යෙදුමෙන් කියවන්න

සුජාතාථෙරීගාථා

6. 4.

6. 4.

145. අලඞ‍්කතා සුවසනා මාලිනී චන්‍දනුක‍්ඛිතා සබ‍්බාභරණසඤ‍්ඡන‍්නා දාසීගණපුරක‍්ඛතා.

145. අලඞ්කෘත ව මනා අච්ඡාදන ඇති ව මල්දම් ධර ව චන්‍දනකල්කයෙන් අනුලිප්ත ව සර්‍වාභරණයෙන් ගැවසූ සිරුරු ඇති ව දැසි ගණයා විසින් පුරස්කෘත ව-

146. අන‍්නං පානඤ‍්ච ආදාය ඛජ‍්ජභොජ‍්ජමනප‍්පකං ගෙහතො නික‍්ඛමිත්‍වාන උය්‍යානමභිහාරයිං.

146. ආහාර හා පානවර්‍ග ද අනල්ප ඛාද්‍ය භෝජ්‍ය ද ගෙන ගෙයින් නික්මැ උයනට එළැවීමි.

147. තත්‍ථ රමිත්‍වා කීළිත්‍වා ආගච‍්ඡන‍්ති සකං ඝරං විහාරං දට‍්ඨුං පවිසිං සාකෙතෙ අඤ‍්ජනං වනං.

147. ඒ උයන්හි රමණය කොට කෙළැ සියගෙට එන මම සාකේත නුවර සමීපයෙහි වූ අඤ්ජනවන විහාරය දක්නට පිවිසීමි.

148. දිස‍්වාන ලොකපජ‍්ජොතං වන්‍දිත්‍වාන උපාවිසිං. සෙ මෙ ධම‍්මමදෙසෙසි අනුකම‍්පාය චක‍්ඛුමා.

148. ලොවට පහන් වැනි බුදුන් දැක වැඳැ ඔබ කරා එළැඹීමි, ඒ පසැස් වූ බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු.

149. සුත්‍වා ච ඛො මහෙසිස‍්ස සච‍්චං අප‍්පටිවිජ‍්ඣහං තත්‍ථෙව විරජං ධම‍්මං ඵුස‍්සයිං අමතං පදං.

149. මහර්ෂි බුදුන්ගේ බස් අසා මම සත්‍යප්‍රතිවේධ කළමු, ඒ අසුන්හි මැ විරාග ධර්‍ම සඞ්ඛ්‍යාත අමෘතපදය පසක් කළමු.

150. තතො විඤ‍්ඤාත සද‍්ධම‍්මා පබ‍්බජිං අනගාරියං තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා අමොඝං බුද‍්ධසාසනං.

150. ඉක්බිති දත් දහම් ඇති ව සසුන්හි පැවිදි වීමි. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන් නො සිස් වෙයි.

ඉත්‍ථං සුදං සුජාතා ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් සුජාතාථේරී ගාථා කිවු ය.

සුජාතාථෙරීගාථා.

සුජාතා ථේරීගාථා යි.