5. චූළපන්ථකත්ථෙරවත්ථු අට්ඨකථා
5. චූළපන්ථකත්ථෙරවත්ථු
5. චුල්ලපන්ථක තෙරුන්ගේ වස්තුව
උට්ඨානෙනප්පමාදෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො චූළපන්ථකත්ථෙරං ආරබ්භ කථෙසි.
‘උට්ඨානෙනප්පමාදෙන’ ආදී මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ චුල්ලපන්ථක තෙරුන් අරභයා දේශනා කළ සේක.
රාජගහෙ කිර ධනසෙට්ඨිකුලස්ස ධීතා වයප්පත්තකාලෙ මාතාපිතූහි සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ අතිවිය රක්ඛියමානා යොබ්බනමදමත්තතාය පුරිසලොලා හුත්වා අත්තනො දාසෙනෙව සද්ධිං සන්ථවං කත්වා, “අඤ්ඤෙපි මෙ ඉදං කම්මං ජානෙය්යු”න්ති භීතා එවමාහ – “අම්හෙහි ඉමස්මිං ඨානෙ න සක්කා වසිතුං. සචෙ මෙ මාතාපිතරො ඉමං දොසං ජානිස්සන්ති, ඛණ්ඩාඛණ්ඩිකං මං කරිස්සන්ති. විදෙසං ගන්ත්වා වසිස්සාමා”ති. තෙ හත්ථසාරං ගහෙත්වා අග්ගද්වාරෙන නික්ඛමිත්වා, “යත්ථ වා තත්ථ වා අඤ්ඤෙහි අජානනට්ඨානං ගන්ත්වා වසිස්සාමා”ති උභොපි අගමංසු. තෙසං එකස්මිං ඨානෙ වසන්තානං සංවාසමන්වාය තස්සා කුච්ඡිස්මිං ගබ්භො පතිට්ඨාසි. සා ගබ්භපරිපාකං ආගම්ම තෙන සද්ධිං මන්තෙසි, “ගබ්භො මෙ පරිපාකං ගතො, ඤාතිබන්ධුවිරහිතෙ ඨානෙ ගබ්භවුට්ඨානං නාම උභින්නම්පි අම්හාකං දුක්ඛාවහං, කුලගෙහමෙව ගච්ඡාමා”ති.
රජගහනුවර මහාධන සම්පත් ඇති සිටුකුලයක දුවක් සුදුසු වියට පත්කල්හි මවුපියෝ සත්මහල් පහයක උඩුමහලේ බොහෝ රැකවල් තබා රැක සිටියාහුය. යොවුන්මදයෙන් මත්වූ ඈ පුරුෂයන් පිළිබඳ ලොල්බැවින් මුසපත්ව ස්වකීය දාසයා සමග සංසර්ග කොට, සෙස්සෝ තමාගේ මේ තොරතුරු දැන ගනිත්දෝ බියපත්ව සොරසැමියාට මෙසේ කීවාය. දැන් අපට මෙහි විසීම කළ නොහැක. යම් විදියකින් මගේ මවුපියන් මේ වැරැද්ද දැනගතහොත් මා කෑලිකෑලිවලට සිඳ දමනු ඇත. ඒ නිසා වෙනත් පෙදෙසකට ගොස් වසමු. මෙසේ කියා ඔවුහු අතින් රැගෙන ගිය හැකි දේ රැගෙන ප්‍රධාන දොරටුවෙන් නික්මී අන්‍යයන්ට හසු නොවන තැනකට ගොස් ජීවත්වූහ. එක්තැන වසන ඔවුහු සංවාසයට පත්වූ හෙයින් ඇගේ කුස ගැබක් පිහිටියේය. ගැබ මෝරා ගිය පසු ඈ ඔහුට කථා කොට මෙසේ කීවාය. ‘මගේ දරුගැබ මෝරා ගියේය. නෑදෑයන් රහිත ස්ථානයක දරුවන් ලැබීම අප දෙදෙනාටම පීඩාදායක හෙයින් අපි අපේ ගෙදරටම යමු.’
සො “සචාහං තත්ථ ගමිස්සාමි, ජීවිතං මෙ නත්ථී”ති භයෙන “අජ්ජ ගච්ඡාම, ස්වෙ ගච්ඡාමා”ති දිවසෙ අතික්කාමෙසි. සා චින්තෙසි – “අයං බාලො අත්තනො දොසමහන්තතාය ගන්තුං න උස්සහති, මාතාපිතරො නාම එකන්තහිතාව, අයං ගච්ඡතු වා, මා වා, අහං ගමිස්සාමී”ති. සා තස්මිං ගෙහා නික්ඛන්තෙ ගෙහපරික්ඛාරං පටිසාමෙත්වා අත්තනො කුලඝරං ගතභාවං අනන්තරගෙහවාසීනං ආරොචෙත්වා මග්ගං පටිපජ්ජි.
ඒ තරුණයා, ඉදින් මා එහි ගියොත් මගේ ජීවිතයක් මට අහිමිවේයයි යන බියෙන් අද යමු, හෙට යමුදැයි කියමින් දවස් ගෙවූයේය. ඈ මෙසේ සිතුවාය. මේ බාලයා තමන්ගේ දෝෂමහත්වය (වරදේ බරපතලකම) නිසා යාමට උත්සාහයක් නොගනී. මවුපියෝ වනාහි දූදරුවන් කෙරෙහි ඒකාන්තයෙන්ම හිතවත්තුය. මොහු ගියත් නොගියත් මම යන්නෙමියි ගෙයින් නික්මීමට පෙර ගෙදර ආරක්ෂක කටයුතු යොදා තමන් සිය ගෙදරට යන බව ළඟපාත ගෙවල්වල අයට දන්වා මහමගට පිවිසියේය.
සොපි ඝරං ආගන්ත්වා තං අදිස්වා පටිවිස්සකෙ පුච්ඡිත්වා, “සා කුලඝරං ගතා”ති සුත්වා වෙගෙන අනුබන්‍ධිත්‍වා අන්තරාමග්ගෙ සම්පාපුණි. තස්සාපි තත්ථෙව ගබ්භවුට්ඨානං අහොසි. සො “කිං ඉදං, භද්දෙ”ති පුච්ඡි. “සාමි, මෙ එකො පුත්තො ජාතො”ති. “ඉදානි කිං කරිස්සාමා”ති? “යස්සත්ථාය මයං කුලඝරං ගච්ඡෙය්යාම, තං කම්මං අන්තරාමග්ගෙව නිප්ඵන්නං, තත්ථ ගන්ත්වා කිං කරිස්සාම, නිවත්තිස්සාමා”ති ද්වෙපි එකචිත්තා හුත්වා නිවත්තිංසු. තස්ස ච දාරකස්ස පන්ථෙ ජාතත්තා පන්ථකොති නාමං කරිංසු.
ඒ පුරුෂයාත් ගෙදර අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් අසා ඈ සියගෙදර ගිය බව දැන වේගයෙන් ලුහුබැඳ ගොස් අතරමගදී දෙදෙනා හමුවූහ. ඒ ස්ථානයේදීම ඈට ප්‍රසව වේදනා ඇතිවී පුතකු ප්‍රසූත කළාය. ඔහු සොඳුර මේ කිමෙක්දැයි ඇසීය. හිමියනි, එක් පුතෙක් ලැබුණේයයි ඈ කීවාය. දැන් කුමක් කරන්නෙමුද, අපි කුලගෙය බලා නික්මුණු කරුණ දැන් සිදුවී අවසාන නිසා දැන් ගෙදර යෑමෙන් පලක් නැතැයි එක්සිත්ව නැවතුණාහුය. ඒ දරුවා මගදී (පන්ථයෙහි) උපන් හෙයින් ඔහුට පන්ථක යයි නම් තැබුවාහුය.
තස්සා නචිරස්සෙව අපරොපි ගබ්භො පතිට්ඨහි. සබ්බං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං. තස්සපි දාරකස්ස පන්ථෙ ජාතත්තා පඨමජාතස්ස මහාපන්ථකොති නාමං කත්වා ඉතරස්ස චූළපන්ථකොති නාමං කරිංසු. තෙ ද්වෙපි දාරකෙ ගහෙත්වා අත්තනො වසනට්ඨානමෙව ගතා. තෙසං තත්ථ වසන්තානං මහාපන්ථකදාරකො අඤ්ඤෙ දාරකෙ “චූළපිතා මහාපිතාති, අය්යකො අය්යිකා”ති ච වදන්තෙ සුත්වා මාතරං පුච්ඡි – “අම්ම, අඤ්ඤෙ දාරකා ‘අය්යකො අය්යිකා’තිපි, ‘මහාපිතා චූළපිතා’තිපි වදන්ති, කච්චි අම්හාකඤ්ඤෙව ඤාතකා නත්ථී”ති? “ආම, තාත, අම්හාකං එත්ථ ඤාතකා නත්ථි. රාජගහනගරෙ පන වො ධනසෙට්ඨි නාම අය්යකො, තත්ථ අම්හාකං බහූ ඤාතකා”ති. “කස්මා තත්ථ න ගච්ඡථ, අම්මා”ති? සා අත්තනො අගමනකාරණං පුත්තස්ස අකථෙත්වා පුත්තෙසු පුනප්පුනං කථෙන්තෙසු සාමිකං ආහ – “ඉමෙ දාරකා මං අතිවිය කිලමෙන්ති, කිං නො මාතාපිතරො දිස්වා මංසං ඛාදිස්සන්ති, එහි, දාරකානං අය්යකකුලං දස්සෙස්සාමා”ති? “අහං සම්මුඛා භවිතුං න සක්ඛිස්සාමි, තෙ පන නයිස්සාමී”ති. “සාධු යෙන කෙනචි උපායෙන දාරකානං අය්යකකුලමෙව දට්ඨුං වට්ටතී”ති. ද්වෙපි ජනා දාරකෙ ආදාය අනුපුබ්බෙන රාජගහං පත්වා නගරද්වාරෙ එකිස්සා සාලාය පවිසිත්වා දාරකමාතා ද්වෙ දාරකෙ ගහෙත්වා අත්තනො ආගතභාවං මාතාපිතූනං ආරොචාපෙසි.
