යෙදුමෙන් කියවන්න

4. කුම‍්භඝොසකසෙට‍්ඨිවත්‍ථු අට‍්ඨකථා

4. කුම‍්භඝොසකසෙට‍්ඨිවත්‍ථු

4. කුම්භඝෝෂක වස්තුව

උට‍්ඨානවතොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො කුම‍්භඝොසකං ආරබ‍්භ කථෙසි. රාජගහනගරස‍්මිඤ‍්හි රාජගහසෙට‍්ඨිනො ගෙහෙ අහිවාතරොගො උප‍්පජ‍්ජි, තස‍්මිං උප‍්පන‍්නෙ මක‍්ඛිකා ආදිං කත්‍වා යාව ගාවා පඨමං තිරච‍්ඡානගතා මරන‍්ති, තතො දාසකම‍්මකරො, සබ‍්බපච‍්ඡා ගෙහසාමිකා, තස‍්මා සො රොගො සබ‍්බපච‍්ඡා සෙට‍්ඨිඤ‍්ච ජායඤ‍්ච ගණ‍්හි. තෙ රොගෙන ඵුට‍්ඨා පුත‍්තං සන‍්තිකෙ ඨිතං ඔලොකෙත්‍වා අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි තං ආහංසු – “තාත, ඉමස‍්මිං කිර රොගෙ උප‍්පන‍්නෙ භිත‍්තිං භින්‍දිත්‍වා පලායන‍්තාව ජීවිතං ලභන‍්ති, ත්‍වං අම‍්හෙ අනොලොකෙත්‍වා පලායිත්‍වා ජීවන‍්තො පුනාගන‍්ත්‍වා අම‍්හාකං අසුකට‍්ඨානෙ නාම චත‍්තාලීස ධනකොටියො නිදහිත්‍වා ඨපිතා, තා උද‍්ධරිත්‍වා ජීවිකං කප‍්පෙය්‍යාසී”ති. සො තෙසං වචනං සුත්‍වා රුදමානො මාතාපිතරො වන්‍දිත්‍වා මරණභයභීතො භිත‍්තිං භින්‍දිත්‍වා පලායිත්‍වා පබ‍්බතගහනං ගන‍්ත්‍වා ද‍්වාදස වස‍්සානි තත්‍ථ වසිත්‍වා මාතාපිතුවසනට‍්ඨානං පච‍්චාගඤ‍්ඡි.

උට්ඨානවතො ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වසන සමයෙහි කුම්භඝෝෂක අරභයා දේශනා කරනලදි. රාජගෘහයෙහි රජගහ සිටුහුගේ ගෙදර අභිවාතක නම් රෝගය ඇතිවිය. ඒ රෝගය හටගත් කල මැස්සන් ආදිකොට ගවයන් දක්වා සියලු තිරිසන්සත්තු මිය යති. ඉන්පසු දැසිදස්සෝද සියල්ලන්ට පසුව ගෙහිමියෝද මියයති. එහෙයින් ඒ සියල්ලන්ට පසුව සිටුවරයාත් ඔහුගේ බිරිඳත් රෝගාතුර වූහ. රෝගයෙන් පෙළුණු ඔවුහු, ළඟ සිටි පුතා දෙස කඳුළු පිරි දෙනෙතින් බලා ඔහු අමතා මෙසේ කීහ. පුතණුවනි, මේ රෝගය වැළඳුණු විට බිත්ති බිඳගෙන පලායන්නෝ ජීවත්වෙති. ඔබ අප ගැන නොසලකා පලාගොස් ජීවත් වී නැවත අවුත් අසවල් තැන නිධන් කොට ඇති සතළිස්කෙළක් ධනය උපුටා (උඩට රැගෙන) ජීවත් වන්න. හෙතෙම ඔවුන්ගේ බස් අසා හඬමින් මවුපියන් වැඳ මරණභයින් බියපත්ව බිත්ති බිඳගෙන පර්වතගහනයකට පලාගොස් දොළොස්වසක් එහි වාසය කොට ආපසු ආවේය.

අථ නං දහරකාලෙ ගන‍්ත්‍වා පරූළ‍්හකෙසමස‍්සුකාලෙ ආගතත‍්තා න කොචි සඤ‍්ජානි. සො මාතාපිතූහි දින‍්නසඤ‍්ඤාවසෙන ධනට‍්ඨානං ගන‍්ත්‍වා ධනස‍්ස අරොගභාවං ඤත්‍වා චින‍්තෙසි – “මං න කොචි සඤ‍්ජානාති, සචාහං ධනං උද‍්ධරිත්‍වා වලඤ‍්ජිස‍්සාමි, ‘එකෙන දුග‍්ගතෙන නිධි උද‍්ධටො’ති මං ගහෙත්‍වා විහෙඨෙය්‍යුං, යංනූනාහං භතිං කත්‍වා ජීවෙය්‍ය”න‍්ති. අථෙකං පිලොතිකං නිවාසෙත්‍වා, “අත්‍ථි කොචි භතකෙන අත්‍ථිකො”ති පුච‍්ඡන‍්තො භතකවීථිං පාපුණි. අථ නං භතකා දිස‍්වා, “සචෙ අම‍්හාකං එකං කම‍්මං කරිස‍්සසි, භත‍්තවෙතනං තෙ දස‍්සාමා”ති ආහංසු. “කිං කම‍්මං නාමා”ති? “පබොධනචොදනකම‍්මං. සචෙ උස‍්සහසි, පාතොව උට‍්ඨාය ‘තාතා, උට‍්ඨහථ, සකටානි සන‍්නය‍්හථ, ගොණෙ යොජෙථ, හත්‍ථිඅස‍්සානං තිණත්‍ථාය ගමනවෙලා; අම‍්මා, තුම‍්හෙපි උට‍්ඨහථ, යාගුං පචථ, භත‍්තං පචථා’ති විචරිත්‍වා ආරොචෙහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. අථස‍්ස වසනත්‍ථාය එකං ඝරං අදංසු. සො දෙවසිකං තං කම‍්මං අකාසි.

