යෙදුමෙන් කියවන්න

සුන්‍දරීථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුන්‍දරීථෙරීගාථාවණ‍්ණනා

සුන්‍දරී ථේරීගාථා වර්ණනාව

පෙතානි භොති පුත‍්තානීතිආදිකා සුන්‍දරියා ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී ඉතො එකතිංසකප‍්පෙ වෙස‍්සභුස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා එකදිවසං සත්‍ථාරං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසා භික‍්ඛං දත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දි. සත්‍ථා තස‍්සා චිත‍්තප‍්පසාදං ඤත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි. සා තෙන පුඤ‍්ඤකම‍්මෙන තාවතිංසෙසු නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො චුතා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තී පරිපක‍්කඤාණා හුත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බාරාණසියං සුජාතස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්සා රූපසම‍්පත‍්තියා සුන්‍දරීති නාමං අහොසි. වයප‍්පත‍්තකාලෙ චස‍්සා කනිට‍්ඨභාතා කාලමකාසි. අථස‍්සා පිතා පුත‍්තසොකෙන අභිභූතො තත්‍ථ තත්‍ථ විචරන‍්තො වාසිට‍්ඨිත්‍ථෙරියා සමාගන‍්ත්‍වා තං සොකවිනොදනකාරණං පුච‍්ඡන‍්තො “පෙතානි භොති පුත‍්තානී”තිආදිකා ද‍්වෙ ගාථා අභාසි. ථෙරී තං සොකාභිභූතං ඤත්‍වා සොකං විනොදෙතුකාමා “බහූනි පුත‍්තසතානී”තිආදිකා ද‍්වෙ ගාථා වත්‍වා අත‍්තනො අසොකභාවං කථෙසි. තං සුත්‍වා බ්‍රාහ‍්මණො “කථං ත්‍වං, අය්‍යෙ, එවං අසොකා ජාතා”ති ආහ. තස‍්ස ථෙරී රතනත‍්තයගුණං කථෙසි.

පෙතානි හොති පුත්තානි ආදී ගාථා සුන්දරී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කරමින් මෙයින් කල්ප තිස්ඵකකට පෙර වෙස්සභූ බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳින ගැනීමෙන් පසු, එක් දවසක් බුදුන් පිඬුපිණිස වඩිනු දැක පැහැදුණු සිතින් දන් දී පසඟ පිහිටුවා වැඳ සිටියාය. බුදුහු ඇයගේ සිත පැහැදුණු බව දැන අනුමෙවෙනි බණ වදාරා වැඩියහ. ඕතොමෝ ඒ පිනින් තව්තිසාවෙහි ඉපිද එහි ආයු ප්‍රමාණය ගෙවා, දිවසැප විඳ එයින් චුතව එකිනෙක ආත්මයන්හි දෙව්ලෝවලම හැසිරෙන්නී නුවණ මුහුකුරා ගොස් මෙම බුද්ධෝත්පාද කාලයෙහි බරණැස් නුවර සුජාතා නම් බ්‍රාහ්මණයෙකුගේ දියණිය වී උපන්නාය. ඇයගේ රූපසම්පත්තිය නිසා ඇයට සුන්දරී යන නම ව්‍යවහාර විය. වැඩිවියට පැමිණි කල්හි ඇයගේ බාල සොහොයුරා කලුරිය කළේය. ඔහුගේ පුතා පුත්‍ර ශෝකයෙන් මඩනා ලද්දේ ඒ ඒ තන්හි හැසිරෙන්නේ වාසෙට්ඨි තෙරණිය හමුව ශෝකය තුනීකරගත හැකි ක්‍රමය විමසුවේය. ‘එයට පිළිතුරු වශයෙන් තෙරණියෝ ‘පෙතානි හොති පුත්තානී’ යන ගාථා දෙක ප්‍රකාශ කළහ. ඔහු ශෝකයෙන් පෙළෙමින් සිටිනු දැක ඒ ශෝකය තුනීකරනු කැමැත්තී ‘බහුනි මෙ පුත්තසතානි’ යන ගාථා දෙක කියා තමා ශෝක නොවන බව කීහ. ඕතොමෝ ඔහුට ත්‍රිවිධ රත්නයෙහි ගුණද පැවසුවාය.

අථ බ්‍රාහ‍්මණො “කුහිං සත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “ඉදානි මිථිලායං විහරතී”ති තං සුත්‍වා තාවදෙව රථං යොජෙත්‍වා රථෙන මිථිලං ගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා සම‍්මොදනීයං කථං කත්‍වා එකමන‍්තං නිසීදි. තස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි. සො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො තතියෙ දිවසෙ අරහත‍්තං පාපුණි. අථ සාරථි රථං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණියා තං පවත‍්තිං ආරොචෙසි. සුන්‍දරී අත‍්තනො පිතු පබ‍්බජිතභාවං සුත්‍වා, “අම‍්ම, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති මාතරං ආපුච‍්ඡි. මාතා “යං ඉමස‍්මිං ගෙහෙ භොගජාතං, සබ‍්බං තං තුය‍්හං සන‍්තකං, ත්‍වං ඉමස‍්ස කුලස‍්ස දායාදිකා පටිපජ‍්ජ, ඉමං සබ‍්බභොගං පරිභුඤ‍්ජ, මා පබ‍්බජී”ති ආහ. සා “න මය‍්හං භොගෙහි අත්‍ථො, පබ‍්බජිස‍්සාමෙවාහං, අම‍්මා”ති මාතරං අනුජානාපෙත්‍වා මහතිං සම‍්පත‍්තිං ඛෙළපිණ‍්ඩං විය ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච සික‍්ඛමානායෙව හුත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ඝටෙන‍්තී වායමන‍්තී හෙතුසම‍්පන‍්නතාය ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ –

ඉක්බිති බමුණා දැන් ශාස්තෲහු කොතැනෙක වෙසෙද්දැයි අසා මිථිලා නුවර වෙසෙන බව අසා එකෙණෙහිම රියට නැගී මිථිලාවට ගොස් බුදුන් වෙත එළඹ වැඳ සුහද කථාවක් කර එකත්පසෙක හිඳගත්තේය. බුදුහු ඔහුට දහමක් දෙසූහ. හෙතෙම බණ අසා සැදහැය ලබා පැවිදි විදසුන් වඩා වෑයම් කරන්නේ තෙවන දින රහත් බවට පැමිණියේය. අනතුරුව රියැදුරා බරණැස් නුවරට රිය ගෙනගොස් බැමිණියට එපුවත සැලකළේය. සුන්දරිය තම පියා පැවිදි වූ බව අසා ඇයද මහණවීමට කැමැත්තී මවුගෙන් අවසර ඉල්වූවාය. ‘මේ පවුලට අයත් සියලු දායාද පිළිගනුව, සියලු භවභෝග සම්පත් අනුභව කරව, පැවිදි නොවෙනු’ යනුවෙන් ඕ කීවාය. පැවිදි වීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඕතොමෝ එකී භවභෝග සම්පත්වලින් වැඩක් නැතැයි කියා මවගේ අනුමැතිය ලබාගෙන ඒසා විශාල සැපසම්පත් කෙළපිඬක් මෙන් අතහැර ගොස් පැවිදි වූවාය. පැවිදි වී ශික්‍ෂා පුහුණුවන්නීම විදසුන් වඩා උත්සාහ කරන්නී හේතුසම්පත් ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් තිබුණු බැවින් ද පිළිසිඹියා සහිත රහත්බව ලබාගත්තාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“පිණ‍්ඩපාතං චරන‍්තස‍්ස, වෙස‍්සභුස‍්ස මහෙසිනො; කටච‍්ඡුභික‍්ඛමුග‍්ගය‍්හ, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

පිඬුපිණිස වඩනා වෙස්සභූ බුදුන්ට හැන්දක් පමණ ආහාර එකල මම පිදුවෙමි.

“පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො, වෙස‍්සභූ ලොකනායකො; වීථියා සණ‍්ඨිතො සත්‍ථා, අකා මෙ අනුමොදනං.

ඒ දානය පිළිගත්තාවූ වෙස්සභූ බුදුහු වීථියෙහි සිටියේ මට අනුමෙවෙනි දහමක් දෙසූහ.

“කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන, තාවතිංසං ගමිස‍්සසි; ඡත‍්තිංසදෙවරාජූනං, මහෙසිත‍්තං කරිස‍්සසි.

හැන්දක් පමණ දන්දී මම තව්තිසාවට ගියෙමි. දෙව්රදවරුන් තිස්හය දෙනෙකුට අගමෙහෙසිකම් කළෙමි.

“පඤ‍්ඤාසං චක‍්කවත‍්තීනං, මහෙසිත‍්තං කරිස‍්සසි; මනසා පත්‍ථිතං සබ‍්බං, පටිලච‍්ඡසි සබ‍්බදා.

සක්විති රජවරුන් පණස්දෙනෙකුට අගමෙහෙසිය වීමි. මා මනසින් පැතු හැම දෙයක්ම ලැබිණ.

“සම‍්පත‍්තිං අනුභොත්‍වාන, පබ‍්බජිස‍්සසි කිඤ‍්චනා; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සසිනාසවා.

‘සැප අනුභව කොට කිසිවක් නොමැතිව පැවිදි වන්නෙහිය, සියලු අසවු දුරුකර අසවුවලින් තොරවූ නිවණට පැමිණෙන්නෙහිය’

“ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො, වෙස‍්සභූ ලොකනායකො; නභං අබ‍්භුග‍්ගමී වීරො, හංසරාජාව අම‍්බරෙ.

ලෝකනායක වූ වෙස්සභූ බුදුහු මෙසේ දෙසා හංසරාජයෙක් අහසට නගින්නාක් මෙන් අහසට නැංගාහ.

“සුදින‍්නං මෙ දානවරං, සුයිට‍්ඨා යාගසම‍්පදා; කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන, පත‍්තාහං අචලං පදං.

මා දුන් දානය මනාකොට දෙන ලද්දකි. මගේ යාගය මැනැවින් යැදි එකකි. හැන්දක් පමණ දන් දී මම නිවන්සුවය ලැබුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, භික‍්ඛාදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප තිස්එකකට පෙර මම යම් දානයක් දුනිම්ද එහි ඵල විසින් මම දුගතියක් නොහඳුනමි. මේ දානයෙහි ප්‍රතිඵලය,

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා ඵලසුඛෙන නිබ‍්බානසුඛෙන ච විහරන‍්තී අපරභාගෙ “සත්‍ථු පුරතො සීහනාදං නදිස‍්සාමී”ති උපජ‍්ඣායං ආපුච‍්ඡිත්‍වා බාරාණසිතො නික‍්ඛමිත්‍වා සම‍්බහුලාහි භික‍්ඛුනීහි සද‍්ධිං අනුක‍්කමෙන සාවත්‍ථිං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකං උපසඞ‍්කමිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා සත්‍ථාරා කතපටිසන්‍ථාරා සත්‍ථු ඔරසධීතුභාවාදිවිභාවනෙන අඤ‍්ඤං බ්‍යාකාසි. අථස‍්සා මාතරං ආදිං කත්‍වා සබ‍්බො ඤාතිගණො පරිජනො ච පබ‍්බජි. සා අපරභාගෙ අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පිතරා වුත‍්තගාථං ආදිං කත්‍වා උදානවසෙන –

රහත්ඵලයට පැමිණ පලසුවයෙන් හා නිවන්සුවයෙන් වෙසෙන්නී පසු කලෙක බුදුන් ඉදිරිපිට සිංහ නාදය කරන්නෙමැයි උපාධ්‍යායයාගෙන් අවසර ගෙන බරණැස් නුවරින් නික්ම බොහෝ භික්‍ෂුණීන් සමග ක්‍රමයෙන් සැවතට ගොස් බුදුන් හමුවට එළඹ වැඳ එකත්පස්ව සිටියා, බුදුන් සමඟ කරනලද පිළිසඳරින් පසු බුදුන්ගේ දියණියක බව සැලකීමෙන් අනෙකක් ප්‍රකාශ කළාය. ඉක්බිති ඇයගේ මව පෙරටුකොට ඇති සියලු ඥාති සමුහයාද පිරිවරජනයාද පැවිදිවූහ. ඕතොමෝ පසු කලෙක තමාගේ පෙර පිළිවෙත බලාපියා පැවසු ගාථාව මුල්කර ගනිමින් උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය.

“පෙතානි භොති පුත‍්තානි, ඛාදමානා තුවං පුරෙ; තුවං දිවා ච රත‍්තො ච, අතීව පරිතප‍්පසි.

පිනැත්තිය, ඔබ පෙර මළ පුතුන් නමින් දිවාරෑ දෙක්හි බොහෝ කලක් තැවුණෙහිය.

“සාජ‍්ජ සබ‍්බානි ඛාදිත්‍වා, සතපුත‍්තානි බ්‍රාහ‍්මණී; වාසෙට‍්ඨි කෙන වණ‍්ණෙන, න බාළ‍්හං පරිතප‍්පසි.