නොබෝ කලකින්ම ඈ නැවතත් ගැබ්බර වූවාය. ඉතිරි විස්තර පෙර සේම සිදුවිය. ඒ දරුවාත් මහමග උපන් හෙයින් පළමු වැන්නා මහාපන්ථක නමිනුත් දෙවැන්නා චුල්ලපන්ථක වශයෙනුත් නම් කළහ. ඔවුහු ඒ දරුවන් දෙදෙනාම රැගෙන සිය වාසස්ථානයටම ගියාහුය. ඔවුන් මෙසේ වසන අතර, සෙසු අයගේ දරුවන් සුළුපියා, මහපියා, මුත්තණුවෝ, මිත්තනිය ආදී කියන කථා අසා සිටි මහාපන්ථක දිනක් සිය අම්මාගෙන්, මෑණියනි, අනිත් ළමයි ආතා මිත්තණිය ආදී නෑයන් ගැන කියති. අපට එබඳු නෑයන් නැද්දැයි ඇසීය. පුත, එසේය. නුඹලාට එබඳු නෑයන් මෙහි නැත. රජගහනුවර ධනසිටුවරයා නුඹලාගේ ආතාය. එහි අපේ බොහෝ නෑයෝ සිටිති. මෑණියනි, එහි නොයන්නේ ඇයි? ඈ තමන් මෙහි ආ කරුණ පුතාට නොකියා නැවත නැවතත් ඉල්ලා සිටින හෙයින් පුතාගේ පියාට මෙසේ කීවාය. මේ මගේ දරුවෝ නිතර මට කරදර කරති. ඇයි අප දැක අපේ මවුපියෝ අපේ මස් කන්නහුද? යමු දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන්ගේ ගෙදර පෙන්වමුයි කීවිට, මට ඔවුන් හමුවීමට බැරිය. එසේ වුවත් කිසියම් උපායකින් හේ දරුවන්ට ඔවුන්ගේ මුත්තණුවන් පෙන්වීම මැනවැයි දෙදෙනාම දරුවනුත් රැගෙන පිළිවෙළින් රජගහනුවරට පැමිණ නගරදොර අසළ එක් ශාලාවක නැවතී, දරුවන්ගේ මව දරුවන්ද රැගෙන අවුත් සිටින බව මවුපියන්ට දන්වා යැවුවාහ.
තෙ තං සාසනං සුත්වා, “සංසාරෙ විචරන්තානං න පුත්තො න ධීතා භූතපුබ්බා නාම නත්ථි, තෙ අම්හාකං මහාපරාධිකා, න සක්කා තෙහි අම්හාකං චක්ඛුපථෙ ඨාතුං, එත්තකං නාම ධනං ගහෙත්වා ද්වෙපි ජනා ඵාසුකට්ඨානං ගන්ත්වා ජීවන්තු, දාරකෙ පන ඉධ පෙසෙන්තූ”ති ධනං දත්වා දූතං පාහෙසුං.
ඒ සිටුමවුපියෝ ඔවුන්ගේ පුවත අසා, සසර ඇවිදගෙන යන අතර පුතුන් දූන් නොවූ කෙනෙකුන් නොමැත. අපට මහ අපරාධයක් කළ ඔවුන් අපේ ඇස් ඉදිරිපිට සිටිනු දැකීම කළ නොහැකිය. මෙපමණකින් ධනය රැගෙන අඹුසැමිදෙදෙනා පහසු තැනකට ගොස් ජීවත් විය යුතුය. දරුවන් පමණක් මෙහි එවන්නැයි දූතයකු අත ධනය දී යැවූහ.
තෙහි පෙසිතං ධනං ගහෙත්වා දාරකෙ ආගතදූතානඤ්ඤෙව හත්ථෙ දත්වා පහිණිංසු. දාරකා අය්යකකුලෙ වඩ්ඪන්ති. තෙසු චූළපන්ථකො අතිදහරො, මහාපන්ථකො පන අය්යකෙන සද්ධිං දසබලස්ස ධම්මකථං සොතුං ගච්ඡති. තස්ස නිච්චං සත්ථු සන්තිකං ගච්ඡන්තස්ස පබ්බජ්ජාය චිත්තං නමි. සො අය්යකං ආහ – “සචෙ මං අනුජානෙය්යාථ, අහං පබ්බජෙය්ය”න්ති. “කිං වදෙසි, තාත, සකලස්ස ලොකස්සපි මෙ පබ්බජ්ජාතො තව පබ්බජ්ජා භද්දිකා. සචෙ සක්කොසි පබ්බජාහී”ති. තං සත්ථු සන්තිකං නෙත්වා, “කිං, ගහපති, දාරකො තෙ ලද්ධො”ති වුත්තෙ, “ආම, භන්තෙ, අයං මෙ නත්තා තුම්හාකං සන්තිකෙ පබ්බජිතුකාමො”ති ආහ.
ඔවුහු එවූ ධනය රැගෙන පැමිණි දූතයාට දරුවන් භාර කොට යැවූහ. දරුවෝ එතැන් පටන් මුත්තණුවන්ගේ ගෙදර වැඩුණාහ. ඔවුනතර චුල්ලපන්ථක ඉතා ළදරුය. මහාපන්ථක මුත්තණුවන් සමග දශබලයන්වහන්සේගේ ධර්මකථා ඇසීමට යයි. නිතර බුදුන් හමුවට ගිය ඔහුගේ සිත පැවිද්දට ඇදී ගියේය. මහාපන්ථක මුත්තණුවන්ට මෙසේ කීවේය. මුත්තණුවනි, ඉදින් ඔබ අනුමත කරන්නේ නම් මම පැවිදි වෙමි. දරුව කුමක් කියන්නෙහිද, මුළු ලොවම පැවිදි වනවාටත් වඩා මට ඔබේ පැවිදිවීම උතුම්ය. ඔබට හැකිනම් පැවිදි වන්නැයි මුත්තණුවෝ ප්‍රකාශ කළහ. සිටුවරයා, මහාපන්ථකත් සමග බුදුන් සමීපයට ගිය කල ගෘහපතිය, කිම ඔබ දරුවකු ලද්දේදැයි පිළිවිසි කල්හි, එසේය ස්වාමීනි, මේ මගේ මුණුබුරාය. ඔබ ළඟ පැවිදි වීමට කැමතියයි දන්වා සිටියේය.
සත්ථා අඤ්ඤතරං පිණ්ඩපාතචාරිකං භික්ඛුං “ඉමං දාරකං පබ්බාජෙහී”ති ආණාපෙසි. ථෙරො තස්ස තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛිත්වා පබ්බාජෙසි. සො බහුං බුද්ධවචනං උග්ගණ්හිත්වා පරිපුණ්ණවස්සො උපසම්පදං ලභිත්වා යොනිසොමනසිකාරෙන කම්මට්ඨානං කරොන්තො අරහත්තං පාපුණි. සො ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙන්තො චින්තෙසි – “සක්කා නු ඛො ඉදං සුඛං චූළපන්ථකස්ස දාතු”න්ති! තතො අය්යකසෙට්ඨිස්ස සන්තිකං ගන්ත්වා එවමාහ – “මහාසෙට්ඨි, සචෙ අනුජානෙය්යාථ, අහං චූළපන්ථකං පබ්බාජෙය්ය”න්ති. “පබ්බාජෙථ, භන්තෙ”ති. සෙට්ඨි කිර සාසනෙ ච සුප්පසන්නො, “කතරධීතාය වො එතෙ පුත්තා”ති පුච්ඡියමානො ච “පලාතධීතායා”ති වත්තුං ලජ්ජති, තස්මා සුඛෙනෙව තෙසං පබ්බජ්ජං අනුජානි. ථෙරො චූළපන්ථකං පබ්බාජෙත්වා සීලෙසු පතිට්ඨාපෙසි. සො පබ්බජිත්වාව දන්ධො අහොසි.
බුදුපියාණෝ එක් පිණ්ඩචාරික භික්ෂුවක් අමතා මේ දරුවා පැවිදි කරන්නැයි අණ කළහ. ඒ තෙරණුවෝ කුමරාට තචපංචක කමටහන් දී ඔහු පැවිදි කළහ. ඒ සාමණේරයෝ බොහෝ වූ බුද්ධවචන ඉගෙනගෙන විසිවස්සම්පූර්ණ වූ පසු උපසම්පදා වී යෝනිසෝමනසිකාරයෙන් යුක්තව කටයුතු කොට රහත් බවට පත්වූහ. උන්වහන්සේ ධ්‍යාන සැපයෙන් හා ඵල සැපයෙන් කල් ගෙවන්නාහු මේ සැපත චුල්ලපන්ථකටත් දියහැකිදැයි කල්පනා කළහ. ඉන්පසු මුත්තණු සිටුවරයා ළඟට ගොස්, මහසිටුතුමනි, ඔබ අනුමැතිය දෙන්නෙහි නම් මම චුල්ලපන්ථක පැවිදි කරන්නෙමි. ස්වාමීනි ඔහු පැවිදි කළ මැනවි. සිටුවරයා වනාහි සසුනේත් පැහැදුණු කෙනෙකි. ඒ අතරම මේ පුත්‍රයෝ කවර නම් දුවකගේ පුතුන්දැයි ඇසූ විට පැනගිය දුවගේ පුතුන්යයි කීමටද ලජ්ජා වෙයි. එහෙයින් කිසි අසීරුවක් නොව ඔවුන්ගේ පැවිදිවීම අනුමත කෙළේය. මහාපන්ථක තෙරණුවෝ චුල්ලපන්ථක පැවිදි කර සීලයෙහි පිහිටුවාලූහ. එහෙත් ඔහු පැවිදි වනවාත් සමගම බුද්ධියෙන් අඩ වූවෙක්-දන්ධයෙක් විය.