ඉක්බිති ළමාකාලයේ ගොස් දැළි රැවුල් ඇතිව පැමිණි ඔහු කිසිවකුත් හැඳින නොගත්තෝය. හෙතෙම මවුපියන් දුන් සලකුණු අනුව ධනය ඇති තැනට ගොස් ධනය සුරක්ෂිත බව දැනගෙන මෙසේ සිතීය. මෙහි කිසිවක් මා නොහඳුනති. ඉතින් මම මේ ධනය උපුටා එය පරිහරණය කරතොත්, මෙහි එක් නිර්ධන එකෙක් නිධානයක් හාරා ගත්තේ යයි මා අල්වා මට හිංසා පීඩා කළ හැකිය. බැළමෙහෙකොට ජීවත්වීම ඊට වඩා අගනේය. මෙසේ සිතා එක කඩමාල්ලක් ඇඳගෙන බැළමෙහෙ කරන්නෙක් කාටවත් අවශ්‍යදැයි අසමින් භතකවීථියට පැමිණියේය. ඉන්පසු භතකයෝ ඔහු දැක, අපට එක් වැඩක් ඇත. ඔබ එය කර දේනනෙහි නම් ඔබට බත්බැළ දෙන්නෙමුයයි කීවාහුය. කුමක්ද ඒ කටයුත්ත? පබෝදනචෝදන කර්මයයි හෙවත් මිනිසුන් අවදි කරවීමයි. අලුයමින්ම නැගිට දරුවනි, නැගිටිව්. කරත්ත ඔසවා ගනිව්. හරක් එළියට ගනිව්. ඔවුන් රියවල බඳිව්. ඇතුන් හා අසුන් තෘණාදි ආහාර සඳහා යොදන වේලාවයි. මෑණිවරුනි, ඔබලාත් අවදි වන්න. කැඳ උයන්න. බත් පිසන්න යයි හැම තැන ඇවිදිමින් දන්වන්නැයි කීහ. හෙතෙම යහපතැයි පිළිගත්තේය. ඉන්පසු ඔහුගේ වාසය පිණිස ගෙයක්ද දුන්හ. ඔහු දිනපතා ඒ කටයුත්ත කෙළේය.

අථස‍්ස එකදිවසං රාජා බිම‍්බිසාරො සද‍්දමස‍්සොසි. සො පන සබ‍්බරවඤ‍්ඤූ අහොසි. තස‍්මා “මහාධනස‍්ස පුරිසස‍්සෙස සද‍්දො”ති ආහ. අථස‍්ස සන‍්තිකෙ ඨිතා එකා පරිචාරිකා “රාජා යං වා තං වා න කථෙස‍්සති, ඉදං මයා ඤාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා – “ගච‍්ඡ, තාත, එතං ජානාහී”ති එකං පුරිසං පහිණි. සො වෙගෙන ගන‍්ත්‍වා තං දිස‍්වා ආගන‍්ත්‍වා, “එකො භතකානං භතිකාරකො කපණමනුස‍්සො එසො”ති ආරොචෙසි. රාජා තස‍්ස වචනං සුත්‍වා තුණ‍්හී හුත්‍වා දුතියදිවසෙපි තතියදිවසෙපි තං තස‍්ස සද‍්දං සුත්‍වා තථෙව ආහ. සාපි පරිචාරිකා තථෙව චින‍්තෙත්‍වා පුනප‍්පුනං පෙසෙත්‍වා, “කපණමනුස‍්සො එසො”ති වුත‍්තෙ චින‍්තෙසි – “රාජා ‘කපණමනුස‍්සො එසො’ති වචනං සුත්‍වාපි න සද‍්දහති, පුනප‍්පුනං ‘මහාධනස‍්ස පුරිසස‍්සෙස සද‍්දො’ති වදති, භවිතබ‍්බමෙත්‍ථ කාරණෙන, යථාසභාවතො එතං ඤාතුං වට‍්ටතී”ති. සා රාජානං ආහ, “දෙව, අහං සහස‍්සං ලභමානා ධීතරං ආදාය ගන‍්ත්‍වා එතං ධනං රාජකුලං පවෙසෙස‍්සාමී”ති. රාජා තස‍්සා සහස‍්සං දාපෙසි.

එක් දිනක් බිම්බිසාර රජු ඔහුගේ ශබ්දය අසා සිටියේය. රජු වනාහි සියලු ශබ්දයන්ගේ තත්ත්වය මැනවින් දන්නෙකි. එහෙයින් මේ ඇසෙන්නේ මහාධනවතකුගේ ශබ්දයකියි ප්‍රකාශ කෙළේය. ඉන්පසු රජු සමීපයේ සිටි එක් පරිචාරිකාස්ත්‍රියක්, මේ රජු නිකම් ඒ මේ දේ නොකියන්නේයි මෙය මා විසින් දැන ගැනීම වටනේයයි සිතා, එක් පුරුෂයකු අමතා, යව, ගොස් මෙහි තොරතුරු දැනගනුවයි එහි යැවීය. හෙතෙම වේගයෙන් ගොස් ඒ බැළයා දැක අවුත්, මෙහි බැළයන්ගේ බැළයෙක් - දුගී මිනිසෙක් ඇතැයි දන්වා සිටියේය. රජු ඔහුගේ කීම අසා නිහඬ ඒ දෙවෙනි තෙවෙනි දිනවලත් ඔහුගේ ඒ හඬ අසා එය විමසවයි ඈ පිටත්කර හැරියේය. ඒ පරිචාරිකාවත් එසේම සිතා නැවත නැවතත් පුරුෂයකු යවා ඒ දිළිදු මිනිසෙකියි කී කල්හි මෙසේ සිතීය. රජු මොහු දිළිඳු මිනිසෙකියි කී කලද එය විශ්වාස නොකරයි. මෙය මහධනවත් පුද්ගලයකුගේ ශබ්දයක් බව නැවත නැවතත් කියයි. මෙහි කුමක් හෝ කරුණක් වියයුතුයයිද එහි ඇත්ත දැනගත යුතුයයි ද ඈ සිතුවාය. එසේ සිතූ ඈ රජුට මෙසේ දන්වා සිටියාය. දේවයන් වහන්ස, මට දහසක් මිල ලදහොත් දුවත් සමග ගොස් මේ ධනය රාජකුලයටම ගෙනවුත් දෙන්නෙමි. රජු ඈට දහසක් මිල දෙවීය.

