යෙදුමෙන් කියවන්න

චාලාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

චාලාථෙරීගාථාවණ‍්ණනා

චාලා ථේරීගාථා වර්ණනාව

සතිං උපට‍්ඨපෙත්‍වානාතිආදිකා චාලාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධෙසු නාලකගාමෙ රූපසාරිබ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. තස‍්සා නාමග‍්ගහණදිවසෙ චාලාති නාමං අකංසු, තස‍්සා කනිට‍්ඨාය උපචාලාති, අථ තස‍්සා කනිට‍්ඨාය සීසූපචාලාති . ඉමා තිස‍්සොපි ධම‍්මසෙනාපතිස‍්ස කනිට‍්ඨභගිනියො, ඉමාසං පුත‍්තානම‍්පි තිණ‍්ණං ඉදමෙව නාමං. යෙ සන්‍ධාය ථෙරගාථාය “චාලෙ උපචාලෙ සීසූපචාලෙ”ති (ථෙරගා· 42) ආගතං.

ඝතිං උපට්ඨපෙත්‍වාන ආදී ගාථා චාලා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි මගධයෙහි නාළක ගමෙහි රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට නම් තබන දවසෙහි මවුපියෝ චාලා යන නම තැබූහ. ඇයගේ කනිටු සොහොයුරිය උපචාලා නම් විය. ඇයගේ කනිටුතර සොහොයුරිය සිසුපචාලා නම් විය. මේ තිදෙනාම ධම්මසේනාපති තෙරණුවන්ගේ බාල සොහොයුරියෝය. මොවුන් තිදෙනාගේ පුතුන්ගේ නම්ද එවැනිම විය, එනම් ථෙරගාථාවෙහි එන චාල, උපචාල හා සිසුපචාල යනුවෙනි.

ඉමා පන තිස‍්සොපි භගිනියො “ධම‍්මසෙනාපති පබ‍්බජී”ති සුත්‍වා “න හි නූන සො ඔරකො ධම‍්මවිනයො, න සා ඔරිකා පබ‍්බජ‍්ජා, යත්‍ථ අම‍්හාකං අය්‍යො පබ‍්බජිතො”ති උස‍්සාහජාතා තිබ‍්බච‍්ඡන්‍දා අස‍්සුමුඛං රුදමානං ඤාතිපරිජනං පහාය පබ‍්බජිංසු. පබ‍්බජිත්‍වා ච ඝටෙන‍්තියො වායමන‍්තියො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණිංසු. අරහත‍්තං පන පත්‍වා නිබ‍්බානසුඛෙන ඵලසුඛෙන විහරන‍්ති.

මේ සොහොයුරියෝ තිදෙන ධම්මසේනාපති යයි අසා එය ලාමක ධර්‍මවිනයක් නොවිය හැකිය, එය ඕළාරික පැවිද්දක් නොවිය හැකිය, අපේ සොහොයුරු එහි පැවිදි වුයේ එහෙයිනි යනුවෙන් උත්සාහයක් හා දැඩි කැමැත්තක් ඇතිවී කඳුළු වගුරවමින් හඬන පිරිවර ජනයා අතහැර ගොස් පැවිදි වූහ. පැවිදි වී දැඩි අවධානයකින් වෑයම්කරන්නාහු නොබෝ කලෙකින්ම රහත්වූහ. රහත්වී නිවන්සුවයෙන් හා පලසුවයෙන් දවස් යවන්නාහු,

තාසු චාලා භික‍්ඛුනී එකදිවසං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා අන්‍ධවනං පවිසිත්‍වා දිවාවිහාරං නිසීදි. අථ නං මාරො උපසඞ‍්කමිත්‍වා කාමෙහි උපනෙසි. යං සන්‍ධාය සුත‍්තෙ වුත‍්තං –

චාලා භික්‍ෂුණිය දිනක් දිවා ආහාරයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී අන්ධ වනයට පිවිස දහවල් කාලය ගතකළාය. ඉක්බිති මාරයා ඇය වෙත පැමිණ කාමයෙන් පෙළඹවීමට තැත්කළේය. ඒ පිළිබඳව සූත්‍ර පාඨයෙහි මෙසේ සඳහන් වේ:

“අථ ඛො චාලා භික‍්ඛුනී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන අන්‍ධවනං, තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. අන්‍ධවනං අජ‍්ඣොගාහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා යෙන චාලා භික‍්ඛුනී, තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා චාලං භික‍්ඛුනිං එතදවොචා”ති (සං· නි· 1.167).

