යෙදුමෙන් කියවන්න

9. නවකනිපාතො අට‍්ඨකථා

9. නවකනිපාතය

වඩ‍්ඪමාතාථෙරිගාථාවණ‍්ණනා

වඩ්ඪ මාතා ථේරීගාථා වර්ණනාව

නවකනිපාතෙ මා සු තෙ වඩ‍්ඪ ලොකම‍්හීතිආදිකා වඩ‍්ඪමාතාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී, අනුක‍්කමෙන සම‍්භතවිමොක‍්ඛසම‍්භාරා හුත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ භාරුකච‍්ඡකනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා පතිකුලං ගතා එකං පුත‍්තං විජායි. තස‍්ස වඩ‍්ඪොති නාමං අහොසි. තතො පට‍්ඨාය සා වඩ‍්ඪමාතාති වොහරීයිත්‍ථ. සා භික‍්ඛූනං සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධා පුත‍්තං ඤාතීනං නිය්‍යාදෙත්‍වා භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා පබ‍්බජි. ඉතො පරං යං වත‍්තබ‍්බං, තං වඩ‍්ඪත්‍ථෙරස‍්ස වත්‍ථුම‍්හි (ථෙරගා· අට‍්ඨ· 2.වඩ‍්ඪත්‍ථෙරගාථාවණ‍්ණනා) ආගතමෙව. වඩ‍්ඪත්‍ථෙරඤ‍්හි අත‍්තනො පුත‍්තං සන‍්තරුත‍්තරං එකකං භික‍්ඛුනුපස‍්සයෙ අත‍්තනො දස‍්සනත්‍ථාය උපගතං අයං ථෙරී “කස‍්මා ත්‍වං එකකො සන‍්තරුත‍්තරොව ඉධාගතො”ති චොදෙත්‍වා ඔවදන‍්තී –

නවවන නිපාතයෙහි මාසු තෙ වඩ්ඪ ලොකස්මිං ආදිය වඩ්ඪමාතා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි භාරුකච්ඡ නගරයෙහි කුලගෙයක ඉපිද වයස් පැමිණි කල්හි පතිකුලයට ගියා එක් පුතෙකු බිහි කළාය. ඔහු වඩ්ඪ නමින් පළටවිය. එතැන් පටන් ඇය වඩ්ඪමාතා යනුවෙන් හැඳින්විණ. ඕ භික්‍ෂුණීන් වෙතින් බණ අසා සැදැහැය ලබා පුතා නෑයන්ට බාරදී භික්‍ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වූවාය. මෙයින් පසුව යමක් කිවයුතුද ඒ සියල්ල වඩ්ඪ තෙරණුවන්ගේ වස්තුවෙහි සඳහන් කළ පරිදිමය. වඩ්ඪ තෙරුනුවන් තමාගේ පොරෝණය නොමැතිව භික්‍ෂුණීන්ගේ ආරාමයට ගියවිට මේ භික්‍ෂුණිය ඔහු දැක ‘කුමක් හෙයින් ඔබ හුදෙකලාවම පොරෝණය නොමැති මෙහි ආවෙහිද?’ යනුවෙන් චෝදනා කර අවවාද දෙන්නී මෙසේ කීවාය:

“මා සු තෙ වඩ‍්ඪ ලොකම‍්හි, වනථො අහු කුදාචනං; මා පුත‍්තක පුනප‍්පුනං, අහු දුක‍්ඛස‍්ස භාගිමා.

මාසු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං, මා පුත්තක පුනප්පුනං අහු දුක්‍ඛස්ස භාගිමා

“සුඛඤ‍්හි වඩ‍්ඪ මුනයො, අනෙජා ඡින‍්නසංසයා; සීතිභූතා දමප‍්පත‍්තා, විහරන‍්ති අනාසවා.

සුඛං හි වඩ්ඪ මුනයො අනෙජා ඡින්නසංසයා, සීතිභූතා දමප්පත්තා විහරන්ති අනාසවා

“තෙහානුචිණ‍්ණං ඉසීහි, මග‍්ගං දස‍්සනපත‍්තියා; දුක‍්ඛස‍්සන‍්තකිරියාය, ත්‍වං වඩ‍්ඪ අනුබ්‍රූහයා”ති. –

තෙ හානුචිණ්ණං ඉසීහි මග්ගං දස්සනපත්තියා, දුක්‍ඛස්සන්තකිරියාය ත්‍වං වඩ්ඪ අනුබ්‍රෑහය

ඉමා තිස‍්සො ගාථා අභාසි.

