12. ද්වාදසනිපාතො අට්ඨකථා
12. ද්වාදශනිපාතය
උප්පලවණ්ණාථෙරීගාථාවණ්ණනා
උත්පලවණ්ණා ථේරීගාථා වර්ණනාව
ද්වාදසකනිපාතෙ උභො මාතා ච ධීතා චාතිආදිකා උප්පලවණ්ණාය ථෙරියා ගාථා. අයම්පි පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා, මහාජනෙන සද්ධිං සත්ථු සන්තිකං ගන්ත්වා, ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ඉද්ධිමන්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසුං සංසරන්තී කස්සපබුද්ධකාලෙ බාරාණසිනගරෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගහෙත්වා සත්තන්නං භගිනීනං අබ්භන්තරා හුත්වා වීසතිවස්සසහස්සානි බ්රහ්මචරියං චරිත්වා භික්ඛුසඞ්ඝස්ස පරිවෙණං කත්වා දෙවලොකෙ නිබ්බත්තා.
දොළොස්වන නිපාතයෙහි උභො මාතා පිතා ච ආදී ගාථා උප්පලවණ්ණා තෙරණියගේය. මොතොමෝද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැනහැඳිනගත් පසු මහජනයා සමග බුදුන් වෙත ගොස් බණ අසන්නී බුදුහු එක භික්ෂුණියක් ඍද්ධිබල ඇත්තියන්ගේ අගතනතුරට පත්කරනු දැක සත්දිනක් බුද්ධ ප්රමුඛ මහාසංඝයාට මහ දන් දී එම තනතුර පැතුවාය. ඕ දිවි ඇතිතාක් කුසල් රැස්කර දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී කස්සප බුදුන්ගේ කාලයෙහි බරණැස් නුවර කිකී නම්වූ කාසිරජුගේ ගෙයි පිළිසිඳ සොහොයුරියන් සත්දෙනෙකු අතර එකියක වී වසර විසිදහසක් බඹසර වැස භික්ෂු සංඝයාට පිරිවෙනක් කරවා පූජාකර දෙව්ලොව උපන්නාය.
තතො චවිත්වා පුන මනුස්සලොකං ආගච්ඡන්තී එකස්මිං ගාමකෙ සහත්ථා කම්මං කත්වා ජීවනකට්ඨානෙ නිබ්බත්තා. සා එකදිවසං ඛෙත්තකුටිං ගච්ඡන්තී අන්තරාමග්ගෙ එකස්මිං සරෙ පාතොව පුප්ඵිතං පදුමපුප්ඵං දිස්වා තං සරං ඔරුය්හ තඤ්චෙව පුප්ඵං ලාජපක්ඛිපනත්ථාය පදුමිනිපත්තඤ්ච ගහෙත්වා කෙදාරෙ සාලිසීසානි ඡින්දිත්වා කුටිකාය නිසින්නා ලාජෙ භජ්ජිත්වා පඤ්ච ලාජසතානි කත්වා ඨපෙසි. තස්මිං ඛණෙ ගන්ධමාදනපබ්බතෙ නිරොධසමාපත්තිතො වුට්ඨිතො එකො පච්චෙකබුද්ධො ආගන්ත්වා තස්සා අවිදූරෙ ඨානෙ අට්ඨාසි. සා පච්චෙකබුද්ධං දිස්වා ලාජෙහි සද්ධිං පදුමපුප්ඵං ගහෙත්වා, කුටිතො ඔරුය්හ ලාජෙ පච්චෙකබුද්ධස්ස පත්තෙ පක්ඛිපිත්වා පදුමපුප්ඵෙන පත්තං පිධාය අදාසි. අථස්සා පච්චෙකබුද්ධෙ ථොකං ගතෙ එතදහොසි – “පබ්බජිතා නාම පුප්ඵෙන අනත්ථිකා, අහං පුප්ඵං ගහෙත්වා පිළන්ධිස්සාමී”ති ගන්ත්වා පච්චෙකබුද්ධස්ස හත්ථතො පුප්ඵං ගහෙත්වා පුන චින්තෙසි – “සචෙ, අය්යො, පුප්ඵෙන අනත්ථිකො අභවිස්සා, පත්තමත්ථකෙ ඨපෙතුං නාදස්ස, අද්ධා අය්යස්ස අත්ථො භවිස්සතී”ති පුන ගන්ත්වා පත්තමත්ථකෙ ඨපෙත්වා පච්චෙකබුද්ධං ඛමාපෙත්වා, “භන්තෙ, ඉමෙසං මෙ ලාජානං නිස්සන්දෙන ලාජගණනාය පුත්තා අස්සු, පදුමපුප්ඵස්ස නිස්සන්දෙන නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ පදෙ පදෙ පදුමපුප්ඵං උට්ඨහතූ”ති පත්ථනං අකාසි. පච්චෙකුබුද්ධො තස්සා පස්සන්තියාව ආකාසෙන ගන්ධමාදනපබ්බතං ගන්ත්වා තං පදුමං නන්දමූලකපබ්භාරෙ පච්චෙකබුද්ධානං අක්කමනසොපානසමීපෙ පාදපුඤ්ඡනං කත්වා ඨපෙසි.
එයින් චුතව නැවත මිනිස් ලොවට පැමිණෙන්නී එක්තරා ගමක සියතින් වැඩකර ජීවත්වන ගෙයක උපන්නාය. ඕ දිනක් කෙතේ පැලට යන්නී අතර මග එක් විලක අලුයම පිපුණු පියුමක් දැක විලට බැස ඒ මල හා විලඳ තැබීම සඳහා නෙලුම් කොළයක් ද කඩාගෙන කුඹුරෙහි හැල්බඩ කඩාගෙන පැලේ සිටම විලඳ බැද කොටස් පන්සියයකට වෙන් කර තැබුවාය. එකෙණෙහිම ගන්ධමාදන පර්වතයෙහි නිරෝධසමාපත්තියෙන් නැගී සිටියා වූ එක් පසේබුදුවරයෙක් අවුත් ඇයට නුදුරු තැනක පෙනී සිටියහ. ඕ පසේබුදුන් දැක විලඳ සමග නෙලුම් මල ගෙන පැලෙන් බැස විලඳ පසේබුදුවරයාගේ පාත්‍රයෙහි තබා පියුමෙන් පාත්‍රය වසා දුන්නාය. ඉක්බිති පසේබුදුවරයා ටික දුරක් ගිය කල්හි ඇයට මෙබඳු අදහසක් ඇතිවිය. ‘පැවිද්දන්ට මල්වලින් පලක් නැත. මම ඒ මල පෙරළා ගෙන පළඳින්නෙමැ’යි ගොස් පසේබුදුන්ගේ අතින් එය ගෙන මෙසේ සිතුවාය. ‘ඉදින් ආර්යයෝ මල්වලින් පලක් නැත්තාහු වෙත් නම් පාත්‍රය මත තැබීමට නොදෙනු නොවේදැ’යි නැවත ගොස් පාත්‍රය මත්තෙහි තබා පසේබුදුවරයා ක්ෂමා කරවාගෙන ‘ස්වාමීනි, මගේ මේ විලඳ පින්කමෙන් මට මතු ආත්මයක විලඳ ඇට ගණනට පුත්තු ලැබෙත්වා. පියුම පිදීමේ පිනෙන් උපනුපන් තන්හි පියවරක් පාසා නෙලුම් මලක් පිපේවා’යි පැතුවාය. පසේබුදුවරයා ඇය බලාසිටියදීම අහසින් ගන්ධමාදන පර්වතයට ගොස් ඒ පියුම නන්දමූලක පර්වත බෑවුමෙහි පසේබුදුවරුන් නගින බසින හිණිපාමුල පාපිස්සක් කොට තැබූහ.
සාපි තස්ස කම්මස්ස නිස්සන්දෙන දෙවලොකෙ පටිසන්ධිං ගණ්හි. නිබ්බත්තකාලතො පට්ඨාය චස්සා පදෙ පදෙ මහාපදුමපුප්ඵං උට්ඨාසි. සා තතො චවිත්වා පබ්බතපාදෙ එකස්මිං පදුමසරෙ පදුමගබ්භෙ නිබ්බත්ති. තං නිස්සාය එකො තාපසො වසති. සො පාතොව මුඛධොවනත්ථාය සරං ගන්ත්වා තං පුප්ඵං දිස්වා චින්තෙසි – “ඉදං පුප්ඵං සෙසෙහි මහන්තතරං, සෙසානි ච පුප්ඵිතානි ඉදං මකුලිතමෙව, භවිතබ්බමෙත්ථ කාරණෙනා”ති උදකං ඔතරිත්වා තං පුප්ඵං ගණ්හි. තං තෙන ගහිතමත්තමෙව පුප්ඵිතං. තාපසො අන්තොපදුමගබ්භෙ නිපන්නදාරිකං අද්දස. දිට්ඨකාලතො පට්ඨාය ච ධීතුසිනෙහං ලභිත්වා පදුමෙනෙව සද්ධිං පණ්ණසාලං නෙත්වා මඤ්චකෙ නිපජ්ජාපෙසි. අථස්සා පුඤ්ඤානුභාවෙන අඞ්ගුට්ඨකෙ ඛීරං නිබ්බත්ති. සො තස්මිං පුප්ඵෙ මිලාතෙ අඤ්ඤං නවං පුප්ඵං ආහරිත්වා තං නිපජ්ජාපෙසි. අථස්සා ආධාවනවිධාවනෙන කීළිතුං සමත්ථකාලතො පට්ඨාය පදවාරෙ පදවාරෙ පදුමපුප්ඵං උට්ඨාති, කුඞ්කුමරාසිස්ස විය අස්සා සරීරවණ්ණො හොති. සා අපත්තා දෙවවණ්ණං, අතික්කන්තා මානුසවණ්ණං අහොසි. සා පිතරි ඵලාඵලත්ථාය ගතෙ පණ්ණසාලායං ඔහියති.
ඕතොමෝද ඒ පින්බලෙන් දෙව්ලොව පිළිසිඳ ගත්තීය. උපන්කල සිටම ඇයගේ පියවරක් පාසා මහාපියුම් පැනනැගිණ. ඕ එයින් චුතව පවුපාමුල එක්තරා නෙලුම් විලක පියුම්ගැබක උපන්නාය. ඒ විල ඇසුරුකොට එක් තවුසෙක් වෙසෙයි. හෙතෙම අලුයම මුහුණ සේදීමට ඒ විලට ගියේ එකී පියුම දැක මෙසේ සිතුවේය. මේ නෙලුම්මල අනෙක් මල්වලට වඩා මහත්ය, අනෙක් මල් පිපෙයි, ‘මෙය නොපිපී තිබේ. මෙහි යම්කිසි කාරණයක් තිබිය යුතුය.’ මෙසේ සිතා දියට බැස මල නෙලාගත්තේය. ඔහු නෙලාගත් කෙණෙහිම ප්‍රබෝධ විය. තවුසා පියුම්ගැබ තුළ නිදාසිටින දැරිය දුටුවේය. ඇය දුටු කෙණෙහිම තවුසා තුළ දරු සෙනෙහස හටගත් හෙයින් ඔහු පියුමත් සමග ඇය පන්සලට ගෙනවුත් ඇඳක හෙවීය. ඇයගේ පින්මහිමයෙන් තවුසාගේ ඇඟිල්ලක කිරි එරිණ. හෙතෙම ඒ මල පරවුණුකල අලුත් මලක් ගෙනවුත් ඇය එහි නිදිකරවයි. ඇය දුව ඇවිදිමින් කෙළිසෙල්ලම් කිරීමට හැකිවූ කාලයේ සිටම තබන තබන අඩියට පියුමක් පිපෙයි. ඇයගේ ශරීර වර්ණය කොකුම් රාශියක පැහැයට සමානය. දිව්‍ය වර්ණය ඉක්ම වූ මනුෂ්‍ය වර්ණයක් දක්නට ලැබිණ. පියා පලතුරු නෙලීම සඳහා ගිය කල්හි ඕතොමෝ පන්සලෙන් බැහැරව සිටී.
අථෙකදිවසං තස්සා වයප්පත්තකාලෙ පිතරි ඵලාඵලත්ථාය ගතෙ එකො වනචරකො තං දිස්වා චින්තෙසි – “මනුස්සානං නාම එවංවිධං රූපං නත්ථි, වීමංසිස්සාමි න”න්ති තාපසස්ස ආගමනං උදික්ඛන්තො නිසීදි. සා පිතරි ආගච්ඡන්තෙ පටිපථං ගන්ත්වා තස්ස හත්ථතො කාජකමණ්ඩලුං අග්ගහෙසි, ආගන්ත්වා නිසින්නස්ස චස්ස අත්තනො කරණවත්තං දස්සෙසි. තදා සො වනචරකො මනුස්සභාවං ඤත්වා තාපසං අභිවාදෙත්වා නිසීදි. තාපසො තං වනචරකං වනමූලඵලෙහි ච පානීයෙන ච නිමන්තෙත්වා, “භො පුරිස, ඉමස්මිංයෙව ඨානෙ වසිස්සසි, උදාහු ගමිස්සසී”ති පුච්ඡි. “ගමිස්සාමි, භන්තෙ, ඉධ කිං කරිස්සාමී”ති? “ඉදං තයා දිට්ඨකාරණං එත්තො ගන්ත්වා අකථෙතුං සක්ඛිස්සසී”ති? “සචෙ, අය්යො, න ඉච්ඡති, කිංකාරණා කථෙස්සාමී”ති තාපසං වන්දිත්වා පුන ආගමනකාලෙ මග්ගසඤ්ජානනත්ථං සාඛාසඤ්ඤඤ්ච රුක්ඛසඤ්ඤඤ්ච කරොන්තො පක්කාමි.
