අම්බපාලිථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අම්බපාලිථෙරීගාථාවණ්ණනා
අම්බපාලී ථේරීගාථා වර්ණනාව
වීසතිනිපාතෙ කාළකා භමරවණ්ණසාදිසාතිආදිකා අම්බපාලියා ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී සිඛිස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා උපසම්පන්නා හුත්වා භික්ඛුනිසික්ඛාපදං සමාදාය විහරන්තී, එකදිවසං සම්බහුලාහි භික්ඛුනීහි සද්ධිං චෙතියං වන්දිත්වා පදක්ඛිණං කරොන්තී පුරෙතරං ගච්ඡන්තියා ඛීණාසවත්ථෙරියා ඛිපන්තියා සහසා ඛෙළපිණ්ඩං චෙතියඞ්ගණෙ පතිතං, ඛීණාසවත්ථෙරියා අපස්සිත්වා ගතාය අයං පච්ඡතො ගච්ඡන්තී තං ඛෙළපිණ්ඩං දිස්වා “කා නාම ගණිකා ඉමස්මිං ඨානෙ ඛෙළපිණ්ඩං පාතෙසී”ති අක්කොසි. සා භික්ඛුනිකාලෙ සීලං රක්ඛන්තී ගබ්භවාසං ජිගුච්ඡිත්වා ඔපපාතිකත්තභාවෙ චිත්තං ඨපෙසි. තෙන චරිමත්තභාවෙ වෙසාලියං රාජුය්යානෙ අම්බරුක්ඛමූලෙ ඔපපාතිකා හුත්වා නිබ්බත්ති. තං දිස්වා උය්යානපාලො නගරං උපනෙසි. අම්බරුක්ඛමූලෙ නිබ්බත්තතාය සා අම්බපාලීත්වෙව වොහරීයිත්ථ. අථ නං අභිරූපං දස්සනීයං පාසාදිකං විලාසකන්තතාදිගුණවිසෙසසමුදිතං දිස්වා සම්බහුලා රාජකුමාරා අත්තනො අත්තනො පරිග්ගහං කාතුකාමා අඤ්ඤමඤ්ඤං කලහං අකංසු. තෙසං කලහවූපසමත්ථං තස්සා කම්මසඤ්චොදිතා වොහාරිකා “සබ්බෙසං හොතූ”ති ගණිකාට්ඨානෙ ඨපෙසුං. සා සත්ථරි පටිලද්ධසද්ධා අත්තනො උය්යානෙ විහාරං කත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙත්වා පච්ඡා අත්තනො පුත්තස්ස විමලකොණ්ඩඤ්ඤත්ථෙරස්ස සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තී අත්තනො සරීරස්ස ජරාජිණ්ණභාවං නිස්සාය සංවෙගජාතා සඞ්ඛාරානං අනිච්චතං විභාවෙන්තී –
විසිවන නිපාතයෙහි කාලකා හමරවණ්ණ සාදිසා යනාදී ගාථා අම්බපාලි තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරමින් සිටි බුදුන්ගේ කාලයෙහි සසුනෙහි පැවිදිව උපසම්පදාව ලැබ භික්ෂුණි ශික්ෂා සමාදන්ව වෙසෙන්නී දිනක් බොහෝ භික්ෂුණීන් සමග චෛත්‍යය වැඳ පැදකුණු කරන්නී ඇයට ඉදිරියෙන් යන රහත් තෙරණියක් දැමු කෙලපිඬක් සෑමළුවෙහි වැටිණ. ඕ එය නොදැක ගියාය. ඇයට පසුව යන මොතොමෝ කවර නම් ගණිකාවක් මෙහි කෙලපිඬක් දැමුවාදයි බැණවැදුණාය. ඕතොමෝ භික්ෂුණී කාලයෙහි සිල් රකින්නී මවුකුසකින් බිහිවීම පිළිකුල්කර ඕපපාතිකව ඉපදීමෙහි සිත යෙදුවාය. එහෙයින් අවසාන ආත්ම භාවයෙහි විශාලා නුවර රජුගේ උයනෙහි අඹරුකක් මුල ඕපපාතිකව උපන්නාය. ඇය දුටු උයන්පල්ලා ඇය නගරයට ගෙන ගියේය. අඹුරුක්මුල උපන් හෙයින් ඕ අම්බපාලී නමින් පළට වූවාය. රූසපුවෙන් හා පහදවන විලාශාදියෙන් හෙබි ඇය දුටු බොහෝ රජකුමරුවෝ ඇය විවාහ කරගැනීමට කැමැත්තාහු එකිනෙකා කෝලාහල කරගත්හ. ඔවුන්ගේ කලහ සමනය කරනු පිණිස කර්ම බලයෙන් මෙහෙයවනු ලැබූ විනිසුරුවෝ සියල්ලන්ටම ඇය අයිති වේවායි ගණිකා තනතුරෙහි පිහිටුවා ලූහ. ඕතොමෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැදැහැ උපදවා තමාගේ උයනෙහි විහාරයක් කරවා බුදුන් පෙරටුකොට භික්ෂු සංඝයාට පුජාකර පසුව තමාගේ පුත්වූ විමලකොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා පැවිදිව විදසුන් වඩා තමාගේ සිරුරෙහි ජරාජීර්ණභාවය නිසා හටගත් සංවේගයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යතාව සිහිකරන්නී මේ ගාථා ප්‍රකාශ කළාය.