වඩ්ඪ, ඔබ කිසි කලෙකත් ලෝකයෙහි කෙලෙස් දැලට ගොදුරු නොවන්න. පුත්‍රය, ඔබ නැවත නැවතත් දුකෙහි කොටස්කාරයෙකු නොවන්න.

තෘෂ්ණා රහිතවූ පහවූ සැකය ඇති සිහිල් වූ හික්මුණාවූ අසව් දුරුකළා වූ මුනීහු සුව සේ වෙසෙති.

ඒ සෘෂිවරුන් විසින් පුරුදු කරනලද මාර්ගය වඩ්ඪ, ඔබ ද සම්‍යක් දෘෂ්ටිය ලබාගනු පිණිස හා දුක් කෙළවරකිරීම පිණිස වර්‍ධනය කරගනුව.

තත්‍ථ මා සු තෙ වඩ‍්ඪ ලොකම‍්හි, වනථො අහු කුදාචනන‍්ති සූති නිපාතමත‍්තං. වඩ‍්ඪ, පුත‍්තක, සබ‍්බස‍්මිම‍්පි සත‍්තලොකෙ, සඞ‍්ඛාරලොකෙ ච කිලෙසවනථො තුය‍්හං කදාචිපි මා අහු මා අහොසි . තත්‍ථ කාරණමාහ – “මා, පුත‍්තක, පුනප‍්පුනං, අහු දුක‍්ඛස‍්ස භාගිමා”ති වනථං අනුච‍්ඡින්‍දන‍්තො තං නිමිත‍්තස‍්ස පුනප‍්පුනං අපරාපරං ජාතිආදිදුක‍්ඛස‍්ස භාගී මා අහොසි.

එහි මාසු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං - මෙහි සු යනු නිපාත මාත්‍රයකි. වඩ්ඪ පුත්‍රය, මේ සියලු සත්ත්ව ලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ඔබට කෙලෙස් ගැහැටක් කිසිකලෙකත් මා අහු නොවේවා. එයට හේතුව කියන ලදී. මා පුත්තක පුනප්පුනං අහු දුක්‍ඛස්ස භාගිමා - තෘෂ්ණාව රැස්කරමින් නැවත නැවත කලින්කල ඉපදීම ආදී දුක්වලට කොටස්කාරයෙකු නොවන්න.

එවං වනථස‍්ස අසමුච‍්ඡෙදෙ ආදීනවං දස‍්සෙත්‍වා ඉදානි සමුච‍්ඡෙදෙ ආනිසංසං දස‍්සෙන‍්තී “සුඛඤ‍්හි වඩ‍්ඪා”තිආදිමාහ. තස‍්සත්‍ථො – පුත‍්තක, වඩ‍්ඪ මොනෙය්‍යධම‍්මසමන‍්නාගතෙන මුනයො, එජාසඞ‍්ඛාතාය තණ‍්හාය අභාවෙන අනෙජා, දස‍්සනමග‍්ගෙනෙව පහීනවිචිකිච‍්ඡතාය ඡින‍්නසංසයා, සබ‍්බකිලෙසපරිළාහාභාවෙන සීතිභූතා, උත‍්තමස‍්ස දමථස‍්ස අධිගතත‍්තා දමප‍්පත‍්තා අනාසවා ඛීණාසවා සුඛං විහරන‍්ති, න තෙසං එතරහි චෙතොදුක‍්ඛං අත්‍ථි, ආයතිං පන සබ‍්බම‍්පි දුක‍්ඛං න භවිස‍්සතෙව.

මෙසේ තෘෂ්ණාව සිඳ නොදැමීමේ ආදීනව පෙන්වා දැන් සිඳ දැමීමේ අනුසස් පෙන්වන්නී සුඛං හි වඩ්ඪ ආදිය කීවාය. එහි තේරුම පුත්‍ර වඩ්ඪ, මුනිවරයන්ගේ ධර්‍මයෙහි හැසිරීමෙන් මුනයො - ඒ හා සංඛ්‍යාත තෘෂ්ණාව නැති බැවින් අනෙජා, දර්‍ශන මාර්ගයෙන්ම දුරුකළ බැවින් ජින්නසංසයා - සියලු කෙලෙස් දාහයන් නිසා ඇති හෙයින් සීතිභූතා - උතුම්වූ හික්මීම ලබාගෙන ඇති බැවින් දමප්පත්තා අනාසවා - අසව් දුරුකළෝ සුවසේ වෙසෙති. දැන් ඔවුන්ට සිතෙහි කිසිම දුකක් නැත. මතුවටද කිසිදු දුකක් නොවන්නේය.

