වාසෙට්ඨිථෙරිගාථාවණ්ණනා අට්ඨකථා
වාසෙට්ඨිථෙරිගාථාවණ්ණනා
වාසෙට්ඨි ථේරීගාථා වර්ණනාව
පුත්තසොකෙනහං අට්ටාතිආදිකා වාසෙට්ඨියා ථෙරියා ගාථා. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තී අනුක්කමෙන සම්භතවිමොක්ඛසම්භාරා දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තා මාතාපිතූහි සමානජාතිකස්ස කුලපුත්තස්ස දින්නා පතිකුලං ගන්ත්වා තෙන සද්ධිං සුඛසංවාසං වසන්තී එකං පුත්තං ලභිත්වා තස්මිං ආධාවිත්වා පරිධාවිත්වා විචරණකාලෙ කාලං කතෙ පුත්තසොකෙන අට්ටිතා උම්මත්තිකා අහොසි. සා ඤාතකෙසු සාමිකෙ ච තිකිච්ඡං කරොන්තෙසු තෙසං අජානන්තානංයෙව පලායිත්වා යතො තතො පරිබ්භමන්තී මිථිලානගරං සම්පත්තා තත්ථද්දස භගවන්තං අන්තරවීථියං ගච්ඡන්තං දන්තං ගුත්තං සංයතින්ද්රියං නාගං. දිස්වාන සහ දස්සනෙන බුද්ධානුභාවතො අපගතුම්මාදා පකතිචිත්තං පටිලභි. අථස්සා සත්ථා සංඛිත්තෙන ධම්මං දෙසෙසි. සා තං ධම්මං සුත්වා පටිලද්ධසංවෙගා සත්ථාරං පබ්බජ්ජං යාචිත්වා සත්ථු ආණාය භික්ඛුනීසු පබ්බජිත්වා කතපුබ්බකිච්චා විපස්සනං පට්ඨපෙත්වා ඝටෙන්තී වායමන්තී පරිපක්කඤාණතාය න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
පුත්ත සොකෙන’හං අට්ටා ආදි ගාථා වාසෙට්ඨි තෙරණියගේය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්යය ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරන්නී මේ බුදුපතෙහිදී විශාලා නුවර කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණි කල්හි මවුපියන් විසින් සමජාතික කුලපුත්‍රයෙකුට පාවා දෙන ලද්දීය. පතිකුලයට ගොස් සැමියා සමග සුවසේ වෙසෙන්නී පුතෙකු ලබා ඔහු දුව ඇවිදින කාලයෙහි කලුරිය කළෙන් ඕතොමෝ ඒ ශෝකයෙන් කලකිරී උමතුවුවාය. සැමියා හා නෑදෑයන් ඇයට පිළියම් කරන කල්හි ඔවුන්ට නොදැනුවත්ව ගෙදරින් පලාගොස් ඒ ඒ තන්හි ඇවිදින්නී මිථිලා නුවරට පැමිණියාය. එහිදී ඇයට ශාන්තදාන්ත වූ ඇවුරුණු ඉඳුරන් ඇති බුදුන්වහන්සේ ඇතුළු වීථියෙහි දී දක්නට ලැබිණ. උන්වහන්සේ මුණගැසෙත්ම උන්වහන්සේගේ ආනුභාවයෙන් උමතුබව දුරුවිය. පියවි සිහිය ලැබිණ. ඉක්බිති ඇයට ලුහුඬින් දහමක් දෙසූහ. ඒ ධර්මය අවබෝධ කරගත් ඕතොමෝ හටගත් ශ්‍රද්ධාව ඇත්තී බුදුන්ගෙන් පැවිද්ද ඉල්වූවාය. බුදුන්ගේ අනුදැනීමෙන් භික්ෂුණීන් වෙත පැවිදිව කරනලද පෙර කිස ඇත්තී විදසුන් වඩා වෑයම් කරන්නී නුවණ මුහුකුරා ගොස් තිබුණු හෙයින් නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහියට නගා බලා උදන් විසින් මෙසේ ප්‍රකාශ කළාය:
“පුත්තසොකෙනහං අට්ටා, ඛිත්තචිත්තා විසඤ්ඤිනී; නග්ගා පකිණ්ණකෙසී ච, තෙන තෙන විචාරිහං.
