යෙදුමෙන් කියවන්න

චාපාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

චාපාථෙරීගාථාවණ‍්ණනා

චාපා ථේරීගාථා වර්ණනාව

ලට‍්ඨිහත්‍ථො පුරෙ ආසීතිආදිකා චාපාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී, අනුක‍්කමෙන උපචිතකුසලමූලා සම‍්භතවිමොක‍්ඛසම‍්භාරා හුත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වඞ‍්ගහාරජනපදෙ අඤ‍්ඤතරස‍්මිං මිගලුද‍්දකගාමෙ ජෙට‍්ඨකමිගලුද‍්දකස‍්ස ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති, චාපාතිස‍්සා නාමං අහොසි. තෙන ච සමයෙන උපකො ආජීවකො බොධිමණ‍්ඩතො ධම‍්මචක‍්කං පවත‍්තෙතුං බාරාණසිං උද‍්දිස‍්ස ගච‍්ඡන‍්තෙන සත්‍ථාරා සමාගතො “විප‍්පසන‍්නානි ඛො තෙ, ආවුසො, ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො ඡවිවණ‍්ණො පරියොදාතො, කංසි ත්‍වං, ආවුසො, උද‍්දිස‍්ස පබ‍්බජිතො, කො වා තෙ සත්‍ථා, කස‍්ස වා ත්‍වං ධම‍්මං රොචෙසී”ති (මහාව· 11; ම· නි· 1.285) පුච‍්ඡිත්‍වා –

ලට්ඨිභත්‍ථො පුරෙ ආසිං යනාදී ගාථා චාපා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් ක්‍රමයෙන් රැස්කරනලද කුසල්මුල් ද ලබාගත් නිර්‍වාණගාමී පුණ්‍යසම්භාරයෙන් අනූනව මේ බුදුපතෙහි වංගහාර ජනපදයෙහි එක්තරා මුව වැදිගමක දෙටු මුවවැද්දාගේ දියණියක වී උපන්නාය. චාපා යනු ඇයගේ නම විය. එසමයෙහි ධර්‍මචක්‍රය පැවැත්වීමට බෝධිය වෙතින් නික්ම බරණැසට යන බුදුන්වහන්සේ මුණගැසුණු උපක ආජීවකයා ‘ඇවැත්නි, ඔබගේ ඉඳුරන් සුපසන්ය, සිරුරෙහි පැහැය පිරිසුදුය, නිකැළැල්ය, ඔබ කවරෙකු උදෙසා පැවිදිවීද, ඔබගේ ගුරුවරයා කවුද? ඔබ කවරෙකුගේ දහමක් කැමතිවෙහි’ද යනුවෙන් ඇසූවිට බුදුහු මෙසේ පිළිතුරු දුන්හ.

“සබ‍්බාභිභූ සබ‍්බවිදූහමස‍්මි, සබ‍්බෙසු ධම‍්මෙසු අනූපලිත‍්තො; සබ‍්බඤ‍්ජහො තණ‍්හාක‍්ඛයෙ විමුත‍්තො, සයං අභිඤ‍්ඤාය කමුද‍්දිසෙය්‍යං. (ධ· ප· 353; මහාව· 11; කථා· 405; ම· නි· 1.285);

‘සියලු කෙලෙස් මැඩපැවැත්වූ මම සියල්ල දන්නෙක් වෙමි. කිසිම දෙයක් කෙරෙහි නොඇලෙමින්, සියල්ල අත්හැර, තෘෂ්ණාවෙන් මිදී, තමා විසින්ම අවබෝධකරගත් ධර්‍මය ඇති මම කවරෙකු නිර්දේශ කරම්ද?

“න මෙ ආචරියො අත්‍ථි, සදිසො මෙ න විජ‍්ජති; සදෙවකස‍්මිං ලොකස‍්මිං, නත්‍ථි මෙ පටිපුග‍්ගලො.

මට ගුරුවරයෙක් නැත, මට සමාන කෙනෙක්ද නැත, දෙවියන් සහිත ලෝකයෙහි මට සමවන කිසිම පුද්ගලෙයක් නැත.

“අහඤ‍්හි අරහා ලොකෙ, අහං සත්‍ථා අනුත‍්තරො; එකොම‍්හි සම‍්මාසම‍්බුද‍්ධො, සීතිභූතොම‍්හි නිබ‍්බුතො.

මම ලෙව්හි රහත් කෙනෙක්මි, උතුම් ගුරුවරයෙක්මි, සම්මා සම්බුදුවරයෙක් වෙමි. නිවන් සිසිලස ලැබුවෙක් වෙමි.

“ධම‍්මචක‍්කං පවත‍්තෙතුං, ගච‍්ඡාමි කාසිනං පුරං; අන්‍ධීභූතස‍්මිං ලොකස‍්මිං, ආහඤ‍්ඡං අමතදුන්‍දුභි”න‍්ති. (මහාව· 11; කථා· 405; ම· නි· 1.285) –

ධර්‍මචක්‍රය පැවැත්වීම පිණිස කාසිපුරයට යමි. අන්‍ධ වූ මේ ලෝකයෙහි දහම්බෙරය ගසමි.’

සත්‍ථාරා අත‍්තනො සබ‍්බඤ‍්ඤුබුද‍්ධභාවෙ ධම‍්මචක‍්කපවත‍්තනෙ ච පවෙදිතෙ පසන‍්නචිත‍්තො සො “හුපෙය්‍යපාවුසො, අරහසි අනන‍්තජිනො”ති (මහාව· 11; ම· නි· 1.285) වත්‍වා උම‍්මග‍්ගං ගහෙත්‍වා පක‍්කන‍්තො වඞ‍්ගහාරජනපදං අගමාසි. සො තත්‍ථ එකං මිගලුද‍්දකගාමකං උපනිස‍්සාය වාසං කප‍්පෙසි. තං තත්‍ථ ජෙට‍්ඨකමිගලුද‍්දකො උපට‍්ඨාසි. සො එකදිවසං දූරං මිගවං ගච‍්ඡන‍්තො “මය‍්හං අරහන‍්තෙ මා පමජ‍්ජී”ති අත‍්තනො ධීතරං චාපං ආණාපෙත්‍වා අගමාසි සද‍්ධිං පුත‍්තභාතුකෙහි. සා චස‍්ස ධීතා අභිරූපා හොති දස‍්සනීයා.

තමා සවුනේ දත් බවද දම්සක් පැවැත්වීමද බුදුහු දැන්වූ කල්හි පැහැදුණාවූ හෙතෙම ‘ඇවැත්නි, රහතෙක් වේවා, අනන්ත ජිනවේවා’යි කියා අනෙක් මාර්‍ගයකට පිවිසියේ වංගහාර ජනපදයට ගියේය. හෙතෙම එහි එක්තරා මුවවැදි ගමක් ඇසුරුකොට වාසය කළේය. එහිදී දෙටුමුවවැද්දා ද ඔහුට සත්කාර කළේය. හෙතෙම දිනක් මුවදඩයම් සඳහා ඈත පෙදෙසෙකට යන්නේ ‘මගේ රහතන් වහන්සේ කෙරෙහි ප්‍රමාද නොවව’ යනුවෙන් දියණියට අණකර පුතුන් හා සොහොයුරන් සමග පිටත්ව ගියේය. ඔහුගේ දියණිය ශෝභාසම්පන්න දර්ශනීය තැනැත්තියක් වූවාය.

