යෙදුමෙන් කියවන්න

සුභාකම‍්මාරධීතුථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුභාකම‍්මාරධීතුථෙරීගාථාවණ‍්ණනා

සුභා ථේරීගාථා වර්ණනාව

දහරාහන‍්තිආදිකා සුභාය කම‍්මාරධීතාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී අනුක‍්කමෙන සම‍්භාවිතකුසලමූලා උපචිතවිමොක‍්ඛසම‍්භාරා සුගතීසුයෙව සංසරන‍්තී පරිපක‍්කඤාණා හුත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ අඤ‍්ඤතරස‍්ස සුවණ‍්ණකාරස‍්ස ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති, රූපසම‍්පත‍්තිසොභාය සුභාති තස‍්සා නාමං අහොසි. සා අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත්‍වා, සත්‍ථු රාජගහප‍්පවෙසනෙ සත්‍ථරි සඤ‍්ජාතප‍්පසාදා එකදිවසං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා තස‍්සා ඉන්‍ද්‍රියපරිපාකං දිස‍්වා අජ‍්ඣාසයානුරූපං චතුසච‍්චගබ‍්භධම‍්මං දෙසෙසි. සා තාවදෙව සහස‍්සනයපටිමණ‍්ඩිතෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සා අපරභාගෙ ඝරාවාසෙ දොසං දිස‍්වා මහාපජාපතියා ගොතමියා සන‍්තිකෙ පබ‍්බජිත්‍වා භික‍්ඛුනිසීලෙ පතිට‍්ඨිතා උපරිමග‍්ගත්‍ථාය භාවනමනුයුඤ‍්ජි. තං ඤාතකා කාලෙන කාලං උපසඞ‍්කමිත්‍වා කාමෙහි නිමන‍්තෙන‍්තා පහූතධනං විභවජාතඤ‍්ච දස‍්සෙත්‍වා පලොභෙන‍්ති. සා එකදිවසං අත‍්තනො සන‍්තිකං උපගතානං ඝරාවාසෙසු කාමෙසු ච ආදීනවං පකාසෙන‍්තී “දහරාහ”න‍්තිආදීහි චතුවීසතියා ගාථාහි ධම‍්මං කථෙත්‍වා තෙ නිරාසෙ කත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී ඉන්‍ද්‍රියානි පරියොදපෙන‍්තී භාවනං උස‍්සුක‍්කාපෙත්‍වා න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අරහත‍්තං පන පත්‍වා –

දහරා අහං යනාදී ගාථා කමුරු දියණියක වූ සුභා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කර ක්‍රමයෙන් වඩන ලද කුසල්මුල් ඇත්තී වඩන ලද නිර්‍වාණගාමී සම්පත් ඇත්තී දෙව්ලෝවලම හැසිරෙමින් පිරිපුන් නුවණ ඇතිව මේ බුදුපතෙහි රජගහ නුවර එක්තරා රන්කරුවෙකුගේ දියණියක වී උපන්නාය. ඇයගේ රූසපුව නිසා ඇයට සුභා යන නම ලැබිණ. ක්‍රමයෙන් දැන ඉගෙනගත් පසු බුදුහු රජගහ නුවරට පිවිසෙන අවස්ථාවෙහි බුදුන් කෙරෙහි හටගත් පැහැදීම ඇත්තී දිනක් බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නාය. ශාස්තෲන් වහන්සේ ඇයගේ ඉඳුරන් මුහුකුරා ගොස් තිබෙන බව දැක අදහසට ගැළපෙන පරිදි සිවුසස් ගැබ්කොට ඇති ධර්‍මයක් දේශනා කළහ. ඕ තොමෝ එකෙණෙහිම දහසක් නයින් හෙබි සෝවාන් පෙලෙහි පිහිටියාය. ඕතොමෝ එයින් මෑත කලෙක ගිහිගෙයි දොස් දැක මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදිව භික්‍ෂුණී ශීලයෙහි පිහිටා මාර්‍ගයෙහි උසස්පල සඳහා භාවනාවෙහි යෙදෙයි. ඇයගේ නෑදැයෝ කලින්කල ඇය වෙත පැමිණ කාමයෙහි පොළඹවමින් බොහෝ ධනධාන්‍ය සම්පත් පෙන්වමින් එහිලා සිත යොදවා ගැනීමට තැත්කරති. ඕ දිනක් තමා වෙත පැමිණි අයට ගිහිගෙවල හා කාමයන්හි ආදීනව දක්වන්නී ‘දහරා අහං’ ආදී ගාථා විසිහතරකින් ධර්‍මයක් කියාදී ඔවුන් නිරපෙක්‍ෂා කර යවා තමා විදසුන්හි යෙදෙන්නී, ඉඳුරන් පිරිසිදු කරන්නී භාවනාව දියුණුකර නොබෝකලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. රහත්බව ලබා මේ ගාථා ප්‍රකාශ කළාය:

“දහරාහං සුද‍්ධවසනා, යං පුරෙ ධම‍්මමස‍්සුණිං; තස‍්සා මෙ අප‍්පමත‍්තාය, සච‍්චාභිසමයො අහු.

පෙර පිරිසිදු ඇඳුමින් යුත් බාලිකාවක්ව සිටි මම බුදුන්ගෙන් යම් ධර්‍මයක් ඇසුවෙම්ද එය මා අප්‍රමාද කරවීමටත් සත්‍යය අවබෝධ කරවීමටත් හේතුවිය.

“තතොහං සබ‍්බකාමෙසු, භුසං අරතිමජ‍්ඣගං; සක‍්කායස‍්මිං භයං දිස‍්වා, නෙක‍්ඛම‍්මමෙව පීහයෙ.

එයින් පසු මෙම සියලු කාමයන් කෙරෙහි බෙහෙවින් කලකිරුණෙමි. තම සිරුරෙහි භය දැක නික්මයාම කැමැතිවීමි.

“හිත්‍වානහං ඤාතිගණං, දාසකම‍්මකරානි ච; ගාමඛෙත‍්තානි ඵීතානි, රමණීයෙ පමොදිතෙ.

නෑසමූහයා, දැසිදස් කම්කරුවන්, මනාව වැඩුණු ගම්කෙත්වත්,

“පහායහං පබ‍්බජිතා, සාපතෙය්‍යමනප‍්පකං; එවං සද‍්ධාය නික‍්ඛම‍්ම, සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ.

අනල්ප සැපසම්පත් අතහැර ගොස් මම පැවිදිවීමි. මෙසේ සැදැහැයෙන් නික්ම ගොස් මැනවින් දෙසනලද සද්ධර්‍මයෙහි යෙදෙන මම

“නෙතං අස‍්ස පතිරූපං, ආකිඤ‍්චඤ‍්ඤඤ‍්හි පත්‍ථයෙ; යො ජාතරූපං රජතං, ඡඩ‍්ඩෙත්‍වා පුනරාගමෙ.

ඒ සියල්ල නුසුදුසුය. කිසිවක් නොමැති බව ප්‍රාර්ථනා කරමි. යමෙකු රන්රිදී හැර ගොස් නැවත ආපිට පැමිණීම නුසුදුසුය.

“රජතං ජාතරූපං වා, න බොධාය න සන‍්තියා; නෙතං සමණසාරුප‍්පං, න එතං අරියද‍්ධනං.

රන් හෝ රිදී හෝ සත්‍යාවබෝධය පිණිස හෝ ශාන්තිය පිණිස නොපවතී, මේවා මහණුන්ට නුසුදුසුය, මේවා ආර්‍යධනය නොවේ.

“ලොභනං මදනඤ‍්චෙතං, මොහනං රජවඩ‍්ඪනං; සාසඞ‍්කං බහුආයාසං, නත්‍ථි චෙත්‍ථ ධුවං ඨිති.

