මහානිපාතො අට්ඨකථා
මහා නිපාතය
සුමෙධාථෙරීගාථාවණ්ණනා
සුමේධා ථේරීගාථා වර්ණනාව
මහානිපාතෙ මන්තාවතියා නගරෙතිආදිකා සුමෙධාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී, සක්කච්චං විමොක්ඛසම්භාරෙ සම්භාරෙන්තී කොණාගමනස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා, අත්තනො සඛීහි කුලධීතාහි සද්ධිං එකජ්ඣාසයා හුත්වා මහන්තං ආරාමං කාරෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙසි. සා තෙන පුඤ්ඤකම්මෙන කායස්ස භෙදා තාවතිංසං උපගච්ඡි. තත්ථ යාවතායුකං දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චුතා යාමෙසු උපපජ්ජි. තතො චුතා තුසිතෙසු, තතො චුතා නිම්මානරතීසු, තතො චුතා පරනිම්මිතවසවත්තීසූති අනුක්කමෙන පඤ්චසු කාමසග්ගෙසු උප්පජ්ජිත්වා තත්ථ තත්ථ දෙවරාජූනං මහෙසී හුත්වා තතො චුතා කස්සපස්ස භගවතො කාලෙ මහාවිභවස්ස සෙට්ඨිනො ධීතා හුත්වා අනුක්කමෙන විඤ්ඤුතං පත්වා සාසනෙ අභිප්පසන්නා හුත්වා රතනත්තයං උද්දිස්ස උළාරපුඤ්ඤකම්මං අකාසි.
මහානිපාතයෙහි මන්තාවතියා නගරෙ යනාදිය සුමෙධා තෙරණියගේ ගාථාය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් මනාකොට විමොක්ෂදායී හේතුඵල දරන්නී කෝණාගමන බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳිනගත්කල්හි තමාගේ යෙහෙළි කුලදියණියන් සමග සමාන අදහස් ඇත්තී මහා ආරාමයක් කරවා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පවරා දුන්නීය. ඕ ඒ පින්කමෙන් මරණින් පසු තව්තිසාවෙහි උපන්නාය. එහි ජීවිතාන්තය දක්වා දෙව්සැප විඳ එයින් චුතව යාමයෙහි උපන්නාය. එයින් චුතව නිර්මාණරතී දෙව්ලොවෙහිද එයින් පසු පරනිර්මිතවසවර්තී දෙව්ලොවෙහි ද මේ ආදී වශයෙන් පඤ්චවිධ කාමලෝකයන්හි ඉපිද ඒ ඒ දෙව්ලෝවල දෙවිවරුන්ට අගමෙහෙසිය වී එයින් චුතව කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක වී ක්‍රමයෙන් වැඩිවියට පැමිණ සසුනෙහි පැහැදී රත්නත්‍රය විෂයෙහි බොහෝ පින්කම් කළාය.
තත්ථ යාවජීවං ධම්මූපජීවිනී කුසලධම්මනිරතා හුත්වා තතො චුතා තාවතිංසෙසු නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තී, ඉමස්මිං බුද්ධුප්පාදෙ මන්තාවතීනගරෙ කොඤ්චස්ස නාම රඤ්ඤො ධීතා හුත්වා නිබ්බත්ති. තස්සා මාතාපිතරො සුමෙධාති නාමං අකංසු. තං අනුක්කමෙන වුද්ධිප්පත්තවයප්පත්තකාලෙ මාතාපිතරො “වාරණවතීනගරෙ අනිකරත්තස්ස නාම රඤ්ඤො දස්සාමා”ති සම්මන්තෙසුං. සා පන දහරකාලතො පට්ඨාය අත්තනො සමානවයාහි රාජකඤ්ඤාහි දාසිජනෙහි ච සද්ධිං භික්ඛුනුපස්සයං ගන්ත්වා භික්ඛුනීනං සන්තිකෙ ධම්මං සුත්වා චිරකාලතො පට්ඨාය කතාධිකාරතාය සංසාරෙ ජාතසංවෙගා සාසනෙ අභිප්පසන්නා හුත්වා වයප්පත්තකාලෙ කාමෙහි විනිවත්තිතමානසා අහොසි. තෙන සා මාතාපිතූනං ඤාතීනං සම්මන්තනං සුත්වා “න මය්හං ඝරාවාසෙන කිච්චං, පබ්බජිස්සාමහ”න්ති ආහ. තං මාතාපිතරො ඝරාවාසෙ නියොජෙන්තා නානප්පකාරෙන යාචන්තාපි සඤ්ඤාපෙතුං නාසක්ඛිංසු. සා “එවං මෙ පබ්බජිතුං ලබ්භතී”ති ඛග්ගං ගහෙත්වා සයමෙව අත්තනො කෙසෙ ඡින්දිත්වා තෙ එව කෙසෙ ආරබ්භ පටික්කූලමනසිකාරං පවත්තෙන්තී තත්ථ කතාධිකාරතාය භික්ඛුනීනං සන්තිකෙ මනසිකාරවිධානස්ස සුතපුබ්බත්තා ච අසුභනිමිත්තං උප්පාදෙත්වා තත්ථ පඨමජ්ඣානං අධිගච්ඡි. අධිගතපඨමජ්ඣානා ච අත්තනා ඝරාවාසෙ උය්යොජෙතුං උපගතෙ මාතාපිතරො ආදිං කත්වා අන්තොජනපරිජනං සබ්බං රාජකුලං සාසනෙ අභිප්පසන්නං කාරෙත්වා ඝරතො නික්ඛමිත්වා භික්ඛුනුපස්සයං ගන්ත්වා පබ්බජි. පබ්බජිත්වා ච විපස්සනං පට්ඨපෙත්වා සම්මදෙව පරිපක්කඤාණා විමුත්තිපරිපාචනීයානං ධම්මානං විසෙසිතාය න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.1.1-19) –
එහි ජීවිතාවසානය දක්වා ධර්මානුකූලව ජීවත්වී කුසල්දහම්හි නිරතව එයින් චුතව ගොස් තව්තිසාවෙහි ඉපිද අතරතුර සුගතීන්හි පමණක් හැසිරෙන්නී මේ බුද්ධෝත්පාදයෙහි මන්තාවතී නුවර කොඤ්ච නම් රජුගේ දියණිව උපන්නාය. ඇයගේ දෙමවුපියෝ ඇයට සුමෙධා යන නම තැබූහ. ඕතොමෝ ක්‍රමයෙන් වැඩිවියට පැමිණියා දෙමවුපියෝ ඇය වාරණවතී නගරයෙහි අණිකදත්ත නම් රජුට පාවාදීමට සාකච්ඡා කළහ. ඕ කුඩාකල සිට සමවයසැති රජකුමරියන් හා දැස්සන් සමග භික්ෂුණීන්ගේ ආරාමවලට ගොස් බණ අසා බොහෝ කලෙක සිට කරනලද අධිකාර ඇති බැවින් හටගත් සංවේගය ඇත්තී සසුනෙහි බෙහෙවින් පැහැදී කම්සුව කෙරෙහි නොඇලුණු සිත් ඇත්තීය. ඕතොමෝ මවුපියන්ගේ සම්මුතිය අසා ගිහිගෙයින් ඇයට පලක් නැතැයි කීවාය. ඇය ගිහිගෙයි ඇලවීමට මවුපියන් කෙතරම් තැත්කළ නමුදු අවබෝධ කරවීමට නොහැකිවිය. ඕ තමාට පැවිද්ද ලබාගත හැක්කේ එසේයයි කියා තමාම කඩුව ගෙන කෙස් කපා දමා, ඒ කෙස් වැටිය කෙරෙහිම පිළිකුල් මනස වඩා, තමා පෙර කළ අධිකාර ඇති බැවිනුත් භික්ෂුණීන් ඇසුරෙන් මනසිකාරය වඩන අයුරුත් අසා තිබුණු බැවිනුත් අසුබ නිමිති උපදවා එහිදීම ප්‍රථම ධ්‍යානයට පැමිණියාය. ප්‍රථම ධ්‍යානයට පැමිණීමෙන් පසුවද ඇය ගිහිගෙයි නිරත කරවීමට උත්සාහ කළ මවුපියන්ද පිරිවර ජනයාද ඇතුළු සම්පූර්ණ රජපවුල සසුනෙහි පහදවා ගෙදරින් නික්ම භික්ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වූවාය. පැවිදිව විදසුන් වඩා නුවණ මුහුකුරා ගොස් විමුක්තිගාමී ධර්මයන්ගේ බලවත්කමෙන්ද නොබෝ කලෙකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“භගවති කොණාගමනෙ, සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හි; සඛියො තිස්සො ජනියො, විහාරදානං අදාසිම්හ.
කෝණාගමන බුදුන්ගේ කාලයෙහි යෙහෙළියන් තිදෙනෙකු සමග බුදුන් පෙරටුකොට ඇති මහා සංඝයාට පන්සලක් කරවා පිදුවෙමි.
“දසක්ඛත්තුං සතක්ඛත්තුං, දසසතක්ඛත්තුං සතානි ච සතක්ඛත්තුං; දෙවෙසු උපපජ්ජිම්හ, කො පන වාදො මනුස්සෙසු.
දසවරක්, සියවරක්, දහස්වරක් සියක්දහස්වරක් දෙව්ලෝවල උපන්නෙමි. මිනිසත්බව ගැන නොකිවමනාය.
“දෙවෙසු මහිද්ධිකා අහුම්හ, මානුසකම්හි කො පන වාදො; සත්තරතනස්ස මහෙසී, ඉත්ථිරතනං අහං ආසිං.
දෙවිවරුන් අතර මහත් සෘද්ධි බලයකින් සමන්විත වීමි. මිනිසත් බැව්හිදි අමුතුවෙන් කිවයුතු නොවේ. සප්ත රත්නයන් අතරෙන් ස්ත්‍රී රත්නයක් වීමි.
“ඉධ සඤ්චිතකුසලා, සුසමිද්ධකුලප්පජා; ධනඤ්ජානී ච ඛෙමා ච, අහම්පි ච තයො ජනා.
මෙලෙව්හිදී රැස්කළ කුසලසම්භාර ඇතිව කුල බලයෙන් සමෘද්ධිමත් වූ ධනඤ්ජානි, ඛෙමා හා මම ද යනුවෙන් තිදෙනෙක් වීමු.
“ආරාමං සුකතං කත්වා, සබ්බාවයවමණ්ඩිතං; බුද්ධප්පමුඛසඞ්ඝස්ස, නිය්යාදෙත්වා පමොදිතා.
සියලු අවයවගෙන් පිරිපුන් මනා ආරාමයක් කර බුද්ධ ප්රමුඛ සංඝයාට පූජාකර සතුටුවීමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි, තස්ස කම්මස්ස වාහසා; දෙවෙසු අග්ගතං පත්තා, මනුස්සෙසු තථෙව ච.
යම් ආත්මභාවයක මම උපනිම්ද ඒ හැම අවස්ථාවන්හිදීම ඒ පින්කමෙහි ආනිශංස වශයෙන් දෙවියන් අතර අගතැන් පත්වීමි. මිනිසුන් අතරද මෙසේමය.
“ඉමස්මිංයෙව කප්පම්හි, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ කල්පයෙහිම බ්රහුමබන්ධු වූ මහා යශස් ඇති කස්සප නම්වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ බුදුහු ලොව උපන්හ.
“උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
ඒ බුදුගේ ප්‍රධාන උපස්ථායකයා බරණැස්පුර කිකී නම් කාසි රජතුමා විය.
“තස්සාසුං සත්ත ධීතරො, රාජකඤ්ඤා සුඛෙධිතා; බුද්ධොපට්ඨානනිරතා, බ්රහ්මචරියං චරිංසු තා.
ඒ රජුට දූවරු සත්දෙනෙක් වූහ. සුවසේ වැඩුණු මේ තරුණියෝ බුදුන්ට උපස්ථාන කිරීමෙහි නිරතවූවාහු බඹසර හැසුරුණහ.
“තාසං සහායිකා හුත්වා, සීලෙසු සුසමාහිතා; දත්වා දානානි සක්කච්චං, අගාරෙව වතං චරිං.
ඔවුන්ගේ සහායිකාවක් වූ මම සකසා දන් දී ගිහිගෙයිම ව්‍රත පූරණය කළෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසූපගා අහං.
මනාකොට කරන ලද ඒ පින්කමේ හේතුවෙන් චෙතනා ප්රණධියද තුබූ හෙයින් එයින් චුතව තවුතිසාවට ගියෙමි.
“තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා; තතො ච නිම්මානරතිං, වසවත්තිපුරං ගතා.
එයින් චුතව යාමයටද එයින් පසු තුසිතයටද එයින් නිර්මාණරතියටද එයින් පසු වසවර්ති පුරයටද ගියෙමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි, පුඤ්ඤකම්මසමොහිතා; තත්ථ තත්ථෙව රාජූනං, මහෙසිත්තමහාරයිං.
යම් තැනෙක උපනිම්ද ඒ පින්කම විසින් මෙහෙයවනු ලැබූ ඒ ඒ රජවරුන්ගේ මෙහෙසිය වීමි.
“තතො චුතා මනුස්සත්තෙ, රාජූනං චක්කවත්තිනං; මණ්ඩලීනඤ්ච රාජූනං, මහෙසිත්තමකාරයිං.
[missing trans]
“සම්පත්තිමනුභොත්වාන, දෙවෙසු මානුසෙසු ච; සබ්බත්ථ සුඛිතා හුත්වා, නෙකජාතීසු සංසරිං.
දෙව්මිනිස් දෙගතියෙහිම සැප විඳ හැමතැනකදීම සුවපත් වී නොයෙක් ජාතීන්හි සැරිසැරුවෙමි.
“සො හෙතු සො පභවො, තම්මූලං සාව සාසනෙ ඛන්තී; තං පඨමසමොධානං, තං ධම්මරතාය නිබ්බානං.
එය හේතුවය, එය ප්රභවයයි, එය මූලය, එය සසුනෙහි ඉවසීමය, එය ප්‍රථම සමොධානයයි, එය ධර්මයෙහි ඇලුණවුන්ගේ නිවණය.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගීව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවා.
මා විසින් කෙලෙස් දවන ලදී, සියලු භවයන් නිමකළෙමි. බැඳුමෙන් මිදුණු ඇතින්නක මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
බුදුන් වෙත මගේ පැමිණීම යහපත් වූවකි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි, බුදුන්ගේ අවවාද පිළිපැදීමි.
“පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
සිවු පිළිසිඹියා, අටවිමොක්සුව, ෂඩ් අභිඥා ක්ෂාත්ක්ෂාත් කළෙමි. බුදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
රහත්බවට පැමිණ ඇයගේ පෙර පිළිවෙත පෙරළා බලා මෙසේ උදන් ඇනුවාය.
“මන්තාවතියා නගරෙ, රඤ්ඤො කොඤ්චස්ස අග්ගමහෙසියා; ධීතා ආසිං සුමෙධා, පසාදිතා සාසනකරෙහි.
මන්තාවතී නගරයෙහි කොඤ්ච රජුගේ මෙහෙසියගේ දියණිය වීමි. සුමෙධා නම්වූ මම සසුනෙහි ඇලුණු පහදවනසුලු තැනැත්තියක් වීමි.
“සීලවතී චිත්තකථා, බහුස්සුතා බුද්ධසාසනෙ විනිතා; මාතාපිතරො උපගම්ම, භණති උභයො නිසාමෙථ.
සිල්වත් වූ විසිතුරු කථා ඇති, බහුශ්‍රැත වූ බුදුසසුනෙහි හික්මුණු ඕතොමෝ මවුපියන් වෙත පැමිණ මෙසේ කියයි. ඔබලා දෙදෙනම සවන් දුනමැනවි.
“නිබ්බානාභිරතාහං , අසස්සතං භවගතං යදිපි දිබ්බං; කිමඞ්ගං පන තුච්ඡා කාමා, අප්පස්සාදා බහුවිඝාතා.
නිවණ කෙරෙහි ඇලුණාවූ මට භවගත දිව්‍ය සම්පත්තිය පවා ආස්වාද රහිතය. පින්වත, කම්සුව වූකලී හිස්ය, ආස්වාද වශයෙන් අල්පය, දුක්දොම්නස් බහුලය.
“කාමා කටුකා ආසී, විසූපමා යෙසු මුච්ඡිතා බාලා; තෙ දීඝරත්තං නිරයෙ, සමප්පිතා හඤ්ඤන්තෙ දුක්ඛිතා.
කාමයෝ කටුකය, සර්ප විෂයක් බඳුය, බාලයෝ එහිලා මුසපත් වෙති. දුකට පත්වන ඔවුහු නිරයට වැටී බොහෝ කාලයක් දුක් විදිනි.
“සොචන්ති පාපකම්මා, විනිපාතෙ පාපවද්ධිනො සදා; කායෙන ච වාචාය ච, මනසා ච අසංවුතා බාලා.
පව්කම්වලින් වැඩෙන ඔවුහු අපායෙහි වැස ශෝකයට පත්වෙති. කයින් වචසින් හා මනසින් අසංවරවූ
“බාලා තෙ දුප්පඤ්ඤා, අචෙතනා දුක්ඛසමුදයොරුද්ධා; දෙසෙන්තෙ අජානන්තා, න බුජ්ඣරෙ අරියසච්චානි.
දුක්වල උපතට හේතුවක් වූ අචේතනික වූ දුෂ්ප්‍රඥ වූ ඒ මෝඩයෝ කියා දෙනු ලබන ආර්යසත්‍යයන් අවබෝධකර නොගනිති.
“සච්චානි ‘අම්ම’බුද්ධවරදෙසි, තානි තෙ බහුතරා අජානන්තා යෙ; අභිනන්දන්ති භවගතං, පිහෙන්ති දෙවෙසු උපපත්තිං.
බුදුන් දෙසූ ආර්යසත්‍යයන් නොදන්නා වූ මෝඩයෝ, මෑණියෙනි, භවගතවීම කැමැති වෙති, දෙවියන් අතර ඉපදීම කැමැති වෙති.
“දෙවෙසුපි උපපත්ති, අසස්සතා භවගතෙ අනිච්චම්හි; න ච සන්තසන්ති බාලා, පුනප්පුනං ජායිතබ්බස්ස.
භවයට ඇතුළත් අනිත්‍ය වූ දෙවියන් අතර පවා ඉපදීම තාවකාලිකය. නැවත නැවත ඉපදීම කෙරෙහි මෝඩයෝ බිය නොවෙත්
“චත්තාරො විනිපාතා, දුවෙ ච ගතියො කථඤ්චි ලබ්භන්ති; න ච විනිපාතගතානං, පබ්බජ්ජා අත්ථි නිරයෙසු.
අපාය සතරක (දෙවිමිනිස්) දෙගතිය කෙසේ ලබාගත හැකිද? විනිපාත සංඛ්‍යාත නරකයෙහි උපදින අයට කවර අභිනිෂ්ක්රමණයක්ද?
“අනුජානාථ මං උභයො, පබ්බජිතුං දසබලස්ස පාවචනෙ; අප්පොස්සුක්කා ඝටිස්සං, ජාතිමරණප්පහානාය.
ඒ නිසා ඔබ දෙදෙන මට බුදුසස්නෙහි පැවිදිවීමට අවසර දෙන්න. ජාතිමරණ දුක් නැතිකිරීමට මම උනන්දුවෙන් උත්සාහ කරමි.
“කිං භවගතෙ අභිනන්දි, තෙන කායකලිනා අසාරෙන; භවතණ්හාය නිරොධා, අනුජානාථ පබ්බජිස්සාමි.
භවයෙහි ඉපදීම් කෙරෙහි සතුටුවීමෙන් ඇති ප්‍රයෝජනය කිම්ද? භවතෘෂ්ණාව නැති කරනු පිණිස මගේ ඉල්ලීම අනුමත කරන්න. පැවිදිවන්නෙමි
“බුද්ධානං උප්පාදො, විවජ්ජිතො අක්ඛණො ඛණො ලද්ධො; සීලානි බ්රහ්මචරියං, යාවජීවං න දූසෙය්යං.
බුදුන්ගේ උපත ලදිමි. දුෂ්ට (අෂ්ට) ක්ෂණයන් දුරුකළෙමි. සීලය හා බඹසරදිවිය දිවි ඇතිතාක් දුෂණය නොකරමි.
“එවං භණති සුමෙධා, මාතාපිතරො ‘න තාව ආහාරං; ආහරිස්සං ගහට්ඨා, මරණවසං ගතාව හෙස්සාමි’.
තව දුරටත් ගිහියෙකුවී මෙම ආහාර නොගන්නෙමි. මරණයට යොමුවන්නෙමි. සුමෙධා මවුපියන්ට මෙසේ කියයි.
“මාතා දුක්ඛිතා රොදති පිතා ච; අස්සා සබ්බසො සමභිහතො; ඝටෙන්ති සඤ්ඤාපෙතුං, පාසාදතලෙ ඡමාපතිතං.
දුකට පත්වූ මව හඬයි. පියා කඳුලුමුසු මුහුණින් තැවෙයි. පහයෙහි බිම වැතිරී සිටියාවූ ඇයට අවබෝධ කරවීමට දෙමවුපියෝ උත්සාහ කරති.
“උට්ඨෙහි පුත්තක කිං සොචි, තෙන දින්නාසි වාරණවතිම්හි; රාජා අනීකරත්තො, අභිරූපො තස්ස ත්වං දින්නා.
පුත, නැගිටින්න, ශෝක කිරීමෙන් පලක් නැත, ඔබ වාරණාවතියෙහි රජුට දුන්නෙමු. අණිකදත්ත රජ රූපසම්පන්නය, ඔබ ඔහුට විවාහ වශයෙන් දුන්නෙමු.
“අග්ගමහෙසී භවිස්සසි, අනිකරත්තස්ස රාජිනො භරියා; සීලානි බ්රහ්මචරියං, පබ්බජ්ජා දුක්කරා පුත්තක.
දරුව, අණිකදත්ත මෙහෙසි බිරිඳ වන්නෙහිය, සිල් රැකීම, බඹසර හැසිරීම පැවිද්ද දුෂ්කරය.
“රජ්ජෙ ආණා ධනමිස්සරියං, භොගා සුඛා දහරිකාසි; භුඤ්ජාහි කාමභොගෙ, වාරෙය්යං හොතු තෙ පුත්ත.
දරුව, ඔබට රාජ්‍යයෙහි ආඥාව පැතිරවිය හැකිය, ධනයට අධිපති විය හැකිය, භව භෝගයන් හා සුවපහසුකම් ලද හැකිය.
