යෙදුමෙන් කියවන්න

මහාපජාපතීගොතමීථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාපජාපතීගොතමීථෙරීගාථාවණ‍්ණනා

මහාප්‍රජාපතී ගෝතමී ථේරීගාථා වර්ණනාව

බුද‍්ධ වීර නමො ත්‍යත්‍ථූතිආදිකා මහාපජාපතිගොතමියා ගාථා. අයම‍්පි කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං රත‍්තඤ‍්ඤූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා, අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා යාවජීවං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා, කස‍්සපස‍්ස ච භගවතො අන‍්තරෙ අම‍්හාකඤ‍්ච භගවතො බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ බාරාණසියං පඤ‍්චන‍්නං දාසිසතානං ජෙට‍්ඨිකා හුත්‍වා නිබ‍්බත‍්ති. අථ සා වස‍්සූපනායිකසමයෙ පඤ‍්ච පච‍්චෙකබුද‍්ධෙ නන්‍දමූලකපබ‍්භාරතො ඉසිපතනෙ ඔතරිත්‍වා, නගරෙ පිණ‍්ඩාය චරිත්‍වා ඉසිපතනමෙව ගන‍්ත්‍වා, වස‍්සූපනායිකසමයෙ කුටියා අත්‍ථාය හත්‍ථකම‍්මං පරියෙසන‍්තෙ දිස‍්වා, තා දාසියො තාසං අත‍්තනො ච සාමිකෙ සමාදපෙත්‍වා චඞ‍්කමාදිපරිවාරසම‍්පන‍්නා පඤ‍්ච කුටියො කාරෙත්‍වා, මඤ‍්චපීඨපානීයපරිභොජනීයභාජනාදීනි උපට‍්ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ තෙමාසං තත්‍ථෙව වසනත්‍ථාය පටිඤ‍්ඤං කාරෙත්‍වා වාරභික‍්ඛං පට‍්ඨපෙසුං. යා අත‍්තනො වාරදිවසෙ භික‍්ඛං දාතුං න සක‍්කොති, තස‍්සා සයං සකගෙහතො නීහරිත්‍වා දෙති. එවං තෙමාසං පටිජග‍්ගිත්‍වා පවාරණාය සම‍්පත‍්තාය එකෙකං දාසිං එකෙකං සාටකං විස‍්සජ‍්ජාපෙසි. පඤ‍්චථූලසාටකසතානි අහෙසුං. තානි පරිවත‍්තාපෙත්‍වා පඤ‍්චන‍්නං පච‍්චෙකබුද‍්ධානං තිචීවරානි කත්‍වා අදාසි. පච‍්චෙකබුද‍්ධා තාසං පස‍්සන‍්තීනංයෙව ආකාසෙන ගන්‍ධමාදනපබ‍්බතං අගමංසු.

බුද්ධවීර නමොත්‍යත්‍ථු යන මෙය මහාප්‍රජාපතී ගෞතමියගේ ගාථාවය. මෝතොමෝ වනාහි පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැන ඉගෙනගත් පසු බුදුන්ගෙන් බණ අසන විටක බුදුන්වහන්සේ එක්තරා භික්‍ෂුණියක් චිරකාලඥ භික්‍ෂුණීන් අතරෙන් අගතනතුරෙහි තබනු දැක අධිකාරය පිහිටුවා කප්සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කස්සප බුදුන්ගේ හා අප බුදුන්ගේ අතර කාලයෙහි බුද්ධශුන්‍ය ලෝකයෙහි බරණැස් නුවර පන්සියයක් දාසීන් අතරෙන් ජ්‍යෙෂ්ඨ දාසිය වී උපන්නාය. ඉක්බිති ඕතොමෝ, වස්වසන සමයෙහි පන්සියයක් පසේබුදුවරුන් නන්දමූලක කඳුබෑවුමෙන් ඉසිපතනයට බැස නගරයෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඉසිපතනයටම ගොස් වැසි සමයෙහි විසීමට කුටියක් සාදාගනු පිණිස අත්වැඩකරුවන් සොයන උන්වහන්සේලා දුටු ඒ දාසීහු තම තමන්ගේ සැමියන්ද සමාදන් කරවාගෙන සක්මන්මලු ආදියෙන් අංග සම්පූර්‍ණ වූ කුටිපහක් කරවා ඇඳපුටු හා පැන් බොන දන් වළඳන බදුන් තබා ඒ තුන්මස එහිම වසන ලෙස පසේබුදුවරුන් පිළින කරවා දොරදන් තැබූහ. යම් තැනැත්තියකට තමාගේ වාරය පැමිණි කල්හි දන් තැබීමට නොහැකි වේද, ඕතොමෝ තම ගෙයින්ම දන් ගෙනවුත් දෙයි. මෙසේ ඒ තෙමස බුදුවරුන් පිළිදැඟුම්කර පවාරණ දිනය පැමිණි කල්හි එක එක දාසිය එක එක සළුව බැගින් සළු පන්සියයක් පිළියෙල කළහ. ඒවා නැවත වෙනස්කර පන්සියයක් පසේබුදුවරුන්ට තුන්සිවුර බැගින් නිමවා පූජාකළහ. පසේබුදුවරයෝ ඔවුන් බලා සිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට ගියහ.

තාපි සබ‍්බා යාවජීවං කුසලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. තාසං ජෙට‍්ඨිකා තතො චවිත්‍වා බාරාණසියා අවිදූරෙ පෙසකාරගාමෙ පෙසකාරජෙට‍්ඨකස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා, පදුමවතියා පුත‍්තෙ පඤ‍්චසතෙ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා සම‍්පියායමානා සබ‍්බෙ වන්‍දිත්‍වා භික‍්ඛං අදාසි. තෙ භත‍්තකිච‍්චං කත්‍වා ගන්‍ධමාදනමෙව අගමංසු. සාපි යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව දෙවදහනගරෙ මහාසුප‍්පබුද‍්ධස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, ගොතමීතිස‍්සා ගොත‍්තාගතමෙව නාමං අහොසි; මහාමායාය කනිට‍්ඨභගිනී. ලක‍්ඛණපාඨකාපි “ඉමාසං ද‍්වින‍්නම‍්පි කුච‍්ඡියං වසිතා දාරකා චක‍්කවත‍්තිනො භවිස‍්සන‍්තී”ති බ්‍යාකරිංසු. සුද‍්ධොදනමහාරාජා වයප‍්පත‍්තකාලෙ ද‍්වෙපි මඞ‍්ගලං කත්‍වා අත‍්තනො ඝරං අභිනෙසි.

ඔවුහු සියල්ලෝම දිවි තෙක් පින්කම්කර දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් වැඩිමහලු තැනැත්තී එයින් චුතව ගොස් බරණැස් නුවර සමීපයෙහි පෙහෙකාර ගමක දෙටුපෙහෙරගේ ගෙදර උපත ලැබුවාය. වැඩි වයසට පැමිණි කල්හි ඕතොමෝ පදුමවතීගේ පුතුන්වන පසේ බුදුවරුන් පන්සියය දැක බෙහෙවින් සතුටුවී සියලු වහන්දෑට වැඳ දානය පූජාකළාය. උන්වහන්සේලා දන් වළඳා ගන්‍ධමාදන පර්‍වතයට වැඩියහ. ඕතොමෝ දිවිතාක් කුසල් කර දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝකයෙහි හැසිරෙන්නී අප බුදුන් ඉපදීමට පෙරම දෙව්දහ නුවර මහාසුප්පබුද්ධගේ නිවෙසෙහි උපත ලැබුවාය. ඕතොමෝ ගෝත්‍රාගත නියමයට අනුව ගෝතමී යන නම ලැබුවාය. ඕ මහාමායා දේවියගේ කනිටු සොහොයුරියයි. ‘මේ දෙදෙනාගේ කුසෙහි විසූ දරුවෝ සක්විති රජවරු වන්නාහ.’ යනුවෙන් ලක්‍ෂණ පාඨකයෝ අනාවැකි පළකළහ. වැඩිවියට පැමිණි කල්හි මංගලෝත්සව පවත්වා සුද්ධෝදන මහරජතුමා කුමරියන් දෙදෙනාම සිය මැදුරට කැඳවාගෙන ආවේය.

අපරභාගෙ අම‍්හාකං සත්‍ථරි උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුපුබ‍්බෙන තත්‍ථ තත්‍ථ වෙනෙය්‍යානං අනුග‍්ගහං කරොන‍්තෙ වෙසාලිං උපනිස‍්සාය කූටාගාරසාලායං විහරන‍්තෙ සුද‍්ධොදනමහාරාජා සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා අරහත‍්තං සච‍්ඡිකත්‍වා පරිනිබ‍්බායි. අථ මහාපජාපතිගොතමී පබ‍්බජිතුකාමා හුත්‍වා සත්‍ථාරං එකවාරං පබ‍්බජ‍්ජං යාචමානා අලභිත්‍වා දුතියවාරං කෙසෙ ඡින්‍දාපෙත්‍වා කාසායානි අච‍්ඡාදෙත්‍වා කලහවිවාදසුත‍්තන‍්තදෙසනාපරියොසානෙ (සු· නි· 868 ආදයො) නික‍්ඛමිත්‍වා පබ‍්බජිතානං පඤ‍්චන‍්නං සක්‍යකුමාරසතානං පාදපරිචාරිකාහි සද‍්ධිං වෙසාලිං ගන‍්ත්‍වා ආනන්‍දත්‍ථෙරං සත්‍ථාරං යාචාපෙත්‍වා අට‍්ඨහි ගරුධම‍්මෙහි (අ· නි· 8.51; චූළව· 403) පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච පටිලභි. ඉතරා පන සබ‍්බාපි එකතොඋපසම‍්පන‍්නා අහෙසුං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙතං වත්‍ථු පාළියං ආගතමෙව.

පසු කලෙක අප බුදුරදුන් ඉපිද දම්සක් පවත්වා ක්‍රමයෙන් ඒ ඒ තන්හි හික්මවිය යුත්තන්ට අනුග්‍රහ කරමින් විසාලා නුවර ඇසුරුකොට කූටාගාර ශාලාවෙහි වෙසෙන කල සුදොවුන් මහරජතෙමේ සේසත යටදීම රහත්බව ලබා පිරිනිවියේය. ඉක්බිති මහාප්‍රජාපතීතොමෝ පැවිදිවනු කැමැතිව බුදුන්වහන්සේට එකවරක් අයැද එය නො ලැබුණෙන් දෙවනවර කෙස් සිඳුවා කහවත් හැඳ කලහවිවාද සුත්‍ර දේශනාව අවසානයෙහි නික්ම ගොස් පැවිදිව සිටි පන්සියයක් ශාක්‍යකුමාරවරුන්ගේ භාර්‍යාවන් සමග විසාලා නුවරට ගොස් අනඳ තෙරුන් ලවා බුදුන්ට ආයාවනා කරවා ගරුධර්‍ම අටක් සමග පැවිද්ද හා උපසම්පදාව ලබාගත්තාය. සෙසු සියල්ලෝද ඒ සමගම උපසපන් වූහ. මෙය මේ කථාවෙහි සාරාංශයයි, විස්තර වනාහී පෙළෙහි සඳහන් පරිදිමය.

එවං උපසම‍්පන‍්නා පන මහාපජාපතිගොතමී සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථස‍්සා සත්‍ථා ධම‍්මං දෙසෙසි. සා සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා භාවනමනුයුඤ‍්ජන‍්තී න චිරස‍්සෙව අභිඤ‍්ඤාපටිසම‍්භිදාපරිවාරං අරහත‍්තං පාපුණි. සෙසා පන පඤ‍්චසතා භික‍්ඛුනියො නන්‍දකොවාදපරියොසානෙ (ම· නි· 3.398 ආදයො) ඡළභිඤ‍්ඤා අහෙසුං. අථෙකදිවසං සත්‍ථා ජෙතවනමහාවිහාරෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො භික‍්ඛුනියො ඨානන‍්තරෙ ඨපෙන‍්තො මහාපජාපතිගොතමිං රත‍්තඤ‍්ඤූනං භික‍්ඛුනීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සා ඵලසුඛෙන නිබ‍්බානසුඛෙන ච වීතිනාමෙන‍්තී කතඤ‍්ඤුතාය ඨත්‍වා එකදිවසං සත්‍ථු ගුණාභිත්‍ථවනපුබ‍්බකඋපකාරකවිභාවනාමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තී –

මෙසේ උපසපන් වූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියාය. ඉක්බිති බුදුහු ඇයට දහම් දෙසූහ. ඕතොමෝ බුදුන්ගෙන් කමටහන් ගෙන භාවනාවෙහි යෙදුණි. නොබෝ කලෙකින්ම අහිඥා හා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. ඉතිරි භික්‍ෂුණීහු පන්සියය නන්දකොවාද සූත්‍ර දේශනාවසානයෙහි සවැරුම් විශේෂ ඥානයෙන් (ඡළභිඤ්ඤා) පරිපූර්‍ණ වූහ. එයින් පසු දිනෙක බුදුහු දෙව්රම් වෙහෙර ආර්‍ය සංඝ සමූහයා මැද වැඩ හුන්නාහු භික්‍ෂුණීන්ට අගතනතුරු දෙන අතර චිරකාලඥ භික්‍ෂුණීන් අතරෙන් ඒ පිළිබඳ අගතනතුර මහාප්‍රජාපතී ගෞතමී තෙරණියට දුන්හ. ඕතොමෝ පලසුවයෙන් හා නිවන්සුවයෙන් කල් යවන්නී කළගුණ දත් බැවින් දිනක් බුදුන්ට ප්‍රශංසා කිරීම මූලික යුතුකමක් වශයෙන් සලකා අනෙකක් ප්‍රකාශ කරන්නී:

“බුද‍්ධවීර නමො ත්‍යත්‍ථු, සබ‍්බසත‍්තානමුත‍්තම; යො මං දුක‍්ඛා පමොචෙසි, අඤ‍්ඤඤ‍්ච බහුකං ජනං.

බුද්ධවීර නමොත්‍යත්‍ථු සබ්බසත්තානමුත්තම, යො මං දුක්‍ඛා පමොචෙසි අඤ්ඤං ච බහුකං ජනං

“සබ‍්බදුක‍්ඛං පරිඤ‍්ඤාතං, හෙතුතණ‍්හා විසොසිතා; භාවිතො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, නිරොධො ඵුසිතො මයා.