‘ඉක්බිති චාලා භික්‍ෂුණී තොමෝ පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස සැවතට පිවිසියාය. සැවතෙහි පිඬු පිණිස හැසිර දවල් දානය ලබා පිණ්ඩපාතයෙන් වැළකී දවල් කාලය ගතකරනු පිණිස අන්ධවනයට පිවිසියාය. අන්ධවනයට පිවිසියාවූ ඕතොමෝ එක්තරා ගසක් මුල දුන්නාය.

අන්‍ධවනම‍්හි දිවාවිහාරං නිසින‍්නං මාරො උපසඞ‍්කමිත්‍වා බ්‍රහ‍්මචරියවාසතො විච‍්ඡින්‍දිතුකාමො “කං නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසී”තිආදිං පුච‍්ඡි. අථස‍්ස සත්‍ථු ගුණෙ ධම‍්මස‍්ස ච නිය්‍යානිකභාවං පකාසෙත්‍වා අත‍්තනො කතකිච‍්චභාවවිභාවනෙන තස‍්ස විසයාතික‍්කමං පවෙදෙසි. තං සුත්‍වා මාරො දුක‍්ඛී දුම‍්මනො තත්‍ථෙවන‍්තරධායි. අථ සා අත‍්තනා මාරෙන ච භාසිතා ගාථා උදානවසෙන කථෙන‍්තී –

ඉක්බිති පව්කාර මාරයා චාලා භික්‍ෂුණිය වෙත එළඹ ඇය බ්‍රහ්මචර්‍යවාසයෙන් මගහරවනු කැමැත්තේ ‘කවරෙකු උදෙසා මුඩුකරගත්තෙහිද? ආදිය විචාළේය. ඉක්බිති ඕතොමෝ ඔහුට ශාස්තෲන් වහන්සේගේ ගුණද ධර්‍මයෙහි නෛර්‍යාණික භාවයද ප්‍රකාශකොට කළකිස ඇතිබව වැඩීමෙන් විෂයසුඛය ඉක්මවා සිටින බව පැවසුවාය. එය ඇසූ මාරයා දුක්දොම්නස් වී එතැනම අතුරුදහන්විය. ඉක්බිති ඕතොමෝ තමා හා මාරයා විසින් කියන ලද ගාථා උදාන වශයෙන් ප්‍රකාශ කළාය:

“සතිං උපට‍්ඨපෙත්‍වාන, භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා; පටිවිජ‍්ඣි පදං සන‍්තං, සඞ‍්ඛාරූපසමං සුඛං.

සතිං උපට්ඨපෙත්‍වාන භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා, පටිවිජ්ඣි පදං සන්තං සංඛාරූපසමං සුඛං

“කං නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසි, සමණී විය දිස‍්සති; න ච රොචෙසි පාසණ‍්ඩෙ, කිමිදං චරසි මොමුහා.

කන්නු උද්දිස්ස මුණ්ඩාසි සමණී විය දිස්සසි, නච රොවෙසි පාසණ්ඩෙ කිමිදං චරසි මොමුහා

“ඉතො බහිද‍්ධා පාසණ‍්ඩා, දිට‍්ඨියො උපනිස‍්සිතා; න තෙ ධම‍්මං විජානන‍්ති, න තෙ ධම‍්මස‍්ස කොවිදා.

ඉතො බහිද්ධා පාසණ්ඩා දිට්ඨියො උපනිස්සිතා, න තෙ ධම්මං විජානන්ති න තෙ ධම්මස්ස කොවිදා

“අත්‍ථි සක්‍යකුලෙ ජාතො, බුද‍්ධො අප‍්පටිපුග‍්ගලො; සො මෙ ධම‍්මමදෙසෙසි, දිට‍්ඨීනං සමතික‍්කමං.