“අථ නෙ භණති සුමෙධා, මා එදිසිකානි භවගතමසාරං; පබ්බජ්ජා වා හොහිති, මරණං වා මෙ න චෙව වාරෙය්යං.
ඔබ තවම තරුණවියෙහි පසුවන්නීය. ඉක්බිති සුමෙධා ඔවුනට කියයි. මෙවැනි භවගත සියල්ල අසාරය, මට පැවිද්ද හෝ වේවා, නැතහොත් මරණය හෝ වේවා. මෙසේ මා නොවළක්වන්න.
“කිමිව පූතිකායමසුචිං, සවනගන්ධං භයානකං කුණපං; අභිසංවිසෙය්යං භස්තං, අසකිං පග්ඝරිතං අසුචිපුණ්ණං.
පණුවන් ගැවසීගත් මේ සිරුර අපිරිසිදුය, නිතරම බිය උපදවන කුණුදියර වහනයවන සුලුය, කුණපයෙන් පිරුණු මේ ඔලොගුවෙන් සැරව වැගිරෙණ සුලුය.
“කිමිව තහං ජානන්තී, විකූලකං මංසසොණිතුපලිත්තං; කිමිකුලලයං සකුණභත්තං, කළෙවරං කිස්ස දියතීති.
මස්ලේවලින් සෑදුණු පිළිකුල් උපදවන පණුකැලට නිවෙසක් වූ පක්ෂීන්ගේ ආහාරයක් වූ මේ සිරුර ගැන දන්නාවූ මා කුමක් හෙයින් අනෙකකුට දෙන්නහුද?
“නිබ්බුය්හති සුසානං, අචිරං කායො අපෙතවිඤ්ඤාණො; ඡුද්ධො කළිඞ්ගරං විය, ජිගුච්ඡමානෙහි ඤාතීහි.
විඥානයෙන් තොරවූ වියලුණු දඬු කැබැල්ලක් වැනිවූ නෑදයන් පිළිකුල් කරන මේ සිරුර නොබෝ කලකින් සොහොනට ගෙනයනු ලැබේ.
“ඡුද්ධූන නං සුසානෙ, පරභත්තං න්හායන්ති ජිගුච්ඡන්තා; නියකා මාතාපිතරො, කිං පන සාධාරණා ජනතා.
[missing trans]
“අජ්ඣොසිතා අසාරෙ, කළෙවරෙ අට්ඨින්හාරුසඞ්ඝාතෙ; ඛෙළස්සුච්චාරස්සවපරිපුණ්ණෙ පූතිකායම්හි.
ඇට නහරවලින් සමන්විත කෙල කඳුලු හා මුත්රවලින් පිරුණු අසාරවූ මේ කුණු සිරුරෙහි මෝඩයෝ බැසගත්තාහු වෙති.
“යො නං විනිබ්භුජිත්වා, අබ්භන්තරමස්ස බාහිරං කයිරා; ගන්ධස්ස අසහමානා, සකාපි මාතා ජිගුච්ඡෙය්ය.
යම් කිසිවෙක් මේ සිරුර ඇතුළත පිටතට ගෙන බලාද, එහි දුගඳ ඉවසිය නොහැකි වේ. මව පවා ඒ දුගඳ නොඉවසයි.
“ඛන්ධධාතුආයතනං, සඞ්ඛතං ජාතිමූලකං දුක්ඛං; යොනිසො අනුවිචිනන්තී, වාරෙය්යං කිස්ස ඉච්ඡෙය්යං.
ඛන්ධධාතු ආයතන ආදියෙන් සෑදුණු, උපත මුල්කොට ඇත්තා වූ මේ ජීවිතය දුක් සහගතය, නුවණින් මෙනෙහි නොකරමින් විවාහකරදීම කවර හෙයකින් කැමැතිවෙම්ද?
“දිවසෙ දිවසෙ තිසත්ති, සතානි නවනවා පතෙය්යුං කායම්හි; වස්සසතම්පි ච ඝාතො, සෙය්යො දුක්ඛස්ස චෙවං ඛයො.
දිනපතා අලුත් අලුත් ආයුධ තුන්සියයක් සිරුරමත පතිතවේද, දුකෙහි කෙළවරක් වේනම් සියක්වසරක් හෝ එවැනි ආයුධ වැටීමෙන් සිදුවන මරණය යෙහෙකි.
“අජ්ඣුපගච්ඡෙ ඝාතං, යො විඤ්ඤායෙවං සත්ථුනො වචනං; දීඝො තෙසං සංසාරො, පුනප්පුනං හඤ්ඤමානානං.
බුදුන්ගේ දහම දැනදැනත් යමෙක් ජීවිත හානියෙහි යෙදේද නැවත නැවත (ජරාමරණාදියෙන්) පෙළෙනු ලබන ඔවුන්ට සසර දිගය.
“දෙවෙසු මනුස්සෙසු ච, තිරච්ඡානයොනියා අසුරකායෙ; පෙතෙසු ච නිරයෙසු ච, අපරිමිතා දිස්සන්තෙ ඝාතා.
දෙවියන් අතර මිනිසුන් අතර තිරිසන් යෝනියෙහි අසුර නිකායයෙහි ප්‍රේතයන් අතර නිරයවල අප්‍රමාණ වශයෙන් ඝාතනය දක්නට ලැබේ.
“ඝාතා නිරයෙසු බහූ, විනිපාතගතස්ස පීළියමානස්ස; දෙවෙසුපි අත්තාණං, නිබ්බානසුඛා පරං නත්ථි.
අපාගතව පෙළෙනවුන්ට නිරයවලදී ලැබෙන පීඩා බොහෝය. දෙව්ලෝවල පවා නිවන් සුවයට වඩා උතුම් සුවයක් නැත.
“පත්තා තෙ නිබ්බානං, යෙ යුත්තා දසබලස්ස පාවචනෙ; අප්පොස්සුක්කා ඝටෙන්ති, ජාතිමරණප්පහානාය.
බුදුන්ගේ ධර්මයෙහි යෙදුණාවූ නිවන් ලබාගත්තා වූ ඔවුහු ඉපදීම හා මරණය දුරු කරගැනීම පිණිස මහත් උනන්දුවෙන් වෑයම් කරති.
“අජ්ජෙව තාතභිනික්ඛමිස්සං, භොගෙහි කිං අසාරෙහි; නිබ්බින්නා මෙ කාමා, වන්තසමා තාලවත්ථුකතා.
පියාණනි, අදම නික්ම යමි. අසාර වූ සැපතින් මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මා කලකිරී සිටින මේ කාමයන් වමාරා දමා ඇත. තල්ගසක් කැපුවාක් මෙන් වැඩීම නවත්වා ඇත.
“සා චෙවං භණති පිතරමනීකරත්තො, ච යස්ස සා දින්නා; උපයාසි වාරණවතෙ, වාරෙය්යමුපට්ඨිතෙ කාලෙ.
මා මෙසේ පියාට කියන කල්හි විවාහයට සුදුසු කාලයෙහි මා පාවා දෙනු ලැබූ වාරණවතියෙහි අණකදත්ත රජ පැමිණියේය.
“අථ අසිතනිචිතමුදුකෙ, කෙසෙ ඛග්ගෙන ඡින්දිය සුමෙධා; පාසාදං පිදහිත්වා, පඨමජ්ඣානං සමාපජ්ජි.
එවෙලෙහි මුවහත් කඩුව ගෙන මෘදු කේශ කලාපය කපාදැමූ සුමෙධා යහන් ගැබට වැද දොර වසා ප්‍රථම ධ්‍යානයට සමවැදුණාය.
“සා ච තහිං සමාපන්නා, අනීකරත්තො ච ආගතො නගරං; පාසාදෙ ච සුමෙධා, අනිච්චසඤ්ඤං සුභාවෙති.
ඇය එසේ සමවැදී සිටින කල්හි අණිකදත්ත රජ නගරයට පැමිණියේය. සුමේධා එම පහයෙහිම අනිත්‍ය සංඥාව වඩන්නීය.
“සා ච මනසි කරොති, අනීකරත්තො ච ආරුහී තුරිතං; මණිකනකභූසිතඞ්ගො, කතඤ්ජලී යාචති සුමෙධං.
ඇය භාවනාවෙහි යෙදී සිටිනවිට මිණිරුවනින් සැරසුණු රජ සැණෙකින් පහයට නැග ඇදිලි බැඳගෙන සුමේධාට ආයාචනය කරයි.
“රජ්ජෙ ආණා ධනමිස්සරියං, භොගා සුඛා දහරිකාසි; භුඤ්ජාහි කාමභොගෙ, කාමසුඛා දුල්ලභා ලොකෙ.
රාජ්‍යයෙහි ආඥාව පැතිරවිය හැකිය, ධනයට අධිපතිවිය හැකිය, සම්පත් ලැබිය හැකිය, සුවසේ විසිය හැකිය, ඔබ තවම තරුණියක, කම්සුව විඳිනු මැනවි, කම්සුව ලෙව්හි දුලබය.
“නිස්සට්ඨං තෙ රජ්ජං, භොගෙ භුඤ්ජස්සු දෙහි දානානි; මා දුම්මනා අහොසි, මාතාපිතරො තෙ දුක්ඛිතා.
මගේ රාජ්‍යය ඔබට බාරදෙමි. සැප අනුභව කරන්න, දන් දෙන්න, දොම්නස් නොවන්න, ඔබගේ දෙමවුපියෝ දුක්වෙති.
“තං තං භණති සුමෙධා, කාමෙහි අනත්ථිකා විගතමොහා; මා කාමෙ අභිනන්දි, කාමෙස්වාදීනවං පස්ස.
කාමය වුවමනා නොවූ දුරුකළ මෝහය ඇති සුමෙධා ඔහුට කියයි. කාමවිෂයෙහි සතුටු නොවන්න, කාමයෙහි ආදීනව බලන්න.
“චාතුද්දීපො රාජා, මන්ධාතා ආසි කාමභොගිනමග්ගො; අතිත්තො කාලඞ්කතො, න චස්ස පරිපූරිතා ඉච්ඡා.
සිවු දිවයින දිනුවා වූ මන්ධාතු රජතෙම කාමභෝගීන්ගේ ශ්‍රේෂ්ඨයා විය. ඔහු තෘප්තියකට නොපැමිණ කලුරිය කළේය. ඔහුගේ ආශාව ඉටුනොවීය.
“සත්ත රතනානි වස්සෙය්ය, වුට්ඨිමා දසදිසා සමන්තෙන; න චත්ථි තිත්ති කාමානං, අතිත්තාව මරන්ති නරා.
හාත්පසින් දසදෙස පුරවමින් සත්රුවන් වැසි වසීද, එහෙත් කාමයන්ගෙන් සෑහීමකට පත්නොවේ, මිනිස්සු සෑහීමකට පත්නොවීම මැරෙති.
“අසිසූනූපමා කාමා, කාමා සප්පසිරොපමා; උක්කොපමා අනුදහන්ති, අට්ඨිකඞ්කලසන්නිභා.
කාමය ආවුධ හා උල්වලට සමානය, කාමය සර්පයන්ගේ හිස්වලට සමානය, විලක්කුවලින් ඇටසැකිලි මෙන් දවාලති.
“අනිච්චා අධුවා කාමා, බහුදුක්ඛා මහාවිසා; අයොගුළොව සන්තත්තො, අඝමූලා දුඛප්ඵලා.
කාමය අනිත්‍යය, අස්ථීරය, බොහෝ දුක්වලට හේතුය, මහා විෂයක් වැනිය, යගුළියක් මෙන් දවනසුලුය, පවුවලට මූලය, නරක ප්‍රතිඵල සහිතය.
“රුක්ඛඵලූපමා කාමා, මංසපෙසූපමා දුඛා; සුපිනොපමා වඤ්චනියා, කාමා යාචිතකූපමා.
කාමය ගස්වල ගෙඩි වැනිය, මාංශපේශී වැනිය, දුක් සහගතය, සිහින වැනිය, වඤ්චනීය වෙයි, කාමය ඉල්ලාගත් දේවලට සමානය.
“සත්තිසූලූපමා කාමා, රොගො ගණ්ඩො අඝං නිඝං; අඞ්ගාරකාසුසදිසා, අඝමූලං භයං වධො.
කාමය සැත් හා උල්වලට සමානය රෝගයන්ට, ගඩුවලට දුකට මරණයට හේතුය. දැවෙන අඟුරුවළක් වැනිය. දුකට මරණයට වධයට මුලය.
“එවං බහුදුක්ඛා කාමා, අක්ඛාතා අන්තරායිකා; ගච්ඡථ න මෙ භවගතෙ, විස්සාසො අත්ථි අත්තනො.
මෙසේ කාමය අතිශය දුක්සහිතය, අන්තරායකර බව කියති. ඔබ යන්න, භවගතයන් කෙරෙහි මගේ කිසිම විශ්වාසයක් නැත.
“කිං මම පරො කරිස්සති, අත්තනො සීසම්හි ඩය්හමානම්හි; අනුබන්ධෙ ජරාමරණෙ, තස්ස ඝාතාය ඝටිතබ්බං.
තමාගේ හිස ගිනිගෙන දැවෙන කල්හි මම කුමක් කරම්ද? ජරාමරණ දෙක මා ලුහුබඳනාවිට එය නැසීම පිණිස වෑයම් කළයුතුය.
“ද්වාරං අපාපුරිත්වානහං, මාතාපිතරො අනීකරත්තඤ්ච; දිස්වාන ඡමං නිසින්නෙ, රොදන්තෙ ඉදමවොචං.
දොර විවරකොට මවුපියන් හා අණිකදත්ත ද බිම වැතිර හඬනු දැක මම එසේ කීවෙමි.
“දීඝො බාලානං සංසාරො, පුනප්පුනඤ්ච රොදතං; අනමතග්ගෙ පිතු මරණෙ, භාතු වධෙ අත්තනො ච වධෙ.
සීමාවක් නැති පිය මරණ, සොහොයුරු මරණ හා සිය මරණ කෙරෙහි නැවත නැවත හඬන්නා වූ බාලයන්ට සසර දිගය.
“අස්සු ථඤ්ඤං රුධිරං, සංසාරං අනමතග්ගතො සරථ; සත්තානං සංසරතං, සරාහි අට්ඨීනඤ්ච සන්නිචයං.
වගුළ කඳුලු පෙවූ කිරි හෙළු ලේ ඇති සසර කෙළවරක් නැති ලෙස සිහිකරන්න. සසර සැරිසරණ සත්ත්වයන්ගේ ඇට සමූහය සිහිකරන්න.
“සර චතුරොදධී, උපනීතෙ අස්සුථඤ්ඤරුධිරම්හි; සර එකකප්පමට්ඨීනං, සඤ්චයං විපුලෙන සමං.
වගුළ කඳුලු කිරි හා ලේ එක්කළවිට සිවුමහසයුරටත් අධිකය. එක කල්පයක දී එකතුකළ හැකි ඇට සමූහය විපුල පව්වටත් වඩා විශාලය.
“අනමතග්ගෙ සංසරතො, මහිං ජම්බුදීපමුපනීතං; කොලට්ඨිමත්තගුළිකා, මාතා මාතුස්වෙව නප්පහොන්ති.
දඹදිවට අයත් පොළොව ඔලිඳ ඇට පමණට ගුළිකළහොත් සසර සරන්නාගේ මවුවරුන්ගේ සංඛ්‍යාවට වඩා අඩුය.
“තිණකට්ඨසාඛාපලාසං, උපනීතං අනමතග්ගතො සර; චතුරඞ්ගුලිකා ඝටිකා, පිතුපිතුස්වෙව නප්පහොන්ති.
සීමා රහිත වූ තණ, දර අතු කොළ අඟල් හතරට බැගින් කපා පියවරුන් එකිනෙක්කෙනාට දුනහොත් ඒ කැබැලි මඳවන බව සිහිකරන්න.
“සර කාණකච්ඡපං පුබ්බසමුද්දෙ, අපරතො ච යුගඡිද්දං; සිරං තස්ස ච පටිමුක්කං, මනුස්සලාභම්හි ඔපම්මං.
පෙරදිග මුහුදෙහි සැරිසරණ කැසුබුවෙක් අපරදිග මුහුදෙහි විය සිදුරකින් බැලීම සිහිකරන්න. කැස්බාගේ ඇස ඒ විය සිදුරට යොමුවීම මිනිසත්බව ලැබීමට සමාන බව සිහිකරන්න.
“සර රූපං ඵෙණපිණ්ඩොපමස්ස, කායකලිනො අසාරස්ස; ඛන්ධෙ පස්ස අනිච්චෙ, සරාහි නිරයෙ බහුවිඝාතෙ.
පෙන පිඬක් බඳු සිරුර කිලිටිකරවන නිසරුවූ මේ රූපය සිහිකරන්න. අනිත්‍යවූ ස්කන්දයන් සිහිකරන්න. බොහෝ දුක්වෙනසුලු නිරය ගැන සිතන්න.
“සර කටසිං වඩ්ඪෙන්තෙ, පුනප්පුනං තාසු තාසු ජාතීසු; සර කුම්භීලභයානි ච, සරාහි චත්තාරි සච්චානි.
ඒ ඒ ජාතීන්හි නැවත නැවත වැඩෙන සොහොන සිහිකරන්න, කිඹුල්බිය සිහිකරන්න, චතුරාර්ය සත්‍යයන් සිහි කරන්න.
“අමතම්හි විජ්ජමානෙ, කිං තව පඤ්චකටුකෙන පීතෙන; සබ්බා හි කාමරතියො, කටුකතරා පඤ්චකටුකෙන.
නිවණ පවත්නා කල්හි පස්වැදෑරුම් කුළුරස බීමෙන් ඇති ඵලය කුමක්ද? සියලු කාමරතීහු පස්වැදෑරුම් කුළුරසයට වඩා කටුකය.
“අමතම්හි විජ්ජමානෙ, කිං තව කාමෙහි යෙ පරිළාහා; සබ්බා හි කාමරතියො, ජලිතා කුථිතා කම්පිතා සන්තාපිතා.
නිවණ පවත්නා කල්හි කාමයන්ගෙන් දැවෙන්නේ ඇයි? සියලු කාමරතීහු දවනසුලුය, කළඹවනසුලුය. සල්වනසුලුය, තවන සුලුය.
“අසපත්තම්හි සමානෙ, කිං තව කාමෙහි යෙ බහුසපත්තා; රාජග්ගිචොරඋදකප්පියෙහි, සාධාරණා කාමා බහුසපත්තා.
සතුරන් නැතිකල කාමයන්ගෙන් සතුරන් ඇතිකරගන්නේ ඇයි? කාමය රජ, ගිනි, සොර, ජලය, අප්‍රියයන් හා සතුරන් සමානය.
“මොක්ඛම්හි විජ්ජමානෙ, කිං තව කාමෙහි යෙසු වධබන්ධො; කාමෙසු හි අසකාමා, වධබන්ධදුඛානි අනුභොන්ති.
නිවණ ඇති කල්හි කාමයන්ගෙන් බැඳෙන්නේ ඇයි? කාමයෙහි ඇලුණා ලාමක වූ වධබන්ධනාදී දුක් අනුභව කරත්.
“ආදීපිතා තිණුක්කා, ගණ්හන්තං දහන්ති නෙව මුඤ්චන්තං; උක්කොපමා හි කාමා, දහන්ති යෙ තෙ න මුඤ්චන්ති.
අතින් ගත්තා වූ තණහුල බිම නොදැමුවහොත් තමා දවයි. කාමයද තණහුලට සමානය. ඒවා ඉවත් නොකළහොත් තමා දවයි.
“මා අප්පකස්ස හෙතු, කාමසුඛස්ස විපුලං ජහී සුඛං; මා පුථුලොමොව බළිසං, ගිලිත්වා පච්ඡා විහඤ්ඤසි.
කම්සුවයෙහි ඉතා සුලු සුවයක් තකා විශාල සුවයක් අත්නොහරණේය. බිලිය ගිලූ මනස්යයා මෙන් පසුව දුක්නොවන්නේය.
“කාමං කාමෙසු දමස්සු, තාව සුනඛොව සඞ්ඛලාබද්ධො; කාහින්ති ඛු තං කාමා, ඡාතා සුනඛංව චණ්ඩාලා.
සැකිල්ලෙන් බැඳුණු සුනඛයෙකු මෙන් කාමයන්හි ආශාව මැඩලන්න. කුසගින්නෙන් පෙළෙන සැඩොල්ලු සුනඛයෙකු දක යමක් කරත්ද කාමයද (එයට වසඟවූ පුද්ගලයා දැක) එසේමය.
“අපරිමිතඤ්ච දුක්ඛං, බහූනි ච චිත්තදොමනස්සානි; අනුභොහිසි කාමයුත්තො, පටිනිස්සජ අද්ධුවෙ කාමෙ.
කාමයෙහි නියැලුණු පුද්ගලයෝ ඒ අස්ථීර කාමය අත්නොහැර අප්‍රමාණ දුක්දොම්නස් අනුභව කරති.
“අජරම්හි විජ්ජමානෙ, කිං තව කාමෙහි යෙසු ජරා; මරණබ්යාධිගහිතා, සබ්බා සබ්බත්ථ ජාතියො.
නොදිරීම පවත්නා කල්හි කාමයන්ගෙන් ඔබ ජරාවට පවත්වන්නේ ඇයි? සියල්ලෝම හැම ජාතියකදීම මරණ හා ව්‍යාධියෙන් යටපත් කරගනු ලබති.
“ඉදමජරමිදමමරං, ඉදමජරාමරං පදමසොකං; අසපත්තමසම්බාධං, අඛලිතමභයං නිරුපතාපං.
මෙය නොදිරන සුලුය, නොමැරෙයි, ශෝක රහිතය, සතුරන්ගෙන් තොරය, බාධා රහිතය. කිළිටි රහිතය, බිය රහිතය, තැවීමක් නැත.
“අධිගතමිදං බහූහි, අමතං අජ්ජාපි ච ලභනීයමිදං; යො යොනිසො පයුඤ්ජති, න ච සක්කා අඝටමානෙන.
මේ අමාමහ නිවන බොහෝ දෙනා විසින් ලබාගෙන ඇත. නුවණින් මෙනෙහි කරන්නවුන්ට මෙය අදද ලබාගත හැකිය. ඒ සඳහා වෑයම් නොකරන්නවුන්ට ලබාගැනීම අපහසුය.
“එවං භණති සුමෙධා, සඞ්ඛාරගතෙ රතිං අලභමානා; අනුනෙන්තී අනිකරත්තං, කෙසෙ ච ඡමං ඛිපි සුමෙධා.
