යෙදුමෙන් කියවන්න

10. මඝවත්‍ථු අට‍්ඨකථා

10. මඝවත්‍ථු

10. මහාලිප්‍රශ්න වස්තුව

අප‍්පමාදෙන මඝවාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙසාලියං උපනිස‍්සාය කූටාගාරසාලායං විහරන‍්තො සක‍්කං දෙවරාජානං ආරබ‍්භ කථෙසි.

අප්පමාදෙන මඝවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේසාලිය සමීපයෙහි කූටාගාරශාලාවේ වැඩවාසය කරන සමයෙහි සක්දෙව්රජුන් අරභයා වදාළසේක.

වෙසාලියඤ‍්හි මහාලි නාම ලිච‍්ඡවී වසති, සො තථාගතස‍්ස සක‍්කපඤ‍්හසුත‍්තන‍්තදෙසනං (දී· නි· 2.344 ආදයො) සුත්‍වා “සම‍්මාසම‍්බුද‍්ධො සක‍්කසම‍්පත‍්තිං මහතිං කත්‍වා කථෙසි, ‘දිස‍්වා නු ඛො කථෙසි, උදාහු අදිස‍්වා. ජානාති නු ඛො සක‍්කං, උදාහු නො’ති පුච‍්ඡිස‍්සාමි න”න‍්ති චින‍්තෙසි.

වේසාලියේ මහාලි නම් ලිච්ඡවියෙක් විය. හෙතෙම තථාගතයන්වහන්සේගේ සක්කපඤ්හසූත්‍රාන්තදේශනාව අසා බුදුරජාණන් වහන්සේ ශක්‍රයාගේ සම්පත් මහත්කොට දේශනාකරනසේක. මෙය උන්වහන්සේ ඇසින් දැක කියනසේක්ද, නැතහොත් නොදැකද? මෙය ශක්‍රයා දන්නේද, නැතහොත් නොද්නනේද? ඔහුගෙන් මෙය අසන්නෙමියි සිතුවේය.

අථ ඛො, මහාලි, ලිච‍්ඡවී යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො, මහාලි, ලිච‍්ඡවී භගවන‍්තං එතදවොච – “දිට‍්ඨො ඛො, භන‍්තෙ, භගවතා සක‍්කො දෙවානමින්‍දො”ති? “දිට‍්ඨො ඛො මෙ, මහාලි, සක‍්කො දෙවානමින්‍දො”ති. “සො හි නුන, භන‍්තෙ, සක‍්කපතිරූපකො භවිස‍්සති. දුද‍්දසො හි, භන‍්තෙ, සක‍්කො දෙවානමින්‍දො”ති. “සක‍්කඤ‍්ච ඛ‍්වාහං, මහාලි, පජානාමි සක‍්කකරණෙ ච ධම‍්මෙ, යෙසං ධම‍්මානං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා, තඤ‍්ච පජානාමි”.

ඉන්පසු මහාලි ලිච්ඡවිතෙමේ බුදුරදුන් සිටි තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳගත්තේය. එසේ සිටි මහාලි ලිච්ඡවි බුදුරදුන්ට මෙසේ කීවේය. භාග්‍යවතුන්වහන්ස, ඔබවහන්සේ සක්දෙව්රජ දුටුසේක්ද? මහාලි මම සක්දෙව්රජ දැක්කෙමි. ස්වාමීනි, ඒකාන්තයෙන්ම ඒ ශක්‍රප්‍රතිරූපකයක් විය හැකිය. ස්වාමීනි, ශක්‍රයා දැකීම අතිශයින් දුෂ්කරය. මහාලි මම ශක්‍රයාත් දනිමි, ශක්‍රබවට පත්වීමට අවශ්‍ය කරුණුත් හොඳින් දනිමි. යම්කිසි ධර්ම සමූහයක් සමාදන්වීම නිසා ශක්‍රයා ශක්‍ර බවට පැමිණියේ ද, ඒ ධර්මත් මම දනිමි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො මඝො නාම මාණවො අහොසි, තස‍්මා “මඝවා”ති වුච‍්චති.

මහාලිය, ශක්‍රදේවේන්ද්‍රතෙම පෙර මඝමානව නමින් මිනිසෙක්ව සිටියේය. එහෙයින්ම ඔහුට මඝ යයි ද කියයි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො පුරෙ දානං අදාසි, තස‍්මා “පුරින්‍දදො”ති වුච‍්චති.

මහාලිය, සක්දෙව්රජතෙම පෙර මිනිසෙක්ව නගරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘පුරින්දද’ යයිද කියයි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො සක‍්කච‍්චං දානං අදාසි, තස‍්මා “සක‍්කො”ති වුච‍්චති.

මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව සකසා දන් දුන්නේය. එහෙයින් ඔහුට ‘ශක්‍ර’යයිද කියයි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො ආවසථං අදාසි, තස‍්මා “වාසවො”ති වුච‍්චති.

මහාලිය, සක්දෙව්රජ පෙර මිනිසෙක්ව ආවාස සාදා දුන්නේය. එහෙයින් ඔහුට ‘වාසව’ යයිද කියයි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො සහස‍්සම‍්පි අත්‍ථං මුහුත‍්තෙන චින‍්තෙති, තස‍්මා “සහස‍්සක‍්ඛො”ති වුච‍්චති.

මහාලිය, සක්දෙව්රජ පෙර දහසක් අර්ථ එක්මොහොතකින් සිතුවේය. එහෙයින් ඔහුට ‘සහස්සක්ඛ’ යයිද කියයි.

සක‍්කස‍්ස, මහාලි, දෙවානමින්‍දස‍්ස සුජා නාම අසුරකඤ‍්ඤා, පජාපති, තස‍්මා “සුජම‍්පතී”ති වුච‍්චති.

මහාලිය, ශක්‍රදිව්‍යරාජයාට සුජාතා නම් අසුරකන්‍යාවක් භාර්යාව විය. එනිසා ඔහුට ‘සුජම්පති’ යයිද කියයි.

සක‍්කො, මහාලි, දෙවානමින්‍දො දෙවානං තාවතිංසානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං කාරෙති, තස‍්මා “දෙවානමින්‍දො”ති වුච‍්චති.

මහාලිය, සක්දෙව්රජ තාවතිංස දෙවියන්ට වඩා ඉසුරුබර ආධිපත්‍යයක් ඇති රාජ්‍යය පාලනය කෙළේය. එහෙයින් ඔහුට ‘දේවානමින්ද’ යයිද කියය.

සක‍්කස‍්ස, මහාලි, දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං, යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා. කතමානි සත‍්ත වතපදානි? යාවජීවං මාතාපෙත‍්තිභරො අස‍්සං, යාවජීවං කුලෙ ජෙට‍්ඨාපචායී අස‍්සං, යාවජීවං සණ‍්හවාචො අස‍්සං, යාවජීවං අපිසුණවාචො අස‍්සං, යාවජීවං විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසෙය්‍යං, මුත‍්තචාගො පයතපාණි වොසග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො අස‍්සං. යාවජීවං සච‍්චවාචො අස‍්සං, යාවජීවං අක‍්කොධනො අස‍්සං, “සචෙපි මෙ කොධො උප‍්පජ‍්ජෙය්‍ය, ඛිප‍්පමෙව න පටිවිනෙය්‍ය”න‍්ති. සක‍්කස‍්ස, මහාලි, දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස ඉමානි සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං, යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගාති.

මහාලිය, පෙර මිනිසෙක්ව සිටි සක්දෙව් රජ සප්තව්‍රතපදයක් (ව්‍රත හතක්) පුරා සමාදන්වී සිටියේය. ඒ සප්තව්‍රතපද සමාදන්ව පිරූහෙයින් ඔහු ශක්‍රබවට පැමිණියේය. ඒ සප්තව්‍රතපදයෝ නම් කවරහුද? දිවිඇතිතාක් මවුපියන් පෝෂණය කරමි. දිවි ඇති තාක් කුලදෙටුවන් පුදමි. දිවි ඇති තාක් මෘදු තෙපුල් ඇත්තෙක් වෙමි. දිවිහිමියෙන් කේලාම් නොකියමි. දිවිහිමියෙන් පහකර දැමූ මසුරුමල ඇති සිතින් ත්‍යාගවන්තව, දිමෙන් පිරිසිදු අත්ඇතිව, පරිත්‍යාගශීලීව, ඉල්ලීමට සුදුස්සෙක්ව, දන්දීම් සංවිධානයෙහි යෙදෙමින් ගිහිගෙයි වසන්නෙමි. දිවි ඇතිතාක් ක්‍රෝධ නොකරන්නෙමි. යම් ලෙසකින් මගේ සිතේ ක්‍රෝධයක් ඉපදුණොත් වහාම එය දුරුකර හරින්නෙමි. මහාලිය, පෙර මිනිසෙක්ව සිටි ශක්‍රදේවේන්ද්‍රයා විසින් මේ සප්තව්‍රතපද සමාදන්ව සම්පූර්ණ කරන ලද්දේය. මේ ව්‍රත සමාදන් වූ හෙයින් ඔහු ශක්‍රභාවයට පත්වූයේය.

“මාතාපෙත‍්තිභරං ජන‍්තුං, කුලෙ ජෙට‍්ඨාපචායිනං; සණ‍්හං සඛිලසම‍්භාසං, පෙසුණෙය්‍යප‍්පහායිනං.

මවුපියන් සුරකින කුලදෙටුවන්ට සලකන පිය තෙපුල් උසුරුවන කේලමක් කිසිවිටක නොකියන

“මච‍්ඡෙරවිනයෙ යුත‍්තං, සච‍්චං කොධාභිභුං නරං; තං වෙ දෙවා තාවතිංසා, ආහු සප‍්පුරිසො ඉතී”ති. (සං· නි· 1.257) –

මසුරුමල දුරු කර සැබෑබස් නිති බණන ක්‍රෝධ සිත් බැහැරලා දැහැමි ගුණයන් පුරන පිනැතියන් තව්තිසා දෙවියෝද හොඳ සිතින් සත්පුරුෂයෙකියි මොහු බුහුමනින් ගුණ කියති

ඉදං, මහාලි, සක‍්කෙන මඝමාණවකාලෙ කතකම‍්මන‍්ති වත්‍වා පුන තෙන “කථං, භන‍්තෙ, මඝමාණවො පටිපජ‍්ජී”ති? තස‍්ස පටිපත‍්තිං විත්‍ථාරතො සොතුකාමෙන පුට‍්ඨො “තෙන හි, මහාලි, සුණාහී”ති වත්‍වා අතීතං ආහරි –

මහාලිය, මඝමානවක කාලයෙහි මේ ශක්‍රයා විසින් කරන ලද කටයුතු යයි වදාළ කල්හි නැවත ඔහු විසින් ඔහුගේ ප්‍රතිපත්තිවල කෙසේ පිහිටියේදැයි විස්තර වශයෙන් දැනගනු කැමතිව අසා සිටි මහාලිට, එසේ නම් අසාගනුවයි අතීත කතාව ගෙන හැර දැක්වූහ.

