යෙදුමෙන් කියවන්න

පටාචාරාථෙරීගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පටාචාරාථෙරීගාථාවණ‍්ණනා

පටාචාරා ථේරීගාථා වර්ණනාව

නඞ‍්ගලෙහි කසං ඛෙත‍්තන‍්තිආදිකා පටාචාරාය ථෙරියා ගාථා. අයම‍්පි පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත්‍වා, එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං විනයධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා, අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී කස‍්සපබුද‍්ධකාලෙ කිකිස‍්ස කාසිරඤ‍්ඤො ගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා සත‍්තන‍්නං භගිනීනං අබ‍්භන‍්තරා හුත්‍වා වීසති වස‍්සසහස‍්සානි බ්‍රහ‍්මචරියං චරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස පරිවෙණං අකාසි. සා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තා, එකං බුද‍්ධන‍්තරං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සෙට‍්ඨිගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා අත‍්තනො ගෙහෙ එකෙන කම‍්මකාරෙන සද‍්ධිං කිලෙසසන්‍ථවං අකාසි. තං මාතාපිතරො සමජාතිකස‍්ස කුමාරස‍්ස දාතුං දිවසං සණ‍්ඨපෙසුං. තං ඤත්‍වා සා හත්‍ථසාරං ගහෙත්‍වා තෙන කතසන්‍ථවෙන පුරිසෙන සද‍්ධිං අග‍්ගද‍්වාරෙන නික‍්ඛමිත්‍වා එකස‍්මිං ගාමකෙ වසන‍්තී ගබ‍්භිනී අහොසි. සා පරිපක‍්කෙ ගබ‍්භෙ “කිං ඉධ අනාථවාසෙන, කුලගෙහං ගච‍්ඡාම, සාමී”ති වත්‍වා තස‍්මිං “අජ‍්ජ ගච‍්ඡාම, ස‍්වෙ ගච‍්ඡාමා”ති කාලක‍්ඛෙපං කරොන‍්තෙ “නායං බාලො මං නෙස‍්සතී”ති තස‍්මිං බහි ගතෙ ගෙහෙ පටිසාමෙතබ‍්බං පටිසාමෙත්‍වා “කුලඝරං ගතාති මය‍්හං සාමිකස‍්ස කථෙථා”ති පටිවිස‍්සකඝරවාසීනං ආචික‍්ඛිත්‍වා “එකිකාව කුලඝරං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි . සො ආගන‍්ත්‍වා ගෙහෙ තං අපස‍්සන‍්තො පටිවිස‍්සකෙ පුච‍්ඡිත්‍වා “කුලඝරං ගතා”ති සුත්‍වා “මං නිස‍්සාය කුලධීතා අනාථා ජාතා”ති පදානුපදං ගන‍්ත්‍වා සම‍්පාපුණි. තස‍්සා අන‍්තරාමග‍්ගෙ එව ගබ‍්භවුට‍්ඨානං අහොසි. සා පසුතකාලතො පට‍්ඨාය පටිප‍්පස‍්සද‍්ධගමනුස‍්සුක‍්කා සාමිකං ගහෙත්‍වා නිවත‍්ති. දුතියවාරම‍්පි ගබ‍්භිනී අහොසීතිආදි සබ‍්බං පුරිමනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං.

නඞ්ගලෙහි කසං ඛෙත්තං - මෙය පටාචාරා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද හැදීවැඩී සිටින කල්හි දිනක් බුදුන් සමීපයෙහි බණ අසන්නී එක භික්‍ෂුණියක් විනයධර තෙරණියන්ගේ අගතනතුරට පත්කරනු දැක එහිලා අදිටන්කර ඒ තනතුර සඳහා ප්‍රාර්ථනා කළාය. ඕ දිවිතෙක් කුසල්කර දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී කස්සප බුදුන්ගේ කාලයෙහි කිකී නම් කාසිරජුගේ ගෙයි පිළිසිඳ දියණියන් සත්දෙනෙකු අතර එකියක වී ඉපිද අවුරුදු විසිදහසක් බඹසර හැසිර භික්‍ෂු සංඝයාට ආරාමයක් තනවා පූජා කළාය. ඕ එයින් චුතව දෙව්ලොව ඉපිද එක බුද්ධාන්තරයක් දිවසැප විඳ එයින් චුතව මේ බුදුපතෙහි සැවැත්නුවර සිටුගෙයක උපත ලබා වැඩිවිය පැමිණි කල්හි තම ගෙයි බැලමෙහෙකරන කම්කරුවකු සමග කෙලෙස් ඇසුර කළාය. ඇයගේ දෙමවුපියෝ ඇය සමජාතික තරුණයෙකුට පාවා දීමට දිනයක් නියම කරගත්හ. ඒ බව දැනගත් ඕතොමෝ වටිනා දේවල් ගෙන ඒ පුරුෂයා සමග ප්‍රධාන දොරටුවෙන් නික්ම ගොස් එක්තරා ගමක වෙසෙන්නී ගැබ්ගත්තාය. ගැබ මුහුකුරා ගිය කල්හි මෙහි අනාථව වෙසෙන්නේ කුමක් නිසාද, දෙමාපියන්ගේ ගෙදරට යන්නෙමැයි සිතා සැමියාට ඒ බව දැන්වූයෙන් සැමියා ‘අද යමු, හෙට යමු’ යනුවෙන් පවසමින් කල් ගතකරන්නේ ඒ බාලයා ඇය කැඳවාගෙන නොයතැයි සිත ඕතොමෝ ඔහු ගෙදර නැති අවස්ථාවක ගෙයි බඩුබාහිරාදිය සකසා තබා ‘මා ගෙදර ගිය බව සැමියාට දන්වන්න’ යනුවෙන් අසල්වැසියන්ට දන්වා මවුපියන්ගේ ගෙදරට යනු පිණිස මගට පිළිපන්නාය. සැමියා ගෙදරට පැමිණ ඇය නොදැක ඇය කොහි ගියාදැයි අසල්වැසියන්ගෙන් අසා ගෙදර ගිය බව දැනගෙන මා නිසා කුලදියණිය අනාථවියයි සිතා ඇයගේ පියසටහන් අනුව යන්නේ මගදී හමු විය. ඒ අතරමගදීම ඇයගේ දරු උපත සිදුවිය. දරු උපතෙන් පසු ගමන ගැන උනන්දුව නැතිවී සැමියා සමග පෙරළා පැමිණියාය. දෙවනවරද ගැබ්ගත් තැන් සිට සිදුවූ සියල්ලම පෙර පරිදිම බව දතයුතුය.