ඕතොමෝ අද සියගණන් පුතුන් කා. වාසෙට්ඨි, කවර කාරණයකින් දැඩි ලෙස නොතැවෙන්නෙහිද?

“බහූනි පුත‍්තසතානි, ඤාතිසඞ‍්ඝසතානි ච; ඛාදිතානි අතීතංසෙ, මම තුඤ‍්හඤ‍්ච බ්‍රාහ‍්මණ.

බොහෝ සියගණන් පුත්තුද, සියගණන් ඤාති සමූහයාද, අතීත භාවයන්හිදි කන ලදහ. බ්‍රාහ්මණය, මා හා ඔබ විසින්

“සාහං නිස‍්සරණං ඤත්‍වා, ජාතියා මරණස‍්ස ච; න සොචාමි න රොදාමි, න චාපි පරිතප‍්පයිං.

ජාති හා මරණ දෙකේ පිහිටක් නැති බව දැනගෙන ශෝක නොකරමි. නොහඬමි. නොතැවෙමි.

“අබ‍්භුතං වත වාසෙට‍්ඨි, වාචං භාසසි එදිසිං; කස‍්ස ත්‍වං ධම‍්මමඤ‍්ඤාය, ගිරං භාසසි එදිසිං.

වාසෙට්ඨි, ඔබ කියන මේ වචනය අද්භූත ජනකය. ඔබ කවරෙකුගේ දහමක් ඉගෙන මෙසේ කියන්නෙහිද?

“එස බ්‍රාහ‍්මණ සම‍්බුද‍්ධො, නගරං මිථිලං පති; සබ‍්බදුක‍්ඛප‍්පහානාය, ධම‍්මං දෙසෙසි පාණිනං.

බ්‍රාහ්මණය, බුදුහු මිථිලා නගරයෙහි සියලු දුක් දුරුකිරීම පිණිස සත්ත්වයන්ට ධර්‍මය දේශනා කරති.

“තස‍්ස බ්‍රහ‍්මෙ අරහතො, ධම‍්මං සුත්‍වා නිරූපධිං; තත්‍ථ විඤ‍්ඤාතසද‍්ධම‍්මා, පුත‍්තසොකං බ්‍යපානුදිං.

බ්‍රාහ්මණය, ඒ බුදුන්ගේ නිරුපධි ධර්‍මය අසා, ඒ ධර්‍මය දැනගෙන පුත්‍ර ශෝකය දුරුකළෙමි.

“සො අහම‍්පි ගමිස‍්සාමි, නගරං මිථිලං පති; අප‍්පෙව මං සො භගවා, සබ‍්බදුක‍්ඛා පමොචයෙ.

ඒ මමද දැන් මිථිලා නගරයට යන්නෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මා දුකින් මුදවන්නේ නම් ඉතා යෙහෙකි.

“අද‍්දස බ්‍රාහ‍්මණො බුද‍්ධං, විප‍්පමුත‍්තං නිරූපධිං; ස‍්වස‍්ස ධම‍්මමදෙසෙසි, මුනි දුක‍්ඛස‍්ස පාරගූ.

බ්‍රාහ්මණයා උපධිරහිත වූ දුකින් මිදුණාවූ බුදුන් දුටුවේය. ඒ බුදුහු ඔහුට දුක් කෙළවර කරවන ධර්‍මය දෙසූහ.

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

දුක, දුක හටගැන්ම, දුක කෙළවර කිරීම, දුක කෙළවර කිරීමට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසූ සේක.

“තත්‍ථ විඤ‍්ඤාතසද‍්ධම‍්මො, පබ‍්බජ‍්ජං සමරොචයි; සුජාතො තීහි රත‍්තීහි, තිස‍්සො විජ‍්ජා අඵස‍්සයි.

ඒ ධර්‍මය ඉගෙනගෙන පැවිද්ද කැමැතිවීමි. සුජාත රැය තුනක් ඇතුළත ත්‍රිවිධ්‍යාව ලබාගත්තේය.

“එහි සාරථි ගච‍්ඡාහි, රථං නිය්‍යාදයාහිමං; ආරොග්‍යං බ්‍රාහ‍්මණිං වජ‍්ජ, පබ‍්බජි දානි බ්‍රාහ‍්මණො; සුජාතො තීහි රත‍්තීහි, තිස‍්සො විජ‍්ජා අඵස‍්සයි.

රියැදුර එන්න, ගෙදර ගොස් රිය බාරදෙන්න. බ්‍රාහ්මණයා පැවිදිවූ බවත් නිරෝගීව වෙසෙන බවත් බැමිණියට කියන්න. තුන්රැයක් තුළ සුජාත ත්‍රිවිද්‍යාව අවබෝධ කරගත්තේය.

“තතො ච රථමාදාය, සහස‍්සඤ‍්චාපි සාරථි; ආරොග්‍යං බ්‍රාහ‍්මණිංවොච, ‘පබ‍්බජි දානි බ්‍රාහ‍්මණො; සුජාතො තීහි රත‍්තීහි, තිස‍්සො විජ‍්ජා අඵස‍්සයි.

රියැදුරා රථය හා (කහවණු) දහසද ගෙන ගෙදර ගියේය. බමුණා පැවිදි වූ බවත් සුවසේ වෙසෙන බවත් බැමිණියට ඔහු දැනුම් දුන්නේය. සුජාත තුන්රැයකින් ත්‍රිවිද්‍යාව ලබාගත්තේය.

“එතඤ‍්චාහං අස‍්සරථං, සහස‍්සඤ‍්චාපි සාරථි; තෙවිජ‍්ජං බ්‍රාහ‍්මණං සුත්‍වා, පුණ‍්ණපත‍්තං දදාමි තෙ.

මේ අශ්වරථය හා දහස රියැදුර, ඔබ බාරගන්න. බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාව ලබාගත්බව දැනගත් හෙයින් ඔබට මේ ප්‍රීතිදානය දෙමි.

“තුය‍්හෙව හොත්‍වස‍්සරථො, සහස‍්සඤ‍්චාපි බ්‍රාහ‍්මණි; අහම‍්පි පබ‍්බජිස‍්සාමි, වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ.

බැමිණිය, අස්රිය හා දහස ඔබටම වේවා. මමද බුදුන් සමීපයෙහි පැවිදි වන්නෙමි.

“හත්‍ථී ගවස‍්සං මණිකුණ‍්ඩලඤ‍්ච, ඵීතඤ‍්චිමං ගහවිභවං පහාය; පිතා පබ‍්බජිතො තුය‍්හං, භුඤ‍්ජ භොගානි සුන්‍දරී; තුවං දායාදිකා කුලෙ.

