40. චත්තාලීසතිනිපාතො අට්ඨකථා
40. චත්තාලීසතිනිපාතය
ඉසිදාසිථෙරීගාථාවණ්ණනා
ඉසිදාසී ථේරීගාථා වර්ණනාව
චත්තාලීසනිපාතෙ නගරම්හි කුසුමනාමෙතිආදිකා ඉසිදාසියා ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ පුරිසත්තභාවෙ ඨත්වා විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී චරිමභවතො සත්තමෙ භවෙ අකල්යාණසන්නිස්සයෙන පරදාරිකකම්මං කත්වා, කායස්ස භෙදා නිරයෙ නිබ්බත්තිත්වා තත්ථ බහූනි වස්සසතානි නිරයෙ පච්චිත්වා, තතො චුතා තීසු ජාතීසු තිරච්ඡානයොනියං නිබ්බත්තිත්වා තතො චුතා දාසියා කුච්ඡිස්මිං නපුංසකො හුත්වා නිබ්බත්ති. තතො පන චුතා එකස්ස දලිද්දස්ස සාකටිකස්ස ධීතා හුත්වා නිබ්බත්ති. තං වයප්පත්තං ගිරිදාසො නාම අඤ්ඤතරස්ස සත්ථවාහස්ස පුත්තො අත්තනො භරියං කත්වා ගෙහං ආනෙසි. තස්ස ච භරියා අත්ථි සීලවතී කල්යාණධම්මා. තස්සං ඉස්සාපකතා සාමිනො තස්සා විද්දෙසනකම්මං අකාසි. සා තත්ථ යාවජීවං ඨත්වා කායස්ස භෙදා ඉමස්මිං බුද්ධුප්පාදෙ උජ්ජෙනියං කුලපදෙසසීලාචාරාදිගුණෙහි අභිසම්මතස්ස විභවසම්පන්නස්ස සෙට්ඨිස්ස ධීතා හුත්වා නිබ්බත්ති, ඉසිදාසීතිස්සා නාමං අහොසි.
සතළිස්වන නිපාතයෙහි නගරම්හි කුසුමනාමෙ ආදී ගාථා ඉසිදාසී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරමින් අවසාන වශයෙන් සත්වන හවයෙහි අයහපත් මිතුරන් ඇසුරු කිරීම නිසා පරදැරිකම්කර මරණින් පසු නරකයෙහි ඉපිද එයින් චුතව ආත්ම තුනක තිරිසන් යෝනියෙහි ඉපිද එයින් චුතව දාසියකගේ කුසයෙහි නපුංසකව උපන්නාය. එයින් චුතව එක්තරා දිළිඳු කරත්තකාරයෙකුගේ දියණියව උපන්නාය. වැඩිවියට පැමුණුනා වූ ඕතොමෝ ගිරිදාස නම් අනෙක් කරත්තකාරයෙකුගේ පුතෙකු විසින් විවාහ කරගන්නා ලදීය. ඔහුට යහපත් පැවතුම් ඇති සිල්රක්නා අනෙක් බිරියක් ද වූවාය. ඕතොමෝ ඊර්ෂ්‍යා බහුල හෙයින් ඇය කෙරෙහි සැමියා බිඳුවා වෙනස්කම් කරවූවාය. ඕතොමෝ ජීවිතාන්තය දක්වා වාසයකර මියගොස් මේ බුදුපතෙහි උදේනී නුවර සීලාචාරාදි ගුණයෙන් ප්‍රකට වූ ධනවත් සිටුවරයෙකුගේ දියණියට උපන්නාය. ඕ ඉසිදාසී නමින් හඳුන්වනු ලැබුවාය.
තං වයප්පත්තකාලෙ මාතාපිතරො කුලරූපවයවිභවාදිසදිසස්ස අඤ්ඤතරස්ස සෙට්ඨිපුත්තස්ස අදංසු. සා තස්ස ගෙහෙ පතිදෙවතා හුත්වා මාසමත්තං වසි. අථස්සා කම්මබලෙන සාමිකො විරත්තරූපො හුත්වා තං ඝරතො නීහරි. තං සබ්බං පාළිතො එව විඤ්ඤායති. තෙසං තෙසං පන සාමිකානං අරුච්චනෙය්යතාය සංවෙගජාතා පිතරං අනුජානාපෙත්වා, ජිනදත්තාය ථෙරියා සන්තිකෙ පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තී නචිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා, ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච වීතිනාමෙන්තී එකදිවසං පාටලිපුත්තනගරෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මහාගඞ්ගායං වාලුකපුලිනෙ නිසීදිත්වා බොධිත්ථෙරියා නාම අත්තනො සහායත්ථෙරියා පුබ්බපටිපත්තිං පුච්ඡිතා තමත්ථං ගාථාබන්ධවසෙන විස්සජ්ජෙසි “උජ්ජෙනියා පුරවරෙ”තිආදිනා. තෙසං පන පුච්ඡාවිස්සජ්ජනානං සම්බන්ධං දස්සෙතුං –
ඇය වැඩිවිය පැමිණි කල්හි කුලය රූපය වයස සම්පත් ආදියෙන් සමාන වූ එක්තරා සිටු පුතෙකුට විවාහ කර දුන්හ. ඕ සැමියා දෙවියෙකු කොට සලකමින් මාසයක් පමණ එහි විසුවාය. ඉක්බිති ඇයගේ කර්ම විපාකයක් වශයෙන් සැමියා ඇය කෙරෙහි අහිතවත් වී ඇය ගෙදරින් පිටත් කළේය. ඒ සියලු පවත් පාලියෙන් දැනගන්නේය. ඒ ඒ සැමියන්ගේ නොරිස්සීමට ගොදුරු වූ ඕතොමෝ කලකිරී පියාගේ අනුමැතිය ලබා ජිනදත්තා තෙරණිය සමීපයෙහි පැවිදිවී විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. ඉන්පසු පලසුවයෙන් හා නිවන් සුවයෙන් කල් යවන්නී දිනක් පැළලුප් නුවර පිඬු පිණිස ගොස් අහර කිස කර නිමවා මහා ගංගාවෙහි වැලිතලාවෙහි හිඳ තම සහායිකාව වූ බෝධි තෙරණිය පෙර පිළිවෙත විමසූ කල්හි ගාථාබන්ධන වශයෙන් උජ්ජෙනියා පුරවරෙ ආදි ගාථාවලින් කතාපුවත සැලකළාය. ඒ දෙදෙනාගේ ප්‍රශ්න හා පිළිතුරු මෙසේ දැක්විණ:
“නගරම්හි කුසුමනාමෙ, පාටලිපුත්තම්හි පථවියා මණ්ඩෙ; සක්යකුලකුලීනායො, ද්වෙ භික්ඛුනියො හි ගුණවතියො.
පැළලුප් නුවර කුසුම නම් පෙදෙස ශාක්‍ය කුලයෙහි උපන් ගුණසම්පන්න භික්ෂුණීහු දෙදෙනෙක් විසූහ.
“ඉසිදාසී තත්ථ එකා, දුතියා බොධීති සීලසම්පන්නා ච; ඣානජ්ඣායනරතායො, බහුස්සුතායො ධුතකිලෙසායො.
එයින් එක තැනැත්තියක් ඉසිදාසී නමි, අනෙක් තැනැත්තී බෝධි නමින් සිල්වත් තැනැත්තියක් වූවාය. මොවුහු ධ්‍යානයෙහි ඇලුණු බහුශ්‍රැත වූ කෙලෙස්මළ සෝදලූ දෙනමක් වූහ.
“තා පිණ්ඩාය චරිත්වා, භත්තත්ථං කරිය ධොතපත්තායො; රහිතම්හි සුඛනිසින්නා, ඉමා ගිරා අබ්භුදීරෙසු”න්ති. –
ඔවුහු පිඬු පිණිස හැසිර දන් වළඳා පාත්‍ර සෝදා තබා සුවපහසුව හුන්නාහු මේ වචන ප්‍රකාශ කළහ.
ඉමා තිස්සො ගාථා සඞ්ගීතිකාරෙහි ඨපිතා.
මේ ගාථා තුන සංගීතිකාරයන් විසින් ඇතුළත් කරන ලද ඒවාය.
