11. එකාදසනිපාතො අට්ඨකථා
11. ඒකාදශනිපාතය
කිසාගොතමීථෙරීගාථාවණ්ණනා
කිසාගෝතමී ථේරීගාථා වර්ණනාව
එකාදසකනිපාතෙ කල්යාණමිත්තතාතිආදිකා කිසාගොතමියා ථෙරියා ගාථා. අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ලූඛචීවරධාරීනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං දුග්ගතකුලෙ නිබ්බත්ති. ගොතමීතිස්සා නාමං අහොසි. කිසසරීරතාය පන “කිසාගොතමී”ති වොහරීයිත්ථ. තං පතිකුලං ගතං දුග්ගතකුලස්ස ධීතාති පරිභවිංසු. සා එකං පුත්තං විජායි. පුත්තලාභෙන චස්සා සම්මානං අකංසු. සො පනස්සා පුත්තො ආධාවිත්වා පරිධාවිත්වා කීළනකාලෙ කාලමකාසි. තෙනස්සා සොකුම්මාදො උප්පජ්ජි.
එකොළොස්වන නිපාතයෙහි කල්යාණමිත්තතා යනුවෙන් ඇරඹෙන ගාථා කිසාගෝතමියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැන ඉගෙනගත් පසු දිනක් බුදුන්ගෙන් බණ අසන්නී බුදුන් දළසිවුරු දරන භික්ෂුණීන්ගෙන් එක්තරා භික්ෂුණියක් අගතනතුරෙහි පිහිටුවනු දැක ඒ සඳහා අධිකාර්යය කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්ප සියක්දහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මේ බුදුපතෙහි සැවැත්නුවර දුගීකුලයක උපන්නාය. ඇයගේ නම ගෝතමීය. කෙට්ටු සිරුරක් ඇති බැවින් කිසාගෝතමී යනුවෙන් හැඳින්විණ. ඇය පතිකුලයට ගියායින් පසු ‘දුප්පත් පවුලක දියණියකැයි’ පරිහව කළහ. කලෙකදී ඕතොමෝ පුතෙකු වැදුවාය. පුතෙකු ලැබුණු නිසා ඇයට සම්මානද ලැබිණ. ඇයගේ පුතා දුව ඇවිදින කාලයෙහි කලුරිය කළාය. ඒ ශෝකයෙන් ඕ උමතුවූවාය.
සා “අහං පුබ්බෙ පරිභවපත්තා හුත්වා පුත්තස්ස ජාතකාලතො පට්ඨාය සක්කාරං පාපුණිං , ඉමෙ මය්හං පුත්තං බහි ඡඩ්ඩෙතුම්පි වායමන්තී”ති සොකුම්මාදවසෙන මතකළෙවරං අඞ්කෙනාදාය “පුත්තස්ස මෙ භෙසජ්ජං දෙථා”ති ගෙහද්වාරපටිපාටියා නගරෙ විචරති. මනුස්සා “භෙසජ්ජං කුතො”ති පරිභාසන්ති. සා තෙසං කථං න ගණ්හාති. අථ නං එකො පණ්ඩිතපුරිසො “අයං පුත්තසොකෙන චිත්තවික්ඛෙපං පත්තා, එතිස්සා භෙසජ්ජං දසබලොයෙව ජානිස්සතී”ති චින්තෙත්වා, “අම්ම, තව පුත්තස්ස භෙසජ්ජං සම්මාසම්බුද්ධං උපසඞ්කමිත්වා පුච්ඡා”ති ආහ. සා සත්ථු ධම්මදෙසනාවෙලායං විහාරං ගන්ත්වා “පුත්තස්ස මෙ භෙසජ්ජං දෙථ භගවා”ති ආහ. සත්ථා තස්සා උපනිස්සයං දිස්වා “ගච්ඡ නගරං පවිසිත්වා යස්මිං ගෙහෙ කොචි මතපුබ්බො නත්ථි, තතො සිද්ධත්ථකං ආහරා”ති ආහ. සා “සාධු, භන්තෙ”ති තුට්ඨමානසා නගරං පවිසිත්වා පඨමගෙහෙයෙව “සත්ථා මම පුත්තස්ස භෙසජ්ජත්ථාය සිද්ධත්ථකං ආහරාපෙති. සචෙ එතස්මිං ගෙහෙ කොචි මතපුබ්බො නත්ථි, සිද්ධත්ථකං මෙ දෙථා”ති ආහ. කො ඉධ මතෙ ගණෙතුං සක්කොතීති. කිං තෙන හි අලං සිද්ධත්ථකෙහීති දුතියං තතියං ඝරං ගන්ත්වා බුද්ධානුභාවෙන විගතුම්මාදා පකතිචිත්තෙ ඨිතා චින්තෙසි – “සකලනගරෙ අයමෙව නියමො භවිස්සති, ඉදං හිතානුකම්පිනා භගවතා දිට්ඨං භවිස්සතී”ති සංවෙගං ලභිත්වා තතොව බහි නික්ඛමිත්වා පුත්තං ආමකසුසානෙ ඡඩ්ඩෙත්වා ඉමං ගාථමාහ –
පෙරදින පරිභවයට ගොදුරුවූ මම පුතා උපන් දින සිට ගෞරවයට පැමිණියෙමි. මොවුහු මගේ පුතා බැහැර කිරීමට තැත්කරති යනුවෙන් ශෝකයෙන් උමතුවී මළසිරුර ඇකයෙන් ගෙන ‘මගේ පුතාට බෙහෙතක් දෙව’ යනුවෙන් නගරයෙහි ගෙපිළිවෙළින් හැසිරෙයි. ‘මෙයට බෙහෙත් කොහිදැ’යි මිනිස්සු පරිභව කරත්මය. ඕ ඔවුන්ගේ කථා නොතැකුවාය. ඉක්බිති එක්තරා නුවණැති පුරුෂයෙක් පුත්‍ර ශෝකයෙන් ඇයගේ සිත වික්ෂිප්ත වී තිබෙන බවත් මෙයට පිළියම බුදුන්වහන්සේ පමණක් දනිතැයි සිතා ‘නැගණිය, ඔබේ පුතාට බෙහෙතක් බුදුන් වෙත එළඹ අසාගන්න’ යනුවෙන් දැනුම් දුන්නේය. ඕතොමෝ බුදුන් ධර්ම දේශනා කරන අවස්ථාවේදී විහාරයට ගොස් ‘භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාට බෙහෙතක් දෙන්න’ යනුයෙන් සැලකළාය. ශාස්තෲන් වහන්සේ ඇයගේ උපනිශ්‍රය සම්පත්තිය දැක ‘නගරයට ගොස් කිසිවෙකු නොමළවිරූ ගෙයකින් අබඇටයක් ගෙනෙව’යි වදාළහ. ‘යෙහෙකි ස්වාමීනි’යි කියා ඕතොමෝ බෙහෙවින් සතුටුවී නගරයට ගොස් පළමුවන ගෙයට පිවිස ‘මගේ පුතාට බෙහෙතක් කරනු පිණිස ශාස්තෲන් වහන්සේ අබ ඇටයක් ගෙනෙන