අතීතෙ මගධරට‍්ඨෙ මචලගාමෙ මඝො නාම මාණවො ගාමකම‍්මකරණට‍්ඨානං ගන‍්ත්‍වා අත‍්තනො ඨිතට‍්ඨානං පාදන‍්තෙන පංසුං වියූහිත්‍වා රමණීයං කත්‍වා අට‍්ඨාසි. අපරො තං බාහුනා පහරිත්‍වා තතො අපනෙත්‍වා සයං තත්‍ථ අට‍්ඨාසි. සො තස‍්ස අකුජ‍්ඣිත්‍වාව අඤ‍්ඤං ඨානං රමණීයං කත්‍වා ඨිතො. තතොපි නං අඤ‍්ඤො ආගන‍්ත්‍වා බාහුනා පහරිත්‍වා අපනෙත්‍වා සයං අට‍්ඨාසි. සො තස‍්සපි අකුජ‍්ඣිත්‍වාව අඤ‍්ඤං ඨානං රමණීයං කත්‍වා ඨිතො, ඉති තං ගෙහතො නික‍්ඛන‍්තා නික‍්ඛන‍්තා පුරිසා බාහුනා පහරිත්‍වා ඨිතඨිතට‍්ඨානතො අපනෙසුං.

අතීතයෙහි මගධරට මචල නම් ගම මඝ නම් මානවකයෙක් ගමේ වැඩ කරන තැනකට ගොස් තමන් සිටි තැන පයින් පස් විසුරුවා එතැන රමණීය කොට සිටියේය. තව එකෙක් ඔහුට අතින් පහර දී එතැනින් එළවා ඔහු එතැන සිටගත්තේය. මඝමානවක ඔහු කෙරෙහි ක්‍රෝධ නොකොට වෙනත් තැනක් රමණීය කොට ගෙන සිටියේය. එතැනදීද වෙනත් එකෙක් ඔහුට අතින් පහරදී එලවා දමා එතැන සිට ගත්තේය. මඝමානවක ඔහු සමඟත් නොකිපී වෙනත් තැනක් රමණීය කොටගෙන සිටියේය. මෙසේ ගෙවල්වලින් පිටත්ව ආ මිනිස්සු අතින් පහර දී ඔහු පිරිසිදු කළ තැන්වලින් එලවා දැමූහ.

සො “සබ‍්බෙපෙතෙ මං නිස‍්සාය සුඛිතා ජාතා, ඉමිනා කම‍්මෙන මය‍්හං සුඛදායකෙන පුඤ‍්ඤකම‍්මෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා, පුනදිවසෙ කුදාලං ආදාය ඛලමණ‍්ඩලමත‍්තං ඨානං රමණීයං අකාසි. සබ‍්බෙ ගන‍්ත්‍වා තත්‍ථෙව අට‍්ඨංසු. අථ නෙසං සීතසමයෙ අග‍්ගිං කත්‍වා අදාසි, ගිම‍්හකාලෙ උදකං. තතො “රමණීයං ඨානං නාම සබ‍්බෙසං පියං, කස‍්සචි අප‍්පියං නාම නත්‍ථි, ඉතො පට‍්ඨාය මයා මග‍්ගං සමං කරොන‍්තෙන විචරිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා, පාතොව නික‍්ඛමිත්‍වා, මග‍්ගං සමං කරොන‍්තො ඡින්‍දිත්‍වා, හරිතබ‍්බයුත‍්තකා රුක‍්ඛසාඛා හරන‍්තො විචරති. අථ නං අපරො දිස‍්වා ආහ – “සම‍්ම, කිං කරොසී”ති? “මය‍්හං සග‍්ගගාමිනං මග‍්ගං කරොමි, සම‍්මා”ති. “තෙන හි අහම‍්පි තෙ සහායො හොමී”ති. “හොහි, සම‍්ම, සග‍්ගො නාම බහූනම‍්පි මනාපො සුඛබහුලො”ති. තතො පට‍්ඨාය ද‍්වෙ ජනා අහෙසුං.

එවිට මේ සියලු දෙනා සැපවත් වූවාහු. මේ කර්මාන්තයෙන් මා විසින් පින්කමක් කරන ලද්දෙමි යයි සිතූ මඝමානවක දෙවෙනි දිනයේ උදැල්ලක්ද රැගෙන ගොස් කලවිටක් (කමතක්) පමණ තැනක් පිරිසිදු කොට රමණීය බවට පත් කෙළේය. සෙසු සියල්ලෝ ගොස් එහි සිටියෝය. පසුව ශීතසෘතුවේදී ගිනිදල්වා දුන්නේය. එය කාටත් ප්‍රියමනාප තැනක් විය. මෙතැන් පටන් මා මංමාවත් පාදමින් යායුතු යයි සිතූ ඔහු උදෑසනම ගෙයින් නික්මී පාර සමතලා කරන විට කපා ඉවත් කළයුතු ගස් අතු ඉවත් කරයි. තවත් එකෙක් මෙයදැක යහළුව මේ කුමක් කරන්නෙහිදැයි ඇසීය. මේ මගේ ස්වර්ගගාමී මාර්ගය යයි කීය. එසේනම් මමත් ඔබට සහාය වන්නෙම්ද, යහළුව සහාය වන්න. ස්වර්ගය සියල්ලන්ටම ප්‍රියමනාප යයි කියා එතැන් පටන් දෙදෙනාම එකතුවූහ.

තෙ දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා ච සුත්‍වා ච අපරොපි තෙසං සහායො ජාතො, එවං අපරොපි අපරොපීති සබ‍්බෙපි තෙත‍්තිංස ජනා ජාතා. තෙ සබ‍්බෙපි කුදාලාදිහත්‍ථා මග‍්ගං සමං කරොන‍්තා එකයොජනද‍්වියොජනමත‍්තට‍්ඨානං ගච‍්ඡන‍්ති.

ඒ දෙදෙනා දැක තොරතුරු අසා දැන තවත් එකෙක් ඔවුනට එකතු විය. මෙසේ එකිනෙකා එක්වී සියල්ලෝ තිස්තුන්දෙනෙක් වූහ. ඒ සියලුදෙනා උදලු ආදිය රැගෙන මාර්ගය සමකරමින් යොදුනක් දෙකක් ඉදිරියට යති.

තෙ දිස‍්වා ගාමභොජකො චින‍්තෙසි – “ඉමෙ මනුස‍්සා අයොගෙ යුත‍්තා, සචෙ ඉමෙ අරඤ‍්ඤතො මච‍්ඡමංසාදීනි වා ආහරෙය්‍යුං. සුරං වා කත්‍වා පිවෙය්‍යුං, අඤ‍්ඤං වා තාදිසං කම‍්මං කරෙය්‍යුං, අහම‍්පි කිඤ‍්චි කිඤ‍්චි ලභෙය්‍ය”න‍්ති. අථ නෙ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “කිං කරොන‍්තා විචරථා”ති? “සග‍්ගමග‍්ගං, සාමී”ති. “ඝරාවාසං වසන‍්තෙහි නාම එවං කාතුං න වට‍්ටති, අරඤ‍්ඤතො මච‍්ඡමංසාදීනි ආහරිතුං, සුරං කත්‍වා පාතුං, නානප‍්පකාරෙ ච කම‍්මන‍්තෙ කාතුං වට‍්ටතී”ති. තෙ තස‍්ස වචනං පටික‍්ඛිපිංසු, එවං පුනප‍්පුනං වුච‍්චමානාපි පටික‍්ඛිපිංසුයෙව. සො කුජ‍්ඣිත්‍වා “නාසෙස‍්සාමි නෙ”ති රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා, “චොරෙ තෙ, දෙව, වග‍්ගබන්‍ධනෙන විචරන‍්තෙ පස‍්සාමී”ති වත්‍වා, “ගච‍්ඡ, තෙ ගහෙත්‍වා ආනෙහී”ති වුත‍්තෙ තථා කත්‍වා සබ‍්බෙ තෙ බන්‍ධිත්‍වා ආනෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසි. රාජා අවීමංසිත්‍වාව “හත්‍ථිනා මද‍්දාපෙථා”ති ආණාපෙසි.

මෙ දුටු ගම්මුලාදැනියා, මේ මිනිස්සු අකටයුත්තක යෙදුණාහු වෙති. මොවුහු කැලයෙන් මත්ස්‍යමාංශාදිය ගෙන එත් නම් සුරා සාදාබොන්නාහු නම් වෙනත් එබඳු දේ කෙරෙත් නම් මටත් මොන මොනවා හෝ ලැබන්නේ යයි සිතීය. ඉන්පසු ඔවුන් කැඳවා තෙපි කුමක් කරමින් ඇවිදුණාහුදැයි ඇසීය. ස්වාමීනි, අපි ස්වර්ගමාර්ගය සාදන්නෙමු. ගිහිගෙයි වසන අය මෙසේ කටයුතු නොකළ යුතුයි. කැලයෙන් මත්ස්‍යමාංශ ගෙනඒම සුරාවර්‍ග සාදා පානය කිරීම ආදි නානාප්‍රකාර කර්මාන්ත කළ යුතුයි. ඔවුහු වදන් ප්‍රතික්ෂේප කළහ. යළියළිත් කී නමුදු ප්‍රතික්ෂේපම කළාහුය. ගම්මුලාදැනියා කිපී මොවුන් විනාශකර දමන්නෙමියි සිතා, රජුන් ළඟට ගොස් දේවයන් වහන්ස, සොරකල්ලියක් ඇවිදිනවා දුටිමියි කී විට එසේ නම් ඔවුන් අල්වාගෙන එවයි රජු අණ කළ කල්හි ඔහු එසේ කෙළේය. රජු විමසීමක් නොකරම ඇතුන් ලවා පාගවා විනාශ කරනුයි අණ දුන්නේය.

මඝො සෙසානං ඔවාදමදාසි – “සම‍්මා, ඨපෙත්‍වා මෙත‍්තං අඤ‍්ඤො අම‍්හාකං අවස‍්සයො නත්‍ථි, තුම‍්හෙ කත්‍ථචි කොපං අකත්‍වා රඤ‍්ඤෙ ච ගාමභොජකෙ ච මද‍්දනහත්‍ථිම‍්හි ච අත‍්තනි ච මෙත‍්තචිත‍්තෙන සමචිත‍්තාව හොථා”ති. තෙ තථා කරිංසු. අථ නෙසං මෙත‍්තානුභාවෙන හත්‍ථී උප‍්පසඞ‍්කමිතුම‍්පි න විසහි. රාජා තමත්‍ථං සුත්‍වා බහූ මනුස‍්සෙ දිස‍්වා මද‍්දිතුං න විසහිස‍්සති? “ගච‍්ඡථ, නෙ කිලඤ‍්ජෙන පටිච‍්ඡාදෙත්‍වා මද‍්දාපෙථා”ති ආහ. තෙ කිලඤ‍්ජෙන පටිච‍්ඡාදෙත්‍වා මද‍්දිතුං පෙසියමානොපි හත්‍ථී දූරතොව පටික‍්කමි.

