යෙදුමෙන් කියවන්න

උපචාලාථෙරිගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උපචාලාථෙරිගාථාවණ‍්ණනා

උපචාලා ථේරීගාථා වර්ණනාව

සතිමතීතිආදිකා උපචාලාය ථෙරියා ගාථා. තස‍්සා වත්‍ථු චාලාය ථෙරියා වත්‍ථුම‍්හි වුත‍්තමෙව. අයම‍්පි හි චාලා විය පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පත්‍වා උදානෙන‍්තී –

සතිමතී යන ගාථාව උපචාලා තෙරණියගේය. ඇයගේ කථාවස්තුව චාලා භික්‍ෂුණියගේ කථාවෙහි කී පරිදිමය. මෝතොමෝද චාලා තෙරණිය මෙන් පැවිදිව, විදර්‍ශනාව පිහිටුවා රහත් බවට පැමිණ මෙසේ උදන් ඇනුවාය.

“සතිමතී චක‍්ඛුමතී, භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා; පටිවිජ‍්ඣි පදං සන‍්තං, අකාපුරිසසෙවිත”න‍්ති. – ඉමං ගාථං අභාසි.

සතිමතී චක්‍ඛුමතී භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා, පටිවිජ්ඣි පදං සන්තං අකාපුරිසසෙවිතං

සිහිය දියුණුකළ පැණස වැඩු, වඩන ලද ඉඳුරන් ඇති භික්‍ෂුණිය ලාමක මිනිසුන් නොසෙව්නා ශාන්ත පදය අවබෝධ කළාය.

තත්‍ථ සතිමතීති සතිසම‍්පන‍්නා, පුබ‍්බභාගෙ පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතා හුත්‍වා පච‍්ඡා අරියමග‍්ගස‍්ස භාවිතත‍්තා සතිවෙපුල‍්ලප‍්පත‍්තියා උත‍්තමාය සතියා සමන‍්නාගතාති අත්‍ථො. චක‍්ඛුමතීති පඤ‍්ඤාචක‍්ඛුනා සමන‍්නාගතා, ආදිතො උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය අරියාය නිබ‍්බෙධිකාය සමන‍්නාගතා හුත්‍වා පඤ‍්ඤාවෙපුල‍්ලප‍්පත‍්තියා පරමෙන පඤ‍්ඤාචක‍්ඛුනා සමන‍්නාගතාති වුත‍්තං හොති. අකාපුරිසසෙවිතන‍්ති අලාමකපුරිසෙහි උත‍්තමපුරිසෙහි අරියෙහි බුද‍්ධාදීහි සෙවිතං.

එහි සතිමතී යනු සිහියෙන් සමන්විත වූයේ, පළමුව සතිඤාණයෙන් සමන්විතව පසුව ආර්යමාර්ගය වඩනලද හෙයින් සිහිය දියුණු වූ අවස්ථාවට පැමිණි හෙයින් උතුම් වූ සිහියෙන් යුක්ත වූ යන අර්ථයයි. චක්‍ඛුමතී - ප්‍රඥා නමැති ඇසින් යුක්තවූයේ, ආරම්භයෙහි පහළවීම කරා ගෙනයන්නාවූ උතුම් විනිවිද දැකීමේ නුවණින් යුක්ත වූ, ප්‍රඥාව අභිවර්‍ධනය වූ හෙයින් පරම ප්‍රඥා චක්‍ෂුසයෙන් සමන්නාගත වූ බව කියන ලද්දේ වෙයි. අකාපුරිසසෙවිතං - අලාමක උතුම් මිනිසුන් විසින්, බුද්ධාදි ආර්‍යයන් විසින් සෙවුනාලද