යස‍්මා චෙතෙවං, තස‍්මා තෙහානුචිණ‍්ණං ඉසීහි…පෙ… අනුබ්‍රූහයාති තෙහි ඛීණාසවෙහි ඉසීහි අනුචිණ‍්ණං පටිපන‍්නං සමථවිපස‍්සනාමග‍්ගං ඤාණදස‍්සනස‍්ස අධිගමාය සකලස‍්සාපි වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය වඩ‍්ඪ, ත්‍වං අනුබ්‍රූහය වඩ‍්ඪෙය්‍යාසීති.

යම් සෙයකින් එවැන්නක් නොවේද එහෙයින් තෙහානුචිණ්ණං ඉසීහි -පෙ- අනුබ්‍රෑහය තෙහි: ක්‍ෂීණාශ්‍රවයන් විසින් අනුචිණ්ණං - පිළිපන්නාවූ සමථ හා විදර්‍ශනා මාර්ගය ඥානදර්‍ශනය ලබාගනු පිණිස, සියලු සසරදුක් කෙළවර කිරීම පිණිස වඩ්ඪ ඔබ අනුබ්‍රෑහය වඩව,

තං සුත්‍වා වඩ‍්ඪත්‍ථෙරො “අද‍්ධා මම මාතා අරහත‍්තෙ පතිට‍්ඨිතා”ති චින‍්තෙත්‍වා තමත්‍ථං පවෙදෙන‍්තො –

එය අසා වඩ්ඪ තෙරණුවෝ ඒකාන්තයෙන්ම මගේ මව රහත් පෙලෙහි පිහිටා ඇතැයි සිතා ඒ බව කියන්නේ මේ ගාථාව ප්‍රකාශ කළහ:

“විසාරදාව භණසි, එතමත්‍ථං ජනෙත‍්ති මෙ; මඤ‍්ඤාමි නූන මාමිකෙ, වනථො තෙ න විජ‍්ජතී”ති. – ගාථමාහ;

විසාරදාව භණසි ඵතමත්‍ථං ජනෙත්ති මෙ, මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති

තත්‍ථ විසාරදාව භණසි, එතමත්‍ථං ජනෙත‍්ති මෙති “මා සු තෙ වඩ‍්ඪ ලොකම‍්හි, වනථො අහු කුදාචන”න‍්ති එතමත්‍ථං එතං ඔවාදං, අම‍්ම, විගතසාරජ‍්ජා කත්‍ථචි අලග‍්ගා අනල‍්ලීනාව හුත්‍වා මය‍්හං වදසි. තස‍්මා මඤ‍්ඤාමි නූන මාමිකෙ, වනථො තෙ න විජ‍්ජතීති, නූන මාමිකෙ මය‍්හං, අම‍්ම, ගෙහසිතපෙමමත‍්තොපි වනථො තුය‍්හං මයි න විජ‍්ජතීති මඤ‍්ඤාමි, න මාමිකාති අත්‍ථො.

එහි විසාරදාව භණසි එතමත්‍ථං ජනෙත්ති මෙ - ‘වඩ්ඪ, ඔබට කිසිකලෙකත් ලෝකයෙහි තෘෂ්ණාවක් නොවේවා’ යන මේ අර්‍ථය, මේ අවවාදයයි. මෑණියෙනි, දුරුකළ ඇලීම් ඇතිව එහි නොලැග නොඇලී මට කියන්නෙහිය. එහෙයින් මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති ඒකාන්තයෙන්ම, මගේ මැණියෙනි, මා කෙරෙහි ගෘහාශ්‍රිත ප්‍රේම මාත්‍රයක් පවා ඔබ තුළ නැතැයි සිතමි. මමත්වයක් නැත යන තේරුමය.