සංස්කාරයන් කෙරෙහි ඇල්මක් නොදක්වන්නා වූ සුමේධා අණිකදත්ත සනසමින් එසේ කීවාය. ඕ තම කපාගත් කෙස්වැටිය බිම හෙළුවාය.
“උට්ඨාය අනිකරත්තො, පඤ්ජලිකො යාචතස්සා පිතරං සො; විස්සජ්ජෙථ සුමෙධං, පබ්බජිතුං විමොක්ඛසච්චදස්සා.
අණිකදත්ත නැගිට ඇඳිලි බැඳගෙන විමෝක්ෂ සත්‍යය දක්නා වූ සුමේධා පැවිදිවීම සඳහා නිදහස් කරන්න යනුවෙන් පියාගෙන් ඉල්ලා සිටියේය.
“විස්සජ්ජිතා මාතාපිතූහි, පබ්බජි සොකභයභීතා; ඡ අභිඤ්ඤා සච්ඡිකතා, අග්ගඵලං සික්ඛමානාය.
මවුපියන් විසින් නිදහස් කරනු ලැබූ ශෝකභය රහිත වූ මේධා පැවිදිවී සසුනෙහි හික්මෙනු ලබන්නී ෂඩභිඥා ප්රත්යක්ෂ කළාය.
“අච්ඡරියමබ්භුතං තං, නිබ්බානං ආසි රාජකඤ්ඤාය; පුබ්බෙනිවාසචරිතං, යථා බ්යාකරි පච්ඡිමෙ කාලෙ.
ඒ රාජකන්යාවට නිර්වාණය අශ්චර්යජනක අද්භූතජනක විය. පසුකලෙක ඕතොමෝ පෙර විසූ ආත්මභාවයන් සිහිකළාය.
“භගවති කොණාගමනෙ, සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හි; සඛියො තිස්සො ජනියො, විහාරදානං අදාසිම්හ.
කෝණාගමන බුදුන්ගේ කාලයෙහි බුදුන් ඇතුළු මහා සංඝයාට යෙහෙළියන් තිදෙනාත් සමග ආරාමයක් කරවා පූජා කිරීමේ පින් මහිමය මෙවැනිය.
“දසක්ඛත්තුං සතක්ඛත්තුං, දසසතක්ඛත්තුං සතානි ච සතක්ඛත්තුං; දෙවෙසු උපපජ්ජිම්හ, කො පන වාදො මනුස්සෙසු.
දසවරක් පියවරක් සියදහස්වරක් දෙව්ලෝවල ඉපදුණෙමි. මිනිස් ලෙව්හි ඉපදීම ගැන කියනු කිම?
“දෙවෙසු මහිද්ධිකා අහුම්හ, මානුසකම්හි කො පන වාදො; සත්තරතනස්ස මහෙසී, ඉත්ථිරතනං අහං ආසිං.
දෙවිවරුන් අතර මහත් සෘද්ධිබල ඇත්තියක් වීමි. මිනිසුන් අතර නොකිවමනාය. සත්රුවන් අතර මම ස්ත්‍රී රත්නය වීමි.
“සො හෙතු සො පභවො, තං මූලං සාව සාසනෙ ඛන්තී; තං පඨමසමොධානං, තං ධම්මරතාය නිබ්බානං.
හේතුව කුමක්ද? ප්රභවය කුමක්ද? එය (පෙර කළ පින්කම) සියල්ලටම මුලය. ශාසනයෙහි ක්ෂාන්තිය (නිජ්ඣානක්ඛන්ති) එයය. එයය. බුදුසස්නෙහි පළමු හමුවීමය. එය ධර්මයෙහි ඇලුණු ඇයගේ නිවණය.
“එවං කරොන්ති යෙ සද්දහන්ති, වචනං අනොමපඤ්ඤස්ස; නිබ්බින්දන්ති භවගතෙ, නිබ්බින්දිත්වා විරජ්ජන්තී”ති. –
මෙසේ කරන්නාවූ යමෙක්හු බුදුන්ගේ වචනය අදහද්ද, භවයෙහි කලකිරෙද්ද ඔවුහු කලකිරී සියල්ලෙන් වෙන්වෙති.
ඉමා ගාථා අභාසි.
තත්ථ මන්තවතියා නගරෙති මන්තවතීති එවංනාමකෙ නගරෙ. රඤ්ඤො කොඤ්චස්සාති කොඤ්චස්ස නාම රඤ්ඤො මහෙසියා කුච්ඡිම්හි ජාතා ධීතා ආසිං. සුමෙධාති නාමෙන සුමෙධා. පසාදිතා සාසනකරෙහීති සත්ථුසාසනකරෙහි අරියෙහි ධම්මදෙසනාය සාසනෙ පසාදිතා සඤ්ජාතරතනත්තයප්පසාදා කතා.
එහි මන්තාවතියා නගරෙ - මන්තාවතී නම්වූ නගරයෙහි, රඤ්ඤො කොඤ්චස්ස - කොඤ්ච නමැති රජුගේ මෙහෙසියගේ කුසයෙන් බිහිවූ දියණියක් වීමි. සුමෙධා - නමින් සුමේධා වූ, පාසාදිතා සාසනකරෙහි - බුදුන්ගේ අනුශාසනාව පිළිපදින්නා වූ ආර්යයන්ගේ ධර්ම දේශනාව කෙරෙහි හටගත්තාවූ පැහැදීම ඇති
සීලවතීති ආචාරසීලසම්පන්නා. චිත්තකථාති චිත්තධම්මකථා. බහුස්සුතාති භික්ඛුනීනං සන්තිකෙ පරියත්තිධම්මස්සුතියුතා. බුද්ධසාසනෙ විනීතාති එවං පවත්ති, එවං නිවත්ති, ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤාති සුත්තානුගතෙන (දී· නි· 2.186) යොනිසොමනසිකාරෙන තදඞ්ගතො කිලෙසානං විනිවත්තත්තා බුද්ධානං සාසනෙ විනීතා සංයතකායවාචාචිත්තා. උභයො නිසාමෙථාති තුම්හෙ ද්වෙපි මම වචනං නිසාමෙථ, මාතාපිතරො උපගන්ත්වා භණතීති යොජනා.
සිලවතී - ආචාර සීලයෙන් සමන්විතවූ, චිත්තකථා - විසිතුරු බණකතා, බහුස්සුතා - භික්ෂුණීන් සමීපයෙහි ඇසූ ධර්මස්කන්ධය ඇති, බුද්ධසාසනෙ විනීතා - පැවැත්ම මෙසේය. නැවැත්ම මෙසේය, සීලය මෙයය, සමාධිය මෙයය, ප්‍රඥාව මෙයය යනුවෙන් සූත්‍රාගත පරිදි නුවණින් මෙනෙහි කිරීමෙන් තදංග වශයෙන් කෙලෙස් නැවැත්වීමෙන් කයින් වචසින් හා මනසින් හික්මුණා වූ, උභයො නිසාමෙථ - ඔබලා මගේ වචනයට ඇහුම්කන් දෙන්න. මවුපියන් වෙත ගොස් කියයි යනුවෙන් සම්බන්ධ කරගත යුතුය.
යදිපි දිබ්බන්ති දෙවලොකපරියාපන්නම්පි භවගතං නාම සබ්බම්පි අසස්සතං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං. කිමඞ්ගං පන තුච්ඡා කාමාති කිමඞ්ගං පන මානුසකා කාමා, තෙ සබ්බෙපි අසාරකභාවතො තුච්ඡා රිත්තා, සත්ථධාරායං මධුබින්දු විය අප්පස්සාදා, එතරහි ආයතිඤ්ච විපුලදුක්ඛතාය බහුවිඝාතා.
යදිපි දිබ්බං - දෙව්ලෝවලට ඇතුළත්වූද, භවගතවූ සියල්ලක්ම, අසස්සතං - අනිත්‍යය, දුඃඛය, විපරිණාමිකය, කිමංගපන තුච්ඡා කාමා - මිනිස් කම්සුවයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ සියල්ලම අසාර හෙයිනි. තුච්ඡා - හිස්වූ, අවිමුවතක තැබූ පැණි බිංදුවක් මෙන්, අප්පස්සාදා - දැනුදු අනාගතයෙහි මහත් දුක් ගෙනදෙන බැවින්, බහුවිඝාතා -
කටුකාති අනිට්ඨා. සප්පටිභයට්ඨෙන ආසීවිසූපමා. යෙසු කාමෙසු. මුච්ඡිතාති අජ්ඣොසිතා. සමප්පිතාති සකම්මුනා සබ්බසො අප්පිතා ඛිත්තා, උපපන්නාති අත්ථො . හඤ්ඤන්තෙති බාධීයන්ති.
කටුකා - අනිටු, භයසහිත හෙයින්, ආසිවිසූපමා - සෙසු කාමයන් කෙරෙහි, මුච්ඡිතා - බැසගත්තාවූ සමප්පිතා - ක්‍රියා වශයෙන් හැම ආකාරයෙකින්ම පිළිගන්වනු ලැබූ, අත්හළ, ඉපදුණු යන අර්ථයය. භඤ්ඤන්තෙ - බාධාකරනු ලබත්,
විනිපාතෙති අපායෙ.
විනිපාතෙ - අපායෙහි
අචෙතනාති අත්තහිතචෙතනාය අභාවෙන අචෙතනා. දුක්ඛසමුදයොරුද්ධාති තණ්හානිමිත්තසංසාරෙ අවරුද්ධා. දෙසෙන්තෙති චතුසච්චධම්මෙ දෙසියමානෙ. අජානන්තාති අත්ථං අජානන්තා. න බුජ්ඣරෙ අරියසච්චානීති දුක්ඛාදීනි අරියසච්චානි න පටිබුජ්ඣන්ති.
අචෙතනා - තමාට හිතකරවූ චේතනාවක් නොමැති හෙයින් අචෙතනා දුක්ඛසමුදයොරුද්ධා - තණ්හාව නිමිතිකොට ඇති සසරෙහි බාධා පැමිණවූ, දෙසෙන්තෙ - වතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනු ලබන කල්හි, අජානත්තා - අර්ථය නොදන්නාවූ, න බුජ්ඣරෙ අරියසච්චානි - දුක්ඛාදී වූ ආර්ය සත්‍යයන් අවබෝධකර නොගනිත්.
අම්මාති මාතරං පමුඛං කත්වා ආලපති. තෙ බහුතරා අජානන්තාති යෙ අභිනන්දන්ති භවගතං පිහෙන්ති දෙවෙසු උපපත්තිං බුද්ධවරදෙසිතානි සච්චානි අජානන්තා, තෙයෙව ච ඉමස්මිං ලොකෙ බහුතරාති යොජනා.
අම්මා - මව ප්‍රධානකර ආමන්ත්‍රණය කරයි. තෙ බහුතරා අජානන්තා යෙ අභිනන්දන්ති භවගතං පිහෙන්ති දෙවෙසු උප්පත්තිං බුද්ධවර දෙසිතානි සච්චානි අජානත්තා - යමෙක් මේ ලෝකයෙහි බහුතර වෙද්ද ඔවුහු යනුවෙන් යොදා ගත යුතුය.
භවගතෙ අනිච්චම්හීති සබ්බස්මිං භවෙ අනිච්චෙ දෙවෙසු උපපත්ති න සස්සතා, එවං සන්තෙපි න ච සන්තසන්ති බාලා න උත්තසන්ති න සංවෙගං ආපජ්ජන්ති. පුනප්පුනං ජායිතබ්බස්සාති අපරාපරං උපපජ්ජමානස්ස.
භවගතෙ අනිච්චම්හි - හැම භවයකම අනිත්‍යය පවත්නා කල්හි දෙවියන් අතර ඉපදීමද අනිත්‍යය. මෙසේ ඇති කල්හිදු න ච සන්තසං - බාලයෝ බිය නොවෙති. සංවේගයට නොපැමිණෙති. පුනප්පුනං ජායිතබ්බස්ස - නැවත නැවත උපදින්නාහට
චත්තාරො විනිපාතාති නිරයො තිරච්ඡානයොනි පෙත්තිවිසයො අසුරයොනීති ඉමෙ චත්තාරො සුඛසමුස්සයතො විනිපාතගතියො. මනුස්සදෙවූපපත්තිසඤ්ඤිතා පන ද්වෙව ගතියො කථඤ්චි කිච්ඡෙන කසිරෙන ලබ්භන්ති පුඤ්ඤකම්මස්ස දුක්කරත්තා. නිරයෙසූති සුඛරහිතෙසු අපායෙසු.
චත්තාරො විනිපාතා - නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුර නිකාය යන හතර සුවයෙන් තොරවූ හෙයින් විනිපාතගති නමින් හැඳින්වේ. මිනිස් හා දෙව්ලෝවල ඉපදීමද ගතීහු, කථඤ්චි - දුකින් අමාරුවෙන් ලබාගනිති. පින්කම් කිරීම උගහට බැවිනි. නිරයෙසු - සුවරහිතවූ අපායවල
අප්පොස්සුක්කාති අඤ්ඤකිච්චෙසු නිරුස්සුක්කා. ඝටිස්සන්ති වායමිස්සං භාවනං අනුයුඤ්ජිස්සාමි, කායකලිනා අසාරෙන භවගතෙ කිං අභිනන්දිතෙනාති යොජනා.
අප්පොස්සුක්කා - අනෙක් කාර්යයන්හි උනන්දුවක් නැති, ඝටටිස්සං - වෑයම් කරන්නෙමි, භාවනාවෙහි යෙදෙන්නෙමි, සිරුරු කිළිටෙන් අසාර වූ භවය කෙරෙහි කවර සතුටකින් යනුවෙන් යොදාගත යුතුය.
භවතණ්හාය නිරොධාති භවගතාය තණ්හාය නිරොධහෙතු නිරොධත්ථං. බුද්ධානං උප්පාදො ලද්ධො, විවජ්ජිතො නිරයූපපත්තිආදිකො අට්ඨවිධො අක්ඛණො, ඛණො නවමො ඛණො ලද්ධොති යොජනා. සීලානීති චතුපාරිසුද්ධිසීලානි. බ්රහ්මචරියන්ති සාසනබ්රහ්මචරියං. න දූසෙය්යන්ති න කොපෙය්යාමි.
භවතණ්හාය නිරොධා - භවගත තෘෂ්ණාව නැතිකිරීමේ හේතුවෙන් නිරෝධය පිණිස. බුදුවරුන්ගේ ඉපදීම ලැබිණ, විවජ්ජිතො - නිරයෙහි ඉපදීම මුල්කොට ඇති අටවැදෑරුම් අක්ඛණො ඛණො - නවවන ක්ෂණය ලබාගන්නා ලදී යනුවෙන් යොදාගත යුතුය. සීලානි - සිවුපිරිසිදු සිල්, බ්රහ්මචරියං - ශාසන බ්‍රහ්මචර්යාව, න දූසෙය්යං - නොකුප්පවමි,
න තාව ආහාරං ආහරිස්සං ගහට්ඨාති “නෙව තාව අහං ගහට්ඨා හුත්වා ආහාරං ආහරිස්සාමි, සචෙ පබ්බජ්ජං න ලභිස්සාමි, මරණවසමෙව ගතා භවිස්සාමී”ති එවං සුමෙධා මාතාපිතරො භණතීති යොජනා.
න තාව ආහාරං ආභරියාමි ගහට්ඨා - මම ගිහියෙකු වී තවත් ආහාර නොගන්නෙමි ඉදින් පැවිදිවීම නොලබන්නෙම් නම් මරණයට පැමිණෙන්නෙමි. මෙසේ සුමේධා මවුපියන්ට කියයි යනු සම්බන්ධයය.
අස්සාති සුමෙධාය. සබ්බසො සමභිහතොති අස්සූහි සබ්බසො අභිහතමුඛො. ඝටෙන්ති සඤ්ඤාපෙතුන්ති පාසාදතලෙ ඡමාපතිතං සුමෙධං මාතා ච පිතා ච ගිහිභාවාය සඤ්ඤාපෙතුං ඝටෙන්ති වායමන්ති. “ඝටෙන්ති වායමන්තී”තිපි පාඨො, සො එවත්ථො.
අස්සා - සුමේධාගේ සබ්බසො සමභිගතො - හාත්පසින් කඳුලු වැකුණු මුහුණින් යුක්තව, ඝටෙන්ති සඤ්ඤාපෙතුං - පහයෙහි වැතිරී සිටි සුමේධාට අවබෝධ කරවීමට මවුපියෝ තැත්කරති. ඝටෙන්ති වායමන්ති යනුවෙන් ද පාඨයකි. අර්ථය එයමය.
කිං සොචිතෙනාති “පබ්බජ්ජං න ලභිස්සාමී”ති කිං සොචනෙන. දින්නාසි වාරණවතිම්හීති වාරණවතීනගරෙ දින්නා අසි. “දින්නාසී”ති වත්වා පුනපි “ත්වං දින්නා”ති වචනං දළ්හං දින්නභාවදස්සනත්ථං.
කිං සොචිතෙන - පැවිද්ද නොලබන්නෙමැයි දුක්වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? දින්නාසි වාරණවතිම්හි - වාරණවතී නගරයෙහි (රජුට) දෙන ලද්දෙහිය. ඔබ දෙන ලද්දෙහි යයි කියා නැවත දෙනලදැයි කියා තිබෙන්නේ අවධාරණය පිණිසය.
රජ්ජෙ ආණාති අනිකරත්තස්ස රජ්ජෙ තව ආණා පවත්තති. ධනමිස්සරියන්ති ඉමස්මිං කුලෙ පතිකුලෙ ච ධනං ඉස්සරියඤ්ච, භොගා සුඛා අතිවිය ඉට්ඨා භොගාති සබ්බමිදං තුය්හං උපට්ඨිතං හත්ථගතං. දහරිකාසීති තරුණී චාසි, තස්මා භුඤ්ජාහි කාමභොගෙ. තෙන කාරණෙන වාරෙය්යං හොතු තෙ පුත්තාති යොජනා.
රජ්ජෙ ආණා - අණිකදත්තගේ රාජ්‍යයෙහි ඔබේ අණ පැතිරවිය හැකිය. ධනමිස්සරියං - මේ පවුලෙහි හා සැමියාගේ පවුලෙහි සියලු ධනයට ඔබ අධිපතිය. භොගා සුඛා - බෙහෙවින් කැමැතිවන සැපසම්පත් යන මේ සියල්ලම ඔබේ අතට පත්වන්නේය. දහරිකාසි තරුණියක් ද වෙහි. එහෙයින් භුඤ්ජාහි කාමභොගෙ - ඒ කාරණය නිසා පුතුන් උදෙසා විවාහ වේවා යනුවෙන් සම්බන්ධ වේ.
නෙති මාතාපිතරො. මා එදිසිකානීති එවරූපානි රජ්ජෙ ආණාදීනි මා භවන්තු. කස්මාති චෙ ආහ “භගවතමසාර”න්තිආදි.
තෙ - මවුපියෝ, මා ඊදිසිකානි - රාජ්‍යයෙහි මෙවැනි අණ නොවේවා, එහෙයින් භවගතමසාරං ආදිය කීවාය.
කිමිවාති කිමි විය. පූතිකායන්ති ඉමං පූතිකළෙවරං. සවනගන්ධන්ති විස්සට්ඨවිස්සගන්ධං. භයානකන්ති අවීතරාගානං භයාවහං. කුණපං අභිසංවිසෙය්යං භස්තන්ති කුණපභරිතං චම්මපසිබ්බකං, අසකිං පග්ඝරිතං අසුචිපුණ්ණං නානප්පකාරස්ස අසුචිනො පුණ්ණං හුත්වා අසකිං සබ්බකාලං අධිපග්ඝරන්තං “මම ඉද”න්ති අභිනිවෙසෙය්යං.
කිමිව - පණුවන් මෙන්, පූතිකායං - මේ කුණු සිරුර, සවනගන්ධ - පැතිරී යන දුගඳ, භයානකං - රාගය පහනොකළවුන්ට බිය ගෙනදෙනසුලු, කුණපම්භිසංවිසෙය්යං භස්තං - කුණපයෙන් පිරුණු සම්පසුම්බියක්, අසකිං පග්ඝරණං අසුචි පුණ්ණං - නොයෙක් ආකාරයේ අශුචිවලින් පිරී නිතරම වැගිරෙණ මෙය මගේ යයි බැසගන්නාවූ,
කිමිව තහං ජානන්තී, විකූලකන්ති අතිවිය පටික්කූලං අසුචීහි මංසපෙසීහි සොණිතෙහි ච උපලිත්තං අනෙකෙසං කිමිකුලානං ආලයං සකුණානං භත්තභූතං. “කිමිකුලාලසකුණභත්ත”න්තිපි පාඨො, කිමීනං අවසිට්ඨසකුණානඤ්ච භත්තභූතන්ති අත්ථො. තං අහං කළෙවරං ජානන්තී ඨිතා. තං මං ඉදානි වාරෙය්යවසෙන කිස්ස කෙන නාම කාරණෙන දිය්යතීති දස්සෙති. තස්ස තඤ්ච දානං කිමිව කිං විය හොතීති යොජනා.
කිමිව නාහං ජානන්ති විකුලිකං - අතිශයෙන් පිළිකුල් උපදවන අශූචියෙහි මාංශපේශියකැයි ලෙයින් වැකුණු නොයෙක් පණුකැලට නිවෙසක් වූ පක්ෂීන්ට ආහාරයක් වූ, පණුකැලට හා පක්ෂීන්ට ආහාර වූ යනුවෙන් ද පාඨයකි. පණුවන්ට මෙන් සෙසු පක්ෂීන්ටද ආහාරය වූ යනු එහි තේරුමය. තං අහං සිරුර ජානන්ති දැන් විවාහ වශයෙන් සිටියාවූ, කිස්ස - කවර නම් කරුණෙකින් දෙනු ලැබේයි දක්වයි. ඔහුගේ ඒ දීමද කිමිව කුමක් මෙන් වේද, යනුවෙන් යෙදේ.
නිබ්බුය්හති සුසානං, අචිරං කායො අපෙතවිඤ්ඤාණොති අයං කායො අචිරෙනෙව අපගතවිඤ්ඤාණො සුසානං නිබ්බුය්හති උපනීයති. ඡුද්ධොති ඡඩ්ඩිතො. කළිඞ්ගරං වියාති නිරත්ථකකට්ඨඛණ්ඩසදිසො. ජිගුච්ඡමානෙහි ඤාතීහීති ඤාතිජනෙහිපි ජිගුච්ඡමානෙහි.