අයං පන විසෙසො – යදා තස‍්සා අන‍්තරාමග‍්ගෙ කම‍්මජවාතා චලිංසු, තදා මහාඅකාලමෙඝො උදපාදි. සමන‍්තතො විජ‍්ජුලතාහි ආදිත‍්තං විය මෙඝථනිතෙහි භිජ‍්ජමානං විය ච උදකධාරානිපාතනිරන‍්තරං නභං අහොසි. සා තං දිස‍්වා, “සාමි, මෙ අනොවස‍්සකං ඨානං ජානාහී”ති ආහ. සො ඉතො චිතො ච ඔලොකෙන‍්තො එකං තිණසඤ‍්ඡන‍්නං ගුම‍්බං දිස‍්වා තත්‍ථ ගන‍්ත්‍වා හත්‍ථගතාය වාසියා තස‍්මිං ගුම‍්බෙ දණ‍්ඩකෙ ඡින්‍දිතුකාමො තිණෙහි සඤ‍්ඡාදිතවම‍්මිකසීසන‍්තෙ උට‍්ඨිතරුක‍්ඛදණ‍්ඩකං ඡින්‍දි. තාවදෙව ච නං තතො වම‍්මිකතො නික‍්ඛමිත්‍වා ඝොරවිසො ආසීවිසො ඩංසි. සො තත්‍ථෙව පතිත්‍වා කාලමකාසි. සා මහාදුක‍්ඛං අනුභවන‍්තී තස‍්ස ආගමනං ඔලොකෙන‍්තී ද‍්වෙපි දාරකෙ වාතවුට‍්ඨිං අසහමානෙ විරවන‍්තෙ උරන‍්තරෙ කත්‍වා, ද‍්වීහි ජාණුකෙහි ද‍්වීහි හත්‍ථෙහි ච භූමිං උප‍්පීළෙත්‍වා යථාඨිතාව රත‍්තිං වීතිනාමෙත්‍වා විභාතාය රත‍්තියා මංසපෙසිවණ‍්ණං එකං පුත‍්තං පිලොතිකචුම‍්බටකෙ නිපජ‍්ජාපෙත්‍වා හත්‍ථෙහි උරෙහි ච පරිග‍්ගහෙත්‍වා, ඉතරං “එහි, තාත, පිතා තෙ ඉතො ගතො”ති වත්‍වා සාමිකෙන ගතමග‍්ගෙන ගච‍්ඡන‍්තී තං වම‍්මිකසමීපෙ කාලඞ‍්කතං නිසින‍්නං දිස‍්වා “මං නිස‍්සාය මම සාමිකො මතො”ති රොදන‍්තී පරිදෙවන‍්තී සකලරත‍්තිං දෙවෙන වුට‍්ඨත‍්තා ජණ‍්ණුකප‍්පමාණං ථනප‍්පමාණං උදකං සවන‍්තිං අන‍්තරාමග‍්ගෙ නදිං පත්‍වා, අත‍්තනො මන්‍දබුද‍්ධිතාය දුබ‍්බලතාය ච ද‍්වීහි දාරකෙහි සද‍්ධිං උදකං ඔතරිතුං අවිසහන‍්තී ජෙට‍්ඨපුත‍්තං ඔරිමතීරෙ ඨපෙත්‍වා ඉතරං ආදාය පරතීරං ගන‍්ත්‍වා සාඛාභඞ‍්ගං අත්‍ථරිත්‍වා තත්‍ථ පිලොතිකචුම‍්බටකෙ නිපජ‍්ජාපෙත්‍වා “ඉතරස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති බාලපුත‍්තකං පහාතුං අසක‍්කොන‍්තී පුනප‍්පුනං නිවත‍්තිත්‍වා ඔලොකයමානා නදිං ඔතරති.

වෙසෙස මෙපමණය. යම් අවස්ථාවක අතරමග ප්‍රසව වේදනාව ඇතිවීද ඒ අවස්ථාවෙහිම විශාල අකාල වැස්සක් වට. විදුලි කෙටීමෙන් හාත්පස ගිනිගත්තාක් මෙන්ද ගෙරවුම් හඬින් මුලු පෙදෙසම බිඳී යන්නාක් මෙන්ද ධාරානිපාත වර්‍ෂාව නොකඩවා වසින්ට පටන් ගත්තේය. ඕ එය දැක වැස්සෙන් නොතෙමී සිටිතහැකි තැනක් සොයන ලෙස සැමියාට කීවාය. හෙතෙම ඔබිමොබ බලන්නේ උසට වැඩුණු තණගොමුවක් දැක එහි ගොස් අත තිබූ කෙටේරියෙන් එහි වූ දඬු ටිකක් කපාගනු පිණිස ඒ තණකොළවලින් වැසුණු තුඹස සමීපයෙහි වැඩී තිබුණු රුක්දණ්ඩක් කැපුවේය. එකෙණෙහිම ඒ තුඹසෙහි විසූ භයානක විස ඇති සර්‍පයෙක් ඔහුට දෂ්ට කළේය. එයින් එතැනම වැටුණු හෙතෙම මියගියේය. මහා දුකකට ගොදුරු වූ ඕතොමෝ සැමියා එනමග බලා සිටින්නී ඔහු නොදැක වාතවේගය දරාගත නොහැකිවූයෙන් දෙදණ හා දෙඅත බිම රඳවා දරුවන් දෙදෙනා කුසයට තබාගෙන මුලු රැයම ඒ ඉරියව්වෙන් ගතකර රාත්‍රිය පහන් වූ කල මස්පිඬක් බඳු එදින උපන් දරුසිඟිත්තා සළුවෙන් තනාගත් සුඹුළුවෙක බහා උරහිසෙහි එල්වාගෙන අනෙක් දරුවා අනෙක් අතින් අල්ලාගෙන ‘එව දරුව ඔබේ පියා මේ පැත්තෙන් ගියේයයි’ කියා සැමියා ගිය මග යන්නී තුඹස සමීපයෙහි මැරී වැටී සිටි සැමියා දැක මා නිසා මගේ සැමියා මරණයට පැමිණියේ යයි හඬමින් වැළපෙමින් ගමන යන්නී තනමත්තක් පමණ ගැඹුරැති ගඟක් වෙත පැමිණ ඇයගේ මන්දබුද්ධිය හා දුබලබව නිසා දරුවන් දෙදෙනා සමග දියට බැසීමට නොකැමැත්තී දෙටුපුතා මෙතෙර තබා අනෙක් දරුවා රැගෙන ගඟෙන් එගොඩ වී ළදලු අත්තක් කඩා බිම අතුරා සළුසුඹුළුවෙහි දරුවා හොවා අනෙක් දරුවා ගෙන ඒමට පෙරළා යන්නී, කුඩා දරුසිඟිත්තා එහි තනිවම තබා යාම නොඉවසන්නී වරින්වර එදෙස බලමින් ගඟ තරණය කරයි.

අථස‍්සා නදීමජ‍්ඣං ගතකාලෙ එකො සෙනො තං දාරකං දිස‍්වා “මංසපෙසී”ති සඤ‍්ඤාය ආකාසතො භස‍්සි. සා තං දිස‍්වා උභො හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා “සූසූ”ති තික‍්ඛත‍්තුං මහාසද‍්දං නිච‍්ඡාරෙසි. සෙනො දූරභාවෙන තං අනාදියන‍්තො කුමාරං ගහෙත්‍වා වෙහාසං උප‍්පති. ඔරිමතීරෙ ඨිතො පුත‍්තො උභො හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා මහාසද‍්දං නිච‍්ඡාරයමානං දිස‍්වා “මං සන්‍ධාය වදතී”ති සඤ‍්ඤාය වෙගෙන උදකෙ පති. ඉති බාලපුත‍්තකො සෙනෙන, ජෙට‍්ඨපුත‍්තකො උදකෙන හතො. සා “එකො මෙ පුත‍්තො සෙනෙන ගහිතො, එකො උදකෙන වූළ‍්හො, පන්‍ථෙ මෙ පති මතො”ති රොදන‍්තී පරිදෙවන‍්තී ගච‍්ඡන‍්තී සාවත්‍ථිතො ආගච‍්ඡන‍්තං එකං පුරිසං දිස‍්වා පුච‍්ඡි – “කත්‍ථ වාසිකොසි, තාතා”ති? “සාවත්‍ථිවාසිකොම‍්හි, අම‍්මා”ති. “සාවත්‍ථියං අසුකවීථියං අසුකකුලං නාම අත්‍ථි, තං ජානාසි, තාතා”ති? “ජානාමි, අම‍්ම, තං පන මා පුච‍්ඡි, අඤ‍්ඤං පුච‍්ඡා”ති. “අඤ‍්ඤෙන මෙ පයොජනං නත්‍ථි, තදෙව පුච‍්ඡාමි, තාතා”ති. “අම‍්ම, ත්‍වං අත‍්තනො අනාචික‍්ඛිතුං න දෙසි, අජ‍්ජ තෙ සබ‍්බරත‍්තිං දෙවො වස‍්සන‍්තො දිට‍්ඨො”ති? “දිට‍්ඨො මෙ, තාත, මය‍්හමෙව සො සබ‍්බරත‍්තිං වුට‍්ඨො, තං කාරණං පච‍්ඡා කථෙස‍්සාමි, එතස‍්මිං තාව මෙ සෙට‍්ඨිගෙහෙ පවත‍්තිං කථෙහී”ති. “අම‍්ම, අජ‍්ජ රත‍්තියං සෙට‍්ඨි ච භරියා ච සෙට‍්ඨිපුත‍්තො චාති තයොපි ජනෙ අවත්‍ථරමානං ගෙහං පති, තෙ එකචිතකායං ඣායන‍්ති, ස‍්වායං ධූමො පඤ‍්ඤායති, අම‍්මා”ති. සා තස‍්මිං ඛණෙ නිවත්‍ථවත්‍ථම‍්පි පතමානං න සඤ‍්ජානි. සොකුම‍්මත‍්තත‍්තං පත්‍වා ජාතරූපෙනෙව –

