යෙදුමෙන් කියවන්න

11. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

11. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු

11. එක්තරා භික්ෂුවකගේ වස්තුව

අප‍්පමාදරතො භික‍්ඛූති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

අප්පමාදරතො භික්ඛු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන කාලයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි.

සො කිර සත්‍ථු සන‍්තිකෙ යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො අරහත‍්තං පත‍්තුං නාසක‍්ඛි. සො “විසෙසෙත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙස‍්සාමී”ති තතො නික‍්ඛමිත්‍වා සත්‍ථු සන‍්තිකං ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ මහන‍්තං දාවග‍්ගිං උට‍්ඨිතං දිස‍්වා වෙගෙන එකං මුණ‍්ඩපබ‍්බතමත්‍ථකං අභිරුය‍්හ නිසින‍්නො අරඤ‍්ඤං ඩය‍්හමානං අග‍්ගිං දිස‍්වා ආරම‍්මණං ගණ‍්හි –

ඒ භික්ෂුව බුදුරදුන් හමුවෙහි රහත්බව දක්වා කමටහන් අසාගෙන වනයට ගොස් යත්නදරා වෑයම් කළ නමුත් රහත් වීමට නොහැකි විය. හෙතෙම විශේෂයෙන් අවුල් හැරගෙන කමටහන් කියවා ගනිමියි වනයෙන් නික්මී බුදුරදුන් හමුවට එන අතරමග මහත්සේ නැගුණු ලැව්ගින්නක් දැක වේගයෙන් දුවගොස් ගස්කොළන් නැති මුඩු පර්වතයකට නැග දැවෙන කැලය දෙස බලා එහි අරමුණ සිතට නගා ගත්තේය.

“යථා අයං අග‍්ගි මහන‍්තානි ච ඛුද‍්දකානි ච උපාදානානි ඩහන‍්තො ගච‍්ඡති, එවං අරියමග‍්ගඤාණග‍්ගිනාපි මහන‍්තානි ච ඛුද‍්දකානි ච සංයොජනානි ඩහන‍්තෙන ගන‍්තබ‍්බං භවිස‍්සතී”ති. සත්‍ථා ගන්‍ධකුටියං නිසින‍්නොව තස‍්ස චිත‍්තාචාරං ඤත්‍වා, “එවමෙව, භික‍්ඛු, මහන‍්තානිපි ඛුද‍්දකානිපි උපාදානානි විය ඉමෙසං සත‍්තානං අබ‍්භන‍්තරෙ උප‍්පජ‍්ජමානානි අණුංථූලානි සංයොජනානි, තානි ඤාණග‍්ගිනා ඣාපෙත්‍වා අභබ‍්බුප‍්පත‍්තිකානි කාතුං වට‍්ටතී”ති වත්‍වා ඔභාසං විස‍්සජ‍්ජෙත්‍වා තස‍්ස භික‍්ඛුනො අභිමුඛෙ නිසින‍්නො විය පඤ‍්ඤායමානො ඉමං ඔභාසගාථමාහ –

ඒ මෙසේය. මේ ගින්න මහත්වූත් කුඩාවූත් ගස්කොළන් ආදි සියල්ල දවමින් යයි. මෙසේ ආර්යමාර්ගඥාන ගින්නෙනුත් සන්තානගත, ලොකු කුඩා සංයොජනයන් දවමින් යායුතු වන්නේය. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩ හිඳිමින්ම ඒ භික්ෂුවගේ සිත්හසර දැනගෙන මහණ එහෙමමයි, එහෙමමයි. කැලයේ ලොකුකුඩා ගස්කොළන් මෙන් මේ සත්වයන්ගේ අභ්‍යන්තරයෙහි උපදින්නා වූ ලොකුකුඩා සංයෝජන (කාමාදිය) ඒ අර්හත්මාර්ගඥාන ගින්නෙන් දවා නැවත ඉපදීමට ඉඩ නොදියයුතුයයි වදාරා ආලෝකයක් විහිදුවා තමන්වහන්සේ ඒ භික්ෂුව ඉදිරිපිට සිටින්නාක්සේ පෙන්වා මේ ගාථාව වදාළසේක.

