යෙදුමෙන් කියවන්න

රොහිණීථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රොහිණීථෙරීගාථාවණ‍්ණනා

රෝහිණී ථේරීගාථා වර්ණනාව

සමණාති භොති සුපීතිආදිකා රොහිනියා ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා, එකදිවසං බන්‍ධුමතීනගරෙ භගවන‍්තං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පත‍්තං ගහෙත්‍වා පූවස‍්ස පූරෙත්‍වා භගවතො දත්‍වා පීතිසොමනස‍්සජාතා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දි. සා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තී අනුක‍්කමෙන උපචිතවිමොක‍්ඛසම‍්භාරා හුත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වෙසාලියං මහාවිභවස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා රොහිනීති ලද‍්ධනාමා විඤ‍්ඤුතං පත්‍වා, සත්‍ථරි වෙසාලියං විහරන‍්තෙ විහාරං ගන‍්තවා ධම‍්මං සුත්‍වා සොතාපන‍්නා හුත්‍වා මාතාපිතූනං ධම‍්මං දෙසෙත්‍වා සාසනෙ පසාදං උප‍්පාදෙත්‍වා තෙ අනුජානාපෙත්‍වා සයං පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං –

සමණාසි හොති ත්‍වං සයසි ආදී ගාථා රෝහිණී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ භවයන්හි කුසල් රැස්කරමින් මෙයින් කල්ප අනූඑකකට පෙර පහළ වූ විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳින ගැනීමෙන් පසු එක් දවසක් බන්ධුමතී නගරයෙහි පිඬු පිණිස වඩින බුදුන් දැක පාත්‍රය (පුරවා) බුදුන්ට පූජා කොට සොම්නසට පැමිණ පසඟ පිහිටුවා වැන්දාය. ඒතොමෝ ඒ පින්කමේ අනුසසින් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී රැස්කරනලද කුසල් ඇතිව මේ බුදුපතෙහි විසාලා නුවර ධන සම්පත්තියෙන් ආඪ්‍ය වූ බ්‍රාහ්මණයෙකුගේ ගෙදර උපත ලබා රෝහිණී යන නම ලැබ කලෙකට පසු ශාස්තෲන් වහන්සේ විශාලා නුවර වැඩසිටි අවස්ථාවක විහාරයට ගොස් බණ අසා සෝවාන් ඵලයට පැමිණ දෙමවුපියන්ට බණ කියා සසුනෙහි පැහැදී මවුපියන්ගේ අනුමැතිය ලබා තමාම පැවිදිවී විදසුන් වඩන්නී නොබෝ කලකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“නගරෙ බන්‍ධුමතියා, විපස‍්සිස‍්ස මහෙසිනො; පිණ‍්ඩාය විචරන‍්තස‍්ස, පූවෙදාසිමහං තදා.

විපස්සි බුදුන්වහන්සේ බන්ධුමතී නුවර පිඬු පිණිස හැසිරෙන විට මම උන්වහන්සේට කැවුම් පිළිගැන්වීමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, තාවතිංසමගච‍්ඡහං.

ඒ පින්කමේ හා චේතනාවෙහි යහපත්බවෙන් එහිලා සිත පැහැදීමෙන් මම තව්තිසාවට ගියෙමි.

“ඡත‍්තිංසදෙවරාජූනං , මහෙසිත‍්තමකාරයිං; පඤ‍්ඤාසචක‍්කවත‍්තීනං, මහෙසිත‍්තමකාරයිං.

දෙව්රදවරුන් තිස්හයදෙනෙකුගේ මෙහෙසිය විමි. සක්විති රජවරුන් පණස්දෙනෙකුගේ අගමෙහෙසිය වීමි.

“මනසා පත්‍ථිතා නාම, සබ‍්බා මය‍්හං සමිජ‍්ඣථ; සම‍්පත‍්තිං අනුභොත්‍වාන, දෙවෙසු මනුජෙසු ච.

මා මනසින් පැතු හැම දෙයක්ම ඉටුවිය. දෙව්මිනිස් ලෝකවල සියලු සැප විඳ අවසාන ආත්මභාවය පැමිණි කල්හි බමුණු කුලයක උපත ලැබූ මම නෑදයන් විසින් රෝහිණී යන නමින් අමතනු ලැබීමි.

“පච‍්ඡිමෙ භවසම‍්පත‍්තෙ, ජාතො විප‍්පකුලෙ අහං; රොහිනී නාම නාමෙන, ඤාතකෙහි පියායිතා.

“භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා, ධම‍්මං සුත්‍වා යථාතථං; සංවිග‍්ගමානසා හුත්‍වා, පබ‍්බජිං අනගාරියං.

භික්‍ෂුණීන් වෙත ගොස් තත්වාකාරයෙන් ධර්‍මය අසා සසරෙහි කලකිරී සසුනෙහි පැවිදිවීම,

“යොනිසො පදහන‍්තීනං, අරහත‍්තමපාපුණිං; එකනවුතිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, පූවදානස‍්සිදං ඵලං.