ඉක්බිති ගඟ මැදට යත්ම ඒ දරුවා දුටු උකුස්සෙක් මස් පිඬුවකැයි සිතා අහසින් බැස්සේය. ඈ එය දැක දෙඅත ඔසොවා සූ සූ යයි කියමින් අපොළාය. උකුස්සා ඇය ඈත සිටි බැවින් ඒ ගැන නොසලකා දරුවා ඩැහැගෙන අහසට නැංගේය. ගඟේ මෙතෙර සිටි ළදරුවා මව දෙඅත් ඔසොවා හඬ නගනු දැක මට කතාකරතැයි යන හැඟීමෙන් ඉක්මනින් දුවගියේ දියට වැටුණේය. මෙසේ බාල පුතා උකුස්සා ද දෙටු පුතා ගංගා ප්‍රවාහයද විසින් ගෙනයනු ලැබූහ. ඕතොමෝ පුතු දෙදෙනාද සැමියාද මරණයට පත්වූහ යනුවෙන් හඬමින් වැළපෙමින් යන්නී සැවැත්නුවර සිට එන එක්තරා පුරුෂයෙකු දැක කොහි වෙසෙන්නෙකුදැයි අසා සැවැත් නුවර වැසියෙකැයි කීකල්හි සැවතෙහි අසවල් වීථියෙහි අසවල් සිටුකුලය දන්නේදැයි ඇසුවාය. එය දන්නා බව කී ඔහු ඒ ගැන තවදුරටත් නොවිමසන ලෙසද අනෙක් තොරතුරක් ගැන අසන ලෙසද දැනුම් දුන්නේය. ‘මට අනෙකකින් පලක් නැත, එයම දැනගනු කැමැත්තෙමි’ ඕ කීවාය. ‘නැගණිය, ඔබ ඔබ ගැනම නොකීමට ඉඩ නොදෙයි. ඊයේ මුලු රැය පුරාම වට මහවැස්ස ඔබ දකින්නට ඇතැයි සිතමි’ හේ කීවේය. ‘එසේය දුටුවෙමි, පියාණනි. ඒ වැස්ස මටම වට වැස්සක් විය. ඒ කාරණය පසු කිව හැකිය. දැන් මට සිටුකුලයෙහි තොරතුරු කියන්න’ ඕ කීවාය. නැගණිය, ඊයේ වට මහා වැස්සෙන් සිටුමැදුර කඩාවැටී සිටුවරයා සිටුබිරිඳ හා සිටුපුතා යන තිදෙනම මළහ. ඔවුන් දැවෙන එකම දරසෑයෙහි දුම ඔබ්බෙහි පෙනේ. ‘ඕ එකෙණෙහිම හැඳිවතද බිම හෙන්නේ නොදන්තාය. සොකයෙන් උමතු වූ ඕතොමෝ උපන් සැටියෙන්ම

“උභො පුත‍්තා කාලඞ‍්කතා, පන්‍ථෙ මය‍්හං පතී මතො; මාතා පිතා ච භාතා ච, එකචිතම‍්හි ඩය‍්හරෙ”ති. (අප· ථෙරී 2.2.498) –

‘පුත්තු දෙදෙන මළහ, සැමියා මගදී මියගියේය, මව පියා සහ සොහොයුරා එකම දරසෑයෙක දැවෙති’

විලපන‍්තී පරිබ‍්භමති.

යනුවෙන් වැළපෙමින් ඔබමොබ බමයි.

තතො පට‍්ඨාය තස‍්සා නිවාසනමත‍්තෙනපි පටෙන අචරණතො පතිතාචාරත‍්තා පටාචාරාත්‍වෙව සමඤ‍්ඤා අහොසි. තං දිස‍්වා මනුස‍්සා “ගච‍්ඡ, උම‍්මත‍්තිකෙ”ති කෙචි කචවරං මත්‍ථකෙ ඛිපන‍්ති, අඤ‍්ඤෙ පංසුං ඔකිරන‍්ති, අපරෙ ලෙඩ‍්ඩුං ඛිපන‍්ති. සත්‍ථා ජෙතවනෙ මහාපරිසාමජ‍්ඣෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තො තං තථා පරිබ‍්භමන‍්තිං දිස‍්වා ඤාණපරිපාකඤ‍්ච ඔලොකෙත්‍වා යථා විහාරාභිමුඛී ආගච‍්ඡති, තථා අකාසි. පරිසා තං දිස‍්වා “ඉමිස‍්සා උම‍්මත‍්තිකාය ඉතො ආගන‍්තුං මාදත්‍ථා”ති ආහ. “භගවා මා නං වාරයිත්‍ථා”ති වත්‍වා අවිදූරට‍්ඨානං ආගතකාලෙ “සතිං පටිලභ භගිනී”ති ආහ. සා තාවදෙව බුද‍්ධානුභාවෙන සතිං පටිලභිත්‍වා නිවත්‍ථවත්‍ථස‍්ස පතිතභාවං සල‍්ලක‍්ඛෙත්‍වා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා උක‍්කුටිකං උපනිසජ‍්ජාය නිසීදි. එකො පුරිසො උත‍්තරසාටකං ඛිපි. සා තං නිවාසෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, අවස‍්සයො මෙ හොථ, එකං මෙ පුත‍්තං සෙනො ගණ‍්හි, එකො උදකෙන වූළ‍්හො, පන්‍ථෙ පති මතො, මාතාපිතරො භාතා ච ගෙහෙන අවත්‍ථටා මතා එකචිතකස‍්මිං ඣායන‍්තී”ති සා සොකකාරණං ආචික‍්ඛි. සත්‍ථා “පටාචාරෙ, මා චින‍්තයි, තව අවස‍්සයො භවිතුං සමත්‍ථස‍්සෙව සන‍්තිකං ආගතාසි. යථා හි ත්‍වං ඉදානි පුත‍්තාදීනං මරණනිමිත‍්තං අස‍්සූනි පවත‍්තෙසි, එවං අනමතග‍්ගෙ සංසාරෙ පුත‍්තාදීනං මරණහෙතු පවත‍්තිතං අස‍්සු චතුන‍්නං මහාසමුද‍්දානං උදකතො බහුතර”න‍්ති දස‍්සෙන‍්තො –

