8. අට්ඨකනිපාතො අට්ඨකථා
8. අට්ඨකනිපාතය
සීසූපචාලාථෙරිගාථාවණ්ණනා
සිසූපචාලා ථේරීගාථා වර්ණනාව
අට්ඨකනිපාතෙ භික්ඛුනී සීලසම්පන්නාතිආදිකා සීසූපචාලාය ථෙරියා ගාථා. ඉමිස්සාපි වත්ථු චාලාය ථෙරියා වත්ථුම්හි වුත්තනයමෙව. අයම්පි හි ආයස්මතො ධම්මසෙනාපතිස්ස පබ්බජිතභාවං සුත්වා සයම්පි උස්සාහජාතා පබ්බජිත්වා කතපුබ්බකිච්චා විපස්සනං පට්ඨපෙත්වා, ඝටෙන්තී වායමන්තී නචිරස්සෙව අරහත්තං පාපුණි. අරහත්තං පත්වා ඵලසමාපත්තිසුඛෙන විහරන්තී එකදිවසං අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා කතකිච්චාති සොමනස්සජාතා උදානවසෙන –
අටවන නිපාතයෙහි භික්ඛුනිසීලසම්පන්නා ආදිය සිසුපචාලා තෙරණියගේ ගාථාය. මැයගේ කථාවස්තුව ද චාලා භික්ෂුණියගේ වස්තුවෙහි කියනලද පරිදිමය. මෝතොමෝ ආයුෂ්මත් ධර්මසේනාපතීන් වහන්සේගේ පැවිදිවීම අසා ඒ ගැන උනන්දු වී පැවිදිව කරනලද පෙරකිස ඇත්තී විදසුන් පිහිටුවා යෙදෙන්නී වෑයම් කරන්නී නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියාය. රහත්බවට පැමිණ පලසමවත් සුවයෙන් දවසරින්නී එක්දවසක් තමාගේ පිළිවෙත බලා නිමකළ කාර්ය ඇති බැවින් සොම්නස් වූවා උදන් බසින් මෙය ගැයුවාය:
“භික්ඛුනී සීලසම්පන්නා, ඉන්ද්රියෙසු සුසංවුතා; අධිගච්ඡෙ පදං සන්තං, අසෙචනකමොජව”න්ති. – ගාථමාහ;
භික්ඛුනී සීලසම්පන්නා ඉන්ද්රියෙසු සුසංවුතා, අධිගච්ඡෙ පදං සන්තං අසෙචනකමොජවං
ඉඳුරන් හික්මවා ගත් සීලසම්පන්න භික්ෂුණිය කිසිවෙකු විසින් තෙත් නොකරනු ලැබූ හරයෙන් පිරී (රසවත්වූ) ශාන්තපදය ලබාගන්නීය.
තත්ථ සීලසම්පන්නාති පරිසුද්ධෙන භික්ඛුනිසීලෙන සමන්නාගතා පරිපුණ්ණා. ඉන්ද්රියෙසු සුසංවුතාති මනච්ඡට්ඨෙසු ඉන්ද්රියෙසු සුට්ඨු සංවුතා, රූපාදිආරම්මණෙ ඉට්ඨෙ රාගං, අනිට්ඨෙ දොසං, අසමපෙක්ඛනෙ මොහඤ්ච පහාය සුට්ඨු පිහිතින්ද්රියා. අසෙචනකමොජවන්ති කෙනචි අනාසිත්තකං ඔජවන්තං සභාවමධුරං සබ්බස්සාපි කිලෙසරොගස්ස වූපසමනොසධභූතං අරියමග්ගං, නිබ්බානමෙව වා. අරියමග්ගම්පි හි නිබ්බානත්ථිකෙහි පටිපජ්ජිතබ්බතො කිලෙසපරිළාහාභාවතො ච පදං සන්තන්ති වත්තුං වට්ටති.
