චන්‍දාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා
චන්‍දාථෙරීගාථාවණ‍්ණනා
චන්‍ද්‍රා ථේරීගාථා වර්ණනාව
දුග‍්ගතාහං පුරෙ ආසින‍්තිආදිකා චන්‍දාය ථෙරියා ගාථා. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තී අනුක‍්කමෙන සම‍්භතවිමොක‍්ඛසම‍්භාරා පරිපක‍්කඤාණා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අඤ‍්ඤතරස‍්මිං බ්‍රාහ‍්මණගාමෙ අපඤ‍්ඤාතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්සා නිබ‍්බත‍්තිතො පට‍්ඨායං තං කුලං භොගෙහි පරික‍්ඛයං ගතං. සා අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත්‍වා දුක‍්ඛෙන ජීවති. අථ තස‍්මිං ගෙහෙ අහිවාතරොගො උප‍්පජ‍්ජි. තෙනස‍්සා සබ‍්බෙපි ඤාතකා මරණබ්‍යසනං පාපුණිංසු. සා ඤාතික‍්ඛයෙ ජාතෙ අඤ‍්ඤත්‍ථ ජීවිතුං අසක‍්කොන‍්තී කපාලහත්‍ථා කුලෙ කුලෙ විචරිත්‍වා ලද‍්ධලද‍්ධෙන භික‍්ඛාහාරෙන යාපෙන‍්තී එකදිවසං පටාචාරාය ථෙරියා භත‍්තවිස‍්සග‍්ගට‍්ඨානං අගමාසි. භික‍්ඛුනියො තං දුක‍්ඛිතං ඛුද‍්දාභිභූතං දිස‍්වාන සඤ‍්ජාතකාරුඤ‍්ඤා පියසමුදාචාරෙන සඞ‍්ගහෙත්‍වා තත්‍ථ විජ‍්ජමානෙන උපචාරමනොහරෙන ආහාරෙන සන‍්තප‍්පෙසුං. සා තාසං ආචාරසීලෙ පසීදිත්‍වා ථෙරියා සන‍්තිකං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. තස‍්සා ථෙරී ධම‍්මං කථෙසි. සා තං ධම‍්මං සුත්‍වා සාසනෙ අභිප‍්පසන‍්නා සංසාරෙ ච සඤ‍්ජාතසංවෙගා පබ‍්බජි . පබ‍්බජිත්‍වා ච ථෙරියා ඔවාදෙ ඨත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තී කතාධිකාරතාය ඤාණස‍්ස ච පරිපාකං ගතත‍්තා න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා –
දුග්ගතාහං පුරෙ ආසිං මෙය චන්දා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කරමින් ක්‍රමයෙන් එකතුකරගන්නා ලද නිර්‍වාණගාමී පුණ්‍යසම්භාර ඇතිව, මුහුකුරා ගිය නුවණින් යුක්තව වෙසෙන්නී මේ බුදුපතෙහි එක්තරා බමුණුගමක අප්‍රකට බමුණු කුලයක පිළිසිඳ ගත්තාය. ඇය උපන් දින සිට ඒ පවුල භවභෝග සම්පත්තියෙන් පිරිහෙන්ට විය. ඕතොමෝ දැන උගත්කම් ලබාගෙන දුකින් වෙසෙයි. කලෙක ඒ ගෙයි අභිවාතක රෝගය හටගත්තේය. එයින් ඇගේ සියලු ඤාතීහු මරුමුවට පත්වූහ. සියලු නෑදයන් මළ කල්හි ජීවත්වීම දුෂ්කර වූ ඕ කබලක් අතින් ගෙන ගෙයක් පාසා යමින් ලද දෙයකින් යැපෙන්නී දිනක් පටාචාරා තෙරණියගේ සග දන් දෙන තැනට ගියාය. භික්‍ෂුණීහු දුකට පත් බඩසයින් පෙළෙමින් සිටි ඇය දැක කරුණා සිතින් ප්‍රියවචනයෙන් කථාකර ඒ අවස්ථාවෙහි ලබාගත හැකිව තිබුණු අහරින් සැතැපවූහ. ඕතොමෝ භික්‍ෂුණීන්ගේ ආචාරශීල සම්පන්න භාවයෙහි පැහැදී තෙරණියන් වෙත ගොස් වැඳ එකත්පස්ව සිටියාය. තෙරණියක් ඇයට ධර්‍ම දේශනා කළාය. ඈ ඒ බණ අසා සසුනෙහි පැහැදී සසර කෙරෙහි හටගත් සංවේගය ඇත්තී පැවිදි වූවාය. පැවිදිව භික්‍ෂුණීන්ගේ බණ අසා ඒ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා භාවනාවෙහි යෙදී, කරන ලද අධිෂ්ඨාන ඇති බැවින්ද නුවණ මුහුකුරා ගොස් තිබුණු හෙයින්ද නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත බලා උදන් විසින් මේ ගාථා ප්‍රකාශ කළාය:
“දුග‍්ගතාහං පුරෙ ආසිං, විධවා ච අපුත්තිකා; විනා මිත්තෙහි ඤාතීහි, භත‍්තචොළස‍්ස නාධිගං.
