යෙදුමෙන් කියවන්න

විජයාථෙරිගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විජයාථෙරිගාථාවණ‍්ණනා

විජයා ථේරීගාථා වර්ණනාව

චතුක‍්ඛත‍්තුන‍්තිආදිකා විජයාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී, අනුක‍්කමෙන පරිබ්‍රූහිතකුසලමූලා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී, ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ අඤ‍්ඤතරස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා ඛෙමාය ථෙරියා ගිහිකාලෙ සහායිකා අහොසි. සා තස‍්සා පබ‍්බජිතභාවං සුත්‍වා “සාපි නාම රාජමහෙසී පබ‍්බජිස‍්සති කිමඞ‍්ගං පනාහ”න‍්ති පබ‍්බජිතුකාමායෙව හුත්‍වා ඛෙමාථෙරියා සන‍්තිකං උපසඞ‍්කමි. ථෙරී තස‍්සා අජ‍්ඣාසයං ඤත්‍වා තථා ධම‍්මං දෙසෙසි, යථා සංසාරෙ සංවිග‍්ගමානසා සාසනෙ සා අභිප‍්පසන‍්නා භවිස‍්සති. සා තං ධම‍්මං සුත්‍වා සංවෙගජාතා පටිලද‍්ධසද‍්ධා ච හුත්‍වා පබ‍්බජ‍්ජං යාචි. ථෙරී තං පබ‍්බාජෙසි. සා පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා හෙතුසම‍්පන‍්නතාය, න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානවසෙන –

චතුක්‍ඛත්තුං ආදිය විජයා තෙරණියගේ ගාථාය. මොතොමෝ පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍යය ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කර ක්‍රමයෙන් වඩාගත් කුසල්මුල් ඇතිව දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මෙම බුදුපතෙහි රජගහ නුවර එක්තරා කුලගෙයක ඉපිද ඛේමා තෙරණියගේ ගිහිකාලයෙහි සහායිකාවක් වූවාය. ඕතොමෝ ඇය පැවිදිවූ බව අසා ‘රජමෙහෙසියක වූ ඕතොමෝ ද පැවිදිවෙයි, ඒ එසේ නම් මාවැන්නෙකු ගැන කවර කතාද?’ ඒ අනුව පැවිදිවනු කැමැති වූ ඕතොමෝ ඛේමා තෙරණිය සමීපයට එළඹියාය. තෙරණියෝ ඇයගේ අදහස දැන යම්සේ සසර කලකිරීමෙන් සසුනෙහි පහදී ද ඒ අයුරින් ඇයට ධර්‍මයක් දේශනා කළාය. ඕන්තොමෝ ඒ බණ අසා සංවේගයට පැමිණ ලැබූ සැදැහැ ඇත්තී පැවිද්ද ඉල්වූවාය. තෙරණියෝ ඇය පැවිදිකළහ. ඕතොමෝ පැවිදිව කරන ලද පෙර කිස ඇත්තී විදසුන් වඩා හේතුසම්පත් ඇති බැවින් නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත දෙස ආපසු බලා මෙසේ උදන් ඇනුවාය:

“චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං, විහාරා උපනික‍්ඛමිං; අලද‍්ධා චෙතසො සන‍්තිං, චිත‍්තෙ අවසවත‍්තිනී.

චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං විහාරා උපනික්‍ඛමිං, අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී

“භික‍්ඛුනිං උපසඞ‍්කම‍්ම, සක‍්කච‍්චං පරිපුච‍්ඡහං; සා මෙ ධම‍්මමදෙසෙසි, ධාතුආයතනානි ච.

භික්‍ඛුනං උපසංකම්ම සක්කච්චං පරිපුච්ඡහං, සා මෙ ධම්මමදෙසෙසි ධාතු ආයතනානි ච

“චත‍්තාරි අරියසච‍්චානි, ඉන්‍ද්‍රියානි බලානි ච; බොජ‍්ඣඞ‍්ගට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා.

චත්තාරි අරියසච්චානි ඉන්‍ද්‍රියානි බලානිච, බොජ්ඣංගට්ඨංගිකං මග්ගං උත්තමත්‍ථස්ස පත්තියා

“තස‍්සාහං වචනං සුත්‍වා, කරොන‍්තී අනුසාසනිං; රත‍්තියා පුරිමෙ යාමෙ, පුබ‍්බජාතිමනුස‍්සරිං.

තස්සාහං වචනං සුත්‍වා කරොන්ති අනුසාසනිං, රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං

“රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ, දිබ‍්බචක‍්ඛුං විසොධයිං; රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ, තමොඛන්‍ධං පදාලයිං.

රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්‍ඛුං විසොධයිං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්‍ඛන්‍ධං පදාලයිං

“පීතිසුඛෙන ච කායං, ඵරිත්‍වා විහරිං තදා; සත‍්තමියා පාදෙ පසාරෙසිං, තමොඛන්‍ධං පදාලියා”ති. –

පීතිසුඛෙන ච කායං ඵරිත්‍වා විහරිං තදා, සත්තමියා පාදෙ පසාරෙසිං තමොක්‍ඛන්‍ධං පදාලිය

ඉමා ගාථා අභාසි.

සිත වසඟ කරගැනීමට නොහැකිව, සිතෙහි සන්සුන් බව නොලැබ සිවුවරක් පස්වසරක් විහාරයෙන් නික්ම ගියෙමි.

භික්‍ෂුණිය වෙත එළඹ මැනවින් පිළිවිසීමි. ඕතොමෝ මට ධාතු ආයතනාදිය පිළිබඳ ධර්‍මයක් දේශනා කළාය.

නිවන් අවබෝධ කරගනු පිණිස ඕතොමෝ චතුරාර්‍ය සත්‍යය. ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣංග හා ආර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය පැහැදිලිකර දුන්නාය.

මම ඇයගේ ධර්‍මය අසා ඒ අනුශාසනාව පිළිපදිමින් පෙරයමෙහි පෙර විසූ අත්බැව් සිහිකළෙමි.

රෑ මැදයම දිවැස පිරිසිදුකළෙමි, රෑ පසුයම අදුරුකඳ බිඳහෙළමි.

එවිට මුලු සිරුර ප්‍රීතිසුඛයෙන් පුරවා විසීමි. සත්වන දින අඳුරු කඳ බිඳ දමා පා දිගහැරීමි.

තත්‍ථ භික‍්ඛුනින‍්ති ඛෙමාථෙරිං සන්‍ධාය වදති. බොජ‍්ඣඞ‍්ගට‍්ඨඞ‍්ගිකං මග‍්ගන‍්ති සත‍්තබොජ‍්ඣඞ‍්ගඤ‍්ච අට‍්ඨඞ‍්ගිකඤ‍්ච අරියමග‍්ගං. උත‍්තමත්‍ථස‍්ස පත‍්තියාති අරහත‍්තස‍්ස නිබ‍්බානස‍්සෙව වා පත‍්තියා අධිගමාය.

එහි භික්‍ඛුනී - ඛේමා තෙරණිය උදෙසා කියන ලදී. බොජ්ඣංගට්ඨංගිකං මග්ගං - සප්ත බොධ්‍යංග, අෂ්ටාංගික ආර්‍යමාර්ගය, උත්තමත්‍ථස්ස පත්තියා - රහත් මග නැතහොත් නිවන් මග බලාගනු පිණිස,

පීතිසුඛෙනාති ඵලසමාපත‍්තිපරියාපන‍්නාය පීතියා සුඛෙන ච. කායන‍්ති තංසම‍්පයුත‍්තං නාමකායං තදනුසාරෙන රූපකායඤ‍්ච. ඵරිත්‍වාති ඵුසිත්‍වා බ්‍යාපෙත්‍වා වා. සත‍්තමියා පාදෙ පසාරෙසින‍්ති විපස‍්සනාය ආරද‍්ධදිවසතො සත‍්තමියං පල‍්ලඞ‍්කං භින්‍දිත්‍වා පාදෙ පසාරෙසිං. කථං? තමොඛන්‍ධං පදාලිය, අප‍්පදාලිතපුබ‍්බං මොහක‍්ඛන්‍ධං අග‍්ගමග‍්ගඤාණාසිනා පදාලෙත්‍වා. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

පීතිසුඛෙන - පලසමවත් ලැබීමේ ප්‍රීතිසුඛයෙන්, කායං - එය සම්බන්ධ වූ ශරීරය, ඒ අනුව ගැනෙන රූපකාය ඵරිත්‍වා - පතුරුවා, ව්‍යාප්ත කරවා සත්තමියා පාදෙ පසාරෙසිං - විදසුන් වැඩීමට පටන්ගත් සිට සත්වන දින දවස බැඳ සිටි පලඟ බිඳ පා දික්කළෙමි. කෙසේද? තමොක්‍ඛන්‍ධං පදාලිය - එයට පෙර කිසි දිනෙක නොබිඳි ගනඳුර, මෝහය අග්‍රමාර්‍ගඥානය නමැති කඩුවෙන් බිඳහෙළා, විනාශකර යන තේරුමය. සෙස්ස පෙර කියනලද පරිදිමය.

විජයාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වීජයා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.

ඡක‍්කනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවන නිපාත වර්‍ණනාව සමාප්තය.