නුවණින් මෙනෙහි කිරීමෙන් රහත් බවට පැමිණියෙමි. මෙයින් කල්ප අනුඑකකට පෙර මම යම් දානයක් දුනිම්ද, ඒ කැවුම් දානයෙහි ප්‍රතිඵල වශයෙන් මම දුගතියක් ගැන නොදනිමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා පුබ‍්බෙ සොතාපන‍්නකාලෙ පිතරා අත‍්තනා ච වචනපටිවචනවසෙන වුත‍්තගාථා උදානවසෙන භාසන‍්තී –

රහත්බව ලබාගත් පසු තමාගේ පිළිවෙත පෙරළා බලන්නී පෙර ආත්මයකදී සෝවාන් ඵලයට පැමිණි කල පියා හා තමා අතර ඇති වූ වදන්පිළිවදන් ඇතුළත්වූ ගාථා පසුව උදාන වශයෙන් ප්‍රකාශ කරන්නී මේ ගාථා කීවාය.

“සමණාති භොති සුපි, සමණාති පබුජ‍්ඣසි; සමණානෙව කිත‍්තෙසි, සමණී නූන භවිස‍්සසි.

පිනැත්තිය, ඔබ නින්දට යනවිට හා අවදිවනවිට ද ශ්‍රමණ යනුවෙන් කියයි. නිතරම ශ්‍රමණ යන්නම කියයි, ඔබ ඒකාන්තයෙන්ම මතු මෙහෙණක් වන්නෙහිය.

“විපුලං අන‍්නඤ‍්ච පානඤ‍්ච, සමණානං පවෙච‍්ඡසි; රොහිනී දානි පුච‍්ඡාමි, කෙන තෙ සමණා පියා.

බොහෝ ආහාරපාන භික්‍ෂූන්ට දෙන්නෙහිය. රෝහිණී මම දැන් ඔබෙන් මෙය අසමි: ‘ඔබ භික්‍ෂූන් මෙතරම් ප්‍රියකරන්නේ ඇයි?’

“අකම‍්මකාමා අලසා, පරදත‍්තූපජීවිනො; ආසංසුකා සාදුකාමා, කෙන තෙ සමණා පියා.

කිසි වැඩක් කිරීමට නොකැමැති, අලසවූ අනුන් දෙන දෙයින් ජීවත්වන බලාපොරොත්තු සහිත වූ මිහිරි දේ කැමැති මහණන් ඔබ මෙතරම් ප්‍රියකරන්නේ ඇයි?

“චිරස‍්සං වත මං තාත, සමණානං පරිපුච‍්ඡසි; තෙසං තෙ කිත‍්තයිස‍්සාමි, පඤ‍්ඤාසීලපරක‍්කමං.

පියාණෙනි, ඔබ බොහෝ කලකින් භික්‍ෂූන් ගැන විමසන්නෙහිය. ප්‍රඥාවෙන් හා ශීලයෙන් සමන්විත උන්වහන්සේලා ගැන මම කියා දෙන්නෙමි.

“කම‍්මකාමා අනලසා, කම‍්මසෙට‍්ඨස‍්ස කාරකා; රාගං දොසං පජහන‍්ති, තෙන මෙ සමණා පියා.

ඔවුහු වැඩි කැමැත්තෝය, අනලස්ය, ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන්නෝය, රාගය හා ද්වේශය දුරුකරති. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“තීණි පාපස‍්ස මූලානි, ධුනන‍්ති සුචිකාරිනො; සබ‍්බං පාපං පහීනෙසං, තෙන මෙ සමණා පියා.

පවිත්‍ර ක්‍රියා කරන්නාවූ ඔවුහු තෙවැදෑරුම් පව්මුල් දුරුකරති. සියලු පාපයන් ප්‍රහීණ කරති, එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“කායකම‍්මං සුචි නෙසං, වචීකම‍්මඤ‍්ච තාදිසං; මනොකම‍්මං සුචි නෙසං, තෙන මෙ සමණා පියා.

මුන්වහන්සේලාගේ කායකර්‍ම පිරිසිදුය, වචීකර්‍ම ද එසේමය, මනෝකර්ම ද පිරිසිදුය, එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“විමලා සඞ‍්ඛමුත‍්තාව, සුද‍්ධා සන‍්තරබාහිරා; පුණ‍්ණා සුක‍්කාන ධම‍්මානං, තෙන මෙ සමණා පියා.

සක්මුතු මෙන් ඔවුහු පිරිසිදුයහ. ඇතුළත හා පිටත නිකැළැල්ය. පින්දහම්වලින් පිරිපුන්යහ. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“බහුස‍්සුතා ධම‍්මධරා, අරියා ධම‍්මජීවිනො; අත්‍ථං ධම‍්මඤ‍්ච දෙසෙන‍්ති, තෙන මෙ සමණා පියා.

