යෙදුමෙන් කියවන්න

30. තිංසතිනිපාතො අට‍්ඨකථා

30. තිංසති නිපාතය

ජීවකම‍්බවනිකසුභාථෙරීගාථාවණ‍්ණනා

ජීවකම්බවනික සුභා ථේරීගාථා වර්ණනාව

තිංසනිපාතෙ ජීවකම‍්බවනං රම‍්මන‍්තිආදිකා සුභාය ජීවකම‍්බවනිකාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී, සම‍්භාවිතකුසලමූලා අනුක‍්කමෙන පරිබ්‍රූහිතවිමොක‍්ඛසම‍්භාරා පරිපක‍්කඤාණා හුත්‍වා, ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති, සුභාතිස‍්සා නාමමහොසි. තස‍්සා කිර සරීරාවයවා සොභනවණ‍්ණයුත‍්තා අහෙසුං, තස‍්මා සුභාති අන්‍වත්‍ථමෙව නාමං ජාතං. සා සත්‍ථු රාජගහප‍්පවෙසනෙ පටිලද‍්ධසද‍්ධා උපාසිකා හුත්‍වා අපරභාගෙ සංසාරෙ ජාතසංවෙගා කාමෙසු ආදීනවං දිස‍්වා නෙක‍්ඛම‍්මඤ‍්ච ඛෙමතො සල‍්ලක‍්ඛන‍්තී මහාපජාපතියා ගොතමියා සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී කතිපාහෙනෙව අනාගාමිඵලෙ පතිට‍්ඨාසි.

තිස්වන නිපාතයෙහි ජීවකම්බවනං රම්මං යනාදී ගාථා ජීවකම්බවනික (ජීවකගේ අඹවනයෙහි වෙසෙන) සුභා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරමින් පිහිටුවන ලද කුසල්මුල් ඇතිව ක්‍රමයෙන් දියුණු කරගනු ලැබූ නිර්‍වාණගාමී කුශල සම්භාරයෙන් යුක්තව මුහුකුරා ගිය නුවණැතිව මේ බුදුපතෙහි රජගහනුවර බමුණු හසල් කුලයක උපන්නාය. ඇයට සුභා යන නම ලැබිණ. ඇයගේ සියලු අඟපසඟ මනහර පැහැයෙන් යුක්තවිය. එහෙයින් සුභා යන නම අන්‍වර්‍ථ විය. බුදුහු සැවතට පිවිසෙන අවස්ථාවෙහි හටගත් ශ්‍රද්ධාව ඇති ඕතොමෝ උපාසිකාවක වී පසු කලෙක සසර පැවැත්ම කෙරෙහි සංවේගය පහළ වී කාමයන්හි ආදීනව දැක නෛශ්ක්‍රම්‍යය ක්‍ෂේම භූමිය වශයෙන් හැඳිනගෙන මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදි වී විදසුන් වඩන්නී දින කිහිපයකින්ම අනාගාමී ඵලයෙහි පිහිටියාය.

අථ නං එකදිවසං අඤ‍්ඤතරො රාජගහවාසී ධුත‍්තපුරිසො තරුණො පඨමයොබ‍්බනෙ ඨිතො ජීවකම‍්බවනෙ දිවාවිහාරාය ගච‍්ඡන‍්තිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා මග‍්ගං ඔවරන‍්තො කාමෙහි නිමන‍්තෙසි. සා තස‍්ස නානප‍්පකාරෙහි කාමානං ආදීනවං අත‍්තනො ච නෙක‍්ඛම‍්මජ‍්ඣාසයං පවෙදෙන‍්තී ධම‍්මං කථෙසි. සො ධම‍්මකථං සුත්‍වාපි න පටික‍්කමති, නිබන්‍ධතියෙව. ථෙරී නං අත‍්තනො වචනෙ අතිට‍්ඨන‍්තං අක‍්ඛිම‍්හි ච අභිරත‍්තං දිස‍්වා, “හන්‍ද, තයා සම‍්භාවිතං අක‍්ඛි”න‍්ති අත‍්තනො එකං අක‍්ඛිං උප‍්පාටෙත්‍වා තස‍්ස උපනෙසි. තතො සො පුරිසො සන‍්තාසො සංවෙගජාතො තත්‍ථ විගතරාගොව හුත්‍වා ථෙරිං ඛමාපෙත්‍වා ගතො. ථෙරී සත්‍ථු සන‍්තිකං අගමාසි. සත්‍ථුනො සහ දස‍්සනෙනෙවස‍්සා අක‍්ඛි පටිපාකතිකං අහොසි. තතො සා බුද‍්ධගතාය පීතියා නිරන‍්තරං ඵුටා හුත්‍වා අට‍්ඨාසි. සත්‍ථා තස‍්සා චිත‍්තාචාරං ඤත්‍වා ධම‍්මං දෙසෙත්‍වා අග‍්ගමග‍්ගත්‍ථාය කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සා පීතිං වික‍්ඛම‍්භෙත්‍වා තාවදෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අරහත‍්තං පන පත්‍වා ඵලසුඛෙන නිබ‍්බානසුඛෙන විහරන‍්තී අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා අත‍්තනා තෙන ච ධුත‍්තපුරිසෙන වුත‍්තගාථා උදානවසෙන –

ඉක්බිති එක් දිනක රජගහනුවර වැසි එක් තරුණ ධූර්තයෙක් දිවාකාලය ගතකරනු පිණිස ජීවකගේ අඹඋයනට යන ප්‍රථම යෞවනයෙහි සිටියා වූ සුභා දැක ඇය පිළිබඳ සිතක් ඇතිවී මග අවුරා සිට කාමයෙන් ඇරයුම් කළේය. ඕතොමෝ නොයෙක් ආකාරයෙන් ඔහුට කාමයෙහි ආදීනවද තමාගේ පැවිදිවීමේ අභිප්‍රාවද පැහැදිලි කරමින් ධර්‍මය දේශනා කළාය. හෙතෙම ධර්‍මය අසාද ඉවත්ව නොයයි, එහිම ලැගෙයි. තමාගේ වචනය නොපිළිගන්නා වූ ඔහු ඔහුගේ දෙනෙතින් පිටවන අනුරාගයද දැක ‘හොඳයි, ඔහු අගය කරන ඇස’ යයි ඇයගේ එක ඇසක් උපුටා ඔහු වෙත දිගුකළාය. ඉක්බිති ඒ පුරුෂයා බියපත්ව සංවේගය හටගත් හෙයින් එහිදීම පහවූ රාගය ඇතිව තෙරණිය සමාකරවාගෙන පිටත්ව ගියේය. තෙරණියෝ බුදුන් වෙතට ගියහ. බුදුහු දකිත්ම ඇයගේ ඇස පියෙවි ගතියට පත්විය. එයින් බුදුන් කෙරෙහි ඇති වූ සොම්නස මුලු සිරුර පුරා පැතිර සිටියේය. බුදුහු ඇයගේ සිත්හසර හැඳිනගෙන බණ කියා අග්‍රමාර්‍ගය දක්වා කමටහන් දෙසූහ. ඕතොමෝ ප්‍රීතිය යටපත්කර එකෙණෙහිම විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත්බව ලබා පලසුවයෙන් හා නිවන්සුවයෙන් වෙසෙන්නී තමාගේ පිළිවෙත දෙස පෙරළා බලා තමා හා ඒ ධූර්ත පුරුෂයා කියූ ගාථා උදාන වශයෙන් මෙසේ ප්‍රකාශ කළාය.

“ජීවකම‍්බවනං රම‍්මං, ගච‍්ඡන‍්තිං භික‍්ඛුනිං සුභං; ධුත‍්තකො සන‍්නිවාරෙසි, තමෙනං අබ්‍රවී සුභා.

ජීවකගේ මනහර අඹවනයට යන සුභා භික්‍ෂුණිය දුටු ධූර්රයෙක් ඇයගේ ගමන වැළැක්වීය. සුභා ඔහුට මෙසේ කීවාය:

“කිං තෙ අපරාධිතං මයා, යං මං ඔවරියාන තිට‍්ඨසි; න හි පබ‍්බජිතාය ආවුසො, පුරිසො සම‍්ඵුසනාය කප‍්පති.

මගේ මග අවුරාගෙන සිටින ඔබට මා කළ වරද කුමක්ද? මිත්‍රය, පුරුෂයෙකුට භික්‍ෂුණියකගේ සිරුර ස්පර්‍ශ කිරීම නොයෙදෙයි.

“ගරුකෙ මම සත්‍ථුසාසනෙ, යා සික‍්ඛා සුගතෙන දෙසිතා; පරිසුද‍්ධපදං අනඞ‍්ගණං, කිං මං ඔවරියාන තිට‍්ඨසි.

මගේ ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි උන්වහන්සේ දෙසූ පිරිසිදු කෙලෙස් රහිත ධර්‍මයෙහි හික්මෙන්නාවූ මා අවුරාගෙන සිටින්නේ ඇයි?

“ආවිලචිත‍්තො අනාවිලං, සරජො වීතරජං අනඞ‍්ගණං; සබ‍්බත්‍ථ විමුත‍්තමානසං, කිං මං ඔවරියාන තිට‍්ඨසි.

[missing trans]

“දහරා ච අපාපිකා චසි, කිං තෙ පබ‍්බජ‍්ජා කරිස‍්සති; නික‍්ඛිප කාසායචීවරං, එහි රමාම සුපුප‍්ඵිතෙ වනෙ.

ඔබ තරුණය, නිකැළැල්ය, පැවිද්දෙන් ඔබට ඇති ඵලය කුමක්ද? කහ සිවුර ඉවත්කර එන්න, සුපිපි වනරොදෙහි කෙළිදෙලෙන් පසුවෙමු.

“මධුරඤ‍්ච පවන‍්ති සබ‍්බසො, කුසුමරජෙන සමුට‍්ඨිතා දුමා; පඨමවසන‍්තො සුඛො උතු, එහි රමාම සුපුප‍්ඵිතෙ වනෙ.

මිහිරි පවන් හමයි. කුසුම්රෙදෙන් වැසුණු රුක්ගොමුවය. වසත්කල උදාවූවා පමණි, සුවපහස් දෙන කාලගුණයයි, එන්න සුපිරි වනයෙහි අභිරමණය කරමු.

“කුසුමිතසිඛරා ච පාදපා, අභිගජ‍්ජන‍්තිව මාලුතෙරිතා; කා තුය‍්හං රති භවිස‍්සති, යදි එකා වනමොගහිස‍්සසි.

අග පිපුණු මලින් බර ගස්ය, පවනින් සැලෙන ඒ ගස් ගොරවන්නාක් මෙනි. ඔබ හුදෙකලාවම මෙවැනි වනරොදකට පිවිසෙන්නී නම් එයින් ඔබ ලබන විනෝදය කුමක්ද?

“වාළමිගසඞ‍්ඝසෙවිතං, කුඤ‍්ජරමත‍්තකරෙණුලොළිතං; අසහායිකා ගන‍්තුමිච‍්ඡසි, රහිතං භිංසනකං මහාවනං.

ව්‍යාඝ්‍රමෘගාදීන් වෙසෙන මතැතුන් හා ඇතින්නන්ගෙන් කැළඹුණු බිය ගෙනදෙන මේ මහා වනයට ඔබ අනෙකෙකුගේ සහායයක් නොමැතිව තනිවම යනු කැමත්තීද?

“තපනීයකතාව ධීතිකා, විචරසි චිත‍්තලතෙව අච‍්ඡරා; කාසිකසුඛුමෙහි වග‍්ගුභි, සොභසී සුවසනෙහි නූපමෙ.