ලෙස මට දැනුම් දුන්හ. ඉදින් මේ ගෙදර කිසිවෙකු මැරී නැත්නම් මට අබ ඇටයක් දෙන්න’ යනුවෙන් ඉල්වූවාය. ‘මෙහි මළවුන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි ගණන් වශයෙන් කීමට කවරෙකුට හැකිදැ’යි ඔවුහු කීහ. ‘එසේනම් මට එයින් පලක් නැතැ’යි කියා දෙවන තුන්වන ආදී ගෙවලටද ගොස් එම පිළිතුරම ලදින් බුදුන්ගේ අනුහසින් ඇයගේ උමතුබව පහව ගොස් පියවි සිත ලබා මෙසේ සිතුවාය. මුලු නුවරෙහිම මේ ධර්මතාව එකසේමය. මෙය හිතානුකම්පක බුදුන්වහන්සේ විසින් දක්නා ලද්දකැයි’ සංවේගයට පත්ව එතැනින්ම පිටත්ව ගොස් පුතා අමුසොහොනෙහි දමා මේ ගාථාව කීවාය:
“න ගාමධම්මො නිගමස්ස ධම්මො, න චාපියං එකකුලස්ස ධම්මො; සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස, එසෙව ධම්මො යදිදං අනිච්චතා”ති. (අප· ථෙරී 2.3.82);
මෙය ගමක ධර්මතාවක් නොව, නිගමක ධර්මතාවක් නොව, එක පවුලක ධර්මතාවක්ද නොව දෙවියන් සහිත සමස්ත ලෝකයාගේම එකම ධර්මතාව මෙයය-එනම් අනිත්‍යතාවය.
එවඤ්ච පන වත්වා සත්ථු සන්තිකං අගමාසි. අථ නං සත්ථා “ලද්ධො තෙ, ගොතමි, සිද්ධත්ථකො”ති ආහ. “නිට්ඨිතං, භන්තෙ, සිද්ධත්ථකෙන කම්මං, පතිට්ඨා පන මෙ හොථා”ති ආහ. අථස්සා සත්ථා –
මෙසේද කියා වනාහි බුදුන් වෙත ගියාය. ඉක්බිති බුදුහු ‘ගෞතමිය, අබැටක් ලද්දෙහිදැ’යි ඇසූහ. ‘ස්වාමීනි, අබැටෙහි කාර්යය ඉෂ්ටවිය, මට දැන් පිහිටක් වනු මැනවි’ ඕතොමෝ ඉල්වා සිටියාය. ඉක්බිති බුදුහු ඇය අමතා:
“තං පුත්තපසුසම්මත්තං, බ්‍යාසත්තමනසං නරං; සුත්තං ගාමං මහොඝොව, මච්චු ආදාය ගච්ඡතී”ති. (ධ· ප· 287) –
පුතුන් හා ගවයන්ගෙන් සතුටු වන ඇලීම් සහිත පුද්ගලයා මිනිසුන් නිදාගෙන සිටින ගමක් ජලප්‍රවාහයෙන් ගසාගෙන යන්නාක් මෙන් මාරයා ඇවිත් රැගෙන යයි.
ගාථමාහ .
යන ගාථාව ප්‍රකාශ කළාය.
ගාථාපරියොසානෙ යථාඨිතාව සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථාරං පබ්බජ්ජං යාචි. සත්ථා පබ්බජ්ජං අනුජානි. සා සත්ථාරං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා වන්දිත්වා භික්ඛුනුපස්සයං ගන්ත්වා පබ්බජිත්වා උපසම්පදං ලභිත්වා නචිරස්සෙව යොනිසොමනසිකාරෙන කම්මං කරොන්තී විපස්සනං වඩ්ඪෙසි. අථස්සා සත්ථා –
ඒ ගාථාව අවසාන වෙත්ම ඕතොමෝ හුන් අයුරින්ම සෝවාන්පෙලෙහි පිහිටා බුදුන්ගෙන් පැවිද්ද අයැදියාය. බුදුහු පැවිද්ද අනුදත්හ. ඕ තෙවරක් බුදුන් පැදකුණු කොට වැඳ භික්ෂුණින්ගේ ආරාමයකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා නුවණින් මෙනෙහි කරමින් හැම කටයුත්තක්ම කරන්නී නොබෝ කලෙකින්ම විදසුන් වැඩුවාය. ඉක්බිති බුදුන්වහන්සේ ඇය උදෙසා-
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං අමතං පදං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො අමතං පද”න්ති. (ධ· ප· 114) –
යමෙක් නිවන්මග නොදකිමින් වසර සියයක් ජීවත්වේද ඔහුට වඩා නිවන්මග දකිමින් එක දවසක් ජීවත්වීම උතුම් වේ.
ඉමං ඔභාසගාථමාහ.
යන ප්‍රබෝධකාරී ගාථාව දෙසූ සේක.
සා ගාථාපරියොසානෙ අරහත්තං පාපුණිත්වා පරික්ඛාරවලඤ්ජෙ පරමුක්කට්ඨා හුත්වා තීහි ලූඛෙහි සමන්නාගතං චීවරං පාරුපිත්වා විචරි. අථ නං සත්ථා ජෙතවනෙ නිසින්නො භික්ඛුනියො පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො ලූඛචීවරධාරීනං අග්ගට්ඨානෙ ඨපෙසි. සා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා “සත්ථාරං නිස්සාය මයා අයං විසෙසො ලද්ධො”ති කල්යාණමිත්තතාය පසංසාමුඛෙන ඉමා ගාථා අභාසි –
ඕතොමෝ ගාථා කෙළවර රහත් බව ලබා පිරිකර පරිභොගයෙහි කලකිරී ගොරෝසු තුන්සිවුර පොරවා හැසුරුණීය. පසු කලෙක බුදුහු දෙව්රම් වෙහෙර වෙසෙන්නාහු භික්ෂුණීන් පිළිවෙළින් ඨානාන්තරවල තබන්නාහු ඇය රූක්‍ෂචීවර දරන තැනැත්තියන්ගෙන් අගතනතුරෙහි තැබූහ. ඕ තොමෝ තමාගේ පසුගිය පිළිවෙත දැක බුදුන් නිසා මා විසින් මේ විශේෂය ලබන ලදැයි කල්‍යාණ මිත්‍රත්වයට ප්‍රශංසා කරමින් මේ ගාථා ප්‍රකාශ කළාය:
“කල්යාණමිත්තතා මුනිනා, ලොකං ආදිස්ස වණ්ණිතා; කල්යාණමිත්තෙ භජමානො, අපි බාලො පණ්ඩිතො අස්ස.
