ඛෙමාථෙරීගාථා
6. 3.
6. 3.
139. දහරා ත්‍වං රූපවතී අහම‍්පි දහරො යුවා, පඤ‍්චඞ‍්ගිකෙන තුරුයෙන එහි ඛෙමෙ රමාමසෙ.
139. ඛේමාවෙනි, තෝ යොවුන් විය පත් රූපවත්හු. මම ද යොවුන් පත් තරුණයෙමි. එව පසඟතුරුයෙන් රමණය කරම්හ.
140. ඉමිනා පූතිකායෙන ආතුරෙන පභඞ‍්ගුනා අට‍්ටියාමි හරායාමි කාමතණ‍්හා සමූහතා.
140. ආතුර වූ බිඳෙන සුලු මේ කුණුකයින් පිළිකුල් කරමි. විළි ඇති කරමි, කාම තෘෂ්ණාවෝ මුලුසුන් කරන ලදහ.
141. සත‍්තිසූලූපමාකාමා ඛන්‍ධාසං අධිකුට‍්ටනා යං ත්‍වං කාමරතිං බ්‍රූසි අරති දානි සා මම.
141. කාමයෝ සැත්හුල් වැනියහ, ස්කන්‍ධයෝ ඔවුනට මස්ලොඹු වැනියහ, තෝ යම් කාම රතියක් කියෙහි ද, එය දැන් මට අරතියෙකි.
142. සබ‍්බත්‍ථ විහතා නන්‍දි තමොක‍්ඛන්‍ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන‍්තක.
142. හැම තන්හි තෘෂ්ණා නසන ලදු, මොහඳුරු කඳ පළන ලදි, මාරය, මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
143. නක‍්ඛත‍්තානි නමස‍්සන‍්තා අග‍්ගිං පරිචරං වනෙ යථාභුච‍්චං අජානන‍්තා බාලා සුද‍්ධිං අමඤ‍්ඤථ.
143. බාලයෝ නකත් වඳනාහු වනයෙහි ගිනිදෙවි පුදනුවෝ යථාභූතාර්‍ත්‍ථය නො දන්නාහු ශුද්ධිය සිතූහු.
144. අහඤ‍්ච ඛො නමස‍්සන‍්තී සම‍්බුද‍්ධං පුරිසුත‍්තමං පරිමුත‍්තා සබ‍්බදුක‍්ඛෙහි සත්‍ථුසාසනකාරිකාති.
144. මමත් පුරුෂෝත්තම සම්‍යක් සම්බුද්ධයන් වඳිමින් බුදුන්ගේ අනුසසුන්කරු වී හැම දුකින් මිදුණුමු.
ඉත්‍ථං සුදං ඛෙමා ථෙරී ගාථායො අභාසීති.
මෙසෙයින් ඛේමාථේරී ගාථා කිවු ය.