1-2. මෙඝියත්ථෙරවත්ථු අට්ඨකථා
1-2. මෙඝියත්ථෙරවත්ථු
1-2. මේඝිය තෙරුන්ගේ වස්තුව
ඵන්දනං චපලං චිත්තන්ති ඉමං ධම්මදෙසනං සත්ථා චාලිකාය පබ්බතෙ විහරන්තො ආයස්මන්තං මෙඝියං ආරබ්භ කථෙසි.
ඵන්දනං චපලං චිත්තං ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ වාලිකාපර්වතයෙහි වාසය කරන සමයෙහි ආයුෂ්මත් මෙඝියතෙරුන් අරභයා දෙසූසේක.
තස්ස වත්ථුං විභාවනත්ථං සබ්බං මෙඝියසුත්තන්තං (උදා· 31) විත්ථාරෙතබ්බං. සත්ථා පන තීහි විතක්කෙහි අන්වාසත්තතාය තස්මිං අම්බවනෙ පධානං අනුයුඤ්ජිතුං අසක්කුණිත්වා ආගතං මෙඝියත්ථෙරං ආමන්තෙත්වා, “අතිභාරියං තෙ, මෙඝිය, කතං ‘ආගමෙහි තාව, මෙඝිය, එකකොම්හි යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතී’ති මං යාචන්තං එකකං පහාය ගච්ඡන්තෙන භික්ඛුනා නාම එවං චිත්තවසිකෙන භවිතුං න වට්ටති, චිත්තං නාමෙතං ලහුකං, තං අත්තනො වසෙ වත්තෙතුං වට්ටතී”ති වත්වා ඉමා ද්වෙ ගාථා අභාසි –
ඒ භික්ෂුව පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සියලු මෙඝියසූත්රාන්තය විස්තර කළයුතුය. කාමාදි ත්‍රිවිධ විතර්කයන්හි මනසින් බැඳී ඒ අඹවනයෙහි ප්‍රධන් වීර්ය කිරීමට අපොහොසත්වී ආ මේඝියතෙරුන් අමතා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. මෙඝිය, ඔබ බරපතල වරදක් කෙළෙහිය. “මෙඝිය, මම එකලා වෙමි. අන් කිසි භික්ෂුවක් එන තෙක් ටිකක් ඉන්න” යැයි යදින්නා වූ මාව තනිකොට දමා යන්නා වූ භික්ෂුව සිතට වසඟ වූවකු වීමට නො වටියි. මේ සිත වූකලී ඉක්මන්ය. එය තම වසඟයෙහි පවත්වා ගතයුතුයයි වදාරා මේ ගාථාද වදාළහ.
“ඵන්දනං චපලං චිත්තං, දූරක්ඛං දුන්නිවාරයං; උජුං කරොති මෙධාවී, උසුකාරොව තෙජනං.
සැලෙන චපල සිත රැකුම වැළකුම දුස්කරයි නුවණැත්තා එම සිතෙහි ඇද හරියි රිජු කෙරෙයි හී තනන වඩුවා මෙන්
“වාරිජොව ථලෙ ඛිත්තො, ඔකමොකතඋබ්භතො; පරිප්ඵන්දතිදං චිත්තං, මාරධෙය්යං පහාතවෙ”ති.