ඇත්අස්ගව හා මිණිකොඩොල්ද, මේ සියලු ගෘහෝපකරණ අත්හැර ඔබේ පියා මහණවිය. සුන්දරි, ඔබට පවුලෙන් හිමිවී තිබෙන මේ සියලු දායාද බාරගෙන වළඳව.

“හත්‍ථී ගවස‍්සං මණිකුණ‍්ඩලඤ‍්ච, රම‍්මං චිමං ගහවිභවං පහාය; පිතා පබ‍්බජිතො මය‍්හං, පුත‍්තසොකෙන අට‍්ටිතො; අහම‍්පි පබ‍්බජිස‍්සාමි, භාතුසොකෙන අට‍්ටිතා.

ඇත්අස්ගව හා මිණිකොඩොල් ද සියලුම මනහර ගෘහෝපකරණ ද අත්හැර ගොස් පුත්‍ර ශෝකයෙන් කලකිරුණු මගේ පියා පැවිදි විය. සොහොයුරු සොවින් කලකිරුණු මමද මහණ වන්නෙමි.

“සො තෙ ඉජ‍්ඣතු සඞ‍්කප‍්පො, යං ත්‍වං පත්‍ථෙසි සුන්‍දරී; උත‍්තිට‍්ඨපිණ‍්ඩො උඤ‍්ඡො ච, පංසුකූලඤ‍්ච චීවරං; එතානි අභිසම‍්භොන‍්තී, පරලොකෙ අනාසවා.

සුන්දරී, ඔබ යමක් පතාද ඒ අභිප්‍රාව ඉටුවේවා. ගෙපිළිවෙළින් ගොස් ලද අහරද, සොයාගත් දෙයද පාංසුකූල චීවරයද, මේ සියල්ල ලබාගනිමින්, පරලොව උදෙසා ආශ්‍රවයන්ගෙන් තොරවන්නෙහිය.

“සික‍්ඛමානාය මෙ අය්‍යෙ, දිබ‍්බචක‍්ඛු විසොධිතං; පුබ‍්බෙනිවාසං ජානාමි, යත්‍ථ මෙ වුසිතං පුරෙ.

හික්මෙන්නාවූ මා විසින් ආර්‍යාවෙනි, දිවැස පිරිසිදු කරන ලදි. මා පෙර විසූ ආත්මභාවයන් හැඳිනීමේ නුවණ ලබාගතිමි.

“තුවං නිස‍්සාය කල්‍යාණි, ථෙරි සඞ‍්ඝස‍්ස සොභනෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

සංඝයා මැද හොබනා වූ පින්වත් තෙරණියනි, ඔබ ඇසුරු කරගෙන ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ අනුශාසනාව පිළිපැදීමි.

“අනුජානාහි මෙ අය්‍යෙ, ඉච‍්ඡෙ සාවත්‍ථි ගන‍්තවෙ; සීහනාදං නදිස‍්සාමි, බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ.

ආර්‍යාවෙනි, සැවතට යනු කැමැත්තෙමි, එය අනුදනු මැනවි. බුදුන් සමීපයෙහි සිංහනාදය කරන්නෙමි.

“පස‍්ස සුන්‍දරි සත්‍ථාරං, හෙමවණ‍්ණං හරිත‍්තචං; අදන‍්තානං දමෙතාරං, සම‍්බුද‍්ධමකුතොභයං.

සුන්දරී, රන්වන් සිරුරක් ඇති බුදුන් බලව, දමනය කළ නොහැකිවුන් දමනය කරන කිසිම බියක් නැති,

“පස‍්ස සුන්‍දරිමායන‍්තිං, විප‍්පමුත‍්තං නිරූපධිං; වීතරාගං විසංයුත‍්තං, කතකිච‍්චමනාසවං.

උපධි රහිත වූ සසරින් මිදුණු බුදුන් බලව. වීතරාගී වූ, බැඳුම්වලින් මිදුණු, කරනලද කිස ඇති, අසවුවලින් නිදහස් වූ බුදුන් වෙත,

“බාරාණසිතො නික‍්ඛම‍්ම, තව සන‍්තිකමාගතා; සාවිකා තෙ මහාවීර, පාදෙ වන්‍දති සුන්‍දරී.

බරණැසින් නික්ම පැමිණියෙමි. මහාවීරයන් වහන්ස, සුන්දරී ශ්‍රාවිකාව ඔබවහන්සේගේ දෙපා වඳියි.

“තුවං බුද‍්ධො තුවං සත්‍ථා, තුය‍්හං ධීතාම‍්හි බ්‍රාහ‍්මණ; ඔරසා මුඛතො ජාතා, කතකිච‍්චා අනාසවා.

ඔබවහන්සේ බුදුහුය. ශාස්තෲවරයාය, බ්‍රාහ්මණය, ඔබවහන්සේගේ දියණියක්මි. ඔබගෙන්ම උපන්නාවූ, නිමකළ කිස ඇති අසවුවලින් තොරවූ,

“තස‍්සා තෙ ස‍්වාගතං භද‍්දෙ, තතො තෙ අදුරාගතං; එවඤ‍්හි දන‍්තා ආයන‍්ති, සත්‍ථු පාදානි වන්‍දිකා; වීතරාගා විසංයුත‍්තා, කතකිච‍්චා අනාසවා”ති. –

නුදුරින් පැමිණියාවූ පිනැත්තිය ඒ ඔබට යහපත් පැමිණීමක් වේවා. බුදුන්ගේ පා වඳින්නා වූ දමුණු මනසැති රාගයෙන් හා බැඳුම්වලින් මිදුණාවූ, නිමකළ කිස ඇති ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ ඕ මෙසේ පැමිණෙයි.

ඉමා ගාථා පච‍්චුදාහාසි.

තත්‍ථ පෙතානීති මතානි. භොතීති තං ආලපති. පුත‍්තානීති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, පෙතෙ පුත‍්තෙති අත්‍ථො. එකො එව ච තස‍්සා පුත‍්තො මතො, බ්‍රාහ‍්මණො පන “චිරකාලං අයං සොකෙන අට‍්ටා හුත්‍වා විචරි, බහූ මඤ‍්ඤෙ ඉමිස‍්සා පුත‍්තා මතා”ති එවංසඤ‍්ඤී හුත්‍වා බහුවචනෙනාහ. තථා ච “සාජ‍්ජ සබ‍්බානි ඛාදිත්‍වා සතපුත‍්තානී”ති. ඛාදමානාති ලොකවොහාරවසෙන ඛුංසනවචනමෙතං. ලොකෙ හි යස‍්සා ඉත්‍ථියා ජාතජාතා පුත‍්තා මරන‍්ති, තං ගරහන‍්තා “පුත‍්තඛාදිනී”තිආදිං වදන‍්ති. අතීවාති අතිවිය භුසං. පරිතප‍්පසීති සන‍්තප‍්පසි, පුරෙති යොජනා. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – භොති වාසෙට‍්ඨි, පුබ‍්බෙ ත්‍වං මතපුත‍්තා හුත්‍වා සොචන‍්තී පරිදෙවන‍්තී අතිවිය සොකාය සමප‍්පිතා ගාමනිගමරාජධානියො ආහිණ‍්ඩසි.

