දෙපා සමීපයෙහි. පසුව, මගේ ගෙදර කොපමණ ධනය ඇද්දැයි ඇසීය. ස්වාමීනි කහවණු වලින් පමණක් සතළිස් කෝටියකි. ගම්කෙත්ද්විපාද චතුෂ්පාදසත්තු යාන වාහනාදිය මේ මේ පමණයයි කීකල මගේ මෙපමණ වූ ධනය මපුත් ඝෝෂකට නොදෙන්නෙමියි කියනු කැමැත්තේ දෙමියි කීය. ඒ අසා සිටුදුව මොහු නැවන කථා කළොත් මීට වඩා වෙනත් දෙයක් කීමට පුළුවනියි සිතා ශෝකාතුරවූවාක් මෙන් කෙස් කළඹ කඩාහෙළා, හඬමින් පියාණනි මේ කුමක් කියන්නෙහිද, ඔබ මේ කියන්නේ මොන කතාද, අනේ, නොඇසිය යුතු කතා ඇසුවෙමියි කියමින් යළි කතා කළ නොහැකි අයුරින් හිසෙන් ඔහුගේ පපුව මැදට ගසමින් බලවත් ශෝකය ප්‍රකට කළාය. සිටුතෙම එකෙණෙහිම කළුරිය කෙළේය.
“සෙට්ඨි මතො”ති ගන්ත්වා උතෙනස්ස රඤ්ඤො ආරොචයිංසු. රාජා තස්ස සරීරකිච්චං කාරාපෙත්වා, “අත්ථි පනස්ස පුත්තො වා ධීතා වා”ති පුච්ඡි. “අත්ථි, දෙව, ඝොසකො නාම තස්ස පුත්තො, සබ්බං සාපතෙය්යං තස්ස නිය්යාදෙත්වාව මතො, දෙවා”ති.
සිටුවරයා මියගිය බව උදේන රජුට දන්වා යැවූහ. රජු ඔහුගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු කරවා මොහුට දුවක හෝ පුතකු ඇද්දයි ඇසීය. මොහුට ඝෝෂක නම් පුතෙක් ඇත. සියලු සම්පත් ඔහුට පවරා දීමෙන් පසුවම සිටුවරයා මියගියේයයි කීවාහුය.
රාජා අපරභාගෙ සෙට්ඨිපුත්තං පක්කොසාපෙසි. තස්මිඤ්ච දිවසෙ දෙවො වස්සි. රාජඞ්ගණෙ තත්ථ තත්ථ උදකං සණ්ඨාති. සෙට්ඨිපුත්තො “රාජානං පස්සිස්සාමී”ති පායාසි. රාජා වාතපානං විවරිත්වා තං ආගච්ඡන්තං ඔලොකෙන්තො රාජඞ්ගණෙ උදකං ලඞ්ඝිත්වා ආගච්ඡන්තං දිස්වා ආගන්ත්වා වන්දිත්වා ඨිතං “ත්වං ඝොසකො නාම, තාතා”ති පුච්ඡිත්වා “ආම, දෙවා”ති වුත්තෙ “පිතා මෙ මතොති මා සොචි, තව පෙත්තිකං සෙට්ඨිට්ඨානං තුය්හමෙව දස්සාමී”ති තං සමස්සාසෙත්‍වා “ගච්ඡ, තාතා”ති උය්යොජෙසි. රාජා ගච්ඡන්තඤ්ච නං ඔලොකෙන්තොව අට්ඨාසි. සො ආගමනකාලෙ ලඞ්ඝිතං උදකං ගමනකාලෙ ඔතරිත්වා සණිකං අගමාසි. අථ නං රාජා තතොව පක්කොසාපෙත්වා, “කිං නු ඛො, තාත, ත්වං මම සන්තිකං ආගච්ඡන්තො උදකං ලඞ්ඝිත්වා ආගම්ම ගච්ඡන්තො ඔතරිත්වා සණිකං ගච්ඡසී”ති පුච්ඡි. “ආම, දෙව, අහං තස්මිං ඛණෙ කුමාරකො, කීළනකාලො නාම, සො ඉදානි පන මෙ දෙවෙන ඨානන්තරං පටිස්සුතං. තස්මා යථා පුරෙ අචරිත්වා ඉදානි සන්නිසින්නෙන හුත්වා චරිතුං වට්ටතී”ති. තං සුත්වා රාජා “ධිතිමායං පුරිසො, ඉදානෙවස්ස ඨානන්තරං දස්සාමී”ති පිතරා භුත්තං භොගං දත්වා සබ්බසතෙන සෙට්ඨිට්ඨානං අදාසි.
රජු ඉන්පසු සිටු පුත්‍රයා කැඳවීය. ඒ වැසි දිනයකි. රජමිදුලේ තැනින් තැන ජලය රැස්වී තිබිණි. සිටුපුතා රජුන් දැකීමට පිටත් විය. රජු වාකවුලුව විවර කොට රාජාංගනයෙහි දියෙන් පැන පැන දිය පාගමින් එන ඔහු දැක, අවුත් වැඳ සිටි කල්හි දරුව, ඔබ ඝෝෂකදැයි අසා දේවයිනි එසේයයි කීකල්හි තමාගේ පියා මළේයයි ශෝක නොකරව. ඔබේ පියාසතු සිටු තනතුර ඔබටම දෙමියි ඔහු සනසා පුතා දැන් ඔබ යන්නැයි පිටත්කර හැරියේය. රජු, යන ඔහු දෙසද බලා සිටියේය. ඝෝෂක මාලිගයට එන ගමන් පෑගු දියට ම බැස සෙමින් ගියේය. පසුව රජු ඔහු නැවත කැඳවීය. දරුව ඔබ මා ළඟට එන විට ජලය පැන පැන පාගාගෙන අවුත් ආපසු යන විට ජලයට බැස සෙමින් ගියේත් ඇයිදැයි ඇසීය. දේවයන්වහන්ස, එසේය. මා මෙහි එන විට ක්‍රීඩාශීලී කුමරෙක්මි. දැන් දේවයන්වහන්සේ විසින් මා ඨානාන්තරයක පිහිටුවනු ලබන බවට පිළිණ ලදිමි. එහෙයින් පෙර මෙන් නොව තමන් තැන්පත්වූවෙකු ලෙස හැසිරීම මැනවැයි සිතුණු නිසායයි හේ පිළිතුරු දුන්නේය. රජු ඒ අසා නුවණැති පුරුෂයෙකියි මේ දැන්ම මොහුට සිටු තනතුර දෙන්නෙමියි. පියා පරිභෝග කළ භෝග සම්පත්ද, හැම දෙයකින්ම සියයේ කොටස්වලින් වස්තුවද සමඟ ඔහුට සිටු තනතුර පවරා දුන්නේය.
සො රථෙ ඨත්වා නගරං පදක්ඛිණං අකාසි. ඔලොකිතොලොකිතට්ඨානං කම්පති. සෙට්ඨිධීතා කාළිදාසියා සද්ධිං මන්තයමානා නිසින්නා “අම්ම කාළි, පුත්තස්ස තෙ එත්තිකා සම්පත්ති මං නිස්සාය උප්පන්නා”ති ආහ. “කිං කාරණා, අම්මා”ති? “අයඤ්හි අත්තනො මරණපණ්ණං දුස්සන්තෙ බන්ධිත්වා අම්හාකං ඝරං ආගතො, අථස්ස මයා තං පණ්ණං ඵාලෙත්වා මයා සද්ධිං මඞ්ගලකරණත්ථාය අඤ්ඤං පණ්ණං ලිඛිත්වා එත්තකං කාලං තත්ථ ආරක්ඛො කතො”ති. “අම්ම, ත්වං එත්තකං පස්සසි, ඉමං පන සෙට්ඨි දහරකාලතො පට්ඨාය මාරෙතුකාමො මාරෙතුං නාසක්ඛි, කෙවලං ඉමං නිස්සාය බහුං ධනං ඛීයී”ති. “අම්ම, අතිභාරියං වත සෙට්ඨිනා කත”න්ති. නගරං පදක්ඛිණං කත්වා ගෙහං පවිසන්තං පන නං දිස්වා, “අයං එත්තිකා සම්පත්ති මං නිස්සාය උප්පන්නා”ති හසිතං අකාසි. අථ නං සෙට්ඨිපුත්තො දිස්වා, “කිං කාරණා හසී”ති පුච්ඡි. “එකං කාරණං නිස්සායා”ති. “කථෙහි න”න්ති? “සා න කථෙසි”. සො “සචෙ න කථෙස්සසි, ද්විධා තං ඡින්දිස්සාමී”ති තජ්ජෙත්වා අසිං නික්කඩ්ඪි. සා “අයං එත්තිකා සම්පත්ති තයා මං නිස්සාය ලද්ධාති චින්තෙත්වා හසිත”න්ති ආහ. “යදි මම පිතරා අත්තනො සන්තකං මය්හං නිය්යාදිතං, ත්වං එත්ථ කිං හොසී”ති?
ඝෝෂක සිටු රියට නැගී නුවර ප්රදක්ෂිණා කෙළේය. ඔහු බැලු බැලූ හැම තැනම කම්පාවිය. සිටුදුවත් කාලී දාසියද සමඟ කථාකරමින් සිටින අතර, කාලී මෑණියනි, ඔබේ පුතාට මෙපමණ සම්පත් මා නිසා ලැබුණේයයි කීවාය. මෑණියනි, ඒ කෙසේදැයි ඇසූ විට, මොහු තමාගේ මරණලිපිය ඉණේ තබාගෙන අපේ ගෙට ආවේය. මම ඒ ලිපිය ඉරා දමා මා සමඟ විවාහ මංගලය කරන හැටියට වෙනත් ලිපියක් ලියා මෙපමණ කලක් එය ආරක්ෂා කෙළෙමි. මෑණියනි. මේ සිද්ධිය ඔබට පෙනෙන්නේ කෙසේද? ළමා කාලයේ පටන් මේ කුමරා මරාදැමීමට සිටුවරයා වෙහෙස ගත් නමුත් එය කළ නොහැකිවිය. හුදෙක් මොහු නිසා බොහෝ ධනය නොයෙක් දෙනා විසින් දිනා ගන්නා ලදහ. මෑණියනි, මේ සිටුවරයා විසින් කරන ලද්දේ බැරෑරුම් ක්රියාවකියි කියන අතර නගර ප්රදක්ෂිණා කළ ඝෝෂක සිටු ගෙට පිවිසෙනු දැක මොහු මෙපමණ සම්පත් ලැබුවේ මා නිසායයි සිනා පහළ කළාය. අනතුරුව සිටුතෙමේ සිනාසෙන්නේ ඇයිදැයි ඇසීය. ඈ කිසිවක් නොකීවාය. ඉදින් නොකියන්නී නම් ඒ දෙකඩකොට ලන්නෙමියි කඩුව අමෝරා ගත්තේය. ඕතොමෝ මේ සිටුපුත් මෙපමණ සම්පත් මානිසා ලැබුවේයයි සිතා සිනාසුණු බව කීවාය. මගේ පියා විසින් තමා සන්තක ධනය මට පවරා දෙන ලදි. ඉතින් ඔබ නිසා ලැබුණේයයි කියන දේ සිදුවන්නේ කෙසේද?
සො කිර එත්තකං කාලං කිඤ්චි න ජානාති, තෙනස්සා වචනං න සද්දහි. අථස්ස සා “තුම්හාකං පිතරා මරණපණ්ණං දත්වා පෙසිතා, තුම්හෙ මයා ඉදඤ්චිදඤ්ච කත්වා රක්ඛිතා”ති සබ්බං කථෙසි. “ත්වං අභූතං කථෙසී”ති අසද්දහන්තො “මාතරං කාළිං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා “එවං කිර, අම්මා”ති. “ආම, තාත, දහරකාලතො පට්ඨාය තං මාරෙතුකාමො මාරෙතුං අසක්කොන්තො තං නිස්සාය බහුං ධනං ඛීයි, සත්තසු ඨානෙසු ත්වං මරණතො මුත්තො, ඉදානි භොගගාමතො ආගම්ම සබ්බසතෙන සද්ධිං සෙට්ඨිට්ඨානං පත්තො”ති. සො තං සුත්වා “භාරියං වත කම්මං, එවරූපා ඛො පන මරණා මුත්තස්ස මම පමාදජීවිතං ජීවිතුං අයුත්තං, අප්පමත්තො භවිස්සාමී”ති චින්තෙත්වා දෙවසිකං සහස්සං විස්සජ්ජෙත්වා අද්ධිකකපණාදීනං දානං පට්ඨපෙසි. මිත්තො නාමස්ස කුටුම්බිකො දානබ්යාවටො අහොසි.
සිටුපුත්‍රයා මෙපමණ කලක් මේ කිසිවක්ම දැන නොසිටියේය. එහෙයින් ඇගේ කියමන් විශ්වාස නොකෙළේය. ඉන්පසු ඈ, ඔබේ පියා ඔබේ මරණ ලිපිය දී ඔබ එවුවිට මවිසින් මේ මේ දේවල් කරමින් රැකගන්නා ලදී ආදි සියලු විස්තර පැවසුවාය. බොරුවක් කියන්නෙහිදැයි කාළී මාතාවගෙන් අසා බලන්නෙමියි සිතා, අම්මේ මෑ කියන්නේ ඇත්තදැයි ඇසූ විට, එසේය දරුව, ළාබාල කාලයේ සිට ඔබ මරාදමන්ට කැමති වුවත් ඔබ මරාගන්ට නොහැකිවිය. ඔබ නිසා බොහෝ අය බොහෝ වස්තුවද ලබාගත්තේය. සත්වරක්ම ඔබ මරණයෙන් බේරුණෙහිය. දැන් වස්තුවද ඇති සැටිත් සියලු දෙයින් සියය බැගින් ලබා සිටුතනතුරට පත්වූ හැටිත් ඈ පහදා දුන්නාය. ඝෝෂක ඒ අසා මා විසින් කරන ලද්දේ බරපතල අකටයුත්තකියි සිතා, දිනපතා දහස බැගින් වියදම් කොට දුගීමගීයාචකාදීන්ට දන් පැවැත්වීය. මිත්‍ර නම් කෙළෙඹියෙක් ඒ දන්දීමෙහි සහායව ව්යාවෘතවිය.
අයං ඝොසකසෙට්ඨිනො උප්පත්ති.
මේ ඝෝෂක සිටුහුගේ උත්පත්ති කථාවයි
තස්මිං පන කාලෙ භද්දවතීනගරෙ භද්දවතියසෙට්ඨි නාම ඝොසකසෙට්ඨිනො අදිට්ඨපුබ්බසහායකො අහොසි. භද්දවතීනගරතො ආගතානං වාණිජානං සන්තිකෙ ඝොසකසෙට්ඨි භද්දවතියසෙට්ඨිනො සම්පත්තිඤ්ච වයප්පදෙසඤ්ච සුත්වා තෙන සද්ධිං සහායකභාවං ඉච්ඡන්තො පණ්ණාකාරං පෙසෙසි. භද්දවතියසෙට්ඨිපි කොසම්බිතො ආගතානං වාණිජානං සන්තිකෙ ඝොසකසෙට්ඨිනො සම්පත්තිඤ්ච වයප්පදෙසඤ්ච සුත්වා තෙන සද්ධිං සහායකභාවං ඉච්ඡන්තො පණ්ණාකාරං පෙසෙසි. එවං තෙ අඤ්ඤමඤ්ඤං අදිට්ඨපුබ්බසහායකා හුත්වා වසිංසු. අපරභාගෙ භද්දවතියසෙට්ඨිනො ගෙහෙ අහිවාතරොගො පතිතො. තස්මිං පතිතෙ පඨමං මක්ඛිකා මරන්ති, තතො අනුක්කමෙනෙව කීටා මූසිකා කුක්කුටා සූකරා ගාවො දාසී දාසා සබ්බපච්ඡා ඝරමානුසකාපි මරන්ති. තෙසු යෙ භිත්තිං භින්දිත්වා පලායන්ති, තෙ ජීවිතං ලභන්ති, තදා පන සෙට්ඨි ච භරියා ච ධීතා චස්ස තථා පලායිත්වා ඝොසකසෙට්ඨිං පස්සිතුං පත්ථෙන්තා කොසම්බිමග්ගං පටිපජ්ජිංසු. තෙ අන්තරාමග්ගෙයෙව ඛීණපාථෙය්යා වාතාතපෙන චෙව ඛුප්පිපාසාහි ච කිලන්තසරීරා කිච්ඡෙන කොසම්බිං පත්වා උදකඵාසුකට්ඨානෙ ඨත්වා න්හත්වා නගරද්වාරෙ එකං සාලං පවිසිංසු.
එකල භද්‍රවතී නගරයෙහි භද්‍රවතිය නමින් ඝෝෂක සිටුහුගේ නොදුටු යහළුවෙක් සිටියේය. ඝෝෂක භද්‍රවතී නුවරින් පැමිණි වෙළඳුන්ගෙන් භද්‍රවතිය සිටුහුගේ ධන සම්පත් හා වයස් ප්‍රමාණයද අසාගෙන ඔහු සමඟ යහළුවීමේ කැමැත්තෙන් තුටුපඬුරු යැවීය. භද්‍රවතිය සිටුවරයාත් කොසඹෑනුවරින් ආ වෙළඳුන්ගෙන් ඝෝෂකගේ ධනසම්පත් හා වයසද අසා දැනගෙන ඔහු හා යහළුවීමේ අභිප්‍රායයෙන් තුටුපඬුරු යැවීය. මෙසේ ඔවුහු ඔවුනොවුන් නොදැක ඔවුනොවුන් යහළුවන්ව විසූහ. පසු කලෙක භද්‍රවතිය සිටුහුගේ ගෙහි අභිවාතක නම් රෝගයක් හටගත්තේය. ඒ අභිවාතක රෝගය වසංගතයකි. සර්පවිෂ වාතයට මුසුවීමෙන් හැදෙන බිහිසුණු වසංගතයකි. එය හටගත් විට පළමුව ඒ ගෙදර මැස්සෝ මැරෙති. ඊළඟට අනුක්රමයෙන් පණුවෝ, මීයෝ, කුකුල්ලු, බළල්ලු, බල්ලෝ, ගව මී ආදිහුද, දැසිදස්සෝද මැරෙති. සියල්ලන්ට පසුව ගෙහිමි මිනිස්සු මැරෙති. ඔවුනතුරෙන් යමෙක් ගෙදර බිත්ති බිඳගෙන පලා ගියොත් එසේ යන අය පමණක් නොමැරී බේරෙති. එහිදී සිටුවරයාත් බිරිඳත් දුවත් එසේ බිත්ති පලාගෙන ගොස් ඝෝෂක සිටු මිතුරා ගැන බලාපොරොත්තුවෙන් කොසඹෑවට යන මාර්ගයට පැමිණියාහුය. අතර මඟදී ආහාර අවසන්වීමත්, අව්වැසි සුළං ආදියෙනුත්, සාපිපාසාවෙනුත්, ක්ලාන්ත භාවයට පත් ඔවුහු කොසඹෑවට ගොස් ජලය ඇති තැනකදී නහා නුවර දොරටුව වූ එක් ශාලාවකට පැමිණියාහ.
තතො සෙට්ඨි භරියං ආහ – “භද්දෙ, ඉමිනා නීහාරෙන ගච්ඡන්තා විජාතමාතුයාපි අමනාපා හොන්ති, සහායකො කිර මෙ අද්ධිකකපණාදීනං දෙවසිකං සහස්සං විස්සජ්ජෙත්වා දානං දාපෙසි. තත්ථ ධීතරං පෙසෙත්වා ආහාරං ආහරාපෙත්වා එකාහං ද්වීහං ඉධෙව සරීරං සන්තප්පෙත්වා සහායකං පස්සිස්සාමා”ති. සා “සාධු, සාමී”ති. තෙ සාලායමෙව වසිංසු. පුනදිවසෙ කාලෙ ආරොචිතෙ කපණද්ධිකාදීසු ආහාරත්ථාය ගච්ඡන්තෙසු මාතාපිතරො, “අම්ම, ගන්ත්වා අම්හාකං ආහාරං ආහරා”ති ධීතරං පෙසයිංසු. මහාභොගකුලස්ස ධීතා විපත්තියා අච්ඡින්නලජ්ජිතාය අලජ්ජමානා පාතිං ගහෙත්වා කපණජනෙන සද්ධිං ආහාරත්ථාය ගන්ත්වා “කති පටිවීසෙ ගණ්හිස්සසි, අම්මා”ති පුට්ඨා ච පන “තයො”ති ආහ. අථස්සා තයො පටිවීසෙ අදාසි. තාය භත්තෙ ආහටෙ තයොපි එකතො භුඤ්ජිතුං නිසීදිංසු.
ඉන්පසු සිටුවරයා බිරිඳ අමතා, මෙසේ නිරාහාරව යන කල වැදු මව වුවද අමනාප අප්‍රිය වෙයි. මගේ යාළුවා අඳ ගොළු බිහිරි යාචකාදීන්ට දිනපතා දහසක් වියදම් කොට දන්දෙයි. එතැනට දුව යවා ආහාර ගෙන්වා ගෙන තවත් දෙතුන් දිනක් ආහාර ගැනීමෙන් ශරීර සන්තර්පණය කොටගෙන යහළුවා බලන්න යමුනේදැයි ඇසුවේය. ස්වාමීනි එසේයයි කියා ඒ ශාලාවෙහිම විසුවාහුය. දෙවෙනි දින වේලාව දැන්වුපසු දුගීමගීයාචකයින් ආහාර පිණිස යනවිට, දුව ඔබත් එහි ගොස් ආහාර ගෙනඑවයි පිටත්කර හැරියාහ. මහසම්පත් ඇති සිටුකුලයක උපන් දුවණියක වූ සිටු දුව විපතට පැමිණ ලජ්ජාව සිඳීගොස් තිබුණත්, ලජ්ජාවෙන්ම භාජනයක් රැගෙන දුගීමගීයාචකාදීන් සමඟම ගියාය. ආහාර කීදෙනෙකුන් සඳහාදැයි ඇසු විට තිදෙනෙකුටයයි කීවාය. තිදෙනෙකුන්ට ප්‍රමාණවත් ආහාර ලැබිණි. ආහාර ගෙන ආ පසු තිදෙනාම එකතුව ආහාර ගැනීමට හිඳගත්හ.
අථ මාතාධීතරො සෙට්ඨිං ආහංසු – “සාමි, විපත්ති නාම මහාකුලානම්පි උප්පජ්ජති, මා අම්හෙ ඔලොකෙත්වා භුඤ්ජ, මා චින්තයී”ති. ඉති නං නානප්පකාරෙහි යාචිත්වා භොජෙසුං. සො භුඤ්ජිත්වා ආහාරං ජීරාපෙතුං අසක්කොන්තො අරුණෙ උග්ගච්ඡන්තෙ කාලමකාසි. මාතාධීතරො නානප්පකාරෙහි පරිදෙවිත්වා රොදිංසු. කුමාරිකා පුනදිවසෙ රොදමානා ආහාරත්ථාය ගන්ත්වා, “කති පටිවීසෙ ගණ්හිස්සසී”ති වුත්තා, “ද්වෙ”ති වත්වා ආහාරං ආහරිත්වා මාතරං යාචිත්වා භොජෙසි. සාපි තාය යාචියමානා භුඤ්ජිත්වා ආහාරං ජීරාපෙතුං අසක්කොන්තී තං දිවසමෙව කාලමකාසි. කුමාරිකා එකිකාව රොදිත්වා පරිදෙවිත්වා තාය දුක්ඛුප්පත්තියා අතිවිය සඤ්ජාතඡාතකදුක්ඛා පුනදිවසෙ යාචකෙහි සද්ධිං රොදන්තී ආහාරත්ථාය ගන්ත්වා, “කති පටිවීසෙ ගණ්හිස්සසි, අම්මා”ති වුත්තා “එක”න්ති ආහ. මිත්තකුටුම්බිකො තං තයො දිවසෙ භත්තං ගණ්හන්තිං සඤ්ජානාති, තෙන තං “අපෙහි නස්ස, වසලි, අජ්ජ තව කුච්ඡිප්පමාණං අඤ්ඤාසී”ති ආහ. හිරොත්තප්පසම්පන්නා කුලධීතා පච්චොරස්මිං සත්තිපහාරං විය වණෙ ඛාරොදකසෙචනකං විය ච පත්වා “කිං, සාමී”ති ආහ. “තයා පුරෙ තයො කොට්ඨාසා ගහිතා, හිය්යො ද්වෙ, අජ්ජ එකං ගණ්හාසි. අජ්ජ තෙ අත්තනො කුච්ඡිප්පමාණං ඤාත”න්ති. “මා මං, සාමි, ‘අත්තනොව අත්ථාය ගණ්හී’ති මඤ්ඤිත්ථා”ති. “අථ කස්මා එවං ගණ්හී”ති? “පුරෙ තයො ජනා අහුම්හ, සාමි, හිය්යො ද්වෙ, අජ්ජ එකිකාව ජාතාම්හී”ති. සො “කෙන කාරණෙනා”ති පුච්ඡිත්වා ආදිතො පට්ඨාය තාය කථිතං සබ්බං පවත්තිං සුත්වා අස්සූනි සන්ධාරෙතුං අසක්කොන්තො සඤ්ජාතබලවදොමනස්සො හුත්වා, “අම්ම, එවං සන්තෙ මා චින්තයි, ත්වං භද්දවතියසෙට්ඨිනො ධීතා අජ්ජකාලතො පට්ඨාය මම ධීතායෙව නාමා”ති වත්වා සීසෙ චුම්බිත්වා ඝරං නෙත්වා අත්තනො ජෙට්ඨධීතුට්ඨානෙ ඨපෙසි.
අනතුරුව දුව හා මව සිටුවරයා අමතා මෙසේ කීහ. ස්වාමීනි, විපත්ති නම් මහා කුලවතුන්ටත් එළඹේමය. අප ගැන නොබලා ඔබ ඇති තරම් ආහාර ගන්න. අපගැන නොබලන්න. මෙසේ ඔවුහු නන්අයුරින් පෙරැත්ත කොට කැව්වාහුය. හෙතෙම ආහාර අධිකව ගෙන දිරවාගතනොහී පසුදා හිරු නැගෙන වේලෙහි කළුරිය කෙළේය. මවුදුවණියෝ දුක් දොම්නසින් හඬාවැළපුණාහ. කුමරිය පසු දින අඬ අඬාගොස් ආහාර කීදෙනෙකුටදැයි ඇසූ විට දෙදෙනෙකුටයයි කියා ආහාර රැගෙනවුත්, මට වැළඳුවූවාය. ඈද දුවගේ ඇවිටිලි නිසා වැඩිපුර ආහාර ගෙන දිරවාගතනොහී එදිනම කළුරිය කළාය. කුමරිය හුදෙකලාවී හඬාවැළප ඒ කරුණ නිසා අතිශය දුකින් තුන්වෙනි දිනයේ යාචකයන් සමඟ ආහාර පිණිස හඬමින්ම ගියාය. දරුව කීදෙනෙකුටදැයි ඇසු විට එක්කෙනෙකුටයයි කීවාය. දන් බෙදන කෙළෙඹියා තෙදිනක් බත් හැරගෙනගිය ඈ හඳුනාගෙන පහව යව. වසළිය, තමන්ගේ කුසේ පමණ දැනගත්තේ අදදැයි ඈ හෙළා තළා කථා කෙළේය. විලිබිය දෙකෙන්යුත් මේ ළාබාල කුලකුමරියට ඒ රුදුරු වචන මර්මස්ථානයකට වැදුණු ආයුධ පහරක් මෙන්ද, තුවාලයකට දැමු ක්ෂාරොදකයක් (ලුණු ඇඹුල්වතුරක්) මෙන්ද වූ නමුත්, ස්වාමීනි, එසේ කියන්නේ ඇයිදැයි විමසුවාය. තී පළමුව ආහාර කොටස් තුනක් ගත්තාය. ඊයේ කොටස් දෙකකි. අද එකකි. තීගේ කුසයේ ප්‍රමාණය දැනගත්තේ අදදැයි ඔහු ඇසීය.ස්වාමීනි, මා මේ ආහාර ගෙන යන්නේ මට පමණක් බව ඔබ තේරුම් නොගත්තෙහිය. එසේ නම් මුලින් එපමණක් ගෙනගියේ ඇයිද? මුලින්ම අපි තුන්දෙනෙක් වූම්හ. ඊයේ දෙදෙනෙකි. අද මා පමණකි ස්වාමීනියි කීවාය. හෙතෙම එසේ වීමට හේතු කවරේදැයි විචාරා, ඈ මුලපටන් විස්තර සියල්ල කීපසු, ඇසින් වෑහෙන කඳුළු නවතා ගනු නොහැකිව බලවත් ශෝක උපදවා, දරුව, එසේනම් දුක් නොවන්න. ඔබ භද්‍රවතිය සිටුහුගේ දුවණියයි. අද පටන් මගේම දුවණියයයි හිස සිඹ ගෙදර ගෙනගොස් තමන්ගේ ජ්යෙෂ්ඨදුහිතෘ ස්ථානයෙහි තබාගත්තේය.