රන්මුවා පෙතැලි රුවක් වැනිවූ, චිත්‍රරථා අප්සරාව වැනිවූ අසමසම තැනැත්තිය, විසිතුරු කසී ඇඳුම්වලින් හොබනෙහිය.

“අහං තව වසානුගො සියං, යදි විහරෙමසෙ කානනන‍්තරෙ; න හි මත්‍ථි තයා පියත‍්තරො, පාණො කින‍්නරිමන්‍දලොචනෙ.

ඉදින් මේ වනයෙහි ඔබ සමග සමහම් සුවය විඳින්නෙම් නම්, කිඳුරිය, දිගැසිය, මම ඔබේ වසයෙහි වෙසෙන්නෙමි, ඔබට වඩා ප්‍රියතර අනෙකක් මට නොමැත.

“යදි මෙ වචනං කරිස‍්සසි, සුඛිතා එහි අගාරමාවස; පාසාදනිවාතවාසිනී, පරිකම‍්මං තෙ කරොන‍්තු නාරියො.

ඔබ මගේ වචනය කරන්නෙහි නම් මගේ ගෙදර වෙසෙන්න, මනා දොරකවුළුවලින් සමන්විත පහයෙහි වෙසෙන ඔබට ගැහැණු සේවය කරත්.

“කාසිකසුඛුමානි ධාරය, අභිරොපෙහි ච මාලවණ‍්ණකං; කඤ‍්චනමණිමුත‍්තකං බහුං, විවිධං ආභරණං කරොමි තෙ.

දුහුල් කසීසළු පෙරවන්න, මල්ගඳවිලවුන්වලින් සිරුර සරසන්න. රන්, මැණික් හා මුතුවලින් සාදන ලද විවිධ ආහරණ පළඳින්න. මැනැවින් දෙවූ ඇතිරි ඇති, ලොම් හා පුලුන්වලින් සාදන ලද මෙට්ට ඇති, සඳුන් සුණින් සුවඳ ගැන්වූ ඉතා අගනා ඇඳෙහි සැතපෙන්න.

“සුධොතරජපච‍්ඡදං සුභං, ගොනකතූලිකසන්‍ථතං නවං; අභිරුහ සයනං මහාරහං, චන්‍දනමණ‍්ඩිතසාරගන්‍ධිකං.

“උප‍්පලං චුදකා සමුග‍්ගතං, යථා තං අමනුස‍්සසෙවිතං; එවං ත්‍වං බ්‍රහ‍්මචාරිනී, සකෙසඞ‍්ගෙසු ජරං ගමිස‍්සසි.

අමනුෂ්‍යයන් අරක්ගත් දිය මතුපිට තිබෙන නිලුපුලක් මෙන් බඹසර හැසිරෙන ඔබේ අඟපසඟ (ප්‍රයෝජනයට නොගෙන) දිරා යයි.

“කිං තෙ ඉධ සාරසම‍්මතං, කුණපපූරම‍්හි සුසානවඩ‍්ඪනෙ; භෙදනධම‍්මෙ කළෙවරෙ, යං දිස‍්වා විමනො උදික‍්ඛසි.

කුණපවලින් පිරෙන සොහොන වඩවන්නා වූ මේ සිරුරෙහි ඔබ කවර හරයක් දක්නෙහිද? බිඳෙනසුලු මේ සිරුරෙහි යම් හරයක් දැක ඔබ කලකිරීමෙන් එය බලන්නෙහිය.

“අක‍්ඛීනි ච තූරියාරිව, කින‍්නරියාරිව පබ‍්බතන‍්තරෙ; තව මෙ නයනානි දක‍්ඛිය, භිය්‍යො කාමරතී පවඩ‍්ඪති.

ඔබේ දෙනෙත් මුවඟනකගේ මෙනි, පර්‍වත අතර සැරිසරණ කිඳුරියකගේ මෙනි, ඔබේ ඒ මේ ඇස් දැක මගේ කම්රිසිය තවතවත් වැඩෙයි.

“උප‍්පලසිඛරොපමානි තෙ, විමලෙ හාටකසන‍්නිභෙ මුඛෙ; තව මෙ නයනානි දක‍්ඛිය, භිය්‍යො කාමගුණො පවඩ‍්ඪති.

රන්රුවක මුඛයක මෙන් උපුල් පෙතිවල අගට සමාන වූ ඔබේ ඇස් දැක මගේ කාමගුණයෝ බෙහෙවින් වැඩෙත්.

“අපි දූරගතා සරම‍්හසෙ, ආයතපම‍්හෙ විසුද‍්ධදස‍්සනෙ; න හි මත්‍ථි තයා පියත‍්තරො, නයනා කින‍්නරිමන්‍දලොචනෙ.

පිරිසිදු දැකුම් ඇති දිගු ඇසිපියවලින් හෙබි ඔබේ මේ දෙඇස දුරකට ගිය කලෙක වුවද මැනැවින් සිහිකරමි, සිඳුරඟනකගේ වැනි සිහින් ඇස් ඇත්තිය, ඔබට වඩා ප්‍රිය වූ අනෙකක් මට නැත.

“අපථෙන පයාතුමිච‍්ඡසි, චන්‍දං කීළනකං ගවෙසසි; මෙරුං ලඞ‍්ඝෙතුමිච‍්ඡසි, යො ත්‍වං බුද‍්ධසුතං මග‍්ගයසි.

බුදු දියණියක පතන්නා වූ ඔබ නොමග යාමට කැමැත්තෙහිද, සඳමඩල කෙළි බඩුවක් මෙන් සලකාද, මහමෙර ඉක්මවා යාමට කැමැත්තෙහිද?

“නත්‍ථි හි ලොකෙ සදෙවකෙ, රාගො යත්‍ථපි දානි මෙ සියා; නපි නං ජානාමි කීරිසො, අථ මග‍්ගෙන හතො සමූලකො.

මගේ රාගය සඳහා දෙවියන් සහිත මේ ලෝකයෙහි කිසිම තැනක් නැත. රාගය කෙබඳු එකක්ද යනු පවා නොදනිමි. ආර්යමාර්‍ගයෙන් එය සහමුලින්ම විනාශ කර දැමීමි.

“ඉඞ‍්ගාලකුයාව උජ‍්ඣිතො, විසපත‍්තොරිව අග‍්ගිතො කතො; නපි නං පස‍්සාමි කීරිසො, අථ මග‍්ගෙන හතො සමූලකො.

ගිනි අඟුරුවළකට දමා දරකැබැල්ලක් මෙන්ද අගය අඩුකළ විසබඳුනක් මෙන්ද රාගය මුලින්ම සිඳලීමි. දැන් එය කෙබඳුදැයි මම නොදනිමි.

“යස‍්සා සියා අපච‍්චවෙක‍්ඛිතං, සත්‍ථා වා අනුපාසිතො සියා; ත්‍වං තාදිසිකං පලොභය, ජානන‍්තිං සො ඉමං විහඤ‍්ඤසි.

යම් තැනැත්තියක විසින් දහම නොදක්නා ලද්දී ද, බුදුන් විසින් අනුශාසනා නොකරන ලද්දී ද ඔබ එවැනි තැනැත්තියක පොළඹවන්නට ධර්‍මය දන්නා වූ මාවැන්නියක පෙළඔවීමට තැත්කිරීමෙන් ඔබ විනාශ වන්නෙහිය.

“මය‍්හඤ‍්හි අක‍්කුට‍්ඨවන්‍දිතෙ, සුඛදුක‍්ඛෙ ච සතී උපට‍්ඨිතා; සඞ‍්ඛතමසුභන‍්ති ජානිය, සබ‍්බත්‍ථෙව මනො න ලිම‍්පති.

නින්දා ප්‍රශංසා දෙකෙහිද සුවදුක් දෙකෙහිද මගේ සිහිය පිහිටා ඇත. සංස්කාර ධර්‍මයන් අශුභ බව දැනගෙන කිසිම තැනක මගේ මනස නොඇලෙයි.

“සාහං සුගතස‍්ස සාවිකා, මග‍්ගට‍්ඨඞ‍්ගිකයානයායිනී; උද‍්ධටසල‍්ලා අනාසවා, සුඤ‍්ඤාගාරගතා රමාමහං.

අරිඅටගමගෙහි ගමන්කරන, උදුරා දමනලද (රාගාදී) හුල් ඇති, අසවු නැතිකළ බුදුන්ගේ ශ්‍රාවිකාවක් වූ මම ශුන්‍යාගාරයෙහි ඇලෙමි.

“දිට‍්ඨා හි මයා සුචිත‍්තිතා, සොම‍්භා දාරුකපිල‍්ලකානි වා; තන‍්තීහි ච ඛීලකෙහි ච, විනිබද‍්ධා විවිධං පනච‍්චකා.

දඬු කැබැලිවලින් යුත් නූල්වලින් හා උල්වලින් බඳිනු ලැබූ මනහර ලෙස පාට කළ නොයෙක් අයුරින් නටන්නාවූ රූකඩ මා දැක ඇත.

“තම‍්හුද‍්ධටෙ තන‍්තිඛීලකෙ, විස‍්සට‍්ඨෙ විකලෙ පරික්‍රිතෙ; න වින්‍දෙය්‍ය ඛණ‍්ඩසො කතෙ, කිම‍්හි තත්‍ථ මනං නිවෙසයෙ.

ඒ නූල් හා උල් ගළවා දැමූ කල්හි, කැබැලි ගළවා තන්හිතන්හි විසුළ කල්හි, කෑලිකෑලිවලට වෙන්කළ කල්හි එහි කෙසේ නම් සිත පිහිටුවිය හැකිද?

“තථූපමා දෙහකානි මං, තෙහි ධම‍්මෙහි විනා න වත‍්තන‍්ති; ධම‍්මෙහි විනා න වත‍්තති, කිම‍්හි තත්‍ථ මනං නිවෙසයෙ.

සියලුම සිරුරු එවැනිය. මාද ඒ ධර්‍මතාවෙන් නොමිඳුණෙක්මි. කිසිවෙක් ඒ ස්වභාවයෙන් මිදී නැත. එසේ නම් මගේ සිත එහි යොදවන්නේ කුමකටද?

“යථා හරිතාලෙන මක‍්ඛිතං, අද‍්දස චිත‍්තිකං භිත‍්තියා කතං; තම‍්හි තෙ විපරීතදස‍්සනං, සඤ‍්ඤා මානුසිකා නිරත්‍ථිකා.

හිරියල්වලින් බිත්තියක අඳිනලද ස්ත්‍රී රූපයක් යම්සේ දක්නේද, එය විපරිත දැක්මකි, එහිලා ස්ත්‍රියක යන හැඟීම අර්ථශුන්‍ය වූවකි.

“මායං විය අග‍්ගතො කතං, සුපිනන‍්තෙව සුවණ‍්ණපාදපං; උපගච‍්ඡසි අන්‍ධ රිත‍්තකං, ජනමජ‍්ඣෙරිව රුප‍්පරූපකං.

ඉදිරිපිට මවනලද මායාවක් වූ, සිහිනෙන් දුටු රන්රුවක් වූ, විජ්ජාකාරයෙකු විසින් ජනයා ඉදිරිපිට මවනලද නිසරු හිස් රුවක් බවට පැමිණෙහිද?

“වට‍්ටනිරිව කොටරොහිතා, මජ‍්ඣෙ පුබ‍්බුළකා සඅස‍්සුකා; පීළකොළිකා චෙත්‍ථ ජායති, විවිධා චක‍්ඛුවිධා ච පිණ‍්ඩිතා.

ගස්බෙනයක තබනලද ලාකඩ ගුළියක් වැනි වූ, මැද පිහිටියාවූ කඳුළු සහිත බුබුලක් ඇති මේ ඇසෙහි කබ (පණුවන්) හටගනී. නොයෙක් අක්‍ෂි වර්ග ද දක්නට ලැබේ.