ඔවුහු බහුශ්‍රැතයහ, ධර්‍මධරයහ, ආර්යයෝය, ධර්‍මයට අනුව ජීවත්වන්නෝය, එකඟවූ සිත් ඇත්තෝය, සිහි ඇත්තෝය. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“බහුස‍්සුතා ධම‍්මධරා, අරියා ධම‍්මජීවිනො; එකග‍්ගචිත‍්තා සතිමන‍්තො, තෙන මෙ සමණා පියා.

“දූරඞ‍්ගමා සතිමන‍්තො, මන‍්තභාණී අනුද‍්ධතා; දුක‍්ඛස‍්සන‍්තං පජානන‍්ති, තෙන මෙ සමණා පියා.

දුරයන්නෝය, සතිමත්හුය, නැණවත්ව කථා කරන්නෝය, උඩඟු නොවූවෝය, දුකෙහි කෙළවර දන්නෝය. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“යස‍්මා ගාමා පක‍්කමන‍්ති, න විලොකෙන‍්ති කිඤ‍්චනං; අනපෙක‍්ඛාව ගච‍්ඡන‍්ති, තෙන මෙ සමණා පියා.

යම් ගමකින් ඔවුහු පිටව යෙත්ද, එහි කිසිවක් ගැන නොබලති. අපේක්‍ෂා රහිතවම යති. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“න තෙ සං කොට‍්ඨෙ ඔපෙන‍්ති, න කුම‍්භිං න ඛළොපියං; පරිනිට‍්ඨිතමෙසානා, තෙන මෙ සමණා පියා.

ඔවුහු කොටගුළුවල ධනය තැන්පත් නොකරති, හැලිවලන්වල ද බඩු අසුරා නොතබතී, ඔවුන්ගේ (ධනය) සෙවීම අවසානය. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“න තෙ හිරඤ‍්ඤං ගණ‍්හන‍්ති, න සුවණ‍්ණං න රූපියං; පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්ති, තෙන මෙ සමණා පියා.

ඔවුහු රන්රිදී නොපිළිගනිති. එවේලට ලද දෙයින් යැපෙති. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“නානාකුලා පබ‍්බජිතා, නානාජනපදෙහි ච; අඤ‍්ඤමඤ‍්ඤං පිහයන‍්ති, තෙන මෙ සමණා පියා.

නොයෙක් කුලවලින්ද නොයෙක් ජනපදවලින්ද පැමිණ පැවිදිවන ඔවුහු එකිනෙක්කෙනා ප්‍රියකරති. එහෙයින් මම මහණුන් ප්‍රියකරමි.

“අත්‍ථාය වත නො භොති, කුලෙ ජාතාසි රොහිනී; සද‍්ධා බුද‍්ධෙ ච ධම‍්මෙ ච, සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවා.

රෝහිණී, ඔබ අපේ කුලයෙහි උපන්නේ වැඩක් පිණිසමය. බුදුන් දහම් සඟුන් කෙරෙහි ඔබ දැඩි ගෞරවය ඇත්තීය.

“තුවඤ‍්හෙතං පජානාසි, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං; අම‍්හම‍්පි එතෙ සමණා, පටිග‍්ගණ‍්හන‍්ති දක‍්ඛිණං.

පින්කෙත් වූ, අතිඋතුම් වූ භික්‍ෂූන් ගැන ඔබ මැනවින් දන්නෙහිය, ඒ භික්‍ෂූහු මගේ දානයද පිළිගනිති.

“පතිට‍්ඨිතො හෙත්‍ථ යඤ‍්ඤො, විපුලො නො භවිස‍්සති; සචෙ භායසි දුක‍්ඛස‍්ස, සචෙ තෙ දුක‍්ඛමප‍්පියං.

මෙහි පිහිටුවන ලැබූ යාගය අපට බොහෝ පල ගෙනදෙන්නේය. ඉදින් දුකට බිය නම් දුකට නොකැමැති නම්,

“උපෙහි සරණං බුද‍්ධං, ධම‍්මං සඞ‍්ඝඤ‍්ච තාදිනං; සමාදියාහි සීලානි, තං තෙ අත්‍ථාය හෙහිති.

බුදුන් දහම් සඟුන් සරණ යව, සිල් සමාදන් වෙව, එය ඔබේ වැඩ පිණිස පවතී.

“උපෙමි සරණං බුද‍්ධං, ධම‍්මං සඞ‍්ඝඤ‍්ච තාදිනං; සමාදියාමි සීලානි, තං මෙ අත්‍ථාය හෙහිති.

බුදුන් දහම් සඟුන් සරණ යමි, සිල් සමාදන් වෙමි. එය මගේ හිතසුව පිණිස පවතී.