“පාසාදිකාසි අය්යෙ, ඉසිදාසි වයොපි තෙ අපරිහීනො; කිං දිස්වාන බ්යාලිකං, අථාසි නෙක්ඛම්මමනුයුත්තා.
ආර්ය ඉසිදාසිය, ඔබ පහදවනසුලු තැනැත්තියකි. ඔබේ වයස ද පිරිහී ගොස් නැත. කවරනම් දෝෂයක් දැක නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණෙහිද?
“එවමනුයුඤ්ජියමානා සා, රහිතෙ ධම්මදෙසනාකුසලා; ඉසිදාසී වචනමබ්රවි, සුණ බොධි යථාම්හි පබ්බජිතා.
මෙසේ ශ්‍රමණ ධර්මයෙහි යෙදී සිටින්නා වූ ධර්ම දේශනාවෙහි දක්ෂ වූ ඉසිදාසී මෙසේ කීවාය. මා පැවිදිවූයේ කවර හෙයින්ද යනු ඔබට කියා දෙමි, බෝධි තෙරණිය අසනු මැනවි.
ඉතො පරං විස්සජ්ජනගාථා.
මෙයින් පසුව දැක්වෙන්නේ පිළිතුරු වශයෙන් ඇය ප්‍රකාශ කළ කථා පුවතය:
“උජ්ජෙනියා පුරවරෙ, මය්හං පිතා සීලසංවුතො සෙට්ඨි; තස්සම්හි එකධීතා, පියා මනාපා ච දයිතා ච.
මගේ පියා උදේනි නුවර සීලගුණයෙන් සමන්විත වූ සිටුවරයෙක් විය. මම ඔහුගේ මනවඩන ප්‍රිය වූ එකම දියණිය වීමි.
“අථ මෙ සාකෙතතො වරකා, ආගච්ඡුමුත්තමකුලීනා; සෙට්ඨී පහූතරතනො, තස්ස මමං සුණුමදාසි තාතො.
ඉක්බිති සාකේත පුරයෙහි සිට කුලවත් ධනවත් සිටුවරයෙක් පැමිණියේය. මගේ පියා මා ඔහුට යෙහෙලිය කර දුන්නේය.
“සස්සුයා සසුරස්ස ච, සායං පාතං පණාමමුපගම්ම; සිරසා කරොමි පාදෙ, වන්දාමි යථාම්හි අනුසිට්ඨා.
උදෑසන හා සවස මම මගේ නැදිමයිලන් වෙත ඇඳිලි බැඳගෙන පැමිණ, මට දී තිබෙන අවවාද පරිදි මම ඔවුන්ගේ දෙපා නැමදීමි.
“යා මය්හං සාමිකස්ස, භගිනියො භාතුනො පරිජනො වා; තමෙකවරකම්පි දිස්වා, උබ්බිග්ගා ආසනං දෙමි.
මගේ සැමියාගේ සොහොයුරියන් සොහොයුරන් හා පිරිවරජනයා ගෙදරට පැමිණෙනු දැක මම නැගිට ඔවුන්ට අසුන් පනවා දෙමි.
“අන්නෙන ච පානෙන ච, ඛජ්ජෙන ච යඤ්ච තත්ථ සන්නිහිතං; ඡාදෙමි උපනයාමි ච, දෙමි ච යං යස්ස පතිරූපං.
ආහාරපානවලින් ද ඛාද්යභොද්ය ආදී එවේලට ගෙදර තිබුණු දෙයින් මම ඔවුන්ට සුදුසු පරිදි සංග්‍රහ කරමි.
“කාලෙන උපට්ඨහිත්වා, ඝරං සමුපගමාමි උම්මාරෙ; ධොවන්තී හත්ථ්පාදෙ, පඤ්ජලිකා සාමිකමුපෙමි.
සුදුසු වේලාවෙහි නැගිට ගෙදරට ගොස් එලිපත සිට අත්පා දොවමින් බඳැදිලිව සැමියා වෙත යමි.
“කොච්ඡං පසාදං අඤ්ජනිඤ්ච, ආදාසකඤ්ච ගණ්හිත්වා; පරිකම්මකාරිකා විය, සයමෙව පතිං විභූසෙමි.
පණාව, සුවඳවිලවුන් හා කැටපතද ගෙන, සේවිකාවක මෙන් මමම සැමියා සරසමි.
“සයමෙව ඔදනං සාධයාමි, සයමෙව භාජනං ධොවන්තී; මාතාව එකපුත්තකං, තථා භත්තාරං පරිචරාමි.
මමම බත් වඩමින් හාජන සෝදමින් එකම පුතුට සලකන මවක මෙන් මම සැමියාට සලකමි.
“එවං මං භත්තිකතං, අනුරත්තං කාරිකං නිහතමානං; උට්ඨායිකං අනලසං, සීලවතිං දුස්සතෙ භත්තා.
මෙසේ සැමියා කෙරෙහි ඇලුණාවූ නිහතමානීව මෙහෙ කරන්නාවූ අනලස්වූ සිල්වත්වූ උපස්ථායිකාවකවූ මා සැමියා නොඉවසීය.
“සො මාතරඤ්ච පිතරඤ්ච, භණති ආපුච්ඡහං ගමිස්සාමි; ඉසිදාසියා න සහ වච්ඡං, එකාගාරෙහං සහ වත්ථුං.
ඉසිදාසිය සමග එකගෙයි විසීමට නොහැක්කෙමි. ඔබලාගේ අවසරය ගෙන මම යන්නෙමි යනුවෙන් හෙතෙම මවුපියන්ට කියයි.
“මා එවං පුත්ත අවච, ඉසිදාසී පණ්ඩිතා පරිබ්යත්තා; උට්ඨායිකා අනලසා, කිං තුය්හං න රොචතෙ පුත්ත.
දරුව, එසේ නොකිය. ඉසිදාසී ව්‍යක්තය, පණ්ඩිතය, උවටැන් කරන්නීය, අනලස්ය, කවර හෙයකින් ඇය ඔබට නොරිසියෙහිද?
“න ච මෙ හිංසති කිඤ්චි, න චහං ඉසිදාසියා සහ වච්ඡං; දෙස්සාව මෙ අලං මෙ, අපුච්ඡාහං ගමිස්සාමි.
ඈ මට කිසි හිංසාවක් නොකරයි, එහෙත් මම ඉසිදාසිය සමග නොවසමි. ද්වේශ කිරීමෙන් කම් නැත. අවසර දෙන්න, මම යන්නෙමි.
“තස්ස වචනං සුණිත්වා, සස්සු සසුරො ච මං අපුච්ඡිංසු; කිස්ස තයා අපරද්ධං, භණ විස්සට්ඨා යථාභූතං.
නැදිමයිලෝ ද මෙය අසා කිමෙක්ද? ඈ ඔබට වරදක් කළාද, තත්වූ පරිදි කියනු මැනවි.
“නපිහං අපරජ්ඣං කිඤ්චි, නපි හිංසෙමි න භණාමි දුබ්බචනං; කිං සක්කා කාතුය්යෙ, යං මං විද්දෙස්සතෙ භත්තා.
මම කිසිම වරදක් නොකරමි, හිංසාවක් නොකරමි, අමිහිරි වචනයක් නොකියමි. ආර්යාවෙනි, මට නපුරු වචනයක් කිව හැකිද, එහෙත් මගේ සැමියා මා අප්‍රිය කරයි.
“තෙ මං පිතුඝරං පටිනයිංසු, විමනා දුඛෙන අධිභූතා; පුත්තමනුරක්ඛමානා, ජිතාම්හසෙ රූපිනිං ලක්ඛිං.
සිය පුතා රක්නා වූ ඔවුහු සිරිකත දිනුවෙමුයි දොම්නස්වූ මා දෙමාපියන්ගේ ගෙදරට යැවූහ.
“අථ මං අදාසි තාතො, අඩ්ඪස්ස ඝරම්හි දුතියකුලිකස්ස; තතො උපඩ්ඪසුඞ්කෙන, යෙන මං වින්දථ සෙට්ඨි.
ඉක්බිති මගේ පියා මා වෙනුවෙන් සිටුවරයාට දුන් දායාදයෙන් අඩක් දෙවන සැමියාට දී මා ඔහුට පාවා දුන්නේය.