එහි පෙතානි - මළ අය, හොති, ඇමතුමය, පුත්තානි - මෙය ලිංගවිපර්‍යාසයකින් කියන ලද්දකි. මළගිය පුතුන් යන තේරුමය. ඇයගේ එකම පුතා මළේය. බොහෝ කලෙක සිට බමුණා පුතු මළ සොවින් කලකිරීමෙන් හැසිරුණේය. ඇයගේ පුත්තු බොහෝ දෙනෙක් මළහ යනුවෙන් සිතා බහුවචනයෙන් පවසා ඇත. එසේම සාජ්ජ සබ්බානි ඛාදිත්‍වා සතපුත්තානි යනුද ඛාදමානා යනුද ලෝකව්‍යවහාර වශයෙන් කියා තිබෙන නින්දාසහගත වචනයකි. ලෙව්හි යම් තැනැත්තියකට උපදනා සියලු දරුවෝ මැරෙද්ද ඇයට ගැරහුම් වශයෙන් පුතුන් කන්නියකැයි ආදිය කියති. අතීව - බොහෝසයින්, පරිතප්පසි - තැවෙහිය, පෙරකල යනුවෙන් යොදාගත යුතුය. මේ මෙහි ලුහුඬු තේරුමය. පිනැති වාසෙට්ඨි, පෙරකල ඔබ මළපුතුන් ඇත්තියක වී ශෝක කරමින් වැළපෙමින් අතිශය දුකින් පෙළෙමින් ගම්නියම්ගම් රාජධානිවල ඇවිද්දෙහිය.

සාජ‍්ජාති සා අජ‍්ජ, සා ත්‍වං එතරහීති අත්‍ථො. “සජ‍්ජා”ති වා පාඨො. කෙන වණ‍්ණෙනාති කෙන කාරණෙන.

සාජ්ජ - ඕතොමෝ අද, ඒ ඔබ දැන් යනු අදහසය. සජ්ජාති යනුවෙන් ද, පාඨයකි, කෙන වණ්ණෙන - කවර කරුණකින්,

ඛාදිතානීති ථෙරීපි බ්‍රාහ‍්මණෙන වුත‍්තපරියායෙනෙව වදති. ඛාදිතානි වා බ්‍යග‍්ඝදීපිබිළාරාදිජාතියො සන්‍ධායෙවමාහ. අතීතංසෙති අතීතකොට‍්ඨාසෙ, අතික‍්කන‍්තභවෙසූති අත්‍ථො. මම තුය‍්හඤ‍්චාති මයා ච තයා ච. නිස‍්සරණං ඤත්‍වා ජාතියා මරණස‍්ස චාති ජාතිජරාමරණානං නිස‍්සරණභූතං නිබ‍්බානං මග‍්ගඤාණෙන පටිවිජ‍්ඣිත්‍වා. න චාපි පරිතප‍්පයින‍්ති න චාපි උපායාසාසිං, අහං උපායාසං න ආපජ‍්ජින‍්ති අත්‍ථො.

ඛාදිතානි - තෙරණියෝ ද බමුණා කියූ පරිදිම කියති. සාජ්ජා, කනලද්දීය යනුවෙන් හෝ ව්‍යාඝ්‍ර දිවි වලස් ආදීන් උදෙසා මෙසේ කියා ඇත. අතීතංසෙ - අතීත කාලයෙහි, පසුගිය භවයන්හි යන තේරුමය. මම තුය්හං ච - මා විසින් හා ඇය විසින් විමුක්තියක් නැතිබව දැන ජාතියා මරණස්ස ච - ජාතිජරා මරණයෙන් නිදහස් වූ නිවණ මාර්ග ඥානයෙන් අවබෝධකර, න චාපි පරිතප්පයිං - නොතැවුණෙමි. මම තැවීමකට පත් නොවූයෙමි යන අර්‍ථයි.

අබ‍්භුතං වතාති අච‍්ඡරියං වත. තඤ‍්හි අබ‍්භුතං පුබ‍්බෙ අභූතං අබ‍්භුතන‍්ති වුච‍්චති. එදිසින‍්ති එවරූපිං, “න සොචාමි න රොදාමි, න චාපි පරිතප‍්පයි”න‍්ති එවං සොචනාදීනං අභාවදීපනිං වාචං. කස‍්ස ත්‍වං ධම‍්මමඤ‍්ඤායාති කෙවලං යථා එදිසො ධම‍්මො ලද‍්ධුං න සක‍්කා, තස‍්මා කස‍්ස නාම සත්‍ථුනො ධම‍්මමඤ‍්ඤාය ගිරං භාසසි එදිසන‍්ති සත්‍ථාරං සාසනඤ‍්ච පුච‍්ඡති.

අබ්භූතං වත ඒකාන්තයෙන්ම පුදුමයකි. පෙර නොවූවිරූ දෙය අබ්භූත යයි කියනු ලැබේ. එදිසිං - මෙබඳු, ‘ශෝක නොකරමි, නොහඬමි, නොතැවෙමි’ යනාදී වශයෙන් ශෝකාදීන්ගේ නොපැවැත්ම අඟවන වචන කිහිපයකි. කස්ස ත්‍වං ධම්මමඤ්ඤය - හුදෙක් මෙවැනි ධර්‍මයක් ලැබීමට නොහැකි වූ ඔබ කවරනම් ශාස්තෲවරයෙකුගේ ධර්‍මයක් දැන මෙවැනි ස්ථිර වචනයක් කියහිද, මෙවැනි යනුවෙන් ශාස්තෲවරයා හා ශාසනය ගැන විචාරයි.

නිරූපධින‍්ති නිද‍්දුක‍්ඛං. විඤ‍්ඤාතසද‍්ධම‍්මාති පටිවිද‍්ධඅරියසච‍්චධම‍්මා. බ්‍යපානුදින‍්ති නීහරිං පජහිං.

නිරූපධිං - නිදුක්වූ, විඤ්ඤතසද්ධම්මා - අවබෝධ කරගනු ලැබූ ආර්‍ය්‍යසත්‍යධර්‍මය ඇති, ව්‍යපානුදිං - බැහැර කළෙමි, අත්හළෙමි.

