16. සොළසනිපාතො අට්ඨකථා
16. ෂෝඩශනිපාතය
පුණ්ණාථෙරීගාථාවණ්ණනා
පුණ්ණා ථේරීගාථා වර්ණනාව
සොළසනිපාතෙ උදහාරී අහං සීතෙතිආදිකා පුණ්ණාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා හෙතුසම්පන්නතාය සඤ්ජාතසංවෙගා භික්ඛුනීනං සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා ලද්ධප්පසාදා පබ්බජිත්වා පරිසුද්ධසීලා තීණි පිටකානි උග්ගහෙත්වා බහුස්සුතා ධම්මධරා ධම්මකථිකා ච අහොසි. යථා ච විපස්සිස්ස භගවතො සාසනෙ, එවං සිඛිස්ස වෙස්සභුස්ස කකුසන්ධස්ස කොණාගමනස්ස කස්සපස්ස ච භගවතො සාසනෙ පබ්බජිත්වා සීලසම්පන්නා බහුස්සුතා ධම්මධරා ධම්මකථිකා ච අහොසි. මානධාතුකත්තා පන කිලෙසෙ සමුච්ඡින්දිතුං නාසක්ඛි. මානොපනිස්සයවසෙන කම්මස්ස කතත්තා ඉමස්මිං බුද්ධුප්පාදෙ අනාථපිණ්ඩිකස්ස සෙට්ඨිනො ඝරදාසියා කුච්ඡිම්හි නිබ්බත්ති, පුණ්ණාතිස්සා නාමං අහොසි. සා සීහනාදසුත්තන්තදෙසනාය (ම· නි· 1.146 ආදයො) සොතාපන්නා හුත්වා පච්ඡා උදකසුද්ධිකං බ්රාහ්මණං දමෙත්වා සෙට්ඨිනා සම්භාවිතා හුත්වා තෙන භුජිස්සභාවං පාපිතා තං පබ්බජ්ජං අනුජානාපෙත්වා පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තී න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.4.184-203) –
දහසයවන නිපාතයෙහි උදකමාහරිං සීතෙ - ආදිය පුණ්ණා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් විපස්සි බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැන ඉගෙනගත්කල්හි හේතුසම්පන්න බැවින් හටගත් සංවේගය ඇත්තී භික්ෂුණීන් වෙත ගොස් බණ අසා සැදැහැය ලබා පැවිදිව පිරිසිදුව සිල් ඇතිව ත්‍රිපිටකය ඉගෙන බහුශ්‍රැතව ධර්මධරව ධර්‍මකථිකාවක් වූවාය. විපස්සි බුදුන්ගේ කාලයෙහි මෙන්ම සිඛී වෙස්සභ කකුසඳ කෝණාගමන කස්සප යන බුදුවරුන්ගේ කාලවලද පැවිදිව පිරිසිදු සිල් ඇතිව බහුශ්‍රැත ධර්මධරව ධර්‍මකථිකාවක් වූවාය. මානය නොනැසූ හෙයින් ඇයට කෙලෙස් නැසීමට නොහැකිවිය. මානයට වසඟ වී ක්‍රියා කළ හෙයින් මේ බුදුපතෙහි අනේපිඬු සිටුවරයාගේ ගෙදර දාසියකගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයගේ නම පුණ්ණාය. ඕතොමෝ සීහනාද සූත්‍ර දේශනාව අසා සෝවාන් පෙලෙහි පිහිටා පසුව උදකසුද්ධිවාදී බ්‍රාහ්මණයෙකු හික්මවා සිටුවරයා විසින් දාසභාවයෙන් නිදහස්කර ඔහු විසින් අනුමත කරනු ලැබ පැවිදිව විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එසේ හෙයින් අපදානයෙහි කියනලදී:
“විපස්සිනො භගවතො, සිඛිනො වෙස්සභුස්ස ච; කකුසන්ධස්ස මුනිනො, කොණාගමනතාදිනො.
විපස්සි සිඛී වෙස්සභූ කකුසඳ කෝණාගමන හා කස්සප යන බුදුවරුන්ගේ කාලවල සසුනෙහි පැවිදිව සීලසම්පන්නව, සන්සුන් ඉඳුරන් ඇතිව ප්‍රඥාවන්ත භික්ෂුණියක් වී බහුශ්‍රැතව ධර්මධරව ආත්මයෙහි යථාර්ථය ඉගෙන ධර්මය අසන ධර්මය ඇසුරු කරන මම බුදුසසුනෙහි ජනතාව මැද ධර්මය දේශනා කළෙමි. ඒ බහුශ්‍රැත භාවය නිසා මම අනෙක් සිල්වත් භික්ෂුණීන් පහත්කොට සැලකීමි.
“කස්සපස්ස ච බුද්ධස්ස, පබ්බජිත්වාන සාසනෙ; භික්ඛුනී සීලසම්පන්නා, නිපකා සංවුතින්ද්රියා.
“බහුස්සුතා ධම්මධරා, ධම්මත්ථපටිපුච්ඡිකා; උග්ගහෙතා ච ධම්මානං, සොතා පයිරුපාසිතා.
“දෙසෙන්තී ජනමජ්ඣෙහං, අහොසිං ජිනසාසනෙ; බාහුසච්චෙන තෙනාහං, පෙසලා අභිමඤ්ඤිසං.