“තස්සපි ඝරම්හි මාසං, අවසිං අථ සොපි මං පටිච්ඡරයි; දාසීව උපට්ඨහන්තිං, අදූසිකං සීලසම්පන්නං.
ඔහුගේ ගෙදර ද සීලසම්පන්න වූ, දූෂණය නොවූ මා දාසියක මෙන් සේවය කළ නමුදු මාසයකට පසු මගේ සැමියා මා ගෙයින් පිටුමං කළේය.
“භික්ඛාය ච විචරන්තං, දමකං දන්තං මෙ පිතා භණති; හොහිසි මෙ ජාමාතා, නික්ඛිප පොට්ඨිඤ්ච ඝටිකඤ්ච.
පිඬු සිඟා යන භික්ෂුවක් දැක මගේ පියා ඔහු බෑණා කරගනු කැමැතිව ඔබේ වැරහැලි හා පාත්‍රය ඉවත දමා මෙහි එන්න යයි ඔහුට කීවේය.
“සොපි වසිත්වා පක්ඛං, අථ තාතං භණති ‘දෙහි මෙ පොට්ඨිං; ඝටිකඤ්ච මල්ලකඤ්ච, පුනපි භික්ඛං චරිස්සාමි’.
ඔහුද මාසයක් වැස මම යනු කැමැත්තෙමි, මගේ ඝටය, සිවුර හා පාත්‍රය දෙන්න, නැවතද පිඬු සිඟා යන්නෙමි යනුවෙන් කීවේය.
“අථ නං භණතී තාතො, අම්මා සබ්බො ච මෙ ඤාතිගණවග්ගො; කිං තෙ න කීරති ඉධ, භණ ඛිප්පං තං තෙ කරිහිති.
ඉක්බිති පියා ඔහුට කියයි: මව හෝ මගේ ඤාතීහු ඔබට කුමක් කළෝද? වහාම මට එය කියන්න. ඔබට කැමති දෙයක් කරන්නෙමි.
“එවං භණිතො භණති, යදි මෙ අත්තා සක්කොති අලං මය්හං; ඉසිදාසියා න සහ වච්ඡං, එකඝරෙහං සහ වත්ථුං.
එසේ කියනු ලැබූ හෙතෙම මට ස්වාධීනව ජීවත්වීමට ලැබේ නම් කම් නැත. ඉසිදාසි සමග එක ගෙයි විසීමට නොහැකියයි දැනුම් දුන්නේය.
“විස්සජ්ජිතො ගතො සො, අහම්පි එකාකිනී විචින්තෙමි; ආපුච්ඡිතූන ගච්ඡං, මරිතුයෙ වා පබ්බජිස්සං වා.
ගෙදරින් පිටත් කරනු ලැබූ හෙතෙම ගියේය. ඉක්බිති හුදෙකලාවූ මම එක්කෝ මැරෙන්නෙමි නැතහොත් පැවිදි වන්නෙමි යනුවෙන් සිතීමි.
“අථ අය්යා ජිනදත්තා, ආගච්ඡී ගොචරාය චරමානා; තාත කුලං විනයධරී, බහුස්සුතා සීලසම්පන්නා.
ඉක්බිති විනයධර බහුශ්‍රැත සිල්වත් ජිනදත්තා තෙරණිය පියාගේ ගෙදරට පිඩු සිඟා එනු දිටිමි.
“තං දිස්වාන අම්හාකං, උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයිං; නිසින්නාය ච පාදෙ, වන්දිත්වා භොජනමදාසිං.
ඇය දැක අසුනෙන් නැගිට අසුනක් පනවා වඩා හිඳුවා දෙපා වැඳ දානය පිදීමි.
“අන්නෙන ච පානෙන ච, ඛජ්ජෙන ච යඤ්ච තත්ථ සන්නිහිතං; සන්තප්පයිත්වා අවචං, අය්යෙ ඉච්ඡාමි පබ්බජිතුං.
කෑමබීම ඛාද්‍ය ආදි එවෙලෙහි ලබා ගත හැකි වූ දෙයින් ඇය සතප්වා ආර්යාවෙනි, පැවිදිවීමට කැමැත්තෙමියි දැනුම් දුනිමි.
“අථ මං භණතී තාතො, ඉධෙව පුත්තක චරාහි ත්වං ධම්මං; අන්නෙන ච පානෙන ච, තප්පය සමණෙ ද්විජාතී ච.
එය ඇසූ පියා දරුව, මෙහිම ධර්මයෙහි හැසිරෙමින් වාසය කරන්න. ආහාරපානාදියෙන් මහණ බමුණන් සතපන්න යනුවෙන් කීවේය.
“අථහං භණාමි තාතං, රොදන්තී අඤ්ජලිං පණාමෙත්වා; පාපඤ්හි මයා පකතං, කම්මං තං නිජ්ජරෙස්සාමි.
අනතුරුව මම දොහොත් මුදුන් දී පියාට වැඳ මා කර තිබෙන පව් දිරවන්නෙමි යනුවෙන් කියමි.
“අථ මං භණතී තාතො, පාපුණ බොධිඤ්ච අග්ගධම්මඤ්ච; නිබ්බානඤ්ච ලභස්සු, යං සච්ඡිකරී ද්විපදසෙට්ඨො.
පියා මට කියයි. බුදුන් අවබෝධ කළ බෝධිය අග්‍රධර්මය හා නිවණ ලබාගන්න.
“මාතාපිතූ අභිවාද, යිත්වා සබ්බඤ්ච ඤාතිගණවග්ගං; සත්තාහං පබ්බජිතා, තිස්සො විජ්ජා අඵස්සයිං.
දෙමාපියන් හා නෑසමූහයා වැඳ පැවිදි වී සත්දිනකින් ත්‍රිවිද්‍යාව ලබා ගතිමි. ජාති හතකදී කරන ලද පව්කම්වල යම් ඵලවිපාකයක් වේද එය කියන්නෙමි, සිත එකඟකරගෙන එයට ඇහුම්කන් දෙන්න.
“ජානාමි අත්තනො සත්ත, ජාතියො යස්සයං ඵලවිපාකො; තං තව ආචික්ඛිස්සං, තං එකමනා නිසාමෙහි.
“නගරම්හි එරකච්ඡෙ, සුවණ්ණකාරො අහං පහූතධනො; යොබ්බනමදෙන මත්තො, සො පරදාරං අසෙවිහං.
ඒරක නම් ගමෙහි අතිශය ධනවත් රන්කරුවෙකුගේ පවුලක ඉපදි යෞවන මදයෙන් මත්වී පරදාර කර්මයෙහි යෙදුනෙමි.
“සොහං තතො චවිත්වා, නිරයම්හි අපච්චිසං චිරං; පක්කො තතො ච උට්ඨහිත්වා, මක්කටියා කුච්ඡිමොක්කමිං.
ඒ අත්බැවින් චුතවූ මම බොහෝ කලක් නිරයෙහි පැසුණෙමි. එයින් අවුත් මම අනිත් ආත්මභාවයෙහි වැදිරියකගේ කුසයෙහි උපනිමි.
“සත්තාහජාතකං මං, මහාකපි යූථපො නිල්ලච්ඡෙසි; තස්සෙතං කම්මඵලං, යථාපි ගන්ත්වාන පරදාරං.
මා ඉපිද සත්වන දිනයෙහි මහා වඳුරු රජෙක් මගේ පුරුෂ බීජයන් ඉවත් කළේය. මා අතීතයෙහි කළ පරදැරි පව්හි ඵලවිපාක මේය.
“සොහං තතො චවිත්වා, කාලං කරිත්වා සින්ධවාරඤ්ඤෙ; කාණාය ච ඛඤ්ජාය ච, එළකියා කුච්ඡිමොක්කමිං.
එයින් චුතව ගියාවූ මම සින්ධව අරණ්‍යයෙහි අන්ධ වූ කුදුවූ එළුදෙනකගේ කුසයෙහි පිළිසිඳගතිමි,
“ද්වාදස වස්සානි අහං, නිල්ලච්ඡිතො දාරකෙ පරිවහිත්වා; කිමිනාවට්ටො අකල්ලො, යථාපි ගන්ත්වාන පරදාරං.
