පඤ්චසතමත්තානං ථෙරීනං ගාථාවණ්ණනා අට්ඨකථා
පඤ්චසතමත්තානං ථෙරීනං ගාථාවණ්ණනා
පන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා වර්ණනාව
ඡක්කනිපාතෙ යස්ස මග්ගං න ජානාසීතිආදිකා පඤ්චසතමත්තානං ථෙරීනං ගාථා. ඉමාපි පුරිමබුද්ධෙසු කතාධිකාරා තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තියො අනුක්කමෙන උපචිතවිමොක්ඛසම්භාරා හුත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ තත්ථ තත්ථ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තා මාතාපිතූහි පතිකුලං ආනීතා තත්ථ තත්ථ පුත්තෙ ලභිත්වා ඝරාවාසං වසන්තියො සමානජාතිකස්ස තාදිසස්ස කම්මස්ස කතත්තා සබ්බාව මතපුත්තා හුත්වා, පුත්තසොකෙන අභිභූතා පටාචාරාය ථෙරියා සන්තිකං උපසඞ්කමිත්වා වන්දිත්වා නිසින්නා අත්තනො සොකකාරණං ආරොචෙසුං. ථෙරී තාසං සොකං විනොදෙන්තී –
සයවන නිපාතයෙහි යස්ස මග්ගං න ජානාති යන මෙය ආදි ගාථා පන්සියයක් පමණ තෙරණියන්ගේ ගාථාය. මේ තැනැත්තියෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්යය ඇත්තාහු ඒ ඒ භවයන්හි උපත්වලට අනුව පින් රැස්කරමින් ක්රමයෙන් උපයාගත් නිර්වාණගාමී පුණ්යසම්භාර ඇතිව මේ බුදුපතෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණි කල්හි මවුපියන් විසින් පතිකුලවලට පමුණුවනු ලැබුවාහුය. ඒ ඒ ගෙවල පුතුන් ලැබ ගිහිජීවිතය ගතකරන්නාහු සමාන ජාතීන්හි එවැනි කර්මයන් කර තිබෙන හෙයින් සියල්ලන්ගේම දරුවන් නැතිවී පුත්රශෝකයෙන් මඩිනු ලැබුවාහු පටාචාරා තෙරණිය වෙත එළඹ වැඳ හුන්නාහු තමතමාගේ ශෝකයට හේතු වූ කරුණු සැලකළහ. තෙරණියෝ ඔවුන්ගේ ශෝකය පහකරවමින් මේ ගාථා හතරෙන් ධර්මයක් දේශනා කළහ:
“යස්ස මග්ගං න ජානාසි, ආගතස්ස ගතස්ස වා; තං කුතො චාගතං සත්තං, මම පුත්තොති රොදසි.
යමෙකු පැමිණි මග හෝ ගිය මග හෝ නොදනීද, ඔහු කොතැනකින් පැමිණියේද, හේ මගේ පුතා යයි හඬයි.
“මග්ගඤ්ච ඛොස්ස ජානාසි, ආගතස්ස ගතස්ස වා; න නං සමනුසොචෙසි, එවංධම්මා හි පාණිනො.
ඔහු පැමිණි මග හෝ ගිය මග හෝ දන්නෙහිද, ඔහු උදෙසා ශෝක නොකරහි. සත්ත්වයන්ගේ ස්වභාවය එවැනිය.
“අයාචිතො තතාගච්ඡි, නානුඤ්ඤාතො ඉතො ගතො; කුතොචි නූන ආගන්ත්වා, වසිත්වා කතිපාහකං; ඉතොපි අඤ්ඤෙන ගතො, තතොපඤ්ඤෙන ගච්ඡති.
අයැදුමක් නැතිව එහි ගියේය. අනුදැනුමක් නැතිව මෙහෙන් ගියේය. කොතැනෙකින් හෝ පැමිණ දවස් කිහිපයක් වැස, මෙතැනින්ද වෙන තැනකට යයි. එයින් අන් තැනකට යයි.