තං සුත්‍වා ථෙරී “අණුමත‍්තොපි කිලෙසො කත්‍ථචිපි විසයෙ මම න විජ‍්ජතී”ති වත්‍වා අත‍්තනො කතකිච‍්චතං පකාසෙන‍්තී –

එය අසා තෙරණියෝ අනුමාත්‍ර වූ හෝ ක්ලේෂයක් කිසිසේත්ම මා තුළ නැතැයි කියා තමාගේ කාර්‍යය කර නිමවා ඇති බව කියන්නී මෙසේ ප්‍රකාශ කළාය:

“යෙ කෙචි වඩ‍්ඪ සඞ‍්ඛාරා, හීනා උක‍්කට‍්ඨමජ‍්ඣිමා; අණූපි අණුමත‍්තොපි, වනථො මෙ න විජ‍්ජති.

යෙ කෙචි වඩ්ඪ සංඛාරා හීනා උක්කට්ඨමජ්ඣිමා, අණුපි අණුමතෙතාපි වනථො මෙ නවිජ්ජති

“සබ‍්බෙ මෙ ආසවා ඛීණා, අප‍්පමත‍්තස‍්ස ඣායතො; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. – ඉමං ගාථාද‍්වයමාහ.

සබ්බෙ මෙ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං

වඩ්ඪ හීන, උත්කෘෂ්ඨ, මධ්‍යම ආදී වශයෙන් යම් සංස්කාරයක් වේද ඒ තෘෂ්ණාවෙන් අණුවක් හෝ අණුමාත්‍රයක් හෝ මා තුළ නැත.

අප්‍රමාදීව ධ්‍යානයෙහි යෙදෙන්නා වූ මගේ සියලු අසව් දුරුවිය. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුරදුන්ගේ අවවාදය අනුව ගියෙමි.

තත්‍ථ යෙ කෙචීති අනියමවචනං. සඞ‍්ඛාරාති සඞ‍්ඛතධම‍්මා. හීනාති ලාමකා පතිකුට‍්ඨා. උක‍්කට‍්ඨමජ‍්ඣිමාති පණීතා චෙව මජ‍්ඣිමා ච. තෙසු වා අසඞ‍්ඛතා හීනා ජාතිසඞ‍්ඛතා උක‍්කට‍්ඨා, උභයවිමිස‍්සිතා මජ‍්ඣිමා. හීනෙහි වා ඡන්‍දාදීහි නිබ‍්බත‍්තිතා හීනා, මජ‍්ඣිමෙහි මජ‍්ඣිමා, පණීතෙහි උක‍්කට‍්ඨා. අකුසලා ධම‍්මා වා හීනා, ලොකුත‍්තරා ධම‍්මා උක‍්කට‍්ඨා, ඉතරා මජ‍්ඣිමා. අණූපි අණුමත‍්තොපීති න කෙවලං තයි එව, අථ ඛො යෙ කෙචි හීනාදිභෙදභින‍්නා සඞ‍්ඛාරා. තෙසු සබ‍්බෙසු අණූපි අණුමත‍්තොපි අතිපරිත‍්තකොපි වනථො මය‍්හං න විජ‍්ජති.

එහි යෙ කෙචි - අනියම් බවක් ඇඟවීම සඳහාය. සංඛාරා - නිපැදුණු ධර්‍මයෝ, හීනා ලාමක, පිළිකුල් උපදවන, උක්කට්ඨමජ්ඣිමා ප්‍රණීතවූ මෙන්ම මධ්‍යම වූ ඒවා අතර නිපැයුණු ධර්‍මයෝ හීනය, සම්පූර්‍ණයෙන් නිපැයුණු ධර්‍මයෝ උසස් ධර්‍මයෝය, මේ දෙකෙන්ම මිශ්‍රවූ ධර්‍මයෝ මධ්‍යමය, හීනවූ ආශාවන් විසින් නිපැයුණු ධර්‍මයෝ හීනය, මධ්‍යම ආශාවන් විසින් නිපැයුණු ධර්‍මයෝ මධ්‍යමය, ප්‍රණීතවූවෝ උසස්ය. අකුසල ධර්‍මයෝ හීනය, ලෝකෝත්තර ධර්‍මයෝ උසස්ය, සෙස්ස මධ්‍යමය. අණුපි අණුමත්තොපි - හුදෙක් ඔබ කෙරෙහි මතු නොව, හීනාදි භෙද වශයෙන් වෙනස්වූ යම් සංස්කාරයෙක් වේද ඒ සියල්ලෙහිම අණුවක් හෝ අණුමාත්‍රයක් හෝ ඉතා සුලු වූ හෝ තෘෂ්ණාවක් මා තුළ නොපවතී.