එහි සීලසම්පන්නා - පිරිසිදු භික්ෂුණී ශීලයෙන් සමන්විත වූ පිරිපුන්, ඉන්ද්රියෙසු සුසංවුතා - මනස සයවැනිකොට ඇත්තාවූ ඉඳුරන් මැනවින් හසුරුවා ගත්, රූපාදී ආරම්මනයන් ප්රියවූකල රාගයද, අප්‍රියවූ, කල ද්වේෂයද, විෂමව දක්නා කල්හි මෝහයද යන මේ ත්රිමූලය හැර මනාකොට වසනලද ඉඳුරන් ඇති, අසෙචනකමොජවං - කිසිවකින් කිසිකෙනෙකුන් විසින් කිළිටි නොකරනු ලැබූ, සාරවත් වූ ස්වභාවයෙන් මධුරවූ සියලු කෙලෙස් ලෙඩ සුවකරන ඖෂධයක් වූ ආර්යමාර්ගය නිවන හෝ ගත යුතුය. නිවන්සුව බලාපොරොත්තුවන තැනැත්තා විසින් ආර්යමාර්ගය අනුගමනය කළ යුතු හෙයින් හා කෙලෙස්ගිනි නොමැති හෙයින් ශාන්තපදය යනුවෙන් හැඳින්වීම සුදුසුය.
“තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා; නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො; තත්ථ චිත්තං පණීධෙහි, යත්ථ තෙ වුසිතං පුරෙ”ති. –
තාවතිංසා ච යාමා ච තුසිතාචාපි දෙවතා, නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො, තත්ථ චිත්තං පණිධෙහි යත්ථ තෙ වුසිතං පුරෙ
ඔබ පෙර විසූ තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතීය, වසවර්තිය යන දෙව්ලොව යම් දෙවිකෙනෙක් වෙසෙද්ද, ඔබ දෙවිවරුන් කෙරෙහි සිත යොමුකරන්න.
අයං ගාථා කාමසග්ගෙසු නිකන්තිං උප්පාදෙහීති තත්ථ උය්යොජනවසෙන ථෙරිං සමාපත්තියා චාවෙතුකාමෙන මාරෙන වුත්තා.
මේ ගාථාව කාමස්වර්ගයන්හි රුචිය ඇතිකරවනු පිණිස, එහිලා උනන්දුකරවනු පිණිස තෙරණිය සමවතින් ඉවත්කරනු පිණිස මාරයා විසින් කියන ලද්දකි.
තත්ථ සහපුඤ්ඤකාරිනො තෙත්තිංස ජනා යත්ථ උපපන්නා, තං ඨානං තාවතිංසන්ති. තත්ථ නිබ්බත්තා සබ්බෙපි දෙවපුත්තා තාවතිංසා. කෙචි පන “තාවතිංසාති තෙසං දෙවානං නාමමෙවා”ති වදන්ති. ද්වීහි දෙවලොකෙහි විසිට්ඨං දිබ්බං සුඛං යාතා උපයාතා සම්පන්නාති යාමා. දිබ්බාය සම්පත්තියා තුට්ඨා පහට්ඨාති තුසිතා. පකතිපටියත්තාරම්මණතො අතිරෙකෙන රමිතුකාමතාකාලෙ යථාරුචිතෙ භොගෙ නිම්මිනිත්වා රමන්තීති නිම්මානරතිනො. චිත්තරුචිං ඤත්වා පරෙහි නිම්මිතෙසු භොගෙසු වසං වත්තෙන්තීති වසවත්තිනො. තත්ථ චිත්තං පණීධෙහීති තස්මිං තාවතිංසාදිකෙ දෙවනිකායෙ තව චිත්තං ඨපෙහි, උපපජ්ජනාය නිකන්තිං කරොහි. චාතුමහාරාජිකානං භොගා ඉතරෙහි නිහීනාති අධිප්පායෙන තාවතිංසාදයොව වුත්තා. යත්ථ තෙ වුසිතං පුරෙති යෙසු දෙවනිකායෙසු තයා පුබ්බෙ වුත්ථං. අයං කිර පුබ්බෙ දෙවෙසු උප්පජ්ජන්තී, තාවතිංසතො පට්ඨාය පඤ්චකාමසග්ගෙ සොධෙත්වා පුන හෙට්ඨතො ඔතරන්තී, තුසිතෙසු ඨත්වා තතො චවිත්වා ඉදානි මනුස්සෙසු නිබ්බත්තා.