ලෝභකිරීම, ආශාකිරීම, මුළාවීම, කෙලෙස් වැඩීම සැක උපදවනසුලුය, බොහෝ වෙහෙස ගෙනදෙනසුලුය, මෙහි ස්ථිර පැවැත්මක් නැත.

“එත්‍ථ රත‍්තා පමත‍්තා ච, සංකිලිට‍්ඨමනා නරා; අඤ‍්ඤමඤ‍්ඤෙන බ්‍යාරුද‍්ධා, පුථූ කුබ‍්බන‍්ති මෙධගං.

මෙහි ඇලුණාවූ ප්‍රමාදශීලී වූ කිළිටිවූ ජනයා එකිනෙකාට විරුද්ධ වූවාහු බොහෝ කෝලාහල කරගනිති.

“වධො බන්‍ධො පරික‍්ලෙසො, ජානි සොකපරිද‍්දවො; කාමෙසු අධිපන‍්නානං, දිස‍්සතෙ බ්‍යසනං බහුං.

වධබන්ධන, අපිරිසිදුවීම, හානිය, ශෝකය හා වැළපීම හා බොහෝ ව්‍යාසනයෝ කාමයන් ඇලුණු පුද්ගලයන් කෙරෙහි දක්නට ලැබෙත්.

“තං මං ඤාතී අමිත‍්තාව, කිං වො කාමෙසු යුඤ‍්ජථ; ජානාථ මං පබ‍්බජිතං, කාමෙසු භයදස‍්සිනිං.

මගේ නෑයන් සතුරන් මෙන් මා කාමයන්හි කුමකට යොදවද්ද? කාමයන්හි භය දක්නාවූ මා පැවිද්දක බව දනුව.

“න හිරඤ‍්ඤසුවණ‍්ණෙන, පරික‍්ඛීයන‍්ති ආසවා; අමිත‍්තා වධකා කාමා, සපත‍්තා සල‍්ලබන්‍ධනා.

රන්රිදීවලින් ආශ්‍රවයන් ක්‍ෂය කළ නොහැකිය. ආශ්‍රවයෝ සතුරෝය, වධකයෝය, කාමයෝය, සපත්නිහුය, හුල්ය.

“තං මං ඤාතී අමිත‍්තාව, කිං වො කාමෙසු යුඤ‍්ජථ; ජානාථ මං පබ‍්බජිතං, මුණ‍්ඩං සඞ‍්ඝාටිපාරුතං.

මගේ මේ ඥාතීන් සතුරන් මෙන් මා කාමයෙහි පොළඹවන්නේ ඇයි? මා මුඩු හිස් ඇති, සඟළ සිවුරු පොරවන මෙහෙණක බව දැනගනුව.

“උත‍්තිට‍්ඨපිණ‍්ඩො උඤ‍්ඡො ච, පංසුකූලඤ‍්ච චීවරං; එතං ඛො මම සාරුප‍්පං, අනගාරූපනිස‍්සයො.

ගෙපිළිවෙළින් ගොස් ලබාගන්නා පිඬු අහර හා පාංසුකූල චීවරය යන මේවා අභිනිෂ්ක්‍රමණය කළ මට සුදුසුය.

“වන‍්තා මහෙසීහි කාමා, යෙ දිබ‍්බා යෙ ච මානුසා; ඛෙමට‍්ඨානෙ විමුත‍්තා තෙ, පත‍්තා තෙ අචලං සුඛං.

දෙව්මිනිස් කම්සුව වූ කලී මහර්ෂීන් විසින් වමාරන ලද දේය. ඔවුහු ක්‍ෂේම භූමියට පැමිණ දුකින් මිදුණෝ වෙති.

“මාහං කාමෙහි සංගච‍්ඡිං, යෙසු තාණං න විජ‍්ජති; අමිත‍්තා වධකා කාමා, අග‍්ගික‍්ඛන්‍ධූපමා දුඛා.

නොසැලෙන සුවයට පැමිණියෝ වෙති. ආරක්‍ෂාවක් නොලැබෙන කාමයන් සමග මගේ එකතුවීමක් නැත. ඒ කාමයෝ සතුරෝය, වධකයෝය, ගිනිකඳක් මෙන් දුක් සහිතය.

“පරිපන්‍ථො එස භයො, සවිඝාතො සකණ‍්ටකො; ගෙධො සුවිසමො චෙසො, මහන‍්තො මොහනාමුඛො.

මෙය උවදුරකි, භීතියකි, විනාශකාරීය, කටුකොහොල් සහිතය, ආශාව ඇතිකරවනසුලුය, විසමය, පලිබෝධ සහිතය, මුසපත්වීමේ දොරටුවය.

“උපසග‍්ගො භීමරූපො, කාමා සප‍්පසිරූපමා; යෙ බාලා අභිනන්‍දන‍්ති, අන්‍ධභූතා පුථුජ‍්ජනා.

අන්තරායදායකය, බිය උපදවනසුලුය, සර්‍පයන්ගේ හිසක් වැනිය, අන්ධ වූ පෘථග්ජන වූ බාලයෝ එයට කැමැති වෙති.

“කාමපඞ‍්කෙන සත‍්තා හි, බහූ ලොකෙ අවිද‍්දසූ; පරියන‍්තං න ජානන‍්ති, ජාතියා මරණස‍්ස ච.

මේ ලෝකයෙහි අඥානවූ බොහෝ මෝඩයෝ කම්සුව නමැති මඩෙහි එරුණාහු ඉපදීම හා මරණය යන දෙකෙහි කෙළවර නොදනිති.

“දුග‍්ගතිගමනං මග‍්ගං, මනුස‍්සා කාමහෙතුකං; බහුං වෙ පටිපජ‍්ජන‍්ති, අත‍්තනො රොගමාවහං.

කාමයන් හේතුකොටගෙන මනුෂ්‍යයෝ තමා වෙත රෝගයන් කැඳවමින් දුගතියට යන මගට පිළිපන්නාහු වෙති.

“එවං අමිත‍්තජනනා, තාපනා සංකිලෙසිකා; ලොකාමිසා බන්‍ධනීයා, කාමා මරණබන්‍ධනා.

මෙසේ කාමයෝ වූකලී සතුරන් උපදවනසුලුය, දුගීකරවනසුලුය, කිළිටිකරවනසුලුය, ලෝකාමිස සංඛ්‍යාත මේ කාමයෝ සත්ත්වයා භවයෙහි බඳවා තබනසුලුය.

“උම‍්මාදනා උල‍්ලපනා, කාමා චිත‍්තප‍්පමාථිනො; සත‍්තානං සංකිලෙසාය, ඛිප‍්පං මාරෙන ඔඩ‍්ඩිතං.

උමතුකරවනසුලුය, දොඩවනසුලුය, සිත් මත් කරවනසුලුය, සතුන් කෙලෙසීම පිණිස මාරයා විසින් අටවන ලද උගුලකි.

“අනන‍්තාදීනවා කාමා, බහුදුක‍්ඛා මහාවිසා; අප‍්පස‍්සාදා රණකරා, සුක‍්කපක‍්ඛවිසොසනා.

කාමයන්හි ආදීනව අනන්තය. බොහෝ දුක් සහිතය, මහාවිෂයකි, අල්පාස්වාද සහිතය, රාගාදිය උපදවනසුලුය, පුණ්‍ය පක්‍ෂය වියලවාලයි.

“සාහං එතාදිසං කත්‍වා, බ්‍යසනං කාමහෙතුකං; න තං පච‍්චාගමිස‍්සාමි, නිබ‍්බානාභිරතා සදා.