සා තං ගහෙත්‍වා ධීතරං එකං මලිනධාතුකං වත්‍ථං නිවාසාපෙත්‍වා තාය සද‍්ධිං රාජගෙහතො නික‍්ඛමිත්‍වා මග‍්ගපටිපන‍්නා විය භතකවීථිං ගන‍්ත්‍වා එකං ඝරං පවිසිත්‍වා, “අම‍්ම, මයං මග‍්ගපටිපන‍්නා, එකාහද‍්වීහං ඉධ විස‍්සමිත්‍වා ගමිස‍්සාමා”ති ආහ. “අම‍්ම, බහූනි ඝරමානුසකානි, න සක‍්කා ඉධ වසිතුං, එතං කුම‍්භඝොසකස‍්ස ගෙහං තුච‍්ඡං, තත්‍ථ ගච‍්ඡථා”ති. සා තත්‍ථ ගන‍්ත්‍වා, “සාමි, මයං මග‍්ගපටිපන‍්නකා, එකාහද‍්වීහං ඉධ වසිස‍්සාමා”ති වත්‍වා තෙන පුනප‍්පුනං පටික‍්ඛිත‍්තාපි, “සාමි, අජ‍්ජෙකදිවසමත‍්තං වසිත්‍වා පාතොව ගමිස‍්සාමා”ති නික‍්ඛමිතුං න ඉච‍්ඡි. සා තත්‍ථෙව වසිත්‍වා පුනදිවසෙ තස‍්ස අරඤ‍්ඤගමනවෙලාය, “සාමි, තව නිවාපං දත්‍වා යාහි, ආහාරං තෙ පචිස‍්සාමී”ති වත්‍වා, “අලං, අම‍්ම, අහමෙව පචිත්‍වා භුඤ‍්ජිස‍්සාමී”ති වුත‍්තෙ පුනප‍්පුනං නිබන්‍ධිත්‍වා තෙන දින‍්නෙ ගහිතමත‍්තකෙයෙව කත්‍වා අන‍්තරාපණතො භාජනානි චෙව පරිසුද‍්ධතණ‍්ඩුලාදීනි ච ආහරාපෙත්‍වා රාජකුලෙ පචනනියාමෙන සුපරිසුද‍්ධං ඔදනං, සාධුරසානි ච ද‍්වෙ තීණි සූපබ්‍යඤ‍්ජනානි පචිත්‍වා තස‍්ස අරඤ‍්ඤතො ආගතස‍්ස අදාසි. අථ නං භුඤ‍්ජිත්‍වා මුදුචිත‍්තතං ආපන‍්නං ඤත්‍වා, “සාමි, කිලන‍්තම‍්හ, එකාහද‍්වීහං ඉධෙව හොමා”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

ඈ ඒ මිලත් රැගෙන දුවට එක් කිළිටිරෙද්දක් අන්දවා ඈත් සමග රජගෙදරින් නික්මී පාරේ ඇවිදින්නාක් මෙන් භතකවීථියට ගොස් එක් ගෙයකට ඇතුළු වී, මෑණියනි, අපි පාරේ ඇවිදගෙන යන අය වෙමු. දෙතුන් දිනක් මෙහි විශ්‍රාම ගෙන යෑමට අවසරදැයි ඇසුවාය. මෑණියනි, මේ ළඟම ඇති කුම්භඝෝෂකගේ ගෙය හිස්ය. එහි යනු මැනවි. ඈ එහි ගොස් ස්වාමීනි, අපි මගියෝ වෙමු. දෙතුන්දිනක් මෙහි නවතින්නෙමුයි කී කල ඔහු නැවත නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත්, ස්වාමීනි, අද එක දවසක් පමණක් නැවතී උදෑසනම පිටත් වී යන්නෙමුයයි යෑමට නොකැමති වූහ. ඕ තොමෝ එහිම නැවතී දෙවෙනි දින කුම්භඝොෂක කැලයට යන වේලෙහි, ස්වාමීනි සහල් ටිකක් දී යන්න. ඔබට ආහාර පිස තබන්නෙමියි කීවිට, නැහැ අවශ්‍ය නැහැ. මමම පිසගෙන කන්නෙමියි ඔහු කී කල නැවත නැවතත් ඉල්ලා ඔහු සහල් ටිකක් දුන් කල ඒවා අතටවත් නොගෙන පසෙක තබා ඇතුළු වෙළඳපොළෙන් පිසින අයුරින් සුපිරිසිදු බත්ද මනා රසැති ව්‍යඤ්ජන දෙකතුනක්ද පිස කැලයේ සිට ආ ඔහුට දුන්නාය. ඒවා අනුභව කොට මෘදු සිත් ඇතිවූ ඔහුට, ස්වාමීනි, මදක් වෙහෙසට පත්වීමු. දෙතුන් දිනක් මෙහි නවතින්නමෝදැයි ඇසීය. ඔහු එය පිළිගත්තේය.