එහි එකට පින්කම් කළාවූ තෙතිසක් ජනයෝ යම් තැනෙක උපන්නාහුද එය තාවතිංස නම් විය, එහි වැසියෝ සියලු දෙනම තව්තිසා දෙවිවරු නම්වූහ. ඇතැමෙක් තාවතිංස දේවපුත්‍රයෝ යනු ඔවුන්ගේ නමයයි කියති. දෙව්ලෝ දෙකක් තිබෙන විශිෂ්ට දිව්යසුඛයට පැමිණෙන්නෝ, එහි උපත ලබන්නෝ යාම නම් වෙති. දිවසැපතින් තුටු පහටුවන යන අරුතින් තුසිත නම්වේ. ස්වභාවයෙන් පිළියෙල වී තිබෙන අරමුණුවලට අතිරේක වශයෙන් රමණයවනු කැමැති අවස්ථාවලදී තමාගේ රුචියට අනුව සැප සම්පත් නිර්මාණය කරගැනීමෙන් ප්‍රීතිවන යන අර්ථයෙන් නිර්මාණරතී නම්වේ. සිතැඟි දැන අනුන් විසින් මවනලද සම්පත්ති විෂයයෙහි වසඟවන යන අරුතින් වසවත්ති නම්වේ. තත්ථ චිත්තං පණිධෙහි - ඒ තවුතිසාදි දෙව්ලෝ කෙරෙහි ඔබගේ සිත යොමු කරන්න. එහි ඉපදීම කෙරෙහි ආශාව ඇති කරගන්න. චාතුර්මහාරාජකාදී දෙව්ලෝවල තිබෙන සුඛෝපභෝගයන් අනෙක් දිව්‍යලෝකවල තිබෙන සැපසම්පත්වලට වඩා පහත්ය යන අභිප්‍රාවෙන් තාවතිංසාදිය ගෙනහැර දක්වයි. යත්ථ තෙ වුසිතං පුරෙ - ඔබ පෙර යම් යම් දෙව්ලෝවල උපත ලැබුවෙහිද, මෝතොමෝ වනාහි පෙර අත්බැව්වල දෙව්ලෝවල උපන්නී තව්තිසාවෙහි පටන් පඤ්චකාමස්වර්ගයන්හි සැප විඳ නැවත පහළට බසින්නී තුසිතයෙහි වැස එයින් චුතව දැන් මිනිස් ලෙව්හි උපත ලබා ඇත.
තං සුත්වා ථෙරී – “තිට්ඨතු, මාර, තයා වුත්තකාමලොකො. අඤ්ඤොපි සබ්බො ලොකො රාගග්ගිආදීහි ආදිත්තො සම්පජ්ජලිතො. න තත්ථ විඤ්ඤූනං චිත්තං රමතී”ති කාමතො ච ලොකතො ච අත්තනො විනිවත්තිතමානසතං දස්සෙත්වා මාරං තජ්ජෙන්තී –
තෙරණියෝ මෙය අසා ‘මාරය, එය එසේ වේවා, ඔබ සඳහන්කළ කාමලෝකයද සෙසු සියලුම ලෝකද රාගගිනි ආදියෙන් ඇවිලෙමින් දැවෙමින් පවතී. එහිලා කිසිම නුවණැත්තෙකුගේ සිත නොඇලෙයි. කාමයන් කෙරෙන් හා ලෝකයෙන් මගේ සිත මිදී ඇත’ යනුවෙන් පවසා තර්ජනාත්මක ස්වරූපයෙන් මාරයාට මෙසේ කීවාය.
යාමා ච“තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා; නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො.
තාවතිංසා ච යාමා ච තුසිතා වාපි දෙවතා, නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො
“කාලං කාලං භවා භවං, සක්කායස්මිං පුරක්ඛතා; අවීතිවත්තා සක්කායං, ජාතිමරණසාරිනො.
කාලං කාලං භවාභවං සක්කායස්මිං පුරක්ඛතා, අවීතිවත්තා සක්කායං ජාතිමරණසාරිනො
“සබ්බො ආදීපිතො ලොකො, සබ්බො ලොකො පදීපිතො; සබ්බො පජ්ජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො.