“පද්මං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (සං· නි· 1.123; අ· නි· 5.195) –
කොකනද නම් ලද පියුම් සුවඳ ඇති උදේ පිපී සුවඳත් විහිදනු වැනි තවන හිරක් මෙන් අහස්කුසේ බලනුව අංගීරස මහමුනි දෙස
ඉමං එකං ගාථං චතූහි මාසෙහි උග්ගණ්හිතුං නාසක්ඛි. සො කිර කස්සපසම්මාසම්බුද්ධකාලෙ පබ්බජිත්වා පඤ්ඤවා හුත්වා අඤ්ඤතරස්ස දන්ධභික්ඛුනො උද්දෙසග්ගහණකාලෙ පරිහාසකෙළිං අකාසි. සො භික්ඛු තෙන පරිහාසෙන ලජ්ජිතො නෙව උද්දෙසං ගණ්හි, න සජ්ඣායමකාසි. තෙන කම්මෙන අයං පබ්බජිත්වාව දන්ධො ජාතො, ගහිතගහිතං පදං උපරූපරිපදං ගණ්හන්තස්ස නස්සති. තස්ස ඉමමෙව ගාථං උග්ගහෙතුං වායමන්තස්ස චත්තාරො මාසා අතික්කන්තා. අථ නං මහාපන්ථකො, “චූළපන්ථක, ත්වං ඉමස්මිං සාසනෙ අභබ්බො, චතූහි මාසෙහි එකං ගාථම්පි ගණ්හිතුං න සක්කොසි, පබ්බජිතකිච්චං පන කථං මත්ථකං පාපෙස්සසි, නික්ඛම ඉතො”ති විහාරා නික්කඩ්ඪි. චූළපන්ථකො බුද්ධසාසනෙ සිනෙහෙන ගිහිභාවං න පත්ථෙති.
යන මේ ගාථාව සිවුමසකිනුත් ඉගෙනීමට නොහැකි විය. ඔහු වනාහි කස්සප සම්මාසම්බුදුන් කාලයෙහි පැවිදි ප්රඥාවන්තයෙක්ව එක්තරා නුවණ මඳ භික්ෂුවක් පාළි ඉගෙන ගන්නා වේලාවෙහි වැරදුණු තැන්වලදී විහිළු කොට අවමන් කෙළේය. ඒ භික්ෂුව ඒ අවමානයෙන් ලජ්ජා වී උදෙසීම් නොගත්තේය. සජ්ඣායනා නොකෙළේය. (ඉගෙන නොගත්තේය) ඒ කර්ම විපාකයෙන් චුල්ලපන්ථක පැවිදිවීමත් සමගම අනුවණයෙක් විය. පළමුව පාඩම් කළ පදය දෙවෙනි තුන්වෙනි පද ඉගෙන ගන්නා විට අමතක විය. ඔහු මේ ගාථාව ඉගෙනීමට වෑයම් කළත් ඒ සඳහා හාරමාසයක් ගතවිය. එහෙත් පාඩම් නොසිටියේය. ඉන්පසු මහාපන්ථකතෙරණුවෝ ඔහු අමතා, පන්ථක, ඔබ මේ සසුනෙහි අභව්‍යයෙකි. (ප්‍රතිඵලයක් ලැබිය නොහැක්කෙකි) සාරමසකිනුත් එක් සතරපදගාථාවක් පාඩම් කරගත නොහැකි විය. ඉතින් ඔබ පැවිදිකම මුදුන් පමුණුවා ගන්නේ කෙසේද? එහෙයින් මේ විහාරයෙන් පිටවී යන්නැයි කීවෝය. චුල්ලපන්ථක බුදුසසුනෙහි ඇල්ම ඇති හෙයින් ගිහිබව නොපතයි.
තස්මිඤ්ච කාලෙ මහාපන්ථකො භත්තුද්දෙසකො අහොසි. ජීවකො කොමාරභච්චො බහුං මාලාගන්ධවිලෙපනං ආදාය අත්තනො අම්බවනං ගන්ත්වා සත්ථාරං පූජෙත්වා ධම්මං සුත්වා උට්ඨායාසනා දසබලං වන්දිත්වා මහාපන්ථකං උපසඞ්කමිත්වා, “කිත්තකා, භන්තෙ, සත්ථු සන්තිකෙ භික්ඛූ”ති පුච්ඡි. “පඤ්චමත්තානි භික්ඛුසතානී”ති. “ස්වෙ, භන්තෙ, බුද්ධප්පමුඛානි පඤ්ච භික්ඛුසතානි ආදාය අම්හාකං නිවෙසනෙ භික්ඛං ගණ්හථා”ති. “උපාසක, චූළපන්ථකො නාම භික්ඛු දන්ධො අවිරුළ්හිධම්මො, තං ඨපෙත්වා සෙසානං නිමන්තනං සම්පටිච්ඡාමී”ති ථෙරො ආහ.
එකල මහාපන්ථක හිමියෝ භත්තුද්දෙශක තනතුර දැරූහ. ජීවකකෝමාරභච්ච නම් වෛද්‍යවරයා බොහෝ මල්ගඳවිලවුන් රැගෙන තම අඹවනයට ගොස් බුදුන් පුදා බණ අසා අසුනින් නැගිට දශබලයන් වහන්සේ නැවත වැඳ මහාපන්ථකයන්වහන්සේ වෙත එළඹ, ස්වාමීනි දැන් බුදුරදුන් වෙත කොපමණ භික්ෂූන් සිටිත්දැයි විචාළේය. සිටාණනි, පන්සීයක් පමණ වෙතියි පිළිතුරු දුන්හ. ස්වාමීනි, හෙට දිනයෙන් බුදුන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන් රැගෙන මගේ නිවසේ භික්ෂාව (ආහාර) ගනු මැනවයි ආරාධනා කෙළේය. උපාසකය, චුල්ලපන්ථක නමින් අනුවණ දහම් නොදන්නා එක් භික්ෂුවක් ද සිටියි. ඒ භික්ෂුව හැර සෙසු අය සඳහා ආරාධනය පිළිගනිමියි තෙරණුවෝ පැවසූහ.
තං සුත්වා චූළපන්ථකො චින්තෙසි – “ථෙරො එත්තකානං භික්ඛූනං නිමන්තනං සම්පටිච්ඡන්තො මං බාහිරං කත්වා සම්පටිච්ඡති, නිස්සංසයං මය්හං භාතිකස්ස මයි චිත්තං භින්නං භවිස්සති, කිං දානි මය්හං ඉමිනා සාසනෙන, ගිහී හුත්වා දානාදීනි පුඤ්ඤානි කරොන්තො ජීවිස්සාමී”ති? සො පුනදිවසෙ පාතොව විබ්භමිතුං පායාසි.
මේ කථාව අසා සිටි චුල්ලපන්ථක තෙරුන්වහන්සේ මෙසේ සිතූහ. ‘මහාපන්ථක හිමියෝ මෙතරම් භික්ෂූන් උදෙසා ආරාධනය පිළිගත්තේ මා අතහැර දමාය. නිසැකයෙන්ම මගේ සහෝදර හිමියන්ගේ සිත කලකිරී ඇත. දැන් ඉතින් මම මේ සසුනින් පිටව ගොස් ගිහිබවට පත්වී දානාදි පින්කම් කරමින් ජීවත්වන්නෙමි. මෙසේ සිතූ උන්වහන්සේ දෙවෙනි දින උදෑසනින්ම උපැවිදිවීම සඳහා පිටත්වූහ.
සත්ථා පච්චූසකාලෙයෙව ලොකං වොලොකෙන්තො ඉමං කාරණං දිස්වා පඨමතරං ගන්ත්වා චූළපන්ථකස්ස ගමනමග්ගෙ ද්වාරකොට්ඨකෙ චඞ්කමන්තො අට්ඨාසි. චූළපන්ථකො ගච්ඡන්තො සත්ථාරං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා අට්ඨාසි. අථ නං සත්ථා “කුහිං පන ත්වං, චූළපන්ථක, ඉමාය වෙලාය ගච්ඡසී”ති ආහ. “භාතා මං, භන්තෙ, නික්කඩ්ඪති, තෙනාහං විබ්භමිතුං ගච්ඡාමී”ති. “චූළපන්ථක, තව පබ්බජ්ජා නාම මම සන්තකා, භාතරා නික්කඩ්ඪිතො කස්මා මම සන්තිකං නාගඤ්ඡි, එහි, කිං තෙ ගිහිභාවෙන, මම සන්තිකෙ භවිස්සසී”ති චක්කඞ්කිතතලෙන පාණිනා තං සිරසි පරාමසිත්වා ආදාය ගන්ත්වා ගන්ධකුටිප්පමුඛෙ නිසීදාපෙත්වා, “චූළපන්ථක, පුරත්ථාභිමුඛො හුත්වා ඉමං පිලොතිකං ‘රජොහරණං රජොහරණ’න්ති පරිමජ්ජන්තො ඉධෙව හොහී”ති ඉද්ධියා අභිසඞ්ඛතං පරිසුද්ධං පිලොතිකං දත්වා කාලෙ ආරොචිතෙ භික්ඛුසඞ්ඝපරිවුතො ජීවකස්ස ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. චූළපන්ථකොපි සූරියං ඔලොකෙන්තො තං පිලොතිකං “රජොහරණං රජොහරණ”න්ති පරිමජ්ජන්තො නිසීදි. තස්ස තං පිලොතිකඛණ්ඩං පරිමජ්ජන්තස්ස කිලිට්ඨං අහොසි. තතො චින්තෙසි – “ඉදං පිලොතිකඛණ්ඩං අතිවිය පරිසුද්ධං, ඉමං පන අත්තභාවං නිස්සාය පුරිමපකතිං විජහිත්වා එවං කිලිට්ඨං ජාතං, අනිච්චා වත සඞ්ඛාරා”ති ඛයවයං පට්ඨපෙන්තො විපස්සනං වඩ්ඪෙසි.