කාමයන් හේතුකොටගෙන ඇතිවන්නා වූ ඒ ව්‍යසනය අවසන්කර නිවණෙහි ඇලී පැමිණියාවූ මම පෙරළා එහි නොයමි.

“රණං තරිත්‍වා කාමානං, සීතිභාවාභිකඞ‍්ඛිනී; අප‍්පමත‍්තා විහස‍්සාමි, සබ‍්බසංයොජනක‍්ඛයෙ.

සිහිල්සුව කැමත්තාවූ මම කාමයන් සමග සටන්කර පැමිණ සංයෝජනයන් නසනු පිණිස අප්‍රමාදව වෙසෙමි.

“අසොකං විරජං ඛෙමං, අරියට‍්ඨඞ‍්ගිකං උජුං; තං මග‍්ගං අනුගච‍්ඡාමි, යෙන තිණ‍්ණා මහෙසිනො.

බුදුන් තරණය කළ සෝක රහිත වූ, කෙලෙස් රහිත වූ සුරක්‍ෂිත වූ ඍජු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව යමි.

“ඉමං පස‍්සථ ධම‍්මට‍්ඨං, සුභං කම‍්මාරධීතරං; අනෙජං උපසම‍්පජ‍්ජ, රුක‍්ඛමූලම‍්හි ඣායති.

ධර්‍මයෙහි පිහිටියා වූ කම්මල්කරුවෙකුගේ දියණිය වූ මේ සුභා දෙස බලන්න. විරාගී බවට පැමිණි ඕතොමෝ රුක්මුලෙක භාවනා කරයි.

“අජ‍්ජට‍්ඨමී පබ‍්බජිතා, සද‍්ධා සද‍්ධම‍්මසොභනා; විනීතුප‍්පලවණ‍්ණාය, තෙවිජ‍්ජා මච‍්චුහායිනී.

පැවිද්දෙන් අදට අටදිනක් ගතවී ඇති ශ්‍රද්ධා සම්පන්න වූ ධර්‍මයෙන් හොබනාවූ හික්මුණාවූ ත්‍රිවිද්‍යාව ලබාගත්තා වූ මාරයා කෙරෙහි බියපත්වූ

“සායං භුජිස‍්සා අණණා, භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා; සබ‍්බයොගවිසංයුත‍්තා, කතකිච‍්චා අනාසවා.

නිදහස් වූ, ණයගැති, දමනලද ඉඳුරන් ඇති, සියලු යෝගයගෙන් මිදුණාවූ කරනිමකළ කිස ඇති අසවු වලින් තොර වූ භික්‍ෂුණියක් වෙමි.

“තං සක‍්කො දෙවසඞ‍්ඝෙන, උපසඞ‍්කම‍්ම ඉද‍්ධියා; නමස‍්සති භූතපති, සුභං කම‍්මාරධීතර”න‍්ති. – ඉමා ගාථා අභාසි;

ශක්‍රයා දිව්‍ය සමූහයා සමග සෘද්ධියෙන් පැමිණ ඒ කඹුරු දියණිය වඳියි.

තත්‍ථ දහරාහං සුද‍්ධවසනා, යං පුරෙ ධම‍්මමස‍්සුණින‍්ති යස‍්මා අහං පුබ‍්බෙ දහරා තරුණී එව සුද‍්ධවසනා සුද‍්ධවත්‍ථනිවත්‍ථා අලඞ‍්කතප‍්පටියත‍්තා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං අස‍්සොසිං. තස‍්සා මෙ අප‍්පමත‍්තාය, සච‍්චාභිසමයො අහූති යස‍්මා ච තස‍්සා මෙ මය‍්හං යථාසුතං ධම‍්මං පච‍්චවෙක‍්ඛිත්‍වා අප‍්පමත‍්තාය උපට‍්ඨිතස‍්සතියා සීලං අධිට‍්ඨහිත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තියාව චතුන‍්නං අරියසච‍්චානං අභිසමයො “ඉදං දුක‍්ඛ”න‍්තිආදිනා (පටි· ම· 1.32) පටිවෙධො අහොසි.

එහි දහරා අහං සුද්ධවසනා යං පුරෙ ධම්මමස්සුණිං - යම් හෙයකින් මම පෙර තරුණියක්ව පිරිසිදු ඇඳුම් අඳිමින් මනාකොට සැරසී බුදුන්ගෙන් බණ ඇසීමි. තස්සා මෙ අප්පමත්තාය සච්චාභිසමයො අහු - යම්හෙයකින් ඇය මගේ ධර්‍මය යම් අයුරකින් ඇසීද ඒ අයුරින්ම ප්‍රත්‍යක්‍ෂ කර අප්‍රමාදීව එළඹ සිටි සිහියෙන් යුක්තව සිල්හි පිහිටා භාවනාවෙහි යෙදිනී චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළාය. ‘මෙය දුකය’ ආදී නයින් අවබෝධ විය.

තතොහං සබ‍්බකාමෙසු, භුසං අරතිමජ‍්ඣගන‍්ති තතො තෙන කාරණෙන සත්‍ථු සන‍්තිකෙ ධම‍්මස‍්ස සුතත‍්තා සච‍්චානඤ‍්ච අභිසමිතත‍්තා මනුස‍්සෙසු දිබ‍්බෙසු චාති සබ‍්බෙසුපි කාමෙසු භුසං අතිවිය අරතිං උක‍්කණ‍්ඨිං අධිගච‍්ඡිං. සක‍්කායස‍්මිං උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකෙ, භයං සප‍්පටිභයභාවං ඤාණචක‍්ඛුනා දිස‍්වා, නෙක‍්ඛම‍්මමෙව පබ‍්බජ‍්ජං නිබ‍්බානමෙව, පීහයෙ පිහයාමි පත්‍ථයාමි.

තතොහං සබ්බකාමෙසු භූසං අරතිමජ්ඣගං - ඒ කාරණය නිසාද, ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය ඇසූ හෙයින්ද චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගත් හෙයින්ද දෙව්මිනිස් දෙගතියෙහි සියලු කම්සුව කෙරෙහි බෙහෙවින් කලකිරීමට පැමිණියෙමි. සක්කායස්මිං - පඤ්ච උපාදානස්කන්‍ධයෙහි, භයං බිය සහිත බව නැණැසින් දැක, නෙක්‍ඛමඤ්ඤෙච - පැවිද්ද නිවණ, මෙසේ පිහයෙ, කැමැත්තෙමි, පතමි.

දාසකම‍්මකරානි චාති දාසෙ ච කම‍්මකාරෙ ච, ලිඞ‍්ගවිපල‍්ලාසෙන හෙතං වුත‍්තං. ගාමඛෙත‍්තානීති ගාමෙ ච පුබ‍්බණ‍්ණාපරණ‍්ණවිරුහනක‍්ඛෙත‍්තානි ච, ගාමපරියාපන‍්නානි වා ඛෙත‍්තානි. ඵීතානීති සමිද‍්ධානි. රමණීයෙති මනුඤ‍්ඤෙ. පමොදිතෙති පමුදිතෙ, භොගක‍්ඛන්‍ධෙ හිත්‍වාති සම‍්බන්‍ධො. සාපතෙය්‍යන‍්ති සන‍්තකං ධනං, මණිකනකරජතාදිපරිග‍්ගහවත්‍ථුං. අනප‍්පකන‍්ති මහන‍්තං, පහායාති යොජනා. එවං සද‍්ධාය නික‍්ඛම‍්මාති “හිත්‍වානහං ඤාතිගණ”න‍්තිආදිනා වුත‍්තප‍්පකාරෙන මහන‍්තං ඤාතිපරිවට‍්ටං මහන‍්තඤ‍්ච භොගක‍්ඛන්‍ධං පහාය කම‍්මකම‍්මඵලානි රතනත‍්තයඤ‍්චාති සද‍්ධෙය්‍යවත්‍ථුං සද‍්ධාය සද‍්දහිත්‍වා ඝරතො නික‍්ඛම‍්ම, සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ සම‍්මාසම‍්බුද‍්ධෙන සුට‍්ඨු පවෙදිතෙ අරියවිනයෙ අහං පබ‍්බජිතා.

