අනොපමාථෙරීගාථා
6. 5.
6. 5.
151. උච‍්චෙ කුලෙ අහං ජාතා බහුවිත‍්තෙ මහද‍්ධනෙ වණ‍්ණරූපෙන සම‍්පන‍්නා ධීතා මෙඝස‍්ස අත්‍රජා.
151. මම බොහෝ තුෂ්ටිජනක ද්‍රව්‍ය ඇති මහද්ධන ඇති උදාර වූ වෛශ්‍යකුලයෙහි උපන්මු. වර්‍ණයෙන් හා රූපයෙන් සම්පන්න වැ මේඝ නම් සිටු හට උරදා දුවක් වූමු.
152. පත්‍ථිතා රාජපුත‍්තෙහි සෙට‍්ඨිපුත‍්තෙහි භිජ‍්ඣිතා පිතු මෙ පෙසයී දූතං දෙථ මය‍්හං අනොපමං.
152. රජ දරුවන් විසින් පතන ලදුමු, සිටු දරුවන් විසින් කැමති වන ලදුමු, “මට අනෝපමා දුව දෙව”යි මාපිය හට දූතයකු එවී.
153. යත‍්තකං තුලිතා එසා තුය‍්හං ධීතා අනූපමා. තතො අට‍්ඨගුණං දස‍්සං හිරඤ‍්ඤං රතනානි ච.
153. තොපගේ දූ වූ තෙල අනෝපමාව යම්තාක් ධන වටතී තුලනා කරන ලදු ද, එයට වඩා අටගුණයක් හිරණ්‍ය හා රත්න දෙමි, කියා යි.
154. සාහං දිස‍්වාන සම‍්බුද‍්ධං ලොකජෙට‍්ඨං අනුත‍්තරං තස‍්ස පාදානි වන්‍දිත්‍වා එකමන‍්තං උපාවිසිං.
154. ඒ මට ලෝකජ්‍යේෂ්ඨ වූ අනුත්තර වූ සම්බුදුන් දැක ඔබගේ පා වැඳ එකත්පස් වැ හුනුමු.
155. සො මෙ ධම‍්මමදෙසෙසි අනුකම‍්පාය ගොතමො නිසින‍්නා ආසනෙ තස‍්මිං ඵුස‍්සයිං තතියං ඵලං.
155. ඒ ගොයුම්ගොත් බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු, ඒ අසුන්හි හුන් මම අනගැමිඵල පසක් කළමු.
156. තතො කෙසානි ඡෙත්‍වාන පබ‍්බජිං අනගාරියං අජ‍්ජ මෙ සත‍්තමී රත‍්ති යතො තණ‍්හා විසොසිතා.
156. ඉක්බිති කෙස් බහා සසුන්හි පැවිදි වූමු, යම් දිනෙක තෘෂ්ණා නස්නා ලදු ද, එතැන් සිට මට අද සත්වන දිනය යි.
ඉත්‍ථං සුදං අනොපමා ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් අනෝපමාථේරී ගාථා කිවු ය.