නිබ්බුයහති සුසානං අචිරං කායො අපෙතවිඤ්ඤාණො - මේ සිරුර නොබෝ කලෙකින්ම විඥානයෙන් තොරවූ පසු සොහොනට ගෙනයනු ලැබේ. ජුද්ධො අත්හළ කලිංඝරං විය - වැඩකට නැති දඬු කැබැල්ලක් වැනි, ජිගුච්ඡමානෙහි ඤාතීහි - නෑයන් විසිනුදු පිළිකුල් කරන
ඡුද්ධූන නං සුසානෙති නං කළෙවරං සුසානෙ ඡඩ්ඩෙත්වා. පරභත්තන්ති පරෙසං සොණසිඞ්ගාලාදීනං භත්තභූතං. න්හායන්ති ජිගුච්ඡන්තාති “ඉමස්ස පච්ඡතො ආගතා”ති එත්තකෙනාපි ජිගුච්ඡමානා සසීසං නිමුජ්ජන්තා න්හායන්ති, පගෙව ඵුට්ඨවන්තො. නියකා මාතාපිතරොති අත්තනො මාතාපිතරොපි. කිං පන සාධාරණා ජනතාති ඉතරො පන සමූහො ජිගුච්ඡතීති කිමෙව වත්තබ්බං.
ඡුද්ධුන තං සුසානෙ - ඒ මළසිරුර සොහොනෙහි දමා, පරභත්තං - අනුන්ගේ, බලු සිවල් ආදින්ගේ ආහාරය වූ, නාහායන්ති ජිගුච්ඡන්ති - ඇයගේ පසුපසින් පැමිණියේ යයි මෙපමණකින් පිළිකුල් කරන්නී හිස සහිත සිරුර දියෙහි ගිල්වමින් නහන්නී, ස්පර්ශකළේ නම් කියනු කිම, නියතා මාතා පිතරො - තමාගේ දෙමවුපියන් පවා, කිං පන සාධාරණා ජනතා - සෙසු ජනතාව පිළිකුල් නොකෙරේ යයි කිවයුතු නොවේ.
අජ්ඣොසිතාති තණ්හාවසෙන අභිනිවිට්ඨා. අසාරෙති නිච්චසාරාදිසාරරහිතෙ.
අජ්ඣොසිතා - තෘෂ්ණා වශයෙන් බැසගත්තා වූ අසාරෙ - නිත්‍ය වශයෙන් සාරයක් නොමැති,
විනිබ්භුජිත්වාති විඤ්ඤාණවිනිබ්භොගං කත්වා. ගන්ධස්ස අසහමානාති ගන්ධං අස්ස කායස්ස අසහන්තී. සකාපි මාතාති අත්තනො මාතාපි ජිගුච්ඡෙය්ය කොට්ඨාසානං විනිබ්භුජ්ජනෙන පටික්කූලභාවාය සුට්ඨුතරං උපට්ඨහනතො.
විනිබ්භුජිත්වා - විඥානයෙන් වෙනස හැඳිනගෙන, ගන්ධස්ස අසහමානා - මේ සිරුරෙහි දුගඳ ඉවසා ගනු නොහැකිව, සකාපි මාතා - තමාගේ මව පවා, ජිගුච්ඡෙය්ය - කොටස් වශයෙන් වෙන්කර බැලීමෙන් පිළිකුල් බවට වැඩි වශයෙන් වහල්වන,
ඛන්ධධාතුආයතනන්ති රූපක්ඛන්ධාදයො ඉමෙ පඤ්චක්ඛන්ධා, චක්ඛුධාතුආදයො ඉමා අට්ඨාරසධාතුයො, චක්ඛායතනාදීනි ඉමානි ද්වාදසායතනානීති එවං ඛන්ධා ධාතුයො ආයතනානි චාති සබ්බං ඉදං රූපාරූපධම්මජාතං සමෙච්ච සම්භුය්ය පච්චයෙහි කතත්තා සඞ්ඛතං, තයිදං තස්මිං භවෙ පවත්තමානං දුක්ඛං, ජාතිපච්චයත්තා ජාතිමූලකන්ති. එවං යොනිසො උපායෙන අනුවිචිනන්තී චින්තයන්තී, වාරෙය්යං විවාහං, කිස්ස කෙන කාරණෙන ඉච්ඡිස්සාමි.
ඛන්ධධාතු ආයතනං - රූපස්කන්ධාදී මේ පඤ්චස්ඛන්ධයෝ ද චක්ෂු ආදී මේ ධාතු දහඅට හා චක්ෂු ආදී මේ දොළොස්වැදෑරුම් ආයතනද යනාදී සියලු රූපාරූපාදී ධර්මසමූහය එකතුවී හේතු වශයෙන් නිපදවී තිබෙන හෙයින් සංඛතං - ඔබ විසින් මේ භවයෙහි පවත්වනු ලබන්නාවූ, දුක්ඛං - ඉපදීම හේතුකොට ඇති හෙයින් ජාතිමූලකං මෙසේ යොනිසො - උපායයෙන් අනුවිචිනන්ති - සිතන්නී, වාරෙය්යං - විවාහය කිස්ස - කවර කරුණකින් කැමැතිවන්නෙම්ද?
“සීලානි බ්රහ්මචරියං, පබ්බජ්ජා දුක්කරා”ති යදෙතං මාතාපිතූහි වුත්තං තස්ස පටිවචනං දාතුං “දිවසෙ දිවසෙ”තිආදි වුත්තං. තත්ථ දිවසෙ දිවසෙ තිසත්තිසතානි නවනවා පතෙය්යුං කායම්හීති දිනෙ දිනෙ තීණි සත්තිසතානි තාවදෙව පීතනිසිතභාවෙන අභිනවානි කායස්මිං සම්පතෙය්යුං. වස්සසතම්පි ච ඝාතො සෙය්යොති නිරන්තරං වස්සසතම්පි පතමානො යථාවුත්තො සත්තිඝාතො සෙය්යො. දුක්ඛස්ස චෙවං ඛයොති එවං චෙ වට්ටදුක්ඛස්ස පරික්ඛයො භවෙය්ය, එවං මහන්තම්පි පවත්තිදුක්ඛං අධිවාසෙත්වා නිබ්බානාධිගමාය උස්සාහො කරණීයොති අධිප්පායො.
සීලානි බ්රහ්මචරියං පබ්බජ්ජා දුක්කරා - මවුපියන් කියූ යම් අදහසක් වේද එයට පිළිතුරු දීමට දිවසෙ දිවසෙ ආදිය කියන ලදී. එහි දිවසෙ දිවසෙ තිසත්තිසතානි නවනවා පතෙය්යුං කායම්හි - දිනපතා හැත්තෑතුන් දහසක් එකවිටම විස බොන බැවින් අලුත් අලුත් දේ සිරුරෙහි වැටෙයි. වස්සසතම්පිච ඝාතො සෙය්යො - වසර සියයක් පවා ඉහත කියනලද පරිදි විෂ වැටෙන හෙයින් අවියකින් මරණු ලැබීම වඩා යෙහෙකි. දුක්ඛස්ස චෙවං ඛයො - ඉදින් මෙසේ සසරදුක් ඉවසා නිවන් අවබෝධ කරගනු පිණිස උත්සාහ කළ යුතුය යන අදහසය.
අජ්ඣුපගච්ඡෙති සම්පටිච්ඡෙය්ය. එවන්ති වුත්තනයෙන. ඉදං වුත්තං හොති – යො පුග්ගලො අනමතග්ගං සංසාරං අපරිමාණඤ්ච වට්ටදුක්ඛං දීපෙන්තං සත්ථුනො වචනං විඤ්ඤාය ඨිතො යථාවුත්තං සත්තිඝාතදුක්ඛං සම්පටිච්ඡෙය්ය, තෙන චෙව වට්ටදුක්ඛස්ස පරික්ඛයො සියාති. තෙනාහ – “දීඝො තෙසං සංසාරො, පුනප්පුනඤ්ච හඤ්ඤමානාන”න්ති, අපරාපරං ජාතිජරාබ්යාධිමරණාදීහි බාධියමානානන්ති අත්ථො.
අජ්ඣුපගච්ඡෙ - පිළිගන්නේය. එවං - කියනලද පරිදි, මෙය කියන ලද්දේ වෙයි. යම් පුද්ගලයෙක් කෙළවරක් නොපෙනෙන සසරද අප්‍රමාණ වූ සසරදුක් ද පෙන්වා දෙන බුදුවදන දැනගෙන සිටියේ කියනලද පරිදි අවියකින් පහරා මරණවිට ලැබෙන දුක ඉවසන්නේය, එයිනුදු පවත්නා දුක නිමවේද? එහෙයින් කියන ලදී. දීඝො තෙසං සංසාරො පුනප්පුනං හඤ්ඤමානානං - එහි පුනප්පුනං හඤ්ඤමානං - නොයෙක් භවයන්හි ජාතිජරා ව්‍යාධි,මරණ ආදියෙන් බාධා කරනු ලබන්නේ යන අර්ථයය.
අසුරකායෙති කාලකඤ්චිකාදි පෙතාසුරනිකායෙ. ඝාතාති කායචිත්තානං උපඝාතා වධා.
අසුරකායෙ - කාලකච්ඡාදී ප්‍රේත අසුර නිකායයෙහි, ඝාතා - කායමනෝ ආදියෙහි මරණය,
බහූති පඤ්චවිධබන්ධනාදිකම්මකාරණවසෙන පවත්තියමානා බහූ අනෙකඝාතා. විනිපාතගතස්සාති සෙසාපායසඞ්ඛාතං විනිපාතං උපගතස්සාපි. පීළියමානස්සාති තිරච්ඡානාදිඅත්තභාවෙ අභිඝාතාදීහි ආබාධියමානස්ස. දෙවෙසුපි අත්තාණන්ති දෙවත්තභාවෙසුපි තාණං නත්ථි රාගපරිළාහාදිනා සදුක්ඛසවිඝාතභාවතො. නිබ්බානසුඛා පරං නත්ථීති නිබ්බානසුඛතො පරං අඤ්ඤං උත්තමං සුඛං නාම නත්ථි ලොකියසුඛස්ස විපරිණාමසඞ්ඛාරදුක්ඛසභාවත්තා . තෙනාහ භගවා – “නිබ්බානං පරමං සුඛ”න්ති (ධ· ප· 203-204).
බහූ පස්වැදෑරුම් වධබන්ධනාදී ක්‍රියා, පවත්නා වූ විවිධ බොහෝ ඝාතන, විනිපාතගතස්ස - සෙසු අපාය සංඛ්‍යාත විනිපාත නරකයට ගියහුගේ පවා, පීළියමානස්ස - තිරිසන් ආදී ආත්මභාවයන්හි වධබන්ධනාදියෙන් බාධා කරනු ලබන්නහුගේ, දෙවෙසුපි අත්තාණං - දිව්‍යාත්ම භාවයෙහි පවා ආරක්ෂාවක් නැත, රාග ගින්නෙන් ඇතිවන දුක් සහගත පීඩා ඇති හෙයින් නිබ්බානසුඛා පරං නත්ථි - නිවන් සැප හැරණු විට අනෙක් උතුම් සංස්කාර දුක් ස්වභාවයෙන්ම ඇතිවන හෙයින් බුදුහු එහෙයින් කීහ. ‘නිර්වාණය පරම සුවය වේ’ යනුවෙනි.
පත්තා තෙ නිබ්බානන්ති තෙ නිබ්බානං පත්තායෙව නාම. අථ වා තෙයෙව නිබ්බානං පත්තා. යෙ යුත්තා දසබලස්ස පාවචනෙති සම්මාසම්බුද්ධස්ස සාසනෙ යෙ යුත්තා පයුත්තා.
පත්තා තෙ නිබ්බානං - ඔවුහු නිවණට පැමිණියාහුම වෙත්, නැතහොත් ඔවුහුම නිවණට පැමිණියාහු වෙත්. යෙ යුත්තා දසබලස්ස පාවචනෙ - බුදුන්ගේ සසුනෙහි යමෙක් නියුතුවීද.
නිබ්බින්නාති විරත්තා. මෙති මයා. වන්තසමාති සුවානවමථුසදිසා. තාලවත්ථුකතාති තාලස්ස පතිට්ඨානසදිසා කතා.
තිබ්බින්නාති - කලකිරුණු, මෙ මා විසින්, වනතසමා - වමනයට සමාන, තාලාවත්ථුකතා - තල්ගසක් තැබූ තැනක් මෙන් කරන ලද,
අථාති පච්ඡා, මාතාපිතූනං අත්තනො අජ්ඣාසයං පවෙදෙත්වා අනිකරත්තස්ස ච ආගතභාවං සුත්වා. අසිතනිචිතමුදුකෙති ඉන්දනීලභමරසමානවණ්ණතාය අසිතෙ, ඝනභාවෙන නිචිතෙ, සිම්බලිතූලසමසම්ඵස්සතාය මුදුකෙ. කෙසෙ ඛග්ගෙන ඡින්දියාති අත්තනො කෙසෙ සුනිසිතෙන අසිනා ඡින්දිත්වා. පාසාදං පිදහිත්වාති අත්තනො වසනපාසාදෙ සිරිගබ්භං පිධාය, තස්ස ද්වාරං ථකෙත්වාති අත්ථො. පඨමජ්ඣානං සමාපජ්ජීති ඛග්ගෙන ඡින්නෙ අත්තනො කෙසෙ පුරතො ඨපෙත්වා තත්ථ පටික්කූලමනසිකාරං පවත්තෙන්තී යථාඋපට්ඨිතෙ නිමිත්තෙ උප්පන්නං පඨමං ඣානං වසීභාවං ආපාදෙත්වා සමාපජ්ජි.
අථ - පසුව, දෙමවුපියන්ට තම අදහස දන්වා, අණිකදත්ත පැමිණි බවද අසා, අසිතනිචිත මුදුකෙ - ඉඳුනිල් හා බඹර පැහැයට සමානවූ කළු පැහැයෙන් යුත්, ඝනව වැඩීගිය, කෙස් කළඹ ඉඹුල් පුලුන් මෙන් මොළොක් පහස ගෙනදෙන හෙයින්, මුදුකෙ කෙසෙ ඛග්ගෙන ඡින්දිය - තමාගේ කෙස් වැටිය මුවහත් කඩුවකින් කපා, පාසාදං ච පිධෙත්වා - තමා වෙසෙන පහයෙහි සිරියහන් ගබඩා වසා, එහි දොරට අගුල් ලා යන අදහසය. පඨමජ්ඣානං සමාපජ්ජි - කඩුවෙන් සිඳි කෙස් තමා ඉදිරියෙහි තබා ගෙන එහිලා පිළිකුල් හැඟීම උපදවා නිමිති උපන් කල්හි පහළ වූ ප්‍රථම ධ්‍යානය වසඟ කරගෙන එයට සමවැදුණාය.
සා ච සුමෙධා තහිං පාසාදෙ සමාපන්නා ඣානන්ති අධිප්පායො. අනිච්චසඤ්ඤං සුභාවෙතීති ඣානතො වුට්ඨහිත්වා ඣානං පාදකං කත්වා විපස්සනං පට්ඨපෙත්වා “යංකිඤ්චි රූප”න්තිආදිනා (අ· නි· 4.181; ම· නි· 1.244; පටි· ම· 1.48) අනිච්චානුපස්සනං සුට්ඨු භාවෙති, අනිච්චසඤ්ඤාගහණෙනෙව චෙත්ථ දුක්ඛසඤ්ඤාදීනම්පි ගහණං කතන්ති වෙදිතබ්බං. මණිකනකභූසිතඞ්ගොති මණිවිචිත්තෙහි හෙමමාලාලඞ්කාරෙහි විභූසිතගත්තො.
ඒ සුමේධාතොමෝ ඒ පහයෙහිම දැහැනට සමවැදුණාය යන තේරුමය. අනිච්චසඤ්ඤා සුභාවෙති - දැහැනෙන් නැගිට ධ්‍යානය පාදකකොට විදසුන පිහිටුවා යම් කිසිවක් රූපය වශයෙන් ගැනේද යනාදී වශයෙන් අනිත්‍ය භාවනාව මැනැවින් වඩයි. මෙහි අනිත්‍ය සංඥාව ලැබීමත් සමග මණිකන්කි භූසිතංගො - මැණික් ඔබ්බා සාදනලද රත්තරන් මාල ආදියෙන් සරසනු ලැබූ
රජ්ජෙ ආණාතිආදි යාචිතාකාරනිදස්සනං. තත්ථ ආණාති ආධිපච්චං. ඉස්සරියන්ති යසො විභවසම්පත්ති. භොගා සුඛාති ඉට්ඨා මනාපියා කාමූපභොගා. දහරිකාසීති ත්වං ඉදානි දහරා තරුණී අසි.
රජ්ජේ ආණා - මෙය ඇයගෙන් ඉල්ලා සිටි අයුරු පෙන්වීමය. එහි ආණා - ආධිපත්‍යය, ඉස්සරියං - කීර්තිය හා සැපසම්පත්, භොගා සුඛා - ඉෂ්ට වූ මනවඩන්නාවූ කම්සැප, දහරිකාසි - දැන් ඔබ තරුණියකි,
නිස්සට්ඨං තෙ රජ්ජන්ති මය්හං සබ්බම්පි තියොජනිකං රජ්ජං තුය්හං පරිච්චත්තං, තං පටිපජ්ජිත්වා භොගෙ ච භුඤ්ජස්සු, අයං මං කාමෙහියෙව නිමන්තෙතීති මා දුම්මනා අහොසි. දෙහි දානානීති යථාරුචියා මහන්තානි දානානි සමණබ්රාහ්මණෙසු පවත්තෙහි, මාතාපිතරො තෙ දුක්ඛිතා දොමනස්සප්පත්තා තව පබ්බජ්ජාධිප්පායං සුත්වා තස්මා කාමෙ පරිභුඤ්ජන්තී. තෙපි උපට්ඨහන්තී තෙසං චිත්තං දුක්ඛා මොචෙහීති එවමෙත්ථ පදත්ථයොජනා වෙදිතබ්බා.
නිස්සට්ඨ මත්තෙ රජ්ජං - මගේ සම්පූර්ණ යොදුන් තැනක රාජ්‍යය, ඔබට ත්‍යාග කර ඇත, එය පිළිගෙන සැපසම්පත් අනුභව කරන්න. මෙතෙම මා කාමයන්ගෙන් පමණක් ඇරයුම් කරයි සිතමින් දොම්නස් නොවන්න. දෙහි දානානි - ඔබට රිසි පරිදි මහණ බමුණන්ට මහ දන් දෙන්න. මාතාපිතරො තෙ දුක්ඛිතා - ඔබගේ දෙමාපියෝ දොම්නසට පැමිණියාහුය, ඔබ පැවිදිවීමට කර තිබෙන තීරණය අසා ඔබ කාමයන්ද සේවනය කරමින් මවුපියන්ටද උපස්ථාන කරමින් ඔවුන් දුකින් මුදන්න. මෙහි පදයෙදීම මේ අයුරින් දතයුතුය.
මා කාමෙ අභිනන්දීති වත්ථුකාමෙ කිලෙසකාමෙ මා අභිනන්දි. අථ ඛො තෙසු කාමෙසු ආදීනවං දොසං මය්හං වචනානුසාරෙන පස්ස ඤාණචක්ඛුනා ඔලොකෙහි.
මා කාම අභිනන්දි - ක්ලේශ කාමයන් කෙරෙහි ඇල්ම නොකරන්න. ඉක්බිති ඒ කාමසම්පත්ති කෙරෙහි ආදිනවං - දොස්, මගේ වචනවලට අනුව පස්ස - නැණැසින් බලන්න.
චාතුද්දීපොති ජම්බුදීපාදීනං චතුන්නං මහාදීපානං ඉස්සරො. මන්ධාතාති එවංනාමො රාජා, කාමභොගීනං අග්ගො අග්ගභූතො ආසි. තෙනාහ භගවා – “රාහුග්ගං අත්තභාවීනං, මන්ධාතා කාමභොගින”න්ති (අ· නි· 4.15). අතිත්තො කාලඞ්කතොති චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළාවසෙන චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජවසෙන චතුරාසීතිවස්සසහස්සානි චක්කවත්තී රාජා හුත්වා දෙවභොගසදිසෙ භොගෙ භුඤ්ජිත්වා ඡත්තිංසාය සක්කානං ආයුප්පමාණකාලං තාවතිංසභවනෙ සග්ගසම්පත්තිං අනුභවිත්වාපි කාමෙහි අතිත්තොව කාලඞ්කතො. න චස්ස පරිපූරිතා ඉච්ඡා අස්ස මන්ධාතුරඤ්ඤො කාමෙසු ආසා න ච පරිපුණ්ණා ආසි.
චාතුද්දීපො - ජම්බුද්වීපය ආදී සිවු දිවයින්වලට අග්‍රවූ, මන්ධාතා - එනම් රජ, කම්සුව විඳින්නවුන්ගෙන් අග්ගො - ප්‍රධානියා විය. එහෙයින් කීහ බුදුහු: රාගය වැඩූ කාමභෝගීන්ගෙන් මන්ධාතුය. අතිත්තො කාලං කතො - සුවාසුදහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද සුවාසුදහසක් අවුරුදු යුවරජු වශයෙන් ද වසර සුවාසු දහසක් සක්විති රජෙකු වශයෙන් ද දෙව්සැප හා සමාන සැප විඳ ශක්‍රයන් තිස්හය දෙනෙකුගේ ආයු ප්‍රමාණයක් තවුතිසා භවනයෙහි සගසැප වළඳා කාමයන්ගෙන් සෑහීමකට පත් නොවීම මළේය. කාමෙසු න චස්ස පරිපූරිතා ඉච්ඡා - ඒ මන්ධාතු රජුගේ කාමාශාවන් සම්පූර්ණ නොවීය.
සත්ත රතනානි වස්සෙය්යාති සත්තපි රතනානි, වුට්ඨිමා දෙවො දසදිසා බ්යාපෙත්වා, සමන්තෙන සමන්තතො පුරිසස්ස රුචිවසෙන යදිපි වස්සෙය්ය, යථා තං මන්ධාතුමහාරාජස්ස එවං සන්තෙපි න චත්ථි තිත්ති කාමානං, අතිත්තාව මරන්ති නරා. තෙනාහ භගවා – “න කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජතී”ති (ධ· ප· 186; ජා· 1.3.23).