“කාළකා භමරවණ්ණසාදිසා, වෙල්ලිතග්ගා මම මුද්ධජා අහුං; තෙ ජරාය සාණවාකසාදිසා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
කලුවන් බමර පැහැයෙන් යුත් අක්බඹරු කෙස්කළඹ දැන් දිරා ගොස් හණ ලණු කැරැල්ලක් වැනිය. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“වාසිතොව සුරභී කරණ්ඩකො, පුප්ඵපූර මම උත්තමඞ්ගජො; තං ජරායථ සලොමගන්ධිකං, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙර මගේ කෙස් කළඹ මලින් හා සුවඳින් පිරුණු කරඬුවකි. දිරාගිය එයින් දැන් හාලොම් ගඳ හමයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“කානනංව සහිතං සුරොපිතං, කොච්ඡසූචිවිචිතග්ගසොභිතං; තං ජරාය විරලං තහිං තහිං, සච්චවාදිවචනං අනඤ්ඤථා.
මනාකොට වවන ලද උයනක් වැනිවූ, පනාදැති අගින් හොබවන ලද අග ඇති මගේ කේශකලාපය දැන් දිරීමෙන් තැන්තැන්වල ගැලවී ගොස් ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ,
“කණ්හඛන්ධකසුවණ්ණමණ්ඩිතං, සොභතෙ සුවෙණීහිලඞ්කතං; තං ජරාය ඛලිතං සිරං කතං, සච්චවාදිවචනං අනඤ්ඤථා.
රන්හුයෙන් සරසනු ලැබූ මනා රැළිවලින් හෙබි ඒ හිස දැන් දිරා යෑමෙන් කිළිටි වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“චිත්තකාරසුකතාව ලෙඛිකා, සොභරෙ සු භමුකා පුරෙ මම; තා ජරාය වලිභිප්පලම්බිතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
සිත්තරෙකු විසින් මනාකොට අදිනු ලැබූ රේඛා දෙකක් වැනිවූ මගේ ඒ බැමසඟළ දැන් ජරාවෙන් රැළි ගැසී එල්බෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“භස්සරා සුරුචිරා යථා මණී, නෙත්තහෙසුමභිනීලමායතා; තෙ ජරායභිහතා න සොභරෙ, සච්චවාදිවචනං අනඤ්ඤථා.
කැලුම් විහිදුවන බෙහෙවින් ළගන්නාසුලු නිල්මිණි දෙකක් වැනිවූ ඒ මගේ දිගු නෙත් දෙක දැන් ජරාවෙන් මැඩී ඇත්තේ නොහොබී. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“සණ්හතුඞ්ගසදිසී ච නාසිකා, සොභතෙ සු අභියොබ්බනං පති; සා ජරාය උපකූලිතා විය, සච්චවාදිවචනං අනඤ්ඤථා.
යෞවනයෙහි සියුම්ව උස්ව පිහිටියා වූ මගේ නාසය ජරාවෙන් කිළිටි වී ඇත්තාක් මෙනි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“කඞ්කණංව සුකතං සුනිට්ඨිතං, සොභරෙ සු මම කණ්ණපාළියො; තා ජරාය වලිභිප්පලම්බිතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
මනාකොට නිමවනලද රුවන්මුවා වළලු දෙකක් වැනිවූ මගේ කන්පෙති දෙක දැන් රැළි වැටී එල්බෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“පත්තලීමකුලවණ්ණසාදිසා , සොභරෙ සු දන්තා පුරෙ මම; තෙ ජරාය ඛණ්ඩිතා චාසිතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
කෙසෙල් ගොබයක පැහැයට සමානවූ මගේ මනහර දත් දෙපෙළ දැන් දිරා ගොස් කැඩී බිඳී කහපැහැය ගැන්වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“කානනම්හි වනසණ්ඩචාරිනී, කොකිලාව මධුරං නිකූජිහං; තං ජරාය ඛලිතං තහිං තහිං, සච්චවාදිවචනං අනඤ්ඤථා.