“කින‍්නු ජාතිං න රොචෙසී”ති ගාථා ථෙරිං කාමෙසු උපහාරෙතුකාමෙන මාරෙන වුත‍්තා. “කිං නු ත්‍වං භික‍්ඛුනි න රොචෙසී”ති (සං· නි· 1.167) හි මාරෙන පුට‍්ඨා ථෙරී ආහ – “ජාතිං ඛ‍්වාහං, ආවුසො, න රොචෙමී”ති. අථ නං මාරො ජාතස‍්ස කාමා පරිභොගා, තස‍්මා ජාතිපි ඉච‍්ඡිතබ‍්බා, කාමාපි පරිභුඤ‍්ජිතබ‍්බාති දස‍්සෙන‍්තො –

‘කින්නු ජාතිං න රොවෙසි’ යන ගාථාව තෙරණිය කාමයන්හි උත්සුක කරවනු පිණිස මාරයා විසින් කියන ලදී. ‘භික්‍ෂුණිය, ඔබ කුමක් හෙයින් නොකැමැත්තෙහිද’ යහලුව, මම උත්පත්තිය නොකැමැත්තෙමි’ යනුවෙන් කීවාය. ඉක්බිති මාරයා උපන් තැනැත්තා කාමයන් පරිභෝග කළයුතුය, එහෙයින් උත්පත්තිය ද කැමතිවිය යුතුය, කාමයන් වැළඳිය යුතුය යන්න පෙන්වමින් මේ ගාථාව කීවේය:

“කින‍්නු ජාතිං න රොචෙසි, ජාතො කාමානි භුඤ‍්ජති; භුඤ‍්ජාහි කාමරතියො, මාහු පච‍්ඡානුතාපිනී”ති. – ගාථමාහ.

කින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති, භූඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී

උපත කැමැති නොවන්නේ කුමක් හෙයින්ද? උපන් තැනැත්තා කම්සුව සෙවිය යුතුය. කම්සුව වළඳන්න. පසුව පසුතැවිලි නොවන්න.

තස‍්සත්‍ථො – කිං නු තං කාරණං, යෙන ත්‍වං උපචාලෙ ජාතිං න රොචෙසි න රොචෙය්‍යාසි, න තං කාරණං අත්‍ථි. යස‍්මා ජාතො කාමානි භුඤ‍්ජති ඉධ ජාතො කාමගුණසංහිතානි රූපාදීනි පටිසෙවන‍්තො කාමසුඛං පරිභුඤ‍්ජති. න හි අජාතස‍්ස තං අත්‍ථි, තස‍්මා භුඤ‍්ජාහි කාමරතියො කාමඛිඩ‍්ඩාරතියො අනුභව. මාහු පච‍්ඡානුතාපිනී “යොබ‍්බඤ‍්ඤෙ සති විජ‍්ජමානෙසු භොගෙසු න මයා කාමසුඛමනුභූත”න‍්ති පච‍්ඡානුතාපිනී මා අහොසි. ඉමස‍්මිං ලොකෙ ධම‍්මා නාම යාවදෙව අත්‍ථාධිගමත්‍ථො අත්‍ථො ච කාමසුඛත්‍ථොති පාකටොයමත්‍ථොති අධිප‍්පායො.

එහි තේරුම මෙසේය: උපචාලා, ඔබ කුමක් හෙයින් උපත නොකැමැත්තෙහිද? යම්හෙයකින් ජාතො කාමානි භුඤ්ජති - මෙලෙව්හි උපන් තැනැත්තා කාමගුණයන්ගෙන් පරිපූර්‍ණ රූපාදීන් සේවනය කරමින් කම්සුවය විඳියි. නූපන් තැනැත්තෙකුට එවැන්නක් නැත. එහෙයින් භුඤ්ජාහි කාමරතියො - කාමක්‍රීඩාවල යෙදෙව. මාහු පච්ඡානුතාපිනී - තරුණ වියෙහිදී සැපසම්පත් තිබෙද්දීත් මා විසින් කම්සුව නොවළඳනා ලදැයි පසුව පසුතැවිලි නොවන්න.