අථ ඛො උපකො ආජීවකො භික‍්ඛාචාරවෙලායං මිගලුද‍්දකස‍්ස ඝරං ගතො පරිවිසිතුං උපගතං චාපං දිස‍්වා රාගෙන අභිභූතො භුඤ‍්ජිතුම‍්පි අසක‍්කොන‍්තො භාජනෙන භත‍්තං ආදාය වසනට‍්ඨානං ගන‍්ත්‍වා භත‍්තං එකමන‍්තෙ නික‍්ඛිපිත්‍වා “සචෙ චාපං ලභිස‍්සාමි, ජීවාමි, නො චෙ, මරිස‍්සාමී”ති නිරාහාරො නිපජ‍්ජි. සත‍්තමෙ දිවසෙ මිගලුද‍්දකො ආගන‍්ත්‍වා ධීතරං පුච‍්ඡි – “කිං මය‍්හං අරහන‍්තෙ න පමජ‍්ජී”ති? සා “එකදිවසමෙව ආගන‍්ත්‍වා පුන නාගතපුබ‍්බො”ති ආහ. මිගලුද‍්දකො ච තාවදෙවස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා “කිං, භන‍්තෙ, අඵාසුක”න‍්ති පාදෙ පරිමජ‍්ජන‍්තො පුච‍්ඡි. උපකො නිත්‍ථුනන‍්තො පරිවත‍්තතියෙව. සො “වදථ, භන‍්තෙ, යං මයා සක‍්කා කාතුං, සබ‍්බං තං කරිස‍්සාමී”ති ආහ. උපකො එකෙන පරියායෙන අත‍්තනො අජ‍්ඣාසයං ආරොචෙසි. “ඉතරො ජානාසි පන, භන‍්තෙ, කිඤ‍්චි සිප‍්ප”න‍්ති. “න ජානාමී”ති. “න, භන‍්තෙ, කිඤ‍්චි සිප‍්පං අජානන‍්තෙන සක‍්කා ඝරං ආවසිතු”න‍්ති. සො ආහ – “නාහං කිඤ‍්චි සිප‍්පං ජානාමි, අපිච තුම‍්හාකං මංසහාරකො භවිස‍්සාමි, මංසඤ‍්ච වික‍්කිණිස‍්සාමී”ති. මාගවිකො “අම‍්හාකම‍්පි එතදෙව රුච‍්චතී”ති උත‍්තරසාටකං දත්‍වා අත‍්තනො සහායකස‍්ස ගෙහෙ කතිපාහං වසාපෙත්‍වා තාදිසෙ දිවසෙ ඝරං ආනෙත්‍වා ධීතරං අදාසි.

ඉක්බිති උපක ආජීවකයා පිඬුසිඟා යන වේලාවෙහි මුව වැද්දාගේ ගෙදරට ගියේ ඔහු වැළඳවීමට සමීපයට පැමිණි චාපා දැක රාගයෙන් මැඩුණෙ වැළඳීමට පවා නොහැකි වූයේ බඳුනෙන් බත් ගෙන වසන තැනට ගොස් බත් පැත්තක තබා ‘ඉදින් චාපා ලබන්නෙම් නම් ජීවත් වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි’යි අදිටන්කොට අහර නොගෙනම, නිදාගත්තේය. සත්වන දින පෙරළා පැමිණි මුවවැද්දා දියණිය අමතා තම රහතන් කෙරෙහි සැලකිලිමත් වීදැයි ඇසුවේය. ඔහු එක දවසක් පමණක් පැමිණ ඉන්පසු නොපැමිණි බව කීවාය. මුවවැද්දා ද එකෙණෙහිම ඔහු වසන තැනට ගොස් ඔහුගේ පා පිරිමදිමින් ඔහුට කිසියම් අපහසුවක්දැයි විමසුවේය. උපකතෙමේ කෙඳිරිගාමින් ඒ අතට මේ අතට පෙරළෙන්නේමය. තමාට කළහැකි දෙයක් වේ නම් ඒ සියල්ලක්ම නොපිරිහෙළා කරන බව පවසා අපහසුව කුමක්දැයි දන්වන ලෙස අයැද සිටියේය. උපක තෙමේ එක් උපායයකින් තම අදහස දැන්වීය. වැද්ද, ඔහු යම්කිසි ශිල්පයක් දන්නේදැයි උපකගෙන් ඇසීය. එවැනි කිසිවක් තමා නොදන්නා බව හේ කීය. කිසි ශිල්පයක් නොදැන ගිහිගෙයි විසීමට නොහැකි බව වැද්දා කීය. එසේ නම් ඔහු වැද්දාගේ මස් ගෙනෙන්නෙකු ද මස් විකුණන්නෙකු ද වියහැකිබව උපක කීවේය. වැද්දා ද කැමැත්තේ එවැනි දෙයක්ම යයි කියා උතුරුසළුව ඔහුට දී කිහිප දිනක් තමාගේ යහලුවෙකුගේ ගෙදරක නවත්වා සුදුසු දිනයක ගෙදරට කැඳවාගෙන අවුත් දියණිය පාවාදුන්නේය.

අථ කාලෙ ගච‍්ඡන‍්තෙ තෙසං සංවාසමන්‍වාය පුත‍්තො නිබ‍්බත‍්ති, සුභද‍්දොතිස‍්ස නාමං අකංසු. චාපා තස‍්ස රොදනකාලෙ “උපකස‍්ස පුත‍්ත, ආජීවකස‍්ස පුත‍්ත, මංසහාරකස‍්ස පුත‍්ත, මා රොදි මා රොදී”තිආදිනා පුත‍්තතොසනගීතෙන උපකං උප‍්පණ‍්ඩෙසි. සො “මා ත්‍වං චාපෙ මං ‘අනාථො’ති මඤ‍්ඤි, අත්‍ථි මෙ සහායො අනන‍්තජිනො නාම, තස‍්සාහං සන‍්තිකං ගමිස‍්සාමී”ති ආහ. චාපා “එවමයං අට‍්ටීයතී”ති ඤත්‍වා පුනප‍්පුනං තථා කථෙසියෙව. සො එකදිවසං තාය තථා වුත‍්තො කුජ‍්ඣිත්‍වා ගන‍්තුමාරද‍්ධො. තාය තං තං වත්‍වා අනුනීයමානොපි සඤ‍්ඤත‍්තිං අනාගච‍්ඡන‍්තො පච‍්ඡිමදිසාභිමුඛො පක‍්කාමි.

ඉක්බිති කල්යත්ම ඔවුන්ගේ සංවාසයෙන් පුතෙක් උපන්නේය. ඔවුහු ඔහුට සුභද්ද යන නම තැබූහ. ඔහු අඬන කල්හි චාපා ‘උපකගේ පුත, ආජීවකයාගේ පුත, මස් අදින්නාගේ පුත, නොහඬන්න, නොහඬන්න?’ ආදී නැලවිලි ගීයකින් උපක හෙළාදකියි. හෙතෙම ‘චාපා, තී මා අනාථයෙකැයි නොසිතන්න, මට අනන්තජින නම් යහලුවෙක් ඇත, මම ඔහු වෙත යන්නෙමි’යි කීවේය. ඕතොමෝ ද එයින් ඔහු කලකිරෙන්නේ යයි සිතා එයම නැවත කියන්නීමය. හෙතෙම එක දවසක ඇය එසේ කී කල්හි කිපී නික්ම යන්ට සුදානම් විය. එවිට ඇය ඒ මේ දෙය කියමින් ඔහු සැනසීමට තැත්කළ නමුදු ඒ සැනසීම නොසලකමින් බටහිර දෙස බලා නික්මුණේය.