“අප‍්පමාදරතො භික‍්ඛු, පමාදෙ භයදස‍්සි වා; සංයොජනං අණුං ථූලං, ඩහං අග‍්ගීව ගච‍්ඡතී”ති.

නොපමා බවෙහි ඇළී පමාවෙහි බිය දකින මහණ තෙම ලොකු කුඩා සංයෝජනයන් ගින්නෙන් මෙන් දවා ඉදිරියට යයි

තත්‍ථ අප‍්පමාදරතොති අප‍්පමාදෙ රතො අභිරතො, අප‍්පමාදෙන වීතිනාමෙන‍්තොති අත්‍ථො. පමාදෙ භයදස‍්සි වාති නිරයුප‍්පත‍්තිආදිකං පමාදෙ භයං භයතො පස‍්සන‍්තො, තාසං වා උප‍්පත‍්තීනං මූලත‍්තා පමාදං භයතො පස‍්සන‍්තො. සංයොජනන‍්ති වට‍්ටදුක‍්ඛෙන සද‍්ධිං යොජනං බන්‍ධනං පජානං වට‍්ටෙ ඔසීදාපනසමත්‍ථං දසවිධං සංයොජනං. අණුං ථූලන‍්ති මහන‍්තඤ‍්ච ඛුද‍්දකඤ‍්ච. ඩහං අග‍්ගීව ගච‍්ඡතීති යථා අයං අග‍්ගී එතං මහන‍්තඤ‍්ච ඛුද‍්දකඤ‍්ච උපාදානං ඩහන‍්තොව ගච‍්ඡති. එවමෙසො අප‍්පමාදරතො භික‍්ඛු අප‍්පමාදාධිගතෙන ඤාණග‍්ගිනා එතං සංයොජනං ඩහන‍්තො අභබ‍්බුප‍්පත‍්තිකං කරොන‍්තො ගච‍්ඡතීති අත්‍ථො.

එහි අප්පමාදරතො යනු අප්‍රමාදයෙහි ඇළුණු, අතිශයින් ඇළී සිටින, අප්‍රමාදයෙන්ම කාලය ගත කරන යන අර්ථයයි. පමාදෙ භයදස්සි වා යනු අපායෙහි ඉපදීම් ආදියෙහිදී ප්‍රමාදයෙහි බිය දකින්නේ, ඒ සියල්ලෙහිම මුලවූ ප්‍රමාදය බියක් හැටියට දකිමින්. සංයොජනං යනු සංසාර පැවැත්මට හේතුවන කාමාදි සංයෝජන හෙවත් බන්ධන සත්වයන් සසරෙහි ගිල්වා තැබීමට සමත් දශවිධ සංයෝජනයෝය. අණුං ථූලං යනු කුඩාවූද මහත්වූද යන අරුත්ය. ඩහං අග්ගීව ගච්ඡති යනු යම් මේ ලැව්ගින්න මහත්වූද කුඩාවූද සියලු ගස්වැල් දවමින් ඉදිරියට යයිද, එපරිද්දෙන් මේ අප්‍රමාද ප්‍රතිපදාවෙහි නියැළුණු භික්ෂුව අප්‍රමාදයෙන්ම පැමිණි අර්හත්මාර්ගඥාන නමැති ගින්නෙන් සන්තානගත සියලු කාමාදි සංයෝජන දවමින් නැවත ඉපදීමට නොහැකි වනසේ කරමින් ඉදිරියටයයි යන අදහසයි.

ගාථාපරියොසානෙ සො භික‍්ඛු යථානිසින‍්නොව සබ‍්බසංයොජනානි ඣාපෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා තථාගතස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං ථොමෙත්‍වා වණ‍්ණෙත්‍වා වන්‍දමානොව පක‍්කාමීති.

ගාථා කෙළවර ඒ භික්ෂුව හිටිහැටියේම සියලු සංයෝජනයන් දවා සිවුපිළිසිඹියාපත් රහත්බවට පැමිණ අහසින් අවුත් බුදුරදුන්ගේ රන්වන් සිරුරට ස්තුති කොට, වර්ණනා කොට වඳිමින්ම ගියේය.

අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු අට‍්ඨමං.

අටවන එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.