භද්දාකුණ්ඩලකෙසාථෙරීචගාථාවණ්ණනා අට්ඨකථා
භද්දාකුණ්ඩලකෙසාථෙරීචගාථාවණ්ණනා
භද්‍දාකුණ්ඩලකේසා ථේරීගාථා වර්ණනාව
ලූනකෙසීතිආදිකා භද්දාය කුණ්ඩලකෙසාය ථෙරියා ගාථා. අයම්පි පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා, අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං පුඤ්ඤානි කත්වා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ සත්තන්නං භගිනීනං අබ්භන්තරා හුත්වා, වීසති වස්සසහස්සානි දස සීලානි සමාදාය කොමාරිබ්රහ්මචරියං චරන්තී සඞ්ඝස්ස වසනපරිවෙණං කාරෙත්වා, එකං බුද්ධන්තරං සුගතීසුයෙව සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ සෙට්ඨිකුලෙ නිබ්බත්ති. භද්දාතිස්සා නාමං අහොසි. සා මහතා පරිවාරෙන වඩ්ඪමානා වයප්පත්තා, තස්මිංයෙව නගරෙ පුරොහිතස්ස පුත්තං සත්තුකං නාම චොරං සහොඩ්ඪං ගහෙත්වා රාජාණාය නගරගුත්තිකෙන මාරෙතුං ආඝාතනං නිය්යමානං, සීහපඤ්ජරෙන ඔලොකෙන්තී දිස්වා පටිබද්ධචිත්තා හුත්වා සචෙ තං ලභාමි, ජීවිස්සාමි; නො චෙ, මරිස්සාමීති සයනෙ අධොමුඛී නිපජ්ජි.
ලූනකෙසී යන මේ ගය භද්දා කුණ්ඩල කේසීගේ ප්‍රකාශයය. මොතොමෝද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද ඉගෙනීමෙන් පසුව දිනක් බුදුන්ගෙන් බණ අසමින් සිටියදී බුදුහු එක් භික්ෂුණියක් වහා අවබෝධ කරගන්නා තැනැත්තියන්ගෙන් අගතනතුරට පත්කරනු දැක අධිකාර්යය කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් පින්කම් කොට කප් සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිර කසුප් බුදුන්ගේ කාලයෙහි කිකී නම් කාසිරජුගේ ගෙයි සොහොයුරියන් සත්දෙනෙකු අතර ඉපිද වසර විසිදහසක් දසසිල් රැක කුමරි බඹසර හැසිර එක බුද්ධාන්තරයක් දෙව්ලෝවලම හැසිර මේ බුදුපතෙහි රජගහ නුවර සිටුකුලයක උපන්නාය. ඕ භද්දා නම් වූවාය. මහත් පිරිවරින් වැඩෙන්නා වූ ඕතොමෝ වයසින් වැඩුණු කල්හි එම නගරයෙහිම පුරෝහිතයාගේ පුත්වූ සන්තුක නම් සොරා සමග විවාහ වී රජුගේ අණින් නගර ගුත්තිකයන් විසින් ඝාතනය සඳහා වධක භූමියට ගෙනයනු ලබන්නා වූ හෙතෙම සිවුමැදුරු කවුළුවෙන් බලා සිටි භද්දා විසින් දක්නා ලදී. දුටු කෙණෙහිම ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිවූ ඕතොමෝ ‘ඉදින් ඔහු ලැබේ නම් ජීවත්වන්නෙමි, නොඑසේ නම් මැරෙන්නෙමි’යි ඉටා සයනයෙහි වැතිර ගත්තාය.
අථස්සා පිතා තං පවත්තිං සුත්වා එකධීතුතාය බලවසිනෙහො සහස්සලඤ්ජං දත්වා උපායෙනෙව චොරං විස්සජ්ජාපෙත්වා ගන්ධොදකෙන න්හාපෙත්වා සබ්බාභරණපටිමණ්ඩිතං කාරෙත්වා පාසාදං පෙසෙසි. භද්දාපි පරිපුණ්ණමනොරථා අතිරෙකාලඞ්කාරෙන අලඞ්කරිත්වා තං පරිචරති. සත්තුකො කතිපාහං වීතිනාමෙත්වා තස්සා ආභරණෙසු උප්පන්නලොභො භද්දෙ, අහං නගරගුත්තිකෙන ගහිතමත්තොව චොරපපාතෙ අධිවත්ථාය දෙවතාය “සචාහං ජීවිතං ලභාමි, තුය්හං බලිකම්මං උපසංහරිස්සාමී”ති පත්ථනං ආයාචිං, තස්මා බලිකම්මං සජ්ජාපෙහීති. සා “තස්ස මනං පූරෙස්සාමී”ති බලිකම්මං සජ්ජාපෙත්වා සබ්බාභරණවිභූසිතා සාමිකෙන සද්ධිං එකං යානං අභිරුය්හ “දෙවතාය බලිකම්මං කරිස්සාමී”ති චොරපපාතං අභිරුහිතුං ආරද්ධා.
ඉක්බිති ඇයගේ පියා එපුවත අසා එකම දියණිය හෙයින් බලවත් සෙනෙහෙ ඇත්තේ කහවණු දහසක අල්ලසක් දී උපායයෙන් සොරා මුදවාගෙන සුවඳ දියෙන් නහවා සියලු අබරණින් සරසා පහයට ගෙන්වා ගත්තේය. භද්‍රාවෝ ද පිරිපුන් මනදොළ ඇත්තී විශේෂ අබරණවලින් හා ඇඳුම්පැළදුම් වලින් සැරසී ඔහුට සේවය කරයි. සන්තුකයා ද කිහිප දිනක් ඇය සමග ගතකොට ඇයගේ අබරණ කෙරෙහි ලෝභ උපදවා ඒවා ගනු කැමැත්තෙන් දිනක් මෙසේ කීවේය: ‘සොඳුර, නගර ගුත්තිකයන් මා අල්වාගත් කල්හි ඉදින් මගේ ජීවිතය රැකදෙන්නේ නම් චෝරප්රපාතයෙහි අධිගෘහිත දේවතාවට බලිකර්මයක් කරන්නෙමැයි බාරවුණෙමි. එහෙයින් එය පිළියෙල කරව’ ඕතොමෝ ඔහුගේ මනදොළ පුරන්නෙමැයි බලි පූජාව පිළියෙල කර සියලු අබරණ පැළඳ රියකට නැගී සැමියා සමග බලිය පුදනු පිණිස ගොස් චෞරප්රපාතය නැගීමට පටන් ගත්තාය.