සා දානග්ගෙ උච්චාසද්දං මහාසද්දං සුත්වා, “තාත, කස්මා එතං ජනං නිස්සද්දං කත්වා දානං න දෙථා”ති ආහ. “න සක්කා කාතුං, අම්මා”ති. “සක්කා, තාතා”ති. “කථං සක්කා, අම්මා”ති? “තාත දානග්ගං පරික්ඛිපිත්වා එකෙකස්සෙව පවෙසනප්පමාණෙන ද්වෙ ද්වාරානි යොජෙත්වා, ‘එකෙන ද්වාරෙන පවිසිත්වා එකෙන නික්ඛමථා’ති වදෙථ, එවං නිස්සද්දා හුත්වාව ගණ්හිස්සන්තී”ති. සො තං සුත්වා, “භද්දකොව, අම්ම, උපායො”ති තථා කාරෙසි.
ඕතොමෝ දානශාලාවෙහි උඩින් ඇසෙන මහා ඝෝෂාව අසා පියාණනි, මේ මිනිස්සු නිහඬ කරවා දන්දිය නොහැකිදැයි ඇසුවාය. දුව එය කළ නොහැකියි. ඔහු පිළිතුරු දුනි. පියාණනි, එය කළ හැකියි. දුව ඒ කෙසේද? පියාණනි, දන්සල වටකොට එක්කෙනෙකුට පමණක් ඇතුල්විය හැකි සේ දොරවල් දෙකක් යොදා එක් දෙයකින් ඇතුල් වී අනිත් දොරින් පිටවෙන්නැයි කියන්න. එවිට නිහඬව අවුත් දානය ගනු ඇතැයි කීවාය. දුව ඒ උපාය යහපතැයි එසේ කෙළේය.
සාපි පුබ්බෙ සාමා නාම. වතියා පන කාරිතත්තා සාමාවතී නාම ජාතා. තතො පට්ඨාය දානග්ගෙ කොලාහලං පච්ඡින්දී. ඝොසකසෙට්ඨි පුබ්බෙ තං සද්දං සුණන්තො “මය්හං දානග්ගෙ සද්දො”ති තුස්සති. ද්වීහතීහං පන සද්දං අසුණන්තො මිත්තකුටුම්බිකං අත්තනො උපට්ඨානං ආගතං පුච්ඡි – “දිය්යති කපණද්ධිකාදීනං දාන”න්ති? “ආම, සාමී”ති. “අථ කිං ද්වීහතීහං සද්දො න සුය්යතී”ති? “යථා නිස්සද්දා හුත්වා ගණ්හන්ති, තථා මෙ උපායො කතො”ති. “අථ පුබ්බෙව කස්මා නාකාසී”ති? “අජානනතාය, සාමී”ති. “ඉදානි කථං තෙ ඤාතො”ති? “ධීතරා මෙ අක්ඛාතො, සාමී”ති. මය්හං අවිදිතා “තව ධීතා නාම අත්ථී”ති. සො අහිවාතරොගුප්පත්තිතො පට්ඨාය සබ්බං භද්දවතියසෙට්ඨිනො පවත්තිං ආචික්ඛිත්වා තස්සා අත්තනො ජෙට්ඨධීතුට්ඨානෙ ඨපිතභාවං ආරොචෙසි.
ඈ ඊට පෙර සාමා නම් වූවාය. අරගළ නැති වන සේ වැටක් කොට උපාය යෙදු හෙයින් එවක්පටන් සාමාවතී නම ලැබුවාය. එතැන්පටන් දන්සල කෝලහල නැතිවිය. ඝෝෂක සිටු පෙර ඒ කෝලාහල හඬ අසා ඒ මගේ දන්සැලේ හඬයයි සතුටුවිය. දෙතුන් දිනක පටන් ශබ්දයක් නොඇසුණු හෙයින් මිත්ත කෙළෙඹියා තමන්ට උවටැන් පිණිස ආ විට දුගීමගීයාචකාදීන්ට දන් දෙන්නෙහිදැයි ඇසීය. ස්වාමීනි, එසේයයි හේ කීය. දෙතුන් දිනක පටන් ශබ්දයක්වත් නොඇසෙන්නේ ඇයිද? නිහඬව දන් ලබාගත හැකි උපායක් යෙදුවෙමි. ඉතින් මින්පෙර එසේ නොකෙළේ ඇයි? ස්වාමීනි, නොදන්නා නිසාය. දැන් එය දැනගන්නේ කෙසේද? ස්වාමීනි, ඒ උපාය මගේ දුවණිය කියා දුන්නාහයි අභිවාතක රෝගයේ පටන් භද්‍රවතිය සිටුහුගේ ප්‍රවෘත්තිය කියා ඈ තම දෙටුදුවණි තැන තබාගත්බවද කීවේය.
අථ නං සෙට්ඨි “එවං සන්තෙ මම කස්මා න කථෙසි, මම සහායකස්ස ධීතා මම ධීතා නාමා”ති තං පක්කොසාපෙත්වා පුච්ඡි – “අම්ම, සෙට්ඨිනො ධීතාසී”ති? “ආම, තාතා”ති. “තෙන හි මා චින්තයි, ත්වං මම ධීතාසී”ති තං සීසෙ චුම්බිත්වා පරිවාරත්ථාය තස්සා පඤ්ච ඉත්ථිසතානි දත්වා තං අත්තනො ජෙට්ඨධීතුට්ඨානෙ ඨපෙසි.
ඉන්පසු සිටුවරයා ඔහු අමතා, කරුණු මෙසේ තිබියදී ඔබ මට ඒ බව නොකීවේ ඇයි? මේ මගේ යහළුවාගේ දුව මගේත් දුවමයි, කියා ඈ කැඳවා, දුව ඔබ භද්‍රවතිය සිටුතුමාගේ දුවදැයි ඇසීය. පියාණනි. එසේය. එසේනම් දුක් නොවන්න. ඔබ මගේම දුවයයි හිස සිඹ පිරිවර වශයෙන් පන්සීයක් ස්ත්‍රීන්ද දෙවා ඈ තම ජ්‍යෙෂ්ඨ දුහිතෘස්ථානයෙහි තබා ගත්තේය.
අථෙකදිවසං තස්මිං නගරෙ නක්ඛත්තං සඞ්ඝුට්ඨං හොති. තස්මිං පන නක්ඛත්තෙ බහි අනික්ඛමනකා කුලධීතරොපි අත්තනො පරිවාරෙන සද්ධිං පදසාව නදිං ගන්ත්වා න්හායන්ති. තස්මා තං දිවසං සාමාවතීපි පඤ්චහි ඉත්ථිසතෙහි පරිවාරිතා රාජඞ්ගණෙනෙව න්හායිතුං අගමාසි. උතෙනො සීහපඤ්ජරෙ ඨිතො තං දිස්වා “කස්සිමා නාටකිත්ථියො”ති පුච්ඡි. “න කස්සචි නාටකිත්ථියො, දෙවා”ති. “අථ කස්ස ධීතරො”ති? “ඝොසකසෙට්ඨිනො ධීතා දෙව, සාමාවතී නාමෙසා”ති.
පසු දිනක නැකත්කෙළි නම් සැණකෙළියක් විය. ඒ නැකැත්කෙළි දිනයෙහි කිසි විටක ප්‍රාසාදයන්ගෙන් පිටතට නොඑන කුලදුවරුන් පවා සිය පිරිවර සමඟ පයින්ම නදියට ගොස් නාති. එහෙයින් එදින සාමාවතීද පිරිවර ස්ත්‍රීන් පන්සීය සමඟ රාජාංගනය මැදින්ම නාන්ට ගියාය. උදේන රජු සීමැදුරු කවුළුව ළඟ සිට ඈ දැක මෑ කවුරුන්ගේ නාටක ස්ත්‍රියක්දැයි විචාරා, දේවයන්වහන්ස මොවුහු කාගේවත් නාටකස්ත්‍රීන් නොවෙතියි අසා එසේනම් කාගේ දුවරුන්දැයි විමසීය. දේවයිනි, සාමාවතී නමැති මැය ඝෝෂක සිටුවරයාගේ දුවණියයයි කීවාහුය.
සො දිස්වාව උප්පන්නසිනෙහො සෙට්ඨිනො සාසනං පාහෙසි – “ධීතරං කිර මෙ පෙසෙතූ”ති. “න පෙසෙමි, දෙවා”ති. “මා කිර එවං කරොතු, පෙසෙතුයෙවා”ති. “මයං ගහපතිකා නාම කුමාරිකානං පොථෙත්වා විහෙඨෙත්වා කඩ්ඪනභයෙන න දෙම, දෙවා”ති. රාජා කුජ්ඣිත්වා ගෙහං ලඤ්ඡාපෙත්වා සෙට්ඨිඤ්ච භරියඤ්ච හත්ථෙ ගහෙත්වා බහි කාරාපෙසි. සාමාවතී, න්හායිත්වා ආගන්ත්වා ගෙහං පවිසිතුං ඔකාසං අලභන්තී, “කිං එතං, තාතා”ති පුච්ඡි. “අම්ම, රාජා තව කාරණා පහිණි. අථ ‘න මයං දස්සාමා’ති වුත්තෙ ඝරං ලඤ්ඡාපෙත්වා අම්හෙ බහි කාරාපෙසී”ති. “තාත, භාරියං වො කම්මං කතං, රඤ්ඤා නාම පහිතෙ ‘න, දෙමා’ති අවත්වා ‘සචෙ මෙ ධීතරං සපරිවාරං ගණ්හථ, දෙමා’ති වත්තබ්බං භවෙය්ය, තාතා”ති. “සාධු, අම්ම, තව රුචියා සති එවං කරිස්සාමී”ති රඤ්ඤො තථා සාසනං පාහෙසි. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා තං සපරිවාරං ආනෙත්වා අභිසිඤ්චිත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. සෙසා තස්සායෙව පරිවාරිත්ථියො අහෙසුං.
හෙතෙම ඈ දුටුමනතින්ම ස්නේහ උපදවා නොපගේ දුව මා වෙත එවවයි ඝෝෂකට ලිපියක් යැවීය. දේවයිනි, දුව නොඑවන්නෙමි, එසේ නොකරව, එවිය යුතුමයයි දැන්වූ පසු, ගොවියන් ගෘහපතියන්වූ අපි අපේ ගෑණු දරුවන්ට හෙළාතළා අවමානයෙන් කියවෙන නින්දිත කථා ඇසීමට නොකැමති නිසා දරුවන් දීමට නොහැකි බව කියා යැවීය. රජු කිපී සිටු ගෙදර හස්ඔබා (සීල්තබා) සිටාණන් හා ඇඹණීන් අතින් ඇඳ ගෙයින් බැහැර කරවීය. සාමාවතී නහා පැමිණ ගෙට ඇතුල්වනු නොහැකිව, පියාණනි, මේ කිමෙක්දැයි ඇසුවාය. දුව, රජතුමා ඔබ එහි එවන ලෙස ලිපියක් එවීය. අපි ඔබ නොඑවන බව කියා යැවීමු. ඉන්පසු ගෙට හස්තබා අප බැහැරට ඇඳ දමන ලද්දෙමුයි කීය. පියාණනි, ඔබ කර ඇත්තේ බරපතළ ක්‍රියාවකි. රජු මා එවන්නැයි කීවෙහි නම් කියයුතුව තිබුණේ ඉදින් පිරිවර සහිතව භාරගන්නේ නම් එවියහැකි බවයි. දුව ඔබේ රුචිය එය නම් එසේ කරන්නෙමියි ඒ අයුරින් ලිපියක් ලියා රජුන් වෙත යැවීය. රජු මැනවැයි සපිරිවරින් ඈ ගෙන්වගෙන අභිෂේකකොට අග්රමහේෂිකා තනතුරෙහි තබාගත්තේය. සෙසු පිරිවර ස්ත්‍රීහුද එහිම නැවතුණහ.
අයං සාමාවතියා උප්පත්ති.
මේ සාමාවතීගේ උත්පත්ති කථාවයි.
උතෙනස්ස පන අපරාපි වාසුලදත්තා නාම දෙවී අහොසි චණ්ඩපජ්ජොතස්ස ධීතා. උජ්ජෙනියඤ්හි චණ්ඩපජ්ජොතො නාම රාජා අහොසි. සො එකදිවසං උය්යානතො ආගච්ඡන්තො අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා, “අත්ථි නු ඛො අඤ්ඤස්සපි කස්සචි එවරූපා සම්පත්තී”ති වත්වා තං සුත්වා මනුස්සෙහි “කිං සම්පත්ති නාමෙසා, කොසම්බියං උතෙනස්ස රඤ්ඤො අතිමහතී සම්පතී”ති වුත්තෙ රාජා ආහ – “තෙන හි ගණ්හිස්සාම න”න්ති? “න සක්කා සො ගහෙතු”න්ති. “කිඤ්චි කත්වා ගණ්හිස්සාමයෙවා”ති? “න සක්කා දෙවා”ති. “කිං කාරණා”ති? “සො හත්ථිකන්තං නාම සිප්පං ජානාති, මන්තං පරිවත්තෙත්වා හත්ථිකන්තවීණං වාදෙන්තො නාගෙ පලාපෙතිපි ගණ්හාතිපි. හත්ථිවාහනසම්පන්නො තෙන සදිසො නාම නත්ථී”ති. “න සක්කා මයා සො ගහෙතු”න්ති. “සචෙ තෙ, දෙව, එකන්තෙන අයං නිච්ඡයො, තෙන හි දාරුහත්ථිං කාරෙත්වා තස්සාසන්නට්ඨානං පෙසෙහි. සො හත්ථිවාහනං වා අස්සවාහනං වා සුත්වා දූරම්පි ගච්ඡති. තත්ථ නං ආගතං ගහෙතුං සක්කා භවිස්සතී”ති.
උදේනී රජුට වාසුලදත්තා නමින් තවත් මෙහෙසියක් වූවාය. ඕචණ්ඩපජ්ජෝතගේ දුවණියකි. උදේනියෙහි චණ්ඩපජ්ජෝත නම් රජෙක්විය. හෙතෙම දිනක් උයනෙහි සිට එන ගමන් තමන්ගේ ධන සම්පත් ගැන සිතා මට මෙන් මෙවන් සම්පත් වෙනත් කිසිවෙකුට හෝ ඇද්දැයි විචාරා, මිනිසුන් අතර මේ සම්පත කුමක්ද, උදේනි රජුන්ගේ සමීපත් මීට වඩා ඉතා මහත්යයි කීවිට රජු මෙසේ කීවේය. එය එසේ නම් ඔහු පරදා ඒ සම්පත් අත්පත් කර ගනිමු. ස්වාමීනි, එය කළ නොහැකියි. කවර කරුණක් නිසාද? හෙතෙම හස්තිකාන්ත්ර වීණාව වයා ඇතුන් පලවාද හරියි. ගෙන්වා ගැනීමද කරයි.ඇත්වාහනවලින් පිරිපුන් ඔහු හා සමවන්නෙක් නැතැයි දැන්වූහ. එසේ නම් මට ඔහු පැරදවිය නොහැකිද? දේවයිනි, ඒකාන්තයෙන්ම මෙන්න මේ ක්‍රමවලින් නම් නිශ්චය වශයෙන්ම ඔහු පැරදවිය හැකිය. ඒ කෙසේද යත්? ඔබ පළමුකොට ලීයෙන් ඇතෙක් තනවා, ඒ රජුට කිට්ටුම තැනකට යවන්න. ඔහු ඇත්වාහනයක් හෝ අශ්වවාහනයක් හෝ ඇතැයි දැනගත් හැටියේම කෙතරම් දුර වුවත් එහි යන්නේය. එසේ ඔහු ආ කල අල්වාගත හැකිය.
රාජා “අත්ථෙසො උපායො”ති දාරුමයං යන්තහත්ථිං කාරාපෙත්වා බහි පිලොතිකාහි වෙඨෙත්වා කතචිත්තකම්මං කත්වා තස්ස විජිතෙ ආසන්නට්ඨානෙ එකස්මිං සරතීරෙ විස්සජ්ජාපෙසි. හත්ථිනො අන්තොකුච්ඡියං සට්ඨි පුරිසා අපරාපරං චඞ්කමන්ති, හත්ථිලණ්ඩං ආහරිත්වා තත්ථ තත්ථ ඡඩ්ඩෙසුං. එකො වනචරකො හත්ථිං දිස්වා, “අම්හාකං රඤ්ඤො අනුච්ඡවිකො”ති චින්තෙත්වා, ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි – “දෙව, මයා සබ්බසෙතො කෙලාසකූටපටිභාගො තුම්හාකඤ්ඤෙව අනුච්ඡවිකො වරවාරණො දිට්ඨො”ති. උතෙනො තමෙව මග්ගදෙසකං කත්වා හත්ථිං අභිරුය්හ සපරිවාරො නික්ඛමි. තස්ස ආගමනං ඤත්වා චරපුරිසා ගන්ත්වා චණ්ඩපජ්ජොතස්ස ආරොචෙසුං. සො ආගන්ත්වා මජ්ඣෙ තුච්ඡං කත්වා උභොසු පස්සෙසු බලකායං පයොජෙසි. උතෙනො තස්සාගමනං අජානන්තො හත්ථිං අනුබන්ධි. අන්තො ඨිතමනුස්සා වෙගෙන පලාපෙසුං. කට්ඨහත්ථී රඤ්ඤො මන්තං පරිවත්තෙත්වා වීණං වාදෙන්තස්ස තන්තිසද්දං අසුණන්තො විය පලායතියෙව. රාජා හත්ථිනාගං පාපුණිතුං අසක්කොන්තො අස්සං ආරුය්හ අනුබන්ධි. තස්මිං වෙගෙන අනුබන්ධන්තෙ බලකායො ඔහීයි. රාජා එකකොව අහොසි. අථ නං උභොසු පස්සෙසු පයුත්තා චණ්ඩපජ්ජොතස්ස පුරිසා ගණ්හිත්වා අත්තනො රඤ්ඤො අදංසු. අථස්ස බලකායො අමිත්තවසං ගතභාවං ඤත්වා බහිනගරෙව ඛන්ධාවාරං නිවෙසෙත්වා අච්ඡි.
රජු ඒ අසා මේ නම් හොඳ උපායකියි දාරුමය යාන්ත්‍රිකව ක්‍රියා කරන ඇතකු නිර්මාණය කරවා පිටත රෙදි ආදියෙන් වසා චිත්‍රකර්ම කොට ඒ උදේනී රජුගේ විජිතයෙහි ළඟ තැනක එක් විල්තෙරක තැබ්බවීය. ඇතාගේ කුස තුළ සැටක් පමණ මිනිස්සු එහාමෙහා සක්මන් කරති. ඇත්බෙටිද ගෙන්වා ඒ ඒ තැන දැමුවාහුය.එක් වනචාරී මිනිසෙක් ඇතා දැක මු අපේ රජුන්ට සුදුසු යයි සිතා ගොස් දේවයන්වහන්ස, මුළුමනින්ම සුදු කෛලාස පර්වතය මෙන් විශාල, ඔබ වහන්සේටම ගැළපෙන එක් ඇතකු මවිසින් දක්නාලදැයි දන්වා සිටියේය. උදේනි රජු ඒ පුරුෂයාට මඟ පෙන්වන්නා හැටියට යොදාගෙන තම ඇතුපිට නැඟී සපිරිවරින් එහි නික්මුණේය. ඔහුගේ පැමිණීම දැනගත් චරපුරුෂයෝ වහා ගොස් ඒ බව චණ්ඩපජ්ජෝතට කීහ. හෙතෙම පැමිණ පාර මැද හිස්කොට දෙපස බළකාය පෙළ ගැස්වීය. උදේනී ඔහුගේ පැමිණීම නොදැන දැව ඇතා ලුහුබැඳ ගියේය. ඇතා තුළ සිටි මිනිස්සු යන්ත්‍ර ක්‍රියා කරවා ඇතා පලවා වේගයෙන් යන්නාහුය. රජු මන්ත්‍ර ජපකර වීණාව වාදනය කළත්, තත්හඬනොඇසුණාක් මෙන් පලාගියේය. රජු ඇතුවෙත ළංවනු නොහැකිව අසකු පිටට පැන ලුහුබැන්ඳේය. ඔහු වේගයෙන් ලුහුබැඳ යනවිට බළකාය රජු වටකරගත්හ. රජු තනිවිය. ඉන්පසු මඟ දෙපස සිටි චණ්ඩපජ්ජෝතගේ පිරිස රජු අල්වා තම රජුන්ට භාර දුන්හ. ඉන්පසු ඔහුගේ බළකාය රජු හතුරා අතට පත්වූ බව දැන පිටත කඳවුරු බැඳ සිටියෝය.
චණ්ඩපජ්ජොතොපි උතෙනං ජීවග්ගාහමෙව ගාහාපෙත්වා එකස්මිං චොරගෙහෙ පක්ඛිපිත්වා ද්වාරං පිදහාපෙත්වා තයො දිවසෙ ජයපානං පිවි. උතෙනො තතියදිවසෙ ආරක්ඛකෙ පුච්ඡි – “කහං වො, තාත, රාජා”ති? “‘පච්චාමිත්තො මෙ ගහිතො’ති ජයපානං පිවතී”ති. “කා නාමෙසා මාතුගාමස්ස විය තුම්හාකං රඤ්ඤො කිරියා, නනු පටිරාජූනං ගහෙත්වා විස්සජ්ජෙතුං වා මාරෙතුං වා වට්ටති, අම්හෙ දුක්ඛං නිසීදාපෙත්වා ජයපානං කිර පිවතී”ති. තෙ ගන්ත්වා තමත්ථං රඤ්ඤො ආරොචෙසුං. සො ආගන්ත්වා “සච්චං කිර ත්වං එවං වදසී”ති පුච්ඡි. “ආම, මහාරාජා”ති. “සාධු තං විස්සජ්ජෙස්සාමි, එවරූපො කිර තෙ මන්තො අත්ථි, තං මය්හං දස්සසී”ති. “සාධු දස්සාමි, ගහණසමයෙ මං වන්දිත්වා තං ගණ්හාහි. කිං පන ත්වං වන්දිස්සසී”ති? “ක්යාහං තං වන්දිස්සාමි, න වන්දිස්සාමී”ති? “අහම්පි තෙ න දස්සාමී”ති. “එවං සන්තෙ රාජාණං තෙ කරිස්සාමී”ති. “කරොහි, සරීරස්ස මෙ ඉස්සරො, න පන චිත්තස්සා”ති.
චණ්ඩපජ්ජෝතද උදේනී රජු ජීවග්රාහයෙන්ම (පණපිටින්) ගෙන එක් සොරගෙයක දමා දොරවල් වසා තෙදිනක් ජයපැන් බීවේය. උදේනී රජු තෙවෙනි දින ආරක්ෂකයන්ගෙන් මෙසේ ඇසීය. දරුවනි, තොපගේ රජු කොහේද? ඔහු මගේ හතුරා අල්වාගනිමියි ජයපැන් බොයි. උදේනී ඒ අසා තොපගේ රජු ගැහැණියක මෙන් මේ කරන ක්‍රියාව කුමක්ද? සතුරු රජකු අල්වාගත් විට මුදාහැරීම හෝ මරාදැමීම කළයුතු නොවේද? අප දුකින් තබා ජයපැන් බීම සුදුසුද? ආරක්ෂකයෝ ගොස් චණ්ඩපජ්ජෝතට මේ බව දන්වා සිටියහ. රජු එහි අවුත් ඔබ මෙසේ කියන්නේ සත්‍යදැයි ඇසීය. එසේය මහරජ, මම එසේ කීවෙමි. හොඳයි, මම තොප මුදා හරින්නෙමි. තොප ළඟ මෙබඳු මන්ත්‍රයක් තිබේලු. එය මට දෙන්නෙහිදැයි ඇසීය. යහපත දෙන්නෙමි. එහෙත් ඔබ එය ලබාගත යුතු ක්‍රමයට ගතයුතුය. ඔබ ඒ සඳහා මට වඳින්නෙහි ද? මම නොවඳින්නෙමි. මමත් එය නොදෙන්නෙමි. එසේනම් තොපට රාජදඬුවම් පමුණුවන්නෙමි. එසේ කරව. එහෙත් එය මගේ සිරුරට පමණි. සිතට දඬුවමක් නොවේයයි කීය.
රාජා තස්ස සූරගජ්ජිතං සුත්වා, “කථං නු ඛො ඉමං මන්තං ගණ්හිස්සාමී”ති චින්තෙත්වා, “ඉමං මන්තං අඤ්ඤං ජානාපෙතුං න සක්කා, මම ධීතරං එතස්ස සන්තිකෙ උග්ගණ්හාපෙත්වා අහං තස්සා සන්තිකෙ ගණ්හිස්සාමී”ති. අථ නං ආහ – “අඤ්ඤස්ස වන්දිත්වා ගණ්හන්තස්ස දස්සසී”ති. “ආම, මහාරාජා”ති. “තෙන හි අම්හාකං ඝරෙ එකා ඛුජ්ජා අත්ථි තස්සා අන්තොසාණියං වන්දිත්වා නිසින්නාය ත්වං බහිසාණියං ඨිතොව මන්තං වාචෙහී”ති. “සාධු, මහාරාජ, ඛුජ්ජා වා හොතු පීඨසප්පි වා, වන්දන්තියා දස්සාමී”ති. තතො රාජා ගන්ත්වා ධීතරං වාසුලදත්තං ආහ – “අම්ම, එකො සඞ්ඛකුට්ඨී අනග්ඝමන්තං ජානාති, තං අඤ්ඤං ජානාපෙතුං න සක්කා. ත්වං අන්තොසාණියං නිසීදිත්වා තං වන්දිත්වා මන්තං ගණ්හ, සො බහිසාණියං ඨත්වා තුය්හං වාචෙස්සති. තව සන්තිකා අහං තං ගණ්හිස්සාමී”ති.
චණ්ඩපජ්ජෝත උදේනීගේ නිර්භීත ගර්ජනාව අසා කෙසේ නම් මොහුගෙන් මන්ත්‍රය ගන්නෙම්දැයි සිතා, මේ මන්ත්‍රය ගැන වෙනත් කෙනෙකුට දැන්වීම නොමැනවි. මගේ දුව මොහු ළඟ තබා උගන්වා මම ඇගෙන් මෙය ඉගෙන ගන්නෙමියි සිතා, ඔබට වඳින වෙනත් කෙනෙකුටත් උගන්වන්නෙහිදැයි ඇසීය. එසේය මහරජ උගන්වන්නෙමි. එසේ නම් අපේ ගෙදර එක් කුදියක් සිටී. ඈ රෙදිකඩතුරාවකින් එහා සිටින විට ඔබත් තව කඩතුරාවකට මුවහවී මන්ත්‍රය උගන්වවයි කීවේය. එසේය මහරජ කුදියක් හෝ කූරෙක් හෝ වේවා, වඳින්නෙකුට දෙන්නෙමියි කීය. ඉන්පසු චණ්ඩපජ්ජෝත ගොස් වාසුලදත්තා දුවණිය අමතා මෙසේ කීවේය. එක් සුදු පුල්ලි ඇති කුෂ්ඨ මිනිසෙක් ඉතා වටිනා මන්ත්‍රයක් දනී. එය වෙනත් කෙනෙකුන්ට දැන්විය නොහැකිය. ඔබ කඩතුරාවකට මැදින් හිඳ මන්ත්‍රය ඉගෙන ගන්න. හෙතෙම පිටත කඩතුරාවක් මැද සිට කියවනවා ඇත. ඉන්පසු මම එය ඔබෙන් ඉගෙන ගන්නෙමි.