දුග්ගතා හං පුරෙ ආසිං විධවා ච අපුත්තිකා, විනා මිත්තෙහි ඤාතීහි භත්ත චොළස්ස නාධිගං.
“පත‍්තං දණ‍්ඩඤ‍්ච ගණ‍්හිත්‍වා, භික‍්ඛමානා කුලා කුලං; සීතුණ‍්හෙන ච ඩය‍්හන‍්තී, සත‍්ත වස‍්සානි චාරිහං.
පත්තං දණ්ඩඤ්ච ගණහිත්‍වා භික්‍ඛමානා කුලාකුලං, සීතුණ්භෙන ච ඩය්හන්තී සකතවස්සානි චාරීහං.
“භික‍්ඛුනිං පුන දිස්වාන, අන්නපානස්ස ලාභිනිං; උපසඞ‍්කම‍්මං අවොචං, පබ‍්බජ‍්ජං අනගාරියං.
භික්‍ඛුණිං පුන දිස්වාන අන්නපානස්ස ලාභිනිං, උපසඞ්කම්මා වොචං පබ්බජ්ජං අනගාරියං.
“සා ච මං අනුකම්පාය, පබ්බාජෙසි පටාචාරා; තතො මං ඔවදිත්‍වාන, පරමත්‍ථෙ නියොජයි.
සා ච මං අනුකම්පාය පබ්බාජෙසි පටාචාරා, තතො මං ඔවදිත්‍වාන පරමත්‍ථෙ නියොජයි.
“තස‍්සාහං වචනං සුත්‍වා, අකාසිං අනුසාසනිං; අමොඝො අය්‍යායොවාදො, තෙවිජ‍්ජාම‍්හි අනාසවා”ති. –
තස්සාහං වචනං සුත්‍වා අකාසිං අනුසාසනිං, අමොඝොය්‍යාය ඔවාදො තෙවිජ්ජම්හි අනාසවා.
උදානවසෙන ඉමා ගාථා අභාසි.
පෙර මම දුප්පත් වීමි, දරුවන් නැති වැන්දඹුවක් වීමි. නෑදෑ යහලු මිතුරන්ගෙන් තොරවූ මම කෑමබීම හා ඇඳුම්පැළඳුම් ද නොලදිමි.
කබලක් හා යටියක් අතින් ගෙන ගෙයක් පාසා සිඟමන් යමින් සීතලෙන් උණුසුමෙන් පෙළෙමින් සත්වසරක් සැරිසැරුවෙමි.
දිනක් අහරපැන් ලබන භික්‍ෂුණියක් දැක ඇය වෙත ගොස් අයැද සසුනෙහි පැවිද්ද ලබාගතිමි.
ඒ පටාචාරාතොමෝ මා කෙරෙහි අනුකම්පාවෙන් මා පැවිදි කළාය. ඉක්බිති මට ඔවා දී පරමාර්‍ථයෙහි යෙදවූවාය.
මම ඇගේ වචනය අසා ඇගේ අවවාදය පිළිපැදීමි. ඒ ආර්‍යාවගේ අවවාදය නොසිස්වූවකි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි. ආශ්‍රවයන් ක්‍ෂය කළෙමි.