“බ්‍රහ‍්මබන්‍ධු පුරෙ ආසිං, සො ඉදානිම‍්හි බ්‍රාහ‍්මණො; තෙවිජ‍්ජො සොත‍්තියො චම‍්හි, වෙදගූ චම‍්හි න‍්හාතකො”ති. –

මම පෙර බ්‍රහ්මයාගේ නෑයෙක් වීමි. එහෙයින් දැන් බ්‍රාහ්මණයෙක්මි. ත්‍රිවිද්‍යාව දත් වේදය දන්නා වූ නෑමෙන් පිරිසුදු වූ බ්‍රාහ්මණයෙක් වෙමි.

ඉමා ගාථා පච‍්චුදාහාසි.

තත්‍ථ ආදිතො තිස‍්සො ගාථා අත‍්තනො ධීතු භික‍්ඛූසු සම‍්මුතිං අනිච‍්ඡන‍්තෙන වුත‍්තා. තත්‍ථ සමණාති භොති සුපීති භොති ත්‍වං සුපනකාලෙපි “සමණා සමණා”ති කිත‍්තෙන‍්තී සමණපටිබද‍්ධංයෙව කථං කථෙන‍්තී සුපසි. සමණාති පබුජ‍්ඣසීති සුපනතො උට‍්ඨහන‍්තීපි “සමණා”ඉච‍්චෙවං වත්‍වා පබුජ‍්ඣසි නිද‍්දාය වුට‍්ඨාසි. සමණානෙව කිත‍්තෙසීති සබ‍්බකාලම‍්පි සමණෙ එව සමණානමෙව වා ගුණෙ කිත‍්තෙසි අභිත්‍ථවසි. සමණී නූන භවිස‍්සසීති ගිහිරූපෙන ඨිතාපි චිත‍්තෙන සමණී එව මඤ‍්ඤෙ භවිස‍්සසි. අථ වා සමණී නූන භවිස‍්සසීති ඉදානි ගිහිරූපෙන ඨිතාපි න චිරෙනෙව සමණී එව මඤ‍්ඤෙ භවිස‍්සසි සමණෙසු එව නින‍්නපොණභාවතො.

මෙහි මුල් ගාථා තුන තම දියණියගේ ඉල්ලීම නොකැමැත්තා වූ ඔහු (පියා) විසින් කියා ඇත. එහි සමණාති හොති ත්‍වං සයසි - පිනැතිය, ඔබ නිදන වේලෙහිද ‘මහණ’ යයි කියමින් මහණුන් පිළිබඳව කථාකරමින් නිදයි, සමණාති පටිබුජ්ඣසි - යහනෙන් නැගිටින විටද මහණ යනු පමණක් කියමින් නින්දෙන් අවදිවෙයි. සමණානමෙව කිත්තෙසි, හැමකල්හිම මහණුන්ගේම ගුණ කිත්තෙසි - ප්‍රශංසා කරයි. සමණී නූන භවිස්සසි ගිහි වෙසින් සිටින්නී නමුදු මනසින් මෙහෙණක්ම වී ඇතැයි සිතමි. නැතහොත්, ‘ඒකාන්තයෙන්ම මෙහෙණක් වන්නෙහිය’ යනු දැන් ගිහි ස්වරූපයෙන් සිටින නමුදු නොබෝ කලෙකින් මෙහෙණක්ම වන්නෙහිය’ යනුවෙන් ද තේරුම් ගනු ලැබේ. මහණුන් කෙරෙහිම නැඹුරු වී සිටින හෙයින්,

පවෙච‍්ඡසීති දෙසි. රොහිනී දානි පුච‍්ඡාමීති, අම‍්ම රොහිනි, තං අහං ඉදානි පුච‍්ඡාමීති බ්‍රාහ‍්මණො අත‍්තනො ධීතරං පුච‍්ඡන‍්තො ආහ. කෙන තෙ සමණා පියාති, අම‍්ම රොහිනි, ත්‍වං සයන‍්තීපි පබුජ‍්ඣන‍්තීපි අඤ‍්ඤදාපි සමණානමෙව ගුණෙ කිත‍්තයසි, කෙන නාම කාරණෙන තුය‍්හං සමණා පියායිතබ‍්බා ජාතාති අත්‍ථො.

පයච්ඡසි - දෙන්නෙහිය. රොහිණි දානි පුච්ඡාමි - දරුව රෝහිණී, මම දැන් ඔබෙන් අසමියි බමුණා තම දියණියගෙන් අසමින් එසේ කීවේය. කෙන තෙ සමණා පියා - දරුව රෝහිණී, ඔබ නිදාගන්නා විටද අවදිවන විටද අනෙක් අවස්ථාවන්හි ද මහණුන්ගේම ගුණ කියහි. කවර කරුණක් නිසා ඔබට මහණුන් කෙරෙහි ප්‍රියතාවයක් හටගෙන ඇද්ද යනු තේරුමයි.

