8. අට‍්ඨකනිපාතො
8. අට‍්ඨකනිපාතො.
8. අට්ඨකනිපාතය
8. 1.
8. 1.
196. භික‍්ඛුනී සූලසම‍්පන‍්නා ඉන්‍ද්‍රියෙසු සුසංවුතා, අධිගච‍්ඡෙ පදං සන‍්තං අසෙචනකමොජවං.
196. පරිශුද්ධශීලයෙන් යුක්ත වූ ඉන්‍ද්‍රියයෙහි මොනොවට සංවෘත වූ මෙහෙණ අව්‍යාසේක වූ ස්වභාවමධුර වූ ශාන්තපද සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලබන්නී යැ. (සිසූපචාලා මෙහෙණ කිවු යැ.)
197. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා. නිම‍්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත‍්තිනො, තත්‍ථ චිත‍්තං පණිධෙහි තත්‍ථ තෙ වුසිතං පුරෙ.
197. යම් දෙවි කෙනකුන් කෙරෙහි පෙර තී විසින් වාස කරන ලද ද යම් තව්තිසාවැසි දෙවි කෙනෙක් ඇද්ද, යාම දෙවි කෙනෙක් ඇද්ද, තුෂිත දෙවිකෙනෙක් ඇද්ද, නිම්මාණරති දෙවි කෙනෙක් ඇද්ද, වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද ඔවුන් කෙරෙහි සිත් පිහිටුවාලව, (මාරයා කී.)
198. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම‍්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත‍්තිනො.
198. තව්තිසාවැසි වූත් යාමවැසි වූත් තුෂිතවැසි වූත්, යම් දෙවි කෙනෙක් ඇද්ද, නිම්මාණරති වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, යම් වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද, (ඔහු හැම)
199. කාලං කාලං භවාභවං සක‍්කායස‍්මිං පුරක‍්ඛතා, අවීතිවත‍්තා සක‍්කායං ජාතිමරණසාරිනො.
199. ඒ ඒ කල භවයෙන් භවයෙහි ස්කන්‍ධපඤ්චකයෙහි පුරස්කෘත්‍යකාරීව පිහිටියාහු වෙති. ස්කන්‍ධපඤ්චකය ඉක්ම නොගියාහු ජාතිමරණ අනුව යන්නාහු වෙති.
200. සබ‍්බො ආදිපිතො ලොකො සබ‍්බො ලොකො පදීපිතො, සබ‍්බො පජ‍්ජලිතො ලොකො සබ‍්බො ලොකො පකම‍්පිතො.
200. හැම ලොව රාගාදීන් ඇවිළැගත්තේ වෙයි, හැම ලොව එයින් මැ ප්‍රදීප්ත වෙයි, හැම ලොව වෙසෙසින් ජ්වලිත වෙයි. හැම ලොව මෙසේ ප්‍රකම්පිත වෙයි.
201. අකම‍්පියං අතුලියං අපුථුජ‍්ජනසෙවිතං, බුද‍්ධො ච ධම‍්මං දෙසෙසි තත්‍ථ මෙ නිරතො මනො.
201. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කම්පා නො කළ හෙන තුලනා නො කළ හෙන ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද නවලොව්තුරා දහම් දෙසූසේක, එහිලා මාගේ සිත නිරත වෙයි.
202. තස‍්සාහං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
202. මම ඔබගේ බස් අසා ශාසනයෙහි නිරතවැ වාස කළමු. ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුද්ධශාසනය කරන ලදි.
203. සබ‍්බත්‍ථ විහතා නන්‍දි තමොක‍්ඛන්‍ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන‍්තකාති.
203. හැම තැන තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදි. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
ඉත්‍ථං සුදං සීසූපචාලා ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් සිසූපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
සීසූපචාලාථෙරිගාථා
සිසූපචාලා ථේරීගාථා යි.
අට‍්ඨකනිපාතො නිට‍්ඨිතො.
අට්ඨකනිපාතය නිමි.