යෙදුමෙන් කියවන්න

විජයාථෙරිගාථා

6. 8.

6. 8.

169. චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං විහාරා උපනික‍්ඛමිං අලද‍්ධා චෙතසො සන‍්තිං චිත‍්තෙ අවසවත‍්තිනී.

169. චිත්තයෙහි අවශවර්තී වැ චිත්තශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් නික්ම ගියමු.

170. භික‍්ඛුනිං උපසඞ‍්කම‍්ම සක‍්කච‍්චං පරිපුච‍්ඡහං, සා මෙ ධම‍්මමදෙසෙසි ධාතු ආයතනානි ච.

170-171. ඛේමා මෙහෙණ කරා එළඹ මම සකසා පරිපෘච්ඡා කළමු. මට නිර්‍වාණප්‍රාප්තිය සඳහා ධාතු ආයතනයෝ යැ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ යැ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ ශ්‍රද්ධාදි බලයෝ යැ බෝධ්‍යඞ්ග හා අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන දහම් දෙසූ.

171. චත‍්තාරි අරියසච‍්චානි ඉන්‍ද්‍රියානි බලානි ච බොජ‍්ඣඞ‍්ගට‍්ඨඞ‍්ගිකං මග‍්ගං උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.

172. තස‍්සාහං වචනං සුත්‍වා කරොන‍්තී අනුසාසනිං, රත‍්තියා පුරිමෙ යාමෙ පුබ‍්බජාතිමනුස‍්සරිං.

172. මම ඇයගේ බස් අසා අනුසසුන් කරමින් රැය පළමු යමැ පූර්‍වනිවාසානුගත ඥානය සිහි කළමු.

173. රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධයිං, රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ තමොක‍්ඛන්‍ධං පදාලයිං.

173. රැය මැදුම් යමැ දිවැස් ශුද්ධ කළමු. රැය පැසිම් යමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු.

174. පීතිසුඛෙන ච කායං ඵරිත්‍වා විහරිං තදා, සත‍්තමියා පාදෙ පසාරෙසිං තමොක‍්ඛන්‍ධං පදාලියාති.

174. එකලැ ප්‍රීතිසුඛයෙන් නාම කය ස්පර්‍ශ කොට ගෙන වාස කළමු. සත්වන දින මෝහස්කන්‍ධය බිඳපියා පාදප්‍රසාරණ ද කළමු.

ඉත්‍ථං සුදං විජයා ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් විජයා මෙහෙණ ගාථා කිවු යැ.

විජයාථෙරිගාථා.

විජයා ථේරීගාථා යි.

ඡක‍්කනිපාතො නිට‍්ඨිතො.

ඡක්කනිපාතය නිමි.