ශාස්තෘන්වහන්සේ අලුයම් වේලෙහි ලොව දෙස බලනසේක් මේ කරුණ දැක ප්‍රථමයෙන්ම ගොස් චුල්ලපන්ථක යන මාර්ගයෙහි වූ දොරකොටුවෙහි සක්මන් කරමින් වැඩසිටි සේක. ගමන් කරමින් සිටි චුල්ලපන්ථකගෙන් ඔබ මේ වේලාවේ කොහි යන්නෙහිදැයි බුදුහු විචාළහ. ස්වාමීනි, මාගේ සොහොයුරා මා එළවා දැමුවේය. එහෙයින් මම ගිහිවීම සඳහා යන්නෙමියි පැවසූහ. චුල්ලපන්ථක ඔබේ පැවිද්ද මා සතුය. සොහොයුරා එලවා ගත් කළ මා ළඟට නාවේ ඇයි? ඔබට ගිහි වීමෙන් කිනම් ඵලයක්ද? මා සමග යන්ට එන්නැයි මොලකැටි අතින් උන්වහන්සේගේ හිස පිරිමැද කැඳවාගෙන ගොස් ගන්ධකුටිය ඉදිරිපස හිඳුවා, චුල්ලපන්ථක, පෙරදිග පැත්ත බලා හිඳගෙන මේ රෙදිකැබැල්ල “රජෝ හරණං රජෝහරණං” (කෙලෙස් හැර දැමීම) යයි කියමින් මෙය පිරිමදිමින් මෙතන ම සිටින්නැයි සෘද්ධියෙන් ලබාගත් පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්හ. බුදුහු කාලය එළඹි කල්හි භික්ෂුසංඝයා පිරිවරා ජීවකයන්ගේ ගෙට වැඩමවා පැන වූ ආසනයෙහි වැඩහුන්සේක. චුල්ලපන්ථකද හිරු දෙස බලාගෙන ඒ රෙදිකැබැල්ල රජෝ හරණං රජෝ හරණං කියමින් පිරිමදිමින් හුන්නේය. ඒ රෙදිකැබැල්ල එසේ පිරිමදිමින් සිටින අතර එය කිලිටි වී ගියේය. චුල්ලපන්ථක මේ රෙදිකැබැල්ල අතිශයින් පිරිසිදුයි. මේ ආත්මභාවය නිසා මුලින් පැවති තත්ත්වය හැර මෙසේ කිලිටි විය. අනිච්චා වත සංඛාරා යි සියලු සංස්කාරයන්ගේ ක්ෂයවීම හා වැනසීයෑම සිහි කරමින් විදර්ශනා වැඩුවේය.
සත්ථා “චූළපන්ථකස්ස චිත්තං විපස්සනං ආරුළ්හ”න්ති ඤත්වා, “චූළපන්ථක, ත්වං පිලොතිකඛණ්ඩමෙව සංකිලිට්ඨං ‘රජං රජ’න්ති මා සඤ්ඤං කරි, අබ්භන්තරෙ පන තෙ රාගරජාදයො අත්ථි, තෙ හරාහී”ති වත්වා ඔභාසං විස්සජ්ජෙත්වා පුරතො නිසින්නො විය පඤ්ඤායමානරූපො හුත්වා ඉමා ගාථා අභාසි –
බුදුපියාණන් වහන්සේ, චුල්ලපන්ථකගේ සිත විපස්සනාවට වැටී ඇති බව දැන, චුල්ලපන්ථක, ඔබද රෙදිකැබැල්ල මෙන් කිළුටුය. රජං රජං යනුවෙන් සංඥා වශයෙන් නොගනුව. ඔබේ අභ්‍යන්තරයේ රාගාදි රජස් බොහෝය. ඒවා අතහරින්න යයි වදාරා ආලෝකයක් විහිදුවා පෙරටුව සිටියාක් මෙන් පෙනෙන රුවක්සේ සලස්වා මේ ගාථා වදාළහ.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති; එතං රජ්ජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
රජස නම් රාගයයි ඒ දුහුවිලි නම් නොවේ රාගයට ම කියන තවත් නමකි රජස යයි මහණෙනි මේ රජස් දුරැර බුදුසසුනෙහි ඔබ විසිය යුතුය
“දොසො රජො න ච පන රෙණු වුච්චති, දොසස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
රජස නම් ද්වේෂයයි ඒ දුහුවිලි නම් නොවේ ද්වේෂයට ම කියන තවත් නමකි රජස යයි මහණෙනි මේ රජස් දුරැර බුදුසසුනෙහි ඔබ විසිය යුතුය
“මොහො රජො න ච පන රෙණු වුච්චති, මොහස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”ති. (මහානි· 209);
රජස නම් මෝහයයි ඒ දුහුවිලි නම් නොවේ මෝහයටම කියන තවත් නමකි රජස යනුවෙන් මහණෙනි මේ රජස දුරැර බුදුසසුනෙහි ඔබ විසිය යුතුය
ගාථාපරියොසානෙ චූළපන්ථකො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සහ පටිසම්භිදාහියෙවස්ස තීණි පිටකානි ආගමිංසු.
ගාථා කෙළවර චුල්ලපන්ථක හිමියෝ සිවුපිළිසිඹියා සමග රහත් බවට පත්වූහ. සිවුපිළිසිඹියා ලබනවාත් සමග උන්වහන්සේට ත්‍රිපිටකය ප්‍රගුණ විය. (සිවුපිළිසිඹියාම ත්‍රිපිටකය විය.)
සො කිර පුබ්බෙ රාජා හුත්වා නගරං පදක්ඛිණං කරොන්තො නලාටතො සෙදෙ මුච්චන්තෙ පරිසුද්ධෙන සාටකෙන නලාටන්තං පුඤ්ඡි, සාටකො කිලිට්ඨො අහොසි. සො “ඉමං සරීරං නිස්සාය එවරූපො පරිසුද්ධො සාටකො පකතිං ජහිත්වා කිලිට්ඨො ජාතො, අනිච්චා වත සඞ්ඛාරා”ති අනිච්චසඤ්ඤං පටිලභි. තෙ කාරණෙනස්ස රජොහරණමෙව පච්චයො ජාතො.
උන්වහන්සේ පෙර රජෙක්ව නුවර ඇවිදින විට නළලින් ඩාබිඳු වැගුරුණේය. පිරිසිදු සළුවෙන් නළල පිස දැමීය. සළුව කිලිටි විය. උන්වහන්සේ, මේ ශරීරය නිසා මෙවන් පිරිසිදු සළුවක් එහි ප්‍රකෘතිය හැර කිලිටි වීයයි අනිච්චා වත සංඛාරා ආදි වශයෙන් අනිත්‍ය සංඥාව ලැබූහ. ඒ කරුණින් රජෝහරණයම ප්‍රත්‍යය විය. උදව් විය.
ජීවකොපි ඛො කොමාරභච්චො දසබලස්ස දක්ඛිණොදකං උපනාමෙසි. සත්ථා “නනු, ජීවක, විහාරෙ භික්ඛූ අත්ථී”ති හත්ථෙන පත්තං පිදහි. මහාපන්ථකො “නනු, භන්තෙ, විහාරෙ භික්ඛූ නත්ථී”ති ආහ. සත්ථා “අත්ථි, ජීවකා”ති ආහ. ජීවකො “තෙන හි භණෙ ගච්ඡ, විහාරෙ භික්ඛූනං අත්ථිභාවං වා නත්ථිභාවං වා ත්වඤ්ඤෙව ජානාහී”ති පුරිසං පෙසෙසි. තස්මිං ඛණෙ චූළපන්ථකො “මය්හං භාතිකො ‘විහාරෙ භික්ඛූ නත්ථී’ති භණති, විහාරෙ භික්ඛූනං අත්ථිභාවමස්ස පකාසෙස්සාමී”ති සකලං අම්බවනං භික්ඛූනඤ්ඤෙව පූරෙසි. එකච්චෙ භික්ඛූ චීවරකම්මං කරොන්ති, එකච්චෙ රජනකම්මං කරොන්ති, එකච්චෙ සජ්ඣායං කරොන්ති. එවං අඤ්ඤමඤ්ඤඅසදිසං භික්ඛුසහස්සං මාපෙසි. සො පුරිසො විහාරෙ බහූ භික්ඛූ දිස්වා නිවත්තිත්වා, “අය්ය, සකලං අම්බවනං භික්ඛූහි පරිපුණ්ණ”න්ති ජීවකස්ස ආරොචෙසි. ථෙරොපි ඛො තත්ථෙව –
ජීවක කෝමාරභච්චතෙමේත් දශබලයන්වහන්සේට දක්ෂිණෝදකය පිළිගැන්වීය. බුදුරජාණන්වහන්සේ, ජිවකයනි, විහාරයෙහි තවත් භික්ෂූන් ඇත්තේ නොවේදැයි අතින් පාත්‍රය වැසූසේක. මහාපන්ථක තෙරණුවෝ විහාරයෙහි භික්ෂූන් නැතැයි කීහ. ශාස්තෘන්වහන්සේ ජීවක, තවත් භික්ෂූන් ඇතැයි වදාළහ. ජීවක, එසේනම් විහාරයෙහි භික්ෂූන් ඇති නැති බව දැනගෙන එන්නැයි පුරුෂයකු යැවීය. ඒ වේලාවෙහි චුල්ලපන්ථක හිමියෝ, මගේ සොහොයුරා විහාරයෙහි භික්ෂූන් නැති බව කියයි. භික්ෂූන් ඇති බව එතුමන්ට ප්‍රකාශ කරන්නෙමියි සියලු අඹවනය භික්ෂූන්ගෙන් පුරවාලූහ. එයින් ඇතැම් භික්ෂූහු සිවුරු පිළියලෙ කරති. ඇතැමෙක් සිවුරු පඬු පොවති. ඇතැමෙක් සජ්ඣායනා කරති. මෙසේ ඔවුනොවුන් එකහා සමාන භික්ෂූන් දහසක් මවාලූහ. ඒ පුරුෂයා විහාරයෙහි බොහෝ භික්ෂූන් දැක ආපසු ගොස්, ආර්යයයෙනි, සියලු අඹවනය භික්ෂූන්ගෙන් පිරී පවතී යයි ජීවකට දැන්වීය. චුල්ලපන්ථක තෙරුන් වහන්සේත් එහිම:
“සහස්සක්ඛත්තුමත්තානං, නිම්මිනිත්වාන පන්ථකො; නිසීදම්බවනෙ රම්මෙ, යාව කාලප්පවෙදනා”ති.