තං සුත්‍වා ථෙරී ජාතියා දුක‍්ඛනිමිත‍්තතං අත‍්තනො ච තස‍්ස විසයාතික‍්කමං විභාවෙත්‍වා තජ‍්ජෙන‍්තී –

ඒ අසා තෙරණිතොමෝ උත්පත්තියෙහි දුක්‍ඛ ස්වභාවය හා තමා ඒ විෂය ඉක්මවා සිටින බව තර්‍ජනාත්මකව ප්‍රකාශ කරමින් මේ ගාථා වදාළාය:

“ජාතස‍්ස මරණං හොති, හත්‍ථපාදාන ඡෙදනං; වධබන්‍ධපරික‍්ලෙසං, ජාතො දුක‍්ඛං නිගච‍්ඡති.

ජාතස්ස මරණං හොති හත්‍ථපාදානඡෙදනං, වධබන්‍ධන පරික්ලෙසං ජාති දුක්‍ඛං නිගච්ඡති

“අත්‍ථි සක්‍යකුලෙ ජාතො, සම‍්බුද‍්ධො අපරාජිතො; සො මෙ ධම‍්මමදෙසෙසි, ජාතියා සමතික‍්කමං.

අත්‍ථිසක්‍යකුලෙ ජාතො සම්බුද්ධො අපරාජිතො, සො මෙ ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

දුක්‍ඛං දුක්‍ඛසමුප්පාදං දුක්‍ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨංගිකං මග්ගං දුක්‍ඛුපසමගාමිනං

“තස‍්සාහං වචනං සුත්‍වා, විහරිං සාසනෙ රතා; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

තස්සාහං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං

“සබ‍්බත්‍ථ විහතා නන්‍දී, තමොක‍්ඛන්‍ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්‍වමසි අන‍්තකා”ති. –

සබ්බත්‍ථ විහතා නන්‍දී තමොක්‍ඛන්‍ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකාති

ඉමා ගාථා අභාසි.

උපන් තැනැත්තාට මරණය අත්පා කැඩුම් බිඳුම් වධබන්ධන සිත්තැවුල් හටගනී. උපන් තැනැත්තා දුකට පැමිණෙයි.

ශාක්‍ය කුලයෙන් පැමිණි අපරාජිත වූ බුදුන්වහන්සේ වැඩවෙසෙති. උන්වහන්සේ මට දෘෂ්ටීන් පහකරවන්නාවූ ධර්‍මය දේශනා කළ සේක.

දුක හටගැන්ම දුක ඉක්මවීම දුක නැතිකිරීමට වහල්වන අරිඅටඟිමග දෙසූ සේක.

උන්වහන්සේගේ වචනය ඇසු තම සසුනෙහි නිරතව විසීමි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.

හැම තැන්හිම පවත්නා ඇලීම ඇසුවෙමි, අඳුර බිඳලීමි, පව්කාරය, එය මෙසේ දනුව, අන්තකය, ඔබ විනාශ වූයෙහිය.

තත්‍ථ ජාතස‍්ස මරණං හොතීති යස‍්මා ජාතස‍්ස සත‍්තස‍්ස මරණං හොති, න අජාතස‍්ස. න කෙවලං මරණමෙව, අථ ඛො ජරාරොගාදයො යත‍්තකානත්‍ථා, සබ‍්බෙපි තෙ ජාතස‍්ස හොන‍්ති ජාතිහෙතුකා. තෙනාහ භගවා – “ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්තී”ති (මහාව· 1; විභ· 225; උදා· 1). තෙනෙවාහ – “හත්‍ථපාදාන ඡෙදන”න‍්ති හත්‍ථපාදානං ඡෙදනං ජාතස‍්සෙව හොති, න අජාතස‍්ස. හත්‍ථපාදඡෙදනාපදෙසෙන චෙත්‍ථ බාත‍්තිංස කම‍්මකාරණාපි දස‍්සිතා එවාති දට‍්ඨබ‍්බං. තෙනෙවාහ – “වධබන්‍ධපරික‍්ලෙසං, ජාතො දුක‍්ඛං නිගච‍්ඡතී”ති. ජීවිතවියොජනමුට‍්ඨිප‍්පහාරාදිසඞ‍්ඛාතං වධපරික‍්ලෙසඤ‍්චෙව අන්‍දුබන්‍ධනාදිසඞ‍්ඛාතං බන්‍ධපරික‍්ලෙසං අඤ‍්ඤඤ‍්ච යංකිඤ‍්චි දුක‍්ඛං නාම තං සබ‍්බං ජාතො එව නිගච‍්ඡති, න අජාතො, තස‍්මා ජාතිං න රොචෙමීති.

