යෙදුමෙන් කියවන්න

වාසෙට‍්ඨිථෙරිගාථා

6. 2.

6. 2.

133. පුත‍්තසොකෙනහං අට‍්ටා ඛිත‍්තචිත‍්තා විසඤ‍්ඤිනී, නග‍්ගා පකිණ‍්ණකෙසි ච තෙන තෙන විචාරිහං.

133. මම් පුත්‍රශෝකයෙන් පීඩිත වැ එහෙයින් මැ විසංඥ වැ එයින් මැ නග්න වැ විසුළ කෙහෙ ඇති වැ ඒ ඒ තැන හැසිරුණුමු.

134. වසිං සඞ‍්කාරකූටෙසු සුසානෙ රථියාසු ච අචරිං තීණි වස‍්සානි ඛුප‍්පිපාසා සමප‍්පිතා.

134. කසළගොඩෙහි ද සොහොන්හි ද රියමඟ ද වාස කළමු. තුන්වසක්කල් සාපවසින් පෙළෙමින් හැසිරුණුමු.

135. අථද‍්දසාසිං සුගතං නගරං මිථිලං පති, අදන‍්තානං දමෙතාරං සම‍්බුද‍්ධමකුතොභයං.

135. අනතුරු ව මියුලුනුවර බලා වඩනා අදාන්තයන් දමනය කරන කොයිනුදු බිය නැති සුගත වූ සම්බුද්ධයන් වහන්සේ දුටුමු.

136. සචිත‍්තං පටිලද‍්ධාන වන්‍දිත්‍වාන උපාවිසිං සො මෙ ධම‍්මමදෙසෙසි අනුකම‍්පාය ගොතමො.

136. පියවි සිත් ලැබ වැඳ ඔබ කරා එළැඹුමු, ඒ ගොයුම්ගොත් බුදුහු මට අනුකම්පායෙන් දහම් දෙසූසේක.

137. තස‍්ස ධම‍්මං සුණිත්‍වාන පබ‍්බජිං අනගාරියං යුඤ‍්ජන‍්තී සත්‍ථු වචනෙ සච‍්ඡාකාසිං පදං සිවං.

137. ඔබගේ දහම් අසා සසුන්හි පැවිදි වූමු. බුද්ධ වචනයෙහි (භාවනානුයෝග වශයෙන්) යෙදෙමින් නිර්‍වාණ පදය පසක් කළමු.

138. සබ‍්බෙ සොකා සමුච‍්ඡින‍්නා පහීනා එතදන‍්තීකා පරිඤ‍්ඤාතා හි මෙ වත්‍ථු යතො සොකානසම‍්භවො.

138. තෙල නිවන කෙළවර කොට ඇති සියලු ශෝකයෝ මුලුසුන්හ. ප්‍රහීණයහ. යම් වස්තුයෙක ශෝකසම්භවය වේ ද, මා විසින් ඒ වස්තූහු ත්‍රිවිධ පරිඥායෙන් දන්නා ලදහ.

ඉත්‍ථං සුදං වාසෙට‍්ඨි ථෙරී ගාථායො අභාසීති.

මෙසෙයින් වාසෙට්ඨි මෙහෙණ ගාථා කිවු ය.

වාසෙට‍්ඨිථෙරිගාථා.

වාසෙට්ඨි ථේරීගාථා යි.