9. පමත්තාපමත්තද්වෙසහායකවත්ථු අට්ඨකථා
9. පමත්තාපමත්තද්වෙසහායකවත්ථු
9. පමා නොපමා යහළු භික්ෂූන්දෙනමගේ වස්තුව
අප්පමත්තො පමත්තෙසූති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ද්වෙ සහායකෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
අප්පමත්තො පමත්තෙසු යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සමයෙහි යහලු භික්ෂු දෙනමක් අරභයා දේශනා කළසේක.
තෙ කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ආරඤ්ඤකවිහාරං පවිසිංසු. තෙසු එකො කිර කාලස්සෙව දාරූනි ආහරිත්වා අඞ්ගාරකපල්ලං සජ්ජෙත්වා දහරසාමණෙරෙහි සද්ධිං සල්ලපන්තො පඨමයාමං විසිබ්බමානො නිසීදති. එකො අප්පමත්තො සමණධම්මං කරොන්තො ඉතරං ඔවදති, “ආවුසො, මා එවං කරි, පමත්තස්ස හි චත්තාරො අපායා සකඝරසදිසා. බුද්ධා නාම සාඨෙය්යෙන ආරාධෙතුං න සක්කා”ති සො තස්සොවාදං න සුණාති. ඉතරො “නායං වචනක්ඛමො”ති තං අවත්වා අප්පමත්තොව සමණධම්මමකාසි.
ඒ භික්ෂූහු බුදුන්ගේ කමටහන් ගෙන ආරණ්‍යවාසයට ගියහ. එයින් එක් භික්ෂුනමක් කල් ඇතුවම දර ගෙනවුත් අඟුරුකබල සාදා ළදරු සාමණේරයන් සමග කථා කරමින් ප්‍රථම යාමය ගිනි තපියි. එක් භික්ෂුනමක් නොපමාව මහණදම් පුරමින් අනිත් භික්ෂුවට ඇවැත්නි, ඔය ලෙස නොකරන්න. පමාවන අයට සතරඅපාය තමන් වසන ගෙය මෙන් ළඟය. බුදුවරුනම් කපටිකමින් සතුටු කරවන්ට නුපුළුවනැයි අවවාද දෙයි. ඒ භික්ෂුව අනිත් භික්ෂුවගේ අවවාද නොඅසයි. අනිත් භික්ෂුව මොහු වචනයෙන් හික්මවිය හැක්කෙක් නොවේයයි ඔහුට කිසිවක් නොකියා අප්‍රමාදීව මහණදම් පිරීය.
අලසත්ථෙරොපි පඨමයාමෙ විසිබ්බෙත්වා ඉතරස්ස චඞ්කමිත්වා ගබ්භං පවිට්ඨකාලෙ පවිසිත්වා, “මහාකුසීත, ත්වං නිපජ්ජිත්වා සයනත්ථාය අරඤ්ඤං පවිට්ඨොසි, කිං බුද්ධානං සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා උට්ඨාය සමණධම්මං කාතුං වට්ටතී”ති වත්වා අත්තනො වසනට්ඨානං පවිසිත්වා නිපජ්ජිත්වා සුපති. ඉතරොපි මජ්ඣිමයාමෙ විස්සමිත්වා පච්ඡිමයාමෙ පච්චුට්ඨාය සමණධම්මං කරොති. සො එවං අප්පමත්තො විහරන්තො න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. ඉතරො පමාදෙනෙව කාලං වීතිනාමෙසි.
අලස භික්ෂුව ප්‍රථමයාමයෙහි ගිනි තැපීමෙන් කල්ගෙවා අනිත් භික්ෂුව සක්මන් කොට නිදන ගැබට ආ කල්හි මහාකුසීතය, වැටී නිදාගැනීමට අරණ්‍යයට ආවෙහිද, බුදුන් හමුවේ කමටහන් ගෙන ආ නිසා නැගිට මහණදම් පිරීම නොවටීද? ආදිය කියා තමා වසනතැනට ගොස් වැද හොවී. අනිත් භික්ෂුව විශ්‍රාම ගෙන පශ්චිම යාමයෙහි නැගිට මහණදම් කෙරෙයි. ඒ භික්ෂුනම මෙසේ අප්‍රමාදීව විසීමෙන් නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව ප්රමාදයෙන්ම කල් ගෙවීය.