ඉවත්කරනු ලැබූ බීජ ඇති මම දොළොස් වසරක් පුරා ළමයින් පිට උඩ හිඳුවාගෙන ගොස් අසනීප වී පණු ගුළක් වීමි. එකල කළ පරදාර සේවනයෙහි ප්‍රතිඵල මේය.
“සොහං තතො චවිත්වා, ගොවාණිජකස්ස ගාවියා ජාතො; වච්ඡො ලාඛාතම්බො, නිල්ලච්ඡිතො ද්වාදසෙ මාසෙ.
එයින් චුතව ගියාවූ මම හරක් වෙළෙන්දෙකුගේ දෙනක කුස උපන්නෙමි. උපතින් දොළොස්වන මාසයේ දී ලාකඩවන් පැහැති ඒ වස්සාගේ බීජෝද්ධරණය කළේය.
“වොඪූන නඞ්ගලමහං, සකටඤ්ච ධාරයාමි; අන්ධොවට්ටො අකල්ලො, යථාපි ගන්ත්වාන පරදාරං.
මම නඟුල් ඇද්දෙමි, කරත්ත ඇදෙමි, අන්තිමේදී රෝගීවූ මම අන්ධයෙක් වීමි. පරදාර සේවනයෙහි ඵලවිපාක මේය.
“සොහං තතො චවිත්වා, වීථියා දාසියා ඝරෙ ජාතො; නෙව මහිලා න පුරිසො, යථාපි ගන්ත්වාන පරදාරං.
මම එයින් චුතව ගොස් විථියක දාසියකගේ ගෙදරක උපත ලැබුවෙමි. මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නොවීමි (නපුංසකයෙකු වූ බවය) පරදාර කර්මයෙහි ප්‍රතිඵලය මෙයය.
“තිංසතිවස්සම්හි මතො, සාකටිකකුලම්හි දාරිකා ජාතා; කපණම්හි අප්පභොගෙ, ධනිකපුරිසපාතබහුලම්හි.
තිස්වන වියේදී මියගිය මම කරත්තකාරයෙකුගේ ගෙදර දැරියක්ව උපනිමි. එය දුගීවූ ආහාරපානාදියෙන් හිඟවූ ණය හිමියන්ගේ බලයට යටවූ පවුලක් විය.
“තං මං තතො සත්ථවාහො, උස්සන්නාය විපුලාය වඩ්ඪියා; ඔකඩ්ඪති විලපන්තිං, අච්ඡින්දිත්වා කුලඝරස්මා.
මගේ (පියාගේ) ණය අධික වශයෙන් වැඩිවූකල ඒ අස්වෙළෙන්දාගේ පුතා වැළපෙන්නා වූ මා බලහත්කාරයෙන් ගෙදරින් ගෙනයයි.
“අථ සොළසමෙ වස්සෙ, දිස්වා මං පත්තයොබ්බනං කඤ්ඤං; ඔරුන්ධතස්ස පුත්තො, ගිරිදාසො නාම නාමෙන.
සොළොස්වන වියෙහි නව යෞවනයෙන් සමන්විත කන්යවක වූ මා දුටු ගිරිදාස නම්වූ ඇතරුවකුගේ පුතෙක් මා විවාහ කරගත්තේය.
“තස්සපි අඤ්ඤා භරියා, සීලවතී ගුණවතී යසවතී ච; අනුරත්තා භත්තාරං, තස්සාහං විද්දෙසනමකාසිං.
ඔහුට, සැමියා කෙරෙහි ඇලුම්කළ සිල්වත් ගුණවත් කීර්තිමත් අනෙක් බිරිඳක් ද වූවාය. මම ඇය කෙරෙහි ද්වේශ කළෙමි.
“තස්සෙතං කම්මඵලං, යං මං අපකීරිතූන ගච්ඡන්ති; දාසීව උපට්ඨහන්තිං, තස්සපි අන්තො කතො මයා”ති.
දාසියක මෙන් මෙහෙකරන්නා වූ මා ඒ හැම සැමියෙක්ම අත්හැර ගියහ. ඒ පාපකර්මයෙහි ඵලවිපාක දැන් අවසන් කර ඇත්තෙමි.
තත්ථ නගරම්හි කුසුමනාමෙති “කුසුමපුර”න්ති එවං කුසුමසද්දෙන ගහිතනාමකෙ නගරෙ, ඉදානි තං නගරං පාටලිපුත්තම්හීති සරූපතො දස්සෙති. පථවියා මණ්ඩෙති සකලාය පථවියා මණ්ඩභූතෙ. සක්යකුලකුලීනායොති සක්යකුලෙ කුලධීතරො, සක්යපුත්තස්ස භගවතො සාසනෙ පබ්බජිතතාය එවං වුත්තං.
එහි නගරම්හි කුසුමනාමෙ - කුසුමපුරය යනු කුසුම ශබ්දයෙන් සාදාගත් නමක් ඇති නගරයෙහි, දැන් ඒ නගරය ස්වරූප වශයෙන් පාටලීපුත්ත යන නමින් හැඳින්වේ. පුථුවියා මණ්ඩෙ - මුලු පොළොවටම අලංකාරයක් වූ, සක්යකුල කුලීනායො - ශාක්‍ය කුලයෙහි උපන් කුලදියණියෝ, ශාක්‍යපුත්‍ර බුදුන්ගේ සසුනෙහි පැවිදිවූවක විසින් කියන ලදී.
තත්ථාති තාසු ද්වීසු භික්ඛුනීසු. බොධීති එවංනාමිකා ථෙරී. ඣානජ්ඣායනරතායොති ලොකියලොකුත්තරස්ස ඣානස්ස ඣායනෙ අභිරතා. බහුස්සුතායොති පරියත්තිබාහුසච්චෙන බහුස්සුතා. ධුතකිලෙසායොති අග්ගමග්ගෙන සබ්බසො සමුග්ඝාතිතකිලෙසා. භත්තත්ථං කරියාති භත්තකිච්චං නිට්ඨාපෙත්වා. රහිතම්හීති ජනරහිතම්හි විවිත්තට්ඨානෙ. සුඛනිසින්නාති පබ්බජ්ජාසුඛෙන විවෙකසුඛෙන ච සුඛනිසින්නා. ඉමා ගිරාති ඉදානි වුච්චමානා සුඛා ලාපනා. අබ්භුදීරෙසුන්ති පුච්ඡාවිස්සජ්ජනවසෙන කථයිංසු.
තත්ථ - ඒ ඒ භික්ෂුණීන් කෙරෙහි, බෝධිතෙරී - එනමින් යුත් ස්ථවිරිතොමෝ, ඣානජඣායන රතායො - ලෞකික ලෝකෝත්තර ධ්‍යානයෙහි නියැලුණු, බහුස්සුතායො - ප්‍රමාණවත් අන්දමින් සත්‍යය අවබෝධ කරගැනීමෙන් බහුශ්‍රැත වූ, ධුත කිලෙසායො - අග්රමාර්ගයෙන් නසනලද කෙලෙස් ඇති, භත්තත්ථංකරියා - බත්කිසකර නිමවා, රහිතම්හි - ජනශුන්‍ය විවික්ත ස්ථානයක, සුඛනිසින්නා - පැවිදි සුවයෙන් හා විවේක සුවයෙන් සුවසේ හුන්නා වූ, ඉමා ගිරා - දැන් කියනු ලබන සුවසහගත කියමන, අබ්භුදීරෙසුං - ප්‍රශ්නෝත්තර වශයෙන් කීහ.
“පාසාදිකාසී”ති ගාථා බොධිත්ථෙරියා පුච්ඡාවසෙන වුත්තා. “එවමනුයුඤ්ජියමානා”ති ගාථා සඞ්ගීතිකාරෙහෙව වුත්තා. “උජ්ජෙනියා”තිආදිකා හි සබ්බාපි ඉසිදාසියාව වුත්තා. තත්ථ පාසාදිකාසීති රූපසම්පත්තියා පස්සන්තානං පසාදාවහා අසි. වයොපි තෙ අපරිහීනොති තුය්හං වයොපි න පරිහීනො, පඨමවයෙ ඨිතාසීති අත්ථො. කිං දිස්වාන බ්යාලිකන්ති කීදිසං බ්යාලිකං දොසං ඝරාවාසෙ ආදීනවං දිස්වා. අථාසි නෙක්ඛම්මමනුයුත්තාති අථාති නිපාතමත්තං, නෙක්ඛම්මං පබ්බජ්ජං අනුයුත්තා අසි.
