11. එකාදසනිපාතො
11. එකාදසනිපාතො.
11. ඒකාදශනිපාතය
11. 1.
11. 1.
213. කල්යාණමිත්තතා මුනිනා ලොකං ආදිස්ස වණ්ණිතා, කල්යාණමිත්තෙ භජමානො අපි බාලො පණ්ඩිතො අස්ස.
213. ශාස්තෲන් වහන්සේ විසින් සත්ත්වලෝකය උදෙසා කල්‍යාණමිත්‍ර භාවය පසස්නා ලදි. කල්‍යාණමිත්‍රයන් සෙවුනා (පළමු) මූඪ වූයේ පවා (පසු වැ) පණ්ඩිත වන්නේ යැ.
214. භජිතබ්බා සප්පුරිසා පඤ්ඤා තථා වඩ්ඪති භජන්තානං, භජමානො සප්පුරිසෙ සබ්බෙහිපි දුක්ඛෙහි පමුච්චෙය්ය.
214. (බුද්ධාදි) සත්පුරුෂයෝ භජන කළ යුත්තාහ. එසේ භජන කරනුවන් ගේ ප්‍රඥා වැඩෙයි. සත්පුරුෂයන් භජනය කරන්නේ හැම (ජාත්‍යාදි) දුකින් මිදෙන්නේ යැ.
215. දුක්ඛඤ්ච විජානෙය්ය දුක්ඛස්ස ච සමුදයං නිරොධං අට්ඨඞ්ගිකඤ්ච මග්ගං චත්තාරිපි අරියසච්චානි.
215. (සත්පුරුෂයන්) සෙවුනේ, දුඃඛයත් දැනගන්නේ යැ. දුඃඛයාගේ සමුදයත් නිරෝධයත් (නිරෝධොපාය වූ) අෂ්ටාඞ්ගිකමාර්ගයත් (යන) සතර ආර්‍ය්‍යසත්‍යය දැනගන්නේ යැ.
216. දුක්ඛො ඉත්ථිභාවො අක්ඛාතො පුරිසදම්මසාරථිනා, සපත්තිකම්පි දුක්ඛං අප්පෙකච්චා සකිං විජාතායො.
216. පුරුෂදම්‍යසාරථි වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රීභාවය දුකැ’යි වදාරන ලද. සපත්නින් ඇති බව ද දුකෙකි. ඇතැම්හු වරක් වැදුවාහු - (විජායන දුක් නො සහමින්)
217. ගලකෙ අපි කන්තන්ති සුඛුමාලිනියො විසානි ඛාදන්ති, ජනමාරකමජ්ඣගතා උභොපි ව්යසනානි අනුභොන්ති.
217. සිය ගෙල ද සිඳුති, සියුමැලියෝ විස කති, කුක්ෂිගතමූඪගර්භ ඇත්තාහු (ගර්භ - ගර්භනී) දෙදෙන මැ මරණාන්තික ව්‍යසනයනට පැමිණෙති.
218. උපවිජඤ්ඤා ගච්ඡන්ති අද්දසාහං පතිං මතං පන්ථම්හි විජායිත්වාන අප්පත්තාව සකං ඝරං.
218. ළං වැ සිට වදන කල් ඇති වැ ගෙට යන මම සිය ගෙට නො පැමිණ මැ මඟ දරුවන් වදා (පිහිට පිණිස ගිය) හිමියා මළහු දුටුමු.
219. ද්වෙ පුත්තා කාලකතා පතී ච පන්ථෙ මතො කපණිකාය, මාතා පිතා ච භාතා ඩය්හන්ති ච එකචිතකායං.
219. දුගී වූ මාගේ පුත්‍රයෝ දෙදෙන කලුරිය කළහ. හිමියා ද මඟ මළේ යැ, එක් මැ දරසෑයෙහි මවු පිය සොහොවුරු දැවෙති, (ඒ ද දුටුමු.)
220. ඛීණකුලීනෙ කපණෙ අනුභූතං තෙ දුක්ඛං අපරිමාණං අස්සු ච තෙ පවත්තං බහූනි ජාතිසහස්සානි,
220. ක්ෂය වැ ගිය කුලගොත් ඇත්තීය, දිළිඳු තැනැත්තිය, තී විසින් අප්‍රමාණ දුක් වළඳනා ලදි. බොහෝ දහස්ගණන් ජාතියෙහි තීගේ කඳුළු ද පැවැතිණ.
221. වසිතා සුසානමජ්ඣෙ අථොපි ඛාදිතානි පුත්තමංසානි හතකුලිකා සබ්බගරහිතා මතපතිකා අමතං අධිගච්ඡි.
221. සොහොන් මැද වුසූමු, යළිදු පුත්‍ර මාංශ කන ලදි, නටකුල ඇති වූමු. සර්වජනයා විසින් ගර්හිත වූමු, මළ හිමියා ඇතියක වූමු, (එතෙකුදු වුව) නිවන් අවබෝධ කළා.
222. භාවිතො මෙ මග්ගො අරියො අට්ඨඞ්ගිකො අමතගාමි. නිබ්බානං සච්ඡිකතං ධම්මාදාසං අපෙක්ඛිහං.
222. මා විසින් අමෘතගාමී වූ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්ගය භාවිත විය. නිවන් පසක් කරනලදි, මෙසේ මම ධර්මමය ආදර්ශය දිටීමු.
223. අහමම්හි කන්තසල්ලා ඔහිතභාරා කතං හි කරණීයං, කිසාගොතමී ථෙරී විමුත්තචිත්තා ඉමං අභණිති.
223. මම සිඳලූ රාගාදි හුල් ඇති ව බහා තැබූ කෙලෙස් බර ඇති වූමු. (පරිඥාතාදි සොළොස්) කරණී කරන ලදි. මිදුණුසිත් ඇති කිසාගෝතමී මෙහෙණ මෙ කරුණ කිවු යැ.
ඉත්ථං සුදං කිසාගොතමී ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් කිසාගෝතමී මෙහෙණ ගාථා කිවු යැ.
කිසාගොතමීථෙරීගාථා.
කිසාගෝතමී ථේරීගාථා යි.
එකාදසනිපාතො නිට්ඨිතො
ඒකාදශකනිපාතය නිමි.