“පච්ඡිමෙ ච භවෙ දානි, සාවත්ථියං පුරුත්තමෙ; අනාථපිණ්ඩිනො ගෙහෙ, ජාතාහං කුම්භදාසියා.
දැන් මේ අවසාන ආත්මභාවයෙහි සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ගෙදර දාසියකගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
“ගතා උදකහාරියං, සොත්ථියං දිජමද්දසං; සීතට්ටං තොයමජ්ඣම්හි, තං දිස්වා ඉදමබ්රවිං.
වතුර ගෙන ඒමට ගිය මම ජලය මැද සීතලෙන් පෙළෙන සොත්ථිය බමුණා දැක මෙසේ කීවෙමි:
“උදහාරී අහං සීතෙ, සදා උදකමොතරිං; අය්යානං දණ්ඩභයභීතා, වාචාදොසභයට්ටිතා.
‘හැමදාම සීතලේ වතුර ගෙනාවෙමි. දිනපතාම ජලයට බැස්සෙමි. හාම්පුතුන්ගේ දඬුවමට බයෙන් හා ඔවුන්ගේ බැණීමට කලකිරී මම එසේ වැඩකළෙමි.
“කස්ස බ්‍රාහ්මණ ත්වං භීතො, සදා උදකමොතරි; වෙධමානෙහි ගත්තෙහි, සීතං වෙදයසෙ භුසං.
‘බ්‍රාහ්මණය, ඔබ කවරෙකුට බියෙන් හැමදාම වතුරට බසින්නෙහිද? වෙවුලන ගතින් අධික ශීතල උසුලන්නේ ඇයි?’
“ජානන්තී වත මං භොති, පුණ්ණිකෙ පරිපුච්ඡසි; කරොන්තං කුසලං කම්මං, රුන්ධන්තං කතපාපකං.
‘පව්කම් වළක්වමින් පින්කම් කරන මා ගැන පුණ්ණා, ඔබ දැනදැනම ප්‍රශ්න කරන්නෙහිය.
“යො ච වුඩ්ඪො දහරො වා, පාපකම්මං පකුබ්බති; දකාභිසෙචනා සොපි, පාපකම්මා පමුච්චති.
ළදරුවෙක් හෝ මහල්ලෙක් හෝ වේවා, ඔවුහු පව්කම් කරති. දිය නෑමෙන් ඔවුහු ද පව්කම්වලින් මිදෙති.’
“උත්තරන්තස්ස අක්ඛාසිං, ධම්මත්ථසංහිතං පදං; තඤ්ච සුත්වා ස සංවිග්ගො, පබ්බජිත්වාරහා අහු.
දියෙන් ගොඩට එන්නාවූ ඔහුට සාර්ථක ධර්මයක් දේශනා කළෙමි. එය අසා සංවේගයට පැමිණි හෙතෙම පැවිදිව රහත්විය.
“පූරෙන්තී ඌනකසතං, ජාතා දාසිකුලෙ යතො; තතො පුණ්ණාති නාමං මෙ, භුජිස්සං මං අකංසු තෙ.
සියයට අඩුව පුරවමින් යම් හෙයකින් මම දසකුලයක උපනිම්ද ඒ මා පුණ්ණා යන නමින් ඔවුහු හැඳින්වූහ, මා දාසියකද කළහ.
“සෙට්ඨිං තතොනුජානෙත්වා, පබ්බජිං අනගාරියං; න චිරෙනෙව කාලෙන, අරහත්තමපාපුණිං.
ඉක්බිති සිටුවරයා පහදවාගෙන අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. නොබෝ කලෙකින්ම රහත්බවටද පැමිණියෙමි.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
සෘද්ධි බලය ලබාගතිමි. දිවකණ, පරසිත් දැනීමේ නුවණ ලැබිණ.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කළෙමි, සියලු අසවු නැසුයෙමි, මෙයින් මතු මට උපතක් නොමැත.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානයෙහි බුදුන්ගේ අනුහසින් මගේ නුවණ පිරිසිදු විය, නිකැළැල් විය.
“භාවනාය මහාපඤ්ඤා, සුතෙනෙව සුතාවිනී; මානෙන නීචකුලජා, න හි කම්මං විනස්සති.
ශ්රැතියෙන් සමන්විත වූ තැනැත්තී ඒ ශ්‍රැතිය කරණකොටගෙන මෙන් භාවනාවෙන් මහා ප්‍රඥාව ලබා මානය නිසා පහත් කුලයක උපත ලබයි, කර්මය විනාශ නොවෙයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ කෙළෙස් දැවිණ -පෙ- බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
රහත් බවට පැමිණ තමාගේ පිළිවෙත පිරික්සා බලා උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය.
“උදහාරී අහං සීතෙ, සදා උදකමොතරිං; අය්යානං දණ්ඩභයභීතා, වාචාදොසභයට්ටිතා.
හාම්පුතුන්ගේ දඬුවම්වලට හා බැණුම්වලට බියෙන් මම වතුර ඇද්දෙමි, වතුරට බැස්සෙමි.
“කස්ස බ්‍රාහ්මණ ත්වං භීතො, සදා උදකමොතරි; වෙධමානෙහි ගත්තෙහි, සීතං වෙදයසෙ භුසං.
බ්‍රාහ්මණය, ඔබ කවරෙකුට බියෙන් හැමදාම වතුරට බසින්නෙහිද? වෙවුලන ගතින් දැඩි සීතල උසුලන්නෙහිද?
