අනොපමාථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
අනොපමාථෙරීගාථාවණ්ණනා
අනෝපමා ථේරීගාථා වර්ණනාව
උච්චෙ කුලෙතිආදිකා අනොපමාය ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී අනුක්කමෙන විමුත්තිපරිපාචනීයෙ ධම්මෙ පරිබ්රූහිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාකෙතනගරෙ මජ්ඣස්ස නාම සෙට්ඨිනො ධීතා හුත්වා නිබ්බත්ති. තස්සා රූපසම්පත්තියා අනොපමාති නාමං අහොසි. තස්සා වයප්පත්තකාලෙ බහූ සෙට්ඨිපුත්තා රාජමහාමත්තා රාජානො ච පිතු දූතං පාහෙසුං – “අත්තනො ධීතරං අනොපමං දෙහි, ඉදඤ්චිදඤ්ච තෙ දස්සාමා”ති. සා තං සුත්වා උපනිස්සයසම්පන්නතාය “ඝරාවාසෙන මය්හං අත්ථො නත්ථී”ති සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා ඤාණස්ස පරිපාකං ගතත්තා දෙසනානුසාරෙන විපස්සනං ආරභිත්වා තං උස්සුක්කාපෙන්තී මග්ගපටිපාටියා තතියඵලෙ පතිට්ඨාසි. සා සත්ථාරං පබ්බජ්ජං යාචිත්වා සත්ථුආණාය භික්ඛුනුපස්සයං උපගන්ත්වා භික්ඛුනීනං සන්තිකෙ පබ්බජිත්වා සත්තමෙ දිවසෙ අරහත්තං සච්ඡිකත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
උච්චෙකුලෙ මෙය අනෝපමා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරන්නී ක්‍රමයෙන් මොක්සුව මුහුකරවන ධර්මයන් දියුණුකර මේ බුදුපතෙහි සාකේත නුවර මේඝ නම් සිටුවරයාගේ දියණිය වී උපන්නාය. ඇයගේ රූපසම්පත්තිය නිසා ඇයට අනෝපමා යන නම ලැබිණ. ඇය වැඩිවිය පැමිණි කල්හි බොහෝ සිටු පුත්තු, රජවරු හා මහමැතිවරු ‘මට ඔබගේ දියණිය අනෝපමා පාවා දෙන්න, ඔබහට මේ මේ දේවල් දෙන්නෙමි’ යනුවෙන් එකිනෙක්කෙනා පියා වෙන දූතයන් එවූහ. ඈ එය අසා උපනිශ්‍රය සම්පත් ඇති බැවින් ඇයට ගිහිගෙයින් පලක් නැතැයි බුදුන්වහන්සේ වෙත ගොස් බණ අසා නුවණ මුහුකුරා ගිය හෙයින් දේශනාව අනුව විදසුන් වඩා එහිලා උත්සුක වෙමින් මගපිළිවෙළින් තෙවැනි ඵලයෙහි පිහිටියාය. ශ්‍රී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා උන්වහන්සේගේ අණ පරිදි භික්ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වී සත්වන දින රහත්බව ලබා තමාගේ පිළිවෙත විමසා බලා උදාන වශයෙන් මේ ගාථා ප්‍රකාශ කළාය:
“උච්චෙ කුලෙ අහං ජාතා, බහුවිත්තෙ මහද්ධනෙ; වණ්ණරූපෙන සම්පන්නා, ධීතා මජ්ඣස්ස අත්රජා.
උච්චෙකුලෙ අහං ජාතා බහුවිත්තෙ මහද්ධනෙ, වණ්ණරූපෙන සම්පන්නා ධීතා මෙඝස්ස අත්රජා
“පත්ථිතා රාජපුත්තෙහි, සෙට්ඨිපුත්තෙහි ගිජ්ඣිතා; පිතු මෙ පෙසයී දූතං, දෙථ මය්හං අනොපමං.
පත්ථිතා රාජපුත්තෙහි සෙට්ඨිපුත්තෙහි භිජ්ඣිතා, පිතු මෙ පෙසයී දූතං දෙථමය්හං අනොපමං
“යත්තකං තුලිතා එසා, තුය්හං ධීතා අනොපමා; තතො අට්ඨගුණං දස්සං, හිරඤ්ඤං රතනානි ච.
යත්තකං තුලිතා එසා තුය්හං ධිතා අනොපමා, තතො අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච
“සාහං දිස්වාන සම්බුද්ධං, ලොකජෙට්ඨං අනුත්තරං; තස්ස පාදානි වන්දිත්වා, එකමන්තං උපාවිසිං.
සාහං දිස්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං අනුත්තරං, කස්ස පාදානි වන්දිත්වා එකමන්තං උපාවිසිං
“සො මෙ ධම්මමදෙසෙසි, අනුකම්පාය ගොතමො; නිසින්නා ආසනෙ තස්මිං, ඵුසයිං තතියං ඵලං.
සො මෙ ධම්මදෙසෙසි අනුකම්පාය ගොතමො, නිසින්තා ආසනෙ තස්මිං ඵුස්සයිං තතියං ඵලං
“තතො කෙසානි ඡෙත්වාන, පබ්බජිං අනගාරියං; අජ්ජ මෙ සත්තමී රත්ති, යතො තණ්හා විසෙසිතා”ති. –
තතො කෙසානි ජෙත්වාන පබ්බජිං අනගාරියං, අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා
ඉමා ගාථා අභාසි.