විප‍්පමුත‍්තන‍්ති සබ‍්බසො විමුත‍්තං, සබ‍්බකිලෙසෙහි සබ‍්බභවෙහි ච විසංයුත‍්තං. ස‍්වස‍්සාති සො සම‍්මාසම‍්බුද‍්ධො අස‍්ස බ්‍රාහ‍්මණස‍්ස.

විප්පමුත්තං - හැම අයුරකින්ම මිදුණා වූ, සියලු කෙලෙස්වලින් සියලු භවයන්ගෙන් වෙන්වූ, සොසසා - ඒ බුදුන්වහන්සේ, මේ බ්‍රාහ්මණයාගේ,

තත්‍ථාති තස‍්සං චතුසච‍්චධම‍්මදෙසනායං.

ධම්මං - චතුරාර්‍යසත්‍ය ධර්‍මදේශනාව.

රථං නිය්‍යාදයාහිමන‍්ති ඉමං රථං බ්‍රාහ‍්මණියා නිය්‍යාදෙහි.

රථං නීයාදියාහි මං - මේ රථය බැමිණියට බාරදෙන්න.

සහස‍්සඤ‍්චාපීති මග‍්ගපරිබ‍්බයත්‍ථං නීතං කහාපණසහස‍්සඤ‍්චාපි ආදාය නිය්‍යාදෙහීති යොජනා.

සහස්සං චාපි - මගවියදම් සඳහා ගෙනෙනු ලැබුවා වූ කහවණු දහසද ගෙනගොස් බාරදෙන්න යනුවෙන් යොදාගත යුතුය.

අස‍්සරථන‍්ති අස‍්සයුත‍්තරථං. පුණ‍්ණපත‍්තන‍්ති තුට‍්ඨිදානං.

අස්සරථං - අසුන් යෙදූ රිය, පුණ්ණ පත්ත - ප්‍රීතිදානය,

එවං බ්‍රාහ‍්මණියා තුට‍්ඨිදානෙ දිය්‍යමානෙ තං අසම‍්පටිච‍්ඡන‍්තො සාරථි “තුය‍්හෙව හොතූ”ති ගාථං වත්‍වා සත්‍ථු සන‍්තිකමෙව ගන‍්ත්‍වා පබ‍්බජි. පබ‍්බජිතෙ පන සාරථිම‍්හි බ්‍රාහ‍්මණී අත‍්තනො ධීතරං සුන්‍දරිං ආමන‍්තෙත්‍වා ඝරාවාසෙ නියොජෙන‍්තී “හත්‍ථී ගවස‍්ස”න‍්ති ගාථමාහ. තත්‍ථ හත්‍ථීති හත්‍ථිනො. ගවස‍්සන‍්ති ගාවො ච අස‍්සා ච. මණිකුණ‍්ඩලඤ‍්චාති මණි ච කුණ‍්ඩලානි ච. ඵීතඤ‍්චිමං ගහවිභවං පහායාති ඉමං හත්‍ථිආදිප‍්පභෙදං යථාවුත‍්තං අවුත‍්තඤ‍්ච ඛෙත‍්තවත්‍ථුහිරඤ‍්ඤසුවණ‍්ණාදිභෙදං ඵීතං පහූතඤ‍්ච ගහවිභවං ගෙහූපකරණං අඤ‍්ඤඤ‍්ච දාසිදාසාදිකං සබ‍්බං පහාය තව පිතා පබ‍්බජිතො. භුඤ‍්ජ භොගානි සුන්‍දරීති සුන්‍දරි, ත්‍වං ඉමෙ භොගෙ භුඤ‍්ජස‍්සු. තුවං දායාදිකා කුලෙති තුවඤ‍්හි ඉමස‍්මිං කුලෙ දායජ‍්ජාරහාති.

මෙසේ බැමිණිය විසින් සතුටු දන් දෙනු ලබන කල්හි එය නොපිළිගන්නාවූ රියැදුරා ‘ඒ සියල්ලම ඔබටම වේවා’ යන ගාථාව කියා බුදුන් වෙත ගොස් මහණවිය. රියැදුරා පැවිදි වූ කල්හි බැමිණිය තම දියණිය සුන්දරිය අමතා ගිහිගෙයි යොදවන්නී හත්‍ථිගවස්සං යන ගාථාව කිවාය. එහි හත්‍ථි - ඇත්තු, ගවස්සං - ගවයෝ හා අශ්වයෝ, මණිකුණ්ඩලඤ්ච - මැණික් හා කොබොල්, ඵීතං චිමං ගහවිභවං පහාය - මෙකී ඇතුන් ආදිය හා කියූ නොකියූ කෙත්වත් රන්රිදී ආදී විවිධ දේවල්, ඵීතං - බොහෝය. ගහවිභවං - ගෙබඩු හා අනෙක් දැසිදස් ආදී සියල්ලම හැරදමා, ඔබේ පියා පැවිදි විය. භුඤ්ජ භොගානි සුන්දරී - සුන්දරී ඔබ මේ සැපසම්පත් වළඳන්න. තුවං දයාදිකා කුලෙ - ඔබ මේ පවුලෙහි දායාදයන්ට සුදුසුය යනුය.

තං සුත්‍වා සුන්‍දරී අත‍්තනො නෙක‍්ඛම‍්මජ‍්ඣාසයං පකාසෙන‍්තී “හත්‍ථීගවස‍්ස”න‍්තිආදිමාහ.

ඒ අසා සුන්දරී තමාගේ පැවිදිවීමේ අදහස ප්‍රකාශ කරන්නී, හත්‍ථිගවස්ස ආදිය කිවාය.

අථ නං මාතා නෙක‍්ඛම‍්මෙයෙව නියොජෙන‍්තී “සො තෙ ඉජ‍්ඣතූ”තිආදිනා දියඩ‍්ඪගාථමාහ. තත්‍ථ යං ත්‍වං පත්‍ථෙසි සුන්‍දරීති සුන්‍දරි ත්‍වං ඉදානි යං පත්‍ථෙසි ආකඞ‍්ඛසි. සො තව පබ‍්බජ‍්ජාය සඞ‍්කප‍්පො පබ‍්බජ‍්ජාය ඡන්‍දො ඉජ‍්ඣතු අනන‍්තරායෙන සිජ‍්ඣතු. උත‍්තිට‍්ඨපිණ‍්ඩොති ඝරෙ ඝරෙ පතිට‍්ඨිත්‍වා ලද‍්ධබ‍්බභික‍්ඛාපිණ‍්ඩො. උඤ‍්ඡොති තදත්‍ථං ඝරපටිපාටියා ආහිණ‍්ඩනං උද‍්දිස‍්ස ඨානඤ‍්ච. එතානීති උත‍්තිට‍්ඨපිණ‍්ඩාදීනි. අභිසම‍්භොන‍්තීති අනිබ‍්බින‍්නරූපා ජඞ‍්ඝබලං නිස‍්සාය අභිසම‍්භවන‍්තී, සාධෙන‍්තීති අත්‍ථො.