“ජානන්තී වත මං භොති, පුණ්ණිකෙ පරිපුච්ඡසි; කරොන්තං කුසලං කම්මං, රුන්ධන්තං කතපාපකං.
පව්කම් වළක්වමින් පින්කම් කරන මා ගැන පුණ්ණා, ඔබ දැනදැනම ප්‍රශ්න කරන්නෙහිය, ළදරුවෙක් හෝ මහල්ලෙක් හෝ වේවා. ඔහු පව්කම්වලින් මිදෙයි.
“යො ච වුඩ්ඪො දහරො වා, පාපකම්මං පකුබ්බති; දකාභිසෙචනා සොපි, පාපකම්මා පමුච්චති.
“කො නු තෙ ඉදමක්ඛාසි, අජානන්තස්ස අජානකො; ‘දකාභිසෙචනා නාම, පාපකම්මා පමුච්චති’.
දියනෑමෙන් පව්කම්වලින් මිදෙත හැකිය යන මෙය කුමන නොදන්නෙකු කවර නොදන්නෙකුට කියන ලද්දක්ද?
“සග්ගං නූන ගමිස්සන්ති, සබ්බෙ මණ්ඩූකකච්ඡපා; නාගා ච සුසුමාරා ච, යෙ චඤ්ඤෙ උදකෙ චරා.
සියලු මැඩියෝ කැස්බෑවෝ කිඹුලෝ හා අනෙකුත් ජලජීවීහු ඒකාන්තයෙන්ම ස්වර්ගයට යන්නාහුය.
“ඔරබ්භිකා සූකරිකා, මච්ඡිකා මිගබන්ධකා; චොරා ච වජ්ඣඝාතා ච, යෙ චඤ්ඤෙ පාපකම්මිනො; දකාභිසෙචනා තෙපි, පාපකම්මා පමුච්චරෙ.
බැටළු සූකර මත්ස්‍ය මෘග ඝාතකයෝ ද, සොරුද, වද්‍ය ඝාතකයෝ ද අනෙකුත් පව්කම් කරන්නෝද, ජලස්පර්ශයෙන් පව්කම්වලින් මිදෙන්නෝය.
“සචෙ ඉමා නදියො තෙ, පාපං පුබ්බෙ කතං වහුං; පුඤ්ඤම්පි මා වහෙය්යුං තෙ, තෙන ත්වං පරිබාහිරො.
ඉදින් මේ නදීහු ඔවුන් කළ පව්කම් පාකර හරින්නාහු නම් ඒ නදීහු මේ පින් ද පාකර හරින්නාහුය.
“යස්ස බ්‍රාහ්මණ ත්වං භීතො, සදා උදකමොතරි; තමෙව බ්රහ්මෙ මාකාසි, මා තෙ සීතං ඡවිං හනෙ.
එයින් බ්‍රාහ්මණය යමෙකුට බියෙන් ඔබ ජලයට බැස සිටින්නේද (ඔබේ ඒ අදහස ඉටුනොවේ) බ්‍රාහ්මණය. ඔබ මෙසේ නොකර, සීතල ඔබේ හම නොනසාවා වැරදි මගට පිළිපන් මා මේ ආර්යමාර්ගයට මැනවින් ගෙනවුත් ඇත. දිය නෑමෙන් මා මුදාගත් ඔබට මේ සළුව දෙමි.
“කුම්මග්ගපටිපන්නං මං, අරියමග්ගං සමානයි; දකාභිසෙචනා භොති, ඉමං සාටං දදාමි තෙ.
“තුය්හෙව සාටකො හොතු, නාහමිච්ඡාමි සාටකං; සචෙ භායසි දුක්ඛස්ස, සචෙ තෙ දුක්ඛමප්පියං.
මේ සාටකය ඔබටම හිමිවේවා, මම එය නොකැමැත්තෙමි. ඔබ දුකට බිය නම්, ඔබට දුක අප්‍රිය නම් එළිපිට හෝ රහසින් පව්කම් නොකරන්න. ඉදින් පාපකර්මයක් කරන්නෙහිද කෙරෙහිද ඔබ පියාඹා පලා ගියද එයින් ගැළවීමක් නැත. ඔබ දුකට බය නම්, ඔබට දුක අප්‍රිය නම්,
“මාකාසි පාපකං කම්මං, ආවි වා යදි වා රහො; සචෙ ච පාපකං කම්මං, කරිස්සසි කරොසි වා.
“න තෙ දුක්ඛා පමුත්යත්ථි, උපෙච්චාපි පලායතො; සචෙ භායසි දුක්ඛස්ස, සචෙ තෙ දුක්ඛමප්පියං.
“උපෙහි සරණං බුද්ධං, ධම්මං සඞ්ඝඤ්ච තාදිනං; සමාදියාහි සීලානි, තං තෙ අත්ථාය හෙහිති.
බුදුන් දහම් සඟුන් සරණ යව. සිල් සමාදන් වුව මැනව, එය ඔබේ හිතසුව පිණිස පවතී,
“උපෙමි සරණං බුද්ධං, ධම්මං සඞ්ඝඤ්ච තාදිනං; සමාදියාමි සීලානි, තං මෙ අත්ථාය හෙහිති.
(පින්වතිය) මම තාදිගුණයෙන් සමන්විත බුදුන් දහම් සඟුන් සරණ යමි. සිල් සමාදන් වෙමි. එය මගේ හිතසුව පිණිස පවතීවා.