සබ්බදුක්‍ඛං පරිඤ්ඤාතං හෙතුතණ්හා විසොසිතා, අරියට්ඨංගිකො මග්ගො නිරොධො ඵුසිතො මයා

“මාතා පුත‍්තො පිතා භාතා, අය්‍යකා ච පුරෙ අහුං; යථාභුච‍්චමජානන‍්තී, සංසරිංහං අනිබ‍්බිසං.

මාතා පුත්තො පිතා භාතා අය්‍යකාච පුරෙ අහුං, යථාභූච්චං අජානන්තී සංසරීහං අනිබ්බිසං

“දිට‍්ඨො හි මෙ සො භගවා, අන‍්තිමොයං සමුස‍්සයො; වික‍්ඛීණො ජාතිසංසාරො, නත්‍ථි දානි පුනබ‍්භවො.

දිට්ඨො හි මෙ සො භගවා අන්තිමොයං සමුස්සයො, වික්‍ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ්භවො

“ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ, නිච‍්චං දළ‍්හපරක‍්කමෙ; සමග‍්ගෙ සාවකෙ පස‍්සෙ, එසා බුද‍්ධාන වන්‍දනා.

ආරද්ධ විරියෙ පහිතක්කෙ නිච්චං දළ්හපරක්කමෙ, සමග්ගෙ සාවකෙ පස්සෙ එසා බුද්ධානවන්‍දනා

“බහූනං වත අත්‍ථාය, මායා ජනයි ගොතමං; බ්‍යාධිමරණතුන‍්නානං, දුක‍්ඛක‍්ඛන්‍ධං බ්‍යපානුදී”ති. – ඉමා ගාථා අභාසි;

බහුන්නං වත අත්‍ථාය මායා ජනයි ගොතමං, ව්‍යාධිමරණතුන්නානං දුක්‍ඛක්‍ඛන්‍ධං ව්‍යපානුදි

යමෙක් මාද සෙසු බොහෝ ජනයාද දුකින් මුදවාගත්තේ ද සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ උතුම් බුද්ධවීරය, ඔබවහන්සේට නමස්කාර වේවා.

සියලු දුක් නිවිණ, හේතු තෘෂ්ණා වියළිණ. ආර්‍යඅෂ්ඨාංගිකමාර්‍ග සංඛ්‍යාත නිරෝධය මා විසින් ස්පර්‍ශ කරන ලදි.

පෙර (භවයන්හි) මව, පුතා, පියා, සොහොයුරා, මිත්තණිය වීමි. යථා තත්ත්වය නොදැන, සොයාගත නොහැකිව සසර සැරිසැරිමි.

මා විසින් ඒ බුදුහු දක්නා ලදහ. මේ අන්තිම පස්කඳය. සසර ඉපදීම කෙළවර විය. මෙයින් මතු යළි ඉපදීමක් නැත.

පටන්ගත් වීර්‍ය ඇති, එකඟ කළ සිත් ඇති, නිතරම දැඩි උත්සාහයෙන් යුත් සමගිසම්පන්න වූ ශ්‍රාවකයන් දකිමි. මෙය බුදුන්ට කරන වැඳුමකි.

බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස මායාතොමෝ ගෞතමයන් බිහිකළාය. ව්‍යාධි හා මරණ හේතුකොට ඇත්තාවූ සමූහය ඉවත්විය.

තත්‍ථ බුද‍්ධවීරාති චතුසච‍්චබුද‍්ධෙසු වීර, සබ‍්බබුද‍්ධා හි උත‍්තමවීරියෙහි චතුසච‍්චබුද‍්ධෙහි වා චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියනිප‍්ඵත‍්තියා විජිතවිජයත‍්තා වීරා නාම. භගවා පන වීරියපාරමිපාරිපූරියා චතුරඞ‍්ගසමන‍්නාගතවීරියාධිට‍්ඨානෙන සාතිසයචතුබ‍්බිධසම‍්මප‍්පධානකිච‍්චනිප‍්ඵත‍්තියා තස‍්සා ච වෙනෙය්‍යසන‍්තානෙ සම‍්මදෙව පතිට‍්ඨාපිතත‍්තා විසෙසතො වීරියයුත‍්තතාය වීරොති වත‍්තබ‍්බතං අරහති. නමො ත්‍යත්‍ථූති නමො නමක‍්කාරො තෙ හොතු. සබ‍්බසත‍්තානමුත‍්තමාති අපදාදිභෙදෙසු සත‍්තෙසු සීලාදිගුණෙහි උත‍්තමො භගවා. තදෙකදෙසං සත්‍ථුපකාරගුණං දස‍්සෙතුං, “යො මං දුක‍්ඛා පමොචෙසි, අඤ‍්ඤඤ‍්ච බහුකං ජන”න‍්ති වත්‍වා අත‍්තනො දුක‍්ඛා පමුත‍්තභාවං විභාවෙන‍්තී “සබ‍්බදුක‍්ඛ”න‍්ති ගාථමාහ.

එහි බුද්ධවීර චතුරාර්ය සත්‍යය අවබෝධ කළාවූ බුදුවරයන් අතරෙහි වීරය, සර්‍වඥ වූ බුදුවරයෝ වනාහී උතුවූ වීර්‍යයෙන් හෝ වතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන් හෝ චතුර්විධ සම්‍යක්ප්‍රධාන වීර්‍යය වැඩීමෙන් (සසර) දිනාගත් හෙයින් වීර නම් වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි වීයර්‍ පාරමිතාව සපිරීමෙන් අංගසතරකින් යුක්ත වූ වීර්‍යය වඩන්නෙමැයි කළ අධිෂ්ඨානයෙන් සිවු වැදෑරුම් සම්‍යක්ප්‍රධාන කෘත්‍යය ක්‍ෂාත්ක්‍ෂාත් කිරීමෙන්, එයද හික්මවියයුතු පුද්ගලයන්ගේ සන්තානයෙහි මැනැවින් පිහිටුවන ලද හෙයින් විශේෂයෙන් වීර්‍යෙහි යෙදුණු බැවින් වීර යනුවෙන් හැඳින්වීමට සුදුසුවෙති. නමොත්‍යත්‍ථු - ඔබට නමස්කාරය වේවා. සබ්බසත්තානමුත්තම - අපදාදි (පාරහිත) හේදයන් සහිත වූ සත්ත්වයන් අතර සීලාදි ගුණයෙන් උතුම් තැනැත්ත, භාග්‍යවතුන්වහන්ස, බුදුන්ගේ උපකාර ගුණයන්ගෙන් අල්පමාත්‍රයක් පෙන්වීම පිණිස ‘යමෙක් මාද සෙසු බොහෝ ජනයාද දුකින් මුදවාගත්තේද’ යනුවෙන් පවසා තමා දුෂ්කර වූ විමුක්තිය ලබාගත් බව හෙළිදරව් කරන්නී සබ්බදුක්‍ඛං යන ගාථාව ප්‍රකාශ කළාය.

පුන යතො පමොචෙසි, තං වට‍්ටදුක‍්ඛං එකදෙසෙන දස‍්සෙන‍්තී “මාතා පුත‍්තො”ති ගාථමාහ. තත්‍ථ යථාභුච‍්චමජානන‍්තීති පවත‍්තිහෙතුආදිං යථාභූතං අනවබුජ‍්ඣන‍්තී. සංසරිංහං අනිබ‍්බිසන‍්ති සංසාරසමුද‍්දෙ පතිට‍්ඨං අවින්‍දන‍්තී අලභන‍්තී භවාදීසු අපරාපරුප‍්පත‍්තිවසෙන සංසරිං අහන‍්ති කථෙන‍්තී ආහ “මාතා පුත‍්තො”තිආදි. යස‍්මිං භවෙ එතස‍්ස මාතා අහොසි, තතො අඤ‍්ඤස‍්මිං භවෙ තස‍්සෙව පුත‍්තො, තතො අඤ‍්ඤස‍්මිං භවෙ පිතා භාතා අහූති අත්‍ථො.

එහි යථාභූච්චං අජානන්ති - පවත්නා හේතුව ආදි යථාතත්ත්වය අවබෝධ කර නොගනිත්, සංසරිහං අනිබ්බිසං - සසර නමැති මුහුදෙහි පිහිටක් නොලබන්නී භවයෙහි එකිනෙක උපත් විසින් මම හැසුරුණෙමි යන වග සඳහන් කරන්නී ‘මව, පියා...’ යන ගාථාව කීවාය. එක් භවයක කෙනෙකුගේ මව වූවාය. අනෙක් භවයක ඔහුගේම පුතා විය. එයිනුත් අනෙක් භවයක පියා සොහොයුරා වූහ යනු මෙහි අදහසය. දිට්ඨොහි මෙ - මේ ගාථාවෙන් ද තමා දුකින් මිදුණු බවම ප්‍රකාශ කරයි.

“දිට‍්ඨො හි මෙ”ති ගාථායපි අත‍්තනො දුක‍්ඛතො පමුත‍්තභාවමෙව විභාවෙති. තත්‍ථ දිට‍්ඨො හි මෙ සො භගවාති සො භගවා සම‍්මාසම‍්බුද‍්ධො අත‍්තනා දිට‍්ඨලොකුත‍්තරධම‍්මදස‍්සනෙන ඤාණචක‍්ඛුනා මයා පච‍්චක‍්ඛතො දිට‍්ඨො. යො හි ධම‍්මං පස‍්සති, සො භගවන‍්තං පස‍්සති නාම. යථාහ – “යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සතී”තිආදි (සං· නි· 3.87).

එහි දිට්ඨොහි මෙ සො භගවා - ඒ භගවත් සම්බුදුන්වහන්සේ තමා විසින් පෙන්වලද ලෝකෝත්තර ධර්‍ම දේශනාව පිහිට කොටගෙන මා විසින් නැණැසින් උන්වහන්සේ දක්නා ලදහ. යමෙක් ධර්‍මය දකීද හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දක්නේමය යනු ධර්‍මය හෙයිනි.

ආරද‍්ධවීරියෙති පග‍්ගහිතවීරියෙ. පහිතත‍්තෙති නිබ‍්බානං පෙසිතචිත‍්තෙ. නිච‍්චං දළ‍්හපරක‍්කමෙති අපත‍්තස‍්ස පත‍්තියා පත‍්තස‍්ස වෙපුල‍්ලත්‍ථාය සබ‍්බකාලං ථිරපරක‍්කමෙ. සමග‍්ගෙති සීලදිට‍්ඨිසාමඤ‍්ඤෙන සංහතභාවෙන සමග‍්ගෙ. සත්‍ථුදෙසනාය සවනන‍්තෙ ජාතත‍්තා සාවකෙ, “ඉමෙ මග‍්ගට‍්ඨා ඉමෙ ඵලට‍්ඨා”ති යාථාවතො පස‍්සති. එසා බුද‍්ධාන වන්‍දනාති යා සත්‍ථු ධම‍්මසරීරභූතස‍්ස අරියසාවකානං අරියභාවභූතස‍්ස ච ලොකුත‍්තරධම‍්මස‍්ස අත‍්තපච‍්චක‍්ඛකිරියා, එසා සම‍්මාසම‍්බුද‍්ධානං සාවකබුද‍්ධානඤ‍්ච වන්‍දනා යාථාවතො ගුණනින‍්නතා.

ආරද්ධවිරියෙ - පටන්ගත් වීයර්‍ය ඇති, පහිතත්තෙ - නිවණ කෙරෙහි යොමු වූ සිත් ඇති, නිච්චං දළ්හ පරක්කමෙ - නොලැබූ දෙය ලබාගනු පිණිසත් ලැබූ දෙය වැඩිදියුණු කරගැනීමටත් නිතරම වීරපරාක්‍රමයෙන් යුත් සමග්ගෙ ශීලය හා සම්‍යක්දෘෂ්ටියෙන් පිරිපුන් ශ්‍රමණභාවයෙහි ඇතුළත්ව පවත්නා සමගිය ඇති, බුදුන්ගේ දේශනාව ශ්‍රවණය කිරීමේ අවසානයෙහි හටගත් හෙයින්, සාවකෙ - මේ අය මාර්‍ගයෙහි පිහිටියේය. මේ අය ඵලයෙහි පිහිටියෝය යනාදී වශයෙන් යථාර්ථවත් අන්දමින් දකියි. එසා බුද්ධානවන්‍දනා - ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය ශරීරය කොට ඇත්තා වූ ආර්‍යශ්‍රාවකයන්ගේ ආර්‍යභාවය ප්‍රධානකොට ඇත්තා වූ ලෝකෝත්තර ධර්‍මය තම තමාම ප්‍රත්‍යක්‍ෂ කරගැනීම යන යමක් වේද එය බුදුවරුන්ගේ හා ශ්‍රාවකයන්ගේ වන්දනාව අර්‍ථවත් වශයෙන් ගුණයට නැඹුරුවීම,

“බහූනං වත අත්‍ථායා”ති ඔසානගාථායපි සත්‍ථු ලොකස‍්ස බහූපකාරතංයෙව විභාවෙති. යං පනෙත්‍ථ අත්‍ථතො න විභත‍්තං, තං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

බහුන්නං වත අත්‍ථාය - අවසාන ගාථාවෙන් පවා බුදුන්වහන්සේ ලෝකයාට උපකාරක බව දක්වයි. මෙහි යමක් වනාහි අර්ථ වශයෙන් නොබෙදා දැක්වීද එය. මැනැවින් දතයුතුමය.