දිනක් පියා පලවැල සඳහා බැහැරට ගිය කල්හි එක් වනචරයෙක් වැඩිවියට පැමිණ සිටි ඇය දැක මෙසේ සිතීය. ‘මිනිසුන්ට නම් මෙවැනි රූපයක් නැත. එය විමසිය යුතුය’ මෙසේ සිත හෙතෙම තවුසාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය. ඕතොමෝ පියා එනු දැක පෙරට ගොස් පලතුරු කඳ හා කෙණ්ඩිය ගත්තාය. පන්සලට පැමිණ හිඳගත් පසු ඔහුට කළමනා වත්පිළිවෙත් සැපයුවාය. එවිට ඒ වනචරයාට පලවැලවලින් හා ජලයෙන් සත්කාරකොට ‘පින්වත, ඔබ මෙහි නවතින්නෙහිද නැතහොත් යන්නෙහිද?’ යනුවෙන් ඇසීය. ‘ස්වාමීනි, මම යන්නෙමි. මෙහි සිට කුමක් කෙරෙම්ද?’ ඔහු පිළිතුරු දුන්නේය. ‘මේ ඔබ දුටු කාරණය ඔබ යනෙන තැන්වලදී නොකියා සිටීමට ඔබට හැකිවේදැ’යි තවුසා ඇසීය. ‘ඔබ වහන්සේ නොකැමැති නම් එය කියන්නේ කුමක් නිසාද?’ ඔහු පිළිතුරු දී තවුසාට වැඳ පිටත්විය. ඔහු නැවත එහි පැමිණෙන විටක මග හැඳිනගැනීම පිණිස අතුවල හා ගස්වල සලකුණු තබමින් යන්ට ගියේය.
සො බාරාණසිං ගන්ත්වා රාජානං අද්දස. රාජා “කස්මා ආගතොසී”ති පුච්ඡි. “අහං, දෙව, තුම්හාකං වනචරකො පබ්බතපාදෙ අච්ඡරියං ඉත්ථිරතනං දිස්වා ආගතොම්හී”ති සබ්බං පවත්තිං කථෙසි. සො තස්ස වචනං සුත්වා වෙගෙන පබ්බතපාදං ගන්ත්වා අවිදූරෙ ඨානෙ ඛන්ධාවාරං නිවාසෙත්වා වනචරකෙන චෙව අඤ්ඤෙහි ච පුරිසෙහි සද්ධිං තාපසස්ස භත්තකිච්චං කත්වා නිසින්නවෙලාය තත්ථ ගන්ත්වා අභිවාදෙත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදි. රාජා තාපසස්ස පබ්බජිතපරික්ඛාරභණ්ඩං පාදමූලෙ ඨපෙත්වා, “භන්තෙ, ඉමස්මිං ඨානෙ කිං කරොම, ගමිස්සාමා”ති ආහ. “ගච්ඡ, මහාරාජා”ති. “ආම, ගච්ඡාමි, භන්තෙ, අය්යස්ස පන සමීපෙ විසභාගපරිසා අත්ථී”ති අස්සුම්හා, අසාරුප්පා එසා පබ්බජිතානං, මයා සද්ධිං ගච්ඡතු, භන්තෙති. මනුස්සානං නාම චිත්තං දුත්තොසයං, කථං බහූනං මජ්ඣෙ වසිස්සතීති? අම්හාකං රුචිතකාලතො පට්ඨාය සෙසානං ජෙට්ඨකට්ඨානෙ ඨපෙත්වා පටිජග්ගිස්සාම, භන්තෙති.
ඔහුද බරණැසට ගොස් රජු බැහැදුටුවේය. ඔහු කුමක් නිසා එහි පැමිණියේදැයි රජ ඇසීය. ‘දේවයන්වහන්ස, ඔබවහන්සේගේ වනචාරකයෙකු වූ මම පර්වත පාදයෙහි ආශ්චර්යජනක ස්ත්‍රී රත්නයක් දුටුවෙම් ඔබවහන්සේට ඒ බව දැනුම් දීමට පැමිණියෙමි.’ ඔහු සියලු තොරතුරු පැවසුවේය. ඔහුගේ වචනය අසා රජතෙමේ යුහුසුලුව කඳු බෑවුමට ගොස් අසපුවට නුදුරු තැනක කඳවුරු බැඳ පිරිස එහි නවත්වා වනචාරකයා හා මිනිසුන් ටිකදෙනෙකු සමග තවුසා දිවා ආහාරය ගෙන නිමවූ කල්හි එහි ගොස් තවුසාට වැඳ එකත් පසෙක හුන්හ. රජ තවුසාට පැවිදි පිරිකර පූජාකර ‘වහන්ස, කුමක් හෙයින් අපි මෙහි වෙසෙමුද, අපි යන්නෙමු’යි රජතෛමේ කීය. ‘යනු මැනවි රජතුමනි’ තවුසා කීය. ‘යන්නෙම් ස්වාමීනි, ඔබවහන්සේ සමීපයෙහි විසභාග අරමුණක් ඇත’ යනුවෙන් මට අසන්ට ලැබිණ. එසේ නම් එය පැවිද්දන් ප්‍රමාද කරවන කාරණයකි. වහන්ස ඕ අප සමග යේවා ‘මිනිසුන්ගේ සිත වනාහි නිතර දුෂ්යවන්නකි. එසේ නම් මෝ මිනිසුන් සමූහයක් මැද කෙසේ වසන්නීද?’ තවුසා ඇසීය. මා කැමති කලක සිට මැය සෙසු ඇකොවුරන්ගේ නායිකාව හැටියට පත්කර රැකබලා ගනිමි, වහන්ස.’
සො රඤ්ඤො කථං සුත්වා දහරකාලෙ ගහිතනාමවසෙනෙව, “අම්ම, පදුමවතී”ති ධීතරං පක්කොසි. සා එකවචනෙනෙව පණ්ණසාලතො නික්ඛමිත්වා පිතරං අභිවාදෙත්වා අට්ඨාසි. අථ නං පිතා ආහ – “ත්වං, අම්ම, වයප්පත්තා, ඉමස්මිං ඨානෙ රඤ්ඤා දිට්ඨකාලතො පට්ඨාය වසිතුං අයුත්තා, රඤ්ඤා සද්ධිං ගච්ඡ, අම්මා”ති. සා “සාධු, තාතා”ති පිතු වචනං සම්පටිච්ඡිත්වා අභිවාදෙත්වා රොදමානා අට්ඨාසි. රාජා “ඉමිස්සා පිතු චිත්තං ගණ්හිස්සාමී”ති තස්මිංයෙව ඨානෙ කහාපණරාසිම්හි ඨපෙත්වා අභිසෙකං අකාසි. අථ නං ගහෙත්වා අත්තනො නගරං ආනෙත්වා ආගතකාලතො පට්ඨාය සෙසිත්ථියො අනොලොකෙත්වා තාය සද්ධිංයෙව රමති. තා ඉත්ථියො ඉස්සාපකතා තං රඤ්ඤො අන්තරෙ පරිභින්දිතුකාමා එවමාහංසු – “නායං, මහාරාජ, මනුස්සජාතිකා, කහං නාම තුම්හෙහි මනුස්සානං විචරණට්ඨානෙ පදුමානි උට්ඨහන්තානි දිට්ඨපුබ්බානි, අද්ධා අයං යක්ඛිනී, නීහරථ නං, මහාරාජා”ති. රාජා තාසං කථං සුත්වා තුණ්හී අහොසි.
තවුසා රජුගේ වචනය අසා කුඩා කල සිටම ඇය ඇමතු අයුරින් පදුමවතී යනුවෙන් දුව ඇමතීය, ඈ එක වචනයෙන්ම පන්සලෙන් පිටත්ව අවුත් තවුසාට වැඳ සිටියේය. ඉක්බිති ඇයට තවුසා මෙසේ කීවේය. ‘දරුව ඔබ පත්වූ වැඩිවිය ඇත්තීය. රජු දුටුකල සිට මෙහි විසීම අපහසුය. දරුව, රජු සමග යන්න.’ ‘මැනැවයි පියාණෙනි’, කියූ ඒතොමෝ පියාගේ වචනය පිළිගෙන තවුසාට වැඳ හඬමින් සිටියාය. රජතුමා මෙහිදීම මැයගේ පියාගේ සිත සතුටු කරන්නෙමැයි එතැනම ඇය කහවණු රැසක් මත තබා අභිෂේක කළේය. ඉක්බිති රජු ඇය නගරයට කැඳවාගෙන පැමිණිකලසිට අනෙක් ගැහැනුන් නොතකා ඇය සමගම රමණය කරයි. ස්වභාවයෙන්ම ඊර්ෂ්‍යාසහගත වූ ඒ ස්ත්‍රීහු රජු ඇය කෙරෙහි බිඳවනු පිණිස මෙසේ කීහ. ‘මහරජතුමනි, මෝතොමෝ මිනිස් ගැහැනියක් නොවේ. පා තබනවිට පියුම් පුප්වන කෙනෙකු ඔබ මිනිසුන් අතර දැක ඇද්ද? ඒකාන්තයෙන්ම මැය යකින්නකි, මහරජතුමනි, ඇය වහාම පිටත් කරන්න.’ රජ ඔවුන්ගේ කථාව අසා නිහඬ විය.
අථස්සාපරෙන සමයෙන පච්චන්තො කුපිතො. සො “ගරුගබ්භා පදුමවතී”ති නගරෙ ඨපෙත්වා පච්චන්තං අගමාසි. අථ තා ඉත්ථියො තස්සා උපට්ඨායිකාය ලඤ්ජං දත්වා “ඉමිස්සා දාරකං ජාතමත්තමෙව අපනෙත්වා එකං දාරුඝටිකං ලොහිතෙන මක්ඛිත්වා සන්තිකෙ ඨපෙහී”ති ආහංසු. පදුමවතියාපි නචිරස්සෙව ගබ්භවුට්ඨානං අහොසි. මහාපදුමකුමාරො එකකොව කුච්ඡියං පටිසන්ධිං ගණ්හි. අවසෙසා එකූනපඤ්චසතා දාරකා මහාපදුමකුමාරස්ස මාතුකුච්ඡිතො නික්ඛමිත්වා නිපන්නකාලෙ සංසෙදජා හුත්වා නිබ්බත්තිංසු. අථස්සා “න තාව අයං සතිං පටිලභතී”ති ඤත්වා සා උපට්ඨායිකා එකං දාරුඝටිකං ලොහිතෙන මක්ඛිත්වා සමීපෙ ඨපෙත්වා තාසං ඉත්ථීනං සඤ්ඤං අදාසි. තාපි පඤ්චසතා ඉත්ථියො එකෙකා එකෙකං දාරකං ගහෙත්වා චුන්දකාරකානං සන්තිකං පෙසෙත්වා කරණ්ඩකෙ ආහරාපෙත්වා අත්තනා අත්තනා ගහිතදාරකෙ තත්ථ නිපජ්ජාපෙත්වා බහි ලඤ්ඡනං කත්වා ඨපයිංසු.
එයින් පසු කලෙක පිටිසරබද රටවැසියෝ යම් හේතුවක් නිසා කුපිතවූහ. හෙතෙම ගැබ්බරින් සිටි පදුමවතී නගරයෙහි නවත්වා කැරැල්ල ඇතිවූ පෙදෙසට ගියේය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇයගේ සේවිකාව කැඳවා අල්ලසක් දී ඇය දරුවා බිහිකළ කෙණෙහිම ඒ දරුවා ඉවත්කර ඒ වෙනුවට දඬු කැබැල්ලක ලේ තවරා ඇය සමීපයෙහි තබන ලෙස දැන්වූහ. පදුමවතියට ද නොබෝ දිනකින් ප්‍රසව වේදනාව හටගත්තේය. ‘මහාපදුම කුමාරයා හුදෙකලාවම විසීය. අනෙක් කුමාරවරු හාරසිය අනූනවදෙන මහා පදුම කුමාරයාගේ මවගේ කුසින් බිහිවූහ. එවිට බිසොවට සිහිය ලැබීමට පෙර සේවිකාව දඬු කැබැල්ලක ලේ තවරා ඇය සමීපයෙහි තබා ඒ ස්ත්රීන්ට සංඥාවක් කළාය. ඔවුහුද එකිනෙකී ඇත්දත් කම්කරුවාගෙන් කරඬු සාදවා ගෙන්වාගෙන තමතමා ගත් දරුවා එකිනෙක කරඬුවෙහි හොවා පිටින් සලකුණක් කර තැබූහ.
පදුමවතීපි ඛො සඤ්ඤං ලභිත්වා තං උපට්ඨායිකං “කිං විජාතම්හි, අම්මා”ති පුච්ඡි. සා තං සන්තජ්ජෙත්වා “කුතො ත්වං දාරකං ලභිස්සසී”ති වත්වා “අයං තව කුච්ඡිතො නික්ඛන්තදාරකො”ති ලොහිතමක්ඛිතං දාරුඝටිකං පුරතො ඨපෙසි. සා තං දිස්වා දොමනස්සප්පත්තා “සීඝං තං ඵාලෙත්වා අපනෙහි, සචෙ කොචි පස්සෙය්ය, ලජ්ජිතබ්බං භවෙය්යා”ති ආහ. සා තස්සා කථං සුත්වා අත්ථකාමා විය දාරුඝටිකං ඵාලෙත්වා උද්ධනෙ පක්ඛිපි.
සිහි ලැබීමෙන් පසු පදුමවතී ඇය බිහිකළේ කවරකුදැයි ඇසුවාය. ඕ ඈට තර්ජනයකර ඔබ දරුවන් ලබන්නේ කොහෙන්දැයි ඇසූ ඇය ‘මේ ඔබේ කුසයෙන් ලැබුණු දරුවා’යි කියමින් ලේ වැකි දැව කොටය ඇය ඉදිරියෙහි තැබුවාය. එය දුටු ඕතොමෝ දොම්නස් වුවාය. කිසිවෙකු දුටහොත් ලජ්ජාවීමට සිදුවෙතැයි බියෙන් ඒ කොටය බලා වහාම ඉවත්කරන ලෙස කීවාය. ඈ එය අසා ඇයගේ හිතවතියක මෙන් ඒ දැවකොටය පලා ලිපට දැමුවාය.