“පෙතො මනුස්සරූපෙන, සංසරන්තො ගමිස්සති; යථාගතො තථා ගතො, කා තත්ථ පරිදෙවනා”ති. –
මළ තැනැත්තා මිනිස් වෙසෙන් හැසිරෙමින් යන්නේය. යම් අයුරකින් පැමිණියේද ඒ අයුරින්ම යන්නේය. එහිලා කවර වැළපීමෙක්ද?
ඉමාහි චතූහි ගාථාහි ධම්මං දෙසෙසි.
තා තස්සා ධම්මං සුත්වා සඤ්ජාතසංවෙගා ථෙරියා සන්තිකෙ පබ්බජිංසු. පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තියො විමුත්තිපරිපාචනීයානං ධම්මානං පරිපාකං ගතත්තා න චිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තෙ පතිට්ඨහිංසු. අථ තා අධිගතාරහත්තා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන “යස්ස මග්ගං න ජානාසී”තිආදිකාහි ඔවාදගාථාහි සද්ධිං –
ඔවුහු ඇයගේ ධර්මය අසා හටගත් සංවේගය ඇත්තාහු තෙරණිය ඇසුරෙහි පැවිදිවූහ. පැවිද්ද ලබා විදසුන් වඩන්නාහු විමුක්තියට පමුණුවන ධර්මයන් මුහුකුරා යාම හේතුකොටගෙන නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත් බැව්හි පිහිටියාහ. ඉක්බිති රහත් බව ලබාගත්තාවූ ඔවුහු තමතමාගේ පිළිවෙත බලා උදාන වශයෙන් ‘යමෙකු පැමිණි මග හෝ ගිය මග නොදන්නෙහිය’ ආදී අවවාදාත්මක ගාථා සමග පහත දැක්වෙන ගාථා දෙක වෙනවෙනමම ප්රකාශ කළහ:
“අබ්බහී වත මෙ සල්ලං, දුද්දසං හදයස්සිතං; යා මෙ සොකපරෙතාය, පුත්තසොකං බ්යපානුදි.
අබ්බහී වත මෙ සල්ලං දුද්දසං හදයනිස්සිතං, යා මෙ සොකපරෙතාය පුත්තසොකං ව්යාපානුදි.
“සාජ්ජ අබ්බූළ්හසල්ලාහං, නිච්ඡාතා පරිනිබ්බුතා; බුද්ධං ධම්මඤ්ච සඞ්ඝඤ්ච, උපෙමි සරණං මුනි”න්ති. –
සාජ්ජ් අබ්බුළ්හ සල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා, බුද්ධං ධම්මං ච සංඝං ච උපෙමි සරණං මුනිං.
ඉමා ගාථා විසුං විසුං අභාසිංසු.
දැකීමට අපහසු වූ හදවත ඇසුරුකර පවත්නා වූ මගේ (ශෝකය නමැති) උල උදුරා දැමිණ. ශෝකයෙන් පෙළුණාවූ ඒ මගේ පුත්ර ශෝකය දුරුවිය.
පහවූ ශෝක නමැති උල ඇත්තාවූ ඒ මම අද ශෝකයෙන් මිදී නිවී සැනහී බුදුන් දහම් හා සඟුන් සරණ යමි.
තත්ථ යස්ස මග්ගං න ජානාසි, ආගතස්ස ගතස්ස වාති යස්ස සත්තස්ස ඉධ ආගතස්ස ආගතමග්ගං වා ඉතො ගතස්ස ගතමග්ගං වා ත්වං න ජානාසි. අනන්තරා අතීතානාගතභවූපපත්තියො සන්ධාය වදති. තං කුතො චාගතං සත්තන්ති තං එවං අවිඤ්ඤාතාගතගතමග්ගං කුතොචි ගතිතො ආගතමග්ගං ආගච්ඡන්තෙන අන්තරාමග්ගෙ සබ්බෙන සබ්බං අකතපරිචයසමාගතපුරිසසදිසං සත්තං කෙවලං මමත්තං උප්පාදෙත්වා මම පුත්තොති කුතො කෙන කාරණෙන රොදසි. අප්පටිකාරතො මම පුත්තස්ස ච අකාතබ්බතො න එත්ථ රොදනකාරණං අත්ථීති අධිප්පායො.