භගවා ච තෙන සමයෙන සාවත්‍ථියං ජෙතවනෙ විහරන‍්තො භික‍්ඛූනං ආචික‍්ඛි – “යො, භික‍්ඛවෙ, අජ‍්ජ ‘කුහිං අනන‍්තජිනො’ති ඉධාගන‍්ත්‍වා පුච‍්ඡති, තං මම සන‍්තිකං පෙසෙථා”ති. උපකොපි “කුහිං අනන‍්තජිනො වසතී”ති තත්‍ථ තත්‍ථ පුච‍්ඡන‍්තො අනුපුබ‍්බෙන සාවත්‍ථිං ගන‍්ත්‍වා විහාරං පවිසිත්‍වා විහාරමජ‍්ඣෙ ඨත්‍වා “කුහිං අනන‍්තජිනො”ති පුච‍්ඡි. තං භික‍්ඛූ භගවතො සන‍්තිකං නයිංසු. සො භගවන‍්තං දිස‍්වා “ජානාථ මං භගවා”ති ආහ. “ආම, ජානාමි, කුහිං පන ත්‍වං එත‍්තකං කාලං වසී”ති? “වඞ‍්ගහාරජනපදෙ, භන‍්තෙ”ති. “උපක, ඉදානි මහල‍්ලකො ජාතො පබ‍්බජිතුං සක‍්ඛිස‍්සසී”ති? “පබ‍්බජිස‍්සාමි, භන‍්තෙ”ති. සත්‍ථා අඤ‍්ඤතරං භික‍්ඛුං ආණාපෙසි – “එහි ත්‍වං, භික‍්ඛු, ඉමං පබ‍්බාජෙහී”ති. සො තං පබ‍්බාජෙසි. සො පබ‍්බජිතො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තො න චිරස‍්සෙව අනාගාමිඵලෙ පතිට‍්ඨාය කාලං කත්‍වා අවිහෙසු නිබ‍්බත‍්තො, නිබ‍්බත‍්තක‍්ඛණෙයෙව අරහත‍්තං පාපුණි. අවිහෙසු නිබ‍්බත‍්තමත‍්තා සත‍්ත ජනා අරහත‍්තං පත‍්තා, තෙසං අයං අඤ‍්ඤතරො. වුත‍්තඤ‍්හෙතං –

එකල බුදුහු සැවැත් නුවර දෙවුරම් වෙහෙර වෙසෙන සේක් භික්‍ෂූන් අමතා ‘මහණෙනි, අද යම්කිසිවෙකු අනන්තජීන කොහිදැයි විමසමින් මෙහි පැමිණියහොත් ඔහු මා වෙතට එවනු’ යනුවෙන් දැනුම් දුන්හ. උපක තෙමේද අනන්තජින කොහිදැයි ඒ ඒ තැන්වලින් විමසන්නේ ක්‍රමයෙන් සැවතට අවුත් විහාරයට පිවිස අනන්තජින කොහිදැයි ඇසීය. භික්‍ෂූහු ඔහු බුදුන් වෙත යැවූහ. හෙතෙම බුදුන් දැක තමා හඳුනන්නේදැයි බුදුන්ගෙන් ඇසීය. ‘ඔව්, හඳුනමි, ඔබ මෙතෙක් කල් කොහි විසුවෙහිද?’ ‘වහන්ස, අංගහාර ජනපදයෙහිය’ ‘උපක, දැන් ඔබ මහලුය, පැවිදිවීමට කැමැත්තෙහිද?’ ‘පැවිදිවන්නෙමි වහන්ස.’ ඉක්බිති බුදුහු එක්තරා භික්‍ෂුවක් කැඳවා ඔහු පැවිදිකරවන ලෙස නියම කළහ. හෙතෙම ඔහු පැවිදිකළේය. පැවිදි වූ හෙතෙම බුදුන්ගෙන් කමටහන් ගෙන භාවනාවෙහි යෙදෙන්නේ නොබෝ කලෙකින්ම අනාගාමී ඵලයෙහි පිහිටා කලුරියකොට අවිහ බඹලොව උපන්නේය. ඔහු එහි උපන් කෙණෙහිම රහත් බවට පැමිණියේය. අවිහ බ්‍රහ්මයන් අතර උපන් කෙණෙහිම සත්දෙනෙක් රහත්වූහ. ඔවුන් අතර මෙතෙම එක්තරා කෙනෙකි. එහිලා මෙසේ කියන ලදී:

“අවිහං උපපන‍්නාසෙ, විමුත‍්තා සත‍්ත භික‍්ඛවො; රාගදොසපරික‍්ඛීණා, තිණ‍්ණා ලොකෙ විසත‍්තිකං.

[missing trans]

“උපකොපලගණ‍්ඩො ච, පක‍්කුසාති ච තෙ තයො; භද‍්දියො ඛණ‍්ඩදෙවො ච, බාහුරග‍්ගි ච සිඞ‍්ගියො; තෙ හිත්‍වා මානුසං දෙහං, දිබ‍්බයොගං උපච‍්චගු”න‍්ති. (සං· නි· 1.105);

[missing trans]

උපකෙ පන පක‍්කන‍්තෙ නිබ‍්බින්‍දහදයා චාපා දාරකං අය්‍යකස‍්ස නිය්‍යාදෙත්‍වා පුබ‍්බෙ උපකෙන ගතමග‍්ගං ගච‍්ඡන‍්තී සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී මග‍්ගපටිපාටියා අරහත‍්තෙ පතිට‍්ඨිතා, අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පුබ‍්බෙ උපකෙන අත‍්තනා ච කථිතගාථායො උදානවසෙන එකජ‍්ඣං කත්‍වා –

[missing trans]

“ලට‍්ඨිහත්‍ථො පුරෙ ආසි, සො දානි මිගලුද‍්දකො; ආසාය පලිපා ඝොරා, නාසක‍්ඛි පාරමෙතවෙ.

පෙර සැරයටි ගත් අත් ඇත්තෙක් විය. හෙතෙම දැන් මුවවැද්දෙකි. තෘෂ්ණාවෙන් හා දරුණු මඩෙන් වැසී සිටි නිසා පරතෙරට යාමට නොහැකිවිය.

“සුමත‍්තං මං මඤ‍්ඤමානා, චාපි පුත‍්තමතොසයි; චාපාය බන්‍ධනං ඡෙත්‍වා, පබ‍්බජිස‍්සං පුනොපහං.

මා මැනැවින් මිදුණෙකැයි සිතමින් චාපා පුතා නැලෙව්වාය. පසුව මම චාපාගේ බන්‍ධනය සිඳ දමා පැවිදිවීමි.

“මා මෙ කුජ‍්ඣි මහාවීර, මා මෙ කුජ‍්ඣි මහාමුනි; න හි කොධපරෙතස‍්ස, සුද‍්ධි අත්‍ථි කුතො තපො.