සත්තරතනානි වස්සෙය්ය - සත්රුවන් වුට්ඨිමා - වැස්ස දසදෙස වසමින් සමන්තෙන - පුද්ගලයාගේ රුචිය පරිදි හාත්පස රිසිඅයුරු වැසි වසීද මන්ධාතු රජුන්ගේ තත්ත්වය ද එසේම පවතින්නා නමුදු නචත්ථි තිත්ති කාමානං - මිනිස්සු කාමයන්ගෙන් සෑහීමකට පත් නොවීම මරණයට පත්වෙති, එහෙයින් කීහ බුදුහු. කහවණුවැසි වැසීමෙන් පවා කාමයන්හි තෘප්තියක් නොපැනේ.
අසිසූනූපමා කාමා අධිකුට්ටනට්ඨෙන, සප්පසිරොපමා සප්පටිභයට්ඨෙන, උක්කොපමා තිණුක්කූපමා අනුදහනට්ඨෙන. තෙනාහ “අනුදහන්තී”ති. අට්ඨිකඞ්කලසන්නිභා අප්පස්සාදට්ඨෙන.
අසීසූනු පමා කාමා - කඩුවෙන් කපන යන අර්ථයෙන්, සප්පිසිරූපමා කාමා - බිය සහිත හෙයින්, උක්කුපමා - පුලුස්සන හෙයින් තණසුලක් බඳු, එහෙයින් කියන ලදී. ‘දවති’ යනුවෙනි. අට්ඨිකංඛල - සමානය, නොපැහැදෙන යන අර්ථයෙනි.
මහාවිසාති හලාහලාදිමහාවිසසදිසා. අඝමූලාති අඝස්ස දුක්ඛස්ස මූලා කාරණභූතා. තෙනාහ “දුඛප්ඵලා”ති.
මහා විසා - හලාහල වැනි අධික විෂ ඇති, අඝස්ස - දුකෙහි, මූලා - හේතු වූ, එහෙයින් කියන ලදී දුක්සහගත විපාක ඇති,
රුක්ඛප්ඵලූපමා අඞ්ගපච්චඞ්ගානං ඵලිභඤ්ජනට්ඨෙන. මංසපෙසූපමා බහුසාධාරණට්ඨෙන. සුපිනොපමා ඉත්තරපච්චුපට්ඨානට්ඨෙන මායා විය පලොභනතො. තෙනාහ “වඤ්චනියා”ති, වඤ්චකාති අත්ථො. යාචිතකූපමාති යාචිතකභණ්ඩසදිසා තාවකාලිකට්ඨෙන.
රුක්ඛඵලුපමා - අඟපසඟ කැඩී බිඳී යන අර්ථයෙනි. මංසපෙසූපමා - බොහෝ සෙයින් සාධාරණවන හෙයින්, සුපිනුපමා - සුලු මොහොතකට සැනසුමක් ගෙනදෙන අරුතින් හෝ මායාවක් මෙන් පොළඹවන යන අරුතින්, වඤ්චනිකයා යන තේරුමය. යාචිතකුපමා - ඉල්ලාගත් බඩුවක් මෙන් තාවකාලිකය යන අර්ථයෙනි.
සත්තිසූලූපමා විනිවිජ්ඣනට්ඨෙන. රුජ්ජනට්ඨෙන රොගො දුක්ඛතාසුලභත්තා. ගණ්ඩො කිලෙසාසුචිපග්ඝරණතො. දුක්ඛුප්පාදනට්ඨෙන අඝං. මරණසම්පාපනෙන නිඝං. අඞ්ගාරකාසුසදිසා මහාභිතාපනට්ඨෙන. භයහෙතුතාය චෙව වධකපහූතතාය ච භයං වධො නාම, කාමාති යොජනා.
සත්තිසුලුපමා - විනිවිද යන හෝ රිදවන යන අරුතෙනි, රොගා - දුක සුලබ බැවින්, ගණ්ඩො - කෙලෙස් නමැති අශූචි වැගිරෙන හෙයින් දුක් උපදවන යන අර්ථයෙන්, අඝං - මරණය පමුණුවන හෙයින්, නීඝං අංගාරකාසු සදිසා - දැඩි ලෙස තවන යන තේරුමෙන්, භය හේතුවෙන් මෙන්ම හිරිහැර බහුල බැවින් භයං වධො - නම්වේ. කාමයො යනුවෙන් එය සම්බන්ධ කරගත යුතුය.
අක්ඛාතා අන්තරායිකාති “සග්ගමග්ගාධිගමස්ස නිබ්බානගාමිමග්ගස්ස ච අන්තරායකරා”ති චක්ඛුභූතෙහි බුද්ධාදීහි වුත්තා. ගච්ඡථාති අනිකරත්තං සපරිසං විස්සජ්ජෙති.
අක්ඛාතා අන්තරායිකා - සගමගට හා නිවන්මගට අන්තරාය කරන්නාවූ දෙනෙත බඳු බුද්ධාදීන් විසින් කියා ඇත. ගච්ඡථ - පිරිස් සහිත අණිකදත්ත විසුරුවා හරියි.
කිං මම පරො කරිස්සතීති පරො අඤ්ඤො මම කිං නාම හිතං කරිස්සති අත්තනො සීසම්හි උත්තමඞ්ගෙ එකාදසහි අග්ගීහි ඩය්හමානෙ. තෙනාහ “අනුබන්ධෙ ජරාමරණෙ”ති. තස්ස ජරාමරණස්ස සීසඩාහස්ස, ඝාතාය සමුග්ඝාතාය, ඝටිතබ්බං වායමිතබ්බං.
කිං මම පරො කරිස්සති - අනෙක් කෙනෙක් කවර නම් යහපතක් මට කරත්ද, සීසම්හි - එකොළොස් වැදෑරූම් ගින්නකින් හිස දැවෙන කල්හි, එහෙයින් කීහ. ජරාමරණ දෙක ලුහුබඳනා කල්හි තස්ස - ජරාමරණ දෙකෙන් හිස දැවීම, ඝාතාය - විනාශය පිණිස, ඝටිතබ්බං - වෑයම් කළයුතුය.
ඡමන්ති ඡමායං. ඉදමවොචන්ති ඉදං “දීඝො බාලානං සංසාරො”තිආදිකං සංවෙගසංවත්තනකං වචනං අවොචං.
ඡමං - බිමමත, ඉදමවොච - බාලයන්ට සසර දිගය යන මෙය කීවාය.
දීඝො බාලානං සංසාරොති කිලෙසකම්මවිපාකවට්ටභූතානං ඛන්ධායතනාදීනං පටිපාටිපවත්තිසඞ්ඛාතො සංසාරො අපරිඤ්ඤාතවත්ථුකානං අන්ධබාලානං දීඝො බුද්ධඤාණෙනපි අපරිච්ඡින්දනියො. යථා හි අනුපච්ඡින්නත්තා අවිජ්ජාතණ්හානං අපරිච්ඡින්නතායෙව භවපබන්ධස්ස පුබ්බා කොටි න පඤ්ඤායති, එවං පරාපි කොටීති. පුනප්පුනඤ්ච රොදතන්ති අපරාපරං සොකවසෙන රුදන්තානං. ඉමිනාපි අවිජ්ජාතණ්හානං අනුපච්ඡින්නතංයෙව තෙසං විභාවෙති.
දීඝො බාලානං සංසාරො - ක්ලේශකර්ම විපාකවලට හේතුභූත වූ ඛන්ධආයතන ආදිය පිළිවෙළින් පැවතීම සංඛ්‍යාත සංසාරය පූර්ණඥානයෙන් තොරවූ අන්ධ බාලයන්ට ඉතා දිගය, බුද්ධාදී මහෝත්තමයන්ගේ නුවණින් පවා පිරිසිඳ දත නොහැක්කේ යම්සේද, එසේම, සිඳ නොදැමූ හෙයින් අවිද්යාතෘෂ්ණා ආදින්ගේ සීමාවක් නැති හෙයින්ම භවයාගේ පෙරපසු දෙකෙළවර නොපෙනේ, අනෙක් කෙළවර ද එසේමය. පුනප්පුනඤ්ච රොදතං - නැවත නැවත නැවත ශෝකකිරීම් වශයෙන් හඬන්නවුන්ගේ, මෙයිනුදු අවිද්යාතෘෂ්ණාදීන්ගේ විනාශය සිදු නොකිරීමම ඔවුන්ට පැහැදිලි කර දෙයි
අස්සු ථඤ්ඤං රුධිරන්ති යං ඤාතිබ්යසනාදිනා ඵුට්ඨානං රොදන්තානං අස්සු ච දාරකකාලෙ මාතුථනතො පීතං ථඤ්ඤඤ්ච යඤ්ච පච්චත්ථිකෙහි ඝාතිතානං රුධිරං. සංසාරං අනමතග්ගතො සංසාරස්ස අනු අමතග්ගත්තා ඤාණෙන අනුගන්ත්වාපි අමතඅග්ගත්තා අවිදිතග්ගත්තා ඉමිනා දීඝෙන අද්ධුනා සත්තානං සංසරතං, අපරාපරං සංසරන්තානං සංසරිතං සරාහි, තං “කීව බහුක”න්ති අනුස්සරාහි, අට්ඨීනං සන්නිචයං සරාහි අනුස්සර, උපධාරෙහීති අත්ථො.
අස්සුථඤ්ඤං රුධිරං - නෑයන්ගේ පිඩාදිය විඳීමෙන් හඬන්නවුන්ගේ අස්සුඤ්ච - කුඩා කල මවගේ තනයෙන් බොන ලද ථඤ්ඤං - සතුරන් විසින් ඝාතනය කරනු ලැබුවන්ගේ රුධිරං සංසාරං අනමතග්ගතො - සසරට අනුව අමෘතය එහි කෙළවරකොට ඇති හෙයින් නුවණින් අනුව ගොස් වුවද අමෘතයම කෙළවර කොට ඇති හෙයින්ද එහෙත් ඒ කෙළවර නොදත් හෙයින් බොහෝ කාලයකින් සත්ත්වයන්ගේ සංසරතං - භවයෙන් භවයට සැරිසරන්නවුන්ගේ සර - එය කෙතරම් බහුලදැයි අනුස්සරාහි - ඇට රාශිය, සරාහි - සිහිකරව, පිරික්සා බලව යන තේරුමය.
ඉදානි ආදීනවස්ස බහුභාවඤ්ච උපමාය දස්සෙතුං “සර චතුරොදධී”ති ගාථමාහ. තත්ථ සර චතුරොදධී උපනීතෙ අස්සුථඤ්ඤරුධිරම්හීති ඉමෙසං සත්තානං අනමතග්ගසංසාරෙ සංසරන්තානං එකෙකස්සපි අස්සුම්හි ථඤ්ඤෙ රුධිරම්හි ච පමාණතො උපමෙතබ්බෙ චතුරොදධී චත්තාරො මහාසමුද්දෙ උපමාවසෙන බුද්ධෙහි උපනීතෙ සර සරාහි. එකකප්පමට්ඨීනං, සඤ්චයං විපුලෙන සමන්ති එකස්ස පුග්ගලස්ස එකස්මිං කප්පෙ අට්ඨීනං සඤ්චයං වෙපුල්ලපබ්බතෙන සමං උපනීතං සර. වුත්තම්පි චෙසං –
දැන් ආදීනව බොහෝ බව උපමාවකින් දක්වනු පිණිස සර චතුරොද්ධි යන ගාථා කියන ලදී. එහි සර චතුරොද්ධි උපනීතෙ අස්සුථඤ්ඤ රුධිරම්හි - කෙළවරක් නොපෙනෙන මේ සසරෙහි සැරිසරණ සත්ත්වයන්ගෙන් එකෙකුගේ පවා ඇටසැකිලි, කඳුළු, කිරි ලෙය මේ ආදියෙහි ප්‍රමාණය උපමා වශයෙන් කිවහොත් සිවු මහා මුහුදුවලට සමාන බව බුද්ධාදීන් විසින් පෙන්වා දී තිබෙන බව සර - සිහිකරන්න. එක කප්පමට්ඨිතං සඤ්චයං විපුලෙන සමං - එක කල්පයක් තුළ එක පුද්ගලයකුගේ ඇටසැකිලි එකතුකළහොත් වේපුල්ල පර්වතයට සමාන බව සිහිකරන්න. එහි ලා මෙය ද යෙදේ.
“එකස්සෙකෙන කප්පෙන, පුග්ගලස්සට්ඨිසඤ්චයො; සියා පබ්බතසමො රාසි, ඉති වුත්තං මහෙසිනා.
එක කල්පයකදී එක පුද්ගලයෙකුගේ ඇට සමූහය එකතුකළවිට පර්වතයකට සමානවන බව බුදුන් විසින් කියා දී ඇත.
“සො ඛො පනායං අක්ඛාතො, වෙපුල්ලො පබ්බතො මහා; උත්තරො ගිජ්ඣකූටස්ස, මගධානං ගිරිබ්බජෙ”ති. (සං· නි· 2.133);
එය වේපුල්ල පර්වතයට සමානය යනුවෙන් යමක් කියන ලදද එයට අතිරේක වශයෙන් මගධයෙහි ගිජ්ඣකූටයට ද සමාන වේ.
මහිං ජම්බුදීපමුපනීතං. කොලට්ඨිමත්තගුළිකා, මාතා මාතුස්වෙව නප්පහොන්තීති ජම්බුදීපොතිසඞ්ඛාතං මහාපථවිං කොලට්ඨිමත්තා බදරට්ඨිමත්තා ගුළිකා කත්වා තත්ථෙකෙකා “අයං මෙ මාතු, අයං මෙ මාතුමාතූ”ති එවං විභාජියමානෙ තා ගුළිකා මාතා මාතූස්වෙව නප්පහොන්ති, මාතා මාතූසු අඛීණාස්වෙව පරියන්තිකා තා ගුළිකා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්යුං, න ත්වෙව අනමතග්ගෙ සංසාරෙ සංසරතො සත්තස්ස මාතුමාතරොති . එවං ජම්බුදීපමහිං සංසාරස්ස දීඝභාවෙන උපමාභාවෙන උපනීතං මනසි කරොහීති.
මහිං ජම්බුදීපමුපනීතං කොලට්ඨිමත්ත ගුළිකා මාතාමාතුස් වෙව නප්පහොන්ති - ජම්බුද්වීපය නම්වූ මේ මහා පෘථිවිය කොල්ලු ඇට පමණට හෝ ඩෙබර ඇට පමණට ගුළිකර මේ මගේ මවය, මේ මගේ මවගේ මවය ආදි වශයෙන් ගුළි බෙදා හැරියහොත් ඒ ගුළි මාතා මාතුස් වෙව නප්පහොන්ති - මව මවගේ මව ආදීහු නිමාවකට පත් නොවෙති. එහෙත් ගුළි නිමවෙයි. අනවරාග්ර සංසාරයෙහි සැරිසරණ සත්ත්වයාගේ මවුවරු අසීමිතය යනුය. මෙසේ ජම්බුදීපම්හි පොළොවට වඩා සසර දිග බව උපමා වශයෙන් දැක්විණ.
තිණකට්ඨසාඛාපලාසන්ති තිණඤ්ච කට්ඨඤ්ච සාඛාපලාසඤ්ච. උපනීතන්ති උපමාභාවෙන උපනීතං. අනමතග්ගතොති සංසාරස්ස අනමතග්ගභාවතො. චතුරඞ්ගුලිකා ඝටිකාති චතුරඞ්ගුලප්පමාණානි ඛණ්ඩානි. පිතුපිතුස්වෙව නප්පහොන්තීති පිතුපිතාමහෙසු එව තා ඝටිකා නප්පහොන්ති. ඉදං වුත්තං හොති – ඉමස්මිං ලොකෙ සබ්බං තිණඤ්ච කට්ඨඤ්ච සාඛාපලාසඤ්ච චතුරඞ්ගුලිකා කත්වා තත්ථෙකෙකා “අයං මෙ පිතු, අයං මෙ පිතාමහස්සා”ති විභාජියමානෙ තා ඝටිකාව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්යුං, න ත්වෙව අනමතග්ගෙ සංසාරෙ සංසරතො සත්තස්ස පිතුපිතාමහාති. එවං තිණඤ්ච කට්ඨඤ්ච සාඛාපලාසඤ්ච සංසාරස්ස දීඝභාවෙන උපනීතං සරාහීති. ඉමස්මිං පන ඨානෙ –
තිණකට්ඨසාඛාපලාසං - තණ, දරකැබැලි, කොළ අතු, උපනීතං - උපමා වශයෙන් ගෙනහැර දක්නා ලදී. අනමතග්ගතො - සසරෙහි කෙළවරක් නොපෙනෙන හෙයින්, චතුරංගගුලිකා ඝටිකා - අඟල් හතරක පමණ කැබැලි පිතුපිතුස්වෙව නප්පහොන්ති - පියා හා ඔහුගේ ආදී වශයෙන් සියලු පියවරුන්ගේ සංඛ්‍යාවට ඒ කැබැලි නොපොහොනේය. එහිලා මෙයද කියා ඇත. මෙලෙව්හි ඇති තාක් තණකොළ දඬු කැබැලි නිමවෙයි, අසීමිත සසරෙහි සැරිසරණ සත්ත්වයාගේ පියවරුන්ගේ සංඛ්‍යාව නොනිමෙයි. මෙසේ තණ, උඩුකැබැලි කොළ හා අතු අඟල් හතරේ කැබැලි වලට කපා එයින් එකිනෙක ගෙන මේ මගේ පියාය, මේ මගේ පිතාමහය ආදී වශයෙන් බෙදුව හොත් ඒ කැබැලි නිමවෙයි, අසීමිත සසරෙහි සැරිසරණ සත්ත්වයාගේ පියවරුන්ගේ සංඛ්‍යාව නොනිමෙයි. මෙසේ තණ, උඩුකැබැලි කොළ හා අතු සසරෙහි දිග බව පෙන්වීමට උපමා වශයෙන් ගෙන ඇති බව සිහිකරන්න.
“අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සුපස්සන්නං පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදක”න්තිආදිකා (සං· නි· 2.126) – ‘අනමතග්ගපාළි’ ආහරිතබ්බා.
මෙතැන්හි මහණෙනි, මේ සංසාරය අසීමිතය, පෙරපර දෙකෙළවර නොපෙනේ, අවිද්‍යා නීවරණයන්ගෙන් හා තෘෂ්ණා සංයෝජනයගෙන් සමන්විත සත්ත්වයන්ගේ දිවීම හා සැරිසැරීම අසීමිතය. මහණෙනි, ඔබලා මෙහිලා කුමක් සිතන්නහුද? මේසා දිග සසරෙහි අමනාපයෙන් යුක්තව මනාපයෙන් වියුක්තව, හඬන වැළපෙන ඔබලාගෙන් වැගිරෙන කඳුළු සමූහය හා සිවු මහා සමුදුරුවල ජලය යන දෙකින් බහුතර වනුයේ කුමක්ද? යනුවෙන් අනමතග්ගපාලියෙහි සඳහන් පාඨය මෙහිලා යොදා බැලිය යුතුය.
සර කාණකච්ඡපන්ති උභයක්ඛිකාණං කච්ඡපං අනුස්සර. පුබ්බසමුද්දෙ අපරතො ච යුගඡිද්දන්ති පුරත්ථිමසමුද්දෙ අපරතො ච පච්ඡිමුත්තරදක්ඛිණසමුද්දෙ වාතවෙගෙන පරිබ්භමන්තස්ස යුගස්ස එකච්ඡිද්දං. සිරං තස්ස ච පටිමුක්කන්ති කාණකච්ඡපස්ස සීසං තස්ස ච වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන ගීවං උක්ඛිපන්තස්ස සීසස්ස යුගච්ඡිද්දෙ පවෙසනඤ්ච සර. මනුස්සලාභම්හි ඔපම්මන්ති තයිදං සබ්බම්පි බුද්ධුප්පාදධම්මදෙසනාසු විය මනුස්සත්තලාභෙ ඔපම්මං කත්වා පඤ්ඤාය සර, තස්ස අතීව දුල්ලභසභාවත්තං සාරජ්ජභයස්සාපි අතිච්චසභාවත්තා. වුත්තඤ්හෙතං – “සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො මහාසමුද්දෙ එකච්ඡිග්ගළ්හං යුගං පක්ඛිපෙය්යා”තිආදි (ම· නි· 3.252; සං· නි· 5.1117).
සර කාණකච්ඡපං - දෙඇස අන්ධ වූ කැසුබුවෙකු සිහියට නගන්න. පුබ්බසමුද්දෙ අපරතො ච යුගඡිද්දං - පෙරදිග මුහුදෙහි අපරදිග සිටද බටහිර, උතුරු හා දකුණු මුහුදුවල ඔබමොබ පාවෙන්නාවූ වියගසක එක සිදුරක් සර තස්සච පටිමුක්කං - කණ කැස්බාගේ හිස එයද අවුරුදු සියයක් අවුරුදු සියදහසක් ඇවෑමෙන් ඔසවන්නාවූ හිස විය සිදුරෙහි පිවිසවීම ගැන සිහිකරන්න. මනුස්ස ලාභම්හි ඔපම්මං - සියලුම බුද්ධෝත්පාදයන්හි දෙසූ දහමක් මිනිසත් බවක් ලැබීමත් යන දෙක උපමාකර නුවණින් හැසිරෙන්න. මෙයින් එහි දුර්ලභභාවය දැක්විණ. මේ සඳහා මෙය කියන ලද්දේමය. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක සිදුරක් ඇති විය දඬුවක් තබන්නේ ද ආදී වශයෙනි.
සර රූපං ඵෙණපිණ්ඩොපමස්සාති විමද්දාසහනතො ඵෙණපිණ්ඩසදිසස්ස අනෙකානත්ථසන්නිපාතතො කායසඞ්ඛාතස්ස කලිනො, නිච්චසාරාදිවිරහෙන අසාරස්ස රූපං අසුචිදුග්ගන්ධං ජෙගුච්ඡපටික්කූලභාවං සර. ඛන්ධෙ පස්ස අනිච්චෙති පඤ්චපි උපාදානක්ඛන්ධෙ හුත්වා අභාවට්ඨෙන අනිච්චෙ පස්ස ඤාණචක්ඛුනා ඔලොකෙහි. සරාහි නිරයෙ බහුවිඝාතෙති අට්ඨ මහානිරයෙ සොළසඋස්සදනිරයෙ ච බහුවිඝාතෙ බහුදුක්ඛෙ මහාදුක්ඛෙ ච අනුස්සර.