අථස‍්ස සායම‍්පි පුනදිවසෙපි මධුරභත‍්තං පචිත්‍වා අදාසි. අථ මුදුචිත‍්තතං තස‍්ස ඤත්‍වා “සාමි, කතිපාහං ඉධෙව වසිස‍්සාමා”ති. තත්‍ථ වසමානා තිඛිණෙන සත්‍ථෙන තස‍්ස මඤ‍්චවාණං හෙට‍්ඨාඅටනියං තහං තහං ඡින්‍දි. මඤ‍්චො තස‍්මිං ආගන‍්ත්‍වා නිසින‍්නමත‍්තෙයෙව හෙට‍්ඨා ඔලම‍්බි. සො “කස‍්මා අයං මඤ‍්චො එවං ඡිජ‍්ජිත්‍වා ගතො”ති ආහ. “සාමි, දහරදාරකෙ වාරෙතුං න සක‍්කොමි, එත්‍ථෙව සන‍්නිපතන‍්තී”ති. “අම‍්ම, ඉදං මෙ දුක‍්ඛං තුම‍්හෙ නිස‍්සාය ජාතං. අහඤ‍්හි පුබ‍්බෙ කත්‍ථචි ගච‍්ඡන‍්තො ද‍්වාරං පිදහිත්‍වා ගච‍්ඡාමී”ති. “කිං කරොමි, තාත, වාරෙතුං න සක‍්කොමී”ති. සා ඉමිනාව නියාමෙන ද‍්වෙ තයො දිවසෙ ඡින්‍දිත්‍වා තෙන උජ‍්ඣායිත්‍වා ඛීයිත්‍වා වුච‍්චමානාපි තථෙව වත්‍වා පුන එකං ද‍්වෙ රජ‍්ජුකෙ ඨපෙත්‍වා සෙසෙ ඡින්‍දි. තං දිවසං තස‍්මිං නිසින‍්නමත‍්තෙයෙව සබ‍්බං වාණං භූමියං පති, සීසං ජණ‍්ණුකෙහි සද‍්ධිං එකතො අහොසි, සො උට‍්ඨාය, “කිං කරොමි, ඉදානි කුහිං ගමිස‍්සාමි, නිපජ‍්ජනමඤ‍්චස‍්සපි තුම‍්හෙහි අසාමිකො විය කතොම‍්හී”ති ආහ. “තාත, කිං කරොමි, පටිවිස‍්සකදාරකෙ වාරෙතුං න සක‍්කොමි, හොතු, මා චින‍්තයි, ඉමාය නාම වෙලාය කුහිං ගමිස‍්සසී”ති ධීතරං ආමන‍්තෙත්‍වා, “අම‍්ම, තව භාතිකස‍්ස නිපජ‍්ජනොකාසං කරොහී”ති ආහ. සා එකපස‍්සෙ සයිත්‍වා “ඉධාගච‍්ඡ, සාමී”ති ආහ. ඉතරොපි නං “ගච‍්ඡ, තාත, භගිනියා සද‍්ධිං නිපජ‍්ජා”ති වදෙසි. සො තාය සද‍්ධිං එකමඤ‍්චෙ නිපජ‍්ජිත්‍වා තං දිවසඤ‍්ඤෙව සන්‍ථවං අකාසි, කුමාරිකා පරොදි. අථ නං මාතා පුච‍්ඡි – “කිං, අම‍්ම, රොදසී”ති? “අම‍්ම, ඉදං නාම ජාත”න‍්ති. “හොතු, අම‍්ම, කිං සක‍්කා කාතුං, තයාපි එකං භත‍්තාරං ඉමිනාපෙකං පාදපරිචාරිකං ලද‍්ධුං වට‍්ටතී”ති තං ජාමාතරං අකාසි. තෙ සමග‍්ගවාසං වසිංසු.

ඉන්පසු ඈ එදින සවසද දෙවෙනි දිනයේද මිහිරිබත් පිස දුන්නාය. දැන් ඔහුගේ සිත මෘදු බවට පත් වී ඇති බව දැන ස්වාමීනි, තවත් කීප දිනක් මෙහි වසන්නෙමුයයි එහි වසමින් තියුණු ආයුධයකින් ඔහු නිදාගන්නා ඇඳේ තැනින් තැන යටින් වැල් කපා දැමීය. ඔහු අවුත් ඇඳේ වාඩිගත් කෙණෙහි ම යට වැල් කැඩී යටට එබී ගියේය. හෙතෙම කුමක් නිසා මේ ඇඳ සිඳී ගියේදැයි ඇසීය. ස්වාමීනි, මෙහි එන බාලදරුවන් වළක්වන්ට බැරිය. ඒ එනවුන් මේ ඇඳටම පනිත්යයි කීවාය. මෑණියනි, මට මේ කරදර ඔබ නිසාම වෙයි. පෙර මම පිට යන කල දොර වසා යන්නෙමි. එනිසා කරදරයක් නොවී යයි කීය. දරුව මම කුමක් කරන්නට ද, ඒ බාලදරුවන් වළක්වාගනු නොහැකියි ඕ කීවාය. ඕ තොමෝ මේ ආකාරයෙන් දෙතුන් දිනක්ම ඇඳවැල් කපන විට, ඔහු නොසතුටු බස් කියතත්, දොස් කියතත් මුලින් කී ලෙසම කියා නැවත එක් ලණුපොටවල් දෙකක් පමණක් ඉතිරි කර සෙස්ස සිඳලූවාය. එදින ඔහු ඇඳේ ඉඳගන්නවාත් සමගම සියලු වැල් කැඩී බිමට වැටුණේය. හිසත් දෙදණත් එකට එකතු විය. හෙතෙම නැගිට කුමක් කරම්ද, දැන් කොහි යන්නෙම්ද, තොප, මා හිඳිනා ඇඳටත් අහිමියකු කරනු ලැබුවෙමියි කීය. දරුව, කුමක් කරම්ද? අසල්වැසි දරුවන් වළක්වාලිය නොහෙමි. එසේ වේවා, කමක් නැහැ. ඒ ගැන අහිතක් නොසිතනු මැනවි. මේ වේලාවේ කොහි යන්නෙමුදැයි දුව අමතා, දුව ඔබේ සොහොයුරාට හිඳිනා අයුරක් කරවයි කීවාය. ඕ තොමෝ සිය අසුනෙහි එක් පැත්තකට වී ස්වාමීනි, මෙහි එන්නයයි කීවාය. අනික් තැනැත්තිය ද දරුව එහි යන්න. සොහොයුරිය සමග නිදන්නැයි කීවාය. හෙතෙම ඈ සමග එකම ඇඳෙහි නිදා එදිනම ඈ සමග කායසංසර්ගයෙහි යෙදුණේය. කුමාරිකාව හඬන්ට වූවාය. ඉන්පසු ඇගේ මව හඬන්නේ ඇයිදැයි විචාළාය. මෑණියනි, මෙබන්ඳක් වීයයි කුමරිය කීවාය. දුව කමක් නැහැ. ඔබටත් එක් සැමියකුත්, ඔහුට එක් භාර්යාවකුත් ලැබිය යුතු යයි ඔහු බෑණා බවට පත්කර ගත්තාය. ඔවුහු සමගිව විසූහ.