අථෙකදා මහාපජාපතිගොතමී සත්‍ථරි වෙසාලියං විහරන‍්තෙ මහාවනෙ කූටාගාරසාලායං සයං වෙසාලියං භික‍්ඛුනුපස‍්සයෙ විහරන‍්තී පුබ‍්බණ‍්හසමයං වෙසාලියං පිණ‍්ඩාය චරිත්‍වා භත‍්තං භුඤ‍්ජිත්‍වා අත‍්තනො දිවාට‍්ඨානෙ යථාපරිච‍්ඡින‍්නකාලං ඵලසමාපත‍්තිසුඛෙන වීතිනාමෙත්‍වා ඵලසමාපත‍්තිතො වුට‍්ඨාය අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සොමනස‍්සජාතා අත‍්තනො ආයුසඞ‍්ඛාරෙ ආවජ‍්ජෙන‍්තී තෙසං ඛීණභාවං ඤත්‍වා එවං චින‍්තෙසි – “යංනූනාහං විහාරං ගන‍්ත්‍වා භගවන‍්තං අනුජානාපෙත්‍වා මනොභාවනීයෙ ච ථෙරෙ සබ‍්බෙව සබ්‍රහ‍්මචරියෙ ආපුච‍්ඡිත්‍වා ඉධෙව ආගන‍්ත්‍වා පරිනිබ‍්බායෙය්‍ය”න‍්ති. යථා ච ථෙරියා, එවං තස‍්සා පරිවාරභූතානං පඤ‍්චන‍්නං භික‍්ඛුනිසතානං පරිවිතක‍්කො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.2.97-288) –

ඉක්බිති එක් දවසක බුදුන් විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වෙසෙන කල්හි මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය භික්‍ෂුණීන්ගේ ආරාමයක වෙසෙන්නී පෙරවරුයෙහි විසාලා නුවර පිඬු පිණිස හැසිර දානය වළඳා දවල් වෙසෙන ස්ථානයෙහි සීමිත වේලාවක් ඵලසමවත් සුවයෙන් ගතකර ඵලසමවතින් නැගිට තමාගේ පිළිවෙත නැවත බලා සොම්නසට පැමිණ තමාගේ ආයුෂ්ප්‍රමාණය පරීක්‍ෂාකර බලන්නී එය ගෙවී ගොස් තිබෙන බව දැන මෙසේ සිතුවාය. ‘මම විහාරයට ගොස් බුදුන් අනුදන්වා මනස වඩනා තෙරවරුන් හා සියලු සබ්‍රසම්සරුන්ගෙන් අවසර ගෙන මෙහිම පැමිණ පිරිනිවෙන්නෙම් නම් යෙහෙකි’ යනුවෙනි. මේ තෙරණියන්ගේ මෙන්ම ඇයගේ පිරිවර පන්සියයක් තෙරණියන්ගේ ද කල්පනාව එසේම විය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“එකදා ලොකපජ‍්ජොතො, වෙසාලියං මහාවනෙ; කූටාගාරෙ කුසාලායං, වසතෙ නරසාරථි.

දිනක්, ලෝකයාට ප්‍රදීපයක් වැනිවූ ජනතාවගේ නායකයා වූ බුදුන්වහන්සේ විසාලා නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වෙසෙන කල්හි,

“තදා ජිනස‍්ස මාතුච‍්ඡා, මහාගොතමි භික‍්ඛුනී; තහිං කතෙ පුරෙ රම‍්මෙ, වසී භික‍්ඛුනුපස‍්සයෙ.

බුදුන්ගේ සුලු මව වූ මහාගෞතමී භික්‍ෂුණිය එහි භික්‍ෂුණීන්ගේ ආරාමයක විසී.

“භික‍්ඛුනීහි විමුත‍්තාහි, සතෙහි සහ පඤ‍්චහි; රහොගතාය තස‍්සෙවං, චිතස‍්සාසි විතක‍්කිතං.

නිවන් අවබෝධකරගත් භික්‍ෂුණීන් පන්සියයක් සමග වෙසෙන ඇයට හුදෙකලා වූ අවස්ථාවක මෙවැනි සිතිවිල්ලක් පහළවිය.

“බුද‍්ධස‍්ස පරිනිබ‍්බානං, සාවකග‍්ගයුගස‍්ස වා; රාහුලානන්‍දනන්‍දානං, නාහං ලච‍්ඡාමි පස‍්සිතුං.

බුදුන්ගේ හෝ දෙඅගසවුවන්ගේ හෝ රාහුල ආනන්ද හා නන්දගේ හෝ පිරිනිවීම මට දක්නට නොලැබේ.

“බුද‍්ධස‍්ස පරිනිබ‍්බානා, සාවකග‍්ගයුගස‍්ස වා; මහාකස‍්සපනන්‍දානං, ආනන්‍දරාහුලාන ච.

[missing trans]

“පටිකච‍්චායුසඞ‍්ඛාරං, ඔසජ‍්ජිත්‍වාන නිබ‍්බුතිං; ගච‍්ඡෙය්‍යං ලොකනාථෙන, අනුඤ‍්ඤාතා මහෙසිනා.

එකිනෙක වහන්සේ තම තම ආයු ප්‍රමාණය නිමකර බුදුන් විසින් අනුදන්නා ලද්දහු නිවණට පැමිණෙන්නාහුය.

“තථා පඤ‍්චසතානම‍්පි, භික‍්ඛුනීනං විතක‍්කිතං; ආසි ඛෙමාදිකානම‍්පි, එතදෙව විතක‍්කිතං.

පන්සියයක් භික්‍ෂුණීන්ගේ ද අවසානය එසේම යයි සිතේ. ඛේමාදින්ගේ ද විතර්‍කය එයමය.

“භූමිචාලො තදා අසි, නාදිතා දෙවදුන්‍දුභී; උපස‍්සයාධිවත්‍ථායො, දෙවතා සොකපීළිතා.

එකල භූමි චලනයක් විය, දෙව්බෙර වැයිණ, අසපුව අසල වෙසෙන දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු,

“විලපන‍්තා සුකරුණං, තත්‍ථස‍්සූනි පවත‍්තයුං; මිත‍්තා භික‍්ඛුනියො තාහි, උපගන‍්ත්‍වාන ගොතමිං.

කරුණා පූර්‍වකව වැළපෙමින් කඳුළු වගුළහ. යෙහෙළි භික්‍ෂුණීහු ගෞතමී වෙත ගොස් සිරසින් දෙපා වැඳ මෙසේ කීවාහුය: ‘ආර්‍යාවෙනි, අපි එහි හුදෙකලාව සිටියාහු

“නිපච‍්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්‍රවුං; තත්‍ථ තොයලවාසිත‍්තා, මයමය්‍යෙ රහොගතා.

“සා චලා චලිතා භූමි, නාදිතා දෙවදුන්‍දුභී; පරිදෙවා ච සුය්‍යන‍්තෙ, කිමත්‍ථං නූන ගොතමී.

සපවු පොළොව කම්පා විය, දෙව්බෙර හඬ පැතිරිණ. තන්තන්හි වැළපුම්ද ඇසේ. ගෞතමිය මෙහි අර්ථය කුමක්ද?’

“තදා අවොච සා සබ‍්බං, යථාපරිවිතක‍්කිතං; තායොපි සබ‍්බා ආහංසු, යථාපරිවිතක‍්කිතං.

ඕතොමෝ තමා කල්පනා කළ අයුරින් සියල්ලම පැවසුවාය. ඔවුහුද තමතමා සිතු පරිදි ප්‍රකාශ කළහ.

“යදි තෙ රුචිතං අය්‍යෙ, නිබ‍්බානං පරමං සිවං; නිබ‍්බායිස‍්සාම සබ‍්බාපි, බුද‍්ධානුඤ‍්ඤාය සුබ‍්බතෙ.

‘ආර්‍යාවෙනි, ඔබ කැමති නම් අපි සියලු දෙනාම බුදුන්ගේ අනුදැනුම අනුව පිරිනිවන් පාන්නෙමු.

“මයං සහාව නික‍්ඛන‍්තා, ඝරාපි ච භවාපි ච; සහායෙව ගමිස‍්සාම, නිබ‍්බානං පදමුත‍්තමං.

ඔබ සමගම භවයෙන් හා ගිහිගෙයින් නික්මුණාවූ අපි ඔබ සමගම නිවන් පුරයටද පිවිසෙන්නෙමු.

“නිබ‍්බානාය වජන‍්තීනං, කිං වක‍්ඛාමීති සා වදං; සහ සබ‍්බාහි නිග‍්ගඤ‍්ඡි, භික‍්ඛුනීනිලයා තදා.

නිවණට පිවිසෙනු කැමැත්තා වූ ඕතොමෝ ඔවුන් සියලුදෙනාම සමග භික්‍ෂුණීන්ගේ ආශ්‍රමයෙන් පිටත් වූවාය.

“උපස‍්සයෙ යාධිවත්‍ථා, දෙවතා තා ඛමන‍්තු මෙ; භික‍්ඛුනීනිලයස‍්සෙදං, පච‍්ඡිමං දස‍්සනං මම.

මේ ආරාමය අවට වෙසෙන්නා වූ සියලු දේවතාවෝ මට ක්‍ෂමා කරත්වා. ඔබ සැමට මෙය භික්‍ෂුණි ආරාමයෙහි අවසාන දැක්මය.

“න ජරා මච‍්චු වා යත්‍ථ, අප‍්පියෙහි සමාගමො; පියෙහි න වියොගොත්‍ථි, තං වජිස‍්සං අසඞ‍්ඛතං.

යම් තැනෙක ජරා මරණ, අප්‍රියයන් සමග එකතුවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම දක්නට නොලැබේ ඒ අසංඛත තත්ත්වයට අපි සැම පිවිසෙන්නෙමු.

“අවීතරාගා තං සුත්‍වා, වචනං සුගතොරසා; සොකට‍්ටා පරිදෙවිංසු, අහො නො අප‍්පපුඤ‍්ඤතා.

අවීතරාගී වූ ඔවුහු ඒ බුදුවදන අසා ශෝකයෙන් මැඩුණාහු අහෝ අපගේ පින්නැතිකමක හැටි’! යයි කියමින් වැළපුණහ.

“භික‍්ඛුනීනිලයො සුඤ‍්ඤො, භූතො තාහි විනා අයං; පභාතෙ විය තාරායො, න දිස‍්සන‍්ති ජිනොරසා.

භික්‍ෂුණී ආරාමය හිස්ය, ඔවුන්ගෙන් හිස්වූ මේ අරම කුමක්ද? අලුයම තාරකා දක්නට නො ලැබෙන අහස මෙන් දැන් බුදුදියණියෝ දක්නට නොලැබෙත්.

“නිබ‍්බානං ගොතමී යාති, සතෙහි සහ පඤ‍්චහි; නදීසතෙහිව සහ, ගඞ‍්ගා පඤ‍්චහි සාගරං.

පන්සියයක් මෙහෙණන් සමග ගෞතමී තෙරණිය නිවණට යයි. පන්සියයක් නදීන් සමග ගංගා ගඟ මුහුදට යන්නාක් මෙනි.

“රථියාය වජන‍්තියො, දිස‍්වා සද‍්ධා උපාසිකා; ඝරා නික‍්ඛම‍්ම පාදෙසු, නිපච‍්ච ඉදමබ්‍රවුං.

වීථියෙහි ගමන්කරන්නා වූ ඇය දැක සැදැහැවත් උවැසියෝ ගෙවලින් නික්ම අවුත් දෙපාමුල වැටී මෙසේ කීහ.

“පසීදස‍්සු මහාභොගෙ, අනාථායො විහාය නො; තයා න යුත‍්තා නිබ‍්බාතුං, ඉච‍්ඡට‍්ටා විලපිංසු තා.

‘මහා භාග්‍යවතිය, අනාථ වූ අප අත්හැර ඔබවහන්සේ නිවන් යාම නුසුදුසුය’ මෙසේ කියමින් වැළපුණහ.

“තාසං සොකපහානත්‍ථං, අවොච මධුරං ගිරං; රුදිතෙන අලං පුත‍්තා, හාසකාලොයමජ‍්ජ වො.

ඔවුන්ගේ ශෝකය දුරුකරනු පිණිස ඕ මධුර ස්වරයෙන් මෙසේ ප්‍රකාශ කළාය. ‘දරුවනි, හැඬීමෙන් පලක් නැත. අද ඔබලාට ප්‍රියජනක අවස්ථාවකි.

“පරිඤ‍්ඤාතං මයා දුක‍්ඛං, දුක‍්ඛහෙතු විවජ‍්ජිතො; නිරොධො මෙ සච‍්ඡිකතො, මග‍්ගො චාපි සුභාවිතො.

මා දුක් දුරුකර ඇත. දුකට හේතුවෙන් වෙන් වීමි. මම නිරෝධය ක්‍ෂාත්ක්‍ෂාත් කළෙමි. මාර්‍ගය මැනවින් වැඩුවෙමි.

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

මම බුදුන් ඇසුරු කළෙමි. උන්වහන්සේගේ අවවාදය පිළිපැදීම, දඩි බර බහාලූයෙමි, භවකාරක ධර්‍මයන් විනාශ කළෙමි.

“යස‍්සත්‍ථාය පබ‍්බජිතා, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

යම් අරමුණක් උදෙසා මම ගිහිගෙය හැර ගොස් පැවිදි බව ලැබුවෙම්ද, සියලු සංයෝජනයන් දුරු කිරීමෙන් ඒ අරමුණ ඉටුකරගතිමි.

“බුද‍්ධො තස‍්ස ච සද‍්ධම‍්මො, අනූනො යාව තිට‍්ඨති; නිබ‍්බාතුං තාව කාලො මෙ, මා මං සොචථ පුත‍්තිකා.

බුදුහුද උන්වහන්සේගේ ධර්‍මය ද යම්තාක් කල් පවතිද්ද මගේ පිරිනිවීමට ඒ කාලය වේ. එහෙයින් දූවරුනි, ශෝක නොකරව්.

“කොණ‍්ඩඤ‍්ඤානන්‍දනන්‍දාදී , තිට‍්ඨන‍්ති රාහුලො ජිනො; සුඛිතො සහිතො සඞ‍්ඝො, හතදබ‍්බා ච තිත්‍ථියා.

කොණ්ඩඤ්ඤ නන්ද ආනන්ද රාහුල බුදුරදුන් සෙසු සංඝයා හා ගර්වය සුන්වූ කීර්ථකයෝද සුවසේ වෙසෙති.

“ඔක‍්කාකවංසස‍්ස යසො, උස‍්සිතො මාරමද‍්දනො; නනු සම‍්පති කාලො මෙ, නිබ‍්බානත්‍ථාය පුත‍්තිකා.

ඉක්‍ෂවාකු වංශයෙහි උපන් කීර්තිමත් වූ, ශ්‍රේෂ්ඨ වූ, මාරයා මැඩ පැවැත්වූ බුදුන්වහන්සේ වැඩවෙසෙති, එහෙයින් දියණිවරුනි, දැන් මා පිරිනිවියයුතු කාලය නොවේද?