රාජාපි පච්චන්තතො ආගන්ත්වා නක්ඛත්තං පටිමානෙන්තො බහිනගරෙ ඛන්ධාවාරං බන්ධිත්වා නිසීදි. අථ තා පඤ්චසතා ඉත්ථියො රඤ්ඤො පච්චුග්ගමනං ආගන්ත්වා ආහංසු – “ත්වං, මහාරාජ, න අම්හාකං සද්දහසි, අම්හෙහි වුත්තං අකාරණං විය හොති, ත්වං මහෙසියා උපට්ඨායිකං පක්කොසාපෙත්වා පටිපුච්ඡ, දාරුඝටිකං තෙ දෙවී විජාතා”ති. රාජා තං කාරණං අනුපපරික්ඛිත්වාව “අමනුස්සජාතිකා භවිස්සතී”ති තං ගෙහතො නික්කඩ්ඪි. තස්සා රාජගෙහතො සහ නික්ඛමනෙනෙව පදුමපුප්ඵානි අන්තරධායිංසු, සරීරච්ඡවීපි විවණ්ණා අහොසි. සා එකිකාව අන්තරවීථියා පායාසි. අථ නං එකා වයප්පත්තා මහල්ලිකා ඉත්ථී දිස්වා ධීතුසිනෙහං උප්පාදෙත්වා “කහං ගච්ඡසි, අම්මා”ති ආහ. “ආගන්තුකම්හි, වසනට්ඨානං ඔලොකෙන්තී විචරාමී”ති. “ඉධාගච්ඡ, අම්මා”ති වසනට්ඨානං දත්වා භොජනං පටියාදෙසි.
රජතෙමේද ප්‍රත්‍යන්ත ජනපදයෙන් අවුත් නැකැත් බලමින් නගරයෙන් පිටත කඳවුරක සුබමොහොත බලාපොරොත්තුවෙන් සිටියේය. ඉක්බිති ඒ පන්සියයක් ස්ත්‍රීහු රජු හමුවීමට ගොස් මෙසේ කීවාහුය. ‘මහරජතුමනි, ඔබ අප කී දෙය නොඇදහුවෙහිය, අප කියූ දෙය අකාරණයකැයි සිතුවෙහිය, ඔබ මෙහෙසියගේ සේවිකාව කැඳවා විමසන්න. දේවයන් වහන්ස, ඈ දැව කොටයක් වැදුවාය’ යනුවෙනි. රජතුමා ඒ ගැන කිසිවක් නොවිමසාම අමනුෂ්‍ය ස්ත්‍රියක් වියහැකි යයි ඇය ගෙයින් බැහැර කළාය. ඇය රජමැදුරෙන් පිටත්වෙත්ම නෙලුම් මල් අතුරුදහන් විය. ශරීර වර්ණය ද විවර්ණ විය. ඕ හුදෙකලාවම අතුරුවීථියෙහි ගමන් කළාය. එවිට එක්තරා මැහැලි කතක් ඇය දැක දූසෙනෙහස ඉපිද ‘දරුව, කොහි යන්නෙහිදැ’යි ඇසුවාය. ‘මම ආගන්තුකයෙක්මි, විසීමට තැනක් සොයමින් ඇවිදින්නෙමි’ යනුවෙන් පිළිතුරු දුන්නාය. ඇය සමග එන ලෙස දැනුම් දුන් ඕතොමෝ ඇය තම නිවෙසට කැඳවාගෙන ගොස් ඇයට ආහාර සපයා දුන්නාය.
තස්සා ඉමිනාව නියාමෙන තත්ථ වසමානාය තා පඤ්චසතා ඉත්ථියො එකචිත්තා හුත්වා රාජානං ආහංසු – “මහාරාජ, තුම්හෙසු යුද්ධං ගතෙසු අම්හෙහි ගඞ්ගාදෙවතාය ‘අම්හාකං දෙවෙ විජිතසඞ්ගාමෙ ආගතෙ බලිකම්මං කත්වා උදකකීළං කරිස්සාමා’ති පත්ථිතං අත්ථි, එතමත්ථං, දෙව, ජානාපෙමා”ති. රාජා තාසං වචනෙන තුට්ඨො ගඞ්ගාය උදකකීළං කාතුං අගමාසි. තාපි අත්තනා අත්තනා ගහිතකරණ්ඩකං පටිච්ඡන්නං කත්වා ආදාය නදිං ගන්ත්වා තෙසං කරණ්ඩකානං පටිච්ඡාදනත්ථං පාරුපිත්වා පාරුපිත්වා උදකෙ පතිත්වා කරණ්ඩකෙ විස්සජ්ජෙසුං . තෙපි ඛො කරණ්ඩකා සබ්බෙ සහ ගන්ත්වා හෙට්ඨාසොතෙ පසාරිතජාලම්හි ලග්ගිංසු. තතො උදකකීළං කීළිත්වා රඤ්ඤො උත්තිණ්ණකාලෙ ජාලං උක්ඛිපන්තා තෙ කරණ්ඩකෙ දිස්වා රඤ්ඤො සන්තිකං ආනයිංසු.
ඇය එහි වසන කල්හි එකී පන්සියයක් ස්ත්‍රීහු එකමතිකව රජුට දැනුම් දුන්හ. ‘මහරජතුමනි, ඔබ පිටිසර කඳවුරට ගිය කල්හි, ඔබ සටනින් ජයගෙන පෙරළා පැමිණිවිට ගංගා දේවිතාවියට බලිකර්මයක් කර දියකෙළි කෙළෙන්නෙමු’ යනුවෙන් බාරයක් විමු. මේ බව අපි ඔබට මෙසේ දැනුම් දෙමු’යි දැන්වූහ. ඔවුන්ගේ ඒ අදහසට සතුටු වූ රජතුමා ඔවුන් සමග දියකෙළි සඳහා පිටත්විය. ස්ත්‍රීහුද තමතමා සමීපයෙහි තුබූ කරඬු සඟවා ගෙන ගඟට ගොස් ඒ කරඬු දියට දමූහ. ඒ කරඬු පාවී ගොස් ගඟ පහළ එලා තුබූ දැලක රැදිණ. දියකෙළි කෙළ නිමවූ පසු ගොඩට අවුත් සිටින විට, දළ ගොඩට ගත් ධීවරයෝ කරඬු දැක රජු වෙතට ගෙනවුත් දැක්වූහ.
රාජා කරණ්ඩකෙ ඔලොකෙත්වා “කිං, තාතා, කරණ්ඩකෙසූ”ති ආහ. “න ජානාම, දෙවා”ති. සො තෙ කරණ්ඩකෙ විවරාපෙත්වා ඔලොකෙන්තො පඨමං මහාපදුමකුමාරස්ස කරණ්ඩකං විවරාපෙසි. තෙසං පන සබ්බෙසම්පි කරණ්ඩකෙසු නිපජ්ජාපිතදිවසෙසුයෙව පුඤ්ඤිද්ධියා අඞ්ගුට්ඨතො ඛීරං නිබ්බත්ති. සක්කො දෙවරාජා තස්ස රඤ්ඤො නික්කඞ්ඛභාවත්ථං අන්තොකරණ්ඩකෙ අක්ඛරානි ලිඛාපෙසි – “ඉමෙ කුමාරා පදුමවතියා කුච්ඡිම්හි නිබ්බත්තා බාරාණසිරඤ්ඤො පුත්තා, අථ නෙ පදුමවතියා සපත්තියො පඤ්චසතා ඉත්ථියො කරණ්ඩකෙසු පක්ඛිපිත්වා උදකෙ ඛිපිංසු, රාජා ඉමං කාරණං ජානාතූ”ති. කරණ්ඩකෙ විවටමත්තෙ රාජා අක්ඛරානි වාචෙත්වා දාරකෙ දිස්වා මහාපදුමකුමාරං උක්ඛිපිත්වා වෙගෙන රථෙ යොජෙත්වා “අස්සෙ කප්පෙථ, අහං අජ්ජ අන්තොනගරං පවිසිත්වා එකච්චානං මාතුගාමානං පියං කරිස්සාමී”ති පාසාදවරං ආරුය්හ හත්ථිගීවාය සහස්සභණ්ඩිකං ඨපෙත්වා නගරෙ භෙරිං චරාපෙසි – “යො පදුමවතිං පස්සති, සො ඉමං සහස්සං ගණ්හාතූ”ති.
කරඬුවල තිබෙන්නේ කුමක්දැයි රජු ඇසූ කල්හි ඔවුන් නොදන්නා බව ප්‍රකාශ කළෙන් කරඬු විවෘත කරවා බලන්නේ පළමුකොට මහාපදුම කුමාරයාගේ කරඬුව විවෘත කළහ. දරුවන් කරඬුවල හෙවූ දින සිට ඔවුන්ගේ පින්බලයෙන් ඔවුන්ගේ ඇඟිලිවල කිරි එරිණ. රජු තුළ නිසැක බව ඇතිකරවනු පිණිස සක්දෙව්රජ කරඬු තුළ අකුරු කෙටවීය. ‘පදුමවතී බිසොවගේ කුසින් බිහිවූ මේ කුමරුවෝ රජතුමාගේ පුත්තුය. පදුමවතියගේ සපත්නීහු, පන්සියයක් ස්ත්‍රීහු මේ දරුවන් කරඬුවල බහා දියෙහි පාකර යැවූහ. රජතුමා මෙය දැනගනීවා’ කරඬු විවෘත කළ කෙණෙහිම රජ එහි වූ අකුරු කියවා දරුවන් දැක මහාපදුම කුමාරයා වඩාගෙන රියට නැග ‘අද මම නගරයට ගොස් මාගමුන් කොටසක් සතුටු කරවන්නෙමි, වහාම රිය පදව’යි කීය. හෙතෙම රජමැදුරට ගොස් ඇතුගේ ගෙළයට දහසින් බැඳි පියලක් බැඳ ‘යමෙක් පදුමවතී දකීද, ඔහු මේ දහසින් බැඳි පියල්ල ගනීවා’යි නුවර පුරා බෙර හැසිරවීය.
තං කථං සුත්වා පදුමවතී මාතු සඤ්ඤං අදාසි – “හත්ථිගීවතො සහස්සං ගණ්හ, අම්මා”ති. “නාහං එවරූපං ගණ්හිතුං විසහාමී”ති ආහ. සා දුතියම්පි තතියම්පි වුත්තෙ “කිං වත්වා ගණ්හාමි, අම්මා”ති ආහ. “‘මම ධීතා පදුමවතිං දෙවිං පස්සතී’ති වත්වා ගණ්හාහී”ති. සා “යං වා තං වා හොතූ”ති ගන්ත්වා සහස්සචඞ්කොටකං ගණ්හි. අථ නං මනුස්සා පුච්ඡිංසු – “පදුමවතිං දෙවිං පස්සසි, අම්මා”ති? “අහං න පස්සාමි, ධීතා කිර මෙ පස්සතී”ති ආහ. තෙ “කහං පන සා, අම්මා”ති වත්වා තාය සද්ධිං ගන්ත්වා පදුමවතිං සඤ්ජානිත්වා පාදෙසු නිපතිංසු. තස්මිං කාලෙ සා “පදුමවතී දෙවී අය”න්ති ඤත්වා “භාරියං වත ඉත්ථියා කම්මං කතං, යා එවංවිධස්ස රඤ්ඤො මහෙසී සමානා එවරූපෙ ඨානෙ නිරාරක්ඛා වසී”ති ආහ.
ඒ නිවේදනය ඇසූ පදුමවතී තම මැහැලි ගෙහිණියට ඇඟවීමක් කළාය. ඇතාගේ ගෙළෙන් දහසින් බැඳි පියල්ල ගන්නා ලෙස දැක්වූවාය. ඕ එවැන්නක් ගැනීම නොඉවසන බැව් කීවාය. දෙවන, තුන්වන වරටද පදුමවතී ඉල්ලා සිටියෙන් ඇය කුමක් කියා එය ගතහැකිදැයි ඇසුවාය. ‘මගේ දියණිය පදුමවතී යයි කියා ගනු මැන’ ඕ පිළිතුරු දුන්නාය. ඕතොමෝ ඕනෑ දෙයක් වේවා’යි කියා එහි ගොස් කහවණු පොදිය ගත්තාය. එවිට එහි රැස්ව සිටි අය ‘නැගණිය, ඔබ පදුමවතී දේවිය දක්නෙහිදැ’යි ඇසූහ. ‘මම නොදක්නෙමි, මගේ දියණිය දකිති’යි ඕ පිළිතුරු දුන්නාය. ඔවුහු ඇය කොහි සිටින්නීදැයි අසා මැහැල්ල සමග ගොස් පදුමවතී දේවිය දැක හැඳින ඇයගේ දෙපාමුල වැඳවැටුණහ. එකල පදුමවතී නමින් විසූ බිසොව මෝතොමෝය, එවැනි රජෙකුගේ බිසොවක් වූ මැයට ඒ ස්ත්‍රීන් විසින් කර ඇත්තේ බරපතල අපරාධයකි යනුවෙන් ඔවුහු කීහ.