බුදුන් විසින් ලෝකයා උදෙසා කලණ මිතුරන් ඇසුරු කිරීම වර්ණනා කරන ලදී. කලණ මිතුරන් ඇසුරුකරන බාලයා පවා පණ්ඩිතයෙක් වේ.
“භජිතබ්බා සප්පුරිසා, පඤ්ඤා තථා වඩ්ඪති භජන්තානං; භජමානො සප්පුරිසෙ, සබ්බෙහිපි දුක්ඛෙහි පමුච්චෙය්ය.
සත්පුරුෂයන් හජනය කළයුතුය. එසේ හජනය කරන්නාගේ ප්‍රඥාව වැඩෙයි. සත්පුරුෂයන් භජනය කිරීමෙන් සියලු දුකින් මිදෙනු හැකිය.
“දුක්ඛඤ්ච විජානෙය්ය, දුක්ඛස්ස ච සමුදයං නිරොධං; අට්ඨඞ්ගිකඤ්ච මග්ගං, චත්තාරිපි අරියසච්චානි.
දුක, දුක හටගැන්ම, දුක නැති කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය අවබෝධ කටයුතුය.
“දුක්ඛො ඉත්ථිභාවො, අක්ඛාතො පුරිසදම්මසාරථිනා; සපත්තිකම්පි හි දුක්ඛං, අප්පෙකච්චා සකිං විජාතායො.
ස්ත්‍රීභාවය දුකකි, යනුවෙන් බුදුන්වහන්සේ දේශනාකර ඇත. සපත්තී භාවයද දුකකි. වරක් දරුවන් වැදූ ඇතැම් ස්ත්‍රීහු,
“ගලකෙ අපි කන්තන්ති, සුඛුමාලිනියො විසානි ඛාදන්ති; ජනමාරකමජ්ඣගතා, උභොපි බ්යසනානි අනුභොන්ති.
ගෙල කපාගනිති, (එය ඉවසාගත නො හැකි) සියුමැලියෝ විෂ පවා කති. මුඪගර්භ උත්පත්තියෙන් දෙදෙනම විපතට පැමිණෙති.
“උපවිජඤ්ඤා ගච්ඡන්තී, අද්දසාහං පතිං මතං; පන්ථම්හි විජායිත්වාන, අප්පත්තාව සකං ඝරං.
දරුවන් බිහිකිරීමට යන්නාවු මම මගදී මළ සැමියා දිටිමි. සිය ගෙදරට නොපැමිණම මගදී ප්රසූතකර පුත්තු දෙදෙනම මළහ.
“ද්වෙ පුත්තා කාලකතා, පතී ච පන්ථෙ මතො කපණිකාය; මාතා පිතා ච භාතා, ඩය්හන්ති ච එකචිතකායං.
අවාසනාවන්ත තැනැත්තියගේ සැමියා මගදී මළේය. මව පියා හා සොහොයුරා යන තිදෙන එකම දරසෑයක දැවෙති.
“ඛීණකුලීනෙ කපණෙ, අනුභූතං තෙ දුඛං අපරිමාණං; අස්සූ ච තෙ පවත්තං, බහූනි ච ජාතිසහස්සානි.
හීනකුලීනය, දුප්පත් තැනැත්තිය, ඔබ අප්‍රමාණ දුක් වින්දෙහිය. දහස්ගණන් ජාතිවලදී ඔබ බොහෝ කඳුළු වගුළෙහිය.
“වසිතා සුසානමජ්ඣෙ, අථොපි ඛාදිතානි පුත්තමංසානි; හතකුලිකා සබ්බගරහිතා, මතපතිකා අමතමධිගච්ඡිං.
සොහොනෙහි වෙසෙමින් පුතාගේ මස් කන ලදී. නැසුණු කුලවංශය නැසී සියල්ලන්ගෙන්ම ගැරහුම් ලබා මළ සැමියා ඇත්තී නිවණට පැමිණියාය.
“භාවිතො මෙ මග්ගො, අරියො අට්ඨඞ්ගිකො අමතගාමී; නිබ්බානං සච්ඡිකතං, ධම්මාදාසං අවෙක්ඛිංහං.
මා විසින් නිර්වාණගාමී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලදී. නිවණ ක්ෂාත්ක්ෂාත් කළෙමි. දහම් කැටපත දුටිමි.
“අහමම්හි කන්තසල්ලා, ඔහිතභාරා කතඤ්හි කරණීයං; කිසාගොතමී ථෙරී, විමුත්තචිත්තා ඉමං භණී”ති.
උදුරාදැමූ (රාගාදි) උල් ඇත්තී බහා තබනලද බර ඇත්තී කළයුතු දෙය කර නිමකළෙමි. නිදහස් වූ සිත ඇති කිසාගෝතමී ස්ථවිරිතොමෝ මේ ගාථා ප්‍රකාශ කළාය.