එවං සො තෙසං අඤ්ඤමඤ්ඤං සන්ථවකරණභයෙන ධීතරං ඛුජ්ජං, ඉතරං සඞ්ඛකුට්ඨිං කත්වා කථෙසි. සො තස්සා අන්තොසාණියං වන්දිත්වා නිසින්නාය බහි ඨිතො මන්තං වාචෙසි. අථ නං එකදිවසං පුනප්පුනං වුච්චමානම්පි මන්තපදං වත්තුං අසක්කොන්තිං “අරෙ ඛුජ්ජෙ අතිබහලොට්ඨකපොලං තෙ මුඛං, එවං නාම වදෙහී”ති ආහ. “සා කුජ්ඣිත්වා අරෙ දුට්ඨසඞ්ඛකුට්ඨි කිං වදෙසි, කිං මාදිසා ඛුජ්ජා නාම හොතී”ති? සාණිකණ්ණං උක්ඛිපිත්වා “කාසි ත්ව”න්ති වුත්තෙ, “රඤ්ඤො ධීතා වාසුලදත්තා නාමාහ”න්ති ආහ. “පිතා තෙ තං මය්හං කථෙන්තො ‘ඛුජ්ජා’ති කථෙසී”ති. “මය්හම්පි කථෙන්තො තං සඞ්ඛකුට්ඨිං කත්වා කථෙසී”ති. තෙ උභොපි “තෙන හි අම්හාකං සන්ථවකරණභයෙන කථිතං භවිස්සතී”ති අන්තොසාණියඤ්ඤෙව සන්ථවං කරිංසු.
මෙසේ ඔවුනොවුන් සහවාසයට පැමිණෙතියි බියෙන් හා සැකයෙන් දුව කුදියක් ලෙසිනුත්. අනිකා සුදුපුල්ලි ඇති කුෂ්ඨරෝගියෙක් ලෙසත් හඳුන්වා දුන්නේය. උදේනී ඈ කඩතුරාව තුළ සිටිද්දී බැහැර කඩතුරාවකට මුවහවී මන්ත්‍රය කියවීය. පසුව එක් දිනක නැවත නැවතත් කියාදුන් නමුත් මන්ත්‍රය නොවරදවා කියන්ට නොහැකිවූ ඈට, බොල කුදිය, තිගේ කටේ තොල් හා කපාල ගල්ගැසී ඇති නිසා මෙසේ කියන්නීදැයි ඇසීය. ඈ කිපී, බොල දුෂ්ඨ කුෂ්ඨිය, මෙසේ කියන්නේ ඇයිද? මා වැනි කුදියෝ ඇද්දැයි බලාගනුවයි කඩතුරාව ඇද දමා තමා ප්‍රදර්ශනය කළාය. තී කවරියකදැයි ඇසූ විට, මම රාජදුහිතෘ වාසුලදත්තා නමැයි කීවාය. ඔබේ පියා මට කීවේ ඔබ කුදියක බවයයි රජු කීවේය. මට හඳුන්වන විටත් ඔබ සුදුකුෂ්ඨ රෝගියෙකුයයි කීබවත් ඈ කීවාය. ඒ දෙදෙනා එසේනම් අප සන්ථවය කරනු ඇතැයි බියෙන් මෙසේ කියන්නට ඇතියි කියමින් කඩතුරාව ඇතුළතදීම කායසංසර්ගයෙහි යෙදුණාහ.
තතො පට්ඨාය මන්තග්ගහණං වා සිප්පග්ගහණං වා නත්ථි. රාජාපි ධීතරං නිච්චං පුච්ඡති – “සිප්පං ගණ්හසි, අම්මා”ති? “ගණ්හාමි, තාතා”ති. අථ නං එකදිවසං උතෙනො ආහ – “භද්දෙ, සාමිකෙන කත්තබ්බං නාම නෙව මාතාපිතරො න භාතුභගිනියො කාතුං සක්කොන්ති, සචෙ මය්හං ජීවිතං දස්සසි, පඤ්ච තෙ ඉත්ථිසතානි පරිවාරං දත්වා අග්ගමහෙසිට්ඨානං දස්සාමී”ති. “සචෙ ඉමස්මිං වචනෙ පතිට්ඨාතුං සක්ඛිස්සථ, දස්සාමි වො ජීවිත”න්ති. “සක්ඛිස්සාමි, භද්දෙ”ති. සා “සාධු, සාමී”ති පිතු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථ නං සො පුච්ඡි – “අම්ම, නිට්ඨිතං සිප්ප”න්ති? “න තාව නිට්ඨිතං, තාත, සිප්ප”න්ති. අථ නං සො පුච්ඡි – “කිං, අම්මා”ති? “අම්හාකං එකං ද්වාරඤ්ච එකං වාහනඤ්ච ලද්ධුං වට්ටති, තාතා”ති. “ඉදං කිං, අම්මා”ති? “තාත, රත්තිං කිර තාරකසඤ්ඤාය මන්තස්ස උපචාරත්ථාය එකං ඔසධං ගහෙතබ්බං අත්ථි. තස්මා අම්හාකං වෙලාය වා අවෙලාය වා නික්ඛමනකාලෙ එකං ද්වාරඤ්චෙව එකං වාහනඤ්ච ලද්ධුං වට්ටතී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡි. තෙ අත්තනො අභිරුචිතං එකං ද්වාරං හත්ථගතං කරිංසු.
එතැන් පටන් මන්ත්‍ර ඉගෙනීමක් හෝ ශිල්ප ඉගෙනීමක් හෝ නොවීය. චණ්ඩපජ්ජෝත රජ, දුව ශිල්ප උගන්නෙහිදැයි නිතර අසයි. පියාණනි. උගනිමියි ඈ කියයි. පසුව දිනක් උදේන මෙසේ කීවේය. සොඳුර, භාර්යාවක් වෙනුවෙන් සැමියකු විසින් කළයුතු දේවල් මවුපියන් විසින් හෝ සහෝදර සහෝදරියන් විසින් හෝ කළ නොහැකියි. ඉදින් මට ජීවත්වීමට ලැබුණොත් ඔබට පරිවාර ස්ත්‍රීන් පන්සීයක් දී ඔබ අග්රමහේෂිකා තනතුරෙහිද තබන්නෙමි. ඉදින් ඔබ මේ වචනයේ ස්ථිරව සිටින්නෙහි නම් මම ඔබ වෙනුවෙන් ජීවිතදානය කරන්නෙමියි ඈ කීවාය. සොඳුර, මට එය කළහැකියයි රජු පිළිතුරු දුන්නේය. ඈ යහපත ස්වාමීනියි කියා පියා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නාය. පියාණනි, මෙතෙක්ම ශිල්ප හදාරා අවසන්වී නැත. දුව එසේම තව කළයුතු දේ මොනවාද? පියාණනි, ඒ මන්ත්‍රයට උපචාරවිධි සඳහා රාත්‍රියෙහි තරු ලකුණු අනුව එක් ඖෂධයක් සොයාගත යුතුව ඇත. එහෙයින් වේලාවේ හෝ අවේලාවේ හෝ නික්මීමට එක් දොරක්ද වාහනයක්ද ලැබිය යුතුය. රජු මැනවැයි පිළිගත්තේය. ඔවුහු කැමති පරිදි එක් දොරක් තමන්ගේ භාරයට ගත්හ.
රඤ්ඤො පන පඤ්ච වාහනානි අහෙසුං. භද්දවතී නාම කරෙණුකා එකදිවසං පඤ්ඤාස යොජනානි ගච්ඡති, කාකො නාම දාසො සට්ඨි යොජනානි ගච්ඡති, චෙලකට්ඨි ච මුඤ්චකෙසී චාති ද්වෙ අස්සා යොජනසතං ගච්ඡන්ති, නාළාගිරි හත්ථී වීසති යොජනසතන්ති.
ඒ රජුට වාහන පහක් තිබිණි. එක් දිනකදී යොදුන් පණසක් යන කරේණුක නම් ඇතින්න එකකි. දිනකදී සැටයොදුනක් යන කාකනම් දාසයා දෙවැන්නයි. දිනකට යොදුන් සීයක් යන වේලකණ්ඨිමුංජකේසි යන අසුන් දෙදෙනා තුන්වැන්නයි. දිනකට විසි යොදුනක් යන නාලාගිරි නම් ඇතා සිව්වැන්නයි.
සො කිර රාජා අනුප්පන්නෙ බුද්ධෙ එකස්ස ඉස්සරස්ස උපට්ඨාකො අහොසි. අථෙකදිවසං ඉස්සරෙ බහිනගරං ගන්ත්වා න්හත්වා ආගච්ඡන්තෙ එකො පච්චෙකබුද්ධො නගරං පිණ්ඩාය පවිසිත්වා සකලනගරවාසීනං මාරෙන ආවට්ටිතත්තා එකං භික්ඛාම්පි අලභිත්වා යථාධොතෙන පත්තෙන නික්ඛමි. අථ නං නගරද්වාරං පත්තකාලෙ මාරො අඤ්ඤාතකවෙසෙන උපසඞ්කමිත්වා, “අපි, භන්තෙ, වො කිඤ්චි ලද්ධ”න්ති පුච්ඡි. “කිං පන මෙ ත්වං අලභනාකාරං කරී”ති? “තෙන හි නිවත්තිත්වා පුන පවිසථ, ඉදානි න කරිස්සාමී”ති. “නාහං පුන නිවත්තිස්සාමී”ති. සචෙ හි නිවත්තෙය්ය, පුන සො සකලනගරවාසීනං සරීරෙ අධිමුඤ්චිත්වා පාණිං පහරිත්වා හසනකෙළිං කරෙය්ය. පච්චෙකබුද්ධෙ අනිවත්තිත්වා ගතෙ මාරො තත්ථෙව අන්තරධායි. අථ සො ඉස්සරො යථාධොතෙනෙව පත්තෙන ආගච්ඡන්තං පච්චෙකබුද්ධං දිස්වා වන්දිත්වා, “අපි, භන්තෙ, කිඤ්චි ලද්ධ”න්ති පුච්ඡි. “චරිත්වා නික්ඛන්තම්හාවුසො”ති. සො චින්තෙසි – “අය්යො, මයා පුච්ඡිතං අකථෙත්වා අඤ්ඤං වදති, න කිඤ්චි ලද්ධං භවිස්සතී”ති. අථස්ස පත්තං ඔලොකෙන්තො තුච්ඡං දිස්වා ගෙහෙ භත්තස්ස නිට්ඨිතානිට්ඨිතභාවං අජානනතාය සූරො හුත්වා පත්තං ගහෙතුං අවිසහන්තො “ථොකං, භන්තෙ, අධිවාසෙථා”ති වත්වා වෙගෙන ඝරං ගන්ත්වා “අම්හාකං භත්තං නිට්ඨිත”න්ති පුච්ඡිත්වා, “නිට්ඨිත”න්ති වුත්තෙ තං උපට්ඨාකං ආහ – “තාත, අඤ්ඤො තයා සම්පන්නවෙගතරො නාම නත්ථි, සීඝෙන ජවෙන භදන්තං පත්වා ‘පත්තං මෙ, භන්තෙ, දෙථා’ති වත්වා පත්තං ගහෙත්වා වෙගෙන එහී”ති. සො එකවචනෙනෙව පක්ඛන්‍දිත්‍වා පත්තං ගහෙත්වා ආහරි. ඉස්සරොපි අත්තනො භොජනස්ස පත්තං පූරෙත්වා “ඉමං සීඝං ගන්ත්වා අය්යස්ස සම්පාදෙහි, අහං තෙ ඉතො පත්තිං දම්මී”ති ආහ.
ඒරජ අප බුදුරදුන් නූපන් කාලයක එක් ඉසුරුමතකුගේ උපස්ථායකයා විය. දිනක් ඉසුරුමතා නුවරින් බැහැර තැනක නහා එන අතරතුර එක් පසේබුදුවරයන් වහන්සේමක් නුවර පිඬු පිණිස හැසිර සියලු නගරවාසීන්ට මාරාවේශව සිටි හෙයින් එක්බත් පිඬකුදු නොලැබ පාත්‍රය සේදු හැටියටම රැගෙන ආපසු වැඩියහ. ඉන්පසු උන්වහන්සේ නගර දොරටුවට පැමිණි කල, මාරයා වෙනත් මිනිසකුගේ වෙස්ගෙන එහි පැමිණ ස්වාමීනි, කිසිවක් ලද සේක්දැයි විචාළේය. කිම ඔබ මට කිසිවක් ලැබෙන්නට සැලසුවෙහිද? එසේ නම් නැවතත් නුවරට වැඩිය මැනවි. එවිට යමක් ලැබෙන සේ කරන්නෙමි. මම නැවත නොනවතින්නෙමි. ඉඳින් නැවතුණොත් මාරයා සියලූ නගරවාසීන්ටම ආවේශවී අත්පොළසන්දී සිනා පහළ කරන්නේයයි නොනැවතුණුසේක. ඉන්පසු ඒ ඉසුරුමතා සේදු හැටියටම තිබුණු හිස් පාත්‍රය රැගෙන එන්නාවූ පසේබුදුරදුන් දැක වැඳ, ස්වාමීනි, කිසිවක් ලැබුණේදැයි ඇසීය. ඇවැත්නි, නගරයෙහි ඇවිද නික්මුණම්හයි වදාළහ. හෙතෙම මෙසේ සිතීය. ආර්යයන්වහන්සේ මා ඇසූ පැනයට පිළිතුරු නොදී අනිකක් වදාළහ. කිසිවක් නොලැබෙන්නට ඇතියි පාත්‍රය බලා එය හිස් බව දැක, ගෙදර බත් පිසූ නොපිසූ බවත් නොදැන අතරමඟ පාත්‍රය ගත නොහී ස්වාමීනි මදක් ඉවසුව මැනවැයි කියා, වේගයෙන් ගෙදර ගොස් අපට බත පිසුවේදැයි අසා, එසේයයි කීපසු ඒ උපස්ථායකයාට මෙසේ කීවේය. දරුව, ඔබ තරම් වේගයෙන් යාහැකි කෙනෙක් නැත. ශීඝ්‍රයෙන් ස්වාමීන් වෙත දුවගොස් ස්වාමීනි, මට පාත්‍රය දෙන්නැයි ඉල්වාගෙන එන්නැයි පිටත් කෙළේය. උපස්ථායකයාත්, එක් වචනයෙන්ම පැන දුවගොස් පාත්‍රය රැගෙන ආවේය. අනිත් තැනැත්තා තමන්ගේ භෝජනයෙන් පාත්‍රය පුරවා, මෙය වහා ගොස් ආර්යයන්වහන්සේට පිළිගන්වව. මම ඔබට එයින් ලැබෙන පින් දෙන්නෙමියි කීය.
සොපි තං ගහෙත්වා ජවෙන ගන්ත්වා පච්චෙකබුද්ධස්ස පත්තං දත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා, “භන්තෙ, ‘වෙලා උපකට්ඨා’ති අහං අතිසීඝෙන ජවෙන ආගතො ච ගතො ච, එතස්ස මෙ ජවස්ස ඵලෙන යොජනානං පණ්ණාසසට්ඨිසතවීසසතගමනසමත්ථානි පඤ්ච වාහනානි නිබ්බත්තන්තු, ආගච්ඡන්තස්ස ච මෙ ගච්ඡන්තස්ස ච සරීරං සූරියතෙජෙන තත්ථං, තස්ස මෙ ඵලෙන නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ ආණා සූරියතෙජසදිසා හොතු, ඉමස්මිං මෙ පිණ්ඩපාතෙ සාමිනා පත්ති දින්නා, තස්සා මෙ නිස්සන්දෙන තුම්හෙහි දිට්ඨධම්මස්ස භාගී හොමී”ති ආහ. පච්චෙකබුද්ධො “එවං හොතූ”ති වත්වා –
ඔහුද ශීඝ්‍රයෙන් ගොස් පසේබුදුන්ට පාත්‍රය දී පසඟ පිහිටුවා වැඳ, ස්වාමීනි, වේලාව ඉක්මේයයි මම ඉතා වේගයෙන් දුවගොස් නැවත ආවෙමි. මට මේ වේගයෙන් දිවූ පින්බලයෙන් යොදුන් පණහක් - හැටක් - සීයක් - එකසිය විස්සක් යොදුන් දවසට යාහැකි වාහන ලැබේවා, ඒ ගමන යනඑන මා දැඩි හිරු රැසින් දැවීයතත්, එයද පින් උදෙසාම දිවූ නිසා එහි ඵලයෙන් උපනුපන් වාරයන්හි මගේ අණසක සුර්ය තේජස්මෙන් වේවායිද පැතීය. ඔබවහන්සේට මේ පිණ්ඩපාතය දීමේ අනුසස් අනුමෝදන් වීමේ පුණ්‍ය බලයෙන් ඔබවහන්සේ විසින් අවබෝධ කොට ඇති නිවන ලැබීමටත් හේතුවාසනා වේවායි පැතීය. පසේ බුදුරදුන්වහන්සේ එසේම වේවායි වදාරා,
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, සබ්බමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, චන්දො පන්නරසො යථා. (දී· නි· අට්ඨ· 2.95 පුබ්බූපනිස්සයසම්පත්තිකථා; අ· නි· අට්ඨ· 1.1. 192);
ඔබ කැමතිව පතන සියලු දේ ඉටුවේවා පසළොස්වක පිරෙන සඳක් මෙන් සපිරේවා
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, ඛිප්පමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, මණිජොතිරසො යථා”ති. –
ඔබ කැමතිව පතන දේත් එලෙසම ඉටුවේවා දෝරැස මැණිකක් මෙන් මේ පැතුමන් ඉටුවේවා
අනුමොදනං අකාසි. පච්චෙකබුද්ධානං කිර ඉධාව ද්වෙ ගාථා අනුමොදනගාථා නාම හොන්ති. තත්ථ ජොතිරසොති සබ්බකාමදදං මණිරතනං වුච්චති. ඉදං තස්ස පුබ්බචරිතං. සො එතරහි චණ්ඩපජ්ජොතො අහොසි. තස්ස ච කම්මස්ස නිස්සන්දෙන ඉමානි පඤ්ච වාහනානි නිබ්බත්තිංසු.
යනුවෙන් අනුමෝදනා කළහ. මේ ගාථා දෙක පසේ බුදුවරයන්වහන්සේලාගේ අනුමෝදනා ගාථා නම්වේ. එහි ජොතිරසො (දෝරැස) යනු සියලු කැමති දේ ලබා දෙන මාණික්‍ය රත්නයකි. මේ ඔහුගේ පූර්වචරිතයයි. හෙතෙම මෙකල චණ්ඩපජ්ජෝත නම්විය. ඔහුගේ ඒ පූර්වකෘත පුණ්‍ය හේතුවෙන් වාහන පහක් ඔහුට ලැබිණ.
අථෙකදිවසං රාජා උය්යානකීළාය නික්ඛමි. උතෙනො “අජ්ජ පලායිතබ්බ”න්ති මහන්තාමහන්තෙ චම්මපසිබ්බකෙ හිරඤ්ඤසුවණ්ණස්ස පූරෙත්වා කරෙණුකාපිට්ඨෙ ඨපෙත්වා වාසුලදත්තං ආදාය පලායි. අන්තෙපුරපාලකා පලායන්තං තං දිස්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා “සීඝං ගච්ඡථා”ති බලං පහිණි. උතෙනො බලස්ස පක්ඛන්දභාවං ඤත්වා කහාපණපසිබ්බකං මොචෙත්වා පාතෙසි, මනුස්සා කහාපණෙ උච්චිනිත්වා පුන පක්ඛන්දිංසු. ඉතරො සුවණ්ණපසිබ්බකං මොචෙත්වා පාතෙත්වා නෙසං සුවණ්ණලොභෙන පපඤ්චෙන්තානඤ්ඤෙව බහි නිවුට්ඨං අත්තනො ඛන්ධාවාරං පාපුණි. අථ නං ආගච්ඡන්තං දිස්වාව අත්තනො බලකායො පරිවාරෙත්වා නගරං පවෙසෙසි. සො පත්වාව වාසුලදත්තං අභිසිඤ්චිත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසීති.
ඉන්පසු දිනක් රජු උයන්කෙළියට පිටත්විය. උදේන අද පැන යායුතුයයි ලොකු ලොකු සම්පසුම්බිවලට රන්රුවන්පුරවා කරේණුකාගේ පිට පටවා වාසුලදත්තාවන් රැගෙන පලාගියේය. අන්තඃපුර පාලකයෝ මේබව දැක ගොස් රජුට දැන්වූහ. රජු ශීඝ්‍රයෙන් ගොස් අල්වා ගනුවයි බළඇණියක් යැවීය. උදේන බළඇණිය පැනඑනබව දැන කහවණු පසිම්බුව ලිහා මාර්ගයෙහි දැමීය. මිනිස්සු කහවණු අහුලා නැවත දුව ආහ. අනිකා රත්රන් පසිම්බුව ලිහා මාර්ගයෙහි දමා රත්රන් ලෝහයෙන් මිනිස්සු පමා වනු බලා නුවරින් බැහැර තිබූ ස්වකීයකඳවුරට පැමිණියේය. ඔහු එනබව දුටු ස්වකීය බළකායේ අය ඔහු පිරිවරාගෙන නගරයට ප්‍රවේශ කරවූහ. හෙතෙම ගොස් වාසුලදත්තා අභිෂේකකොට අග්රමහේෂිකා තනතුරෙහි තැබීය.
අයං වාසුලදත්තාය උප්පත්ති.
මේ වාසුලදත්තාගේ උත්පත්ති කතාවයි.
අපරා පන මාගණ්ඩියා නාම රඤ්ඤො සන්තිකා අග්ගමහෙසිට්ඨානං ලභි. සා කිර කුරුරට්ඨෙ මාගණ්ඩියබ්රාහ්මණස්ස ධීතා. මාතාපිස්සා මාගණ්ඩියායෙව නාමං. චූළපිතාපිස්සා මාගණ්ඩියොව, සා අභිරූපා අහොසි දෙවච්ඡරපටිභාගා. පිතා පනස්සා අනුච්ඡවිකං සාමිකං අලභන්තො මහන්තෙහි මහන්තෙහි කුලෙහි යාචිතොපි “න මය්හං ධීතු තුම්හෙ අනුච්ඡවිකා”ති තජ්ජෙත්වා උය්යොජෙසි. අථෙකදිවසං සත්ථා පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො මාගණ්ඩියබ්රාහ්මණස්ස සපජාපතිකස්ස අනාගාමිඵලූපනිස්සයං දිස්වා අත්තනො පත්තචීවරමාදාය තස්ස බහිනිගමෙ අග්ගිපරිචරණට්ඨානං අගමාසි. සො තථාගතස්ස රූපසොභග්ගප්පත්තං අත්තභාවං ඔලොකෙත්වා, “ඉමස්මිං ලොකෙ ඉමිනා පුරිසෙන සදිසො අඤ්ඤො පුරිසො නාම නත්ථි, අයං මය්හං ධීතු අනුච්ඡවිකො, ඉමස්ස පොසාපනත්ථාය ධීතරං දස්සාමී”ති චින්තෙත්වා, “සමණ, එකා මෙ ධීතා අත්ථි, අහං එත්තකං කාලං තස්සා අනුච්ඡවිකං පුරිසං න පස්සාමි, තුම්හෙ තස්සා අනුච්ඡවිකා, සා ච තුම්හාකඤ්ඤෙව අනුච්ඡවිකා. තුම්හාකඤ්හි පාදපරිචාරිකා, තස්සා ච භත්තා ලද්ධුං වට්ටති, තං වො අහං දස්සාමි, යාව මමාගමනා ඉධෙව තිට්ඨථා”ති ආහ. සත්ථා කිඤ්චි අවත්වා තුණ්හී අහොසි.
මාගන්දියා නම් අනිත් තැනැත්තියක්ද රජුගේ අගමෙහෙසි තනතුරු ලබා සිටියාය. ඕතොමෝ වනාහි කුරුරට මාගන්දිය බමුණාගේ දුවයි. ඇගේ මවද මාගන්දිය යන නමම ලැබුවාය. ඇගේ සුළුපියාද ඒ නමින්ම හැඳින්විණි. ඈ දිව්යඅප්සරාවක මෙන් අභිරූප වූවාය. ඇගේ පියා ඈට සුදුසු සැමියෙකු නොලද හෙයින්, ලොකු ලොකු කුලවතුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවල තෙපි මගේ දුවට නුසුදුසුයි කියා තර්ජනය කොට පලවාහැරියේය. දිනක් බුදුරදුහු උදෑසන ලොව බලනසේක් (තමා එහි යෑමෙන්) මාගන්දිය බමුණා බැමිණියත් සමග අනාගාමී ඵලයට පැමිණීමට හේතු සම්පත් ඇතිබව දැක තම පාසිවුරු හැරගෙන ඒ බමුණුගමේ ගිනිපුදන තැනට වැඩිසේක. බමුණා රූපයෙන් අගතැන්පත් තථාගතයන්වහන්සේ දැක, මේ ලොව මෙබඳු රුවින් අගතැන්පත් පුරුෂයෙක් නම් තවත් නැත. මේ පුරුෂයා මගේ දුවණියට සුදුසුයයි සිතා ඔබ විසින් පෝෂණය කරනු පිණිස මගේ දුවණියක් ඇත. මම මෙතුවක්කල් ඈට ගැළපෙන සැමියෙකු නොදුටිමි. ඔබ ඇයටත් ඈ ඔබටත් හොඳින්ම ගැළපෙන සැමියෙකු හා පාදපරිචාරිකාවක වෙයි. ඈටත් සැමියකු ලැබිය යුතුය. මම ඈ ඔබට දෙන්නෙමි. මා එනතුරු මෙහිම සිටින්නැයි කීවේය. ශාස්තෘන්වහන්සේ කිසිවක් නොවදාරා නිහඬවූහ.
බ්රාහ්මණො වෙගෙන ඝරං ගන්ත්වා, “භොති, භොති ධීතු මෙ අනුච්ඡවිකො පුරිසො දිට්ඨො, සීඝං සීඝං නං අලඞ්කරොහී”ති තං අලඞ්කාරාපෙත්වා සද්ධිං බ්රාහ්මණියා ආදාය සත්ථු සන්තිකං පායාසි. සකලනගරං සඞ්ඛුභි. අයං “එත්තකං කාලං මය්හං ධීතු අනුච්ඡවිකො නත්ථී”ති කස්සචි අදත්වා “අජ්ජ මෙ ධීතු අනුච්ඡවිකො දිට්ඨො”ති කිර වදෙති, “කීදිසො නු ඛො සො පුරිසො, පස්සිස්සාම න”න්ති මහාජනො තෙනෙව සද්ධිං නික්ඛමි.
බ්‍රාහ්මණයාත් වේගයෙන් ගෙදර දුවගොස් බැමිණිය අමතා සොඳුර, මගේ දුවණියට ඔබින පුරුෂයකු දිටිමි. වහවහා ඇය සරසවාලවයි දුව සරසවා බැමිණියත් සමග දුවණිය රැගෙන බුදුරදුන් හමුවට පැමිණියේය. සියලු නගරය කැළඹී ගියේය. මොහු මෙතෙක්කල් මගේ දුවණියට සුදුස්සකු නැතැයි කිසිවකුටත් නොදී අද මගේ දුවට සුදුස්සකු දැක්කෙමියි කියයි. ඔහු කවුරුන්දැයි බලමුදැයි කියමින් බමුණා සමගම පිටත්වූහ.