මිහිරිකොට කුජනය කරමින් වනරොදෙහි සැරිසරණ කෙවුලියක මෙන් මිහිරි ගී ගැයීමි. දැන් එය කැඩීබිඳී ගොස් ඇති හෙයින් හඬ පැකිළෙයි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“සණ්හකම්බුරිව සුප්පමජ්ජිතා, සොභතෙ සු ගීවා පුරෙ මම; සා ජරාය භග්ගා විනාමිතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
මගේ ග්රීවය ඔපමට්ටම් කළ රන්සකක් මෙන් ශෝභාසම්පන්න විය. දැන් එය දිරායාම නිසා බිදී නැමී ගොස් ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“වට්ටපලිඝසදිසොපමා උභො, සොභරෙ සු බාහා පුරෙ මම; තා ජරාය යථා පාටලිබ්බලිතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
වටමටවූ පොලු දෙකක් වැනි වූ මගේ බාහු යුග්මය එකල පියකරු විය. දැන් එය දිරා ගොස් තිබෙන හෙයින් පැළුණු පළොල් දඬු දෙකක් මෙනි. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“සණ්හමුද්දිකසුවණ්ණමණ්ඩිතා , සොභරෙ සු හත්ථා පුරෙ මම; තෙ ජරාය යථා මූලමූලිකා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
රන්වළලුවලින් අලංකාර වූ දෙඅත පෙරකල බැබළෙමින් තිබිණ. ජරාව හේතුකොට ගෙන එය දැන් කැඩීගිය මුල් කැබැල්ලක් වැනිය. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“පීනවට්ටසහිභුග්ගතා උභො, සොභරෙ සු ථනකා පුරෙ මම; ථෙවිකීව ලම්බන්ති නොදකා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙරදින උඩබලා සිටියා වූ මගේ පුන් පියොවුරු දෙක බෙහෙවින් ළගන්නාසුලු විය. දැන් එය වියළි පෙරහන්කඩයක් මෙන් එල්බෙමින් පවතී, බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“කඤ්චනස්ස ඵලකංව සම්මට්ඨං, සොභතෙ සු කායො පුරෙ මම; සො වලීහි සුඛුමාහි ඔතතො, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙර මගේ සිරුර මටසිලිටි වූ රුවන්කඩක් මෙන් කාන්තිමත් විය. දැන් එය වැකරැළිවලින් සලකුණු වී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“නාගභොගසදිසොපමා උභො, සොභරෙ සු ඌරූ පුරෙ මම; තෙ ජරාය යථා වෙළුනාළියො, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙර මගේ දෙවටොර නයිපෙනයක් මෙන් සුසිනිඳු විය. ජරාව නිසා දැන් එය උණපතුරු මෙන් දක්නට ලැබේ. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“සණ්හනූපුරසුවණ්ණමණ්ඩිතා, සොභරෙ සු ජඞ්ඝා පුරෙ මම; තා ජරාය තිලදණ්ඩකාරිව, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙරදින මගේ දඟයුග පළන් රන්නුරුවළාවලින් හෙබුණේ වේ. දැන් එය තලනාරටු මෙන් දිරා ගොස් ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“තූලපුණ්ණසදිසොපමා උභො, සොභරෙ සු පාදා පුරෙ මම; තෙ ජරාය ඵුටිතා වලීමතා, සච්චවාදිවචනං අනඤ්ඤථා.
පෙරදින මගේ මනහර දෙපා පුලුන් පිර වූ කොට්ටයක් මෙන් මුදු මොළොක් විය. දිරායාම නිසා දැන් එය රැළිගැසී ඇත. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
“එදිසො අහු අයං සමුස්සයො, ජජ්ජරො බහුදුඛානමාලයො; සොපලෙපපතිතො ජරාඝරො, සච්චවාදිවචනං අනඤ්ඤථා”ති. –
දිරාගියාවූ බොහෝ දුක්වලට වාසස්ථානයක් වූ මේ සිරුර එවැනි විය. ජරාවට ආවාසයක් වූ කෙලෙස්වලින් වැඩුණු මේ සිරුර එවැනිය. බුදුන්ගේ වචනය වෙනස් නොවේ.
ඉමා ගාථායො අභාසි.
තත්ථ කාළකාති කාළකවණ්ණා. භමරවණ්ණසාදිසාති කාළකා හොන්තාපි භමරසදිසවණ්ණා, සිනිද්ධනීලාති අත්ථො. වෙල්ලිතග්ගාති කුඤ්චිතග්ගා, මූලතො පට්ඨාය යාව අග්ගා කුඤ්චිතා වෙල්ලිතාති අත්ථො. මුද්ධජාති කෙසා. ජරායාති ජරාහෙතු ජරාය උපහතසොභා. සාණවාකසාදිසාති සාණසදිසා වාකසදිසා ච, සාණවාකසදිසා චෙව මකචිවාකසදිසා චාතිපි අත්ථො. සච්චවාදිවචනං අනඤ්ඤථාති සච්චවාදිනො අවිතථවාදිනො සම්මාසම්බුද්ධස්ස “සබ්බං රූපං අනිච්චං ජරාභිභූත”න්තිආදිවචනං අනඤ්ඤථා යථාභූතමෙව, න තත්ථ විතථං අත්ථීති.
එහි කාලකා - කලු පැහැය, භමරවණ්ණසාදිසා - කලුවුවද මීමැස්සන්ගේ පැහැයට සමාන, සිනිඳු නිල් පැහැය ඇති යනු තේරුමය. වෙල්ලිතග්ගා - වකුටු වූ අග ඇති, මුල පටන් අග දක්වා රැළි ගැසී ඇතිබව වෙල්ලිත යන්නෙහි තේරුමය. මුද්ධජා - කෙස්, ජරාව - හේතුකොටගෙන, දිරායාමෙන් ශෝභාව නැතිවී, සාණවාහකසදිසා - හණනූල් වැනි හෝ වැහැරි (වල්කල-වාක) වැනි හෝ හණවැහැරී වැනි වූ, පොතුවලින් සෑදු රෙදි යනුවෙන් ද පාඨයකි. සච්චවාදිච්චනං අනඤ්ඤතා - සත්‍යවාදී වූ අතථ්‍ය වූවක් කථා නොකරන සම්මා සම්බුදුන්ගේ ‘සියලු රූපය අනිත්‍යය, ජරාවෙන් යටපත් වේ’ යනාදී දේශනාව වෙනස් නොවේ, තත්වාකාරයෙන් සිදුවේ. එහි අනෙක් ආකාරයක් නැත,
වාසිතොව සුරභී කරණ්ඩකොති පුප්ඵගන්ධවාසචුණ්ණාදීහි වාසිතො වාසං ගාහාපිතො පසාධනසමුග්ගො විය සුගන්ධි. පුප්ඵපූර මම උත්තමඞ්ගජොති චම්පකසුමනමල්ලිකාදීහි පුප්ඵෙහි පූරිතො පුබ්බෙ මම කෙසකලාපො නිම්මලොති අත්ථො. තන්ති උත්තමඞ්ගජං. අථ පච්ඡා එතරහි සලොමගන්ධිකං පාකතිකලොමගන්ධමෙව ජාතං. අථ වා සලොමගන්ධිකන්ති මෙණ්ඩකලොමෙහි සමානගන්ධං. “එළකලොමගන්ධ”න්තිපි වදන්ති.