“චිරප‍්පභුති යං මය‍්හං, පත්‍ථිතං අජ‍්ජ සිජ‍්ඣතෙ; ආනන්‍දභෙරිකාලොයං, කිං වො අස‍්සූහි පුත‍්තිකා.

මා බොහෝ කලෙක සිට පැතු පැතුම අද ඉටුවී ඇත. මෙය සතුටුබෙර වැයියයුතු කාලය හෙයින් තෙපි දියණිවරුනි, කඳුළු සලන්නේ ඇයි?

“සචෙ මයි දයා අත්‍ථි, යදි චත්‍ථි කතඤ‍්ඤුතා; සද‍්ධම‍්මට‍්ඨිතියා සබ‍්බා, කරොථ වීරියං දළ‍්හං.

ඉදින් මා කෙරෙහි දයාවක් ඇත්නම්, ඉදින් කෘතඥතාවක් ඇත්නම් සියලු දෙනාම සදහම්හි පිහිටා දැඩි වීර්යය කරවු.

“ථීනං අදාසි පබ‍්බජ‍්ජං, සම‍්බුද‍්ධො යාචිතො මයා; තස‍්මා යථාහං නන්‍දිස‍්සං, තථා තමනුතිට‍්ඨථ.

මා විසින් අයැදිනු ලැබූ සම්බුදුන්වහන්සේ අපට පැවිද්ද ලබා දුන්සේක්ද එහිලා මම යම් අයුරකින් සතුටුවෙම්ද එසේම තෙපිද එහි පිහිට වූ.’

“තා එවමනුසාසිත්‍වා, භික‍්ඛුනීහි පුරක‍්ඛතා; උපෙච‍්ච බුද‍්ධං වන්‍දිත්‍වා, ඉදං වචනමබ්‍රවි.

මෙසේ අවවාද කළාවූ ඕතොමෝ භික්‍ෂුණීන් විසින් පිරිවරනු ලැබ බුදුන් කරා ගොස් වැඳ මේ වචනය කීවාය.

“අහං සුගත තෙ මාතා, ත්‍වඤ‍්ච වීර පිතා මම; සද‍්ධම‍්මසුඛද නාථ, තයි ජාතාම‍්හි ගොතම.

‘සුගතයන් වහන්ස, මම ඔබගේ මව වෙමි, වීරය, ඔබ මගේ පියාය. සදහම් සුවය දෙන්නාවූ නාථයන්වහන්ස, ගෞතමයන් - වහන්ස, ඔබ උපන් පසු

“සංවද‍්ධිතොයං සුගත, රූපකායො මයා තව; අනින්‍දිතො ධම‍්මකායො, මම සංවද‍්ධිතො තයා.

ඔබගේ මේ රූපකාය මම වැඩුවෙමි. පැසසිය යුතුවූ මගේ ධර්‍මකාය ඔබ වැඩුවෙහිය.

“මුහුත‍්තං තණ‍්හාසමණං, ඛීරං ත්‍වං පායිතො මයා; තයාහං සන‍්තමච‍්චන‍්තං, ධම‍්මඛීරඤ‍්හි පායිතා.

මා විසින් මොහොතකට පිපාසය සංසිඳුවන්නා වූ කිරි ඔබට පොවන ලදී. ඒ මට ඔබවහන්සේ විසින් බෙහෙවින් සන්සුන්වූ දහම්කිරි පොවන ලදි.

“බන්‍ධනාරක‍්ඛණෙ මය‍්හං, අණණො ත්‍වං මහාමුනෙ; පුත‍්තකාමා ථියො යාචං, ලභන‍්ති තාදිසං සුතං.

මහාමුනිවරය, මා ඔබ හදාවඩා ගැනීමේ ණයෙන් ඔබ මිදුණෙහිය. පුතුන් කැමති කිසිම ස්ත්‍රියක් ඔබ වැනි පුතෙකු නොලබන්නීය,

“මන්‍ධාතාදිනරින්‍දානං, යා මාතා සා භවණ‍්ණවෙ; නිමුග‍්ගාහං තයා පුත‍්ත, තාරිතා භවසාගරා.

මහාමන්‍ධාතු වැනි රජවරුන්ගේ යම් මවක් වූවාද ඕ භවසාගරයෙහි ගිලී වෙසෙයි. එහෙත් පුත්‍රය, මම ඔබ විසින් භවසාගරයෙන් එතෙර කරනු ලැබීමි.

“රඤ‍්ඤො මාතා මහෙසීති, සුලභං නාමමිත්‍ථිනං; බුද‍්ධමාතාති යං නාමං, එතං පරමදුල‍්ලභං.

රජුගේ මවුමෙහෙසිය යන නම ස්ත්‍රීන් අතර සුලභය, එහෙත් බුදුන්ගේ මව යන නම අතිශය දුර්ලභය.

“තඤ‍්ච ලද‍්ධං මහාවීර, පණිධානං මමං තයා; අණුකං වා මහන‍්තං වා, තං සබ‍්බං පූරිතං මයා.

මහා වීරය, මට එය ඔබ ලබා දුන්නෙහිය, සුලු වූ හෝ මහත්වූ හෝ වේවා ඒ සියල්ලක්ම ඔබ ලබා දුන්නෙහිය.

“පරිනිබ‍්බාතුමිච‍්ඡාමි , විහායෙමං කළෙවරං; අනුජානාහි මෙ වීර, දුක‍්ඛන‍්තකර නායක.

මේ සිරුර අතහැර පිරිනිවීමට කැමැත්තෙමි, දුක් කෙළවර කරන නායකය, එය අනුදැන වදාළ මැනව.

“චක‍්කඞ‍්කුසධජාකිණ‍්ණෙ, පාදෙ කමලකොමලෙ; පසාරෙහි පණාමං තෙ, කරිස‍්සං පුත‍්තඋත‍්තමෙ.

සක් හා දද ලකුණින් සලකුණු වූ නෙළුම් මලක් මෙන් සියුමැලි වූ ඔබේ දෙපා දිගු කරන්න, පුත්‍රය! මම එය නමදින්නෙමි.

“සුවණ‍්ණරාසිසඞ‍්කාසං, සරීරං කුරු පාකටං; කත්‍වා දෙහං සුදිට‍්ඨං තෙ, සන‍්තිං ගච‍්ඡාමි නායක.

රන්කඳක් වැනි වූ ඔබේ සිරුර නිරාවරණය කරන්න. ඔබගේ ඒ සිරුර මැනවින් බලා ශාන්තියට පැමිණෙන්නෙමි.

“ද‍්වත‍්තිංසලක‍්ඛණූපෙතං, සුප‍්පභාලඞ‍්කතං තනුං; සඤ‍්ඣාඝනාව බාලක‍්කං, මාතුච‍්ඡං දස‍්සයී ජිනො.

දෙතිස් ලකුණින් හෙබියාවූ කාන්තියෙන් දුදුලන, සැඳෑවලා අතරෙන් පෙනෙන හිරුමඬලක් වැනි වූ සිරුර බුදුහු පෙන්වූහ.

“ඵුල‍්ලාරවින්‍දසංකාසෙ , තරුණාදිච‍්චසප‍්පභෙ; චක‍්කඞ‍්කිතෙ පාදතලෙ, තතො සා සිරසා පති.

සුපිපි පියුමක් වැනිවූ පැහැයෙන් ළහිරු මඬලක් බඳු වූ සක්ලකුණින් හෙබි පාමුල ඕතොමෝ වැඳවැටුණාය.

“පණමාමි නරාදිච‍්ච, ආදිච‍්චකුලකෙතුකං; පච‍්ඡිමෙ මරණෙ මය‍්හං, න තං ඉක‍්ඛාමහං පුනො.

නරසූර්‍යාණනි, මගේ මේ අවසාන මරණයෙන් පසු සූර්‍යවංශයට කඔතුවක් වැනිවූ ඔබ මෙයින් මතු නොදක්නෙමි.

“ඉත්‍ථියො නාම ලොකග‍්ග, සබ‍්බදොසාකරා මතා; යදි කො චත්‍ථි දොසො මෙ, ඛමස‍්සු කරුණාකර.

ලෝකාග්‍රයන් වහන්ස, ස්ත්‍රීන් සියලු දෝෂයන්ට ආකර යයි කියති. ඉදින් මගේ යම්කිසි දෝෂයක් වීනම් කරුණාකර, මට සමාවනු මැනවි

“ඉත්‍ථිකානඤ‍්ච පබ‍්බජ‍්ජං, හං තං යාචිං පුනප‍්පුනං; තත්‍ථ චෙ අත්‍ථි දොසො මෙ, තං ඛමස‍්සු නරාසභ.

යම්කිසි දිනක නිතර නිතර මම ඔබගෙන් ඉල්ලීම්ද ඉදින් එහිලා මගේ යම් දෝෂයක් වේනම් සමාවනු මැනවි.

“මයා භික‍්ඛුනියො වීර, තවානුඤ‍්ඤාය සාසිතා; තත්‍ර චෙ අත්‍ථි දුන‍්නීතං, තං ඛමස‍්සු ඛමාධිප.

ඔබගේ අනුදැනුම ඇතිව මම භික්‍ෂුණීන්ට අවවාද අනුශාසනා කළෙම්ද එහි යම් දෝෂයක් වේනම් මට සමාවනු මැනවි.

“අක‍්ඛන‍්තෙ නාම ඛන‍්තබ‍්බං, කිං භවෙ ගුණභූසනෙ; කිමුත‍්තරං තෙ වත්‍ථාමි, නිබ‍්බානාය වජන‍්තියා.

මඩනා කල්හි ඉවසිය යුතුය. ගුණාලංකාරයෙන් සමන්විතවූවන් කෙරෙහි කුමක්විය හැකිද? නිවන කරා යන්නාවූ තැනැත්තියක විසින් මෙයට වඩා කුමක් කියම්ද?

“සුද‍්ධෙ අනූනෙ මම භික‍්ඛුසඞ‍්ඝෙ, ලොකා ඉතො නිස‍්සරිතුං ඛමන‍්තෙ; පභාතකාලෙ බ්‍යසනඞ‍්ගතානං, දිස‍්වාන නිය්‍යාතිව චන්‍දලෙඛා.

පිරිසිදු වූ ගුණයෙන් අනූනවූ භික්‍ෂු සංඝයා වෙසෙන කල්හි ලෝකයා මෙයින් පිටත්ව යාමට තතනති. රාත්‍රිය පහන්වන කල්හි විනාශයට යන එය දැක චන්‍ද්‍රයා පිටත්ව යන්නාක් මෙනි.

“තදෙතරා භික‍්ඛුනියො ජිනග‍්ගං, තාරාව චන්‍දානුගතා සුමෙරුං; පදක‍්ඛිණං කච‍්ච නිපච‍්ච පාදෙ, ඨිතා මුඛන‍්තං සමුදික‍්ඛමානා.

මේ භික්‍ෂුණීහු, සඳ අනුව යන්නාවූ තාරා මහමෙර දෙස බලා සිටින්නාක් මෙන් බුදුන් පැදකුණුකර පා වැඳ උන්වහන්සේගේ මුහුණ දෙස බලා සිටිත්.

“න තිත‍්තිපුබ‍්බං තව දස‍්සනෙන, චක‍්ඛුං න සොතං තව භාසිතෙන; චිත‍්තං මමං කෙවලමෙකමෙව, පප‍්පුය්‍ය තං ධම‍්මරසෙන තිත‍්ති.

ඔබ දැකීමෙන් (ඔවුන්ගේ) ඇසද, ඔබගේ වදන් ඇසීමෙන් කණද සෑහීමකට පත්නොවනසුලුය. හුදෙක් මගේ සිත පමණක් ඔබගේ ධර්‍ම රසයෙන් තෘප්තියට පත්ව ඇති.

“නදතො පරිසායං තෙ, වාදිතබ‍්බපහාරිනො; යෙ තෙ දක‍්ඛන‍්ති වදනං, ධඤ‍්ඤා තෙ නරපුඞ‍්ගව.

දෘෂ්ටිවාදීන්ගේ ගර්වය සිඳලන ඔබ පිරිසෙහි කථාකරනකල්හි යම් කෙනෙක් ඔබගේ මුහුණ දකිද්ද, ඔවුහු ඒකාන්තයෙන් වාසනාවන්තයෝය.

“දීඝඞ‍්ගුලී තම‍්බනඛෙ, සුභෙ ආයතපණ‍්හිකෙ; යෙ පාදෙ පණමිස‍්සන‍්ති, තෙපි ධඤ‍්ඤා ගුණන්‍ධර.

තඹවන් නියෙන් සැදි දිගැඟිලි හා දිගවිලුඹින් යුත් ඔබගේ දෙපා යමෙක් තුමූ වඳිද්ද ඔවුහුද වාසනාවන්තයෝය.

“මධුරානි පහට‍්ඨානි, දොසග‍්ඝානි හිතානි ච; යෙ තෙ වාක්‍යානි සුය්‍යන‍්ති, තෙපි ධඤ‍්ඤා නරුත‍්තම.

මිහිරි වූ තුටුපහටුකරවන දොස්නසන හිතකර වූ ඔබේ වදන් යම් තැනැත්තෝ අසද්ද ඔවුහුද වාසනාවන්තයෝය.

“ධඤ‍්ඤාහං තෙ මහාවීර, පාදපූජනතප‍්පරා; තිණ‍්ණසංසාරකන‍්තාරා, සුවාක්‍යෙන සිරීමතො.

මහා වීරයාණනි, ඔබට පූජා සත්කාර කිරීමෙහි නියැළුණාවූ, සසර කතරෙන් එතෙරවූ මම ඔබගේ මනහර වැකි ඇසීමෙන් වාසනාවන්ත වීමි.

“තතො සා අනුසාවෙත්‍වා, භික‍්ඛුසඞ‍්ඝම‍්පි සුබ‍්බතා; රාහුලානන්‍දනන්‍දෙ ච, වන්‍දිත්‍වා ඉදමබ්‍රවි.

ඉක්බිති ඕතොමෝ භික්‍ෂු සංඝයාට ද සම්මානනයකර රාහුල, ආනන්‍ද, නන්‍ද යන තෙරුවරුන්ට ද වැඳ මෙසේ කීවාය.

“ආසීවිසාලයසමෙ, රොගාවාසෙ කළෙවරෙ; නිබ‍්බින්‍දා දුක‍්ඛසඞ‍්ඝාටෙ, ජරාමරණගොචරෙ.