සර රූපං ඵෙණ පිණ්ඩොපමස්ස - වෙනස්නොවී නොපවතින හෙයින් පෙණපිඬක් වැනිවූ ද නොයෙක් අනර්ථයන් එක්වී තිබෙන හෙයින් ශරීරය සංඛ්‍යාත කලිනො - ස්ථිරසාර ගුණයෙන් හීනවූ, අසාරස්ස - රූපය වූකලී අපවිත්‍ර වූ දුගද හමන පිළිකුල උපදවන බව සිහිකරන්න. ඛන්ධෙ පස්ස අනිච්ඡෙළි පඤ්ච - උපාදානස්ඛන්ධයන් අභාවයට පැමිණෙන හෙයින් අනිත්‍ය වශයෙන් දකින්න, නැණැසින් බලන්න. සරාහි නිරයෙ බහුවිඝාතෙ - අටමහා නිරයයන්හිද සොළොස් වැදෑරුම් උස්සද නිරයයන්හිද විඳින්නට සිදුවන දරුණු දුක් සිහිකරන්න.
සර කටසිං වඩ්ඪෙන්තෙති පුනප්පුනං තාසු තාසු ජාතීසු අපරාපරං උප්පත්තියා පුනප්පුනං කටසිං සුසානං ආළහනමෙව වඩ්ඪෙන්තෙ සත්තෙ අනුස්සර. “වඩ්ඪන්තො”ති වා පාළි, ත්වං වඩ්ඪන්තොති යොජනා. කුම්භීලභයානීති උදරපොසනත්ථං අකිච්චකාරිතාවසෙන ඔදරිකත්තභයානි. වුත්තඤ්හි “කුම්භීලභයන්ති ඛො, භික්ඛවෙ, ඔදරිකත්තස්සෙතං අධිවචන”න්ති (අ· නි· 4.122). සරාහි චත්තාරි සච්චානීති “ඉදං දුක්ඛං අරියසච්චං…පෙ… අයං දුක්ඛනිරොධගාමිනිපටිපදා අරියසච්ච”න්ති චත්තාරි අරියසච්චානි යාථාවතො අනුස්සර උපධාරෙහි.
සර කටසිවඩ්ඪන්තෙ - නැවත නැවත ඒ ඒ ජාතීන්හි ඉපදීමෙන් නැවත නැවත සොහොන් බිම වර්ධනය කරන්නා වූ සත්ත්වයන් සිහිකරන්න. වඩ්ඪෙන්තො - යනුවෙන් ද පාඨයකි. ඔබ එය වඩමින් යනු එහි තේරුමය. කුම්භීල භයානි - උදර පෝෂණය පිණිස නොකටයුතු කිරීම් වශයෙන් උදරය නිසා ඇතිවන බිය. කියන ලදමැයි: කුම්භීලභය වනාහී මහණෙනි, උදරය නිසා ඇතිවන බිය සඳහා යෙදෙන පර්යාය වචනයකි. සරාහි චත්තාරි සච්චානි - මෙය දු:ඛ නමැති ආර්යසත්‍යය-පෙ-මෙය දුක් නැතිකිරීම කරා යන මාර්ගය නමැති ආර්යසත්‍යය ආදී වශයෙන් දේශනා කර තිබෙන චතුරාර්ය සත්‍යයන් යථාකාරයෙන් පිරික්සා බලන්න.
එවං රාජපුත්තී අනෙකාකාරවොකාරං අනුස්සරණවසෙන කාමෙසු සංසාරෙ ච ආදීනවං පකාසෙත්වා ඉදානි බ්යතිරෙකෙනපි තං පකාසෙතුං “අමතම්හි විජ්ජමානෙ”තිආදිමාහ. තත්ථ අමතම්හි විජ්ජමානෙති සම්මාසම්බුද්ධෙන මහාකරුණාය උපනීතෙ සද්ධම්මාමතෙ උපලබ්භමානෙ. කිං තව පඤ්චකටුකෙන පීතෙනාති පරියෙසනා පරිග්ගහො ආරක්ඛා පරිභොගො විපාකො චාති පඤ්චසුපි ඨානෙසු තිඛිණතරදුක්ඛානුබන්ධතාය සවිඝාතත්තා සඋපායාසත්තා කිං තුය්හං පඤ්චකටුකෙන පඤ්චකාමගුණරසෙන පීතෙන? ඉදානි වුත්තමෙවත්ථං පාකටතරං කරොන්තී ආහ – “සබ්බා හි කාමරතියො, කටුකතරා පඤ්චකටුකෙනා”ති , අතිවිය කටුකතරාති අත්ථො.
මෙසේ රදදු නොයෙක් විපරීතයන් සිහිකරවීම් විසින් කාමයන්හි හා සසරෙහි ආදීනව ප්‍රකාශකර දැන් එය විශේෂාර්ථයකින් ප්‍රකාශ කරනු පිණිස අමතම්හි විජ්ජමානෙ - ආදිය කීවාය. එහි අමතම්හි විජ්ජමානෙ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කර තිබෙන අමෘත සම්පත්තිය ලබාගත හැකිව තිබියදී කිං තව පඤ්චකටුකෙන පීතෙන - සෙවීම, පිළිගැනීම, රැකගැනීම, පරිභෝගය හා විපාකය යන අවස්ථා පහේම දරුණු දුක් ගැබ්වී ඇති බැවින් ආයාසකරය, හානිකරය, මෙකී පස්වැදෑරුම් කටුක පස්කම්රසය බීමෙන් ඔබලාට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? දැන් කියන ලද එම කරුණ තවදුරටත් පළට කරවමින් මෙසේ කීවාය. සබ්බාපි කාමරතියො කටුකතරා පඤ්ච කටුකෙන - බොහෝසෙයින් අනිෂ්ටදායී වන බව මෙහි තේරුමය.
යෙ පරිළාහාති යෙ කාමා සම්පති කිලෙසපරිළාහෙන ආයතිං විපාකපරිළාහෙන ච සපරිළාහා මහාවිඝාතා. ජලිතා කුථිතා කම්පිතා සන්තාපිතාති එකාදසහි අග්ගීහි පජ්ජලිතා පක්කුථිතා ච හුත්වා තංසමඞ්ගීනං කම්පනකා සන්තාපනකා ච.
යෙ සපරිළාහා - යම් කාමසම්පත්තියක් වේද එය වත්මනෙහි කෙලෙස් ගින්නෙනුත් මතුවට විපාක ගින්නෙනුත් දැවේ. එය විශාල පීඩාවකි. ජලිතා කුථිතා කම්පිතා සන්තාපිතා - එකොළොස් වැදෑරුම් ගින්නෙන් දැවෙමින් හැකිළී ඒ මුලු සිරුරම සල්වමින් තැවීම ඇතිකරවන්නා වූ,
අසපත්තම්හීති සපත්තරහිතෙ නෙක්ඛම්මෙ. සමානෙති සන්තෙ විජ්ජමානෙ. “බහුසපත්තා”ති වත්වා යෙහි බහූ සපත්තා, තෙ දස්සෙතුං “රාජග්ගී”තිආදි වුත්තං. රාජූහි ච අග්ගිනා ච චොරෙහි ච උදකෙන ච දායාදාදිඅප්පියෙහි ච රාජග්ගිචොරඋදකප්පියෙහි සාධාරණතො තෙස්වෙවොපමා වුත්තා.
අසපත්තම්හි - සතුරන්ගෙන් තොර වූ නික්මවීමෙහි, සමානෙ - පවත්නා කල්හි, බොහෝ සතුරෝ යයි කියා යම් බොහෝ සතුරෝ වෙද්ද ඔවුන් දක්වනු පිණිස රාජග්ගි ආදිය කියන ලදී. රජුන්ගෙන් ගින්නෙන් සොරුන්ගෙන් දියෙන් අප්‍රියයන්ගෙන් ද, රාජග්ගිචොරප්පියෙහි - යනුවෙන් සාධාරණ වශයෙන් උපමාකොට දැක්වූවාය.
යෙසු වධබන්ධොති යෙසු කාමෙසු කාමනිමිත්තං මරණපොථනාදිපරික්කිලෙසො අන්දුබන්ධනාදිබන්ධො ච හොතීති අත්ථො. කාමෙසූතිආදි වුත්තස්සෙවත්ථස්ස පාකටකරණං. තත්ථ හීති හෙතුඅත්ථෙ නිපාතො. යස්මා කාමෙසු කාමහෙතු ඉමෙ සත්තා වධබන්ධනදුක්ඛානි අනුභවන්ති පාපුණන්ති, තස්මා ආහ – “අසකාමා”ති, කාමා නාමෙතෙ අසන්තො හීනා ලාමකාති අත්ථො. “අහකාමා”ති වා පාඨො, සො එවත්ථො. අහාති හි ලාමකපරියායො “අහලොකිත්ථියො නාමා”තිආදීසු විය.
යෙසුහි වධබන්ධො - කාමසුවය කෙරෙහි ඇලීමෙන් ඒ හේතුකොටම පහර ලැබීම හා මරණය ආදියද ආයාසකර වධබන්ධනාදියද දුක් පමුණුවයි. එහෙයින් කියන ලදී අසතාකාමා - කාම නමින් හැඳින්වෙන මේ ආශාවෝ හීනය, ලාමකය, යන අර්ථයෙනි. අහ කමා යනුවෙන්ද පාඨයකි. තේරුම ද එයමය, අහ යන්න ලාමක යන අර්ථය ගෙනදෙයි. අහලොකිත්ථියො නාම යනාදී තන්හි මෙනි.
ආදීපිතාති පජ්ජලිතා. තිණුක්කාති තිණෙහි කතා උක්කා. දහන්ති යෙ තෙ මුඤ්චන්තීති යෙ සත්තා තෙ කාමෙ න මුඤ්චන්ති, අඤ්ඤදත්ථු ගණ්හන්ති, තෙ දහන්තියෙව, සම්පති ආයතිඤ්ච ඣාපෙන්ති.
ආදිපිතා - දල්වලද, තිණුක්කා - තණවලින් සාදන ලද පන්දම්, දහන්ති යෙ තෙ න මුච්චන්ති යම් සත්ත්ව කෙනෙක් ඒ කාමයන්ගෙන් නොමිදෙද්ද, එහෙත් ඒ කාමයන්ම ලුහුබඳිද්ද ඔවුහු දැවෙන්නාහුමය, දනුදු මතුද පිළිසෙන්නාහුමය.
මා අප්පකස්ස හෙතූති පුප්ඵස්සාදසදිසස්ස පරිත්තකස්ස කාමසුඛස්ස හෙතු විපුලං උළාරං පණීතඤ්ච ලොකුත්තරං සුඛං මා ජහි මා ඡඩ්ඩෙහි. මා පුථුලොමොව බළිසං ගිලිත්වාති ආමිසලොභෙන බළිසං ගිලිත්වා බ්යසනං පාපුණන්තො “පුථුලොමො”ති ලද්ධනාමො මච්ඡො විය කාමෙ අපරිච්චජිත්වා මා පච්ඡා විහඤ්ඤසි පච්ඡා විඝාටං ආපජ්ජසි.
මා අප්පකස්ස හෙතු - පුෂ්පයක් ආස්වාද කිරීම වැනි ඉතා සුලු කම්සුවයක් නිසා විපුලං - උදාරවූ, ප්‍රණීතවූ, ලෝකෝත්තර වූ, සුඛං මා ජහි - ඉවත නොදමන්න. මා පුථුලොමොව බලිසං ගිලිත්වා - ආහාර ලෝභයෙන් බිලිය ගිල වැනසෙන පුථුලෝම නම් මත්ස්‍යයා මෙන් කාමයන් ඉවත නොලා පසුව වැනසෙන්නේය. විපතට පැමිණෙන්නේය.
සුනඛොව සඞ්ඛලාබද්ධොති යථා ගද්දුලෙන බද්ධො සුනඛො ගද්දුලබන්ධෙන ථම්භෙ උපනිබද්ධො අඤ්ඤතො ගන්තුං අසක්කොන්තො තත්ථෙව පරිබ්භමති, එවං ත්වං කාමතණ්හාය බද්ධො, ඉදානි කාමං යදිපි කාමෙසු තාව දමස්සු ඉන්ද්රියානි දමෙහි. කාහින්ති ඛු තං කාමා, ඡාතා සුනඛංව චණ්ඩාලාති ඛූති නිපාතමත්තං. තෙ පන කාමා තං තථා කරිස්සන්ති, යථා ඡාතජ්ඣත්තා සපාකා සුනඛං ලභිත්වා අනයබ්යසනං පාපෙන්තීති අත්ථො.
සුනඛොව සංඛලාබද්ධො - සම්පටියකින් බඳිනු ලැබූ සුනඛයෙක් ශක්තිමත් කණුවක දැඩි ලෙස බඳින ලද්දේ වෙනතක යාමට නොහැක්කේ ඒ වටාම කරකැවේද මෙසේ ඔබද කාම තෘෂ්ණාවෙන් බඳිනු ලැබුහෙයින් දැන් කාමං - ඉදින් කාමවිෂයෙහි යම්තාක් දමස්සු - ඉඳුරන් දමනය කරව. කාහිනති ඛු තං කාමා ජාතා සුනඛංව චණ්ඩාලා ඛු - යනු නිපාතමාත්‍රයකි. ඒ කාමයෝ වූ කලී බඩසයින් පෙළෙන සැඩොලෙකුට සුනඛයකු ලැබීමෙන් ඒ සුනඛයාට යම් විපතක් සිදුවේද එවැනිම විපතක් සිදුකරවති. යනු මෙහි අදහසය.
අපරිමිතඤ්ච දුක්ඛන්ති අපරිමාණං “එත්තක”න්ති පරිච්ඡින්දිතුං අසක්කුණෙය්යං නිරයාදීසු කායිකං දුක්ඛං. බහූනි ච චිත්තදොමනස්සානීති චිත්තෙ ලබ්භමානානි බහූනි අනෙකානි දොමනස්සානි චෙතොදුක්ඛානි. අනුභොහිසීති අනුභවිස්සසි. කාමයුත්තොති කාමෙහි යුත්තො, තෙ අප්පටිනිස්සජ්ජන්තො. පටිනිස්සජ අද්ධුවෙ කාමෙති අද්ධුවෙහි අනිච්චෙහි කාමෙහි විනිස්සජ අපෙහීති අත්ථො.
[missing trans]
ජරාමරණබ්යාධිගහිතා, සබ්බා සබ්බත්ථ ජාතියොති යස්මා හීනාදිභෙදභින්නා සබ්බත්ථ භවාදීසු ජාතියො ජරාමරණබ්යාධිනා ච ගහිතා, තෙහි අපරිමුත්තා, තස්මා අජරම්හි නිබ්බානෙ විජ්ජමානෙ ජරාදීහි අපරිමුත්තෙහි කාමෙහි කිං තව පයොජනන්ති යොජනා.
ජරාමරණව්යාධිගහිතා සබ්බත්ථ ජාතියො - යම් හෙයකින් හීනාදී භෙදයන්ගෙන් හීනවූ සියලු ජාතීන්හි ජරාව මරණය හා ව්‍යාධිය විසින් ගනු ලැබුවාවූ, එයින් නොමිදුණු, එහෙයින් නොදිරන නිවන පහළව තිබෙන කල්හි ජරාදියෙන් නොමිදුණාවූ කාමයන්ගෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද යනුවෙන් සම්බන්ධය යොදාගත යුතුය.
එවං නිබ්බානගුණදස්සනමුඛෙන කාමෙසු භවෙසු ච ආදීනවං පකාසෙත්වා ඉදානි නිබ්බත්තිතං නිබ්බානගුණමෙව පකාසෙන්තී “ඉදමජර”න්තිආදිනා ද්වෙ ගාථා අභාසි. තත්ථ ඉදමජරන්ති ඉදමෙවෙකං අත්තනි ජරාභාවතො අධිගතස්ස ච ජරාභාවහෙතුතො අජරං. ඉදමමරන්ති එත්ථාපි එසෙව නයො. ඉදමජරාමරන්ති තදුභයමෙකජ්ඣං කත්වා ථොමනාවසෙන වදති. පදන්ති වට්ටදුක්ඛතො මුච්චිතුකාමෙහි පබ්බජිතබ්බතො පටිපජ්ජිතබ්බතො පදං. සොකහෙතූනං අභාවතො සොකාභාවතො ච අසොකං. සපත්තකරධම්මාභාවතො අසපත්තං. කිලෙසසම්බාධාභාවතො අසම්බාධං. ඛලිතසඞ්ඛාතානං දුච්චරිතානං අභාවෙන අඛලිතං. අත්තානුවාදාදිභයානං වට්ටභයස්ස ච සබ්බසො අභාවා අභයං. දුක්ඛූපතාපස්ස කිලෙසස්සාපි අභාවෙන නිරුපතාපං. සබ්බමෙතං අමතමහානිබ්බානමෙව සන්ධාය වදති. තඤ්හි සා අනුස්සවාදිසිද්ධෙන ආකාරෙන අත්තනො උපට්ඨහන්තී තෙසං පච්චක්ඛතො දස්සෙන්තී විය “ඉද”න්ති අවොච.
මෙසේ නිවන් ගුණ පෙන්වීම් වශයෙන් කාමයන්හි භවයන්හි ආදිනව ප්‍රකාශකර දන් පහළව පවත්නා නිවන් ගුණයම ප්‍රකාශ කරන්නී ඉදමජරං යන ගාථා දෙක කීවාය. එහි ඉදමජරං - මෙයම තමා කෙරෙහි ලා බලනවිටද ජරාව නොමැති හෙයින් ජරාව නොමැතිවීමේ හේතුවෙන් මෙය අජර නම්වේ. අමර - මෙහිද ක්‍රමය එබඳුමය. ඉදමජරාමරං - ඒ දෙකම එක්තැන්කර ප්‍රශංසා වශයෙන් කියයි. පදං - සසර දුකින් මිදෙනු කැමැත්තහු විසින් පැවිදිවිය යුතු හෙයින්, පිළිපැදිය යුතු හෙයින් පද නම්වේ. ශෝකයට හේතු නොමැති හෙයින්, පිළිපැදියයුතු හෙයින් පදනම් වේ. ශෝකයට හේතු නොමැති හෙයින්, ශෝකයෙහි අභාවය හෙයින්ද අසොකං - විරෝධකාරී ධර්මයන්ගේ අභාවය හෙයින් අසපත්තං - ක්ලෙශබාදකයන්ගෙන් තොර හෙයින් අසම්බාධං - කිළිටි නමින් හැඳින්වෙන දුශ්චරිතයන් නැති හෙයින් අක්ඛලිතං - ආත්මවාදී භීතීන්ගෙන්ද සසර බියෙන්ද හාත්පසින්ම මිදී ඇති හෙයින් අභයං - දුක්වලින් තැවීමෙන්ද කෙලෙස්වලින්ද මිදුණු හෙයින් නිරුපතාපං - මේ සියල්ලම අමාමහ නිවන සඳහා කියයි. එයද ඕතොමෝ අසා තිබෙන ආකාරයෙන් තමාට වැටෙහෙන අයුරු ප්රත්යක්ෂයෙන් පෙන්වන්නාක් මෙන් මෙය යනුවෙන් කීවාය.
අවිගතමිදං බහූහි අමතන්ති ඉදං අමතං නිබ්බානං බහූහි අනන්තඅපරිමාණෙහි බුද්ධාදීහි අරියෙහි අධිගතං ඤාතං අත්තනො පච්චක්ඛං කතං. න කෙවලං තෙහි අධිගතමෙව සන්ධාය වදති, අථ ඛො අජ්ජාපි ච ලභනීයං ඉදානිපි අධිගමනීයං අධිගන්තුං සක්කා. කෙන ලභනීයන්ති ආහ “යො යොනිසො පයුඤ්ජතී”ති, යො පුග්ගලො යොනිසො උපායෙන සත්ථාරා දින්නඔවාදෙ ඨත්වා යුඤ්ජති සම්මාපයොගඤ්ච කරොති, තෙන ලභනීයන්ති යොජනා. න ච සක්කා අඝටමානෙනාති යො පන යොනිසො න පයුඤ්ජති, තෙන අඝටමානෙන න ච සක්කා, කදාචිපි ලද්ධුං න සක්කායෙවාති අත්ථො.
අධිගතමිදං බහූහි අමතං - මේ නිවන අනන්ත අප්‍රමාණ වූ බුද්ධාදී ආර්යයන් විසින් අවබෝධ කරගෙන ඇත. තමාද ප්රත්යක්ෂකර ඇත. ඔවුන් විසින් පමණක් අවබෝධකර නොගත් බව සඳහා ප්‍රකාශ කරයි. ඉක්බිති අජ්ජාපිච ලභනීයං - දැනුදු අවබෝධ කටයුතු ය, අවබෝධ කරගැනීමට හැකිය. කුමක් කරණකොට ලැබිය හැකිදැයි කියයි. යොනිසො පයුඤ්චති - යම්කිසි පුද්ගලයෙක් නුවණ මගින් බුදුන් දි තිබෙන අවවාදයෙහි පිහිටා එහි යෙදෙයි. සම්යක්ප්රයෝගද කරයි, ඒ අයුරින් ලැබිය යුතුය යනුවෙන් යෙදේ. න ච සක්කා අඝටමානෙන - යමෙක් නුවණින් නොයෙදේද ඒ උත්සාහ නොකරන තැනැත්තාට එය ලබාගැනීමට නොහැකිය, එය ලඝුකොට සැලකීමෙන් කිසිකලෙකත් එය ලබාගත නොහැකි බව මෙහි අවධාරණය කෙරේ.
එවං භණති සුමෙධාති එවං වුත්තප්පකාරෙන සුමෙධා රාජකඤ්ඤා සංසාරෙ අත්තනො සංවෙගදීපනිං කාමෙසු නිබ්බෙධභාගිනිං ධම්මකථං කථෙති. සඞ්ඛාරගතෙ රතිං අලභමානාති අණුමත්තෙපි සඞ්ඛාරපවත්තෙ අභිරතිං අවින්දන්තී. අනුනෙන්තී අනිකරත්තන්ති අනිකරත්තං රාජානං සඤ්ඤාපෙන්තී. කෙසෙ ච ඡමං ඛිපීති අත්තනො ඛග්ගෙන ඡින්නෙ කෙසෙ ච භූමියං ඛිපි ඡඩ්ඩෙසි.
එවං භණ්ති සුමෙධා - මෙසේ ඉහත කියනලද අයුරින් සුමෙධා රාජකන්‍යාව සසරෙහිලා තමා තුළ ඇති වූ සංවේගය පෙන්වමින් කාමවිෂයයෙහි කලකිරවනසුලු ධර්මකථාවක් කියයි. සංඛාරගතෙ රතිමලභමානා - අනුමාත්‍ර වූ හෝ සංස්කාර ප්‍රවෘත්තියෙහි රතිය නොවිඳින්නී අනුනෙන්තී අණිකදත්ත අණිකදත්ත - රජුට අවබෝධ කරවමින් කෙසෙ ච ඡමං ඛිපි - තමාගේ කඩුවෙන් සිඳිනලද කෙස් බිම දැම්මාය.