ඉදානි බ්‍රාහ‍්මණො සමණෙසු දොසං ධීතු ආචික‍්ඛන‍්තො “අකම‍්මකාමා”ති ගාථමාහ. තත්‍ථ අකම‍්මකාමාති න කම‍්මකාමා, අත‍්තනො පරෙසඤ‍්ච අත්‍ථාවහං කිඤ‍්චි කම‍්මං න කාතුකාමා. අලසාති කුසීතා. පරදත‍්තූපජීවිනොති පරෙහි දින‍්නෙනෙව උපජීවනසීලා. ආසංසුකාති තතො එව ඝාසච‍්ඡාදනාදීනං ආසීසනකා. සාදුකාමාති සාදුං මධුරමෙව ආහාරං ඉච‍්ඡනකා. සබ‍්බමෙතං බ්‍රාහ‍්මණො සමණානං ගුණෙ අජානන‍්තො අත‍්තනාව පරිකප‍්පිතං දොසමාහ.

දැන් බමුණා මහනුන්ගේ දොස් දක්වමින් අකම්මකාමා යන ගාථාව කීවේය. එහි අකම්මකාමා - වැඩක් කිරීමට නොකැමැති, තමාට හෝ මෙරමාට හෝ ප්‍රයෝජනවත් කිසිම කාර්‍යයක් කිරිමට නොකැමැති, අලසා කුසීත වූ, පරදත්තොපජීවිනො අනුන් දෙන දෙයින්ම ජීවත්වනසුලු, ආසංසුකො එහෙයින්ම ආහාර ඇඳුම් ආදිය බලාපොරොත්තු වන, සාදුකාමාති - මිහිරි ආහාරම කැමැතිවන, බමුණා මේ සියල්ලම කීවේ තමා භික්‍ෂූන්ගේ ගුණ නොදන්නා බැවින් තමාම කල්පනාවෙන් සාදාගත් දොස්ය.

තං සුත්‍වා රොහිනී “ලද‍්ධො දානි මෙ ඔකාසො අය්‍යානං ගුණෙ කථෙතු”න‍්ති තුට‍්ඨමානසා භික‍්ඛූනං ගුණෙ කිත‍්තෙතුකාමා පඨමං තාව තෙසං කිත‍්තනෙ සොමනස‍්සං පවෙදෙන‍්තී “චීරස‍්සං වත මං, තාතා”ති ගාථමාහ. තත්‍ථ චිරස‍්සං වතාති චිරෙන වත. තාතාති පිතරං ආලපති. සමණානන‍්ති සමණෙ සමණානං වා මය‍්හං පියායිතබ‍්බං පරිපුච‍්ඡසි. තෙසන‍්ති සමණානං. පඤ‍්ඤාසීලපරක‍්කමන‍්ති පඤ‍්ඤඤ‍්ච සීලඤ‍්ච උස‍්සාහඤ‍්ච.

ආර්‍යයන්ගේ ගුණ කීමට අවස්ථාවක් ලැබී ඇතැයි තුටුපහටු වූ රෝහිණී, භික්‍ෂූන්ගේ ගුණ වණනු කැමැත්තී පළමුකොට ගුණ කීර්තනය, සතුට ප්‍රකාශ කරන්නී චිරස්සං වත යන ගාථාව කීවාය. එහි විරස්සං වත - බොහෝ කාලයකින්, තාත - පියා අමතයි. සමණානං - භික්‍ෂුන් කෙරෙහි මා දක්වන ප්‍රියභාවය ගැන අසයි. තෙසං - මහණුන්ගේ, පඤ්ඤාසීලපරක්කමං - ප්‍රඥාව, ශීලය හා උත්සාහය.

කිත‍්තයිස‍්සාමීති කථයිස‍්සාමි. පටිජානෙත්‍වා තෙ කිත‍්තෙන‍්තී “අකම‍්මකාමා අලසා”ති තෙන වුත‍්තං දොසං තාව නිබ‍්බෙඨෙත්‍වා තප‍්පටිපක‍්ඛභූතං ගුණං දස‍්සෙතුං “කම‍්මකාමා”තිආදිමාහ. තත්‍ථ කම‍්මකාමාති වත‍්තපටිවත‍්තාදිභෙදං කම‍්මං සමණකිච‍්චං පරිපූරණවසෙන කාමෙන‍්ති ඉච‍්ඡන‍්තීති කම‍්මකාමා. තත්‍ථ යුත‍්තප‍්පයුත‍්තා හුත්‍වා උට‍්ඨාය සමුට‍්ඨාය වායමනතො න අලසාති අනලසා. තං පන කම‍්මං සෙට‍්ඨං උත‍්තමං නිබ‍්බානාවහමෙව කරොන‍්තීති කම‍්මසෙට‍්ඨස‍්ස කාරකා. කරොන‍්තා පන තං පටිපත‍්තියා අනවජ‍්ජභාවතො රාගං දොසං පජහන‍්ති, යථා රාගදොසා පහීයන‍්ති, එවං සමණා කම‍්මං කරොන‍්ති. තෙන මෙ සමණා පියාති තෙන යථාවුත‍්තෙන සම‍්මාපටිපජ‍්ජනෙන මය‍්හං සමණා පියායිතබ‍්බාති අත්‍ථො.