මහාවීරය, මා කෙරෙහි නොකිපෙන්න, මහාවීරය, මා කෙරෙහි නොකිපෙන්න. ක්‍රෝධ පරවශවූ තැනැත්තාට කොහොමවත් ශුද්ධියක් නැත. එසේ නම් තපස ගැන කියනු කිම?

“පක‍්කමිස‍්සඤ‍්ච නාළාතො, කොධ නාළාය වච‍්ඡති; බන්‍ධන‍්තී ඉත්‍ථිරූපෙන, සමණෙ ධම‍්මජීවිනො.

නාලාවෙන් නික්ම ගියෙමි, කවරෙක් නාලාවෙහි වෙසෙද්ද? (ස්ත්‍රීහු) ස්ත්‍රී රූපයෙන් දැහැමි දිවියක් ගතකරන මහණුන් බැඳගනිති.

“එහි කාළ නිවත‍්තස‍්සු, භුඤ‍්ජ කාමෙ යථා පුරෙ; අහඤ‍්ච තෙ වසීකතා, යෙ ච මෙ සන‍්ති ඤාතකා.

කාල, එන්න, නවතින්න, පෙර මෙන් කාමයන් අනුභව කරන්න. මමද මගේ නෑයෝද ඔබ විසින් වසඟකරනු ලැබ සිටිති.

“එත‍්තො චාපෙ චතුබ‍්භාගං, යථා භාසසි ත්‍වඤ‍්ච මෙ; තයි රත‍්තස‍්ස පොසස‍්ස, උළාරං වත තං සියා.

චාපා, ඔබ කියන දෙයින් සතරෙන් කොටසක් ඔබ කෙරෙහි ඇලුණු පුද්ගලයාට බොහෝ උසස් දෙයකි.

“කාළඞ‍්ගිනිංව තක‍්කාරිං, පුප‍්ඵිතං ගිරිමුද‍්ධනි; ඵුල‍්ලං දාලිමලට‍්ඨිංව, අන‍්තොදීපෙව පාටලිං.

කඳුමුදුනක පිපුණා වූ තක්කාරි (අත්තන) මල් වැනි වූ, පිපුණාවූ දාසීම (දෙලුම්) මල් අත්තක් වැනිවූ, පහන් අතර පිපුණු පළොල රුකක් වැනි වූ,

“හරිචන්‍දනලිත‍්තඞ‍්ගිං, කාසිකුත‍්තමධාරිනිං; තං මං රූපවතිං සන‍්තිං, කස‍්ස ඔහායං ගච‍්ඡසි.

රත් සඳුන් තැවරූ සිරුර ඇති, උතුම් කසීසළු දරන, එවැනි රූපයක් ඇති මා අත්හැර ඔබ යන්නෙහිද?

“සාකුන‍්තිකොව සකුණිං, යථා බන්‍ධිතුමිච‍්ඡති; ආහරිමෙන රූපෙන, න මං ත්‍වං බාධයිස‍්සසි.

ළිහිණි වැද්දෙක් යම්සේ ලිහිණියෙකු අල්වා ගැනීමට කැමැතිවේද, එසේම ඔබේ රූපයෙන් මිදුණාවූ මට බාධා නොකරන්න.

“ඉමඤ‍්ච මෙ පුත‍්තඵලං, කාළ උප‍්පාදිතං තයා; තං මං පුත‍්තවතිං සන‍්තිං, කස‍්ස ඔහාය ගච‍්ඡසි.

ඔබ මට ඒ පුත්‍රඵලය ලබාදුන්නෙහිය, පුතෙකු ඇත්තා වූ ඒ මා දැන් අත්හැර නොයන්න.

“ජහන‍්ති පුත‍්තෙ සප‍්පඤ‍්ඤා, තතො ඤාතී තතො ධනං; පබ‍්බජන‍්ති මහාවීරා, නාගො ඡෙත්‍වාව බන්‍ධනං.

ඇතෙකු බන්ධනය කඩාගෙන යන්නාක් මෙන් මහා ප්‍රාඥයෝ පුතුන් නෑදැයන් හා ධනය අතහැර ගොස් පැවිදිවෙති.

“ඉදානි තෙ ඉමං පුත‍්තං, දණ‍්ඩෙන ඡුරිකාය වා; භූමියං වා නිසුම‍්භිස‍්සං, පුත‍්තසොකා න ගච‍්ඡසි.

දැන් මේ ඔබේ පුතාට මුගුරකින් ගසමි. දැලිපිහියකින් කපමි. පොළොවේ ගසමි, පුත්‍ර ශෝකයෙන් නොයව.

“සචෙ පුත‍්තං සිඞ‍්ගාලානං, කුක‍්කුරානං පදාහිසි; න මං පුත‍්තකත‍්තෙ ජම‍්මි, පුනරාවත‍්තයිස‍්සසි.

ඉදින් ඔබ පුතා සිවලුන්ට හෝ සුනඛයන්ට දුන්නත් පුතා හේතුකොට මා පෙරළා නොගෙන්වා ගන්න.

“හන්‍ද ඛො දානි භද‍්දන‍්තෙ, කුහිං කාළ ගමිස‍්සසි; කතමං ගාමනිගමං, නගරං රාජධානියො.

හොඳයි. දැන් ඔබට යහපතක් වේවා, ඔබ වෙසෙන්නේ කොහිද? කවර ගමකද නිගමකද නගරයකද රජදහනකද?

“අහුම‍්හ පුබ‍්බෙ ගණිනො, අස‍්සමණා සමණමානිනො; ගාමෙන ගාමං විචරිම‍්හ, නගරෙ රාජධානියො.

මම පෙර කණ්ඩායමකුත් සමග ශ්‍රමණයෙකු නොවී ශ්‍රමණයෙක්මි යන හැඟීමෙන් ගමෙන් ගමට නගරයෙන් නගරයට රජදහනෙන් රජදහනට ගියෙමි.

“එසො හි භගවා බුද‍්ධො, නදිං නෙරඤ‍්ජරං පති; සබ‍්බදුක‍්ඛප‍්පහානාය, ධම‍්මං දෙසෙති පාණිනං; තස‍්සාහං සන‍්තිකං ගච‍්ඡං, සො මෙ සත්‍ථා භවිස‍්සති.

භාග්‍යවත් බුදුන්වහන්සේ නේරඤ්ජරා නදිය අසබඩ සියලු සතුන්ගේ දුක් නැතිකිරීම පිණිස ධර්‍මය දේශනා කරති. මම උන්වහන්සේ සමීපයට යන්නෙමි, උන්වහන්සේ මගේ ගුරුවරයා වෙති.

“වන්‍දනං දානි මෙ වජ‍්ජාසි, ලොකනාථං අනුත‍්තරං; පදක‍්ඛිණඤ‍්ච කත්‍වාන, ආදිසෙය්‍යාසි දක‍්ඛිණං.

ශ්‍රේෂ්ඨ වූ ඒ ලෝකනාථයන් වහන්සේට මගේ ප්‍රණාමය ප්‍රකාශ කරන්නෙහිය. පැදකුණු කොට ඒ බව උන්වහන්සේට දැනුම් දෙන්න.