මඝමානවක සෙස්සන් අමතා, හොඳින් තබාගන්නා මෛත්‍රිය හැර වෙන අපට සහායකයෙක් නැත. තෙපි කිසි විටෙකත් කෝප නොකර රජුත් ගම්මුලාදැනියාත්, පාගන ඇතුනුත් තමනුත් ගැන සමසිත් ඇතිකරගෙන මෙත් සිතම ඇති කර ගනිව්යයි අවවාද දුන්නේය. සෙස්සෝ එසේ කළහ. මෛත්‍රියේ ආනුභාවයෙන් ඇතුන්ට ඔවුන් ළගටවත් ඒමට නොහැකි විය. රජු ඒ පුවත අසා, බොහෝ දෙනෙක් ඇති නිසා ඇත්තු ඔවුන් පාගා දමන්ට ශක්තිමත් නොවෙතියි පැදුරකින් මුවහ කරවා (වසා) පාගවව්යි කීවේය. ඔවුහු පැදුරකින් වසා පෑගවීම පිණිස යැවූ ඇතා දුර සිටම නික්මී ආපසු ආවේය.

රාජා තං පවත‍්තිං සුත්‍වා “කාරණෙනෙත්‍ථ භවිතබ‍්බ”න‍්ති තෙ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “තාතා, මං නිස‍්සාය තුම‍්හෙ කිං න ලභථා”ති? “කිං නාමෙතං, දෙවා”ති? “තුම‍්හෙ කිර වග‍්ගබන්‍ධනෙන චොරා හුත්‍වා අරඤ‍්ඤෙ විචරථා”ති? “කො එවමාහ, දෙවා”ති? “ගාමභොජකො, තාතා”ති. “න මයං, දෙව, චොරා, මයං පන අත‍්තනො සග‍්ගමග‍්ගං සොධෙන‍්තා ඉදඤ‍්චිදඤ‍්ච කරොම, ගාමභොජකො අම‍්හෙ අකුසලකිරියාය නියොජෙත්‍වා අත‍්තනො වචනං අකරොන‍්තෙ නාසෙතුකාමො කුජ‍්ඣිත්‍වා එවමාහා”ති.

රජු එපුවත අසා මෙහි කිසියම් කරුණක් විය යුතුයයි ඔවුන් කැඳවා මෙසේ විචාළේය. දරුවනි මා නිසා ඔබලාට නොලැබෙන්නේ මොනවාද? දේවයන් වහන්ස, එසේ අසන්නේ ඇයි? නුඹලා කල්ලියක්වී, සොරුන් බවට පත්වී වනයේ හැසිරෙන්නේ ඇයිද? දේවයන් වහන්ස, එසේ කීවේ කවුද? දරුවනි, ගම්මුලාදැනියායි. දේවයන්වහන්ස, අපි හොරු නොවෙමු. අපි තමන්ගේ ස්වර්ගමාර්ගය පිරිසිදු කරමින් මේ මේ දේ කරන්නෙමු. ගම්මුලාදැනියා අප පව්කම්වල යොදවා, ඔහු කියන දේ නොකරන නිසා, අප වනසා දැමීමට මෙසේ කියන්ට ඇතියි කීවාහුය.

අථ රාජා තෙසං කථං සුත්‍වා සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා, “තාතා, අයං තිරච‍්ඡානො තුම‍්හාකං ගුණෙ ජානාති, අහං මනුස‍්සභූතො ජානිතුං නාසක‍්ඛිං, ඛමථ මෙ”ති. එවඤ‍්ච පන වත්‍වා සපුත‍්තදාරං ගාමභොජකං තෙසං දාසං, හත්‍ථිං ආරොහනියං, තඤ‍්ච ගාමං යථාසුඛං පරිභොගං කත්‍වා අදාසි. තෙ “ඉධෙව නො කතපුඤ‍්ඤස‍්සානිසංසො දිට‍්ඨො”ති භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසා හුත්‍වා තං හත්‍ථිං වාරෙන වාරෙන අභිරුය‍්හ ගච‍්ඡන‍්තා මන‍්තයිංසු “ඉදානි අම‍්හෙහි අතිරෙකතරං පුඤ‍්ඤං කාතබ‍්බං, කිං කරොම? චතුමහාපථෙ ථාවරං කත්‍වා මහාජනස‍්ස විස‍්සමනසාලං කරිස‍්සාමා”ති. තෙ වඩ‍්ඪකිං පක‍්කොසාපෙත්‍වා සාලං පට‍්ඨපෙසුං. මාතුගාමෙසු පන විගතච‍්ඡන්‍දතාය තස‍්සා සාලාය මාතුගාමානං පත‍්තිං නාදංසු.

දරුවනි, මේ තිරිසනා නුඹලාගේ ගුණය දනියි. මම මිනිසකුවීත් එය දැනගත නොහැකිවීමි. මට සමාකරව්. මෙසේ කියා දූදරුවන් සහිත ග්‍රාමභොජකයා දාසයන් හැටියටත් නැග යනු පිණිස ඇතාත් දී ඒ ගම ඔවුන් කැමති පරිදි ප්‍රයෝජනයට ගතහැකි කොට පවරා දුන්නේය. ඔවුහු මෙලොවදීම අප විසින් කරන ලද පිනෙහි ආනිසංස දැක්කෙමු යයි බොහෝ සෙයින්ම ප්‍රසාදයට පත් සිත්ඇත්තන්ව ඒ ඇතා පිට මාරුවෙන් මාරුවට නැගෙමින් යන ගමන් මෙසේ කථා කළහ. දැන් අප විසින් කිසියම් විශේෂ පින්කමක් කළ යුතුය. කුමක් කරමුද? සිවුමංසන්ධියේ ස්ථිරව පවත්නා ලෙස මහාජනයා උදෙසා විශ්‍රාමශාලාවක් කරමු. ඔවුහු වඩුවකු ගෙන්වාගෙන ශාලාව ගොඩ නැගූහ. වනිතාවන්ගේ විවිධ කල්පනා ඇති හෙයින් ඒ ශාලාවෙහි වැඩ කිරීම සඳහා වනිතාවන්ට හවුල් වීමට ඉඩ නොදුන්හ.

මඝස‍්ස පන ගෙහෙ නන්‍දා, චිත‍්තා, සුධම‍්මා, සුජාති චතස‍්සො ඉත්‍ථියො හොන‍්ති. තාසු සුධම‍්මා වඩ‍්ඪකිනා සද‍්ධිං එකතො හුත්‍වා, “භාතික, ඉමිස‍්සා සාලාය මං ජෙට‍්ඨිකං කරොහී”ති වත්‍වා ලඤ‍්ජං අදාසි. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා පඨමමෙව කණ‍්ණිකත්‍ථාය රුක‍්ඛං සුක‍්ඛාපෙත්‍වා තච‍්ඡෙත්‍වා විජ‍්ඣිත්‍වා කණ‍්ණිකං නිට‍්ඨාපෙත්‍වා, “සුධම‍්මා නාම අයං සාලා”ති අක‍්ඛරානි ඡින්‍දිත්‍වා වත්‍ථෙන පලිවෙඨෙත්‍වා ඨපෙසි. අථ නෙ වඩ‍්ඪකී සාලං නිට‍්ඨාපෙත්‍වා කණ‍්ණිකාරොපනදිවසෙ “අහො, අය්‍යා, එකං කරණීයං න සරිම‍්හා”ති ආහ. “කිං නාම, භො”ති? “කණ‍්ණික”න‍්ති. “හොතු තං ආහරිස‍්සාමා”ති. “ඉදානි ඡින‍්නරුක‍්ඛෙන කාතුං න සක‍්කා, පුබ‍්බෙයෙව තං ඡින්‍දිත්‍වා තච‍්ඡෙත්‍වා විජ‍්ඣිත්‍වා ඨපිතකණ‍්ණිකා ලද‍්ධුං වට‍්ටතී”ති. “ඉදානි කිං කාතබ‍්බ”න‍්ති? “සචෙ කස‍්සචි ගෙහෙ නිට‍්ඨාපෙත්‍වා ඨපිතා වික‍්කායිකකණ‍්ණිකා අත්‍ථි, සා පරියෙසිතබ‍්බා”ති. තෙ පරියෙසන‍්තා සුධම‍්මාය ගෙහෙ දිස‍්වා සහස‍්සං දත්‍වාපි මූලෙන න ලභිංසු. “සචෙ මං සාලාය පත‍්තිං කරොථ, දස‍්සාමී”ති වුත‍්තෙ පන “මයං මාතුගාමානං පත‍්තිං න දම‍්මා”ති ආහංසු.

මඝමානවකයාගේ ගෙදර නන්දා-චිත්‍රා-සුධර්මා යන නම් ඇති අඹුවෝ තිදෙනෙක් වෙති. එයින් සුධර්මා වඩුවා සමග එකතු වී සහෝදරය, මේ ශාලාවෙහි මා ප්‍රධාන බවට පත් කරන්නැයි කියා අල්ලස් දුන්නාය. හෙතෙම මැනවැයි පිළිගෙන ප්‍රථමයෙන්ම කැණිමඩල සඳහා ගසක් කපා වියළවා සැස විද කැණිමඩල නිමවා එහි සුධර්මශාලාව යයි අකුරු කොටා රෙද්දකින් ඔතා තැබීය. ඉන්පසු ශාලාවේ වැඩ නිමවා කැණිමඩල නංවන දිනයේ, අනේ, අනේ, එක් දෙයක් අමතක කෙළෙමුයයි කීය. පින්වත, ඒ කුමක්ද? කැණිමඩලයි, මම එය ගෙනෙන්නෙමි. දැන් කැපූ ගසකින් එය කරන්ට බැරිය. කලින් කැපූ ගසකින් තනා ඇති කැණිමඩලක් ලබා ගත යුතුය. දැන් කුමක් කරමුද? ඉදින් කාගේ හෝ ගෙයක නිමවා තැබූ විකිණීමට ඇති කණ්ණිකාවක් ඇද්දැයි සෙවිය යුතුයි. ඔවුහු එකතුව සොයන්නාහු සුධර්මාගේ ගෙදර ඇති බව දැන මිල දහසක් ගෙවාත් ලබාගත නොහැකි විය. ඉදින් මාත් ශාලාවේ හවුල් කාරියක කරන්නහු නම් දෙමියි කීකල අපි මීට මාගමුන්ට හවුලක් නොදෙන්නෙමුයි කීහ.

අථ නෙ වඩ‍්ඪකී ආහ – “අය්‍යා, තුම‍්හෙ කිං කථෙථ, ඨපෙත්‍වා බ්‍රහ‍්මලොකං අඤ‍්ඤං මාතුගාමරහිතට‍්ඨානං නාම නත්‍ථි, ගණ‍්හථ කණ‍්ණිකං. එවං සන‍්තෙ අම‍්හාකං කම‍්මං නිට‍්ඨං ගමිස‍්සතී”ති. තෙ “සාධූ”ති කණ‍්ණිකං ගහෙත්‍වා සාලං නිට‍්ඨාපෙත්‍වා තිධා විභජිංසු. එකස‍්මිං කොට‍්ඨාසෙ ඉස‍්සරානං වසනට‍්ඨානං කරිංසු, එකස‍්මිං දුග‍්ගතානං, එකස‍්මිං ගිලානානං. තෙත‍්තිංස ජනා තෙත‍්තිංස ඵලකානි පඤ‍්ඤපෙත්‍වා හත්‍ථිස‍්ස සඤ‍්ඤං අදංසු – “ආගන‍්තුකො ආගන‍්ත්‍වා යස‍්ස අත්‍ථතඵලකෙ නිසීදති, තං ගහෙත්‍වා ඵලකසාමිකස‍්සෙව ගෙහෙ පතිට‍්ඨපෙහි, තස‍්ස පාදපරිකම‍්මපිට‍්ඨිපරිකම‍්මපානීයඛාදනීයභොජනීයසයනානි සබ‍්බානි ඵලකසාමිකස‍්සෙව භාරො භවිස‍්සතී”ති. හත්‍ථී ආගතාගතං ගහෙත්‍වා ඵලකසාමිකස‍්සෙව ඝරං නෙති. සො තස‍්ස තං දිවසං කත‍්තබ‍්බං කරොති. මඝො සාලාය අවිදූරෙ කොවිළාරරුක‍්ඛං රොපෙත්‍වා තස‍්ස මූලෙ පාසාණඵලකං අත්‍ථරි. සාලං පවිට‍්ඨපවිට‍්ඨා ජනා කණ‍්ණිකං ඔලොකෙත්‍වා අක‍්ඛරානි වාචෙත්‍වා, “සුධම‍්මා නාමෙසා සාලා”ති වදන‍්ති. තෙත‍්තිංසජනානං නාමං න පඤ‍්ඤායති.