වාසිතොව සුරභිකරණ්ඩකො - මල්සුවඳ වත්සුණු ආදියෙන් සුවඳ කවනු ලැබූ, සුවඳ ගැන්වූ පළඳනා සුමුගක් මෙන් සුවඳවත් වූ, පුප්ඵපුර මම උත්තමංගජා - සඳුන් දෑසමන් මාලතී ආදී මල්වලින් පිර වූ මගේ පැරණි කෙස්කළඹ පිරිසිදුවිය යනු තේරුමය. තං - කෙස් ඇතිවිය. නොහොත්, සසලෝමගන්ධික යනු හාවෙකුගේ ලොම්වලට සමාන ගඳකි. එළුවකුගේ ලෝමගන්ධය යනුවෙන් ද ඇතැමෙක් කියති.
කානනංව සහිතං සුරොපිතන්ති සුට්ඨු රොපිතං සහිතං ඝනසන්නිවෙසං උද්ධමෙව උට්ඨිතං උජුකදීඝසාඛං උපවනං විය. කොච්ඡසූචිවිචිතග්ගසොභිතන්ති පුබ්බෙ කොච්ඡෙන සුවණ්ණසූචියා ච කෙසජටාවිජටනෙන විචිතග්ගං හුත්වා සොභිතං, ඝනභාවෙන වා කොච්ඡසදිසං හුත්වා පණදන්තසූචීහි විචිතග්ගතාය සොභිතං. තන්ති උත්තමඞ්ගජං. විරලං තහිං තහින්ති තත්ථ තත්ථ විරලං විලූනකෙසං.
කානනංව සහිතං සුරොපිතං - මනාකොට වවනලද ඉසුඹුහල් සහිත වූ දිගට කෙළින් වැඩුණු සාඛා ඇති උපවනයක් වැනි, කොච්ඡසූචී විචිතග්ගසොභිතං - පෙර පනාවෙන් රන්කටුවෙන් කෙස්වල අවුල් හැරීමෙන් මනහරව ඇති හෙයින් හෙබියා වූ දෝහෝ නොහොත්, ගණකමින් පනාවක් වැනිවී පලදත්හුලින් විසිතුරු කිරීමෙන් හොබනාවූ තං - කෙස්, විරලං තහිං තහිං - තන්හි තන්හි හැළුණු කෙස් ඇති.
කණ්හඛන්ධකසුවණ්ණමණ්ඩිතන්ති සුවණ්ණවජිරාදීහි විභූසිතං කණ්හකෙසපුඤ්ජකං. යෙ පන “සණ්හකණ්ඩකසුවණ්ණමණ්ඩිත”න්ති පඨන්ති, තෙසං සණ්හාහි සුවණ්ණසූචීහි ජටාවිජටනෙන මණ්ඩිතන්ති අත්ථො. සොභතෙ සුවෙණීහිලඞ්කතන්ති සුන්දරෙහි රාජරුක්ඛමාලා සදිසෙහි කෙසවෙණීහි අලඞ්කතං හුත්වා පුබ්බෙ විරාජතෙ. තං ජරාය ඛලිතං සිරං කතන්ති තං තථා සොභිතං සිරං ඉදානි ජරාය ඛලිතං ඛණ්ඩිතාඛණ්ඩිතං විලූනකෙසං කතං.
කණ්හඛන්ධක සුවණ්ණමණ්ඩිතං - රන් විදුරු ආදියෙන් සරහනු ලැබූ කළුකෙස් වැටිය, යමෙක් ‘සණහකණ්ඩකසුවණ්ණමඩිතං’ යන පාඨය ගනිද්ද, එයින් සියුම් රන්කටුවලින් කෙස්වල අවුල් හැර සැරසු යන තේරුම ගැනේ. සොභතෙ සුවෙණිහිලංකතං - සොඳුරු රදරුක්මල් වැනි කෙස් කැරළිවලින් අලංකාර වී පෙරකල බැබළුණු. තං ජරාය ඛලිතං සිරං කතං - එදා එසේ බැබළුණු හිස දැන් ජරාවෙන් කිළිටිවී කැඩී බිදී සිඳීගිය කෙස් ඇත්තේ වේ.