අත්‍ථි සක්‍යකුලෙ ජාතො බුද්දො අප්පටිපුග්ගලො, සො මෙ ධම්මමදෙසෙසි දිට්ඨිනං සමතික්කමං

“දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං, දුක‍්ඛස‍්ස ච අතික‍්කමං; අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, දුක‍්ඛූපසමගාමිනං.

දුක්‍ඛං දුක්‍ඛසමුප්පාදං දුක්‍ඛස්ස ච අතික්කමං, අරියං චට්ඨංගිකං මග්ගං දුක්‍ඛුපසමගාමිනං

“තස‍්සාහං වචනං සුත්‍වා, විහරිං සාසනෙ රතා; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

තස්සා හං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං

“සබ‍්බත්‍ථ විහතා නන්‍දී, තමොක‍්ඛන්‍ධො පදාලිතො; එවං ජානාහි පාපිම, නිහතො ත්‍වමසි අන‍්තකා”ති. –

සබ්බත්‍ථ විහතා නන්‍දී තමොක්‍ඛන්‍ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකාති.

ඉමා ගාථා අභාසි.

වැඩු ඉඳුරන් ඇති භික්‍ෂුණිය සිහි එළවාගෙන සංස්කාරයන් සිද මීමෙන් ලැබෙන සුවය සංඛ්‍යාත ශාන් තපදය අවබෝධකර ගත්තාය.

මුඩුකරගෙන සිටින්නී කවරෙකු උදෙසාද? ඔබ මෙහෙණක ලෙස පෙනෙයි. පාසණ්ඩයන් කෙරෙහි නොඇලෙහි, මුළාවී මෙසේ හැසිරෙන්නේ ඇයි?

දෘෂ්ටීන් ඇසුරු කරන්නාවූ තීර්ථකයෝ මේ සසුනෙන් බැහැරය. ඔවුහු දහම් නොදනිති. ඔවුහු ධර්‍මයෙහි දක්‍ෂයෝ නොවෙති.

ශාක්‍ය කුලයෙහි උපන් අප්‍රතිපුද්ගල වූ බුදුන්වහන්සේ වෙසෙති. උන්වහන්සේ මට දෘෂ්ටීන් පහකරවන්නාවූ ධර්‍මය දේශනා කළ සේක.

දුක, දුක හටගැන්ම, දුක ඉක්මවීම, දුක් නැතිකිරීමට වහල්වන අරිඅටඟිමග දෙසූ සේක.

උන්වහන්සේගේ වචනය ඇසූ මම සසුනෙහි නිරතව විසීමි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.

හැම තැන්හිම පවත්නා ඇලීම ඇසීමි. අඳුර බිඳලීමි, පව්කාරය, එය මෙසේ දනුව. අන්තකය ඔබ විනාශ වූයෙහිය.

තත්‍ථ සතිං උපට‍්ඨපෙත්‍වානාති සතිපට‍්ඨානභාවනාවසෙන කායාදීසු අසුභදුක‍්ඛානිච‍්චානත‍්තවසෙන සතිං සුට‍්ඨු උපට‍්ඨිතං කත්‍වා. භික‍්ඛුනීති අත‍්තානං සන්‍ධාය වදති. භාවිතින්‍ද්‍රියාති අරියමග‍්ගභාවනාය භාවිතසද‍්ධාදිපඤ‍්චින්‍ද්‍රියා. පටිවිජ‍්ඣි පදං සන‍්තන‍්ති සන‍්තං පදං නිබ‍්බානං සච‍්ඡිකිරියාපටිවෙධෙන පටිවිජ‍්ඣි සච‍්ඡාකාසි. සඞ‍්ඛාරූපසමන‍්ති සබ‍්බසඞ‍්ඛාරානං උපසමහෙතුභූතං. සුඛන‍්ති අච‍්චන‍්තසුඛං.