සත්තුකො චින්තෙසි – “සබ්බෙසු අභිරුහන්තෙසු ඉමිස්සා ආභරණං ගහෙතුං න සක්කා”ති පරිවාරජනං තත්ථෙව ඨපෙත්වා තමෙව බලිභාජනං ගාහාපෙත්වා පබ්බතං අභිරුහන්තො තාය සද්ධිං පියකථං න කථෙසි. සා ඉඞ්ගිතෙනෙව තස්සාධිප්පායං අඤ්ඤාසි. සත්තුකො, “භද්දෙ, තව උත්තරසාටකං ඔමුඤ්චිත්වා කායාරූළ්හපසාධනං භණ්ඩිකං කරොහී”ති. සා, “සාමි, මය්හං කො අපරාධො”ති? “කිං නු මං, බාලෙ,‘බලිකම්මත්ථං ආගතො’ති සඤ්ඤං කරොසි? බලිකම්මාපදෙසෙන පන තව ආභරණං ගහෙතුං ආගතො”ති. “කස්ස පන, අය්ය, පසාධනං, කස්ස අහ”න්ති? “නාහං එතං විභාගං ජානාමී”ති . “හොතු, අය්ය, එකං පන මෙ අධිප්පායං පූරෙහි, අලඞ්කතනියාමෙන ච ආලිඞ්ගිතුං දෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡි. සා තෙන සම්පටිච්ඡිතභාවං ඤත්වා පුරතො ආලිඞ්ගිත්වා පච්ඡතො ආලිඞ්ගන්තී විය පබ්බතපපාතෙ පාතෙසි. සො පතිත්වා චුණ්ණවිචුණ්ණං අහොසි. තාය කතං අච්ඡරියං දිස්වා පබ්බතෙ අධිවත්ථා දෙවතා කොසල්ලං විභාවෙන්තී ඉමා ගාථා අභාසි –
සියල්ලම සමග පව්වට නගිතහොත් ඇයගේ අබරණ ගැනීමට නොහැකිවෙතැයි සිතූ සන්තුකයා පිරිවර ජනයා එහි නවත්වා තමාම බලිභාජනය ගෙන පර්වතයට නගින්නේ ඇය සමග කිසිම ප්‍රිය මනාප කථාවක් නොකළාය. ඕතොමෝ ඉඟියෙන් මෙන් ඔහුගේ අදහස දැනගත්තාය. සන්තුකයා ඇය අමතා ‘සොඳුර, ඔබේ උතුරුසළුව ගළවා සියලු අබරණ පැළඳුම් එක පොට්ටනියකට බැඳ තබව’යි කීවේය. ‘සැමියෙනි, මගේ කවර වරදක්දැ’යි ඕ ඇසුවාය. ‘මෝඩිය’ ඔහු කීවේය ‘බලිකර්මයක් කිරීමට පැමිණියෙමුදැයි තී සිතන්නෙහිද? බිලියමක ව්‍යාජයෙන් තිගේ අබරණ පැහැර ගැනීමට පැමිණියෙමි.’ ‘සැමිය,’ ඕ කීවාය. ‘මේ අබරණ කවරෙකුගේද කවරක් සඳහාද යන බවක් මම නොදනිමි, වේවා, මාගේ එකම අභිප්‍රාවක් ඉටුකරදෙන ලෙස ඉල්ලමි, එනම්, පෙර ඔබ වැළඳගත්තාක් මෙන් අවසාන වරට දැන් ඔබ වැළඳගැනීමට මට ඉඩ දෙනු මැනවි. හෙතෙම මැනවයි ඒ ඉල්ලීම ඉවසීය. එය ඔහු පිළිගත් බව දන පළමුව ඉදිරියෙන් ඔහු වැළඳගෙන පිටුපසින්ද වැළඳගන්නා බව අඟවා ඔහු පර්වතයෙන් පහළට හෙළුවාය. හෙතෙම වැටී සුණුවිසුණු වී ගියේය. ඇය කළ ආශ්චර්යය දුටු පර්වතයෙහි අධිගෘහිත දේවතාවා ඇයගේ ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රකාශ කරමින් මෙසේ කීවේය:
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා.
හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ. ඒ ඒ තන්හිදී ස්ත්‍රියද ප්‍රඥාපාටවය ප්‍රකාශ කරන්නීය.
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, ලහුං අත්ථවිචින්තිකා”ති. (අප· ථෙරී· 2.3.31-32);
හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ. ස්ත්‍රිය ද මොහොතකට හෝ සිතා නැණවත්ව ක්‍රියා කරන්නීය.
තතො භද්දා චින්තෙසි – “න සක්කා මයා ඉමිනා නියාමෙන ගෙහං ගන්තුං, ඉතොව ගන්ත්වා එකං පබ්බජ්ජං පබ්බජිස්සාමී”ති නිගණ්ඨාරාමං ගන්ත්වා නිගණ්ඨෙ පබ්බජ්ජං යාචි. අථ නං තෙ ආහංසු – “කෙන නියාමෙන පබ්බජ්ජා හොතූ”ති? “යං තුම්හාකං පබ්බජ්ජාය උත්තමං, තදෙව කරොථා”ති. තෙ “සාධූ”ති තස්සා තාලට්ඨිනා කෙසෙ ලුඤ්චිත්වා පබ්බාජෙසුං. පුන කෙසා වඩ්ඪන්තා කුණ්ඩලාවට්ටා හුත්වා වඩ්ඪෙසුං. තතො පට්ඨාය සා කුණ්ඩලකෙසාති නාම ජාතා. සා තත්ථ උග්ගහෙතබ්බං සමයං වාදමග්ගඤ්ච උග්ගහෙත්වා “එත්තකං නාම ඉමෙ ජානන්ති, ඉතො උත්තරි විසෙසො නත්ථී”ති ඤත්වා තතො අපක්කමිත්වා යත්ථ යත්ථ පණ්ඩිතා අත්ථි, තත්ථ තත්ථ ගන්ත්වා තෙසං ජානනසිප්පං උග්ගහෙත්වා අත්තනා සද්ධිං කථෙතුං සමත්ථං අදිස්වා යං යං ගාමං වා නිගමං වා පවිසති, තස්ස ද්වාරෙ වාලුකාරාසිං කත්වා තත්ථ ජම්බුසාඛං ඨපෙත්වා “යො මම වාදං ආරොපෙතුං සක්කොති, සො ඉමං සාඛං මද්දතූ”ති සමීපෙ ඨිතදාරකානං සඤ්ඤං දත්වා වසනට්ඨානං ගච්ඡති. සත්තාහම්පි ජම්බුසාඛාය තථෙව ඨිතාය තං ගහෙත්වා පක්කමති.