චිත්තකාරසුකතාව ලෙඛිකාති චිත්තකාරෙන සිප්පිනා නීලාය වණ්ණධාතුයා සුට්ඨු කතා ලෙඛා විය සොභතෙ. සු භමුකා පුරෙ මමාති සුන්දරා භමුකා පුබ්බෙ මම සොභනං ගතා. වලිභිප්පලම්බිතාති නලාටන්තෙ උප්පන්නාහි වලීහි පලම්බන්තා ඨිතා.
චිත්තකාර සුකතාව ලෙඛිකා - චිත්‍ර ශිල්පියෙකු විසින් නිල්පාටින් අඳිනු ලැබූ රේඛාවක් මෙන් හොබනේ වේ. සුභමුකා පුරෙ මම - මගේ මනහර වූ බැම පෙර බෙහෙවින් දැකුම්කලු විය. වලීහි පලම්බිතා - නළල කෙළවර ඇතිවු රැළිවලින් එල්ලෙමින් තිබුණු,
භස්සරාති භාසුරා. සුරුචිරාති සුට්ඨු රුචිරා. යථා මණීති මණිමුද්දිකා විය. නෙත්තහෙසුන්ති සුනෙත්තා අහෙසුං. අභිනීලමායතාති අභිනීලා හුත්වා ආයතා. තෙති නෙත්තා. ජරායභිහතාති ජරාය අභිහතා.
භස්සර - ප්‍රභාස්වර, සුරුචිරා - බෙහෙවින් මනහර වූ, යථා මණි - මිණිමුවා මුද්දක් වැනි, නෙත්තා හෙසුං - පියකරු නෙත් විය, අභිනීලමායතා - අතිශයින් නිලවර්ණ වූවාක් මෙන්ම දීර්ඝ ද විය. තෙ - ඒ දෙනෙත, ජරායභිහතා - ජරාවෙන් පැහැරුණු,
සණ්හතුඞ්ගසදිසී චාති සණ්හා තුඞ්ගා සෙසමුඛාවයවානං අනුරූපා ච. සොභතෙති වට්ටෙත්වා ඨපිතහරිතාලවට්ටි විය මම නාසිකා සොභතෙ. සු අභියොබ්බනං පතීති සුන්දරෙ අභිනවයොබ්බනකාලෙ සා නාසිකා ඉදානි ජරාය නිවාරිතසොභතාය පරිසෙදිතා විය වරත්තා විය ච ජාතා.
සණහතුංගසදිසී - මෙලෙක්ව උස්ව වැඩී මුහුණෙහි අනෙක් අවයවවලට ගැළපෙන අයුරින් පිහිටියාවූ, සොභතෙ - වඩා තැබුවාවූ හිරියල් වැටියක් මෙන් මගේ නාසය හොබනේ වෙයි. සුඅභියොබ්බනං - සොඳුරු නවයොවුන් කල්හි, ඒ නාසය දැන් ජරාවෙන් පහවූ ශෝභාව ඇත්තේ පැසීගියාක් මෙන්ද වරපටියක් මෙන්ද පෙනෙයි.
කඞ්කණංව සුකතං සුනිට්ඨිතන්ති සුපරිකම්මකතං සුවණ්ණකඞ්කණං විය වට්ටුලභාවං සන්ධාය වදති. සොභරෙති සොභන්තෙ. “සොභන්තෙ”ති වා පාඨො. සුඉති නිපාතමත්තං. කණ්ණපාළියොති කණ්ණගන්ධා. වලිභිප්පලම්බිතාති තහිං තහිං උප්පන්නවලීහි වලිතා හුත්වා වට්ටනියා පණාමිතවත්ථඛන්ධා විය භස්සන්තා ඔලම්බන්ති.
කංකණංව සුකතං සුනිට්ඨිත - සුපිරියම් කළ රන්වළල්ලක් මෙන්, වටකුරුබව හැඳින්වීමට යෙදී තිබේ. සොභතෙසු - හොබියි. ‘සොභන්තෙ’ යනුවෙන් ද පාඨයකි. සු යනු නිපාත මාත්‍රයකි. කණ්ණපාලියො - කන්පෙති. වලීහි පලම්බිතා - ඒ ඒ තන්හි හටගත් රැළි කරණකොට වළගැසී, ධෝවිකාව විසින් තෙතගැන්වූ රෙදිකඩක් මෙන් එකට ඇලී එල්ලෙයි.
පත්තලීමකුලවණ්ණසාදිසාති කදලිමකුලසදිසවණ්ණසණ්ඨානා. ඛණ්ඩිතාති භෙදනපතනෙහි ඛණ්ඩිතා ඛණ්ඩභාවං ගතා. අසිතාති වණ්ණභෙදෙන අසිතභාවං ගතා.
පත්තලිමකුලවණ්ණසදිසා - කෙසෙල් ගොබයක පැහැයෙන් යුත්, ඛණ්ඩිතා - බිඳීගිය, කැඩුණු, කැඩුණු බවට ගියාවූ, පීතකා - වර්ණයෙන් කහපාටට පැමිණි,
කානනම්හි වනසණ්ඩචාරිනී, කොකිලාව මධුරං නිකූජිහන්ති වනසණ්ඩෙ ගොචරචරණෙන වනසණ්ඩචාරිනී කානනෙ අනුසංගීතනිවාසිනී කොකිලා විය මධුරාලාපං නිකූජිහං. තන්ති නිකූජිතං ආලාපං. ඛලිතං තහිං තහින්ති ඛණ්ඩදන්තාදිභාවෙන තත්ථ තත්ථ පක්ඛලිතං ජාතං.