“බ්රහ්මබන්ධු පුරෙ ආසිං, අජ්ජම්හි සච්චබ්රාහ්මණො; තෙවිජ්ජො වෙදසම්පන්නො, සොත්තියො චම්හි න්හාතකො”ති. –
මම පෙර බ්‍රහ්මයාගේ නෑයෙක් වීමි. අද මම සත්‍ය බ්‍රාහ්මණයෙක්මි. ත්‍රිවිද්‍යාවෙන් හා වේද අධ්‍යයනයෙන් සමන්විත වූ ස්වස්ථ වූ බැහැර කළ පව් ඇත්තෙක් වෙමි.
ඉමා ගාථා අභාසි.
තත්ථ උදහාරීති ඝටෙන උදකං වාහිකා. සීතෙ තදා උදකමොතරින්ති සීතකාලෙපි සබ්බදා රත්තින්දිවං උදකං ඔතරිං. යදා යදා අය්යකානං උදකෙන අත්ථො, තදා තදා උදකං පාවිසිං, උදකමොතරිත්වා උදකං උපනෙසින්ති අධිප්පායො. අය්යානං දණ්ඩභයභීතාති අය්යකානං දණ්ඩභයෙන භීතා. වාචාදොසභයට්ටිතාති වචීදණ්ඩභයෙන චෙව දොසභයෙන ච අට්ටිතා පීළිතා, සීතෙපි උදකමොතරින්ති යොජනා.
එහි උදකමාහරිං - කළයෙන් වතුර ඇදීම කළෙමි. සීතෙ සදා උදකමොතරි - සීත කාලයෙහි පවා දිනපතා දිවා රෑ දෙකෙහිම වතුරට බැස්සෙමි. යම් අවස්ථාවක ගෙහිමියන්ට වතුර වුවමනාවී ද ඒ හැම අවස්ථාවකම ජලයට පිවිසියෙමි, වතුරට බැස වතුර ගෙනාවෙමි යන අදහසය. අය්යානං දණ්ඩභයභීතා - හාම්පුතුන්ගේ දඬුවමට බියෙන්, වාචාදොසභයට්ටිතා - වාක්දණ්ඩනයෙන් හා දෝසබයෙන් කලකිරුණු, පෙළුණු, ‘සීතකාලයෙහි පවා වතුරට බැස්සෙමි’ යනුවෙන් යොදාගත යුතුය.
අථෙකදිවසං පුණ්ණා දාසී ඝටෙන උදකං ආනෙතුං උදකතිත්ථං ගතා. තත්ථ අද්දස අඤ්ඤතරං බ්රාහ්මණං උදකසුද්ධිකං හිමපාතසමයෙ මහති සීතෙ වත්තමානෙ පාතොව උදකං ඔතරිත්වා සසීසං නිමුජ්ජිත්වා මන්තෙ ජප්පිත්වා උදකතො උට්ඨහිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පවෙධන්තං දන්තවීණං වාදයමානං. තං දිස්වා කරුණාය සඤ්චොදිතමානසා තතො නං දිට්ඨිගතා විවෙචෙතුකාමා “කස්ස, බ්‍රාහ්මණ, ත්වං භීතො”ති ගාථමාහ. තත්ථ කස්ස, බ්‍රාහ්මණ, ත්වං කුතො ච නාම භයහෙතුතො භීතො හුත්වා සදා උදකමොතරි සබ්බකාලං සායං පාතං උදකං ඔතරි. ඔතරිත්වා ච වෙධමානෙහි කම්පමානෙහි ගත්තෙහි සරීරාවයවෙහි සීතං වෙදයසෙ භුසං සීතදුක්ඛං අතිවිය දුස්සහං පටිසංවෙදයසි පච්චනුභවසි.
ඉක්බිති එක් දවසක් පුණ්ණා දාසිය කළයෙන් වතුර ගෙනීම පිණිස තොටුපළට ගියාය. එහිදී උදකසුද්ධිය (නෑමෙන් පව් සෝදා හැරිය හැකියයි) අදහන බමුණෙකු අධික ශීතල ඇති හිම වැටෙන කාලයෙහි අලුයම වතුරට බැස සම්පූර්ණයෙන් ගිලී මන්ත්‍ර ජපකොට දියෙන් ගොඩට අවුත් තෙතරෙදි තෙතකෙස් සහිතවම වෙවුලමින් දත්වෙණ වයමින් (දැඩි වෙවුලම නිසා දත් දෙපෙළ එකට ගැටෙමින්) සිටිනු දක්නට ලැබිණ. ඔහු දැක කරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිත් ඇත්තී ඔහු ඒ දෘෂ්ටියෙන් මුදවාගනු කැමැත්තෙන් කස්ස බ්‍රාහ්මණ ත්වං භීතො - යන ගාථාව කීවාය. එහි අදහස, බමුණ, ඔබ කවරෙකුගේ හේතුවෙන් බියපත්වී සදා උදකමොතරී - දිනපතාම උදේ හවස දියට බසීද, දියට බැසද වෙධමානෙහි - වෙවුලන, ගත්තෙහි - ශරීරාවයන්ගෙන්, සීතං වෙදයසෙ භුසං - ඉවසිය නොහැකි සීත දුක විඳින්නෙහිය, උසුලන්නෙහිය.