ඉක්බිති භද්‍රා මෙසේ සිතුවාය. ‘මේ තත්ත්වය අනුව මට ගෙදර යා නොහැකිය. මම මෙතැනින්ම ගොස් යම් පැවිද්දක් ලබාගන්නෙමි’යි නුවට අරමකට ගොස් නුවටුන්ගෙන් පැවිද්ද ඉල්ලුවාය. ‘කවර ක්රමයක පැවිද්දක් අවශ්‍යද? ඔවුහු ඇසූහ. ‘යම් පැවිද්දක් ඔබලා උතුම් හැටියට සලකන්නාහුද එය දෙනු මැනව’ ඕ පිළිතුරු දුන්නාය. ඔවුහු යහපතැයි කියා තල් ඇටයකින් කෙස් උදුරා පැවිදි කළාහුය. නැවත කෙස් වැඩෙන්නේ කුණ්ඩලාකාරව වැඩිණ. එතැන් පටන් ඕතොමෝ කුණ්ඩලකේසා නමින් පළටවූවාය. ඕ එහි උගතයුතු සියල්ල ඉගෙණ මොවුන් දන්නේ මෙපමණෙක, මෙයට වඩා දෙයක් නැතැයි සෑහීමකට පත්නොවී එයින් නික්ම ගොස් යම් යම් තැනක උගත්තු වෙසෙද්ද ඒ ඒ තැන්හි ගොස් ඔවුන් දන්නා ශිල්ප ඉගෙණ තමා සමග කථා කිරීමට සමතෙකු නොදැක යම් ගමකට හෝ නිගමකට යාද එහි වාසල් දොරටුව සමීපයෙහි වැලි ගොඩක් ගසා දඹ අත්තක් එහි සිටුවා ‘යමක් මා සමග වාද කිරීමට කැමැත්තේ නම් මේ දඹ අත්ත මඩීවා’ කියා ඒ සමීපයෙහි සිටින කෙලිකොල්ලන්ට ඒ බව දන්වා වසන තැනට යන්නීය. සත්දිනක් එහි වැස කිසිවෙක් එහිලා ඉදිරිපත් නොවී නම් එය ගෙනයයි.
තෙන ච සමයෙන අම්හාකං භගවා ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන සාවත්ථිං උපනිස්සාය ජෙතවනෙ විහරති. කුණ්ඩලකෙසාපි වුත්තනයෙන ගාමනිගමරාජධානීසු විචරන්තී සාවත්ථිං පත්වා නගරද්වාරෙ වාලුකාරාසිම්හි ජම්බුසාඛං ඨපෙත්වා දාරකානං සඤ්ඤං දත්වා සාවත්ථිං පාවිසි.
එකල්හි වනාහී අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෙව්හි ඉපිද පවත්වනලද දම්සක් ඇත්තේ ක්‍රමයෙන් සැවත ඇසුරු කරමින් දෙව්රම් වෙහෙර වැඩ වෙසෙති. කුණ්ඩලකේසී ද ඉහත සඳහන්කළ පරිදි ගනියම්ගම් රජදහන්වල හැසිරෙන්නී සැවතට පැමිණ නුවර දොරටුවෙහි වැලිගොඩක් මත දඹ අත්ත සිටුවා දරුවන්ට දැනුම් දී ඉවතට පිවිසියාය.
අථායස්මා ධම්මසෙනාපති එකකොව නගරං පවිසන්තො තං සාඛං දිස්වා තං දමෙතුකාමො දාරකෙ පුච්ඡි – “කස්මායං සාඛා එවං ඨපිතා”ති? දාරකා තමත්ථං ආරොචෙසුං. ථෙරො “යදි එවං ඉමං සාඛං මද්දථා”ති ආහ. දාරකා තං මද්දිංසු. කුණ්ඩලකෙසා කතභත්තකිච්චා නගරතො නික්ඛමන්තී තං සාඛං මද්දිතං දිස්වා “කෙනිදං මද්දිත”න්ති පුච්ඡිත්වා ථෙරෙන මද්දාපිතභාවං ඤත්වා “අපක්ඛිකො වාදො න සොභතී”ති සාවත්ථිං පවිසිත්වා වීථිතො වීථිං විචරන්තී “පස්සෙය්යාථ සමණෙහි සක්යපුත්තියෙහි සද්ධිං මය්හං වාද”න්ති උග්ඝොසෙත්වා මහාජනපරිවුතා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං ධම්මසෙනාපතිං උපසඞ්කමිත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං ඨිතා “කිං තුම්හෙහි මම ජම්බුසාඛා මද්දාපිතා”ති පුච්ඡි. “ආම, මයා මද්දාපිතා”ති. “එවං සන්තෙ තුම්හෙහි සද්ධිං මය්හං වාදො හොතූ”ති. “හොතු, භද්දෙ”ති. “කස්ස පුච්ඡා, කස්ස විස්සජ්ජනා”ති? “පුච්ඡා නාම අම්හාකං පත්තා, ත්වං යං අත්තනො ජානනකං පුච්ඡා”ති. සා සබ්බමෙව අත්තනො ජානනකං වාදං පුච්ඡි. ථෙරො තං සබ්බං විස්සජ්ජෙසි. සා උපරි පුච්ඡිතබ්බං අජානන්තී තුණ්හී අහොසි. අථ නං ථෙරො ආහ – “තයා බහුං පුච්ඡිතං, මයම්පි තං එකං පඤ්හං පුච්ඡාමා”ති. “පුච්ඡථ, භන්තෙ”ති. ථෙරො “එකං නාම කි”න්ති ඉමං පඤ්හං පුච්ඡි. කුණ්ඩලකෙසා නෙව අන්තං න කොටිං පස්සන්තී අන්ධකාරං පවිට්ඨා විය හුත්වා “න ජානාමි, භන්තෙ”ති ආහ. “ත්වං එත්තකම්පි අජානන්තී අඤ්ඤං කිං ජානිස්සසී”ති වත්වා ධම්මං දෙසෙසි. සා ථෙරස්ස පාදෙසු පතිත්වා, “භන්තෙ, තුම්හෙ සරණං ගච්ඡාමී”ති ආහ. “මා මං ත්වං, භද්දෙ, සරණං ගච්ඡ, සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලං භගවන්තමෙව සරණං ගච්ඡා”ති. “එවං කරිස්සාමි, භන්තෙ”ති සා සායන්හසමයෙ ධම්මදෙසනාවෙලායං සත්ථු සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා එකමන්තං අට්ඨාසි. සත්ථා තස්සා ඤාණපරිපාකං ඤත්වා –