ඉන්පසු වඩුවා මෙසේ කීවේය. ආර්යයෙනි, නුඹලා කුමක් කරන්නහුද? බඹලොව හැර මාගමුන් රහිත අන් තැනක් නම් නැත. මේ කණ්ණිකාව ගනිමු. එවිට අපේ කර්‍මාන්තයත් නිමාවට යයි. ඔවුහු යහපතැයි කණ්ණිකාව ගෙන ශාලාව නිමවා එය තුනකට බෙදූහ. එක් කොටසක් ඉසුරුමතුන්ගේ වාසස්ථානය වශයෙන්ද, එකක් දුප්පතුන්ටද, එකක් ගිලනුන්ටද වශයෙනි. තිස්තුන්දෙනා පුවරු තෙතිසක් තබා ඇතාට ඒ පිළිබඳ දැනීමක්ද ලබා දුන්හ. ආගන්තුකයෙක් අවුත් යමකු විසින් තබන ලද පුවරුයෙහි හිඳගත්තොත් ඒ පුවරුව රැගෙන පුවරුව හිමියාගේම ගෙදර පිහිටුවයි කියාය. ඉන්පසු ඒ ආගන්තුකයාගේ ඇපඋපකාර පුවරු හිමියාටම භාර වන්නේය. ඇතාද ආගිය අයගේ පුවරු එය හිමියාගේ ගෙදරට ගෙන යයි. පුවරු හිමියා ඒ ආගන්තුකයාට ඒ දවසේ කළයුතු සියලු ඇපඋපකාර කරයි. මඝමානවක ශාලාව සමීපයෙහි එක් කොබෝලීල ගසක් රෝපණය කොට ඒ ගසමුල ගල්පුවරුවක් තැබීය. ශාලාවට ආ අය කැණිමඩල දෙස බලා එහි ඇති අකුරු කියවා මේ ශාලාව සුධර්මා නම් වෙයි යනුවෙන් කියති. තෙතිස් දෙනාගේ නම් නොකියවෙයි. ප්‍රකට නොවෙයි.

නන්‍දා චින‍්තෙසි – “ඉමෙ සාලං කරොන‍්තා අම‍්හෙ අපත‍්තිකා කරිංසු, සුධම‍්මා පන අත‍්තනො බ්‍යත‍්තතාය කණ‍්ණිකං කත්‍වා පත‍්තිකා ජාතා, මයාපි කිඤ‍්චි කාතුං වට‍්ටති, කිං නු ඛො කරිස‍්සාමී”ති? අථස‍්සා එතදහොසි – “සාලං ආගතාගතානං පානීයඤ‍්චෙව න‍්හානොදකඤ‍්ච ලද‍්ධුං වට‍්ටති, පොක‍්ඛරණිං ඛණාපෙස‍්සාමී”ති. සා පොක‍්ඛරණිං කාරෙසි.

නන්දා නම් භාර්යාව මෙසේ සිතුවාය. මොවුහු ශාලාව කරන අතර අප එහි ඊට හවුල් කර නොගත්හ. සුධර්මා තම බුද්ධිය නිසා කැණිමඩලක් ලබා දී හවුල් වූවාය. මාත් යමක් කළ යුතු යයිද කුමක් කරන්නෙම්දැයිද සිතුවාය. ඈට මෙබඳු අදහසක් ඇතිවිය. මේ ශාලාවට ආවවුන්ට බිමට ජලයත් නෑමට ජලයත් අවශ්‍ය වේ. පොකුණක් කරවන්නෙම් නම් ඉතා මැනවි. මේ ඒ අදහසයි. ඈ පොකුණක් කැණවුවාය.

චිත‍්තා චින‍්තෙසි – “සුධම‍්මාය කණ‍්ණිකා දින‍්නා, නන්‍දාය පොක‍්ඛරණී කාරිතා, මයාපි කිඤ‍්චි කාතුං වට‍්ටති, කිං නු ඛො කරිස‍්සාමී”ති? අථස‍්සා එතදහොසි – “සාලං ආගතාගතෙහි පානීයං පිවිත්‍වා න‍්හත්‍වා ගමනකාලෙපි මාලං පිලන්‍ධිත්‍වා ගන‍්තුං වට‍්ටති, පුප‍්ඵාරාමං කාරාපෙස‍්සාමී”ති. සා රමණීයං පුප‍්ඵාරාමං කාරෙසි. යෙභුය්‍යෙන තස‍්මිං ආරාමෙ “අසුකො නාම පුප‍්ඵූපගඵලූපගරුක‍්ඛො නත්‍ථී”ති නාහොසි.

චිත්‍රානම් බිරිය මෙසේ සිතුවාය. සුධර්මා මේ ශාලාවට කැණිමඩලක් දුන්නාය. නන්දා පොකුණක් කරවූවාය. මාත් යමක් කළ යුතුය. කුමක් කරන්නෙම්දැයි සිතන්නී ඈට මෙබඳු අදහසක් ඇති විය. ශාලාවට පැමිණි අය වතුර බී නා යන කල මල් පැළඳ යා යුතුය. මම ඒ සඳහා මල්උයනක් කරවන්නෙමියි ඉතාමත් රමණීය මල්උයනක් කරවූවාය. ඒ උයන තුළ බොහෝ සෙයින් අසවල් නම් මල් නොපිපෙන අසවල් නම් ගෙඩි නොපලගන්නා ගසක් නැත්තේයයි කීමට බැරි විය.

සුජා පන “අහං මඝස‍්ස මාතුලධීතා චෙව පාදපරිචාරිකා ච, එතෙන කතං කම‍්මං මය‍්හමෙව, මයා කතං එතස‍්සෙවා”ති චින‍්තෙත්‍වා, කිඤ‍්චි අකත්‍වා අත‍්තභාවමෙව මණ‍්ඩයමානා කාලං වීතිනාමෙසි. මඝොපි මාතාපිතුඋපට‍්ඨානං කුලෙ ජෙට‍්ඨාපචායනකම‍්මං සච‍්චවාචං අඵරුසවාචං අපි, සුණවාචං මච‍්ඡෙරවිනයං අක‍්කොධනන‍්ති ඉමානි සත‍්ත වතපදානි පූරෙත්‍වා –

සුජාතා මෙසේ සිතුවාය. මම මඝ මානවකගේ මාමාගේ දුවය. එසේම භාර්යාවද වෙමි. මොහු කළ දේ මටත් සමය, මා කරන දේ මොහුටත් සමයයි සිතා කිසිම අමුතු දෙයක් නොකොට තම සිරුරම අලංකාර කරමින් කාලය ගත කළාය. මඝ තෙමේත්, මවුපිය උපස්ථාන, කුලදෙටුවන් පිදීම, සත්‍යවචන, මෘදුතෙපුල් කේලාම් නොකීම, මසුරුමල හැර දැමීම, ක්‍රෝධ නොකිරීම යන සප්තවතපද සපුරා,

“මාතාපෙත‍්තිභරං ජන‍්තුං, කුලෙ ජෙට‍්ඨාපචායිනං; සණ‍්හං සඛිලසම‍්භාසං, පෙසුණෙය්‍යප‍්පහායිනං.

මවුපියන් සුරකින කුලදෙටුවන්ට සලකන පිය තෙපුල් උසුරුවන කේලමක් නොම කියන

“මච‍්ඡෙරවිනයෙ යුත‍්තං, සච‍්චං කොධාභිභුං නරං; තං වෙ දෙවා තාවතිංසා, ආහු ‘සප‍්පුරිසො’ඉතී”ති. (සං· නි· 1.257) –

මසුරුමල දුරුකරන සැබෑබස් නිති බණන ක්‍රෝධ සිත් බැහැර ලා දැහැමි ගුණයන් පුරන පිනැතියන් තව්තිසා දෙවියෝද හොඳ සිතින සත්පුරුෂයෙකියි මොහු බුදුමනින් ගුණ කියති

එවං පසංසියභාවං ආපජ‍්ජිත්‍වා ජීවිතපරියොසානෙ තාවතිංසභවනෙ සක‍්කො දෙවරාජා හුත්‍වා නිබ‍්බත‍්ති, තෙපිස‍්ස සහායකා තත්‍ථෙව නිබ‍්බත‍්තිංසු, වඩ‍්ඪකී විස‍්සකම‍්මදෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තදා තාවතිංසභවනෙ අසුරා වසන‍්ති. තෙ “අභිනවා දෙවපුත‍්තා නිබ‍්බත‍්තා”ති දිබ‍්බපානං සජ‍්ජයිංසු. සක‍්කො අත‍්තනො පරිසාය කස‍්සචි අපිවනත්‍ථාය සඤ‍්ඤමදාසි. අසුරා දිබ‍්බපානං පිවිත්‍වා මජ‍්ජිංසු. සක‍්කො “කිං මෙ ඉමෙහි සාධාරණෙන රජ‍්ජෙනා”ති අත‍්තනො පරිසාය සඤ‍්ඤං දත්‍වා තෙ පාදෙසු ගාහාපෙත්‍වා මහාසමුද‍්දෙ ඛිපාපෙසි. තෙ අවංසිරා සමුද‍්දෙ පතිංසු. අථ නෙසං පුඤ‍්ඤානුභාවෙන සිනෙරුනො හෙට‍්ඨිමතලෙ අසුරවිමානං නාම නිබ‍්බත‍්ති, චිත‍්තපාටලි නාම නිබ‍්බත‍්ති.

මෙසේ ප්‍රශංසනීය බවට පැමිණ දිවි කෙළවර තව්තිසා භවනයෙහි සක්දෙව්රජව උපන්නේය. ඔහුගේ සහායකයෝ ද එහිම උපන්හ. වඩුවා විශ්වකර්ම දිව්‍යපුත්‍රව උපන්නේය. එකල තව්තිසා භවනයෙහි අසුරයෝ වාසය කළහ. ඔවුහු අභිනව දිව්‍යපුත්‍රයෙක් උපන්නේයයි අසා දිව්‍යමය පානවර්ග පිළියෙල කළහ. ශක්‍රයා, තම පිරිසේ කිසිවකුවත් නොබොන ලෙස සංඥා කෙළේය. අසුරයෝ බී මත්වූහ. ශක්‍රයා මොවුන් සමග එකතුව රාජ්‍යය කරන්නේ ඇයිදැයි පිරිසට සංඥා කොට අසුරයන් පයින් අල්වා මහ මුහුදට විසිකරවූයේය. ඔවුහු හිස් පහතට හැරී මුහුදෙහි වැටුණාහ. ඉන්පසු ඔවුන්ගේ පින්බලයෙන් මහමෙර පාමුල අසුර නම් විමානයක් පහළ විය. සිත්පළොල් ගසක්ද පහළ විය.