පාසාදිකාසි - යන ගාථාව බෝධි තෙරණියගේ ප්‍රශ්න කිරීම් වශයෙන් කියන ලදී. එවං අනුයුඤ්ජියමනා - යන ගාථාව සංගීතිකාරයන් විසින් කියන ලද්දකි. උජ්ජෙනියා - මේ ගාථාවෙහි සිට සෙසු සියල්ල ඉසිදාසිය විසින් කියා ඇත. එහි පාසාදිකාසි - රූසපුව නිසා දකින්නන් තුළ සතුට ඇතිකරන්නෙහිය, වයොපි තෙ අපරීහීනො - ඔබේ වයසද පිරීහී නැත, ප්‍රථම වයසෙහි සිටියෙහිය යන තේරුමය. කිං දිස්වාන ව්යාලීකං - ගිහිගෙයි විසීමෙහි කවර නම් දෝෂයක් දැක, අථාසි නෙක්ඛම්ම මනුයුත්තා අථ - යනු නිපාත මාත්‍රයකි, නෛෂ්ක්රමයෙහි, පැවිදිබවෙහි යෙදුණේ වෙහි,
අනුයුඤ්ජියමානාති පුච්ඡියමානා, සා ඉසිදාසීති යොජනා. රහිතෙති සුඤ්ඤට්ඨානෙ. සුණ බොධි යථාම්හි පබ්බජිතාති බොධිත්ථෙරි අහං යථා පබ්බජිතා අම්හි, තං තං පුරාණං සුණ සුණාහි.
අනුයුඤ්ඡියමානා - විමසනු ලබන ඒ ඉසිදාසිය යනුවෙන් යොදාගත යුතුය. රහිතෙ - හිස්තැනක, සුණ බොධි යථම්හි පබ්බජිතා - බෝධිස්ථවිරිය, මම යම් අයුරකින් පැවිදිවීම්ද ඒ ඉතිහාසය, සුණ - අසන්න.
උජ්ජෙනියා පුරවරෙති උජ්ජෙනීනාමකෙ අවන්තිරට්ඨෙ උත්තමනගරෙ. පියාති එකධීතුභාවෙන පියායිතබ්බා. මනාපාති සීලාචාරගුණෙන මනවඩ්ඪනකා. දයිතාති අනුකම්පිතබ්බා.
උජ්ජෙනියා පුරවරෙ - උදේනි නම්වූ අවන්ති රටෙහි උතුම් නගරයෙහි, පියා එකම දියණිය හෙයින් පියතමවූ, මනාපා - සීලාචාර පැවතුම් ඇති හෙයින් මනවඩන, දයිතා - අනුකම්පා කටයුතු.
අථාති පච්ඡා මම වයප්පත්තකාලෙ. මෙ සාකෙතතො වරකාති සාකෙතනගරතො මම වරකා මං වාරෙන්තා ආගච්ඡුං. උත්තමකුලීනාති තස්මිං නගරෙ අග්ගකුලිකා, යෙන තෙ පෙසිතා, සො සෙට්ඨි පහූතරතනො. තස්ස මමං සුණ්හමදාසි තාතොති තස්ස සාකෙතසෙට්ඨිනො සුණිසං පුත්තස්ස භරියං කත්වා මය්හං පිතා මං අදාසි.
අථ - පසුව මා වයස්ගත වූ කල, මෙ සාකෙතතො වරකා - සාකේත නුවරින් මා වෙත අපේක්ෂකයෝ පැමිණියහ. උත්තමකුලීනා - ඒ නගරයෙහි උසස් කුලයට අයත් යමෙකු විසින් ඔවුහු එවනු ලැබුහුද හෙතෙම, සෙට්ඨ පහූත රතනො තස්ස මං සුණහං අදාසි තාතො - ඒ සාකෙත සිටුවරයාගේ පුතාට මගේ පියා මා බිරිඳකර දුන්නේය.
සායං පාතන්ති සායන්හෙ පුබ්බණ්හෙ ච. පණාමමුපගම්ම සිරසා කරොමීති සස්සුයා සසුරස්ස ච සන්තිකං උපගන්ත්වා සිරසා පණාමං කරොමි, තෙසං පාදෙ වන්දාමි. යථාම්හි අනුසිට්ඨාති තෙහි යථා අනුසිට්ඨා අම්හි, තථා කරොමි, තෙසං අනුසිට්ඨිං න අතික්කමාමි.
සායං පාතං - පස්වරු හා පෙරවරුවෙහි, පණාම්මුපගම්ම සිරසා කරොමි - මාමා හා නැන්දා වෙත ගොස් හිස නමා වඳිමි. ඔවුහු යම් අයුරකින් මට අවවාද කළාහුද ඒ අයුරින්ම කටයුතු කරමි. ඔවුන්ගේ අනුශාසනාව ඉක්මවා නොයමි.
තමෙකවරකම්පීති එකවල්ලභම්පි. උබ්බිග්ගාති තසන්තා. ආසනං දෙමීති යස්ස පුග්ගලස්ස යං අනුච්ඡවිකං, තං තස්ස දෙමි.
එකවරකම්පි - එකද අපේක්ෂකයෙකු පවා, උබ්බිග්ගා - ඉවසන්නාහු (?) ආසනං දෙමි - යමෙකුට යමක් සුදුසුද ඔහුට එය දෙමි,
තත්ථාති පරිවෙසනට්ඨානෙ. සන්නිහිතන්ති සජ්ජිතං හුත්වා විජ්ජමානං. ඡාදෙමීති උපච්ඡාදෙමි, උපච්ඡාදෙත්වා උපනයාමි ච, උපනෙත්වා දෙමි, දෙන්තීපි යං යස්ස පතිරූපං, තදෙව දෙමීති අත්ථො.
තත්ථ - වසන තැන, සන්නිහිතං - සැදී පැහැදී සිටින්නාහු, ඡාදෙමි - වසමි, වසා උපනයාමි - පිළිගන්වා දෙමි - දෙමි, යමෙකුට යමක් සුදුසුවේද එය ඔහුට දෙමි යනු අදහසය.
උම්මාරෙති ද්වාරෙ. ධොවන්තී හත්ථපාදෙති හත්ථපාදෙ ධොවිනී ආසිං, ධොවිත්වා ඝරං සමුපගමාමීති යොජනා.
උම්මාරෙ - දොරකඩ, ධොවන්ති හත්ථපාදෙ - අත්පා සෝදන්නියක් වීමි. සෝදා ගෙට ගියෙමි යනුවෙන් යොදාගත යුතුය.
කොච්ඡන්ති මස්සූනං කෙසානඤ්ච උල්ලිඛනකොච්ඡං. පසාදන්ති ගන්ධචුණ්ණාදිමුඛවිලෙපනං. “පසාධන”න්තිපි පාඨො, පසාධනභණ්ඩං. අඤ්ජනින්ති අඤ්ජනනාළිං. පරිකම්මකාරිකා වියාති අග්ගකුලිකා විභවසම්පන්නාපි පතිපරිචාරිකා චෙටිකා විය.
කොච්ඡං - කෙස් හා ලෝම පීරන පනාව, පසාදං සුවඳසුණු ආදී මුහුණෙහි ගාන විලවුන්, පසාධනන්ති යනුවෙන් ද පාඨයකි, පහයින් උවරණ, අඤ්ජනං - අඳුන් නැළිය, පරිකම්මකාවිය - උසස් කුලයක ඉපිද බොහෝ සැපසම්පත්වලින් සමන්විත වුවද උපස්ථාන කරන සේවිකාවක් මෙන්,
සාධයාමීති පචාමි. භාජනන්ති ලොහභාජනඤ්ච. ධොවන්තී පරිචරාමීති යොජනා.
සාධයාමි - පිසමි. භාජනං - ලොහො බඳුනද, සෝදමින් මෙහෙකරමි යනුවෙන් යොදාගත යුතුය.
භත්තිකතන්ති කතසාමිභතිකං. අනුරත්තන්ති අනුරත්තවන්තිං. කාරිකන්ති තස්ස තස්සෙව ඉති කත්තබ්බස්ස කාරිකං. නිහතමානන්ති අපනීතමානං. උට්ඨායිකන්ති උට්ඨානවීරියසම්පන්නං. අනලසන්ති තතො එව අකුසීතං. සීලවතින්ති සීලාචාරසම්පන්නං. දුස්සතෙති දුස්සති, කුජ්ඣිත්වා භණති.