දහස් වරක් තම රුවමවමින් වැඩ සිටියහ පන්ථක හිමියෝ ඒ රමණිය වූ අඹවනයේ සුදුසු කාලයයි දන්වා එන තුරු
අථ සත්ථා තං පුරිසං ආහ – “විහාරං ගන්ත්වා ‘සත්ථා චූළපන්ථකං නාම පක්කොසතී’ති වදෙහී”ති. තෙන ගන්ත්වා තථා වුත්තෙ, “අහං චූළපන්ථකො, අහං චූළපන්ථකො”ති මුඛසහස්සං උට්ඨහි. සො පුරිසො පුන ගන්ත්වා, “සබ්බෙපි කිර, භන්තෙ, චූළපන්ථකායෙව නාමා”ති ආහ. “තෙන හි ගන්ත්වා යො ‘අහං චූළපන්ථකො’ති පඨමං වදති, තං හත්ථෙ ගණ්හ, අවසෙසා අන්තරධායිස්සන්තී”ති. සො තථා අකාසි. තාවදෙව සහස්සමත්තා භික්ඛූ අන්තරධායිංසු. ථෙරොපි තෙන පුරිසෙන සද්ධිං අගමාසි. සත්ථා භත්තකිච්චපරියොසානෙ ජීවකං ආමන්තෙසි – “ජීවක, චූළපන්ථකස්ස පත්තං ගණ්හාහි, අයං තෙ අනුමොදනං කරිස්සතී”ති. ජීවකො තථා අකාසි. ථෙරො සීහනාදං නදන්තො තරුණසීහො විය තීහි පිටකෙහි සඞ්ඛොභෙත්වා අනුමොදනමකාසි. සත්ථා උට්ඨායාසනා භික්ඛුසඞ්ඝපරිවුතො විහාරං ගන්ත්වා භික්ඛූහි වත්තෙ දස්සිතෙ ගන්ධකුටිප්පමුඛෙ ඨත්වා භික්ඛුසඞ්ඝස්ස සුගතොවාදං දත්වා කම්මට්ඨානං කථෙත්වා භික්ඛුසඞ්ඝං උය්යොජෙත්වා සුරභිගන්ධවාසිතං ගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං උපගතො.
ඉන්පසු ශාස්තෘන්වහන්සේ ඒ පුරුෂයා අමතා ඔබ විහාරයට ගොස් බුදුහු චුල්ලපන්ථක හිමියන්ට කථා කරන්නේ යයි කියව. ඔහු ගොස් එසේ කළ කල මමයි චුල්ලපන්ථක, මමයි චුල්ලපන්ථක යයි මුඛ දහසකින් හඬ නැගිණි. ඒ පුරුෂයා ගොස් ස්වාමීනි, ඒ දහසක් හිමිවරු මමයි චුල්ලපන්ථක යයි කියන බව දන්වා සිටියේය. එසේනම් ඔබ ගොසින් පළමුවෙන්ම චුල්ලපන්ථක යයි කියන අයගේ අත අල්ලා ගනුව, සෙස්සෝ අතුරුදහන් වනු ඇතැයි වදාළහ. ඔහු එසේ කළේය. එකෙණෙහිම දහසක් පමණ වූ භික්ෂූහු අතුරුදහන් වූහ. චුල්ලපන්ථක තෙරණුවෝ එහි පැමිණි පුද්ගලයා සමග වැඩියහ. ශාස්තෘන්වහන්සේ වළඳා අවසානයෙහි ජීවක ඇමතූහ. ජීවක චුල්ලපන්ථකගේ පාත්‍රය ගනුව. ඒ තෙරණුවෝ ඔබට අනුමෝදනා බණ දෙසනු ඇතියි වදාළහ. ජීවක එසේ කෙළේය. තෙරණුවෝ සිංහනාද කරන තරුණ සිංහයකු මෙන් ත්‍රිපිටකය අළලා අනුමෝදනා දේශනාව කළහ. ශාස්තෘන් වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා විහාරයට වැඩමවා භික්ෂූන් වත් දැක්වූ කල්හි ගඳකිළිය අබියෙස සිට සංඝයාට සුගතෝවාදය දී, කමටහන් කියා භික්ෂුසංඝයා එම කාර්යයන්හි යොදවා නොයෙක් සුවඳින් සුවඳවත් වූ ගඳකිළියට පිවිස දකුණැලයෙන් සිංහසෙය්යාවට පැමිණියහ. (සැතපී වදාළහ)
අථ සායන්හසමයෙ භික්ඛූ ඉතො චිතො ච සමොසරිත්වා රත්තකම්බලසාණියා පරික්ඛිත්තා විය නිසීදිත්වා සත්ථු ගුණකථං ආරභිංසු, “ආවුසො, මහාපන්ථකො චූළපන්ථකස්ස අජ්ඣාසයං අජානන්තො චතූහි මාසෙහි එකං ගාථං උග්ගණ්හාපෙතුං න සක්කොති, ‘දන්ධො අය’න්ති විහාරා නික්කඩ්ඪි, සම්මාසම්බුද්ධො පන අත්තනො අනුත්තරධම්මරාජතාය එකස්මිංයෙවස්ස අන්තරභත්තෙ සහ පටිසම්භිදාහි අරහත්තං අදාසි, තීණි පිටකානි සහ පටිසම්භිදාහියෙව ආගතානි, අහො බුද්ධානං බලං නාම මහන්ත”න්ති.
ඉන්පසු සවස් වේලාවෙහි නොයෙක් දෙසින් පැමිණි භික්ෂූහු රතුකම්බිලිතිරයකින් වසන්නාක් මෙන් දම්සභා මණ්ඩපයට රැස්ව බුදුන්ගේ ගුණකථාව පටන්ගත්හ. ඇවැත්නි, මහාපන්ථක, චුල්පන්ථකගේ අදහස් තේරුම් නොගෙන සිවුමසකිනුත් එක් ගාථාවක් උගන්වන්ට නොහැකි විය. මොහු අනුවණයෙකියි විහාරයෙන් නෙරපා හැරියේය. සම්මාසම්බුදුරදුන් වහන්සේ තමන්වහන්සේ අනුත්තර වූ ධර්මරාජයන් බැවින් එක් බත්වේලක් අතරතුර සිවුපිළිසිඹියා හා සමග රහත්බව ලබා දුන්සේක. සිවුපිළිසිඹියාහාත් සමගම ත්‍රිපිටකය පිළිබඳ දැනීමද ලැබිණි. බුදුවරයන්ගේ බලමහත්ත්වය විස්මය ජනකයයි කීවෝය.
අථ භගවා ධම්මසභායං ඉමං කථාපවත්තිං ඤත්වා, “අජ්ජ මයා ගන්තුං වට්ටතී”ති බුද්ධසෙය්යාය උට්ඨාය සුරත්තදුපට්ටං නිවාසෙත්වා විජ්ජුලතං විය කායබන්ධනං බන්ධිත්වා රත්තකම්බලසදිසං සුගතමහාචීවරං පාරුපිත්වා සුරභිගන්ධකුටිතො නික්ඛම්ම මත්තවරවාරණසීහවිජම්භිතවිලාසෙන අනන්තාය බුද්ධලීළාය ධම්මසභං ගන්ත්වා අලඞ්කතමණ්ඩලමාළමජ්ඣෙ සුපඤ්ඤත්තවරබුද්ධාසනං අභිරුය්හ ඡබ්බණ්ණබුද්ධරංසියො විස්සජ්ජෙන්තො අණ්ණවකුච්ඡිං ඛොභයමානො යුගන්ධරමත්ථකෙ බාලසූරියො විය ආසනමජ්ඣෙ නිසීදි.
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ ධර්මසභාවෙහි උපන් මේ කථා පුවත දැන, මා දැන් එහි යායුතුයයි බුද්ධසෙය්යාවෙන් නැගිට හොඳින් රත්පැහැ ගැන්වුණු හඳනා සිවුර හැඳ විදුලිය ලතාවක් බඳු කායබත්ධනය (පටිය) බැඳ රතුකම්බිලියක් වැනි සුගතමහාචීවරය පෙරවා විවිධ සුවඳින් යුතු ගඳකිළියෙන් නික්මී මත්වූ උතුම් ඇතකගේ-සිංහරාජයකුගේ නික්මීමකට බඳුව අනන්ත වූ බුද්ධලීලාවෙන් ධම්සභාමණ්ඩපයට වැඩමවා අලංකාර කරනලද මණ්ඩලමාලා මැද පණවනුලැබූ බුද්ධාසනයට නැග සවණක් බුදුරැස් විහිදුවමින් මුහුදුකුස කළඹන්නාක් වැනිව, යුගඳුරු මුදුනෙහි බාලසූර්යයකු මෙන් අසුන් මැද වැඩහුන් සේක.