දාසකම්මකරානිච - දසුන් ද කම්කරුවන්ද, ලිංගවිපර්‍යාසයෙන් මෙසේ කියා ඇත. ගාමක්‍ඛෙත්තානි - ගම් හා පෙරවරු හා අපවරුවල වැඩෙන කෙත් හෝ ගම්තුළ ඇති කෙත්. ඵිතානි - සමෘද්ධිමත් වූ, රමණියෙ මනොඥ, පමොදිතෙ - සතුටුකරවන භෝග සම්පත්තිය අත්හැර යනුවෙන් සම්බන්ධ වේ. සාපතෙය්‍යං - සතු ධනය, මැණික් රන්රිදී ආදි අයිතිකරගන්නා වස්තු අනප්පකං - මහත්, අත්හැර යනුවෙන් සම්බන්ධ වේ. එවං සද්ධාය නික්‍ඛම්ම - මම නෑ සමූහයා අත්හැර ආදී වශයෙන් කියන ලද පරිදි මහත් ඤාති සමූහයක් හා මහත්වූ හෝ සමූහයක් අතහැර කර්‍මඵල හා තෙරුවන් වැනි ඇදහිය යුතු වස්තු සැදැහැයෙන් අදහා ගිහිගෙයින් නික්ම, සද්ධම්මෙ සුප්පවෙදිතෙ සම්බුදුන් විසින් මනාකොට දෙසන ලද ආර්‍ය විනයෙහි පැවිදිවිමි.

එවං පබ‍්බජිතාය පන නෙතං අස‍්ස පතිරූපං, යදිදං ඡඩ‍්ඩිතානං කාමානං පච‍්චාගමනං. ආකිඤ‍්චඤ‍්ඤඤ‍්හි පත්‍ථයෙති අහං අකිඤ‍්චනභාවං අපරිග‍්ගහභාවමෙව පත්‍ථයාමි. යො ජාතරූපරජතං, ඡඩ‍්ඩෙත්‍වා පුනරාගමෙති යො පුග‍්ගලො සුවණ‍්ණං රජතං අඤ‍්ඤම‍්පි වා කිඤ‍්චි ධනජාතං ඡඩ‍්ඩෙත්‍වා පුන තං ගණ‍්හෙය්‍ය, සො පණ‍්ඩිතානං අන‍්තරෙ කථං සීසං උක‍්ඛිපෙය්‍ය?

මෙසේ පැවිදි වූ හෙයින්, න මෙ තං අස්ස පතිරූපං - මා විසින් අත්හරින ලද කාමයන් වෙත පෙරළා පැමිණීම, ආකිඤ්චඤ්ඤං හි පත්‍ථයෙ - කිසිවක් නොමැති බව, කිසිවක් අයිතිකර නොගන්නා බවම පතමි. යො ජාතරූපං රජතං ඡඩ්ඩෙත්‍වා පුනරාගමෙ - යම් පුද්ගලයෙක් රන්රිදී හෝ අනෙක් ධනයක් හැරදමා නැවත ගන්නේ නම් හෙතෙම පණ්ඩිතයන් අතර කෙසේ නම් හිස ඔසවාද?

යස‍්මා රජතං ජාතරූපං වා, න බොධාය න සන‍්තියා න මග‍්ගඤාණාය න නිබ‍්බානාය හොතීති අත්‍ථො. නෙතං සමණසාරුප‍්පන‍්ති එතං ජාතරූපරජතාදිපරිග‍්ගහවත්‍ථු, තස‍්ස වා පරිග‍්ගණ‍්හනං සමණානං සාරුප‍්පං න හොති. තථා හි වුත‍්තං “න කප‍්පති සමණානං සක්‍යපුත‍්තියානං ජාතරූපරජත”න‍්තිආදි (චූළව· 446). න එතං අරියද‍්ධනන‍්ති එතං යථාවුත‍්තපරිග‍්ගහවත්‍ථු සද‍්ධාදිධනං විය අරියධම‍්මමයම‍්පි ධනං න හොති, න අරියභාවාවහතො. තෙනාහ “ලොභන”න‍්තිආදි.

යම් හෙයකින් රන් හෝ රිදී න බොධාය න සන්තියා මාර්‍ගඥානය හෝ නිර්‍වාණය පිණිස නොපවතී. නෙතං සමණසාරූප්පං - මෙසේ රන්රිදි ආදී සතුකරගන්නා වස්තු, ඒවා පිළිගැනීම හෝ මහණුන්ට නොසරුප් වේ. එහෙයින් කියන ලදී ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ට රන්රිදී පිළිගැනීම අකැප වේ. න එතං අරියං ධනං - යට කියනලද පරිදි සතුකරගන්නා වස්තු ශ්‍රද්ධාදනය මෙන් හා ආර්‍යධර්‍ම සංඛ්‍යාන ධනය මෙන් ආර්‍යහාවයක් ගෙන නොදෙයි. එහෙයින් කියන ලදී. ලොභනං ආදිය.

තත්‍ථ ලොභනන‍්ති ලොභුප‍්පාදනං. මදනන‍්ති මදාවහං. මොහනන‍්ති සම‍්මොහජනනං. රජවඩ‍්ඪනන‍්ති රාගරජාදිසංවඩ‍්ඪනං. යෙන පරිග‍්ගහිතං, තස‍්ස ආසඞ‍්කාවහත‍්තා සහ ආසඞ‍්කාය වත‍්තතීති සාසඞ‍්කං, යෙන පරිග‍්ගහිතං, තස‍්ස යතො කුතො ආසඞ‍්කාවහන‍්ති අත්‍ථො. බහුආයාසන‍්ති සජ‍්ජනරක‍්ඛණාදිවසෙන බහුපරිස‍්සමං. නත්‍ථි චෙත්‍ථ ධුවං ඨිතීති එතස‍්මිං ධනෙ ධුවභාවො ච ඨිතිභාවො ච නත්‍ථි, චඤ‍්චලමනවට‍්ඨිතමෙවාති අත්‍ථො.

එහි ලොභනං යනු ලෝහය ඉපදවීමය. මදනං - මදය උපදවන්නාවූ, මොහනං - මුළාවීම, රජවඩඪනං - රාගරජස් ආදිය වර්‍ධනය වීම, යම් කිසිවෙකු විසින් මේ ධනය අයිති කරගෙන වෙසේද ඔහුට එයින් භීතිය ගෙනදෙන හෙයින් නිතරම සැකය සමග වෙසෙන හෙයින් සාසංකං - යමෙකුට ධනය සතු නම් ඔහුට කොහෙන් හෝ සැකය ඇති වේය යන තේරුමය. බහුආයාසං - නිපයීම, රැකගැනීම ආදී වශයෙන් බොහෝ වෙහෙස ගෙන දෙනසුලුය. නත්‍ථි චෙත්‍ථ ධුවං ඨිති. මේ ධනයෙහි ස්ථිරභාවයක් හෝ පැවැත්මක් නැත. නිතර සැලෙනසුලුය යන තේරුමය.