“උප‍්පාටිය චාරුදස‍්සනා, න ච පජ‍්ජිත්‍ථ අසඞ‍්ගමානසා; හන්‍ද තෙ චක‍්ඛුං හරස‍්සු තං, තස‍්ස නරස‍්ස අදාසි තාවදෙ.

එකෙණෙහි මනහර දැකුම් ඇති ඕතොමෝ සිය ඇස් කෙරෙහි නොඇලී ඔබේ මේ ඇස අරගන්නයී කියා ඔහුට එය උපුටා දුන්නාය.

“තස‍්ස ච විරමාසි තාවදෙ, රාගො තත්‍ථ ඛමාපයී ච නං; සොත්‍ථි සියා බ්‍රහ‍්මචාරිනී, න පුනො එදිසකං භවිස‍්සති.

එකෙණෙහිම ඔහුගේ රාගය දුරුවිය. එවිට ඔහු මා ක්‍ෂමා කරවීය. බඹසර හැසිරෙන තැනැත්තිය, ඔබට යහපතක්ම වේවා මෙයින් මතු මෙවැන්නක් නොවන්නේය.

“ආසාදිය එදිසං ජනං, අග‍්ගිං පජ‍්ජලිතංව ලිඞ‍්ගිය; ගණ‍්හිය ආසීවිසං විය, අපි නු සොත්‍ථි සියා ඛමෙහි නො.

ඇවිලෙන ගින්නක් වැළඳගන්නාක් මෙන්ද, සර්‍පයෙකු අතින් ගන්නාක් මෙන්ද මෙවැනි තැනැත්තියක් ලබාගැනීමෙන් කවර නම් සැපතක් වේද? මට සමාවනු මැනව.

“මුත‍්තා ච තතො සා භික‍්ඛුනී, අගමී බුද‍්ධවරස‍්ස සන‍්තිකං; පස‍්සිය වරපුඤ‍්ඤලක‍්ඛණං, චක‍්ඛු ආසි යථා පුරාණක”න‍්ති. –

ඔහුගෙන් මිදුණාවූ ඒ තෙරණියෝ බුදුන් සමීපයට ගියහ. උතුම් පින්ලකුණින් හෙබියා වූ ඒ බුදුන් දුටු කෙණෙහිම ඇයගේ ඇස පර මෙන් පිහිටීය.

ඉමා ගාථා පච‍්චුදාහාසි.

තත්‍ථ ජීවකම‍්බවනන‍්ති ජීවකස‍්ස කොමාරභච‍්චස‍්ස අම‍්බවනං. රම‍්මන‍්ති රමණීයං. තං කිර භූමිභාගසම‍්පත‍්තියා ඡායූදකසම‍්පත‍්තියා ච රුක‍්ඛානං රොපිතාකාරෙන අතිවිය මනුඤ‍්ඤං මනොරමං. ගච‍්ඡන‍්තින‍්ති අම‍්බවනං උද‍්දිස‍්ස ගතං, දිවාවිහාරාය උපගච‍්ඡන‍්තිං. සුභන‍්ති එවංනාමිකං. ධුත‍්තකොති ඉත්‍ථිධුත‍්තො. රාජගහවාසී කිරෙකො මහාවිභවස‍්ස සුවණ‍්ණකාරස‍්ස පුත‍්තො යුවා අභිරූපො ඉත්‍ථිධුත‍්තො පුරිසො මත‍්තො විචරති. සො තං පටිපථෙ දිස‍්වා පටිබද‍්ධචිත‍්තො මග‍්ගං උපරුන්‍ධිත්‍වා අට‍්ඨාසි. තෙන වුත‍්තං – “ධුත‍්තකො සන‍්නිවාරෙසී”ති, මම ගමනං නිසෙධෙසීති අත්‍ථො. තමෙනං අබ්‍රවී සුභාති තමෙනං නිවාරෙත්‍වා ඨිතං ධුත‍්තං සුභා භික‍්ඛුනී කථෙසි. එත්‍ථ ච “ගච‍්ඡන‍්තිං භික‍්ඛුනිං සුභං, අබ්‍රවි සුභා”ති ච අත‍්තානමෙව ථෙරී අඤ‍්ඤං විය කත්‍වා වදති. ථෙරියා වුත‍්තගාථානං සම‍්බන්‍ධදස‍්සනවසෙන සඞ‍්ගීතිකාරෙහි අයං ගාථා වුත‍්තා.

එහි ජීවකම්බවනෙ - ජීවක කෞමාරභෘත්‍යගේ අඹවනය, රම්මං - රම්‍ය වූ, එය වූකලී සරුබිමෙන් හා ජලසම්පත්තියෙන් ද ගස් සිටුවා තිබෙන ආකාරයෙන් ද බෙහෙවින් මනහර වූවකි. ගච්ඡන්තිං - අඹ උයන බලා ගියාවූ, දිවාවිහාරය පිණිස යන, සුභං - එනම් තැනැත්තිය, ධුත්තකො - ස්ත්‍රී ධූර්තියෙක්; රජගහනුවර වැසි එක්තරා ධනවත් රන්කරුවෙකුගේ පුතෙකු වූ මෙතෙම මනා රූසපුවකින් හෙබියේ ස්ත්‍රී ධූතයෙකු වී පුරුෂ මදයෙන් මත්වූයේ හැසිරෙයි. හෙතෙම ඇය මගදී දැක පිළිබඳ සිත් ඇති වූයේ මග අවුරා සිටියේය. එහෙයින් ධුත්තකො සන්නිවාරෙසි යනුවෙන් කිවාය. සන්තිවාරෙසි - මගේ ගමන නැවැත්වීය යන අදහසය. තමෙනං අබ්‍රවි සුභා - එසේ ඇය වළකා සිටියා වූ ධූර්තයාට සුභා කීවාය යන්නෙහි අදහස තෙරණිය තමා අනෙකෙක සේ සලකා කියයි යනුය. තෙරණිය විසින් කියනලද ගාථාවල සම්බන්ධය දැක්වීම් වශයෙන් සංගීතිකාරයන් විසින් මේ ගාථාව කියන ලදී.

“අබ්‍රවී සුභා”ති වත්‍වා තස‍්සා වුත‍්තාකාරදස‍්සනත්‍ථං ආහ “කිං තෙ අපරාධිත”න‍්තිආදි. තත්‍ථ කිං තෙ අපරාධිතං මයාති කිං තුය‍්හං, ආවුසො, මයා අපරද‍්ධං. යං මං ඔවරියාන තිට‍්ඨසීති යෙන අපරාධෙන මං ගච‍්ඡන‍්තිං ඔවරිත්‍වා ගමනං නිසෙධෙත්‍වා තිට‍්ඨසි, සො නත්‍ථෙවාති අධිප‍්පායො. අථ ඉත්‍ථීතිසඤ‍්ඤාය එවං පටිපජ‍්ජසි, එවම‍්පි න යුත‍්තන‍්ති දස‍්සෙන‍්තී ආහ – “න හි පබ‍්බජිතාය, ආවුසො, පුරිසො සම‍්ඵුසනාය කප‍්පතී”ති, ආවුසො සුවණ‍්ණකාරපුත‍්ත , ලොකියචාරිත‍්තෙනපි පුරිසස‍්ස පබ‍්බජිතානං සම‍්ඵුසනාය න කප‍්පති, පබ‍්බජිතාය පන පුරිසො තිරච‍්ඡානගතොපි සම‍්ඵුසනාය න කප‍්පති, තිට‍්ඨතු තාව පුරිසඵුසනා, රාගවසෙනස‍්සා නිස‍්සග‍්ගියෙන පුරිසස‍්ස නිස‍්සග‍්ගියස‍්සාපි ඵුසනා න කප‍්පතෙව.

අබ්‍රවී සුභා යනුවෙන් පවසා ඇය කියූ පරිදි දක්වනු පිණිස මෙසේ කීවාය. කිං තෙ අපරාධිතං යනාදිය කීවාය. එහි කිං තෙ අපරාධිතං මයා - මිත්‍රය, ඔබට මා විසින් කළ අපරාධය කුමක්ද? යං මං ඔවරියාත තිට්ඨසි - යන්නාවූ මගේ ගමන වළක්වා සිටින්නේ කවර අපරාධයක් කළ නිසාද? එවැනි අපරාධයක් නැත්තේමය යනු අභිප්‍රාවය. ඉදින් ස්ත්‍රියක යන සංඥාවෙන් මෙසේ පිළිපදී නම් එයද අයුතු බව පෙන්වමින් මෙසේ කීවාය. නහි පබ්බජිතාය ආවුසො පුරිසො සම්ඵුසනාය කප්පති - මිත්‍ර රන්කරු පුත, ලෝකචාරිත්‍රයට අනුව වුවද පැවිදි තැනැත්තියක ස්පර්‍ශ කිරීම පිරිමියෙකුට නුසුදුසුය. තිරිසන් පිරිමි සතෙකුට පවා පැවිදි තැනැත්තියක ස්පර්‍ශ කිරීම නොවටී. ශරීරය ස්පර්‍ශ කිරීම පසෙක තිබේවා, ඇය විසින් අත්හළ දෙයක් රාග වශයෙන් පුරුෂයා විසින් අත්හළ දෙයක් පවා ස්පර්‍ශ කිරීම නොයෙදේ.

තෙනාහ “ගරුකෙ මම සත්‍ථුසාසනෙ”තිආදි. තස‍්සත්‍ථො – ගරුකෙ පාසාණච‍්ඡත‍්තං විය ගරුකාතබ‍්බෙ මය‍්හං සත්‍ථු සාසනෙ යා සික‍්ඛා භික‍්ඛුනියො උද‍්දිස‍්ස සුගතෙන සම‍්මාසම‍්බුද‍්ධෙන දෙසිතා පඤ‍්ඤත‍්තා. තාහි පරිසුද‍්ධපදං පරිසුද‍්ධකුසලකොට‍්ඨාසං, රාගාදිඅඞ‍්ගණානං සබ‍්බසො අභාවෙන අනඞ‍්ගණං, එවංභූතං මං ගච‍්ඡන‍්තිං කෙන කාරණෙන ආවරිත්‍වා තිට‍්ඨසීති.

එහෙයින් කියන ලදී. ගරුකෙ මම සත්‍ථුසාසනෙ - එහි අදහස මෙසේය. ගරුකෙ පහන්සතක් මෙන් ගරුකටයුතු ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි බුදුන් විසින් යම් ශික්‍ෂා පද්ධතියක් පනවන ලදද ඒ ශික්‍ෂා පදවලින් පරිසුද්ධපදං - පිරිසිදු කුසල් කොටස රාගාදි කිළිටි සම්පූර්‍ණයෙන්ම අභාවයට ගොස් ඇති හෙයින් අනංගණං - මෙසේවූ මා යන ගමන කුමක් නිසා අවුරා සිටින්නෙහිද?

ආවිලචිත‍්තොති චිත‍්තස‍්ස ආවිලභාවකරානං කාමවිතක‍්කාදීනං වසෙන ආවිලචිත‍්තො, ත්‍වං තදභාවතො අනාවිලං, රාගරජාදීනං වසෙන සරජො, සාඞ‍්ගණො තදභාවතො වීතරජං අනඞ‍්ගණං සබ‍්බත්‍ථ ඛන්‍ධපඤ‍්චකෙ සමුච‍්ඡෙදවිමුත‍්තියා විමුත‍්තමානසං, මං කස‍්මා ඔවරිත්‍වා තිට‍්ඨසීති? එවං ථෙරියා වුත‍්තෙ ධුත‍්තකො අත‍්තනො අධිප‍්පායං විභාවෙන‍්තො “දහරා චා”තිආදිනා දස ගාථා අභාසි. තත්‍ථ දහරාති තරුණී පඨමෙ යොබ‍්බනෙ ඨිතා. අපාපිකා චසීති රූපෙන අලාමිකා ච අසි , උත‍්තමරූපධරා චාහොසීති අධිප‍්පායො. කිං තෙ පබ‍්බජ‍්ජා කරිස‍්සතීති තුය‍්හං එවං පඨමවයෙ ඨිතාය රූපසම‍්පන‍්නාය පබ‍්බජ‍්ජා කිං කරිස‍්සති, වුඩ‍්ඪාය බීභච‍්ඡරූපාය වා පබ‍්බජිතබ‍්බන‍්ති අධිප‍්පායෙන වදති. නික‍්ඛිපාති ඡඩ‍්ඩෙහි. “උක‍්ඛිපා”ති වා පාඨො, අපනෙහීති අත්‍ථො.