සම්මාසම්බුද්ධෙ පන ආගතමත්තෙ භික්ඛුසඞ්ඝො කථං පච්ඡින්දිත්වා තුණ්හී අහොසි. සත්ථා මුදුකෙන මෙත්තචිත්තෙන පරිසං ඔලොකෙත්වා, “අයං පරිසා අතිවිය සොභති, එකස්සපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා උක්කාසිතසද්දො වා ඛිපිතසද්දො වා නත්ථි, සබ්බෙපි ඉමෙ බුද්ධගාරවෙන සගාරවා, බුද්ධතෙජෙන තජ්ජිතා. මයි ආයුකප්පම්පි අකථෙත්වා නිසින්නෙ පඨමං කථං සමුට්ඨාපෙත්වා න කථෙස්සන්ති. කථාසමුට්ඨාපනවත්තං නාම මයාව ජානිතබ්බං, අහමෙව පඨමං කථෙස්සාමී”ති මධුරෙන බ්රහ්මස්සරෙන භික්ඛූ ආමන්තෙත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ, “න, භික්ඛවෙ, චූළපන්ථකො ඉදානෙව දන්ධො, පුබ්බෙපි දන්ධොයෙව. න කෙවලඤ්චස්සාහං ඉදානෙව අවස්සයො ජාතො, පුබ්බෙපි අවස්සයො අහොසිමෙව. පුබ්බෙ පනාහං ඉමං ලොකියකුටුම්බස්ස සාමිකං අකාසිං, ඉදානි ලොකුත්තරකුටුම්බස්සා”ති වත්වා තමත්ථං විත්ථාරතො සොතුකාමෙහි භික්ඛූහි ආයාචිතො අතීතං ආහරි –
බුදුරදුන් එහි පැමිණි විගසම භික්ෂූන් වහන්සේලා කථාව නවත්වා නිහඬ වූහ. ශාස්තෘන්වහන්සේ මෘදු වූ මෛත්‍රීසහගත සිතින් පිරිස දෙස බලා මේ පිරිස අතිශයින් ශෝභනයහ. එකකුගේ හෝ අතවැනීමක් පය වැනීමක් උගුර පෑදීමක් කිබිසීමක් හෝ නැත. මේ සියල්ලෝ බුද්ධගෞරවයෙන් ගෞරව සහිතව, බුද්ධතේජසින් තෙදගැන්වී සිටින හෙයින් ආයුෂ කාලයක් මා කථා නොකර සිටියත් පළමුව කථාවක් ඇදගෙන කථා නොකෙරෙති. කථාව පටන් ගැනීම මා විසින්ම දතයුතුය. මම පළමුව කථා කෙරෙන්නෙමියි මධුර වූ බ්‍රහ්මස්වරයෙන් භික්ෂූන් අමතා මහණෙනි, මෙතැන්හි කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුද, කවර නම් අතුරුකථාවක් අඩාළ වූයේ දැයි අසා ස්වාමීනි, මෙනම් කථාවකියි දැන්වූ කල්හි, මහණෙනි, චුල්ලපන්ථක නුනුවණ වූයේ දැන් පමණක් නොවේ, පෙරත් එසේම වීයයි වදාළහ. මා ඔහුට උපකාර කළේ අද පමණක් නොවෙයි. පෙරත් මා විසින් උපකාර කරනලදැයි වදාරා, පෙර මම මොහු ලෞකික ධනයට හිමිකරුවකු කෙළෙමි. දැන් ලෝකෝත්තර ධනයට හිමිකාරයකු කෙළෙමියි කියා එය සවිස්තරව දැනගනු කැමති වූ භික්ෂූන් විසින් ආරාධිතව අතීතය ගෙනහැර දක්වා වදාළහ.
“අතීතෙ, භික්ඛවෙ, බාරාණසිනගරවාසී එකො මාණවො තක්කසිලං ගන්ත්වා සිප්පුග්ගහණත්ථාය දිසාපාමොක්ඛස්ස ආචරියස්ස ධම්මන්තෙවාසිකො හුත්වා පඤ්චන්නං මාණවකසතානං අන්තරෙ අතිවිය ආචරියස්ස උපකාරකො අහොසි, පාදපරිකම්මාදීනි සබ්බකිච්චානි කරොති. දන්ධතාය පන කිඤ්චි උග්ගණ්හිතුං න සක්කො”ති. ආචරියො “අයං මම බහූපකාරො, සික්ඛාපෙස්සාමි න”න්ති වායමන්තොපි කිඤ්චි සික්ඛාපෙතුං න සක්කොති. සො චිරං වසිත්වා එකගාථම්පි උග්ගණ්හිතුං අසක්කොන්තො උක්කණ්ඨිත්වා “ගමිස්සාමී”ති ආචරියං ආපුච්ඡි.
අතීතයෙහි බරණැස්නුවර වැසි එක් මානවකයෙක් තක්ෂශිලාවට ගොස් ශිල්ප ඉගෙනීම පිණිස දිසාපාමොක් ආචාර්යවරයාගේ ධර්මාන්තේවාසිකයකුව පන්සීයක් මානවකයන් අතර සියල්ලන්ටම වඩා ආචාර්යවරයාට උපකාරකයෙක් බවට පත්විය. පාමැඩීම් ආදි සියලු වැඩ ඔහුම කරයි. දන්ධ (අනුවණ) හෙයින් කිසිවක් ඉගෙනගත නොහැකි විය. ආචාර්යවරයා, මොහු මට බොහෝ උපකාර කරන්නෙකි, ඔහුට උගන්වමියි වෑයම් කළ නමුදු කිසිවක් උගැන්විය නොහැකි විය. ඔහු බොහෝකල් එහි විසූ නමුත් එක් ගාථාපදයක්වත් ඉගෙනගත නොහැකිව කලකිරී, සිවුරුහැර යන්නෙමියි ගුරුවරයාගෙන් ඇසීය.
ආචරියො චින්තෙසි – “අයං මය්හං උපකාරකො, පණ්ඩිතභාවමස්ස පච්චාසීසාමි, න නං කාතුං සක්කොමි, අවස්සං මයා ඉමස්ස පච්චුපකාරො කාතබ්බො, එකමස්ස මන්තං බන්ධිත්වා දස්සාමී”ති සො තං අරඤ්ඤං නෙත්වා “ඝට්ටෙසි ඝට්ටෙසි, කිං කාරණා ඝට්ටෙසි? අහම්පි තං ජානාමි ජානාමී”ති ඉමං මන්තං බන්ධිත්වා උග්ගණ්හාපෙන්තො අනෙකසතක්ඛත්තුං පරිවත්තාපෙත්වා, “පඤ්ඤායති තෙ”ති පුච්ඡිත්වා, “ආම, පඤ්ඤායතී”ති වුත්තෙ “දන්ධෙන නාම වායාමං කත්වා පගුණං කතං සිප්පං න පලායතී”ති චින්තෙත්වා මග්ගපරිබ්බයං දත්වා, “ගච්ඡ, ඉමං මන්තං නිස්සාය ජීවිස්සසි, අපලායනත්ථාය පනස්ස නිච්චං සජ්ඣායං කරෙය්යාසී”ති වත්වා තං උය්යොජෙසි. අථස්ස මාතා බාරාණසියං සම්පත්තකාලෙ “පුත්තො මෙ සිප්පං සික්ඛිත්වා ආගතො”ති මහාසක්කාරසම්මානං අකාසි.
ආචාර්යවරයා මෙසේ සිතීය - මොහු මට බොහෝ උපකාරකය. මොහු පණ්ඩිතයකු කිරීමට බලාපොරොත්තු වූයෙමි. එහෙත් එය කළ නොහැකි විය. අවශ්‍යයෙන්ම මා මොහුට ප්‍රත්‍යුපකාර කළ මනාය. මොහුට එක් මන්ත්‍රයක් හදා දෙන්නෙමියි සිතා ඔහු වනයට ගෙන ගොස්, ඝට්ටෙසි ඝට්ටෙසි කිං කාරණා ඝට්ටෙසි අහම්පි තං ජානාමි ජානාමි (හැප්පිණි හැප්පිණි කුමක් නිසා හැප්පෙයිද මම ද එය දනිමි, දනිමි) මේ මන්ත්‍රය බැඳ උගන්වන්නේ නොයෙක්වර පෙරළවා ඔහුට එය අවබෝධ වූයේදැයි අසා, එසේය එය වටහා ගතිමියයි කී කල්හි, අනුවණයාට වෑයම් කොට ප්‍රගුණ කළ ශිල්පය ඔහුවෙතින් පලා නොයන්නේයයි (ඔහුට අමතක නොවන්නේ යයි) සිතා මගවියදම්ද දී, යව, මේ මන්ත්‍රය නිසා ජීවත් වනු. මෙය අමතක නොවීමට නිරන්තරයෙන් සජ්ඣායනා කරවයි කියා පිටත්කර හැරියේය. ඉන්පසු ඔහුගේ මව, බරණැසට පැමිණි කල්හි මගේ පුතා ශිල්ප හදාරා ආවේයයි මහත් වූ සත්කාර සම්මාන කළාය.
තදා බාරාණසිරාජා “අත්ථි නු ඛො මෙ කායකම්මාදීසු කොචි දොසො”ති පච්චවෙක්ඛන්තො අත්තනො අරුච්චනකං කිඤ්චි කම්මං අදිස්වා “අත්තනො වජ්ජං නාම අත්තනො න පඤ්ඤායති, පරෙසං පඤ්ඤායති, නාගරානං පරිග්ගණ්හිස්සාමී”ති චින්තෙත්වා සායං අඤ්ඤාතකවෙසෙන නික්ඛමිත්වා, “සායමාසං භුඤ්ජිත්වා නිසින්නමනුස්සානං කථාසල්ලාපො නාම නානප්පකාරකො හොති, ‘සචාහං අධම්මෙන රජ්ජං කාරෙමි, පාපෙන අධම්මිකෙන රඤ්ඤා දණ්ඩබලිආදීහි හතම්හා’ති වක්ඛන්ති. ‘සචෙ ධම්මෙන රජ්ජං කාරෙමි, දීඝායුකො හොතු නො රාජා’තිආදීනි වත්වා මම ගුණං කථෙස්සන්තී”ති තෙසං තෙසං ගෙහානං භිත්තිඅනුසාරෙනෙව විචරති.
