යෙදුමෙන් කියවන්න

තිංසමත‍්තාථෙරී භික‍්ඛූනීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

තිංසමත‍්තාථෙරී භික‍්ඛූනීගාථාවණ‍්ණනා

තිංසත් ථේරීගාථා වර්ණනාව

මුසලානි ගහෙත්‍වානාතිආදිකා තිංසමත‍්තානං ථෙරීනං ගාථා. තාපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරා තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තියො අනුක‍්කමෙන උපචිතවිමොක‍්ඛසම‍්භාරා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සකකම‍්මසඤ‍්චොදිතා තත්‍ථ තත්‍ථ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා පටාචාරාය ථෙරියා සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධා පබ‍්බජිත්‍වා පරිසුද‍්ධසීලා වත‍්තපටිවත‍්තං පරිපූරෙන‍්තියො විහරන‍්ති. අථෙකදිවසං පටාචාරාථෙරී තාසං ඔවාදං දෙන‍්තී –

මුසලානි ගහෙත්‍වාන යන ගාථාව තිහක් පමණ වූ භික්‍ෂුණීන්ගේ ගාථාවය. ඔවුහුද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තාහු ඒ ඒ භවයන්හි සසර ගමන නිමකිරීමට අදාළවූ කුසල් රැස්කරන්නාහු ක්‍රමයෙන් රැස්කළ කුසල් සම්භාරය හේතුකොට මේ බුදු උපතෙහි ස්වකීය කර්‍මයන් විසින් මෙහෙයනු ලබන්නාහු ඒ ඒ කුලගෙවල ඉපිද වැඩිවියට පැමිණි පසු පටාචාරා තෙරණියගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිව පිරිසිදු සිල් ඇත්තාහු වතාවත් පුරමින් සැරිසරති. ඉක්බිති දිනක් පටාචාරා තෙරණියෝ ඔවුන්ට මේ ගාථාවලින් ධර්‍මදේශනාවක් කළහ:

“මුසලානි ගහෙත්‍වාන, ධඤ‍්ඤං කොට‍්ටෙන‍්ති මාණවා; පුත‍්තදාරානි පොසෙන‍්තා, ධනං වින්‍දන‍්ති මාණවා.

මුසලානි ගහෙත්‍වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා, පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.

“කරොථ බුද‍්ධසාසනං, යං කත්‍වා නානුතප‍්පති; ඛිප‍්පං පාදානි ධොවිත්‍වා, එකමන‍්තෙ නිසීදථ; චෙතොසමථමනුයුත‍්තා, කරොථ බුද‍්ධසාසන”න‍්ති. – ඉමා ද‍්වෙ ගාථා අභාසි;

කරොථ බුද්ධසාසනං යං කත්‍වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්‍වා එකමත්තෙ නිසීදථ, චෙතො සමථමනුයුත්තො කරොථ බුද්ධසාසනං.

මිනිස්සු මොහොල්ගස් ගෙන ධාන්‍ය කොටත්, ඔවුහු අඹුදරුවන් පෝෂණය කරමින් ධනය උපයා ගනිත්.

යමක් කිරීමෙන් තැවීමකට පත්නොවේද, එවැනිවූ බුදුන්ගේ අවවාදය පිළිපදින්න. වහාම පා දොවා එකත්පසෙක හිඳගන්න. සිත දමනය කිරීමෙහි යෙදීමෙන් බුදුන්ගේ අනුශාසනාව ඉටුකරන්න.

තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – ඉමෙ සත‍්තා ජීවිතහෙතු මුසලානි ගහෙත්‍වා පරෙසං ධඤ‍්ඤං කොට‍්ටෙන‍්ති, උදුක‍්ඛලකම‍්මං කරොන‍්ති. අඤ‍්ඤම‍්පි එදිසං නිහීනකම‍්මං කත්‍වා පුත‍්තදාරං පොසෙන‍්තා යථාරහං ධනම‍්පි සංහරන‍්ති. තං පන නෙසං කම‍්මං නිහීනං ගම‍්මං පොථුජ‍්ජනිකං දුක‍්ඛං අනත්‍ථසඤ‍්හිතඤ‍්ච. තස‍්මා එදිසං සංකිලෙසිකපපඤ‍්චං වජ‍්ජෙත්‍වා කරොථ බුද‍්ධසාසනං සික‍්ඛත‍්තයසඞ‍්ඛාතං සම‍්මාසම‍්බුද‍්ධසාසනං කරොථ සම‍්පාදෙථ අත‍්තනො සන‍්තානෙ නිබ‍්බත‍්තෙථ. තත්‍ථ කාරණමාහ – “යං කත්‍වා නානුතප‍්පතී”ති, යස‍්ස කරණහෙතු එතරහි ආයතිඤ‍්ච අනුතාපං නාපජ‍්ජති. ඉදානි තස‍්ස කරණෙ පුබ‍්බකිච‍්චං අනුයොගවිධිඤ‍්ච දස‍්සෙතුං, “ඛිප‍්පං පාදානි ධොවිත්‍වා”තිආදි වුත‍්තං. තත්‍ථ යස‍්මා අධොවිතපාදස‍්ස අවික‍්ඛාලිතමුඛස‍්ස ච නිසජ‍්ජසුඛං උතුසප‍්පායලාභො ච න හොති, පාදෙ පන ධොවිත්‍වා මුඛඤ‍්ච වික‍්ඛාලෙත්‍වා එකමන‍්තෙ නිසින‍්නස‍්ස තදුභයං ලභති, තස‍්මා ඛිප‍්පං ඉමං යථාලද‍්ධං ඛණං අවිරාධෙන‍්තියො පාදානි අත‍්තනො පාදෙ ධොවිත්‍වා එකමන‍්තෙ විවිත‍්තෙ ඔකාසෙ නිසීදථ නිසජ‍්ජථ. අට‍්ඨතිංසාය ආරම‍්මණෙසු යත්‍ථ කත්‍ථචි චිත‍්තරුචිකෙ ආරම‍්මණෙ අත‍්තනො චිත‍්තං උපනිබන්‍ධිත්‍වා චෙතොසමථමනුයුත‍්තා සමාහිතෙන චිත‍්තෙන චතුසච‍්චකම‍්මට‍්ඨානභාවනාවසෙන බුද‍්ධස‍්ස භගවතො සාසනං ඔවාදං අනුසිට‍්ඨිං කරොථ සම‍්පාදෙථාති.

මෙහි ලුහුඬු අදහස මෙසේය: මේ සත්ත්වයෝ ජීවත්වීම උදෙසා මොහොල්ගස් ගෙන අනුන්ගේ ධඤ්ඤං කොට්ටෙන්ති - වංගෙඩිකාරිය කරති. අනෙකුත් සුලු වැඩ කර අඹුදරුවන් පෝෂණය කරමින් සුදුසු පරිදි ධනය ද උපයා ගනිති. ඔවුන්ගේ ඒ කර්‍මාන්ත පහත්ය, ලාමකය, දුක් සහිතය, අනර්‍ථය ගෙනදෙනසුලුය. එහෙයින් එවැනි කරදර සහිත කටයුතු අත්හැර කරොථ බුද්ධසාසනං - ශික්‍ෂාත්‍රය සංඛ්‍යාත බුද්ධ වචනය කරොථ - ඉටුකළ යුතුය. තමාගේ සිතතුළ උපදවා ගත යුතුය. එයට හේතුව ප්‍රකාශ කරයි. යං කත්‍වා නානුතප්පති - එය කිරීම හේතුකොට දැනුදු අනාගතයෙහිදු තැවීමකට නොපැමිණෙයි. දැන් එය කිරීමෙහි පූර්‍වකෘත්‍යය හා සුදුසු ක්‍රමයද පෙන්වීමට ඛිප්පං පාදානි ධොවිත්‍වා - යනුවෙන් කියන ලදී. එහි යම්හෙයකින් පා නොසෝදා මුව නොසෝදා කාලයට අනුකූල නොවේද එවිට හිඳගැනීමේ සුවය නොලබයි. පා දොවා මුව සෝදා එකත් පසෙක හුන්නාහුනට ඒ දෙකම ලැබෙයි. එහෙයින් වහාම ලබාගෙන තිබෙන මේ මොහොත අපතේ නොයවා පාදානි තමාගේ දෙපා ධොවිත්‍වා එකමන්තෙ - නිදහස් තැනක නිසීදථ - හිඳගන්න. අරමුණු තිස් අටෙන් තම සිත රුචිකරවන අරමුණක සිත පිහිටුවා චෙතො සමථමනුයුත්තා - එකඟ වූ සිතින් චතුරාර්ය සත්‍ය භාවනා වශයෙන් බුදුන් වහන්සේගේ සාසනං - අවවාදය, අනුශාසනාව කරොථ - සැපයිය යුතුය.