තත්ථ කල්යාණමිත්තතාති කල්යාණො භද්දො සුන්දරො මිත්තො එතස්සාති කල්යාණමිත්තො. යො යස්ස සීලාදිගුණසමාදපෙතා, අඝස්ස ඝාතා, හිතස්ස විධාතා, එවං සබ්බාකාරෙන උපකාරො මිත්තො හොති, සො පුග්ගලො කල්යාණමිත්තො, තස්ස භාවො කල්යාණමිත්තතා, කල්යාණමිත්තවන්තතා. මුනිනාති සත්ථාරා. ලොකං ආදිස්ස වණ්ණිතාති කල්යාණමිත්තෙ අනුගන්තබ්බන්ති සත්තලොකං උද්දිස්ස –
එහි කල්‍යාණ මිත්තතා - යහපත් සොඳුරු කල්‍යාණ මිත්‍රයන් මොහුට ඇත්තේනුයි කල්යාණමිත්තතා. යමෙක් යමෙකුට සීලාදි ගුණධර්ම සමාදන් කරවාද පාපයෙන් මුදවාගැනීමට තැත්කරයිද, හැම ආකාරයකින්ම උපකාර කරන මිත්‍රයෙක් වේද ඒ පුද්ගලයා කල්‍යාණමිත්‍ර නම්වේ. ඔහුගේ ස්වභාවය කල්‍යාණ මිත්තතාවය, කලණ මිතුරන් ඇති බවය, මුනිනා - ශාස්තෲන් වහන්සේ විසින්, ලොකං ආදිස්ස වණ්ණතා කලණ මිතුරන් අනුගමනය කළ යුතුය යනු සත්ත්ව ලෝකයා උදෙසා
“සකලමෙවිදං, ආනන්ද, බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා” (සං· නි· 5.2). “කල්යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං සීලවා භවිස්සති පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සතී”ති (උදා· 31) ච එවමාදිනා පසංසිතා.
‘මේ සියලුම බ්‍රහ්මචර්යාව යන යමක් ඇද්ද ආනන්ද, එය කලණ මිතුරන් ඇති බව, කලණ මිතුරන්ගේ සහාය ඇති බව කලණ මිතුරන් සමග ළඟ ඇසුර භික්ෂුව කැමති වියයුතුය. මෙඝිය, කලණ මිතුරන්ගේ සහාය ඇති, ළඟ ඇසුර ඇති තැනැත්තා සිල්වත්ව ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සංවරවූයේ වෙසෙන්නේය’ යන මෙයින් කලණ මිතුරා පැසසේ.
කල්යාණමිත්තෙ භජමානොතිආදි කල්යාණමිත්තතාය ආනිසංසදස්සනං. තත්ථ අපි බාලො පණ්ඩිතො අස්සාති කල්යාණමිත්තෙ භජමානො පුග්ගලො පුබ්බෙ සුතාදිවිරහෙන බාලොපි සමානො අස්සුතසවනාදිනා පණ්ඩිතො භවෙය්ය.
කල්‍යාණ මිත්තෙ භජමානෙ - මෙයින් කල්‍යාණමිත්‍ර සේවනයෙහි අනුසස් පෙන්වන ලදී. එහි අපි බාලො පණ්ඩිතො අස්ස - කලණ මිතුරන් ඇසුරු කරන පුද්ගලයා පෙර ඇසූපිරූ තැන් නැති බාලයෙකුට සමානවූයේ නොඇසූ දෙය අසන්ට ලැබීමෙන් පණ්ඩිතයෙක් වෙයි.
භජිතබ්බා සප්පුරිසාති බාලස්සාපි පණ්ඩිතභාවහෙතුතො බුද්ධාදයො සප්පුරිසා කාලෙන කාලං උපසඞ්කමනාදිනා සෙවිතබ්බා. පඤ්ඤා තථා පවඩ්ඪති භජන්තානන්ති කල්යාණමිත්තෙ භජන්තානං තථා පඤ්ඤා වඩ්ඪති බ්රූහති පාරිපූරිං ගච්ඡති. යථා තෙසු යො කොචි ඛත්තියාදිකො භජමානො සප්පුරිසෙ සබ්බෙහිපි ජාතිආදිදුක්ඛෙහි පමුච්චෙය්යාති යොජනා.
භජිතබ්බා සප්පුරිසා - නූගතෙකුට පවා උගතෙකු වීමට හැකිවනු හෙයින් කලින්කල බුදුහු ආදී සත්පුරුෂයන් වෙත යාම් ආදියෙන් සේවනය කළයුතුය. පඤ්ඤා තථා වඩ්ඪති භජනතානං - කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන තැනැත්තාගේ ප්‍රඥාව යම්සේ වැඩේ, දියුණුවට පැමිණේද සම්පූර්ණවේද එසේම ඔවුන් අතරෙන් යම්කිසි ක්ෂත්රිය ආදී තැනැත්තෙක් සත්පුරුෂයන් ඇසුරු කරන්නේ ඉපදීම් ආදි සියලු දුකින් මිදෙන්නේය’ යනුවෙන් යොදාගත යුතුය.
මුච්චනවිධිං පන කල්යාණමිත්තවිධිනා දස්සෙතුං “දුක්ඛඤ්ච විජානෙය්යා”තිආදි වුත්තං. තත්ථ චත්තාරි අරියසච්චානීති දුක්ඛඤ්ච දුක්ඛසමුදයඤ්ච නිරොධඤ්ච අට්ඨඞ්ගිකං මග්ගඤ්චාති ඉමානි චත්තාරි අරියසච්චානි විජානෙය්ය පටිවිජ්ඣෙය්යාති යොජනා.
කලණ මිතුරන්ගේ මාර්ගයෙන් දුකින් මිදෙන අයුරු දැක්වීම පිණිස දුක්ඛං ච විජානෙය්ය ආදිය කීහ. එහි වත්තාරපි අරියසච්චානි - දුක්ඛ, සමුදය, නිරෝධය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යන ආර්යසත්ය සතර විජානෙය්ය - අවබෝධ කටයුතුය යනුවෙන් සම්බන්ධ කරගතයුතුය. දුක්ඛො ඉත්ථිභාවො යන ගාථා දෙක ස්ත්‍රීත්වය ගරහන්නා වූ එක්තරා යක්ෂණියක විසින් කියන ලදී.