එකල බරණැස් රජු, තමන්ගේ කටයුතුවල යම්කිසි දෝෂයක් අඩුපාඩුවක් ඇද්දැයි සිතා බලනුයේ එබඳු තමන්ට රුචිනොවන කිසි අඩුපාඩුවක් නොදක, තමන්ගේ වරද තමන්ට නොපෙනෙයි. අනුන්ගේ වැරදි නම් පෙනෙයි යනුවෙන් සිතා, නගරයට ගොස් පරීක්ෂාකර බලන්නෙමියයි කල්පනා කොට වෙස්වලාගෙන නික්මී, සවස බත් කා රැස්වෙන මිනිසුන්ගේ කථා සල්ලාප නානාප්‍රකාර වෙයි. ඉදින් මම අධර්මයෙන් රාජ්‍යය කෙරෙම් නම් මේ පවුකාර අදමිටු රජු දඬුවමින් හා අයබදුවලින් අප වනසා දමා ඇත ආදිය කියති. යම් විදියකින් මා දැහැමෙන් නිවැරදිව රාජ්‍යය කෙරෙම් නම්, අපේ රජතුමාට දීර්ඝායුෂ ලැබේවා ආදි මගේ ගුණ කියනු ඇතියි සිතා ඔවුනොවුන්ගේ ගෙවල් පිළිවෙලින් ඇවිදියි.
තස්මිං ඛණෙ උමඞ්ගචොරා ද්වින්නං ගෙහානං අන්තරෙ උමඞ්ගං භින්දන්ති එකඋමඞ්ගෙනෙව ද්වෙ ගෙහානි පවිසනත්ථාය. රාජා තෙ දිස්වා ගෙහච්ඡායාය අට්ඨාසි. තෙසං උමඞ්ගං භින්දිත්වා ගෙහං පවිසිත්වා භණ්ඩකං ඔලොකිතකාලෙ මාණවො පබුජ්ඣිත්වා තං මන්තං සජ්ඣායන්තො “ඝට්ටෙසි ඝට්ටෙසි, කිං කාරණා ඝට්ටෙසි? අහම්පි තං ජානාමි ජානාමී”ති ආහ. තෙ තං සුත්වා, “ඉමිනා කිරම්හා ඤාතා, ඉදානි නො නාසෙස්සතී”ති නිවත්ථවත්ථානිපි ඡඩ්ඩෙත්වා භීතා සම්මුඛසම්මුඛට්ඨානෙනෙව පලායිංසු. රාජා තෙ පලායන්තෙ දිස්වා ඉතරස්ස ච මන්තසජ්ඣායනසද්දං සුත්වා ගෙහඤ්ඤෙව වවත්ථපෙත්වා නාගරානං පරිග්ගණ්හිත්වා නිවෙසනං පාවිසි. සො විභාතාය පන රත්තියා පාතොවෙකං පුරිසං පක්කොසිත්‍වා ආහ – “ගච්ඡ භණෙ, අසුකවීථියං නාම යස්මිං ගෙහෙ උමඞ්ගො භින්නො, තත්ථ තක්කසිලතො සිප්පං උග්ගණ්හිත්වා ආගතමාණවො අත්ථි, තං ආනෙහී”ති. සො ගන්ත්වා “රාජා තං පක්කොසතී”ති වත්වා මාණවං ආනෙසි. අථ නං රාජා ආහ – “ත්වං, තාත, තක්කසිලතො සිප්පං උග්ගණ්හිත්වා ආගතමාණවො”ති? “ආම, දෙවා”ති. “අම්හාකම්පි තං සිප්පං දෙහී”ති. “සාධු, දෙව, සමානාසනෙ නිසීදිත්වා ගණ්හාහී”ති. රාජාපි තථා කත්වා මන්තං ගහෙත්වා “අයං තෙ ආචරියභාගො”ති සහස්සං අදාසි.
එකල උමංසොරු ගෙවල් දෙකක් මැදින් උමගක් බිදිති. එක උමගකින් ගෙවල් දෙකකටම යනු සඳහාය. රජු ඔවුන් දැක ගේ සෙවනැල්ලට වී සිටියේය. ඔවුන් උමග බිඳ ගෙට පිවිසී බඩුමුට්ටු සොයන විට මානවකයා පිබිදී යට කී මන්ත්‍රය හැප්පෙන්නෙහි, හැප්පෙන්නෙහි, කුමක් නිසා හැප්පෙන්නහුද මම තොප හොඳින් දනිමි, දනිමි’යි කීවේය. සොරු ඒ අසා දැන් මොහු විසින් අප දක්නා ලද්දේය. දැන් අප නසා දමතියි හැඳසිටි වස්ත්‍රත් දමා මහත්වූ බියෙන් අසුවූ අසුවූ තැන්වලින් පලා ගියහ. එසේ පලායන සොරුන් දුටු රජු අනිකා මන්ත්‍ර ජපකරන ශබ්දයද අසා නුවර පරීක්ෂා කරමින් රජමැදුරට පැමිණියේය. රෑ පහන්වූ පසු උදෑසනම එක් පුරුෂයකු කැඳවූ රජු, ඔහු අමතා යව, අසවල් වීථියේ උමගක් බිඳපු තැනක් ඇත. එතැන ගෙදර තක්ෂිලාවෙන් ශිල්ප හදාරා පැමිණි මානවකයෙක් සිටී. ඔහු කැඳවාගෙන එවයි පිටත් කෙළේය. ඔහු එහි ගොස් රජු ඔබ කැඳවන්නෙහියයි කියා කැඳවාගෙන ආවේය. ඔහු ඇමතූ රජු මෙසේ කීවේය. දරුව, ඔබ තක්ෂිලාවෙන් ශිල්ප හදාරා ආ මානවකයාද? ස්වාමීනි, එසේය. අපටත් ඒ ශිල්පය දෙන්න. එසේය ස්වාමීනි, සමඅසුනක හිඳ එය ඉගෙන ගත යුතුය. රජු එසේ කොට මන්ත්‍රය ලබාගෙන, මේ ඔබේ ආචාර්යභාගයයයි දහසක් මිල දුන්නේය.
තදා සෙනාපති රඤ්ඤො කප්පකං ආහ – “කදා රඤ්ඤො මස්සුං කරිස්සසී”ති? “ස්වෙ වා පරසුවෙ වා”ති. සො තස්ස සහස්සං දත්වා “කිච්චං මෙ අත්ථී”ති වත්වා, “කිං, සාමී”ති වුත්තෙ “රඤ්ඤො මස්සුකම්මං කරොන්තො විය හුත්වා ඛුරං අතිවිය පහංසිත්වා ගලනාළිං ඡින්ද, ත්වං සෙනාපති භවිස්සසි, අහං රාජා”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා රඤ්ඤො මස්සුකම්මකරණදිවසෙ ගන්ධොදකෙන මස්සුං තෙමෙත්වා ඛුරං පහංසිත්වා නලාටන්තෙ ගහෙත්වා, “ඛුරො ථොකං කුණ්ඨධාරො, එකප්පහාරෙනෙව ගලනාළිං ඡින්දිතුං වට්ටතී”ති පුන එකමන්තං ඨත්වා ඛුරං පහංසි. තස්මිං ඛණෙ රාජා අත්තනො මන්තං සරිත්වා සජ්ඣායං කරොන්තො “ඝට්ටෙසි ඝට්ටෙසි, කිං කාරණා ඝට්ටෙසි? අහම්පි තං ජානාමි ජානාමී”ති ආහ. න්හාපිතස්ස නලාටතො සෙදා මුච්චිංසු. සො “ජානාති මම කාරණං රාජා”ති භීතො ඛුරං භූමියං ඛිපිත්වා පාදමූලෙ උරෙන නිපජ්ජි. රාජානො නාම ඡෙකා හොන්ති, තෙන තං එවමාහ – “අරෙ, දුට්ඨ, න්හාපිත, ‘න මං රාජා ජානාතී’ති සඤ්ඤං කරොසී”ති. “අභයං මෙ දෙහි, දෙවා”ති. “හොතු, මා භායි, කථෙහී”ති. සෙනාපති මෙ, දෙව, සහස්සං දත්වා, “රඤ්ඤො මස්සුං කරොන්තො විය ගලනාළිං ඡින්ද, අහං රාජා හුත්වා තං සෙනාපතිං කරිස්සාමී”ති ආහාති. රාජා තං සුත්වා “ආචරියං මෙ නිස්සාය ජීවිතං ලද්ධ”න්ති චින්තෙත්වා සෙනාපතිං පක්කොසාපෙත්වා, “අම්භො, සෙනාපති, කිං නාම තයා මම සන්තිකා න ලද්ධං, ඉදානි තං දට්ඨුං න සක්කොමි, මම රට්ඨා නික්ඛමාහී”ති තං රට්ඨා පබ්බාජෙත්වා ආචරියං පක්කොසාපෙත්වා, “ආචරිය, තං නිස්සාය මයා ජීවිතං ලද්ධ”න්ති වත්වා මහන්තං සක්කාරං කරිත්වා තස්ස සෙනාපතිට්ඨානං අදාසි. “සො තදා චූළපන්ථකො අහොසි, සත්ථා දිසාපාමොක්ඛො ආචරියො”ති.