“එතං ඛො ලබ‍්භමම‍්හෙහි, යථා භාසසි ත්‍වඤ‍්ච මෙ; වන්‍දනං දානි තෙ වජ‍්ජං, ලොකනාථං අනුත‍්තරං; පදක‍්ඛිණඤ‍්ච කත්‍වාන, ආදිසිස‍්සාමි දක‍්ඛිණං.

ඔබ කියන අයුරින් අපි ඒ පින ලබාගනිමු. ඔබේ ඒ වන්දනය ශ්‍රේෂ්ඨ වූ ලෝකනාථයන් වහන්සේට ප්‍රකාශ කරන්නෙමි. ප්‍රදක්‍ෂිණාව ද දැනුම් දෙන්නෙමි.

“තතො ච කාළො පක‍්කාමි, නදිං නෙරඤ‍්ජරං පති; සො අද‍්දසාසි සම‍්බුද‍්ධං, දෙසෙන‍්තං අමතං පදං.

ඉක්බිති එතැනින් පිටත්ව ගිය ඔහු නේරඤ්ජරා ගඟ අසබඩ අමාසුව ගෙනදෙන දහම් දෙසන බුදුන් දිටී.

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

දුක, දුක හටගැන්ම, දුක නැතිකිරීම, දුක නැති කිරීමට වහල්වන ආර්ය අෂ්ටාංගික මාර්‍ගය දෙසන බුදුන් දිටිමි.

“තස‍්ස පාදානි වන්‍දිත්‍වා, කත්‍වාන නං පදක‍්ඛිණං; චාපාය ආදිසිත්‍වාන, පබ‍්බජිං අනගාරියං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. –

උන්වහන්සේගේ දෙපා වැඳ පැදකුණු කර චාපාගේ ඉල්ලීම දැනුම් දී අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. ත්‍රිවිධ විද්‍යාව ලබා ගතිමි, බුදුන්ගේ ඔවදන පිළිපැදීමි.

ඉමා ගාථා අභාසි.

තත්‍ථ ලට‍්ඨිහත්‍ථොති දණ‍්ඩහත්‍ථො. පුරෙති පුබ‍්බෙ පරිබ‍්බාජකකාලෙ චණ‍්ඩගොණකුක‍්කුරාදීනං පරිහරණත්‍ථං දණ‍්ඩං හත්‍ථෙන ගහෙත්‍වා විචරණකො අහොසි. සො දානි මිගලුද‍්දකොති සො ඉදානි මිගලුද‍්දෙහි සද‍්ධිං සම‍්භොගසංවාසෙහි මිගලුද‍්දො මාගවිකො ජාතො. ආසායාති තණ‍්හාය. “ආසයා”තිපි පාඨො, අජ‍්ඣාසයහෙතූති අත්‍ථො. පලිපාති කාමපඞ‍්කතො දිට‍්ඨිපඞ‍්කතො ච. ඝොරාති අවිදිතවිපුලානත්‍ථාවහත‍්තා දාරුණතො ඝොරා. නාසක‍්ඛි පාරමෙතවෙති තස‍්සෙව පලිපස‍්ස පාරභූතං නිබ‍්බානං එතුං ගන‍්තුං න අසක‍්ඛි, න අභිසම‍්භුනීති අත‍්තානමෙව සන්‍ධාය උපකො වදති.

එහි ලට්ඨිහත්‍ථො දඬුවක් ගත් අතැතිව, පුරෙ පෙර, පිරිවැජියෙකුව සිටි කාලයෙහි, දරුණු ගොණුන් බල්ලන් වැළැක්වීම පිණිස කෙවිටක් අතින් ගෙන හැසිරෙන්නෙක් විය. සොදානි මිගලුද්දකො හෙතෙම දැන් මුව වැද්දන් සමග සම්භොගසංවාස ආදියෙන් මුව වැද්දෙක් වී ඇත. ආසාය - තෘෂ්ණාවෙන්, අදහසෙන් යන තේරුම ද ගෙනදෙයි. අදහස හේතුකොට යන තේරුමය. පලිපා - කාමය නමැති මඩ හා දෘෂ්ටිය නැමැති මඩවලින් ගැවසුණු, ඝොර විශාල අනර්‍ථ ගෙනදෙන, දරුණු හෙයින් ඝෝර වූ, නාසක්‍ඛි පාරමෙතවෙ - එම මඩවලින් ඔබ්බෙහි පවත්නා නිවණට පැමිණීමට නොහැකිවීයයි උපක තමා උදෙසාම කියයි.

සුමත‍්තං මං මඤ‍්ඤමානාති අත‍්තනි සුට‍්ඨු මත‍්තං මදප‍්පත‍්තං කාමගෙධවසෙන ලග‍්ගං පමත‍්තං වා කත්‍වා මං සල‍්ලක‍්ඛන‍්තී. චාපා පුත‍්තමතොසයීති මිගලුද‍්දස‍්ස ධීතා චාපා “ආජීවකස‍්ස පුත‍්තා”තිආදිනා මං ඝට‍්ටෙන‍්තී පුත‍්තං තොසෙසි කෙළායසි. “සුපති මං මඤ‍්ඤමානා”ති ච පඨන‍්ති, සුපතීති මං මඤ‍්ඤමානාති අත්‍ථො. චාපාය බන්‍ධනං ඡෙත්‍වාති චාපාය තයි උප‍්පන‍්නං කිලෙසබන්‍ධනං ඡින්‍දිත්‍වා. පබ‍්බජිස‍්සං පුනොපහන‍්ති පුන දුතියවාරම‍්පි අහං පබ‍්බජිස‍්සාමි.

සුමුත්තං මං මඤ්ඤමානා - තමා මැනැවින් මිදුණාවූ මා මද සහිතවූ කාමයෙහි දැඩි ලෙස ඇලුණු ප්‍රමාදයෙන් යුක්තවූවකු හැටියට මා ගැන සලකයි. චාපා පුත්තමතොසයී - වැද්දාගේ දියණිය චාපා, ආජීවකයාගේ පුතා ආදියෙන් මා ගටා පුතා නැලෙව්වාය. ‘මා නිදතැයි සිතමින්’ යනුවෙන් ද පාඨයකි. චාපාය බන්‍ධනං ඡෙත්‍වා - ඔහු කෙරෙහි චාපා තුළ උපන් කෙලෙස් බැඳුම සිඳ, පබ්බජිස්සං පුනො චහං - නැවත දෙවනවරට ද මම පැවිදි වන්නෙමි.

ඉදානි තස‍්සා “මය‍්හං අත්‍ථො නත්‍ථී”ති වදති, තං සුත්‍වා චාපා ඛමාපෙන‍්තී “මා මෙ කුජ‍්ඣී”ති ගාථමාහ. තත්‍ථ මා මෙ කුජ‍්ඣීති කෙළිකරණමත‍්තෙන මා මය‍්හං කුජ‍්ඣි. මහාවීර, මහාමුනීති උපකං ආලපති. තඤ‍්හි සා පුබ‍්බෙපි පබ‍්බජිතො, ඉදානිපි පබ‍්බජිතුකාමොති කත්‍වා ඛන‍්තිඤ‍්ච පච‍්චාසීසන‍්තී “මහාමුනී”ති ආහ. තෙනෙවාහ – “න හි කොධපරෙතස‍්ස, සුද‍්ධි අත්‍ථි කුතො තපො”ති, ත්‍වං එත‍්තකම‍්පි අසහන‍්තො කථං චිත‍්තං දමෙස‍්සසි, කථං වා තපං චරිස‍්සසීති අධිප‍්පායො.

