6-7. බාලනක්ඛත්තසඞ්ඝුට්ඨවත්ථු අට්ඨකථා
6-7. බාලනක්ඛත්තසඞ්ඝුට්ඨවත්ථු
6-7. බාලනක්ඛත්තඝෝෂා වස්තුව
පමාදමනුයුඤ්ජන්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො බාලනක්ඛත්තං ආරබ්භ කථෙසි.
පමාදමනුයුඤ්ජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ ජේතවනයෙහි වාසය කරන කාලයෙහි බාලක්ඛත්තය අරභයා දේශනා කළ සේක.
එකස්මිඤ්හි සමයෙ සාවත්ථියං බාලනක්ඛත්තං නාම සඞ්ඝුට්ඨං. තස්මිං නක්ඛත්තෙ බාලා දුම්මෙධිනො ජනා ඡාරිකාය චෙව ගොමයෙන ච සරීරං මක්ඛෙත්වා සත්තාහං අසබ්භං භණන්තා විචරන්ති. කිඤ්චි ඤාති සුහජ්ජං වා පබ්බජිතං වා දිස්වා ලජ්ජන්තා නාම නත්ථි. ද්වාරෙ ද්වාරෙ ඨත්වා අසබ්භං භණන්ති. මනුස්සා තෙසං අසබ්භං සොතුං අසක්කොන්තා යථාබලං අඩ්ඪං වා පාදං වා කහාපණං වා පෙසෙන්ති. තෙ තෙසං ද්වාරෙ ලද්ධං ලද්ධං ගහෙත්වා පක්කමන්ති. තදා පන සාවත්ථියං පඤ්ච කොටිමත්තා අරියසාවකා වසන්ති, තෙ සත්ථු සන්තිකං සාසනං පෙසයිංසු – “භගවා, භන්තෙ, සත්තාහං භික්ඛුසඞ්ඝෙන සද්ධිං නගරං අප්පවිසිත්වා විහාරෙයෙව හොතූ”ති. තඤ්ච පන සත්තාහං භික්ඛුසඞ්ඝස්ස විහාරෙයෙව යාගුභත්තාදීනි සම්පාදෙත්වා පහිණිංසු, සයම්පි ගෙහා න නික්ඛමිංසු. තෙ නක්ඛත්තෙ පන පරියොසිතෙ අට්ඨමෙ දිවසෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා නගරං පවෙසෙත්වා මහාදානං දත්වා එකමන්තං නිසින්නා, “භන්තෙ, අතිදුක්ඛෙන නො සත්ත දිවසානි අතික්කන්තානි, බාලානං අසබ්භානි සුණන්තානං කණ්ණා භිජ්ජනාකාරප්පත්තා හොන්ති, කොචි කස්සචි න ලජ්ජති, තෙන මයං තුම්හාකං අන්තොනගරං පවිසිතුං නාදම්හ, මයම්පි ගෙහතො න නික්ඛමිම්හා”ති ආහංසු.
එක් සමයක සැවැත්නුවර බාලනක්ඛත්ත නම් උත්සවයක් විය. ඒ නැකත්කෙළියෙහි දී බාලමෝඩ මනිස්සු අළු සහ ගොම ශරීරයෙහි ගාගෙන සත්දිනක් අසභ්‍ය කුණුකථා කියමින් හැසිරෙත්. එහිදී නෑමිතුරන් හෝ පැවිද්දන් හෝ දැක ලජ්ජාවන්නෙක් නැත. දොරක් පාසා සිට අසභ්‍ය වචන කියති. මිනිස්සු ඔවුන්ගේ නොසැබි තෙපුල් අසනු නොහැකිව ශක්ති පමණින් කහවණුවකින් අඩක් හෝ පාදයක් (කහවණුවකින් හතරෙන් තුනක්) හෝ කහවණුවක් හෝ ඔවුන් වෙත යවති. ඔවුහු නැකත්කෙළි අවසන අටවෙනි දිනයෙහි බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයාට ආරාධනා කොට නුවරට වැඩමවා මහදන් දී එකත්පසෙක හිඳ, ස්වාමීනි, අපි මහත් දුකෙන් මේ සත්දිනය ගෙවූයෙමු. බාලයන්ගේ නොසැබි වචන අසන අයගේ කන් පැලී යන්නාක් මෙන් වෙයි. කිසිවෙක් කවුරුන් ගැන හෝ ලජ්ජා නොවෙති. එහෙයින් අපි නුඹවහන්සේලාට ඇතුළු නගරයට පිවිසීමට නුදුම්හ. අපිත් ගෙවල්වලින් පිටතට නොපැමිණියෙමුයි කීවාහුය.
සත්ථා තෙසං කථං සුත්වා, “බාලානං දුම්මෙධානං කිරියා නාම එවරූපා හොති, මෙධාවිනො පන ධනසාරං විය අප්පමාදං රක්ඛිත්වා අමතමහානිබ්බානසම්පත්තිං පාපුණන්තී”ති වත්වා ඉමා ගාථා අභාසි –
ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ කථාව අසා බාලඅඥානයන්ගේ ක්‍රියා මෙසේමයි, නුවණැත්තෝ වටිනා ධනසාරයක් මෙන් අප්‍රමාද ප්‍රතිපදාව රැක අමාමහ නිවන් සැපතට පැමිණෙතියි වදාරා මේ ගාථා ප්‍රකාශ කළසේක.