ඒ අවස්ථාවෙහි ආයුෂ්මත් ධර්ම සේනාපතීන් වහන්සේ හුදෙකලාවම නගරයට පිවිසෙන්නාහු ඒ දඹ අත්ත දැක ඇය දමනය කරනු කැමැත්තෙන් ‘මේ අත්ත මෙහි සිටුවූවෝ කවුරුද?’යි ඇසූහ. දරුවෝ ඒ තොරතුරු දැන්වූහ. ‘එසේ නම් එය පොඩිකර දමන්න’යි දරුවන්ට කීහ. දරුවෝ එය පොඩි කළහ. කුණ්ඩලකේසී දිවා ආහාරයෙන් පසු නගරයෙන් නික්ම යන්නී ඒ ශාඛාව මැඩ තිබෙනු දැක එය මැඩුවෝ කවුරුදැයි අසා තෙරුන් විසින් එය කරවන ලද බව අසා ‘පක්ෂයකින් තොරව වාදය නොහොබනේ’ යයි සිතා ‘ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් සමග මා කරන වාදය බලව්’ යයි කියමින් වීථියෙන් වීථියට යමින් මහජනයාට දැනුම් දෙමින් ඔවුන් සමග පැමිණ රුක්මුලෙක වැඩහුන් ධර්ම සේනාපති හිමියන් වෙත එළඹ පිළිසඳර කථාකර එකත් පසෙක හිඳ ‘මා විසින් සිටවනලද දඹ අත්ත කුමක් හෙයින් මඩනා ලදද?’යි ඇසුවාය. එසේය, මම එය කරවීමි. ‘එසේ නම් ඔබ සමග වාද කිරීමට කැමැත්තෙමි’ ඕ කීවාය. ‘පිනැතිය, එසේ වේවා, කවරෙක් ප්‍රශ්න අසාද කවරෙක් පිළිතුරු දේද? ඇසූහ. පිළිවිසීම මට භාරය’ යයි පවසා ඈ දැනගෙන සිටි සියලුම වාදයන් ප්‍රශ්න කළාය. තෙරණුවෝ ඒ සියල්ල විසඳුහ. තවත් ඇසියයුතු කිසිවක් නොවූ හෙයින් ඕ නිහඬ වූවාය. ඉක්බිති තෙරණුවෝ ඇය අමතා ඔබ ප්‍රශ්න රාශියක් ඇසුවෙහිය, මමත් එකම ප්‍රශ්නයක් අසන්ට ද? ‘වහන්ස ඇසුව මැනව.’ තෙරණුවෝ ‘එක නම් කුමක්ද?’ යන ප්රශ්නය ඇසූහ. කුණ්ඩලකේසා එහි මුලක් හෝ අගක් හෝ සොයා ගැනීමට නොහැකිව අඳුරකට පිවිසියාක් මෙන් වී ‘නොදනිමි වහන්ස’යි කීවාය. ‘ඔබ මෙපමණක්වත් නොදන්නී නම් අනෙක් කුමක් දන්නෙහිද?’ යනුවෙන් පවසා ධර්මය දේශනා කළහ. ඕතොමෝ තෙරණුවන්ගේ දෙපාමුල වැඳ වැටී ‘වහන්ස, මම ඔබ පිහිට යමි’යි කීවාය. ‘භද්‍රා, ඔබ මා සරණ නොයා, දෙවියන් සහිත සමස්ත ලෝකයාට අග්‍රපුද්ගල වූ භගවත්හු සරණයා’යි අනුදත්හ. එසේ කරන්නෙමි වහන්ස’යි පැවසූ ඕතොමෝ සවස දහම් දෙසන වේලෙහි බුදුන්වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටියාය. බුදුහු ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැන:
“සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසංහිතා; එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා සුපසම්මතී”ති. –
සහස්සම්පි චෙ ගාථා අනත්ථපද සංහිතා, එකං ගාථාපදං සෙය්යො යං සුත්වා උපසම්මති-
අර්ථශුන්‍ය වූ පදවලින් බැඳුණු ගාථා දහසකට ද වඩා යමක් අසා මනස සන්සුන්වේද එවැනි ගාථාවක පදයක් පවා ශ්‍රේෂ්ඨය.
ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ යථාඨිතාව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.3.1-54) –
යන ගාථාව දෙසූ සේක. ගාථාව අවසානයෙහි ඕ හුන් අයුරින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියදහසකට පෙර සියලු ධර්මයන්ගේ කෙළවරට පැමිණියා වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ සේක.
“තදාහං හංසවතියං, ජාතා සෙට්ඨිකුලෙ අහුං; නානාරතනපජ්ජොතෙ, මහාසුඛසමප්පිතා.
එකල මම හංසවතී නුවර නොයෙක් රන්රුවනින් බැබළුණු සැපසම්පතින් පිරුණු සිටුකුලයක උපත ලදිමි.
“උපෙත්වා තං මහාවීරං, අස්සොසිං ධම්මදෙසනං; තතො ජාතප්පසාදාහං, උපෙසිං සරණං ජිනං.
මම ඒ මහාවීරයන් වහන්සේ වෙත එළඹ බණ ඇසීමි. එයින් හටගත් සැදැහැ ඇති මම ඒ බුදුන් සරණ ගියෙමි.
“තදා මහාකාරුණිකො, පදුමුත්තරනාමකො; ඛිප්පාභිඤ්ඤානමග්ගන්ති, ඨපෙසි භික්ඛුනිං සුභං.