තත්‍ථ කාරණමාහ – “සබ‍්බෙ මෙ ආසවා ඛීණා, අප‍්පමත‍්තස‍්ස ඣායතො”ති. තත්‍ථ අප‍්පමත‍්තස‍්ස ඣායතොති අප‍්පමත‍්තාය ඣායන‍්තියා, ලිඞ‍්ගවිපල‍්ලාසෙන හෙතං වුත‍්තං. එත්‍ථ ච යස‍්මා තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, තස‍්මා කතං බුද‍්ධස‍්ස සාසනං. යස‍්මා අප‍්පමත‍්තා ඣායිනී, තස‍්මා සබ‍්බෙ මෙ ආසවා ඛීණා, අණූපි අණුමත‍්තොපි වනථො මෙ න විජ‍්ජතීති යොජනා.

එයට හේතුව කියනලදී, සබ්බෙ මේ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො - එහි අප්පමත්තස්ස ඣායතො - අප්‍රමාදීව හාවනා කරන්නාවූ, ලිංගභේදය නිසා මෙය මෙසේ කියා ඇත. එහිද, යම් හෙයකින් ත්‍රිවිද්‍යාව ලබාගත්තීද එහෙයින් බුදුන්ගේ අනුශාසනාව පිළිපැදි බවද, යම් හෙයකින් අප්‍රමාදීව භාවනා කරන්නීද එහෙයින් ඇයගේ සියලු අසව් සිඳීගිය බවද කී අයුරුය. අණුවක් හෝ අණුමාත්‍රයක් හෝ තෘෂ්ණාවක් මා තුළ නැත යනුවෙන් යොදාගතයුතුය.

එවං වුත‍්තඔවාදං අඞ‍්කුසං කත්‍වා සඤ‍්ජාතසංවෙගො ථෙරො විහාරං ගන‍්ත්‍වා දිවාට‍්ඨානෙ නිසින‍්නො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො මාතු සන‍්තිකං ගන‍්ත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

මෙසේ දුන් අවවාද අකුස්සක් කරගත් තෙරහු විහාරයට ගොස් දහවල් වෙසෙන තැන හුන්නාහු විදසුන් වඩා රහත්හල ලබාගෙන තමාගේ පිළිවෙත දැක හටගත් සොම්නසින් මව සමීපයට ගොස් අනෙක් කරුණක් මේ ගාථා තුන ප්‍රකාශ කළහ:

“උළාරං වත මෙ මාතා, පතොදං සමවස‍්සරි; පරමත්‍ථසඤ‍්හිතා ගාථා, යථාපි අනුකම‍්පිකා.

උළාරං වත මෙ මාතා පතොදං සවස්සරි, පරමත්‍ථාය හිතා ගාථා යථාපි අනුකම්පිකා

“තස‍්සාහං වචනං සුත්‍වා, අනුසිට‍්ඨිං ජනෙත‍්තියා; ධම‍්මසංවෙගමාපාදිං, යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා.

තස්සාහං වචනං සුත්‍වා අනුසිට්ඨිං ජනෙත්තියා, ධම්ම සංවෙගමාපාදි යොගක්‍ඛෙමස්ස පත්තියා

“සොහං පධානපහිතත‍්තො, රත‍්තින්‍දිවමතන්‍දිතො; මාතරා චොදිතො සන‍්තෙ, අඵුසිං සන‍්තිමුත‍්තම”න‍්ති. –

සොභං පධානපහිතත්තො රත්තින්‍දිවමතන්‍දිතො, මාතරා වොදිතොසන්තො අඵුසිං සන්තිමුත්තමං

ඉමා තිස‍්සො ගාථා අභාසි.

මගේ මව යම් අයුරකින් මට අනුකම්පා කරන්නීද ඒ අයුරින් පරමාර්ථය ඇතුළත් උදාරවූ අවවාදය නමැති කෙවිට මා මත හෙඑවාය.

මගේ මවගේ අවවාදාත්මක වචනය අසා සසරෙහි අවසානයට පැමිණෙනු පිණිස ධර්‍මසංවේගය උපදවා ගතිමි.

දිවා රෑ දෙක්හි අකුසීතව ප්‍රධන් වීර්‍යයෙහි යෙදුණු මම මව විසින් උත්සුක කරනු ලැබුවෙම් උත්තම ශාන්ති සුඛය ස්පර්‍ශ කළෙමි.

