8. මහාකස්සපත්ථෙරවත්ථු අට්ඨකථා
8. මහාකස්සපත්ථෙරවත්ථු
8. මහාකාශ්‍යප තෙරුන්ගේ වස්තුව
පමාදං අප්පමාදෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාකස්සපත්ථෙරං ආරබ්භ කථෙසි.
පමාදං අප්පමාදෙන ආදි මේ දේශනාව බුදුරදුන් දෙව්රම වැඩ වාසය කරන සමයෙහි මහාකාශ්‍යප තෙරුන් අරභයා දෙසූසේක.
එකස්මිඤ්හි දිවසෙ ථෙරො පිප්ඵලිගුහායං විහරන්තො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආලොකං වඩ්ඪෙත්වා පමත්තෙ ච අප්පමත්තෙ ච උදකපථවීපබ්බතාදීසු චවනකෙ උපපජ්ජනකෙ ච සත්තෙ දිබ්බෙන චක්ඛුනා ඔලොකෙන්තො නිසීදි. සත්ථා ජෙතවනෙ නිසින්නකොව “කෙන නු ඛො විහාරෙන අජ්ජ මම පුත්තො කස්සපො විහරතී”ති දිබ්බෙන චක්ඛුනා උපධාරෙන්තො “සත්තානං චුතූපපාතං ඔලොකෙන්තො විහරතී”ති ඤත්වා “සත්තානං චුතූපපාතො නාම බුද්ධඤාණෙනපි අපරිච්ඡින්නො, මාතුකුච්ඡියං පටිසන්ධිං ගහෙත්වා මාතාපිතරො අජානාපෙත්වා චවනසත්තානං පරිච්ඡෙදො කාතුං න සක්කා, තෙ ජානිතුං තව අවිසයො, කස්සප, අප්පමත්තකො තව විසයො, සබ්බසො පන චවන්තෙ ච උපපජ්ජන්තෙ ච ජානිතුං පස්සිතුං බුද්ධානමෙව විසයො”ති වත්වා ඔභාසං ඵරිත්වා සම්මුඛෙ නිසින්නො විය හුත්වා ඉමං ගාථමාහ –
පිප්ඵලිගුහාවෙහි වැඩවිසූ මේ තෙරණුවෝ ආජගෘහයෙහි පිඬුසිඟා වැඩ පිණ්ඩපාතය නවතා, සවස් වේලෙහි ආලෝකයක් උපදවාගෙන ප්‍රමාද වන, අප්‍රමාදීව වසන දිය ගොඩ පර්වතාදියෙන් චුතවන උපදින සතුන් දිවැසින් බලමින් සිටියෝය. ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටිමින්ම මා පුත් කාශ්‍යප අද කිනම් විහරණයකින් වසන්නේදැයි දිවැසින් සොයා බලනසේක්, තෙරණුවෝ සතුන්ගේ චුති උත්පත්ති පිළිබඳව දිවැසින් බලමින් සිටින බව දැක, සත්වයන්ගේ චුති උත්පත්ති නම් බුදුකෙනකුන්ගේ ඥානයෙනුත් පිරිසිඳ දැකීම අසීරුය. මවුකුස පිළිසිඳගෙන මවුපියන්ට නොදන්වාම චුතවී යන්නාවූ සත්වයන්ගේ පමණක් වුවද සංඛ්‍යාවක් කිරීම අපහසුය. ඔවුන් ගැන පමණක් දැන ගැනීම වුවද ඔබට අවිෂය වෙයි. ඔබගේ ඒ විෂය ගැන දැනීමද අල්පමාත්‍රය. ඉතින් සියල්ලන්ගේ එනම් චුතවන උපදින සියල්ලන්ගේ සංඛ්‍යාව දැන ගැනීම බුදුවරුන්ට පමණක් විෂය වන්නේයයි ආලෝක ධාරාවකින් තමන්වහන්සේ තෙරුන් හමුවෙහි සිටින්නාක් මෙන් වී මේ ගාථාව වදාළහ.
“පමාදං අප්පමාදෙන, යදා නුදති පණ්ඩිතො; පඤ්ඤාපාසාදමාරුය්හ, අසොකො සොකිනිං පජං; පබ්බතට්ඨොව භූමට්ඨෙ, ධීරො බාලෙ අවෙක්ඛතී”ති.