ඉක්බිති ඇයගේ මව ඇය නික්මයාමෙහිම යොදවන්නී, සො තෙ ඉජ්ඣතු ආදී ගාථා එකහමාර කීවාය. එහි යං ත්‍වං පත්‍ථෙසි සුන්දරී - සුන්දරී, ඔබ දැන් යමක් පත්‍ථෙසි - කැමැත්තෙහිද ඔබේ ඒ පැවිදිවීමට ඇති කැමැත්ත ඉජ්ඣෙතු - බාධාවකින් තොරව ඉටුවේවා. උත්තිට්ඨ පිණ්ඩො - ගෙයක් පාසා නැවතී සිටිමින් ලද භික්‍ෂාව, උඤ්ඡො - ඒ සඳහා ගෙපිළිවෙළින් ඇවිදීම උදෙසා සිටගෙන සිටීම (?) අභිසම්භොන්ති - කලකිරීමක් නැතිව දෙපා බලයෙන් ලබාගනිති යන අර්‍ථයි.

අථ සුන්‍දරී “සාධු, අම‍්මා”ති මාතුයා පටිස‍්සුණිත්‍වා නික‍්ඛමිත්‍වා භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා සික‍්ඛමානායෙව සමානා තිස‍්සො විජ‍්ජා සච‍්ඡිකත්‍වා “සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමී”ති උපජ‍්ඣායං ආරොචෙත්‍වා භික‍්ඛුනීහි සද‍්ධිං සාවත්‍ථිං අගමාසි. තෙන වුත‍්තං “සික‍්ඛමානාය මෙ, අය්‍යෙ”තිආදි. තත්‍ථ සික‍්ඛමානාය මෙති සික‍්ඛමානාය සමානාය මයා. අය්‍යෙති අත‍්තනො උපජ‍්ඣායං ආලපති.

ඉක්බිති සුන්දරී මවට යහපතැයි කියා ගෙදරින් නික්ම භික්‍ෂුණීන්ගේ ආශ්‍රමයකට ගොස් ශික්‍ෂා පුහුණු කරන්නීම ත්‍රිවිද්‍යාව ලබා බුදුන් සමීපයට යන්නෙමැයි උපාධ්‍යාය තෙරණියන්ට දැනුම් දී භික්‍ෂුණීන් සමග සැවතට ගියාය. එහෙයින් සික්‍ඛමානාය මෙ අය්‍යෙ යි කියන ලදී. එහි සික්‍ඛමානය මෙ - හික්මෙනු ලබන්නා වූ මා විසින් අය්‍යෙ - තමාගේ උපාධ්‍යායවරියට අමතයි.

තුවං නිස‍්සාය කල්‍යාණි, ථෙරි සඞ‍්ඝස‍්ස සොභනෙති භික‍්ඛුනිසඞ‍්ඝෙ වුද‍්ධතරභාවෙන ථිරගුණයොගෙන ච සඞ‍්ඝත්‍ථෙරි සොභනෙහි සීලාදීහි සමන‍්නාගතත‍්තා සොභනෙ කල්‍යාණි කල්‍යාණමිත‍්තෙ, අය්‍යෙ, තං නිස‍්සාය මයා තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනන‍්ති යොජනා.

තුවං නිස්සාය කල්‍යාණි ථෙරී සංඝස්ස සොභනෙ - භික්‍ෂුණීන් අතරෙන් සියල්ලටම වඩා වැඩිමහලු හෙයින්ද ස්ථිර ගුණයෙන් සමන්විත වූ හෙයින්ද සංඝස්ථවිරී තොමෝ සීලාදියෙන් පිරිපුන් වූ නිසා සොභනෙ කල්‍යාණි - කල්‍යාණ මිත්‍ර වූ ආර්‍යාවෙනි, ඔබ නිසා මම ත්‍රිවිද්‍යාව ලබාගතිමි. ‘බුදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි’ යනුවෙන් සම්බන්ධ කරගත යුතුය.

ඉච‍්ඡෙති ඉච‍්ඡාමි. සාවත්‍ථි ගන‍්තවෙති සාවත්‍ථිං ගන‍්තුං. සීහනාදං නදිස‍්සාමීති අඤ‍්ඤාබ්‍යාකරණමෙව සන්‍ධායාහ.

ඉච්ඡෙ - කැමැත්තෙමි. සාවත්‍ථිං ගන්තවෙ - සැවතට යාමට, සීහනාදං නදිස්සාමි - අනෙකක් ප්‍රකාශ කිරීම සඳහාය.

අථ සුන්‍දරී අනුක‍්කමෙන සාවත්‍ථිං ගන‍්ත්‍වා විහාරං පවිසිත්‍වා සත්‍ථාරං ධම‍්මාසනෙ නිසින‍්නං දිස‍්වා උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදයමානා අත‍්තානමෙව ආලපන‍්තී ආහ “පස‍්ස සුන්‍දරී”ති. හෙමවණ‍්ණන‍්ති සුවණ‍්ණවණ‍්ණං. හරිත‍්තචන‍්ති කඤ‍්චනසන‍්නිභත‍්තචං. එත්‍ථ ච භගවා පීතවණ‍්ණෙන “සුවණ‍්ණවණ‍්ණො”ති වුච‍්චති. අථ ඛො සම‍්මදෙව ඝංසිත්‍වා ජාතිහිඞ‍්ගුලකෙන අනුලිම‍්පිත්‍වා සුපරිමජ‍්ජිතකඤ‍්චනාදාසසන‍්නිභොති දස‍්සෙතුං “හෙමවණ‍්ණ”න‍්ති වත්‍වා “හරිත‍්තච”න‍්ති වුත‍්තං.

අනතුරුව සුන්දරී ක්‍රමයෙන් පැවතට ගොස් විහාරයට ගොස් දහම් අසුනෙහි වැඩහුන් බුදුන් දැක මහත් ප්‍රීතිසොම්නස උපදවා තමාම අමතමින් ‘පස්ස සුන්දරී’ යනුවෙන් කීවාය. හෙමවණ්ණං - රන්වන් වූ, හරිත්තචං රත්තරන් වැනි ඡවි වර්‍ණයෙන් යුත්, මෙහි බුදුන් පීතවර්‍ණ සුවර්‍ණවර්‍ණ වන බව මෙයින් කියවේ. එයට පසු, මැනවින් මැද දැහිඟුලෙන් අලෙව්කොට, මනාකොට පිරිමදිනු ලැබුවාවූ රන්මුවා කැටපතක ශෝභාවෙන් යුක්ත වූ බව දැක්වීමට ‘රන්වන්’ යයි කියා ‘රන්සිවියක්’ යයි කියන ලදී.