භතිකතං - සැමියාට කරනලද මෙහෙය ඇති, අනුරත්තං - ඇලුණු තැනැන්තී, කාරිකං - කළයුතු ඒ ඒ දේ කරන, නිහතමානං - ඉවත්කළ මානය ඇති, උට්ඨායිකං - එළඹසිටි වීර්ය ඇතිව, අනලසං - එහෙයින් කුසිත නොවී, සීලවතිං - සීලාචාරසම්පන්න, දුස්සතෙ - කිපෙයි, කිපී කථාකරයි.
භණති ආපුච්ඡහං ගමිස්සාමීති “අහං තුම්හෙ ආපුච්ඡිත්වා යත්ථ කත්ථචි ගමිස්සාමී”ති සො මම සාමිකො අත්තනො මාතරඤ්ච පිතරඤ්ච භණති. කිං භණතීති චෙ ආහ – “ඉසිදාසියා න සහ වච්ඡං, එකාගාරෙහං සහ වත්ථු”න්ති. තත්ථ වච්ඡන්ති වසිස්සං.
ආපුච්ඡාහං ගමිස්සාමි - මම ඔබලාගෙන් සමුගෙන යම්කිසි තැනකට යන්නෙමි. ඒ මගේ සැමියා තම මවට හා පියාට එසේ කියයි. කුමක් කියත්දැයි දන්වයි. ඉසිදාසියා න වච්ඡං එකාගාරෙහං සහවත්ථුං - මෙහි වච්ඡං යනු වසන්නෙමි යනුය.
දෙස්සාති අප්පියා. අලං මෙති පයොජනං මෙ තාය ඉත්ථීති අත්ථො . අපුච්ඡාහං ගමිස්සාමීති යදි මෙ තුම්හෙ තාය සද්ධිං සංවාසං ඉච්ඡථ, අහං තුම්හෙ අපුච්ඡිත්වා විදෙසං පක්කමිස්සාමි.
දෙස්සා - අප්‍රියකර, අලම්මෙ - ඇයගෙන් මට ප්‍රයෝජනයක් නැත යන අදහසය. අපුච්ඡාහං ගමිස්සාමි - ඉදින් ඔබලා ඇය සමග මගේ සහවාසය කැමැත්තහු නම් මම ඔබලාගෙන් නොවිමසාම විදේශයකට යන්නෙමි.
තස්සාති මම භත්තුනො. කිස්සාති කිං අස්ස තව සාමිකස්ස. තයා අපරද්ධං බ්යාලිකං කතං.
තස්ස - මගේ සැමියාගේ, කිස්ස - කිමෙක්ද ඔබේ සැමියාට තයා අපරද්ධං - ඔබ අපරාධයක් කළාද?
නපිහං අපරජ්ඣන්ති නපි අහං තස්ස කිඤ්චි අපරජ්ඣිං. අයමෙව වා පාඨො. නපි හිංසෙමීති නපි බාධෙමි. දුබ්බචනන්ති දුරුත්තවචනං. කිං සක්කා කාතුය්යෙති කිං මයා කාතුං අය්යෙ සක්කා. යං මං විද්දෙස්සතෙ භත්තාති යස්මා අකාරණෙනෙව භත්තා මය්හං විද්දෙස්සතෙ විද්දෙස්සං චිත්තප්පකොපං කරොති.
නපි අහං අපරජ්ඣං - මම ඔහුට කිසිම හානියක් නොකළෙමි. නපි හිංසාමි - හිංසා නොකරමි. දුබ්බචනං - නපුරු කොට කියූ වචනය කිං සක්කා කාතුය්යෙ - ආර්යාවෙනි, මා විසින් කුමක් කළ හැකිද? යං මං විද්දෙස්සතෙ භත්තා - යම් හෙයකින් මගේ සැමියා නිකරුණේ මට ද්‍රෝහ කරයිද, මගේ මනස විකෘත කරයිද,
විමනාති දොමනස්සිකා. පුත්තමනුරක්ඛමානාති අත්තනො පුත්තං මය්හං සාමිකං චිත්තමනුරක්ඛණෙන අනුරක්ඛන්තා. ජිතාම්හසෙ රූපිනිං ලක්ඛින්ති ජිතා අම්හසෙ ජිතා වතාම්හ රූපවතිං සිරිං, මනුස්සවෙසෙන චරන්තියා සිරිදෙවතාය පරිහීනා වතාති අත්ථො.
විමනා - දොම්නස් වූවා, පුත්තං අනුරක්ඛමානො - තමාගේ පුතා හා මගේ සැමියාගේ සිත නොකැඩෙන අන්දමින් රැකගනිමින්, ජිතම්හසෙ රූපිනිං ලක්ඛිං - රූපසම්පන්න ශ්රිය, මිනිස් වෙසින් හැසිරෙන ලක්ෂ්මියගෙන් වෙන්වූයේ වෙමු යන තේරුමය.
අඩ්ඪස්ස ඝරම්හි දුතියකුලිකස්සාති පඨමසාමිකං උපාදාය දුතියස්ස අඩ්ඪස්ස කුලපුත්තස්ස ඝරම්හි මං අදාසි, දෙන්තො ච තතො පඨමසුඞ්කතො උපඩ්ඪසුඞ්කෙන අදාසි. යෙන මං වින්දථ සෙට්ඨීති යෙන සුඞ්කෙන මං පඨමං සෙට්ඨි වින්දථ පටිලභි, තතො උපඩ්ඪසුඞ්කෙනාති යොජනා.
අඩ්ඪස්ස ඝරම්හි දූතීයකුලකස්ස - පළමු සැමියාට දුන් වස්තුවෙන් අඩක් දෙවැන්නාට දී මා පාවා දුන්හ. එසේ දෙනකල්හි දෑවැද්දෙන් හරි අඩක් ඔහුට දුන්නේය. යෙන මං වින්දථ සෙට්ඨි - යම් දායාදයක් මගේ පළමු සැමියා වින්දථ ලැබුවේද, එයින් බාගයක්ය යනුවෙන් යොදාගත යුතුය.
සොපීති දුතියසාමිකොපි. මං පටිච්ඡරයීති මං නීහරි, සො මං ගෙහතො නික්කඩ්ඪි. උපට්ඨහන්තින්ති දාසී විය උපට්ඨහන්තිං උපට්ඨානං කරොන්තිං. අදූසිකන්ති අදුබ්භනකං.
සොපි - දෙවන සැමියා, මං පටිච්ඡසි - මා ඉවත් කළේය. හෙතෙම මා ගෙදරින් පිටත්කර හැරියේය. උපට්ඨහන්තිං - දාසියක මෙන් උවටැන් කරන්නී, අදුසිකං - දූෂණය නොකරන.
දමකන්ති කාරුඤ්ඤාධිට්ඨානතාය පරෙසං චිත්තස්ස දමකං. යථා පරෙ කිඤ්චි දස්සන්ති, එවං අත්තනො කායං වාචඤ්ච දන්තං වූපසන්තං කත්වා පරදත්තභික්ඛාය විචරණකං. ජාමාතාති දුහිතුපති. නික්ඛිප පොට්ඨිඤ්ච ඝටිකඤ්චාති තයා පරිදහිතං පිලොතිකාඛණ්ඩඤ්ච භික්ඛාකපාලඤ්ච ඡඩ්ඩෙහි.
දමකං - කරුණා සහගත බැවින් අනුන්ගේ සිත් දමනය කරන්නාවූ, යම් ආකාරයකින් අනෙක් අය යමක් පෙන්වද්ද එසේම තමාගේ කය හා වචනය දන්තං - සන්සුන්කර අනුන් දෙන පිඬු පිණිස හැසිරෙන, ජාමාතා - දුවගේ සැමියා, නික්ඛිප පොනතිඤ්ච ඝටිකඤ්ච - ඔබ පෙරවාගෙන සිටින වැරහැලිකඩ හා භික්ෂා භාජනය ඉවතලව.