කිත්තයිස්සාමි - කියන්නෙමි, එය දැනුම් දී ඒවා ප්‍රකාශ කරන්නී, ‘වැඩක් කිරීමට නොකැමැති, අලස වූ’ යනුවෙන් කියන ලද දොස් යටපත්කර ඒ පිළිබඳ ගුණ දැක්වීමට කම්මකාමා යනාදිය කීවාය. වත්පිළිවෙත් ආදි කටයුතු මහණදම් පිරීම් විසින් කැමැතිවෙත් යනුවෙන් කම්මකාමායී කියන ලදී. එහි කාර්යයෙහි යෙදීමෙන් නැගීසිට වෑයම් කරන හෙයින් අලස නොවූ යන අරුතින් අනලසා, ඒ කාර්‍යය වනාහි ශ්‍රේෂ්ඨය, උත්තමය, නිවන් ගෙනදෙන්නේමය යනුවෙන් කම්මසෙට්ඨස්ස කාරකායී කියන ලදී. ඒ කාර්‍යය කිරීමේ පිළිවෙතින් නිෂ්ඵල නොවන බැවින් රාගං දොසං පජහන්ති - රාග ද්වේශ ආදිහු යම් ආකාරයකින් පහව යෙද්ද ඒ ආකාරයෙන් මහණකම කරති, තෙන මෙ සමණා පියා - කියනලද පරිදි මනාලෙස පිළිපැදීම නිසා මට භික්‍ෂූහු පියා, ප්‍රියවෙති. යන තේරුමය.

තීණි පාපස‍්ස මූලානීති ලොභදොසමොහසඞ‍්ඛාතානි අකුසලස‍්ස තීණි මූලානි. ධුනන‍්තීති නිග‍්ඝාතෙන‍්ති, පජහන‍්තීති අත්‍ථො. සුචිකාරිනොති අනවජ‍්ජකම‍්මකාරිනො. සබ‍්බං පාපං පහීනෙසන‍්ති අග‍්ගමග‍්ගාධිගමෙන එසං සබ‍්බම‍්පි පාපං පහීනං.

තීණි පාපස්ස මූලානි - ලෝභ දෝස මෝහ යන අකුසල්මුල් තුන, ධුනන්ති - විනාශ කරති, දුරුකරති යන අරුත්ය. සුචිකාරිනො - නිවැරදි කටයුතු කරන, සබ්බපාපං පහීනෙසං - අග්‍රමාර්ගය ලබාගැනීමෙන් මේ සියලු පව් දුරුවේ.

එවං “සමණා සුචිකාරිනො”ති සඞ‍්ඛෙපතො වුත‍්තමත්‍ථං විභජිත්‍වා දස‍්සෙතුං “කායකම‍්ම”න‍්ති ගාථමාහ. තං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

මෙසේ මහණුන් නිවැරදි කටයුතු කරන බවට ලුහුඬින් කළ ප්‍රකාශය කොටස් වශයෙන් දක්වනු පිණිස කායකම්මං යනාදිය කීවාය. එය මැනැවින් දතයුත්තේමය.

විමලා සඞ‍්ඛමුත‍්තාවාති සුධොතසඞ‍්ඛා විය මුත‍්තා විය ච විගතමලා රාගාදිමලරහිතා. සුද‍්ධා සන‍්තරබාහිරාති සන‍්තරඤ‍්ච බාහිරඤ‍්ච සන‍්තරබාහිරං. තතො සන‍්තරබාහිරතො සුද‍්ධා, සුද‍්ධාසයපයොගාති අත්‍ථො. පුණ‍්ණා සුක‍්කාන ධම‍්මානන‍්ති එකන‍්තසුක‍්කෙහි අනවජ‍්ජධම‍්මෙහි පරිපුණ‍්ණා, අසෙඛෙහි සීලක‍්ඛන්‍ධාදීහි සමන‍්නාගතාති අත්‍ථො.

විමලා සංඛමුත්තා වා - මැනැවින් ධෝවනය කළ සක්ගෙඩියක් හෝ මුතු ඇටයක් මෙන් පහකළ රාගාදී කෙලෙස්මළ ඇති, සුද්ධා සන්තරබාහිරා - ඇතුළත හා පිටත සන්තරබාහිර යනුවෙන් හැඳින්වේ. එයින් ඇතුළත හා පිටත පිරිසුදු බව කියවේ. පිරිසුදු චේතනාව ඇතිවියයුතු බව අදහස් කෙරේ. පුණ්ණා සුක්කෙහි ධම්මෙහි - ඒකාන්තයෙන්ම ධවල වූ නිවැරදි ධර්‍මයන්ගෙන් පරිපූර්‍ණවූ, අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධාදියෙන් සමන්විත වූ යන අර්ථයි.