ජලයෙන් ගොඩට ගත් මාළුවකු දඟලන්නා සේ අරමුණු සොයා දුවන හිත නිසල කැරුමට රිසිනම් මාරවසඟෙට නොගොස් උපත නවතාලිය යුතු
තත්ථ ඵන්දනන්ති රූපාදීසු ආරම්මණෙසු විප්ඵන්දමානං. චපලන්ති එකඉරියාපථෙන අසණ්ඨහන්තො ගාමදාරකො විය එකස්මිං ආරම්මණෙ අසණ්ඨහනතො චපලං. චිත්තන්ති විඤ්ඤාණං, භූමිවත්ථුආරම්මණකිරියාදිවිචිත්තතාය පනෙතං “චිත්ත”න්ති වුත්තං. දූරක්ඛන්ති කිට්ඨසම්බාධෙ ඨානෙ කිට්ඨඛාදකගොණං විය එකෙකස්මිං සප්පායාරම්මණෙයෙව දුට්ඨපනතො දූරක්ඛං. දුන්නිවාරයන්ති විසභාගාරම්මණං ගච්ඡන්තං පටිසෙධෙතුං දුක්ඛත්තා දුන්නිවාරයං. උසුකාරොව තෙජනන්ති යථා නාම උසුකාරො අරඤ්ඤතො එකං වඞ්කදණ්ඩකං ආහරිත්වා නිත්තචං කත්වා කඤ්ජියතෙලෙන මක්ඛෙත්වා අඞ්ගාරකපල්ලෙ තාපෙත්වා රුක්ඛාලකෙ උප්පීළෙත්වා නිවඞ්කං උජුං වාලවිජ්ඣනයොග්ගං කරොති, කත්වා ච පන රාජරාජමහාමත්තානං සිප්පං දස්සෙත්වා මහන්තං සක්කාරසම්මානං ලභති, එවමෙව මෙධාවී පණ්ඩිතො විඤ්ඤූ පුරිසො ඵන්දනාදිසභාවමෙතං චිත්තං ධුතඞ්ගාරඤ්ඤාවාසවසෙන, නිත්තචං අපගතඔළාරිකකිලෙසං කත්වා සද්ධාසිනෙහෙන තෙමෙත්වා කායිකචෙතසිකවීරියෙන තාපෙත්වා සමථවිපස්සනාලකෙ උප්පීළෙත්වා උජුං අකුටිලං නිබ්බිසෙවනං කරොති, කත්වා ච පන සඞ්ඛාරෙ සම්මසිත්වා මහන්තං අවිජ්ජක්ඛන්ධං පදාලෙත්වා, “තිස්සො විජ්ජා, ඡ අභිඤ්ඤා, නව ලොකුත්තරධම්මෙ”ති ඉමං විසෙසං හත්ථගතමෙව කත්වා අග්ගදක්ඛිණෙය්යභාවං ලභති.
එහි ඵන්දනං යනු රූපාදි අරමුණුවල ගැලී සෙලවීමයි. දැඟලීමයි. චපලං යනු එක් ඉරියව්වක නොසිටින ගම් දරුවකු මෙන් එක් අරමුණක නොසිටීමයි. දුව යෑමයි. චිත්තං යනු විඤ්ඤාණයයි. භූමිවස්තු අරමුණු ක්‍රියා ආදිය සිතන හෙයින් මෙයට සිත යයි කියනු ලැබෙයි. දුරක්ඛං යනු ගොයම් මඩින විට එම ගොයම්ම කන ගොනුන් මෙන් එක් සප්පාය අරමුණක නවතා ගත නොහැකි රැකිය නොහැකි වීමය. දුන්නිවාරයං යනු විරුද්ධ අරමුණකට යෑම වැළැක්වීමට නොහැකි දුකයි, නවතාගත නොහැකි නිසා ඇතිවන දුකයි. උසුකාරොව තෙජනං යනු යම් ආකාරයකින් හී වඩුවෝ එක් ලීකඩක් කැලෑවෙන් ගෙනවුත් පොතු ගලවා අඟුරු කබලක බහා තවා රුක්දෙබලක ලා තළා වක්නැති කොට ඇද ඇර දුනුවායකු විසින් විද සිදුරු කරන්ට තරම් සිනිඳු කරත්ද, එසේ කොට රාජරාජමහාමාත්යයන් ඉදිරියේ ශිල්ප දක්වා මහත්වූ සත්කාර සම්මාන ලබත්. ඒ ආකාරයෙන් නුවණැති පණ්ඩිත විඥපුරුෂයා දඟලන සැලෙන ස්වභාවය ඇති සිත ධුතාංග නමැති ආරණ්යවාසයෙන් පොතු සුඹුළු ගලවා පහවූ ඕලාරික කෙලෙස් ඇත්තක් බවට පමුණුවා ශ්‍රද්ධා නමැති ජලයෙන් තෙමා කායික චෛතසික වීර්යයෙන් රත්කොට සමථවිපස්සනා නමැති දෙබලෙහි දමා තළා ඇද නැති වක්නොවූ සිනිඳු එකක් කෙරෙහිද, එසේ කොට සංස්කාරයන් මෙනෙහි කොට මහත්වූ අවිද්‍යා කඳ පලා දමා, ත්‍රිවිද්‍යා ෂට්අභිඥා නවලොව්තුරුදහම් යන මේ දහම් අත්පත් කරගෙන අග්රදක්ෂිණාර්හ බව ලබයි.