එකල මහාකාරුණික වූ පදුමුත්තර බුදුහු එක්තරා භික්ෂුණියක් වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අගතනතුරට පත්කළහ.
“තං සුත්වා මුදිතා හුත්වා, දානං දත්වා මහෙසිනො; නිපච්ච සිරසා පාදෙ, තං ඨානමභිපත්ථයිං.
එය අසා මම බෙහෙවින් සතුටු වී බුදුන්ට දන් දී උන්වහන්සේගේ දෙපා වැඳ ඒ තනතුර පැතුවෙමි.
“අනුමොදි මහාවීරො, භද්දෙ යං තෙභිපත්ථිතං; සමිජ්ඣිස්සති තං සබ්බං, සුඛිනී හොහි නිබ්බුතා.
ඒ මහාවීරයන් වහන්සේ එය අනුදැන ‘භදා ඔබ පැතු ඒ සියල්ලම ඉටුවන්නේය. ඔබ නිවී සුවපත් වේවා.’
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප සියක්දහසක් ගිය තැන ඉක්ෂ්වා කුලයෙහි ගෞතම නම් බුදුවරයෙක් ලෝකයෙහි පහළවන්නේය.
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; භද්දාකුණ්ඩලකෙසාති, හෙස්සති සත්ථු සාවිකා.
උන්වහන්සේගේ ධර්මයට දායාද වූ භද්‍දාකුණ්ඩලකේසා නමින් ශ්‍රාවිකාවක් වන්නීය.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කමෙන් හා චේතනාව පිහිටුවීමෙන් මිනිස් කය හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“තතො චුතා යාමමගං, තතොහං තුසිතං ගතා; තතො ච නිම්මානරතිං, වසවත්තිපුරං තතො.
එයින් චුතව මම යාමටය ද එයින් තුසිතයට ද එයින් නිම්මාණරතියට ද එයින් වසවත්ති දෙව්ලොවටද ගියෙමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි, තස්ස කම්මස්ස වාහසා; තත්ථ තත්ථෙව රාජූනං, මහෙසිත්තමකාරයිං.
යම්යම් තැනෙක උපනිම්ද ඒ හැම තැනකම ඒ පින්බලයෙන් ඒ ඒ රජවරුන්ට අග මෙහෙසිය වීමි.
“තතො චුතා මනුස්සෙසු, රාජූනං චක්කවත්තිනං; මණ්ඩලීනඤ්ච රාජූනං, මහෙසිත්තමකාරයිං.
එයින් චුත වූ මම මිනිස් ලෙහිව් ඉපිද සක්විති රජවරුන්ට ද මාණ්ඩලික රජවරුන්ට ද මෙහෙසිය වීමි.
“සම්පත්තිං අනුභොත්වාන, දෙවෙසු මානුසෙසු ච; සබ්බත්ථ සුඛිතා හුත්වා, නෙකකප්පෙසු සංසරිං.
දෙව්මිනිස් දෙගතියෙහි සැපසම්පත් අනුභවකර, හැමතන්හිදීම සුවපත් වී කල්ප ගණන් සසර සැරිසැරීමි.
“ඉමම්හි භද්දකෙ කප්පෙ, බ්රහ්මබන්ධු මහායසො; කස්සපො නාම ගොත්තෙන, උප්පජ්ජි වදතං වරො.
මේ භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යශස් ඇති කස්සප නම් බුදුවරයෙක් උපන්හ.
“උපට්ඨාකො මහෙසිස්ස, තදා ආසි නරිස්සරො; කාසිරාජා කිකී නාම, බාරාණසිපුරුත්තමෙ.
එකල ඒ බුදුවරයාගේ උපස්ථායෙකු වූ කිකී නම් රජෙක් බරණැස් නුවර රජකම් කළේය.
“තස්ස ධීතා චතුත්ථාසිං, භික්ඛුදායීති විස්සුතා; ධම්මං සුත්වා ජිනග්ගස්ස, පබ්බජ්ජං සමරොචයිං.
මම ඔහුගේ සිවුවන දියණිය වීමි. භික්ඛුදාසි යන නමින් පළට වූ මම බුදුන්ගෙන් බණ අසා පැවිද්ද ඉල්වීමි.
“අනුජානි න නො තාතො, අගාරෙව තදා මයං; වීසවස්සසහස්සානි, විචරිම්හ අතන්දිතා.
එයට මගේ පියාගේ අනුමැතිය නොලැබිණ. එහෙයින් ගිහිගෙයිම විසූ මම අවුරුදු විසිදහසක් අනලස්ව සසරෙහි සැරිසැරීමි.
“කොමාරිබ්රහ්මචරියං, රාජකඤ්ඤා සුඛෙධිතා; බුද්ධොපට්ඨානනිරතා, මුදිතා සත්ත ධීතරො.
[missing trans]
“සමණී සමණගුත්තා ච, භික්ඛුනී භික්ඛුදායිකා; ධම්මා චෙව සුධම්මා ච, සත්තමී සඞ්ඝදායිකා.
[missing trans]
“ඛෙමා උප්පලවණ්ණා ච, පටාචාරා අහං තදා; කිසාගොතමී ධම්මදින්නා, විසාඛා හොති සත්තමී.
[missing trans]
“තෙහි කම්මෙහි සුකතෙහි, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කම්වලින් හා මනොප්රණිධියෙන් මිනිස් සිරුර අත්හැර ගොස් තව්තිසා දෙව්ලොව උපනිමි.
“පච්ඡිමෙ ච භවෙ දානි, ගිරිබ්බජපුරුත්තමෙ; ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ, යදාහං යොබ්බනෙ ඨිතා.
මේ අන්තිම භවයෙහි දැන් මා ගිරිව්‍රජ පුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ සිටුකුලයක ඉපිද යෞවන වයසෙහි පසුවන අතර,
“චොරං වධත්ථං නීයන්තං, දිස්වා රත්තා තහිං අහං; පිතා මෙ තං සහස්සෙන, මොචයිත්වා වධා තතො.
ඝාතනය සඳහා වධකභූමියට ගෙනයන සොරෙකු දැක ඔහුට පෙම් කළෙමි. මගේ පියා දහසක අල්ලසක් දී ඔහු මරණයෙන් මුදාගත්තේය.
“අදාසි තස්ස මං තාතො, විදිත්වාන මනං මම; තස්සාහමාසිං විසට්ඨා, අතීව දයිතා හිතා.
