යෙදුමෙන් කියවන්න

ගුත‍්තාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගුත‍්තාථෙරීගාථාවණ‍්ණනා

ගුත්තා ථේරීගාථා වර්ණනාව

ගුත‍්තෙ යදත්‍ථං පබ‍්බජ‍්ජාතිආදිකා ගුත‍්තාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී අනුක‍්කමෙන සම‍්භතවිමොක‍්ඛසම‍්භාරා හුත්‍වා, පරිපක‍්කකුසලමූලා සුගතීසුයෙව සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තා, ගුත‍්තාතිස‍්සා නාමං අහොසි. සා විඤ‍්ඤුතං පත්‍වා උපනිස‍්සයසම‍්පත‍්තියා චොදියමානා ඝරාවාසං ජිගුච‍්ඡන‍්තී මාතාපිතරො අනුජානාපෙත්‍වා මහාපජාපතිගොතමියා සන‍්තිකෙ පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච විපස‍්සනං පට‍්ඨපෙත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තියා තස‍්සා චිත‍්තං චිරකාලපරිචයෙන බහිද‍්ධාරම‍්මණෙ විධාවති, එකග‍්ගං නාහොසි. සත්‍ථා දිස‍්වා තං අනුග‍්ගණ‍්හන‍්තො, ගන්‍ධකුටියං යථානිසින‍්නොව ඔභාසං ඵරිත්‍වා තස‍්සා ආසන‍්නෙ ආකාසෙ නිසින‍්නං විය අත‍්තානං දස‍්සෙත්‍වා ඔවදන‍්තො –

ගුත්තෙ යදත්‍ථං පබ්බජ්ජා ආදී ගාථා ගුත්තා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවලදී කරන ලද, අධිකාර ඇත්තී ඒ ඒ භවයෙහිදී කුසල් රැස්කරන්නී අනුක්‍රමයෙන් උපයාගත් විමෝක්‍ෂදායී කුසල් සමූහය නිසා මුහුකළ කුසල්මුල් හේතුකොට සුගතීන්හිම සැරිසරා මේ බුදුපතෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද ගුත්තා යන නමින් ප්‍රසිද්ධ වුවාය. දැන ඉගෙනගත් පසු ඇයගේ උපනිස සැපත් විසින් මෙහෙයවනු ලැබුවා ගිහිගෙය පිළිකුල් කරන්නී මවුපියන්ගේ අනුමැතිය ලබා මහා ප්‍රජාපතී ගෞතමී තෙරණිය සමීපයෙහි පැවිදි වූවාය. පැවිද්ද ලබා විදසුන්හි පිහිටා භාවනාවෙහි යෙදෙන්නී බොහෝ කලක සිට සිත පුරුදු පුහුණු කරන්නී බාහිර අරමුණු කෙරෙහි දුවන හෙයින් එකඟබවට නොපැමිණෙයි. බුදුහු එය දැක ඇයට අනුග්‍රහ කරමින් ගඳකිළියෙහිම හුන්නාහු ආලෝකයක් විහිදුවා ඇයගේ සමීපයෙහි අහසෙහි වැඩසිටියාක් මෙන් තමා දක්වා මෙසේ අවවාද කළ සේක:

“ගුත‍්තෙ යදත්‍ථං පබ‍්බජ‍්ජා, හිත්‍වා පුත‍්තං වසුං පියං; තමෙව අනුබ්‍රූහෙහි, මා චිත‍්තස‍්ස වසං ගමි.

ගුත්තෙ යදත්‍ථං පබ්බජ්ජා හිත්‍වා පුත්තං වසුං පියං, තමෙව අනුබ්‍රෑහෙහි මා චිත්තස්ස වසං ගමි

“චිත‍්තෙන වඤ‍්චිතා සත‍්තා, මාරස‍්ස විසයෙ රතා; අනෙකජාතිසංසාරං, සන්‍ධාවන‍්ති අවිද‍්දසූ.