සා කතිපාහච‍්චයෙන රඤ‍්ඤො සාසනං පෙසෙසි – “භතකවීථියං ඡණං කරොන‍්තු. යස‍්ස පන ඝරෙ ඡණො න කරීයති, තස‍්ස එත‍්තකො නාම දණ‍්ඩොති ඝොසනං කාරෙතූ”ති. රාජා තථා කාරෙසි. අථ නං සස‍්සු ආහ – “තාත, භතකවීථියං රාජාණාය ඡණො කත‍්තබ‍්බො ජාතො, කිං කරොමා”ති? “අම‍්ම, අහං භතිං කරොන‍්තොපි ජීවිතුං න සක‍්කොමි, කිං කරිස‍්සාමී”ති? “තාත, ඝරාවාසං වසන‍්තා නාම ඉණම‍්පි ගණ‍්හන‍්ති, රඤ‍්ඤො ආණා අකාතුං න ලබ‍්භා. ඉණතො නාම යෙන කෙනචි උපායෙන මුච‍්චිතුං සක‍්කා, ගච‍්ඡ, කුතොචි එකං වා ද‍්වෙ වා කහාපණෙ ආහරා”ති ආහ. සො උජ‍්ඣායන‍්තො ඛීයන‍්තො ගන‍්ත්‍වා චත‍්තාලීසකොටිධනට‍්ඨානතො එකමෙව කහාපණං ආහරි.

ඈ කීප දිනකින් රජුන් වෙත ලිපියක් යැවුවාය. භතකවීථියෙහි උත්සව පැවැත්විය යුතුයි. යම්කිසිවකුගේ ගෙදර උත්සව නොකරන්නේ නම් ඔහුට මෙතෙක් දඩ යයි ප්‍රසිද්ධ කරන්නැයි ලිපියක් යැවුවාය. රජු එසේ කෙළේය. අනතුරුව කුම්භඝෝෂක අමතා නැන්දම්මා, පුත්‍රය, භතකවීථියෙහි රජ අණින් උත්සව පැවැත්විය යුතුව ඇත. අපි කුමක් කරමුදැයි කීවාය. මෑණියන්, මම බැළමෙහෙ කොටත් ජීවත්වීමට නොහැකිව සිටිමි. දැන් ඉතින් කුමක් කරම්ද, දරුව ගිහිගෙයි වසන්නාහු අවශ්‍ය වූ විට ණයට ද මුදල් ගනිත්. රජුන්ගේ ආඥාව නොකර සිටිය නොහැකියි. ණය නම් යම් කිසි උපායකින් මිදෙන්ට පුළුවන. යන්න, ගොස් කොතනකින් හෝ කහවණු එකක් දෙකක් සොයා ගෙන එන්නැයි කීවාය. හෙතෙම දොස් කියමින් ගොස් සතළිස්කෙළක් ධනය ඇති තැනින් එකම කහවණුවක් රැගෙන ආවේය.

සා තං කහාපණං රඤ‍්ඤො පෙසෙත්‍වා අත‍්තනො කහාපණෙන ඡණං කත්‍වා පුන කතිපාහච‍්චයෙන තථෙව සාසනං පහිණි. පුන රාජා තථෙව “ඡණං කරොන‍්තු, අකරොන‍්තානං එත‍්තකො දණ‍්ඩො”ති ආණාපෙසි. පුනපි සො තාය තථෙව වත්‍වා නිප‍්පීළියමානො ගන‍්ත්‍වා තයො කහාපණෙ ආහරි. සා තෙපි කහාපණෙ රඤ‍්ඤො පෙසෙත්‍වා පුන කතිපාහච‍්චයෙන තථෙව සාසනං පහිණි – “ඉදානි පුරිසෙ පෙසෙත්‍වා ඉමං පක‍්කොසාපෙතූ”ති. රාජා පෙසෙසි. පුරිසා ගන‍්ත්‍වා, “කුම‍්භඝොසකො නාම කතරො”ති පුච‍්ඡිත්‍වා පරියෙසන‍්තා තං දිස‍්වා “එහි, භො රාජා, තං පක‍්කොසතී”ති ආහංසු. සො භීතො “න මං රාජා ජානාතී”තිආදීනි වත්‍වා ගන‍්තුං න ඉච‍්ඡි. අථ නං බලක‍්කාරෙන හත්‍ථාදීසු ගහෙත්‍වා ආකඩ‍්ඪිංසු. සා ඉත්‍ථී තෙ දිස‍්වා, “අරෙ, දුබ‍්බිනීතා, තුම‍්හෙ මම ජාමාතරං හත්‍ථාදීසු ගහෙතුං අනනුච‍්ඡවිකා”ති තජ‍්ජෙත්‍වා, “එහි, තාත, මා භායි, රාජානං දිස‍්වා තව හත්‍ථාදිගාහකානං හත්‍ථෙයෙව ඡින්‍දාපෙස‍්සාමී”ති ධීතරං ආදාය පුරතො හුත්‍වා රාජගෙහං පත්‍වා වෙසං පරිවත‍්තෙත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා එකමන‍්තං අට‍්ඨාසි. ඉතරම‍්පි පරිකඩ‍්ඪිත්‍වා ආනයිංසුයෙව.