අථ තා භික‍්ඛුනියො තස‍්සා ථෙරියා ඔවාදෙ ඨත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා භාවනාය කම‍්මං කරොන‍්තියො ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා හෙතුසම‍්පන‍්නතාය ච සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා ඔවාදගාථාහි සද‍්ධිං –

ඉක්බිති ඒ භික්‍ෂුණීහු තෙරණියගේ අවවාදායහි පිහිටා විදසුන් වඩා භාවනාව වඩන්නාහු නුවණ මුහුකුරා ගිය හෙයින්ද හේතුසම්පත් ඇති බැවින්ද පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ තමාගේ පිළිවෙත දෙස හැරී බලා අවවාද ගාථා සමග පහත දැක්වෙන ගාථාද දෙසූහ.

“තස‍්සා තා වචනං සුත්‍වා, පටාචාරාය සාසනං; පාදෙ පක‍්ඛාලයිත්‍වාන, එකමන‍්තං උපාවිසුං; චෙතොසමථමනුයුත‍්තා, අකංසු බුද‍්ධසාසනං.

තස්සා තං වචනං සුත්‍වා පටාචාරාය සාසනං, පාදෙ පක්‍ඛාලයිත්‍වාන එකමන්තං උපාවිසුං, චෙතොසමථමනුයුත්තා අකංසු බුද්ධසාසනං.

“රත‍්තියා පුරිමෙ යාමෙ, පුබ‍්බජාතිමනුස‍්සරුං; රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ, දිබ‍්බචක‍්ඛුං විසොධයුං; රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ, තමොඛන්‍ධං පදාලයුං.

රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිං අනුස්සරුං, රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්‍ඛුං විසොධයුං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්‍ඛන්‍ධං පදාලයුං.

“උට‍්ඨාය පාදෙ වන්‍දිංසු, කතා තෙ අනුසාසනී; ඉන්‍දංව දෙවා තිදසා, සඞ‍්ගාමෙ අපරාජිතං; පුරක‍්ඛත්‍වා විහස‍්සාම, තෙවිජ‍්ජාම‍්හ අනාසවා”ති. – ඉමා ගාථා අභාසිංසු.

උට්ඨාය පාදෙ වන්දිංසු කතා තෙ අනුසාසනී, ඉන්‍දංච දෙවා තිදසා සංගාමෙ අපරාජිතා, පුරක්‍ඛත්‍වා විහරියාම තෙවිජ්ජම්හ අනාසවා.

ඇගේ ඒ වචනය, පටාචාරාවගේ අනුශාසනාව අසා පා සෝදා එකත්පසෙක හුන්හ. සිත සන්සුන් කිරීමෙහි යෙදුණාහු බුදුන්ගේ අවවාදය ඉටු කළහ.

රෑ පෙරයම පෙර විසූ අත්බැව් සිහිකළහ. රෑ මැදයම දිවැස පිරිසිදු කළහ. ඒ පසුයම අදුරුකඳ දුරුකළහ.

නැගී සිට පා වැන්දාහ. ඔබේ අවවාදය පිළිපැද්දාහ. යුදෙහි නොපැරදුණු ඉන්‍ද්‍ර හා තිදස් වැසි දෙවිවරුද පෙරටු කොට විසුවෙමු. ත්‍රිවිද්‍යාව ලබාගෙන අසවු දුරුකළෙමු.