තස්මිං ධීතරං ගහෙත්වා ආගච්ඡන්තෙ සත්ථා තෙන වුත්තට්ඨානෙ අට්ඨත්වා තත්ථ පදචෙතියං දස්සෙත්වා ගන්ත්වා අඤ්ඤස්මිං ඨානෙ අට්ඨාසි. බුද්ධානඤ්හි පදචෙතියං අධිට්ඨහිත්වා අක්කන්තට්ඨානෙයෙව පඤ්ඤායති, න අඤ්ඤත්ථ. යෙසඤ්චත්ථාය අධිට්ඨිතං හොති, තෙයෙව නං පස්සන්ති. තෙසං පන අදස්සනකරණත්ථං හත්ථිආදයො වා අක්කමන්තු, මහාමෙඝො වා පවස්සතු, වෙරම්භවාතා වා පහරන්තු, න තං කොචි මක්ඛෙතුං සක්කොති. අථ බ්රාහ්මණී බ්රාහ්මණං ආහ – “කුහිං සො පුරිසො”ති. “‘ඉමස්මිං ඨානෙ තිට්ඨාහී’ති නං අවචං, කුහිං නු ඛො සො ගතො”ති ඉතො චිතො ඔලොකෙන්තො පදචෙතියං දිස්වා “අයමස්ස පදවලඤ්ජො”ති ආහ. බ්රාහ්මණී සලක්ඛණමන්තානං තිණ්ණං වෙදානං පගුණතාය ලක්ඛණමන්තෙ පරිවත්තෙත්වා පදලක්ඛණං උපධාරෙත්වා, “නයිදං, බ්‍රාහ්මණ, පඤ්චකාමගුණසෙවිනො පද”න්ති වත්වා ඉමං ගාථමාහ –
දුවත් රැගෙන එහි එනවිට බුදුරදුන්ද ඒ කියනලද ස්ථානයෙහි නොසිට එහි පියවර සටහන් අධිෂ්ඨානකොට තැබූවිට ඒ තැබූතන්හිම නොමැකී පෙනෙයි. අනිත් කිසිතැනක නොපෙනෙයි. යම් අය කෙරෙහි අරමුණුකොට තැබුවේ නම් ඔවුන්ට පමණක් පෙනෙයි. ඒවා නොපෙනීම සඳහා ඇතුන් ලවා පෑගෙව්වත්, මහවැසි වැස්සත්, වෙරම්බ නම් වාතය (අහසෙහි යොදුනක් පමණ උසින් හමායන වාතය) හමා ගියත් ඒ කිසිවකින් මකාලිය නොහැක්කේය. පසුව බැමිණිය, ඒ පුරුෂයා කොයිදැයි ඇසුවාය. මෙහි සිටින්නැයි මම කීවෙමි. ඔහු කොහේ ගියේදැයි විමසා බලන විට, පා සටහන් දැක මේ ඔහුගේ පියවර සටහන්යයි කීවේය. බැමිණිය සිරුරු සටහන් දන්නා මන්ත්‍රත්, ත්‍රිවේදයත් හොඳින් ප්‍රගුණකොට ඇතිහෙයින් ලක්ෂණ මන්ත්‍රානුසාරයෙන් පාලකුණු විමසා බලා, බමුණානනි මේවා පස්කම්ගුණ සේවනය කරන්නකුගේ පියවර නම් නොවේ යයි කියා මේ ගාථාවද කීවාය.
“රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ, දුට්ඨස්ස හොති සහසානුපීළිතං; මූළ්හස්ස හොති අවකඩ්ඪිතං පදං, විවට්ටච්ඡදස්ස ඉදමීදිසං පද”න්ති. (අ· නි· අට්ඨ· 1.1.260-261; විසුද්ධි· 1.45);
රාගියාගෙ පාසටහන් උඩට නැගී සිටියි ද්වේෂයාගේ සමතලවූ පාසටහන් දිසෙයි මෝඩයාගෙ මැදින් කැඩුණ පාසටහන් පෙනෙයි කෙලෙස් පහව ගිය අයගේ මෙබඳු ලකුණු තිබෙයි
අථ නං බ්රාහ්මණො එවමාහ – “භොති ත්වං උදකපාතියං කුම්භීලං, ගෙහමජ්ඣෙ ච පන චොරං විය මන්තෙ පස්සනසීලා, තුණ්හී හොහී”ති. බ්‍රාහ්මණ, යං ඉච්ඡසි, තං වදෙහි, නයිදං පඤ්චකාමගුණසෙවිනො පදන්ති. තතො ඉතො චිතො ච ඔලොකෙන්තො සත්ථාරං දිස්වා,
බමුණා බැමිණියට මෙසේ කීවේය. සොඳුර, තී දියසැළියෙහි කිඹුලන්ද, ගෙමැද සොරුන්ද නපුරුලෙස දක්නාසුලුය. නිශ්ශබ්ද වෙව. බමුණ, ඔබ කැමති දෙයක් කියන්න. මෙය නම් පස්කම්ගුණ සේවනය කරන්නකුගේ පියවර සටහන් නම් නොවේයයි කියමින් එහෙමෙහෙ සොයා බලන විට බුදුරදුන් දැක මෙන්න:
“අයං සො පුරිසො”ති වත්වා බ්රාහ්මණො ගන්ත්වා, “සමණ, ධීතරං මෙ තව පොසාපනත්ථාය දෙමී”ති ආහ. සත්ථා “ධීතරා තෙ මය්හං අත්ථො අත්ථි වා නත්ථි වා”ති අවත්වාව, “බ්‍රාහ්මණ, එකං තෙ කාරණං කථෙමී”ති වත්වා, “කථෙහි සමණා”ති වුත්තෙ මහාභිනික්ඛමනතො පට්ඨාය යාව අජපාලනිග්රොධමූලා මාරෙන අනුබද්ධභාවං අජපාලනිග්රොධමූලෙ ච පන “අතීතො දානි මෙ එස විසය”න්ති තස්ස සොකාතුරස්ස සොකවූපසමනත්ථං ආගතාහි මාරධීතාහි කුමාරිකවණ්ණාදිවසෙන පයොජිතං පලොභනං ආචික්ඛිත්වා, “තදාපි මය්හං ඡන්දො නාහොසී”ති වත්වා –
“ඒ පුරුෂයායයි” කියා බමුණා එතැනට ගොස් ශ්‍රමණයන්වහන්ස, මගේ දුව ඔබට පාදපරිචාරිකා කොට දෙන්ට මම කැමැත්තෙමියි කීය. ශාස්තෘන්වහන්සේ ඔබේ දුවගෙන් මට ප්‍රයෝජනයක් ඇතැයි හෝ නැතැයි හෝ නොකියාම, බ්‍රාහ්මණය, ඔබට එක් කරුණක් කියන්නෙමියි කීකල ශ්රමණයන් වහන්ස කියනුමැනවැයි හේ කීය. ඉන්පසු මහාභිනිෂ්ක්‍රමණයේ පටන් අජපල්නුගරුක මුල දක්වා මාරයා තමන් ලුහුබැඳ ආ බවත්. අජපල් නුගරුක මුලදී දැන් ඔහු මගේ විෂය ඉක්මවා ගියේයයි ශෝකයෙන් සිටිනවිට ශෝක දුරලනු පිණිස ආ මාරදුහිතෘන් විසින් කුමරිවෙස් ගෙන තමන් පොළොඹවා ගන්නා අටියෙන් යෙදූ ප්රලෝභඋපායයන්ද ප්‍රකාශකොට ඒ කාලයේත් තමන් තුළ කාමාදි ඡන්දරාගයන් නොවූ බවද වදාරා:
“දිස්වාන තණ්හං අරතිං රගඤ්ච, නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං; කිමෙවිදං මුත්තකරීසපුණ්ණං, පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ”ති. (අ· නි· අට්ඨ· 1.1.260-261; සු· නි· 841) –
තණ්හා රති රගා ආදි මාර කුමරියන් ඇවිදින් නැටුවත් ලීලා දක්වා කාම හැඟුම් ඇති නොවීය දැන් මේ මළ වූ කිළුටින් පිරුණු කතක් දැක්ක නමුත් පයින් ගසා ලන්නටවත් මට රුචියක් ඇති නොවේය
ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ බ්රාහ්මණො ච බ්රාහ්මණී ච අනාගාමිඵලෙ පතිට්ඨහිංසු. මාගණ්ඩියාපි ඛො “සචස්ස මයා අත්ථො නත්ථි, අනත්ථිකභාවොව වත්තබ්බො, අයං පන මං මුත්තකරීසපුණ්ණං කරොති, පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙති, හොතු, අත්තනො ජාතිකුලපදෙසභොගයසවයසම්පත්තිං ආගම්ම තථාරූපං භත්තාරං ලභිත්වා සමණස්ස ගොතමස්ස කත්තබ්බයුත්තකං ජානිස්සාමී”ති සත්ථරි ආඝාතං බන්ධි. “කිං පන සත්ථා තාය අත්තනි ආඝාතුප්පත්තිං ජානාති, නො”ති? “ජානාතියෙව. ජානන්තො කස්මා ගාථමාහා”ති? ඉතරෙසං ද්වින්නං වසෙන. බුද්ධා හි ආඝාතං අගණෙත්වා මග්ගඵලාධිගමාරහානං වසෙන ධම්මං දෙසෙන්තියෙව. මාතාපිතරො තං නෙත්වා චූළමාගණ්ඩියං කනිට්ඨං පටිච්ඡාපෙත්වා පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු.
ගාථා කෙළවර බමුණාත් බැමිණියත් සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. මාගන්දිය, යම්හෙයකින් මොහුට මගෙන් ප්‍රයෝජනයක් නැත්නම් ඒ බව කිය යුතුය. එහෙත් මා මළමුත්‍ර ගොඩක් බවට පත් කරයි. කමක් නැත. මගේ ජාතිකුල ප්‍රදේශ සම්පත් හා වයසටද ගැළපෙන සුදුසු සැමියකු ලැබ ශ්‍රමණ භවත් ගෞතමයන්ට කළයුතුදේ දනිමියයි බුදුරදුන් කෙරෙහි ආඝාත බැඳගත්තේය. ඇයි? ඈ බුදුන් කෙරෙහි ආඝාත බැඳගන්නා බව නොදන්නේද, දන්නේද? දනිති. එසේ දැනදැනත් මෙබඳු ගාථාවක් දේශනා කෙළේත් ඇයිද? අනිත් දෙදෙනා නිසාය. බුදුවරයෝ ආඝාත ගණන් නොගෙන මාර්ගඵලාවබෝධය ලබන්නන් ගැනම සිතා දහම් දෙසන්නාහුම වෙති. මවුපියෝ ඈ රැගෙන ගොස් චුල්ලමාගන්දියට භාරදී තමන් පැවිදිව රහත්බවට පැමිණියාහුය.
චූළමාගණ්ඩියොපි චින්තෙසි – “මම ධීතා ඔමකසත්තස්ස න අනුච්ඡවිකා, එකස්ස රඤ්ඤොව අනුච්ඡවිකා”ති. තං ආදාය කොසම්බිං ගන්ත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා, “ඉමං ඉත්ථිරතනං දෙවස්ස අනුච්ඡවික”න්ති උතෙනස්ස රඤ්ඤො අදාසි. සො තං දිස්වාව උප්පන්නබලවසිනෙහො අභිසෙකං කත්වා පඤ්චසතමාතුගාමපරිවාරං දත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි.
චුල්ලමාගන්දියාද මෙසේ සිතුවේය. මගේ දුව සුළුපටු කෙනෙකුන්ට නුසුදුසුය. එක්තරා රජෙකුටම සුදුසුයයි ඈත් රැගෙන කොසඹෑවට ගොස් සියලු අලංකරණයන්ගෙන් සරසා මේ ස්ත්‍රීරත්නය දේවයන්වහන්සේටම සුදුසුයයි උදේනී රජුන්ට දුන්නේය. හෙතෙම ඈ දුටු පමණින් ම බලවත් ස්නේහ උපදවා අභිෂේක කොට පන්සීයක් මාගමුවන් පිරිවරකොට දී අගමෙහෙසි තනතුරෙහි තැබීය.
අයං මාගණ්ඩියාය උප්පත්ති.
මේ මාගන්දියාගේ උත්පත්ති කථාවයි.
එවමස්ස දියඩ්ඪසහස්සනාටකිත්ථිපරිවාරා තිස්සො අග්ගමහෙසියො අහෙසුං. තස්මිං ඛො පන සමයෙ ඝොසකසෙට්ඨි කුක්කුටසෙට්ඨි පාවාරිකසෙට්ඨීති කොසම්බියං තයො සෙට්ඨිනො හොන්ති. තෙ උපකට්ඨාය වස්සූපනායිකාය පඤ්චසතතාපසෙ හිමවන්තතො ආගන්ත්වා නගරෙ භික්ඛාය චරන්තෙ දිස්වා පසීදිත්වා නිසීදාපෙත්වා භොජෙත්වා පටිඤ්ඤං ගහෙත්වා චත්තාරො මාසෙ අත්තනො සන්තිකෙ වසාපෙත්වා පුන වස්සාරත්තෙ ආගමනත්ථාය පටිජානාපෙත්වා උය්යොජෙසුං. තාපසාපි තතො පට්ඨාය අට්ඨ මාසෙ හිමවන්තෙ වසිත්වා චත්තාරො මාසෙ තෙසං සන්තිකෙ වසිංසු. තෙ අපරභාගෙ හිමවන්තතො ආගච්ඡන්තා අරඤ්ඤායතනෙ එකං මහානිග්රොධං දිස්වා තස්ස මූලෙ නිසීදිංසු.
මෙසේ ඒ රජුට එක්දහස් පන්සීයක් නාටක ස්ත්‍රීන් පිරිවරකොට ඇති අගමෙහෙසියෝ තිදෙනෙක් වූහ. ඒ කාලයෙහි ඝොෂකසෙට්ඨි, කුක්කුටසෙට්ඨි, පාවාරිය සෙට්ඨි යන නම්වලින් ප්‍රකට සිටුවරු තිදෙනෙක් කොසඹෑ නුවර සිටියහ. ඔවුහු වස් වසනා දිනයෙහි පන්සීයක් තාපසවරු හිමවතින් අවුත් නුවර පිඬු සිඟා වඩිනු දුටුවහ. ඒ දැක පැහැදී වඩාහිඳුවා වළඳවා වස් විසීමට ප්‍රතිඥා ලබාගෙන සිවුමසක් තමන් සමීපයෙහි වස්වසවා නැවත වස්කාලය පැමිණිවට පැමිණෙන ලෙස කැමති කරවාගෙන පිටත්කළහ. තවුසෝත් එතැන් පටන් අටමසක් හිමවතෙහි වැස ඉතිරි සිවුමස ඔවුන් සමීපයෙහි වස් විසූහ. ඔවුහු පසුකලක හිමවතේ සිට එන අතරමග වනපියසෙහි එක් නුගරුකක් මුල හිඳගත්තාහුය.
තෙසු ජෙට්ඨකතාපසො චින්තෙසි – “ඉමස්මිං රුක්ඛෙ අධිවත්ථා දෙවතා ඔරමත්තිකා න භවිස්සති, මහෙසක්ඛෙනෙවෙත්ථ දෙවරාජෙන භවිතබ්බං, සාධු වත සචායං ඉසිගණස්ස පානීයං දදෙය්යා”ති. සොපි පානීයං අදාසි. තාපසො න්හානොදකං චින්තෙසි, තම්පි අදාසි. තතො භොජනං චින්තෙසි, තම්පි අදාසි. අථස්ස එතදහොසි – “අයං දෙවරාජා අම්හෙහි චින්තිතං චින්තිතං සබ්බං දෙති, අහො වත නං පස්සෙය්යාමා”ති. සො රුක්ඛක්ඛන්ධං පදාලෙත්වා අත්තානං දස්සෙසි. අථ නං තාපසා, “දෙවරාජ, මහතී තෙ සම්පත්ති, කිං නු ඛො කත්වා අයං තෙ ලද්ධා”ති පුච්ඡිංසු. “මා පුච්ඡථ, අය්යා”ති. “ආචික්ඛ, දෙවරාජා”ති. සො අත්තනා කතකම්මස්ස පරිත්තකත්තා ලජ්ජමානො කථෙතුං න විසහි. තෙහි පුනප්පුනං නිප්පීළියමානො පන “තෙන හි සුණාථා”ති වත්වා කථෙසි.
ඔවුනතුරෙන් වැඩමහළු තවුසා මේ රුකෙහි අධිගෘහිත දේවතාවා සුළුපටුකෙනකුන් නොවිය යුතුය. එක් මහානුභාව සම්පන්න දිව්‍යරාජයකු වියයුතුයයි සිතීය. ඔහු විසින් මේ සෘෂිසමූහයාට පැන් දෙතොත් මැනවැයි සිතීය. දේවතාවා පැන් ගෙනවුත් දුන්නේය. නෑමටත් පැන් ගෙනවුත් දෙතොත් මැනවැයි සිතීය. නෑමටත් පැන් දුන්නේය. යළි තවුසා මෙසේ සිතීය, මේ දේවරාජයා අප සිතූසිතූ ද සියල්ලක්ම සපයා දෙයි. ඔහු දැකගන්නට ඇත්නම් කොපමණ හොඳද? දේවතාවා රුක්කඳ පලාගෙන අවුත් තමන් දැක ගැනීමට සැලසීය. ඉන්පසු ඔහුට, දිව්යරාජයාණනි, ඔබගේ සම්පත් ඉතා මහත්ය. කිනම් පිනක් කොට මේ සම්පත් ලැබුවෙහිදැයි ඇසීය. ආර්යයන්වහන්ස, එය නොවිචාළ මැනවියයි දිව්‍යරාජයා කීය. හෙතෙම තමුන් කළ පින්කම කුඩා බැවින් ලජ්ජාවෙන් එය කියන්ට මැලිවිය. ඔවුන් විසින් නැවත නැවතත් කරදර කරන හෙයින් එසේනම් අසා ගන්නැයි මෙසේ කීවේය.
සො කිරෙකො දුග්ගතමනුස්සො හුත්වා භතිං පරියෙසන්තො අනාථපිණ්ඩිකස්ස සන්තිකෙ භතිකම්මං ලභිත්වා තං නිස්සාය ජීවිකං කප්පෙසි. අථෙකස්මිං උපොසථදිවසෙ සම්පත්තෙ අනාථපිණ්ඩිකො විහාරතො ආගන්ත්වා පුච්ඡි – “තස්ස භතිකස්ස අජ්ජුපොසථදිවසභාවො කෙනචි කථිතො”ති? “න කථිතො, සාමී”ති. “තෙන හිස්ස සායමාසං පචථා”ති. අථස්ස පත්ථොදනං පචිංසු. සො දිවසං අරඤ්ඤෙ කම්මං කත්වා සායං ආගන්ත්වා භත්තෙ වඩ්ඪෙත්වා දින්නෙ “ඡාතොම්හී”ති සහසා අභුඤ්ජිත්වාව “අඤ්ඤෙසු දිවසෙසු ඉමස්මිං ගෙහෙ ‘භත්තං දෙථ, සූපං දෙථ, බ්යඤ්ජනං දෙථා’ති මහාකොලාහලං අහොසි, අජ්ජ තෙ සබ්බෙ නිස්සද්දා නිපජ්ජිංසු, මය්හමෙව එකස්සාහාරං වඩ්ඪයිංසු, කිං නු ඛො එත”න්ති චින්තෙත්වා පුච්ඡි – “අවසෙසා භුඤ්ජිංසු, න භුඤ්ජිංසූ”ති? “න භුඤ්ජිංසු, තාතා”ති. “කිං කාරණා”ති? ඉමස්මිං ගෙහෙ උපොසථදිවසෙසු සායමාසං න භුඤ්ජන්ති, සබ්බෙව උපොසථිකා හොන්ති. අන්තමසො ථනපායිනොපි දාරකෙ මුඛං වික්ඛාලාපෙත්වා චතුමධුරං මුඛෙ පක්ඛිපාපෙත්වා මහාසෙට්ඨි උපොසථිකෙ කාරෙති. ගන්ධතෙලප්පදීපෙ ජාලන්තෙ ඛුද්දකමහල්ලකදාරකා සයනගතා ද්වත්තිංසාකාරං සජ්ඣායන්ති.
ඒ දිව්‍යපුත්‍රයා වනාහි එක් දුප්පත් මිනිසෙක්ව බැළමෙහෙවරක් සොයමින් අනේපිඬුසිටාණන් ළඟ එක් බැළමෙහෙවරක් ලැබ එයින් ජීවිකාව කරගත්තේය. එක් පෙහෙවස් දිනක සිටුවරයා විහාරයේ සිට අවුත් ඒ බැළයාගෙන්, අද පෙහෙවස් දිනය බව කවුරුන් විසින් හෝ කියනලදදැයි ඇසීය. ස්වාමීනි, එය කවුරුවත් කියා නැත. එසේ නම් ඔහුට සවස් ආහාරය පිසවයි කීහ. ඉන්පසු ඔහුට නැළියක පමණ අහරක් පිසීය. හෙතෙම දවස පුරා කැළෑවෙහි වැඩකොට සවස අවුත් බත් බෙදා දුන්කල්හි බඩගිනියයි වහා අනුභව නොකොටම අනිත් දවස්වල මේ ගෙදර බත් දෙව, කැවිලි දෙව, ව්‍යංජන දෙවයි මහා කෝලාහලයක් විය. අද සියල්ලෝ වැදහෙව සිටිති. හුදෙකලා මට පමණක් බත් බෙදා දුන්හ. මේ කිමෙක්දැයි සිතා, අනික් අය ආහාර අනුභව කළාහුද නැද්දැයි ඇසීය. දරුව, අනිත් අය ආහාර අනුභව නොකළාහුය. කාරණය කුමක්ද? මේ ගෙදර පෙහෙවස් දිනයෙහි සවස ආහාරවේල නොබුදිති. සියල්ලෝ උපොසථිකයන්ව සිටිති. අවම වශයෙන් සිටුතුමා, මවුකිරි බොන දරුවන්ගේ පවා මුව සෝදා පිරිසිදු කොට මුවෙහි චතුමධුර දමා ඔවුහු පවා පෙහෙවස් සමාදන්වූවන් බවට පත්කෙරෙති. සුවඳ තෙල් දමා පහන් දැල්වූ කල්හි ලොකු කුඩා සියල්ලෝ සයන ගතව ද්වත්තිංසාකාරය සජ්ඣායනා කරති.
තුය්හං පන උපොසථදිවසභාවං කථෙතුං සතිං න කරිම්හා. තස්මා තවෙව භත්තං පක්කං, නං භුඤ්ජස්සූති. සචෙ ඉදානි උපොසථිකෙන භවිතුං වට්ටති, අහම්පි භවෙය්යන්ති. “ඉදං සෙට්ඨි ජානාතී”ති. “තෙන හි නං පුච්ඡථා”ති. තෙ ගන්ත්වා සෙට්ඨිං පුච්ඡිංසු. සො එවමාහ – “ඉදානි පන අභුඤ්ජිත්වා මුඛං වික්ඛාලෙත්වා උපොසථඞ්ගානි අධිට්ඨහන්තො උපඩ්ඪං උපොසථකම්මං ලභිස්සතී”ති. ඉතරො තං සුත්වා තථා අකාසි.
ඔබට අද උපෝසථ දවසයයි කීම සිහි නොකෙළෙමු. එහෙයින් ඔබට බත් පිසුවෙමු. එය අනුභව කරව. එසේ නම් දැන් මාද පෙහෙවස් සමාදන් විය යුතුය. එහෙයින් මමත් එසේ කරන්නෙමියි කීය. මෙය සිටුතුමා දන්නේ ද? එසේනම් එතුමාගෙන් අසව. ඔවුහු ගොස් සිටුතුමාගෙන් එය විමසූහ. සිටුතෙමේ මෙසේ කීවේය. දැන් ආහාර නොගෙන මුව සෝදා පිරිසිදු කරගෙන උපෝසථඅංගයන් අධිෂ්ඨාන කරන්නේනම් උපෝසථයෙන් භාගයක් ලබන්නේය. අනිත් තැනැත්තා ඒ අසා එසේ කෙළේය.
තස්ස සකලදිවසං කම්මං කත්වා ඡාතස්ස සරීරෙ වාතා කුප්පිංසු. සො යොත්තෙන උරං බන්ධිත්වා යොත්තකොටියං ගහෙත්වා පරිවත්තති. සෙට්ඨි තං පවත්තිං සුත්වා උක්කාහි ධාරියමානාහි චතුමධුරං ගාහාපෙත්වා තස්ස සන්තිකං ආගන්ත්වා, “කිං, තාතා”ති පුච්ඡි. “සාමි, වාතා මෙ කුප්පිතා”ති. “තෙන හි උට්ඨාය ඉදං භෙසජ්ජං ඛාදාහී”ති. “තුම්හෙපි ඛාදථ, සාමී”ති. “අම්හාකං අඵාසුකං නත්ථි, ත්වං ඛාදාහී”ති. “සාමි, අහං උපොසථකම්මං කරොන්තො සකලං කාතුං නාසක්ඛිං, උපඩ්ඪකම්මම්පි මෙ විකලං මා අහොසී”ති න ඉච්ඡි. “මා එවං කරි, තාතා”ති වුච්චමානොපි අනිච්ඡිත්වා අරුණෙ උට්ඨහන්තෙ මිලාතමාලා විය කාලං කත්වා තස්මිං නිග්රොධරුක්ඛෙ දෙවතා හුත්වා නිබ්බත්ති. තස්මා ඉමමත්ථං කථෙත්වා “සො සෙට්ඨි බුද්ධමාමකො, ධම්මමාමකො, සඞ්ඝමාමකො, තං නිස්සාය කතස්ස උපඩ්ඪුපොසථකම්මස්ස නිස්සන්දෙනෙසා සම්පත්ති මයා ලද්ධා”ති ආහ.
දවස පුරා වැඩකොට බඩගින්නේ සිටිනිසා සිරුරේ වාතවේගය කිපීගියේය. හෙතෙම යොතක් බැඳ යොත් කෙළවර අල්වාගෙන කැරකෙයි. සිටුතෙමේ ඒ පුවත දැන ගිනිහුලු රැගෙන චතුමධුර ගෙන්වාගෙන ඔහු ළඟට ගොස් දරුව කිමෙක්දැයි ඇසීය. ස්වාමීනි, මගේ වාතයෝ කිපීගොස් ඇතැයි කීය. එසේනම් නැගිට මේ බෙහෙත් කන්නැයි කීවිට, ස්වාමීනි, ඔබත් කෑවෙහිද? අපට අපහසුවක් නැත. ඔබ කන්න. ස්වාමීනි, පෙහෙවස්කම් කරන විට සම්පූර්ණව කළ නොහැකි වීමි. බාගයකින් පමණ කරද්දීත් එයත් නොකඩකොට කළයුතු නිසා ආහාර ගැනීමට නොකැමති වෙමි. දරුව එසේ නොකරවයි කියද්දීත් ඊට එකඟ නොවී හිරු නැගෙත්ම මලානිකවයන මලක් මෙන් මියගොස් ඒ නුගරුකෙහි දේවතාවෙක්ව උපන්නේය. මෙසේ කථාව කියා ඒ සිටුතෙම බුද්ධමාමකය, ධර්මමාමකය, සංඝමාමකය. ඔහු නිසා කළ පෙහෙවස් භාගයක් පිරීමේ පුණ්‍යඵලයෙන් ම මේ සම්පත් ලදිමියි කීවේය.
“බුද්ධො”ති වචනං සුත්වාව පඤ්චසතා තාපසා උට්ඨාය දෙවතාය අඤ්ජලිං පග්ගය්හ “බුද්ධොති වදෙසි, බුද්ධොති වදෙසී”ති පුච්ඡිත්වා, “බුද්ධොති වදාමි, බුද්ධොති වදාමී”ති තික්ඛත්තුං පටිජානාපෙත්වා “ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මි”න්ති උදානං උදානෙත්වා “දෙවතෙ අනෙකෙසු කප්පසතසහස්සෙසු අසුතපුබ්බං සද්දං තයා සුණාපිතම්හා”ති ආහංසු. අථ අන්තෙවාසිනො ආචරියං එතදවොචුං – “තෙන හි සත්ථු සන්තිකං ගච්ඡාමා”ති. “තාතා, තයො සෙට්ඨිනො අම්හාකං බහූපකාරා, ස්වෙ තෙසං නිවෙසනෙ භික්ඛං ගණ්හිත්වා තෙසම්පි ආචික්ඛිත්වා ගමිස්සාම, අධිවාසෙථ, තාතා”ති. තෙ අධිවාසයිංසු.