එත්‍ථ රත‍්තා පමත‍්තා චාති එතස‍්මිං ධනෙ රත‍්තා සඤ‍්ජාතරාගා දසකුසලධම‍්මෙසු සතියා විප‍්පවාසෙන පමත‍්තා. සංකිලිට‍්ඨමනා ලොභාදිසංකිලෙසෙන සංකිලිට‍්ඨචිත‍්තාව නාම හොන‍්ති. තතො ච අඤ‍්ඤමඤ‍්ඤම‍්හි බ්‍යාරුද‍්ධා, පුථූ කුබ‍්බන‍්ති මෙධගං අන‍්තමසො මාතාපි පුත‍්තෙන, පුත‍්තොපි මාතරාති එවං අඤ‍්ඤමඤ‍්ඤං පටිරුද‍්ධා හුත්‍වා පුථූ සත‍්තා මෙධගං කලහං කරොන‍්ති. තෙනාහ භගවා – “පුන චපරං, භික‍්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං…පෙ… මාතාපි පුත‍්තෙන විවදති පුත‍්තොපි මාතරා විවදතී”තිආදි (ම· නි· 1.168, 178).

එත්‍ථ රත්තා පමත්තා ච - මේ ධනය කෙරෙහි හටගත් ආශාව ඇති, දසකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව පමා දිවියක් ගතකරන, සංකිලිමට්ඨනා - ලොභාදී කෙලෙස්වලින් කිළිටි වූ මනස ඇත්තේ වේ. එහෙයින් අඤ්ඤමඤ්ඤම්හි ව්‍යාරද්ධා පුථු කුබ්බන්ති මෙධගං - යටත්පිරිසෙයින් මව පුතා සමගද පුතා මව සමගද, මෙසේ එකිනෙකා ප්‍රතිවිරුද්ධ වී බොහෝ සත්ත්වයෝ කලහ කරති. එහෙයින් බුදුහු මෙසේ කීහ. නැවතද මහණෙනි, කාමය හේතුකොට ගෙන කාමය මුල්කරගෙන කාමය නීතියක් කරගෙන මව පුතා සමග කලහ කරයි, පුතා මට සමග කලහ කරයි. ආදී වශයෙනි.

වධොති මරණං. බන්‍ධොති අද‍්දුබන්‍ධනාදිබන්‍ධනං. පරික‍්ලෙසොති හත්‍ථච‍්ඡෙදාදිපරිකිලෙසාපත‍්ති. ජානීති ධනජානි චෙව පරිවාරජානි ච. සොකපරිද‍්දවොති සොකො ච පරිදෙවො ච. අධිපන‍්නානන‍්ති අජ‍්ඣොසිතානං. දිස‍්සතෙ බ්‍යසනං බහුන‍්ති යථාවුත‍්තවධබන්‍ධනාදිභෙදං අවුත‍්තඤ‍්ච දොමනස‍්සුපායාසාදිං දිට‍්ඨධම‍්මිකං සම‍්පරායිකඤ‍්ච බහුං බහුවිධං බ්‍යසනං අනත්‍ථො කාමෙසු දිස‍්සතෙව.

වධො - මරණය, බන්‍ධො - දම්වැල් ආදියෙන් බැඳීම, පරික්ලෙසො - අත්සිඳීම් ආදී ගැහැටවලට පැමිණීම, ධනංජානි - ධනය මෙන්ම පිරිවරද විනාශවීම, අධිපන්නාන, බැසගත්තා වූ, දිස්සතෙ ව්‍යසනං බහුං - යට කියනලද පරිදි වධබන්ධනාදිය ද නොකියන ලද දෝමනස්ස උපායාසාදී මෙලොව හා පරලොව විඳීමට සිදුවන නොයෙක් ව්‍යසනයන්, අනර්ථයන් කාමයන් කෙරෙහි දක්නට ලැබේ.

තං මං ඤාතී අමිත‍්තාව, කිං වො කාමෙසු යුඤ‍්ජථාති තාදිසං මං යථා කාමෙසු විරත‍්තං තුම‍්හෙ ඤාතී ඤාතකා සමානා අනත්‍ථකාමා අමිත‍්තා විය කිං කෙන කාරණෙන කාමෙසු යුඤ‍්ජථ නියොජෙථ. ජානාථ මං පබ‍්බජිතං, කාමෙසු භයදස‍්සිනින‍්ති කාමෙ භයතො පස‍්සන‍්තිං පබ‍්බජිතං මං ආජානාථ, කිං එත‍්තකං තුම‍්හෙහි අනඤ‍්ඤාතන‍්ති අධිප‍්පායො.

තං මං ඤාති අමිත්තා ච කිං වො කාමෙසු යුඤ්ඡථ - කාමයන්ගෙන් වෙන්වූ එවැනි මා ඔබලා නෑදැයන් වී අනර්‍ථ කැමැති සතුරන් මෙන් කවර කරුණක් නිසා කාමයන්හි යුඤ්ඡථ - යොදව්ද, ජානාථ මං පබ්බජිතං කාමෙසු භයදස්සිනිං - කාමයන් බිය වසයෙන් දකිමින් පැවිදිවුණාවූ මා නොදනිව්ද, ඔබලා මෙයවත් නොදක්නාහුද යනු මෙහි අදහසය.

න හිරඤ‍්ඤසුවණ‍්ණෙන, පරික‍්ඛීයන‍්ති ආසවාති කාමාසවාදයො හිරඤ‍්ඤසුවණ‍්ණෙන න කදාචි පරික‍්ඛයං ගච‍්ඡන‍්ති, අථ ඛො තෙහි එව පරිවඩ‍්ඪන‍්තෙව. තෙනාහ – “අමිත‍්තා වධකා කාමා, සපත‍්තා සල‍්ලබන්‍ධනා”ති. කාමා හි අහිතාවහත‍්තා මෙත‍්තියා අභාවෙන අමිත‍්තා, මරණහෙතුතාය උක‍්ඛිත‍්තාසිකවධකසදිසත‍්තා වධකා, අනුබන්‍ධිත්‍වාපි අනත්‍ථාවහනතාය වෙරානුබන්‍ධසපත‍්තසදිසත‍්තා සපත‍්තා, රාගාදීනං සල‍්ලානං බන්‍ධනතො සල‍්ලබන්‍ධනා.

න හිරඤ්ඤෙන සුවණ්ණෙන පරික්‍ඛයන්ති ආසවා - කාමාශ්‍රවාදීන් කිසිකලෙකත් රන්රිදීවලින් ක්‍ෂය කළ නොහැකිය. ඒවායින් අසවු තවතවත් වැඩේමය. එහෙයින් කීහ. අමිත්තා වධකා කාමා සපත්තා සල්ලබන්‍ධනා - කාමයන් අහිතක්ම කරවන හෙයින්, මෛත්‍රියක් නොමැති හෙයින් අමිත්තා - මරණයට හේතුවන බැවින් ඔසවාගත් කඩුව ඇති වධකයෙකු මෙන් වධකා - ලුහුබැඳ ගොස් හෝ අනර්‍ථයක්ම ගෙනදෙන හෙයින් වෛරය අනුවම යන්නා වූ සතුරෙකු වැනිවූ සපත්තා - රාගාදී උල්වල බැඳෙන හෙයින් උලෙහි බැඳෙන්නා වූ,

මුණ‍්ඩන‍්ති මුණ‍්ඩිතකෙසං. තත්‍ථ තත්‍ථ නන‍්තකානි ගහෙත්‍වා සඞ‍්ඝාටිචීවරපාරුපනෙන සඞ‍්ඝාටිපාරුතං.

මුණ්ඩන්ති මුඩුකළ කෙස් ඇති, ඒ ඒ තැනින් රෙදිකැබැලි ගෙන සඟළ සිවුරු මසා පෙරවීමෙන් සංඝාටිපාරුත.