ජානන්තී වත මං භොතීති, භොති පුණ්ණිකෙ, ත්වං තං උපචිතං පාපකම්මං රුන්ධන්තං නිවාරණසමත්ථං කුසලං කම්මං ඉමිනා උදකොරොහනෙන කරොන්තං මං ජානන්තී වත පරිපුච්ඡසි.
ජානන්තී වත මං හොති - පින්වත් පුණ්ණිකා, ඔබ කළ පාපකර්මය රුන්ධන්තං - වැළැක්වීමට සමත්වූ පින්කමක් මේ ජලයෙහි ගිලීමෙන් මා කරන බව ඔබ දැන දැනත් මගෙන් අසන්නෙහිය,
නනු අයමත්ථො ලොකෙ පාකටො එව. කථාපි මයං තුය්හං වදාමාති දස්සෙන්තො “යො ච වුඩ්ඪො”ති ගාථමාහ. තස්සත්ථො – වුඩ්ඪො වා දහරො වා මජ්ඣිමො වා යො කොචි හිංසාදිභෙදං පාපකම්මං පකුබ්බති අතිවිය කරොති, සොපි භුසං පාපකම්මනිරතො දකාභිසෙචනා සිනානෙන තතො පාපකම්මා පමුච්චති අච්චන්තමෙව විමුච්චතීති.
මේ කාරණය ලෙව්හි පළටවී තිබෙනු නොවේද, ඒ එසේවුවද මම ඔබට එය කියා දෙන්නෙමියි ප්‍රකාශ කරන්නේ යෝ ච වුද්ධො - යන ගාථාව කීවේය. එහි අදහස නම්, මහල්ලෙක් හෝ ළදරුවෙක් හෝ මැදවයස් ඇත්තෙක් හෝ යම් කිසිවෙක් හිංසා කිරීම් ආදී පාපකර්මයක් පකුබ්බති - බෙහෙවින් කරයි. හෙතෙමේ බොහෝ පව්කම්වල නිරතව, දකාභිසෙචනා - වතුර නෑමෙන් ඒ පාපකර්මයෙන් පමුච්චති, අත්‍යර්ථයෙන්ම මිදෙයි.
තං සුත්වා පුණ්ණිකා තස්ස පටිවචනං දෙන්තී “කො නු තෙ”තිආදිමාහ. තත්ථ කො නු තෙ ඉදමක්ඛාසි, අජානන්තස්ස අජානකොති කම්මවිපාකං අජානන්තස්ස තෙ සබ්බෙන සබ්බං කම්මවිපාකං අජානතො අජානකො අවිද්දසු බාලො උදකාභිසෙචනහෙතු පාපකම්මතො පමුච්චතීති, ඉදං අත්ථජාතං කො නු නාම අක්ඛාසි, න සො සද්ධෙය්යවචනො, නාපි චෙතං යුත්තන්ති අධිප්පායො.
එය අසා පුණ්ණිකා පිළිතුරක් දෙන්නී කො නු තෙ - යනාදිය කීවාය. එහි කො නු තෙ ඉදමක්ඛාසි අජානන්තස්ස අජානකො - කර්ම විපාක නොදන්නාවූ තැනැත්තෙකුට සියලු කර්මවිපාකයන් සර්වාකාරයෙන් නොදන්නාවූ, අජානකො - නූගත් බාලයෙක්, වතුර නෑම හේතුවෙන් පාපකර්මයෙන් මිදෙත හැකිය යන මේ අදහස කීවේ කවුද. එය ඇදහිය නොහැකි වචනයකි. එය නොයෙදෙන බව මෙහි අදහසය.
ඉදානිස්ස තමෙව යුත්තිඅභාවං විභාවෙන්තී “සග්ගං නූන ගමිස්සන්තී”තිආදිමාහ. තත්ථ නාගාති විජ්ඣසා. සුසුමාරාති කුම්භීලා. යෙ චඤ්ඤෙ උදකෙ චරාති යෙ චඤ්ඤෙපි වාරිගොචරා මච්ඡමකරනන්දියාවත්තාදයො ච, තෙපි සග්ගං නූන ගමිස්සන්ති දෙවලොකං උපපජ්ජිස්සන්ති මඤ්ඤෙ, උදකාභිසෙචනා පාපකම්මතො මුත්ති හොති චෙති අත්ථො.
එය කෙසේවත් නොයෙදෙන බව දක්වන්නී සග්ගං නූන ගමිස්සන්ති - යනාදිය කීවාය. එහි නක්කා - දාරකිඹුල්ලු, සුංසුමාරා - කිඹුල්ලු, යෙ චඤ්ඤො උදකෙ චරා - ජලයෙහි හැසිරෙන මත්ස්යමකර සක්බෙලි ආදී අනෙක් සත්ත්වයෝ වෙද්ද ඔවුහුද, සග්ගං නූන ගමිස්සන්ති - දෙව්ලොව උපදින්නාහු යයි සිතමි. දියනෑමෙන් පව්කම්වලින් මිදෙති යනු තේරුමය.
ඔරබ්භිකාති උරබ්භඝාතකා. සූකරිකාති සූකරඝාතකා. මච්ඡිකාති කෙවට්ටා. මිගබන්ධකාති මාගවිකා. වජ්ඣඝාතාති වජ්ඣඝාතකම්මෙ නියුත්තා.
ඔරබ්හිකා - බැටළුවන් මරන්නෝ, සූකරීකා - ඌරන් මරන්නෝ, මච්ඡිකා - කෙවුළෝ, මිගබාධිකා - මුවවැද්දෝ, වජ්ඣඝාතකා - අලුගෝසුවෝ වැරදිකරුවන් මැරීමෙහි නියුතුවූවෝ.