තෙ වුට්ඨවස්සා සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදිංසු. සත්ථා තෙහි සද්ධිං පටිසන්ථාරං කත්වා, “කච්චි, භික්ඛවෙ, අප්පමත්තා සමණධම්මං කරිත්ථ, කච්චි වො පබ්බජිතකිච්චං මත්ථකං පත්ත”න්ති පුච්ඡි. පඨමං පමත්තො භික්ඛු ආහ – “කුතො, භන්තෙ, එතස්ස අප්පමාදො, ගතකාලතො පට්ඨාය නිපජ්ජිත්වා නිද්දායන්තො කාලං වීතිනාමෙසී”ති. “ත්වං පන භික්ඛූ”ති. “අහං, භන්තෙ, කාලස්සෙව දාරූනි ආහරිත්වා අඞ්ගාරකපල්ලං සජ්ජෙත්වා පඨමයාමෙ විසිබ්බෙන්තො නිසීදිත්වා අනිද්දායන්තොව කාලං වීතිනාමෙසි”න්ති. අථ නං සත්ථා “ත්වං පමත්තො කාලං වීතිනාමෙත්වා ‘අප්පමත්තොම්හී’ති වදසි, අප්පමත්තං පන පමත්තං කරොසී”ති ආහ. පුන පමාදෙ දොසෙ, අප්පමාදෙ ආනිසංසෙ පකාසෙතුං, “ත්වං මම පුත්තස්ස සන්තිකෙ ජවච්ඡින්නො දුබ්බලස්සො විය, එස පන තව සන්තිකෙ සීඝජවස්සො වියා”ති වත්වා ඉමං ගාථමාහ –
ඔවුහු වස්වැස බුදුරදුන් හමුවට ගොස් වැඳ එකත්පසෙක හුන්හ. බුදුරදුහු ඔවුන් සමග පිළිසඳර කථා කොට කෙසේ ද අප්‍රමාදීව මහණදම් කළාහුද? කෙසේ ද ඔබලාගේ පැවිදි කාර්යය මුදුන්පැමිණියේදැයි ඇසූහ. අලස භික්ෂුව කථා කරමින්, අනේ ස්වාමීනි, මේ භික්ෂුවට කුමන අප්රමාදයක්ද? ගියදා පටන් පෙරළී නිදාගනිමින් කාලය ගෙවී යයි කීවේය. මහණ, ඔබ කෙසේද? ස්වාමීනි, මම කල්තියාම දර ගෙනැවිත් අඟුරුකබල හදා ප්‍රථම යාමය ගිනි තපිමින් සිට නොනිදාම ගත කෙළෙමි. ඉන්පසු ඒ භික්ෂුව ඇමතූ බුදුරදුහු, මහණ ඔබ ප්රමාදීව සිට අප්‍රමාදයෙන් සිටිමියි කියන්නෙහිය. අප්‍රමාදීව සිටි අය ප්රමාදී කරන්නෙහිය. ඔබ මේ මගේ පුතු ඉදිරියේ ජවබල සිඳුණු දුබල අශ්වයකු හා සමානය. මේ භික්ෂුව ඔබ ඉදිරියේ ශීඝ්‍රගාමී ජවබලසම්පන්න අශ්වයකු හා සමානයයි වදාරා මේ ගාථාව ප්‍රකාශ කළහ.
“අප්පමත්තො පමත්තෙසු, සුත්තෙසු බහුජාගරො; අබලස්සංව සීඝස්සො, හිත්වා යාති සුමෙධසො”ති.