පස‍්ස සුන්‍දරිමායන‍්තින‍්ති තං සුන්‍දරිනාමිකං මං භගවා ආගච‍්ඡන‍්ති පස‍්ස. “විප‍්පමුත‍්ත”න‍්තිආදිනා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තී පීතිවිප‍්ඵාරවසෙන වදති.

පස්ස සුන්දරීමායන්තිං - ඒ සුන්දරී නම්වූ මා එන අයුරු බලන්න. කෙලෙස්වලින් මිදුණු ආදී වශයෙන් අනෙකක් ප්‍රකාශකරන්නී සොම්නස පිටකිරීම් වශයෙන් එසේ කියයි.

කුතො පන ආගතා, කත්‍ථ ච ආගතා, කීදිසා චායං සුන්‍දරීති ආසඞ‍්කන‍්තානං ආසඞ‍්කං නිවත‍්තෙතුං “බාරාණසිතො”ති ගාථං වත්‍වා තත්‍ථ “සාවිකා චා”ති වුත‍්තමත්‍ථං පාකටතරං කාතුං “තුවං බුද‍්ධො”ති ගාථමාහ. තස‍්සත්‍ථො – ඉමස‍්මිං සදෙවකෙ ලොකෙ තුවමෙවෙකො සබ‍්බඤ‍්ඤුබුද‍්ධො, දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං අනුසාසනතො තුවං මෙ සත්‍ථා, අහඤ‍්ච ඛීණාසවබ්‍රාහ‍්මණී භගවා තුය‍්හං උරෙ වායාම ජනිතාභිජාතිතාය ඔරසා, මුඛතො පවත‍්තධම‍්මඝොසෙන සාසනස‍්ස ච මුඛභූතෙන අරියමග‍්ගෙන ජාතත‍්තා මුඛතො ජාතා, නිට‍්ඨිතපරිඤ‍්ඤාතාදිකරණීයතාය කතකිච‍්චා, සබ‍්බසො ආසවානං ඛෙපිතත‍්තා අනාසවාති.

ඈ කොහි සිට ආවාද, කවර තැනකට ආවාද, ඒ සුන්දරී කවරාකාරද සැකකරන්නවුන්ගේ සැකය වැළැක්වීමට ‘බරණැස සිට’ යන ගාථාව කියා එහි ‘ශ්‍රාවකාව හෝ’ යනුවෙන් කියනලද අදහස ප්‍රකට කිරීමට තුවං බුද්ධො යන ගාථාව කියන ලදී. එහි අදහස මෙසේය. දෙවියන් සහිතවූ ලෝකයෙහි ඔබ එකම සර්‍වඥ වූ බුදුවරයාය. මෙලොව හා පරලොව යන දෙකටම අදාළ වූ පරමාර්‍ථයට අනුව සුදුසු පරිදි අනුශාසනා කරන හෙයින් ඔබ මගේ ශාස්තෲහුය, කෙලෙසුන් සුන්කළ බැමිණියක වූ මම ද භාග්‍යවතුන් වහන්ස, ඔබගේ උරයෙන් උපනෙක්මි. ඔරසා, මුඛයෙන් පවත්වන්නාවූ ධර්‍මඝෝෂාවෙන් හා ප්‍රධාන වූ ආර්‍මාර්ගයෙන් උපන් හෙයින් මුඛතො ජාතා - නිමකිරීම, දැනගැනීම ආදිය කළයුතු හෙයින් කතකිච්චා - සියලු ආශ්‍රවයන් ඇතිකළ හෙයින් අනාසවො,

අථස‍්සා සත්‍ථා ආගමනං අභිනන්‍දන‍්තො “තස‍්සා තෙ ස‍්වාගත”න‍්ති ගාථමාහ. තස‍්සත්‍ථො – යා ත්‍වං මයා අධිගතං ධම‍්මං යාථාවතො අධිගච‍්ඡි. තස‍්සා තෙ, භද‍්දෙ සුන්‍දරි, ඉධ මම සන‍්තිකෙ ආගතං ආගමනං සුආගතං. තතො එව තං අදුරාගතං න දුරාගතං හොති. කස‍්මා? යස‍්මා එවඤ‍්හි දන‍්තා ආයන‍්තීති, යථා ත්‍වං සුන්‍දරි, එවඤ‍්හි උත‍්තමෙන අරියමග‍්ගදමථෙන දන‍්තා තතො එව සබ‍්බධි වීතරාගා, සබ‍්බෙසං සංයොජනානං සමුච‍්ඡින‍්නත‍්තා විසංයුත‍්තා කතකිච‍්චා අනාසවා සත්‍ථු පාදානං වන්‍දිකා ආගච‍්ඡන‍්ති, තස‍්මා තස‍්සා තෙ ස‍්වාගතං අදුරාගතන‍්ති යොජනා.

ඉක්බිති බුදුහු ඇයගේ පැමිණීම පිළිගනිමින් තස්සා තෙ ස්වාගතං යන ගාථාව වදාළහ. එහි අදහස මෙසේය. මා විසින් අවබෝධ කරගන්නාලද ධර්‍මය ඔබ ඒ වූ පරිද්දෙන්ම අවබෝධ කරගෙන ඇත. ඒ යහපත් සුන්දරිය, ඔබ මා වෙත පැමිණියෙහිය, ඒ පැමිණීම යහපත් වූවකි. එහෙයින්ම එය නුදුරින් පැමිණි ගමනකි. කවරහෙයින්දයත්? එවං හි දන්තා ආයත්නි - යනුවෙන් කීහ. යම්හෙයකින් සුන්දරිය, ඔබ උතුම් ආර්‍යමාර්ග දමනයෙන් දන්තා - එහෙයින්ම වීතරාගා - සියලු සංයෝජනයන් සිඳබිඳ දැමූ හෙයින් විසංයුත්තා - කර නිමකළ කිස ඇති ආශ්‍රවයන්ගෙන් මිදුණු, බුදුන්ගේ දෙපා වඳින්නී එයි. එහෙයින් ‘ඒ නුදුරෙහි සිට ඔබ මෙහි පැමිණීම යහපත් වූවකි’ යනුවෙන් එයට සම්බන්ධ කරගත යුතුය.

සුන්‍දරීථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුන්දරී තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.