ඕ තොමෝ ඒ කහවණුව රජුන් වෙත යවා තමන්ගේ කහවණු වලින් උත්සව කොට නැවත කීප දිනකින් එබඳුම තවත් ලිපියක් යැවුවාය. රජු ද නැවතත් උත්සව පැවැත්විය යුතු බවත් එසේ නොකරන්නන්ට මෙතෙක් දඩ යයි කියා අණබෙර යැවීය. නැවතද ඔහු ඈට ඒ බව කියා මිරිකෙමින් ගොස් කහවණු තුනක් ගෙනවුත් ඈට දුන්නේය. ඈ ඒ කහවණුත් රජුන් වෙත යවා කීප දිනකින්, දැන් මිනිසුන් එවා මොහු ගෙන්වා ගන්නැයි ලිපියක් යැවුවාය. රජු එසේ කෙළේය. රාජපුරුෂයෝ ගොස් කුම්භඝෝෂක නම් කවුරුන්දැයි අසා සොයමින් යන්නේ ඔහු දැක, එම්බල මෙහි එව. රජු නුඹ කැඳවන්නේයයි කියා සිටියහ. කුම්භඝෝෂක බියෙන් තැතිගෙන මම රජු හඳුනන්නේ නැත. ආදිය කියමින් යන්ට නොකැමති විය. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් අත් ආදියෙන් අල්ලා ඇද්දාහ. ඒ ස්ත්‍රිය ඔවුන් දැක එම්බල දුෂ්ඨ අවිනීතයෙනි, තෙපි මගේ බෑණා අත්ආදියෙන් ඇදගෙන යන්ට සුදුස්සන් වූයේ කෙසේදැයි තර්ජනය කොට, පුතා මෙහි එන්න. බිය නොවන්න, රජුන් දැක නුඹේ අත් ආදියෙන් ඇද්දවුන්ගේ අත් සිඳුවාලන්නෙමියි දුවණිය සමග ඉදිරියෙන් යමින් රජවාසලට පැමිණ වෙස් මාරුකරගෙන, සර්වාභරණයෙන් සැරසී එක් පසෙක හුන්නාය. අනිකා (කුම්භඝෝෂක) ද ඇදගෙන ම ආහ.

අථ නං වන්‍දිත්‍වා ඨිතං රාජා ආහ – “ත්‍වං කුම‍්භඝොසකො නාමා”ති? “ආම, දෙවා”ති. “කිං කාරණා මහාධනං වඤ‍්චෙත්‍වා ඛාදසී”ති ? “කුතො මෙ, දෙව, ධනං භතිං කත්‍වා ජීවන‍්තස‍්සා”ති? “මා එවං කරි, කිං අම‍්හෙ වඤ‍්චෙසී”ති? “න වඤ‍්චෙමි, දෙව, නත්‍ථි මෙ ධන”න‍්ති. අථස‍්ස රාජා තෙ කහාපණෙ දස‍්සෙත්‍වා, “ඉමෙ කස‍්ස කහාපණා”ති ආහ. සො සඤ‍්ජානිත්‍වා, “අහො බාලොම‍්හි, කථං නු ඛො ඉමෙ රඤ‍්ඤො හත්‍ථං පත‍්තා”ති ඉතො චිතො ච ඔලොකෙන‍්තො තා ද‍්වෙපි පටිමණ‍්ඩිතපසාධනා ගබ‍්භද‍්වාරමූලෙ ඨිතා දිස‍්වා, “භාරියං වතිදං කම‍්මං, ඉමාහි රඤ‍්ඤා පයොජිතාහි භවිතබ‍්බ”න‍්ති චින‍්තෙසි.

ඉන්පසු වැඳ සිටි ඔහු ඇමතූ රජු මෙසේ කීය, ඔබ කුම්භඝෝෂක ද‍්, එසේය මහරජතුමනි, කුමක් නිසා මහධනයක් වංචාවෙන් තබා ගන්නෙහිද? දේවයන් වහන්ස, මම ඔබ වංචා නොකරමි. මට ධනයක් නැත. ඉන්පසු රජු ඔහුගෙන් ගත් කහවණු ඔහු අතට දී මේ කහවණු කාගේදැයි ඇසීය. හෙතෙම ඒවා හැඳිනගෙන, අනේ නැසුණේ වෙමි. කෙසේ නම් මේ කහවණු රජු අතට පත්වීදැයි එහෙ මෙහෙ බලන විට, මැනවින් සැරසී ගර්භද්වාරමූලයෙහි සිටි මවුදූවරුන් දැක, දැන් නම් කළ දෙය භයානකය. මොවුන් විසින් මගේ කහවණු රජුන් වෙත එවනලදහයි සිතීය.