බුද්ධ යන වචනය ඇසූ පමණකින් පන්සීයක් තාපසවරු නැගී සිට දේවතාවාට ඇදිලිබැඳ, බුද්ධයයි කියව. බුද්ධයයි කියමින් තෙවරක් හඳුන්වාදී බුද්ධ යන හඬ පවා ලෝකයෙහි දුර්ලභයයි ප්‍රීතිවාක්‍ය කියවා, දේවතාවාණනි, නොයෙක් කල්ප ලක්ෂගණනකිනුත් නොඇසූවිරූ ශබ්දයක් ඔබ විසින් අස්වනලදැයි කීවාහුය. අතවැස්සෝ ආචාර්යවරයාට මෙසේ කීවාහුය. ආචාර්යතුමනි, එසේනම් අපි බුදුන් හමුවට යමු. දරුවනි, සිටුවරු තිදෙනා අපට බොහෝ උපකාරකයෝය. හෙට ඔවුන්ගේ ගෙදර භික්ෂා රැගෙන ඔවුන්ටත් මේ බව දන්වා යමු. එතෙක් ඉවසන්නැයි කීය. ඔවුහු එය ඉවසූහ.
පුනදිවසෙ සෙට්ඨිනො යාගුභත්තං සම්පාදෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා “අජ්ජ නො අය්යානං ආගමනදිවසො”ති ඤත්වා පච්චුග්ගමනං කත්වා තෙ ආදාය නිවෙසනං ගන්ත්වා නිසීදාපෙත්වා භික්ඛං අදංසු. තෙ කතභත්තකිච්චා මහාසෙට්ඨිනො “මයං ගමිස්සාමා”ති වදිංසු. “නනු, භන්තෙ, තුම්හෙහි චත්තාරො වස්සිකෙ මාසෙ අම්හාකං ගහිතාව පටිඤ්ඤා, ඉදානි කුහිං ගච්ඡථා”ති? “ලොකෙ කිර බුද්ධො උප්පන්නො, ධම්මො උප්පන්නො, සඞ්ඝො උප්පන්නො, තස්මා සත්ථු සන්තිකං ගමිස්සාමා”ති. “කිං පන තස්ස සත්ථුනො සන්තිකං තුම්හාකඤ්ඤෙව ගන්තුං වට්ටතී”ති? “අඤ්ඤෙසම්පි අවාරිතං, ආවුසො”ති. “තෙන හි, භන්තෙ, ආගමෙථ, මයම්පි ගමනපරිවච්ඡං කත්වා ගච්ඡාමා”ති. “තුම්හෙසු පරිවච්ඡං කරොන්තෙසු අම්හාකං පපඤ්චො හොති, මයං පුරතො ගච්ඡාම, තුම්හෙ පච්ඡා ආගච්ඡෙය්යාථා”ති වත්වා තෙ පුරෙතරං ගන්ත්වා සම්මාසම්බුද්ධං දිස්වා අභිත්ථවිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිංසු. අථ නෙසං සත්ථා අනුපුබ්බිං කථං කථෙත්වා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සබ්බෙපි සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා පබ්බජ්ජං යාචිත්වා “එථ, භික්ඛවො”ති වචනසමනන්තරංයෙව ඉද්ධිමයපත්තචීවරධරා එහිභික්ඛූ අහෙසුං.
දෙවෙනි දින සිටුවරු කැඳබත් පිළියෙලකොට අසුන් පනවා අද අපේ ආර්යයන්වහන්සේලා පැමිණෙන දවසයයි දැන පෙරගමන්කොට නිවසට කැඳවාගෙන ගොස් වඩාහිඳුවා භික්ෂාව දුන්හ. තාපසයෝ බත්කිස නිමවා, මහසිටුහට, දැන් අපි යන්නෙමුයයි කීහ. ස්වාමීනි, ඔබ වහන්සේලා සිවුමසක් නැවතෙන බවට අපට ප්‍රතිඥා දුන්නාහු නොවෙත්ද? දැන් කොහි යන්නාහුද? ලොව බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය පහළවිය. එහෙයින් බුදුරදුන් හමුවට යන්නෙමුයි කීහ. කෙසේද? ඒ බුදුරදුන් හමුවට ඔබවහන්සේලා පමණක් යෑම සුදුසුද? ඇවැත්නි එහි යෑම අන්‍යයන්ට තහනමක් නැත. එසේ නම් ස්වාමීනි, නවතිනු මැනවි. අපිත් සූදානම්ව එන්නෙමු. ඔබලාගේ පිරිවර සූදානම් කරගෙන එනවිට අපට ප්‍රමාද වෙයි. එනිසා අපි පෙරටුව යන්නෙමු. තෙපි පසුව එව්යයි කියා ඔවුහු පළමුව ගොස් සම්මාසම්බුදුන් දැක අතිශයින් ස්තුතිකොට වැඳ එක්පැත්තක වාඩිවූහ. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙළ කථාව වදාරා දහම් දෙසූහ. දේශනා කෙළවර ඒ සියලු තාපසවරු සිව්පිළිසිඹියාපත් රහතුන්බවට පත්ව පැවිද්ද ඉල්ලූහ. බුදුහු එව මහණයයි වදාරත්ම සෘද්ධිමය පාසිවුරු දරා ඒහිභික්ෂුපැවිද්දන් බවටද පත්වූහ.
තෙපි ඛො තයො සෙට්ඨිනො පඤ්චහි පඤ්චහි සකටසතෙහි භත්තච්ඡාදනසප්පිමධුඵාණිතාදීනි දානූපකරණානි ආදාය සාවත්ථිං පත්වා සත්ථාරං වන්දිත්වා ධම්මකථං සුත්වා කථාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාය අද්ධමාසමත්තම්පි දානං දදමානා සත්ථු සන්තිකෙ වසිත්වා කොසම්බිං ආගමනත්ථාය සත්ථාරං යාචිත්වා සත්ථාරා පටිඤ්ඤං දදන්තෙන “සුඤ්ඤාගාරෙ ඛො ගහපතයො තථාගතා අභිරමන්තී”ති වුත්තෙ, “අඤ්ඤාතං, භන්තෙ, අම්හෙහි පහිතසාසනෙන ආගන්තුං වට්ටතී”ති වත්වා කොසම්බිං ගන්ත්වා ඝොසකසෙට්ඨි ඝොසිතාරාමං, කුක්කුටසෙට්ඨි කුක්කුටාරාමං, පාවාරිකසෙට්ඨි පාවාරිකාරාමන්ති තයො මහාවිහාරෙ කාරෙත්වා සත්ථු ආගමනත්ථාය සාසනං පහිණිංසු. සත්ථා තෙසං සාසනං සුත්වා තත්ථ අගමාසි. තෙ පච්චුග්ගන්ත්වා සත්ථාරං විහාරං පවෙසෙත්වා වාරෙන වාරෙන පටිජග්ගන්ති.
ඒ සිටුවරු තිදෙනාත් ගැල් පන්සීයක සහල් ගිතෙල් මීපැණි ආදියද, සෙසු දානෝපකරණද රැගෙන සැවැත්නුවරට පැමිණ බුදුන් වැඳ දැහැමිකථා අසා කථා කෙළවර සිය්ලලෝම සෝවාන් ඵලයෙහි පිහිටා අඩමසක් පමණ දන් දෙමින් බුදුන් ළඟ සිට කොසඹෑවට යනු කැමැත්තෙන් බුදුන් අයැද සිටිකල්හි භාග්‍යවතුන් වහන්සේ, අවසර දෙමින් තථාගතවරු ශූන්‍යාගාරය වඩා කැමති වෙතියිද වදාළ කල්හි, භාග්‍යවතුන් වහන්ස, අප විසින් ප්‍රතිඥා දී ඇති හෙයින් හසුනක් එවූවිට එහියෑම උචිතයයි කියා කොසඹෑ නුවරට ගොස් ඝෝෂිත සිටු ඝොසිතාරාමයද, කුක්කුට සිටු කුක්කුටාරාමයද, පාවාරිත සිටු පාවාරිකාරාමයද වශයෙන් මහාවිහාර තුනක් කරවා ශාස්තෘන්වහන්සේ වැඩමවාගෙන එනු පිණිස හසුනක් යැවූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ හසුන ගැන අසා එහි වැඩමවූහ. ඔවුහු පෙරගමන්කොට ශාස්තෘන්වහන්සේ විහාරයට වැඩමවා වාරානුකූලව පිළිදැගුම් කළහ.
සත්ථා දෙවසිකං එකෙකස්මිං විහාරෙ වසති. යස්ස විහාරෙ වුට්ඨො හොති, තස්සෙව ඝරද්වාරෙ පිණ්ඩාය චරති. තෙසං පන තිණ්ණං සෙට්ඨීනං උපට්ඨාකො සුමනො නාම මාලාකාරො අහොසි. සො තෙ සෙට්ඨිනො එවමාහ – “අහං තුම්හාකං දීඝරත්තං උපකාරකො, සත්ථාරං භොජෙතුකාමොම්හි, මය්හම්පි එකදිවසං සත්ථාරං දෙථා”ති. “තෙන හි භණෙ ස්වෙ භොජෙහී”ති. “සාධු, සාමී”ති සො සත්ථාරං නිමන්තෙත්වා සක්කාරං පටියාදෙසි.
ශාස්තෘන්වහන්සේ දිනපතා එක් එක් විහාරයෙහි වාසයකරන සේක. යම් විහාරයක වැඩවසනසේක් නම් ඒ විහාරය කළ අයගේ ගෙටම පිඬුසිඟා වඩිති. ඒ සිටුවරුන් තිදෙනාට සුමනමාලාකාර නම් උපස්ථායකයෙක් සිටියේය. ඔහු ඒ සිටුවරුන් අමතා, මම දිගු කලකපටන් ඔබලාට උපකාරකයෙක් වෙමි. බුදුන්ට දනක්දී වළඳවනු කැමැත්තෙමි. මටත් බුදුන් වළඳවනු පිණිස එක් දිනක් දෙන්න. එසේනම් හෙට දිනයේ වළඳවව. ඔහු ස්වාමීනි යහපතැයි බුදුරදුන්ට ආරාධනා කොට දානසත්කාර පිළියෙළ කෙළේය.
තදා රාජා සාමාවතියා දෙවසිකං පුප්ඵමූලෙ අට්ඨ කහාපණෙ දෙති. තස්සා ඛුජ්ජුත්තරා නාම දාසී සුමනමාලාකාරස්ස සන්තිකං ගන්ත්වා නිබද්ධං පුප්ඵානි ගණ්හාති. අථ නං තස්මිං දිවසෙ ආගතං මාලාකාරො ආහ – “මයා සත්ථා නිමන්තිතො, අජ්ජ පුප්ඵෙහි සත්ථාරං පූජෙස්සාමි, තිට්ඨ තාව, ත්වං පරිවෙසනාය සහායිකා හුත්වා ධම්මං සුත්වා අවසෙසානි පුප්ඵානි ගහෙත්වා ගමිස්සසී”ති. සා “සාධූ”ති අධිවාසෙසි. සුමනො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා අනුමොදනකරණත්ථාය පත්තං අග්ගහෙසි. සත්ථා අනුමොදනධම්මදෙසනං ආරභි. ඛුජ්ජුත්තරාපි සත්ථු ධම්මකථං සුණන්තීයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සා අඤ්ඤෙසු දිවසෙසු චත්තාරො කහාපණෙ අත්තනො ගහෙත්වා චතූහි පුප්ඵානි ගහෙත්වා ගච්ඡති, තං දිවසං අට්ඨහිපි පුප්ඵානි ගහෙත්වා ගතා. අථ නං සාමාවතී ආහ – “කිං නු ඛො, අම්ම, අජ්ජ අම්හාකං රඤ්ඤා ද්විගුණං පුප්ඵමූලං දින්න”න්ති? “නො, අය්යෙ”ති. “අථ කස්මා බහූනි පුප්ඵානී”ති? “අඤ්ඤෙසු දිවසෙසු අහං චත්තාරො කහාපණෙ අත්තනො ගහෙත්වා චතූහි පුප්ඵානි ආහරාමී”ති. “අජ්ජ කස්මා න ගණ්හී”ති? “සම්මාසම්බුද්ධස්ස ධම්මකථං සුත්වා ධම්මස්ස අධිගතත්තා”ති.
එකල රජු සාමාවතියට දිනපතා මල් සඳහා මිල වශයෙන් කහවණු අටක් දෙයි. ඇගේ ඛුජ්ජුත්තරා නම් දාසිය සුමන මාලාකාරයා ළඟට ගොස් නිරතුරැව මල් ගනී. එදින එහි ආ දාසියට කථා කොට, අද මා විසින් බුදුරදුන්ට ආරාධනා කරනලදි. අද මලින් බුදුන් පුදමි. ඔබද සිටින්න. වළඳනා තැන සහායිකාව වී ධර්මය අසා සේසවූ මල්ද රැගෙන යන්නැයි මල්කරු කීවේය. ඈ මැනවැයි පිළිගත්තාය. සුමන බුදුරදුන් ප්රමුඛ භික්ෂුසංඝයා වළඳවා අනුමෝදන් කරනු පිණිස පාත්‍රය ගත්තේය. ශාස්තෘන්වහන්සේ අනුමෝදනාව පටන්ගත්සේක. ඛුජ්ජුත්තරාව ධර්මය අසා සිටි ගමන්ම සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඈ වෙනත් දිනවල කහවණු සතරක් තමන් තබාගෙන සතරකින් මල් ගෙනයයි. එදින කහවනු අටටම මල් ගෙන ගියාය. පසුව, සාමාවතී මෑණියනි, කිම අද අපේ රජු දෙගුණයක්කොට මල්මිල දුන්නේදැයි ඇසුවාය. ආර්යාවනි, නැත. එසේනම් අද කුමක් හෙයින් බොහෝමල් වීද? අනිත් දිනවල මම කහවණු සතරක් මා ළඟ තබාගෙන සතරකින් මල්ගෙන ආවෙමි. අද නොගත්තේ ඇයි? සම්මාසම්බුදුන්ගේ ධර්මකථා අසා ධර්මාවබෝධයට පැමිණි හෙයිනි.
අථ නං “අරෙ, දුට්ඨදාසි එත්තකං කාලං තයා ගහිතකහාපණෙ මෙ දෙහී”ති අතජ්ජෙත්වා, “අම්ම, තයා පිවිතං අමතං අම්හෙපි පායෙහී”ති වත්වා “තෙන හි මං න්හාපෙහී”ති වුත්තෙ සොළසහි ගන්ධොදකඝටෙහි න්හාපෙත්වා ද්වෙ මට්ඨසාටකෙ දාපෙසි. සා එකං නිවාසෙත්වා එකං එකංසං පාරුපිත්වා ආසනං පඤ්ඤාපෙත්වා එකං බීජනිං ආහරාපෙත්වා ආසනෙ නිසීදිත්වා චිත්රබීජනිං ආදාය පඤ්ච මාතුගාමසතානි ආමන්තෙත්වා තාසං සත්ථාරා දෙසිතනියාමෙනෙව ධම්මං දෙසෙසි. තස්සා ධම්මකථං සුත්වා තා සබ්බාපි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු.
ඉන්පසු ඇයට, එම්බල දුෂ්ඨ දාසිය, මෙතෙක්කල් තී ගත් කහවණු මට දෙවයි තර්ජනය නොකොට, මෑණියනි, ඔබ පානයකළ අමෘතය අපටත් දෙන්නැයි ඉල්ලා සිටියාය. එසේනම් මා නහාපියවයි කීකල සුවඳ ජලයෙන් පිරි කළසොළසකින් නහවා, මටසිලිටි සළු දෙකක්ද දුන්නාය. ඈ එයින් එකක් ඇඳ අනික ඒකාංශකොට පෙරවා අසුනක් පනවා විජනිපතක් ගෙන්වාගෙන ආසනයෙහි හිඳ විචිත්‍ර විජිනිපත ගෙන පන්සීයක් මාගමුන් අමතා බුදුරදුන් දෙසා වදාළ අයුරින්ම ධර්මය දේශනා කළාය. ඇගේ ධර්මකථාව අසා සියල්ලෝම සෝවාන්පෙලෙහි පිහිටියාහුය.
තා සබ්බාපි ඛුජ්ජුත්තරං වන්දිත්වා, “අම්ම, අජ්ජතො පට්ඨාය ත්වං කිලිට්ඨකම්මං මා කරි, අම්හාකං මාතුට්ඨානෙ ච ආචරියට්ඨානෙ ච ඨත්වා සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරා දෙසිතං ධම්මං සුත්වා අම්හාකං කථෙහී”ති වදිංසු. සා තථා කරොන්තී අපරභාගෙ තිපිටකධරා ජාතා. අථ නං සත්ථා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවිකානං උපාසිකානං බහුස්සුතානං ධම්මකථිකානං යදිදං ඛුජ්ජුත්තරා”ති එතදග්ගෙ ඨපෙසි. තාපි ඛො පඤ්චසතා ඉත්ථියො තං එවමාහංසු – “අම්ම, සත්ථාරං දට්ඨුකාමාම්හා, තං නො දස්සෙහි, ගන්ධමාලාදීහි තං පූජෙස්සාමා”ති. “අය්යෙ, රාජකුලං නාම භාරියං, තුම්හෙ ගහෙත්වා බහි ගන්තුං න සක්කා”ති. “අම්ම, නො මා නාසෙහි, දස්සෙහෙව අම්හාකං සත්ථාර”න්ති. “තෙන හි තුම්හාකං වසනගබ්භානං භිත්තීසු යත්තකෙන ඔලොකෙතුං සක්කා හොති, තත්තකං ඡිද්දං කත්වා ගන්ධමාලාදීනි ආහරාපෙත්වා සත්ථාරං තිණ්ණං සෙට්ඨීනං ඝරද්වාරං ගච්ඡන්තං තුම්හෙ තෙසු තෙසු ඨානෙසු ඨත්වා ඔලොකෙථ චෙව, හත්ථෙ ච පසාරෙත්වා වන්දථ, පූජෙථ චා”ති. තා තථා කත්වා සත්ථාරං ගච්ඡන්තඤ්ච ආගච්ඡන්තඤ්ච ඔලොකෙත්වා වන්දිංසු චෙව පූජෙසුඤ්ච.
ඒ හැමෝම ඛුජ්ජුත්තරාවට වැඳ, මෑණියනි, ඔබ අද පටන් කසළ ඉවත් කිරීමාදි වැඩ නොකරන්න. අපේ මවු තනතුරේත්, ගුරු තනතුරේත් සිට බුදුන් හමුවට ගොස් දෙසන දහම් අසා අපටත් කියාදෙනු මැනවැයි වැන්දාහ. ඈ එසේ කරමින් මෑත භාගයෙහි ත්‍රිපිටකධර වූවාය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මහණෙනි, ශ්‍රාවිකා උපාසිකාවන්ගෙන් බහුශ්‍රැත ධර්මකථිකාවන් අතර, ඛුජ්ජුත්තරාව අග්‍රවන්නීයයි අග්රතන්හි තැබූහ. ඒ පන්සීයක් ස්ත්‍රීහුද ඈට කථාකොට, මෑණියනි, අපි බුදුන් දකිනු කැමැත්තම්හ. අපට උන්වහන්සේ පෙන්වන්න. අපිත් සුවඳමල් ආදියෙන් උන්වහන්සේ පුදම්හයි දන්වා සිටියහ. ආර්යාවරියනි, රාජකුලය බරපතළ තැනකි. ඔබලා රැගෙන බැහැර යානොහැකිය. මෑණියනි, අප නොනසන්න. අපට ශාස්තෘන්වහන්සේ පෙන්විය යුතුමයි. එසේනම් තොප සිටිනා ගර්භයන්හි බිත්තිවල බලාගැනීමට සුදුසු තරමේ සිදුරුකරවාගෙන සුවඳමල් ආදිය ගෙන්වාගෙන ශාස්තෘන්වහන්සේ සිටුවරුන් තිදෙනාගේ ගෙදරට වඩිනකල ඒ ඒ තැන්වල සිට බලාගන්න. අත් දිගහැර වඳින්න. පුදපූජා පවත්වන්නැයි කීවාය. ඒ ස්ත්‍රීහු එසේකොට බුදුරදුන් යනඑනවිට බලා වැඳ පිදූහ.
අථෙකදිවසං මාගණ්ඩියා අත්තනො පාසාදතලතො නික්ඛමිත්වා චඞ්කමමානා තාසං වසනට්ඨානං ගන්ත්වා ගබ්භෙසු ඡිද්දං දිස්වා, “ඉදං කි”න්ති පුච්ඡිත්වා, තාහි තස්සා සත්ථරි ආඝාතබද්ධභාවං අජානන්තීහි “සත්ථා ඉමං නගරං ආගතො, මයං එත්ථ ඨත්වා සත්ථාරං වන්දාම චෙව පූජෙම චා”ති වුත්තෙ, “ආගතො නාම ඉමං නගරං සමණො ගොතමො, ඉදානිස්ස කත්තබ්බං ජානිස්සාමි, ඉමාපි තස්ස උපට්ඨායිකා, ඉමාසම්පි කත්තබ්බං ජානිස්සාමී”ති චින්තෙත්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි – “මහාරාජ, සාමාවතිමිස්සිකානං බහිද්ධා පත්ථනා අත්ථි, කතිපාහෙනෙව තෙ ජීවිතං මාරෙස්සන්තී”ති. රාජා “න තා එවරූපං කරිස්සන්තී”ති න සද්දහි. පුනප්පුනං වුත්තෙපි න සද්දහි එව. අථ නං එවං තික්ඛත්තුං වුත්තෙපි අසද්දහන්තං “සචෙ මෙ න සද්දහසි, තාසං වසනට්ඨානං ගන්ත්වා උපචාරෙහි, මහාරාජා”ති ආහ. රාජා ගන්ත්වා ගබ්භෙසු ඡිද්දං දිස්වා, “ඉදං කි”න්ති පුච්ඡිත්වා, තස්මිං අත්ථෙ ආරොචිතෙ තාසං අකුජ්ඣිත්වා, කිඤ්චි අවත්වාව ඡිද්දානි පිදහාපෙත්වා සබ්බගබ්භෙසු උද්ධච්ඡිද්දකවාතපානානි කාරෙසි. උද්ධච්ඡිද්දකවාතපානානි කිර තස්මිං කාලෙ උප්පන්නානි.
පසු දිනක මාගන්දිය තම ප්රාසාදතලයෙන් නික්මී සක්මන් කරනගමන් ඔවුන්ගේ වාසස්ථානයට ගොස් ඒ ගර්භවල බිත්තිසිදුරු දැක මේ කිමෙක්දැයි අසා, ඔවුන් ඈ ශාස්තෘන්වහන්සේ සමග බද්ධවෛරයෙන් පසුවන බව නොදන්නා හෙයින් ශාස්තෘන්වහන්සේ ආ කල අපි මෙහි සිට මේ සිදුරුවලින් බුදුන් බලන්නෙමු. එසේම පුදපූජාද කරන්නෙමුයයි කීකල්හි ශ්‍රමණ භවත් ගෞතමයන් මේ නගරයට ආකල ඔහුට කළයුත්ත දනිමියි මොවුනුත් උන්ගේ උපස්ථායිකාවෝයි ඔවුන්ටද කළයුත්ත දන්නෙමියි සිතා රජුට මෙසේ දන්වා සිටියාය. මහරජතුමනි, සාමාවතී ප්‍රධාන පිරිස ඔබ හැර වෙනත් අය පිළිබඳව බලාපොරොත්තු ඇත්තෝය. කිහිප දිනකින්ම ඔබේ ජීවිතය විනාශ කර දමනු ඇත. ඔවුහු එසේ නොකෙරෙත්යයි රජු එය නොපිළිගත්තේය. යළියළිත් කී නමුදු භාරගත්තේ නැත. ඈ තෙවෙනි වර දක්වාත් කීනමුදු නොඇදහුවේමය. ඉන්පසු ඈ මහරජතුමනි, ඉදින් මා කියන දේ නොඅදහන්නේ නම් ඔබතුමා එහි ගොස් බලනු මැනවයි කීවාය. රජු ඔවුන්ගේ වාසස්ථානවලට ගොස්, ගබඩාවල බිත්තිසිදුරු දැක මේ කිමෙක්දැයි ඇසීය. එහි අදහස කියාදුන් පසු ඔවුන් හා නොකිපී කෝප නොකොට කිසිවක් නොකියා සිදුරු වසා දම්මවා හැම ගබඩාවක් පාසා උඩින් දැල් ගැසූ වාකවුළු කරවීය. මේ උඩින් ජාලකවුළු ඇති වුණේ එවන් පටන්ය.
මාගණ්ඩියා තාසං කිඤ්චි කාතුං අසක්කුණිත්වා, “සමණස්ස ගොතමස්සෙව කත්තබ්බං කරිස්සාමී”ති නාගරානං ලඤ්ජං දත්වා, “සමණං ගොතමං අන්තොනගරං පවිසිත්වා විචරන්තං දාසකම්මකරපොරිසෙහි අක්කොසෙත්වා පරිභාසෙත්වා පලාපෙථා”ති ආණාපෙසි. මිච්ඡාදිට්ඨිකා තීසු රතනෙසු අප්පසන්නා අන්තොනගරං පවිට්ඨං සත්ථාරං අනුබන්‍ධිත්‍වා, “චොරොසි, බාලොසි, මූළ්හොසි, ඔට්ඨොසි, ගොණොසි, ගද්රභොසි, නෙරයිකොසි, තිරච්ඡානගතොසි, නත්ථි තුය්හං සුගති, දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති පරිභාසන්ති.
මාගන්දිය ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැකිව ශ්‍රමණභවත් ගෞතමයන්ටම කළයුත්ත කරන්නෙමියි නගරවාසීන්ට අල්ලස් දී ශ්‍රමණභවත් ගෞතමයන් ඇතුළු නුවරට පිවිසී හැසිරෙන විට දාසකම්කරු පුරුෂයන් සමග බැණවැදී නින්දාකොට පලවා හරිව්යයි නියෝග කළාය. තෙරුවන් කෙරෙහි නොපැහැදුණු මිසදිටුවෝ, ඇතුළු නුවරට වැඩමවූ බුදුරදුන් ලුහුබඳිමින් හොරා, අඥානයා, මෝඩයා, ඔටුවා, ගොනා, බූරුවා, තිරිසනා, තොට සුගතියක් නැත, තොපට හිමි දුගතියයි, ආදී දශ ආක්රෝෂවස්තුවෙන් ආක්‍රෝෂ පරිභවකොට බැන්නාහුය.
තං සුත්වා ආයස්මා ආනන්දො සත්ථාරං එතදවොච – “භන්තෙ, ඉමෙ නාගරා අම්හෙ අක්කොසන්ති පරිභාසන්ති, ඉතො අඤ්ඤත්ථ ගච්ඡාමා”ති. “කුහිං, ආනන්දොති”? “අඤ්ඤං නගරං, භන්තෙ”ති. “තත්ථ මනුස්සෙසු අක්කොසන්තෙසු පුන කත්ථ ගමිස්සාම, ආනන්දො”ති? “තතොපි අඤ්ඤං නගරං, භන්තෙ”ති. “තත්ථාපි මනුස්සෙසු අක්කොසන්තෙසු කුහිං ගමිස්සාමා”ති? “තතොපි අඤ්ඤං නගරං, භන්තෙ”ති.
ඒ ඇසූ ආනන්ද හිමියෝ බුදුරදුන්ට මෙසේ පැවසූහ:- භාග්‍යවතුන්වහන්ස, මේ නගරවාසීහු අපට ආක්‍රෝෂ කරති. නින්දාකරමින් පරිභව කරති. අපි මේ නුවර හැර වෙනත් තැනකට යමු. ආනන්ද අපි යන්නේ කොහාටද? ස්වාමීනි, වෙනත් නගරයකට ආනන්ද එහි මිනිස්සුත් බැන්නොත්? ස්වාමීනි, ඒ නගරයත් හැර වෙනත් නගරයකට. එහි මිනිස්සුත් බැන්නොත්? එතනින් කොහාටද? එතනිනුත් එතනිනුත් වශයෙන් නගරයෙන් නගරයටයි ස්වාමීනි.
“ආනන්ද, එවං කාතුං න වට්ටති. යත්ථ අධිකරණං උප්පන්නං, තත්ථෙව තස්මිං වූපසන්තෙ අඤ්ඤත්ථ ගන්තුං වට්ටති. කෙ පන තෙ, ආනන්ද, අක්කොසන්තී”ති?