සබ්බො ආදිපිතො ලොකො සබ්බො ලොකො පදීපිතො, සබ්බ පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො
“අකම්පියං අතුලියං, අපුථුජ්ජනසෙවිතං; බුද්ධො ධම්මමදෙසෙසි, තත්ථ මෙ නිරතො මනො.
අකම්පියං අතුලියං අපුථුජ්ජන සෙවිතං, බුද්ධො ච ධම්මං දෙසෙසි තත්ථ මෙ නිරතො මනො
“තස්සාහං වචනං සුත්වා, විහරිං සාසනෙ රතා; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
තස්සාහං වචනං සුත්වා විහරිං සාසනෙ රතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
“සබ්බත්ථ විහතා නන්දී, තමොක්ඛන්ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්වමසි අන්තකා”ති. –
සබ්බත්ථ විහතානන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති
ඉමා ගාථා අභාසි.
තවුතිසා යාම, තුසිත, නිම්මාණරති හා වසවත්ති යන දෙව්ලෝ වැසියෝ කලින්කල භවයෙන් භවයෙහි සක්කාය දෘෂ්ටිය පෙරටුකරගෙන එය නොඉක්මවා උපත හා විපත අනුව හැසිරෙන්නාහුය.
සියලු ලොව ගිනිගෙන දැවේ, සියලු ලොව ඇවිලේ, සියලු ලොව ගින්නෙන් පිළිස්සේ. සියලු ලොව සැලේ.
බුදුහු, කම්පා නොවන, කිසිවෙකුට සම කළ නොහැකි පෘථග්ජනයන් සේවනය නොකරන ධර්මය දේශනා කරති. මගේ සිත එහි ඇලිණ.
මම උන්වහන්සේගේ වචනය අසා සසුනෙහි ඇලී විසුවෙමි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි, බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
හැම තැනකම ආශාව දුරුකළෙමි, අඳුරුකඳ බිඳලීමි. මාරය, ඔබ එසේ දැනගනුව, ඔබ විනාශ වූයෙහිය.
තත්ථ කාලං කාලන්ති තං තං කාලං. භවා භවන්ති භවතො භවං. සක්කායස්මින්ති ඛන්ධපඤ්චකෙ. පුරක්ඛතාති පුරක්ඛාරකාරිනො. ඉදං වුත්තං හොති – මාර, තයා වුත්තා තාවතිංසාදයො දෙවා භවතො භවං උපගච්ඡන්තා අනිච්චතාදිඅනෙකාදීනවාකුලෙ සක්කායෙ පතිට්ඨිතා, තස්මා තස්මිං භවෙ උප්පත්තිකාලෙ, වෙමජ්ඣකාලෙ, පරියොසානකාලෙති තස්මිං තස්මිං කාලෙ සක්කායමෙව පුරක්ඛත්වා ඨිතා. තතො එව අවීතිවත්තා සක්කායං නිස්සරණාභිමුඛා අහුත්වා සක්කායතීරමෙව අනුපරිධාවන්තා ජාතිමරණසාරිනො රාගාදීහි අනුගතත්තා පුනප්පුනං ජාතිමරණමෙව අනුස්සරන්ති, තතො න විමුච්චන්තීති.
එහි කාලං කාලං - ඒ ඒ කාලය, භවාභවං - භවයෙන් භවයට, සක්කායස්මිං - පඤ්චස්කන්ධයෙහි, පුරක්ඛතා - පෙරටුකොට ඇත්තාවූ, මෙහි ප්‍රකාශ කරන ලද්දේ මෙයය: මාරය, ඔබ සඳහන් කළ තාවතිංසාදි දෙවිවරු භවයෙන් භවයට යන්නාහු අනිත්‍යතා ආදිය හා නොයෙක් ආදීනවයන්ගෙන් ගැවසුණු ශරීරයෙහි පිහිටියාහු වෙත්, එහෙයින් ඒ භවයෙහි උපන්කල, මැදිවියකල හා අවසාන කාලය යනුය. ඒ ඒ කාලයෙහි පඤ්චස්කන්ධයම පෙරටුකොට වෙසෙති. එහෙයින්ම අවීතිවත්තා සක්කායං - නික්මයාම පෙරටු කර නොගෙන පඤ්චස්කන්ධ නමැති ඉවුරටම දුවන්නාහු ජාතිමරණසාරිනො - රාගාදියෙන් යුක්තවූ හෙයින් නැවත නැවත උපත හා මරණය අනුව යති. එහෙයින් සසරෙන් නොමිදෙති.