පුත්ත සොකෙන’හං අට්ටා ඛිත්තචිත්තා විසඤ්ඤනී, නග්ගා පකිණ්ණකෙසී ච තෙන තෙන විචාරිහං
“වීථිසඞ්කාරකූටෙසු, සුසානෙ රථියාසු ච; අචරිං තීණි වස්සානි, ඛුප්පිපාසා සමප්පිතා.
වසිං සඞ්කාරකූටෙසු සුසානෙ රථියාසු ච, අචරිං තීණි වස්සානි ඛුප්පිපාසා සමප්පිතා
“අථද්දසාසිං සුගතං, නගරං මිථිලං පති; අදන්තානං දමෙතාරං, සම්බුද්ධමකුතොභයං.
අථාද්දසාසිං සුගතං නගරං මිථිලං පති, අදන්තානං දමෙතාරං සම්බුද්ධමකුතො භයං
“සචිත්තං පටිලද්ධාන, වන්දිත්වාන උපාවිසිං; සො මෙ ධම්මමදෙසෙසි, අනුකම්පාය ගොතමො.
සවිත්තං පටිලද්ධාන වන්දිත්වාන උපාවිසිං, සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය ගොතමො
“තස්ස ධම්මං සුණිත්වාන, පබ්බජිං අනගාරියං; යුඤ්ජන්තී සත්ථුවචනෙ, සච්ඡාකාසිං පදං සිවං.
තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං අනගාරියං, යුඤ්ජන්තී සත්ථුවචතෙ සච්ඡාකාසිං පදං සිවං
“සබ්බෙ සොකා සමුච්ඡින්නා, පහීනා එතදන්තිකා; පරිඤ්ඤාතා හි මෙ වත්ථූ, යතො සොකාන සම්භවො”ති. –
සබ්බෙ සොකා සමුච්ඡින්තා පහීනා එතදන්තිකා, පරිඤ්ඤාතාහි මෙ වත්ථු යතො සොකොනසම්භවො
ඉමා ගාථා අභාසි.
පුතා මළ සොවින් කලකිරුණන් මගේ සිත වික්ෂිප්ත විය, සිහිය මඳවිය. නිරුවත්ව විසුරුණු කෙස් ඇතිව ඒ ඒ තන්හි හැසුරුණෙමි.
කසළ ගොඩවල සොහොන් පිටිවල වීදිවල සාපිපාසාවෙන් මැඩී තුන්වසරක් පුරා ඇවිද්දෙමි. දිනෙක මිථිලා නුවරදී, නො දමුණු පුඟුලන් දමන්නාවූ, කිසිම බියක් නොමැති සුගත වූ බුදුන්වහන්සේ දිටිමි.
එකෙණෙහිම නැවත සිහිය ලැබූ මම උන්වහන්සේට වැඳ පසෙක හිඳගතිමි. ඒ ගෞතමයන්වහන්සේ මට අනුකම්පාවෙන් ධර්මයක් දේශනා කළ සේක.
උන්වහන්සේගේ බණ අසා මම අනගාරික ශාසනයෙහි පැවිදිවීමි. බුදුන්ගේ චචනය පිළිපැදීමෙන් ශාන්තිපදය ක්ෂාත්ක්ෂාත් කරගතිමි.
සියලු ශෝක නැතිවිය, කෙලෙස් දුරුවිය අවසාන අවස්ථාවට පැමිණියෙමි. ශෝකයේ තැන් අවබෝධ කරගතිමි.
තත්ථ අට්ටාති අට්ටිතා. අයමෙව වා පාඨො, අට්ටිතා පීළිතාති අත්ථො. ඛිත්තචිත්තාති සොකුම්මාදෙන ඛිත්තහදයා. තතො එව පකතිසඤ්ඤාය විගමෙන විසඤ්ඤිනී. හිරොත්තප්පාභාවතො අපගතවත්ථතාය නග්ගා. විධුතකෙසතාය පකිණ්ණකෙසී. තෙන තෙනාති ගාමෙන ගාමං නගරෙන නගරං වීථියා වීථිං විචරිං අහං.