අලසව පමාවී කෙලෙස් නින්දෙහි ගැලී සිටිනා අය පරදවන රහත්තෙම දුබල අසු පරදා යන පබල ජව ඇති අසකු මෙන් වේ
තත්ථ අප්පමත්තොති සතිවෙපුල්ලප්පත්තතාය අප්පමාදසම්පන්නෙ ඛීණාසවො. පමත්තෙසූති සතිවොසග්ගෙ ඨිතෙසු සත්තෙසු. සුත්තෙසූති සතිජාගරියාභාවෙන සබ්බිරියාපථෙසු නිද්දායන්තෙසු. බහුජාගරොති මහන්තෙ සතිවෙපුල්ලෙ ජාගරියෙ ඨිතො. අබලස්සංවාති කුණ්ඨපාදං ඡින්නජවං දුබ්බලස්සං සීඝජවො සින්ධවාජානීයො විය. සුමෙධසොති උත්තමපඤ්ඤො. තථාරූපං පුග්ගලං ආගමෙනපි අධිගමෙනපි හිත්වා යාති. මන්දපඤ්ඤස්මිඤ්හි එකං සුත්තං ගහෙතුං වායමන්තෙයෙව සුමෙධසො එකං වග්ගං ගණ්හාති, එවං තාව ආගමෙන හිත්වා යාති. මන්දපඤ්ඤෙ පන රත්තිට්ඨානදිවාට්ඨානානි කාතුං වායමන්තෙයෙව කම්මට්ඨානං උග්ගහෙත්වා සජ්ඣායන්තෙයෙව ච සුමෙධසො පුබ්බභාගෙපි පරෙන කතං රත්තිට්ඨානං වා දිවාට්ඨානං වා පවිසිත්වා කම්මට්ඨානං සම්මසන්තො සබ්බකිලෙසෙ ඛෙපෙත්වා නෙව ලොකුත්තරධම්මෙ හත්ථගතෙ කරොති, එවං අධිගමෙනපි හිත්වා යාති. වට්ටෙ පන නං හිත්වා ඡඩ්ඩෙත්වා වට්ටතො නිස්සරන්තො යාතියෙවාති.
මෙහි අප්පමත්තො යනු සිහිය විපුලත්ත්වයට පත්වී අප්‍රමාද ප්‍රතිපදාවෙන් යුත් රහතන්වහන්සේයි. පමත්තෙසු යනු සිහියෙන් තොරව සිටින සත්ත්වයන් අතර සුත්තෙසු සිහියෙන් නිදිවරා සිටීම නැති, හැම චරියාවකම නිදියන බහුජාගරො යනු මහත් වූ ස්මෘතිවිපුලභාවයෙන් නිදි වරා සිටින. අබලස්සං ව යනු මොට වූ පා හා සිඳී ගිය ජවබල ඇති අශ්වයා හා ශීඝ්‍රගාමී ජවබල ආජානීයසින්ධවඅශ්වයා මෙන්. සුමෙධසො යනු උතුම් ප්රඥාවයි, එබඳු පුද්ගලයා ආගමන අධිගමන යන දෙයාකාරයෙන්ම හිත්වායාති යනු මඳ නුවණක් ඇත්තා එක් සූත්‍රයක් පාඩම් කිරීමට වෑයම් කරන විටම, මනා නුවණක් ඇති තැනැත්තා එක් වර්ගයක් පාඩම් කරයි. මෙසේ පළමුකොට ආගම (දීඝනිකාය ආදි ආගම) වශයෙන් ඉක්මවායයි. මන්ද ප්‍රාඥයා රාත්රිස්ථාන දිවාස්ථානාදිය කිරීමට සූදානම් වන විටම කමටහන් උගෙන සජ්ඣායනා කරන ගමන්ම නුවණැත්තා පූර්වභාගයෙහිදීම අනුන් කළ රාත්රිස්ථාන දිවාස්ථානවලට පැමිණ කමටහන් මෙනෙහි කොට සියලු කෙලෙස් ගෙවා දමා නවලොව්තුරු දහම් අත්පත් කර ගනී. මෙසේ අධිගමයෙනුදු අනෙකා පරදා ඉදිරියට යයි. වට්ටපාද හෙවත් සසර පැවැත්ම හැරදමා සසරින් එතර වී යන්නේමය යනු අර්ථයි.
ගාථාපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ.
පමත්තාපමත්තද්වෙසහායකවත්ථු ඡට්ඨං.
සවන පමා නොපමා යහළු භික්ෂූන්දෙනමගේ වස්තුවයි.