එහි සතිං උපට්ඨපෙත්‍වාන - සතිපට්ඨාන භාවනා වශයෙන් ශරීරාදියෙහි අසුභ දුක්‍ඛ අනිත්‍ය අනාත්ම වශයෙන් මැනැවින් සිත පිහිටුවා, භික්‍ඛුනී - තමා සඳහා කියයි, භාවිතින්‍ද්‍රියා ආර්‍යමාර්ගය වැඩීමේ හේතුවෙන් වැඩුණු ශ්‍රද්ධා ආදී පසිඳුරන් ඇති, පටිවිජ්ඣි පදං සන්තං - ශාන්ත පදය වූ නිර්වාණය ක්‍ෂාක්‍ෂාත් කිරීමෙන්, අවබෝධ කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ කළාය. සංඛාරූපසමං - සියලු සංස්කාරයන්ගේ සමනයට හේතුවූ, සුඛං - අතිමහත් සුවයෙන් යුත්,

“කං නු උද‍්දිස‍්සා”ති ගාථා මාරෙන වුත‍්තා. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – ඉමස‍්මිං ලොකෙ බහූ සමයා තෙසඤ‍්ච දෙසෙතාරො බහූ එව තිත්‍ථකරා, තෙසු කං නු ඛො ත්‍වං උද‍්දිස‍්ස මුණ‍්ඩාසි මුණ‍්ඩිතකෙසා අසි. න කෙවලං මුණ‍්ඩාව, අථ ඛො කාසාවධාරණෙන ච සමණී විය දිස‍්සති. න ච රොචෙසි පාසණ‍්ඩෙති තාපසපරිබ‍්බාජකාදීනං ආදාසභූතෙ පාසණ‍්ඩෙ තෙ තෙ සමයන‍්තරෙ නෙව රොචෙසි. කිමිදං චරසි මොමුහාති කිං නාමිදං, යං පාසණ‍්ඩවිහිතං උජුං නිබ‍්බානමග‍්ගං පහාය අජ‍්ජ කාලිකං කුමග‍්ගං පටිපජ‍්ජන‍්තී අතිවිය මූළ‍්හා චරසි පරිබ‍්භමසීති.

කන්නු උද්දිස්ස - මෙය මාරයා විසින් කියන ලද්දය. එහි අදහස සැකෙවින් මෙසේය: මේ ලෝකයෙහි බොහෝ ආගම් ඇත, ඒ ආගම්වල ශාස්තෲවරු ද බොහෝය. ඔවුහු තීර්ථකයෝය. ඔවුන්ගෙන් කවරෙකු උදෙසා මුණ්ඩාසී - හිසකෙස් බහාලීද? හුදෙක් මුඩු හිසින් පමණක් නොව හන් කහවතිනුදු මෙහෙණක මෙන් පෙනෙන්නෙහිය. න ච රොචෙසි පාසණ්ඩෙ : තවුස්පිරිවැජියන් ආදින්ට කැටපතක් වූ පාසණ්ඩයන්ට අයත් ඒ සමයයන් ඔබට නොරිසියෙහිද? කිමිදං චරසි මොමුහා - යම් පාසණ්ඩයෙකු විසින් පෙන්වා දී තිබෙන සෘජු නිර්‍වාණ මාර්‍ගය අත්හැර අද කාලයට අයත් වැරදි මගක යන්නී බොහෝසෙයින් මුළාවී බමන්නෙහිය.

තං සුත්‍වා ථෙරී පටිවචනදානමුඛෙන තං තජ‍්ජෙන‍්තී “ඉතො බහිද‍්ධා”තිආදිමාහ. තත්‍ථ ඉතො බහිද‍්ධා පාසණ‍්ඩා නාම ඉතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනතො බහිද‍්ධා කුටීසකබහුකාරාදිකා. තෙ හි සත‍්තානං තණ‍්හාපාසං දිට‍්ඨිපාසඤ‍්ච ඩෙන‍්ති ඔඩ‍්ඩෙන‍්තීති පාසණ‍්ඩාති වුච‍්චති. තෙනාහ – “දිට‍්ඨියො උපනිස‍්සිතා”ති සස‍්සතදිට‍්ඨිගතානි උපෙච‍්ච නිස‍්සිතා, දිට‍්ඨිගතානි ආදියිංසූති අත්‍ථො. යදග‍්ගෙන ච දිට‍්ඨිසන‍්නිස‍්සිතා, තදග‍්ගෙන පාසණ‍්ඩසන‍්නිස‍්සිතා. න තෙ ධම‍්මං විජානන‍්තීති යෙ පාසණ‍්ඩිනො සස‍්සතදිට‍්ඨිගතසන‍්නිස‍්සිතා “අයං පවත‍්ති එවං පවත‍්තතී”ති පවත‍්තිධම‍්මම‍්පි යථාභූතං න විජානන‍්ති. න තෙ ධම‍්මස‍්ස කොවිදාති “අයං නිවත‍්ති එවං නිවත‍්තතී”ති නිවත‍්තිධම‍්මස‍්සාපි අකුසලා, පවත‍්තිධම‍්මමග‍්ගෙපි හි තෙ සංමූළ‍්හා, කිමඞ‍්ගං පන නිවත‍්තිධම‍්මෙති.

ඒ අසා තෙරණියෝ පිළිතුරුදීම් වශයෙන් ඔහුට තර්ජනය කරන්නාහු ඉතො බහිද්ධා ආදිය කීහ. එහි මෙයින් බාහිර වූ පාසණ්ඩයෝ නම් බුදුන්වහන්සේගේ සසුනෙන් බැහැරවූ කුටීසක බහුකාරාදී වූ තීර්ථකයෝය. ඔවුහු සතුන් අල්වාගැනීම පිණිස තෘෂ්ණා නමැති උගුල්ද දෘෂ්ටි නමැති උගුල් ද අටවති. එහෙයින් ඔවුහු පාසණ්ඩ නම් වෙති. එහෙයින් දිට්ඨියො උපනිස්සිතා යනුවෙන් කීහ. ශාස්වත දෘෂ්ටි ආදිය ඇසුරු කරන යන තේරුමය. දෘෂ්ටිවලට බැසගත්හ යනුවෙන් තේරුම් ගත යුතුය. යම් දෘෂ්ටියක් අග්‍ර වශයෙන් සලකා එය ඇසුරු කරත්ද එහෙයින් පාසණ්ඩයන් ඇසුරු කරන්නාවූ, මේ පැවැත්ම එසේ පවතීයයි ප්‍රවෘත්ති ධර්‍මය පවා නොදනිති. න තෙ ධම්මස්ස කොවිදා, මේ නැවතීම එසේ නවතීයයි නිවෘත්ති ධර්‍මය පවා නොදන්නාවූ, ප්‍රවෘත්ති ධර්‍මයෙහි පවා මුළා වූ ඔවුහු නිවෘත්ති ධර්‍මය ගැන කියනුම කවරේද?

එවං පාසණ‍්ඩවාදානං අනිය්‍යානිකතං දස‍්සෙත්‍වා ඉදානි කං නු උද‍්දිස‍්ස මුණ‍්ඩාසීති පඤ‍්හං විස‍්සජ‍්ජෙතුං “අත්‍ථි සක්‍යකුලෙ ජාතො”තිආදි වුත‍්තං. තත්‍ථ දිට‍්ඨීනං සමතික‍්කමන‍්ති සබ‍්බාසං දිට‍්ඨීනං සමතික‍්කමනුපායං දිට‍්ඨිජාලවිනිවෙඨනං. සෙසං වුත‍්තනයමෙව.

මෙසේ පාසණ්ඩයන්ගේ නිවණට නොපමුණුවන්නා වූ ඉගැන්වීම් පෙන්වා දුන් ‘කවරෙකු උදෙසා හිස මුඩුකර ගත්තේද’ යන ප්‍රශ්නය විසඳීමට අත්‍ථි සක්‍යකුලෙ ජාතො යනාදිය කීහ. එහි දිට්ඨිනං සමතික්කම්ම යනු සකල දෘෂ්ටීන් ඉක්මවා යන උපාය දෘෂ්ටිජාලය ලිහා දැමීමය. සෙස්ස යට කියනලද පරිදිමය.

චාලාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

චාලා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.