කානනම්හි වනසණ්ඩචාරිණි කොකිලාව මධුරං නිකුජීහං - කැලෑරොදෙහි ගොදුරු පිණිස ඇවිදින යන අරුතින් වනසණ්ඩචාරිණී. කැලෑවෙහි පුරුදු පරිදි වෙසෙන කෙවිලියක මෙන් මම මිහිරි බස් තෙපුලෙමි, කීවෙමි. ඒ නිකුජනය, ගැයීම, ඛලිතං තහිං තහිං - දත් සිදිබිඳී ගොස් ඇති බැවින් ඒ ඒ තන්හි පැකිලෙයි.
සණ්හකම්බුරිව සුප්පමජ්ජිතාති සුට්ඨු පමජ්ජිතා සණ්හා සුවණ්ණසඞ්ඛා විය. භග්ගා විනාමිතාති මංසපරික්ඛයෙන විභූතසිරාජාලතාය භග්ගා හුත්වා විනතා.
සණ්හකම්බුරිව සුප්පමජ්ජිතා - මනාකොට පිරිමැදුණු රන්සකක් වැනි වූ භග්ගා විනාමිතා, මස් හීනවීමෙන් හකුළුණු නහරවැල් ඇති හෙයින් වකගැසුණු, නැමුණු,
වට්ටපලිඝසදිසොපමාති වට්ටෙන පලිඝදණ්ඩෙන සමසමා. තාති තා උභොපි බාහායො. යථා පාටලිබ්බලිතාති ජජ්ජරභාවෙන පලිතපාටලිසාඛාසදිසා.
වට්ටපලිඝසදිසොපමා - වටකුරු මුගුරු දඬුවකට සමාන වූ, තා - ඒ බාහු යුග්මය, යථා පාටලිප්පලිතා - දැදුරු වී ඇති බැවින් මුහුකුරා ගිය පළොල් දඬු දෙකක් වැනි වූ,
සණ්හමුද්දිකසුවණ්ණමණ්ඩිතාති සුවණ්ණමයාහි මට්ඨභාසුරාහි මුද්දිකාහි විභූසිතා. යථා මූලමූලිකාති මූලකකණ්ඩසදිසා.
සණහමුද්දිකසුවණ්ණමණ්ඩිතා - වටමටවූ රන්මුවා වළලුවලින් හෙබුණාවූ යථාමූලමූලිකා - මුල්කඩක් වැනිවූ,
පීනවට්ටසහිතුග්ගතාති පීනා වට්ටා අඤ්ඤමඤ්ඤං සහිතාව හුත්වා උග්ගතා උද්ධමුඛා. සොභතෙ සු ථනකා පුරෙ මමාති මම උභොපි ථනා යථාවුත්තරූපා හුත්වා සුවණ්ණකලසියො විය සොභිංසු. පුථුත්තෙ හි ඉදං එකවචනං, අතීතත්ථෙ ච වත්තමානවචනං. ථෙවිකීව ලම්බන්ති නොදකාති තෙ උභොපි මෙ ථනා නොදකා ගලිතජලා වෙණුදණ්ඩකෙ ඨපිතඋදකභස්මා විය ලම්බන්ති.
පීනවට්ටසහිතුග්ගතා - පිරුණු වටකුරු එකිනෙකට ගැටෙමින් උඩුකුරුව පවන්නාවූ, සොභතෙ සුථනකා පුරෙ මම - මගේ දෙපියොවුරු ඉහත කියන ලද පරිදි පුන්කලස් දෙකක් මෙන් ශෝභමාන විය. මෙය විවිධාර්ථයෙහි ඒකවචනයය. අතීතාර්‍ථයෙහි වර්තමාන ක්‍රියාවය. ථෙවිකීවලම්බන්තෙනොදකා ජලය වියළී ගොස් හැකුළුණු උණදඬුවක තැබූ දියගොටුවක් මෙන් මගේ දෙපියොවුරු එල්ලෙමින් තිබේ.
කඤ්චනඵලකංව සම්මට්ඨන්ති ජාතිහිඞ්ගුලකෙන මක්ඛිත්වා චිරපරිමජ්ජිතසොවණ්ණඵලකං විය සොභතෙ. සො වලීහි සුඛුමාහි ඔතතොති සො මම කායො ඉදානි සුඛුමාහි වලීහි තහිං තහිං විතතො වලිත්තචතං ආපන්නො.
කඤ්චනස්ස ඵලකංව සුමට්ටං - දැහිඟුලෙන් මැද බෙහෙවින් මටසිලුටුකළ ස්වර්ණ ඵලකයන් මෙන් හෙබුණේ වේ. සො වලීහිසුඛුමාහි ඔතතො - ඒ මගේ සිරුර දැන් තැන්තන්හි සියුම් රැළි නැගී රැළි දැළක් බවට පත්වී ඇත.
නාගභොගසදිසොපමාති හත්ථිනාගස්ස හත්ථෙන සමසමා. හත්ථො හි ඉධ භුඤ්ජති එතෙනාති භොගොති වුත්තො. තෙති ඌරුයො. යථා වෙළුනාළියොති ඉදානි වෙළුපබ්බසදිසා අහෙසුං.