චිත්තෙන වඤ්චිතා සත්තා මාරස්ස විසයෙ රතා, අනෙකජාතිසංසාරං සන්‍ධාවන්ති අවිද්දසු

“කාමාච‍්ඡන්‍දඤ‍්ච බ්‍යාපාදං, සක‍්කායදිට‍්ඨිමෙව ච; සීලබ‍්බතපරාමාසං, විචිකිච‍්ඡං ච පඤ‍්චමං.

කාමච්ඡන්‍දඤ්ච ව්‍යාපාදං සක්කාය දිට්ඨිමෙවච, සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං

“සංයොජනානි එතානි, පජහිත්‍වාන භික‍්ඛුනී; ඔරම‍්භාගමනීයානි, නයිදං පුනරෙහිසි.

සඤ්ඤොජනානි එතානි පජහිත්‍වාන භික්‍ඛුනී, ඔරංභාගමනීයානි නයිදං පුනරෙහිසි

“රාගං මානං අවිජ‍්ජඤ‍්ච, උද‍්ධච‍්චඤ‍්ච විවජ‍්ජිය; සංයොජනානි ඡෙත්‍වාන, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සසි.

රාගං මනං අවිජ්ජඤ්ච උද්ධච්චං ච විවජ්ජිය, සඤ්ඤොජනානි ජෙත්‍වාන දුක්‍ඛස්සන්තං කරිස්සසි

“ඛෙපෙත්‍වා ජාතිසංසාරං, පරිඤ‍්ඤාය පුනබ‍්භවං; දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතා, උපසන‍්තා චරිස‍්සසී”ති. – ඉමා ගාථා ආභාසි;

ඛෙපෙත්‍වා ජාතිසංසාරං පරිඤ්ඤාය පුනබ්භවං, දිට්ඨෙවධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසී

ගුත්තා, යම් අරමුණක් සඳහා දරුවන් හා ධනය අත්හැර ගොස් පැවිදිවී ද එය සිහිකරන, සිතට වසඟ නොවන්න.

සිත විසින් වසඟ කරනු ලැබූ සත්ත්වයෝ මාරයාගේ විෂයෙහි ඇළුණෝ වෙති. ඒ බව නොදැන සත්ත්වයෝ නොයෙක් ආත්මභාවයන්හි දුව ඇවිදිති.

කම්සුවයෙහි ආශාව, ක්‍රෝධය, සක්කායදෘෂ්ටිය, නිරර්ථක සිල් හා ශික්‍ෂාපදවල යෙදීම, පස්වැනිව සැකය. මේ කියන යටිතලවලට පමුණුවන සංයෝජනයන් අත්හැර පුනරුත්පත්තියට නොපැමිණෙන්න.

රාගය මානය අවිද්‍යාව උඩඟු බව යන මේ සංයෝජනයන් දුරුකර දුක් කෙළවර කරන්නෙහිය.

සසර ඉපදීම නිමකොට පුනර්භවය අවබෝධ කරගෙන මේ අත්බැව්හිදීම තණ්හාව නැතිකර සන්සුන්ව වෙසෙන්න.

තත්‍ථ තමෙව අනුබ්‍රූහෙහීති යදත්‍ථං යස‍්ස කිලෙසපරිනිබ‍්බානස‍්ස ඛන්‍ධපරිනිබ‍්බානස‍්ස ච අත්‍ථාය. හිත්‍වා පුත‍්තං වසුං පියන‍්ති පියායිතබ‍්බං ඤාතිපරිවට‍්ටං භොගක‍්ඛන්‍ධඤ‍්ච හිත්‍වා මම සාසනෙ පබ‍්බජ‍්ජා බ්‍රහ‍්මචරියවාසො ඉච‍්ඡිතො, තමෙව වඩ‍්ඪෙය්‍යාසි සම‍්පාදෙය්‍යාසි. මා චිත‍්තස‍්ස වසං ගමීති දීඝරත‍්තං රූපාදිආරම‍්මණවසෙන වඩ‍්ඪිතස‍්ස කූටචිත‍්තස‍්ස වසං මා ගච‍්ඡි.