උත‍්තිට‍්ඨපිණ‍්ඩොති විවටද‍්වාරෙ ඝරෙ ඝරෙ පතිට‍්ඨිත්‍වා ලභනකපිණ‍්ඩො. උඤ‍්ඡොති තදත්‍ථං උඤ‍්ඡාචරියා. අනගාරූපනිස‍්සයොති අනගාරානං පබ‍්බජිතානං උපගන‍්ත්‍වා නිස‍්සිතබ‍්බතො උපනිස‍්සයභූතො ජීවිතපරික‍්ඛාරො. තඤ‍්හි නිස‍්සාය පබ‍්බජිතා ජීවන‍්ති.

උත්තිට්ඨපිණ්ඩො - විවර වූ දොර ඇති ගෙයක් පාසා ගොස් ලබන පිඬු අහර උඤ්ජො - ඒ සඳහා තැනින් තැනින් පිඬු ලබාගැනීමෙහි හැසිරෙන, අනාගාරරූපනිස්සයො - සසුනෙහි පැවිදිවූවන් වෙත ගොස් ඇසුරු කළයුතු හෙයින් උපනිශ්‍රය හේතු වූ ජීවිත පිරිකර. එය ඇසුරුකර පැවිදිවූවෝ ජීවත්වෙති.

වන‍්තාති ඡඩ‍්ඩිතා. මහෙසීහීති බුද‍්ධාදීහි මහෙසීහි. ඛෙමට‍්ඨානෙති කාමයොගාදීහි අනුපද‍්දවට‍්ඨානභූතෙ නිබ‍්බානෙ. තෙති මහෙසයො. අචලං සුඛන‍්ති නිබ‍්බානසුඛං පත‍්තා. තස‍්මා තං පත්‍ථෙන‍්තෙන කාමා පරිච‍්චජිතබ‍්බාති අධිප‍්පායො.

වන්ත - අත්හළ, මහෙසීහි - බුද්ධාදී මහර්ෂීන් විසින්, ඛෙමට්ඨානො - කාම භෝගාදියෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් මිදුණා වූ නිවණෙහි, තෙ - මහර්ෂිහු, අචලං සුඛං - නිවන් සුවයට පැමිණියාවූ එහෙයින් එය පතන්නවුන් විසින් කාමයන් අත්හළ යුතුය යන අදහසය.

මාහං කාමෙහි සංගච‍්ඡින‍්ති අහං කදාචිපි කාමෙහි න සමාගච‍්ඡෙය්‍යං. කස‍්මාති චෙ ආහ – “යෙසු තාණං න විජ‍්ජතී”තිආදි, යෙසු කාමෙසු උපපරික‍්ඛියමානෙසු එකස‍්මිම‍්පි අනත්‍ථපරිත‍්තාණං නාම නත්‍ථි. අග‍්ගික‍්ඛන්‍ධූපමා මහාභිතාපට‍්ඨෙන. දුඛා දුක‍්ඛමට‍්ඨෙන.

නාහං කාමෙහි සංගච්ඡිං - මම කිසි කලෙකත් කාමයන් නොලබන්නෙමි, කුමක් හෙයින්දැයි මෙයින් පැවසීය. ඒ කාමයන් කෙරෙහි ආරක්‍ෂාවක් නොමැත ආදියය. සොයනු ලබන්නාවූ කාමයන් අතරෙන් එක කම්සුවයක් හෝ අනර්‍ථයන්ගෙන් ආරක්‍ෂාවක් නැත. අග්ගික්‍ඛන්‍ධසමා - අතිශයින් තවනසුලු හෙයින් දුඛා, දුකට පමුණුවන යන අර්‍ථයෙනි.

පරිපන්‍ථො එස භයො යදිදං කාමා නාම අවිදිතවිපුලානත්‍ථාවහත‍්තා. සවිඝාතො චිත‍්තවිඝාතකරත‍්තා. සකණ‍්ටකො විනිවිජ‍්ඣනත‍්තා. ගෙධො සුවිසමො චෙසොති ගිද‍්ධිහෙතුතාය ගෙධො. සුට‍්ඨු විසමො මහාපලිබොධො සො. දුරතික‍්කමනට‍්ඨෙන මහන‍්තො. මොහනාමුඛො මුච‍්ඡාපත‍්තිහෙතුතො.

පරිපන්ථො එස භයො - යම් මේ කාමයන් නම් තමා නොදන්නාවූ මහා අනර්‍ථයන් ගෙනදෙන හෙයින්. සවිඝාතො - සිත වෙහෙස කරවන හෙයින්, සකණ්ටකො - විනිවිද යනසුලු හෙයින්, ගෙධො සුවිසමො ලෙපො - ගිජුකම නිසා ගෙධ නම්වූ, බෙහෙවින් විසම වූ, පල්මඩ ගානලද, ඉක්මයා නොහැකි හෙයින්, මහන්තො මොහනාමුඛො - මුසපත්වීමේ හේතුවෙන්,

උපසග‍්ගො භීමරූපොති අතිභිංසනකසභාවො, මහන‍්තො දෙවතූපසග‍්ගො විය අනත්‍ථකාදිදුක‍්ඛාවහනතො. සප‍්පසිරූපමා කාමා සප‍්පටිභයට‍්ඨෙන.

උපසග්ගො සීමරූපො - අතිශයින් බියජනකබව, දෙවියන්ගේ කිපීමකින් සිදුවන මහා උපද්‍රවයක් මෙන් පිළියම් කළ නොහැකි හෙයින් දුක් උපදවන සුලු, සප්පසිරූපමා කාමා - භය සහිත යන අර්‍ථයෙනි.

කාමපඞ‍්කෙන සත‍්තාති කාමසඞ‍්ඛාතෙන පඞ‍්කෙන සත‍්තා ලග‍්ගා.

කාමපංකෙන සත්තා - කාමසංඛ්‍යාත මඩෙහි ලැගුණු.

දුග‍්ගතිගමනං මග‍්ගන‍්ති නිරයාදිඅපායගාමිනං මග‍්ගං. කාමහෙතුකන‍්ති කාමොපභොගහෙතුකං. බහුන‍්ති පාණාතිපාතාදිභෙදෙන බහුවිධං. රොගමාවහන‍්ති රුජ‍්ජනට‍්ඨෙන රොගසඞ‍්ඛාතස‍්ස දිට‍්ඨධම‍්මිකාදිභෙදස‍්ස දුක‍්ඛස‍්ස ආවහනකං.

දුග්ගතිගමනං මග්ගං - නිරය ආදි අපායගාමී මාර්‍ගය කාමහෙතුකං - කාමසේවනය හේතුකොට බහුං - සත්ත්ව ඝාතනය ආදී භේද වශයෙන් බොහෝවූ රොගමාවහං - රිදීම් යන අර්‍ථයෙන් රෝග නම්වූ මෙලෝ පරලෝ දෙකෙහිදී දුක් ගෙනදෙනසුලු ව්‍යාධීහුය.

එවන‍්ති “අමිත‍්තා වධකා”තිආදිනා වුත‍්තප‍්පකාරෙන. අමිත‍්තජනනාති අමිත‍්තභාවස‍්ස නිබ‍්බත‍්තනකා. තාපනාති සන‍්තාපනකා, තපනීයාති අත්‍ථො. සංකිලෙසිකාති සංකිලෙසාවහා. ලොකාමිසාති ලොකෙ ආමිසභූතා. බන්‍ධනියාති බන්‍ධභූතෙහි සංයොජනෙහි වඩ‍්ඪිතබ‍්බා, සංයොජනියාති අත්‍ථො. මරණබන්‍ධනාති භවාදීසු නිබ‍්බත‍්තිනිමිත‍්තතාය පවත‍්තකාරණතො ච මරණවිබන්‍ධනා.