යාචතස්සා පිතරං සොති සො අනිකරත්තො අස්සා සුමෙධාය පිතරං කොඤ්චරාජානං යාචති. කින්ති යාචතීති ආහ “විස්සජ්ජෙථ සුමෙධං, පබ්බජිතුං විමොක්ඛසච්චදස්සා”ති, සුමෙධං රාජපුත්තිං පබ්බජිතුං විස්සජ්ජෙථ, සා ච පබ්බජිත්වා විමොක්ඛසච්චදස්සා අවිපරීතනිබ්බානදස්සාවිනී හොතූති අත්ථො.
යා ච තස්සා පිතරං සො - ඒ අණිකදත්ත තෙමේ සුමේධාගේ පියා වූ කොඤ්ච රජුගෙන් ඉල්ලා සිටියි. කුමක් ඉල්ලාදැයි කියයි. විස්සජ්ජෙථ සුමෙධං පබ්බජිතූං විමොක්ඛසච්චදස්ස - සුමේධා රජදියණිය පැවිදිවීම සඳහා පිටත්කර හරින්න. ඕතොමෝද පැවිදිවී විමොක්ඛ සච්චදස්සා - විකෘත නොවූ නිර්වාණය දක්නා තැනැන්තියක් වේවා යන අදහසය.
සොකභයභීතාති ඤාතිවියොගාදිහෙතුතො සබ්බස්මාපි සංසාරභයතො භීතා ඤාණුත්තරවසෙන උත්රාසිතා. සික්ඛමානායාති සික්ඛමානාය සමානාය ඡ අභිඤ්ඤා සච්ඡිකතා, තතො එව අග්ගඵලං අරහත්තං සච්ඡිකතං.
සොකභයභීතා - නෑයන්ගේ වියෝගාදිය හේතුවෙන් සියලු සසර බියෙන් බියවූවාහු, නුවණ මෙහෙයවීමෙන් තැතිගත්තාහු, සික්ඛමානායා - හික්මීම පුහුණු කරන්නාවූ ෂඩ් අභිඥාවන් ක්ෂාත්ක්ෂාත් කළාය. එහෙයින්ම අග්‍රඵලය වූ රහත් බවට පැමිණියාය.
අච්ඡරියමබ්භුතං තං, නිබ්බානං ආසි රාජකඤ්ඤායාති රාජපුත්තියා සුමෙධාය කිලෙසෙහි පරිනිබ්බානං අච්ඡරියං අබ්භුතඤ්ච ආසි. ඡළභිඤ්ඤාව සිද්ධියා කථන්ති චෙ පුබ්බෙනිවාසචරිතං, යථා බ්යාකරි පච්ඡිමෙ කාලෙති, පච්ඡිමෙ ඛන්ධපරිනිබ්බානකාලෙ අත්තනො පුබ්බෙනිවාසපරියාපන්නචරිතං යථා බ්යාකාසි, තථා තං ජානිතබ්බන්ති.
අච්ඡරියං අබ්භුතං නිබ්බානං ආසි රාජකඤ්ඤාය - සුමේධා රාජකන්යාවගේ කෙලෙස් නිවීම ආශ්චර්යය, අද්භුතය, ෂඩ් අභිඥාව ලබාගැනීම ගැන කියයි. පුබ්බෙනිවාසචරිතං යථා ව්යාකරි පච්ඡිමෙ කාලෙ - පසුව ස්කන්ධපරිනිර්වාණ කාලයෙහි තමා පෙර විසූ ආත්මභාවවලට අයත් චරිතකථා හෙළිදරව් කළාය. එය එසේ දතයුතුය.
පුබ්බෙනිවාසං පන තාය යථා බ්යාකතං, තං දස්සෙතුං “භගවති කොණාගමනෙ”තිආදි වුත්තං. තත්ථ භගවති කොණාගමනෙති කොණාගමනෙ සම්මාසම්බුද්ධෙ ලොකෙ උප්පන්නෙ. සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හීති සඞ්ඝං උද්දිස්ස අභිනවනිවෙසිතෙ ආරාමෙ. සඛියො තිස්සො ජනියො, විහාරදානං අදාසිම්හාති ධනඤ්ජානී ඛෙමා අහඤ්චාති මයං තිස්සො සඛියො ආරාමං සඞ්ඝස්ස විහාරදානං අදම්හ.
ඇය විසින් අනාවරණය කරනලද පරිදි පෙර විසූ ආත්මභාවයන් දක්වනු පිණිස භගවති කොණාගමනෙ ආදි ගාථා කීවාය. එහි භගවති කෝණාගමනෙ - කෝණාගමන බුදුහු ලොව උපන් කල්හි සංඝාරාමම්හි නවනිවෙසම්හි - සංඝයා උදෙසා කරවනලද අභිනව ආරාමයෙහි සඛියො තිස්සො ජනියො විහාරදානං අදාසිම්හ - ධනඤ්ජානි, ඛේමා හා මම යන යෙහෙළියෝ තිදෙන සංඝයාට විහාර දානයක් දුන්නෙමු.
දසක්ඛත්තුං සතක්ඛත්තුන්ති තස්ස විහාරදානස්ස ආනුභාවෙන දසවාරෙ දෙවෙසු උපපජිම්හ, තතො මනුස්සෙසු උපපජ්ජිත්වා පුන සතක්ඛත්තුං දෙවෙසු උපපජ්ජිම්හ, තතොපි මනුස්සෙසු උපපජ්ජිත්වා පුන දසසතක්ඛත්තුං සහස්සවාරං දෙවෙසු උපපජ්ජිම්හ, තතොපි මනුස්සෙසු උපපජ්ජිත්වා පුන සතානි සතක්ඛත්තුං දසසහස්සවාරෙ දෙවෙසු උපපජ්ජිම්හ, කො පන වාදො මනුස්සෙසු. එවං මනුස්සෙසු උප්පන්නවාරෙසු කථාව නත්ථි, අනෙකසහස්සවාරං උපපජ්ජිම්හාති අත්ථො.
දසක්ඛත්තුං සතක්ඛත්තුං - ඒ විහාර දානයෙහි අනුහසින් දසවරක් දෙවියන් අතර උපත ලැබුවෙමු. එයින් පසු මිනිසුන් අතර ඉපිද නැවත සියක්වරක් දෙව්ලෝවල ඉපදුනෙමු. එයිනුදු පසුව මිනිසුන් අතර ඉපිද නැවත, දස්සතක්ඛත්තුං - දහස් වරක් දෙවියන් අතර ඉපිද එයිනුදු පසුව මිනිසුන් අතර ඉපිද නැවත සතාතිසතක්ඛත්තුං - දසදහස්වරක් දෙවියන් අතර උපන් වාර ගැන කථාවක් නැත. නොයෙක් දහස්ගණන් වාරවල උපත ලැබු බව මෙයින් කියැවේ.
දෙවෙසු මහිද්ධිකා අහුම්හාති දෙවෙසු උපපන්නකාලෙ තස්මිං තස්මිං දෙවනිකායෙ මහිද්ධිකා මහානුභාවා අහුම්හ. මානුසකම්හි කො පන වාදොති මනුස්සත්තලාභෙ මහිද්ධිකතාය කථාව නත්ථි. ඉදානි තමෙව මනුස්සත්තභාවෙ උක්කංසතං මහිද්ධිකතං දස්සෙන්තී “සත්තරතනස්ස මහෙසී, ඉත්ථිරතනං අහං ආසි”න්ති ආහ. තත්ථ චක්කරතනාදීනි සත්ත රතනානි එතස්ස සන්තීති සත්තරතනො, චක්කවත්තී, තස්ස සත්තරතනස්ස. ඡදොසරහිතා පඤ්චකල්යාණා අතික්කන්තමනුස්සවණ්ණා අපත්තදිබ්බවණ්ණාති එවමාදිගුණසමන්නාගමෙන ඉත්ථීසු රතනභූතා අහං අහොසිං.
දෙවෙසු මහිද්ධිකා අහුම්හ - දෙවියන් අතර උපන්කල ඒ ඒ දේව නිකායයන්හි මහත් සෘද්ධි මහත් අනුභාව ඇත්තියෝ වීමු. මානුස්සකම්හි කො වාදො - මිනිසත්බව ලැබූ අවස්ථාවල ලැබූ සෘද්ධිබලය ගැන කථාකිරීම අනවශ්‍ය. දැන් ඒ මනුෂ්‍යාත්ම භාවයෙහි ශ්‍රේෂ්ඨත්වය හා මහාර්ධිකත්වය දක්වන්නී සත්තරතනස්ස මහෙසී ඉත්ථි රතනං ආසි - මෙහි චක්‍රරත්නය ආදිය සප්තරත්නයෝ වෙති. මේවායින් සප්තරත්න සමන්විත වේ. චක්‍රවර්ති රජුගේ සප්තරත්නය සවැදෑරුම් දොස්වලින් නිදොස් බව දතයුතුය. පඤ්ච කල්‍යාණයෙන් සමන්විතය, මනුෂ්‍ය වර්ණය ඉක්මවා සිටින්නේය. මෙවැනි ගුණ සමුහයෙන් සමන්නාගත වූ මම ස්ත්‍රීන් අතර රත්නයක් වීමි.
සො හෙතූති යං තං කොණාගමනස්ස භගවතො කාලෙ සඞ්ඝස්ස විහාරදානං කතං, සො යථාවුත්තාය දිබ්බසම්පත්තියා ච හෙතු. සො පභවො තං මූලන්ති තස්සෙව පරියායවචනං. සාව සාසනෙ ඛන්තීති සා එව ඉධ සත්ථුසාසනෙ ධම්මෙ නිජ්ඣානක්ඛන්තී. තං පඨමසමොධානන්ති තදෙව සත්ථුසාසනධම්මෙන පඨමං සමොධානං පඨමො සමාගමො, තදෙව සත්ථුසාසනධම්මෙ අභිරතාය පරියොසානෙ නිබ්බානන්ති ඵලූපචාරෙන කාරණං වදති. ඉමා පන චතස්සො ගාථා ථෙරියා අපදානස්ස විභාවනවසෙන පවත්තත්තා අපදානපාළියම්පි සඞ්ගහං ආරොපිතා.
සො හෙතු - කෝණාගමන බුදුන්ගේ කාලයෙහි සංඝයාට විහාරයක් කරවා, දීමෙන් යම් ඒ පිනක් කෙළෙම්ද, එහි අනුසස් විසින් යට කියනලද පරිදි දිවසැපතට හේතුව වූ සො පභවො තං මූලං - එහිම පර්යාය වචනයකි. සාව සාසනෙ ඛන්ති - එයම මේ ශාස්තෲ ශාසනයෙහි සොම්නස් සහගත ශාන්තිය තං පඨමං සමොධානං - එයම බුදුසසුනෙහි ප්‍රථම සමොධානයය, ප්‍රථම සමාගමයය, එය ශාස්තෲ ශාසන ධර්මයෙහි ඇලීමෙන් අවසානයෙහි නිවන්සුව ලැබීම ඵලුපචාරයෙන් පැහැදිලි කරයි. මේ ගාථා හතර තෙරණියගේ චරිතය ප්‍රකාශ කිරීම් වශයෙන් පවතින හෙයින් අපදාන පාලියෙහිද ඇතුළත්කර ඇත.
ඔසානගාථාය එවං කරොන්තීති යථා මයා පුරිමත්තභාවෙ එතරහි ච කතං පටිපන්නං, එවං අඤ්ඤෙපි කරොන්ති පටිපජ්ජන්ති. කෙ එවං කරොන්තීති ආහ – “යෙ සද්දහන්ති වචනං අනොමපඤ්ඤස්සා”ති, ඤෙය්යපරියන්තිකඤාණතාය පරිපුණ්ණපඤ්ඤස්ස සම්මාසම්බුද්ධස්ස වචනං යෙ පුග්ගලා සද්දහන්ති “එවමෙත”න්ති ඔකප්පන්ති, තෙ එවං කරොන්ති පටිපජ්ජන්ති. ඉදානි තාය උක්කංසගතාය පටිපත්තියා තං දස්සෙතුං “නිබ්බින්දන්ති භවගතෙ, නිබ්බින්දිත්වා විරජ්ජන්තී”ති වුත්තං. තස්සත්ථො – යෙ භගවතො වචනං යාථාවතො සද්දහන්ති, තෙ විසුද්ධිපටිපදං පටිපජ්ජන්තා සබ්බස්මිං භවගතෙ තෙභූමකෙ සඞ්ඛාරෙ විපස්සනාපඤ්ඤාය නිබ්බින්දන්ති, නිබ්බින්දිත්වා ච පන අරියමග්ගෙන සබ්බසො විරජ්ජන්ති, සබ්බස්මාපි භවගතා විමුච්චන්තීති අත්ථො. විරාගෙ අරියමග්ගෙ අධිගතෙ විමුත්තායෙව හොන්තීති.
අවසාන ගාථාවෙහි එන එවං කරොන්ති - මගේ අතීත ආත්මභාවයෙහි යම්සේද එසේම දැනුදු කරනලද දෙය අනෙක් අයද එසේම කරති. ඔවුහු මෙසේ කරත් යනුවෙන් කීවාය. යෙ සද්දහන්ති වචනං අනොමපඤ්ඤස්ස - දැනගතයුතු ක්ෂෙත්රයෙහි කෙළවර දක්වා ඇති ඥානයෙන්, පරිපූර්ණ ප්‍රඥාවෙන් බුදුන්ගේ වචනය යමෙක් අදහාද, එය එසේම යයි. කල්පනා කරත්, ඔවුහු මෙසේ කරත්, දැන් ඇය විසින් ශ්‍රේෂ්ඨ පිළිවෙතකින් එය දක්වනු පිණිස නිබ්බින්දන්ති භාවගතෙ නිබ්බින්දිත්වා විරජ්ජන්ති යනුවෙන් කීවාය. එහි තේරුම මෙසේය. යමෙක්තුමූ බුදුන්ගේ වචනය අර්ථවත් පරිදි අදහද්ද ඔවුහු පිරිසිදු පිළිවෙතක් අනුගමනය කරන්නාහු සියලු භවගත ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙහි විදර්ශනා ඥානයෙන් බලා කලකිරෙති, කලකිරී ආර්ය මාර්ගය වඩා හැම දෙයකින්ම වෙන්වෙති. සියලු භවගතයන්ගෙන් මිදෙති. විරාගී වූ ආර්යමාර්ගගයට පැමිණීමෙන් භවගතයන්ගෙන් මිදෙති යන අර්ථයය.
එවමෙතා ථෙරිකාදයො සුමෙධාපරියොසානා ගාථාසභාගෙන ඉධ එකජ්ඣං සඞ්ගහං ආරූළ්හා “තිසත්තතිපරිමාණා”ති. භාණවාරතො පන ද්වාධිකා ඡසතමත්තා ථෙරියො ගාථා ච. තා සබ්බාපි යථා සම්මාසම්බුද්ධස්ස සාවිකාභාවෙන එකවිධා, තථා අසෙඛභාවෙන උක්ඛිත්තපලිඝතාය සංකිණ්ණපරික්ඛතාය අබ්බූළ්හෙසිකතාය නිරග්ගලතාය පන්නභාරතාය විසඤ්ඤුත්තතාය දසසු අරියවාසෙසු වුට්ඨවාසතාය ච, තථා හි තා පඤ්චඞ්ගවිප්පහීනා ඡළඞ්ගසමන්නාගතා එකාරක්ඛා චතුරාපස්සෙනා පණුන්නපච්චෙකසච්චා සමවයසට්ඨෙසනා අනාවිලසඞ්කප්පා පස්සද්ධකායසඞ්ඛාරා සුවිමුත්තචිත්තා සුවිමුත‍්තපඤ‍්ඤා චාති එවමාදිනා (දී· නි· 3.360) නයෙන එකවිධා.
සුමේධා කෙළවරකොට ඇති මේ තෙරණියෝ එකම ගාථා පොදු වශයෙන් කියා තිබෙන හෙයින් ඒ සියල්ලම එකතැනක බහාලූහ. තෙරණිවරු හැත්තෑ තුන්දෙනෙක් පමණ වෙති. බණවර විසින් දෙකකට අධිකය, හයසියයක් පමණ වන තෙරණිවරු හා ගාථා යන මේ සියල්ලම බුදුන්ගේ ශ්‍රාවිකාවන් වන හෙයින් එකසමානය. එසේම, දුරුකළ කෙලෙස්, ඉවත්කළ බාධක, නැසූ ගැටළු, උගුළා දැමූ වකණු, ඉවත්කළ අගුල් බහාලු බර ඇති බැවින්ද, දශවිධ ආර්ය වාසයන්හි වැස නිමකර ඇති බැවින්ද එසේම ඔවුහු පඤ්චනීවරණාදිය යටපත්කිරීමෙන් හා ෂඩංගයෙන් සමන්විත වීමෙන්ද, චතුරංග වශයෙන් (චතුපාරිශුද්ධිශීලය රකින හෙයින්) එකම ආරක්ෂාවක් ඇති, සිවුවැදෑරුම් මුසා ඉවත්කර කෙලෙස් නැතිකිරීමෙහි යෙදී සිටින මැඩපවත්වනලද කායසංස්කාරයන් ඇති, නොකැළඹුණු සංකල්ප ඇති, මැනැවින් මිදුණු මනස හා ප්‍රඥාව ඇති මේ ආදී ක්‍රමයෙන් එකසමානය.
සම්මුඛාපරම්මුඛාභෙදතො දුවිධා. යා හි සත්ථුධරමානකාලෙ අරියාය ජාතියා ජාතා මහාපජාපතිගොතමිආදයො, තා සම්මුඛාසාවිකා නාම. යා පන භගවතො ඛන්ධපරිනිබ්බානතො පච්ඡා අධිගතවිසෙසා, තා සතිපි සත්ථුධම්මසරීරස්ස පච්චක්ඛභාවෙ සත්ථුසරීරස්ස අපච්චක්ඛභාවතො පරම්මුඛාසාවිකා නාම. තථා උභතොභාගවිමුත්තිපඤ්ඤාවිමුත්තිතාවසෙන. ඉධ පාළියාගතා පන උභතොභාගවිමුත්තායෙව. තථා සාපදානනාපදානභෙදතො. යාසඤ්හි පුරිමෙසු සම්මාසම්බුද්ධෙසු පච්චෙකබුද්ධෙසු සාවකබුද්ධෙසු වා පුඤ්ඤකිරියාවසෙන කතාධිකාරතාසඞ්ඛාතං අත්ථි අපදානං, තා සාපදානා. යාසං තං නත්ථි, තා නාපදානා. තථා සත්ථුලද්ධූපසම්පදා සඞ්ඝතො ලද්ධූපසම්පදාති දුවිධා. ගරුධම්මපටිග්ගහණම්හි ලද්ධූපසම්පදා මහාපජාපතිගොතමී සත්ථුසන්තිකාව ලද්ධූපසම්පදත්තා සත්ථුලද්ධූපසම්පදා නාම. සෙසා සබ්බාපි සඞ්ඝතො ලද්ධූපසම්පදා. තාපි එකතොඋපසම්පන්නා උභතොඋපසම්පන්නාති දුවිධා. තත්ථ යා තා මහාපජාපතිගොතමියා සද්ධිං නික්ඛන්තා පඤ්චසතා සාකියානියො, තා එකතොඋපසම්පන්නා භික්ඛුසඞ්ඝතො එව ලද්ධූපසම්පදත්තා මහාපජාපතිගොතමිං ඨපෙත්වා. ඉතරා උභතොඋපසම්පන්නා උභතොසඞ්ඝෙ උපසම්පදත්තා.
සම්මුඛ හා පරාංමුඛ වශයෙන් දෙවැදෑරුම් වෙති. බුදුන් ජීවමාන කාලයෙහි ආර්යජාතියෙහි උපන්නාවූ මහාප්‍රජාපතී ගෝතමී ආදීහු සම්මුඛ ශ්‍රාවිකාවෝ නම් වෙති. යම් තැනැත්තියක් බුදුන්ගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පසුව ලබාගත් මනෝභාවනය ඇත්තී බුදුන්ගේ ධර්මශරීරය ඇති කල්හි එය ප්රත්යක්ෂ කිරීමෙන් මුත් ශාස්තෲන් වහන්සේ අප්රත්යක්ෂ හෙයින් පරම්මුඛ ශ්‍රාවික නම්වේ. එසේම, දෙයාකාරයෙන්ම හා ප්‍රඥා මාර්ගයෙන් විමුක්තිය ලැබීම් වශයෙනි. මෙහි සඳහන් පරිදි දෙයාකාරයෙන්ම ලබාගන්නා විමුක්තියමය. එසේම සාපදාන අනපාදාන වශයෙන් ද දෙවැදැරුම් වේ. යම් තැනැත්තියක් පෙර බුදුවරුන්ගේ පසේ බුදුවරුන්ගේ, ශ්‍රාවක බුදුවරුන්ගේ කාලවල පුණ්‍ය ක්‍රියා වශයෙන් කරන ලද අධිකාර ඇත්තාහු අපදානයකින් සමන්විත වූවාහුද ඔවුහු සාපදාන නම්වේ. එවැනි පැවැත්මක් නැත්තාහු අනපදාන නම්වේ. එසේම බුදුන්ගෙන් උපසම්පදාව ලබාගත්තාහුද සංඝයාගෙන් උපසම්පදාව ලබා ගත්තාහුදැයි යනුවෙන් දෙවැදැරුම් වේ. ගරුධර්ම පිළිගැනීමෙන් බුදුන්ගෙන් උපසම්පදාව ලබාගත් මහාප්‍රජාපතීගෝතමී සත්ථුපසම්පදා බුදුන්ගේ උපසම්පදාව ලබාගත් නම් වේ. සෙසු සියල්ලෝම සංඝයාගෙන් උපසම්පදාව ලබාගත් අයවෙති. ඔවුහුද එකට උපසපන් වූ අය දෙපසින් උපසපන් වූ අය යනුවෙන් දෙකොටසකට අයත් වෙති. එහි මහා ප්‍රජාපතී ගෝතමිය සමග එකට පිටත්වූ පන්සියයක් ශාක්‍ය කාන්තාවෝ එකට උපසපන් වූවෝ වෙති. සෙසු අය සංඝයාගෙන් දෙපසින් උපසපන්වූවෝ වෙති.