එතැන් පටන් රෙදිකඩෙකින් සිරුර වසාගැනීම් පමණක්වත් නැතිව වැනසුණු ආචාරධර්‍ම ඇති හෙයින් පටාචාරා යන නමින් පළටවූවාය. ඇය දුටු මිනිසුන්ගෙන් සමහරෙක් ‘පලයන් පිස්සී’යි කියමින් කුණුරොඩු ඇයගේ හිසමත බහාලති, සමහරෙක් වැලි ගසති, අනෙකෙක් කැටකැබලිවලින් ගසති. බුදුහු දෙව්රම්හි මහපිරිස් මැද දම් දෙසන්නාහු එසේ හැසිරෙන ඇය දැක, ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බවද දැක යම්සේ ඇය විහාරය ඉදිරියට පැමිණේද ඒ අයුරින් සැලසූහ. එසේ පැමිණෙන ඇය දුටු මිනිස්සු උමතුවට මෙහි එන්ට නොදෙව් යයි කීහ. ‘ඇය නොවළක්වව්’යි දැනුම් දුන් බුදුන්වහන්සේ ඇය විහාරය අබිමුවට පැමිණි කල්හි ‘නැගණිය, සිහි එලවාගන්න’යි වදාළහ. එකෙණෙහිම බුද්ධානුභාවයෙන් සිහිය ලබාගත්තා වූ ඕ තොමෝ හැඳිවත ඇඟ නොමැති බව වටහාගෙන හිරිඔතප් හැඟී එතැනම උක්කුටිකයෙන් හිඳගත්තාය. එවිට එක් පුරුෂයෙක් තමාගේ උතුරුසළුව ඇය දෙසට විසිකළේය. ඕ එය හැඳගෙන බුදුන් වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි, මට පිහිටවනු මැනවි, මගේ එක පුතකු උකුසෙක් ගෙනගි යේය, එක පුතෙකු ගඟේ සැඬපහර ගෙන ගියේය, සැමියා මගදී මළේය, මවුපිය දෙදෙනා හා සොහොයුරා ගෙය කඩාවැටීමෙන් මිය ගොස් එකම සෑයක දැවෙති’ යනුවෙන් සියලු තොරතුරු දැනුම් දුන්නාය. බුදුන්වහන්සේ ඇය අමතා ‘පටාචාරා, නහමක් සිතාවා, ඔබට පිහිටවීමට හැකිවන කෙනෙකු ළඟට ඔබ පැමිණියෙහිය. දැන් ඔබ යම්සේ පුතුන් ආදින්ගේ මරණය නිසා කඳුළු හෙළන්නීද, එසේ අක්මුල් නැති සසරෙහි පුතුන් ආදීන්ගේ මරණය හේතුකොටගෙන හෙළු කඳුළු සිවුමහසයුරෙහි ජලයටත් වඩා අධික බව දක්වන්නාහු,

“චතූසු සමුද‍්දෙසු ජලං පරිත‍්තකං, තතො බහුං අස‍්සුජලං අනප‍්පකං; දුක‍්ඛෙන ඵුට‍්ඨස‍්ස නරස‍්ස සොචනා, කිං කාරණා අම‍්ම තුවං පමජ‍්ජසී”ති. (ධ· ප· අට‍්ඨ· 1.112 පටාචාරාථෙරීවත්‍ථු) –

සිවුමහ සමුදුරුවල ජලය අල්පය, ඔබ හෙළු කඳුළු එයට වඩා අධිකය. මිනිසා දුකට පැමිණි කල්හි ඒ ගැන ශෝකකරමින් ප්‍රමාද වන්නේ ඇයි?’

ගාථං අභාසි.

යන ධර්‍මය දෙසූහ.

එවං සත්‍ථරි අනමතග‍්ගපරියායකථං (සං· නි· 2.125-126) කථෙන‍්තෙ තස‍්සා සොකො තනුතරභාවං අගමාසි. අථ නං තනුභූතසොකං ඤත්‍වා “පටාචාරෙ, පුත‍්තාදයො නාම පරලොකං ගච‍්ඡන‍්තස‍්ස තාණං වා ලෙණං වා සරණං වා භවිතුං න සක‍්කොන‍්තී”ති විජ‍්ජමානාපි තෙ න සන‍්ති එව, තස‍්මා පණ‍්ඩිතෙන අත‍්තනො සීලං විසොධෙත්‍වා නිබ‍්බානගාමිමග‍්ගොයෙව සාධෙතබ‍්බොති දස‍්සෙන‍්තො –

මෙසේ බුදුහු නිවන කෙළවරකොට ඇති දහම් දෙසත් දෙසත් ඇයගේ ශෝකය නැතිවී යන්නට විය. ඇයගේ ශෝකය තුනී වූ බව දුටු බුදුහු පටාචාරා, පුත්තු ආදීහු නම් පරලොව යන්නාට පිහිටක් හෝ පිළිසරණක් හෝ වීමට නොහැකිවෙත්. ඔවුන් ජීවත්වතුදු ජීවත් නොවන්නාසේය. එහෙයින් පණ්ඩිතයෝ තම සීලය පිරිසිදු කරගෙන නිවන් යන මගම සාදාගනිති. ඒ බව දක්වමින්

“න සන‍්ති පුත‍්තා තාණාය, න පිතා නාපි බන්‍ධවා; අන‍්තකෙනාධිපන‍්නස‍්ස, නත්‍ථි ඤාතීසු තාණතා.

පුත්තු හෝ පියා හෝ නෑදයෝ හෝ පිහිටවීමට නොහැකි වෙත්. මාරයාට යටත් වී වෙසෙන්නහුට නෑදැයන්ගෙන් ආරක්‍ෂාවක් නැත.

“එතමත්‍ථවසං ඤත්‍වා, පණ‍්ඩිතො සීලසංවුතො; නිබ‍්බානගමනං මග‍්ගං, ඛිප‍්පමෙව විසොධයෙ”ති. (ධ· ප· 288-289) –

සීලසම්පන්න වූ පඬිවරයෝ අර්‍ථ වශයෙන් මේ කාරණය දැනගෙන වහාම නිවන්මග සාදාගනිති.

ඉමාහි ගාථාහි ධම‍්මං දෙසෙසි. දෙසනාවසානෙ පටාචාරා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචි. සත්‍ථා තං භික‍්ඛුනීනං සන‍්තිකං නෙත්‍වා පබ‍්බාජෙසි. සා ලද‍්ධූපසම‍්පදා උපරිමග‍්ගත්‍ථාය විපස‍්සනාය කම‍්මං කරොන‍්තී එකදිවසං ඝටෙන උදකං ආදාය පාදෙ ධොවන‍්තී උදකං ආසිඤ‍්චි. තං ථොකං ඨානං ගන‍්ත්‍වා පච‍්ඡිජ‍්ජි, දුතියවාරං ආසිත‍්තං තතො දූරං අගමාසි, තතියවාරං ආසිත‍්තං තතොපි දූරතරං අගමාසි. සා තදෙව ආරම‍්මණං ගහෙත්‍වා තයො වයෙ පරිච‍්ඡින්‍දිත්‍වා “මයා පඨමං ආසිත‍්තඋදකං විය ඉමෙ සත‍්තා පඨමවයෙපි මරන‍්ති, තතො දූරං ගතං දුතියවාරං ආසිත‍්තං උදකං විය මජ‍්ඣිමවයෙපි, තතො දූරතරං ගතං තතියවාරං ආසිත‍්තං උදකං විය පච‍්ඡිමවයෙපි මරන‍්තියෙවා”ති චින‍්තෙසි. සත්‍ථා ගන්‍ධකුටියං නිසින‍්නොව ඔභාසං ඵරිත්‍වා තස‍්සා සම‍්මුඛෙ ඨත්‍වා කථෙන‍්තො විය “එවමෙතං, පටාචාරෙ, සබ‍්බෙපිමෙ සත‍්තා මරණධම‍්මා, තස‍්මා පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයං අපස‍්සන‍්තස‍්ස වස‍්සසතං ජීවතො තං පස‍්සන‍්තස‍්ස එකාහම‍්පි එකක‍්ඛණම‍්පි ජීවිතං සෙය්‍යො”ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො –

යන ධර්‍මය දේශනා කළහ. දේශනාවසානයෙහි පටාචාරාතොමෝ සෝවාන් පලයෙහි පිහිටා බුදුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවාය. බුදුහු ඇය භික්‍ෂුණීන් වෙත යවා පැවිදි කරවූහ. ඉන්පසු උපසම්පදාව ලබාගත් ඕ මත්තෙහි මගපල උදෙසා විදසුන් වඩන්නී දිනක් පා සේදීමට කළයෙන් වතුර වත්කළාය. පළමුවර වත්කළ දිය ටික දුරක් ගලාගොස් සිඳී ගියේය. දෙවන වරට වත්කළ දිය තව ටිකක් දුර ගලාගොස් වියලිණ. තෙවනවර වත්කළ වතුර එයටත් වඩා ටික දුරක් ගොස් වියළිණ. ඕතොමෝ එයම අරමුණක් වශයෙන් ගෙන එය වයසෙහි අවස්ථා තුන හැටියට සලකා ‘මා විසින් පළමුව වත්කළ දිය මෙන් මේ සත්ත්වයෝ පළමු වියෙහිදී ද මියයති. එයින් ඔබ්බට ටික දුරක් ගොස් වියැකුණු දියදහර මෙන් සත්ත්වයෝ මැදවියෙහිදී ද මියයති. තෙවන වර වත්කළ දියදහර මෙන් සත්ත්වයෝ මහලු වියෙහිදී ද මියයති, යනුවෙන් ඕතොමෝ මෙනෙහි කරන්ට වූවාය. බුදුහු ගඳකිළියෙහි හුන්නාහුම ඇය ඉදිරිපිට සිට කථාකරන්නාක් මෙන් ‘පටාචාරා, එය එසේමය, මේ සියලු සත්ත්වයෝ මරණය ස්වභාවකොට ඇත්තෝය, එහෙයින්, පඤ්චස්කන්‍ධයන්ගේ උපත හා විපත නොදැන වසර සියයක් ජීවත්වන තැනැත්තාට වඩා එය අවබෝධ කරගෙන එක දිනක් හෝ එක මොහොතක් ජීවත්වන තැනැත්තා සාධුතරය’ යන දහම පෙන්වනු පිණිස මේ ගාථාව දේශනා කළහ:

“යො ච වස‍්සසතං ජීවෙ, අපස‍්සං උදයබ‍්බයං; එකාහං ජීවිතං සෙය්‍යො, පස‍්සතො උදයබ‍්බය”න‍්ති. (ධ· ප· 113) –

උත්පත්තිය හා මරණය ගැන නොදැන අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා උපත හා විපත අවබෝධ කරගෙන එක දවසක් වුවද ජීවත්වීම යෙහෙකි.

ගාථමාහ. ගාථාපරියොසානෙ පටාචාරා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙරී 2.2.468-511) –

දේශනාවගේ අවසානයෙහි පටාචාරා මෙහෙණ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; ඉතො සතසහස‍්සම‍්හි, කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්‍මයන් මැනවින් දත්තා වූ පියුමතුරා නම් බුදුහු ලොව පහළවූහ.

“තදාහං හංසවතියං, ජාතා සෙට‍්ඨිකුලෙ අහුං; නානාරතනපජ‍්ජොතෙ, මහාසුඛසමප‍්පිතා.

එකල්හි මම නොයෙක් රන්රුවන්වලින් ආඪ්‍ය වූ සියලු සැපසම්පතින් අනුන සිටුකුලයක උපනිමි.

“උපෙත්‍වා තං මහාවීරං, අස‍්සොසිං ධම‍්මදෙසනං; තතො ජාතපසාදාහං, උපෙසිං සරණං ජිනං.

ඒ බුදුන්වහන්සේ වෙත එළඹි මම උන්වහන්සේගේ ධර්‍මයට ඇහුම්කන් දුන්නෙමි. එයින් පැහැදුණු මම බුදුන් පිහිටකර ගතිමි.

“තතො විනයධාරීනං, අග‍්ගං වණ‍්ණෙසි නායකො; භික‍්ඛුනිං ලජ‍්ජිනිං තාදිං, කප‍්පාකප‍්පවිසාරදං.

එහිදී බුදුන්වහන්සේ කැප අකැප දේ දන්නා වූ ලජ්ජාශීලී වූ තාදිගුණයෙන් සමන්විත භික්‍ෂුණියක් විනයධර තෙරණියන්ගෙන් අගතනතුරට පත්කර ඇයට ප්‍රශංසා කළහ.

“තදා මුදිතචිත‍්තාහං, තං ඨානමභිකඞ‍්ඛිනී; නිමන‍්තෙත්‍වා දසබලං, සසඞ‍්ඝං ලොකනායකං.

එයින් සතුටු වූ සිත් ඇති මම ඒ තනතුරට කැමැති වී භික්‍ෂු සංඝයා සහිත ලෝකනායකයන් වහන්සේට ආරාධනා කර සත්දිනක් දන් දී පාසිවුරු පුදා උන්වහන්සේගේ දෙපා වැඳ මේ වචනය කීමි:

“භොජයිත්‍වාන සත‍්තාහං, දදිත්‍වාව තිචීවරං; නිපච‍්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්‍රවිං.

“යා තයා වණ‍්ණිතා වීර, ඉතො අට‍්ඨමකෙ මුනි; තාදිසාහං භවිස‍්සාමි, යදි සිජ‍්ඣති නායක.

‘මෙයින් දින අටකට පෙර ඔබවහන්සේ විසින් යම් තැනැත්තියක් වර්‍ණනා කරනු ලැබුවාද, ඉදින් ඉටුවේ නම් එවැනි තැනැත්තියක් වීමට මමද කැමැත්තෙමි.’

“තදා අවොච මං සත්‍ථා, භද‍්දෙ මා භායි අස‍්සස; අනාගතම‍්හි අද‍්ධානෙ, ලච‍්ඡසෙ තං මනොරථං.

එවිට ශාස්තෲන් වහන්සේ මා අමතා ‘පින්වතිය බිය නොවෙව, අස්වසන්න. අනාගතයෙහි ඔබගේ ඒ අභිප්‍රාව ඉටුවන්නේය,

“සතසහස‍්සිතො කප‍්පෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කප් සියක්දහසක් ගතවූ පසු ඉක්‍ෂ්වාකු වංශයට අයත් ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළ වන්නේය.

“තස‍්ස ධම‍්මෙසු දායාදා, ඔරසා ධම‍්මනිම‍්මිතා; පටාචාරාති නාමෙන, හෙස‍්සති සත්‍ථු සාවිකා.

උන්වහන්සේගේ ධර්‍මය දායාද කොට ඇත්තා වූ ධර්‍මයෙන් නිමවූ ඔබ පටාචාරා යන නමින් යුත් බුද්ධ ශ්‍රාවිකාවක් වන්නීය.

“තදාහං මුදිතා හුත්‍වා, යාවජීවං තදා ජිනං; මෙත‍්තචිත‍්තා පරිචරිං, සසඞ‍්ඝං ලොකනායකං.

එයින් සතුටු වූ මම දිවිකෙළවර දක්වා මෛත්‍රී චිත්තයෙන් සංඝයා සහිත බුදුන්වහන්සේට උවැටන් කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

ඒ පින්කම හා මනස පිහිටුවීම හේතුකොට මම මිනිස් සිරුර අතහැර තව්තිසාවට ගියෙමි.

“ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, බ්‍රහ‍්මබන්‍ධු මහායසො; කස‍්සපො නාම ගොත‍්තෙන, උප‍්පජ‍්ජි වදතං වරො.

මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ, මහායශස් ඇති නමින් කස්සප වූ බුදුවරයෙක් උපන්හ.

“උපට‍්ඨාකො මහෙසිස‍්ස, තදා ආසි නරිස‍්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත‍්තමෙ.

එකල බරණැස් නුවර බුදුන්ගේ උපස්ථායක වූ කාසි නම් රජෙක් විය.

“තස‍්සාසිං තතියා ධීතා, භික‍්ඛුනී ඉති විස‍්සුතා; ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස, පබ‍්බජ‍්ජං සමරොචයිං.

ඒ රජුගේ භික්‍ෂුණී නමින් පළට වූ තෙවන දියණිය වූ මෙම බුදුන්ගෙන් බණ අසා පැවිද්ද සඳහා පියාගේ අවසරය පැතීමි.

“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස‍්සසහස‍්සානි, විචරිම‍්හ අතන්‍දිතා.

එයට පියාගේ අනුමැතිය නොලැබුණෙන් වසර විසිදහසක් ගිහිගෙයි විසීමි.

“කොමාරිබ්‍රහ‍්මචරියං, රාජකඤ‍්ඤා සුඛෙධිතා; බුද‍්ධොපට‍්ඨානනිරතා, මුදිතා සත‍්තධීතරො.