දෙවාසුරසඞ‍්ගාමෙ පන අසුරෙසු පරාජිතෙසු දසයොජනසහස‍්සං තාවතිංසදෙවනගරං නාම නිබ‍්බත‍්ති. තස‍්ස පන නගරස‍්ස පාචීනපච‍්ඡිමද‍්වාරානං අන‍්තරා දසයොජනසහස‍්සං හොති, තථා දක‍්ඛිණුත‍්තරද‍්වාරානං. තං ඛො පන නගරං ද‍්වාරසහස‍්සයුත‍්තං අහොසි ආරාමපොක‍්ඛරණිපටිමණ‍්ඩිතං. තස‍්ස මජ‍්ඣෙ සාලාය නිස‍්සන්‍දෙන තියොජනසතුබ‍්බෙධෙහි ධජෙහි පටිමණ‍්ඩිතො සත‍්තරතනමයො සත‍්තයොජනසතුබ‍්බෙධො වෙජයන‍්තො නාම පාසාදො උග‍්ගඤ‍්ඡි. සුවණ‍්ණයට‍්ඨීසු මණිධජා අහෙසුං, මණියට‍්ඨීසු සුවණ‍්ණධජා; පවාළයට‍්ඨීසු මුත‍්තධජා, මුත‍්තයට‍්ඨීසු පවාළධජා; සත‍්තරතනමයාසු යට‍්ඨීසු සත‍්තරතනධජා, මජ‍්ඣෙ ඨිතො ධජො තියොජනසතුබ‍්බෙධො අහොසි. ඉති සාලාය නිස‍්සන්‍දෙන යොජනසහස‍්සුබ‍්බෙධො පාසාදො සත‍්තරතනමයොව හුත්‍වා නිබ‍්බත‍්ති, කොවිළාරරුක‍්ඛස‍්ස නිස‍්සන්‍දෙන සමන‍්තා තියොජනසතපරිමණ‍්ඩලො පාරිච‍්ඡත‍්තකො නිබ‍්බත‍්ති, පාසාණඵලකස‍්ස නිස‍්සන්‍දෙන පාරිච‍්ඡත‍්තකමූලෙ දීඝතො සට‍්ඨියොජනා පුථුලතො පණ‍්ණාසයොජනා බහලතො පඤ‍්චදසයොජනා ජයසුමනරත‍්තකම‍්බලවණ‍්ණා පණ‍්ඩුකම‍්බලසිලා නිබ‍්බත‍්ති. තත්‍ථ නිසින‍්නකාලෙ උපඩ‍්ඪකායො පවිසති, උට‍්ඨිතකාලෙ ඌනං පරිපූරති.

දේව අසුරයන් අතර වූ යුද්ධයෙන් අසුරයන් පරාජිතවූ පසු දේවනගර නම් වූ තව්තිසාව යොදුන් ලක්ෂයක් පමණ විශාල විය. එහි පෙරදිග හා අපරදිග අතර ප්‍රමාණය යොදුන් ලක්‍ෂයකි. දකුණු උතුරු දොරටු අතරද එපමණ ම විය. ඒ නගරයෙහි දොරටු දහසකි. මල්වතු හා පොකුණුවලින් සමන්විතය. එහි මැදශාලාවෙහි ඔවුන්ගේ අනුහසින් තුන්යොදුනක් පමණ උස ඇති ධජවලින් යුතු විය. සත්යොදුනක් පමණ උස වෛජයන්ත නම් ප්‍රාසාදයකි. රන්ලීඅග මැණික් ධජද, මැණික්ලීඅග රන්ධජද, පබළුධජද, මුතුලීඅග පබළුධජද, සත්රුවන්ලීඅග සත්රුවන්ධජද වශයෙන් ශාලාව අවට ඔවුන්ගේ අනුහසින් යොදුන් සියයක් උස ප්‍රාසාදය සත්රුවනින්ම නිමවිය. කොබෝලීල රුකක් රෝපණය කළ පිනේ මහිමයෙන් හාත්පස යොදුන් සියයකින් වටවූ පරසතුමදාරාගසක් ඇතිවිය. ගල්පුවරුවක් පිහිටුවීමේ අනුහසින් පරසතුමදාරා රුක්මුල දිගින් සැට යොදුනක්ද, පළලින් පනස් යොදුනක්ද, ඝනත්වයෙන් පසළොස් යොදුනක්ද බඳුවදමල් පැහැඇති පාණ්ඩුකම්බල ශෛලාසනයද පහළ විය. එහි හිඳගත් කල කයින් භාගයක් පමණ යටට එරී යයි. නැගිටි විට එය උඩට අවුත් සම්පූර්ණ වෙයි.

හත්‍ථී පන එරාවණො නාම දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. දෙවලොකස‍්මිඤ‍්හි තිරච‍්ඡානගතා න හොන‍්ති. තස‍්මා සො උය්‍යානකීළාය නික‍්ඛමනකාලෙ අත‍්තභාවං විජහිත්‍වා දියඩ‍්ඪයොජනසතිකො එරාවණො නාම හත්‍ථී අහොසි. සො තෙත‍්තිංසජනානං අත්‍ථාය තෙත‍්තිංස කුම‍්භෙ මාපෙසි ආවට‍්ටෙන තිගාවුතඅඩ‍්ඪයොජනප‍්පමාණෙ, සබ‍්බෙසං මජ‍්ඣෙ සක‍්කස‍්ස අත්‍ථාය සුදස‍්සනං නාම තිංසයොජනිකං කුම‍්භං මාපෙසි. තස‍්ස උපරි ද‍්වාදසයොජනිකො රතනමණ‍්ඩපො හොති. තත්‍ථ අන‍්තරන‍්තරා සත‍්තරතනමයා යොජනුබ‍්බෙධා ධජා උට‍්ඨහන‍්ති. පරියන‍්තෙ කිඞ‍්කිණිකජාලං ඔලම‍්බති. යස‍්ස මන්‍දවාතෙරිතස‍්ස පඤ‍්චඞ‍්ගිකතූරියසද‍්දසංමිස‍්සො දිබ‍්බගීතසද‍්දො විය රවො නිච‍්ඡරති. මණ‍්ඩපමජ‍්ඣෙ සක‍්කස‍්සත්‍ථාය යොජනිකො මණිපල‍්ලඞ‍්කො පඤ‍්ඤත‍්තො හොති, තත්‍ථ සක‍්කො නිසීදි. තෙත‍්තිංස දෙවපුත‍්තා අත‍්තනො කුම‍්භෙ රතනපල‍්ලඞ‍්කෙ නිසීදිංසු. තෙත‍්තිංසාය කුම‍්භානං එකෙකස‍්මිං කුම‍්භෙ සත‍්ත සත‍්ත දන‍්තෙ මාපෙසි. තෙසු එකෙකො පණ‍්ණාසයොජනායාමො, එකෙකස‍්මිඤ‍්චෙත්‍ථ දන‍්තෙ සත‍්ත සත‍්ත පොක‍්ඛරණියො හොන‍්ති, එකෙකාය පොක‍්ඛරණියා සත‍්ත සත‍්ත පදුමිනීගච‍්ඡානි, එකෙකස‍්මිං ගච‍්ඡෙ සත‍්ත සත‍්ත පුප‍්ඵානි හොන‍්ති, එකෙකස‍්මිං පුප‍්ඵෙ සත‍්ත සත‍්ත පත‍්තානි, එකෙකස‍්මිං පත‍්තෙ සත‍්ත සත‍්ත දෙවධීතරො නච‍්චන‍්ති. එවං සමන‍්තා පණ‍්ණාසයොජනඨානෙසු හත්‍ථිදන‍්තෙසුයෙව නටසමජ‍්ජා හොන‍්ති. එවං මහන‍්තං යසං අනුභවන‍්තො සක‍්කො දෙවරාජා විචරති.

ඇතා ඓරාවණ නම් දිව්‍යපුත්‍රයෙක්ව උපන්නේය. දෙව්ලොව තිරිසනුන් නොවන හෙයින්, හෙතෙම උයන් කෙළියට යන කල සිය අත්බව හැර යොදුන් එක්සියපණසක් පමණවූ ඓරාවණ නම් ඇතෙක් වෙයි. ඔහු තෙතිස්දෙනාට තෙතිසක්කුඹු මවාගනී. ඒවා දිගින් ගවුසියයක් පමණ වෙයි. සියලු කුඹු මැද ශක්‍රයා සඳහා සුදර්ශන නම් තිස්යොදුන් පමණ කුඹක් මැවෙයි. ඒ මතුපිට දොළොස් යොදුනක් පමණවූ සත්රුවන්මය යොදුනක් උස ධජ එසවයි. ධජ කෙළවර කිංකිණිදැල් එල්බෙයි. ඒවා මදසුළඟ වැදී පංචාංගිකතුර්ය ශබ්ද හා මිශ්‍රව දිව්‍යමය සංගීත ශබ්ද මෙන් හඬ නිකුත් කෙරෙයි. මණ්ඩපය මැද ශක්‍රයා සඳහා යොදුනක් පමණ වූ මාණික්‍යමය පළඟක් පණවා තිබේ. ශක්‍රයා එහි හිඳගනී. තෙතිස් කුඹුවලින් එක් කුඹක දළ සතක් බැගින් මැවෙයි. එයින් එකක් පනස් යොදුන බැගින් දිගය. ඒ එක් එක් දළයක පොකුණු සත බැගින් වෙයි. හැම පොකුණකම නෙළුම්ගස් සත බැගින් වෙයි. ඒ ගසක් පාසා මල් සත බැගිනි. එක් එක් මලකට පත්‍ර සත බැගින් වේ. ඒ එක් එක් පත්‍රයක දෙව්දූන් සත්දෙනෙක් නටති. මෙසේ හාත්පස පණස්යොදුනක් පමණ තැන ඇත්දළ උඩම නෘත්‍ය සමජ්ජ පැවැත්වේ. ශක්‍රයා මෙසේ මහත්වූ සැපසම්පත් අනුභව කෙළේය.