එහි යස්ස මග්ගං න ජානාසි ආගතස්ස ගතස්ස වා - යම් සතෙකුගේ මෙහි ආගතස්ස - පැමිණි මග හෝ මෙයින් ගතස්ස - ගිය මග හෝ ඔබ නොදන්නෙහිය. ඉක්බිති අනීත හා අනාගත භවයන්හි ඉපදීම උදෙසා කියයි. තං කුතො ආගතං සත්තං - එය මෙසේ පැමිණි මග හෝ ගිය මග නොදැන යම්කිසි භවයකින් පැමිණීම පමණක්ය, පැමිණෙන්නේද අතරමග පලපුරුද්දක් නැතිව පැමිණි පුද්ගලයකු මෙන් සත්ත්වයා හුදෙක් මමත්වය උපදවා ‘මගේ පුතා’ යයි කුතො - කවර කාරණයක් නිසා හඬහිද? පිළියමක් නොමැති හෙයින් මගේ පුතාටද කළ යුතු දෙයක් නොමැති හෙයින් මෙහි වැඩීමට කිසිම හේතුවක් නැත යන අදහසය.
මග්ගඤ්ච ඛොස්ස ජානාසීති අස්ස තව පුත්තාභිමතස්ස සත්තස්ස ආගතස්ස ආගතමග්ගඤ්ච ගතස්ස ගතමග්ගඤ්ච අථ ජානෙය්යාසි. න නං සමනුසොචෙසීති එවම්පි නං න සමනුසොචෙය්යාසි. කස්මා? එවංධම්මා හි පාණිනො, දිට්ඨධම්මෙපි හි සත්තානං සබ්බෙහි පියෙහි මනාපෙහි නානාභාවා විනාභාවා තත්ථ වසවත්තිතාය අභාවතො, පගෙව අභිසම්පරායං.
මග්ගඤ්ච ඛොස්ස ජනාසි - මේ ඔබේ පුතා වශයෙන් සම්මත සත්ත්වයාගේ ආගතස්ස - පැමිණි මගද, ගතස්ස - ගිය මගද ඉක්බිති දැනගන්නෙහිය. න නං සමනුසොචෙසි - මෙසේ ඔහු ගැන ශෝක නොකරන්නෙහිය. කුමක් හෙයින් එවං ධම්මාහි පාණිනො - මෙ ලෙව්හිදී පවා සියලු ප්රියදෙයින්, මනාප දේවලින් වෙන්වීම, වෙනස්වීම, තමා වසඟයෙහි නොපැවැත්ම සියලු සත්ත්වයන්ට පොදුවූවකි. පරලොව ගැන නොකිවමනාය.
අයාචිතො තතාගච්ඡීති තතො පරලොකතො කෙනචි අයාචිතො ඉධ ආගච්ඡි. “ආගතො”තිපි පාළි, සො එවත්ථො. නානුඤ්ඤාතො ඉතො ගතොති ඉධලොකතො කෙනචි අනනුඤ්ඤාතො පරලොකං ගතො. කුතොචීති නිරයාදිතො යතො කුතොචි ගතිතො. නූනාති පරිසඞ්කායං . වසිත්වා කතිපාහකන්ති කතිපයදිවසමත්තං ඉධ වසිත්වා. ඉතොපි අඤ්ඤෙන ගතොති ඉතොපි භවතො අඤ්ඤෙන ගතො, ඉතො අඤ්ඤම්පි භවං පටිසන්ධිවසෙන උපගතො. තතොපඤ්ඤෙන ගච්ඡතීති තතොපි භවතො අඤ්ඤෙන ගමිස්සති, අඤ්ඤමෙව භවං උපගමිස්සති.
අයාචිතො තතාගච්ඡි - පරලෙව්හිදි කිසිවෙකු විසින් හෝ ආරාධනා කරනු නොලැබ මෙහි පැමිණියේය යනු අර්ථයය. අනනුඤ්ඤතො ඉතො ගතො - මෙලෙව්හිදී ද කිසිවෙකු විසින් අනුමත කරනු නොලැබ පරලොවට ගියේය. තතොපි - නිරය ආදි එහෙන් මෙහෙන් යන හෙයින්, නූන - ඒකාන්තයෙන්, වසිත්වා කතිපාහකං - දින කිහිපයක් පමණක් මෙහි වැස, ඉතොපි අඤ්ඤෙන ගතො - මේ භවයෙන් අනෙකකට ගියේය, මෙයින් අනෙක් භවයක පිළිසිදීම පිණිස ගියේය. තතො අඤ්ඤෙන ගච්ඡති - ඒ භවයෙන්ද අනෙක් භවයකට යයි, අනෙක් උපතකටම පැමිණෙයි.
පෙතොති අපෙතො තං තං භවං උපපජ්ජිත්වා තතො අපගතො. මනුස්සරූපෙනාති නිදස්සනමත්තමෙතං, මනුස්සභාවෙන තිරච්ඡානාදිභාවෙන චාති අත්ථො. සංසරන්තොති අපරාපරං උපපත්තිවසෙන සංසරන්තො. යථාගතො තථා ගතොති යථා අවිඤ්ඤාතගතිතො ච අනාමන්තෙත්වා ආගතො තථා අවිඤ්ඤාතගතිකො අනනුඤ්ඤාතොව ගතො. කා තත්ථ පරිදෙවනාති තත්ථ තාදිසෙ අවසවත්තිනි යථාකාමාවචරෙ කා නාම පරිදෙවනා, කිං පරිදෙවිතෙන පයොජනන්ති අත්ථො. සෙසං වුත්තනයමෙව.
පෙතො - මෙයින් පහව ගියේ ඒ ඒ භවයන්හි ඉපිද එයිනුදු පහව ගියේ, මනුස්ස රූපෙන - මෙය නිදසුනක් පමණි. මිනිසත්බැව්හි හෝ තිරිසන් ආදී අත්බැව්වල හෝ යනු අදහසය. සංසරන්තො එකින් අනෙකක උත්පත්ති වශයෙන් හැසිරෙන්නේ, යථා ගතො තථා ගතො - අවිඥාන ගතියෙන් හා ඇරයුමක් නොමැතිව ගියේය. කාතත්ථ පරිදෙවනා - එහි එවැනි තමා වසඟයෙහි නොපවත්නා කල්හි කවර නම් වැළපීමක්ද වැළපීමෙන් කවර ප්රයෝජනයක්ද යනු අදහසය. සෙස්ස පෙර කියනලද පරිදිමය.
එත්ථ ච ආදිතො චතස්සො ගාථා පටාචාරාය ථෙරියා තෙසං පඤ්චමත්තානං ඉත්ථිසතානං සොකවිනොදනවසෙන විසුං විසුං භාසිතා. තස්සා ඔවාදෙ ඨත්වා පබ්බජිත්වා අධිගතවිසෙසාහි තාහි පඤ්චසතමත්තාහි භික්ඛුනීහි ඡපි ගාථා පච්චෙකං භාසිතාති දට්ඨබ්බා.
මෙහිද පළමුවන ගාථා හතර පටාචාරා තෙරණියගේය, එකී පන්සියයක් පමණ ස්ත්රීන්ගේ ශෝකය දුරුකරවනු පිණිස වෙන වෙනම කියන ලදී. ඇයගේ අවවාදයෙහි පිහිටා පැවිදිව විශේෂ අධිගමයන් ලැබූ එකී පන්සියයක් පමණ භික්ෂුණීන් විසින් එම ගාථා වෙන වෙනම කියන ලදැයි දතයුතුය.
පඤ්චසතා පටාචාරාති පටාචාරාය ථෙරියා සන්තිකෙ ලද්ධඔවාදතාය පටාචාරාය වුත්තං අවෙදිසුන්ති කත්වා “පටාචාරා”ති ලද්ධනාමා පඤ්චසතා භික්ඛුනියො.
පඤ්ච සතා - පටාචාරා යනු පටාචාරා තෙරණියගෙන් ලබාගත් අවවාද ඇති හෙයින් පටාචාරා විසින් කියන ලද්දේ තේරුම්ගත් හෙයින් පටාචාරා යන නම ලබා ගත්තා වූ පන්සීයයක් භික්ෂුණීහු.
පඤ්චසතමත්තාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
පන්සියයක් පමණ තෙරණියන්ගේ ගාථා වර්ණනාව නිමි.