එකල රජුගේ සෙන්පතියා හිසරැවුල්බාණ කපුවාගෙන් මෙසේ ඇසීය. එම්බල කපුව, රජුගේ රැවුල් කපන්නේ කවදා ද? හෙට හෝ අනිද්දා යයි හේ පිළිතුරු දිණි. සෙන්පතියා කපුවාට දහසක් දී ඔබ විසින් එක් දෙයක් කළ යුතුයයි කීවිට ඒ කුමක්දැයි හේ ඇසුවේය. ඔබ රජුගේ රැවුල්කපන්ට මෙන් ගොස් කරය (දැළිපිහිය) හොඳින් අතේ මුවහත් තබා එක්වරම ගළනාලය (බොටුව) කපා දමව. ඉන්පසු ඔබ සේනාපති වෙයි. මම රජවන්නෙමියි කීය. ඔහු එසේයයි පිළිගත්තේය. රජු රැවුල්බාණ දවසෙහි සුවඳ දියෙන් රැවුල තෙමා හුන්කල කපුවා කරය (දැළිපිහිය) අතේ පාස්සා නළල් කෙළවර අත තියා, රැවුල මදක් කපා කරය මුවහත් මද බව දැන එක් පහරින්ම ගළනාලය කැපිය යුතු යයි පසෙකට වී නැවතත් කරය අතේ මුවහත් තියන්ට විය. එකෙණෙහි රජු තමන්ගේ මන්ත්‍රය සිහිකොට සජ්ඣායනා කරමින්, හැප්පෙන්නේ ඇයි හැප්පෙන්නේ ඇයි? මම එය දනිමි, දනිමි, යි කීය. කරනවෑමියාගේ නළලින් දාඩිය මතුවිය. රජු මා කරන්ට යන දේ දැනගත්තේයයි බිය වී කරකැත්ත බිම දමා පාමුල පපුව තබා වැටුණේය. රජවරු දක්ෂයෝය. එහෙයින් රජු ඔහුට මෙසේ කීවේය. එම්බල දුෂ්ට නහාපිතය, මා රජ නියාව තෝ නොදන්නෙහිදැයි බිය ගැන්වීය. දේවයන් වහන්ස, මට අභය දෙනු මැනවි. එසේය කමක් නැහැ. කියන්ට ඇති දෙයක් කියවයි රජ අණ කෙළේය. දේවයන් වහන්ස, සේනාපතිතුමා මට දහසක් මුදල් දී රජුගේ රැවුල කපන්නාක්මෙන් හඟවා ගළනාලය සිඳුව. මම රජ වී තා සේනාපති කරන්නෙමියි මට කීය. රජතෙම මගේ ගුරුතුමා නිසා ජීවිතය බේරා ගතිමියි සිතා සෙන්පතියා කැඳවා, එම්බල සේනාපතිය, තෝ මා වෙතින් කුමක් නම් නොලැබුවෙහිද? දැන් තා දෙස බලන්ටවත් මම නොකැමැත්තෙමි. මගේ රටින් වහා යවයි ඔහු රටින් පිටුවහල් කොට ආචාර්යවරයා කැඳවා, ඇදුරුතුමනි, ඔබ නිසා මම ජීවිතය ලද්දෙමි කියා මහත් වූ සත්කාර කොට ඔහුට සේනාපති තනතුර දෙවීය. ඒ තැනැත්තා එදා චුල්ලපන්ථක විය. දිසාපාමොක් ආචාර්යවරයා නම් ශාස්තෘන්වහන්සේයි.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා, “එවං, භික්ඛවෙ, පුබ්බෙපි චූළපන්ථකො දන්ධොයෙව අහොසි, තදාපිස්සාහං අවස්සයො හුත්වා තං ලොකියකුටුම්බෙ පතිට්ඨාපෙසි”න්ති වත්වා පුන එකදිවසං “අහො සත්ථා චූළපන්ථකස්ස අවස්සයො ජාතො”ති කථාය සමුට්ඨිතාය චූළසෙට්ඨිජාතකෙ අතීතවත්ථුං කථෙත්වා –
එහෙයින් මේ අතීත කථාව ගෙන හැරපා, මහණෙනි, පෙරත් චුල්ලපන්ථක නුනුවණය. එදත් මම ඔහුට අවශ්‍ය කෙනකු වී ඔහු ලෞකික සම්පතෙහි පිහිටුවාලුයෙමියි වදාරා, නැවත දිනක අහෝ ශාස්තෘන්වහන්සේ චුල්ලපන්ථකට අවශ්‍ය කෙනෙක් වූහයි කථාවක් ඇති වූ කල්හි චුල්ලසෙට්ඨිජාතකයෙහි අතීත කථාවස්තුව වදාරා,
“අප්පකෙනාපි මෙධාවී, පාභතෙන විචක්ඛණො; සමුට්ඨාපෙති අත්තානං, අණුං අග්ගිංව සන්ධම”න්ති. (ජා· 1.1.4) –
නුවණැතියා අතට පත් සුළු පඬුරකින් වුව මහධනයක්ම සපයයි තමනුත් එයින් නැගිටියි මහ ගිනි පුපුරකින් නගන ගිනිමැලයක් සේ
ගාථං වත්වා, “න, භික්ඛවෙ, ඉදානෙවාහං ඉමස්ස අවස්සයො ජාතො, පුබ්බෙපි අවස්සයො අහොසිමෙව. පුබ්බෙ පනාහං ඉමං ලොකියකුටුම්බස්ස සාමිකං අකාසිං, ඉදානි ලොකුත්තරකුටුම්බස්ස. තදා හි චූළන්තෙවාසිකො චූළපන්ථකො අහොසි, චූළසෙට්ඨි පන පණ්ඩිතො බ්යත්තො නක්ඛත්තකොවිදො අහමෙවා”ති ජාතකං සමොධානෙසි.
මහණෙනි, මම මොහුට අවශ්‍ය කෙනකු වූයේ අද පමණක් නොවේ. පෙරත් එසේම වූයෙමි. පෙර මම මොහු ලෞකික ධනයට හිමිකාරයකු කෙළෙමි. අද ලෝකෝත්තර ධනයටයි. එකල චුල්ලන්තේවාසික වූයේ චුල්ලපන්ථකයි. චුල්ලසෙට්ඨි වූයෙම් මම්ම යයි ජාතක කථාව කෙළවර කළසේක.
පුනෙකදිවසං ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, චූළපන්ථකො චතූහි මාසෙහි චතුප්පදං ගාථං ගහෙතුං අසක්කොන්තොපි වීරියං අනොස්සජ්ජිත්වාව අරහත්තෙ පතිට්ඨිතො, ඉදානි ලොකුත්තරධම්මකුටුම්බස්ස සාමිකො ජාතො”ති. සත්ථා ආගන්ත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, මම සාසනෙ ආරද්ධවීරියො භික්ඛු ලොකුත්තරධම්මස්ස සාමිකො හොතියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
නැවතත් දිනක ධර්මසභාවෙහි මෙබඳු කථාවක් පැන නැගිණි. ඇවැත්නි, චුල්ලපන්ථක සාරමාසයකින් සතරපද ගාථාවක් පාඩම්කරගන්ට නොහැකි වූ නමුත් වීර්යය අත් නොහැර රහත් බවෙහි පිහිටියේය. දැන් ලෝකෝත්තර ධර්ම සම්පතට හිමිකාරයකු විය ආදි වශයෙනි. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා, මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විචාරා, මෙබඳු කතාවකිනුයි කී කල්හි මහණෙනි, මගේ ශාසනයෙහි පටන්ගත් වීර්යයෙන් යුක්තව භික්ෂුව ලෝකෝත්තර ධර්මාවබෝධයට හිමිකාරයෙක් වන්නේම යයි වදාරා මේ ගාථාවද වදාළහ.
“උට්ඨානෙනප්පමාදෙන, සංයමෙන දමෙන ච; දීපං කයිරාථ මෙධාවී, යං ඔඝො නාභිකීරතී”ති.
නොපසුබට විරියෙන් හා නොපමා බැවින්ද ඉන්ද්රිය සංයමයෙන් හා දමනය කිරීමෙන්ද සිවු ඕඝයන් විසින් අභිභවනය නොකළ හැකි වන දූපතක් නුවණැත්තා විසින් තැනිය යුතු වේ
තත්ථ දීපං කයිරාථාති වීරියසඞ්ඛාතෙන උට්ඨානෙන, සතියා අවිප්පවාසාකාරසඞ්ඛාතෙන අප්පමාදෙන, චතුපාරිසුද්ධිසීලසඞ්ඛාතෙන සංයමෙන, ඉන්ද්රියදමෙන චාති ඉමෙහි කාරණභූතෙහි චතූහි ධම්මෙහි ධම්මොජපඤ්ඤාය සමන්නාගතො මෙධාවී ඉමස්මිං අතිවිය දුල්ලභපතිට්ඨතාය අතිගම්භීරෙ සංසාරසාගරෙ අත්තනො පතිට්ඨානභූතං අරහත්තඵලං දීපං කයිරාථ කරෙය්ය, කාතුං සක්කුණෙය්යාති අත්ථො. කීදිසං? යං ඔඝො නාභිකීරතීති යං චතුබ්බිධොපි කිලෙසොඝො අභිකිරිතුං විද්ධංසෙතුං න සක්කොති. න හි සක්කා අරහත්තං ඔඝෙන අභිකිරිතුන්ති.
එහි - දීපං කයිරාථ යනු වීර්ය සංඛ්‍යාත උත්සාහයෙන් ද, සිහියෙන් වෙනස්නොවී විසීම්ආකාර ඇති අප්‍රමාදයෙන්ද, චතුපාරිශුද්ධිසීලය නම් වූ සංයමයෙන්ද, ඉන්ද්රිය දමනයෙන් ද යන මේ කරුණු සතරෙන් යුත් දහම්වලින්ද පිරිපුන් ධර්මෝජප්රඥාවෙන් සංසාර සාගරයෙහි තමන්ට පිහිට වූ රහත්ඵලය දූපතක් කරගත යුතුය. කර ගැනීම හැකි වන්නේය යන අර්ථයි. කෙබඳු දූපතක්ද? යං ඔඝො නාහිකීරති යනු යම් මේ චතුර්විධ කෙලෙස් සැඩ පහරවල් විසිරුවා හැරීමට විනාශකර දැමීමට හැකි වෙයි. අර්හත්වය කෙලෙස් සැඩ පහරින් විසුරුවා හරින්ට නොහැකිය යන අර්ථයි.
ගාථාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. එවං දෙසනා සම්පත්තපරිසාය සාත්ථිකා ජාතාති.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් මාර්ගාදියට පැමිණියහ. මෙසේ ඒ දේශනාව සපැමිණි පිරිසට අර්ථවත් විය.
චූළපන්ථකත්ථෙරවත්ථු තතියං.
තුන්වන චුල්ලපන්ථක තෙරුන්ගේ වස්තුවයි.