එහි ජාතස්ස මරණං හොති - යම්හෙයකින් උපන් සත්ත්වයාට මරණය සිදුවේද, නූපන් සත්ත්වයාට මරණයක් නැත්තේද එහෙයිනි. හුදෙක් මරණය මතු නොව, ජරාවට පත්වීම, රෝග හටගැනීම ආදී සියල්ලම උපන් තැනැත්තටම සිදුවේ. එසේ වන්නේ උපත හේතුකොටගෙනමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. උපත හේතුකොට ජරාව මරණය ශෝකය, වැළපීම දුක දොම්නස හා සිත්තැවුල ඇතිවේ. එහෙයින්ම මෙසේ පැවසීය. හත්‍ථපාදානඡෙදනං - අපා කැඩීම බිඳීම උපන් තැනැත්තාට විනා නුපන් තැනැත්තාට සිදුනොවේ. මෙහි අත්පා කැඩුම් බිඳුම් ආදියේ මාර්ගයෙන් දෙතිස් කම්කටොලු ආදියද පෙවූ බව දතයුතුය. එහෙයින් කියන ලදි වධබන්‍ධ පරික්ලෙසං ජාතො දුක්‍ඛං නිගච්ඡති - ජීවිතයට හානිකරවනසුලු මිටිපහරදීම් වැනි වධහිංසා මෙන්ම අහුබැඳුම් ආදී සිරගෙවල විඳින වේදනාද අනෙක් යම්කිසි දුකක් වේද ඒ සියල්ලම උපත ලැබූ තැනැත්තාම විඳියි, නුපන් තැනැත්තා නොවේ. එහෙයින් ‘උත්පත්තිය නොකැමැත්තෙමි’ යනුවෙන් කීවාය.

ඉදානි ජාතියා කාමානඤ‍්ච අච‍්චන‍්තමෙව අත‍්තනා සමතික‍්කන‍්තභාවං මූලතො පට‍්ඨාය දස‍්සෙන‍්තී – “අත්‍ථි සක්‍යකුලෙ ජාතො”තිආදිමාහ. තත්‍ථ අපරාජිතොති කිලෙසමාරාදිනා කෙනචි න පරාජිතො. සත්‍ථා හි සබ‍්බාභිභූ සදෙවකං ලොකං අඤ‍්ඤදත්‍ථු අභිභවිත්‍වා ඨිතො , තස‍්මා අපරාජිතො. සෙසං වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

දැන් උපත හා කාමයන් සියල්ල සම්පූර්‍ණයෙන් ඉක්මවා තිබෙන බව මුල සිටම මෙසේ දක්වයි. අත්‍ථි සක්‍යකුලෙ ජාතො - යනු විසිනි. එහි අපරාජිතො කෙලෙස්මරු ආදීන් විසින් පරාජය කිරීමට නොහැකිවූ ශාස්තෲන් වහන්සේ වනාහි සියල්ලන්ම මැඩපවත්වා වෙසෙන දෙවියන් සහිත ලෝකයා සුවචභාවයෙහි තබාගෙන සිටින බැවින් අපරාජිත නම් වේ. සෙස්ස කියනලද බැවින් අරුත් පැහැදිලිය.

උපචාලාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උපචාලා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.

සත‍්තකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන නිපාත වර්‍ණනාව සමාප්තය.