මගේ අදහස දත් පියා මා ඔහුට විවාහ කර දුන්නේය. මම ඔහුට විශ්වාසවන්ත වීමි. ඔහු බෙහෙවින් ප්‍රියකළෙමි.
“සො මෙ භූසනලොභෙන, බලිමජ්ඣාසයො දිසො; චොරප්පපාතං නෙත්වාන, පබ්බතං චෙතයී වධං.
ඔහු මගේ අබරණවලට කළ ලෝභයෙන් චොරප්රපාත පර්වතයට මා ගෙන ගොස් මා මැරීමට අදහස් කළේය.
“තදාහං පණමිත්වාන, සත්තුකං සුකතඤ්ජලී; රක්ඛන්තී අත්තනො පාණං, ඉදං වචනමබ්රවිං.
ඉක්බිති මම ඔහුට වැඳ මගේ ප්‍රාණය රැකගනු කැමැත්තෙන් මෙසේ කීවෙමි. ‘මේ රන්වළලු මුතුවිදුරුමිණි ආදී සියල්ලම ගනු මැනවි. ඔබට යහපතක්ම වේවා. මා දාසියක හැටියට සලකන්න’
“ඉදං සුවණ්ණකෙයූරං, මුත්තා වෙළුරියා බහූ; සබ්බං හරස්සු භද්දන්තෙ, මඤ්ච දාසීති සාවය.
“ඔරොපයස්සු කල්‍යාණී, මා බාළ්හං පරිදෙවසි; න චාහං අභිජානාමි, අහන්ත්වා ධනමාභතං.
කල්‍යාණි, සියලු අබරණ ඉවත්කරන්න, දන් නොවැළපෙන්න, මා ලබාගත් ධනයක් නොගෙන ගිය අවස්ථාවක් නොදනිමි’
“යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං; න චාහං අභිජානාමි, අඤ්ඤං පියතරං තයා.
‘මා දැනගත් කාලයක සිට ඔබට වඩා ප්‍රියතර වූ අනෙකෙකු ගැන මට මතකක් නැත,
“එහි තං උපගූහිස්සං, කත්වාන තං පදක්ඛිණං; න ච දානි පුනො අත්ථි, මම තුය්හඤ්ච සඞ්ගමො.
ඔබ පැදකුණු කර වැළඳගැනීමට මම කැමැත්තෙමි. මෙයින් මතු ඔබ හා මා අතර සංගමයක් නැත’
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා.
‘හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ, ඒ ඒ තන්හිදී ස්ත්‍රියද ප්‍රඥාපාටවය ප්‍රකාශ කරන්නීය,
“න හි සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, ලහුං අත්ථවිචින්තිකා.
හැම තන්හිදීම පුරුෂයා නැණවතෙක් නොවේ, ස්ත්‍රියද ක්ෂණිකව සිතා නැණවත්ව ක්‍රියා කරයි.
“ලහුඤ්ච වත ඛිප්පඤ්ච, නිකට්ඨෙ සමචෙතයිං; මිගං උණ්ණා යථා එවං, තදාහං සත්තුකං වධිං.
සැණෙකින් ඒ නිවටයාට කළයුතු දෙය මම සිතුවෙමි. වැද්දෙකු මුවෙකු මරා දමන්නාක් මෙන් මම සන්තුක මැරුවෙමි.
“යො ච උප්පතිතං අත්ථං, න ඛිප්පමනුබුජ්ඣති; සො හඤ්ඤතෙ මන්දමති, චොරොව ගිරිගබ්භරෙ.
[missing trans]
“යො ච උප්පතිතං අත්ථං, ඛිප්පමෙව නිබොධති; මුච්චතෙ සත්තුසම්බාධා, තදාහං සත්තුකා යථා.
යමෙක් එකෙණෙහිම ඉදිරිපත්වූ කාරණය වහාම අවබෝධ කරගනීද ඔහු සියලු සම්බාධවලින් මිදෙයි, මා සත්තුකට කළාක් මෙනි.
“තදාහං පාතයිත්වාන, ගිරිදුග්ගම්හි සත්තුකං; සන්තිකං සෙතවත්ථානං, උපෙත්වා පබ්බජිං අහං.
එදා මම සත්තුක ගිරිමුදුනින් හෙළා ශ්වේතවස්ත්රධාරීන් වෙත ගොස් පැවිදිවීමි.
“සණ්ඩාසෙන ච කෙසෙ මෙ, ලුඤ්චිත්වා සබ්බසො තදා; පබ්බජිත්වාන සමයං, ආචික්ඛිංසු නිරන්තරං.
මගේ කෙස් අඬුවකින් සම්පූර්ණයෙන් උදුරා දමා මා පැවිදිකරවා ඔවුන්ගේ සමය නිරතුරුවම කියා දුන්හ.
“තතො තං උග්ගහෙත්වාහං, නිසීදිත්වාන එකිකා; සමයං තං විචින්තෙසිං, සුවානො මානුසං කරං.
ඉක්බිති මම එය ඉගෙන හුදෙකලා තැනකට වී ඒ ඉගැන්වූ දේවල් සිහිකළෙමි.
“ඡින්නං ගය්හ සමීපෙ මෙ, පාතයිත්වා අපක්කමි; දිස්වා නිමිත්තමලභිං, හත්ථං තං පුළවාකුලං.
එවේලෙහි බල්ලෙක් සිඳීගිය මිනිස් අතක් මා සමීපයෙහි දමා ගියේය. පණුවන් ගැවසුණු එය දැක මම නිමිත්තක් ලබාගතිමි.
“තතො උට්ඨාය සංවිග්ගා, අපුච්ඡිං සහධම්මිකෙ; තෙ අවොචුං විජානන්ති, තං අත්ථං සක්යභික්ඛවො.
එයින් කලකිරුණු මම එතැනින් නැගිට මගේ සහචරින්ගෙන් ඒ ගැන විමසුවෙමි. ශාක්‍ය භික්ෂුහු එය දනිත් යයි ඔවුහු මට කීහ.
“සාහං තමත්ථං පුච්ඡිස්සං, උපෙත්වා බුද්ධසාවකෙ; තෙ මමාදාය ගච්ඡිංසු, බුද්ධසෙට්ඨස්ස සන්තිකං.