එහි තමෙව අනුබ්‍රෑහෙහි - යමෙකුගේ කෙලෙස් හා ස්කන්‍ධයන් නිවා දැමීම මෙයින් අදහස් කෙරේ. හිත්‍වා පුත්තං වසුං පියං - ආදරය කටයුතු නෑ සමූහයා හා භෝගරාසිය අත්හැර මගේ සසුනෙහි, පබ්බජ්ජා - බඔසර දිවියටම කැමතිවෙමින් එයම වඩව. සම්පූර්‍ණ කරව. මා චිත්තස්ස වසං ගමි දිග කෙටි ආදී අරමුණු වශයෙන් වඩනාලද රැවටිලිකාර සිතට වසඟ නොවන්න.

යස‍්මා චිත‍්තං නාමෙතං මායූපමං, යෙන වඤ‍්චිතා අන්‍ධපුථුජ‍්ජනා මාරවසානුගා සංසාරං නාතිවත‍්තන‍්ති. තෙන වුත‍්තං “චිත‍්තෙන වඤ‍්චිතා”තිආදි.

මායාවකට උපමාවන මේ සිත විසින් රවටනු ලබන අන්‍ධ පෘථග්ජනයා මාරයාගේ වසඟයට යන්නේ සසර හැරදමා පෙරළා නොඑති. එහෙයින් ‘චිත්තෙන චඤ්චිතා’ යනුවෙන් කීහ.

සංයොජනානි එතානීති එතානි “කාමච‍්ඡන්‍දඤ‍්ච බ්‍යාපාද”න‍්තිආදිනා යථාවුත‍්තානි පඤ‍්ච බන්‍ධනට‍්ඨෙන සංයොජනානි. පජහිත්‍වානාති අනාගාමිමග‍්ගෙන සමුච‍්ඡින්‍දිත්‍වා. භික‍්ඛුනීති තස‍්සා ආලපනං. ඔරම‍්භාගමනීයානීති රූපාරූපධාතුතො හෙට‍්ඨාභාගෙ කාමධාතුයං මනුස‍්සජීවස‍්ස හිතානි උපකාරානි තත්‍ථ පටිසන්‍ධියා පච‍්චයභාවතො. ම-කාරො පදසන්‍ධිකරො. “ඔරමාගමනීයානී”ති පාළි, සො එවත්‍ථො. නයිදං පුනරෙහිසීති ඔරම‍්භාගියානං සංයොජනානං පහානෙන ඉදං කාමට‍්ඨානං කාමභවං පටිසන්‍ධිවසෙන පුන නාගමිස‍්සසි. ර-කාරො පදසන්‍ධිකරො. “ඉත්‍ථ”න‍්ති වා පාළි, ඉත්‍ථත‍්තං කාමභවමිච‍්චෙව අත්‍ථො.

සඤ්ඤොජනානි එතානි ‘කම්සුවයෙහි ඇලීම, ක්‍රෝධය’ ආදී වශයෙන් සඳහන්කළ බැඳීම් අර්‍ථයෙන් සංයෝජන නමින් හැඳින්වෙන කෙලෙස්ය, පජහිත්‍වාන - අනාගාමි මාර්‍ගයෙන් සහමුලින් සිඳ, භික්‍ඛුනී - ඇය ඇමතු අයුරුය. ඔරංභාගමනීයානී රූපාරූපධාතුවලින් යටකොටසෙහි කාමධාතුවට අයත් මිනිස් දිවියට හිතකර වූ, උපකාර වූ, එහි ප්‍රතිසන්ධියට හේතුවන බැවින් ‘ම’ යන සන්ධිය යෙදී තිබේ. ‘ඔරමාගමනීයානි’ යනු පෙරවදනය තේරුම ද එයමය. නයිදං පුනරෙහීසි - පහළ ලෝකධාතුවල උපත ඇතිකරවන්නා වූ සංයෝජනයන් දුරුකිරීමෙන් ප්‍රතිසන්ධි වශයෙන් මේ කාමභවයට නැවත නොපැමිණෙන්නෙහිය. රකාර පදසන්ධිය සඳහා වූ අකුරුය. ඉත්‍ථං යනු පෙළෙහි දැක්වෙන පාඨයයි. මෙලොවට අයත් කාමභවය යනු තේරුමය.