පුඤ්ඤම්පි මා වහෙය්යුන්ති ඉමා අචිරවතිආදයො නදියො යථා තයා පුබ්බෙ කතං පාපං තත්ථ උදකාභිසෙචනෙන සචෙ වහුං නීහරෙය්යුං, තථා තයා කතං පුඤ්ඤම්පි ඉමා නදියො වහෙය්යුං පවාහෙය්යුං. තෙන ත්වං පරිබාහිරො අස්ස තථා සති තෙන පුඤ්ඤකම්මෙන ත්වං පරිබාහිරො විරහිතොව භවෙය්‍යාති න චෙතං යුත්තන්ති අධිප්පායො. යථා වා උදකෙන උදකොරොහකස්ස පුඤ්ඤපවාහනං න හොති, එවං පාපපවාහනම්පි න හොති එව. කස්මා? න්හානස්ස පාපහෙතූනං අප්පටිපක්ඛභාවතො. යො යං විනාසෙති, සො තස්ස පටිපක්ඛො. යථා ආලොකො අන්ධකාරස්ස, විජ්ජා ච අවිජ්ජාය, න එවං න්හානං පාපස්ස. තස්මා නිට්ඨමෙත්ථ ගන්තබ්බං “න උදකාභිසෙචනා පාපතො පරිමුත්තී”ති. තෙනාහ භගවා –
පුඤ්ඤම්පි මා වහෙය්යුං - මේ අචිරවතී ආදී නදීහු යම් අයුරකින් ඔබ කළ පව් ඉදින් ජලයෙහි නෑමෙන් වහුං, ගෙනයන්නාහුය. එසේම ඔබ කළ පින් ද මේ නදීහු ගෙනයති, පාකර හරිති. තෙන ත්වං පරිබාහිරො - මෙය මෙසේවන කල්හි ඒ පින්කමෙන් ඔබ බැහැරවේ, එයින් තොරවන්නේමය. ඔබට එය සුදුසුය යන අදහසය. අනිත් අතට, දියට බසින තැනැත්තාගේ පින් පාවී යාම යම්සේ නොසිදුවේද, එසේම පව් පාවීයාමද සිදුනොවන්නේය. කවරහෙයින්ද? නහන තැනැත්තාගේ පාපහේතුවලට විරෝධතාවක් මතු නොවන හෙයිනි. යමෙක් යමක් විනාශකරයිද එය ඔහුට ප්රතිපක්ෂය. ආලෝකය අන්ධකාරයට මෙන්ද, දැනීම නොදැනීමට මෙන්ද, එසේම නෑම පාපයට ප්රතිපක්ෂය, එහෙයින් මෙහිදී දිය නෑමෙන් පාපයන්ගෙන් මිදීමක් නොවන්නේය යන නිශ්චිතාර්ථය දතයුතුය. එහෙයින් බුදුහු කීහ:
“න උදකෙන සුචී හොති, බහ්වෙත්ථ න්හායතී ජනො; යම්හි සච්චඤ්ච ධම්මො ච, සො සුචී සො ච බ්රාහ්මණො”ති. (උදා· 9; නෙත්ති· 104);
ජලයෙන් (පාප) ශුද්ධියක් වේනම් බොහෝ ජනයෝ ස්නානය කරති. යමෙකු කෙරෙහි සත්‍යය හා ධර්මය පිහිටා තිබේද ඔහු පවිත්‍ර වූවෙකි. බ්‍රාහ්මණයෙකි.
ඉදානි යදි පාපං පවාහෙතුකාමොසි, සබ්බෙන සබ්බං පාපං මා කරොහීති දස්සෙතුං “යස්ස, බ්රාහ්මණා”ති ගාථමාහ. තත්ථ තමෙව බ්රහ්මෙ මාකාසීති යතො පාපතො ත්වං භීතො, තමෙව පාපං බ්රහ්මෙ, බ්‍රාහ්මණ, ත්වං මා අකාසි. උදකොරොහනං පන ඊදිසෙ සීතකාලෙ කෙවලං සරීරමෙව බාධති . තෙනාහ – “මා තෙ සීතං ඡවිං හනෙ”ති, ඊදිසෙ සීතකාලෙ උදකාභිසෙචනෙන ජාතසීතං තව සරීරච්ඡවිං මා හනෙය්‍ය මා බාධෙසීති අත්ථො.
දැන්, පාපය පාකර හැරීමට කැමැත්තේ නම් සර්වාකාරයෙන්ම පව් නොකළයුතු බව දැක්වීමට යස්ස බ්රාහ්මණා ආදි ගාථාව කීවාය. එහි තමෙව බ්රහ්මෙ මකාසි - යම් පාපයකින් ඔබ බියට පත්වේද ඒ පාපය බ්‍රාහ්මණය, ඔබ විසින් නොකළ යුතුය. මෙවැනි සීතල කාලයක ජලයට බැසීම හුදෙක් සිරුරට බාධාවක් වෙයි. එහෙයින් කීවාය. මා තෙ සීතං ඡවිං හනෙ - මෙවැනි සීතල කාලයක ජලයෙහි බැස සිටීමෙන් හටගන්නා වූ සීතල ඔබේ සිරුරුසිවිය මා හනෙය්‍ය - නොපෙළාවා යනු තේරුමය.