ආනන්ද මෙහිදී එසේ කිරීම වටින්නේ නැත. යම් තැනකදී ප්‍රශ්නයක් ඇති වුණොත් එතනදීම එය සංසිඳුණු විට වෙන තැනකට යෑම වටී. ආනන්ද ඒ බණින්නේ කවුද?
“භන්තෙ, දාසකම්මකරෙ උපාදාය සබ්බෙ අක්කොසන්තී”ති. “අහං, ආනන්ද, සඞ්ගාමං ඔතිණ්ණහත්ථිසදිසො, සඞ්ගාමං ඔතිණ්ණහත්ථිනො හි චතූහි දිසාහි ආගතෙ සරෙ සහිතුං භාරො, තථෙව බහූහි දුස්සීලෙහි කථිතකථානං සහනං නාම මය්හං භාරො”ති වත්වා අත්තානං ආරබ්භ ධම්මං දෙසෙන්තො ඉමා නාගවග්ගෙ තිස්සො ගාථා අභාසි –
ස්වාමීනි, දාසකම්කරු ආදීන්ගේ පටන් සියල්ලෝම බණිති. ආනන්ද මම රණබිමට පැමිණි ඇතෙකු හා සමානයි. රණබිමට පත් ඇතාට හතර පැත්තෙන්ම එන හීසැර ඉවසීම භාරය, එසේම බොහෝ දුසිලුන් කියන කථා ඉවසීමත් මට භාරයයි ප්‍රකාශකොට තමන්වහන්සේ අරභයා දහම් දෙසනසේක් නාගවර්ගයෙහි එන මේ ගාථා දේශනා කළහ:
“අහං නාගොව සඞ්ගාමෙ, චාපතො පතිතං සරං; අතිවාක්‍යං තිතික්ඛිස්සං, දුස්සීලො හි බහුජ්ජනො.
රණබිමට සපැමිණි ඇතකු හා මම සමවෙමි සිව්දිගින් මා වෙත විදින හීසැර දරා සිටිනෙමි [missing trans]
“දන්තං නයන්ති සමිතිං, දන්තං රාජාභිරූහති; දන්තො සෙට්ඨො මනුස්සෙසු, යොතිවාක්යං තිතික්ඛති.
දමනයවූ ඇතා මහ ජනයා මැදට එයි එවන් ඇතකු පිටටම රජවරු නැගී ඇවිදිති මිනිසුන් අතරවුව දැමුණෝම උතුමෝ වෙති ඔවුහු අනුන් කියනා බැණුම් පරිභව ඉවසති
“වරමස්සතරා දන්තා, ආජානීයා ච සින්ධවා; කුඤ්ජරා ච මහානාගා, අත්තදන්තො තතො වර”න්ති. (ධ· ප· 320-322);
තරුණ අසු දමනය වූ ආජානීය සින්ධව හෝ මහත්වූ ඇතකු හෝ විනීත නම් යහපත් වේ මේ හැමටම වඩා තමා දැමුණේ උතුම් වේමය
ධම්මකථා සම්පත්තමහාජනස්ස සාත්ථිකා අහොසි. එවං ධම්මං දෙසෙත්වා මා චින්තයි, ආනන්ද, එතෙ සත්තාහමත්තමෙව අක්කොසිස්සන්ති, අට්ඨමෙ දිවසෙ තුණ්හී භවිස්සන්ති, බුද්ධානඤ්හි උප්පන්නං අධිකරණං සත්තාහතො උත්තරි න ගච්ඡති. මාගණ්ඩියා සත්ථාරං අක්කොසාපෙත්වා පලාපෙතුං අසක්කොන්තී, “කිං නු ඛො කරිස්සාමී”ති චින්තෙත්වා, “ඉමා එතස්ස උපත්ථම්භභූතා, එතාසම්පි බ්යසනං කරිස්සාමී”ති එකදිවසං රඤ්ඤො සුරාපානට්ඨානෙ උපට්ඨානං කරොන්තී චූළපිතු සාසනං පහිණි “අත්ථො මෙ කිර කුක්කුටෙහි, අට්ඨ මතකුක්කුටෙ, අට්ඨ සජීවකුක්කුටෙ ච ගහෙත්වා ආගච්ඡතු, ආගන්ත්වා ච සොපානමත්ථකෙ ඨත්වා ආගතභාවං නිවෙදෙත්වා ‘පවිසතූ’ති වුත්තෙපි අපවිසිත්වා පඨමං අට්ඨ සජීවකුක්කුටෙ පහිණතු, ‘පච්ඡා ඉතරෙ’”ති. චූළාපට්ඨාකස්ස ච “මම වචනං කරෙය්යාසී”ති ලඤ්ජං අදාසි.
මෙම ධර්මකථාව පැමිණි බොහෝ දෙනාට ප්‍රයෝජනවත් විය. මෙසේ දහම් දෙසා ආනන්ද අමුත්තක් නොසිතන්න. මොවුහු වැඩිම වුණොත් සතියක් පමණ බණිනු ඇති. අටවෙනි දිනයේ නිහඬ වනු ඇති. බුදුවරයන් පිළිබඳ ප්‍රශ්න සතියකට වඩා පවතින්නේ නැත. මාගන්දිය බුදුන්ට ආක්‍රෝෂ කරවා බුදුන් එලවා දමන්ට නොහැකිව කුමක් කරන්නෙම්දැයි සිතා මොවුහු මේ බුදුන්ට උපස්ථම්භකයහ. මොවුන්ට විනාශයක් කරන්නෙමියි සිතා දිනක් රජුගේ මත්පැන් බොන තැන උවටැන් කරමින් සිටින අතර සුළුපියාට හස්නක් යැව්වාය. මැරුණු කුකුළන් අටක් සහ ජීවී කුකුළන් අටක්ද රැගෙන එන්න. එසේ අවුත් සෝපාන මුදුනෙහි සිට ආ බව දන්වා ඇතුළට එන්නැයි කී පසුත් එසේ ඇතුළට නෑවිත් පළමුව සජීවී කුකුළන් අට එවා, පසුව අනික් අටදෙනා එවන්න යනු ඒ ලිපියයි. සුළුඋපස්ථායකයාටද ඔබ මගේ වචනය ඉටුකරන්නැයි අල්ලස් දුන්නාය.
මාගණ්ඩියො ආගන්ත්වා, රඤ්ඤො නිවෙදාපෙත්වා, “පවිසතූ”ති වුත්තෙ, “රඤ්ඤො ආපානභූමිං න පවිසිස්සාමී”ති ආහ. ඉතරා චූළුපට්ඨාකං පහිණි – “ගච්ඡ, තාත, මම චූළපිතු සන්තික”න්ති. සො ගන්ත්වා තෙන දින්නෙ අට්ඨ සජීවකුක්කුටෙ ආනෙත්වා, “දෙව, පුරොහිතෙන පණ්ණාකාරො පහිතො”ති ආහ. රාජා “භද්දකො වත නො උත්තරිභඞ්ගො උප්පන්නො, කො නු ඛො පචෙය්යා”ති ආහ. මාගණ්ඩියා, “මහාරාජ, සාමාවතිප්පමුඛා පඤ්චසතා ඉත්ථියො නික්කම්මිකා විචරන්ති, තාසං පෙසෙහි, තා පචිත්වා ආහරිස්සන්තී”ති ආහ. රාජා “ගච්ඡ, තාසං දත්වා අඤ්ඤස්ස කිර හත්ථෙ අදත්වා සයමෙව මාරෙත්වා පචන්තූ”ති පෙසෙසි. චූළුපට්ඨාකො “සාධු දෙවා”ති ගන්ත්වා තථා වත්වා තාහි “මයං පාණාතිපාතං න කරොමා”ති පටික්ඛිත්තො ආගන්ත්වා තමත්ථං රඤ්ඤො ආරොචෙසි.
සුළුපියා අවුත් ඇතුළට එන්නැයි කීකල්හි රජුගේ මත්පැන්හලට ඇතුළු නොවෙන්නෙමියි කීවේය. අනික් තැනැත්තිය චුල්ලඋපස්ථායක එහි යැව්වාය. දරුව මගේ සුළුපියා ළඟට යවයි කියාය. හෙතෙම ගොස් ඔහු විසින් දෙනලද ජීවී කුකුළන් අටදෙනා රැගෙනවුත්, දේවයන්වහන්ස, පුරෝහිතයන් විසින් පණිවුඩකරුවන් යවනලදැයි කීය. රජු අද ඉතාමත් හොඳ අහරක් ලැබිණි. මෙය උයන්නේ කවුරුන්දැයි ඇසීය. මාගන්දියා, මහරජ සාමාවතී ප්රමුඛ ස්ත්‍රීහු නිකම්ම හැසිරෙති. කුකුළන් ඔවුන් වෙත යවන්න. ඔවුහු කුකුළන් පිසගෙන එන්නාහයි කීවාය. රජු යව, කුකුළන් ඔවුන් වෙත යවන්න. වෙන කෙනෙකුට නොදී තමන් තමන්ම, මරා පිසගෙන එන්නැයිද උයන්නැයිද කියවයි පණිවුඩ යැවීය. සුළුඋපස්ථායක, දේවයන්වහන්ස මැනවයි ගොස් කීලෙසම කියා සිටිවිට, අපි ප්‍රාණාතිපාතය නොකරම්හයි ප්‍රතික්ෂේප කළ හෙයින් ආපසුවිත් ඒබව රජුන්ට දැන්වීය.
මාගණ්ඩියා “දිට්ඨං තෙ, මහාරාජ, ඉදානි තාසං පාණාතිපාතස්ස කරණං වා අකරණං වා ජානිස්සසි, ‘සමණස්ස ගොතමස්ස පචිත්වා පෙසෙන්තූ’ති වදෙහි දෙවා”ති ආහ. රාජා තථා වත්වා පෙසෙසි. ඉතරො තෙ ගහෙත්වා ගච්ඡන්තො විය හුත්වා ගන්ත්වා තෙ කුක්කුටෙ පුරොහිතස්ස දත්වා මතකුක්කුටෙ තාසං සන්තිකං නෙත්වා, “ඉමෙ කිර කුක්කුටෙ පචිත්වා සත්ථු සන්තිකං පහිණථා”ති ආහ. තා, “සාමි, ආහර, ඉදං නාම අම්හාකං කිච්ච”න්ති පච්චුග්ගන්ත්වා ගණ්හිංසු. සො රඤ්ඤො සන්තිකං ගන්ත්වා, “කිං, තාතා”ති පුට්ඨො, “සමණස්ස ගොතමස්ස පචිත්වා පෙසෙථාති වුත්තමත්තෙයෙව පටිමග්ගං ආගන්ත්වා ගණ්හිංසූ”ති ආචික්ඛි. මාගණ්ඩියා “පස්ස, මහාරාජ, න තා තුම්හාදිසානං කරොන්ති, බහිද්ධා පත්ථනා තාසං අත්ථීති වුත්තෙ න සද්දහසී”ති ආහ. රාජා තං සුත්වාපි අධිවාසෙත්වා තුණ්හීයෙව අහොසි. මාගණ්ඩියා “කිං නු ඛො කරිස්සාමී”ති චින්තෙසි.
මාගන්දිය රජතුමනි, ඔවුන්ගේ හැටි දුටුවා නොවේදැයි පැවසුවාය. දැන් ඔවුන්ගේ ප්රාණාතිපාතයේ හැසිරීමක් ඇතිනැති බව දැනගන්ට නම්, ශ්‍රමණභවත් ගෞතමයන්ට පිස යවන්ටයයි කියා මේ කුකුල්ලු පිටත්කර යවනු මැනවියිද කීවාය. රජු එසේ කියා යැවීය. අනිත් තැනැත්තා කුකුළන් පුරෝහිතයාට දී මළ කුකුළන් සාමාවතී ප්රමුඛ පිරිස වෙත යවා මේ කුකුළන් උයා බුදුන් සමීපයට යවව්යයි එහි යැවීය. ස්වාමීනි, ගෙනෙන්න. එය අපට අයත් වැඩකියි අවුත් එය භාරගත්හ. හෙතෙම රජුන් හමුවට ගිය කල, දරුවනි කෙසේදැයි රජු විචාළේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ට උයා යවවයි කීසැණෙකින්ම පෙරමගටම අවුත් භාරගත්තාහයි දන්වා සිටියේය. මාගන්දිය බලනු මැනවි රජතුමනි, ඔවුහු ඔබේ වැඩ නොකරති. බැහැර බලාපොරොත්තු ඔවුන් තුළ ඇතිබව දැන්වත් නොපිළිගන්නෙහිදැයි ඇසුවාය. රජු ඒ අසාත් නිහඬව සිටියේය. මාගන්දිය, දැන් ඉතින් කුමක් කරම්දැයි සිතුවාය.
තදා පන රාජා “සාමාවතියා වාසුලදත්තාය මාගණ්ඩියාය චා”ති තිස්සන්නම්පි එතාසං පාසාදතලෙ වාරෙන වාරෙන සත්තාහං සත්තාහං වීතිනාමෙති. අථ නං “ස්වෙ වා පරසුවෙ වා සාමාවතියා පාසාදතලං ගමිස්සතී”ති ඤත්වා මාගණ්ඩියා චූළපිතු සාසනං පහිණි – “අගදෙන කිර දාඨා ධොවිත්වා එකං සප්පං පෙසෙතූ”ති. සො තථා කත්වා පෙසෙසි. රාජා අත්තනො ගමනට්ඨානං හත්ථිකන්තවීණං ආදායයෙව ගච්ඡති, තස්සා පොක්ඛරෙ එකං ඡිද්දං අත්ථි. මාගණ්ඩියා තෙන ඡිද්දෙන සප්පං පවෙසෙත්වා ඡිද්දං මාලාගුළෙන ථකෙසි. සප්පො ද්වීහතීහං අන්තොවීණායමෙව අහොසි. මාගණ්ඩියා රඤ්ඤො ගමනදිවසෙ “අජ්ජ කතරිස්සිත්ථියා පාසාදං ගමිස්සසි දෙවා”ති පුච්ඡිත්වා “සාමාවතියා”ති වුත්තෙ, “අජ්ජ මයා, මහාරාජ, අමනාපො සුපිනො දිට්ඨො. න සක්කා තත්ථ ගන්තුං, දෙවා”ති? “ගච්ඡාමෙවා”ති. සා යාව තතියං වාරෙත්වා, “එවං සන්තෙ අහම්පි තුම්හෙහි සද්ධිං ගමිස්සාමි, දෙවා”ති වත්වා නිවත්තියමානාපි අනිවත්තිත්වා, “න ජානාමි, කිං භවිස්සති දෙවා”ති රඤ්ඤා සද්ධිංයෙව අගමාසි.
රජු එකල සාමාවතී, වාසුලදත්තා, මාගන්දිය යන තිදෙනාගේ ප්‍රාසාදයන්හි වාරයෙන්වාරයට සතිය බැගිය කාලය ගතකෙළේය. ඉන්පසු මාගන්දිය, රජු හෙට හෝ අනිත්දා සාමාවතියගේ ප්‍රාසාදයට යනබව දැන සුළුපියාට, බෙහෙතකින් දළ සෝදා එක් සර්පයෙක් සාමාවතීගේ ප්‍රාසාදයට එවන්නැයි ලිපියක් යැවුවාය. හෙතෙම එය එසේම කළේය. රජු යනවිට තම හස්තික්‍රාන්ත වීණාවද රැගෙනයාම යාම සිරිතකි. ඒ වීණාද්රෝණියෙහි එක් සිදුරක් ඇත. මාගන්දිය ඒ සිදුරෙන් සර්පයා ඇතුළට දමා එහි සිටියාය. මාගන්දිය, රජු එහි යන දවසෙහි ස්වාමීනි, අද කාගේ ප්‍රාසාදයට යන්නෙහිදැයි අසා සාමාවතියගේයයි කීකල්හි ද මා අශුභ සිහිනයක් දක්නා ලදිමි. දේවයිනි, ඔබ එහි නොයායුතුයයි කීකල, රජු, මා එහි යායුතුමයයි කීවේය. ඈ තෙවෙනි වරටත් වළක්වා, එසේනම් මමත් ඔබ සමග එන්නෙමියි කියමින් රජු සමගම එහි ගියාය.
රාජා සාමාවතිමිස්සිකාහි දින්නානි වත්ථපුප්ඵගන්ධාභරණානි ධාරෙත්වා සුභොජනං භුඤ්ජිත්වා වීණං උස්සීසකෙ ඨපෙත්වා සයනෙ නිපජ්ජි. මාගණ්ඩියා අපරාපරං විචරන්තී විය හුත්වා වීණාඡිද්දතො පුප්ඵගුළං අපනෙසි. සප්පො ද්වීහතීහං නිරාහාරො තෙන ඡිද්දෙන නික්ඛමිත්වා පස්සසන්තො ඵණං කත්වා සයනපිට්ඨෙ නිපජ්ජි. මාගණ්ඩියා තං දිස්වා, “ධී ධී, දෙව, සප්පො”ති මහාසද්දං කත්වා රාජානඤ්ච තා ච අක්කොසන්තී, “අයං අන්ධබාලරාජා අලක්ඛිකො මය්හං වචනං න සුණාති, ඉමාපි නිස්සිරීකා දුබ්බිනීතා, කිං නාම රඤ්ඤො සන්තිකා න ලභන්ති, කිං නු තුම්හෙ ඉමස්මිං මතෙයෙව සුඛං ජීවිස්සථ, ජීවන්තෙ දුක්ඛං ජීවථ, ‘අජ්ජ මයා පාපසුපිනො දිට්ඨො, සාමාවතියා පාසාදං ගන්තුං න වට්ටතී’ති වාරෙන්තියාපි මෙ වචනං න සුණසි, දෙවා”ති ආහ.
සාමාවතී ප්‍රධාන පිරිස දෙනලද වස්ත්‍ර හා මල් වර්ගද දරා සුභෝජනය අනුභවකොට වීණාව ඉහඉද්දරින් තබා ඇඳෙහි නිදාගත්තේය. මාගන්දිය එහෙමෙහෙ බලන්නියක මෙන් ඒ වීණා සිදුරෙන් මල්ගුළිය ඉවත් කළාය. සර්පයා දෙතුන් දිනක් නිරාහාරව සිටි බැවින් සිදුරෙන් එලියටවිත් සුසුම් හරිමින් පිඹිමින් පෙණය දිගහැර සයනය මත වැටුණේය. මාගන්දිය ඒ දැක අපොයි අපොයි දේවයිනි, සර්පයෙකියි මහහඬ නගා පළමුව රජුට බණිමින් මේ මෝඩ රජු අවාසනාවන්තයෙකි, මගේ වචන ගණන් නොගනී, මේ නැහැදුණු තැනැත්තියෝ රජුගෙන් මොනවා නම් නොලබත්ද? තෙපි මොහු මළදාට සැපසේ නිදා ගනිව්, ජීවත් වව්. මොහු ජීවත්වීම තොපට කරදරයකි. අද මා පාපී සිහිනයක් දක්නාලදි. සාමාවතියගේ පහයට යෑම නුසුදුසුයයි කෑගසද්දීත් ඒ වචන ඇසුවේ නැහැනේද දේවයිනියි පැවසුවාය.
රාජා සප්පං දිස්වා මරණභයතජ්ජිතො “එවරූපම්පි නාම ඉමා කරිස්සන්ති, අහො පාපා, අහං ඉමාසං පාපභාවං ආචික්ඛන්තියාපි ඉමිස්සා වචනං න සද්දහිං, පඨමං අත්තනො ගබ්භෙසු ඡිද්දානි කත්වා නිසින්නා, පුන මයා පෙසිතෙ කුක්කුටෙ පටිපහිණිංසු, අජ්ජ සයනෙ සප්පං විස්සජ්ජිංසූ”ති කොධෙන සම්පජ්ජලිතො විය අහොසි.
රජු සර්පයා දැක මරණභයෙන් බියපත්ව. අහෝ මොවුහු මෙබඳු දේ කරති. මම, මොවුන්ගේ පව්කාරකම් කියා දෙන විටත් මාගන්දියාගේ වචන නොපිළිගතිමි. පළමුව තම ප්‍රාසාදයන්හි සිදුරු තනාගෙන සිටියාහ. නැවත මා එවූ කුකුළන් නොපිස ආපසු එවූහ. ඇඳ උඩ සර්පයකු මුදාහැරියහයි ක්‍රෝධයෙන් දිලිසෙන්නකු මෙන් විය.
සාමාවතීපි පඤ්චන්නං ඉත්ථිසතානං ඔවාදං අදාසි – “අම්මා, අම්හාකං අඤ්ඤං පටිසරණං නත්ථි, නරින්දෙ ච දෙවියා ච අත්තනි ච සමමෙව මෙත්තචිත්තං පවත්තෙථ, මා කස්සචි කොපං කරිත්ථා”ති. රාජා සහස්සථාමං සිඞ්ගධනුං ආදාය ජියං පොථෙත්වා විසපීතං සරං සන්නය්හිත්වා සාමාවතිං ධුරෙ කත්වා සබ්බා තා පටිපාටියා ඨපාපෙත්වා සාමාවතියා උරෙ සරං විස්සජ්ජෙසි. සො තස්සා මෙත්තානුභාවෙන පටිනිවත්තිත්වා ආගතමග්ගාභිමුඛොව හුත්වා රඤ්ඤො හදයං පවිසන්තො විය අට්ඨාසි. රාජා චින්තෙසි – “මයා ඛිත්තො සරො සිලම්පි විනිවිජ්ඣිත්වා ගච්ඡති, ආකාසෙ පටිහනනකට්ඨානං නත්ථි, අථ ච පනෙස නිවත්තිත්වා මම හදයාභිමුඛො ජාතො, අයඤ්හි නාම නිස්සත්තො නිජ්ජීවො සරොපි එතිස්සා ගුණං ජානාති, අහං මනුස්සභූතොපි න ජානාමී”ති, සො ධනුං ඡඩ්ඩෙත්වා අඤ්ජලිං පග්ගය්හ සාමාවතියා පාදමූලෙ උක්කුටිකං නිසීදිත්වා ඉමං ගාථමාහ –
සාමාවතී අනිත් ස්ත්‍රීන් පන්සීයට අවවාද කරමින්, මෑණිවරුනි, දැන් ඉතින් අපට වෙනත් පිළිසරණක් නැත. නරනිඳුන්, දේවීවරුන් හා තමතමන්ටත් සමසමව මෛත්‍රිය වඩන්න. කිසිවකුට ක්‍රෝධ නොකරන්න. රජු දහසක් දෙනා උසුලන සිංගධනුව (අංවලින් තැනූ දුන්න) රැගෙන දුනුදිය පොලා විෂකැවූ ඊයක් යොදා සාමාවතිය එක් තැනක සිටුවා අනික් ස්ත්‍රීන්ද පිළිවෙලින් සිටුවා සාමාවතීගේ පපුවට ඊය විද්දේය. ඒ ඊය ඇගේ මෛත්‍රී ආනුභාවයෙන් නැවතී ආපසු හැරී ආ මගින්ම අවුත් රජුගේ හෘදයට පිවිසියාක් මෙන් සිටියේය. රජු, මා විදි ඊය ගලක්වුවත් විදගෙන යන්නකි. අහසෙහි නවතින තැනක් නැත. එහෙත් මෙය අද නැවතී මා අබියසටම ආවේය. මේ ඊයට සිතක් නැත. ජීවයකුදු නැත. එබඳු ඊයත් මැගේ ගුණය දනී. මා මිනිසකුවුවත් ඒ ගුණය නොදන්නෙමියි සිතීය. හෙතෙම දුන්න විසිකර දෙඅත් ඇඳිලි බැඳගෙන සාමාවතී පාමුල උක්කුටිකයෙන් හිඳ මේ ගාථාව කීවේය.
“සම්මුය්හාමි පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා; සාමාවති මං තායස්සු, ත්වඤ්ච මෙ සරණං භවා”ති.
මුළාවීම් අතිශයින්ම බියවෙමි සියලු දිශාවෝ බිය එලවත් සාමාවති මා රැකගනු මැනවි මට ඇති සරණය ඔබ පමණයි
සා තස්ස වචනං සුත්වා, “සාධු, දෙව, මං සරණං ගච්ඡා”ති අවත්වා, “යමහං, මහාරාජ, සරණං ගතා, තමෙව ත්වම්පි සරණං ගච්ඡාහී”ති ඉදං වත්වා සාමාවතී සම්මාසම්බුද්ධසාවිකා –
සාමාවතී ඔහුගේ වචන අසා යහපත දේවයිනි, මා සරණ යමියි නොකියා, මා යමෙක් සරණ ගියා නම් ඒ උතුමාම සරණ යන්නැයි කියා:
“මා මං ත්වං සරණං ගච්ඡ, යමහං සරණං ගතා; එස බුද්ධො මහාරාජ, එස බුද්ධො අනුත්තරො; සරණං ගච්ඡ තං බුද්ධං, ත්වඤ්ච මෙ සරණං භවා”ති. –
සම්බුදු ශ්‍රාවිකා සාමාවති මෙය කියා මා සරණ නොම යා බුදුසරණ යනු මා ගිය මහරජ ඒ බුදුහු අනුත්තර නම් වන්නේ එතුන් සරණ යනු මැන ඔබ මට සරණ වනු මැන
ආහ. රාජා තස්ස වචනං සුත්වා, “ඉදානාහං අතිරෙකතරං භායාමී”ති වත්වා ඉමං ගාථමාහ –
දැන් මම වැඩියෙනුත් බියවෙමි යළිත් බියවෙමි
“එස භිය්යො පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා; සාමාවති මං තායස්සු, ත්වඤ්ච මෙ සරණං භවා”ති.
සාමාවතිය මා රැකගන්න මට සරණ වී
අථ නං සා පුරිමනයෙනෙව පුන පටික්ඛිපිත්වා, “තෙන හි ත්වඤ්ච සරණං ගච්ඡාමි, සත්ථාරඤ්ච සරණං ගච්ඡාමි, වරඤ්ච තෙ දම්මී”ති වුත්තෙ, “වරො ගහිතො හොතු, මහාරාජා”ති ආහ. සො සත්ථාරං උපසඞ්කමිත්වා සරණං ගන්ත්වා නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්තාහං මහාදානං දත්වා සාමාවතිං ආමන්තෙත්වා, “උට්ඨෙහි, වරං ගණ්හා”ති ආහ. “මහාරාජ, මය්හං හිරඤ්ඤාදීහි අත්ථො නත්ථි, ඉමං පන මෙ වරං දෙහි, තථා කරොහි, යථා සත්ථා නිබද්ධං පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ඉධාගච්ඡති, ධම්මං සුණිස්සාමී”ති. රාජා සත්ථාරං වන්දිත්වා, “භන්තෙ, පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නිබද්ධං ඉධාගච්ඡථ, සාමාවතිමිස්සිකා ‘ධම්මං සුණිස්සාමා’ති වදන්තී”ති ආහ. “මහාරාජ, බුද්ධානං නාම එකස්මිං ඨානෙ නිබද්ධං ගන්තුං න වට්ටති, මහාජනො සත්ථාරං ආගමනත්ථාය පච්චාසීසතී”ති. “තෙන හි, භන්තෙ, එකං භික්ඛුං ආණාපෙථා”ති. සත්ථා ආනන්දත්ථෙරං ආණාපෙසි. සො තතො පට්ඨාය පඤ්ච භික්ඛුසතානි ආදාය නිබද්ධං රාජකුලං ගච්ඡති. තාපි දෙවියො නිබද්ධං ථෙරං සපරිවාරං භොජෙන්ති, ධම්මං සුණන්ති. තා එකදිවසං ථෙරස්ස ධම්මකථං සුත්වා පසීදිත්වා, පඤ්චහි උත්තරාසඞ්ගසතෙහි ධම්මපූජං අකංසු. එකෙකො උත්තරාසඞ්ගො පඤ්ච සතානි පඤ්ච සතානි අග්ඝති.