“දුක්ඛො ඉත්ථිභාවො”තිආදිකා ද්වෙ ගාථා අඤ්ඤතරාය යක්ඛිනියා ඉත්ථිභාවං ගරහන්තියා භාසිතා. තත්ථ දුක්ඛො ඉත්ථිභාවො අක්ඛාතොති චපලතා, ගබ්භධාරණං, සබ්බකාලං පරපටිබද්ධවුත්තිතාති එවමාදීහි ආදීනවෙහි ඉත්ථිභාවො දුක්ඛොති, පුරිසදම්මසාරථිනා භගවතා කථිතො. සපත්තිකම්පි දුක්ඛන්ති සපත්තවාසො සපත්තියා සද්ධිං සංවාසොපි දුක්ඛො, අයම්පි ඉත්ථිභාවෙ ආදීනවොති අධිප්පායො. අප්පෙකච්චා සකිං විජාතායොති එකච්චා ඉත්ථියො එකවාරමෙව විජාතා, පඨමගබ්භෙ විජායනදුක්ඛං අසහන්තියො. ගලකෙ අපි කන්තන්තීති අත්තනො ගීවම්පි ඡින්දන්ති. සුඛුමාලිනියො විසානි ඛාදන්තීති සුඛුමාලසරීරා අත්තනො සුඛුමාලභාවෙන ඛෙදං අවිසහන්තියො විසානිපි ඛාදන්ති. ජනමාරකමජ්ඣගතාති ජනමාරකො වුච්චති මූළ්හගබ්භො. මාතුගාමජනස්ස මාරකො, මජ්ඣගතා ජනමාරකා කුච්ඡිගතා, මූළ්හගබ්භාති අත්ථො. උභොපි බ්යසනානි අනුභොන්තීති ගබ්භො ගබ්භිනී චාති ද්වෙපි ජනා මරණඤ්ච මාරණන්තිකබ්යසනානි ච පාපුණන්ති. අපරෙ පන භණන්ති “ජනමාරකා නාම කිලෙසා, තෙසං මජ්ඣගතා කිලෙසසන්තානපතිතා උභොපි ජායාපතිකා ඉධ කිලෙසපරිළාහවසෙන, ආයතිං දුග්ගතිපරික්කිලෙසවසෙන බ්යසනානි පාපුණන්තී”ති. ඉමා කිර ද්වෙ ගාථා සා යක්ඛිනී පුරිමත්තභාවෙ අත්තනො අනුභූතදුක්ඛං අනුස්සරිත්වා ආහ. ථෙරී පන ඉත්ථිභාවෙ ආදීනවවිභාවනාය පච්චනුභාසන්තී අවොච.
එහි දුක්ඛො ඉත්ථිභාවො අක්ඛාතො - චපලත්වය, ගැබ්දැරීම සියලු කල්හි අනුන් පිළිබඳ සිත් ඇති බව ආදියෙහි ප්‍රතිඵල වශයෙන් ස්ත්‍රීත්වය දුක් සහගතය. පුරිසදම්මසාරථිනා - බුදුන් විසින් කියන ලදී. සපත්තිකම්පි දුක්ඛං සපත්නී වාසය, සම භාර්යාවන් සමග එකට විසීම ද දුකකි. මෙයද ස්ත්‍රී භාවයෙහි ආදීනවයකැයි කියන ලදී. අප්පෙකච්චා සකිං විජාතායො ඇතැම් ස්ත්‍රීන් එකම වරක් ප්‍රසුත කිරීමෙන් පසු පළමු අවස්ථාවෙහිම දුක ඉවසීමට නොහැකි වීමෙන් ගලකෙ අපි කන්තන්ති - තමාගේ බෙල්ල පවා කපාගනිති. සුඛුමාලිනියො විසානි ඛාදන්ති - සියුමැලි සිරුරු ඇත්තාහු තමාගේ සියුමැලි බැවින් ඇතිවන දුක ඉවසීමට නොහැකිව විස පවා කති. ජනමාරක මජ්ඣගතා - ජනමාරක යනුවෙන් ගැනෙන්නේ මුඪගර්භ භාවයයි. එය මවුවරුන්ගේ මාරයාය. මජ්ඣගතා - ජනමාරයා කුසතුළට ගියේ වෙයි. හරස්ගැබ ඇතිවීම යන අරුතය. උභොපි ව්යාසනානි අනුහොන්ති - ගැබය ගැබිනියය යන දෙදෙනම මරණය හෝ මරණය තරම ව්‍යසනයන්ට පැමිණෙති. සමහරක් මෙසේ කියති. ජනමාරක යනු කෙලෙස්ය. ඒ මැදට ගියා වූ කෙලෙස් සිත තුළ පතිතවීමෙන් බිරිඳ හා සැමියා යන දෙදෙනාම කෙලෙස් ගින්නෙන් දැවෙමින් අනාගතයෙහි දුගතියට යාමේ දුකින් නොයෙක් විපත්වලට වැටෙති. ඒ යක්ෂණිය පෙර ආත්මයක විඳිනලද දුක් සිහිකර මේ ගාථා දෙක කියු අයුරුය. මේ තෙරණිය වනාහී ස්ත්‍රීභාවයෙහි ආදීනව සැලකීමෙන් නැවත මෙසේ කීවාය:
“උපවිජඤ්ඤා ගච්ඡන්තී”තිආදිකා ද්වෙ ගාථා පටාචාරාය ථෙරියා පවත්තිං ආරබ්භ භාසිතා. තත්ථ උපවිජඤ්ඤා ගච්ඡන්තීති උපගතවිජායනකාලා මග්ගං ගච්ඡන්තී, අපත්තාව සකං ගෙහං පන්ථෙ විජායිත්වාන පතිං මතං අද්දසං අහන්ති යොජනා.
උපවිජඤ්ඤා ගච්ඡන්ති - මේ ගාථා දෙක පටාචාරා තෙරණියගේ පුවත ඇරබ කියා තිබේ. එහි උපවිඤ්ඤා ගච්ඡන්ති - ප්‍රසූති කාලයෙහි මගට බැස යන්නී ‘සිය ගෙදරට යාමට පෙර මගදීම දරුවා ලැබ මළසැමියා දැක කියන ලදැ’යි සම්බන්ධ කරගත යුතුය.
කපණිකායාති වරාකාය. ඉමා කිර ද්වෙ ගාථා පටාචාරාය තදා සොකුම්මාදපත්තාය වුත්තාකාරස්ස අනුකරණවසෙන ඉත්ථිභාවෙ ආදීනවවිභාවනත්ථමෙව ථෙරියා වුත්තා.
කපණිකාය - අසරණ තැනැත්තියගේ මේ ගාථා දෙක පටාචාරාවගේය. එදින සෝකයෙන් උමතුබවට පැමිණියා වූ ඇය විසින් කියන ලද ආකාරය අනුකරණය කිරීම් වශයෙන් ස්ත්‍රීත්වයෙහි ආදීනව සලකා බැලීම පිණිස තෙරණිය විසින් කියන ලදී.