සුධම‍්මාපි කාලං කත්‍වා ගන‍්ත්‍වා තත්‍ථෙව නිබ‍්බත‍්ති. තස‍්සා සුධම‍්මා නාම නව යොජනසතිකා දෙවසභා නිබ‍්බත‍්ති. තතො රමණීයතරං කිර අඤ‍්ඤං ඨානං නාම නත්‍ථි, මාසස‍්ස අට‍්ඨ දිවසෙ ධම‍්මස‍්සවනං තත්‍ථෙව හොති. යාවජ‍්ජතනා අඤ‍්ඤතරං රමණීයං ඨානං දිස‍්වා, “සුධම‍්මා දෙවසභා වියා”ති වදන‍්ති. නන්‍දාපි කාලං කත්‍වා ගන‍්ත්‍වා තත්‍ථෙව නිබ‍්බත‍්ති, තස‍්සා පඤ‍්චයොජනසතිකා නන්‍දා නාම පොක‍්ඛරණී නිබ‍්බත‍්ති. චිත‍්තාපි කාලං කත්‍වා ගන‍්ත්‍වා තත්‍ථෙව නිබ‍්බත‍්ති, තස‍්සාපි පඤ‍්චයොජනසතිකං චිත‍්තලතාවනං නාම නිබ‍්බත‍්ති, තත්‍ථ උප‍්පන‍්නපුබ‍්බනිමිත‍්තෙ දෙවපුත‍්තෙ නෙත්‍වා මොහයමානා විචරන‍්ති. සුජා පන කාලං කත්‍වා එකිස‍්සා ගිරිකන්‍දරාය එකා බකසකුණිකා හුත්‍වා නිබ‍්බත‍්ති.

සුධර්මාද කළුරිය කොට ගොස් එහිම උපන්නීය. ඈට සුධර්මා නමින් නවයොදුන් පමණ වූ දිව්‍ය සභාවක් විය. ඊට වඩා රමණීයකර වෙනත් තැනක් නම් නැත. මාසයේ අට දිනක් දහම් ඇසීම එහිම සිදුවිය. අද පවා රමණීය තැනක් දුටු විට හරියට සුධර්මා නම් දිව්‍ය සභාව මෙනැයි කියති. නන්දාද කළුරිය කොට ඒ දෙව්ලොවම උපන්නීය. ඈට පස්යොදුන් පමණ වූ නන්දා නම් පොකුණක් විය. චිත්‍රාද කළුරිය කොට ගොස් ඒ දෙව්ලොවම උපන්නීය. ඈට ද යොදුන් පන්සීයක් පමණ වූ චිත්‍රලතාවන නමින් තැනක් පහළ විය. ඉපදීමට පූර්වනිමිති සොයන දෙවිවරු එහි පමුණුවා මෝහයෙන් හැසිරෙත්. සුජාතාව කළුරිය කොට එක්කඳුරැලියක කෙකිණියකව උපන්නීය.

සක‍්කො අත‍්තනො පරිචාරිකා ඔලොකෙන‍්තො “සුධම‍්මා ඉධෙව නිබ‍්බත‍්තා, තථා නන්‍දා ච චිත‍්තා ච, සුජා නු ඛො කුහිං නිබ‍්බත‍්තා”ති චින‍්තෙන‍්තො තං තත්‍ථ නිබ‍්බත‍්තං දිස‍්වා, “බාලා කිඤ‍්චි පුඤ‍්ඤං අකත්‍වා ඉදානි තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තා, ඉදානි පන තං පුඤ‍්ඤං කාරෙත්‍වා ඉධානෙතුං වට‍්ටතී”ති අත‍්තභාවං විජහිත්‍වා අඤ‍්ඤාතකවෙසෙන තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා, “කිං කරොන‍්තී ඉධ විචරසී”ති පුච‍්ඡි. “කො පන ත්‍වං, සාමී”ති? “අහං තෙ සාමිකො මඝො”ති. “කුහිං නිබ‍්බත‍්තොසි, සාමී”ති? “අහං තාවතිංසදෙවලොකෙ නිබ‍්බත‍්තො”. “තව සහායිකානං පන නිබ‍්බත‍්තට‍්ඨානං ජානාසී”ති? “න ජානාමි, සාමී”ති. “තාපි මමෙව සන‍්තිකෙ නිබ‍්බත‍්තා, පස‍්සිස‍්සසි තා සහායිකා”ති. “කථාහං තත්‍ථ ගමිස‍්සාමී”ති? සක‍්කො “අහං තං තත්‍ථ නෙස‍්සාමී”ති වත්‍වා හත්‍ථතලෙ ඨපෙත්‍වා දෙවලොකං නෙත්‍වා නන්‍දාය පොක‍්ඛරණියා තීරෙ විස‍්සජ‍්ජෙත්‍වා ඉතරාසං තිස‍්සන‍්නං ආරොචෙසි – “තුම‍්හාකං සහායිකං සුජං පස‍්සිස‍්සථා”ති. “කුහිං සා, දෙවා”ති ? “නන්‍දාය පොක‍්ඛරණියා තීරෙ ඨිතා”ති ආහ. තා තිස‍්සොපි ගන‍්ත්‍වා, “අහො අය්‍යාය එවරූපං අත‍්තභාවමණ‍්ඩනස‍්ස ඵලං, ඉදානිස‍්සා තුණ‍්ඩං පස‍්සථ, පාදෙ පස‍්සථ, ජඞ‍්ඝා පස‍්සථ, සොභති වතස‍්සා අත‍්තභාවො”ති කෙළිං කත්‍වා පක‍්කමිංසු.

ශක්‍රයා තමන්ගේ අඹුවන් ගැන සලකා බලන විට, සුධර්මා මෙහිම උපන්නාය. නන්දා චිත්‍රා යන අයද එසේමය. සුජාතා කොහි උපන්නීදැයි බලන්නේ ඈ උපන් තැන දැක මේ බාලතැනැත්තිය කිසි පින්කමක් නොකර තිරිසන් යෝනියක උපන්නීය. දැන් හෝ පිනක් කරවා මෙහි ගෙන ඒම සුදුසු යයි සිතා සිය අත්බැව හැර දමා වෙනත් වෙසකින් ඈ සමීපයට ගොස්, කුමක් කරන්ට මෙහි ඇවිදින්නේදැයි ඇසීය. ස්වාමීනි, ඔබ කවරෙක්ද? මම ඔබේ සැමියා වූ මඝ යයි කීවේය. ස්වාමීනි, ඔබ උපන්නේ කොහිද? මම තව්තිසාවේ උපනිමි. තිගේ සහායිකාවන් උපන් තැන දන්නෙහිදැයි විචාළ කල නොදනිමියි කීවාය. ඔවුහුද මා සමීපයෙහිම උපන්නාහුය. ඔවුන් දකිනු කැමතිද, ස්වාමීනි, මම කෙසේ එහි යන්නෙම්ද, ශක්‍රයා මම ඔබ එහි ගෙන යන්නෙමියි කියා කෙකිණිය අතින් ගෙන දෙව්ලොවට ගොස් නන්දාගේ පොකුණ ළඟ අතහැර දමා අනිත් තිදෙනාට දන්වා යැවීය. ඔබලාගේ සහායිකා සුජාතා දකිනු කැමැත්තහුද? දේවයන් වහන්ස, ඈ කොහිද? නන්දා පොකුණු තීරයෙහිය. ඒ තිදෙනාම ගොස් අහෝ, ආර්යාව, මෙයද ආත්මභාවය සැරසීමේ ඵලය? දැන් මැගේ හොට බලව. පා බලව. කෙණ්ඩා බලව. මැගේ ආත්මභාවය හොබීද යනුවෙන් කෙළිකවටකම් කොට ගියාහුය.

පුන සක‍්කො තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා, “දිට‍්ඨා තෙ සහායිකා”ති වත්‍වා “දිට‍්ඨා මං උප‍්පණ‍්ඩෙත්‍වා ගතා, තත්‍ථෙව මං නෙහී”ති වුත‍්තෙ තං තත්‍ථෙව නෙත්‍වා උදකෙ විස‍්සජ‍්ජෙත්‍වා, “දිට‍්ඨා තෙ තාසං සම‍්පත‍්තී”ති පුච‍්ඡි. “දිට‍්ඨා, දෙවා”ති? “තයාපි තත්‍ථ නිබ‍්බත‍්තනූපායං කාතුං වට‍්ටතී”ති. “කිං කරොමි, දෙවා”ති? “මයා දින‍්නං ඔවාදං රක‍්ඛිස‍්සසී”ති. “රක‍්ඛිස‍්සාමි, දෙවා”ති. අථස‍්සා පඤ‍්ච සීලානි දත්‍වා, “අප‍්පමත‍්තා රක‍්ඛාහී”ති වත්‍වා පක‍්කාමි.

ඉන්පසු ශක්‍රයා ඈ ළඟට විත් ඔබේ සහායිකාවන් දුටුවේදැයි ඇසූ විට දුටිමි ස්වාමීනි, ඔවුහු මට අවමන් කොට ගියාහයි කීවාය. ස්වාමීනි, මා සිටි තැනටම ගෙන යන්නැයි කී කල්හි ඈ එහිම ගෙන ගොස් දියටදමා තී ඔවුන්ගේ සැප සම්පත් දැක්කාදැයි විචාළේය. ස්වාමීනි, දිටිමි, ඔබත් එහි ඉපදීම පිණිස කිසියම් උපායක් කළ යුතු යයි කීවේය. ස්වාමීනි, මා කුමක් කරම්ද? මා දෙන අවවාද පිළිපදින්නෙහිද? එසේය පිළිපදින්නෙමි දේවයන් වහන්ස. ඉන්පසු ඈට පන්සිල් දී නොපමාව සිල් රකින්නැයි කියා ගියේය.

සා තතො පට‍්ඨාය සයංමතමච‍්ඡකෙයෙව පරියෙසිත්‍වා ඛාදති. සක‍්කො කතිපාහච‍්චයෙන තස‍්සා වීමංසනත්‍ථාය ගන‍්ත්‍වා, වාලුකාපිට‍්ඨෙ මතමච‍්ඡකො විය හුත්‍වා උත‍්තානො නිපජ‍්ජි. සා තං දිස‍්වා “මතමච‍්ඡකො”ති සඤ‍්ඤාය අග‍්ගහෙසි. මච‍්ඡො ගිලනකාලෙ නඞ‍්ගුට‍්ඨං චාලෙසි. සා “සජීවමච‍්ඡකො”ති උදකෙ විස‍්සජ‍්ජෙසි. සො ථොකං වීතිනාමෙත්‍වා පුන තස‍්සා පුරතො උත‍්තානො හුත්‍වා නිපජ‍්ජි. පුන සා “මතමච‍්ඡකො”ති සඤ‍්ඤාය ගහෙත්‍වා ගිලනකාලෙ අග‍්ගනඞ‍්ගුට‍්ඨං චාලෙසි. තං දිස‍්වා “සජීවමච‍්ඡො”ති විස‍්සජ‍්ජෙසි. එවං තික‍්ඛත‍්තුං වීමංසිත්‍වා “සාධුකං සීලං රක‍්ඛතී”ති අත‍්තානං ජානාපෙත්‍වා “අහං තව වීමංසනත්‍ථාය ආගතො, සාධුකං සීලං රක‍්ඛසි, එවං රක‍්ඛමානා න චිරස‍්සෙව මම සන‍්තිකෙ නිබ‍්බත‍්තිස‍්සසි, අප‍්පමත‍්තා හොහී”ති වත්‍වා පක‍්කාමි.