එවං - ‘සතුරෝය, වධකයෝය’ ආදී වශයෙන් කියනලද පරිදි අමිත්තජන්තා - සතුරන් වශයෙන් උපදින හෙයින්, තාපනා තවන්නහු තවනසුලු යන අරුත්ය සංකිලෙසිකා - කෙලෙස් උපදවනසුලු ලොකාමිසා - ලෙව්හි ආමිස වූ බන්‍ධනීයා - බැඳුම් වූ සංයෝජනාදිය විසින් බැඳෙනු ලබන, සංයෝජන යනු තේරුමය. වරණ බන්‍ධනා - භවාදියෙහි ඉපදීම නිමිතිකොට ඇති හෙයින්ද, පවත්නාවූ කාරණා හේතුකොටගෙනද බැඳීම ඇතිකරන්නාවූ,

උම‍්මාදනාති විපරිණාමධම‍්මානං වියොගවසෙන සොකුම‍්මාදකරා, වඩ‍්ඪියා වා උපරූපරිමදාවහා. උල‍්ලපනාති “අහො සුඛං අහො සුඛ”න‍්ති උද‍්ධං උද‍්ධං ලපාපනකා. “උල‍්ලොලනා”තිපි පාඨො, භත‍්තපිණ‍්ඩනිමිත‍්තං නඞ‍්ගුට‍්ඨං උල‍්ලොලෙන‍්තො සුනඛො විය ආමිසහෙතු සත‍්තෙ උපරූපරිලාලනා, පරාභවාවඤ‍්ඤාතපාපනකාති අත්‍ථො. චිත‍්තප‍්පමාථිනොති පරිළාහුප‍්පාදනාදිනා සම‍්පති ආයතිඤ‍්ච චිත‍්තස‍්ස පමථනසීලා. “චිත‍්තප‍්පමද‍්දිනො”ති වා පාඨො, සො එවත්‍ථො. යෙ පන “චිත‍්තප‍්පමාදිනො”ති වදන‍්ති, තෙසං චිත‍්තස‍්ස පමාදාවහාති අත්‍ථො. සංකිලෙසායාති විබාධනාය උපතාපනාය වා. ඛිප‍්පං මාරෙන ඔඩ‍්ඩිතන‍්ති කාමා නාමෙතෙ මාරෙන ඔඩ‍්ඩිතං කුමිනන‍්ති දට‍්ඨබ‍්බා සත‍්තානං අනත්‍ථාවහනතො.

උම්මාදනා - විපරිණාම ධර්‍ම වශයෙන් හෝ වෙන්වීම් වශයෙන් ශෝකය හා උමතුබව ඇතිකරන්නාවූ, නැතහොත් නැවත නැවත මත්බව ඇතිකරන උල්ලපනා ‘අපොයි සැප, අපොයි සැප’ ආදී වශයෙන් උඩ බලාගෙන කියන, උල්ලොලනා යනුවෙන් ද පාඨයකි. බත් පිඬුවක් උදෙසා නගුට සොලවන්නා වූ බල්ලෙකු මෙන් ආමිසය උදෙසා සත්ත්වයන් නැවත නැවත නලවන්නා වූ පිරිහීම හා ගැරහීම පමුණුවනසුලු යන අරුත් වේ. චිත්තප්පමාථිනො - දාහය ඉපදීම් ආදියෙන් දැන්වත් මතුවටත් සිත මත්කරවනසුලු, චිත්තප්පමා දිනො යනුවෙන් ද පාඨයකි. අර්‍ථය එයමය. යමෙක් චිත්තප්පමා දිනො යනුවෙන් ගනිද්ද එයින් සිතේ ප්‍රමාදය යන අර්‍ථය ගැනේ. සංකිලෙසාය බාධා කිරීමට, තැවීමට හෝ ඛිපං මාරෙන ඔඩ්ඩිතං කාමයෝ වූ කලී මාරයා විසින් අටවන ලද කෙමනක් වැනි යයි දතයුතු. සත්ත්වයන්ට හානියක්ම සිදුවන හෙයිනි.

අනන‍්තාදීනවාති “ලොභනං මදනඤ‍්චෙත”න‍්තිආදිනා, “ඉධ සීතස‍්ස පුරක‍්ඛතො උණ‍්හස‍්ස පුරක‍්ඛතො”තිආදිනා (ම· නි· 1.167) ච දුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තාදීසු වුත‍්තනයෙන අපරියන‍්තාදීනවා බහුදොසා. බහුදුක‍්ඛාති ආපායිකාදිබහුවිධදුක‍්ඛානුබන්‍ධා. මහාවිසාති කටුකාසය‍්හඵලතාය හලාහලාදිමහාවිසසදිසා . අප‍්පස‍්සාදාති සත්‍ථධාරාගතමධුබින්‍දු විය පරිත‍්තස‍්සාදා. රණකරාති සාරාගාදිසංවඩ‍්ඪකා. සුක‍්කපක‍්ඛවිසොසනාති සත‍්තානං අනවජ‍්ජකොට‍්ඨාසස‍්ස විනාසකා.

අනන්තාදීනවා - පෙළඹවීම, මරණය යනාදියෙන් මෙහි සීතලට පෙර උණුසුම එයට පෙර සීතල ආදි න්‍යායයට අනුව දුක්‍ඛක්‍ඛන්‍ධ සුත්‍රාදියෙහි කියූ පරිදි සීමා රහිත ආදීනව වේ. බොහෝ දොස් ගෙන දෙයි. බහුදුක්‍ඛා අපායට අයත් දුක් වැනි විවිධ දුක් සමූහය. මහාවිසා - කටු අතුළ ඇඳන් උඩ හිඳීමෙන් මෙන් මහා විස ඇතිකරවන අප්පස්සාදා - අවියක මුවහතෙහි වූ පැණි බින්දුවක් මෙන් අල්ප ආස්වාදයෙන් යුත් රණකරා - රාගාදිය වඩවන, සුක්කපක්‍ඛවිසොසතා - සත්ත්වයන්ගේ නිවැරදි කොටස විනාශකරවන.

සාහන‍්ති සා අහං, හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධා කාමෙ පහාය පබ‍්බජිත්‍වා ඨිතාති අත්‍ථො. එතාදිසන‍්ති එවරූපං වුත‍්තප‍්පකාරං. කත්‍වාති ඉති කත්‍වා, යථාවුත‍්තකාරණෙනාති අත්‍ථො. න තං පච‍්චාගමිස‍්සාමීති තං මයා පුබ‍්බෙ වන‍්තකාමෙ පුන න පරිභුඤ‍්ජිස‍්සාමි. නිබ‍්බානාභිරතා සදාති යස‍්මා පබ‍්බජිතකාලතො පට‍්ඨාය සබ‍්බකාලං නිබ‍්බානාභිරතා, තස‍්මා න තං පච‍්චාගමිස‍්සාමීති යොජනා.

සාහං - ඒ මම. යට කියනලද පරිදි බුදුන්ගෙන් බණ අසා සැදැහැ උපදවා කම්සුව අතහැර පැවිදි වී සිටියාවූ යන අදහසය. එතාදිසං - මෙසේ කී අයුරු කත්‍වා - කර, කියනලද අයුරින් යනු මෙහි තේරුමය. න තං පච්චාගමිස්සාමි - මා විසින් පෙර වමාරා දැමූ කාමමෛථුනය නැවත නොවළඳන්නෙමි. නිබ්බානාභිරතා සදා - යම්හෙයකින් පැවිදි දින සිට මුලු කාලයම නිවණෙහි ඇලී සිටියෙම්ද එහෙයින් නැවත පෙරළා නොඑන්නෙමි යනුවෙන් යොදාගත යුතුය.