දැන් මට ඇයගෙන් වැඩක් නැත යන අර්ථයි. එය අසා චාපා සමාකරවන්නී මා මෙ කුජ්ඣි යන ගාථාව කීවාය. එහි මා මෙ කුජ්ඣි යනු ක්‍රීඩා කිරීම් වශයෙන් (කෙළිකවටකම් විසින්) මා කෙරෙහි නොකිපෙනු මැනවි. මහාවීර මහාමුනිඃ උපකට අමතයි. ඔහු පෙරද පැවිදිව දැනුද පැවිදිවීමට කැමැත්තෙන් යයි සිතා ඉවසීමද බලාපොරොත්තු වන්නී මහාමුනි යනුවෙන් කියා ඇත. එහෙයින්ම නහි කොධපරෙතස්ස සුද්ධි අත්‍ථි කුතො තපො - කියයි. මෙපමණක් පවා නොඉවසා නම් කෙසේ සිත දමනය කරන්නෙහිද, කෙසේ තපස් රකින්නෙහිද යන තේරුමය.

අථ නාළං ගන‍්ත්‍වා ජීවිතුකාමොසීති චාපාය වුත‍්තො ආහ – “පක‍්කමිස‍්සඤ‍්ච නාළාතො, කොධ නාළාය වච‍්ඡතී”ති කො ඉධ නාළාය වසිස‍්සති, නාළාතොව අහං පක‍්කමිස‍්සාමෙව. සො හි තස‍්ස ජාතගාමො, තතො නික‍්ඛමිත්‍වා පබ‍්බජි. සො ච මගධරට‍්ඨෙ බොධිමණ‍්ඩස‍්ස ආසන‍්නපදෙසෙ, තං සන්‍ධාය වුත‍්තං. බන්‍ධන‍්තී ඉත්‍ථිරූපෙන, සමණෙ ධම‍්මජීවිනොති චාපෙ ත්‍වං ධම‍්මෙන ජීවන‍්තෙ ධම‍්මිකෙ පබ‍්බජිතෙ අත‍්තනො ඉත්‍ථිරූපෙන ඉත්‍ථිකුත‍්තාකප‍්පෙහි බන්‍ධන‍්තී තිට‍්ඨසි. යෙනාහං ඉදානි එදිසො ජාතො, තස‍්මා තං පරිච‍්චජාමීති අධිප‍්පායො.

ඉක්බිති නාලගමට ගොස් ජීවත්වීමට කැමැත්තෙහිදැයි චාපා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ, පක්කමිස්සං ච නාලාතො කොධ නාලාය වච්ඡති - යනුවෙන් පිළිතුරු දුන්නේය. මේ නාලාවෙහි කවරෙක් වෙසෙත්ද, නාලාවෙන් මම පිටත්ව යන්නෙමි. එය වූකලි ඔහුගේ උපන් ගමය. එයින් පිටත්ව ගොස් මහණ විය. එයද මගධ රටෙහි ආසන්න පෙදෙසකවූ හෙයින් ඒ සඳහා කියන ලදී. ඛන්‍ධන්ති ඉත්‍ථිරූපෙන සමණෙ ධම්මජීවිනො :- චාපා, ඔබ ධර්‍මානුකුලව ජීවත්වන පැවිද්දන් ඔබේ විලාසිතාවලින් බැඳගනිමින් සිටියි. මම දැන් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින හෙයින් ඇය අත්හරිමි යනු අභිප්‍රාවය.

එවං වුත‍්තෙ චාපා තං නිවත‍්තෙතුකාමා “එහි, කාළා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – කාළවණ‍්ණතාය, කාළ, උපක, එහි නිවත‍්තස‍්සු මා පක‍්කමි, පුබ‍්බෙ විය කාමෙ පරිභුඤ‍්ජ, අහඤ‍්ච යෙ ච මෙ සන‍්ති ඤාතකා, තෙ සබ‍්බෙව තුය‍්හං මා පක‍්කමිතුකාමතාය වසීකතා වසවත‍්තිනො කතාති.

මෙසේ කීකල්හි චාපා ඔහු නවත්වා ගැනීමට කැමැත්තෙන් කාල යන ගාථාව කීවාය. එහි තේරුම කලු පැහැ හෙයින් කාල, උපක එන්න, නවතින්න, නොයව, පෙර මෙන් කම්සුව විඳින්න, මාද මාගේ නෑදැයෝ ද යන සියලු දෙනාම ඔබ යැවීමට කර තිබෙන මේ තීරණයෙන් වසඟ කරවනු ලැබ ඇත.

තං සුත්‍වා උපකො “එත‍්තො චාපෙ”ති ගාථමාහ. තත්‍ථ චාපෙති චාපෙ. චාපසදිසඅඞ‍්ගලට‍්ඨිතාය හි සා, චාපාති නාමං ලභි, තස‍්මා, චාපාති වුච‍්චති. ත්‍වං චාපෙ, යථා භාසසි, ඉදානි යාදිසං කථෙසි, ඉතො චතුබ‍්භාගමෙව පියසමුදාචාරං කරෙය්‍යාසි. තයි රත‍්තස‍්ස රාගාභිභූතස‍්ස පුරිසස‍්ස උළාරං වත තං සියා, අහං පනෙතරහි තයි කාමෙසු ච විරත‍්තො, තස‍්මා චාපාය වචනෙ න තිට‍්ඨාමීති අධිප‍්පායො.

ඒ අසා උපක එත්තො චාපෙ යන ගාථාව කීවේය. එහි චාපා යනු දුන්නක් මෙන් සිරුරු යටියක් ඇති හෙයින් චාපා යන නම ලැබිණ. එහෙයින් චාපා යයි කියනු ලැබේ. චාපා ඔබ යථා භාසසි - දැන් ඔබ යම් අයුරකින් කථාකරයිද එයින් හතරෙන් කොටසක් පමණක් ප්‍රියජනක ව්‍යවහාරයකි. තයි රත්තස්ස - රාගයෙන් මඩනා ලද පුද්ගලයාට එය උසස් දෙයක් වෙයි, එහෙත් මම වූකලී දැන් ඔබ කෙරෙහිවූ කාමාශාවන්ගෙන් වෙන්ව වෙසෙමි. එහෙයින් චාපාගේ වචනයට අනුව මම නොනවතින්නෙමි: යනු මෙහි අදහසය.

පුන, චාපා, අත‍්තනි තස‍්ස ආසත‍්තිං උප‍්පාදෙතුකාමා “කාළඞ‍්ගිනි”න‍්ති ආහ. තත්‍ථ, කාළාති තස‍්සාලපනං. අඞ‍්ගිනින‍්ති අඞ‍්ගලට‍්ඨිසම‍්පන‍්නං. ඉවාති උපමාය නිපාතො. තක‍්කාරිං පුප‍්ඵිතං ගිරිමුද‍්ධනීති පබ‍්බතමුද‍්ධනි ඨිතං සුපුප‍්ඵිතදාලිමලට‍්ඨිං විය. “උක‍්කාගාරි”න‍්ති ච කෙචි පඨන‍්ති, අඞ‍්ගත්‍ථිලට‍්ඨිං වියාති අත්‍ථො. ගිරිමුද‍්ධනීති ච ඉදං කෙනචි අනුපහතසොභතාදස‍්සනත්‍ථං වුත‍්තං. කෙචි “කාලිඞ‍්ගිනි”න‍්ති පාඨං වත්‍වා තස‍්ස කුම‍්භණ‍්ඩලතාසදිසන‍්ති අත්‍ථං වදන‍්ති. ඵුල‍්ලං දාලිමලට‍්ඨිංවාති පුප‍්ඵිතං බීජපූරලතං විය. අන‍්තොදීපෙව පාටලින‍්ති දීපකබ‍්භන‍්තරෙ පුප‍්ඵිතපාටලිරුක‍්ඛං විය, දීපග‍්ගහණඤ‍්චෙත්‍ථ සොභාපාටිහාරියදස‍්සනත්‍ථමෙව.