ආවිලචිත්තො - සිත කළඹවනසුලු කාම විතර්‍කාදී වශයෙන් කැලඹුණු සිත් ඇති ඔබ, එය නොමැති හෙයින් අනාවිලං - රාගරජස් ආදී වශයෙන් සරජො - කෙලෙස් සහිත, එය නොමැති හෙයින් වීතරජං අනංගණං සබ්බත්‍ථ - ස්කන්‍ධ පඤ්චකය සහමුලින්ම සිඳදැමීමෙන් ලැබෙන විමුක්තියෙන් විමුත්තමානසං - කවරහෙයින් මා අවුරා සිටින්නෙහිදැයි තෙරණිය ඇසූ කල්හි ධූර්තයා තම අදහස ප්‍රකාශකරමින් දහරා ච, ආදී ගාථා දහය පැවසීය. එහි දහරා - තරුණිය, ප්‍රථම යෞවනයෙහි සිටි තැනැත්තිය, අපාපිකාචාසි - රූපයෙන් අලාමකය. උතුම් රූසපුවෙන් හෙබනීය යන තේරුමය. කිං තෙ පබ්බජ්ජා කරිස්සති - මෙසේ ප්‍රථම යෞවනයෙහි සිටියා වූ රූපසම්පත්තියට මේ පැවිදිබව කුමක් කරයිද? මහලු වූ විට කලකිරවනසුලු රූපයක් ඇතිවූ විට පැවිදි විය යුතුය යන අභිප්‍රාවෙන් කියන ලද්දකි. නික්‍ඛිප - ඉවත් කරව, විසිකරන්න යනුද අදහස් කෙරේ.

මධුරන‍්ති සුභං, සුගන්‍ධන‍්ති අත්‍ථො. පවන‍්තීති වායන‍්ති. සබ‍්බසොති සමන‍්තතො. කුසුමරජෙන සමුට‍්ඨිතා දුමාති ඉමෙ රුක‍්ඛා මන්‍දවාතෙන සමුට‍්ඨහමානකුසුමරෙණුජාතෙන අත‍්තනො කුසුමරජෙන සයං සමුට‍්ඨිතා විය හුත්‍වා සමන‍්තතො සුරභී වායන‍්ති. පඨමවසන‍්තො සුඛො උතූති අයං පඨමො වසන‍්තමාසො සුඛසම‍්ඵස‍්සො ච උතු වත‍්තතීති අත්‍ථො.

මධුරං, සුභ වූ සුවඳවත් වූ යන අර්ථයි. පවන්ති - හමයි. සබ්බසො - හාත්පසින්, කුසුමරජෙන සමුට්ඨිතාදුමා - මේ ගස් මඳසුළඟින් සොලවනු ලැබීමෙන් විසිරී යන මල් රේණුවලින් තමා නැගී සිටියාක් මෙන් වී හාත්පසින් සුවඳ මඳනල හමයි. පඨම වසන්තො සුඛො උතු - වසන්තයෙහි මෙම පළමුවන මාසයෙහි සුඛස්පර්‍ශයෙන් යුතු සෘතු ගුණය පවතී.

කුසුමිතසිඛරාති සුපුප‍්ඵිතග‍්ගා. අභිගජ‍්ජන‍්තිව මාලුතෙරිතාති වාතෙන සඤ‍්චලිතා අභිගජ‍්ජන‍්තිව අභිත්‍ථනිතා විය තිට‍්ඨන‍්ති. යදි එකා වනමොගහිස‍්සසීති සචෙ ත්‍වං එකිකා වනමොගාහිස‍්සසි, කා නාම තෙ තත්‍ථ රති භවිස‍්සතීති අත‍්තනා බද‍්ධසුඛාභිරත‍්තත‍්තා එවමාහ.

කුසුමිත සිඛරා - මැනැවින් පිපුණු අභිගජ්ජන්තිව - මාළුතෙරිතා වායුවෙන් සැලෙන කල්හි ගොරවන්නාක් මෙනි. යදි එකා වන මොතරිස්සසි - ඉදින් ඔබ හුදෙකලාවම වනයට පිවිසෙන්නෙහි නම් ඔබට එයින් ඇතිවන රතිය කුමක්ද යනුවෙන් තමා තුළ පවත්නා කාමරතිය එයින් පැවසීය.

වාළමිගසඞ‍්ඝසෙවිතන‍්ති සීහබ්‍යග‍්ඝාදිවාළමිගසමූහෙහි තත්‍ථ තත්‍ථ උපසෙවිතං. කුඤ‍්ජරමත‍්තකරෙණුලොළිතන‍්ති මත‍්තකුඤ‍්ජරෙහි හත්‍ථිනීහි ච මිගානං චිත‍්තතාපනෙන රුක‍්ඛගච‍්ඡාදීනං සාඛාභඤ‍්ජනෙන ච ආලොළිතපදෙසං. කිඤ‍්චාපි තස‍්මිං වනෙ ඊදිසං තදා නත්‍ථි, වනං නාම එවරූපන‍්ති තං භිංසාපෙතුකාමො එවමාහ. රහිතන‍්ති ජනරහිතං විජනං. භිංසනකන‍්ති භයජනකං.

වාළමිගසංඝසෙවිතං - සිංහව්‍යාඝ්‍රමෘගාදීහු ඒ ඒ තන්හි වෙසෙන්නාහු, කුඤ්ඡරමත්තකරෙණුලොළිතං - මතැතුන් හා ඇතින්නන් ද මෘගාදීන් ද විසින් සිත්තැවුල් කරවන අයුරින් ගස්වැල් ආදියෙහි අතු බිඳිමින් කළඹනලද වනපෙත මෙවැනි යයි ඇය තුළ භීතිය උපදවනු කැමැත්තෙන් මෙසේ කීවේය. රහිතං - ජනශුන්‍ය වූ, මිනිස් හසරින් තොරවූ, හිංසනකං - බියජනක වූ,

තපනීයකතාව ධීතිකාති රත‍්තසුවණ‍්ණෙන විචරිතා ධීතලිකා විය සුකුසලෙන යන‍්තාචරියෙන යන‍්තයොගවසෙන සජ‍්ජිතා සුවණ‍්ණපටිමා විය විචරසි, ඉදානෙව ඉතො චිතො ච සඤ‍්චරසි. චිත‍්තලතෙව අච‍්ඡරාති චිත‍්තලතානාමකෙ උය්‍යානෙ දෙවච‍්ඡරා විය. කාසිකසුඛුමෙහීති කාසිරට‍්ඨෙ උප‍්පන‍්නෙහි අතිවිය සුඛුමෙහි. වග‍්ගුභීති සිනිද‍්ධමට‍්ඨෙහි. සොභසී සුවසනෙහි නූපමෙති නිවාසනපාරුපනවත්‍ථෙහි අනුපමෙ උපමාරහිතෙ ත්‍වං ඉදානි මෙ වසානුගො සොභසීති භාවිනං අත‍්තනො අධිප‍්පායවසෙන එකන‍්තිකං වත‍්තමානං විය කත්‍වා වදති.

තපනීයකතාව ධීතිකා - රනින් නිමවන ලද පෙතැලි රුවක් වැනි, දක්‍ෂ යාන්ත්‍රිකයකු විසින් යන්ත්‍රානුසාරයෙන් නිමවන ලද රන් පිළිමයක් වැනි, විචරසි දැන් ඔබ ඔබිමොබ හැසිරෙයි, චිත්තරථෙ ව අච්ඡරා - චිත්තරථ නම්වූ උයනෙහි අප්සරාවක වැනි, කාසික සුඛුමෙහි - කසීරට නිපදවන ලද ඉතා සියුම්වූ, වග්ගුහි - සිනිඳු, මට සිලුටු වූ, සොභසිවසනෙහි නුපමෙ - හඳින පළඳන සළුපිළිවලින් උපමා රහිත වූ ඔබ දැන් මගේ වසඟයට පැමිණීමෙන් ඔබ ශෝභාසම්පන්න වනු ඇත යනුවෙන් තමාගේ අභිප්‍රාව වශයෙන් එසේ කියයි.

අහං තව වසානුගො සියන‍්ති අහම‍්පි තුය‍්හං වසානුගො කිංකාරපටිස‍්සාවී භවෙය්‍යං. යදි විහරෙමසෙ කානනන‍්තරෙති යදි මයං උභොපි වනන‍්තරෙ සහ වසාම රමාම. න හි මත්‍ථි තයා පියත‍්තරොති වසානුගභාවස‍්ස කාරණමාහ. පාණොති සත‍්තො, අඤ‍්ඤො කොචිපි සත‍්තො තයා පියතරො මය‍්හං න හි අත්‍ථීති අත්‍ථො. අථ වා පාණොති අත‍්තනො ජීවිතං සන්‍ධාය වදති, මය‍්හං ජීවිතං තයා පියතරං න හි අත්‍ථීති අත්‍ථො. කින‍්නරිමන්‍දලොචනෙති කින‍්නරියා විය මන්‍දපුථුවිලොචනෙ.

අහං තව වසානුගො සියං - මමද ඔබගේ වසඟයට යමින් කීකරු විශ්වාසවන්තයෙක් වන්නෙමි. යදි විහරෙමසෙ කානනන්තරෙ - අපි දෙදෙනම වනයෙහි වෙසෙමින් අභිරමණය කරමු. න හි චත්‍ථි තයා පියතරො - වසඟයට යාමට හේතුව කීවේය. පාණො - සත්ත්වයා ඔබට වඩා ප්‍රියතර අන් කිසිවෙක් මට නැත යනු අදහසය. නැතහොත්, පාණො - තමාගේ ජීවිතය උදෙසා කියයි. මගේ ජීවිතය ඔබට වඩා ප්‍රියතර නොවේ. කින්නරී මන්‍දලොචනෙ - කිඳුරියකගේ මෙන් කුඩා ඇස් ඇති තැනැත්තිය.

යදි මෙ වචනං කරිස‍්සසි, සුඛිතා එහි අගාරමාවසාති සචෙ ත්‍වං මම වචනං කරිස‍්සසි, එකාසනං එකසෙය්‍යං බ්‍රහ‍්මචරියදුක‍්ඛං පහාය එහි කාමභොගෙහි සුඛිතා හුත්‍වා අගාරං අජ‍්ඣාවස. “සුඛිතා හෙති අගාරමාවසන‍්තී”ති කෙචි පඨන‍්ති, තෙසං සුඛිතා භවිස‍්සති, අගාරං අජ‍්ඣාවසන‍්තීති අත්‍ථො. පාසාදනිවාතවාසිනීති නිවාතෙසු පාසාදෙසු වාසිනී. “පාසාදවිමානවාසිනී”ති ච පාඨො, විමානසදිසෙසු පාසාදෙසු වාසිනීති අත්‍ථො. පරිකම‍්මන‍්ති වෙය්‍යාවච‍්චං.