ඉන්පසු ඈ මා සරණ නොයන්නැයි නැවතත් ප්‍රතික්ෂේප කළ නමුත්, එසේ නම් ඔබත් ශාස්තෘන්වහන්සේත් සරණ යන්නෙමි. ඔබට වරයකුත් දෙන්නෙමියයි කීකල, වරය පසුව ගිනිමි, මහරජතුමනියයි කීවාය. රජතෙම බුදුන් කරා පැමිණ සරණයෙහි පිහිටා ආරාධනාකොට බුදුන් ප්රමුඛකොට මහා සංඝයා වෙත සතියක් මහදන් පවත්වා, කෙළවර සාමාවතී අමතා, නැගී සිටින්න, වරය ලබා ගන්නැයි කීවේය. මහරජාණනි, මර රන් රුවණින් ප්‍රයෝජනයක් නැත. මට වරයක් දෙන්නෙහි නම් මෙසේ කරන්න. බුදුරජාණන්වහන්සේ පන්සීයක් භික්ෂූන් සමග මෙහි වැඩමවා ගන්නට අවසර දීමයි ඒ වරය. එවිට මට නිතර බණ ඇසිය හැකි වේයයි කීවාය. රජු බුදුන් වැඳ, ස්වාමීනි, භික්ෂූන් පන්සීයක් සමග නිබඳව මෙහි වඩිනු මැනවි. සාමාවතී ප්‍රධාන පිරිස බණ ඇසීමට කැමැත්තෙන් සිටිතියි කීවේය. මහරජ තවත් මහාජනයා බලාපොරොත්තුවෙන් සිටින නිසා බුදුවරුන් එකම ස්ථානයකට යෑම නොවටී. එසේනම් ස්වාමීනි, එක් භික්ෂූන්වහන්සේ නමකට නියෝග කළ මැනවියයි ඉල්ලා සිටියේය. බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ට එය පැවරූහ. ආනන්ද හිමියෝ පන්සීයක් භික්ෂූන් සමග නිබඳවම රජ ගෙදරටම වැඩමවති. ඒ දේවිවරුන් නිබඳවම උන්වහන්සේලා වළඳවති. බණද අසත්. ඔවුහු දිනක් තෙරුන්ගේ ධර්මකථා අසා පැහැදී උත්තරසාටක පන්සීයක් පූජා කළහ. එක් එක් උත්තරාසංගයක් කහවණු පන්සීයක් අගනේ විය.
තා එකවත්ථා දිස්වා රාජා පුච්ඡි – “කුහිං වො උත්තරාසඞ්ගො”ති. “අය්යස්ස නො දින්නා”ති. “තෙන සබ්බෙ ගහිතා”ති? “ආම, ගහිතා”ති. රාජා ථෙරං උපසඞ්කමිත්වා වන්දිත්වා තාහි උත්තරාසඞ්ගානං දින්නභාවං පුච්ඡිත්වා තාහි දින්නභාවඤ්ච ථෙරෙන ගහිතභාවඤ්ච සුත්වා, “නනු, භන්තෙ, අතිබහූනි වත්ථානි, එත්තකෙහි කිං කරිස්සථා”ති පුච්ඡි. “අම්හාකං පහොනකානි වත්ථානි ගණ්හිත්වා සෙසානි ජිණ්ණචීවරිකානං භික්ඛූනං දස්සාමි, මහාරාජා”ති. “තෙ අත්තනො ජිණ්ණචීවරානි කිං කරිස්සන්තී”ති? “ජිණ්ණතරචීවරිකානං දස්සන්තී”ති. “තෙ අත්තනො ජිණ්ණතරචීවරානි කිං කරිස්සන්තී”ති? “පච්චත්ථරණානි කරිස්සන්තී”ති. “පුරාණපච්චත්ථරණානි කිං කරිස්සන්තී”ති? “භූමත්ථරණානි කරිස්සන්තී”ති. “පුරාණභූමත්ථරණානි කිං කරිස්සන්තී”ති? “පාදපුඤ්ඡනානි කරිස්සන්ති, මහාරාජා”ති. “පුරාණපාදපුඤ්ඡනානි කිං කරිස්සන්තී”ති? “ඛණ්ඩාඛණ්ඩිකං කොට්ටෙත්වා මත්තිකාය මද්දිත්වා භිත්තිං ලිම්පිස්සන්තී”ති.
ඔවුන් තනි වස්ත්‍රයෙන් සිටිනු දුටු රජු තොපගේ උත්තරාසංග කොයිදැයි ඇසීය. අපි ඒවා ආර්යයන්වහන්සේලාට පූජා කෙළෙමු. උන්වහන්සේ ඒ සියලු සඟල් පිළිගත්තෝද? එසේය. පිළිගත්සේක. රජ තෙරුන් වෙත පැමිණ වැඳ දේවීවරු සිය උතුරුසළු දුන්බවත්, තෙරුන් ඒවා පිළිගත්බවත් විචාරා දැනගෙන ස්වාමීනි, වස්ත්‍ර බොහෝ රාශියක් නොවේද? මෙපමණ වස්තුවලින් කමක් කරන සේක්දැයි ඇසීය. මහරජ අපට පොහෝනා තරම් අරගෙන සෙස්ස දිරූ සිවුරු ඇත්තන්ට දෙන්නෙමු. ඒ අය තමන්ගේ පුරාණ සිවුරුවලට කුමක් කරන්නාහුද? ඊටත් වඩා දිරූ සිවුරු ඇත්තන්ට දෙති. ඔවුහු තමන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්ද? ඇතිරිලි කෙරෙති. පුරාණ ඇතිරිලිවලට කුමක් කෙරෙත්ද? බුමුතුරුණු කෙරෙත්. ජීර්ණතරපසතුරුණුවලට කුමක් කෙරෙත්ද? මහරජ පාපිසි කෙරෙති. පුරාණ පාපිසිවලට කුමක් කෙරෙත්ද? මහරජ කුජා කැබලිවලට කඩා මැටි සමග අනා බිත්තිවල ආලේප කරති.
“භන්තෙ, එත්තකානි කත්වාපි අය්යානං දින්නානි න නස්සන්තී”ති? “ආම, මහාරාජා”ති. රාජා පසන්නො අපරානිපි පඤ්ච වත්ථසතානි ආහරාපෙත්වා ථෙරස්ස පාදමූලෙ ඨපාපෙසි. ථෙරො කිර පඤ්චසතග්ඝනකානෙව වත්ථානි පඤ්චසතභාගෙන පාදමූලෙ ඨපෙත්වා දින්නානි පඤ්චසතක්ඛත්තුං ලභි, සහස්සග්ඝනකානි සහස්සභාගෙන පාදමූලෙ ඨපෙත්වා දින්නානි සහස්සක්ඛත්තුං ලභි, සතසහස්සග්ඝනකානි සතසහස්සභාගෙන පාදමූලෙ ඨපෙත්වා දින්නානි සතසහස්සක්ඛත්තුං ලභි. එකං ද්වෙ තීණි චත්තාරි පඤ්ච දසාතිආදිනා නයෙන ලද්ධානං පන ගණනා නාම නත්ථි. තථාගතෙ කිර පරිනිබ්බුතෙ ථෙරො සකලජම්බුදීපං විචරිත්වා සබ්බවිහාරෙසු භික්ඛූනං අත්තනො සන්තකානෙව පත්තචීවරානි අදාසි.
ස්වාමීනි, මෙපමණ ප්‍රයෝජන ලබන හෙයින් ආර්යයන්වහන්සේලාට දෙන දෙය නොනස්නේ වේද? එසේය මහරජයයි පිළිතුරු දුන්කල්හි රජු වඩාත් පැහැදී තවත් වස්ත්‍ර පන්සීයක් ගෙන්වා තෙරවරුන්ගේ පාමුල තැබීය. ආනන්ද තෙරණුවෝ මෙසේ පන්සීයක් අගනා වස්ත්‍ර දහස්වර පාමුලතබා ලැබූහ. ලක්ෂයක් වටිනා වස්ත්‍ර දහස බැගින් සියක්වර ලැබූහ. එක දෙක තුන හතර පහ දහය ආදී වශයෙන් වස්ත්‍ර ලැබූ වාර ගණනක් නැත. බුදුන් පිරිනිවි කල්හි තෙරණුවෝ සියලු දඹදිව හැසිරෙමින් සියලු විහාරවල භික්ෂූන්ට තමන් සන්තක පාසිවුරු බෙදා දුන්හ.
තදා මාගණ්ඩියාපි “යමහං කරොමි. තං තථා අහුත්වා අඤ්ඤථාව හොති, ඉදානි කිං නු ඛො කරිස්සාමී”ති චින්තෙත්වා, “අත්ථෙසො උපායො”ති රඤ්ඤෙ උය්යානකීළං ගච්ඡන්තෙ චූළපිතු සාසනං පහිණි – “සාමාවතියා පාසාදං ගන්ත්වා, දුස්සකොට්ඨාගාරානි ච තෙලකොට්ඨාගාරානි ච විවරාපෙත්වා, දුස්සානි තෙලචාටීසු තෙමෙත්වා තෙමෙත්වා ථම්භෙ වෙඨෙත්වා තා සබ්බාපි එකතො කත්වා ද්වාරං පිදහිත්වා බහි යන්තකං දත්වා දණ්ඩදීපිකාහි ගෙහෙ අග්ගිං දදමානො ඔතරිත්වා ගච්ඡතූ”ති.
එකල මාගන්දිය ද මා විසින් කරන ලද හැම දෙයක්ම මා සිතන පරිදි නොවී වෙනත් අයුරකින්ම සිදුවේ යයි සිතා, දැන් ඉතින් කිනම් උපායක් කරන්නෙම්දැයි කල්පනා කොට එක් උපායක් ගැන කල්පනා වී රජුන් සමග උයන්කෙළියට යන ගමන් සුළුපියාට, සාමාවතීගේ පහයට ගොස් රෙදි ඇති ගබඩා හා තෙල් ඇති ගබඩා විවෘත කොට රෙදි තෙල්සැළිවල බහා තෙමා කණුවල ඔතා ඒ සියලු ස්ත්‍රීන් එක්තැන් කොට දොරවල් වසා පිටතින් යතුරු දමා පන්දම් දල්වා එයින් ගෙට ගිනිතියා දාරුමය දෙවියන් දැවෙද්දී පහයෙන් බැස යන්නැයි හසුනක් යැවුවාය.
සො පාසාදං අභිරුය්හ කොට්ඨාගාරානි විවරිත්වා වත්ථානි තෙලචාටීසු තෙමෙත්වා තෙමෙත්වා ථම්භෙ වෙඨෙතුං ආරභි. අථ නං සාමාවතිප්පමුඛා ඉත්ථියො “කිං එතං චූළපිතා”ති වදන්තියො උපසඞ්කමිංසු. “අම්මා, රාජා දළ්හිකම්මත්ථාය ඉමෙ ථම්භෙ තෙලපිලොතිකාහි වෙඨාපෙති, රාජගෙහෙ නාම සුයුත්තං දුයුත්තං දුජ්ජානං, මා මෙ සන්තිකෙ හොථ, අම්මා”ති එවං වත්වා තා ආගතා ගබ්භෙ පවෙසෙත්වා ද්වාරානි පිදහිත්වා බහි යන්තකං දත්වා ආදිතො පට්ඨාය අග්ගිං දෙන්තො ඔතරි. සාමාවතී තාසං ඔවාදං අදාසි – “අම්හාකං අනමතග්ගෙ සංසාරෙ විචරන්තීනං එවමෙව අග්ගිනා ඣායමානානං අත්තභාවානං පරිච්ඡෙදො බුද්ධඤාණෙනපි න සුකරො, අප්පමත්තා හොථා”ති. තා ගෙහෙ ඣායන්තෙ වෙදනාපරිග්ගහකම්මට්ඨානං මනසිකරොන්තියො කාචි දුතියඵලං, කාචි තතියඵලං පාපුණිංසු. තෙන වුත්තං –
හෙතෙම පහයට නැගී කොටුගුළු විවර කොට රෙදි එළියට ගෙන තෙල්සැළිවල දමා තෙමා කණු වෙලන්ට පටන් ගත්තේය. සුළුපියාණනි, කුමක් කරන්නෙහිදැයි අසමින් සාමාවතී ප්‍රධාන ස්ත්‍රීහු එතැනට ආවාහුය. මෑණියනි, රජු මේ කණු ශක්තිමත් කරනු පිණිස තෙල් කඩමලුවලින් වෙලවයි. රජගෙදර කටයුතු කෙසේදැයි හරිහැටි වටහා ගැනීම අපහසුයි. ඒ නිසා මා සමීපයේ නොසිටින්නැයි කීය. මෙසේ කියා එහි ආ සියලු කාන්තාවන් ඇතුළු ගැබට යවා දොරවල් වසා පිටතින් යතුරු දමා කොණක සිට ගිනි තබමින් පහතට බැස්සේය. සාමාවතී ඒ ස්ත්රීන්ට මෙසේ අවවාද කළාය. අගක් මුලක් නැති මේ සසර හැසිරෙන නඅප මෙවැනි ගිනිවලින් දැවුණු වාර ගණන බුදුනුවණකිනුත් බලා ප්‍රමාණ කළ නොහැකිය. ඒ නිසා පමා නොවව්. ඒ ස්ත්‍රීහු රජගෙය දැවෙද්දී වේදනාපරිග්රහකර්මස්ථානය කරන්නාහු කිසි තැනැත්තියක් දෙවෙනි ඵලයටද, තවත් සමහරු තෙවෙනි ඵලයටද, පැමිණියාහුය. එහෙයින් මෙසේ කියා ඇත.
“අථ ඛො සම්බහුලා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං – ‘ඉධ, භන්තෙ, රඤ්ඤො උතෙනස්ස උය්යානගතස්ස අන්තෙපුරං දඩ්ඪං, පඤ්ච ච ඉත්ථිසතානි කාලකතානි සාමාවතිප්පමුඛානි. තාසං, භන්තෙ, උපාසිකානං කා ගති, කො අභිසම්පරායො’ති? සන්තෙත්ථ, භික්ඛවෙ, උපාසිකායො සොතාපන්නා, සන්ති සකදාගාමියො, සන්ති අනාගාමියො, සබ්බා තා, භික්ඛවෙ, උපාසිකායො අනිප්ඵලා කාලකතා”ති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
ඉන්පසු බොහෝ භික්ෂූහු පසුබත් වේලෙහි පිඬු පිණිස හැසිරෙමින් ගොස් බුදුරදුන් හමුවට පැමිණියාහුය. එසේ පැමිණ බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්ස, උදේන රජු උයනට ගිය අවස්ථාවක සාමාවතී සමග ස්ත්‍රීන් පන්සීයක්ද අන්තඃපුරයද දැවී ගියේය. ස්වාමීනි, ඒ උපාසිකාවේ කොහි උපන්නාහුද? ඔවුන්ගේ පරලොව තත්ත්වය කුමක්ද? මහණෙනි, ඒ උපාසිකා පිරිස අතර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ට පැමිණි අය වෙති. ඒ උපාසිකාවෝ නිකරුණේම කළුරිය නොකළහ. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළ සේක.
“මොහසම්බන්ධනො ලොකො, භබ්බරූපොව දිස්සති; උපධීබන්ධනො බාලො, තමසා පරිවාරිතො; සස්සතොරිව ඛායති, පස්සතො නත්ථි කිඤ්චන”න්ති. (උදා· 70);
ලොව මෝහ අඳුරෙන් බැඳී ඇත හැම විටකම හිංසාකරනු රුචි බව නිරතුරුවම පළට වෙයි කෙලෙසින් ගහන ලෝකය තමසින් අඳුරටම යයි නොනැසෙන ලෙසක් පෙනුණත් හැම දෙයම වැනසී යයි
එවඤ්ච පන වත්වා, “භික්ඛවෙ, සත්තා නාම වට්ටෙ විචරන්තා නිච්චකාලං අප්පමත්තා හුත්වා පුඤ්ඤකම්මමෙව න කරොන්ති, පමාදිනො හුත්වා පාපකම්මම්පි කරොන්ති. තස්මා වට්ටෙ විචරන්තා සුඛම්පි දුක්ඛම්පි අනුභවන්තී”ති ධම්මං දෙසෙසි.
මෙසේත් වදාරා, මහණෙනි, සත්ත්වයෝ සංසාර වෘත්තයෙහි හැසිරෙන විට නිතරම නොපමා වී පින්කම්ම නොකෙරෙති. ප්‍රමාද වී පව්කම්ද කරති. එනිසා සසර හැසිරෙන විට සැපදුක් දෙකම අනුභව කෙරෙත් යයි දහම් දෙසූහ.
රාජා “සාමාවතියා ගෙහං කිර ඣායතී”ති සුත්වා වෙගෙනාගච්ඡන්තොපි අදඩ්ඪෙ සම්පාපුණිතුං නාසක්ඛි. ආගන්ත්වා පන ගෙහං නිබ්බාපෙන්තො උප්පන්නබලවදොමනස්සො අමච්චගණපරිවුතො නිසීදිත්වා සාමාවතියා ගුණෙ අනුස්සරන්තො, “කස්ස නු ඛො ඉදං කම්ම”න්ති චින්තෙත්වා – “මාගණ්ඩියාය කාරිතං භවිස්සතී”ති ඤත්වා, “තාසෙත්වා පුච්ඡියමානා න කථෙස්සති, සණිකං උපායෙන පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා අමච්චෙ ආහ – “අම්භො, අහං ඉතො පුබ්බෙ උට්ඨාය සමුට්ඨාය ආසඞ්කිතපරිසඞ්කිතොව හොමි, සාමාවතී මෙ නිච්චං ඔතාරමෙව ගවෙසති, ඉදානි පන මෙ චිත්තං නිබ්බුතං භවිස්සති, සුඛෙන ච වසිතුං ලභිස්සාමී”ති, තෙ “කෙන නු ඛො, දෙව, ඉදං කත”න්ති ආහංසු. “මයි සිනෙහෙන කෙනචි කතං භවිස්සතී”ති. මාගණ්ඩියාපි සමීපෙ ඨිතා තං සුත්වා, “නාඤ්ඤො කොචි කාතුං සක්ඛිස්සති, මයා කතං, දෙව, අහං චූළපිතරං ආණාපෙත්වා කාරෙසි”න්ති ආහ. “තං ඨපෙත්වා අඤ්ඤො මයි සිනෙහො සත්තො නාම නත්ථි, පසන්නොස්මි, වරං තෙ දම්මි, අත්තනො ඤාතිගණං පක්කොසාපෙහී”ති.
රජු, සාමාවතී ප්රමුඛ පිරිස ගේ තුළ දැවෙතියි අසා වේගයෙන් එහි ආ නමුත් දැවී අවසන් වන තුරුත් පැමිණිය නොහැකි විය. එහි පැමිණ ගිනිනිවා එය දැක උපන් බලවත් දොම්නසින් යුක්තව ඇමතියන් පිරිවරා ගෙන සාමාවතියගේ ගුණ සිහිකරමින් මෙය කාගේ වැඩක්දැයි සිතා මාගන්දියගේ බව දැන, ඇගෙන් ඇසුවත් මෙය නොකියන්නීය. සෙමින් උපායෙන් අසාගන්නෙමියි සිතා ඇමතියන් සමග මෙසේ කීවේය. සගයෙනි, මම මීට පෙර පටන් උනන්දුවෙමින් සැකයට පැමිණෙමින් කල්ගෙවීමි. ඈ නිතරම මගේ වැටීමක් ම සෙවුවාය. දැන් මගේ සිතට නිවීමක් ඇති විය. දැන් ඉතින් සුවසේ නිදාගත හැකිය. කවුරුන් විසින් මෙය කරනලද්දේදැයි මම නොදනිමි. මට හිතවත් කවුරුන් හෝ කරන ලදැයි සිතමි. ඒ ළඟම නොපෙනී සිටි මාගන්දිය ඒ කථාව අසා මෙය කරන්ට වෙන කවුරු සමත්ද? මවිසින් ම සුළුපියාට නියම කොට මෙය කරවූයෙමියි කීවාය. ඔබ හැර මට සෙනෙහැති වෙනත් කෙනෙක් නැත. මම ඉතාමත් පැහැදීමට පත්වීමි. ඔබට වරයක් දෙනු කැමැත්තෙමි. ඔබේ සියලු නෑයන් කැඳවන්නැයි කීවේය.
සා ඤාතකානං සාසනං පහිණි – “රාජා මෙ පසන්නො වරං දෙති, සීඝං ආගච්ඡන්තූ”ති. රාජා ආගතාගතානං මහන්තං සක්කාරං කාරෙසි. තං දිස්වා තස්සා අඤ්ඤාතකාපි ලඤ්ජං දත්වා “මයං මාගණ්ඩියාය ඤාතකා”ති ආගච්ඡිංසු. රාජා තෙ සබ්බෙ ගාහාපෙත්වා රාජඞ්ගණෙ නාභිප්පමාණෙ ආවාටෙ ඛණාපෙත්වා තෙ තත්ථ නිසීදාපෙත්වා පංසූහි පූරෙත්වා උපරි පලාලෙ විකිරාපෙත්‍වා අග්ගිං දාපෙසි. චම්මස්ස දඩ්ඪකාලෙ අයනඞ්ගලෙන කසාපෙත්වා ඛණ්ඩාඛණ්ඩං හීරාහීරං කාරෙසි. මාගණ්ඩියාය සරීරතොපි තිඛිණෙන සත්ථෙන ඝනඝනට්ඨානෙසු මංසං උප්පාටෙත්වා තෙලකපාලං උද්ධනං ආරොපෙත්වා පූවෙ විය පචාපෙත්වා තමෙව ඛාදාපෙසි.
මාගන්දිය රජු මා කෙරෙහි පැහැදී සිටී, මගේ සියලු නෑයෝ වහා මෙහි පැමිණෙත්වායි හසුනක් යැවුවාය. රජු පැමිණි සියලු නෑයන්ට මහත් සැලකිලි සත්කාර කෙළේය. ඒ පුවත අසා මාගන්දියගේ නොනෑයෝත් අල්ලස් දී අපිත් මාගන්දියගේ නෑයන් වෙමුයි ආවාහ. රජු ඒ සියලු දෙනම රැගෙන රාජාංගනයෙහි, නැබ පමණ මහවළක් සාරවා ඔවුන් එහි ගිල්ලවා - බස්සවා මත්තෙහි පිදුරු විසුරුවා ගිනි තැබීය. දම දැවී ගිය කල යකඩ නගුලින් සාවා කඩකඩ කොට කැබලිවලට ඉරා වධ කොට දැමීය. මාගන්දියගේ සිරුරේ ලොකු තද තැන් තියුණු සැතකින් මස්පිඩු කපා තෙල් පිරවූ කබළක් ලිප තබා මස්පිඩු කැවුම් මෙන් බැද ඈටම කැවීය.
ධම්මසභායම්පි භික්ඛූ කථං සමුට්ඨාපෙසුං, “අනනුච්ඡවිකං වත, ආවුසො, එවරූපාය සද්ධාය පසන්නාය උපාසිකාය එවරූපං මරණ”න්ති. සත්ථා ආගන්ත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ “භික්ඛවෙ, ඉමස්මිං අත්තභාවෙ සාමාවතිප්පමුඛානං ඉත්ථීනං එතං අයුත්තං සම්පත්තං. පුබ්බෙ කතකම්මස්ස පන යුත්තමෙව එතාහි ලද්ධ”න්ති වත්වා, “කිං, භන්තෙ, එතාහි පුබ්බෙ කතං, තං ආචික්ඛථා”ති තෙහි යාචිතො අතීතං ආහරි –
සාමාවති වැනි ශ්‍රද්ධාව ඇති උපාසිකාවක් මෙසේ මරණයට පත්කිරීම නුසුදුසු යයි එදින දම්සබා මණ්ඩපයට රැස් වූ භික්ෂූහු කථා කළහ. බුදුරදුන් එහි වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙබඳු කථාවකිනියි කී කල්හි මහණෙනි සාමාවතී ප්රමුඛ ස්ත්රීන්ට මේ ආත්මයේදී නම් මෙය අමුත්තකි. එහෙත් පෙර අත්බවෙක කළ කර්මය අනුව නම් යුතුයයි ද එය ඔවුන් විසින් ලදමනා දෙයකැයිද වදාළ කල්හි භාග්‍යවතුන් වහන්ස, මොවුන් විසින් පෙර කළ කර්මය වදාරනු මැනවැයි ඉල්ලා සිටිකල්හි අතීත කථාව ගෙනහැර දක්වා වදාළහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ රාජගෙහෙ නිබද්ධං අට්ඨ පච්චෙකබුද්ධා භුඤ්ජන්ති. පඤ්චසතා ඉත්ථියො තෙ උපට්ඨහන්ති. තෙසු සත්ත පච්චෙකබුද්ධා හිමවන්තං ගච්ඡන්ති, එකො නදීතීරෙ එකං තිණගහනං අත්ථි, තත්ථ ඣානං සමාපජ්ජිත්වා නිසීදි. අථෙකදිවසං රාජා පච්චෙකබුද්ධෙසු ගතෙසු තා ඉත්ථියො ආදාය නදියං උදකකීළං කීළිතුං ගතො. තත්ථ තා ඉත්ථියො දිවසභාගං උදකෙ කීළිත්වා උත්තරිත්වා සීතපීළිතා අග්ගිං විසිබ්බෙතුකාමා “අම්හාකං අග්ගිකරණට්ඨානං ඔලොකෙථා”ති අපරාපරං විචරන්තියො තං තිණගහනං දිස්වා, “තිණරාසී”ති සඤ්ඤාය තං පරිවාරෙත්වා ඨිතා අග්ගිං අදංසු. තිණෙසු ඣායිත්වා පතන්තෙසු පච්චෙකබුද්ධං දිස්වා, “නට්ඨාම්හා, අම්හාකං රඤ්ඤො පච්චෙකබුද්ධො ඣායති, රාජා ඤත්වා අම්හෙ නාසෙස්සති, සුදඩ්ඪං නං කරිස්සාමා”ති සබ්බා තා ඉත්ථියො ඉතො චිතො ච දාරූනි ආහරිත්වා තස්ස උපරි දාරුරාසිං කරිංසු. මහාදාරුරාසි අහොසි. අථ නං ආලිම්පෙත්වා, “ඉදානි ඣායිස්සතී”ති පක්කමිංසු. තා පඨමං අසඤ්චෙතනිකා හුත්වා කම්මුනා න බජ්ඣිංසු, ඉදානි පච්ඡා සඤ්චෙතනාය කම්මුනා බජ්ඣිංසු. පච්චෙකබුද්ධං පන අන්තොසමාපත්තියං සකටසහස්සෙහි දාරූනි ආහරිත්වා ආලිම්පෙන්තාපි උස්මාකාරමත්තම්පි ගහෙතුං න සක්කොන්ති. තස්මා සො සත්තමෙ දිවසෙ උට්ඨාය යථාසුඛං අගමාසි. තා තස්ස කම්මස්ස කතත්තා බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන අත්තභාවසතෙ ඉමිනාව නියාමෙන ගෙහෙ ඣායමානෙ ඣායිංසු. ඉදං එතාසං පුබ්බකම්මන්ති.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන කාලයෙහි ඒ රජගෙදරට නිබඳව පසේබුදුවරු අටනමක් දන් වළඳති. පන්සීයක් වනිතාවෝ උන්වහන්සේලාට උවටැන් කරති. එයින් හත්නමක් හිමවතට වඩිති. එක් නමක් නදීතීරයෙහි තෘණ ලැහැබක ධ්‍යානයට සමවැදී සිටිති. දිනක් රජු පසේබුදුවරුන් හිමවතට වැඩිය පසු ඒ ස්ත්‍රීන්ද කැටුව ජලක්‍රීඩා පිණිස ගියේය. ඒ ස්ත්‍රීහු වරුවක්ම ජලක්‍රීඩා කොට නදියෙන් ගොඩ අවුත් සීතලෙන් පෙළෙමින් ගිනිතපිනු කැමතිව අපට ගිනි දැල්වීමට සුදුසු තැනක් බලවයි එහා මෙයා ඇවිදින විට ඒ තණලැහැබ දැක තණගොඩෙකියි යන හැඟීමෙන් ඒ වටා සිට ගිනි තැබූහ. තණ දැවී වැටෙන විට ඒ මැද සිටි පසේබුදුන් දැක නැහුණා, නැහුණා, රජුන්ගේ පසේබුදුන් පිළිස්සෙනවා, රජු දැනගත්තොත් අපත් වනසා දමනු ඇතැයිද දැන් ඉතින් මොහු හොඳටම පුළුස්සා දමමුයයි සියලුදෙනා ඔබමොබ ඇවිද දර ගෙනවුත් උන්වහන්සේ මත හෙළා ඒකරාශී කොට මහදරසෑයක් කළහ. දැන් ඉතින් මුළුමනින්ම දැවෙනු ඇතැයි එතනින් ඉවත්ව ගියහ. ඔවුහු පළමුව අචේතනිකව සිට පසුව සචේතනිකව - දැනදැනම එම පාපකර්මයෙහි බැඳුණාහ. පසේබුදුවරුන්ට වනාහි සමාපත්තියකට සමවැදී සිටින අතරතුර ගැල් දහසකින් දර දමා ගිනි තබා වුවද උණුසුමක් පවා දැන්වීමට නොහැක. එහෙයින් උන්වහන්සේ සත්වෙනි දිනයෙහි සමවතින් නැගිට සැපසේ වැඩියහ. ඒ ස්ත්‍රීහු ඒ පාපකර්මයෙන් අවුරුදු දහස් ගණනක් නිරා දුක්විඳ එහි විපාක වශයෙන්ම අත්බැව් සියයක් මේ ලෙසින්ම ගෙවල් ගිනිගෙන දැවුණාහ. මේ ඔවුන්ගේ පූර්වකෘත කර්මයයි.