කුම්මග්ගපටිපන්නං මන්ති “උදකාභිසෙචනෙන සුද්ධි හොතී”ති ඉමං කුම්මග්ගං මිච්ඡාගාහං පටිපන්නං පග්ගය්හ ඨිතං මං. අරියමග්ගං සමානයීති “සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා”ති (දී· නි· 2.90; ධ· ප· 183; නෙත්ති· 30, 116, 124; පෙටකො· 29) ඉමං බුද්ධාදීහි අරියෙහි ගතමග්ගං සමානයි, සම්මදෙව උපනෙසි, තස්මා භොති ඉමං සාටකං තුට්ඨිදානං ආචරියභාගං තුය්හං දදාමි, තං පටිග්ගණ්හාති අත්ථො.
කුම්මග්ගං පටිපන්නං - දිය නෑමෙන් ශුද්ධිය ලැබේ යයි මේ වැරදි මගට, මිථ්‍යාදෘෂ්ටියට පිළිපන්ව පිළිගෙන සිටී. මං අරිය මග්ගං සමානයි - කිසිම පාපයක් නොකිරීම හා කුසල් රැස්කිරීම’ යනුවෙන් බුද්ධාදී ආර්යයන් විසින් ගන්නා ලද මාර්ගය, සමානයි - මැනවින් ගෙන දුන්නේය. ‘එහෙයින් සතුටින් පිළිගන්වන ආචාර්යභාගයවන මේ සලුව ඔබට දෙමි. එය පිළිගනු මැනව යනු අදහසය.
සා තං පටික්ඛිපිත්වා ධම්මං කථෙත්වා සරණෙසු සීලෙසු ච පතිට්ඨාපෙතුං “තුය්හෙව සාටකො හොතු, නාහමිච්ඡාමි සාටක”න්ති වත්වා “සචෙ භායසි දුක්ඛස්සා”තිආදිමාහ. තස්සත්ථො – යදි තුවං සකලාපායිකෙ සුගතියඤ්ච අඵාසුකතාදොභග්ගතාදිභෙදා දුක්ඛා භායසි. යදි තෙ තං අප්පියං න ඉට්ඨං. ආවි වා පරෙසං පාකටභාවෙන අප්පටිච්ඡන්නං කත්වා කායෙන වාචාය පාණාතිපාතාදිවසෙන වා යදි වා රහො අපාකටභාවෙන පටිච්ඡන්නං කත්වා මනොද්වාරෙයෙව අභිජ්ඣාදිවසෙන වා අණුමත්තම්පි පාපකං ලාමකං කම්මං මාකාසි මා කරි. අථ පන තං පාපකම්මං ආයතිං කරිස්සසි, එතරහි කරොසි වා, “නිරයාදීසු චතූසු අපායෙසු මනුස්සෙසු ච තස්ස ඵලභූතං දුක්ඛං ඉතො එත්තො වා පලායන්තෙ මයි නානුබන්ධිස්සතී”ති අධිප්පායෙන උපෙච්ච සඤ්චිච්ච පලායතොපි තෙ තතො පාපතො මුත්ති මොක්ඛා නත්ථි, ගතිකාලාදිපච්චයන්තරසමවායෙ සති විපච්චතෙ එවාති අත්ථො. “උප්පච්චා”ති වා පාඨො, උප්පතිත්වාති අත්ථො. එවං පාපස්ස අකරණෙන දුක්ඛාභාවං දස්සෙත්වා ඉදානි පුඤ්ඤස්ස කරණෙනපි තං දස්සෙතුං “සචෙ භායසී”තිආදි වුත්තං. තත්ථ තාදිනන්ති දිට්ඨාදීසු තාදිභාවප්පත්තං. යථා වා පුරිමකා සම්මාසම්බුද්ධා පස්සිතබ්බා, තථා පස්සිතබ්බතො තාදි, තං බුද්ධං සරණං උපෙහීති යොජනා. ධම්මසඞ්ඝෙසුපි එසෙව නයො. තාදීනං වරබුද්ධානං ධම්මං, අට්ඨන්නං අරියපුග්ගලානං සඞ්ඝං සමූහන්ති යොජනා. තන්ති සරණගමනං සීලානං සමාදානඤ්ච. හෙහිතීති භවිස්සති.