උභයම්පෙතං උදාහරණභාවෙන ආනෙත්වා ඉදානි අත්තනො අනුභූතං දුක්ඛං විභාවෙන්තී “ඛීණකුලිනෙ”තිආදිමාහ. තත්ථ ඛීණකුලිනෙති භොගාදීහි පාරිජුඤ්ඤපත්තකුලිකෙ. කපණෙති පරමඅවඤ්ඤාතං පත්තෙ. උභයඤ්චෙතං අත්තනො එව ආමන්තනවචනං. අනුභූතං තෙ දුඛං අපරිමාණන්ති ඉමස්මිං අත්තභාවෙ, ඉතො පුරිමත්තභාවෙසු වා අනප්පකං දුක්ඛං තයා අනුභවිතං. ඉදානි තං දුක්ඛං එකදෙසෙන විභජිත්වා දස්සෙතුං “අස්සූ ච තෙ පවත්ත”න්තිආදි වුත්තං.තස්සත්ථො – ඉමස්මිං අනමතග්ගෙ සංසාරෙ පරිබ්භමන්තියා බහුකානි ජාතිසහස්සානි සොකාභිභූතාය අස්සු ච පවත්තං, අවිසෙසිතං කත්වා වුත්තඤ්චෙතං, මහාසමුද්දස්ස උදකතොපි බහුකමෙව සියා.
මේ ගාථා දෙකම උදාහරණ වශයෙන් ගෙනහැර දක්වා දැන් තමා විඳි දුක් ප්‍රකාශ කරන්නී ඛීණකුලීනෙ යනාදිය කීවාය. එහි ඛීණකුලීනෙ - භෝගසම්පත් ආදියෙන් පිරිහීමට ගිය කුලය ඇත්තී, කපණෙ අතිශය අවඥාවට පැමිණියා, මේ දෙකම තමාටම ආමන්ත්‍රණය කරගැනීමකි. අනුභූතං තෙ දුක්ඛං අපරිමාණං - මේ ආත්මභාවයෙහිද මෙයට පෙර ආත්මභාවයන්හිදී ද ඔබ බොහෝ දුක් වින්දෙහිය. දැන් ඒ දුක් එක කොටසකට බෙදා දැක්වීමට අස්සූ ච තෙ පවත්නං යනාදිය කිවාය. එහි තේරුම මෙයයි. මේ ඉමක් කොනක් නැති සසරෙහි ඉබාගාතේ ඇවිදිමින් බොහෝ ජාති දහස්ගණන් ශෝකයෙන් පෙළෙමින් කඳුළු හැලුවාය. මෙහි විශේෂයක් නොකර මහමුහුදෙහි ජලයටත් වඩා අධිකයයි කියන ලදී.
වසිතා සුසානමජ්ඣෙති මනුස්සමංසඛාදිකා සුනඛී සිඞ්ගාලී ච හුත්වා සුසානමජ්ඣෙ වුසිතා. ඛාදිතානි පුත්තමංසානීති බ්යග්ඝදීපිබිළාරාදිකාලෙ පුත්තමංසානි ඛාදිතානි. හතකුලිකාති විනට්ඨකුලවංසා. සබ්බගරහිතාති සබ්බෙහි ඝරවාසීහි ගරහිතා ගරහප්පත්තා. මතපතිකාති විධවා. ඉමෙ පන තයො පකාරෙ පුරිමත්තභාවෙ අත්තනො අනුප්පත්තෙ ගහෙත්වා වදති. එවංභූතාපි හුත්වා අධිච්ච ලද්ධාය කල්යාණමිත්තසෙවාය අමතමධිගච්ඡි,නිබ්බානං අනුප්පත්තා.
වසිතා සුසානමජ්ඣෙ - මිනීමස් කන්නාවූ බැල්ලියක් හෝ සිවිලියක් වී සොහොන මැද විසුවාය. ඛාදිතානි පුත්තමංසානි - වගදිවි බළල්ව උපන් කාලවල දරුවන්ගේ මස් කෑවාය. හතකුලිකා - නැසුණු කුලපරම්පරා ඇති, සබ්බගරහිතා - සියලු ගෙවැසියන් විසින් නිග්‍රහ කරනු ලැබූ, ගැරහීමට පත් වූ, මතපතිකා - වැන්දඹුවක වූ, මේ තෙවැදෑරුම් ආදීනව පෙර අත්බැව්හි දී තමා විඳි නිසා එසේ කීවාය. මෙවැනි තැනැත්තියකද වී තමාට කලින් ලැබුණු කලණ මිතුරන් ඇසුරු කිරීම නිසා අමතං අධිගච්ඡි - නිවණට පැමිණියාය.
ඉදානි තමෙව අමතාධිගමං පාකටං කත්වා දස්සෙතුං “භාවිතො”තිආදි වුත්තං. තත්ථ භාවිතොති විභාවිතො උප්පාදිතො වඩ්ඪිතො භාවනාභිසමයවසෙන පටිවිද්ධො. ධම්මාදාසං අවෙක්ඛිංහන්ති ධම්මමයං ආදාසං අද්දක්ඛිං අපස්සිං අහං.
දැන් තමාගේ නිවන් අවබෝධ කරගැනීම ප්‍රකට කරනු පිණිස ‘වඩන ලද්දේ වෙමි’ ආදිය කීවාය. එහි භාවිතො - උපදවන ලදී. වඩන ලදී. දියුණු කරන ලදී. භාවනාව දියුණු කිරීමෙන් ලබාගත්, ධම්මාදාසං අපෙක්ඛිහං - මම දහම්මුවා කැටපත දුටිමි.
අහමම්හි කන්තසල්ලාති අරියමග්ගෙන සමුච්ඡින්නගාරාදිසල්ලා අහං අම්හි. ඔහිතභාරාති ඔරොපිතකාමඛන්ධකිලෙසාභිසඞ්ඛාරභාරා. කතඤ්හි කරණීයන්ති පරිඤ්ඤාදිභෙදං සොළසවිධම්පි කිච්චං කතං පරියොසිතං. සුවිමුත්තචිත්තා ඉමං භණීති සබ්බසො විමුත්තචිත්තා කිසාගොතමී ථෙරී ඉමමත්ථං “කල්යාණමිත්තතා”තිආදිනා ගාථාබන්ධවසෙන අභණීති අත්තානං පරං විය ථෙරී වදති. තත්රිදං ඉමිස්සා ථෙරියා අපදානං (අප· ථෙරී 2.3.55-94) –
අහම්මහිකතසල්ලා - මම ආර්යමාර්ගයෙන් සිඳදැමු රාගාදි කෙලෙස් ඇත්තේ වෙමි. ඔහිතහාරා - බහා තබන ලද ස්කන්ධ ක්ලේශ අභිසංස්කාර ආදී බර ඇති, කතං හි කරණීයං - පරිඥාතාදී සොළොස් වැදෑරුම් කෘත්‍යයන් නිමකර ඇත. විමුත්තචිත්තා ඉමං අභණි - සියලු කෙලෙස්වලින් සිත මුදවාගත් කිසාගෝතමී ස්ථවිරී තොමෝ මේ අදහස ‘කලණ මිතුරන් ඇසුරු කිරීම’ ආදී ගාථා ප්‍රබන්ධ වශයෙන් තමා අනෙකෙකු මෙන් ඒ තෙරණිය කියයි. මේ එහිලා ඒ තෙරණියගේ චරිත කථාවය:
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්මයන්ගේ පරතෙරට ගියාවූ ලෝකනායක වූ පියුමතුරු බුදුහු ලොව උපන්හ.