‘සර්‍පයන් ගැවසුණු ගෙයක් මෙන්ද, රෝගයන්ට නිවෙසක් බඳු සිරුරක් ඇති, දුකින් පිරුණු ජරාව හා මරණයට ගොදුරුවූ, කලකිරීම ඇති කරන්නාවූ,

“නානාකලිමලාකිණ‍්ණෙ, පරායත‍්තෙ නිරීහකෙ; තෙන නිබ‍්බාතුමිච‍්ඡාමි, අනුමඤ‍්ඤථ පුත‍්තකා.

අනේක කෘමිජාතීන්ගෙන් පිරුණු, අනුන්ට අයත්වූ අකර්‍මණ්‍ය වන්නා වූ මේ ජීවිතයෙන් තුරන්වී පිරිනිවෙනු කැමැත්තෙමි. පුතුනි, එය අනුමත කරන්න.

“නන්‍දො රාහුලභද‍්දො ච, වීතසොකා නිරාසවා; ඨිතාචලට‍්ඨිති ථිරා, ධම‍්මතමනුචින‍්තයුං.

දුරුකළ සෝක ඇති, ආශ්‍රවයන්ගෙන් මිදුණා වූ ස්ථිර වූ ධෛර්‍යසම්පන්න වූ නන්‍ද, රාහුල තෙරවරු ධර්‍මතාව මෙනෙහි කළහ.

“ධිරත්‍ථු සඞ‍්ඛතං ලොලං, අසාරං කදලූපමං; මායාමරීචිසදිසං, ඉත‍්තරං අනවට‍්ඨිතං.

සංඛත වූ, චපල වූ, අසාර වූ, කෙසෙල් දළුවක් මෙන් සැලෙනසුලු, මායාවක් මිරිඟුවක් වැනිවූ ස්ථිරව නොපවන්නාවූ,

“යත්‍ථ නාම ජිනස‍්සායං, මාතුච‍්ඡා බුද‍්ධපොසිකා; ගොතමී නිධනං යාති, අනිච‍්චං සබ‍්බසඞ‍්ඛතං.

බුදුන්වහන්සේ පෝෂණය කළ උන්වහන්සේගේ සුලු මෑණියන් වූ ගෞතමී අභාවයට යයි. සියලු සංස්කාරයන් අනිත්‍යය.

“ආනන්‍දො ච තදා සෙඛො, සොකට‍්ටො ජිනවච‍්ඡලො; තත්‍ථස‍්සූනි කරොන‍්තො සො, කරුණං පරිදෙවති.

එතෙක් රහත්බව නොලබා සිටි සෝකයෙන් තැනුණු බුදුන්ට සෙනෙහැති අනඳ තෙරණුවෝ කඳුළු වගුරුවමින් දුකින් වැළපෙති.

“හා සන‍්තිං ගොතමී යාති, නූන බුද‍්ධොපි නිබ‍්බුතිං; ගච‍්ඡති න චිරෙනෙව, අග‍්ගිරිව නිරින්‍ධනො.

අහෝ, ගෞතමී ශාන්තිය කරා යයි. ඒකාන්තයෙන්ම බුදුහුද නිවණට යති. නොබෝ කලෙකින්ම, දර නැති ගින්නක් මෙන් ඕ නිවීමට යයි.

“එවං විලාපමානං තං, ආනන්‍දං ආහ ගොතමී; සුතසාගරගම‍්භීර, බුද‍්ධොපට‍්ඨාන තප‍්පර.

ගෞතමී මෙසේ වැළපෙන අනඳ තෙරුන් අමතා ‘දරුව, සයුරක් මෙන් ගැඹුරුවූ බුදුන්ට උවටැන් කිරීමෙහි නියැලෙව,

“න යුත‍්තං සොචිතුං පුත‍්ත, හාසකාලෙ උපට‍්ඨිතෙ; තයා මෙ සරණං පුත‍්ත, නිබ‍්බානං තමුපාගතං.

සතුටු විය යුතු අවස්ථාව එළඹ ඇති කල්හි දරුව, වැළපීම නුසුදුසුය. දරුව! ඔබේ පිහිට නිසා මම නිවන් පැමිණියෙමි.

“තයා තාත සමජ‍්ඣිට‍්ඨො, පබ‍්බජ‍්ජං අනුජානි නො; මා පුත‍්ත විමනො හොහි, සඵලො තෙ පරිස‍්සමො.

දරුව, ඔබ අපේ පැවිද්ද අනුදැන්වීමෙන් අප අදහස ඉටුවිය. දරුව, කණගාටු නොවන්න. ඔබේ පරිශ්‍රමය සාර්ථකය.

“යං න දිට‍්ඨං පුරාණෙහි, තිත්‍ථිකාචරියෙහිපි; තං පදං සුකුමාරීහි, සත‍්තවස‍්සාහි වෙදිතං.

පෙරකල තීර්ථක ගුරුන් විසින් නොදක්නා ලද ඒ ශාන්තිපදය මේ සියුමැලි තැනැන්තියෝ සත්වසක් තුළ දුටහ.

“බුද‍්ධසාසනපාලෙත, පච‍්ඡිමං දස‍්සනං තව; තත්‍ථ ගච‍්ඡාමහං පුත‍්ත, ගතො යත්‍ථ න දිස‍්සතෙ.

බුදුන්ගේ සස්න පාලනය කරන්නා වූ ඔබගේ මේ අන්තිම දැකීමය. දරුව, යම් තැනකට ගොස් දක්නට නොලැබේද මම එතැනට යමි.

“කදාචි ධම‍්මං දෙසෙන‍්තො, ඛිපී ලොකග‍්ගනායකො; තදාහං ආසීසවාචං, අවොචං අනුකම‍්පිකා.

යම්කිසි දිනක ලෝකනායකයන් වහන්සේ ධර්‍ම දේශනා කරන අවස්ථාවක කිබිස්සේද එකෙණෙහිම අනුකම්පා සහගතවූ මම ආශීර්වාද කළෙමි.

“චිරං ජීව මහාවීර, කප‍්පං තිට‍්ඨ මහාමුනෙ; සබ‍්බලොකස‍්ස අත්‍ථාය, භවස‍්සු අජරාමරො.

මහා වීරය, බොහෝ කලක් ජීවත්වන්න, මහා මුනිවරය, කල්පයක් වැඩවෙසනු මැනවි. සියලු ලෝකයාගේ හිතසුව පිණිස අජරාමරවනු මැනවි.

“තං තථාවාදිනිං බුද‍්ධො, මමං සො එතදබ්‍රවි; න හෙවං වන්‍දියා බුද‍්ධා, යථා වන්‍දසි ගොතමී.

එසේ කියන්නාවූ මට බුදුන්වහන්සේ මෙසේ වදාළහ. ‘යම් අයුරකින්, ගෞතමිය, ඔබ බුදුන්ට වඳින්නෙහිද ඒ අයුරින් නොවැඳිය යුතුය.

“කථං චරහි සබ‍්බඤ‍්ඤූ, වන්‍දිතබ‍්බා තථාගතා; කථං අවන්‍දියා බුද‍්ධා, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

‘එසේ නම්, සර්‍වඥ වූ තථාගතවරු කෙසේ වැඳිය යුත්තාහුද? බුදුවරුන් නොවැඳිය යුත්තේ ඇයි? කරුණාකර එය මට කියා දෙනු මැනවි.

“ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ, නිච‍්චං දළ‍්හපරක‍්කමෙ; සමග‍්ගෙ සාවකෙ පස‍්ස, එතං බුද‍්ධානවන්‍දනං.

‘ඇරඹු වීර්‍ය ඇති, එකඟ කරගත් සිත් ඇති නිතර දැඩි උත්සාහයෙන් යුත් සමගියෙන් වෙසෙන භික්‍ෂූන් දක්නෙම් නම් එය බුදුවරුන්ට කරන වැඳීමය.’

“තතො උපස‍්සයං ගන‍්ත්‍වා, එකිකාහං විචින‍්තයිං; සමග‍්ගපරිසං නාථො, රොධෙසි තිභවන‍්තගො.

ඉක්බිති මම ආරාමයට ගොස් හුදෙකලාවම මෙසේ සිතුවෙමි. බුදුහු සමගිසමපන්න වූ සඟ පිරිස කැමැතිවෙති.

“හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං, මා විපත‍්තිතමද‍්දසං; එවාහං චින‍්තයිත්‍වාන, දිස‍්වාන ඉසිසත‍්තමං.

දැන් මම පිරිනිවෙන්නෙමි. එහිලා වෙනසක් නොදකිම්වා. මෙසේ සිතු මම ලොකශ්‍රේෂ්ඨයාණන් දැක,

“පරිනිබ‍්බානකාලං මෙ, ආරොචෙසිං විනායකං; තතො සො සමනුඤ‍්ඤාසි, කාලං ජානාහි ගොතමී.

මගේ පිරිනිවීමට දැන් කාලය පැමිණ ඇති බව මම උන්වහන්සේට දැන්වීමි. ‘ගෞතමිය, කාලය අනුව’ යනුවෙන් ප්‍රකාශ කරමින් උන්වහන්සේ එය අනුදත්හ.

“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවා.

මගේ කෙලෙස් දැවී ඇත, සියලු භවයන් නිමාවී ඇත, බැඳුමෙන් මිදුණාවූ ඇතින්නක මෙන් ආශ්‍රවයන්ගෙන් මිදී වෙසෙමි.

“ස‍්වාගතං වත මෙ ආසි, මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

බුදුන්වහන්සේ වෙත මගේ පැමිණීම යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසනං.

[missing trans]

“ථීනං ධම‍්මාභිසමයෙ, යෙ බාලා විමතිං ගතා; තෙසං දිට‍්ඨිප‍්පහානත්‍ථං, ඉද‍්ධිං දස‍්සෙහි ගොතමී.

විමතියට පැමිණියා වූ යම් බාලයෝ ධර්‍මය අවබෝධ කරගැනීමෙහිලා උදාසීනව වෙසෙද්ද, ඔවුන්ගේ දෘෂ්ටිය පහකරනු පිණිස ගෞතමිය, ඍද්ධිබලය දක්වනු මැනවි.

“තදා නිපච‍්ච සම‍්බුද‍්ධං, උප‍්පතිත්‍වාන අම‍්බරං; ඉද‍්ධී අනෙකා දස‍්සෙසි, බුද‍්ධානුඤ‍්ඤාය ගොතමී.

ඉක්බිති ඕතොමෝ බුදුන්ට වැඳ අහසට නැගී බුදුන්ගේ අනුදැනුම ඇතිව නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍යයන් දැක්වූවාය.

“එකිකා බහුධා ආසි, බහුධා චෙකිකා තථා; ආවිභාවං තිරොභාවං, තිරොකුට‍්ටං තිරොනගං.

එකම තැනැත්තිය බොහෝ දෙනෙකු මෙන් පෙනිණ, බොහෝ දෙන එකම තැනැත්තියක මෙන් පෙනුණහ. සමහරවිට පෙනී ගියාය. සමහරවිට නොපෙනී ගියාය. ක්‍ෂිතිජයෙන් පිටද අහසට ඔබ්බෙන් ද පෙනිණ.

“අසජ‍්ජමානා අගමා, භූමියම‍්පි නිමුජ‍්ජථ; අභිජ‍්ජමානෙ උදකෙ, අගඤ‍්ඡි මහියා යථා.

නොගැටෙමින් ගමන් කළාය, පොළොව යට කිමිදුණාය. දියමතුපිට පොළොව මත මෙන් නොගැලී ඇවිද්දාය.

“සකුණීව තථාකාසෙ, පල‍්ලඞ‍්කෙන කමී තදා; වසං වත‍්තෙසි කායෙන, යාව බ්‍රහ‍්මනිවෙසනං.

අහසෙහි පියාසර කරන කිරිල්ලක මෙන් පලක් බැඳ අහසෙහි ගමන් කළාය. බඹවිමන දක්වා මුලු විශ්වය තමා වසඟයෙහි පැවතිණ.

“සිනෙරුං දණ‍්ඩං කත්‍වාන, ඡත‍්තං කත්‍වා මහාමහිං; සමූලං පරිවත‍්තෙත්‍වා, ධාරයං චඞ‍්කමී නභෙ.

මහමෙර මිටක් වශයෙන් ද මහපොළොව ඡත්‍රයක් වශයෙන් ද ගෙන උඩියටිකුරු කොට අහසෙහි ඇවිද්දය.

“ඡස‍්සූරොදයකාලෙව, ලොකඤ‍්චාකාසි ධූමිකං; යුගන‍්තෙ විය ලොකං සා, ජාලාමාලාකුලං අකා.

සූර්‍යයන් සදෙනෙකු පෑවූකලක මෙන් සකල ලෝකයම දුම් සහිතවිය. ඕතොමෝ යුගාන්තයෙහි මෙන් ලෝකය රශ්මජාලාවන්ගෙන් ආකුල කළාය.

“මුචලින්‍දං මහාසෙලං, මෙරුමූලනදන‍්තරෙ; සාසපාරිව සබ‍්බානි, එකෙනග‍්ගහි මුට‍්ඨිනා.

මුචලින්ද නම්වූ මහා විල, මේරු මන්ථර යන මහා පර්‍වත යන මේ සියල්ලම අබ ඇට මිටක් මෙන් එක පිටින් ගත්තාය.

“අඞ‍්ගුලග‍්ගෙන ඡාදෙසි, භාකරං සනිසාකරං; චන්‍දසූරසහස‍්සානි, ආවෙළමිව ධාරයි.

හිරු හා සඳු ඇඟිලි අගින් වැසුවාය. හිරු සඳු දහස් ගණනක් මාලයක් මෙන් දැරුවාය.

“චතුසාගරතොයානි, ධාරයී එකපාණිනා; යුගන‍්තජලදාකාරං, මහාවස‍්සං පවස‍්සථ.

සිවුසයුරුවල ජලය එක අත්ලෙන් ගත්තාය. යුගාන්තයෙහි වැහිවලාකුළින් මෙන් මහා වර්‍ෂාවක් වැස්සුවාය.

“චක‍්කවත‍්තිං සපරිසං, මාපයී සා නභත‍්තලෙ; ගරුළං ද‍්විරදං සීහං, විනදන‍්තං පදස‍්සයි.