අථ ථෙරී අත‍්තනො වචනං අඞ‍්කුසං කත්‍වා පුත‍්තස‍්ස අරහත‍්තප‍්පත‍්තියා ආරාධිතචිත‍්තා තෙන භාසිතගාථා සයං පච‍්චනුභාසි. එවං තාපි ථෙරියා ගාථා නාම ජාතා.

ඉක්බිති ස්ථවිරීතොමෝ තමාගේ වචනය අකුස්සත් කර පුතාට රහත්බව ලබාගනු පිණිස මෙහෙයවුණු සිත් ඇත්තී ඔහු විසින් කියන ලද ගාථා තමාද පෙරළා කීවාය. එහෙයින් ඒවාද තෙරණියගේ ගාථා වශයෙන් සැලකිණ.

තත්‍ථ උළාරන‍්ති විපුලං මහන‍්තං. පතොදන‍්ති ඔවාදපතොදං. සමවස‍්සරීති සම‍්මා පවත‍්තෙසි වතාති යොජනා. කො පන සො පතොදොති ආහ “පරමත්‍ථසඤ‍්හිතා ගාථා”ති. තං “මා සු තෙ, වඩ‍්ඪ, ලොකම‍්හී”තිආදිකා ගාථා සන්‍ධාය වදති. යථාපි අනුකම‍්පිකාති යථා අඤ‍්ඤාපි අනුග‍්ගාහිකා, එවං මය‍්හං මාතා පවත‍්තිනිවත‍්තිවිභාවනගාථාසඞ‍්ඛාතං උළාරං පතොදං පාජනදණ‍්ඩකං මම ඤාණවෙගසමුත‍්තෙජං පවත‍්තෙසීති අත්‍ථො.

එහි උළාරං - යනු විපුලවූ, මහත්වූ, පතොදං, අවවාද නමැති කෙවිට, සමවස්සරී - පැවැත්වීය. ‘වත’ යනු යොදාගත යුතුය. ඒ කෙවිට කුමක්දැයි හැඳින්වේ. ‘පරමත්‍ථසඤ්ඤිකා ගාථා’ යනුවෙන් එය පැවසිණ. ඒ බව ‘මාසු තෙ වඩ්ඪ ලොකස්මිං’ ආදී ගාථා සඳහා ප්‍රකාශකර ඇත. යථාපි අනුකම්පකා - අනෙක් අනුග්‍රාහිකාවන් මෙන් මගේ මවද පැවැත්ම හා නැවැත්ම ගෙනදෙන්නා වූ ගාථා සංඛ්‍යාත උදාර වූ කෙවිට, හික්මවන දඬුවම මගේ ඤාණවේගය ක්‍රියාශීලී කරවනු පිණිස යෙදෙව්වාය යනු තේරුමයි.

ධම‍්මසංවෙගමාපාදින‍්ති ඤාණභයාවහත‍්තා අතිවිය මහන‍්තං භිංසනං සංවෙගං ආපජ‍්ජිං.

ධම්ම සංවෙගමාපාදිං - නුවණ බිය ගෙනදෙන්නා වූ, ඉතා මහත්වූ බියජනක වූ සංවේගයට පැමිණියෙමි.

පධානපහිතත‍්තොති චතුබ‍්බිධසම‍්මප‍්පධානයොගෙන දිබ‍්බානං පටිපෙසිතචිත‍්තො. අඵුසිං සන‍්තිමුත‍්තමන‍්ති අනුත‍්තරං සන‍්තිං නිබ‍්බානං ඵුසිං අධිගච‍්ඡින‍්ති අත්‍ථො.

පධානපහිතත්තො - චතුර්විධ සම්‍යක්ප්‍රධාන වීර්‍යයෙහි යෙදීමෙන් නිවන් වෙත යොමුකරවන ලද සිත් ඇත්තේ අඵුසිං සන්තිමුත්තමං - ශ්‍රේෂ්ඨ වූ ශාන්තිය, නිර්‍වාණය ස්පර්‍ශ කළෙමි, අවබෝධ කරගතිමි යනු අර්‍ථයි.

වඩ‍්ඪමාතුථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වඩ්ඪමාතා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.

නවකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන නිපාත වර්‍ණනාව සමාප්තය.