“තදාහං හංසවතියං, ජාතා අඤ්ඤතරෙ කුලෙ; උපෙත්වා තං නරවරං, සරණං සමුපාගමිං.
එකල හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්නා වූ මම බුදුන්වහන්සේ වෙත එළඹ උන්වහන්සේ සරණ ගියෙමි.
“ධම්මඤ්ච තස්ස අස්සොසිං, චතුසච්චූපසඤ්හිතං; මධුරං පරමස්සාදං, වට්ටසන්තිසුඛාවහං.
චතුරාර්ය සත්‍යයෙන් යුක්තවූ මිහිරි වූ පරම ආස්වාදයක් ගෙන දෙන්නාවූ සිතට සැනසුම් සුවය ගෙන දෙන්නාවූ ධර්මය ඇසීමි.
“තදා ච භික්ඛුනිං වීරො, ලූඛචීවරධාරිනිං; ඨපෙන්තො එතදග්ගම්හි, වණ්ණයී පුරිසුත්තමො.
දිනක් ඒ බුදුන්වහන්සේ කඨෝරචීවර පොරවන භික්ෂුණීන්ගෙන් එක තෙරණියක් අගතැන්හි තබමින් ඇය වර්ණනා කළහ.
“ජනෙත්වානප්පකං පීතිං, සුත්වා භික්ඛුනියා ගුණෙ; කාරං කත්වාන බුද්ධස්ස, යථාසත්ති යථාබලං.
ඒ භික්ෂුණියගේ ගුණ අසා බෙහෙවින් සතුටට පැමිණි මම ශක්ති ප්‍රමාණයෙන් උන්වහන්සේට උපස්ථාන කර
“නිපච්ච මුනිවරං තං, තං ඨානමභිපත්ථයිං; තදානුමොදි සම්බුද්ධො, ඨානලාභාය නායකො.
ඒ බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ඒ තනතුර පැතීමි. එදා ඒ ශාස්තෲන් වහන්සේ මගේ ඒ ප්‍රාර්ථනය අනුදත්හ.
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප සියක්දහසක් ගතවූ කල්හි ඉක්ෂවාකු වංශයෙහි ගෞතම නම් බුදුකෙනෙක් ලොව පහළවන්නාහ.
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; කිසාගොතමී නාමෙන, හෙස්සසි සත්ථු සාවිකා.
උන්වහන්සේගේ ධර්මයට හිමිකම් කියන්නා වූ ධර්මයෙන් උපන්නාක් වැනිවූ ඔබ කිසාගෝතමී නමින් ශ්‍රාවිකාවක් වන්නීය.
“තං සුත්වා මුදිතා හුත්වා, යාවජීවං තදා ජිනං; මෙත්තචිත්තා පරිචරිං, පච්චයෙහි විනායකං.
ඒ අනාවැකියෙන් සතුටුවූ ඕතොමෝ මෙත්සිතින් ඒ මුනිවරයන් වහන්සේට ජීවිතාන්තය දක්වා සිවුපසයෙන් උපස්ථාන කළාය.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කමේ අනුසසින් හා චේතනාව පිහිටුවීමේ බලයෙන් මිනිස් සිරුර අතහැර ගොස් තව්තිසාවෙහි උපනිමි.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
බ්රහ්මබන්ධු වූ මහා යශස් ඇති දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ කාශ්‍යප නම් බුදුකෙනෙක් මේ මහා භද්‍රකල්පයෙහි උපන්හ.
“උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
එකල්හි උතුම් බරණැස් නුවර කිකී නම් වූ කාසී රජතුමා ඒ බුදුන්ගේ අග්‍ර උපස්ථායකයා විය.
“පඤ්චමී තස්ස ධීතාසිං, ධම්මා නාමෙන විස්සුතා; ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
ඒ රජුගේ පස්වන දියණිය වූ ධම්මා නමින් පළටවූ මම බුදුන්වහන්සේගෙන් බණ අසා පැවිද්ද කැමැතිවිමි.
“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
මගේ පියා එය අනුනොදත් හෙයින් මම ගිහිගෙයි අවුරුදු විසිදහසක් අනලස්ව කටයුතු කළෙමි.
“කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා; බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්ත ධීතරො.
සුවසේ වැඩුණු රජදියණියෝ සත්දෙනෙක් බුදුන්ට උවටැන් කිරීමෙහි ඇලී කුමරි බඹසරෙහි දිවි ගෙවූහ.
“සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා; ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
සමණී, සමණගුත්තා, භික්ඛුනී, භික්ඛුදාසිකා ධම්මා, සුධම්මා හා සඞ්ඝදාසිකා යන දියණියෝ සත්දෙන-
“ඛෙමා උප්පලවණ්ණා ච, පටාචාරා ච කුණ්ඩලා; අහඤ්ච ධම්මදින්නා ච, විසාඛා හොති සත්තමී.
ඛේමා, උප්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලා, මම, ධම්මදින්නා හා විසාඛා යන සත්දෙනය.
“තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
එහිදී කරන ලද පින්කම්වල ආනිශංසයෙන් හා චේතනාව පිහිටුවීමේ බලයෙන් මම මිනිස් අත්බව අතහැර තව්තිසාවට ගියෙමි.
“පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා සෙට්ඨිකුලෙ අහං; දුග්ගතෙ අධනෙ නට්ඨෙ, ගතා ච සධනං කුලං.
මේ අවසාන ආත්මභාවයෙහි මම දුගීවූ නිර්ධන වූ කුලය පිරිහී ගිය සිටු පවුලක උපත ලදිමි.
“පතිං ඨපෙත්වා සෙසා මෙ, දෙස්සන්ති අධනා ඉති; යදා ච පස්සූතා ආසිං, සබ්බෙසං දයිතා තදා.