යදි මෙ වචනං කරිස්සසි සුඛිතා එහි අගාරමාවස - ඉදින් ඔබ මගේ වචනය කරන්නෙහි නම්, සයනයෙහි හුදෙකලාව නිදාගැනීම, බඹසර හැසිරීමේ දුක අතහැර, එන්න. කම්සුව වළඳමින් සුවපත් වී ගිහිගෙයි වසමු. ගිහිගෙයි වෙසෙමින් සුවසේ සැතපෙව යනුවෙන් ඇතැමෙක් තේරුම කියති. ගිහිගෙයි වෙසෙන්නා වූ ඔවුහු සුවපත් වෙති යනු එහි අදහසය. පාසාද නිවාතවාසිනී - දැඩි පවන් රහිත පහායවල වෙසෙන, පරකම්මං - වතාවත්,

ධාරයාති පරිදහ, නිවාසෙහි චෙව උත‍්තරියඤ‍්ච කරොහි. අභිරොපෙහීති මණ‍්ඩනවිභූසනවසෙන වා සරීරං ආරොපය, අලඞ‍්කරොහීති අත්‍ථො. මාලවණ‍්ණකන‍්ති මාලඤ‍්චෙව ගන්‍ධවිලෙපනඤ‍්ච. කඤ‍්චනමණිමුත‍්තකන‍්ති කඤ‍්චනෙන මණිමුත‍්තාහි ච යුත‍්තං, සුවණ‍්ණමයමණිමුත‍්තාහි ඛචිතන‍්ති අත්‍ථො. බහුන‍්ති හත්‍ථූපගාදිභෙදතො බහුප‍්පකාරං. විවිධන‍්ති කරණවිකතියා නානාවිධං.

ධාරය - හැඳගන්න, එමෙන්ම උතුරුසළුවක් මෙන් පෙරවාගන්න. අභිරොහෙහි - අලංකාර කිරීම් සැරසීම් විසින් සිරුර ශෝභමාන කරගන්න. මාලවණ්ණකං - මල්ගඳවිලවුන් ද, කඤ්චනමණිමුත්තකං - රුවන් හා මිණිමුතුවලින් සමන්විත, රන්මුතුමැණික් ඔබ්බා කරනලද යන තේරුමය. බහුං අත්පා ආදී භේදයෙන් විවිධං නිපදවීම් වශයෙන් නොයෙක් ප්‍රකාර වූ

සුධොතරජපච‍්ඡදන‍්ති සුධොතතාය පවාහිතරජං උත‍්තරච‍්ඡදං. සුභන‍්ති සොභනං. ගොනකතූලිකසන්‍ථතන‍්ති දීඝලොමකාළකොජවෙන චෙව හංසලොමාදිපුණ‍්ණාය තූලිකාය ච සන්‍ථතං. නවන‍්ති අභිනවං. මහාරහන‍්ති මහග‍්ඝං. චන්‍දනමණ‍්ඩිතසාරගන්‍ධිකන‍්ති ගොසීසකාදිසාරචන්‍දනෙන මණ‍්ඩිතතාය සුරභිගන්‍ධිකං, එවරූපං සයනමාරුහ, තං ආරුහිත්‍වා යථාසුඛං සයාහි චෙව නිසීද චාති අත්‍ථො.

සුධොතරජපච්ඡදං - මැනවින් සේදූ දූලි ඉවත්කළ උතුරුසළුව, සුභං - හොබනාවූ, ගොනකතුලික සන්‍ථතං - දික්ලොමින් සෑදුණු ඇතිරි හා හංසලෝමාදිය පිරවූ මෙට්ට, නවං - අභිනව, මභාරහං - ඉතා අගනා, චන්‍දනමණ්ඩිතසාරගන්‍ධිකං - ගෝසීසාදි සඳුනෙන් සරසා තිබෙන හෙයින් මිහිරි සුවඳ ඇති, මෙවැනි සයනයක නිදාගන්න, හිඳගන්න යනු අදහස් කෙරේ.

උප‍්පලං චුදකා සමුග‍්ගතන‍්ති ච-කාරො නිපාතමත‍්තං, උදකතො උග‍්ගතං උට‍්ඨිතං අච‍්චුග‍්ගම‍්ම ඨිතං සුඵුල‍්ලමුප‍්පලං. යථා තං අමනුස‍්සසෙවිතන‍්ති තඤ‍්ච රක‍්ඛසපරිග‍්ගහිතාය පොක‍්ඛරණියා ජාතත‍්තා නිම‍්මනුස‍්සෙහි සෙවිතං කෙනචි අපරිභුත‍්තමෙව භවෙය්‍ය. එවං ත්‍වං බ්‍රහ‍්මචාරිනීති එවමෙව තං සුට‍්ඨු ඵුල‍්ලමුප‍්පලං විය තුවං බ්‍රහ‍්මචාරිනී. සකෙසඞ‍්ගෙසු අත‍්තනො සරීරාවයවෙසු කෙනචි අපරිභුත‍්තෙසුයෙව ජරං ගමිස‍්සසි, මුධායෙව ජරාජිණ‍්ණා භවිස‍්සසි.

උප්පලඤ්ච උදකතො උග්ගතං - මෙහි චකාරය නිපාත මාත්‍රයකි. දියෙන් මතුපිටට නැගී සිටියාවූ පිපුණු නිලුපුල. යථා තං අමනුස්සසෙවිතං - රාක්‍ෂසයන් විසින් අධිගෘහීත වූ, පොකුණක හටගත් හෙයින් අමනුෂ්‍යයන් සේවය කරන හෙයින් අන් කිසිවෙකු විසින් පරිභෝග නොකට හැකි වේ. එවං තුවං බ්‍රහ්මචාරීණි - ඒ මේ අයුරින් මැනවින් පිපුණු උපුල් මලක් මෙන් ඔබ බඹසර හැසිරෙන්නියක වී, සකෙසු අංගෙසු - තමාගේ ශරීරාවයවයන් කිසිවෙකු විසින් නොවළඳනා කල්හිම ජරං ගමිස්සසි - නිශ්චලව දිරා යයි.

එවං ධුත‍්තකෙන අත‍්තනො අධිප‍්පායෙ පකාසිතෙ ථෙරී සරීරසභාවවිභාවනෙන තං තත්‍ථ විච‍්ඡින්‍දෙන‍්තී “කිං තෙ ඉධා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – ආවුසො සුවණ‍්ණකාරපුත‍්ත, කෙසාදිකුණපපූරෙ එකන‍්තෙන භෙදනධම‍්මෙ සුසානවඩ‍්ඪනෙ, ඉධ ඉමස‍්මිං කායසඤ‍්ඤිතෙ අසුචිකළෙවරෙ කිං නාම තව සාරන‍්ති සම‍්මතං සම‍්භාවිතං, යං දිස‍්වා විමනො අඤ‍්ඤතරස‍්මිං ආරම‍්මණෙ විගතමනසඞ‍්කප‍්පො, එත්‍ථෙව වා අවිමනො සොමනස‍්සිකො හුත්‍වා උදික‍්ඛසි, තං මය‍්හං කථෙහීති.

මෙසේ ධූර්තයා තම අදහස ප්‍රකාශ කළ කල්හි ස්ථවිරීතොමෝ ශරීරයෙහි ස්වභාවය පෙන්වා ඔහුගේ අදහස සිඳදමන්නී කිං තෙ ඉධ - යන ගාථා කීවාය. එහි අදහස යහලු රන්කරු පුත, කෙස් ඈ කුණපවලින් පිරුණු ඒකාන්තයෙන්ම සිඳෙන බිඳෙනසුලු සොහොන වඩවන්නා වූ ඉධ - සිරුර නමින් හැඳින්වෙන අශුචිකලේබරයෙහි ඔබට කවරක් සාරය වශයෙන් සම්මතං - සැලකේද, යං දිස්වා විමනො - එක්තරා අරමුණක පිහිටි මනෝසංකල්ප ඇත්තේ මෙහිම හෝ යෙදවූ සිතින් සතුටුවී බලන්නෙහිද, එය මට කියන්න.

තං සුත්‍වා ධුත‍්තකො කිඤ‍්චාපි තස‍්සා රූපං චාතුරියසොභිතං, පඨමදස‍්සනතො පන පට‍්ඨාය යස‍්මිං දිට‍්ඨිපාතෙ පටිබද‍්ධචිත‍්තො, තමෙව අපදිසන‍්තො “අක‍්ඛීනි ච තූරියාරිවා”තිආදිමාහ. කාමඤ‍්චායං ථෙරී සුට‍්ඨු සංයතතාය සන‍්තින්‍ද්‍රියා, තාය ථිරවිප‍්පසන‍්නසොම‍්මසන‍්තනයනනිපාතෙසු කම‍්මානුභාවනිප‍්ඵන‍්නෙසු පසන‍්නපඤ‍්චප‍්පසාදපටිමණ‍්ඩිතෙසු නයනෙසු ලබ‍්භමානෙ පභාවිසිට‍්ඨචාතුරියෙ දිට‍්ඨිපාතෙ, යස‍්මා සයං චරිතහාවභාවවිලාසාදිපරිකප‍්පවඤ‍්චිතො සො ධුත‍්තො ජාතො, තස‍්මාස‍්ස දිට‍්ඨිරාගො සවිසෙසං වෙපුල‍්ලං අගමාසි. තත්‍ථ අක‍්ඛීනි ච තූරියාරිවාති තූරි වුච‍්චති මිගී, ච-සද‍්දො නිපාතමත‍්තං, මිගච‍්ඡාපාය විය තෙ අක‍්ඛීනීති අත්‍ථො. “කොරියාරිවා”ති වා පාළි, කුඤ‍්චකාරකුක‍්කුටියාති වුත‍්තං හොති. කින‍්නරියාරිව පබ‍්බතන‍්තරෙති පබ‍්බතකුච‍්ඡියං විචරමානාය කින‍්නරිවනිතාය විය ච තෙ අක‍්ඛීනීති අත්‍ථො. තව මෙ නයනානි දක‍්ඛියාති තව වුත‍්තගුණවිසෙසානි නයනානි දිස‍්වා, භිය්‍යො උපරූපරි මෙ කාමාභිරති පවඩ‍්ඪති.

එය අසා ධූර්තයා ඇයගේ ශෝභාසම්පන්න රූපය පළමුවෙන් දුටු අවස්ථාවේ සිටම පිළිබඳ සිත් ඇතිව එයම පුනරාවය කරන්නේ අක්‍ඛිනීච තුරීයාරිවා - යනාදිය කීවේය. ඒකාන්තයෙන්ම මේ ස්ථවිරීතොමෝ මනාලෙස සංයම වූවාය, ඉඳුරන් සන්සුන් කරගත්තාය, ඇයගේ බෙහෙවින් පහවූ සෞම්‍ය වූ බැලුම්හි, කර්‍මානුරූපව හටගෙන තිබෙන ප්‍රසන්න දෘෂ්ටිපාතයෙහි භාවනාව විලාසාදියෙන් රවටනු ලැබුවෙකු වූ නිසා ඒ ධූර්තයාගේ දෘෂ්ටිරාගය අධික විය. අක්‍ඛිනි ච තුරීයාරීව - ‘තුරී’ යනු මුවදෙනය, ‘ච’ යනු නිපාත මාත්‍රයකි. මුවපොව්වෙකුගේ මෙන් ඔබේ ඇස් මනහරය යනු අදහසය ඇටිකිකිළියකගේ වැනි යනුවෙන් ද පාඨයකි. කින්නරියාව පබ්බතන්තරෙ - කඳු බෑවුමක හැසිරෙන කිඳුරියකගේ මෙන් ඔබේ ඇස් දක්නට ලැබේ යන තේරුමය. තව මෙ නය නානුදික්‍ඛාය - එකී ගුණවලින් යුත් ඔබේ දෙනෙත් දැක, හීයො වඩවඩාත් මගේ කාමරාගය වැඩෙයි.