තෙපි රාජපුරිසා පදුමවතියා නිවෙසනං සෙතසාණීහි පරික්ඛිපාපෙත්වා ද්වාරෙ ආරක්ඛං ඨපෙත්වා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා සුවණ්ණසිවිකං පෙසෙසි. සා “අහං එවං න ගමිස්සාමි, මම වසනට්ඨානතො පට්ඨාය යාව රාජගෙහං එත්ථන්තරෙ වරපොත්ථකචිත්තත්ථරණෙ අත්ථරාපෙත්වා උපරි සුවණ්ණතාරකවිචිත්තං චෙලවිතානං බන්ධාපෙත්වා පසාධනත්ථාය සබ්බාලඞ්කාරෙසු පහිතෙසු පදසාව ගමිස්සාමි, එවං මෙ නාගරා සම්පත්තිං පස්සිස්සන්තී”ති ආහ. රාජා “පදුමවතියා යථාරුචිං කරොථා”ති ආහ. තතො පදුමවතී සබ්බපසාධනං පසාධෙත්වා “රාජගෙහං ගමිස්සාමී”ති මග්ගං පටිපජ්ජි. අථස්සා අක්කන්තඅක්කන්තට්ඨානෙ වරපොත්ථකචිත්තත්ථරණානි භින්දිත්වා පදුමපුප්ඵානි උට්ඨහිංසු. සා මහාජනස්ස අත්තනො සම්පත්තිං දස්සෙත්වා රාජනිවෙසනං ආරුය්හ සබ්බෙපි තෙ චෙලචිත්තත්ථරණෙ තස්සා මහල්ලිකාය පොසාවනිකමූලං කත්වා දාපෙසි.
ඒ රාජපුරුෂයන් විසින් ඇයගේ නිවෙස්න සුදුතිරවලින් වටකර දොරකඩ රැකවලුන් නවත්වා පෙරළා රජු වෙත ගොස් එපවත් සියල්ලම දැන්වූහ. රජ රන්මුවා දෝලාවක් යැවීය. ‘මම මෙසේ නොයන්නෙමි’ ඈ කීවාය. ‘මෙතැන සිට රජගහනුවර දක්වා බිම විසිතුරු වූ සුදුවියන් බැඳ හැඳපැළඳගැනීම පිණිස සළුපිළි හා අබරණ එවූ කල්හි මම පයින්ම යන්නෙමි. නුවර වැසියන්ට මගේ සැපසම්පත් පෙනෙන පිණිස එසේ යනු කැමැත්තෙමි.’ පදුමවතියගේ කැමැත්ත ඉටු කරන ලෙස රජ අණ කළේය. එසේ කළ කල්හි පදුමවතී අබරණ පැළඳ සළුපිළි හැඳ රජගෙට යන්නෙමැයි මගට පිළිපන්නාය. ඕ තැබූ තැබූ අඩියට අගනා කෙඳිවලින් විසූ බුමුතුරුණු පලාගෙන පියුම් පැනනැංගේය. ඒතොමෝ ජනතාවට සිය සම්පත දක්වමින් රජමැදුරට ගොස් ඒ සියලු සළුපිළි ඒ මැහැලි ගෙහිණියට රැකබලාගත් කුලිය වශයෙන් දුන්නාය.
රාජාපි ඛො තා පඤ්චසතා ඉත්ථියො පක්කොසාපෙත්වා “ඉමායො තෙ, දෙවි, දාසියො කත්වා දෙමී”ති ආහ. “සාධු, මහාරාජ, එතාසං මය්හං දින්නභාවං සකලනගරෙ ජානාපෙහී”ති. රාජා නගරෙ භෙරිං චරාපෙසි “පදුමවතියා දුබ්භිකා පඤ්චසතා ඉත්ථියො එතිස්සාව දාසියො කත්වා දින්නා”ති. සා “තාසං සකලනාගරෙන දාසිභාවො සල්ලක්ඛිතො”ති ඤත්වා “අහං මම දාසියො භුජිස්සා කාතුං ලභාමි, දෙවා”ති රාජානං පුච්ඡි. “තව ඉච්ඡා, දෙවී”ති. “එවං සන්තෙ තමෙව භෙරිචාරිකං පක්කොසාපෙත්වා – ‘පදුමවතිදෙවියා අත්තනො දාසියො කත්වා දින්නා පඤ්චසතා ඉත්ථියො සබ්බාව භුජිස්සා කතා’ති පුන භෙරිං චරාපෙථා”ති ආහ. සා තාසං භුජිස්සභාවෙ කතෙ එකූනානි පඤ්චපුත්තසතානි තාසංයෙව හත්ථෙ පොසනත්ථාය දත්වා සයං මහාපදුමකුමාරංයෙව ගණ්හි.
රජතෙමේද සෙසු ස්ත්‍රීන් පන්සියය කැඳවා පදුමවතී දේවිය අමතා ඔවුන් පන්සියයම ඇගේ දාසියන් කොට දෙන බව පැවසුවාය. එය එසේ නම් ඒ බව නගරය පුරාම දැනුම් දෙනු මැනවැයි ඕ රජුට සැල කළාය. පදුමවතීට ද්‍රෝහිකම් කළ ස්ත්‍රීන් පන්සියයම ඇයගේ සේවිකාවන් බව දැනගනිත්වායි හෙතෙම නගරයම පුරාම බෙර හැසිරවීය. නුවරුන් ඔවුන් පන්සියය දාසියන් හැටියට පිළිගත් බව දැනගත් පදුමවතී නැවත රජු අමතා ඇය විසින් ඔවුහු නිදහස් කරනු ලැබීමට රජු කැමැතිදැයි ඇසුවාය. ඇයට කැමැත්තක් කළහැකි බව දැන්වූ රජතුමා ලවා පළමුව දාසියන් බවට පත්කරනු ලැබූ ස්ත්‍රීහු පන්සියය නැවත නිදහස් කරනු ලැබූ බව බෙර හසුරුවා දැනුම් දෙවීය, නිදහස් කිරීමෙන් පසුව ඔවුන් එකිනෙකීට පුතුන් හාරසිය අනූනවදෙනා පෝෂණය කිරීම සඳහා බාරදුන්නාහුය. මහාපදුම කුමාරයන් තමාම බාරගත්තාය.
අථාපරභාගෙ තෙසං කුමාරානං කීළනවයෙ සම්පත්තෙ රාජා උය්යානෙ නානාවිධං කීළනට්ඨානං කාරෙසි. තෙ අත්තනො සොළසවස්සුද්දෙසිකකාලෙ සබ්බෙව එකතො හුත්වා උය්යානෙ පදුමසඤ්ඡන්නාය මඞ්ගලපොක්ඛරණියා කීළන්තා නවපදුමානි පුප්ඵිතානි පුරාණපදුමානි ච වණ්ටතො පතන්තානි දිස්වා “ඉමස්ස තාව අනුපාදින්නකස්ස එවරූපා ජරා පාපුණාති, කිමඞ්ගං පන අම්හාකං සරීරස්ස. ඉදම්පි හි එවංගතිකමෙව භවිස්සතී”ති ආරම්මණං ගහෙත්වා සබ්බෙව පච්චෙකබොධිඤාණං නිබ්බත්තෙත්වා උට්ඨායුට්ඨාය පදුමකණ්ණිකාසු පල්ලඞ්කෙන නිසීදිංසු.
පසු කලෙක කුමරුවන් කෙළිසෙල්ලම් කරන වයසට පැමිණි කල්හි රජ උයනෙහි නොයෙක් ක්‍රීඩා සඳහා සුදුසු තැන් පිළියෙල කළේය. ඔවුන් සොළොස් වියට පැමිණිකල්හි එකතුවී පියුමින් වැසුණු පොකුණක ක්‍රීඩා කරන්නාහු අලුත් හා පරණ මල් නටුවෙන් ගිලිහී වැටෙනු දැක මෙතෙක් මැනවින් පිපී නැති මල් පවා වැටෙන්නේ නම්, අපේ සිරුරුවලට කුමක් විය නොහැකිද? එයටද එම ස්වභාවයම අයත්වනු ඇතැයි අරමුණක් ගෙන සියලුදෙනම පසේබුදු නුවණ ලබා එකිනෙක වහන්සේ මල්කෙමිවල පලක් බැඳ වැඩ සිටියහ.
අථ තෙහි සද්ධිං ගතරාජපුරිසා බහුගතං දිවසං ඤත්වා “අය්යපුත්තා, තුම්හාකං වෙලං ජානාථා”ති ආහංසු. තෙ තුණ්හී අහෙසුං. පුරිසා ගන්ත්වා රඤ්ඤො ආරොචෙසුං – “කුමාරා, දෙව, පදුමකණ්ණිකාසු නිසින්නා, අම්හෙසු කථෙන්තෙසුපි වචීභෙදං න කරොන්තී”ති. “යථාරුචියා නෙසං නිසීදිතුං දෙථා”ති. තෙ සබ්බරත්තිං ගහිතාරක්ඛා පදුමකණ්ණිකාසු නිසින්නනියාමෙනෙව අරුණං උට්ඨාපෙසුං. පුරිසා පුනදිවසෙ උපසඞ්කමිත්වා “දෙවා, වෙලං ජානාථා”ති ආහංසු. “න මයං දෙවා, පච්චෙකබුද්ධා නාම මයං අම්හා”ති. “අය්යා, තුම්හෙ භාරියං කථං කථෙථ, පච්චෙකබුද්ධා නාම තුම්හාදිසා න හොන්ති, ද්වඞ්ගුලකෙසමස්සුධරා කායෙ පටිමුක්කඅට්ඨපරික්ඛාරා හොන්තී”ති. තෙ දක්ඛිණහත්ථෙන සීසං පරාමසිංසු, තාවදෙව ගිහිලිඞ්ගං අන්තරධායි. අට්ඨ පරික්ඛාරා කායෙ පටිමුක්කා ච අහෙසුං. තතො පස්සන්තස්සෙව මහාජනස්ස ආකාසෙන නන්දමූලකපබ්භාරං අගමංසු.
ඉක්බිති ඔවුන් සමග ගිය පුරුෂයෝ බොහෝ දිනගණනක් ගතවූ බව දැන ‘ආර්ය පුත්‍රවරුනි, වේලාව දත මැනව’යි කීහ. ඔවුහු නිහඬවම සිටියහ. ඒ මිනිස්සු රජු වෙත ගොස් එපවත් දැන්වූහ. දේවයන් වහන්ස, කුමාරවරු පියුම්කෙමි මත වැඩවෙසෙති, අප කථාකළ නමුදු කථා නොකරති. ඔවුන්ට කැමති පරිදි විසීමට ඉඩදිය යුතුයයි රජතුමා කීවේය. ඔවුහු මල්කෙමි මත හුන් කුමරුවන්ගේ ආරක්ෂාව සඳහා මුලු රැයම එහි ගතකළහ. හිරු උදා වූ කල්හි ඔවුහු කුමරුවන් වෙත ගොස් දේවයන් වහන්ස, වේලාව දතමැනවයි කීහ. අපි දෙවිවරු නොවෙමු. එහෙත් පසේබුදුවරු වෙමු’. ‘ආර්යවරුනි, ඔබලා බැරෑරුම් දෙයක් කියහුය. පසේ බුදුවරයෝ ඔබලා වැන්නෝ නොවෙති. උන්වහන්සේලා දැඟුල් පමණ කෙස්රැවුල් ඇත්තෝය. අටපිරිකර දරන්නෝය. එහෙයින් ඔබලාගේ කථාව බැරැරුම්ය’ ඔවුහු දකුණු අතින් හිස පිරිමැද්දාහ. එකෙණෙහිම ගිහිවෙස් අතුරුදන් විය. අටපිරිකරවලින් සිරුරු වැසිණ. ඉක්බිති මහජනයා බලාසිටිද්දීම අහසෙන් නන්දමූලක කඳු බෑවුමට වැඩම කළහ.
සාපි ඛො පදුමවතී දෙවී “අහං බහුපුත්තා හුත්වා නිපුත්තා ජාතා”ති හදයසොකං පත්වා තෙනෙව සොකෙන කාලඞ්කත්වා රාජගහනගරෙ ද්වාරගාමකෙ සහත්ථෙන කම්මං කත්වා ජීවනට්ඨානෙ නිබ්බත්ති. අථාපරභාගෙ කුලඝරං ගතා එකදිවසං සාමිකස්ස ඛෙත්තං යාගුං හරමානා තෙසං අත්තනො පුත්තානං අන්තරෙ අට්ඨ පච්චෙකබුද්ධෙ භික්ඛාචාරවෙලාය ආකාසෙන ගච්ඡන්තෙ දිස්වා සීඝං සීඝං ගන්ත්වා සාමිකස්ස ආරොචෙසි – “පස්ස, අය්ය, පච්චෙකබුද්ධෙ, එතෙ නිමන්තෙත්වා භොජෙස්සාමා”ති . සො ආහ – “සමණසකුණා නාමෙතෙ අඤ්ඤත්ථාපි එවං චරන්ති, න එතෙ පච්චෙකබුද්ධා”ති තෙ තෙසං කථෙන්තානංයෙව අවිදූරෙ ඨානෙ ඔතරිංසු. සා ඉත්ථී තං දිවසං අත්තනො භත්තඛජ්ජභොජනං තෙසං දත්වා “ස්වෙපි අට්ඨ ජනා මය්හං භික්ඛං ගණ්හථා”ති ආහ. “සාධු, උපාසිකෙ, තව සක්කාරො එත්තකොව හොතු, ආසනානි ච අට්ඨෙව හොන්තු, අඤ්ඤෙපි බහූ පච්චෙකබුද්ධෙ දිස්වා තව චිත්තං පසීදෙය්යාසී”ති. සා පුනදිවසෙ අට්ඨ ආසනානි පඤ්ඤාපෙත්වා අට්ඨන්නං සක්කාරසම්මානං පටියාදෙත්වා නිසීදි.