එහිභික්ඛුදුකො විය එහිභික්ඛුනිදුකො ඉධ න ලබ්භති. කස්මා? භික්ඛුනීනං තථා උපසම්පදාය අභාවතො. යදි එවං යං තං ථෙරිගාථාය සුභද්දාය කුණ්ඩලකෙසාය වුත්තං –
එහි භික්ෂුභාවයෙන් පැවිදි වූ භික්ෂූන් මෙන් එහි භික්ෂුණීභාවයෙන් පැවිදි වූ භික්ෂුණීහු නැත. කවර හෙයින්ද යත්? භික්ෂුණින්ට එවැනි උපසම්පදාවක් නැති හෙයිනි. ඉදින් එසේ වුවද ථෙරිගාථාවෙහි සුභද්දා හා කුණ්ඩලක්සා විසින් මෙවැනි යමක් කියන ලදද-
“නිහච්ච ජාණුං වන්දිත්වා, සම්මුඛා අඤ්ජලිං අකං; එහි භද්දෙති මං අවච, සා මෙ ආසූපසම්පදා”ති. (ථෙරීගා· 109);
දණ බිම ඔබා ඉදිරියෙහි ඇඳිලි බැඳගෙන සිටියෙමි, භද්දා, මෙහි එන්න යනුවෙන් මා ඇමතීය, එය මගේ උපසම්පදාව විය.
තථා අපදානෙපි –
එසේම අපදානයෙහි
“ආයාචිතො තදා ආහ, එහි භද්දෙති නායකො; තදාහං උපසම්පන්නා, පරිත්තං තොයමද්දස”න්ති. (අප· ථෙරී 2.3.44);
ආයාචනා කරනු ලැබු නායකයන් වහන්සේ භද්දා, මෙහි එන්න යනුවෙන් වදාළහ. එවිට උපසම්පදාව ලැබුවා වූ මම ජල ශේෂයක් දුටිමි.
තං කථන්ති? නයිදං එහිභික්ඛුනිභාවෙන උපසම්පදං සන්ධාය වුත්තං. උපසම්පදාය පන හෙතුභාවතො යා සත්ථු ආණත්ති, සා මෙ ආසූපසම්පදාති වුත්තං.
මෙය කෙබඳු දෙයක්ද? මෙය එහි භික්ෂුණීභාවයෙන් උපසම්පදාව ලැබූ බවක් නොකියයි. උපසම්පදාවට හේතුකාරකයන් තුබූ හෙයින් ශාස්තෲන් වහන්සේගේ යම් ප්රඥප්තියක් වීද, එහෙයින් එය මගේ උපසම්පදාව විය යනුවෙන් කියන ලදී.
තථා හි වුත්තං අට්ඨකථායං “එහි, භද්දෙ, භික්ඛුනුපස්සයං ගන්ත්වා භික්ඛුනීනං සන්තිකෙ පබ්බජ්ජ උපසම්පජ්ජස්සූති මං අවොච ආණාපෙසි. සා සත්ථු ආණා මය්හං උපසම්පදාය කාරණත්තා උපසම්පදා අහොසී”ති. එතෙනෙව අපදානගාථායපි අත්ථො සංවණ්ණිතොති දට්ඨබ්බො.
අර්ථකථාවෙහි මෙසේ කියා ඇත. පිනැතිය, එන්න, භික්ෂුණී ආශ්‍රමයකට ගොස් පැවිදි උපසම්පදාව ලබාගන්න. යනුවෙන් මට අණකළහ. බුදුන්ගේ ඒ ආඥාව මගේ උපසම්පදාවට හේතු වූ හෙයින් එය මගේ උපසම්පදාව විය. මෙයින්ම අපදාන ගාථාවෙහි අර්ථය ද වර්ණනා කරන ලදැයි දතයුතුය.
එවම්පි භික්ඛුනිවිභඞ්ගෙ එහි භික්ඛුනීති ඉදං කථන්ති? එහිභික්ඛුනිභාවෙන භික්ඛුනීනං උපසම්පදාය අසභාවජොතනවචනං තථා උපසම්පදාය භික්ඛුනීනං අභාවතො. යදි එවං, කථං එහිභික්ඛුනීති විභඞ්ගෙ නිද්දෙසො කතොති? දෙසනානයසොතපතිතභාවෙන. අයඤ්හි සොතපතිතතා නාම කත්ථචි ලබ්භමානස්සාපි අනාහටං හොති.
මෙසේම භික්ඛුනී විභංගයෙහි ‘එහි භික්ඛුනිති භික්ඛුනි’ යන මෙය කෙසේද? එහි භික්ෂුණීභාවයෙන් භික්ෂුණීන්ගේ උපසම්පදාව ස්වභාවයෙන් නොසිදුවීම අඟවන වචනයකි. භික්ෂුණීන්ගේ එවැනි උපසම්පදාවක් නොලැබෙන හෙයින් එය එසේ නම් එහි භික්ඛුනී යනුවෙන් විභංගයෙහි කෙසේ නිර්දේශ කරන ලදද? දේශනාවෙන් කණට වැටුණු හෙයිනි. මෙය කණට වැටුණු හෙයින් යනුවෙන් යම්කිසි තැනක ලැබෙන්නේ නමුදු එය පිළිගැනීමක් නොලැබුවේ.
යථා අභිධම්මෙ මනොධාතුනිද්දෙසෙ (ධ· ස· 566-567) ලබ්භමානම්පි ඣානඞ්ගං පඤ්චවිඤ්ඤාණසොතපතිතතාය න උද්ධටං කත්ථචි දෙසනාය අසම්භවතො. යථා තත්ථෙව වත්ථුනිද්දෙසෙ හදයවත්ථු, කත්ථචි අලබ්භමානස්සාපි ගහණවසෙන. තථා ඨිතකප්පිනිද්දෙසෙ. යථාහ –
යම් අයුරකින් අභිධර්මයෙහි මනෝධාතු නිර්දේශයෙහි පෙන්වනු ලබන නමුදු ධ්‍යානාංගය පස්වදෑරුම් විඥානය ශ්‍රෝතයෙහි වැටී ඇති තත්ත්වයෙන් පිටතට ගැනීමක් ගැන. කිසිම දේශනාවක සඳහන් නොවන බැවින්, එසේම එහිම වස්තු නිර්දේශයෙහි හෘදයවස්තුව කිසි තැනෙක සඳහන් නොවතුදු සඳහන් අයුරින් ගැනිම් වශයෙන්ද එසේම ඨිතකප්පී නිර්දේශයෙහි,
“කතමො ච පුග්ගලො ඨිතකප්පී? අයඤ්ච පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අස්ස, කප්පස්ස ච උඩ්ඩය්හනවෙලා අස්ස, නෙව තාව කප්පො උඩ්ඩය්හෙය්ය, යාවායං පුග්ගලො න සොතාපත්තිඵලං සච්ඡිකරොතී”ති (පු· ප· 17).
ඨිතකප්පී පුද්ගලයා යනු කවරෙක්ද? යම් පුද්ගලයෙක් සෝවාන් ඵලයට පැමිණීම සඳහා පිළිපන්නේවේද කල්පය ගින්නෙන් විනාශවන කල්හි යම්තාක් ඒ පුද්ගලයා සෝවාන් ඵලයට නොපැමිණේද ඒතාක් කල් කල්පය ගින්නෙන් නොදැවී පවතී යනුවෙන් දේශනා කර ඇත.
එවමිධාපි අලබ්භමානගහණවසෙන වෙදිතබ්බං, පරිකප්පවචනඤ්හෙතං සචෙ භගවා භික්ඛුනිභාවයොග්යං කඤ්චි මාතුගාමං එහි භික්ඛුනීති වදෙය්ය, එවම්පි භික්ඛුනිභාවො සියාති. කස්මා පන භගවා එවං න කථෙසීති? තථා කතාධිකාරානං අභාවතො. යෙ පන “අනාසන්නසන්නිහිතභාවතො”ති කාරණං වත්වා “භික්ඛූ එව හි සත්ථු ආසන්නචාරී සදා සන්නිහිතාව, තස්මා තෙ ‘එහිභික්ඛූ’ති වත්තබ්බතං අරහන්ති, න භික්ඛුනියො”ති වදන්ති, තං තෙසං මතිමත්තං. සත්ථු ආසන්නදූරභාවස්ස භබ්බාභබ්බභාවාසිද්ධත්තා. වුත්තඤ්හෙතං භගවතා –
මෙසේ මෙහිදු එය නොලබා ගැනීම් වශයෙන් දතයුතුය. මෙය වූකලී පරිකල්පිත වචනයකි. ඉදින් බුදුහු භික්ෂුණියක වීමට සුදුසු ස්ත්‍රියකට එහි භික්ඛුනී යනුවෙන් අමතද්ද එයිනිදු භික්ෂුණීභාවය පිහිටයි බුදුහු එසේ නොකීවේ කවරහෙයින්ද? ඒ අයුරින් කරනලද අධිකාර නැති හෙයින්ද ඇතැමෙක් ළඟින් නොව දුරින්ද වෙසෙන හෙයිනි යන කාරණය කියා භික්ෂූහු පමණක් නිතරම සමීපයෙහි වෙසෙති, එහෙයින් ඔවුහු එහි භික්ඛු යනුවෙන් ඇමතීමට සුදුසුවෙති, භික්ෂුණීහු සුදුසු නොවෙති යනුවෙන් කියති. එය හුදෙක් ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුහු සමීපයෙහි හෝ ඈත හෝ විසීම සුදුසු හෝ නුසුදුසුවීමට මිම්මක් හැටියට නොගත්හ. බුදුහු මෙසේද දෙසූහ.
“සඞ්ඝාටිකණ්ණෙ චෙපි, භික්ඛවෙ, භික්ඛු ගහෙත්වා පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධො අස්ස පදෙ පදං නික්ඛිපන්තො, සො ච හොති අභිජ්ඣාලු කාමෙසු තිබ්බසාරාගො බ්යාපන්නචිත්තො පදුට්ඨමනසඞ්කප්පො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො , අථ ඛො සො ආරකාව මය්හං, අහඤ්ච තස්ස. තං කිස්ස හෙතු? ධම්මඤ්හි සො, භික්ඛවෙ, භික්ඛු න පස්සති, ධම්මං අපස්සන්තො න මං පස්සති.
මහණෙනි, යම් මහණෙක් මගේ සිවුරුකොණ අල්වාගෙන පියවරක් පාසා මගේ පාසටහනෙහි ඔහුගේ පාදය තබමින් මා පිටුපස පැමිණේද, එහෙත් හෙතෙම ලෝභසහගතවේ ද කාමයන්හි දැඩි ඇලුම් ඇත්තේවේද, නැසුණු සිත් ඇත්තේවේද, කිළිටි සිතිවිලිවලින් පිරුණේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද දැනීමෙන් තොරවේද, එකඟකළ මනස නැත්තේවේද, කැළඹුණු සිත් ඇත්තේවේද නොදමුණු ඉඳුරන් සහිතවේද, එසේවුවහොත් හෙතෙම දුරින්ම දුරුකට යුතුවෙයි. මාද ඔහුගෙන් දුරුවිය යුතුය. කවර හෙයින්ද යත් ඔහු ධර්මය නොදක්නා හෙයිනි.
“යොජනසතෙ චෙපි සො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය. සො ච හොති අනභිජ්ඣාලු කාමෙසු න තිබ්බසාරාගො අබ්යාපන්නචිත්තො අප්පදුට්ඨමනසඞ්කප්පො උපට්ඨිතස්සති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො, අථ ඛො සො සන්තිකෙව මය්හං, අහඤ්ච තස්ස. තං කිස්ස හෙතු? ධම්මඤ්හි සො, භික්ඛවෙ, භික්ඛු පස්සති, ධම්මං පස්සන්තො මං පස්සතී”ති (ඉතිවු· 92).
එසේම මහණෙනි, යම් මහණෙක් යොදුන් සියයකට ඔබ්බෙන් වෙසේද හෙතෙම ලෝභයෙන් තොරවේද කාමයන් නොඇලේද නොනැසුණු සිත් ඇත්තේද නොකිළිටි සිතිවිලි ඇත්තේද එළඹ සිටි සිහිය ඇත්තේද, දැනීම ඇත්තේද එකඟ වූ සිත් ඇත්තේද දැමූ ඉඳුරන් ඇත්තේවේද, හෙතෙම මා සමීපයෙහිම වේ, මාද ඔහුගේ සමීපයෙහිමය. කවර හෙයින්ද යත්? ඔහු ධර්මය දක්නා හෙයිනි. ධර්මය දක්නා තැනැත්තා මා දකියි.
තස්මා අකාරණං දෙසතො සත්ථු ආසන්නානාසන්නතා. අකතාධිකාරතාය පන භික්ඛුනීනං තත්ථ අයොග්‍යතා. තෙන වුත්තං – “එහිභික්ඛුනිදුකො ඉධ න ලබ්භතී”ති. එවං දුවිධා.
එහෙයින් බුදුන් සමීපයෙහි හෝ දුර හෝ විසීම මෙයට හේතුවක් නොවේ. කරනලද අධිකාර නැති බැවින් භික්ෂුණීන්ට එය අයෝග්‍යය. එහෙයින් කියන ලදී භික්ෂුණිය, මෙහි එන්න, මෙහි දෙවැන්නක් නොලැබේ යනුවෙනි.
අග්ගසාවිකා, මහාසාවිකා, පකතිසාවිකාති තිවිධා. තත්ථ ඛෙමා, උප්පලවණ්ණාති ඉමා ද්වෙ ථෙරියො අග්ගසාවිකා නාම. කාමං සබ්බාපි ඛීණාසවත්ථෙරියො සීලසුද්ධිආදිකෙ සම්පාදෙන්තියො චතූසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා මග්ගපටිපාටියා අනවසෙසතො කිලෙසෙ ඛෙපෙත්වා අග්ගඵලෙ පතිට්ඨහන්ති. තථාපි යථා සද්ධාවිමුත්තතො දිට්ඨිප්පත්තස්ස පඤ්ඤාවිමුත්තතො ච උභතොභාගවිමුත්තස්ස පුබ්බභාගභාවනාවිසෙසසිද්ධො ඉච්ඡිතො විසෙසො, එවං අභිනීහාරමහන්තතාපුබ්බයොගමහන්තතාහිසසන්තානෙ සාතිසයගුණවිසෙසස්ස නිප්ඵාදිතත්තා සීලාදීහි ගුණෙහි මහන්තා සාවිකාති මහාසාවිකා. තෙසුයෙව පන බොධිපක්ඛියධම්මෙසු පාමොක්ඛභාවෙන ධුරභූතානං සම්මාදිට්ඨිසම්මාසමාධීනං සාතිසයකිච්චානුභාවනිබ්බත්තියා කාරණභූතාය තජ්ජාභිනීහාරතාය සක්කච්චං නිරන්තරං චිරකාලසම්භූතාය සම්මාපටිපත්තියා යථාක්කමං පඤ්ඤාය සමාධිම්හි ච උක්කංසපාරමිප්පත්තියා සවිසෙසං සබ්බගුණෙහි අග්ගභාවෙ ඨිතත්තා තා ද්වෙපි අග්ගසාවිකා නාම. මහාපජාපතිගොතමිආදයො පන අභිනීහාරමහන්තතාය පුබ්බයොගමහන්තතාය ච පටිලද්ධගුණවිසෙසවසෙන මහතියො සාවිකාති මහාසාවිකා නාම. ඉතරා ථෙරිකා තිස්සා වීරා ධීරාති එවමාදිකා අභිනීහාරමහන්තතාදීනං අභාවෙන පකතිසාවිකා නාම. තා පන අග්ගසාවිකා විය මහාසාවිකා විය ච න පරිමිතා, අථ ඛො අනෙකසතානි අනෙකසහස්සානි වෙදිතබ්බානි. එවං අග්ගසාවිකාදිභෙදතො තිවිධා. තථා සුඤ්ඤතවිමොක්ඛාදිභෙදතො තිවිධා.
මෙසේ දුවිධා (දෙවැදැරුම් වේ) අග්‍රශ්‍රාවිකා මහ ශ්‍රාවිකා හා ප්‍රකෘති ශ්‍රාවිකා යනුවෙන් තිවිධා (තෙවැදෑරුම් වේ) එහි. ඛෙමා උප්පලවණ්ණා මේ තෙරණියෝ දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ නම් සියලුම කෙලෙස් සුන්කළ ශීල විශුද්ධිය ලබාගත්තාවූ, සතර සතිපට්ඨානයෙහි පිහිටියාවූ ඔවුහු සප්තබෝධ්‍යංග යථාකාරයෙන් වඩා මගපිළිවෙළින් සියලු කෙලෙස් ඉතිරි නොකර ගෙවා අග්‍රඵලයෙහි පිහිටත්. එසේම ශ්‍රද්ධාවෙන් විමුක්තිය ලැබුවාවූ, ප්‍රඥාවෙන් විමුක්තිය ලැබුවා වූ මේ දෙයාකාරයෙන්ම විමුක්තිය ලැබුවාවූ, පූර්වභාග භාවනා විශේෂය ලබාගත්තාවූ, අභිප්‍රාව ඉටුකර ගත්තාවූ, රහත්බව ලැබීමේ ප්‍රාර්ථනා මහත් බැවින්, ආරම්භයේ පටන් කටයුතු ඉටුකළ හෙයින් ස්වකීය සන්තානයෙහි අතිශය ගුණ සමූහයක් වඩා ඇති බැවින් ශීලාදී ගුණයෙන් මහත් වූ ශ්‍රාවිකාවෝ (මහාසාවිකා) එම බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහිම ප්රමුඛ බැවින් ධුර උසුලන්නාවූ සම්මා දිට්ඨි සම්මා සමාධී ආදීන්ගේ ක්රියානුයෝගය සඵල කරගැනීමට හේතුභූත වූ පැතුම් ඇති බැවින් සකසා නිරතුරුව බොහෝ කලක් පුරුදු පුහුණු කරනලද බැවින් මනා පිළිවෙතින්, ප්‍රඥාවෙන් හා සමාධියෙන් පාරමී පූරණය පිණිස සියලු ගුණයන් කරණකොටගෙන අග්‍රස්ථානයෙහි පිහිටියාවූ ඔවුහු ද අග්ගසාවිකා නම් වෙති. මහා ප්‍රජාපතී ගෝතමී ආදීහු අර්හත්වය සඳහා කරන ලද ප්‍රාර්ථනා බහුල බැවින්ද, පූර්වකෘත්යයන්ගේ ආධික්‍යය නිසාද ලබාගෙන ඇති ගුණවිශේෂයන්ගේ බාහුල්‍යය නිසාද ඒ ශ්‍රාවිකාවෝ මහා ශ්‍රාවිකා යනුවෙන් හැඳින්වෙති. තිස්සා, වීරා, ධීරා වශයෙන් හැඳින්වෙන අනෙක් තෙරණියෝ ප්‍රාර්ථනා මහත්වයෙන් හීන වූ බැවින් පකතිසාවිකා නම් වෙති. ඔවුහු අග්‍රශ්‍රාවිකාවන් මෙන්ද මහා ශ්‍රාවිකාවන් මෙන්ද සීමිත සංඛ්‍යාවක් නොවෙති. එහෙත් නොයෙක් සියගණන් නොයෙක් දහස් ගණන් වශයෙන් දක්නට ලැබෙති. මෙසේ අග්රශ්රාවිකාදි වශයෙන් තිවිධා (තෙවැදැරුම් වේ) එසේ ශුන්‍යතා විමෝක්ෂාදී වශයෙන් තිවිධා.
පටිපදාදිවිභාගෙන චතුබ්බිධා. ඉන්ද්රියාධිකවිභාගෙන පඤ්චවිධා. තථා පටිපත්තියාදිවිභාගෙන පඤ්චවිධා. අනිමිත්තවිමුත්තාදිවසෙන ඡබ්බිධා. අධිමුත්තිභෙදෙන සත්තවිධා. ධුරපටිපදාදිවිභාගෙන අට්ඨවිධා. විමුත්තිවිභාගෙන නවවිධා දසවිධා ච. තා පනෙතා යථාවුත්තෙන ධුරභෙදෙන විභජ්ජමානා වීසති හොන්ති, පටිපදාවිභාගෙන විභජ්ජමානා චත්තාලීස හොන්ති. පුන පටිපදාභෙදෙන ධුරභෙදෙන විභජ්ජමානා අසීති හොන්ති. අථ වා සුඤ්ඤතාවිමුත්තාදිවිභාගෙන විභජ්ජමානා චත්තාලීසාධිකානි ද්වෙසතානි හොන්ති. පුන ඉන්ද්රියාධිකවිභාගෙන විභජ්ජමානා ද්විසතුත්තරසහස්සං හොන්තීති. එවමෙතාසං ථෙරීනං අත්තනො ගුණවසෙනෙව අනෙකභෙදභින්නතා වෙදිතබ්බා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන හෙට්ඨා ථෙරගාථාසංවණ්ණනායං වුත්තනයෙනෙව ගහෙතබ්බොති.
ප්‍රතිපදා භේදයෙන් චතුබ්බිධා (සිවුවැදෑරුම් වේ). ඉන්ද්රියාදි භේදයෙන් පස්වැදෑරුම් වේ. ප්‍රතිපත්ති ආදි වශයෙන්ද පස්වැදෑරුම් වේ. අනිමිත්තවිමුක්ති ආදි වශයෙන් සවැදෑරුම් වේ. අධිමුක්ති භේදයෙන් නවවිධ හෝ දශවිධ හෝ වෙති. මේ තැනැත්තියෝ යට කියනලද පරිදි ධුරභේදයෙන් කොටස් විස්සකට බෙදෙති. පටිපදා වශයෙන් බෙදෙන කල්හි හතළිහක් වෙති. නැවත පටිපදා හා ධුර වශයෙන් බෙදෙනවිට අසූවක් වෙති. නැතහොත් ශුන්‍යතා විමුක්තාදී වශයෙන් කොටස් කරන කල දෙසිය හතළිහක් වෙති. නැවත ඉන්ද්රියාධික වශයෙන් වෙන්වනකල එක්දහස්හතක් වෙති. මෙසේ මේ තෙරණියෝ තමතමා සතු ගුණ විශේෂයන් වශයෙන් නොයෙක් කොටස්වලට බෙදෙන බව දතයුතුය. මෙය මෙහි ලුහුඬු අදහසය. සෙසු විස්තර ථෙරගාථා වර්ණනාවෙහි සඳහන්වන අයුරින් ගතයුතුය.
සුමෙධාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සුමෙධා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
මහානිපාතවණ්ණනා නිට්ඨිතා.
මහානිපාත වර්ණනාව සමාප්තය.