සුත‍්තගෙය්‍යාදිබහුං සුතං එතෙසං, සුතෙන වා උප‍්පන‍්නාති බහුස‍්සුතා, පරියත‍්තිබාහුසච‍්චෙන පටිවෙධබාහුසච‍්චෙන ච සමන‍්නාගතාති අත්‍ථො. තමෙව දුවිධම‍්පි ධම‍්මං ධාරෙන‍්තීති ධම‍්මධරා. සත‍්තානං ආචාරසමාචාරසික‍්ඛාපදෙන අරීයන‍්තීති අරියා. ධම‍්මෙන ඤායෙන ජීවන‍්තීති ධම‍්මජීවිනො. අත්‍ථං ධම‍්මඤ‍්ච දෙසෙන‍්තීති භාසිතත්‍ථඤ‍්ච දෙසනාධම‍්මඤ‍්ච කථෙන‍්ති පකාසෙන‍්ති. අථ වා අත්‍ථතො අනපෙතං ධම‍්මතො අනපෙතඤ‍්ච දෙසෙන‍්ති ආචික‍්ඛන‍්ති.

සූත්‍රගෙය්‍යාදී ධර්‍මයන් බොහෝකොට ඇසීමෙන් යුක්ත වූ යන තේරුමෙන් බහුස්සුතා වෙයි. පරියත්ති - (පූර්‍ණත්වය = පර්‍යාප්ති) ඤාණයෙන් හා පටිවෙධ (අවබෝධය) ඥානයෙන් සමන්විත යන අදහසය. එම දෙවැදැරුම් ධර්‍මය (පර්‍යාප්ති හා ප්‍රතිවෙධ) දරානුයි ධම්මධරා - සත්ත්වයන්ගේ ආචාර සමාචාර ශික්‍ෂා පදයෙන් සතුටුවෙනුයි, අරියා - ධර්‍ම න්‍යායයෙන්, ධර්‍මන්‍යායට අනුව ජීවත්වෙනුයි ධම්මජීවිනො අත්‍ථං ධම්මං ච දෙසෙන්ති - දෙසූ අරුත ද දෙසන දහමද ප්‍රකාශ කරති, කියති. නැතහොත් අර්ථ වශයෙන් හා ධර්‍ම වශයෙන් නොසිස් වූ ධර්‍මය දේශනා කරති.

එකග‍්ගචිත‍්තාති සමාහිතචිත‍්තා. සතිමන‍්තොති උපට‍්ඨිතසතිනො.

එකග්ගචිත්තා - එකඟ වූ සිත් ඇති, සතිමතො - එළඹ සිටි සිහිය ඇති,

දූරඞ‍්ගමාති අරඤ‍්ඤගතා, මනුස‍්සූපචාරං මුඤ‍්චිත්‍වා දූරං ගච‍්ඡන‍්තා, ඉද‍්ධානුභාවෙන වා යථාරුචිතං දූරං ඨානං ගච‍්ඡන‍්තීති දූරඞ‍්ගමා. මන‍්තා වුච‍්චති පඤ‍්ඤා, තාය භණනසීලතාය මන‍්තභාණී. න උද‍්ධතාති අනුද‍්ධතා, උද‍්ධච‍්චරහිතා වූපසන‍්තචිත‍්තා. දුක‍්ඛස‍්සන‍්තං පජානන‍්තීති වට‍්ටදුක‍්ඛස‍්ස පරියන‍්තභූතං නිබ‍්බානං පටිවිජ‍්ඣන‍්ති.

දූරංගමා, වනගතවූ, මිනිස් හසර අතහැර දුරට යන්නාවූ, සෘද්ධි බලයෙන් හෝ කැමති පරිදි දුරතැනකට යේනුයි දූරංගමා. නුවණ, ප්‍රඥාව වශයෙන් හැඳින්වේ. ඒ අනුව පවසනසුලු බව මන්තභාණී වේ. උඩඟු නොවූ යන අරුතින් අනුද්ධතා - උඩඟුකමෙන් තොරව, සන්සුන් සිත් ඇති. දුක්‍ඛස්සන්තං පජානන්ති - සසර දුකෙහි කෙළවර වූ නිවන අවබෝධ කරගනිති.

න විලොකෙන‍්ති කිඤ‍්චනන‍්ති යතො ගාමතො පක‍්කමන‍්ති, තස‍්මිං ගාමෙ කඤ‍්චි සත‍්තං වා සඞ‍්ඛාරං වා අපෙක‍්ඛාවසෙන න ඔලොකෙන‍්ති, අථ ඛො පන අනපෙක‍්ඛාව ගච‍්ඡන‍්ති පක‍්කමන‍්ති.