“පමාදමනුයුඤ්ජන්ති, බාලා දුම්මෙධිනො ජනා; අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
අනුවණ බාල ජනයෝ පමාවෙහි ම නියැළෙති නුවණැත්තා ධනය මෙන් නොපමා බවම සුරකී
“මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරතිසන්ථවං; අප්පමත්තො හි ඣායන්තො, පප්පොති විපුලං සුඛ”න්ති.
පමාවෙහි නොඇළනු කම්සැපතෙහි ද නොයෙදෙනු නොපමාව දැහැන් වඩනා අය මහත් සැපයට පත්වෙති
තත්ථ බාලාති බාල්යෙන සමන්නාගතා ඉධලොකපරලොකත්ථං අජානන්තා. දුම්මෙධිනොති නිප්පඤ්ඤා. තෙ පමාදෙ ආදීනවං අපස්සන්තා පමාදං අනුයුඤ්ජන්ති පවත්තෙන්ති, පමාදෙන කාලං වීතිනාමෙන්ති. මෙධාවීති ධම්මොජපඤ්ඤාය සමන්නාගතො පන පණ්ඩිතො කුලවංසාගතං සෙට්ඨං උත්තමං සත්තරතනධනං විය අප්පමාදං රක්ඛති. යථා හි උත්තමං ධනං නිස්සාය “කාමගුණසම්පත්තිං පාපුණිස්සාම, පුත්තදාරං පොසෙස්සාම, පරලොකගමනමග්ගං සොධෙස්සාමා”ති ධනෙ ආනිසංසං පස්සන්තා තං රක්ඛන්ති, එවං පණ්ඩිතොපි අප්පමත්තො “පඨමජ්ඣානාදීනි පටිලභිස්සාමි, මග්ගඵලාදීනි පාපුණිස්සාමි, තිස්සො විජ්ජා, ඡ අභිඤ්ඤා සම්පාදෙස්සාමී”ති අප්පමාදෙ ආනිසංසං පස්සන්තො ධනං සෙට්ඨංව අප්පමාදං රක්ඛතීති අත්ථො. මා පමාදන්ති තස්මා තුම්හෙ මා පමාදමනුයුඤ්ජෙථ මා පමාදෙන කාලං වීතිනාමයිත්ථ. මා කාමරතිසන්ථවන්ති වත්ථුකාමකිලෙසකාමෙසු රතිසඞ්ඛාතං තණ්හාසන්ථවම්පි මා අනුයුඤ්ජෙථ මා චින්තයිත්ථ මා පටිලභිත්ථ. අප්පමත්තො හීති උපට්ඨිතස්සතිතාය හි අප්පමත්තො ඣායන්තො පුග්ගලො විපුලං උළාරං නිබ්බානසුඛං පාපුණාතීති.
එහි බාලා යනු බාල බැවින් යුක්ත වූ මෙලෝ පරලෝ අර්ථය නොදන්නෝයි. දුම්මෙධිනො යනු ප්‍රඥාව නැත්තෝයි. ප්‍රමාදයෙහි ආදීනව නොදන්නා ඔවුහු ප්‍රමාදයෙහිම යෙදෙත්. ප්‍රමාද වෙමින්ම කාලය ගෙවත්. මෙධාවී යනු ධර්මය හරය කොටගත් ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැත්තා ස්වකීය කුලපරපුරෙන් උරුමවූ ශ්‍රේෂ්ඨවූ උතුම්වූ සප්තරත්න ධනනිධානයක් මෙන් අප්‍රමාද ප්‍රතිපදාව රකිති. කෙසේද යත්? මේ උතුම් ධනයෙන් කාම ගුණ සැපතට පැමිණෙන්නෙමු. දූදරුවන් පෝෂණය කරම්හ. පරලොව ගමන්මගද පිරිසිදු කරගන්නෙමු. ආදි විසින් දැක එය රැකගන්නාහුය. මේ අයුරින් අප්රමාදී නුවණැත්තා ප්රථමාදිධ්යාන ලැබගන්නෙමි, මාර්ගඵලාදියට පැමිණෙමි, ත්‍රිවිද්‍යා-ෂට්අභිඥා සම්පාදනය කරගන්නෙමියි අප්‍රමාදයෙහි ආනිසංස දකිමින් ශ්‍රේෂ්ඨ වූ ධනයක මෙන් අප්‍රමාදය රැක ගනී යනු අර්ථයයි. මා පමාදං යනු ඉහත කී කරුණු නිසා තෙපි ප්‍රමාදයෙහි නොයෙදෙව්. ප්‍රමාදයෙහි ඇළී ගැලී කාලය ගත නොකරම් යනු අර්ථයි. කාමරතිසන්ථවං යනු වස්තුකාමක්ලෙශකාමයන්හි ඇළීම් සංඛ්‍යාත තෘෂ්ණාව හා එක්වීමෙහි නොයෙදෙව්, ඒ ගැන නොසිතව්, ඒ ලබාගැනීමට උත්සාහ නොදරව් යනු අර්ථයි. අප්පමත්තා හි යනු එළඹ සිටි සිහියෙන් යුක්තවූ හෙයින් අප්‍රමාදව සිටින පුද්ගලයා විපුලවු උදාරවූ නිවන් සැපතට පැමිණෙන්නේය.
ගාථාපරියොසානෙ බහූ සොතාපන්නාදයො අහෙසුං. මහාජනස්ස සාත්ථිකා ධම්මදෙසනා ජාතාති.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදි ඵලයන්ට පැමිණියහ. මහාජනයාටද ධර්මදේශනාව සාර්ථක විය.
බාලනක්ඛත්තසඞ්ඝුට්ඨවත්ථු චතුත්ථං.
සතරවන බාලනක්ඛත්තඝෝෂා වස්තුවයි.