වාරිජොවාති මච්ඡො විය, ථලෙ ඛිත්තොති හත්ථෙන වා පාදෙන වා ජාලාදීනං වා අඤ්ඤතරෙන ථලෙ ඡඩ්ඩිතො. ඔකමොකතඋබ්භතොති “ඔකපුණ්ණෙහි චීවරෙහී”ති එත්ථ (මහාව· 306) උදකං ඔකං, “ඔකං පහාය අනිකෙතසාරී”ති එත්ථ (සු· නි· 850) ආලයො, එත්ථ උභයම්පි ලබ්භති. “ඔකමොකතඋබ්භතො”ති හි එත්ථ ඔකමොකතොති උදකසඞ්ඛාතා ආලයාති අයමත්ථො. උබ්භතොති උද්ධටො. පරිප්ඵන්දතිදං චිත්තන්ති යථා සො උදකාලයතො උබ්භතො ථලෙ ඛිත්තො මච්ඡො උදකං අලභන්තො පරිප්ඵන්දති, එවමිදං පඤ්චකාමගුණාලයාභිරතං චිත්තං තතො උද්ධරිත්වා මාරධෙය්යසඞ්ඛාතං වට්ටං පහාතුං විපස්සනාකම්මට්ඨානෙ ඛිත්තං කායිකචෙතසිකවීරියෙන සන්තාපියමානං පරිප්ඵන්දති, සණ්ඨාතුං න සක්කොති. එවං සන්තෙපි ධුරං අනික්ඛිපිත්වා මෙධාවී පුග්ගලො තං වුත්තනයෙනෙව උජුං කම්මනියං කරොතීති අත්ථො. අපරො නයො – ඉදං මාරධෙය්යං කිලෙසවට්ටං අවිජහිත්වා ඨිතං චිත්තං සො වාරිජො විය පරිප්ඵන්දති, තස්මා මාරධෙය්යං පහාතවෙ, යෙන කිලෙසවට්ටසඞ්ඛාතෙන මාරධෙය්යෙනෙව පරිප්ඵන්දති, තං පහාතබ්බන්ති.
වාරිජොව යනු මසකු මෙන්. ථලො ඛිත්තො යනු අතින් හෝ පයින් හෝ දැල් ආදියකින් හෝ වෙනත් අයුරකින් ගොඩට දමනලද ඔකමොකත උබ්භතො යනු ඔක පුණ්ණෙහි චීවරෙහි යනාදි තැන්වල මෙන් උදකයෙහි ජලයෙහි ඔකං පහාය අනිකෙතසාරී යන මෙහි ඔක යනු වාසස්ථානයයි, මෙහි ඔකමොකතො යනු උදක සංඛ්‍යාත වාසස්ථානයයි යන අර්ථයි, උබ්භතො යනු යම් සේ ඒ ජලස්ථානයෙන් උඩට ගන්නා ලද, ගොඩ තැබූ මත්ස්‍යයා ජලය නොලබන නිසා අතිශයින්ම දඟලයිද, එසේ මෙහිද පස්ක්ම සැප නමැති ස්ථානයේ ඇලී සිටින්නා එයින් උඩට ගෙන මාරයාට යටත්වූ සංසාර පැවැත්ම හැර දමන්ට විදර්ශනා කර්මස්ථානයෙහි යෙදූ සිත කායික චෛතසික වීර්යයෙන් තවනු ලබන්නේ අතිශයින්ම ගැහෙයි. දඟලයි. එක් ලෙසක නැවතී සිටින්ට අපොහොසත් වෙයි. මෙසේ වෙනත් ධුරනික්ෂේප (බලාපොරොත්තු හැර නොදමන) නොකර නුවණැති පුද්ගලයා ඒ කියූ ආකාරයෙන්ම සිත සෘජු වැඩට ගතහැක්කක් බවට පත්කර ගනී යන අර්ථයි. වෙනත් ක්‍රමයකට අනුව මේ මාරයාට යටත් කෙලෙස් පැවැත්ම අත් නොහැර සිටි සිත ඒ මාළුවා මෙන් ගැහෙයි. ඒ නිසා මාරයාට යටත්වීමෙන් ම සෙලවෙයි. එය අත්හළ යුතුය යනු අර්ථයි.
ගාථාපරියොසානෙ මෙඝියත්ථෙරො සොතාපත්තිඵලෙ පතිට්ඨිතො, අඤ්ඤෙපි බහූ සොතාපන්නාදයො ජාතාති.
ගාථා කෙළවර මෙඝියතෙරණුවෝ සෝවාන්ඵලයෙහි පිහිටියාහුය. අනික් බොහෝ අයත් සෝවාන් ආදී තත්ත්වයන්ට පැමිණියහ.
මෙඝියත්ථෙරවත්ථු පඨමං.
පළමුවන මේඝිය තෙරුන්ගේ වස්තුවයි