උප‍්පලසිඛරොපමානි තෙති රත‍්තුප‍්පලඅග‍්ගසදිසානි පම‍්හානි තව. විමලෙති නිම‍්මලෙ. හාටකසන‍්නිභෙති කඤ‍්චනරූපකස‍්ස මුඛසදිසෙ තෙ මුඛෙ, නයනානි දක‍්ඛියාති යොජනා.

උප්පලසිඛරොපමානි තෙ - රතුපුල් මල්පෙතිවල අග මෙන් ඇස් පිහාටු ඇති, විමලෙ නිර්මල වූ, හාටකසන්තිහෙ - රන්මුවා රුවක මුහුණ වැනි ඔබගේ මුහුණෙහි ඇස් දෙක යනුවෙන් යොදාගත යුතුය.

අපි දූරගතාති දූරං ඨානං ගතාපි. සරම‍්හසෙති අඤ‍්ඤං කිඤ‍්චි අචින‍්තෙත්‍වා තව නයනානි එව අනුස‍්සරාමි. ආයතපම‍්හෙති දීඝපඛුමෙ. විසුද‍්ධදස‍්සනෙති නිම‍්මලලොචනෙ. න හි මත්‍ථි තයා පියත‍්තරො නයනාති තව නයනතො අඤ‍්ඤො කොචි මය‍්හං පියතරො නත්‍ථි. තයාති හි සාමිඅත්‍ථෙ එව කරණවචනං.

අපි දූරගතා - දුර තැනකට ගිය නමුදු, සරම්හසෙ අන් කිසිවක් නොසිතා ඔබගේ දෙනෙතම සිහිකරමි. ආයතපම්හෙ - දිග ඇස්පිහාටු ඇති, විසුද්ධදස්සනෙ - පිරිසිදු ඇස් ඇති, න හි චත්‍ථි පියතරො නයනා - ඔබගේ දෙනෙතට වඩා අන් කිසිවක් මට පියකරු නොවේ. මෙහි තයා - ස්වාම්‍යර්‍ථයෙහි කරණ විභක්තියයි.

එවං චක‍්ඛුසම‍්පත‍්තියා උම‍්මාදිතස‍්ස විය තං තං විප‍්පලපතො තස‍්ස පුරිසස‍්ස මනොරථං විපරිවත‍්තෙන‍්තී ථෙරී “අපථෙනා”තිආදිනා ද‍්වාදස ගාථා අභාසි. තත්‍ථ අපථෙන පයාතුමිච‍්ඡසීති, ආවුසො සුවණ‍්ණකාරපුත‍්ත, සන‍්තෙ අඤ‍්ඤස‍්මිං ඉත්‍ථිජනෙ යො ත්‍වං බුද‍්ධසුතං බුද‍්ධස‍්ස භගවතො ඔරසධීතරං මං මග‍්ගයසි පත්‍ථෙසි, සො ත්‍වං සන‍්තෙ ඛෙමෙ උජුමග‍්ගෙ අපථෙන කණ‍්ටකනිවුතෙන සභයෙන කුම‍්මග‍්ගෙන පයාතුමිච‍්ඡසි පටිපජ‍්ජිතුකාමොසි, චන්‍දං කීළනකං ගවෙසසි චන්‍දමණ‍්ඩලං කීළාගොළකං කාතුකාමොසි, මෙරුං ලඞ‍්ඝෙතුමිච‍්ඡසි චතුරාසීතියොජනසහස‍්සුබ‍්බෙධං සිනෙරුපබ‍්බතරාජං ලඞ‍්ඝයිත්‍වා අපරභාගෙ ඨාතුකාමොසි, සො ත්‍වං මං බුද‍්ධසුතං මග‍්ගයසීති යොජනා.

මෙසේ නෙත් සපුවෙන් උමතු වූවෙකු මෙන් ඒ මේ දේ කියමින් වැළපෙන්නා වූ ඒ පුරුෂයාගේ මනදොළ පෙරළාලන්නා වූ ඒ ස්ථවිරී තොමෝ අපථෙනා - ආදී ගාථා දොළොස ප්‍රකාශ කළාය. එහි අපථෙන පයාතුමිච්ඡසි - මිත්‍ර ස්වර්‍ණකාරපුත්‍රය, තවත් ස්ත්‍රීන් වෙසෙද්දීත් ඔබ බුද්ධසූතං - බුදුන්ගේ ඖරස දියණියක වූ මං පත්‍ථයයි - මා මා පතන්නෙහිය, ඒ ඔබ ආරක්‍ෂා සහිත සෘජු මාර්‍ගය ඇති කල්හි අපථෙන - කටුකොහොල් සහිත වූ අනාරක්‍ෂිත දුර්මාර්ගයෙහි පයාතුමිච්ඡසි - යනු කැමැත්තෙහිය, චන්‍දං කීළනකං ගවෙසසි - සඳමඩල කෙළිබෝලයක් කරගනු කැමැත්තෙහිය, මෙරුං ලංඝිතුමිච්ඡසි - සුවාසු දහසක් යොදුන් උස ඇති මහමෙර ඉක්මවා අනෙක් පසෙහි සිටීමට කැමැත්තෙහිය. ඒ ඔබ බුදුදියණියක වූ මා සොයන්නෙහිය යනුවෙන් පද සම්බන්ධය යොදාගත යුතුය.

ඉදානි තස‍්ස අත‍්තනො අවිසයභාවං පත්‍ථනාය ච විඝාතාවහතං දස‍්සෙතුං “නත්‍ථී”තිආදි වුත‍්තං. තත්‍ථ රාගො යත්‍ථපි දානි මෙ සියාති යත්‍ථ ඉදානි මෙ රාගො සියා භවෙය්‍ය, තං ආරම‍්මණං සදෙවකෙ ලොකෙ නත්‍ථි එව. නපි නං ජානාමි කීරිසොති නං රාගං කීරිසොතිපි න ජානාමි. අථ මග‍්ගෙන හතො සමූලකොති අථාති නිපාතමත‍්තං. අයොනිසොමනසිකාරසඞ‍්ඛාතෙන මූලෙන සමූලකො රාගො අරියමග‍්ගෙන හතො සමුග‍්ඝාතිතො.

දැන් ඔහුට ඇයගේ අවිෂයභාවය හා ප්‍රාර්ථනාව හානිකර බැව් පෙන්වීමට නත්‍ථිහි - යනාදිය කීවේය. එහි රාගො යත්‍ථපිදානි මෙ සියා - දැන් මා තුළ රාගයක් වේ නම් එවැනි අරමුණක් තුන් ලොවෙහිම නැත. නපි තං ජානාමි කීරිසො - ඒ රාගය කවරාකාරදැයි නොදනිමි. අථ මග්ගෙන හතො සමූලකො අථ - යනු නිපාත මාත්‍රයකි. නුනුවණින් මෙනෙහි කිරීම් සංඛ්‍යාත මූලයෙන් සමූලකො රාගො - ආර්‍ය මාර්ගයෙන් හතො මුලින් උපුටා දමන ලදී.

ඉඞ‍්ගාලකුයාති අඞ‍්ගාරකාසුයා. උජ‍්ඣිතොති වාතුක‍්ඛිත‍්තො විය යො කොචි, දහනියා ඉන්‍ධනං වියාති අත්‍ථො. විසපත‍්තොරිවාති විසගතභාජනං විය. අග‍්ගිතො කතොති අග‍්ගිතො අඞ‍්ගාරතො අපගතො කතො, විසස‍්ස ලෙසම‍්පි අසෙසෙත්‍වා අපනීතො විනාසිතොති අත්‍ථො.

ඉංගාලකූයා - අඟුරු වළක, උජ්ඣිතො - සුළඟින් විසුරුවා හරින ලද යම් කිසිවක් දැවියයුතු දර මෙන් යන තේරුමය. විසපත්තොරිවා - විස ඇතුල්වූ බඳුනක් මෙන්, අගඝතො හතො - වටිනාකම නැතිකළාවූ, අගය අඩුකළ යන තේරුමය. විෂයෙන් ක්ලේශ මාත්‍රයක් පවා ඉවත් නොකොට විනාශ කළාවූ යන අර්ථයි.

යස‍්සා සියා අපච‍්චවෙක‍්ඛිතන‍්ති යස‍්සා ඉත්‍ථියා ඉදං ඛන්‍ධපඤ‍්චකං ඤාණෙන අප‍්පටිවෙක‍්ඛිතං අපරිඤ‍්ඤාතං සියා. සත‍්තා වා අනුසාසිතො සියාති සත‍්තා වා ධම‍්මසරීරස‍්ස අදස‍්සනෙන යස‍්සා ඉත්‍ථියා අනනුසාසිතො සියා. ත්‍වං තාදිසිකං පලොභයාති, ආවුසො, ත්‍වං තථාරූපං අපරිමද‍්දිතසඞ‍්ඛාරං අපච‍්චවෙක‍්ඛිතලොකුත‍්තරධම‍්මං කාමෙහි පලොභය උපගච‍්ඡ. ජානන‍්තිං සො ඉමං විහඤ‍්ඤසීති සො ත්‍වං පවත‍්තිං නිවත‍්තිඤ‍්ච යාථාවතො ජානන‍්තිං පටිවිද‍්ධසච‍්චං ඉමං සුභං භික‍්ඛුනිං ආගම‍්ම විහඤ‍්ඤසි, සම‍්පති ආයතිඤ‍්ච විඝාතං දුක‍්ඛං ආපජ‍්ජසි.

යස්සා සියා අපච්චවෙක්‍ඛිතං - යම්කිසි ස්ත්‍රියකගේ පඤ්චස්කන්‍ධය නුවණින් නොහඳුනා ගත්තේද, නොදත්තේ ද, සත්‍ථා වා අනුපාසිතො සියා - ශාස්තෲන් වහන්සේ හෝ ධර්‍ම ශරීරය නොදැකීමෙන් යම් ස්ත්‍රියක විසින් ඇසුරු නොකළේ වේද. ත්‍වං තාදිසිකං පලොභය - මිත්‍රය, ඔබ එවැනි නොමඩනාලද සංස්කාර ඇති නොදක්නාලද ලෝකෝත්තර ධර්‍මය ඇති කාමයන්ගෙන් පලොභය - පොළඹවාලව ජානන්තිං සො ඉමං විහඤ්ඤසි - හෙතෙම මේ පැවැත්ම හා නොපැවැත්ම යථාකාරයෙන් දැන සත්‍යය අවබෝධ කරගත් මේ සුභා භික්‍ෂුණිය වෙත පැමිණ විහඤ්ඤසි - දැන්ද මතුවටද දුකට පැමිණෙන්නෙහිය.

ඉදානිස‍්ස විඝාතාපත‍්තිතං කාරණවිභාවනෙන දස‍්සෙන‍්තී “මය‍්හං හී”තිආදිමාහ. තත්‍ථ හීති හෙතුඅත්‍ථෙ නිපාතො. අක‍්කුට‍්ඨවන්‍දිතෙති අක‍්කොසෙ වන්‍දනාය ච. සුඛදුක‍්ඛෙති සුඛෙ ච දුක‍්ඛෙ ච, ඉට‍්ඨානිට‍්ඨවිසයසමායොගෙ වා. සතී උපට‍්ඨිතාති පච‍්චවෙක‍්ඛණයුත‍්තා සති සබ‍්බකාලං උපට‍්ඨිතා. සඞ‍්ඛතමසුභන‍්ති ජානියාති තෙභූමකං සඞ‍්ඛාරගතං කිලෙසාසුචිපග‍්ඝරණෙන අසුභන‍්ති ඤත්‍වා. සබ‍්බත්‍ථෙවාති සබ‍්බස‍්මිංයෙව භවත‍්තයෙ මය‍්හං මනො තණ‍්හාලෙපාදිනා න උපලිම‍්පති.