සුවසේ වැඩුණා වූ බුදුන්ට උපස්ථාන කිරීමෙහි නිරත වූ කුමරි බඹසර විසූ මා ඇතුළු දියණියෝ සත්දෙනෙක

“සමණී සමණගුත‍්තා ච, භික‍්ඛුනී භික‍්ඛුදායිකා; ධම‍්මා චෙව සුධම‍්මා ච, සත‍්තමී සඞ‍්ඝදායිකා.

සමණී, සමණගුත්තා, භික්‍ඛුනී, භික්‍ඛුදාසිකා, ධම්මා, සුධම්මා හා සත්වැන්නී සංඝාදාසිකාය.

“අහං උප‍්පලවණ‍්ණා ච, ඛෙමා භද‍්දා ච භික‍්ඛුනී; කිසාගොතමී ධම‍්මදින‍්නා, විසාඛා හොති සත‍්තමී.

මම උප්පලවණ්ණා, ඛේමා, භද්දා, කිසාගෝතමී, ධම්මදින්නා හා සත්වැන්නී විසාඛාය.

“තෙහි කම‍්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

ඒ පිංකම්වලින් හා මනස පිහිටුවීමෙන් මම මිනිස් සිරුර අත්හැර තව්තිසාවට ගියෙමි.

“පච‍්ඡිමෙ ච භවෙ දානි, ජාතා සෙට‍්ඨිකුලෙ අහං; සාවත්‍ථියං පුරවරෙ, ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

මේ අන්තිම ආත්මභාවයෙහි මම සැවතෙහි ධනවත් සමෘද්ධිමත් සිටුකුලයෙක උපත ලදිමි.

“යදා ච යොබ‍්බනූපෙතා, විතක‍්කවසගා අහං; නරං ජාරපතිං දිස‍්වා, තෙන සද‍්ධිං අගච‍්ඡහං.

තරුණවියට පැමිණි මම සිතට වසඟ වී සොර සැමියකු දැක ඔහු සමග ගියෙමි.

“එකපුත‍්තපසූතාහං, දුතියො කුච‍්ඡියා මම; තදාහං මාතාපිතරො, ඔක‍්ඛාමීති සුනිච‍්ඡිතා.

එක පුතෙකු බිහිකළ මම දෙවැන්නා කුසයෙහි පිළිසිඳ සිටි අවස්ථාවෙහි මවුපියන් දැකීමට තීරණය කරගෙන

“නාරොචෙසිං පතිං මය‍්හං, තදා තම‍්හි පවාසිතෙ; එකිකා නිග‍්ගතා ගෙහා, ගන‍්තුං සාවත්‍ථිමුත‍්තමං.

මගේ සැමියා බැහැර ගියවිටෙක මම ඔහුට නොදන්වා සැවතෙහි පිහිටි අපේ ගෙදරට යාමට හුදෙකලාවම පිටත්වීමි.

“තතො මෙ සාමි ආගන‍්ත්‍වා, සම‍්භාවෙසි පථෙ මමං; තදා මෙ කම‍්මජා වාතා, උප‍්පන‍්නා අතිදාරුණා.

ඉක්බිනි මා සොයා ගෙන ආවා වූ සැමියාට මගදී මා හමුවීය. එකෙණෙහිම මගේ විළිරුදාව දැඩි ලෙස හටගත්තේය.

“උට‍්ඨිතො ච මහාමෙඝො, පසූතිසමයෙ මම; දබ‍්බත්‍ථාය තදා ගන‍්ත්‍වා, සාමි සප‍්පෙන මාරිතො.

මා දරුවා බිහිකරන අවස්ථාවෙහිම මහා වැස්සක් වසින්ටවි ය. එකෙණෙහි දැව සඳහා ගිය මගේ සැමියා සර්පයෙකු විසින් දෂ්ටකරනු ලැබ මිය ගියේය.

“තදා විජාතදුක‍්ඛෙන, අනාථා කපණා අහං; කුන‍්නදිං පූරිතං දිස‍්වා, ගච‍්ඡන‍්තී සකුලාලයං.

ප්‍රසූති වේදනාවෙන් පෙළෙන අනාථ වූ අසරණ මම දියෙන් පිරුණු කුඩා නදියකින් එතෙරවන්නී උකුස්සෙක්

“බාලං ආදාය අතරිං, පාරකූලෙ ච එකකං; සායෙත්‍වා බාලකං පුත‍්තං, ඉතරං තරණායහං.

බාලදරුවා රැගෙන එතෙරට ගොස් ඔහු නිදිකරවා අනෙක් දරුවා ගෙන ඒමට මෙතෙරට එන්නී

“නිවත‍්තා උක‍්කුසො හාසි, තරුණං විලපන‍්තකං; ඉතරඤ‍්ච වහී සොතො, සාහං සොකසමප‍්පිතා.

නැවතී වැළපෙමින් උකුස්සාට කෑගැසුවෙමි. එකෙණෙහි ඒ දරුවා ගඟේ පාවී ගියේය. එයින් මම ශෝකයෙන් වෙවුලුම් ගතිමි.

“සාවත්‍ථිනගරං ගන‍්ත්‍වා, අස‍්සොසිං සජනෙ මතෙ; තදා අවොචං සොකට‍්ටා, මහාසොකසමප‍්පිතා.

[missing trans]

“උභො පුත‍්තා කාලඞ‍්කතා, පන්‍ථෙ මය‍්හං පතී මතො; මාතා පිතා ච භාතා ච, එකචිතම‍්හි ඩය‍්හරෙ.

පුත්තු දෙදෙන කලුරිය කළහ. සැමියා මග මළේය. දෙමවුපියෝ ද සොහොයුරා ද ගින්නෙන් දැවී මළහ.

“තදා කිසා ච පණ‍්ඩු ච, අනාථා දීනමානසා; ඉතො තතො භමන‍්තීහං, අද‍්දසං නරසාරථිං.

එයින් අනාථ වූ අසරණ වූ දිනවූ මම ඒ ඒ තන්හි හැසිරෙන්නෙම් දිනක් ශාස්තෲන් වහන්සේ දිටිමි.

“තතො අවොච මං සත්‍ථා, පුත‍්තෙ මා සොචි අස‍්සස; අත‍්තානං තෙ ගවෙසස‍්සු, කිං නිරත්‍ථං විහඤ‍්ඤසි.

උන්වහන්සේ මා අමතා මෙසේ වදාළහ: ‘දරුව, දරුවන් ගැන නොතැවෙන්න. අස්වසන්න. ඔබ ඔබම සොයන්න. නිරර්ථකව වැළපෙන්නේ ඇයි?

“න සන‍්ති පුත‍්තා තාණාය, න ඤාතී නාපි බන්‍ධවා; අන‍්තකෙනාධිපන‍්නස‍්ස, නත්‍ථි ඤාතීසු තාණතා.

දරුවන්, පියා, නෑදයන් යන මේ කිසිවෙකු විසින් හෝ රැකවරණයක් දිය නොහැකිය. මාරයාගේ යටතට පත්වී සිටින කිසිවෙකුට නෑදයන් කෙරෙන් ආරක්‍ෂාවක් නොමැත.

“තං සුත්‍වා මුනිනො වාක්‍යං, පඨමං ඵලමජ‍්ඣගං; පබ‍්බජිත්‍වාන නචිරං, අරහත‍්තමපාපුණිං.

බුදුන්වහන්සේගේ ඒ දේශනාව අසා ප්‍රථම ඵලයට පැමිණියෙමි. ඉක්බිති පැවිදි වූ මම නොබෝ කලෙකින් රහත්බවට පැමිණියෙමි.

“ඉද‍්ධීසු ච වසී හොමි, දිබ‍්බාය සොතධාතුයා; පරචිත‍්තානි ජානාමි, සත්‍ථුසාසනකාරිකා.

සෘද්ධිබලය ලැබිණ. දිවකණ ලැබිණ, පරසිත් දනිමි, බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.

“පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ, විසුද‍්ධාසිං සුනිම‍්මලා.

පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු විය. සියලු අසවු නිමකොට මම නිර්මල වීමි, පිරිසිදුවීමි.

