12. නිගමවාසිතිස්සත්ථෙරවත්ථු අට්ඨකථා
12. නිගමවාසිතිස්සත්ථෙරවත්ථු
12. නිගමවාසී තිස්ස තෙරණුවන්ගේ වස්තුව
අප්පමාදරතොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො නිගමවාසිතිස්සත්ථෙරං නාම ආරබ්භ කථෙසි.
අප්පමාදරතො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසන සමයෙහි නිගමතිස්ස නම් තෙරුන් අරභයා දේශනා කළසේක.
එකස්මිඤ්හි සාවත්ථිතො අවිදූරෙ නිගමගාමෙ ජාතසංවඩ්ඪො එකො කුලපුත්තො සත්ථු සාසනෙ පබ්බජිත්වා ලද්ධූපසම්පදො “නිගමවාසිතිස්සත්ථෙරො නාම අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො ආරද්ධවීරියො”ති පඤ්ඤායි. සො නිබද්ධං ඤාතිගාමෙයෙව පිණ්ඩාය විචරති. අනාථපිණ්ඩිකාදීසු මහාදානානි කරොන්තෙසු, පසෙනදිකොසලෙ අසදිසදානං කරොන්තෙපි සාවත්ථිං නාගච්ඡති. භික්ඛූ “අයං නිගමවාසිතිස්සත්ථෙරො උට්ඨාය සමුට්ඨාය ඤාතිසංසට්ඨො විහරති, අනාථපිණ්ඩිකාදීසු මහාදානාදීනි කරොන්තෙසු, පසෙනදිකොසලෙ අසදිසදානං කරොන්තෙපි නෙව ආගච්ඡතී”ති කථං සමුට්ඨාපෙත්වා සත්ථු ආරොචයිංසු. සත්ථා තං පක්කොසාපෙත්වා, “සච්චං කිර ත්වං, භික්ඛු, එවං කරොසී”ති පුච්ඡිත්වා, “නත්ථි, භන්තෙ, මය්හං ඤාතිසංසග්ගො, අහං එතෙ මනුස්සෙ නිස්සාය අජ්ඣොහරණීයමත්තං ආහාරං ලභාමි ලූඛෙ වා පණීතෙ වා. යාපනමත්තෙ ලද්ධෙ පුන කිං ආහාරපරියෙසනෙනාති න ගච්ඡාමි, ඤාතීහි පන මෙ සංසග්ගො නාම නත්ථි, භන්තෙ”ති වුත්තෙ සත්ථා පකතියාපි තස්ස අජ්ඣාසයං විජානන්තො – “සාධු සාධු, භික්ඛූ”ති තස්ස සාධුකාරං දත්වා, “අනච්ඡරියං ඛො පනෙතං භික්ඛු, යං ත්වං මාදිසං ආචරියං ලභිත්වා අප්පිච්ඡො අහොසි. අයඤ්හි අප්පිච්ඡතා නාම මම තන්ති, මම පවෙණී”ති වත්වා භික්ඛූහි යාචිතො අතීතං ආහරි –
සැවැත්නුවර සමීපයෙහි එක් නියම්ගමක ඉපදී වැඩුණු එක් කුලපුත්රයෙන් බුදුසසුනෙහි පැවිදිවී උපසම්පදාවද ලබා, අල්පේච්ඡව ලද දෙයින් සතුටුව සතුටින්, විවේකීව, පටන්ගත් වීර්යයෙන් යුක්තව නිගමතිස්ස තෙරුන් යයි හඳුන්වනු ලබමින් සිටියේය. ඒ භික්ෂුව නිබඳවම සියනෑපිරිස වෙතම පිඬුසිඟා ගියේය. අනේපිඬුසිටු ආදීහු මහාදන් පවත්වද්දීත්, පසේනදිකෝසල ආදීන් අසදෘශ මහාදන් දෙද්දීත් උන්වහන්සේ සැවතට නොවඩිත් යයි සෙසු භික්ෂූහු කථාවක් උපදවා බුදුරදුන්ට ඒ බව දැන්වූහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂුව කැඳවා, සැබෑද මහණ ඔබ මේ කියන ලෙස කරන්නෙහිදැයි අසා, නැත ස්වාමීනි, මගේ ඤාතිසංසර්ගයක් නැත. මම මේ මිනිසුන් නිසා, මට වැළඳීමට ප්‍රමාණවත් ආහාර ලබමි. එය කටුක වුවත් ප්‍රණීත වුවත් යැපීමට ප්‍රමාණවත් ලෙස ලැබුණු පසු නැවත ආහාර සෙවීමක් අනවශ්‍ය හෙයින් නොයමි. ඤාතීන් සමග මගේ අමුතු සංසර්ගයක් නැතැයි කී කල ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුවගේ අදහස දන්නාසේක් මහණ, ඉතා