දැන් ඔහු දුකට පැමිණි කාරණය දක්වන්නී මය්හං හි ආදිය කීවාය. එහි හි - යනු හෙත්‍වර්‍ථයෙහි නිපාතයකි. අක්කුට්ඨ වන්‍දිතෙ - බැනීම් හා වැඳීම් ද, සුඛදුක්‍ඛෙ - සුවය හා දුකද, ඉෂ්ට හා අනිෂ්ට යන ප්‍රතිවිරෝධී යෙදුම්වල සති උපට්ඨිතා - ප්‍රත්‍යවෙක්‍ෂණයෙහි යුක්තව සෑම විටකම පිහිටියාවූ සිහිය, සංකතමසුභංති ජාතිය - තෛභූමික සංස්කාරයන්ගෙන් සෑදුණු කෙලෙස් නමැති අසූචි වැගිරීම නිසා අසුභ යයි දැන, සබ්බත්‍ථෙවා - සම්පූර්‍ණ භවත්‍රයයෙහි මගේ මනස තෘෂ්ණා ආදියෙහි නොගැටේ.

මග‍්ගට‍්ඨඞ‍්ගිකයානයායිනීති අට‍්ඨඞ‍්ගිකමග‍්ගසඞ‍්ඛාතෙන අරියයානෙන නිබ‍්බානපුරං යායිනී උපගතා. උද‍්ධටසල‍්ලාති අත‍්තනො සන‍්තානතො සමුද‍්ධටරාගාදිසල‍්ලා.

මග්ගට්ඨංගික යානයායී - ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය සංඛ්‍යාත ආර්‍යයානයෙන් නිවන් පුරයට යන්නා වූ, උද්ධඨසල්ලා - තමාගේ සන්තානයෙන් උදුරා දමන ලද රාගාදී උල් ඇති.

සුචිත‍්තිතාති හත්‍ථපාදමුඛාදිආකාරෙන සුට‍්ඨු චිත‍්තිතා විරචිතා. සොම‍්භාති සුම‍්භකා. දාරුකපිල‍්ලකානි වාති දාරුදණ‍්ඩාදීහි උපරචිතරූපකානි. තන‍්තීහීති න‍්හාරුසුත‍්තකෙහි. ඛීලකෙහීති හත්‍ථපාදපිට‍්ඨිකණ‍්ණාදිඅත්‍ථාය ඨපිතදණ‍්ඩෙහි. විනිබද‍්ධාති විවිධෙනාකාරෙන බද‍්ධා. විවිධං පනච‍්චකාති යන‍්තසුත‍්තාදීනං අඤ‍්ඡනවිස‍්සජ‍්ජනාදිනා පට‍්ඨපිතනච‍්චකා, පනච‍්චන‍්තා විය දිට‍්ඨාති යොජනා.

සුචිත්තිකා - අත්පාමුව ආදියෙහි හැඩයට මැනැවින් චිත්‍රණය කරන ලද, සෙම්හා - රූකඩ, දාරුකපිල්ලකා - දැවදඬු ආදියෙන් තනන ලද රූප, තන්තීහි - නහරනූල්වලින්, ඛිලකෙහි - අත්පා පිටකොන්ද කන් ආදිය පිණිස සවිකරනලද දඬු ඇති, විනිබද්ධා - නොයෙක් අයුරින් බැඳුණු, විවිධං පනච්චකා - යන්ත්‍ර සූත්‍රාදියෙන් ක්‍රියාකරවනු ලබන්නා වූ සවිකර තිබෙන නටරූප, නටරූ මෙන් පෙනේ යනුවෙන් යොදාගත යුතුය.

තම‍්හුද‍්ධටෙ තන‍්තිඛීලකෙති සන‍්නිවෙසවිසිට‍්ඨරචනාවිසෙසයුත‍්තං උපාදාය රූපකසමඤ‍්ඤා තම‍්හි තන‍්තිම‍්හි ඛීලකෙ ච ඨානතො උද‍්ධටෙ බන්‍ධන‍්තො විස‍්සට‍්ඨෙ, විසුං කරණෙන අඤ‍්ඤමඤ‍්ඤං විකලෙ, තහිං තහිං ඛිපනෙන පරික්‍රිතෙ විකිරිතෙ. න වින්‍දෙය්‍ය ඛණ‍්ඩසො කතෙති පොත්‍ථකරූපස‍්ස අවයවෙ ඛණ‍්ඩාඛණ‍්ඩිතෙ කතෙ පොත්‍ථකරූපං න වින්‍දෙය්‍ය, න උපලභෙය්‍ය. එවං සන‍්තෙ කිම‍්හි තත්‍ථ මනං නිවෙසයෙ තස‍්මිං පොත්‍ථකරූපාවයවෙ කිම‍්හි කිං ඛාණුකෙ, උදාහු රජ‍්ජුකෙ, මත‍්තිකාපිණ‍්ඩාදිකෙ වා මනං මනසඤ‍්ඤං නිවෙසෙය්‍ය, විසඞ‍්ඛාරෙ අවයවෙ සා සඤ‍්ඤා කදාචිපි නපතෙය්‍යාති අත්‍ථො.

තම්හුද්ධටෙ තන්ති කීලකෙ - තැන්පත්කර තිබෙන විශිෂ්ට රචනා විශේෂයන්ගෙන් යුත් රූප නූල්වලින් හා උල්වලින් ස්ථානගතව තිබෙන්නා වූ, උද්ධටෙ - බැඳීමෙන්, විසසට්ඨෙ - වෙන්කිරීමෙන් එකිනෙක, විකලෙ - ඒ ඒ තන්හි තැබීමෙන්, පරිපක්‍ඛිතෙ - විසුළ කල්හි, අවින්‍දෙ ඛණ්ඩසො කතෙ - පොත් නමැති රූපයක අවයවයන් කෑලිවලට කැඩූ කල්හි පොතක රූපයක් නොලැබෙයි, මෙසේ ඇති කල්හි, කිම්හි තත්‍ථ මනං නිවෙසයෙ - ඒ පොතෙහි අවයව කෙරෙහි කිමෙක්ද, කණුවක නැතහොත් ලණුවක හෝ මැටිපිඬක මනං - මනෝ සංඥාව පිහිටුවාද, එකිනෙකින් වෙන් වූ අවයවයන් කෙරෙහි ඒ (පුරාණ) සංඥාව නොයෙදෙයි යනු මෙහි අදහසය.

තථූපමාති තංසදිසා තෙන පොත්‍ථකරූපෙන සදිසා. කින‍්ති චෙ ආහ “දෙහකානී”තිආදි. තත්‍ථ දෙහකානීති හත්‍ථපාදමුඛාදිදෙහාවයවා. මන‍්ති මෙ පටිබද‍්ධා උපට‍්ඨහන‍්ති. තෙහි ධම‍්මෙහීති තෙහි පථවිආදීහි ච චක‍්ඛාදීහි ච ධම‍්මෙහි. විනා න වත‍්තන‍්තීති න හි තථා තථා සන‍්නිවිට‍්ඨෙ පථවිආදිධම‍්මෙ මුඤ‍්චිත්‍වා දෙහා නාම සන‍්ති. ධම‍්මෙහි විනා න වත‍්තතීති දෙහො අවයවෙහි අවයවධම‍්මෙහි විනා න වත‍්තති න උපලබ‍්භති. එවං සන‍්තෙ කිම‍්හි තත්‍ථ මනං නිවෙසයෙති කිම‍්හි කිං පථවියං, උදාහු ආපාදිකෙ දෙහොති වා හත්‍ථපාදාදීනීති වා මනං මනසඤ‍්ඤං නිවෙසෙය්‍ය. යස‍්මා පථවිආදිපසාදධම‍්මමත‍්තෙ එසා සමඤ‍්ඤා, යදිදං දෙහොති වා හත්‍ථපාදාදීනීති වා සත‍්තොති වා ඉත්‍ථීති වා පුරිසොති වා, තස‍්මා න එත්‍ථ ජානතො කොචි අභිනිවෙසො හොතීති.

තථූපමා - එවැනි, පුස්තක රූපය බඳු, කුමක්ද යනු පැවසුවාය, දෙහකානි අත්පාමුව ආදී සිරුර ඇසුරුකළ අවයවයන්, මං මා සමග බැඳී තිබේ යයි වැටහේ. තෙහි ධම්මෙහි ඒ- පඨවි ආදියෙහිද චක්‍ෂුරාදී ධර්‍මයන්හි ද විනානප්ප වත්තන්ති - ශරීරය ස්වකීය අවයවයන්ගෙන් තොරව නොපවතී. මෙසේ ඇති කල්හි කිම්හි තත්‍ථ මනං නිවෙසයෙ - කිම පෘථවියෙහි හෝ පාදාදිය නොමැති කැබැලිවල හෝ අත්පා ආදියෙහි හෝ මනෝසංඥාව පිහිටුවාද? යම් හෙයකින් පෘථුවී ආදී වූ මේ ප්‍රසාදධර්‍ම මාත්‍රයෙහි මේ ව්‍යවහාරයට අනුව මේ සිරුරය, මේ අත්පාය, මේ සත්ත්වයාය, මේ ස්ත්‍රීය, මේ පුරුෂයාය යනුවෙන් දැනීම ඇත්තාවූ කිසිවෙක් එය නොගනී.

යථා හරිතාලෙන මක‍්ඛිතං, අද‍්දස චිත‍්තිකං භිත‍්තියා කතන‍්ති යථා කුසලෙන චිත‍්තකාරෙන භිත‍්තියං හරිතාලෙන මක‍්ඛිතං ලිත‍්තං තෙන ලෙපං දත්‍වා කතං ආලිඛිතං චිත‍්තිකං ඉත්‍ථිරූපං අද‍්දස පස‍්සෙය්‍ය. තත්‍ථ යා උපථම‍්භනඛෙපනාදිකිරියාසම‍්පත‍්තියා මානුසිකා නු ඛො අයං භිත‍්ති අපස‍්සාය ඨිතාති සඤ‍්ඤා, සා නිරත්‍ථකා මනුස‍්සභාවසඞ‍්ඛාතස‍්ස අත්‍ථස‍්ස තත්‍ථ අභාවතො, මානුසීති පන කෙවලං තහිං තස‍්ස ච විපරීතදස‍්සනං, යාථාවතො ගහණං න හොති, ධම‍්මපුඤ‍්ජමත‍්තෙ ඉත්‍ථිපුරිසාදිගහණම‍්පි එවං සම‍්පදමිදං දට‍්ඨබ‍්බන‍්ති අධිප‍්පායො.

යථා හරිතාලෙන මක්‍ඛිතං අද්දස චිත්තිකං භිත්තියා කතං - යම්කිසි දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකු විසින් හිරියල්වලින් බිත්තියක සිතුවම් කරන ලද ස්ත්‍රී රූපයක් යමෙක් දකීද, එහි පැවතීම හා විනාශය ක්‍රියාවන් සැලකීමෙන් මේ බිත්තිය ඇසුරෙහි පවත්නා මේ රූපය මිනිස් ද යනුවෙන් යම් සංඥාවක් හටගනීද එය අර්‍ථශුන්‍යය. මනුෂ්‍යත්වයට අදාළ අර්‍ථයක් එහි නොමැති හෙයිනි. එහිලා ඇතිවන මිනිස්ය යන හැඟීම හුදෙක් විපරිත දර්‍ශනයකි. යථාර්ථ වශයෙන් එහිලා ගැන්මක් නොමැත. කේවල ධර්‍මතාමාත්‍රයක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් ගැනීම මෙහි අදහස්කර ඇත.