මගේ සැමියා හැර අන් සියල්ලෝම මා දුගී තැනැත්තියෙකැයි අවමන් කළහ.
“යදා සො තරුණො භද්දො, කොමලකො සුඛෙධිතො; සපාණමිව කන්තො මෙ, තදා යමවසං ගතො.
යම් දිනක මට පුතෙකු ලැබිණිද, එදින සිට හැමදෙනෙකුගේම ආදරය හිමිවිය. ඒ සුබෙධිත, කෝමල තරුණ පුත්‍රයා යමයාගේ වසඟයට ගියේද,
“සොකට්ටාදීනවදනා, අස්සුනෙත්තා රුදම්මුඛා; මතං කුණපමාදාය, විලපන්තී ගමාමහං.
ශෝකයෙන් කලකිරී, බැගෑපත් මුහුණක් ඇතිව, කඳුළු වැකි දෙනෙතින් හා හැඬූ කඳුළින් මළමිණිය තුරුලු කරගෙන වැළපෙමින් ඇවිද්දෙමි.
“තදා එකෙන සන්දිට්ඨා, උපෙත්වාභිසක්කුත්තමං; අවොචං දෙහි භෙසජ්ජං, පුත්තසඤ්ජීවනන්ති භො.
එකල්හි කෙනෙකු විසින් දෙන ලද උපදෙස් අනුව ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා වෙත ගොස් පුතා ජීවත් කරවීමට සමර්ථ බෙහෙතක් දෙන ලෙස ඉල්වා සිටියෙමි.
“න විජ්ජන්තෙ මතා යස්මිං, ගෙහෙ සිද්ධත්ථකං තතො; ආහරාති ජිනො ආහ, විනයොපායකොවිදො.
විනය උපායයෙහි දක්ෂ වූ ඒ බුදුන්වහන්සේ කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇටයක් ගෙනෙන ලෙස දැන්වූහ.
“තදා ගමිත්වා සාවත්ථිං, න ලභිං තාදිසං ඝරං; කුතො සිද්ධත්ථකං තස්මා, තතො ලද්ධා සතිං අහං.
සැවත පුරා ඇවිද්ද මට එවැනි ගෙයක් හමු නොවීය. එහෙයින් අබඇට කොයින්ද? ඉන්පසු මට පියවි සිහිය ලැබිණ.
“කුණපං ඡඩ්ඩයිත්වාන, උපෙසිං ලොකනායකං; දූරතොව මමං දිස්වා, අවොච මධුරස්සරො.
මම මිණීකුණ ඉවතලා ලෝකනායකයන් වෙත පැමිණියෙමි. උන්වහන්සේ දුරදීම මා දැක මිහිරි සරෙන් මෙය ප්‍රකාශ කළහ.
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං උදයබ්බයං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො උදයබ්බයං.
යමෙක් ඇතිවීම හා නැතිවීම නොදකිමින් වසර සියයක් ජීවත්වේද, උපත හා විපත දකිමින් එක් දිනක් ජීවත්වන තැනැත්තා උතුම්ය.
“න ගාමධම්මො නිගමස්ස ධම්මො, න චාපියං එකකුලස්ස ධම්මො; සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස, එසෙව ධම්මො යදිදං අනිච්චතා.
මෙය එක ගමකට හෝ නිගමකට හෝ එක කුලයකට හෝ සීමාවූ ධර්මතාවක් නොව, දෙවියන් සහිත සමස්ත ලෝකයටම අයත් ධර්මතාවකි. එනම් අනිත්‍යතාවය,
“සාහං සුත්වානිමා ගාථා, ධම්මචක්ඛුං විසොධයිං; තතො විඤ්ඤාතසද්ධම්මා, පබ්බජිං අනගාරියං.
මම ඒ ගාථාව අසා දහම් ඇස පිරිසිදු කළෙමි. එයින් ධර්මය දැනගත් මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.
“තථා පබ්බජිතා සන්තී, යුඤ්ජන්තී ජිනසාසනෙ; න චිරෙනෙව කාලෙන, අරහත්තමපාපුණිං.
එසේ පැවිදි වූ මම ශාසන කාර්යයෙහි අනලස්ව යෙදෙමින් නොබෝ කලෙකින්ම රහත්වීමි.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; පරචිත්තානි ජානාමි, සත්ථුසාසනකාරිකා.
සෘද්ධි බලය ලබාගතිමි, දිවකණ ලබාගතිමි. අනුන්ගේ සිත් දනිමි.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, විසුද්ධාසිං සුනිම්මලා.
පෙර විසූ අත්බැව් දනිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු අසවු දුරුකර පිරිසිදුවීමි, නිර්මලවීමි.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
බුදුන් දෙසු පිළිවෙත පුහුණු කළෙමි, බුදුන්ගේ අනුශාසනාව පිළිපැදීම, බර බහාලීමි, භවකාරක ධර්මයන් විනාශ කළෙමි.
“යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
යම් අරමුණක් උදෙසා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිද්ද ලැබුවෙම්ද, සියලු සංයෝජනයක් නැතිකිරීම සංඛ්‍යාත ඒ අරමුණ ඉටුකරගතිමි.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස වාහසා.
බුදුන්වහන්සේගේ ඉගැන්වීමට අනුව අර්ථ, ධර්ම, නිරුක්ති හා ප්‍රතිභාන විෂයයෙහි මගේ නුවණ වැඩිණ, පිරිසිදුවිය.
“සඞ්කාරකූටා ආහිත්වා, සුසානා රථියාපි ච; තතො සඞ්ඝාටිකං කත්වා, ලූඛං ධාරෙමි චීවරං.
කුණුගොඩවලින්, සොහොනෙන් හා වීදිවලින් ගෙනා රෙදිවලින් රූක්‍ෂචීවර මසාගෙන පෙරවීමි.
“ජිනො තස්මිං ගුණෙ තුට්ඨො, ලූඛචීවරධාරණෙ; ඨපෙසි එතදග්ගම්හි, පරිසාසු විනායකො.
ඒ දළ සිවුරු දැරීම නිසා සතුටුවූ බුදුන්වහන්සේ පිරිස් මැද මා අගතනතුරක තැබූහ.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මගේ කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අනුසන්න ඉටුකළෙමි.
කිසාගොතමීථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
කිසාගෝතමී තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
එකාදසනිපාතවණ්ණනා නිට්ඨිතා.
එකොළොස්වන නිපාත වර්ණනාව සමාප්තය.