ඕතොමෝ එතැන් පටන් මියගිය මාලුවන්ම සොයා කයි. ශක්‍රයා කීපදිනකින් ඈ විමසනු පිණිස එහිගොස් වැල්ල මතුපිට මළ මසකු මෙන් වී සිටියේය. ඈ ඒ දැක මළමසෙකි යන හැඟීමෙන් ඩැහැගත්තාය. මාලුවා ගිලින වේලාවෙහි නගුට සෙලවීය. ඈ මෙහි ජීවී මසෙකියි සිතා වතුරෙහි දැමුවාය. හෙතෙම ටිකක් දුර ගොස් නැවතත් ඇගේ ඉදිරියෙහි අඩුකුරුව පෙරළී සිටියේය. නැවත ඈ මළ මසකු යයි සිතා ඌ රැගෙන ගිලින කල්හි නගුටු අග සෙලවීය. ඒ දැක මේ ජීවී මසෙකියි සිතා මුදා හැරියාය. මෙසේ තෙවරක්ම විමසා මැනවින් සිල් රකින්නීයයි තමන් හඳුන්වා මම තී විමසනු පිණිස ආවෙමි. තී මැනවින් සිල් රකින්නෙහිය. මෙසේ සිල් රැකීමෙන් නොබොහෝ කලකින්ම මා සමීපයෙහි උපදින්නෙහිය, නොපමා වනු යයි කියා ගියේය.

සා තතො පට‍්ඨාය පන සයංමතමච‍්ඡං ලභති වා, න වා. අලභමානා කතිපාහච‍්චයෙනෙව සුස‍්සිත්‍වා කාලං කත්‍වා තස‍්ස සීලස‍්ස ඵලෙන බාරාණසියං කුම‍්භකාරස‍්ස ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. අථස‍්සා පන‍්නරසසොළසවස‍්සුද‍්දෙසිකකාලෙ සක‍්කො “කුහිං නු ඛො සා නිබ‍්බත‍්තා”ති ආවජ‍්ජෙන‍්තො දිස‍්වා, “ඉදානි මයා තත්‍ථ ගන‍්තුං වට‍්ටතී”ති එළාලුකවණ‍්ණෙන පඤ‍්ඤායමානෙහි සත‍්තහි රතනෙහි යානකං පූරෙත්‍වා තං පාජෙන‍්තො බාරාණසිං පවිසිත්‍වා, “අම‍්මතාතා, එළාලුකානි ගණ‍්හථ ගණ‍්හථා”ති උග‍්ඝොසෙන‍්තො වීථිං පටිපජ‍්ජි. මුග‍්ගමාසාදීනි ගහෙත්‍වා ආගතෙ පන “මූලෙන න දෙමී”ති වත්‍වා, “කථං දෙසී”ති වුත‍්තෙ, “සීලරක‍්ඛිකාය ඉත්‍ථියා දම‍්මී”ති ආහ.

ඈ එතැන් පටන් ඇතැම් විට තමාම මළමසුන් ලබයි. ඇතැම් විට නොලබයි. මෙසේ කීපදිනකින්ම වියළීගොස් කළුරිය කොට ඒ සීලයේ ඵල වශයෙන් බරණැස කුඹලාගේ දුවණියකව උපන්නීය. ඇගේ දොළොස් වැනි පසළොස් වැනි වයස් කාලයෙහි, ශක්‍රතෙමේ ඈ කොහි උපන්නීදැයි විමසා බලා ඈ සිටි තැන දැක දැන් මා එහි යායුතුයයි සිතා කැකිරිගෙඩි මෙන් පෙනෙන සේ සප්තරත්නයන්ගෙන් ගුළි තනා රථ පුරවාගෙන දක්කාගෙන අවුත් බරණැසට පිවිස කැකිරි ගනුවයි කෑගසමින් වීථියට පැමිණියේය. මුං මෑ ආදිය රැගෙන ආ අය ඇසූ විට මිලට නොදෙමියි කීවට දෙන්නේ කෙසේදැයි ඇසූ කල සිල්රකින ස්ත්‍රියකට දෙමියි කීය.

“සීලං නාම, සාමි, කීදිසං, කිං කාළං, උදාහු නීලාදිවණ‍්ණ”න‍්ති? “තුම‍්හෙ ‘සීලං කීදිස’න‍්තිපි න ජානාථ, කිමෙව නං රක‍්ඛිස‍්සථ, සීලරක‍්ඛිකාය පන දස‍්සාමී”ති. “සාමි, එසා කුම‍්භකාරස‍්ස ධීතා ‘සීලං රක‍්ඛාමී’ති විචරති, එතිස‍්සා දෙහී”ති. සාපි නං “තෙන හි මය‍්හං දෙහි, සාමී”ති ආහ. “කාසි ත්‍ව”න‍්ති? “අහං අවිජහිතපඤ‍්චසීලා”ති. “තුය‍්හමෙවෙතානි මයා ආනීතානී”ති යානකං පාජෙන‍්තො තස‍්සා ඝරං ගන‍්ත්‍වා අඤ‍්ඤෙහි අනාහරියං කත්‍වා එළාලුකවණ‍්ණෙන දෙවදත‍්තියං ධනං දත්‍වා අත‍්තානං ජානාපෙත්‍වා, “ඉදං තෙ ජීවිතවුත‍්තියා ධනං, පඤ‍්චසීලානි අඛණ‍්ඩාදීනි කත්‍වා රක‍්ඛාහී”ති වත්‍වා පක‍්කාමි.

ස්වාමීනි, සීලය කෙබඳුද? කළුපාටද නැතහොත් නිල්පාටදැයි ඇසූහ. තෙපි සීලය කෙබඳුද යන්නවත් නොදන්නහුය. ඉතින් සිල් රකින්නේ කෙසේද, කෙසේ වුවත් සිල් රකින්නියකට දෙමියි කීය. හිමියනි මේ කුඹලාගේ දුව සිල් රකිමියි කියමින් ඇවිදිය. ඈ දෙවයි කී විට, ඈ ද එසේ නම් හිමියනි මට දෙවයි ඉල්ලුවාය. තී කවර තැනැත්තියකදැයි ඇසීය. මම පන්සිල් අත්නොහළ එකියක්මියයි පැවසූ කල, මේ සියල්ල මම ඔබටම ගෙනාවෙමියි ගැල් පදවා ඇගේ ගෙට ගොස්, අන්‍යයෙකුට ගත නොහැකි කොට කැකිරි මෙන් පෙනෙන දෙවියන් විසින් දුන් ධනය දී තමන් හඳුන්වා දී මේ ඔබේ ජීවිකාවෘත්තිය ධනයයි, පන්සිල් නොකඩ කොට රකුවයි කියා ගියේය.

සාපි තතො චවිත්‍වා අසුරභවනෙ අසුරජෙට‍්ඨකස‍්ස ධීතා හුත්‍වා සක‍්කස‍්ස වෙරිඝරෙ නිබ‍්බත‍්ති. ද‍්වීසු පන අත‍්තභාවෙසු සීලස‍්ස සුරක‍්ඛිතත‍්තා අභිරූපා අහොසි සුවණ‍්ණවණ‍්ණා අසාධාරණාය රූපසිරියා සමන‍්නාගතා.

ඈ ද එයින් චුතව ගොස් අසුරභවනයෙහි ප්‍රධාන අසුරයාගේ දුව වී ශක්‍රයාගේ හතුරාගේ ගෙදර උපන්නාය. ආත්මභාව දෙකක් සිල්රැකි නිසා රන්වන් වූ අසාධාරණ රූසපුවකින් හෙබි අභිරූපිකාවක් වූවාය.

වෙපචිත‍්තිඅසුරින්‍දො ආගතාගතානං අසුරානං “තුම‍්හෙ මම ධීතු අනුච‍්ඡවිකා න හොථා”ති තං කස‍්සචි අදත්‍වා, “මම ධීතා අත‍්තනාව අත‍්තනො අනුච‍්ඡවිකං සාමිකං ගහෙස‍්සතී”ති අසුරබලං සන‍්නිපාතාපෙත්‍වා, “තුය‍්හං අනුච‍්ඡවිකං සාමිකං ගණ‍්හා”ති තස‍්සා, හත්‍ථෙ පුප‍්ඵදාමං අදාසි. තස‍්මිං ඛණෙ සක‍්කො තස‍්සා නිබ‍්බත‍්තට‍්ඨානං ඔලොකෙන‍්තො තං පවත‍්තිං ඤත්‍වා, “ඉදානි මයා ගන‍්ත්‍වා තං ආනෙතුං වට‍්ටතී”ති මහල‍්ලකඅසුරවණ‍්ණං නිම‍්මිනිත්‍වා ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ අට‍්ඨාසි. සාපි ඉතො චිතො ච ඔලොකෙන‍්තී තං දිට‍්ඨමත‍්තාව පුබ‍්බසන‍්නිවාසවසෙන උප‍්පන‍්නෙන පෙමෙන මහොඝෙනෙව අජ‍්ඣොත්‍ථටහදයා හුත්‍වා, “එසො මෙ සාමිකො”ති තස‍්ස උපරි පුප‍්ඵදාමං ඛිපි.

වේපචිත්ති අසුරිඳු ආ ආ අසුරයන්ට තෙපි මගේ දුවණියට සුදුස්සෝ නොවෙත් යයි කියයි. ඈ කිසිවකුටත් පාවා නොදී මගේ දුව තමාම තමන්ට සුදුසු ස්වාමියකු තෝරා ගන්නීයයි අසුරහමුදාව රැස් කරවා ඔබට සුදුසු සැමියකු තෝරා ගන්නැයි ඇගේ අතට මාලාදාමයක් දුන්නේය. එකෙණෙහි සක්දෙව්රජ ඈ උපන් තැන සොයා බලන්නේ එහි සදුවන දේ දැන දැන් මා ගොස් ඈ ගෙනආයුතුයයි මහලු අසුරවෙසක් මවාගෙන ගොස් පිරිස් කෙළවර සිටියේය. ඈ ඔබ මොබ බලා පෙර සහවාසය නිසා උපන් ප්‍රේමයෙන් මහාමේඝයක් එක් අතකට වැටුණාසේ වී මේ මාගේ සැමියායයි ඔහු මත මාලාදාමය දැමීය.

අසුරා “අම‍්හාකං රාජා එත‍්තකං කාලං ධීතු අනුච‍්ඡවිකං අලභිත්‍වා ඉදානි ලභි, අයමෙවස‍්ස ධීතු පිතාමහතො මහල‍්ලකො අනුච‍්ඡවිකො”ති ලජ‍්ජමානා අපක‍්කමිංසු. සක‍්කොපි තං හත්‍ථෙ ගහෙත්‍වා “සක‍්කොහමස‍්මී”ති නදිත්‍වා ආකාසෙ පක‍්ඛන්‍දි. අසුරා “වඤ‍්චිතම‍්හා ජරසක‍්කෙනා”ති තං අනුබන්‍ධිංසු. මාතලි, සඞ‍්ගාහකො වෙජයන‍්තරථං ආහරිත්‍වා අන‍්තරාමග‍්ගෙ අට‍්ඨාසි. සක‍්කො තං තත්‍ථ ආරොපෙත්‍වා දෙවනගරාභිමුඛො පායාසි. අථස‍්ස සිප‍්පලිවනං සම‍්පත‍්තකාලෙ රථසද‍්දං සුත්‍වා භීතා ගරුළපොතකා විරවිංසු. තෙසං සද‍්දං සුත්‍වා සක‍්කො මාතලිං පුච‍්ඡි – “කෙ එතෙ විරවන‍්තී”ති? “ගරුළපොතකා, දෙවා”ති. “කිං කාරණා”ති? “රථසද‍්දං සුත්‍වා මරණභයෙනා”ති. “මං එකං නිස‍්සාය එත‍්තකො දිජො රථවෙගෙන විචුණ‍්ණිතො මා නස‍්සි, නිවත‍්තෙහි රථ”න‍්ති. සොපි සින්‍ධවසහස‍්සස‍්ස දණ‍්ඩකසඤ‍්ඤං දත්‍වා රථං නිවත‍්තෙසි. තං දිස‍්වා අසුරා “ජරසක‍්කො අසුරපුරතො පට‍්ඨාය පලායන‍්තො ඉදානි රථං නිවත‍්තෙසි, අද‍්ධා තෙන උපත්‍ථම‍්භො ලද‍්ධො භවිස‍්සතී”ති නිවත‍්තෙත්‍වා ආගමනමග‍්ගෙනෙව අසුරපුරං පවිසිත්‍වා පුන සීසං න උක‍්ඛිපිංසු.