මායං විය අග‍්ගතො කතන‍්ති මායාකාරෙන පුරතො උපට‍්ඨාපිතං මායාසදිසං. සුපිනන‍්තෙව සුවණ‍්ණපාදපන‍්ති සුපිනමෙව සුපිනන‍්තං, තත්‍ථ උපට‍්ඨිතසුවණ‍්ණමයරුක‍්ඛං විය. උපගච‍්ඡසි අන්‍ධ රිත‍්තකන‍්ති අන්‍ධබාල රිත‍්තකං තුච‍්ඡකං අන‍්තොසාරරහිතං ඉමං අත‍්තභාවං “එතං මමා”ති සාරවන‍්තං විය උපගච‍්ඡසි අභිනිවිසසි. ජනමජ‍්ඣෙරිව රුප‍්පරූපකන‍්ති මායාකාරෙන මහාජනමජ‍්ඣෙ දස‍්සිතං රූපියරූපසදිසං සාරං විය උපට‍්ඨහන‍්තං, අසාරන‍්ති අත්‍ථො.

මායං විය අග්ගතො කතං - මායාකාරයෙකු විසින් ඉදිරිපිට තබනලද මායාවක් නැති, සුපිනන්තෙව සුවණ්ණ පාදපං - සිහිනෙන් දක්නට ලැබුණු රුවක් බඳු, උපගච්ඡසි අන්‍ධරිත්තකං - අන්‍ධබාල වූ, හිස්වූ ඇතුළත හරයක් නැති මේ ආත්මභාවය මේ මගේ යයි හරවත් ලෙසින් ගන්නා, උපගච්ඡසි පිවිසෙන්නෙහි, ජනමජ්ඣෙරිව රුප්පරූපකං - මායාකාරයෙකු විසින් මහජනයා මැද දක්වන රජතරූපයක් මෙන් සාරය හැටියට සලකන යන තේරුමය.

වට‍්ටනිරිවාති ලාඛාය ගුළිකා විය. කොටරොහිතාති කොටරෙ රුක‍්ඛසුසිරෙ ඨපිතා. මජ‍්ඣෙ පුබ‍්බුළකාති අක‍්ඛිදලමජ‍්ඣෙ ඨිතජලපුබ‍්බුළසදිසා. සඅස‍්සුකාති අස‍්සුජලසහිතා. පීළකොළිකාති අක‍්ඛිගූථකො. එත්‍ථ ජායතීති එතස‍්මිං අක‍්ඛිමණ‍්ඩලෙ උභොසු කොටීසු විසගන්‍ධං වායන‍්තො නිබ‍්බත‍්තති. පීළකොළිකාති වා අක‍්ඛිදලෙසු නිබ‍්බත‍්තනකා පීළකා වුච‍්චති. විවිධාති සෙතනීලමණ‍්ඩලානඤ‍්චෙව රත‍්තපීතාදීනං සත‍්තන‍්නං පටලානඤ‍්ච වසෙන අනෙකවිධා. චක‍්ඛුවිධාති චක‍්ඛුභාගා චක‍්ඛුප‍්පකාරා වා තස‍්ස අනෙකකලාපගතභාවතො. පිණ‍්ඩිතාති සමුදිතා.

වට්ටනීරිව - ලාකඩ ගුළියක් වැනි, කොටරොහිතා - ගස් සිදුරක තබනලද, මජ්ඣෙ බුබ්බුළකා - ඇස්පිහාටු මැද තිබෙන දියබුබළක් වැනි, ස අස්සුකා - කඳුළු සහිත, පිළකොළිකා - ඇස්කබ එත්‍ථ ජායති - මේ ඇස්මඬලෙහි දෙකෙළවර විසගඳ හමමින් එය උපදියි. පිළිකොළිකා යනුවෙන් ඇස්පිහාටුවල උපදින පණු විශේෂයකැයිද කියත්. විවිධානි - සුදුනිල් හා රතුකහ මණ්ඩලවලද, පටල සතකද ආදී වශයෙන් නොයෙක්, චක්‍ඛුවිධා - ඇස්කොටස්, ඇස්වර්‍ග යනුවෙන් ද ගැනේ. එය නොයෙක් කුණපවලින් ගැවසී ඇත. පිණ්ඩිතා - හටගත්.

එවං චක‍්ඛුස‍්මිං සාරජ‍්ජන‍්තස‍්ස චක‍්ඛුනො අසුභතං අනවට‍්ඨිතතාය අනිච‍්චතඤ‍්ච විභාවෙසි. විභාවෙත්‍වා ච යථා නාම කොචි ලොභනීයං භණ‍්ඩං ගහෙත්‍වා චොරකන‍්තාරං පටිපජ‍්ජන‍්තො චොරෙහි පලිබුද‍්ධො තං ලොභනීයභණ‍්ඩං දත්‍වා ගච‍්ඡති, එවමෙව චක‍්ඛුම‍්හි සාරත‍්තෙන තෙන පුරිසෙන පලිබුද‍්ධා ථෙරී අත‍්තනො චක‍්ඛුං උප‍්පාටෙත්‍වා තස‍්ස අදාසි. තෙන වුත‍්තං “උප‍්පාටිය චාරුදස‍්සනා”තිආදි. තත්‍ථ උප‍්පාටියාති උප‍්පාටෙත්‍වා චක‍්ඛුකූපතො නීහරිත්‍වා. චාරුදස‍්සනාති පියදස‍්සනා මනොහරදස‍්සනා. න ච පජ‍්ජිත්‍ථාති තස‍්මිං චක‍්ඛුස‍්මිං සඞ‍්ගං නාපජ‍්ජි. අසඞ‍්ගමානසාති කත්‍ථචිපි ආරම‍්මණෙ අනාසත‍්තචිත‍්තා. හන්‍ද තෙ චක‍්ඛුන‍්ති තයා කාමිතං තතො එව මයා දින‍්නත‍්තා තෙ චක‍්ඛුසඤ‍්ඤිතං අසුචිපිණ‍්ඩං ගණ‍්හ, ගහෙත්‍වා හරස‍්සු පසාදයුත‍්තං ඉච‍්ඡිතං ඨානං නෙහි.

මෙසේ සාර වශයෙන් ගන්නා වූ ඇස්වල අසුභභාවය ස්ථිරව නොපවත්නාබව නිසා අනිත්‍ය වශයෙන් ගැනේ. යම් ආකාරයකින් යමෙකු වටිනා බඩුවක් ගෙන සොරුන් වෙසෙන වන මාර්‍ගයක යනවිට සොරු ඔහු වටලා ඒ අගනා භාණ්ඩය රැගෙන යති. එසේම ඇස් කෙරෙහි ඇලුණාවූ ඒ පුරුෂයා විසින් අවුරණු ලැබූ ස්ථවිරතොමෝ තමාගේ ඇස උපුටා ඔහුට දුන්නාය. එහෙයින් උප්පාටිය චාරුදස්සනා - ආදිය කියන ලදී. එහි උප්පාටිය - උගුළා, ඇස්කුහරයෙන් ගළවා, චාරුදස්සනා - මනහර දැකුම් ඇති, න ච පජ්ජිත්‍ථ - ඒ ඇසෙහි ගැටීමක් නොවීය. අසංගමානසා - කිසිම අරමුණක නොගැටුණු සිත් ඇත්තී, හන්‍ද තෙ චක්‍ඛුං - ඔබ කැමැති වූ දෙය මා විසින් දෙන ලද හෙයින් ඔබ ඇස යයි කියන මේ අසූචිපිඬ ගන්න. ගෙන හරස්සු -සතුටින් කැමති තැනකට ගෙනයව.

තස‍්ස ච විරමාසි තාවදෙති තස‍්ස ධුත‍්තපුරිසස‍්ස තාවදෙව අක‍්ඛිම‍්හි උප‍්පාටිතක‍්ඛණෙ එව රාගො විගච‍්ඡි. තත්‍ථාති අක‍්ඛිම‍්හි, තස‍්සං වා ථෙරියං. අථ වා තත්‍ථාති තස‍්මිංයෙව ඨානෙ. ඛමාපයීති ඛමාපෙසි. සොත්‍ථි සියා බ්‍රහ‍්මචාරිනීති සෙට‍්ඨචාරිනි මහෙසිකෙ තුය‍්හං ආරොග්‍යමෙව භවෙය්‍ය. න පුනො එදිසකං භවිස‍්සතීති ඉතො පරං එවරූපං අනාචාරචරණං න භවිස‍්සති, න කරිස‍්සාමීති අත්‍ථො.

තස්ස ච විරමාසි තාවදෙ - ඇස ගැළවූ කෙණෙහිම ඒ ධූර්තයාගේ රාගය වියළී ගියේය. තත්‍ථ - ඇසෙහි, ඒ තෙරණියගේ හෝ නැතහොත් තත්‍ථ යනු එතැනම ඛමාපයී - සමාකරවා ගත්තේය. සොත්‍ථි සියා බ්‍රහ්මචාරිණී - ශ්‍රේෂ්ඨ චර්‍යාවක යෙදී සිටින මහෙසිකාවෙනි. ඔබට නිරෝගි සුවය ලැබේවා. න පුනො එදිසිකං භවිස්සති - මෙයින් මතු මෙවැනි අනාචාර හැසිරීමක් නොවන්නේය, නොකරන්නෙමි යන අර්‍ථයයි.

ආසාදියාති ඝට‍්ටෙත්‍වා. එදිසන‍්ති එවරූපං සබ‍්බත්‍ථ වීතරාගං. අග‍්ගිං පජ‍්ජලිතංව ලිඞ‍්ගියාති පජ‍්ජලිතං අග‍්ගිං ආලිඞ‍්ගෙත්‍වා විය.

ආසාදිය - ගටා, එදිසං - මෙසේ හැමදෙයක් කෙරෙහිම පහවූ රාගය ඇතිව, අග්ගිං පජ්ජලිතංව ලිංගිය දැල්වෙන ගින්න වැළඳගෙන මෙන්,

තතොති තස‍්මා ධුත‍්තපුරිසා. සා භික‍්ඛුනීති සා සුභා භික‍්ඛුනී. අගමී බුද‍්ධවරස‍්ස සන‍්තිකන‍්ති සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකං උපගච‍්ඡි උපසඞ‍්කමි. පස‍්සිය වරපුඤ‍්ඤලක‍්ඛණන‍්ති උත‍්තමෙහි පුඤ‍්ඤසම‍්භාරෙහි නිබ‍්බත‍්තමහාපුරිසලක‍්ඛණං දිස‍්වා. යථා පුරාණකන‍්ති පොරාණං විය උප‍්පාටනතො පුබ‍්බෙ විය චක‍්ඛු පටිපාකතිකං අහොසි. යමෙත්‍ථ අන‍්තරන‍්තරා න වුත‍්තං, තං වුත‍්තනයත‍්තා සුවිඤ‍්ඤෙය්‍යමෙව.

තතො - ඒ ධූර්තයාගෙන්, සා භික්‍ඛුනී - ඒ සුභා භික්‍ෂුණිය, ආගමි බුද්ධවරස්ස සන්තිකං - සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයට ගියාය. පස්සිය වර පුඤ්ඤලක්‍ඛණං - උතුම් පින් සමූහයෙන් හටගෙන තිබෙන මහා පුරුෂ ලක්‍ෂණ දැක, යථා පුරාණකං - ඇස් ගැළවීමට පෙර මෙන් පියෙවි ගතිය ලැබිණ. මේ විවරණයේ දී අතරින් පතර යමක් අතහැර තිබේ නම් එය පෙර කියා තිබෙන හෙයින් ඒ අයුරින්ම දතයුතුය.

සුභාජීවකම‍්බවනිකාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජීවකම්බවනික සුභා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි

තිංසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්වන නිපාත වර්‍ණනාව සමාප්තය.