නාගභොගසදිසොපමා - ඇතෙකුගේ අත හා සමාන වූ, අත වූකලී මෙහි ‘මෙයින් බුදිනුයි’ යන අරුතෙන් භොග නම්වේ. තෙ, දෙවටොරු, යථා වෙළුනාළියො - දැන් උණපුරුක් වැනි යයි කියනලදී.
සණ්හනූපුරසුවණ්ණමණ්ඩිතාති සිනිද්ධමට්ඨෙහි සුවණ්ණනූපුරෙහි විභූසිතා. ජඞ්ඝාති අට්ඨිජඞ්ඝායො. තාති තා ජඞ්ඝායො. තිලදණ්ඩකාරිවාති අප්පමංසලොහිතත්තා කිසභාවෙන ලූනාවසිට්ඨවිසුක්ඛතිලදණ්ඩකා විය අහෙසුං. ර-කාරො පදසන්ධිකරො.
සණ්භනූපුරසුවණ්ණමක්ඛිතා - සිනිදුවූ වටමටවූ රන් නුරුවළාවලින් හෙබි ජංඝා - දඟයුග, තා - ඒ කෙණ්ඩා දෙක, කිල දණ්ඩකාරීව - මස්ලේ හීනවීම නිසා කෙට්ටුවීමෙන් නෙලාගැනීමෙන් පසු ඉතිරිවන වියළි තලදඬු මෙන් විය. රකාරය පදදෙකේ සන්ධ්යාක්ෂරයයි.
තූලපුණ්ණසදිසොපමාති මුදුසිනිද්ධභාවෙන සිම්බලිතූලපුණ්ණපලිගුණ්ඨිතඋපාහනසදිසා. තෙ මම පාදා ඉදානි ඵුටිතා ඵලිතා, වලීමතා වලිමන්තො ජාතා.
තුලපුණ්ණසදිසොපමා - මුදුසිනිඳු බැවින් ඉඹුල් පුලුන්වලින් පිරුණු කොට්ටයක් වැනිවූ ඒ මාගේ පාද යුග්මය දැන් ඵුටිතා - පැළුණු, වලිමතා - රැළි නැගී ඇත.
එදිසොති එවරූපො. අහු අහොසි යථාවුත්තප්පකාරො. අයං සමුස්සයොති අයං මම කායො. ජජ්ජරොති සිථිලාබන්ධො . බහුදුඛානමාලයොති ජරාදිහෙතුකානං බහූනං දුක්ඛානං ආලයභූතො. සොපලෙපපතිතොති සො අයං සමුස්සයො අපලෙපපතිතො අභිසඞ්ඛාරාලෙපපරික්ඛයෙන පතිතො පාතාභිමුඛොති අත්ථො. සොපි අලෙපපතිතොති වා පදවිභාගො, සො එවත්ථො. ජරාඝරොති ජිණ්ණඝරසදිසො. ජරාය වා ඝරභූතො අහොසි. තස්මා සච්චවාදිනො ධම්මානං යථාභූතං සභාවං සම්මදෙව ඤත්වා කථනතො අවිතථවාදිනො සම්මාසම්බුද්ධස්ස මම සත්ථුවචනං අනඤ්ඤථා.
එදිසො - මෙවැනි, අහු - කියන ලද පරිදි සිදුවිය. අයං සමුස්සයො - මගේ මේ සිරුර, ජජ්ජරො - සන්ධි ලිහිල්වී බහුදුක්ඛානමාලයො - ජරාව හේතුකොට ඇතිවන්නා වූ බොහෝ දුක්වලට වාසස්ථාන වූ, සොපලෙප පතිතො - ඒ මේ සිරුර වැඩීමෙන් හීනවූ, අභිසංස්කරණයෙන් දුර්වල වූ, ඇදවැටීම පෙරටුකොට ඇත්තා වූ, යන තේරුමය. එයද ‘අලෙපපතිතො’ යනුවෙන් ද පාඨයකි. අර්ථය එයමය. ජරාඝරො - දිරාගිය ගෙයක් වැනි වූ නොහොත් ජරාවට වාසස්ථානයක් වූ යන අර්ථයයි. එහෙයින් බුදුන්ගේ ධර්මයෙහි යථාස්වභාවය මැනවින් දැනගෙන කියන හෙයින් සත්‍යය ප්‍රකාශ කරන්නා වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ වචනයෙහි වෙනසක් නොවේ.
එවං අයං ථෙරී අත්තනො අත්තභාවෙ අනිච්චතාය සල්ලක්ඛණමුඛෙන සබ්බෙසුපි තෙභූමකධම්මෙසු අනිච්චතං උපධාරෙත්වා තදනුසාරෙන තත්ථ දුක්ඛලක්ඛණං අනත්තලක්ඛණඤ්ච ආරොපෙත්වා විපස්සනං උස්සුක්කාපෙන්තී මග්ගපටිපාටියා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.4.204-219) –
මෙසේ මේ ස්ථවිරීතොමෝ තම ආත්මභාවයෙහි අනිත්‍යතාව සැලකීමෙන් සියලු ත්රීභූමකධර්මයන්හි අනිත්‍යතාව සොයා ඒ අනුසාරයෙන් එහි දුක්ඛ හා අනාත්ම ලක්ෂණයන් නගා විදර්ශනාව පණගන්වමින් මගපිළිවෙළින් ගොස් රහත් බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“යො රංසිඵුසිතාවෙළො, ඵුස්සො නාම මහාමුනි; තස්සාහං භගිනී ආසිං, අජායිං ඛත්තියෙ කුලෙ.
