යෙදුමෙන් කියවන්න

මහාපජාපතීගොතමීථෙරීගාථා

6. 6.

6. 6.

157. බුද‍්ධවීර නමොත්‍යත්‍ථු සබ‍්බසත‍්තානමුත‍්තම යො මං දුක‍්ඛා පමොචෙසි අඤ‍්ඤඤ‍්ච බහුකං ජනං

157. යමෙක් සසරදුකින් මා හා අන්‍ය බොහෝ ජනයාත් මුදාලී ද සර්‍ව සත්‍වෝත්තම වූ බුද්ධවීරයන් වහන්ස, ඒ තොප වහන්සේට නමස්කාර වේවා!

158. සබ‍්බදුක‍්ඛං පරිඤ‍්ඤාතං හෙතුතණ‍්හා විසොසිතා භාවිතො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො නිරොධෙ ඵුසිතො මයා

158. මා විසින් හැම දුක් සර්‍වාකාරයෙන් දන්නා ලද, හේතු තෘෂ්ණාව නස්නා ලදු, අරිඅටඟිමඟ ද නිරෝධය ද ඥානස්පර්‍ශයෙන් පහස්නා ලදි.

159. මාතා පුත‍්තො පිතා භාතා අය්‍යකා ච පුරෙ අහුං යථාභුච‍්චං අජානන‍්තී සංසරීහං අනිබ‍්බිසං.

159. මම (ප්‍රවෘත්ති හේතු ආදි) යථාභූතාර්‍ත්‍ථය නො දන්මින් සසරමුහුදෙහි පිහිටක් නො ලබමින් අපරාපරොත්පත්ති විසින් සැරිසැරීමි. අතීතයෙහි වරෙක මවු වූමු, වරෙක පුත් වූමු, වරෙක පිය වූමු වරෙක සොහොයුරු වූමු, වරෙක මුත්නු වූමු.

160. දිට‍්ඨො හි මෙ සො භගවා අන‍්තිමො’යං සමුස‍්සයො වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො.

160. මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ නුවණැසින් දක්නා ලදහ. මේ අන්තිම දේහය වෙයි. ජාති සංසාරය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැත.

161. ආරද‍්ධවිරියෙ පහිතත‍්තෙ නිච‍්චං දළ‍්හපරක‍්කමෙ සමග‍්ගෙ සාවකෙ පස‍්සෙ එසා බුද‍්ධාන වන්‍දනා.

161. රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දෘඪ පරාක්‍රම ඇති ශීලාදීන් සමග ව සිටි සව්වන් දකුමු. තෙල වන්‍දනා ඒ බුදුනට වෙයි.

162. බහුන‍්නං වත අත්‍ථාය මායා ජනයි ගොතමං ව්‍යාධිමරණතුන‍්නානං දුක‍්ඛක‍්ඛන්‍ධ ව්‍යපානුදී’ති

162. මහාමායා තොමෝ බොහෝ දෙනාට වැඩ පිණිස මැ ගොයුම්ගොත් බුදුන් ප්‍රසව කළා (එසේ මැ යැ) ව්‍යාධි මරණ දෙකින් පෙළෙනුවන්ගේ දුඃඛරාශිය බැහැර කළේ යි.

ඉත්‍ථං සුදං මහාපජාපතිගොතමි ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් මහාප්‍රජාපතී ගෝතමී මෙහෙණ ගාථා කිවු ය.

මහාපජාපතීගොතමීථෙරීගාථා.

මහාප්‍රජාපතී ගෝතමී ථේරීගාථා යි.