අථ නං රාජා “වදෙහි, භො, කස‍්මා එවං කරොසී”ති ආහ. “නිස‍්සයො මෙ නත්‍ථි, දෙවා”ති. “මාදිසො නිස‍්සයො භවිතුං න වට‍්ටතී”ති. “කල්‍යාණං, දෙව, සචෙ මෙ දෙවො අවස‍්සයො හොතී”ති. “හොමි, භො, කිත‍්තකං තෙ ධන”න‍්ති? “චත‍්තාලීසකොටියො, දෙවා”ති. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “සකටානි දෙවා”ති? රාජා අනෙකසතානි සකටානි යොජාපෙත්‍වා පහිණිත්‍වා තං ධනං ආහරාපෙත්‍වා රාජඞ‍්ගණෙ රාසිං කාරාපෙත්‍වා රාජගහවාසිනො සන‍්නිපාතාපෙත්‍වා, “අත්‍ථි කස‍්සචි ඉමස‍්මිං නගරෙ “එත‍්තකං ධන”න‍්ති පුච‍්ඡිත්‍වා “නත්‍ථි, දෙවා”ති. “කිං පනස‍්ස කාතුං වට‍්ටතී”ති? “සක‍්කාරං, දෙවා”ති වුත‍්තෙ මහන‍්තෙන සක‍්කාරෙන තං සෙට‍්ඨිට‍්ඨානෙ ඨපෙත්‍වා ධීතරං තස‍්සෙව දත්‍වා තෙන සද‍්ධිං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, පස‍්සථිමං පුරිසං, එවරූපො ධිතිමා නාම නත්‍ථි, චත‍්තාලීසකොටිවිභවො හොන‍්තොපි උප‍්පිලාවිතාකාරං වා අස‍්මිමානමත‍්තං වා න කරොති, කපණො විය පිලොතිකං නිවාසෙත්‍වා භතකවීථියං භතිං කත්‍වා ජීවන‍්තො මයා ඉමිනා නාම උපායෙන ඤාතො. ජානිත්‍වා ච පන පක‍්කොසාපෙත්‍වා සධනභාවං සම‍්පටිච‍්ඡාපෙත්‍වා තං ධනං ආහරාපෙත්‍වා සෙට‍්ඨිට‍්ඨානෙ ඨපිතො, ධීතා චස‍්ස මයා දින‍්නා. භන‍්තෙ, මයා ච එවරූපො ධිතිමා න දිට‍්ඨපුබ‍්බො”ති ආහ.

ඉන්පසු රජ, පින්වත, කියන්න මෙසේ කරන්නේ කුමක් නිසාද, දේවයන් වහන්ස, මා ඇසුරු කරන හිතවතෙක් මට නැත. ඔබට මා වැනි ඇසුරු කරන්නෙක් සුදුසු ද, දේවයන් වහන්ස ඉතා මැනවි. ඔබ මගේ ඇසුරු කරන්නා වන්නෙහි නම් ඉතා මැනවැයි හේ කියා සිටියේය. පින්වතාණෙනි, මම එසේ වන්නෙමි. ඔබේ ධනය කොතෙක්ද? දේවයිනි, සතළිස් කෙළක ධනයකි. අවශ්‍ය කුමක්ද? දේවයන් වහන්ස, අවශ්‍ය වන්නේ ගැල්ය. රජු නොයෙක් සිය ගණන් ගැල් යොදවා ඒ ධනය ගෙන්වා ගෙන රජමිදුලෙහි ගොඩගසා රජගහනුවර වැස්සන් රැස් කරවා, මෙනුවර මෙපමණ ධනයක් ඇති කෙනෙක් ඇද්දැයි විචාළේය. දේවයන් වහන්ස නැතැයි කීවාහුය. මොහුට කුමක් කළ යුතුදැයි රජු විචාළ කල්හි, දේවයන් වහන්ස, සත්කාර කළ යුතු යයි කී කල්හි. ඔහුට මහත් වූ සත්කාර සම්මාන පවත්වා සිටුතනතුරෙහි තබා දුවද පාවාදී ඔවුනුත් සමග බුදුන් සමීපයට ගොස් වැඳ මෙසේ පැවසීය. ස්වාමීනි, මේ පුරුෂයා බලනු මැනවි. මොහු වැනි බුද්ධිමත්හු නැත. සතළිස්කෙළක් ධනයට හිමිකාරයකු වුවද අධිකප්‍රීතියක් මමත්ත්වයක් හෝ නැත. දුගියකු මෙන් රෙදිකඩමාල්ලක් හැඳගෙන බැළයන්ගේ වීථියෙහි බැළමෙහෙවර කොට ජීවත් වෙයි. මම මොහු හඳුනාගත්තේ මෙබඳු උපායමාර්ගවලිනි. එසේ දැන ඔහු කැඳවා ධනවතකු බව පිළිගන්වා ඒ ධනයද ගෙන්වා ගෙන සිටුපදවි පිරිනමා මගේ දුවණියද විවාහකර දුනිමි. ස්වාමීනි, මා නම් මෙබඳු ඥානවන්තකයකු මින්පෙර දැක නැතැයි කීවේය.

තං සුත්‍වා සත්‍ථා “එවං ජීවන‍්තස‍්ස ජීවිකං ධම‍්මිකජීවිකං නාම, මහාරාජ, චොරිකාදිකම‍්මං පන ඉධලොකෙ චෙව පීළෙති හිංසෙති, පරලොකෙ ච, තතොනිදානං සුඛං නාම නත්‍ථි. පුරිසස‍්ස හි ධනපාරිජුඤ‍්ඤකාලෙ කසිං වා භතිං වා කත්‍වා ජීවිකමෙව ධම‍්මිකජීවිකං නාම. එවරූපස‍්ස හි වීරියසම‍්පන‍්නස‍්ස සතිසම‍්පන‍්නස‍්ස කායවාචාහි පරිසුද‍්ධකම‍්මස‍්ස පඤ‍්ඤාය නිසම‍්මකාරිනො කායාදීහි සඤ‍්ඤතස‍්ස ධම‍්මජීවිකං ජීවන‍්තස‍්ස සතිඅවිප‍්පවාසෙ ඨිතස‍්ස ඉස‍්සරියං වඩ‍්ඪතියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එපවත් ඇසූ බුදුපියාණන් වහන්සේ, මෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ධාර්මිකජීවිතය නම් වන්නේය. මහරජ, සොරකම් ආදිය කෙරෙමින් ජීවත් වන පුද්ගලයා මෙලොව පරලොව දෙකේදීම තැවෙයි, පෙළෙයි. ඒ නිමිති කරගෙන ඇති වන සැපයක් නම් නැත. පුරුෂයා ණයෙන් පිරිහුණු කාලයේ වුවද බැළමෙහෙ කොට ජීවත් වන්නේ නමුදු එය ධාර්මික ජීවිකා නම් වෙයි. මෙබඳු වීර්යසම්පන්න, ස්මෘතිසම්පන්න වූ කයින් වචනයෙන් පිරිසිදු කර්ම කරන ප්‍රඥාවෙන් සොයා බලා විමසීමෙන් කටයුතු කරන කායාදි ද්වාරයන් සංයත භාවයට පත්කරගත් දැහැමි දිවියෙන් ජීවත් වන්නාගේ සති අවිප්‍රවාසය හෙවත් නුමුළාසිහියෙන් සිටින පුද්ගලයාගේ ධනධාන්‍යාදි ඉසුරු සම්පත් වැඩෙයි යනාදියෙන් දහම් දෙසා මේ ගාථාවද වදාළහ.