චාපා නැවතද ඇය කෙරෙහි ආශාව උපදවනු කැමැත්තී කාලංගී යන ගාථාව කීවාය. එහි කාල, ඔහු ඇමතූ අයුරුය. අංගිනි - කෙවිටක් වැනි (සිහින්) සිරුරක් ඇති, ඉව - උපමාව ප්‍රකාශ කෙරෙන නිපාතයකි. තක්කාරීං පුප්ඵිතං ගිරිමුද්ධනි - පර්‍වත මුදුනක පිහිටි මනාව පිපුණු අත්තන මලින් ගැවසුණු අත්තක් වැනි, උක්කාභාරිං යනුවෙන් ද පාඨයකි. ගිනිදලුවක් වැනි යනුවෙන් ද පාඨයකි. ගිනිදලුවක් වැනි යනු එහි තේරුමය. ගිරිමුද්ධනි - යටපත් නොවූ ශෝභාවක් දක්වනු පිණිස මෙසේ කියන ලදී. සමහරෙක් තක්කාරිං යනුවෙන් පවසමින් කුම්භාණ්ඩ ලතා මල් (ලබු?) කිනිත්තක් වැනි යයි කියති. පුල්ලදාළිම ලට්ඨිං, - වා පිපුණු නෙලුම් දඬුවක් වැනි. අන්තො දීපෙච පාටලිං - පහන් එළිය අතර තිබෙන පිපුණු පළොල් රුකක් වැනි; මෙහි පහනක් ගැනීමෙන් ශෝභාසම්පත්තිය දැක්වීම අදහස් කෙරේ.

හරිචන්‍දනලිත‍්තඞ‍්ගින‍්ති ලොහිතචන්‍දනෙන අනුලිත‍්තසබ‍්බඞ‍්ගිං. කාසිකුත‍්තමධාරිනින‍්ති උත‍්තමකාසිකවත්‍ථධරං. තං මන‍්ති තාදිසං මං. රූපවතිං සන‍්තින‍්ති රූපසම‍්පන‍්නං සමානං. කස‍්ස ඔහාය ගච‍්ඡසීති කස‍්ස නාම සත‍්තස‍්ස, කස‍්ස වා හෙතුනො, කෙන කාරණෙන, ඔහාය පහාය පරිච‍්චජිත්‍වා ගච‍්ඡසි.

හරිචන්‍දනලිත්තංගිං - රත්සඳුවලින් අලෙව් දුන් සියොලඟ ඇති, කාසිකුත්තමධාරිනිං - අගනා කසීවස්ත්‍ර හඳින, තං - මං එවැනිවූ මා රූපවතිං සන්ති - රූසපුවෙන් හෙබි, කස්ස ඔහාය ගච්ඡසි - කවර නම් සත්ත්වයෙකුගේ කවර හේතුවක් නිසා කවර කරුණක් නිසා අත්හැර ගියෙහිද?

ඉතො පරම‍්පි තෙසං වචනපටිවචනගාථාව ඨපෙත්‍වා පරියොසානෙ තිස‍්සො ගාථා. තත්‍ථ සාකුන‍්තිකොවාති සකුණලුද‍්දො විය. ආහරිමෙන රූපෙනාති කෙසමණ‍්ඩනාදිනා සරීරජග‍්ගනෙන චෙව වත්‍ථාභරණාදිනා ච අභිසඞ‍්ඛාරිකෙන රූපෙන වණ‍්ණෙන කිත‍්තිමෙන චාතුරියෙනාති අත්‍ථො. න මං ත්‍වං බාධයිස‍්සසීති පුබ‍්බෙ විය ඉදානි මං ත්‍වං න බාධිතුං සක‍්ඛිස‍්සසි.

මෙතැන් පටන් ඔහුගේ වදන් හා පිළිවදන් ඇතුළත් ගාථා අර අවසානයෙහි එන ගාථා තුනය. එහි සාකුන්තිකො - කුරුලු වැද්දෙකු මෙන්. ආහරිමෙනරූපෙන - කෙස් සැරසීමෙන් හා සිරුර පිළිදැඟුම් කිරීමෙන් ද වස්ත්‍රාභරණාදියෙන් සකස්කළ වර්‍ණයෙන් හා කෘත්‍රිම සුන්දරත්වයෙන් යන අර්‍ථයයි. න මං ත්‍වං බාධයිස්සසි - පෙර මෙන් දැන් ඔබට මට බාධා කිරීමට නොහැකිය.

පුත‍්තඵලන‍්ති පුත‍්තසඞ‍්ඛාතං ඵලං පුත‍්තපසවො.

පුත්තඵලං - පුත්‍ර සංඛ්‍යාත ඵලය, පුතුන් බිහිකිරීමය.

සප‍්පඤ‍්ඤාති පඤ‍්ඤවන‍්තො, සංසාරෙ ආදීනවවිභාවිනියා පඤ‍්ඤාය සමන‍්නාගතාති අධිප‍්පායො. තෙ හි අප‍්පං වා මහන‍්තං වා ඤාතිපරිවට‍්ටං භොගක‍්ඛන්‍ධං වා පහාය පබ‍්බජන‍්ති. තෙනාහ – “පබ‍්බජන‍්ති මහාවීරා, නාගො ඡෙත්‍වාව බන්‍ධන”න‍්ති, අයබන්‍ධනං විය හත්‍ථිනාගො ගිහිබන්‍ධනං ඡින්‍දිත්‍වා මහාවීරියාව පබ‍්බජන‍්ති, න නිහීනවීරියාති අත්‍ථො.

සප්පඤ්ඤා - පැණවත්හු. සසරෙහි ආදීනව දතහැක්කා වූ ප්‍රඥාවෙන් යුක්තවූ යන තේරුමය. ඔවුහු ස්වල්ප වූ හෝ බොහෝවූ හෝ නෑසමූහයා ද භෝග සම්පත් ද හැර ගොස් පැවිදිවෙත්. එහෙයින් ‘වීරයෝ බන්‍ධනය සිඳ දමා යන ඇතෙකු මෙන් සියල්ල අතහැර ගොස් පැවිදිවෙත්’ ඇත්රජා යකඩහැකිල්ල මෙන් මහාවීරයෝ ගිහිබැඳුම කඩාගෙන ගොස් පැවිදිවෙත්. හීනවීර්‍යය නැත්තෝ වෙත්.