ඉන්පසු මම බුද්ධ ශ්‍රාවකයන් වෙත ගොස් ඒ පිළිබඳව විමසුවෙමි. ඔවුහු මා රැගෙන බුදුන් වෙත ගියහ.
“සො මෙ ධම්මමදෙසෙසි, ඛන්ධායතනධාතුයො; අසුභානිච්චදුක්ඛාති, අනත්තාති ච නායකො.
උන්වහන්සේ මට ඛන්ධධාතු ආයතන ආදිය විස්තර කරමින් ධර්මය දේශානාකර අසුභ අනිච්ච අනන්ත වශයෙන් බලන ලෙස අවවාද කළහ.
“තස්ස ධම්මං සුණිත්වාහං, ධම්මචක්ඛුං විසොධයිං; තතො විඤ්ඤාතසද්ධම්මා, පබ්බජ්ජං උපසම්පදං.
ඒ ධර්මය අසා මම දහම් ඇස පිරිසිදු කළෙමි. ඉගෙනගත් ධර්මය ඇත්තා වූ මම පැවිද්ද හා උපසම්පදාව අයැදීමි.
“ආයාචිතො තදා ආහ, එහි භද්දෙති නායකො; තදාහං උපසම්පන්නා, පරිත්තං තොයමද්දසං.
එසේ අයදිනු ලැබුවා වූ ඒ නායකයන් වහන්සේ ‘පිනැත්තිය මෙහි එවයි’ වදාළ සේක. එයින් උපසම්පදාව ලැබුවා වූ මම වතුර ටිකක් දිටිමි.
“පාදපක්ඛාලනෙනාහං, ඤත්වා සඋදයබ්බයං; තථා සබ්බෙපි සඞ්ඛාරෙ, ඊදිසං චින්තයිං තදා.
එයින් පය සෝදාගත් මම උපත හා විපත පිළිබඳ අවබෝධයක් ලබාගෙන සියලුම සංස්කාරයන් ද එවැනිම යයි අවබෝධ කරගතිමි.
“තතො චිත්තං විමුච්චි මෙ, අනුපාදාය සබ්බසො; ඛිප්පාභිඤ්ඤානමග්ගං මෙ, තදා පඤ්ඤාපයී ජිනො.
එයින් මගේ සිත කිසිවක් දැඩිව නොගැනීමෙන් නිදහස් විය. වහා අවබෝධ කරගන්නා තැනැත්තියගෙන් මා අග්‍රබව බුදුහු වදාළහ.
“ඉද්ධීසු ච වසී හොමි, දිබ්බාය සොතධාතුයා; පරචිත්තානි ජානාමි, සත්ථුසාසනකාරිකා.
සෘද්ධි විෂයෙහි මෙන්ම දිවඇස් දිවකන් ලැබීමෙහිද පරසිත් දැනීමෙහිද නුවණ මට පහළවිය.
“පුබ්බෙනිවාසං ජානාමි, දිබ්බචක්ඛු විසොධිතං; ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, විසුද්ධාසිං සුනිම්මලා.
පෙර විසූ භවයන් දනිමි, දිවැස පිරිසිදු කළෙමි, සියලු අසවු ගෙවා සම්පුර්ණයෙන් පිරිසිදු වීමි.
“පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
බුදුන්ගේ පිළිවෙත පුරුදු කළෙමි, උන්වහන්සේගේ අනුශාසනාව පිළිපැදීමි, මහා බර බහාලූයෙමි, භවයෙහි උප්පත්තිකාරකයන් නැසුයෙමි.
“යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං; සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
යම් අර්ථයක් උදෙසා මම ගිහිගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදිවීමිද ඒ අර්ථය මුදුන් පමුණුවා ගතිමි. සියලු සංයෝජනයන් දුරුකළෙමි.
“අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච; ඤාණං මෙ විමලං සුද්ධං, බුද්ධසෙට්ඨස්ස සාසනෙ.
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානයන්හි මගේ දැනීම විශාලය. බුදුන්ගේ සසුනෙහි නිර්මල වීමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවනලදී -පෙ-බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා තාවදෙව පබ්බජ්ජං යාචි. සත්ථා තස්සා පබ්බජ්ජං අනුජානි. සා භික්ඛුනුපස්සයං ගන්ත්වාන පබ්බජිත්වා ඵලසුඛෙන නිබ්බානසුඛෙන ච වීතිනාමෙන්තී අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
රහත්බවට පැමිණි කෙණෙහිම බුදුහු ඇයගේ පැවිද්ද අනුදත්හ. ඕතොමෝ භික්ෂුණීන් වෙත ගොස් පැවිදිව පලසුවයෙන් හා නිවන්සුවයෙන් දවස් ගතකරන්නී තමාගේ අතීත පිළිවෙත බලා උදන් ඇනුවාය:
“ලූනකෙසී පඞ්කධරී, එකසාටී පුරෙ චරිං; අවජ්ජෙ වජ්ජමතිනී, වජ්ජෙ චාවජ්ජදස්සිනී.
ලූනකෙසී පඞ්කධරී එකසාධී පුරෙචරිං, අවජ්ජෙ වජ්ජමතිනී වජ්ජෙ චාවජ්ජදස්සිනී.
“දිවාවිහාරා නික්ඛම්ම, ගිජ්ඣකූටම්හි පබ්බතෙ; අද්දසං විරජං බුද්ධං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
දිවා විහාරා නික්ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතෙ, අද්දසං විරජං බුද්ධං භික්ඛුසංඝ පුරක්ඛතං.
“නිහච්ච ජාණුං වන්දිත්වා, සම්මුඛා අඤ්ජලිං අකං; එහි භද්දෙති මං අවච, සා මෙ ආසූපසම්පදා.
නිහච්ච ජාණුං වන්දිත්වා සම්මුඛා පඤ්ජලිං අකං, එහි භද්දෙති මං අවච සා මෙ ආසුපසම්පදා.
“චිණ්ණා අඞ්ගා ච මගධා, වජ්ජී කාසී ච කොසලා; අනකා පණ්ණාස වස්සානි, රට්ඨපිණ්ඩං අභුඤ්ජහං.
විණ්ණා අංගා ච මගධා වජ්ජිකාසී ච කොසලං, අනණා පණ්ණාසවස්සානි රට්ඨපිණ්ඩමභුඤ්ජීහං.