ඕ තොමෝ පිරිස් සහිත සක්විති රජෙකු අහස්කුස තුළ මැව්වාය. ගුරුළා, ඇතා, සිංහයා, විනතා ආදීන්ද පෙන්වූවාය.

“එකිකා අභිනිම‍්මිත්‍වා, අප‍්පමෙය්‍යං භික‍්ඛුනීගණං; පුන අන‍්තරධාපෙත්‍වා, එකිකා මුනිමබ්‍රවි.

එකම භික්‍ෂුණිය අප්‍රමාණ සංඛ්‍යාවක් භික්‍ෂුණින් මැවුවාය. නැවත ඔවුන් සියල්ලන්ම අතුරුදන් කරවා එක භික්‍ෂුණියක් වී බුදුන්ට මෙසේ සැල කළාය.

“මාතුච‍්ඡා තෙ මහාවීර, තව සාසනකාරිකා; අනුප‍්පත‍්තා සකං අත්‍ථං, පාදෙ වන්‍දාමි චක‍්ඛුම.

‘මහා වීරයන් වහන්ස, ඔබවහන්සේගේ අවවාද පිළිපදින්නා වූ සුලුවම ස්වකීය අර්‍ථය සාදාගත්තාය. වහන්ස ඔබගේ දෙපා වඳිමි.

“දස‍්සෙත්‍වා විවිධා ඉද‍්ධී, ඔරොහිත්‍වා නභත‍්තලා; වන්‍දිත්‍වා ලොකපජ‍්ජොතං, එකමන‍්තං නිසීදි සා.

විවිධ ප්‍රාතිහාර්‍යයන් දක්වා ඕතොමෝ අහසින් බැස්සාය. බුදුන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නාය.

“සා වීසවස‍්සසතිකා, ජාතියාහං මහාමුනෙ; අලමෙත‍්තාවතා වීර, නිබ‍්බායිස‍්සාමි නායක.

‘උපතින් වසර එකසිය විස්සක් වූ මම, මහා මුනිවරය, මෙපමණකින් සෑහීමකට පත්වෙමි, දැන් මම පිරිනිවෙන්නෙමි.

“තදාතිවිම‍්හිතා සබ‍්බා, පරිසා සා කතඤ‍්ජලී; අවොචය්‍යෙ කථං ආසි, අතුලිද‍්ධිපරක‍්කමා.

එයින් විමතියට පත්වූ ඒ පිරිස ඇඳිලි බැඳගෙන ‘ආර්‍යාවනි, මේ අසමාන ඍද්ධි පරාක්‍රමය ඔබට ලැබුණේ කෙසේද’ යනුවෙන් පිළිවිසූහ.

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්‍මයන් දත්තා වූ පදුමුත්තර නම් බුදුන් ලෙව්හි උපන්හ.

“තදාහං හංසවතියං, ජාතාමච‍්චකුලෙ අහුං; සබ‍්බොපකාරසම‍්පන‍්නෙ, ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

එකල මම හංසවතී නුවර මහා ධනවත් සමෘද්ධිමත් සියලු භවභෝගයන්ගෙන් අනූන ඇමති කුලයක උපනිමි.

“කදාචි පිතුනා සද‍්ධිං, දාසීගණපුරක‍්ඛතා; මහතා පරිවාරෙන, තං උපෙච‍්ච නරාසභං.

සමහර දිනක පියා සමග දාසි සමූහයා පිරිවරාගෙන මහත්වූ පිරිසක් සමග ඒ බුදුන් වෙත එළඹ,

“වාසවං විය වස‍්සන‍්තං, ධම‍්මමෙඝං අනාසවං; සරදාදිච‍්චසදිසං, රංසිජාලසමුජ‍්ජලං.

වැස්ස වස්සවන්නාවූ දෙවියන් වැනි ධර්‍මවර්‍ෂාව වර්‍ෂණය කරවන්නා වූ රැස්වළල්ලෙන් සුසැදි සරත්හිරු මෙන් බබළන බුදුන් දැක

“දිස‍්වා චිත‍්තං පසාදෙත්‍වා, සුත්‍වා චස‍්ස සුභාසිතං; මාතුච‍්ඡං භික‍්ඛුනිං අග‍්ගෙ, ඨපෙන‍්තං නරනායකං.

පැහැදී උන්වහන්සේ පැවසූ වදන්වලට ඇහුම්කන් දී සුලුමවු භික්‍ෂුණියක අගතැන්හි පිහිටුවනු අසා

“සුත්‍වා දත්‍වා මහාදානං, සත‍්තාහං තස‍්ස තාදිනො; සසඞ‍්ඝස‍්ස නරග‍්ගස‍්ස, පච‍්චයානි බහූනි ච.

සත්දිනක් ඒ බුදුට හා මහාසංඝයාට දන් දී එසේම බොහෝ සිවුපසය ද පුදා

“නිපච‍්ච පාදමූලම‍්හි, තං ඨානමභිපත්‍ථයිං; තතො මහාපරිසතිං, අවොච ඉසිසත‍්තමො.

උන්වහන්සේගේ දෙපාමුල දණින් වැටී ඒ තනතුර පැතුවෙමි. ඉක්බිති ඒ මහා සෘෂීන්වහන්සේ ඒ පිරිස මැද මෙසේ වදාළහ:

“යා සසඞ‍්ඝං අභොජෙසි, සත‍්තාහං ලොකනායකං; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

‘යම් තැනැත්තියක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සත්දිනක් වැළඳවීද ඒ තැනැත්තියගේ අනාගතය මම කියමි. එය අසනු මැනවි.

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප සියදහසක් ගතවූ පසු ඉක්‍ෂ්වාකු වංශයෙහි ගෞතම නමින් බුදු කෙනෙක් පහළවන්නාහ.

තස‍්ස ධම‍්මෙසු දායාදා, ඔරසා ධම‍්මනිම‍්මිතා; ගොතමී නාම නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවිකා.

ඔබ ඒ බුදුන්ගේ කාලයෙහි ගෞතමී නමින් ශ්‍රාවිකාවක් වන්නීය.

“තස‍්ස බුද‍්ධස‍්ස මාතුච‍්ඡා, ජීවිතාපාදිකා අයං; රත‍්තඤ‍්ඤූනඤ‍්ච අග‍්ගත‍්තං, භික‍්ඛුනීනං ලභිස‍්සති.

ඒ බුදුන්ගේ සුලුමව වන්නා වූ උන්වහන්සේ ඇතිදැඩි කරන්නා වූ මෝතොමෝ චිරකාලඥ භික්‍ෂුණීන් අතර අගතැන් ලබන්නීය.’

“තං සුත්‍වාන පමොදිත්‍වා, යාවජීවං තදා ජිනං; පච‍්චයෙහි උපට‍්ඨිත්‍වා, තතො කාලඞ‍්කතා අහං.

ඒ ප්‍රකාශයෙන් තුටු පහටු වූ මම ජීවිත කාලය පුරාම ඒ බුදුන්ට සිවුපසයෙන් සත්කාර කර එයින් චුතව සියලු කාමයන්ගෙන් සමෘද්ධිමත් වූ තව්තිසා දෙවිවරුන් අතර උපන්නෙම් අනෙක් සියල්ලන්ට වඩා දශාංගයකින් ශ්‍රේෂ්ඨ වීමි.

“තාවතිංසෙසු දෙවෙසු, සබ‍්බකාමසමිද‍්ධිසු; නිබ‍්බත‍්තා දසහඞ‍්ගෙහි, අඤ‍්ඤෙ අභිභවිං අහං.

“රූපසද‍්දෙහි ගන්‍ධෙහි, රසෙහි ඵුසනෙහි ච; ආයුනාපි ච වණ‍්ණෙන, සුඛෙන යසසාපි ච.

රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් ස්පර්‍ශයෙන්, ආයුෂයෙන්, වර්‍ණයෙන්, සුවයෙන්, යශසින් හා අධිපතිබවෙන් මම අන් සියල්ලන්ම අභිබවා සිටියෙමි. ඒ දේවාධිපතියාගේ ප්‍රියතම භාර්‍ය්‍යාව වීමි.

“තථෙවාධිපතෙය්‍යෙන, අධිගය‍්හ විරොචහං; අහොසිං අමරින්‍දස‍්ස, මහෙසී දයිතා තහිං.

“සංසාරෙ සංසරන‍්තීහං, කම‍්මවායුසමෙරිතා; කාසිස‍්ස රඤ‍්ඤො විසයෙ, අජායිං දාසගාමකෙ.

සසර සැරිසරන්නාවූ මම කර්‍මවායුවෙන් සැලෙන්නී කාසි රජුගේ රාජධානියෙහි දාසගමක උපනිමි.

“පඤ‍්චදාසසතානූනා, නිවසන‍්ති තහිං තදා; සබ‍්බෙසං තත්‍ථ යො ජෙට‍්ඨො, තස‍්ස ජායා අහොසහං.

දාසයන් පන්සියයකින් සමන්විත වූ ඒ ගමෙහි මම නායක දාසයාගේ බිරිඳ වීමි.

“සයම‍්භුනො පඤ‍්චසතා, ගාමං පිණ‍්ඩාය පාවිසුං; තෙ දිස‍්වාන අහං තුට‍්ඨා, සහ සබ‍්බාහි ඉත්‍ථිභි.

බුදුන්වහන්සේගේ පන්සියයක් ශ්‍රාවකයන් පිඬු පිණිස වඩිනු මම දුටුවෙමි. එයින් පැහැදුණු මම සෙසු සියලු ස්ත්‍රීන් ද සමග පිරිසිදු වී සියලු දෙනාම එක්වී සිවුමසක් පුදා අපේ සැමියන් සමග අපි සසරෙහි සැරිසැරුවෙමු.

“පූගා හුත්‍වාව සබ‍්බායො, චතුමාසෙ උපට‍්ඨහුං; තිචීවරානි දත්‍වාන, සංසරිම‍්හ සසාමිකා.

“තතො චුතා සබ‍්බාපි තා, තාවතිංසගතා මයං; පච‍්ඡිමෙ ච භවෙ දානි, ජාතා දෙවදහෙ පුරෙ.

එයින් චුතවූ අපි සැමියන්ද සමග තව්තිසාවට ගියෙමු. දැන් මේ අවසාන ආත්මභාවයෙහි මම දෙව්දහ නුවර උපන්නෙමි.

“පිතා අඤ‍්ජනසක‍්කො මෙ, මාතා මම සුලක‍්ඛණා; තතො කපිලවත්‍ථුස‍්මිං, සුද‍්ධොදනඝරං ගතා.

මගේ පියා අඤ්ඡන සාක්‍යයාය, මගේ මව සුලක්‍ඛණාය. මම එයින් පිටත්ව කපිලවස්තුවෙහි සුද්ධෝදන රජුගේ මාලිගයට ගියෙමි.

“සෙසා සක්‍යකුලෙ ජාතා, සක්‍යානං ඝරමාගමුං; අහං විසිට‍්ඨා සබ‍්බාසං, ජිනස‍්සාපාදිකා අහුං.

සෙසු ස්ත්‍රීහු ද ශාක්‍ය කුලයෙහි උපන්නාහු ශාක්‍යයන් සමගම ආවාහ විවාහ වූහ. ඒ සියලු දෙනාටම වඩා උසස් වූ මම බුදුන් හදාවඩාගත් තැනැත්තිය වීමි.

“මම පුත‍්තොභිනික‍්ඛම‍්ම, බුද‍්ධො ආසි විනායකො; පච‍්ඡාහං පබ‍්බජිත්‍වාන, සතෙහි සහ පඤ‍්චහි.

මගේ පුතා ගිහිගෙයින් නික්ම ගොස් බුදුවිය. එයින් පසු මම පන්සීයයක් කාන්තාවන් සමග පැවිදිවී

“සාකියානීහි ධීරාහි, සහ සන‍්තිසුඛං ඵුසිං; යෙ තදා පුබ‍්බජාතියං, අම‍්හාකං ආසු සාමිනො.

ඒ ශාක්‍ය දියණියන් සමගම ශාන්ත සුඛය ලබා ගතිමි. ඒ පෙර ආත්මවල යමෙක්තුමූ අපගේ සැමියෝ වූහුද

“සහපුඤ‍්ඤස‍්ස කත‍්තාරො, මහාසමයකාරකා; ඵුසිංසු අරහත‍්තං තෙ, සුගතෙනානුකම‍්පිතා.

ඔවුහු පින්කිරීමෙහි නියැළුණාහු බුදුන් විසින් අනුකම්පා කරනු ලැබුවාහු රහත්බව ලබා ගත්හ.

“තදෙතරා භික‍්ඛුනියො, ආරුහිංසු නභත‍්තලං; සංගතා විය තාරායො, විරොචිංසු මහිද‍්ධිකා.

ඉක්බිති සෙසු භික්‍ෂුණීහු අහසට නැංගහ. මහත් සෘද්ධිබල ඇත්තා වූ ඔවුහු නබෝගත තාරකා මෙන් බැබළුණහ.

“ඉද‍්ධී අනෙකා දස‍්සෙසුං, පිළන්‍ධවිකතිං යථා; කම‍්මාරො කනකස‍්සෙව, කම‍්මඤ‍්ඤස‍්ස සුසික‍්ඛිතො.

පළඳනා විශේෂයන් යම්සේද මනා පළපුරුදුකම් ඇති කඹුරෙකු රනින් සාදන බඩු යම්සේද එවැනි විසිතුරු අයුරින් ඔවුහු විවිධ ප්‍රාතිහාර්‍යයන් දැක්වූහ.

“දස‍්සෙත්‍වා පාටිහීරානි, විචිත‍්තානි බහූනි ච; තොසෙත්‍වා වාදිපවරං, මුනිං සපරිසං තදා.

නොයෙක් පෙරහර දවා එදින පිරිස් සහිත බුදුන් සතුටු කරවා අහසින් බැස ලෝකනාථයන් වහන්සේ වැඳ බුදුන් විසින් අනුදනා ලද්දහු හුන් තැන්වල හිඳගත්හ.

“ඔරොහිත්‍වාන ගගනා, වන්‍දිත්‍වා ඉසිසත‍්තමං; අනුඤ‍්ඤාතා නරග‍්ගෙන, යථාඨානෙ නිසීදිසුං.

“අහොනුකම‍්පිකා අම‍්හං, සබ‍්බාසං චිර ගොතමී; වාසිතා තව පුඤ‍්ඤෙහි, පත‍්තා නො ආසවක‍්ඛයං.