බොහෝ ධන සම්පත් ඇති උසස් කුලයක මම උපත ලදිමි. වර්ණයෙන් හා රූපයෙන් සමන්විත වූ මම මෙඝ (සිටුවරයා) ගේ දියණිය
රජකුමරුවෝ මා ප්‍රාර්ථනා කළහ. සිටුකුමරුවෝ මා බලාපොරොත්තු වූහ. ඔවුහු ‘අනෝපමා’ මට දෙවයි පියාට පණිවුඩ එවූහ.
ඔබේ දියණියගේ බර කිරීමෙන් යම් ප්‍රමාණයක් වේද එයින් අටගුණයක රන් හා මුතුමැණික් දෙන්නෙමු.
ඒ මම ලෝකනායකවූ අනුත්තරවූ සම්බුදුන් දැක උන්වහන්සේගේ දෙපා වැඳ එකත්පසෙක හුන්නෙමි.
ඒ ගෞතමයන් වහන්සේ මට අනුකම්පාවෙන් ධර්මය දේශනා කළසේක. ඒ ධර්මයට සවන්දුන් මම ඒ අසුනෙහිදීම තුන්වන ඵලය ලබාගතිමි.
ඉක්බිති මම කෙස් බහා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. තෘෂ්ණාව වියළවීමෙන් පසු අද සත්වන රාත්රියය.
තත්ථ උච්චෙ කුලෙති උළාරතමෙ වෙස්සකුලෙ. බහුවිත්තෙති අලඞ්කාරාදිපහූතවිත්තූපකරණෙ. මහද්ධනෙති නිධානගතස්සෙව චත්තාරීසකොටිපරිමාණස්ස මහතො ධනස්ස අත්ථිභාවෙන මහද්ධනෙ අහං ජාතාති යොජනා. වණ්ණරූපෙන සම්පන්නාති වණ්ණසම්පන්නා චෙව රූපසම්පන්නා ච, සිනිද්ධභාසුරාය ඡවිසම්පත්තියා වත්ථාභරණාදිසරීරාවයවසම්පත්තියා ච සමන්නාගතාති අත්ථො. ධීතා මජ්ඣස්ස අත්රජාති මජ්ඣනාමස්ස සෙට්ඨිනො ඔරසා ධීතා.
එහි උච්චෙකුලෙ - උදාරතම වෛශ්‍ය කුලයෙහි, බහුවිත්තෙ - බොහෝ විසිතුරු උපකරණවලින් යුත්, මහද්ධනෙ, නිදන්කොට ඇත්තාවූ සතළිස් කෙළක් පමණ මහත් ධනය ඇති බැවින් මහද්ධනෙ, ‘මම ඉපදුණෙමි’ යනුවෙන් යොදාගත යුතුය. වණ්ණ රූපෙන සම්පන්නා - මනහර වර්ණයෙන් ද මනහර රූපයෙන්ද සමන්විත වූ, බබළනසුලු මොලකැටි ඡවිවර්ණයෙන් ද වස්ත්‍රාභරණාදී සරීර අවයව අලංකාර කරන දෙයින්ද සමන්විත වූ යන තේරුමය. ධීතා මෙඝස්ස අත්රජා - මේඝ නම් වූ සිටුවරයාගේ උරදා දියණිය.
පත්ථිතා රාජපුත්තෙහීති “කථං නු ඛො තං ලභෙය්යාමා”ති රාජකුමාරෙහි අභිපත්ථිතා. සෙට්ඨිපුත්තෙහි ගිජ්ඣිතාති තථා සෙට්ඨිකුමාරෙහිපි අභිගිජ්ඣිතා පච්චාසීසිතා. දෙථ මය්හං අනොපමන්ති රාජපුත්තාදයො “දෙථ මය්හං අනොපමං දෙථ මය්හ”න්ති පිතු සන්තිකෙ දූතං පෙසයිංසු.
පත්ථිතා රාජපුත්තෙහි - ‘කෙසේ නම් ඇය ලබාගන්නෙමුද’ රජකුමරුන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබූ, සෙට්ඨි පුත්තෙහි භිජ්ඣිතා - සිටුකුමරුන් විසින්ද එසේම අභිජ්ඣිතා - බලාපොරොත්තු වූ, දෙථ මය්හං අනොපමං රාජපුත්රාදීහු ‘මට අනෝපමා දෙන්න, මට අනෝපමා දෙන්න’ යනුවෙන් පියා වෙත දූතයන් එවූහ.
යත්තකං තුලිතා එසාති “තුය්හං ධීතා අනොපමා යත්තකං ධනං අග්ඝතී”ති තුලිතා ලක්ඛණඤ්ඤූහි පරිච්ඡින්නා, “තතො අට්ඨගුණං දස්සාමී”ති පිතු මෙ පෙසයි දූතන්ති යොජනා. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
යත්තකං තුලිතා එසා - ඔබේ අනෝපමා දියණිය ධනයෙන් මෙපමණක් අගනේ යයි මැනුම් ලකුණු දන්නන් විසින් පිරිසිඳ කියන ලදද ‘එයින් අටගුණයක් දෙන්නෙමි’ යයි පියා වෙත දූතයන් එවී යයි සම්බන්ධකර ගතයුතුය. සෙස්ස යට කියනලද පරිදිමය.
අනොපමාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
අනෝපමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.