සොපි වසිත්වා පක්ඛන්ති සොපි භික්ඛකො පුරිසො මයා සද්ධිං අද්ධමාසමත්තං වසිත්වා පක්කාමි.
සොපි වසිත්වා පක්කමථ - ඔහුද, භික්ෂාවෙන් ජීවත්වූ ඒ පුරුෂයා මා සමග අඩමසක් පමණ වැස යන්ට ගියේය.
අථ නං භණතී තාතොති තං භික්ඛකං මම පිතා මාතා සබ්බො ච මෙ ඤාතිගණො වග්ගවග්ගො හුත්වා භණති. කථං? කිං තෙ න කීරති ඉධ තුය්හං කිං නාම න කිරති න සාධියති, භණ ඛිප්පං. තං තෙ කරිහිතීති තං තුය්හං කරිස්සති.
අථ නං භණ්තිතාතො - මගේ පියා මව හා මගේ සියලුම නෑදැයෝ කණ්ඩායම් වශයෙන් එක්වී කියති, කෙසේද යත්? කිං තෙ න කීරති - ඔබට ඈ කුමක් නොකරයිද? කුමක් සපයා නොදෙයිද වහාම කියව. තං තෙ කරීහි - එය ඔබට කරන්නේය,
යදි මෙ අත්තා සක්කොතීති යදි මය්හං අත්තා අත්තාධීනො භුජිස්සො ච හොති, අලං මය්හං ඉසිදාසියා තාය පයොජනං නත්ථි, තස්මා න සහ වච්ඡං න සහ වසිස්සං, එකඝරෙ අහං තාය සහ වත්ථුන්ති යොජනා.
යදි මෙ අත්තා සක්කොති - ඉදින් මගේ ආත්මය ධීනව සේවකයෙක් ද වේ. අලං මය්හං ඉසිදාසියා - ඇයගෙන් ප්‍රයෝජනයක් නැත, එහෙයින් න සහවච්ඡං - එකට නොවෙසෙමි. එක ගෙදර ඇය සමග විසීමට යනුවෙන් සම්බන්ධකර ගතයුතුය.
විස්සජ්ජිතො ගතො සොති සො භික්ඛකො පිතරා විස්සජ්ජිතො යථාරුචි ගතො. එකාකිනීති එකිකාව. ආපුච්ඡිතූන ගච්ඡන්ති මය්හං පිතරං විස්සජ්ජෙත්වා ගච්ඡාමි. මරිතුයෙති මරිතුං. වාති විකප්පත්ථෙ නිපාතො.
විස්සජ්ජිතො ගතො සො - ඒ යාචකයා පියා විසින් නිදහස් කරනු ලැබුවේ තම කැමැත්ත පරිදි ගියේය. එකාකිනී - හුදෙකලාවම, අපුච්ඡිතූන ගච්ඡං - මගේ පියා නොවිමසා යමි. මරිතායෙවා - මැරෙන්ට, වා - යනු විකල්පාර්ථයෙහි නිපාතයකි,
ගොචරායාති භික්ඛාය, තාත-කුලං ආගච්ඡීති යොජනා.
ගොචරාය - සිඟා යනු පිණිස පියාගේ ගෙදරට පැමිණියේය යනුවෙන් යෙදේ.
තන්ති තං ජිනදත්තත්ථෙරිං. උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයින්ති උට්ඨහිත්වා ආසනං තස්සා ථෙරියා පඤ්ඤාපෙසිං.
තං ඒ ජින දත්තා තෙරණිය, උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයිං - නැගිට ඒ තෙරණියට අසුනක් පැනවීමි.
ඉධෙවාති ඉමස්මිං එව ගෙහෙ ඨිතා. පුත්තකාති සාමඤ්ඤවොහාරෙන ධීතරං අනුකම්පෙන්තො ආලපති. චරාහි ත්වං ධම්මන්ති ත්වං පබ්බජිත්වා චරිතබ්බං බ්රහ්මචරියාදිධම්මං චර. ද්විජාතීති බ්රාහ්මණජාතී.
ඉධෙව මේ ගෙයිම සිටියා, පුත්තකා - සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අනුකම්පා වශයෙන් දියණියට පුතා යනුවෙන් අමතයි. චරාගිත්වං ධම්මං - ඔබ පැවිදිව හැසිරිය යුතු බඹසර ආදියෙහි හැසිරෙව ද්විජාති - බ්‍රාහ්මණ ජාතිය,
නිජ්ජරෙස්සාමීති ජීරාපෙස්සාමි විනාසෙස්සාමි.
නිජ් ජරෙස්සාමි - දිරවන්නෙමි.
බොධින්ති සච්චාභිසම්බොධිං, මග්ගඤාණන්ති අත්ථො. අග්ගධම්මන්ති ඵලධම්මං, අරහත්තං. යං සච්ඡිකරී ද්විපදසෙට්ඨොති යං මග්ගඵලනිබ්බානසඤ්ඤිතං ලොකුත්තරධම්මං ද්විපදානං සෙට්ඨො සම්මාසම්බුද්ධො සච්ඡි අකාසි, තං ලභස්සූති යොජනා.
බොධිං - සත්‍යය අවබෝධ කිරීම, මාර්ගඥානය යන තේරුමය. අග්ගධම්මං - ඵලලාභය, රහත්බව. යං සච්ඡිකරි ද්විපදසෙට්ඨො - මාර්ගඵල සංඛ්‍යාත නිවන නමින් හැදින්වෙන ලෝකොත්තර ධර්මය දෙපා ඇත්තවුන්ගෙන් ශ්‍රේෂ්ඨයා වූ බුදුහු අවබෝධ කරගත් සේක්ද එය ලබාගනු මැනව.
සත්තාහං පබ්බජිතාති පබ්බජිතා හුත්වා සත්තාහෙන. අඵස්සයින්ති ඵුසිං සච්ඡාකාසිං.
සත්තාහං පබ්බජිතා - පැවිදිවී සත්දිනකින් අඵස්සයිං - ස්පර්ශ කළෙමි, ප්රත්යක්ෂ කළෙමි.
යස්සයං ඵලවිපාකොති යස්ස පාපකම්මස්ස, අයං සාමිකස්ස අමනාපභාවසඞ්ඛාතො නිස්සන්දඵලභූතො විපාකො. තං තව ආචික්ඛිස්සන්ති තං කම්මං තව කථෙස්සාමි. තන්ති ආචික්ඛියමානං තමෙව කම්මං, තං වා මම වචනං. එකමනාති එකග්ගමනා. අයමෙව වා පාඨො.
යස්සායං ඵලවිපාකො - යම්කිසි පාපකර්මයක් හේතුකොටගෙන සැමියා අමනාපවීම් සංඛ්‍යාත කර්මඵලය වූයේද, තං තව ආචික්ඛිස්සං - ඒ කර්මය ඔබට කියන්නෙමි තං කියනු ලබන්නා වූ ඒ කර්මයම නැතහොත් මගේ වචනය, එකමනා - එකඟවූ සිත් ඇතිව, අයමෙව යනුවෙන් ද පාඨයකි.
නගරම්හි එරකච්ඡෙති එවංනාමකෙ නගරෙ. සො පරදාරං අසෙවිහන්ති සො අහං පරස්ස දාරං අසෙවිං.
නගරම්හි එරකච්ඡෙ - එනම් නගරයෙහි, සා පරදාරං අසෙවිහං - ඒ මම පරදාර කර්මය කළෙමි.
චිරං පක්කොති බහූනි වස්සසතසහස්සානි නිරයග්ගිනා දඩ්ඪො. තතො ච උට්ඨහිත්වාති තතො නිරයතො වුට්ඨිතො චුතො. මක්කටියා කුච්ඡිමොක්කමින්ති වානරියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිං.
චිරං පක්කො - බොහෝ වසර සියදහස් ගණන් නිරාගින්නෙන් පිළිස්සුණෙමි. තතො ච උට්ඨහිත්වා - ඒ නිරයෙන් චුතවී, මක්කටියා කුච්ඡිමොක්කමිං - වැඳිරියකගේ කුසයෙහි පිළිසිඳ ගතිමි.
