ගුත‍්තාථෙරීගාථා
6. 7.
6. 7.
163. ගුත‍්තෙ යදත්‍ථං පබ‍්බජ‍්ජා හිත්‍වා පුත‍්තං පසුං පියං තමෙව අනුබ්‍රූහෙහි මා චිත‍්තස‍්ස වසං ගමී.
163. ගුත්තාවෙනි, ප්‍රිය වූ පුතු ද වස්තුව ද හැරපියා යම් ක්ලේශපරිනිර්‍වාණ ස්කන්‍ධ පරිනිර්‍වාණයක් සඳහා බ්‍රම්සරවස් කැමතිවන ලද ද එය මැ පුනපුනා වඩව, චිත්තවශයට නහමක් යා.
164. චිත‍්තෙන චඤ‍්චිතා සත‍්තා මාරස‍්ස විසයෙ රතා අනෙකජාතිසංසාරං සන්‍ධාවන‍්ති අවිද‍්දසූ.
164. චිත්තයා විසින් නුළු කරනලද අවිද්වත් සත්ත්‍වයෝ මාරයාගේ විෂයෙහි ඇලුණාහු නොයෙක් ජාතිසංසාරයෙහි දිවෙති.
165. කාමච‍්ඡන්‍දඤ‍්ච ව්‍යාපාදං සක‍්කායදිට‍්ඨිමෙව ච සීලබ‍්බතපරාමාසං විචිකිච‍්ඡඤ‍්ච පඤ‍්චමං.
165. කාමච්ඡන්‍දය ව්‍යාපාදය සත්කායදෘෂ්ටිය ශීලව්‍රතපරාමර්‍ශය පස්වැනි විචිකිත්සා යි.
166. සඤ‍්ඤොජනානි එතානි පජහිත්‍වාන භික‍්ඛුනී, ඔරමාගමනීයානි නයිදං පුනරෙහිසි.
166. කාමධාතුවට පමුණුවන්නට නිසි තෙල සංයෝජනයන් අනගැමි මඟින් හැරපියා මෙහෙණ නැවත මේ භවයට නො ඒ.
167. රාගං මානං අවිජ‍්ජඤ‍්ච උද‍්ධච‍්චඤ‍්ච විවජ‍්ජිය, සඤ‍්ඤොජනානි ඡෙත්‍වාන දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සසි.
167. රූපාරූපරාග ද මානය ද අවිද්‍යා ද ඖද්ධත්‍යය ද හැර පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයනුදු සිඳ දුක් කෙළවර කරව.
168. ඛෙපෙත්‍වා ජාතිසංසාරං පරිඤ‍්ඤාය පුනබ‍්භවං දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතා උපසන‍්තා චරිස‍්සසීති.
168. ජාතිසංසාරය ක්‍ෂය කොට පුනර්‍භවය පිරිසිඳ ගෙන ඉහාත්මයෙහි ම නිස්තෘෂ්ණ වැ උපශාන්ත වැ ඉරියව් පවත්ව.
ඉත්‍ථං සුදං ගුත‍්තා ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් ගුත්තා මෙහෙණ ගාථා කිවු යැ.