අසුරයෝ අපේ රජතුමා මෙතෙක් කල් දුවට සුදුස්සකු නොලැබ සිට දැන් ලැබුණේය. මොහු නම් දුවණියක් මුත්තාටත් වඩා මහල්ලෙක. එනිසා සුදුසුයයි ලජ්ජාවෙන් ඉවත ගියහ. ශක්‍රයාත් ඈ අතින් ගෙන මම ශක්‍රයායි කෑගසා අහසට පැනනැංගේය. අසුරයෝ, මේ මහලු ශක්‍රයා විසින් අප රවටනලදැයි ඔහු ලුහුබැන්දාහ. මාතලී දිව්‍යපුත්‍රසහායකයා වෛජයන්ත රථය ගෙනවුත් අතරමග සිටියේය. ශක්‍රයා ඈ ඒ මත නංවාගෙන දිව්‍යනගරාභිමුඛව ගියේය. සිම්බලී වනයට ඔහු සැපත් කල්හි රියහඬ ඇසූ ගුරුළුපැටව් කෑගසන්නට වූහ. ඔවුන්ගේ හඬ ඇසූ ශක්‍රයා, මේ හඬන්නේ කවුරුන්දැයි මාතලීගෙන් ඇසීය. දේවයිනි, ඒ ගුරුළුපෝතකයෝයයි හෝ කීය. කුමක් නිසා හඬත් ද? රථශබ්දයෙන් මරණ භයින් භීතව හඬතියි ඔහු කීය. එක් අයකු නිසා මෙපමණ පිරිසක් රියවේගයෙන් මිරිකී නොනැසේවා. රථය නවත්වන්නැයි කීය. ඔහු සෛන්ධවයන් දහසට කෙවිටි සංඥාව දී රථය නැවැත්වීය. ඒ දුටු අසුරයෝ මහලු ශක්‍රයා අසුරපුරයෙන් පලා යන්නේ දැන් රථය නැවැත්වීය. ඒකාන්තයෙන් මොහු සුරයන්ගේ උදව් ලැබීයයි නැවතී ආමගින්ම අසුර පුරයට පිවිසී නැවත හිස ඔසවා නොබැලූහ.

සක‍්කොපි සුජං අසුරකඤ‍්ඤං දෙවනගරං නෙත්‍වා අඩ‍්ඪතෙය්‍යානං අච‍්ඡරාකොටීනං ජෙට‍්ඨිකට‍්ඨානෙ ඨපෙසි. සා සක‍්කං වරං යාචි – “මහාරාජ, මම ඉමස‍්මිං දෙවලොකෙ මාතාපිතරො වා භාතිකභගිනියො වා නත්‍ථි, යත්‍ථ යත්‍ථ ගච‍්ඡසි, තත්‍ථ තත්‍ථ මං ගහෙත්‍වාව ගච‍්ඡෙය්‍යාසී”ති. සො “සාධූ”ති තස‍්සා පටිඤ‍්ඤං අදාසි. තතො පට‍්ඨාය චිත‍්තපාටලියා පුප‍්ඵිතාය අසුරා “අම‍්හාකං නිබ‍්බත‍්තට‍්ඨානෙ දිබ‍්බපාරිච‍්ඡත‍්තකස‍්ස පුප‍්ඵනකාලො”ති යුද‍්ධත්‍ථාය සග‍්ගං අභිරුහන‍්ති. සක‍්කො හෙට‍්ඨාසමුද‍්දෙ නාගානං ආරක‍්ඛං අදාසි, තතො සුපණ‍්ණානං, තතො කුම‍්භණ‍්ඩානං, තතො යක‍්ඛානං. තතො චතුන‍්නං මහාරාජානං. සබ‍්බූපරි පන උපද‍්දවනිවත‍්තනත්‍ථාය දෙවනගරද‍්වාරෙසු වජිරහත්‍ථා ඉන්‍දපටිමා ඨපෙසි. අසුරා නාගාදයො ජිනිත්‍වා ආගතාපි ඉන්‍දපටිමා දූරතො දිස‍්වා “සක‍්කො නික‍්ඛන‍්තො”ති පලායන‍්ති. එවං, මහාලි, මඝො මාණවො අප‍්පමාදපටිපදං පටිපජ‍්ජි. එවං අප‍්පමත‍්තො පනෙස එවරූපං ඉස‍්සරියං පත්‍වා ද‍්වීසු දෙවලොකෙසු රජ‍්ජං කාරෙසි. අප‍්පමාදො නාමෙස බුද‍්ධාදීහි පසත්‍ථො. අප‍්පමාදඤ‍්හි නිස‍්සාය සබ‍්බෙසම‍්පි ලොකියලොකුත‍්තරානං විසෙසානං අධිගමො හොතීති වත්‍වා ඉමං ගාථමාහ –

ශක්‍රයාද සුජාඅසුර කන්‍යාව දේවනගරයට ගෙන ගොස් අඩුතුන්කෙළක් දෙවඟනන්ට නායක ස්ථානයෙහි තැබීය. ඈ ශක්‍රයාගෙන් වරයක් ඉල්ලුවාය. මහරජතුමනි, මට මේ දිව්‍යලෝකයෙහි මවුපියන් හෝ සොහොයුරු සොහොයුරියන් හෝ නැත. යම් තැනක ඔබ යන්නේ නම් ඒ හැම තැනටම මාද රැගෙන ගිය මැනවි යනු ඒ වරයයි. ඔහු ද මැනවැයි ඈට ප්‍රතිඥා දුන්නේය. ඉන්පසු අසුරභවනයෙහි චිත්‍රපාටලීමල් පිපෙන්ට වූ නිසා, අපගේ දිව්‍යමය මදාරාගස මල් පිපෙන කලැ අසුරයෝ සටනට නික්මෙති. ශක්‍රයාද මුහුද යටින් නාගයන් ආරක්ෂාව සඳහා යෙදුවේය. ඉන් උඩ ගුරුළන් කුම්භාණ්ඩයන් යක්ෂයන් හා එයිනුත් උඩ සතරවරම් දෙවියන්ද දේවනගරයෙහි සියලු දොරටුවල වජ්‍රායුධය අතින්ගත් ශක්‍රප්‍රතිමාද කරවීය. අසුරයෝ නාගාදීන් සිඳ දමා පැමිණි නමුත් ශක්‍රප්‍රතිමා දැක ශක්‍රයා එන්නේයයි පලායත්. මහාලිය, මඝමානවක මේ අයුරින් අප්‍රමාද ප්‍රතිපදාවට පැමිණියේය. මෙසේ අප්‍රමාදයෙන් මොහු මෙවන් ඉසුරුමත් බවට පැමිණ දෙව්ලොව රාජ්‍යය කෙළේය. මේ අප්‍රමාදය වූකලි බුද්ධාදීන් විසින් ප්‍රශස්තය. අප්‍රමාදය නිසා සියලු ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමය (පැමිණීම) වන්නේයයි මේ ගාථාවද වදාළහ.

“අප‍්පමාදෙන මඝවා, දෙවානං සෙට‍්ඨතං ගතො; අප‍්පමාදං පසංසන‍්ති, පමාදො ගරහිතො සදා”ති.

මඝ නම් මානවක නොපමාව වැඩ කරමින් දෙවියන් අතර දෙටු වී මහසත් සැපතක් ලද්දේ නොපමාව පැසසුමකි පමාබව ගැරහුමට ලක් වේ

තත්‍ථ අප‍්පමාදෙනාති මචලගාමෙ භූමිප‍්පදෙසසොධනං ආදිං කත්‍වා කතෙන අප‍්පමාදෙන. මඝවාති ඉදානි “මඝවා”තිපඤ‍්ඤාතො මඝො මාණවො ද‍්වින‍්නං දෙවලොකානං රාජභාවෙන දෙවානං සෙට‍්ඨතං ගතො. පසංසන‍්තීති බුද‍්ධාදයො පණ‍්ඩිතා අප‍්පමාදමෙව ථොමෙන‍්ති වණ‍්ණයන‍්ති. කිං කාරණා? සබ‍්බෙසං ලොකියලොකුත‍්තරානං විසෙසානං පටිලාභකාරණත‍්තා. පමාදො ගරහිතො සදාති පමාදො පන තෙහි අරියෙහි නිච‍්චං ගරහිතො නින්‍දිතො. කිං කාරණා? සබ‍්බවිපත‍්තීනං මූලභාවතො. මනුස‍්සදොභග‍්ගං වා හි අපායුප‍්පත‍්ති වා සබ‍්බා පමාදමූලිකායෙවාති.

එහි අප්පමාදෙන යනු මචලග්‍රාමයෙහි බිම්පෙදෙස් පවිත්‍රකිරීම් ආදි වශයෙන් කරන ලද අප්‍රමාදයයි. මඝවා යනු දැන් මඝවා යනුවෙන් හැඳින්වෙන මඝමානවක තෙමේ දෙව්ලොවට රජු බැවින් දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පැමිණියේය. පසංසන්ති යනු බුද්ධාදි නුවණැත්තෝ අප්‍රමාදයම ස්තුති මුඛයෙන් කථා කෙරෙත්, වර්ණනය කෙරෙත්, කිනම් කරුණක් නිසාද? සියලු ලෞකික ලෝකෝත්තර විශේෂ අවබෝධයන්ට එය කරුණු වන හෙයිනි. පමාදො ගරහිතො සදා යනු ප්‍රමාදය වනාහි ඒ ආර්යයන් විසින් නිරන්තරයෙන් ම ගර්හාවට නින්දාවට භාජනය කරන ලදහ. කුමක් නිසාද? එය සියලු විපත්වලට මුල්වන හෙයිනි. පහත් මිනිසත්කමක් හෝ අපායක ඉපදීමක් වැනි සියල්ල ප්‍රමාදය මුල්කොටම සිදුවේ.

ගාථාපරියොසානෙ මහාලි ලිච‍්ඡවී සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි බහූ සොතාපන‍්නාදයො ජාතාති.

ගාථා කෙළවර මහාලි ලිච්ඡවි සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි පිරිසද සෝවාන්ආදී තත්ත්වවලට පැමිණියාහ.

මඝවත්‍ථු සත‍්තමං.

සත්වන මහාලිප්‍රශ්න වස්තුවයි.