ගෞතමී තෙරණියගේ ඇසුර කෙතරම් අනුකම්පාසහගතවීද, ඔබගේ පිනින් අපි සියල්ලෝම අසවු දුරුකළෙමු.

“කිලෙසා ඣාපිතා අම‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගීව බන්‍ධනං ඡෙත්‍වා, විහරාම අනාසවා.

අපේ කෙලෙස් දැවිණ, සියලු භවයන් නිම කළෙමු. බැමි සිඳගත් ඇතින්නක මෙන් අසවුවලින් (ආශ්‍රවයන්ගෙන්) දුරුවී වෙසෙමු.

“ස‍්වාගතං වත නො ආසි, බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසනං.

බුදුන් වෙත අපේ පැමිණීම සාර්‍ථක වූවකි, ත්‍රිවිද්‍යාව ලබාගතිමු, බුදුන්ගේ ඔවදන ඉටු කළෙමු.

“පටිසම‍්භිදා චතස‍්සො, විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ; ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා, කතං බුද‍්ධස‍්ස සාසනං.

සිවුපිළිසිඹියා, අෂ්ටවිමෝක්‍ෂ, ෂඩ් අභිඥා ද ක්‍ෂාත්ක්‍ෂාත් කළෙමු. බුදුන්ගේ අවවාදය අනුගමනය කළෙමු.

“ඉද‍්ධීසු ච වසී හොම, දිබ‍්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස‍්ස, වසී හොම මහාමුනෙ.

සෘද්ධිබලය ලබාගතිමු, දිවකන් ලැබීමු. පරසිත් දැනීමේ නුවණ ලබාගතිමු, මහා මුනිවරයාගේ ශික්‍ෂණයෙහි වෙසෙමු.

“පුබ‍්බෙනිවාසං ජානාම, දිබ‍්බචක‍්ඛු විසොධිතං; සබ‍්බාසවපරික‍්ඛීණා, නත්‍ථි දානි පුනබ‍්භවා.

පෙර විසූ භවයන් දනිමු, දිවැස පිරිසිදු කළෙමු. සියලු අසවු ක්‍ෂය කළෙමු. මතු භවයක් නොමැත.

“අත්‍ථෙ ධම‍්මෙ ච නෙරුත‍්තෙ, පටිභානෙ ච විජ‍්ජති; ඤාණං අම‍්හං මහාවීර, උප‍්පන‍්නං තව සන‍්තිකෙ.

අර්‍ථ ධර්‍ම නිරුක්ති ප්‍රතිභාන ලබාගතිමු, මහා වීරයන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි අපට දැනීම ලැබිණ.

“අස‍්මාභි පරිචිණ‍්ණොසි, මෙත‍්තචිත‍්තා හි නායක; අනුජානාහි සබ‍්බාසං, නිබ‍්බානාය මහාමුනෙ.

නායකයාණන් වහන්ස, අප විසින් මෙත්සිත පුරුදු කළෙමු, දැන් අප සියල්ලන්ගේම පිරිනිවීම අනුදන්නා සේක්වා.

“නිබ‍්බායිස‍්සාම ඉච‍්චෙවං, කිං වක‍්ඛාමි වදන‍්තියො; යස‍්ස දානි ච වො කාලං, මඤ‍්ඤථාති ජිනොබ්‍රවි.

පිරිනිවෙන්නෙමු, යනුවෙන් කියන තැනැත්තන්ට කුමක් කියම්ද, ඒ සඳහා ඔබලාට දැන් සුදුසු කාලයයි හැඟේ නම් යනුවෙන් බුදුහු අනුදත්.

“ගොතමීආදිකා තායො, තදා භික‍්ඛුනියො ජිනං; වන්‍දිත්‍වා ආසනා තම‍්හා, වුට‍්ඨාය ආගමිංසු තා.

ගෞතමී තෙරණිය ප්‍රධාන කොට ඇති භික්‍ෂුණීහු එවිට බුදුන්ට වැඳ අසුන්වලින් නැගිට නික්ම ගියහ.

“මහතා ජනකායෙන, සහ ලොකග‍්ගනායකො; අනුසංයායී සො වීරො, මාතුච‍්ඡං යාවකොට‍්ඨකං.

ලෝකනායකයන් වහන්සේ මහා ජනකායත් සමග දොරකොටුව දක්වා සුලුමට අනුව වැඩියහ.

“තදා නිපති පාදෙසු, ගොතමී ලොකබන්‍ධුනො; සහෙව තාහි සබ‍්බාහි, පච‍්ඡිමං පාදවන්‍දනං.

එතැන්හිදී ගෞතමී තෙරණිය බුදුන්ගේ දෙපා මුල වැටී වැන්දාය. සෙසු තෙරණියෝ ද අවසාන වරට උන්වහන්සේගේ දෙපා වැන්දාහ.

“ඉදං පච‍්ඡිමකං මය‍්හං, ලොකනාථස‍්ස දස‍්සනං; න පුනො අමතාකාරං, පස‍්සිස‍්සාමි මුඛං තව.

මේ ඔබවහන්සේගේ අන්තිම දැකීමය. අමෘතයට ආකරයක් වැනිවූ ඔබගේ මේ මුහුණ නැවත නොදකින්නෙමු.

“න ච මෙ වන්‍දනං වීර, තව පාදෙ සුකොමලෙ; සම‍්ඵුසිස‍්සති ලොකග‍්ග, අජ‍්ජ ගච‍්ඡාමි නිබ‍්බුතිං.

වීරයන් වහන්ස, ඔබගේ සියමැලි දෙපා ස්පර්‍ශකර වැඳ අද නිවන් යන්නෙමි.

“රූපෙන කිං තවානෙන, දිට‍්ඨෙ ධම‍්මෙ යථාතථෙ; සබ‍්බං සඞ‍්ඛතමෙවෙතං, අනස‍්සාසිකමිත‍්තරං.

මෙලෙව්හිදී යම්සේද එවැනි වූ ඔබගේ මේ රූපකායෙන් ඇති ඵලය කුමක්ද? මේ සියලුම සංඛත ධර්‍මයන් අනාශ්‍රිතය, විනාශවන සුලුය.

“සා සහ තාහි ගන‍්ත්‍වාන, භික‍්ඛුනුපස‍්සයං සකං; අඩ‍්ඪපල‍්ලඞ‍්කමාභුජ‍්ජ, නිසීදි පරමාසනෙ.

ඕතොමෝ සෙසු භික්‍ෂුණීන්ද සමග ආරාමයට ගොස් අඩපලඟක් බැඳ උතුම් අසුනෙහි හිඳගත්තාය.

“තදා උපාසිකා තත්‍ථ, බුද‍්ධසාසනවච‍්ඡලා; තස‍්සා පවත‍්තිං සුත්‍වාන, උපෙසුං පාදවන්‍දිකා.

මෙපුවත අසන්ට ලැබුණු බුදු සසුනෙහි සැදැහැති උපාසිකාවෝ ඇයගේ පා වඳිනු පිණිස එහි පැමිණියහ.

“කරෙහි උරං පහන‍්තා, ඡින‍්නමූලා යථා ලතා; රොදන‍්තා කරුණං රවං, සොකට‍්ටා භූමිපාතිතා.

දෙඅතින් පපුවට ගසාගනිමින් මුලසුන් වැල් මෙන් දුකින් හඬන්නාහු ශෝකයෙන් මැඩුණාහු බිම වැටුණහ.

“මා නො සරණදෙ නාථෙ, විහාය ගමි නිබ‍්බුතිං; නිපතිත්‍වාන යාචාම, සබ‍්බායො සිරසා මයං.

අපට පිහිට ගෙන දෙන්නා වූ නායිකාවහන්ස, අප හැර දමා නිවනට නොයන්න. අපි සියල්ලෝම බිම වැටී හිස නමා මෙසේ ඇයද සිටිමු.

“යා පධානතමා තාසං, සද‍්ධා පඤ‍්ඤා උපාසිකා; තස‍්සා සීසං පමජ‍්ජන‍්තී, ඉදං වචනමබ්‍රවි.

ඔවුන්ගෙන් ප්‍රධානියා වූ ශ්‍රද්ධා ප්‍රඥාසම්පන්න වූ උපාසිකාවගේ හිස පිරිමදිමින් ගෞතමී තෙරණිය මෙසේ කීවාය.

“අලං පුත‍්තා විසාදෙන, මාරපාසානුවත‍්තිනා; අනිච‍්චං සඞ‍්ඛතං සබ‍්බං, වියොගන‍්තං චලාචලං.

මාරයාගේ පාශය තුළ වෙසෙන දරුවෙනි, දුක්වීමෙන් පලක් නැත, සංඛත හැම දෙයක්ම අනිත්‍යය, වෙන්වනසුලුය, සැලෙන සුලුය.

“තතො සා තා විසජ‍්ජිත්‍වා, පඨමං ඣානමුත‍්තමං; දුතියඤ‍්ච තතියඤ‍්ච, සමාපජ‍්ජි චතුත්‍ථකං.

ඉක්බිති ඕතොමෝ ඒ පිරිස පිටත්කර යවා ප්‍රථම, ද්විතීය, තෘතීය හා වතුර්‍ථ යන ධ්‍යානයන්ට ද, ආකාසායතන, විඤ්ඤාණායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤායතන යන ආයතනයන්ට ද ක්‍රමයෙන් සමවැදුණාය.

“ආකාසායතනඤ‍්චෙව, විඤ‍්ඤාණායතනං තථා; ආකිඤ‍්චං නෙවසඤ‍්ඤඤ‍්ච, සමාපජ‍්ජි යථාක‍්කමං.

“පටිලොමෙන ඣානානි, සමාපජ‍්ජිත්‍ථ ගොතමී; යාවතා පඨමං ඣානං, තතො යාවචතුත්‍ථකං.

ඉක්බිති ගෞතමී තෙරණිය ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට පැමුනුණාය. නැවත ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථධ්‍යානයට සමවැද,

“තතො වුට‍්ඨාය නිබ‍්බායි, දීපච‍්චීව නිරාසවා; භූමිචාලො මහා ආසි, නභසා විජ‍්ජුතා පති.

එයින් නැගිට ඇසුරක් නැති පහන් දැල්ලක් මෙන් පිරිනිවියාය. එකෙණෙහි මහා භූමි චලනයක් විය. අහසින් විදුලිය දහර බිම හිණ.

“පනාදිතා දුන්‍දුභියො, පරිදෙවිංසු දෙවතා; පුප‍්ඵවුට‍්ඨී ච ගගනා, අභිවස‍්සථ මෙදනිං.

දිව බෙර වැයිණ, දෙවිවරු වැළපුණු, අහසින් මල්වැසි වට.

“කම‍්පිතො මෙරුරාජාපි, රඞ‍්ගමජ‍්ඣෙ යථා නටො; සොකෙන චාතිදීනොව, විරවො ආසි සාගරො.

රංගන මධ්‍යයෙහි නළුවෙක් යම්සේද එසේම මහමෙරද චලිතවිය, ශෝකයෙන් දීනව ගියාක් මෙන් සාගරයද නිහඬ විය.

“දෙවා නාගාසුරා බ්‍රහ‍්මා, සංවිග‍්ගාහිංසු තඞ‍්ඛණෙ; අනිච‍්චා වත සඞ‍්ඛාරා, යථායං විලයං ගතා.

මොතොමෝ යම්සේ අභාවයට ගියාද ඒ අයුරින්ම දෙවිවරු, නාගයෝ හා බ්‍රහ්මයෝ ද එකෙණෙහිම සංවේගයට පැමිණියහ.

“යා චෙ මං පරිවාරිංසු, සත්‍ථු සාසනකාරිකා; තයොපි අනුපාදානා, දීපච‍්චි විය නිබ‍්බුතා.

බුදුන්ගේ අවවාද පිළිපදින්නා වූ යම් ශ්‍රාවිකා සමූහයක්වූහුද ඔවුහුද තෙල් නොමැතිව නිවී යන පහන්සිළු මෙන් පිරිනිවියහ.

“හා යොගා විප‍්පයොගන‍්තා, හානිච‍්චං සබ‍්බසඞ‍්ඛතං; හා ජීවිතං විනාසන‍්තං, ඉච‍්චාසි පරිදෙවනා.

දුකකි, සංයෝගයෝ වියෝගය කෙළවරකොට ඇත්තෝය, සියලු සංඛතයන් අනිත්‍යය දුකකි. ජීවිතය විනාශය කෙළවරකොට ඇත්තේය. මෙසේ වැළපීම සිදුවන්නේය.

“තතො දෙවා ච බ්‍රහ‍්මා ච, ලොකධම‍්මානුවත‍්තනං; කාලානුරූපං කුබ‍්බන‍්ති, උපෙත්‍වා ඉසිසත‍්තමං.

එහෙයින් දෙවිවරු ද බ්‍රහ්මයෝ ද බුදුන් වෙත පැමිණ කාලානුරූප ලෙස ලෝකධර්‍මයට අනුව පවතින්නාහුය.

“තදා ආමන‍්තයී සත්‍ථා, ආනන්‍දං සුතසාගරං; ගච‍්ඡානන්‍ද නිවෙදෙහි, භික‍්ඛූනං මාතු නිබ‍්බුතිං.

ඉක්බිති බුදුහු අනඳ තෙරුන් අමතා ‘ආනන්ද යව, මවගේ පිරිනිවීම භික්‍ෂූන්ට දැනුම් දෙව’ යනුවෙන් සැලකළහ.

“තදානන්‍දො නිරානන්‍දො, අස‍්සුනා පුණ‍්ණලොචනො; ගග‍්ගරෙන සරෙනාහ, සමාගච‍්ඡන‍්තු භික‍්ඛවො.

එවිට ආනන්දයෙන් තොරවූ ආනන්ද තෙරණුවෝ කඳුළු පිරි නෙත් ඇත්තාහු ගොතගැසෙන ස්වරයෙන් මෙසේ දැනුම් දුන්හ: ‘භික්‍ෂුහු රැස්වෙත්වා,

“පුබ‍්බදක‍්ඛිණපච‍්ඡාසු, උත‍්තරාය ච සන‍්තිකෙ; සුණන‍්තු භාසිතං මය‍්හං, භික‍්ඛවො සුගතොරසා.