ඒ පදුමවතී දේවී තොමෝද මා පෙරදින බහුපුත්වී දැන් අපුත්‍රක වූවාය, යනුවෙන් හදවතෙහි ශෝකය හටගත්තෙන් ඒ රෝගයෙන්ම මියගියාය. පසු කලෙක ඒතොමෝ ඒ රෝගයෙන්ම මියගොස් රජගහනුවර දොරගම සියතින් වැඩ කොට ජීවත්වන පවුලක උපන්නාය. ඉක්බිති වැඩිවියට පැමිණි පසු පතිකුලයට ගොස් දිනක් සැමියාට කැඳ ගෙනයන්නී තමාගේ පුතුන් අතරෙන් පසේ බුදුවරු අටනමක් පිඬුසිඟා යන වේලාවෙහි අහසින් යනු දැක වහාම ගොස් සැමියාට ඒ බව දැනුම් දුන්නාය. ‘ආර්යය, ඒ පසේබුදුවරුන් බලන්න. අපි උන්වහන්සේලාට ආරාධනා කර දනක් දෙමු’ යයි කීවාය. ‘ශ්‍රමණ පක්ෂීන් වන මොවුහු නිතරම අහසෙහි හැසිරෙත්. ඔවුහු පසේ බුදුවරයෝ නොවෙති.’ ඔවුන් එසේ කියත්ම පසේබුදුවරු එතැනට නොදුරින් බිමට බැස්සහ. ඒ ස්ත්‍රී තොමෝ තමා එදිනට ලබන කෑමබීම කොටස උන්වහන්සේලාට දී ‘හෙට අටනමම මගේ ගෙදර දානය පිළිගත මැනව’යි ආරාධනා කළාය. ‘එසේය උපාසිකාවෙනි’ උන්වහන්සේලා කීහ. ‘ඔබේ පූජාව මෙපමණක්ම වේවා, ආසන අටක් පමණක් පනවා තවත් බොහෝ පසේබුදුවරුන් දැක ඔබේ සිත පහදා ගනීවා. ඕ තොමෝ පසුදින ආසන අටක් පනවා අට නමකට ප්‍රමාණවත් ආහාර හා සමාන පිළියෙලකර බලාපොරොත්තුව සිටියාය.
නිමන්තිතපච්චෙකබුද්ධා සෙසානං සඤ්ඤං අදංසු – “මාරිසා අජ්ජ අඤ්ඤත්ථ අගන්ත්වා සබ්බෙව තුම්හාකං මාතු සඞ්ගහං කරොථා”ති. තෙ තෙසං වචනං සුත්වා සබ්බෙව එකතො ආකාසෙන ආගන්ත්වා මාතුඝරද්වාරෙ පාතුරහෙසුං. සාපි පඨමං ලද්ධසඤ්ඤතාය බහූපි දිස්වා න කම්පිත්ථ. සබ්බෙපි තෙ ගෙහං පවෙසෙත්වා ආසනෙසු නිසීදාපෙසි. තෙසු පටිපාටියා නිසීදන්තෙසු නවමො අඤ්ඤානි අට්ඨ ආසනානි මාපෙත්වා සයං ධුරාසනෙ නිසීදති, යාව ආසනානි වඩ්ඪන්ති, තාව ගෙහං වඩ්ඪති. එවං තෙසු සබ්බෙසුපි නිසින්නෙසු සා ඉත්ථී අට්ඨන්නං පච්චෙකබුද්ධානං පටියාදිතං සක්කාරං පඤ්චසතානම්පි යාවදත්ථං දත්වා අට්ඨ නීලුප්පලහත්ථකෙ ආහරිත්වා නිමන්තිතපච්චෙකබුද්ධානංයෙව පාදමූලෙ ඨපෙත්වා ආහ – “මය්හං, භන්තෙ, නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ සරීරවණ්ණො ඉමෙසං නීලුප්පලානං අන්තොගබ්භවණ්ණො විය හොතූ”ති පත්ථනං අකාසි. පච්චෙකබුද්ධා මාතු අනුමොදනං කත්වා ගන්ධමාදනංයෙව අගමංසු.
ආරාධනය ලබා සිටි අටනම සෙසු වහන්දෑට සංඥාවක් දුන්හ ‘ඇවැත්නි, ඔබවහන්සේලා අද අන් තැනක නොගොස් මවට සංග්‍රහ කළයුතුය’ යනුවෙන් පැවසූහ. උන්වහන්සේලා ඒ වචනය අසා සියල්ලෝම එකතු වී අහසින් ගොස් මවගේ ගෙදොර වැඩ සිටියහ. ඕ තොමෝ කලින් දැනුවත්ව සිටි නිසා උන්වහන්සේලා දැක කම්පා නොවූවාය. උන්වහන්සේලා සියල්ලන්ම ගෙය තුළට කැඳවා අසුන් ගැන්වූහ. වහන්දෑ පිළිවෙළින් අසුන් ගන්නාහු අට වැන්නා නවවන අසුනද, නවවැන්නා දසවන අසුනද ආදී වශයෙන් අසුන් පනවා සියල්ලෝම අසුන් ගත්හ. ආසන වැඩිවෙත්ම ගෙයද එපමණට වැඩෙයි. වහන්දෑ වැඩහුන් කල්හි අටනමකට පිළියෙලකර තුබූ ආහාර පන්සියයකට බෙදුවාය. ඉක්බිති නිලුපුල් අටමිටක් ගෙනවුත් ආරාධිත පසේ බුදුවරුන්ගේ පාමුල තබා ‘ස්වාමීනි, මා උපනුපන් ආත්මවලදී මගේ ජවීවර්ණය මේ නිලුපුල් මල්වල ගැබෙහි වර්ණයට සමාන වේවා’යි ප්‍රාර්ථනා කළාය. පසේබුදුවරු මවට අනුමෙවෙනි බණ වදාරා ගන්ධමාදන පර්වතයටම වැඩියහ.
සාපි යාවජීවං කුසලං කත්වා තතො චුතා දෙවලොකෙ නිබ්බත්තිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සෙට්ඨිකුලෙ පටිසන්ධිං ගණ්හි. නීලුප්පලගබ්භසමානවණ්ණතාය චස්සා උප්පලවණ්ණාත්වෙව නාමං අකංසු. අථස්සා වයප්පත්තකාලෙ සකලජම්බුදීපෙ රාජානො ච සෙට්ඨිනො ච සෙට්ඨිස්ස සන්තිකං දූතං පහිණිංසු “ධීතරං අම්හාකං දෙතූ”ති. අපහිණන්තො නාම නාහොසි. තතො සෙට්ඨි චින්තෙසි – “අහං සබ්බෙසං මනං ගහෙතුං න සක්ඛිස්සාමි, උපායං පනෙකං කරිස්සාමී”ති ධීතරං පක්කොසාපෙත්වා “පබ්බජිතුං, අම්ම, සක්ඛිස්සසී”ති ආහ. තස්සා පච්ඡිමභවිකත්තා පිතු වචනං සීසෙ ආසිත්තසතපාකතෙලං විය අහොසි. තස්මා පිතරං “පබ්බජිස්සාමි, තාතා”ති ආහ. සො තස්සා සක්කාරං කත්වා භික්ඛුනුපස්සයං නෙත්වා පබ්බාජෙසි. තස්සා අචිරපබ්බජිතාය එව උපොසථාගාරෙ කාලවාරො පාපුණි. සා පදීපං ජාලෙත්වා උපොසථාගාරං සම්මජ්ජිත්වා දීපසිඛාය නිමිත්තං ගණ්හිත්වා ඨිතාව පුනප්පුනං ඔලොකයමානා තෙජොකසිණාරම්මණං ඣානං නිබ්බත්තෙත්වා තදෙව පාදකං කත්වා අරහත්තං පාපුණි. අරහත්තඵලෙන සද්ධිංයෙව ච අභිඤ්ඤාපටිසම්භිදාපි ඉජ්ඣිංසු. විසෙසතො පන ඉද්ධිවිකුබ්බනෙ චිණ්ණවසී අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.2.උප්පලවණ්ණාථෙරීඅපදාන, අඤ්ඤමඤ්ඤවිසදිසං) –
ඕද දිවි ඇතිතෙක් පින්දහම්කර එයින් චුතව දෙව්ලොව ඉපිද මේ බුදුපතෙහි සැවැත් නුවර සිටුකුලයක ජනිත වූවාය. නිලුපුල් ගැබට සමාන ඡවි වර්ණය වූ හෙයින් ඇයට උප්පලවණ්ණා යයි නම් කළහ. ඇය වැඩිවිය පැමිණි පසු සියලු දඹදිව රජවරු, සිටුවරු හා කුමාරවරු සිටුවරයා වෙත දූතයන් එවූහ. ඔහුගේ දියණිය ඔවුනට පාවා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අයුරින් පණිවුඩ නොයැවූ තැනැත්තෙක් නොවීය. සිටුවරයා මෙසේ සිතුවේය. ‘සියලු දෙනාගේම සිත් සතුටුකරවීමට නොහැකිය. ඒ සඳහා උපායක් කරන්නෙමි’ ඉක්බිති දියණිය ගෙන්වා පැවිදිවීමට කැමැතිදැයි ඇසීය. එය ඇයගේ පශ්චිම ආත්මභාවයවූ හෙයින් ඒ වචනය ඇගේ හිසෙහි ගෑ ශතපාක තෛලයක් මෙන් විය. එහෙයින් පැවිදිවීමට කැමති බව පියාට දැන්වූවාය. හෙතෙම ඇයට සුදුසු සත්කාර කොට භික්ෂුණී ආරාමයකට කැඳවාගෙන ගොස් පැවිදි කරවීය. පැවිදි වී නොබෝ කලෙකින් ඇයට පොහෝගෙයි සැලසුම් වාරය පැමිණියේය. ඕතොමෝ පහන දල්වා ගෙය හැමද පහන්සිළුව නිමිති විසින් ගෙන හුන්නී නැවත නැවත බලමින් තෙජොකසිණ ධ්‍යානය උපදවා එයම පාදක කරගෙන රහත්බවට පැමිණියාය. රහත්බව ලැබීමත් සමගම අභිඥාපටිසම්භිදාව ලබාගත්තාය. ඕතොමෝ විශේෂ වශයෙන් සෘද්ධි ප්රාතිහාර්යය පෑමෙහි කුශලතා දැක්වූවාය. එහෙයින් කියන ලදී ආපදානයෙහි:
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්මයන්ගේ කෙළවරට පැමිණියා වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළවූහ.
“තදාහං හංසවතියං, ජාතා සෙට්ඨිකුලෙ අහුං; නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
එකල මම නොයෙක් රන්රුවනින් අනූන වූ මහා සුවයෙන් සමන්විත වූ සිටු කුලයක උපත ලදිමි.
“උපෙත්වා තං මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං; තතො ජාතප්පසාදාහං, උපෙමි සරණං ජිනං.
මම ඒ මහා වීරයා වෙත ගොස් බණ ඇසුවෙමි. එයින් හටගත් පැහැදීම ඇත්තී උන්වහන්සේ සරණ ගියෙමි.
“භගවා ඉද්ධිමන්තීනං, අග්ගං වණ්ණෙසි නායකො; භික්ඛුනිං ලජ්ජිනිං තාදිං, සමාධිඣානකොවිදං.
ඒ බුදුහු සමාධි ධ්‍යානයෙහි දක්ෂවූ ලජ්ජාශීලී වූ, සෘද්ධිමත් භික්ෂුණීගෙන් අගතැනට පැමිණියාවූ එක් භික්ෂුණියක වර්ණනා කළහ.
“තදා මුදිතචිත්තාහං, තං ඨානං අභිකඞ්ඛිනී; නිමන්තිත්වා දසබලං, සසඞ්ඝං ලොකනායකං.
එයින් සතුටු වූ මම ඒ තනතුර කැමතිවෙමින් භික්ෂු සංඝයා ඇතුළු ලෝකනායකයන් වහන්සේට ආරාධනා කර සත්දිනක් දන් දී තුන්සිවුරු පුදා සුවඳවත් උපුමල් හතක් ගෙන බුදුන් පාමුල තබා පාමුල හිස තබා වැඳ මෙසේ කීවෙමි:
“භොජයිත්වාන සත්තාහං, දත්වාන ච තිචීවරං; සත්තමාලං ගහෙත්වාන, උප්පලාදෙවගන්ධිකං.
“සත්ථු පාදෙ ඨපෙත්වාන, ඤාණම්හි අභිපූජයිං; නිපච්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්රවිං.
“යාදිසා වණ්ණිතා වීර, ඉතො අට්ඨමකෙ මුනි; තාදිසාහං භවිස්සාමි, යදි සිජ්ඣති නායක.
‘නායකයන් වහන්ස, ඉදින් ඉටුවන්නේ නම් මෙයින් පෙර අටවන දින යම් භික්ෂුණියක් වර්ණනා කරනු ලැබුවාද මම එවැන්නියක් වන්නෙමි.’
“තදා අවොච මං සත්ථා, විස්සට්ඨා හොති දාරිකෙ; අනාගතම්හි අද්ධානෙ, ලච්ඡසෙ තං මනොරථං.
එකල ශාස්තෲන් වහන්සේ මට මෙසේ වදාළහ. දැරිය, නිසැකවෙව, අනාගතයෙහි ඔබේ අදහස ඉටුවන්නේය.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප සියක් දහසකට පසු ඉක්ෂ්වාකු කුලයෙහි සම්භවය ඇති ගෞතම නම්වූ ශාස්තෲවරයෙක් ලොව පහළ වන්නාහ.
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; නාමෙනුප්පලවණ්ණාති, රූපෙන ච යසස්සිනී.
ඒ බුදුන්ගේ ධර්මය දායාද කොට ඇත්තාවූ රූපයෙන් හා ධර්මයෙන් සමන්විත වූ නමින් උප්පලවණ්ණා වූ,
“අභිඤ්ඤාසු වසිප්පත්තා, සත්ථුසාසනකාරිකා; සබ්බාසවපරික්ඛීණා, හෙස්සසී සත්ථු සාවිකා.
අභිඥාලාභී වූ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නා වූ සියලු ආශ්‍රවයන් දුරුකළාවූ ශ්‍රාවිකාවක් වන්නෙහිය.’
“තදාහං මුදිතා හුත්වා, යාවජීවං තදා ජිනං; මෙත්තචිත්තා පරිචරිං, සසඞ්ඝං ලොකනායකං.
එයින් තුටු පහටු වූ මම ජීවිතාන්තය දක්වා සංඝයා ඇතුළු බුදුන්වහන්සේ මෙත් සිතින් පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කමේ අනුසසින් හා චේතනාව පිහිටුවීමෙන් මිනිස් සිරුර අතහැර තව්තිසාවට ගියෙමි.
“තතො චුතාහං මනුජෙ, උපපන්නා සයම්භුනො; උප්පලෙහි පටිච්ඡන්නං, පිණ්ඩපාතමදාසහං.
එයින් චුතව මිනිස් ලෙව්හි උපන් මම බුදුන්වහන්සේට උපුල් මලින් වැසූ පිණ්ඩපාතයක් පිදුවෙමි.
“එකනවුතිතො කප්පෙ, විපස්සී නාම නායකො; උප්පජ්ජි චාරුදස්සනො, සබ්බධම්මෙසු චක්ඛුමා.
මෙයින් කල්ප අනූවකට පෙර මනහර දැකුම් ඇති සියලු දහම්හි කෙළ පැමිණි විපස්සි නම් බුදුහු ලොව උපන්හ.
“සෙට්ඨිධීතා තදා හුත්වා, බාරාණසිපුරුත්තමෙ; නිමන්තෙත්වාන සම්බුද්ධං, සසඞ්ඝං ලොකනායකං.
එකල්හි මම උතුම් බරණැස් නුවර සිටු දියණියව ඉපිද සංඝයා සහිත බුදුන්ට ආරාධනා කර උපුල් මලින් මුසුවූ මහා දානයක් දී වර්ණශෝභාව ප්‍රාර්ථනා කළෙමි.
“මහාදානං දදිත්වාන, උප්පලෙහි විනායකං; පූජයිත්වා චෙතසාව, වණ්ණසොභං අපත්ථයිං.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ භද්‍රකල්පයෙහි මහා යශස් ඇති බ්රහ්මබන්ධු වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ කස්සප බුදුන්වහන්සේ ලෙව්හි උපන්හ.
“උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
එකල්හි බරණැස් නුවර කිකී නම්වූ කසි රජ ඒ බුදුන්ගේ ප්‍රධාන උපස්ථායකයා විය.
“තස්සාසිං දුතියා ධීතා, සමණගුත්තසව්හයා; ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
සමණ ගුත්තා නම්වූ මම ඔහුගේ දෙවන දියණිය විමි. බුදුන්ගෙන් බණ අසා පැහැදුණු මම පැවිද්ද කැමැතිවීමි.
“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
මගේ පියා එය අනුනොදත් හෙයින් අවුරුදු විසිදහසක් ගිහිගෙයි අනලස්ව විසීමි.
“කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා; බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්තධීතරො.
සුවසේ වැඩුණා වූ බුදුන්ට උපස්ථාන කිරීමෙහි නිරතවූ කුමරි බඹසර හැසිරෙන
“සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා; ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
සමණී, සමණගුත්තා, භික්ඛුනී, භික්ඛදාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා යන දූවරු සත්දෙනෙක් වූහ.
“අහං ඛෙමා ච සප්පඤ්ඤා, පටාචාරා ච කුණ්ඩලා; කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
මම, ඛේමා, පැණවත් පටාචාරා, කුණ්ඩලා, කිසාගෝතමී ධම්මදින්නා හා විසාඛා යන සත්දෙනය.
“තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කම්වලින් හා චේතනා ශුද්ධිය හේතු කොටගෙන මිනිසත්බව හැර මම තව්තිසාවට ගියෙමි.
“තතො චුතා මනුස්සෙසු, උපපන්නා මහාකුලෙ; පීතං මට්ඨං වරං දුස්සං, අදං අරහතො අහං.
එයින් චුතව මිනිසුන් අතර ඉපද එකල රහතන් වහන්සේට අගනා සළු අටක් පූජා කළෙමි.
“තතො චුතාරිට්ඨපුරෙ, ජාතා විප්පකුලෙ අහං; ධීතා තිරිටිවච්ඡස්ස, උම්මාදන්තී මනොහරා.
එයින් චුත වූ මම අරිට්ඨ පුරයෙහි බ්‍රාහ්මණ කුලයක කිරීටිවච්ඡගේ මනහර රූසපුවෙන් හෙබි දියණියක් වීමි.
“තතො චුතා ජනපදෙ, කුලෙ අඤ්ඤතරෙ අහං; පසූතා නාතිඵීතම්හි, සාලිං ගොපෙමහං තදා.
එයින් චුතව ගිය මම ජනපදයක එතරම් ධනයකට හිමිනොවූ එක්තරා කුලයක ඉපිද හැල්කෙතක වැඩකළෙමි.
“දිස්වා පච්චෙකසම්බුද්ධං, පඤ්චලාජසතානිහං; දත්වා පදුමච්ඡන්නානි, පඤ්ච පුත්තසතානිහං.
එකල පසේ බුදුවරයෙකු දැක පන්සියයක් විලඳපිඬු පියුමින් වසා පුතුන් පන්සියයක් පැතිමි.
“පත්ථයිං තෙපි පත්ථෙසුං, මධුං දත්වා සයම්භුනො; තතො චුතා අරඤ්ඤෙහං, අජායිං පදුමොදරෙ.
ඔවුහුද මීපැණි දන් දී ප්‍රාර්ථනා කළහ. මම එයින් චුතව වනයෙහි පියුම් ගැබක උපත ලදිමි.
“කාසිරඤ්ඤො මහෙසීහං, හුත්වා සක්කතපූජිතා; අජනිං රාජපුත්තානං, අනූනං සතපඤ්චකං.
ඉක්බිති කසී රජුගේ මෙහෙසිය වී සියලු සත්කාර ලැබූ මම පන්සියයක් රජපුතුන් ලැබීමි.
“යදා තෙ යොබ්බනප්පත්තා, කීළන්තා ජලකීළිතං; දිස්වා ඔපත්තපදුමං, ආසුං පච්චෙකනායකා.
යොවුන් වියට පැමිණියා වූ ඔවුහු දිනක් දියකෙළි කෙළින්නාහු නටුවෙන් ගිලිහුණු පියුමක් දැක තමතමාට නායකයෝ වූහ.
“සාහං තෙහි විනාභූතා, සුතවීරෙහි සොකිනී; චුතා ඉසිගිලිපස්සෙ, ගාමකම්හි අජායිහං.
මගේ වීර පුතුන්ගෙන් වෙන්වූ මම ඒ ශෝකයෙන් මිය ගොස් ඉසිගිලි පර්වතය සමීපයෙහි ගමක උපනිමි.
“යදා බුද්ධො සුතමතී, සුතානං භත්තුනොපි ච; යාගුං ආදාය ගච්ඡන්තී, අට්ඨ පච්චෙකනායකෙ.
මහලු වියෙහි පසුවූ මම එක් දවසක පුතුන්ට හා සැමියාට කැඳ ගෙන යන අතර පසේබුදුවරුන් අටනමක් පිඬු පිණිස වඩිනු දැක මට පුතුන් සිහිවිය, පුත්‍ර ප්‍රේමය හේතුකොටගෙන කිරිදහර වැගිරිණ.
“භික්ඛාය ගාමං ගච්ඡන්තෙ, දිස්වා පුත්තෙ අනුස්සරිං; ඛීරධාරා විනිග්ගච්ඡි, තදා මෙ පුත්තපෙමසා.
“තතො තෙසං අදං යාගුං, පසන්නා සෙහි පාණිභි; තතො චුතාහං තිදසං, නන්දනං උපපජ්ජහං.
එවිට මම උන්වහන්සේලාට සියතින්ම කැඳ පිළිගැන්වීමි. ඒ අත්බවින් චුතවූ මම තිදසෙහි නන්දන වනයට පැමිණියෙමි.
“අනුභොත්වා සුඛං දුක්ඛං, සංසරිත්වා භවාභවෙ; තවත්ථාය මහාවීර, පරිච්චත්තඤ්ච ජීවිතං.
සුවදුක් විඳ භවයෙහි හැසිර මහා වීරය. ඔබ උදෙසා ජීවිතයද පිදුවෙමි.
“ධීතා තුය්හං මහාවීර, පඤ්ඤවන්ත ජුතින්ධර; බහුඤ්ච දුක්කරං කම්මං, කතං මෙ අතිදුක්කරං.
මහා වීරය, මහා ප්‍රාඥය, ඔබේ දියණිය බොහෝ දුෂ්කර ක්‍රියා කළාය, ඉතා අපහසු දේ කළාය.
“රාහුලො ච අහඤ්චෙව, නෙකජාතිසතෙ බහූ; එකස්මිං සම්භවෙ ජාතා, සමානච්ඡන්දමානසා.
රාහුල හා මම සියගණන් නොයෙක් ජාතිවල සමරුචිකම් හා මනසින් යුතුව එකට උපත ලැබුවෙමු.
“නිබ්බත්ති එකතො හොති, ජාතියාපි ච එකතො; පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, උභොපි නානාසම්භවා.
බොහෝ ජාතීන්හි උපත එකටම විය. අවසාන උපත පැමිණි කල්හි දෙදෙනාගේ උපත වෙනස්විය.
“පුරිමානං ජිනග්ගානං, සඞ්ගමං තෙ නිදස්සිතං; අධිකාරං බහුං මය්හං, තුය්හත්ථාය මහාමුනි.
පෙර බුදුවරුන්ගේ අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද මහා මුනිවරය, ඔබ උදෙසා මා කළ අධිකාරයන් අති විශාලය.
“යං මයා පූරිතං කම්මං, කුසලං සර මෙ මුනි; තවත්ථාය මහාවීර, පුඤ්ඤං උපචිතං මයා.
මුනිවරය, යම් කුසලයක් මා විසින් පුරන ලද්දේද, ඒ සියලු පින්කම් කරන ලද්දේ ඔබ සඳහාය.
“අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා, වාරයන්ති අනාචාරං; තවත්ථාය මහාවීර, චත්තං මෙ ජීවිතං බහුං.
නුසුදුසු තැන් මගහරවමින් බොහෝ ජනයා මුහුකුරවමින්, මහා වීරය, මගේ ජීවිතය ඔබ සඳහා පැවතිණ.
“එවං බහුවිධං දුක්ඛං, සම්පත්ති ච බහුබ්බිධා; පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, ජාතා සාවත්ථියං පුරෙ.
මෙසේ බොහෝ දුක් හා බොහෝ සැපසම්පත් ද විඳ අවසාන ආත්මය පැමිණිවිට සැවැත්නුවර උපනිමි.
“මහාධනසෙට්ඨිකුලෙ, සුඛිතෙ සජ්ජිතෙ තථා; නානාරතනපජ්ජොතෙ, සබ්බකාමසමිද්ධිනෙ.
විශාල ධනයකින් සමන්විත සුඛිතමුදිත වූ නොයෙක් රුවනින් බබළන සියලු කම්සුවයෙන් සමෘද්ධිමත් වූ සිටුකුලයෙහි සත්කාර පූජා ලැබුවෙම් ගරුබුහුමනින් පිදුම් ලැබීමි. රූපශෝභාවෙන් අගතැන්පත් වූ, කුලයෙහි උසස් හැටියට සම්මතව, මම බොහෝසෙයින් ප්‍රාර්ථනා කරනු ලැබීමි. නොයෙක් සියගණන් සිටු පුතුන් විසින් පතනු ලැබීමි.
“සක්කතා පූජිතා චෙව, මානිතාපචිතා තථා; රූපසීරිමනුප්පත්තා, කුලෙසු අභිසක්කතා.
“අතීව පත්ථිතා චාසිං, රූපසොභසිරීහි ච; පත්ථිතා සෙට්ඨිපුත්තෙහි, අනෙකෙහි සතෙහිපි.
“අගාරං පජහිත්වාන, පබ්බජිං අනගාරියං; අඩ්ඪමාසෙ අසම්පත්තෙ, චතුසච්චමපාපුණිං.
ගිහිගෙය හැරපියා සසුනෙහි පැවිදිවීමි. අඩමසක් ගතවීමට පෙර චතුරාර්ය සත්‍යය අවබෝධ කළෙමි.
“ඉද්ධියා අභිනිම්මිත්වා, චතුරස්සං රථං අහං; බුද්ධස්ස පාදෙ වන්දිස්සං, ලොකනාථස්ස තාදිනො.
මම සෘද්ධිවිධ ඥානය, දිව්යශ්රොතඥානය, පරචිත්තවිජානන ඤාණය, කර්මානුරූපව පූර්වේනිවෙසානුස්මෘති ඥානය හා දිව්‍යචක්‍ෂුස පිරිසිදු කළෙමි. සකලවිධ ආශ්‍රවයන් ක්ෂීණ විය. මෙයින් මතු ඉපදීමක් නැත.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස්ස, වසී හොමි මහාමුනෙ.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මෙ විමලං සුද්ධං, පභාවෙන මහෙසිනො.
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානයන් කෙරෙහි මගේ නුවණ බුදුන්වහන්සේගේ ප්‍රභාවයෙන් පිරිසිදුවිය.
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; ඛණෙන උපනාමෙන්ති, සහස්සානි සමන්තතො.
කලින් කල ජනයා සිවුරු පිඬුදන්, සිවුපසය හා සෙනසුන් ගෙනවුන් දෙති.
“ජිනො තම්හි ගුණෙ තුට්ඨො, එතදග්ගෙ ඨපෙසි මං; අග්ගා ඉද්ධිමතීනන්ති, පරිසාසු විනායකො.
මගේ ඒ ගුණධර්මය කෙරෙහි පැහැදුණු බුදුරජාණෝ සෘද්ධිමත් තැනැත්තියන් අතරෙන් මා අගතන්හි තැබූහ.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්තිසමූහතා.
මම බුදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි. දැඩිබර බහා තැබීමි, උත්පාදක කාරකයන් විනාශ කළෙමි.
“යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
[missing trans]
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ කෙලෙස් දවනලදී. පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
අයං පන ථෙරී යදා භගවා සාවත්ථිනගරද්වාරෙ යමකපාටිහාරියං කාතුං කණ්ඩම්බරුක්ඛමූලං උපගඤ්ඡි, තදා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එවමාහ – “අහං, භන්තෙ, පාටිහාරියං කරිස්සාමි, යදි භගවා අනුජානාතී”ති සීහනාදං නදි. සත්ථා ඉදං කාරණං අට්ඨුප්පත්තිං කත්වා ජෙතවනමහාවිහාරෙ අරියගණමජ්ඣෙ නිසින්නො පටිපාටියා භික්ඛුනියො ඨානන්තරෙ ඨපෙන්තො ඉමං ථෙරිං ඉද්ධිමන්තීනං අග්ගට්ඨානෙ ඨපෙසි. සා ඣානසුඛෙන ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච වීතිනාමෙන්තී එකදිවසං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසඤ්ච පච්චවෙක්ඛමානා ගඞ්ගාතීරියත්ථෙරස්ස මාතුයා ධීතාය සද්ධිං සපත්තිවාසං උද්දිස්ස සංවෙගජාතාය වුත්තගාථා පච්චනුභාසන්තී –
යම් දිනක බුදුහු යමාමහ පෙළහර දැක්වීමට සැවැත් නුවර දොරටුව සමීපයෙහි වූ ගණ්ඩ නම්වූ අඹරුක මුලට වැඩිසේක් ද එදා මේ තෙරණියෝ උන්වහන්සේ වෙත එළඹ මෙසේ දැන්වූහ. ‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් වීනම් මම පෙළහර පාන්නෙමි’ යනුවෙන් සිංහනාද කළාය. බුදුහු ඒ කාරණය අර්ථොත්පත්ති වශයෙන් ගෙන ජේතවන මහා විහාරයෙහි ආර්යසංඝයා මැද වැඩහුන් සේක් පිළිවෙළින් තෙරණියන් ද අගතනතුරුවල තබන්නාහු මේ තෙරණිය සෘද්ධිමතියන් අතරෙහි අගතනතුරට පත්කළහ. ඕතොමෝ දැහැන් සුවයෙන්, පල සුවයෙන්, හා නිවන් සුවයෙන් කල් යවන්නී එක් දිනක් කාමයන්ගේ ආදීනව හා ක්ලේශයන්ගේ අධමභාවය සලකන්නී ගංගාතීරිය තෙරුන්ගේ මවගේ දුව සමග සපත්නීවාසය උදෙසා සංවේගය හටගැනීමෙන් ප්‍රකාශ කළ ගාථා නැවත පවසන්නී මේ ගාථා තුන ගැයූහ:
“උභො මාතා ච ධීතා ච, මයං ආසුං සපත්තියො; තස්සා මෙ අහු සංවෙගො, අබ්භුතො ලොමහංසනො.
උභො මාතා ච ධීතා ච මයං අහුං සපත්තියො, තස්සා මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො
“ධිරත්ථු කාමා අසුචී, දුග්ගන්ධා බහුකණ්ටකා; යත්ථ මාතා ච ධීතා ච, සභරියා මයං අහුං.
ධීරත්ථු කාමා අසුචි දුග්ගන්ධා බහුකණ්ටකා, යත්ථ මාතා ච ධීතා ච සහරියා මයං අහුං
“කාමෙස්වාදීනවං දිස්වා, නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො; සා පබ්බජිං රාජගහෙ, අගාරස්මානගාරිය”න්ති. –
කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, සා පබ්බජි රාජගහෙ අගාරස්මානගාරියං
ඉමා තිස්සො ගාථා අභාසි.
තත්ථ උභො මාතා ච ධීතා ච, මයං ආසුං සපත්තියොති මාතා ච ධීතා චාති උභො මයං අඤ්ඤමඤ්ඤං සපත්තියො අහුම්හ.
එහි උභො මාතා ච ධීතා ච මයං ආහු සපත්තියො - මව හා දියණිය සමග අපි එකිනෙක්කෙනා සම භාර්යාවෝ වීමු.
සාවත්ථියං කිර අඤ්ඤතරස්ස වාණිජස්ස භරියාය පච්චූසවෙලායං කුච්ඡියං ගබ්භො සණ්ඨාසි, සා තං න අඤ්ඤාසි. වාණිජො විභාතාය රත්තියා සකටෙසු භණ්ඩං ආරොපෙත්වා රාජගහං උද්දිස්ස ගතො. තස්සා ගච්ඡන්තෙ කාලෙ ගබ්භො වඩ්ඪෙත්වා පරිපාකං අගමාසි. අථ නං සස්සු එවමාහ – “මම පුත්තො චිරප්පවුත්ථො ත්වඤ්ච ගබ්භිනී, පාපකං තයා කත”න්ති. සා “තව පුත්තතො අඤ්ඤං පුරිසං න ජානාමී”ති ආහ. තං සුත්වාපි සස්සු අසද්දහන්තී තං ඝරතො නික්කඩ්ඪි. සා සාමිකං ගවෙසන්තී අනුක්කමෙන රාජගහං සම්පත්තා. තාවදෙව චස්සා කම්මජවාතෙසු චලන්තෙසු මග්ගසමීපෙ අඤ්ඤතරං සාලං පවිට්ඨාය ගබ්භවුට්ඨානං අහොසි. සා සුවණ්ණබිම්බසදිසං පුත්තං විජායිත්වා අනාථසාලායං සයාපෙත්වා උදකකිච්චත්ථං බහි නික්ඛන්තා. අථඤ්ඤතරො අපුත්තකො සත්ථවාහො තෙන මග්ගෙන ගච්ඡන්තො “අස්සාමිකාය දාරකො, මම පුත්තො භවිස්සතී”ති තං ධාතියා හත්ථෙ අදාසි. අථස්ස මාතා උදකකිච්චං කත්වා උදකං ගහෙත්වා පටිනිවත්තිත්වා පුත්තං අපස්සන්තී සොකාභිභූතා පරිදෙවිත්වා රාජගහං අප්පවිසිත්වාව මග්ගං පටිපජ්ජි. තං අඤ්ඤතරො චොරජෙට්ඨකො අන්තරාමග්ගෙ දිස්වා පටිබද්ධචිත්තො අත්තනො පජාපතිං අකාසි. සා තස්ස ගෙහෙ වසන්තී එකං ධීතරං විජායි. අථ සා එකදිවසං ධීතරං ගහෙත්වා ඨිතා සාමිකෙන භණ්ඩිත්වා ධීතරං මඤ්චකෙ ඛිපි. දාරිකාය සීසං ථොකං භින්දි. තතො සාපි සාමිකං භායිත්‍වා රාජගහමෙව පච්චාගන්ත්වා සෙරිවිචාරෙන විචරති. තස්සා පුත්තො පඨමයොබ්බනෙ ඨිතො “මාතා”ති අජානන්තො අත්තනො පජාපතිං අකාසි. අපරභාගෙ තං චොරජෙට්ඨකධීතරං භගිනිභාවං අජානන්තො විවාහං කත්වා අත්තනො ගෙහං ආනෙසි. එවං සො අත්තනො මාතරං භගිනිඤ්ච පජාපතී කත්වා වාසෙසි. තෙන තා උභොපි සපත්තිවාසං වසිංසු. අථෙකදිවසං මාතා ධීතු කෙසවට්ටිං මොචෙත්වා ඌකං ඔලොකෙන්තී සීසෙ වණං දිස්වා “අප්පෙවනාමායං මම ධීතා භවෙය්යා”ති පුච්ඡිත්වා සංවෙගජාතා හුත්වා රාජගහෙ භික්ඛුනුපස්සයං ගන්ත්වා පබ්බජිත්වා කතපුබ්බකිච්චා විවෙකවාසං වසන්තී අත්තනො ච පුබ්බපටිපත්තිං පච්චවෙක්ඛිත්වා “උභො මාතා”තිආදිකා ගාථා අභාසි. තා පන තාය වුත්තගාථාව කාමෙසු ආදීනවදස්සනවසෙන පච්චනුභාසන්තී අයං ථෙරී “උභො මාතා ච ධීතා චා”තිආදිමාහ. තෙන වුත්තං – “සා ඣානසුඛෙන ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච වීතිනාමෙන්තී ඉමා තිස්සො ගාථා අභාසී”ති.
සැවැත්නුවර එක්තරා වෙළෙන්දකුගේ භාර්යාවගේ කුසෙහි අලුයම් වේලෙහි ගැබක් පිහිටියේය. ඕ ඒ බව නොදත්තාය. වෙළෙන්දා රාත්‍රිය පහන් වූ කල ගැල්වල බඩු පටවාගෙන රජගහ නුවර බලා පිටත්විය. කල් යත්ම ඇයගේ ගැබ නොවැඩීම මුහුකුරා ගියේය. එවිට ඇයගේ නැන්දම්මා ඇයට මෙසේ කීවාය. ‘මගේ පුතා බැහැර ගොස් කලක් ගතවිය. ඔබද ගැබිනියක, ඔබ පව්කමක් කර ඇත.’ ‘ඔබේ පුතා හැර අන් පුරුෂයෙකු නොදනිමි’ ඈ කීවාය. නැන්දම්මා එබස් අසාද ඇගේ වචනය නොඅදහා ඇය ගෙයින් පිටත්බකළාය. ඕතොමෝ සැමියා සොයමින් යන්නී ක්‍රමයෙන් රජගහනුවරට පැමිණෙන්ම ප්‍රසව වේදනාව හටගත. එකෙණෙහිම ඒ සමීපයෙහි තුබුණු ශාලාවකට පිවිසුණු ඇයට දරුවා ලැබිණ. ඕතොමෝ රන් පිළිමයක් වැනි දරුවකු බිහිකර උදයකෘත්යය කිරීම අවශ්‍යවූ හෙයින් දරුවා අනාථ ශාලාවෙහි හොවා බැහැර ගියාය. එවේලෙහි එතැනින් යන්නාවූ දරුවන් නැති රියහිමියෙක් දරුවා දැක අයිතිකරුවෙකු නැති පුතා මගේ වන්නේය’යි දරුවා ගෙන කිරිමවගේ අතෙහි තැබුවේය. ඉක්බිති දරුවාගේ මව දියකිස නිමකර පෙරළා පැමිණිකල දරුවා නොදැක ශෝකයෙන් මඩිනු ලැබ බොහෝ වේලාවක් වැළපී රජගහන නුවරට නොපිවිසීම මගට පිළිපන්නාය. එසේ යන්නාවූ ඇය දුටු සොරදෙටුවෙක් ඇය කෙරෙහි පිළිබඳ සිත් ඇතිවී ඇය තමාගේ බිරිඳ කරගත්තේය. ඕ ඔහුගේ ගෙයි වසන්නී දුවණියක බිහිකළාය. පසු දිනක දුව වඩාගෙන සිටි මව සමග කෝලාහලයක් කළ සැමියා බිළිදා පැහැරගෙන ඇඳ මතට විසිකළේය. දැරියගේ හිස මඳක් පැළිණ. එයින් සැමියා කෙරෙහි බිය වූ ඕතොමෝ පෙරළා රජගහනුවරට පැමිණ හිතුමනාපයේ ඇවිදියි. ප්‍රථම යෞවනයෙහි සිටියා වූ ඇයගේ පුතා ඇය මව බව නොදැන විවාහ කරගත්තේය. ඉන්පසු කලෙක ඒ පුතා සොරදෙටු දියණිය තම සොහොයුරිය බව නොදැන විවාහ වශයෙන් ගෙදරට කැඳවාගෙන ආවේය. මෙසේ හෙතෙම තමාගේ මවද සොහොයුරියද අඹුවන් වශයෙන් පාවාගෙන විසීය. මෙසේ ඔවුහු දෙදෙන සපත්නීන් වශයෙන් විසූහ. ඉක්බිති දිනක් මව දියණියගේ කෙස්වැටිය විදහා උකුණන් බලන්නී හිසෙහි වණකැළලක් දැක ඇය මගේ දියණිය වත්දෝ හෝයි විමසා සංවේගයට පත්වී රජගහනුවර මෙහෙණවරකට ගොස් පැවිදිව කළ පෙරකිස ඇත්තී විවේක සුවයෙන් වෙසෙන්නී තමාගේ පෙර පිළිවෙත බලා උභො මාතා ආදී ගාථා තුන ප්‍රකාශ කළාය. ඇය විසින් කියනලද මේ ගාථා ද කාමයන්හි ආදීනව පෙන්වීම් වශයෙන් නැවත කියන්නා වූ මේ තෙරණියෝ උභො මාතා ච ධීතා ච යනාදිය කීවාය. එසේ හෙයින් ‘ඕතොමෝ දැහැන් සුවයෙන් පලසුවයෙන් හා නිවන් සුවයෙන් කල් යවන්නී යන මේ ගාථා තුන පැවසුවාය.
තත්ථ අසුචීති කිලෙසාසුචිපග්ඝරණෙන අසුචී. දුග්ගන්ධාති විසගන්ධවායනෙන පූතිගන්ධා. බහුකණ්ටකාති විසූයිකප්පවත්තියා සුචරිතවිනිවිජ්ඣනට්ඨෙන බහුවිධකිලෙසකණ්ටකා. තථා හි තෙ සත්තිසූලූපමා කාමාති වුත්තා. යත්ථාති යෙසු කාමෙසු පරිභුඤ්ජිතබ්බෙසු. සභරියාති සමානභරියා, සපත්තියොති අත්ථො.