සබ්බො ආදීපිතො ලොකොති, මාර, න කෙවලං තයා වුත්තකාමලොකොයෙව ධාතුත්තයසඤ්ඤිතො, සබ්බොපි ලොකො රාගග්ගිආදීහි එකාදසහි ආදිත්තො. තෙහියෙව පුනප්පුනං ආදීපිතතාය පදීපිතො. නිරන්තරං එකජාලීභූතතාය පජ්ජලිතො. තණ්හාය සබ්බකිලෙසෙහි ච ඉතො චිතො ච කම්පිතතාය චලිතතාය පකම්පිතො. එවං ආදිත්තෙ පජ්ජලිතෙ පකම්පිතෙ ච ලොකෙ කෙනචිපි කම්පෙතුං චාලෙතුං අසක්කුණෙය්යතාය අකම්පියං, ගුණතො “එත්තකො”ති තුලෙතුං අසක්කුණෙය්යතාය අත්තනා සදිසස්ස අභාවතො ච අතුලියං. බුද්ධාදීහි අරියෙහි එව ගොචරභාවනාභිගමතො සෙවිතත්තා අපුථුජ්ජනසෙවිතං. බුද්ධො භගවා මග්ගඵලනිබ්බානප්පභෙදං නවවිධං ලොකුත්තරධම්මං මහාකරුණාය සඤ්චොදිතමානසො අදෙසෙසි සදෙවකස්ස ලොකස්ස කථෙසි පවෙදෙසි. තත්ථ තස්මිං අරියධම්මෙ මය්හං මනො නිරතො අභිරතො, න තතො විනිවත්තතීති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
සබ්බො ආදිපිතො ලොකො - ‘මාරය’ ඔබ කියූ කාමලෝකය පමණක් නොව ධාතුත්රය සංඛ්‍යාත සියලු ලෝකය රාගාදී එකොළොස් ගින්නකින් ඇවිලී ඇත. ඒවායින්ම නැවත නැවත දැවෙන හෙයින් පදීපිතො - නිතරම එකම ගිනිගුළියක් වී ඇති හෙයින් පජ්ජලිතො - තෘෂ්ණාවෙන් මෙන්ම. සියලු කෙලෙස්වලින්ද ඔබමොබ සැලෙන හෙයින්ද, වෙවුලන හෙයින්ද පකම්පිතො - මෙසේ ඇවිලෙන දැවෙන හා සැලෙන ලෝකයෙහි කිසිවෙකු විසිනුදු සෙලවීමට, කම්පනය කරවීමට නොහැකි හෙයින් අකම්පියං - ගුණ වශයෙන් මෙතෙකැයි මැනීමට නොහැකි හෙයින් තමා වැන්නෙකු නොමැති හෙයින්ද අතුලියං - බුද්ධාදී ආර්යයන් විසින් පමණක් ගෝචර භාවයට පැමිණෙන හෙයින්, සේවනය කරන හෙයින් අපුථුජ්ජනසෙවිතං බුද්ධො - භාග්‍යවතුන් වහන්සේ, මාර්ගඵල - නිර්වාණ වශයෙන් නවවිධ ලොකොත්තර ධර්මය මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ මනස ඇත්තාහු අදෙසයි, දෙවියන් සහිත ලෝකයාට දේශනා කළ සේක. තත්ථ - ඒ ආර්යධර්මයෙහි මගේ සිත නිරතො - ඇලුණේ වේ. එයින් පෙරළා නොයනු ඇත යනු තේරුමය. සෙස්ස යට කියනලද පරිදිමය.
සීසූපචාලාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සිසුපචාලා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
අට්ඨකනිපාතවණ්ණනා නිට්ඨිතා.
අටවන නිපාත වර්ණනාව සමාප්තය