යූථපොති යූථපති. නිල්ලච්ඡෙසීති පුරිසභාවස්ස ලක්ඛණභූතානි බීජකානි නිල්ලච්ඡෙසි නීහරි. තස්සෙතං කම්මඵලන්ති තස්ස මය්හං එතං අතීතෙ කතස්ස කම්මස්ස ඵලං. යථාපි ගන්ත්වාන පරදාරන්ති යථා තං පරදාරං අතික්කමිත්වා.
යූථපො - රංචුවේ නායකයා නිල්ලච්ඡෙසි - පුරුෂභාවයෙහි බීජයන් ඉවත් කළේය. තස්සෙතං කම්මඵලං - මෙය මා පෙර කළ කර්මයෙහි විපාකය. යථාපි ගනත්‍වාන පරදාරං - යම්හෙයකින් ඒ පරදාරය ඉක්මවා,
තතොති මක්කටයොනිතො. සින්ධවාරඤ්ඤෙති සින්ධවරට්ඨෙ අරඤ්ඤට්ඨානෙ. එළකියාති අජියා.
තතො - ඒ වඳුරු අත්බැවින්, සින්ධවාරඤ්ඤෙ - සින්ධව රටේ ආරණ්‍යයක, එළකියා - එළුදෙනකගේ,
දාරකෙ පරිවහිත්වාති පිට්ඨිං ආරුය්හ කුමාරකෙ වහිත්වා. කිමිනාවට්ටොති අභිජාතට්ඨානෙ කිමිපරිගතොව හුත්වා අට්ටො අට්ටිතො. අකල්ලොති ගිලානො, අහොසීති වචනසෙසො.
දාරකෙ පරිවහිත්වා - දරුවන් පිට උඩ තබාගෙන, කිමිනාව අට්ටො - හටගත් තන්හි පණුවන් පිරිවරා සිටි හෙයින් කලකිරී, අකල්ලො - ගිලන්වී, විය යනුවෙන් යොදාගත යුතුය.
ගොවාණිජකස්සාති ගාවියො වික්කිණිත්වා ජීවකස්ස. ලාඛාතම්බොති ලාඛාරසරත්තෙහි විය තම්බෙහි ලොමෙහි සමන්නාගතො.
ගොවාණිජකස්ස - දෙනුන් විකුණා ජීවත්වන්නකුගේ ලාඛා තම්බො - ලාකඩ දියරෙන් මෙන් තඹවන් ලොමින් සමන්විත වූයේ,
වොඪූනාති වහිත්වා. නඞ්ගලන්ති සීරං, සකටඤ්ච ධාරයාමීති අත්ථො . අන්ධොවට්ටොති කාණොව හුත්වා අට්ටො පීළිතො.
වොඪුනා - උසුලා, නංගලං නගුල, කරත්තද උසුලමි යන තේරුමය. අන්ධො වට්ටො - ඇස් අඳවී, කොරවී,
වීථියාති නගරවීථියං. දාසියා ඝරෙ ජාතොති ඝරදාසියා කුච්ඡිම්හි ජාතො. “වණ්ණදාසියා”තිපි වදන්ති. නෙව මහිලා න පුරිසොති ඉත්ථීපි පුරිසොපි න හොමි, ජාතිනපුංසකොති අත්ථො.
විථියා - නුවර වීදීයෙහි, දාසියා ඝරෙ ජාතො - ගෙදැස්සකගේ කුසෙහි උපන්නේ, වණ්ණජාතියා යනුවෙන්ද පාඨයකි. නෙව මහිලා නෙව පුරිසො - ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නොවෙමි. උපන් නපුංසකයෙක්ය යූසේයි.
තිංසතිවස්සම්හි මතොති නපුංසකො හුත්වා තිංසවස්සකාලෙ මතො. සාකටිකකුලම්හීති සූතකකුලෙ. ධනිකපුරිසපාතබහුලම්හීති ඉණායිකානං පුරිසානං අධිපතනබහුලෙ බහූහි ඉණායිකෙහි අභිභවිතබ්බෙ.
තිංසති වස්සම්හි මතො - නපුංසකයෙකු වී තිස්වන වියෙහිදී මියගිය, සාකටිකකුලම්හි - රියැදුරු පවුලක, ධනික පුරිසපාත බහුලම්හි - ණය දෙන පුරුෂයන්ගේ අනුහස් බහුල වූ, බොහෝ ණයදෙන්නන් විසින් මැඩපවත්වනු ලබන,
උස්සන්නායාති උපචිතාය. විපුලායාති මහතියා. වඩ්ඪියාති ඉණවඩ්ඪියා. ඔකඩ්ඪතීති අවකඩ්ඪති. කුලඝරස්මාති මම ජාතකුලගෙහතො.
උස්සන්නාය - රැස්කළ, විපුලාය - මහත්වූ, වඩ්ඪියා - ණය වැඩිවීමෙන්, ඔකඩ්ඪති - ඇද දමයි, කුලඝරස්ස - මා උපන් ගෙදරින්,
ඔරුන්ධතස්ස පුත්තොති අස්ස සත්ථවාහස්ස පුත්තො, මයි පටිබද්ධචිත්තො නාමෙන ගිරිදාසො නාම අවරුන්ධති අත්තනො පරිග්ගහභාවෙන ගෙහෙ කරොති.
ඔරුන්ධතස්ස පුත්තො - අස් රියැදුරෙකුගේ පුතෙක්, නමින් ගිරිදාස නම් වූ ඔහු මා පිළිබඳව සිත් ඇතිව, තමා විවාහ කර ගැනීම් වශයෙන් ගෙට කැඳවාගෙන යයි.
අනුරත්තා භත්තාරන්ති භත්තාරං අනුවත්තිකා. තස්සාහං විද්දෙසනමකාසින්ති තස්ස භත්තුනො තං භරියං සපත්තිං විද්දෙසනකම්මං අකාසිං. යථා තං සො කුජ්ඣති, එවං පටිපජ්ජිං.
අනුරත්තා භත්තාරං - සැමියා කෙරෙහි ඇල්ම ඇත්තී, තස්සාහං විද්දෙසමකාසිං - ඒ සැමියා තුළ ඇය කෙරෙහි ද්වේශයක් ඉපදවීමි. යම් අයුරකින් හෙතෙම ඇයට කිපේද ඒ අයුරින් කටයුතු සැලැස්වීමි,
යං මං අපකීරිතූන ගච්ඡන්තීති යං දාසී විය සක්කච්චං උපට්ඨහන්තිං මං තත්ථ තත්ථ පතිනො අපකිරිත්වා ඡඩ්ඩෙත්වා අනපෙක්ඛා අපගච්ඡන්ති. එතං තස්සා මය්හං තදා කතස්ස පරදාරිකකම්මස්ස සපත්තිං විද්දෙසනකම්මස්ස ච නිස්සන්දඵලං. තස්සපි අන්තො කතො මයාති තස්සපි තථා අනුනයපාපකකම්මස්ස දාරුණස්ස පරියන්තො ඉදානි මයා අග්ගමග්ගං අධිගච්ඡන්තියා කතො, ඉතො පරං කිඤ්චි දුක්ඛං නත්ථීති. යං පනෙත්ථ අන්තරන්තරා න විභත්තං, තං වුත්තනයත්තා උත්තානත්ථමෙව.
යං මං අපකිරීතුන ගච්ඡන්ති - දැස්සකමෙන් මැනවින් මෙහකරන මා ඒ ඒ තන්හි සැමියා අපකාරකොට හැරදමා බලාපොරොත්තු රහිතව නික්මයන, එතං - මා විසින් කරන ලද පරදාර කර්මයෙහි හා ද්වේශ කිරීමෙහි ඵලවිපාක, තස්සපි අන්තො කතො මයා - එදා කළ ඒ පාපකර්මයෙහි කෙළවර වශයෙන් දැන් මා විසින් අග්‍රමාර්‍ගය ප්රත්යක්ෂ කරන ලදී. එහෙයින් මෙයින් මතු තවත් දුක් විඳීමක් නැත. මෙහිදී අතරතුර යමක් මා විසින් නොපෙන්වන ලදද ඒ සියල්ල කලින් කියාදී තිබෙන හෙයින් පැහැදිලි වේ.
ඉසිදාසීථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
ඉසිදාසි තෙරණියගේ ගාථා වර්ණනාව නිමි
චත්තාලීසනිපාතවණ්ණනා නිට්ඨිතා.
සතළිස්වන නිපාත වර්ණනාව සමාප්තය.