“තතොහං විනයං සබ‍්බං, සන‍්තිකෙ සබ‍්බදස‍්සිනො; උග‍්ගහිං සබ‍්බවිත්‍ථාරං, බ්‍යාහරිඤ‍්ච යථාතථං.

අනතුරුව මම බුදුන් සමීපයෙහි විනය උගතිමි. ඒ විනය මම සවිස්තරව ප්‍රකාශ කළෙමි.

“ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො, එතදග‍්ගෙ ඨපෙසි මං; අග‍්ගා විනයධාරීනං, පටාචාරාව එකිකා.

මගේ ඒ ගුණය කෙරෙහි පැහැදුණු බුදුරජාණෝ මා අගතනතුරෙහි තැබූහ. ‘විනයධර මෙහෙණන්ගෙන් හුදෙක් පටාචාරාව ශ්‍රේෂ්ඨය.’

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

මම බුදුන් අනුගමනය කළෙමි, බුදුන්ගේ අවවාදය පිළිපැදීමි. දැඩි බර ඉවත් කළෙමි. භවකාරකයන් විනාශ කළෙමි.

“යස‍්සත්‍ථාය පබ‍්බජිතා, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො.

යම් අරමුණක් උදෙසා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිද්ද ලැබුවෙම්ද, සියලු සංයෝජනයන් සිඳ දැමීමෙන් පසු මම ඒ අරමුණ කරා පැමිණියෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මා විසින් කෙලෙස් දවනලදී, පෙ-බුදුගේ අනුශාසනය ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා සෙක‍්ඛකාලෙ අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උපරිවිසෙසස‍්ස නිබ‍්බත‍්තිතාකාරං විභාවෙන‍්තී උදානවසෙන –

රහත්බවට පැමිණි පසු මහණදම් පුරණ කාලයෙහි අනුගමනය කළ පිළිවෙත බලා ඉක්බිති ලබාගත් විශේෂ අධිකාරය සඳහන් කරන්නී උදන් විසින් මෙසේ පැවසුවාය:

“නඞ‍්ගලෙහි කසං ඛෙත‍්තං, බීජානි පවපං ඡමා; පුත‍්තදාරානි පොසෙන‍්තා, ධනං වින්‍දන‍්ති මාණවා.

නඞ්ගලෙහි කසං ඛෙත්තං බීජානි පවපං ඡමා, පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.

“කිමහං සීලසම‍්පන‍්නා, සත්‍ථුසාසනකාරිකා; නිබ‍්බානං නාධිගච‍්ඡාමි, අකුසීතා අනුද‍්ධතා.

කීමහං සීලසම්පන්නො සත්‍ථුසාසනකාරිකා, නිබ්බානං නාධිගච්ඡාමි අකුසීතා අනුද්ධතා

“පාදෙ පක‍්ඛාලයිත්‍වාන, උදකෙසු කරොමහං; පාදොදකඤ‍්ච දිස‍්වාන, ථලතො නින‍්නමාගතං.

පාදෙ පක්‍ඛාලයිත්‍වාන උදකෙසු කරොමහං, පාදෙකඤ්ච දිස්වාන ථලතො නින්නමාගතං

“තතො චිත‍්තං සමාධෙසිං, අස‍්සං භද්‍රංවජානියං; තතො දීපං ගහෙත්‍වාන, විහාරං පාවිසිං අහං; සෙය්‍යං ඔලොකයිත්‍වාන, මඤ‍්චකම‍්හි උපාවිසිං.

තතො චිත්තං සමාධෙසිං අස්සං භද්‍රං’ච ජානියං, තතො දීපං ගහෙත්‍වාන විහාරං පාවිසිං අහං, සෙය්‍යං ඔලොකයිත්‍වාන මඤ්චකම්හි උපාවිසිං.

“තතො සූචිං ගහෙත්‍වාන, වට‍්ටිං ඔකස‍්සයාමහං; පදීපස‍්සෙව නිබ‍්බානං, විමොක‍්ඛො අහු චෙතසො”ති. – ඉමා ගාථා අභාසි;

තතො සුචිං ගහෙත්‍වාන වට්ටිං ඔකස්සයාමහං, පදීපස්සෙව නිබ්බානං විමොක්‍ඛො චෙතසො අහු.

පොළොවෙහි නගුල්වලින් සාමින් බීජධාන්‍ය වපුරමින් මිනිස්සු අඹුදරුවන් පෝෂණය කරමින් ධනය උපයා ගනිති.

සිල් රකිමින්, බුදුන්ගේ අවවාදය පිළිපදිමින් අකුසීතව නො උඩඟුව වෙසෙමිනුදු මා නිවන් නොදක්නේ ඇයි?

දියෙන් පා සෝදන කල ඒ දෙවු දිය උස් බිමෙන් පහත් බිමට ගලායනු දැක මම, යහපත් ආජානීය අශ්වයෙකු මෙන් ඒ අනුව සිත එකඟ කරගතිමි. ඉක්බිති මම පහනක් ගෙන අරමට පිවිසියෙමි.

එහිවූ ඇඳ බලා හිඳගත්තෙමි. ඉක්බිති මම දොර අඟුල ගෙන පහන්වැටිය පහන තුළට ඇද්දෙමි. එකෙණෙහිම පහන නිවී ගියාක් මෙන් මගේ සිතෙහි කෙලෙස් නිවී ගියේය.

තත්‍ථ කසන‍්ති කසන‍්තා කසිකම‍්මං කරොන‍්තා. බහුත්‍ථෙ හි ඉදං එකවචනං. පවපන‍්ති බීජානි වපන‍්තා. ඡමාති ඡමායං. භුම‍්මත්‍ථෙ හි ඉදං පච‍්චත‍්තවචනං. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – ඉමෙ මාණවා සත‍්තා නඞ‍්ගලෙහි ඵාලෙහි ඛෙත‍්තං කසන‍්තා යථාධිප‍්පායං ඛෙත‍්තභූමියං පුබ‍්බණ‍්ණාපරණ‍්ණභෙදානි බීජානි වපන‍්තා තංහෙතු තංනිමිත‍්තං අත‍්තානං පුත‍්තදාරාදීනි පොසෙන‍්තා හුත්‍වා ධනං පටිලභන‍්ති. එවං ඉමස‍්මිං ලොකෙ යොනිසො පයුත‍්තො පච‍්චත‍්තපුරිසකාරො නාම සඵලො සඋදයො.

කසං - සාමින්, සීසෑම කරන්නා වූ, මෙය බහු අර්‍ථයෙහි ඒකවචනයකි. පවපං - බීජයන් වපුරමින්, ඡමා - බිම, මෙය බිමෙහි කොටසක් පාසා යන අර්‍ථයෙනි මේ මෙහි ලුහුඬු අදහසය. මේ මනුසත්තු නඟුලින් කෙත් සාමින් අදහස් පරිදි කෙතෙහි පෙර පසු වශයෙන් වෙනස් වූ බීජයන් වපුරන්නාහු, ඒ හේතුවෙන්, ඒ නිමිත්තෙන් අඹුදරුවන් රක්නාහු, ධනය උපයා ගනිති. මෙසේ මෙලෙව්හි නුවණින් යුක්තව තමතම ධෛර්‍යය යෙදවීම සඞ්ඛ්‍යාත සඵලවත් භාවය, දියුණුව.

තත්‍ථ කිමහං සීලසම‍්පන‍්නා, සත්‍ථුසාසනකාරිකා. නිබ‍්බානං නාධිගච‍්ඡාමි, අකුසීතා අනුද‍්ධතාති අහං සුවිසුද‍්ධසීලා ආරද‍්ධවීරියතාය අකුසීතා අජ‍්ඣත‍්තං සුසමාහිතචිත‍්තතාය අනුද‍්ධතා ච හුත්‍වා චතුසච‍්චකම‍්මට‍්ඨානභාවනාසඞ‍්ඛාතං සත්‍ථු සාසනං කරොන‍්තී කස‍්මා නිබ‍්බානං නාධිගච‍්ඡාමි, අධිගමිස‍්සාමි එවාති.