මැනවි, මහණ ඉතා මැනවි යයි ඔහුට සාධුකාර දී, මහණ, මා වැනි ආචාර්යවරයකු ලැබූ ඔබගේ මේ ක්‍රියාව (අල්පේච්ඡ බව) පුදුමයක් නොවේ. මේ අල්පේච්ඡ බව මගේ බුද්ධ වචනයයි, මගේ ප්‍රවේණියයි වදාරා භික්ෂූන් විසින් ඉල්ලා සිටි පසු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ හිමවන්තෙ ගඞ්ගාතීරෙ එකස්මිං උදුම්බරවනෙ අනෙකසහස්සා සුවා වසිංසු. තත්රෙකො සුවරාජා අත්තනො නිවාසරුක්ඛස්ස ඵලෙසු ඛීණෙසු යං යදෙව අවසිට්ඨං හොති අඞ්කුරො වා පත්තං වා තචො වා, තං තං ඛාදිත්වා ගඞ්ගායං පානීයං පිවිත්වා පරමප්පිච්ඡො සන්තුට්ඨො හුත්වා අඤ්ඤත්ථ න ගච්ඡති. තස්ස අප්පිච්ඡසන්තුට්ඨභාවගුණෙන සක්කස්ස භවනං කම්පි. සක්කො ආවජ්ජමානො තං දිස්වා තස්ස වීමංසනත්ථං අත්තනො ආනුභාවෙන තං රුක්ඛං සුක්ඛාපෙසි. රුක්ඛො ඔභග්ගො ඛාණුමත්තො ඡිද්දාවඡිද්දොව හුත්වා වාතෙ පහරන්තෙ ආකොටිතො විය සද්දං නිච්ඡාරෙන්තො අට්ඨාසි. තස්ස ඡිද්දෙහි චුණ්ණානි නික්ඛමන්ති. සුවරාජා තානි ඛාදිත්වා ගඞ්ගායං පානීයං පිවිත්වා අඤ්ඤත්ථ අගන්ත්වා වාතාතපං අගණෙත්වා උදුම්බරඛාණුමත්ථකෙ නිසීදති. සක්කො තස්ස පරමප්පිච්ඡභාවං ඤත්වා, “මිත්තධම්මගුණං කථාපෙත්වා වරමස්ස දත්වා උදුම්බරං අමතඵලං කත්වා ආගමිස්සාමී”ති එකො හංසරාජා හුත්වා සුජං අසුරකඤ්ඤං පුරතො කත්වා උදුම්බරවනං ගන්ත්වා අවිදූරෙ එකස්ස රුක්ඛස්ස සාඛාය නිසීදිත්වා තෙන සද්ධිං කථෙන්තො ඉමං ගාථමාහ –
පෙර හිමවත ගංතෙරකවූ එක් දිඹුල්වනයක නොයෙක් දහස් ගණන් ගිරව් වාසය කළහ. ඔවුනතර එක් ගිරාරජෙක් තමන් වාසය කළ ගසේ ගෙඩි අවසන් වූ පසු යමක් ඉතිරිවී නම් අත්තක් හෝ කොළයක් හෝ පොත්තක් හෝ වේවා එය කා ගඟෙන් වතුර බී අතිශයින්ම අල්පේච්ඡ සන්තුෂ්ටියට පත්ව වෙනත් ගසකට නොයයි. ඔහුගේ අල්පේච්ඡ සන්තුෂ්ට ගුණය නිසා ශක්‍රභවනය කම්පා විය. ශක්‍රයා එය සොයා බලන්නේ ඒ ගිරාරජුගේ ක්‍රියාව දැක ඔහු විමසා බලනු පිණිස තමන්ගේ ආනුභාවයෙන් ඒ ගස වියළවා දැමුවේය. ගස කණුවක් බවට පත් වී තැනින් තැන ලොකු කුඩා සිදුරු ඇති වී වාතය හමන විට ගසට තට්ටු කරන්නාක් වැනි ශබ්දයක් නිකුත් විය. ඒ සිදුරුවලින් කුඩු වැගුරුණේය. ගිරාරජු ඒ කුඩු කා ගඟෙන් වතුර බී වෙන ගසකට නොගොස් අව්වැසි නොතකා දිඹුල්කණුව උඩම සිටියේය. ශක්‍රයා ඔහුගේ පරම අල්පේච්ඡභාවය දැන මිත්රධර්මගුණය කියා දී මොහුට වරයක් දී දිඹුල් අමාඵල බවට පත්කොට එන්නෙමියි එක් හංසරාජ වෙසක් ගෙන සුජා නම් අසුර කන්‍යාව පෙරටු කොට ගෙන දිඹුල්වනයට ගොස් ළඟම වූ එක් ගසක අත්තක හිඳගෙන ඔහු සමග කථා කරමින් මේ ගාථාව කීවේය.
“සන්ති රුක්ඛා හරිපත්තා, දුමානෙකඵලා බහූ; කස්මා නු සුක්ඛෙ කොළාපෙ, සුවස්ස නිරතො මනො”ති. (ජා· 1.9.30);
නිල්වන් කොළ හා ගෙඩි ඇති නන්වන් ගස් ඇති නමුත් දිරාපු කොවුලකට වෙලා ගිරාරජුනි ඇයි ඉන්නේ.