රාගන‍්ති රූපරාගඤ‍්ච අරූපරාගඤ‍්ච. මානන‍්ති අග‍්ගමග‍්ගවජ‍්ඣං මානං. අවිජ‍්ජඤ‍්ච උද‍්ධච‍්චඤ‍්චාති එත්‍ථාපි එසෙව නයො. විවජ‍්ජියාති විපස‍්සනාය වික‍්ඛම‍්භෙත්‍වා. සංයොජනානි ඡෙත්‍වානාති එතානි රූපරාගාදීනි පඤ‍්චුද‍්ධම‍්භාගියානි සංයොජනානි අරහත‍්තමග‍්ගෙන සමුච‍්ඡින්‍දිත්‍වා. දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සසීති සබ‍්බස‍්සාපි වට‍්ටදුක‍්ඛස‍්ස පරියන‍්තං පරියොසානං පාපුණිස‍්සසි.

රාගං, රූපාරාගය හා අරූප රාගයයි මානං, අගමගට බාධක වූ මානයයි. අවිජ්ජං උද්ධච්චං - මෙහි එම ක්‍රමයමය. විවජ්ජීය - විදර්‍ශනාවෙන් යටපත්කොට සඤ්ඤොජනානි ජෙත්‍වාන - මෙකී රූපරාගාදී උපරි ලෝකධාතුවලට පමුණුවන්නා වූ සංයෝජනයන් අර්හත් මාර්‍ගයෙන් සිඳදමා දුක්‍ඛස්සන්තං කරිස්සසි - සියලු සසරදුක් අවසානයට පමුණුවන්නෙහි.

ඛෙපෙත්‍වා ජාතිසංසාරන‍්ති ජාති සමූලිකසංසාරපවත‍්තිං පරියොසාපෙත්‍වා. නිච‍්ඡාතාති නිත‍්තණ‍්හා. උපසන‍්තාති සබ‍්බසො කිලෙසානං වූපසමෙන උපසන‍්තා. සෙසං වුත‍්තනයමෙව.

ඛෙපෙත්‍වා ජාතිසංසාර - උත්පත්ති ඇති කරවන්නාවූ මූලික සංසාර පැවැත්ම අවසන් කර නිච්ඡාතා - තෘෂ්ණාව රහිතව. උපසන්තා - හැම ආකාරයෙන්ම කෙලෙස් නැතිකිරීමෙන් සන්සුන් වූ, සෙස්ස පෙර කියන ලද පරිදිමය.

එවං සත්‍ථාරා ඉමාසු ගාථාසු භාසිතාසු ගාථාපරියොසානෙ ථෙරී සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා උදානවසෙන භගවතා භාසිතනියාමෙනෙව ඉමා ගාථා අභාසි. තෙනෙව තා ථෙරියා ගාථා නාම ජාතා.

මෙසේ බුදුන්වහන්සේ මේ ගාථා දේශනා කළ කල්හි අවසානයෙහි තෙරණියෝ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ උදාන වශයෙන් බුදුන් දෙසූ පරිදිම මේ ගාථා ප්‍රකාශ කළහ. එහෙයින් මෙය ථෙරණියගේ ගාථා යනුවෙන් හැඳින්විණ.

ගුත‍්තාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගුත්තා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.