යෙදුමෙන් කියවන්න

පඤ‍්චසතමත‍්තානං ථෙරීනං ගාථා

6. 1.

6. 1.

127. යස‍්ස මග‍්ගං න ජානාති ආගතස‍්ස ගතස‍්ස වා තං කුතො ආගතං සත‍්තං මම පුත‍්තොති රොදසි.

127. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ යම් මැ කෙනකුගේ ආගියමඟ නො දන්නේ ද, කොහි සිට ආවාවූ ඒ සතකු ගෙන ‘මාගේ පුත්‍රයහ’යි අඬන්නෙහි ද?

128. මග‍්ගඤ‍්ච ඛොස‍්ස ජානාසි ආගතස‍්ස ගතස‍්ස වා න නං සමනුසොචෙසි එවං ධම‍්මා හි පාණිනො.

128. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ ඔහුගේ මඟ දන්නෙහි ද ඔහු ගෙන ශෝක නො කරන්නෙහි යැ. ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇත්තාහු යැ.

129. අයාචිතො තතාගච‍්ඡි අනනුඤ‍්ඤාතො ඉතො ගතො කුතොචි නූන ආගන‍්ත්‍වා වසිත්‍වා කතිපාහකං ඉතො’පි අඤ‍්ඤෙන ගතො තතො අඤ‍්ඤෙන ගච‍්ඡති.

129. නො යදනාලදු වැ එලොවින් ආයේ යැ, නො අනුදන්නා ලදු වැ මෙලොවින් ගියේ යැ කිසියම් ගතියක් සිට මෙලොව අවුත් කිහිප දිනක් වැස මෙලොවිනුදු අන් ගතියකට පිළිසිඳ විසින් ගියේ යැ එයිනුදු අන් භවයකට යෙයි.

130. පෙතො මනුස‍්සරූපෙන ස සරන‍්තො ගමිස‍්සති, යථාගතො තථා ගතො කා තත්‍ථ පරිදෙවනා.

130. මළේ මනුෂ්‍ය ආදී රූපයෙන් සැරිසරමින් යෙයි යම්සේ ආයේ වේ ද එසේ ගියේ යැ, එහිලා කවර පරිදේවනායෙක් ද!

131. අබ‍්බහී වත මෙ සල‍්ලං දුද‍්දසං හදයනිස‍්සිතං යා මෙ සොකපරෙතාය පුත‍්තසොකං ව්‍යපානුදි.

131. යම් මෙහෙණක් ශෝකයෙන් මඬනාලද මාගේ පුත්‍ර ශෝකය දුරලූ ද ඕතොමෝ මාගේ නො දැකියහෙන ළය ඇසුරු කළ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරා ලූ යැ.

132. සාජ‍්ජ අබ‍්බූළ‍්හසල‍්ලාහං නිච‍්ඡාතා පරිනිබ‍්බුතා බුද‍්ධං ධම‍්මඤ‍්ච සඞ‍්ඝඤ‍්ච උපෙමි සරණං මුනිං.

132. මම දැන් උදුරලූ හුල් ඇති වැ තෘෂ්ණා නැති වැ පිරිනිවි බුදුන් දහම් සඟුන් සරණ කොට යෙමි.

ඉත්‍ථං සුදං පඤ‍්චසතමත‍්තා ථෙරී භික‍්ඛුනියො ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් පන්සියක් පමණ තෙරැණිහු ගාථා කීහු.

පඤ‍්චසතමත‍්තානං ථෙරීනං ගාථා.

පන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා යි.