එහි කිමහං සීලම්පන්නා සත්‍ථුසාසනකාරිකා නිබ්බානං නාධිගච්ඡාමි අකුසීතා අනුද්ධතා - ඉතා පිරිසිදු සීලයෙන් සමන්විත වූ මම පටන්ගත් වීර්‍රය ඇති හෙයින් අකුසීතා - ආධ්‍යාත්මික වශයෙන් මැනවින් එකඟ වූ සිත් ඇති හෙයින් අනුද්ධතා - චතුරාර්ය සත්‍යය කර්‍මස්ථාන භාවනාව සඞ්ඛ්‍යාත බුදුන්ගේ අනුශාසනාව ඉටුකරමින්ද කවර හෙයකින් නිවනට නොපැමිණෙම්ද,

එවං පන චින‍්තෙත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තී එකදිවසං පාදධොවනඋදකෙ නිමිත‍්තං ගණ‍්හි. තෙනාහ “පාදෙ පක‍්ඛාලයිත්‍වානා”තිආදි . තස‍්සත්‍ථො – අහං පාදෙ ධොවන‍්තී පාදපක‍්ඛාලනහෙතු තික‍්ඛත‍්තුං ආසිත‍්තෙසු උදකෙසු ථලතො නින‍්නමාගතං පාදොදකං දිස‍්වා නිමිත‍්තං කරොමි.

නිවන් අවබෝධ කරගන්නෙම්මය යනුවෙන් සිතා විදසුන් වඩන්නී එක් දිනක් පා දෙවූ ජලය නිමිති වශයෙන් ගත්තාය. එහෙයින් පාදෙ පක්‍ඛාලයිත්‍වාන - යනුවෙන් කියන ලදී. එහි අදහස මෙසේය: පා දොවන්නා වූ මම තෙවරක් වතුර වත් කළෙමි. ඒ වතුර උස්බිමෙන් පහත්බිම කරා ගලායනු දැක මම එය (භාවනාවට) අරමුණක් කරගතිමි.

“යථා ඉදං උදකං ඛයධම‍්මං වයධම‍්මං, එවං සත‍්තානං ආයුසඞ‍්ඛාරා”ති එවං අනිච‍්චලක‍්ඛණං, තදනුසාරෙන දුක‍්ඛලක‍්ඛණං, අනත‍්තලක‍්ඛණඤ‍්ච උපධාරෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තී තතො චිත‍්තං සමාධෙසිං, අස‍්සං භද්‍රංවජානියන‍්ති යථා අස‍්සං භද්‍රං ආජානියං කුසලො සාරථි සුඛෙන සාරෙති, එවං මය‍්හං චිත‍්තං සුඛෙනෙව සමාධෙසිං, විපස‍්සනාසමාධිනා සමාහිතං අකාසිං. එවං පන විපස‍්සනං වඩ‍්ඪෙන‍්තී උතුසප‍්පායනිජිගිසාය ඔවරකං පවිසන‍්තී අන්‍ධකාරවිධමනත්‍ථං දීපං ගහෙත්‍වා ගබ‍්භං පවිසිත්‍වා දීපං ඨපෙත්‍වා මඤ‍්චකෙ නිසින‍්නමත‍්තාව දීපං විජ‍්ඣාපෙතුං අග‍්ගළසූචියා දීපවට‍්ටිං ආකඩ‍්ඪිං, තාවදෙව උතුසප‍්පායලාභෙන තස‍්සා චිත‍්තං සමාහිතං අහොසි, විපස‍්සනාවීථිං ඔතරි, මග‍්ගෙන ඝට‍්ටෙසි. තතො මග‍්ගපටිපාටියා සබ‍්බසො ආසවානං ඛයො අහොසි. තෙන වුත‍්තං – “තතො දීපං ගහෙත්‍වාන…පෙ… විමොක‍්ඛො අහු චෙතසො”ති. තත්‍ථ සෙය්‍යං ඔලොකයිත්‍වානාති දීපාලොකෙන සෙය්‍යං පස‍්සිත්‍වා.

යම්සේ මේ ජලය විනාශවනසුලු ද, ක්‍ෂයවනසුලුද එම සත්ත්වයන්ගේ ආයුසංස්කාරය අනිත්‍යය ලක්‍ෂණකොට ඇත්තේය. ඒ අනුසාරයෙන් දුක්‍ඛ ස්වභාවය, ආත්ම ස්වභාවය මෙනෙහි කරමින් විදසුන් වඩන්නී, තතො චිත්තං සමාධෙසිං අස්සං භද්‍රංච ජානියං - යම්සේ උතුම් ආජානීය අශ්වයා දක්‍ෂ රියැදුරා විසින් සුවසේ හසුරුවනු ලබාද එසේම මම මගේ සිත සුවසේ සමාධෙසිං - විදර්‍ශනාවෙන් එකඟ කළෙමි. මෙසේ විදසුන් වඩන මම කාලගුණයට සුදුසු පරිදි විසීමට කැමැත්තෙන් ඇතුළු ගැබට පිවිස අඳුර දුරුකරනු පිණිස පහනක් ගෙන පසෙක තබා ඇඳෙහි හිඳගත් කෙණෙහිම අවස්ථාව ලැබීමෙන් මගේ සිත ඒකාග්‍රතාවට පත්විය. විදසුන් මගට පිවිසියෙමි. ඒ අනුව මගපිළිවෙළින් සර්‍වප්‍රකාරයෙන්ම ආශ්‍රවයන් ක්‍ෂය විය. එහෙයින් ඕ මෙසේ පැවැසුවාය. තතො දීපං ගහෙත්‍වාන-පෙ-විමක්‍ඛො චෙතසො අහු - පහන් එළියෙන් ශ්‍රේෂ්ඨත්වය දැක,

සූචින‍්ති අග‍්ගළසූචිං. වට‍්ටිං ඔකස‍්සයාමීති දීපං විජ‍්ඣාපෙතුං තෙලාභිමුඛං දීපවට‍්ටිං ආකඩ‍්ඪෙමි. විමොක‍්ඛොති කිලෙසෙහි විමොක‍්ඛො. සො පන යස‍්මා පරමත්‍ථතො චිත‍්තස‍්ස සන‍්තති, තස‍්මා වුත‍්තං “චෙතසො”ති. යථා පන වට‍්ටිතෙලාදිකෙ පච‍්චයෙ සති උප‍්පජ‍්ජනාරහො පදීපො තදභාවෙ අනුප‍්පජ‍්ජනතො නිබ‍්බුතොති වුච‍්චති, එවං කිලෙසාදිපච‍්චයෙ සති උප‍්පජ‍්ජනාරහං චිත‍්තං තදභාවෙ අනුප‍්පජ‍්ජනතො විමුත‍්තන‍්ති වුච‍්චතීති ආහ – “පදීපස‍්සෙව නිබ‍්බානං, විමොක‍්ඛො අහු චෙතසො”ති.

සූචිං - දොරගුළ, වට්ටිං ඔකස්සාමිති - පහන නිවනු පිණිස වැටිය තෙල්තුළට අදින්නෙමියි, විමොක්‍ඛො කෙලෙස්වලින් නිදහස්විය. යම්හෙයකින් පරමාර්‍ථ වශයෙන් චෛතසික පරම්පරාවක් වේද, එහෙයින් චෙතසො - යි කියන ලදී. යම් විදියකින් තෙල් පහන්වැටිය ආදිය ඇති කල්හි හටගැනීමට සුදුසුවූ පහන ඒවා නැති කල්හි නූපදනා හෙයින් නිවුණේ යයි කියන ලදි. මෙසේ කෙලෙස් ආදී හේතු ඇති කල්හි ඉපදීමට සුදුසු වූ සිත ඒවා නැති කල්හි නූපදනා හෙයින් මිදුණේ යයි කියන ලදී. එහෙයින් පදීපස්සෙව නිබ්බානං විමොක්‍ඛො අහු චෙතසො - යනුවෙන් පැවසුවාය.

පටාචාරාථෙරීගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පටාචාරා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.