එවං වුත්තෙ භික්ඛූ සත්ථාරං පටිපුච්ඡිංසු – “ඛුජ්ජුත්තරා පන, භන්තෙ, කෙන කම්මෙන ඛුජ්ජා ජාතා, කෙන කම්මෙන මහාපඤ්ඤා, කෙන කම්මෙන සොතාපත්තිඵලං අධිගතා, කෙන කම්මෙන පරෙසං පෙසනකාරිතා ජාතා”ති? භික්ඛවෙ, තස්සෙව රඤ්ඤො බාරාණසියං රජ්ජං කරණකාලෙ ස්වෙව පච්චෙකබුද්ධො ථොකං ඛුජ්ජධාතුකො අහොසි. අථෙකා උපට්ඨායිකා ඉත්ථී කම්බලං පාරුපිත්වා සුවණ්ණසරණං ගහෙත්වා, “අම්හාකං පච්චෙකබුද්ධො එවඤ්ච එවඤ්ච විචරතී”ති ඛුජ්ජා හුත්වා තස්ස විචරණාකාරං දස්සෙසි. තස්ස නිස්සන්දෙන ඛුජ්ජා ජාතා. තෙ පන පච්චෙකබුද්ධෙ පඨමදිවසෙ රාජගෙහෙ නිසීදාපෙත්වා පත්තෙ ගාහාපෙත්වා පායාසස්ස පූරෙත්වා දාපෙසි. උණ්හපායාසස්ස පූරෙ පත්තෙ පච්චෙකබුද්ධා පරිවත්තෙත්වා පරිවත්තෙත්වා ගණ්හන්ති. සා ඉත්ථී තෙ තථා කරොන්තෙ දිස්වා අත්තනො සන්තකානි අට්ඨ දන්තවලයානි දත්වා, “ඉධ ඨපෙත්වා ගණ්හථා”ති ආහ. තෙසු තථා කත්වා තං ඔලොකෙත්වා ඨිතෙසු තෙසං අධිප්පායං ඤත්වා, “නත්ථි, භන්තෙ, අම්හාකං එතෙහි අත්ථො. තුම්හාකඤ්ඤෙව එතානි පරිච්චත්තානි, ගහෙත්වා ගච්ඡථා”ති ආහ. තෙ ගහෙත්වා නන්දමූලකපබ්භාරං අගමංසු. අජ්ජතනාපි තානි වලයානි අරොගානෙව. සා තස්ස කම්මස්ස නිස්සන්දෙන ඉදානි තිපිටකධරා මහාපඤ්ඤා ජාතා. පච්චෙකබුද්ධානං කතඋපට්ඨානස්ස නිස්සන්දෙන පන සොතාපත්තිඵලං පත්තා. ඉදමස්සා බුද්ධන්තරෙ පුබ්බකම්මං.
මෙසේ වදාළ කල්හි භික්ෂූහු නැවතත් බුදුරදුන්ගෙන් මෙසේ විචාළහ. භාග්‍යවතුන් වහන්ස, කිනම් කර්මයකින් ඛුජ්ජුත්තරාව කුදුවූවාද? කිනම් කර්මයකින් මහාප්‍රාඥ වූවාද? කිනම් කර්මයකින් සෝවාන්ඵලයට පැමිණියාද? කුමක් නිසා අනුන් විසින් පෝෂණය කළයුතු වූවාද? මහණෙනි, ඒ බරණැසම බ්‍රහ්මදත්ත රජුන් විසින් රජකම් කරනු ලබද්දී ඒ පසේබුදුවරයන් අතර එක්නමක් මදක් කුදුගැහුණු ස්වරූපයෙන් සිටියහ. අර උපාසිකාවන්ගෙන් එක්කෙනෙක් කම්බිලියක් පෙරවා රන්තැටියක් අතින් ගෙන අපේ පසේබුදුන් වහන්සේ මෙන්න මෙහෙමයි වඩින්නේ කියමින් මඳක් කුදු ගැසී උන්වහන්සේගේ ගමන අනුකරණය කොට දැක්වූවාය. ඒ පවුකමින් කුදුවූවාය. ඔවුහු ප්‍රථම දිනයෙහි පසේබුදුවරුන් රජගෙදර වඩා හිඳුවා පායාස පිළිගැන්වූහ. උණුසුම් පායාසයෙන් පිරුණු පාත්‍ර ඒ අතින් මේ අතට මේ අතින් ඒ අතට මාරුකරමින් අල්ලාගෙන සිටියහ. ඒ ස්ත්‍රීහු පසේබුදුවරු එසේ කරනු දැක, තමතමන් සන්තක වූ දළකඩ වළළු (ඇත් දළින් කළ වළළු) අටක් දී මේ වළළු මත තබා ගනු මැනවැයි කීවාහුය. ඔවුන් එසේ කර ඒ දෙස බලා සිටි විට, ස්වාමීනි, අපට මේවාගෙන් වැඩක් නැත. ඔබවහන්සේලාටම මේවා පරිත්‍යාග කරන ලදී, රැගෙන වඩින්නැයිද කීවාහුය. උන්වහන්සේලා නන්දමූලක නම් පර්වතයට වැඩියාහ. අද දක්වාත් ඒ වළළු යහතින් පවතී. ඕ තොමෝ මේ පින්කමේ හේතුවෙන් මෙකල ත්‍රිපිටකධාරී වූවාය. පසේබුදුවරුන්ට කළ උපස්ථාන පින්කමේ බලයෙන් සෝවාන්ඵලයට පැමිණියාය. මේ ඈ මෙම බුද්ධාන්තරයෙහි කළ කුශලාකුශල කර්මයන්ය.
කස්සපසම්මාසම්බුද්ධකාලෙ පන එකා බාරාණසිසෙට්ඨිනො ධීතා වඩ්ඪමානකච්ඡායාය ආදාසං ගහෙත්වා අත්තානං අලඞ්කරොන්තී නිසීදි. අථස්සා විස්සාසිකා එකා ඛීණාසවා භික්ඛුනී තං දට්ඨුං අගමාසි. භික්ඛුනියො හි ඛීණාසවාපි සායන්හසමයෙ උපට්ඨාකකුලානි දට්ඨුකාමා හොන්ති. තස්මිං පන ඛණෙ සෙට්ඨිධීතාය සන්තිකෙ කාචි පෙසනකාරිකා නත්ථි, සා “වන්දාමි, අය්යෙ, එතං තාව මෙ පසාධනපෙළකං ගහෙත්වා දෙථා”ති ආහ. ථෙරී චින්තෙසි – “සචස්සා ඉමං ගණ්හිත්වා න දස්සාමි, මයි ආඝාතං කත්වා නිරයෙ නිබ්බත්තිස්සති. සචෙ පන දස්සාමි, පරස්ස පෙසනකාරිකා හුත්වා නිබ්බත්තිස්සති. නිරයසන්තාපතො ඛො පන පරස්ස පෙසනභාවොව සෙය්යො”ති. “සා අනුදයං පටිච්ච තං ගහෙත්වා තස්සා අදාසි. තස්ස කම්මස්ස නිස්සන්දෙන පරෙසං පෙසනකාරිකා ජාතා”ති.
කාශ්‍යප සම්මාසම්බුදුන් කල බරණැස්සිටුහුගේ එක් දුවණියක් හිර අවරට යන වේලාවේ කැඩපතක් ගෙන තමන් සැරසෙමින් සිටියාය. ඒ වේලාවේ ඇගේ හිතවත් එක් රහත් භික්ෂුණියක් ඈ දකින්නට එහි පැමිණියාය. භික්ෂුණීහු රහත් වූවත් තමන්ගේ උපස්ථායක ගෙවල්වලට සවස් මානයේ යෙති. එවේලෙහි සිටුදුව ළඟ කිසියම් දාසියක් නොවූවාය. සිටුදුව ආර්යාවනි, වඳිමි. මගේ අර පළඳනා පෙට්ටිය අරගෙන දෙන්නැයි කීවාය. රහත් මෙහෙණියෝ යම්හෙයකින් මේ පෙට්ටිය රැගෙන නොදුන්නොත් මා කෙරෙහි ආඝාත ඇති කරගෙන නිරයෙහි උපදින්නීය. මෙය රැගෙන දුන්නොත් අනුන්ට වැඩ කරන දාසියක වන්නීය. නිරාදුකට වඩා අනුන්ට මෙහෙ කිරීම සුදුසු යයි සිතා ඈ කෙරෙහි අනුකම්පා උපදවා ආභරණ පෙට්ටිය රැගෙන දුන්නාහුය. එම කර්ම විපාකයෙන් අනුන්ට මෙහෙ කරන්නියක වූවාය.
අථ පුනෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “සාමාවතිප්පමුඛා පඤ්චසතා ඉත්ථියො ගෙහෙ අග්ගිනා ඣායිංසු, මාගණ්ඩියාය ඤාතකා උපරි පලාලග්ගිං දත්වා අයනඞ්ගලෙහි භින්නා, මාගණ්ඩියා පක්කුථිතතෙලෙ පක්කා, කෙ නු ඛො එත්ථ ජීවන්ති නාම, කෙ මතා නාමා”ති. සත්ථා ආගන්ත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, යෙ කෙචි පමත්තා, තෙ වස්සසතං ජීවන්තාපි මතායෙව නාම. යෙ අප්පමත්තා, තෙ මතාපි ජීවන්තියෙව. තස්මා මාගණ්ඩියා ජීවන්තීපි මතායෙව නාම, සාමාවතිප්පමුඛා පඤ්චසතා ඉත්ථියො මතාපි ජීවන්තියෙව නාම. න හි, භික්ඛවෙ, අප්පමත්තා මරන්ති නාමා”ති වත්වා ඉමා ගාථා අභාසි –
නැවත දිනක දම්සබාමණ්ඩපයෙහි මෙබඳු කථාවක් ඇති විය. සාමාවතී ප්රමුඛ ස්ත්‍රීන් පන්සීයක් ගෙදරම ගින්නෙන් දැවුණාහ. මාගන්දියගේ නෑයෝ පිදුරු දමා ගිනිතියා යකඩ නගුලෙන් සානලද සිරුරු ඇතිව මළහ. මාගන්දිය පැසුණු තෙළෙහි බැදී මැරුණාය. මෙයින් ජීවත්වන්නෝ නම් කවුරුන්ද? මළාහු නම් කවුරුන්ද? බුදුරජාණන්වහන්සේ එහි පැමිණ මහණෙනි, කිනම් කථාවක් කරමින් හුන්නාහුදැයි විචාරා ස්වාමීනි මෙබදු කථාවකිනියි දැන්වූ කල, මහණෙනි, යම් කිසිවෙක් ප්‍රමාද නම් ඔවුහු සියවසක් ජීවත් වූ නමුත් මළවුන් හා සමානය. යමෙක් අප්‍රමාද නම් ඔවුහු මළත් නැතත් සැමදා ජීවත් වන්නාහුම වෙති. එනිසා මාගන්දිය ජීවත්වුවත් මළාක් මෙනි. සාමාවතී ප්රමුඛ පිරිස මළත් ජීවත්වන්නාහුම වෙති. මහණෙනි, අප්‍රමාද වූවාහු නොමැරෙතියි වදාරා මේ ගාථා ද වදාළහ.
“අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං; අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.
නොපමා බව නිවන් මගයි පමාව මරුමුවට ළඟයි නොපමා වූවෝ නොමියෙති ප්රමාදියෝ මළවුන් මෙනි
“එවං විසෙසතො ඤත්වා, අප්පමාදම්හි පණ්ඩිතා; අප්පමාදෙ පමොදන්ති, අරියානං ගොචරෙ රතා.
මෙකරුණ වෙසෙසින් දැනගෙන නොපනමා වන නුවණැත්තෝ තම නොපමාවෙහි තුටුවෙති ආරියයන් නිති තුටුවන
“තෙ ඣායිනො සාතතිකා, නිච්චං දළ්හපරක්කමා; ඵුසන්ති ධීරා නිබ්බානං, යොගක්ඛෙමං අනුත්තර”න්ති.
භාවනාව පුරුදු කරන ඒ උතුමෝ විරිය වඩන යෝග නොමැති අනුත්තරවු නිවනේ ඇති රස වළදිති
තත්ථ අප්පමාදොති පදං මහන්තං අත්ථං දීපෙති, මහන්තං අත්ථං ගහෙත්වා තිට්ඨති. සකලම්පි හි තෙපිටකං බුද්ධවචනං ආහරිත්වා කථියමානං අප්පමාදපදමෙව ඔතරති. තෙන වුත්තං –
එහි අප්පමාද යන පදය මහත්වූ යන අරුත ගෙන දෙයි. මහත්වූ අර්ථයක් ගෙන සිටියි. සියලු ත්‍රිපිටක බුද්ධවචනය ගෙන හැර පා කියන විට අප්පමාද යන පදයම යොදනු ලැබේ. එහෙයින් මෙසේ කියා ඇත -
“සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගලානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙතෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායතී”ති (සං· නි· 5.140).
මහණෙනි, යම්සේ ජංගම වූ සියලු ප්‍රාණීන්ගේ පියවරවල් ඇද්ද? ඒ සියල්ල ඇත්පා සටහන තුළ ඇතුළත් කළහැකි වේද, එහෙයින්ම එය සියලු සතුන්ගේ පියවර සටහන්වලට වඩා විශාල යය කියනු ලැබේ. ඒ එය මහත් වූ එකක් හෙයිනි. එසේම මහණෙනි, සියලු කුසල් දහම් අප්‍රමාදය මුල්කොටම පවතී. අප්පමාද යන්නෙහි අන්තර්ගත වෙයි. අප්පමාදය ඒ දහම්වලට අග්‍ර යයි කියනු ලැබෙයි.
සො පනෙස අත්ථතො සතියා අවිප්පවාසො නාම. නිච්චං උපට්ඨිතාය සතියා චෙතං නාමං. අමතපදන්ති අමතං වුච්චති නිබ්බානං. තඤ්හි අජාතත්තා නු ජීයති න මීයති, තස්මා අමතන්ති වුච්චති. පජ්ජන්ති ඉමිනාති පදං, අමතං පාපුණන්තීති අත්ථො. අමතස්ස පදං අමතපදං, අමතස්ස අධිගමූපායොති වුත්තං හොති, පමාදොති පමජ්ජනභාවො, මුට්ඨස්සතිසඞ්ඛාතස්ස සතියා වොසග්ගස්සෙතං නාමං. මච්චුනොති මරණස්ස. පදන්ති උපායො මග්ගො. පමත්තො හි ජාතිං නාතිවත්තති, ජාතො ජීයති චෙව මීයති චාති පමාදො මච්චුනො පදං නාම හොති, මරණං උපෙති. අප්පමත්තා න මීයන්තීති සතියා සමන්නාගතා හි අප්පමත්තා න මරන්ති. අජරා අමරා හොන්තීති න සල්ලක්ඛෙතබ්බං. න හි කොචි සත්තො අජරො අමරො නාම අත්ථි, පමත්තස්ස පන වට්ටං නාම අපරිච්ඡින්නං, අප්පමත්තස්ස පරිච්ඡින්නං. තස්මා පමත්තා ජාතිආදීහි අපරිමුත්තත්තා ජීවන්තාපි මතායෙව නාම. අප්පමත්තා පන අප්පමාදලක්ඛණං වඩ්ඪෙත්වා ඛිප්පං මග්ගඵලානි සච්ඡිකත්වා දුතියතතියඅත්තභාවෙසු න නිබ්බත්තන්ති. තස්මා තෙ ජීවන්තාපි මතාපි න මීයන්තියෙව නාම.
ඒ වනාහි සිහියෙන් තොර නොවී සිටීම යන තේරුමයි. මේ වනාහි සිහියෙන් තොර නොවී සිටීමයි. අප්පමාදං යන මෙහි අමෘතය නම් නිර්වාණයයි. එය නූපන්නක් හෙයින් නොදිරයි, නොමැරෙයි, එහෙයින් අමෘත යයි කියනු ලැබේ. මෙයින් පැමිණේ යන අරුතින් පද නම් වේ. අමෘතයට පැමිණෙත් යනු අර්ථයි. අමෘතයට අධිගම උපාය යයි කියූ ආකාරයයි. පමාදො යනු ප්‍රමාද වීමේ ස්වභාවයයි. මුට්ඨස්සති නම් වූ සිහිය හැර දැමීමට මෙය නමකි. මච්චුනො යනු මරණයට නමකි. පදං යනු උපායයි, මාර්ගයයි. පමාවන්නා ඉපදීම නොඉක්මවයි. උපන් තැනැත්තා දිරීමටත් මරණයටත් පත්වන හෙයින් පමාදො මච්චුනෝපදං, ප්‍රමාදයෙන් මරණයට පත්වෙයි, හෙවත් මැරෙයි. අප්පමත්තා න මීයන්ති යනු සිහියෙන් යුතු අප්රමාදී පුද්ගලයා නොමැරෙයි. අජරාමර වෙත් යයි නොසැලකිය යුතුයි. අජරාමර තත්ත්වයට පැමිණෙන කිසිම සතකු නැත. පමා වූවහුගේ සසර පැවැත්මේ අවසානයක් නැත. අප්රමාදියාගේ අවසානයක් ඇත. එහෙයින් ප්‍රමාද වන්නෝ ඉපදීම් ආදියෙන් නොමිදුණු හෙයින් ජීවත් වුවත් මළාහුම වෙති. අප්‍රමාදීහු වනාහි අප්‍රමාද ලක්ෂණ දියුණු කර ගනිමින් වහා මගපල සාක්ෂාත් කොට දෙවෙනි තෙවෙනි ආත්මභාවවලින් පසු නූපදිත්. එහෙයින් ඔවුහු ජීවත් වුවත් මළත් නොමැරෙත්මය.
යෙ පමත්තා යථා මතාති යෙ පන සත්තා පමත්තා, තෙ පමාදමරණෙන මතත්තා, යථා හි ජීවිතින්ද්රියුපච්ඡෙදෙන මතා දාරුක්ඛන්ධසදිසා අපගතවිඤ්ඤාණා, තථෙව හොන්ති. තෙසම්පි හි මතානං විය ගහට්ඨානං තාව “දානං දස්සාම, සීලං රක්ඛිස්සාම, උපොසථකම්මං කරිස්සාමා”ති එකචිත්තම්පි න උප්පජ්ජති, පබ්බජිතානම්පි “ආචරියුපජ්ඣායවත්තාදීනි පූරෙස්සාම, ධුතඞ්ගානි සමාදියිස්සාම, භාවනං වඩ්ඪෙස්සාමා”ති න උප්පජ්ජතීති මතෙන තෙ කිං නානාකරණාව හොන්ති. තෙන වුත්තං – “යෙ පමත්තා යථා මතා”ති.
යෙ පමත්තා යථා මතා යනු යම් සත්ව කෙනෙක් ප්‍රමාද නම් ඔවුහු ප්‍රමාද මරණයෙන් මළ හෙයින්, යම්සේ ජීවිතේන්ද්රිය ආයුප්රමාණයන් අවසන් ව මැරෙන්නහු දරකඳක් මෙන් පහවූ විඤ්ඤාණය ඇතිව මැරෙත්. ඒ ඒ ආකාරවලින් මැරුණාක් වැනි ගිහියන්ට, දන් දෙන්නෙමු. සිල් රකින්නෙමු, පෙහෙවස් වසන්නෙමු ආදි එක් සිතකුදු නූපදී යයි යන මතයෙහි පිහිටියා වූ ඔවුහු නොයෙක් අදහස් ඇති කර ගත්තාහු වෙති. යෙ පමත්තා යථා මතා යයි කීයේ එහෙයිනි.
එවං විසෙසතො ඤත්වාති පමත්තස්ස වට්ටතො නිස්සරණං නත්ථි, අප්පමත්තස්ස අත්ථීති එවං විසෙසතොව ජානිත්වා. කෙ පනෙතං විසෙසං ජානන්තීති? අප්පමාදම්හි පණ්ඩිතාති යෙ පණ්ඩිතා මෙධාවිනො සප්පඤ්ඤා අත්තනො අප්පමාදෙ ඨත්වා අප්පමාදං වඩ්ඪෙන්ති, තෙ එවං විසෙසකාරණං ජානන්ති. අප්පමාදෙ පමොදන්තීති තෙ එවං ඤත්වා තස්මිං අත්තනො අප්පමාදෙ පමොදන්ති, පහංසිතමුඛා තුට්ඨපහට්ඨා හොන්ති. අරියානං ගොචරෙ රතාති තෙ එවං අප්පමාදෙ පමොදන්තා තං අප්පමාදං වඩ්ඪෙත්වා අරියානං බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං ගොචරසඞ්ඛාතෙ චතුසතිපට්ඨානාදිභෙදෙ සත්තතිංස බොධිපක්ඛියධම්මෙ නවවිධලොකුත්තරධම්මෙ ච රතා නිරතා, අභිරතා හොන්තීති අත්ථො.
එතං විසෙසතො ඤත්ත්වා යනු පමා වන්නාහට වට්ට නම් වූ සංසාර දුකෙන් මිදීමක් නැත. අප්රමාදී පුද්ගලයාට පමණක් එය ඇත යන අදහසයි. මේ විශේෂත්වය විශේෂයෙන් ම දැනගෙන යනු ද මෙහි අදහසකි. කවරෙක් නම් මේ විශේෂය දැනගනිත්ද? අප්පමාදම්හි පණ්ඩිතා යනු (ඒ දැනගන්නා පුද්ගලයන්ය.) යමෙක් පණ්ඩිත නම්, දැන ගැනීමේ නුවණින් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම් ස්වකීය අප්රමාදී පිළිවෙතෙහි සිට එය වර්ධනය කර ගනිත්. ඔවුහු මෙසේ ඒ විශේෂ කාරණය දැන ගනිත්. අප්පමාදො පමොදන්ති යනු, මෙසේ දැනගෙන ඒ දැනගත් ස්වකීය අප්‍රමාද ප්‍රතිපත්තිය පිළිබඳව විශේෂයෙන් ප්‍රීතියට පත්වෙති. ප්‍රබෝධමත් සිනාමුසු මුහුණින් තුටුපහටු වෙත්. අරියානං ගොචරෙ රතා යනු මෙසේ ඒ ආකාරයෙන් අප්‍රමාදයෙන් ප්රමෝදයට පත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අප්රමාදී ප්‍රතිපදාව තවදුරටත් වඩා ආර්ය වූ බුදුපසේබුදුමහරහතන් වහන්සේලාගේ ගෝචර සංඛ්‍යාත සතරසතිපට්ඨානාදි භේදගත සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් හා නවවිධලෝකෝත්තරධර්මයන්හි ඇළෙමින් ඒවාහි නිරත වෙමින් වාසය කෙරෙත් යනු අර්ථයයි.
තෙ ඣායිනොති තෙ අප්පමත්තා පණ්ඩිතා අට්ඨසමාපත්තිසඞ්ඛාතෙන ආරම්මණූපනිජ්ඣානෙන විපස්සනාමග්ගඵලසඞ්ඛාතෙන ලක්ඛණූපනිජ්ඣානෙන චාති දුවිධෙනපි ඣානෙන ඣායිනො. සාතතිකාති අභිනික්ඛමනකාලතො පට්ඨාය යාව අරහත්තමග්ගා සතතං පවත්තකායිකචෙතසිකවීරියා. නිච්චං දළ්හපරක්කමාති යං තං පුරිසථාමෙන පුරිසවීරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා වීරියස්ස සණ්ඨානං භවිස්සතීති එවරූපෙන වීරියෙන අන්තරා අනොසක්කිත්වා නිච්චප්පවත්තෙන දළ්හපරක්කමෙන සමන්නාගතා.
තෙ ඣායිනො යනු ඒ අප්රමාදී පණ්ඩිත පුද්ගලයෝ අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ ආරම්මණ උපනිජ්ඣාන ලක්ෂණ කොට ඇති (අරමුණු නිරීක්ෂණය කිරීම) විදර්ශනාමාර්ගඵල සංඛ්‍යාත වූ ලක්ෂණ නිරීක්ෂණය කිරීම යන ද්විවිධ වූ ධ්‍යාන මගින් ධ්‍යානලාභී වූවාහු. සාතතිකාති යනු අභිනිෂ්ක්රමණයේ පටන් අර්හත්මාර්ගය දක්වා නිරන්තරව පවත්වනලද කායික චෛතිසක වීර්යයෝයි. නිච්චං දළ්හපරක්කමාති යනු යම් ඒ පුරුෂබලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු තැනට නොපැමිණි වීර්යයාගේ එකතු කිරීම (ගෙතීම) වන්නේ යයි මෙබඳු වීර්යයෙන් අතරතුර පසු නොබැස දැඩි උත්සාහයෙන් නිති පවත්වා ගන්නා වීර්යයෙන් යුක්ත වීමයි.
ඵුසන්තීති එත්ථ ද්වෙ ඵුසනා ඤාණඵුසනා ච, විපාකඵුසනා ච. තත්ථ චත්තාරො මග්ගා ඤාණඵුසනා නාම, චත්තාරි ඵලානි විපාකඵුසනා නාම. තෙසු ඉධ විපාකඵුසනා අධිප්පෙතා. අරියඵලෙන නිබ්බානං සච්ඡිකරොන්තො ධීරා පණ්ඩිතා තාය විපාකඵුසනාය ඵුසන්ති, නිබ්බානං සච්ඡිකරොන්ති. යොගක්ඛෙමං අනුත්තරන්ති යෙ චත්තාරො යොගා මහාජනං වට්ටෙ ඔසීදාපෙන්ති, තෙහි ඛෙමං නිබ්භයං සබ්බෙහි ලොකියලොකුත්තරධම්මෙහි සෙට්ඨත්තා අනුත්තරන්ති.
ඵුසන්ති යනු මෙහි ඵුසනා හෙවත් ස්පර්ශ කිරීම් දෙකකි. ඤාණඵුසනා - විපාකඵුසනා වශයෙනි. එහි සතර මාර්ගයෝ (සෝවාන් ආදි) ඤාණඵුසනා නම් වෙති. සතරඵලයෝ විපාකඵුසනා නම් වෙති. ඔවුනතුරෙන් මෙහි විපාකඵුසනා අදහස් කරන ලදි. ආර්යඵලයෙන් නිවන් අවබෝධ කරන ධෛර්යමත් පණ්ඩිතයෝ ඒ විපාකඵුසනාවන්ගෙන් නිවන් ස්පර්ශ කරති. නිවන් පසක් කරති. යොගක්ඛෙමං අනුත්තරං යනු මේ සතර මහා යෝගයෝ (කාම, බව, දිට්ඨි, අවිජ්ජා) නිරතුරුවම සත්ත්වයා සංසාර වෘත්තයෙහි - බැම්මෙහි ගිල්වා ලති. ඒ සතර මහා යෝගයන්ගෙන් ආරක්ෂාස්ථානය, නිර්භයස්ථානය වූ නිවන සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨ යයි අනුත්තරයයි කියනු ලැබේ.
දෙසනාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
මේ දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ආදි මාර්ගයන්ට පැමිණියහ. දේශනාව මහජනයාට සාර්ථක විය.
සාමාවතීවත්ථු පඨමං.
පළමුවන සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුවයි.