12. ද්වාදසනිපාතො
12. ද්වාදසනිපාතො.
12. ද්වාදශනිපාතය
12. 1.
12. 1.
224. උභො මාතා ච ධීතා ච මයං ආසුං සපත්තියො. තස්සා මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො.
224. මවත් දුවත් යන අපි දෙදෙන සපත්නි වූම්හ, ඒ මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.
225. ධිරත්ථු කාමා අසුචී දුග්ගන්ධා බහු කණ්ටකා, යත්ථ මාතා ච ධීතා ච සභරියා මයං අහුං.
225. නින්දා වේවා, කාමයෝ අපවිත්රයහ, දුර්ගන්ධයහ, බොහෝ කෙලෙස් කටු ඇතියහ. වැළඳිය යුතු යම් කාමයෙක් හි මවත් දුවත් යන අපි සපත්නී වූමෝ ද (ඒ කාමය යි.)
226. කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, සා පබ්බජි රාජගහෙ අගාරස්මානගාරියං.
226. කාමයෙහි ආදීනව දැක නෛෂ්ක්‍රම්‍යය නිර්භය විසින් දැක ඕ තොමෝ රජගහනුවර දී ගිහිගෙන් නික්ම සසුන් ගත වූ යැ, (ගඞ්ගාතීරියථේරමාතු මෙහෙණ කී ගාථා ගෙන කාමාදීනව දක්වන පිණිස කිවු යැ.)
227. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං, චෙතොපරිච්චඤාණඤ්ච සොතධාතු විසොධිතා.
227. (මම) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස විශුද්ධ කරනලදි, චේතෝපරියඤාණය (පරසිත් දන්නානුවණ) ත් දිබ්බසෝත ධාතුවත් විශුද්ධ කරන ලදහ.
228. ඉද්ධිපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආසවක්ඛයො, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
228. මා විසින් ඉදුහයෝ ද පසක් කරනලදහ. මා විසින් ආස්රවක්ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ෂට් අභිඥාවෝ සාක්‍ෂාත්කෘතයහ, බුදුන්ගේ අනුසසුන් කරනලදි. (තමා අධිගත විෂය ගෙන කියූ.)
229. ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්සරථං අහං, බුද්ධස්ස පාදෙ වන්දිත්වා ලොකනාථස්ස තාදිනො.
229. මම (යමාමහපෙළහර දා) ඉදුහයෙන් අසුන් සතරදෙනෙකුන් යෙදූ රථයක් මවා ලෝකනාථ වූ තාදිගුණ ඇති බුදුන් ගේ පාසඟළ වැඳ සිටියමු.
230. සුපුප්ඵිතග්ගං උපගම්ම පාදපං, එකා තුවං තිට්ඨසි සාලමූලෙ, න චාපි තෙ දුතියො අත්ථි කොචි න ත්වං බාලෙ භායසි ධුත්තකානං.
230. තෙපි අග පටන් මල්ගෙන සිටි සල්රුකක් කරා එළැඹ ඒ සල්රුක් මුල්හි එකලාව සිටුව, තොපට කිසි දෙවැන්නෙක් නො ද ඇති, බාලාවෙනි, තෙපි ධූර්තයනට නො බියව.
231. සතං සහස්සානපි ධුත්තකානං සමාගතා එදිසකා භවෙය්යුං ලොමං න ඉඤ්ජෙ නපි සම්පවෙධෙ කිං මෙ තුවං මාර කරිස්සසෙකො.
231. තුලුන් බඳු ධූර්තයන් සියයකුදු දහසකුදු ඉදින් එළඹියාහු වෙත් නමුදු (මාගේ) රෝමයකුදු නො සැලෙන්නේ ය, නො ද කම්පා වන්නේ යැ, මාරය, තෙපි එකලා වැ මට කුමක් කරවු ද?
232. එසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ භමුකන්තරෙ වා තිට්ඨාමි තිට්ඨන්තිං මං න දක්ඛසි.
232. (මාරය) තෙල මම් (තා ඉදිරියෙහි) අතුරුදහන් වෙමි, (නො දැනෙන සේ) තාගේ කුසට හෝ පිවිසෙමි. දෙබැම අතර හෝ සිටිමි, එසේ සිටින මා නො දක්නෙහි.
233. චිත්තම්හි වසීභූතාහං ඉද්ධිපාදා සුභාවිතා, ඡ මෙ අභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
233. මම් වසඟ කළ සිත් ඇති වෙමි, මා විසින් ඍද්ධිපාදයෝ මොනොවට වඩන ලදහ. ෂඩභිඥා පසක්කරන ලදහ, බුදුන්ගේ සසුන් කරන ලද.
234. සත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්රූසි අරතීදානි සා මම.
234. කාමයෝ (මුවහත් කළ විෂ පෙවූ) සැත්හුල් බඳු වූවාහු යැ. උපාදානස්කන්ධයෝ ඔවුන්ගේ සිඳීමට ආධාර වූවාහු යැ (මාරය) තෝ යම් කාමරතියක් සෙවිය යුතු යයි කියෙහි ද, ඒ කාමරතිය දැන් මට අරතියකි.
235. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
235. සියලු තැන්හි නන්දි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව නසන ලදු. තම ස්කන්ධ ප්‍රදාලන කරනලද, පවිට, මෙසේ දනුව, අන්තකය, තෝ මා විසින් පෙළනලදුයෙහි.
ඉත්ථං සුදං උප්පලවණ්ණා ථෙරී ගාථායො අභාසීති.
මෙසේ උප්පලවණ්ණා තෙරැණිය ...
උප්පලවණ්ණාථෙරීගාථා.
උත්පලවණ්ණා ථේරීගාථා යි.
ද්වාදසනිපාතො නිට්ඨිතො.
ද්වාදශනිපාතය නිමි.