එහි අට්ටා - කලකිරුණු, කලකිරීමෙන් පෙළුණේ යන තේරුමය. ඛිත්ත චිත්තා - සෝක උමතුවෙන් විසුරුණු හදවත ඇති. එහෙයින්ම පියවි සිහිය නැතිව යාමෙන් විසඤ්ඤී - හිරිඔතප් නැතිවීම හේතුකොට වස්ත්‍ර පහව යාමෙන් නග්ගා - විසුරුණු කෙස් ඇති බැවින් පකිණ්ණ කෙසී තෙනනෙන - ගමෙන් ගමට නගරයෙන් නගරයට වීදියෙන් විදියට හැසුරුණෙමි.
අථාති පච්ඡා උම්මාදසංවත්තනියස්ස කම්මස්ස පරික්ඛයෙ. සුගතන්ති සොභනගමනත්තා සුන්දරං ඨානං ගතත්තා සම්මා ගදත්තා සම්මා ච ගතත්තා සුගතං භගවන්තං. මිථිලං පතීති මිථිලාභිමුඛං, මිථිලානගරාභිමුඛං ගච්ඡන්තන්ති අත්ථො.
අථ - උමතුබවට කාරක වූ කර්මය නිමවී ගිය පසු සුගතං - මනා ගමන් ඇති බැවින්, යහපත් තැනකට ගිය හෙයින්, මැනැවින් කියනලද හෙයින්, මැනවින් අවබෝධ කරගත් හෙයින් සුගත වූ බුදුහු මිථිලං පති - මිථිලා නගරය බලා, මිථිලා නගරාභිමුඛව යන්නාවූ යන අර්ථයයි.
සචිත්තං පටිලද්ධානාති බුද්ධානුභාවෙන උම්මාදං පහාය අත්තනො පකතිචිත්තං පටිලභිත්වා.
සචිත්තං පටිලද්ධාන - බුදුහුගේ ආනුභාවයෙන් උමතුබව දුරුවී පියවි සිහිය ලැබ.
යුඤ්ජන්තී සත්ථුවචනෙති සත්ථු සම්මාසම්බුද්ධස්ස සාසනෙ යොගං කරොන්තී භාවනං අනුයුඤ්ජන්තී. සච්ඡාකාසිං පදං සිවන්ති සිවං ඛෙමං චතූහි යොගෙහි අනුපද්දුතං නිබ්බානං පදං සච්ඡිඅකාසිං.
යුඤ්ජන්ති සත්ථු වචනෙ - සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ශාසන කාර්යයෙහි යෙදෙන්නී භාවනාවෙහි නිරතවෙයි. පච්ඡාකාසිං සිවං පදං - ශාන්තිය, ක්ෂේම භූමිය චතුර්විධ යෝගයන්ගෙන් උපද්‍රව රහිත වූ නිර්වාණ පදය ප්රත්යක්ෂ කළෙමි.
එතදන්තිකාති එතං ඉදානි මයා අධිගතං අරහත්තං අන්තො පරියොසානං එතෙසන්ති එතදන්තිකා, සොකා. න දානි තෙසං සම්භවො අත්ථීති අත්ථො. යතො සොකාන සම්භවොති යතො අන්තොනිජ්ඣානලක්ඛණානං සොකානං සම්භවො, තෙසං සොකානං පඤ්චුපාදානක්ඛන්ධසඞ්ඛාතා වත්ථූ අධිට්ඨානානි ඤාතතීරණපහානපරිඤ්ඤාහි පරිඤ්ඤාතා. තස්මා සොකා එතදන්තිකාති යොජනා.
එතදන්තිකා - මා විසින් ලබාගත්තාවූ මේ රහත්ඵලය අවසානයයි, කෙළවරයි, මේ සියල්ලගේම නිමාවය. සොකා - දැන් ඒ ශෝකයන්ගේ හටගැන්මක් නැත යන තේරුමය. යතො සොකොනසම්භවො - අවබෝධකර ගැනීමේ ලක්ෂණ කොට ඇති සෝකයන්ගේ හටගැන්ම ඒ සේවකයන්ගේ පඤ්ච උපාදානස්කන්ධ සංඛ්‍යාත වස්තූන් දැනීම, තීරණය කිරීම, ප්රහාණය කිරීම යන කරුණු විසින් සම්පූර්ණයෙන් දන්නාවූ හෙයින් සෝකයන් මෙය කෙළවරකොට ඇත්තේය යනුවෙන් යොදාගතයුතුය.
වාසෙට්ඨීථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
වාසෙට්ඨ තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.