නොපමාවෙන් පමාබව දුරු කරන නුවණැත්තා දිවැස් නම් පහට නැගි අශෝක වූ ධීර පුද්ගලයා ශෝකී ජනයන් දෙස බලයි කදුමුදුනක සිට බිම සිටිනවුන් බලන ලෙස
තත්ථ නුදතීති යථා නාම පොක්ඛරණිං පවිසන්තං නවොදකං පුරාණොදකං ඛොභෙත්වා තස්සොකාසං අදත්වා තං අත්තනො මත්ථකමත්ථකෙන පලායන්තං නුදති නීහරති, එවමෙව පණ්ඩිතො අප්පමාදලක්ඛණං බ්රූහෙන්තො පමාදස්සොකාසං අදත්වා යදා අප්පමාදවෙගෙන තං නුදති නීහරති, අථ සො පනුන්නපමාදො අච්චුග්ගතත්ථෙන පරිසුද්ධං දිබ්බචක්ඛුසඞ්ඛාතං පඤ්ඤාපාසාදං තස්ස අනුච්ඡවිකං පටිපදං පූරෙන්තො තාය පටිපදාය නිස්සෙණියා පාසාදං විය ආරුය්හ පහීනසොකසල්ලතාය අසොකො, අප්පහීනසොකසල්ලතාය සොකිනිං පජං සත්තනිකායං චවමානඤ්චෙව උපපජ්ජමානඤ්ච දිබ්බචක්ඛුනා අවෙක්ඛති පස්සති. යථා කිං? පබ්බතට්ඨොව භූමට්ඨෙති පබ්බතමුද්ධනි ඨිතො භූමියං ඨිතෙ, උපරිපාසාදෙ වා පන ඨිතො පාසාදපරිවෙණෙ ඨිතෙ අකිච්ඡෙන අවෙක්ඛති, තථා සොපි ධීරො පණ්ඩිතො මහාඛීණාසවො අසමුච්ඡින්නවට්ටබීජෙ බාලෙ චවන්තෙ ච උපපජ්ජන්තෙ ච අකිච්ඡෙන අවෙක්ඛතීති.
එහි නුදති යනු යම්සේ පොකුණකට පිවිසෙන අලුත් වතුර, එහි තිබුණු පැරණි වතුර කළඹා එයට නැවතීමට ඉඩක් නොදී තමන් උඩින් පලායන ජලය පිටත්කර හරීද, ඒ ලෙසින් නුවණැත්තා අප්‍රමාද ලක්ෂණය වර්ධනය කරගනිමින් ප්‍රමාදයට ඉඩක් නොතබා යම් කලක අප්‍රමාද වේගයෙන් ඒ ප්‍රමාදය හරියිද, පිටතට ඇද දමයිද, එසේ ඒ අතිශයින් දුරුකළ ප්‍රමාදය ඇතිව ඉහළම තලයට දියුණු කොටගත් දිව්යචක්ෂු සංඛ්‍යාත ප්රඥාමහාප්රාසාදයට ඔහුටම උචිත අප්‍රමාද ප්‍රතිපදාව පුරමින් ඒ ප්‍රතිපදාව තුළින්-හිණිමගකින් පහයකට නගින්නාක් මෙන් නැගී වනසා දැමූ ශෝක නමැති හුල් ඇතිව වාසය කරයි. අසොකො ප්‍රහීණ ශොක සල්ලතා (හුල්) ඇති, ශොකිනිං පජං ශෝකී ජනතාවයි. චුත වන්නාවූත් උපදින්නාවූත් සත්ත්ව සමූහයයි. අවෙක්ඛති යනු බලයි යන අරුත්ය. කුමක් මෙන්ද? පබ්බතට්ඨොව භුම්මට්ඨෙ පර්වත මුදුනකට නැගගත් පුද්ගලයා, බිම හෝ ප්‍රාසාදයක් උඩ හෝ ප්‍රාසාද මිදුලක හෝ සිටි අය දුෂ්කරත්වයකින් තොරව බලයි. එසේ ඒ ධෛර්ය සම්පන්න නැණවත් මහරහතන්වහන්සේ සසර ඉපදීමේ හෙවත් පැවැත්මේ බීජ නොනැසූ චුතවන්නාවූත්, උපදින්නාවූත් බාලයන් දකිත් යනු අර්ථයි.
ගාථාපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි සච්ඡිකරිංසූති.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ.
මහාකස්සපත්ථෙරවත්ථු පඤ්චමං.
පස්වන මහාකාශ්‍යප තෙරුන්ගේ වස්තුවයි