එහි අසූචි - කෙලෙස් නමැති අපවිත්‍ර වැගිරෙන යන අරුතින් අසුචි නමි. දුග්ගන්ධා - විසගඳ හමන බැවින් කුණු ගඳ ඇති බහුකණ්ටකා - විෂය බද්ධව පවත්නා බැවින් යහපත් පැවැත්ම සිදුරුකරන අර්ථයෙන් බොහෝවූ කෙලෙස් නමැති කටු. එහෙයින්ම ‘කාමයෝ සැත් හා උල්වලට සමාන’යි කියන ලදී. යත්ථ - කාමයන් පරිභෝග කළහැකි ස්ථානයන්හි, සභරියා - සමාන භාර්යාවෝ, සපත්නීහු යන අර්ථය.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛුං විසොධිතං; චෙතොපරිච්චඤාණඤ්ච, සොතධාතු විසොධිතා.
[missing trans]
“ඉද්ධීපි මෙ සච්ඡිකතා, පත්තො මෙ ආසවක්ඛයො; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං”.
[missing trans]
“පුබ්බෙනිවාස”න්තිආදිකා ද්වෙ ගාථා අත්තනො අධිගතවිසෙසං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සජාතාය ථෙරියා වුත්තා. තත්ථ චෙතොපරිච්චඤාණන්ති චෙතොපරියඤාණං, සච්ඡිකතං, පත්තන්ති වා සම්බන්ධො.
පුබ්බෙ නිවාසං - මේ ගාථා දෙක තමා විසින් පමුණුවා ගන්නා ලද විශේෂය දැක සතුටු සොම්නසින් යුක්ත වූ තෙරණිය විසින් කියන ලදී. එහි චෙතො පරිච්චඤාණං - චෙතොපරිය. අනුන් සිත් දන්නාසුලු නුවණ ප්රත්යක්ෂ කරන ලදී. පැමිණියෙමි යනුවෙන් හෝ සම්බන්ධ වේ.
“ඉද්ධියා අභිනිම්මිත්වා, චතුරස්සං රථං අහං; බුද්ධස්ස පාදෙ වන්දිත්වා, ලොකනාථස්ස තාදිනො”ති. –
මම අසුන් සතරදෙනෙකු යෙදූ රථයක් සෘද්ධි බලයෙන් මවාගෙන බුදුන් වෙත පැමිණ උන්වහන්සේගේ දෙපා වැන්දෙමි.
අයං ගාථා යදා භගවා යමකපාටිහාරියං කාතුං කණ්ඩම්බරුක්ඛමූලං උපසඞ්කමි, තදා අයං ථෙරී එවරූපං රථං නිම්මිනිත්වා තෙන සද්ධිං සත්ථු සන්තිකං ගන්ත්වා භගවා “අහං පාටිහාරියං කරිස්සාමි තිත්ථියමදනිම්මථනාය, අනුජානාථා”ති වත්වා සත්ථු සන්තිකෙ අට්ඨාසි, තං සද්ධාය වුත්තා. තත්ථ ඉද්ධියා අභිනිම්මිත්වා, චතුරස්සං රථං අහන්ති චතූහි අස්සෙහි යොජිතං රථං ඉද්ධියා අභිනිම්මිනිත්වා බුද්ධස්ස භගවතො පාදෙ වන්දිත්වා එකමන්තං අට්ඨාසින්ති අධිප්පායො.
බුදුහු යමාමහ පෙළහර දැක්වීමට ගණ්ඩ අඹරුක්මුලට යම් අවස්ථාවක වැඩිසේක් ද ඒ අවස්ථාවෙහි මේ තෙරණියෝ එවැනි රියක් මවාගෙන උන්වහන්සේ වෙත එළඹ තීර්ථකයන්ගේ මානය මර්දනය කිරීමට පෙළහර පානු පිණිස අනුමතිය ඉල්ලා පසෙක සිටියාය. ඒ කාරණය ඇරබ මේ ගාථාව ප්‍රකාශ කළාය. එහි ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්සරථං අහං යනු අසුන් සතර දෙනෙකු යෙදු රියක් මවා බුදුන් වෙත ගොස් උන්වහන්සේගේ දෙපා වැඳ පසෙක සිටියාය.
“සුපුප්ඵිතග්ගං උපගම්ම පාදපං, එකා තුවං තිට්ඨසි සාලමූලෙ; න චාපි තෙ දුතියො අත්ථි කොචි, බාලෙ න ත්වං භායසි ධුත්තකානං”.
සුපුප්ඵිතග්ගං උපගම්ම පාදපං, එකා ත්වං තිට්ඨසි රුක්ඛමූලෙ, න චාපි තෙ දුතියො අත්ථි කොචි, න ත්වං බාලෙ භායසි ධුත්තකානං
පියකරු මලින් සැදුම්ලත් ගසක් මුලට වී ඔබ හුදෙකලාවම සිටින්නෙහිය. ඔබ සමීපයෙහි දෙවැනියෙක් ද නැත. ළාබාල තැනැත්තිය, ඔබ ධූර්යන්ට බිය නැද්ද?
තත්ථ සුපුප්ඵිතග්ගන්ති සුට්ඨු පුප්ඵිතඅග්ගං, අග්ගතො පට්ඨාය සබ්බඵාලිපුල්ලන්තී අත්ථො. පාදපන්ති රුක්ඛං, ඉධ පන සාලරුක්ඛො අධිප්පෙතො. එකා තුවන්ති එකිකා ත්වං ඉධ තිට්ඨසි. න චාපි තෙ දුතියො අත්ථි කොචීති තව සහායභූතො ආරක්ඛකො කොචිපි නත්ථි, රූපසම්පත්තියා වා තුය්හං දුතියො කොචිපි නත්ථි, අසදිසරූපා එකිකාව ඉමස්මිං ජනවිවිත්තෙ ඨානෙ තිට්ඨසි. බාලෙ න ත්වං භායසි ධුත්තකානන්ති තරුණිකෙ ත්වං ධුත්තපුරිසානං කථං න භායසි, සකිඤ්චනකාරිනො ධුත්තාති අධිප්පායො. ඉමං කිර ගාථං මාරො එකදිවසං ථෙරිං සුපුප්ඵිතෙ සාලවනෙ දිවාවිහාරං නිසින්නං දිස්වා උපසඞ්කමිත්වා විවෙකතො විච්ඡින්දිතුකාමො වීමංසන්තො ආහ. අථ නං ථෙරී සන්තජ්ජෙන්තී අත්තනො ආනුභාවවසෙන –
එහි සුපුප්ඵිතග්ගං - මැනැවින් පිපුණු අග ඇති, අග සිට හැමතැනම මල් පිපී ඇති යන තේරුමයි. පාදපං, ගස, මෙහි සල්රුක අදහස් කරන ලදී එකාතුවං - ඔබ හුදෙකලාව මෙහි සිටින්නෙහිය. න චාපි තෙ දුතියො අත්ථි කොචි - ආරක්ෂකයෙක් ඔබට සහාය පිණිස ඔබ වෙත නැත. රූ සපුවෙන් හෝ ඔබේ දෙවැනියෙක් නැත යනුවෙන් ද ගත හැකිය. අසමසම රූපයකින් හෙබි ඔබ ජනයාගෙන් හිස්වූ මේ ස්ථානයෙහි වෙසෙහි. ත ත්වං බාලෙ භායසි ධුත්තකානං - තරුණ වූ ඔබ කෙසේ නම් සල්ලාලයන්ට නොබියව වෙසෙහිද? සල්ලාලයන්ට කැමැති දෙයක් කළ හැකිය යනු මෙහි අභිප්රාවය. මේ මෙහෙණ දිනක් සුපිපි සල්වනයක දිවාවිහාරය කරන අතර ඇයගේ මනස වෙනස් කරනු කැමැති මාරයා ඇය විමසමින් මේ ගාථාව කීවේය:
“සතං සහස්සානිපි ධුත්තකානං, සමාගතා එදිසකා භවෙය්යුං; ලොමං න ඉඤ්ජෙ නපි සම්පවෙධෙ, කිං මෙ තුවං මාර කරිස්සසෙකො.
සතං සහස්සානිපි ධුත්තකානං, සමාගතා එදිසකා භවෙය්යං, ලොමං න ඉඤ්ජෙ නපි සම්පවෙධෙ, කිං මෙ ත්වං මාර කරිස්සසෙකො
එයට පිළිතුරු දෙන තෙරණිය තමාගේ අනුහාව වශයෙන් තර්ජන ස්වරූපයෙන් මේ ගාථාව කීවාය:
“එසා අන්තරධායාමි, කුච්ඡිං වා පවිසාමි තෙ; භමුකන්තරෙ තිට්ඨාමි, තිට්ඨන්තිං මං න දක්ඛසි.
එසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ, භමුකන්තරෙ වා තිට්ඨාමි තිට්ඨන්තිං මංන දක්ඛිසි
“චිත්තම්හි වසීභූතාහං, ඉද්ධිපාදා සුභාවිතා; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං.
චිත්තම්හි වසීභූතාහං ඉද්ධිපාදා සුභාවිතා, ඡ මෙ අභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං
“සත්තිසූලූපමා කාමා, ඛන්ධාසං අධිකුට්ටනා; යං ත්වං කාමරතිං බ්රූසි, අරතී දානි සා මම.
සත්තිසුලුපමා කාමා ඛන්ධාසං අදිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතිදානි සා මම
“සබ්බත්ථ විහතා නන්දී, තමොඛන්ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා”ති. –
සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකා
ඉමා ගාථා අභාසි.
සිය දහස් ගණනක් සල්ලාලයන් පැමිණියද මම මෙවැනිම වන්නෙමි. ලෝමයක් නොසොල්වමි. නොසැලෙමි. හුදෙකලා වූ මාරය ඔබ තනිවම මට කුමක් කරන්නෙහිද?
මම අතුරුදහන් වෙමි, ඔබගේ කුසට හෝ පිවිසෙමි, බැම අතර හෝ සිටිමි, එසේ සිටින මා ඔබ නොදක්නෙහිය.
මගේ සිත වසඟකර ගත්තෙමි, සෘද්ධිපාදයන් වැඩුයෙමි, ෂඩභිඥා ක්ෂාක්ෂාත් කළෙමි, බුදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.
කාමයෝ වූ කලී සැත් හා හුල් වැනිය. ස්කන්ධයන් සිඳෙන බිඳෙනසුලුය. ඔබ යම් කාමරතියක් ගැන කියන්නෙහිද එය මට දැන් විරතියකි.
හැම තන්හි පවත්නා ඇලීම ඇසුවෙමි, අඳුරුකඳ බිඳලීමි, පාපී මාරය, ඔබ විනාශ වූයෙහිය.
තත්ථ සතං සහස්සානිපි ධුත්තකානං , සමාගතා එදිසකා භවෙය්යුන්ති යාදිසකො ත්වං එදිසකා එවරූපා අනෙකසතසහස්සමත්තාපි ධුත්තකා සමාගතා යදි භවෙය්යුං. ලොමං න ඉඤ්ජෙ නපි සම්පවෙධෙති ලොමමත්තම්පි න ඉඤ්ජෙය්ය න සම්පවෙධෙය්ය. කිං මෙ තුවං මාර කරිස්සසෙකොති මාර, ත්වං එකකොව මය්හං කිං කරිස්සසි?
එහි සතං සහස්සානිපි ධුත්තකානං සමාගතා එදිසකා භවෙය්යං - මම යම්සේද එසේය, මෙවැනි සියදහස් ගණනක් ධූර්තයන් පැමිණියත්, ලොමං න ඉඤ්ජෙනපි සම්පවෙධෙ - ලෝම මාත්‍රයක් පවා නොසොලවමි, නො සැලෙමි. න මෙ ත්වං මාර කරිස්සසෙකො - මාරය, තනි ඔබ මට කුමක් කරන්නෙහිද? දැන් තමාට කිසි දෙයක් කිරීමට මාරයාට නොහැකි බව ප්‍රකාශ කරමින් ඵසා අන්තරධායාමි - යන ගාථාව කීවාය.
ඉදානි මාරස්ස අත්තනො කිඤ්චිපි කාතුං අසමත්ථතංයෙව විභාවෙන්තී “එසා අන්තරධායාමී”ති ගාථමාහ. තස්සත්ථො – මාර, එසාහං තව පුරතො ඨිතාව අන්තරධායාමි අදස්සනං ගච්ඡාමි, අජානන්තස්සෙව තෙ කුච්ඡිං වා පවිසාමි, භමුකන්තරෙ වා තිට්ඨාමි, එවං තිට්ඨන්තිඤ්ච මං ත්වං න පස්සසි.
එහි අදහස මෙසේය: මාරය මම තනිවම ඔබ ඉදිරියෙහි සිට අතුරුදහන් වෙමි, නොපෙනී යන්නෙමි. ඔබ නොදැනුවත්වම ඔබේ කුස තුළට පිවිසෙන්නෙමි. ඔබේ බැම අතර හෝ සිටිමි. එසේ මා සිටියද ඔබට මා දැකීමට නොහැකිවෙයි. කවරහෙයින්ද යත්?
කස්මාති චෙ? චිත්තම්හි වසීභූතාහං, ඉද්ධිපාදා සුභාවිතා, අහං චම්හි මාර, මය්හං චිත්තං වසීභාවප්පත්තං, චත්තාරොපි ඉද්ධිපාදා මයා සුට්ඨු භාවිතා බහුලීකතා, තස්මා අහං යථාවුත්තාය ඉද්ධිවිසයතාය පහොමීති. සෙසං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා උත්තානමෙව.
චිත්තම්හි වසීභූතාහං ඉද්ධිපාදා සුභාවිතා - මාරය, මම සිත වසඟ කරගෙන ඇත්තෙමි. සතර සෘද්ධිපාදයන් මැනැවින් පුහුණු කළෙමි, අධික වශයෙන් වැඩියෙමි. එහෙයින් මා කියනලද පරිදි ඍද්ධි විෂය ඇති හෙයින් මට එවැන්නක් කළ හැකිය. සෙස්ස පෙර කියනලද පරිදි පැහැදිලි වේ.
උප්පලවණ්ණාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
උප්පලවණ්ණා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
ද්වාදසනිපාතවණ්ණනා නිට්ඨිතා.
දොළොස්වන නිපාත වර්ණනාව සමාප්තය.