උත්තරාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
උත්තරාථෙරීගාථාවණ්ණනා
උත්තරා ථේරීගාථා වර්ණනාව
සත්තකනිපාතෙ මුසලානි ගහෙත්වානාති උත්තරාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී, අනුක්කමෙන සම්භාවිතකුසලමූලා සමුපචිතවිමොක්ඛසම්භාරා පරිපක්කවිමුත්තිපරිපාචනීයධම්මා හුත්වා, ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්මිං කුලගෙහෙ නිබ්බත්තිත්වා උත්තරාති ලද්ධනාමා අනුක්කමෙන විඤ්ඤුතං පත්වා පටාචාරාය ථෙරියා සන්තිකං උපසඞ්කමි. ථෙරී තස්සා ධම්මං කථෙසි. සා ධම්මං සුත්වා සංසාරෙ ජාතසංවෙගා සාසනෙ අභිප්පසන්නා හුත්වා පබ්බජි. පබ්බජිත්වා ච කතපුබ්බකිච්චා පටාචාරාය ථෙරියා සන්තිකෙ විපස්සනං පට්ඨපෙත්වා භාවනමනුයුඤ්ජන්තී උපනිස්සයසම්පන්නතාය ඉන්ද්රියානං පරිපාකං ගතත්තා ච න චිරස්සෙව විපස්සනං උස්සුක්කාපෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
සත්වන නිපාතයෙහි මුසලානි ගහෙත්වාන යන මෙය උත්තරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකායර්ය ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස් කරමින් ක්‍රමයෙන් වඩන ලද කුසල් මුල් ඇතිව එක්තැන් කළ විමුක්ති ධර්මයන්ගෙන් සමන්විතව මේ බුද්ධෝත්පාදයෙහි සැවැත් නුවර එක්තරා කුලගෙයක ඉපිද උත්තරා යන නම් ලබා ක්‍රමයෙන් දැන ඉගෙනගෙන පටාචාරා තෙරණිය වෙත ගියාය. තෙරණිය ඇයට ධර්මය දේශනා කළාය. ඕතොමෝ ඒ බණ අසා සසරෙහි උපන් සංවේගය ඇත්තී සසුනෙහි පැහැදී මහණ වූවාය. ඕතොමෝ පූර්වකෘත්ය නිමකර පටාචාරා තෙරණිය සමීපයෙහි විදසුන් පිහිටුවා භාවනාවෙහි යෙදෙන්නී උපනිශ්‍රය සම්පත් ඇති බැවින් ද ඉඳුරන් මුහුකුරා ගොස් තිබුණු හෙයින්ද නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත පිරික්සා බලමින් මෙසේ උදන් ඇනුවාය:
“මුසලානි ගහෙත්වාන, ධඤ්ඤං කොට්ටෙන්ති මාණවා; පුත්තදාරානි පොසෙන්තා, ධනං වින්දන්ති මාණවා.
මුසලානි ගහෙත්වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා, පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා
“ඝටෙථ බුද්ධසාසනෙ, යං කත්වා නානුතප්පති; ඛිප්පං පාදානි ධොවිත්වා, එකමන්තං නිසීදථ.
ඝටෙථ බුද්ධසාසන යං කත්වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තෙ නිසීදථ
“චිත්තං උපට්ඨපෙත්වාන, එකග්ගං සුසමාහිතං; පච්චවෙක්ඛථ සඞ්ඛාරෙ, පරතො නො ච අත්තතො.
චිත්තං උපට්ඨපෙත්වාන එකග්ගං සුසමාහිතං, පච්චවෙක්ඛථ සංසාරෙ පරතො නො ව අත්තනො
“තස්සාහං වචනං සුත්වා, පටාචාරානුසාසනිං; පාදෙ පක්ඛාලයිත්වාන, එකමන්තෙ උපාවිසිං.
තස්සාහං වචනං සුත්වා පටාචාරානුසාසනිං, පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තෙ උපාවිසිං
“රත්තියා පුරිමෙ යාමෙ, පුබ්බජාතිමනුස්සරිං; රත්තියා මජ්ඣිමෙ යාමෙ, දිබ්බචක්ඛුං විසොධයිං.
රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං, රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛු විසොධයිං
“රත්තියා පච්ඡිමෙ යාමෙ, තමොක්ඛන්ධං පදාලයිං; තෙවිජ්ජා අථ වුට්ඨාසිං, කතා තෙ අනුසාසනී.
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයිං, තෙවිජ්ජා අථ වුට්ඨාසිං කතා තෙ අනුසාසනී
“සක්කංව දෙවා තිදසා, සඞ්ගාමෙ අපරාජිතං; පුරක්ඛත්වා විහස්සාමි, තෙවිජ්ජාම්හි අනාසවා”ති. –
සක්කං ච දෙවාතිදසා සඞ්ගාමෙ අපරාජිතා, පුරක්ඛත්වා විහරාමි තෙවිජ්ජම්හි අනාසවා
ඉමා ගාථා අභාසි.
මිනිස්සු මෝල්ගස් ගෙන ධාන්‍ය කොටත්. අඹුදරුවන් පෝෂණය කරමින් ඔවුහු ධනය උපයාගනිත්.
යමක් කිරීමෙන් තැවීමකට නොපැමිණේද එවැනි වූ බුදුසසුනෙහි යෙදෙව්. වහාම පා දොවා එකත්පසෙක හිඳගන්න.
සිත මනාකොට පිහිටුවා එකඟ කරගෙන සමව පිහිටුවාගෙන තමාගේ ද මෙරමාගේ ද සංස්කාරයන් පිරික්සා බලන්න.
මම ඇයගේ වචනය අසා පටාචාරාවගේ අනුශාසනාව පිළිපදිමින් දෙපා සෝදාගෙන එකත්පසෙක හුන්නෙමි. රෑ පෙරයම පෙර අත්බැව් සිහිකළෙමි. රෑ මැදයම දිවැස පිරිසිදු කළෙමි.
රෑ අලුයම අඳුරුකඳ බිඳලීමි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි, ඔබගේ අනුශාසනාව පිළිපැදීමි.
යුදෙහි පරාජය නොවන ශක්‍රයා පෙරටුකරගෙන සිටින තිදස් වැසි දෙවිවරු යම්සේද එසේම මමද ආශ්‍රවයන් නසා ත්‍රිවිද්‍යාව ලබා (බුදුන්) පෙරටු කරගෙන වෙසෙමි.
තත්ථ චිත්තං උපට්ඨපෙත්වානාති භාවනාචිත්තං කම්මට්ඨානෙ උපට්ඨපෙත්වා. කථං? එකග්ගං සුසමාහිතං පච්චවෙක්ඛථාති පටිපත්තිං අවෙක්ඛථ, සඞ්ඛාරෙ අනිච්චාතිපි, දුක්ඛාතිපි, අනත්තාතිපි ලක්ඛණත්තයං විපස්සථාති අත්ථො. ඉදඤ්ච ඔවාදකාලෙ අත්තනො අඤ්ඤෙසඤ්ච භික්ඛුනීනං ථෙරියාදීනං ඔවාදස්ස අනුවාදවසෙන වුත්තං. පටාචාරානුසාසනින්ති පටාචාරාය ථෙරියා අනුසිට්ඨිං. “පටාචාරාය සාසන”න්තිපි වා පාඨො.
එහි චිත්තං උපට්ඨපෙත්වාන - බවුන් සිත කමටහනෙහි පිහිටුවා, කෙසේද? එක්තැන් කරගෙන, එකඟකර, පච්චවෙක්ඛථ - පිළිවෙළින් බලව, සංස්කාරයන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යන ලක්ෂණත්රය බලව යන තේරුමය. මෙයද අවවාද දෙන අවස්ථාවෙහි තමාගේ හා අනෙක් භික්ෂුණීන්ගේ ද අවවාදයෙහි අනුවාද වශයෙන් කියන ලදී. පටාචාරානුසාසනිං - පටාචාරා තෙරණියන්ගේ අවවාදය පිළිපැදීමි. ‘පටාචාරාවගේ සාසනය’ යනුවෙන් පාඨයකි.
අථ වුට්ඨාසින්ති තෙවිජ්ජාභාවප්පත්තිතො පච්ඡා ආසනතො වුට්ඨාසිං. අයම්පි ථෙරී එකදිවසං පටාචාරාය ථෙරියා සන්තිකෙ කම්මට්ඨානං සොධෙත්වා අත්තනො වසනට්ඨානං පවිසිත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසීදි. “න තාවිමං පල්ලඞ්කං භින්දිස්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතී”ති නිච්ඡයං කත්වා සම්මසනං ආරභිත්වා, අනුක්කමෙන විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා අභිඤ්ඤාපටිසම්භිදාපරිවාරං අරහත්තං පත්වා එකූනවීසතියා පච්චවෙක්ඛණාඤාණාය පවත්තාය “ඉදානිම්හි කතකිච්චා”ති සොමනස්සජාතා ඉමා ගාථා උදානෙත්වා පාදෙ පසාරෙසි අරුණුග්ගමනවෙලායං. තතො සම්මදෙව විභාතාය රත්තියා ථෙරියා සන්තිකං උපගන්ත්වා ඉමා ගාථා පච්චුදාහාසි. තෙන වුත්තං “කතා තෙ අනුසාසනී”තිආදි. සෙසං සබ්බං හෙට්ඨා වුත්තනයමෙව.
අථ වුට්ඨාසිං - ත්‍රිවිද්‍යාව ලබාගැනීමෙන් පසුව ආසනයෙන් නැගී සිටියෙමි. මේ ස්ථවිරීතොමෝ ද එක්දවසක් පටාචාරා තෙරණිය වෙතින් කමටහන් ගෙන තමා වෙසෙන තැනට ගොස් පලක් බැඳ දුන්නාය. යම්තාක් මම උපාදානයෙන් තොරව ආශ්රවයන්ගෙන් මගේ සිත නොමිදෙන්නේ ද ඒ තාක් කල් මේ අසුනෙන් නොනැගිටිමි යනුවෙන් නිශ්චයකර භාවනාව වඩා ක්‍රමයෙන් විදසුන් දැඩිකොටගෙන මගපිළිවෙළින් අභිඥාව හා පිළිසිඹියාවෙන් සමන්විත රහත්බවට පැමිණ එකුත් විස්සක් ප්රත්යවේක්ෂණයන් කොට නිමවා දැන් පෙර කිස නිමකරන ලදැයි හටගත් සොම්නසින් උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශකර හිරු උදාවන කල්හි දෙපා දිගු කළාය. එකෙණෙහිම රැය පහන්වනවාත් සමගම තෙරණිය සමීපයට ගොස් මේ ගාථා නැවත ප්‍රකාශ කළාය. එහෙයින් ‘ඔබගේ අනුශාසනාව ඉටුකළෙමි’ යනුවෙන් කියන ලදී. සෙස්ස යට කියනලද පරිදිමය.
උත්තරාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
උත්තරා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.