“උට‍්ඨානවතො සතීමතො, සුචිකම‍්මස‍්ස නිසම‍්මකාරිනො; සඤ‍්ඤතස‍්ස ධම‍්මජීවිනො, අප‍්පමත‍්තස‍්ස යසොභිවඩ‍්ඪතී”ති.

නොපසුබට විරියද සිහියෙන් දිවිය ගෙවමුද පිරිසිදු කම්හි යෙදෙමින් විමසුම්නුවණ මෙහෙයන සන්සුන් දැහැමි දිවියක් ඇතුව නොපමා වඩන්නහුගේ යසස තව තව වැඩි වේවී යයි

තත්‍ථ උට‍්ඨානවතොති උට‍්ඨානවීරියවන‍්තස‍්ස. සතිමතොති සතිසම‍්පන‍්නස‍්ස. සුචිකම‍්මස‍්සාති නිද‍්දොසෙහි නිරපරාධෙහි කායකම‍්මාදීහි සමන‍්නාගතස‍්ස. නිසම‍්මකාරිනොති එවඤ‍්චෙ භවිස‍්සති, එවං කරිස‍්සාමීති වා, ඉමස‍්මිං කම‍්මෙ එවං කතෙ ඉදං නාම භවිස‍්සතීති වා එවං නිදානං සල‍්ලක‍්ඛෙත්‍වා රොගතිකිච‍්ඡනං විය සබ‍්බකම‍්මානි නිසාමෙත්‍වා උපධාරෙත්‍වා කරොන‍්තස‍්ස. සඤ‍්ඤතස‍්සාති කායාදීහි සඤ‍්ඤතස‍්ස නිච‍්ඡිද‍්දස‍්ස. ධම‍්මජීවිනොති අගාරිකස‍්ස තුලාකූටාදීනි වජ‍්ජෙත්‍වා කසිගොරක‍්ඛාදීහි, අනගාරිකස‍්ස වෙජ‍්ජකම‍්මදූතකම‍්මාදීනි වජ‍්ජෙත්‍වා ධම‍්මෙන සමෙන භික‍්ඛාචරියාය ජීවිකං කප‍්පෙන‍්තස‍්ස. අප‍්පමත‍්තස‍්සාති අවිප‍්පවුත්‍ථසතිනො. යසොභිවඩ‍්ඪතීති ඉස‍්සරියභොගසම‍්පන‍්නසඞ‍්ඛාතො චෙව කිත‍්තිවණ‍්ණභණනසඞ‍්ඛාතො ච යසො අභිවඩ‍්ඪතීති.

එහි උට්ඨානවතො යනු උට්ඨාන වීර්ය ඇති පුද්ගලයාගේයි. සතිමතො යනු සිහියෙන් යුක්ත බවයි. සුචිකම්මස්ස යනු නිදොස් නිරපරාධි කාය කර්මාදියෙන් යුක්ත බවයි. නිසම්ම කාරිනො යනු මෙසේ වුවහොත් මෙසේ කරන්නෙමි හෝ මේ කටයුත්තේ දී මෙසේ කළ විට මෙබඳු ප්‍රතිඵලයක් විය හැකිය යනාදි වශයෙන් යමක නිදානය සලකාගෙන රෝග පරීක්ෂා කරන වෙදුන් මෙන් හැම වැඩක්ම සොයා විමසා බලා කරන්නාහට යන අර්ථයි. සඤ්ඤතස්ස යනු කායාදි ක්‍රියාවන්හි සංයමයයි. සිදුරු හෙවත් වැරදි නැති බවයි. ධම්මජීවිනො යනු ගිහියාට නම් වැරදි තරාදි ආදිය හැර දමා ගොවිතැන හරකුන් රැකගැනීම ආදියද, අනගාරික (පැවිද්දාට) යාට වෙදකම් දූතමෙහෙවර ආදිය හැර දමා, දැහැමින් සෙමෙන් පිඬුසිඟා වැළඳීමෙන් ජීවිතය අප්පමත්තස්ස යනු සිහිය මුළාකර නොගැනීමයි. යසොභිවඩ්ඪති යනු ඓශ්වර්යය, ඉසුරුමත් බව භවභෝග හා වර්ණනා ආදියද ලැබීමයි.

ගාථාපරියොසානෙ කුම‍්භඝොසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. අඤ‍්ඤෙපි බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. එවං මහාජනස‍්ස සාත්‍ථිකා ධම‍්මදෙසනා ජාතාති.

ගාථා කෙළවර කුම්භඝෝෂක සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් නොයෙක් අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය. එසේම මේ දේශනාව මහජනයාටද සාර්ථක දේශනයක් විය.

කුම‍්භඝොසකසෙට‍්ඨිවත්‍ථු දුතියං.

දෙවන කුම්භඝෝෂක වස්තුවයි.