නැගෙනහිර, දකුණ, බටහිර හා උතුරුබද පෙදෙස්වල වෙසෙන බුද්ධපුත්‍ර භික්‍ෂූහු මගේ වචනය අසත්වා.

“යා වඩ‍්ඪයි පයත‍්තෙන, සරීරං පච‍්ඡිමං මුනෙ; සා ගොතමී ගතා සන‍්තිං, තාරාව සූරියොදයෙ.

යම් තැනැත්තියක් මහාමුනිවරයාගේ අන්තිම ශරීරය පෝෂණය කළාද ඒ ගෞතමිය අද හිරු උදාවෙහිදී තාරා මෙන්, ශාන්තියට යන්නීය.

“බුද‍්ධමාතාපි පඤ‍්ඤත‍්තිං, ඨපයිත්‍වා ගතාසමං; න යත්‍ථ පඤ‍්චනෙත‍්තොපි, ගතිං දක‍්ඛති නායකො.

බුද්ධමාතා (බුදුන්ගේ මව) යන ප්‍රඥප්තිය ඉතිරි කර ඕ ගියාය. පසසැති නායකයා පවා ඒ ගතිය නොදකියි.

“යස‍්සත්‍ථි සුගතෙ සද‍්ධා, යො ච පියො මහාමුනෙ; බුද‍්ධමාතුස‍්ස සක‍්කාරං, කරොතු සුගතොරසො.

යමෙකුට බුදුන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇත්තේ ද, යමෙක් මහා මුනිවරයාගේ ශ්‍රාවකයෙක් වේද ඒ බුද්ධ පුත්‍රයා බුදුන්ගේ මවට සත්කාර කෙරේවා.

“සුදූරට‍්ඨාපි තං සුත්‍වා, සීඝමාගච‍්ඡු භික‍්ඛවො; කෙචි බුද‍්ධානුභාවෙන, කෙචි ඉද‍්ධීසු කොවිදා.

ඉතා ඈත විසූ භික්‍ෂූහු පවා එය අසා වහාම එහි පැමිණියහ. සමහරෙක් බුදුන්ගේ අනුහසින්ද සමහරෙක් සෘද්ධි බලයෙන්ද පැමිණියහ.

“කූටාගාරවරෙ රම‍්මෙ, සබ‍්බසොණ‍්ණමයෙ සුභෙ; මඤ‍්චකං සමාරොපෙසුං, යත්‍ථ සුත‍්තාසි ගොතමී.

ගෞතමී පෙර දින යම් ඇඳක නිදාගත්තීද, මනහර රන්මුවා කුළුගෙයක තැබූ ඒ ඇඳෙහි ඇයගේ සිරුර තැන්පත් කළහ.

“චත‍්තාරො ලොකපාලා තෙ, අංසෙහි සමධාරයුං; සෙසා සක‍්කාදිකා දෙවා, කූටාගාරෙ සමග‍්ගහුං.

ලෝකපාල දෙවිවරු සිවුදෙන තම අංසවලින් එය ඉසුලූහ. සෙසු ශක්‍රාදී දෙවිවරු සෙසු කුළුගෙවල් ඉසුලූහ.

“කූටාගාරානි සබ‍්බානි, ආසුං පඤ‍්චසතානිපි; සරදාදිච‍්චවණ‍්ණානි, විස‍්සකම‍්මකතානි හි.

කුළුගෙවල් සියල්ලම පන්සියයක් විය. ශරද් සූර්‍යයා මෙන් මේ සියල්ල දීප්තිමත් විය.

“සබ‍්බා තාපි භික‍්ඛුනියො, ආසුං මඤ‍්චෙසු සායිතා; දෙවානං ඛන්‍ධමාරුළ‍්හා, නිය්‍යන‍්ති අනුපුබ‍්බසො.

සියලු භික්‍ෂුණීහු ඇඳන්වල සතප්වා සිටියහ. ඔවුහු දෙවිවරුන්ගේ කරපිටින් අනුපිළිවෙළට ගෙනයනු ලැබෙත්.

“සබ‍්බසො ඡාදිතං ආසි, විතානෙන නභත‍්තලං; සතාරා චන්‍දසූරා ච, ලඤ‍්ඡිතා කනකාමයා.

අහස හාත්පස වියනින් වැසූහ. තාරකා සහිත හිරු සඳු රුවන්මුවා මෙන් දක්නට ලැබිණ.

“පටාකා උස‍්සිතානෙකා, විතතා පුප‍්ඵකඤ‍්චුකා; ඔගතාකාසපදුමා, මහියා පුප‍්ඵමුග‍්ගතං.

පතාකා එසවූහ. විසිතුරු නොයෙක් මල්වියන් විය. අහසෙහි සුවඳදුම් පැතිරීණ, පොළොවෙහි මල් පැනනැගිණ.

“දිස‍්සන‍්ති චන්‍දසූරියා, පජ‍්ජලන‍්ති ච තාරකා; මජ‍්ඣං ගතොපි චාදිච‍්චො, න තාපෙසි සසී යථා.

සඳහිරු තාරකාවෝ එකවර බබළයි. හිරු අහස මැද දක්නට ලැබෙන නමුදු සඳු මෙන් සිසිලස ගෙනදෙයි. දෙ

“දෙවා දිබ‍්බෙහි ගන්‍ධෙහි, මාලෙහි සුරභීහි ච; වාදිතෙහි ච නච‍්චෙහි, සඞ‍්ගීතීහි ච පූජයුං.

දෙවිවරු දිවගඳමල් හා නැටුම් ගැයුම් වැයුම්වලින් පිදූහ.

“නාගාසුරා ච බ්‍රහ‍්මානො, යථාසත‍්ති යථාබලං; පූජයිංසු ච නිය්‍යන‍්තිං, නිබ‍්බුතං බුද‍්ධමාතරං.

නාග, සුර හා බ්‍රහ්මයෝ ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හා බලයට අනුව පිරිනිවියා වූ ගෙනයනු ලබන්නා වූ බුදුමවට පූජා සත්කාර කළහ.

“සබ‍්බායො පුරතො නීතා, නිබ‍්බුතා සුගතොරසා; ගොතමී නිය්‍යතෙ පච‍්ඡා, සක‍්කතා බුද‍්ධපොසිකා.

සෙසු භික්‍ෂුණීන් පෙරටුව ගෙනයති. සත්කාර කරනු ලැබූ බුදුන් හදාවඩාගත් ගෞතමී තොමෝ පසුව ගෙනයනු ලබයි.

“පුරතො දෙවමනුජා, සනාගාසුරබ්‍රහ‍්මකා; පච‍්ඡා සසාවකො බුද‍්ධො, පූජත්‍ථං යාති මාතුයා.

දිව්‍ය මනුෂ්‍ය නාග අසුර බ්‍රහ්මාදීහු පෙරටුව යති. මවට ගරුකිරීම් වශයෙන් සංඝයා සමග බුදුහු පසුව යති.

“බුද‍්ධස‍්ස පරිනිබ‍්බානං, නෙදිසං ආසි යාදිසං; ගොතමීපරිනිබ‍්බානං, අතෙවච‍්ඡරියං අහු.

යම් අයුරකින් ගෞතමී තෙරණියගේ පිරිනිවීම සිදුවීද බුදුන්ගේ පිරිනිවීම එසේ නොවීය. ගෞතමී තෙරණියගේ පිරිනිවීම අතිශයින් ආශ්චර්‍යජනක විය.

“බුද‍්ධො බුද‍්ධස‍්ස නිබ‍්බානෙ, නොපටියාදි භික‍්ඛවො; බුද‍්ධො ගොතමිනිබ‍්බානෙ, සාරිපුත‍්තාදිකා තථා.

බුදුන්ගේ පිරිනිවීමෙහි දී උන්වහන්සේ භික්‍ෂූන් පිළියෙල නොකළහ. ගෞතමී තෙරණියගේ මෙන්ම සැරියුත් ආදී තෙරවරුන්ගේ චිතකයන් කරවා සුවඳසුණු ඉස සුවඳමල් ඉස්වා දැවූහ.

“චිතකානි කරිත්‍වාන, සබ‍්බගන්‍ධමයානි තෙ; ගන්‍ධචුණ‍්ණපකිණ‍්ණානි, ඣාපයිංසු ච තා තහිං.

“සෙසභාගානි ඩය‍්හිංසු, අට‍්ඨී සෙසානි සබ‍්බසො; ආනන්‍දො ච තදාවොච, සංවෙගජනකං වචො.

දැවීමෙන් පසු ඉතිරි වූ ඇටකටුද වූහ. එවේලෙහි අනඳ තෙරණුවෝ සංවේගජනක වචනයක් ප්‍රකාශ කළහ.

“ගොතමී නිධනං යාතා, ඩය‍්හඤ‍්චස‍්ස සරීරකං; සඞ‍්කෙතං බුද‍්ධනිබ‍්බානං, න චිරෙන භවිස‍්සති.

ගෞතමී තෙරණියගේ නිවන්යාම බුදුන්වහන්සේ ද නොබෝකලෙකින් පිරිනිවන් පානා බවට සංකේතයකි.

“තතො ගොතමිධාතූනි, තස‍්සා පත‍්තගතානි සො; උපනාමෙසි නාථස‍්ස, ආනන්‍දො බුද‍්ධචොදිතො.

ගෞතමී තෙරණියගේ ධාතු ඇයගේ පාත්‍රගත වූ පසු ආනන්ද තෙරහු එය බුදුන්ගේ අනුදැනුම පරිදි උන්වහන්සේට පිළිගැන්වූහ.

“පාණිනා තානි පග‍්ගය‍්හ, අවොච ඉසිසත‍්තමො; මහතො සාරවන‍්තස‍්ස, යථා රුක‍්ඛස‍්ස තිට‍්ඨතො.

එය දෑතින් පිළිගත්තා වූ බුදුහු මෙසේ පැවසූහ. ‘විශාල හරයකින් යුත් පවත්නා ගසක යම්සේ ඒ විශාල කඳ අනිත්‍යතාව හේතුකොට පලුදුවේද, භික්‍ෂුණීන් අතර එවැනි වූ ගෞතමී පිරිනිවියාය.

“යො සො මහත‍්තරො ඛන්‍ධො, පලුජ‍්ජෙය්‍ය අනිච‍්චතා; තථා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස, ගොතමී පරිනිබ‍්බුතා.

“අහො අච‍්ඡරියං මය‍්හං, නිබ‍්බුතායපි මාතුයා; සාරීරමත‍්තසෙසාය, නත්‍ථි සොකපරිද‍්දවො.

ධාතු පමණක් ඉතිරිකරතබා මගේ මව පිරිනිවි කල්හි පවා සෝවැළපුම් කිසිවක් නොමැත. අහෝ පුදුමයකි.

“න සොචියා පරෙසං සා, තිණ‍්ණසංසාරසාගරා; පරිවජ‍්ජිතසන‍්තාපා, සීතිභූතා සුනිබ‍්බුතා.

සසර සයුරෙන් එතෙර වූ ඕතොමෝ සන්තාපයෙන් දුරුවී සිසිල් වූවාය, පිරිනිවියාය.

“පණ‍්ඩිතාසි මහාපඤ‍්ඤා, පුථුපඤ‍්ඤා තථෙව ච; රත‍්තඤ‍්ඤූ භික‍්ඛුනීනං සා, එවං ධාරෙථ භික‍්ඛවො.

ඕතොමෝ පණ්ඩිතය, පැණවත්ය, මහා ප්‍රඥාවෙන් සමන්විතය, එසේම භික්‍ෂුණීන් අතර බහුල අත්දැකීම් ඇත්තියකි. මහණෙනි, එය එසේ පිළිගත යුතුය.

“ඉද‍්ධීසු ච වසී ආසි, දිබ‍්බාය සොතධාතුයා; චෙතොපරියඤාණස‍්ස, වසී ආසි ච ගොතමී.

ඕ තොමෝ සෘද්ධි බලයෙන් සමන්විතය, දිවකන් ඇත්තියක, පරසිත් දන්නා නුවණ ඇත, ඉඳුරන් වසඟ කරගත් මෙහෙණියක.

“පුබ‍්බෙනිවාසමඤ‍්ඤාසි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; සබ‍්බාසවපරික‍්ඛීණා, නත්‍ථි තස‍්සා පුනබ‍්භවො.

පෙර විසූ අත්බැව් දැනගත්තාය, දිවැස පිරිසිදු කරගත්තාය, සියලු අසව් නැතිකළාය. ඇයට නැවත ඉපදීමක් නැත.

“අත්‍ථධම‍්මනිරුත‍්තීසු , පටිභානෙ තථෙව ච; පරිසුද‍්ධං අහු ඤාණං, තස‍්මා සොචනියා න සා.

අර්‍ථ ධර්‍ම නිරුක්ති ප්‍රතිභාණයන්හි ඤාණය පිරිසිදුය, එහෙයින් ඇය ගැන ශෝක නොකළ යුතුය.

“අයොඝනහතස‍්සෙව , ජලතො ජාතවෙදස‍්ස; අනුපුබ‍්බූපසන‍්තස‍්ස, යථා න ඤායතෙ ගති.

දිලිසෙන ගින්නකට ගැසු කලක මෙන් අනුපිළිවෙළින් මනස සමනය කරගත් තැනැත්තාගේ ගතිය දැනගන්ට නොලැබේ.

“එවං සම‍්මා විමුත‍්තානං, කාමබන්‍ධොඝතාරිනං; පඤ‍්ඤාපෙතුං ගති නත්‍ථි, පත‍්තානං අචලං සුඛං.

මෙසේ සම්පූර්‍ණයෙන් විමුක්තිය ලැබූවන්ගේ, කාමබන්‍ධන නමැති ප්‍රවාහයෙන් එගොඩ වූවන්ගේ, ස්ථිර සුවයට පැමිණියවුන්ගේ පෙන්විය හැකි ගතියක් නැත.

“අත‍්තදීපා තතො හොථ, සතිපට‍්ඨානගොචරා; භාවෙත්‍වා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථා”ති. (අප· ථෙරී 2.2.97-288);

සිහිය පිහිටුවීමෙහි යෙදෙමින් තමාට තමා දිවයිනක් (පහනක්) කරගෙන වෙසෙන්න. සප්ත බොධ්‍යංග වඩා දුක් කෙළවර කරන්න.

මහාපජාපතිගොතමීථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා ප්‍රජාපතී ගෞතමීයගේ ගාථා වර්‍ණනාව නිමි.