උපචාලාථෙරිගාථා
7. 3.
7. 3.
189. සතිමතී චක්ඛුමතී භික්ඛුනී භාවිතින්ද්රියා, පටිවිජ්ඣි පදං සන්තං අකාපුරිසසෙවිතං.
189. ස්මෘතිමත් වූ ප්‍රඥාචක්‍ෂුසින් චක්ෂුර්මත් වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද ශාන්තපද සඞ්ඛ්‍යාත නිවන ප්‍රතිවේධ කළා, (උපචාලා මෙහෙණ මෙසේ උදන් ඇනූ.)
190. කින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති, භුඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී.
190. යම්හෙයකින් ජාතිය නො රුස්නහු නම්, එයට කරුණු කිම. උපන්නේ රූපාදි කාමයන් වළඳ කෙරේ. කාමරති වළඳව. පසු වැ නො තැවෙනු වව. (මාරයා කී.)
191. ජාතස්ස මරණං හොති හත්ථපාදානඡෙදනං. වධබන්ධපරික්ලෙසං ජාතො දුක්ඛං නිගච්ඡති.
191. උපන්නාහට මරණ වෙයි. (උපන් හෙයින්) අත්පා සිඳුම් වෙයි. ජීවිතහානි මුෂ්ටිප්‍රහාරාදි වධ පරික්ලේශ හා (කාරාගෘහවාසාදි) බන්ධ පරික්ලේශ වෙයි, මෙසෙයින් උපන්නේ දුකට පැමිණෙයි.
192. අත්ථ සක්යකුලෙ ජාතො සම්බුද්ධො අපරාජිතො, සො මෙ ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං.
192. ශාක්‍යකුලයෙහි උපන් අපරාජිත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත. උන් වහන්සේ මට ජාති සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූසේක.
193. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං,
193. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුඃඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගසත්‍ය යි.
194. තස්සාහං වචනං සුත්වා විහරං සාසනෙ රතා. සිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
194. මම උන් වහන්සේගේ වචන අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදි.
195. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
195. හැම තන්හි නන්දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා නසන ලදු. මෝහස්කන්ධය පළන ලද්දේ යැ. පවිටු මාරය මෙසේ දනුව. අන්තකය තෝ නටුයෙහි.
ඉත්ථං සුදං උපචාලාථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් උපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
උපචාලාථෙරිගාථා
උපචාලා ථේරීගාථා යි.
සත්තකනිපාතො නිට්ඨිතො.
සත්තකනිපාතය නිමි.