ඕතොමෝ එය ප්රතික්ෂෙප කර ධර්මය දේශනාකර සරණ සිල්හි පිහිටුවීමට, සලුව ඔබටම වේවා, මම එය නොකැමැත්තෙමි’යි කියා සචෙ භායසි දුක්ඛස්ස - ආදිය කීවාය. එහි තේරුම මෙසේය, පහත් උපත් ආදියෙන් ඇතිවන අපහසුකමෙන්ද අවාසනාව ආදී දුකින්ද බියට පත්වන්නෙහිද, ඔබ එයට අකැමැති නම්, එය අප්රියනම් ආවී වා - අනුන්ට දැනගන්ට ලැබීමෙන් නොවැසුණක්කර කයින් වචනයෙන් ප්‍රාණඝාත ආදී වශයෙන් හෝ යදි වා රහො - අප්‍රකට හෙයින් එය වසාදමා මනසෙහි පමණක් අභිධ්‍යාදි වශයෙන් හෝ ඉතා සුලු වූද පාපකං - ලාමක ක්‍රියාවක් මාකාසි - නොකරව. අනතුරුව, ඒ පව්කම මතුවට කරන්නෙහිද, දැන් කරහිද, නරකය ආදී සිවුඅපායවලද මිනිස් ලෙව්හි ද එහි ඵලය වශයෙන් ලැබෙන දුක මෙයින් පලායන්නා වූ මා ලුහුනොබඳියි යන අදහසින් උපෙච්ච - දැනදැනම, පලායතො - ඔවුන්ට එයින්, ඒ පාපයෙන් මුත්ති - මිදීමක් නැත. ස්වභාවය, යථා කාලය ආදි නොයෙක් හේතුන්හි එකතුවීමක් ඇති කල්හි එය මුහුකුරා යන්නේමය යන තේරුමය. උපපච්ච යනුවෙන් ද පාඨයකි. එහි තේරුම ඉහළට නැග යනුය. මෙසේ පව් නොකිරීමෙන් දුක් නොහටගන්නා බව පෙන්වා, දන් පින් කිරීමෙන්ද එය පෙන්වීමට ‘සවෙ භායසි’ ආදිය කියන ලදී. එහි තාදිනං - දෘෂ්ටි ආදීන්හි යථා තත්ත්වයට පැමිණියා වූ, යම් ආකාරයකින් පැරණි බුදුවරයෝ දැක්කයුත්තාහුද ඒ ආකාරයෙන්ම දැක්ක යුත්තාහ. ‘එවැනි ගුණයෙන් සමන්විත වූ බුදුන් සරණ යව’ යනුවෙන් යොදාගත යුතුය. ධර්මය හා සංඝයා කෙරෙහිද එම ක්‍රමයමය. ‘එවැනි බුදුවරයන්ගේ ධර්මය ද අෂ්ටආර්ය පුද්ගල වූ සංඝයා ද’ යනුවෙන් සම්බන්ධය සලසා ගතයුතුය. තං - සරණාගමන සීලය සමාදන්වීම, හෙහීති - වන්නේය.
සො බ්රාහ්මණො සරණෙසු සීලෙසු ච පතිට්ඨාය අපරභාගෙ සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ඝටෙන්තො වායමන්තො න චිරස්සෙව තෙවිජ්ජො හුත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානෙන්තො “බ්රහ්මබන්ධූ”ති ගාථමාහ.
ඒ බ්‍රාහ්මණයා තිසරණ පන්සිල්හි පිහිටා පසු කලෙක බුදුන්ගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිවී වෑයම් කරන්නේ නොබෝ කලකින් ත්‍රිවිද්‍යාව ලබාගෙන තමාගේ පිළිවෙත පිරික්සා බලන්නේ උදම් අනමින් බ්‍රහ්ම බන්ධු - යනාදී ගාථා ප්‍රකාශ කළේය.
තස්සත්ථො – අහං පුබ්බෙ බ්රාහ්මණකුලෙ උප්පත්තිමත්තෙන බ්රහ්මබන්ධු නාමාසිං. තථා ඉරුබ්බෙදාදීනං අජ්ඣෙනාදිමත්තෙන තෙවිජ්ජො වෙදසම්පන්නො සොත්තියො න්හාතකො ච නාමාසිං. ඉදානි සබ්බසො බාහිතපාපතාය සච්චබ්රාහ්මණො පරමත්ථබ්රාහ්මණො, විජ්ජත්තයාධිගමෙන තෙවිජ්ජො, මග්ගඤාණසඞ්ඛාතෙන වෙදෙන සමන්නාගතත්තා වෙදසම්පන්නො, නිත්ථරසබ්බපාපතාය න්හාතකො ච අම්හීති. එත්ථ ච බ්රාහ්මණෙන වුත්තගාථාපි අත්තනා වුත්තගාථාපි පච්ඡා ථෙරියා පච්චෙකං භාසිතාති සබ්බා ථෙරියා ගාථා එව ජාතාති.
එහි තේරුම මෙසේය. මම පෙර බ්‍රාහ්මණ කුලයෙහි උපත ලැබීම් පමණකින් බ්රහ්මබන්ධු නම් වීමි. එමෙන්ම සෘග්වේදාදිය ඉගෙනීමෙන් ත්‍රිවිද්‍යා සංඛ්‍යාත ඥානයෙන් සමන්විත වූ සොත්ථිය නමින් හැඳින්වෙන ස්නානකයෙක් (වේදය ඉගෙනීමෙන් පසුව ජලස්නානයෙන් පව් සෝදාහළ තැනැත්තා) වීමි. දැන් සර්වප්‍රකාරයෙන්ම බැහැර කළ පව් ඇත්තෙම් සච්ච බ්රාහ්මණො - පරමාර්ථදර්ශී බ්‍රාහ්මණයෙක්මි, ත්‍රිවිද්‍යාව ලබාගත් හෙයින් තෙවිජ්ජො - මාර්ගඥාන සංඛ්‍යාත වේදයෙන් සමන්විත වෙදසම්පන්නො සියලු පව් නිශ්ක්‍රීය කළ හෙයින් නහාතකොද වෙමි. මෙහි බමුණා කියූ ගාථාද තමා කියූ ගාථාද පසුව තෙරණිය විසින් එකක් පාසා කියනලද හෙයින් සියල්ලම තෙරණියගේ ගාථා හැටියට සම්මත විය.
පුණ්ණාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
පුණ්ණා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
සොළසනිපාතවණ්ණනා නිට්ඨිතා.
සොළස නිපාත වර්ණනාව සමාප්තය.