සබ්බං සුවජාතකං නවකනිපාතෙ ආගතනයෙනෙව විත්ථාරෙතබ්බං. අට්ඨුප්පත්තියෙව හි තත්ථ ච ඉධ ච නානා, සෙසං තාදිසමෙව. සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා, “තදා සක්කො ආනන්දො අහොසි, සුවරාජා අහමෙවා”ති වත්වා, “එවං, භික්ඛවෙ, අප්පිච්ඡතා නාමෙසා මම තන්ති, මම පවෙණී, අනච්ඡරියා මම පුත්තස්ස නිගමවාසිතිස්සස්ස මාදිසං ආචරියං ලභිත්වා අප්පිච්ඡතා, භික්ඛුනා නාම නිගමවාසිතිස්සෙන විය අප්පිච්ඡෙනෙව භවිතබ්බං. එවරූපො හි භික්ඛු අභබ්බො සමථවිපස්සනාධම්මෙහි වා මග්ගඵලෙහි වා පරිහානාය, අඤ්ඤදත්ථු නිබ්බානස්සෙව සන්තිකෙ හොතී”ති වත්වා ඉමං ගාථමාහ –
සම්පූර්ණ ජාතකකතාව දසකනිපාතයෙහි ආ ක්‍රමයෙන් විස්තර කළ යුතුය. නිදානකථාව එහිත් මෙහිත් වෙනස්ය. සෙස්ස සමානය. ශාස්තෘන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා එකල ශක්‍රයා නම් ආනන්දය, ගිරාරජ වූයේ මම ම යයි වදාරා, මහණෙනි මේ අල්පේච්ඡතාව මගේ දහමයි, මගේ ප්‍රවේණියයි. මාගේ පුත්‍ර නිගමතිස්ස මා වැනි ගුරුවරයකු ලබා අල්පේච්ඡ වීම පුදුමයක් නොවෙයි. භික්ෂූන් විසින් නිගමතිස්ස මෙන් අල්පේච්ඡ විය යුතුයි. මහණෙනි, මෙබඳු භික්ෂුව සමථවිපස්සනාභාවනා ධර්මයන්හිත් මාර්ගඵලවලත් පිරිහීමට පත්නොවන්නේය. අනිත් අතට ඔහු නිවන ළඟම යයි වදාරා මේ ගාථාවද දෙසූසේක.
“අප්පමාදරතො භික්ඛු, පමාදෙ භයදස්සි වා; අභබ්බො පරිහානාය, නිබ්බානස්සෙව සන්තිකෙ”ති.
නොපමාවෙහි ඇළුණු පමාවෙහි බිය දක්නා මහණ ඉන් නොපිරිහේ ඔහු නිවන ළඟම වේ.
තත්ථ අභබ්බො පරිහානායාති සො එවරූපො භික්ඛු සමථවිපස්සනාධම්මෙහි වා මග්ගඵලෙහි වා පරිහානාය අභබ්බො, නාපි පත්තෙහි පරිහායති, න අප්පත්තානි න පාපුණාති. නිබ්බානස්සෙව සන්තිකෙති කිලෙසපරිනිබ්බානස්සපි අනුපාදාපරිනිබ්බානස්සාපි සන්තිකෙයෙවාති.
එහි අභබ්බො පරිභාණාය යනු මෙබදු භික්ෂුව සමථ විදර්ශනා දහම්හි හෝ මගඵලදහම්හි හෝ පිරිහීමට සුදුස්සෙක් නොවේ. පැමිණියයුතු දහම්වලින් නොපිරිහී නොපැමිණ නොසිටියි යනු අර්ථයි. නිබ්බාණස්සෙව සන්තිකෙ යනු ඒ භික්ෂුව ක්ලෙශ පරිනිර්වාණය (කෙලෙස් නැසීම) මෙන්ම අනුපාදාපරිනිර්වාණය (කයින් නොඉපදෙන සේ පිරිනිවීම) යන නිවන සමීපයටම පැමිණියෙකි.
ගාථාපරියොසානෙ නිගමවාසිතිස්සත්ථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අඤ්ඤෙපි බහූ සොතාපන්නාදයො අහෙසුං. මහාජනස්ස සාත්ථිකා ධම්මදෙසනා ජාතාති.
ගාථා කෙළවර නිගමතිස්ස තෙරණුවෝ පටිසම්භිදා සහිත රහත්බවට පැමිණියහ. තවත් බොහෝ අය සෝවාන් ආදි මගඵලවලට පැමිණියහ. මහජනයාට එම දේශනාව මහත්ඵලදායි විය.
නිගමවාසිතිස්සත්ථෙරවත්ථු නවමං.
නවවන නිගමවාසී තිස්ස තෙරණුවන්ගේ වස්තුවයි.
අප්පමාදවග්ගවණ්ණනා නිට්ඨිතා.
අප්රමාදවර්ග වර්ණනාව නිමයි.
දුතියො වග්ගො.
දෙවන වර්ගයයි