රණං තරිත්‍වා කාමානන‍්ති කාමානං රණං තරිත්‍වා, තඤ‍්ච මයා කාතබ‍්බං අරියමග‍්ගසංපහාරං කත්‍වා. සීතිභාවාභිකඞ‍්ඛිනීති සබ‍්බකිලෙසදරථපරිළාහවූපසමෙන සීතිභාවසඞ‍්ඛාතං අරහත‍්තං අභිකඞ‍්ඛන‍්තී. සබ‍්බසංයොජනක‍්ඛයෙති සබ‍්බෙසං සංයොජනානං ඛයභූතෙ නිබ‍්බානෙ අභිරතා.

රණං තරිත්‍වා කාමානං - කාමයන්ගේ යුද බිම තරණයකර, ආර්‍යමාර්‍ගය අරමුණු කරගෙන එයද මා විසින් කටයුතුය. සීතිභාවාභිකංඛිනී - සියලු කෙලෙස් දාහය නිවා සිහිලස නමැති රහත්බව කැමතිවෙමින් සබ්බසංයොජනක්‍ඛයෙ - සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීම සංඛ්‍යාත නිර්‍වාණයෙහි ඇලුණි වෙමි.

යෙන තිණ‍්ණා මහෙසිනොති යෙන අරියමග‍්ගෙන බුද‍්ධාදයො මහෙසිනො සංසාරමහොඝං තිණ‍්ණා, අහම‍්පි තෙහි ගතමග‍්ගං අනුගච‍්ඡාමි, සීලාදිපටිපත‍්තියා අනුපාපුණාමීති අත්‍ථො.

යෙන තිණ්ණා මහෙසිනො - යම් ආර්‍යමාර්‍ගයකින් බුද්ධාදී මහෝත්තමයෝ සංසාර නමැති මහා ජලප්‍රවාහය තරණය කළාහුද මමද ඔවුන් ගිය මග අනුව යමි. සිල් ආදී පිළිවෙතින් එයට පැමිණෙමි යනු අර්‍ථයි.

ධම‍්මට‍්ඨන‍්ති අරියඵලධම‍්මෙ ඨිතං. අනෙජන‍්ති පටිප‍්පස‍්සද‍්ධ එජතාය අනෙජන‍්ති ලද‍්ධනාමං අග‍්ගඵලං. උපසම‍්පජ‍්ජාති සම‍්පාදෙත්‍වා අග‍්ගමග‍්ගාධිගමෙන අධිගන‍්ත්‍වා. ඣායතීති තමෙව ඵලජ‍්ඣානං උපනිජ‍්ඣායති.

ධම්මට්ඨං - ආර්‍යඵලධර්‍මයෙහි පිහිටියා වූ අනෙජං - ශ්‍රමනය කළ තෘෂ්ණාව ඇති හෙයින් අනෙජ යන නම ලැබූ අග්‍රඵලයයි උපසම්පජ්ජ, සපයා අග්‍රමාර්‍ගය අනුගමනය කිරීමෙන් එය ලබාගෙන ඣායති - එම ඵලධ්‍යානයම ධ්‍යායනය කරයි.

අජ‍්ජට‍්ඨමී පබ‍්බජිතාති පබ‍්බජිතා හුත්‍වා පබ‍්බජිතතො පට‍්ඨාය අජ‍්ජ අට‍්ඨමදිවසො, ඉතො අතීතෙ අට‍්ඨමියං පබ‍්බජිතාති අත්‍ථො. සද‍්ධාති සද‍්ධාසම‍්පන‍්නා. සද‍්ධම‍්මසොභනාති සද‍්ධම‍්මාධිගමෙන සොභනා.

අජ්ජට්ඨමී පබ්බජිතා - පැවිදිවීමෙන් පසු අද අටවන දිනයයි. මෙයට දින අටකට පෙර පැවිදිවූ බව කියූ අයුරුය. සද්ධං - සැදැහැවත්, සද්ධම්ම සොභනා - සද්ධර්‍මය අවබෝධ කරගැනීමෙන් හොබනා වූ,

භුජිස‍්සාති දාසභාවසදිසානං කිලෙසානං පහානෙන භුජිස‍්සා. කාමච‍්ඡන්‍දාදිඉණාපගමෙන අණණා.

භුජිස්සා - දාසභාවයට සමාන වූ කෙලෙස් දුරුකළාවූ, එයින්ම නිදහස් වූ, කාමච්ඡන්‍දාදී ණයෙන් නිදහස්වීමෙන් අණනා,

ඉමා කිර තිස‍්සො ගාථා පබ‍්බජිත්‍වා අට‍්ඨමෙ දිවසෙ අරහත‍්තං පත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නං ථෙරිං භික‍්ඛූනං දස‍්සෙත්‍වා පසංසන‍්තෙන භගවතා වුත‍්තා.

මේ ගාථා තුන පැවිදිවීමෙන් අටවන දින රහත්බව ලබාගෙන එක්තරා ගසක් මුල පලසමවතට සමවැද සිටියා වූ තෙරණිය දුටු බුදුන්වහන්සේ ඇයට පසසමින් වදාළහ.

අථ සක‍්කො දෙවානමින්‍දො තං පවත‍්තිං දිබ‍්බෙන චක‍්ඛුනා දිස‍්වා “එවං සත්‍ථාරා පසංසීයමානා අයං ථෙරී යස‍්මා දෙවෙහි ච පයිරුපාසිතබ‍්බා”ති තාවදෙව තාවතිංසෙහි දෙවෙහි සද‍්ධිං උපසඞ‍්කමිත්‍වා අභිවාදෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. තං සන්‍ධාය සඞ‍්ගීතිකාරෙහි වුත‍්තං –

ඉක්බිති ශක්‍ර දිව්‍යරාජයා එපුවත දිවැසින් දැක මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් පසසනු ලබන මොතොමෝ දෙවියන් විසිනුදු පිදියයුතු යයි එකෙණෙහිම තව්තිසා වැසි දෙවිවරුන් සමග එහි එළඹ වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. එහිලා සංගීතිකාරයෝ මෙසේ කීහ.

“තං සක‍්කො දෙවසඞ‍්ඝෙන, උපසඞ‍්කම‍්ම ඉද‍්ධියා; නමස‍්සති භූතපති, සුභං කම‍්මාරධීතර”න‍්ති.

‘ශක්‍ර දිව්‍යරාජයා දෙව්පිරිවර සමග පැමිණ සෘද්ධියෙන් වඳියි’. ‘කඹුරු දියණිය වූ සුභා වහන්ස, ඔබට නමස්කාර වේවා’ යනුවෙනි.

තත්‍ථ තීසු කාමභවෙසු භූතානං සත‍්තානං පති ඉස‍්සරොති කත්‍වා භූතපතීති ලද‍්ධනාමො සක‍්කො දෙවරාජා දෙවසඞ‍්ඝෙන සද‍්ධිං තං සුභං කම‍්මාරධීතරං අත‍්තනො දෙවිද‍්ධියා උපසඞ‍්කම‍්ම නමස‍්සති, පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දතීති අත්‍ථො.

එහි ත්‍රිවිධ කාමභවයන්හි සත්ත්වයන්ට අධිපති වූ හෙයින් භූතපති යනුවෙන් ලැබුණු නම් ඇති ශක්‍ර දිව්‍යරාජයා දිව්‍යාසමූහයා පිරිවරා තමාගේ සෘද්ධි බලයෙන් කඹුරු දියණිය වූ සුභා වෙත පැමිණ පසඟ පිහිටුවා වඳියි යන තේරුම ඇත්තේ වේ.

සුභාකම‍්මාරධීතුථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කඹුරුදියණී සුභා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි

වීසතිනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

විසිවන නිපාත වර්‍ණනාව සමාප්තයි.