රශ්මි ජාලාවෙන් සමලංකෘත වූ යම් ඵුස්ස නම් බුදුවරයෙක් වීද ක්ෂත්රිය කුලයෙහි උපන්නා වූ මම උන්වහන්සේගේ සොහොයුරියක් වීමි.
“තස්ස ධම්මං සුණිත්වාහං, විප්පසන්නෙන චෙතසා; මහාදානං දදිත්වාන, පත්ථයිං රූපසම්පදං.
මම උන්වහන්සේගෙන් බණ අසා පැහැදුණු මනසින් මහදන් දී රූපසම්පත්තිය ප්‍රාර්ථනා කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, සිඛී ලොකග්ගනායකො; උප්පන්නො ලොකපජ්ජොතො, තිලොකසරණො ජිනො.
මෙයින් කල්ප තිස්ඵකකට පෙර ලොවට පහනක් වැනිවූ තිලොවට එකම පිහිටක් වූ ලෝකයට අග්රනායක වූ සිඛී බුදුන්වහන්සේ ලොව පහළවූහ.
“තදාරුණපුරෙ රම්මෙ, බ්රහ්මඤ්ඤකුලසම්භවා; විමුත්තචිත්තං කුපිතා, භික්ඛුනිං අභිසාපයිං.
එකල මනහර අරුණ පුරයෙහි බ්‍රාහ්මණ කුලයක උපන් කිපුණු අවස්ථාවක රහත් මෙහෙණකට ශාප කළෙමි.
“වෙසිකාව අනාචාරා, ජිනසාසනදූසිකා; එවං අක්කොසයිත්වාන, තෙන පාපෙන කම්මුනා.
බුදුසසුන කෙලෙසන්නා වූ වෛශ්‍යාවක මෙන් අනාවාරයෙහි යෙදුණාවූ මම එදා කළ ශාපයෙහි පාපයෙන්
“දාරුණං නිරයං ගන්ත්වා, මහාදුක්ඛසමප්පිතා; තතො චුතා මනුස්සෙසු, උපපන්නා තපස්සිනී.
දරුණු නිරයට ගොස් බොහෝ දුක් වින්දෙමි. එයින් ගොස් මිනිසුන් අතර ඉපිද යසසින් විසුවෙමි.
“දසජාතිසහස්සානි, ගණිකත්තමකාරයිං; තම්හා පාපා න මුච්චිස්සං, භුත්වා දුට්ඨවිසං යථා.
දසදහසක් ජාතිවලදී මම ගණිකා වෘත්තියෙහි යෙදුණෙමි. නපුරු විසක් කෑ මෙන් මම ඒ පාපයෙන් නොමිදෙමි.
“බ්රහ්මචරියමසෙවිස්සං, කස්සපෙ ජිනසාසනෙ; තෙන කම්මවිපාකෙන, අජායිං තිදසෙ පුරෙ.
කාශ්‍යප බුදුන්ගේ සමයෙහි මම බඹසර හැසුරුණෙමි. එහි ඵලවිපාක වශයෙන් තිදසෙහි උපන්නෙමි.
“පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, අහොසිං ඔපපාතිකා; අම්බසාඛන්තරෙ ජාතා, අම්බපාලීති තෙනහං.
පශ්චිම භවය පැමිණි කල්හි අඹ අතු දෙකක් අතර ඕපපාතිකව ඉපිද අම්බපාලී යන නමින් පළට වීමි.
“පරිවුතා පාණකොටීහි, පබ්බජිං ජිනසාසනෙ; පත්තාහං අචලං ඨානං, ධීතා බුද්ධස්ස ඔරසා.
කෙළක් ප්‍රාණීන් විසින් පිරිවරනු ලැබූ මෙම බුදුසසුනෙහි පැවිදිවීමි. බුදුන්ගේ දියණියක වූ මම නිවන්සුව ලැබුවෙමි.
“ඉද්ධීසු ච වසී හොමි, සොතධාතුවිසුද්ධියා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනි.
සෘද්ධි බලය ලැබිණ, දිවකණ පිරිසිදුවිය, පරසිත් දැනීමේ නුවණ ලැබිණ. ඉඳුරන් වසඟ කළෙමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙර විසූ අත්බැව් දනිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු අසවු සිඳදැමීමි. දැන් මට මතු උපතක් නැත.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාණ යන දැනීම් ලබාගතිමි. මගේ නුවණ පිරිසිදුය, පැහැදිලිය.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගීව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවා.
මා විසින් කෙලෙස් දවන ලදි -පෙ- බුදුන්වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
[missing trans]
“පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
[missing trans]
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන තා එව ගාථා පච්චුදාහාසීති.
ඕතොමෝ රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත දෙස ආපසු හැරී බලා උදාන වශයෙන් ඉහත දැක්වූ ගාථා ප්‍රකාශ කළාය.
අම්බපාලීථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අම්බපාලි තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.