තත්‍ථ දුග‍්ගතාති දලිද‍්දා. පුරෙති පබ‍්බජිතතො පුබ‍්බෙ. පබ‍්බජිතකාලතො පට‍්ඨාය හි ඉධ පුග‍්ගලො භොගෙහි අඩ‍්ඪො වා දලිද‍්දො වාති න වත‍්තබ‍්බො. ගුණෙහි පන අයං ථෙරී අඩ‍්ඪායෙව. තෙනාහ “දුග‍්ගතාහං පුරෙ ආසි”න‍්ති. විධවාති ධවො වුච‍්චති සාමිකො, තදභාවා විධවා, මතපතිකාති අත්‍ථො. අපුත‍්තිකාති පුත‍්තරහිතා. විනා මිත‍්තෙහීති මිත‍්තෙහි බන්‍ධවෙහි ච පරිහීනා රහිතා. භත‍්තචොළස‍්ස නාධිගන‍්ති භත‍්තස‍්ස චොළස‍්ස ච පාරිපූරිං නාධිගච‍්ඡිං, කෙවලං පන භික‍්ඛාපිණ‍්ඩස‍්ස පිලොතිකාඛණ‍්ඩස‍්ස ච වසෙන ඝාසච‍්ඡාදනමත‍්තමෙව අලත්‍ථන‍්ති අධිප‍්පායො. තෙනාහ “පත‍්තං දණ‍්ඩඤ‍්ච ගණ‍්හිත්‍වා”තිආදි.
එහි දුග්ගතා - දිළිඳුය, පුරෙ - පැවිදිවීමට පෙර පැවිදි බව ලැබූදා සිට පුද්ගලයෙකු භෝගයන්ගෙන් ආඪ්‍ය හෝ දිළිඳු හෝ යනුවෙන් නොකිව යුතුය. ගුණසම්පත්තියෙන් වනාහි මේ තෙරණිය සමෘද්ධිමත්ය. එහෙයින් දුග්ගතාහං පුරෙ ආසිං - යනුවෙන් කීවාය. විධවා - ධව යනු සැමියාය, ඔහුගෙන් වෙන්වීම විධවාය. සැමියා මළ තැනැත්තිය යන අර්ථයයි. අපුත්තිකා - දරුවන් රහිතවූ විනා මිත්තෙහි - මිතුරන්ගෙන් හා නෑයන්ගෙන් හීනවූ, තොරවූ, භත්ත චොළස්ස නාධිගං - ආහාර හා රෙදිපිළි නොතිබිණ. හුදෙක් සිඟා යාම සඳහා එකම රෙදිකඩක් තිබිණ. බඩසය යටපත් කර ගැනීමට තරම්වන අහරක් ලැබිණ, යනු අදහසය.
තත්‍ථ පත‍්තන‍්ති මත‍්තිකාභාජනං. දණ‍්ඩන‍්ති ගොණසුනඛාදිපරිහරණදණ‍්ඩකං. කුලා කුලන‍්ති කුලතො කුලං. සීතුණ‍්හෙන ච ඩය‍්හන‍්තීති වසනගෙහාභාවතො සීතෙන ච උණ‍්හෙන ච පීළියමානා.
එහෙයින් පත්තං දණ්ඩඤ්ච ගණභිත්‍වා - යනුවෙන් කියන ලදී. එහි පත්තං - යනු මැටි බදුනකි. දණ්ඩං - ගොනුන් බල්ලන් ආදින් වළක්වනු පිණිස ගෙනයන යටියකි, කුලාකුලං - කුලයෙන් කුලයට, සීතුණ්භෙන ච ඩය්හන්ති - විසීමට ගෙයක් නොමැති හෙයින් සීතලෙන් හා උණුසුමෙන් පෙළෙන්නී,
භික‍්ඛුනින‍්ති පටාචාරාථෙරිං සන්‍ධාය වදති. පුනාති පච‍්ඡා, සත‍්තසංවච‍්ඡරතො අපරභාගෙ.
භික්‍ඛුනිං - පටාචාරා තෙරණිය උදෙසා මෙසේ කියයි, පුන - පසුව, අවුරුදු හතකට පසුව
පරමත්‍ථෙති පරමෙ උත‍්තමෙ අත්‍ථෙ, නිබ‍්බානගාමිනියා පටිපදාය නිබ‍්බානෙ ච. නියොජයීති කම‍්මට‍්ඨානං ආචික‍්ඛන‍්තී නියොජෙසි. සෙසං වුත‍්තනයමෙව.
පරමත්‍ථෙ - පරමවූ උතුම් වූ අර්‍ථයෙහි, නිර් වාණගාමිණී ප්‍රතිපදාවෙන්, නිවණෙහිද, නියොජයි - කමටහන් දෙසමින් යෙදවූවාය. සෙස්ස කියනලද පරිදිමය.
චන්‍දාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
චන්දා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
පඤ‍්චකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.
පඤ්චකනිපාත වර්‍ණනාව සමාප්තය