තත්‍ථ තස‍්සා තා වචනං සුත්‍වා, පටාචාරාය සාසනන‍්ති තස‍්සා පටාචාරාය ථෙරියා කිලෙසපටිසත‍්තුසාසනට‍්ඨෙන සාසනභූතං ඔවාදවචනං, තා තිංසමත‍්තා භික‍්ඛුනියො සුත්‍වා පටිස‍්සුත්‍වා සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා. උට‍්ඨාය පාදෙ වන්‍දිංසු, කතා තෙ අනුසාසනීති යථාසම‍්පටිච‍්ඡිතං තස‍්සා සාසනං අට‍්ඨිං කත්‍වා මනසි කත්‍වා යථාඵාසුකට‍්ඨානෙ නිසීදිත්‍වා භාවෙන‍්තියො භාවනං මත්‍ථකං පාපෙත්‍වා අත‍්තනා අධිගතවිසෙසං ආරොචෙතුං නිසින‍්නාසනතො උට‍්ඨාය තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා “මහාථෙරි තවානුසාසනී යථානුසිට‍්ඨං අම‍්හෙහි කතා”ති වත්‍වා තස‍්සා පාදෙ පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිංසු. ඉන්‍දංව දෙවා තිදසා, සඞ‍්ගාමෙ අපරාජිතන‍්ති දෙවාසුරසඞ‍්ගාමෙ අපරාජිතං විජිතාවිං ඉන්‍දං තාවතිංසා දෙවා විය මහාථෙරි, මයං තං පුරක‍්ඛත්‍වා විහරිස‍්සාම අඤ‍්ඤස‍්ස කත‍්තබ‍්බස‍්ස අභාවතො. තස‍්මා “තෙවිජ‍්ජාම‍්හ අනාසවා”ති අත‍්තනො කතඤ‍්ඤුභාවං පවෙදෙන‍්තී ඉදමෙව තාසං අඤ‍්ඤාබ්‍යාකරණං අහොසි. යං පනෙත්‍ථ අත්‍ථතො අවිභත‍්තං, තං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

එහි තස්සා තං වචනං සුත්‍වා පටාචාරාය සාසනං - පටාචාරා තෙරණියගේ කෙලෙස්වලට සතුරු වූ, සසුන් විසින් අවවාදාත්මක වචනය තා - තිහක් පමණ භික්‍ෂුණීහු සුත්‍වා - අසා, හිසින් පිළිගෙන නැගිට පා වැන්දහ. කතා තෙ අනුසාසනී - පිළිගත් පරිදි ඇගේ අවවාදය තේරුම්ගෙන මෙනෙහිකර පහසු තැනෙක හිඳ භාවනාව මුදුන් පමුණුවාගෙන තම තමා අවබෝධ කරගත් විශේෂය ප්‍රකාශ කිරීමට හුනස්නෙන් නැගිට ඇය සමීපයට ගොස් ‘මහා තෙරණිය, ඔබගේ අනුශාසනාව ඒ අයුරින්ම අපි පිළිපැදිමු’ යනුවෙන් පවසා පසඟ පිහිටුවා ඇයගේ දෙපා වැන්දාහ. ඉන්‍දංච දෙවා තිදසා සංගාමෙ අපරාජිතා - දෙවියන් හා අසුරයන් අතර ඇතිවූ යුද්ධයෙන් නොපැරදී සටන දිනූ ඉන්‍ද්‍රයා හා තවුතිසා වැසි දෙවිවරුන් මෙන් ‘මහා තෙරණිය පෙරටුකොට අපි විසුවෙමු, අනෙක් කළයුතු දෙයක් නොමැති වූ හෙයිනි. එහෙයින් තෙ විජ්ජම්හ අනාසවා - තමාගේ කෘතඥභාවය ප්‍රකාශ කරති. මෙයම ඔවුන්ගේ දැනීම හෙළිදරව් කිරීම විය. යමක් වනාහි මෙහි අර්‍ථ වශයෙන් වෙන්කර නොදැක්වීද ඒ සියල්ලම පෙර කියන ලද පරිදිමය.

තිංසමත‍්තාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

තිහක් පමණ තෙරණිවරියන්ගේ ගාථා වර්‍ණනා නිමි.