නාවලොකෙති කිඤ්චනං - යම් ගමකින් පිටත්වෙද්ද ඒ ගමෙහි කිසි සත්ත්වයෙකු හෝ සංස්කාරයක් හෝ අපේක්‍ෂාවෙන් කිසිවක් දෙස නොබලති. ඒ එසේ නම් අපේක්‍ෂා රහිතව පිටව යති.

න තෙ සං කොට‍්ඨෙ ඔපෙන‍්තීති තෙ සමණා සං අත‍්තනො සන‍්තකං සාපතෙය්‍යං කොට‍්ඨෙ න ඔපෙන‍්ති න පටිසාමෙත්‍වා ඨපෙන‍්ති තාදිසස‍්ස පරිග‍්ගහස‍්ස අභාවතො. කුම‍්භින‍්ති කුම‍්භියං. ඛළොපියන‍්ති පච‍්ඡියං. පරිනිට‍්ඨිතමෙසානාති පරකුලෙසු පරෙසං අත්‍ථාය සිද‍්ධමෙව ඝාසං පරියෙසන‍්තා.

න තෙසං කොට්ඨෙ ඔපෙන්ති - ඒ මහණහු තම සතු සැපසම්පත් කොටගුළුවල නොතබති. ආවරණය කර නොතබති. එවැනි පරිග්‍රහණයක් (අයත්කර ගැනීමක්) නොමැතිය. කුම්හිං - බඳුනෙහි, බළොපියං- පැසෙහි, පරීනිට්ඨිතමෙසානා - අනෙක් අයගේ පවුල අනෙක් අයගේ ප්‍රයෝජනය පිණිස කෑම සෙවීම නිමව ඇත.

හිරඤ‍්ඤන‍්ති කහාපණං. රූපියන‍්ති රජතං. පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්තීති අතීතං අනනුසොචන‍්තා අනාගතඤ‍්ච අපච‍්චාසීසන‍්තා පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්ති අත‍්තභාවං පවත‍්තෙන‍්ති.

හිරඤ්ඤං - කහවණු, රූපියං - රිදී, පච්චුපන්නෙන යාපෙන්ති - අතීතය ගැන කණගාටු නොවෙමින් අනාගතය ගැන බලාපොරොත්තු නොවෙමින් වර්‍තමානයෙන් යැපෙති, ජීවිතය පවත්වා ගනිති.

අඤ‍්ඤමඤ‍්ඤං පිහයන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤස‍්මිං මෙත‍්තිං කරොන‍්ති. “පිහායන‍්ති”පි පාඨො, සො එව අත්‍ථො.

අඤ්ඤමඤ්ඤං පියායන්ති - එකිනෙක්කෙනා කෙරෙහි මෛත්‍රිය පතුරුවති, ප්‍රියකරති යනුවෙන් ද තවත් පාඨයකි. අර්‍ථය ද එයමය.

එවං සො බ්‍රාහ‍්මණො ධීතුයා සන‍්තිකෙ භික‍්ඛූනං ගුණෙ සුත්‍වා පසන‍්නමානසො ධීතරං පසංසන‍්තො “අත්‍ථාය වතා”තිආදිමාහ.

මෙසේ ඒ බමුණා දියණියගෙන් භික්‍ෂූන්ගේ ගුණ අසා පැහැදුණු මනසින් දියණියට පසසන්නී, අත්‍ථාය වත යනාදිය කීවේය.

අම‍්හම‍්පීති අම‍්හාකම‍්පි. දක‍්ඛිණන‍්ති දෙය්‍යධම‍්මං.

අහම්පි - අපේද, දක්‍ඛිණං - දියයුතු දෙය,

එත්‍ථාති එතෙසු සමණෙසු. යඤ‍්ඤොති දානධම‍්මො. විපුලොති විපුලඵලො. සෙසං වුත‍්තනයමෙව.

එත්‍ථ - මේ භික්‍ෂූන් කෙරෙහි, යඤ්ඤො දානවස්තුව විපුලො - මහත්වූ ප්‍රතිඵලය, සෙස්ස යට කියනලද පරිදිය.

එවං බ්‍රාහ‍්මණො සරණෙසු සීලෙසු ච පතිට‍්ඨිතො අපරභාගෙ සඤ‍්ජාතසංවෙගො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාය අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානෙන‍්තො “බ්‍රහ‍්මබන්‍ධූ”ති ගාථමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

මෙසේ ඒ බමුණා සරණ සිල්හි පිහිටා පසු කලෙක හටගත් සංවේගය ඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා තමාගේ පිළිවෙත බලා උදම් අනමින් බ්‍රහ්මබන්‍ධු යන ගාථා ප්‍රකාශ කළේය. එහි තේරුම ඉහත කියනලද පරිදිය.

රොහිනීථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රෝහිණී තෙරණියගේ ගාථාවර්‍ණනාව නිමි.