දණ‍්ඩෙනාති යෙන කෙනචි දණ‍්ඩෙන. ඡුරිකායාති ඛුරෙන. භූමියං වා නිසුම‍්භිස‍්සන‍්ති පථවියං පාතෙත්‍වා පොථනවිජ‍්ඣනාදිනා විබාධිස‍්සාමි. පුත‍්තසොකා න ගච‍්ඡසීති පුත‍්තසොකනිමිත‍්තං න ගච‍්ඡිස‍්සසි.

දණ්ඩෙන - යම්කිසි දඬුවමකින්, ජුරිකායා දැලිපිහියකින්, භූමියං වා නිසුම්භෙය්‍යං - බිම දමා පොඩිකිරීම් තුවාල කිරීම් ආදියෙන් හිරිහැර කරන්නෙමි. පුත්තසොකා න ගච්ඡසි - පුත්‍රශෝකය නිමිති කරගෙන නොයන්නෙහි.

පදාහිසීති දස‍්සසි. පුත‍්තකත‍්තෙති පුත‍්තකාරණා. ජම‍්මීති තස‍්සා ආලපනං, ලාමකෙති අත්‍ථො.

පදාහිසි - දක්නෙහි පුත්තකත්තෙ - පුතා නිසා ජම්මි - ඇය ඇමතූ අයුරුය. ලාමක තැනැත්තිය යන අදහසය.

ඉදානි තස‍්ස ගමනං අනුජානිත්‍වා ගමනට‍්ඨානං ජානිතුං “හන්‍ද ඛො”ති ගාථමාහ.

දැන් ඔහුගේ ගමන අනුදැන ඔහු යන තැන දැන ගැනීමට හන්ද ඛො යන ගාථාව කීවාය.

ඉතරො පුබ‍්බෙ අහං අනිය්‍යානිකං සාසනං පග‍්ගය‍්හ අට‍්ඨාසිං, ඉදානි පන නිය්‍යානිකෙ අනන‍්තජිනස‍්ස සාසනෙ ඨාතුකාමො, තස‍්මා තස‍්ස සන‍්තිකං ගමිස‍්සාමීති දස‍්සෙන‍්තො “අහුම‍්හා”තිආදිමාහ. තත්‍ථ ගණිනොති ගණධරා. අස‍්සමණාති න සමිතපාපා. සමණමානිනොති සමිතපාපාති එවං සඤ‍්ඤිනො. විචරිම‍්හාති පූරණාදීසු අත‍්තානං පක‍්ඛිපිත්‍වා වදති.

අනෙක් තැනැත්තා ‘පෙර මම අනෛර්‍යාණික ශාසනයක් වැළඳගෙන සිටියෙමි. දැන් මම අනන්ත ජිනයන්ගේ නෛර්යාණික ශාසනයෙහි පිහිටීමට කැමැත්තෙමි. එහෙයින් මම උන්වහන්සේ සමීපයට යන්නෙමි.’ මේ බව දක්වමින් අහුම්භ - ආදිය කීවේය. එහි ගණිනො - සමුහයක් සමග, අස්සමණා - යටපත් කළ පාපයන් නැති, සමණමානිනො - යටපත් කළ පව් ඇත්තෝ, පවුනැසුවෝ මේ නමින් හැඳින්වෙති. විචරිම්භ - පුරණාදීන් කෙරෙහි ආත්මය පාවාදී කියයි.

නෙරඤ‍්ජරං පතීති නෙරඤ‍්ජරාය නදියා සමීපෙ තස‍්සා තීරෙ. බුද‍්ධොති අභිසම‍්බොධිං පත‍්තො, අභිසම‍්බොධිං පත්‍වා ධම‍්මං දෙසෙන‍්තො සබ‍්බකාලං භගවා තත්‍ථෙව වසීති අධිප‍්පායෙන වදති.

නෙරඤ්ජරං පති - නේරඤ්ජරා ගඟබඩ, එහි ඉවුර මත බුද්ධො - අභිසම්බෝධියට පැමිණි තැනැත්තා, අභිසම්බෝධියට පැමිණ ධර්‍මය දේශනා කරන්නේ හැම කල්හිම භාග්‍යවතුන් වහන්සේ එහිම වෙසෙති යන අදහසින් එසේ කියයි.

වන්‍දනං දානි මෙ වජ‍්ජාසීති මම වන්‍දනං වදෙය්‍යාසි, මම වචනෙන ලොකනාථං අනුත‍්තරං වදෙය්‍යාසීති අත්‍ථො. පදක‍්ඛිණඤ‍්ච කත්‍වාන, ආදිසෙය්‍යාසි දක‍්ඛිණන‍්ති බුද‍්ධං භගවන‍්තං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වාපි චතූසු ඨානෙසු වන්‍දිත්‍වා, තතො පුඤ‍්ඤතො මය‍්හං පත‍්තිදානං දෙන‍්තො පදක‍්ඛිණං ආදිසෙය්‍යාසි බුද‍්ධගුණානං සුතපුබ‍්බත‍්තා හෙතුසම‍්පන‍්නතාය ච එවං වදති.

වන්‍දනං දානි මෙ වජ්ජාසි - මගේ වැඳීම උන්වහන්සේ කියන්නෙහිය. මගේ වචනයෙන් ශ්‍රේෂ්ඨ වූ ලෝකනාථයන් වහන්සේ වඳින්නෙහිය යන තේරුමය. පදක්‍ඛිණංච කත්‍වාන ආදිසෙය්‍යාසි දක්‍ඛිණං - බුදුන්වහන්සේ තෙවරක් පැදකුණු කර සිවුතැනක හිඳ වැඳ ඒ පිනින් කොටසක් මටද දෙමින් ප්‍රදක්‍ෂිණාව කරන්නෙහිය. බුදුගුණ පෙර අසා ඇති බැවින්ද හේතුසම්පත් ඇති බැවින්ද මෙසේ කියයි.

එතං ඛො ලබ‍්භමම‍්හෙහීති එතං පදක‍්ඛිණකරණං පුඤ‍්ඤං අම‍්හෙහි තව දාතුං සක‍්කා, න නිවත‍්තනං, පුබ‍්බෙ විය කාමූපභොගො ච න සක‍්කාති අධිප‍්පායො. තෙ වජ‍්ජන‍්ති තව වන්‍දනං වජ‍්ජං වක‍්ඛාමි.

එතං ඛො ලබ්භමව්හෙ - මේ පැදකුණු කිරීමෙන් ලැබෙන පින අප විසින් ඔබට දෙත හැකිය. නැවතීමක් නොවේ. පෙර මෙන් කාමසේවනයෙන් ද විය නොහැකිය යනු අභිප්‍රාවය. තෙ වජ්ජං - ඔබේ වැඳීම දැනුම් දෙන්නෙමි.

සොති කාළො, අද‍්දසාසීති අද‍්දක‍්ඛි.

සො - කාලයා, අද්දසාසි - දුටුවේය.

සත්‍ථුදෙසනායං සච‍්චකථාය පධානත‍්තා තබ‍්බිනිමුත‍්තාය අභාවතො “දුක‍්ඛ”න‍්තිආදි වුත‍්තං, සෙසං වුත‍්තනයමෙව.

ශාස්තෲන් වහන්සේ දැකීමේ සත්‍ය කථාවෙහි ප්‍රධානත්වය නිසා එයින් නොමිදුණු හෙයින් දුක්‍ඛං - ආදිය කීවේය. සෙස්ස කියනලද පරිදිමය.

චාපාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

චාපා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි