යෙදුමෙන් කියවන්න

උත‍්තරාථෙරීගාථා

7. 1.

7. 1.

175. මුසලානි ගහෙත්‍වාන ධඤ‍්ඤං කොට‍්ටෙන‍්ති මානවා, පුත‍්තදාරානි පොසෙන‍්තා ධනං වින්‍දන‍්ති මානවා.

175. මනුෂ්‍යයෝ මොහොල් ගෙන ධාන්‍ය කොටති. මනුෂ්‍යයෝ අඹුදරුවන් පුස්නාහු ධනය ලබත්.

176. ඝටෙථ බුද‍්ධසාසනෙ යං කත්‍වා නානුතප‍්පති, ඛිප‍්පං පාදානි ධොවිත්‍වා එකමන‍්තං නිසීදථ.

176. යම් අනුශාසනාවක් කොට පසුව නො තැවේ ද ඒ බුද්ධානුශාසනාවෙහි ව්‍යායාම කරව. වහා දෙපා දොවා එකත්පසෙක හිඳගනුව.

177. චිත‍්තං උපට‍්ඨපෙත්‍වාන එකග‍්ගං සුසමාහිතං, පච‍්චවෙක‍්ඛථ සඞ‍්ඛාරෙ පරතො නො ච අත‍්තතො.

177. සිත එකඟ කොට සුසමාහිත කොට එළවාගෙන සංස්කාරයන් අනාත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරව, ආත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කරව.

178. තස‍්සාහං වචානං සුත්‍වා පටාචාරානුසාසනිං, පාදෙ පක‍්ඛාලයිත්‍වාන එකමන‍්තෙ උපාවිසිං.

178. මම ඇයගේ මේ පටාචාරානුශාසනා වචනය අසා දෙපා දෙව එකත්පසෙක හිඳගතුමු.

179. රත‍්තියා පුරිමෙ යාමෙ පුබ‍්බජාතිමනුස‍්සරිං. රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධයිං.

179. රැය පෙර යමැ පූර්‍වනිවාසය සිහි කළමු. රැය මැදුම් යමැ දිවැස ශුද්ධ කළමු.

180. රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ තමොක‍්ඛන්‍ධං පදාලයිං, තෙවිජ‍්ජා අථ වුට‍්ඨාසිං කතා තෙ අනුසාසනී

180. රැය පැසුළුයමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු. ඉක්බිති ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ නැඟී සිටියමු. තොපගේ අනුසසුන් කළමු.

181. සක‍්කංව දෙවා තිදසා සඞ‍්ගාමෙ අපරාජිතා, පුරක‍්ඛත්‍වා විහරාමි තෙවිජ‍්ජම‍්හි අනාසවාති.

181. ත්‍රිදශදෙවියන් සඞ්ග්‍රාමයෙහි ලා දිනූ ශක්‍රයා වට කොට සිටුනාක් සෙයින් පෙරටු කොට ගෙන වාස කරමි. ආස්‍රව රහිත වැ ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ වාස කරමි.

ඉත්‍ථං සුදං උත‍්තරා ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථා කිවු යැ.

උත‍්තරාථෙරීගාථා.

උත්තරා ථේරීගාථා යි.