“පුඤ්ඤං වත පසවි බහුං, සප්පඤ්ඤො වතායං උපාසකො; යො භද්දාය චීවරං අදාසි, විප්පමුත්තාය සබ්බගන්ථෙහී”ති. – ඉමා ගාථා අභාසි.
පුඤ්ඤං ච පසවී බහු සප්පඤ්ඤො වතායං උපාසකො, යො භද්දාය චීවරං අදාසි විප්පමුත්තාය සබ්බ ගන්ථෙහි
ඉදුරූ කෙස් ඇති කසට බැඳුණු දත් ඇති මම පෙර එකම සළුවක් පෙරවාගෙන හැසිරීමි. නිවරදෙහි වරදයයිද වරදෙහි නිවරද යයිද යන හැඟීමක් මට තිබිණ.
දිවාවිහාරයෙන් නික්ම ගිජුකුළුපව්වෙහි භික්ෂු සංඝයා පිරිවරා සිටි බුදුන් දිටිමි. දණ බිම ඔබා වැඳ ඇඳිලි බැඳගෙන මම උන්වහන්සේ අබියස සිටියෙමි. ‘පිනැතිය, මෙහි එවයි’ උන්වහන්සේ වදාළහ. එය මගේ උපසම්පදාව විය.
අංග මගධ කාසි කෝසල යන ජනපදවල හැසුරුණෙමි. වසර පණහක් ණය නැතිව රටවැසියාගේ පිණ්ඩය වැළදීමි. සියලු ග්රන්ථවලින් මිදුණාවූ මේ භද්‍රාට යම් උපාසකයෙක් සිවුරක් පිදීද ඒ තැනැත්තා බෙහෙවින් පින් රැස්කර ගත්තේය.
තත්ථ ලූනකෙසීති ලූනා ලුඤ්චිතා කෙසා මය්හන්ති ලූනකෙසී, නිගණ්ඨෙසු පබ්බජ්ජාය තාලට්ඨිනා ලුඤ්චිතකෙසා, තං සන්ධාය වදති. පඞ්කධරීති දන්තකට්ඨස්ස අඛාදනෙන දන්තෙසු මලපඞ්කධාරණතො පඞ්කධරී. එකසාටීති නිගණ්ඨචාරිත්තවසෙන එකසාටිකා. පුරෙ චරින්ති පුබ්බෙ නිගණ්ඨී හුත්වා එවං විචරිං. අවජ්ජෙ වජ්ජමතිනීති න්හානුච්ඡාදනදන්තකට්ඨඛාදනාදිකෙ අනවජ්ජෙ සාවජ්ජසඤ්ඤී. වජ්ජෙ චාවජ්ජදස්සිනීති මානමක්ඛපලාසවිපල්ලාසාදිකෙ සාවජ්ජෙ අනවජ්ජදිට්ඨී.
එහි ලුණකෙසී - මගේ කෙස් සිඳදැමූහ. නිඝණ්ඨයන් අතර පැවිදිවනු පිණිස තල් ඇටවලින් කෙස් ඉදිරීම සඳහා එසේ කියනලදී. පංකධරී දැහැටි නොවැළඳීම නිසා මඩ වැනි දත්මළ ඇති හෙයින් පඞ්කධරී - යනුවෙන් කියැවිණ. එකසාටී - නුවටුන්ගේ සිරිත් විසින් එකම සළුවකින් යුක්තවීමි පුරෙචරිං - පෙර නිඝණ්ඨියක් වී මෙසේ හැසුරුණෙමි. අවජ්ජෙ වජ්ජමතිනි - දියනෑම ඇඟ ඉලීම දත්මැදීම වැනි නිවැරදි ක්‍රියාවන් වැරදි ක්‍රියාවන් හැටියට සිතමින් වජ්ජෙචාවජ්ජදස්සිනි මානය, ගුණමකුබව ඊර්ෂ්‍යාව විපර්යාසය ආදි වැරදි මනෝභාවයන් නිවැරදියයි දකිමින්,
දිවාවිහාරා නික්ඛම්මාති අත්තනො දිවාවිහාරට්ඨානතො නික්ඛමිත්වා. අයම්පි ඨිතමජ්ඣන්හිකවෙලායං ථෙරෙන සමාගතා තස්ස පඤ්හස්ස විස්සජ්ජනෙන ධම්මදෙසනාය ච නිහතමානදබ්බා පසන්නමානසා හුත්වා සත්ථු සන්තිකං උපසඞ්කමිතුකාමාව අත්තනො වසනට්ඨානං ගන්ත්වා දිවාට්ඨානෙ නිසීදිත්වා සායන්හසමයෙ සත්ථු සන්තිකං උපසඞ්කමිත්වා.
දිවාවිහාරා නික්ඛම්ම - තමා දවල් කාලයෙහි වෙසෙන තැනින් නික්මී, මෝතොමෝ ද මධ්‍යාහ්න සමයෙහි තෙරණුවන් හමුව ඒ ප්රශ්නය විසඳීම් වශයෙන් කළ ධර්ම දේශනාව අසා මානදර්පය පහකොට පහන් මනසින් යුක්තව බුදුන් වෙත යනු කැමැත්තී තමා වසන තැනට ගොස් දිවාකාලය ගතකර සවස් වේලෙහි බුදුන් වෙත ගොස්,
නිහච්ච ජාණුං වන්දිත්වාති ජාණුද්වයං පථවියං නිහන්ත්වා පතිට්ඨපෙත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා. සම්මුඛා අඤ්ජලිං අකන්ති සත්ථු සම්මුඛා දසනඛසමොධානසමුජ්ජලං අඤ්ජලිං අකාසිං. එහි, භද්දෙති මං අවච, සා මෙ ආසූපසම්පදාති යං මං භගවා අරහත්තං පත්වා පබ්බජ්ජඤ්ච උපසම්පදඤ්ච යාචිත්වා ඨිතං “එහි, භද්දෙ, භික්ඛුනුපස්සයං ගන්ත්වා භික්ඛුනීනං සන්තිකෙ පබ්බජ උපසම්පජ්ජස්සූ”ති අවච ආණාපෙසි. සා සත්ථු ආණා මය්හං උපසම්පදාය කාරණත්තා උපසම්පදා ආසි අහොසි.
නිහච්චජාණුං වන්දිත්වා - දෙදණ බිම ඔබා පසඟ පිහිටුවා වැඳ, සම්මුඛා අඤ්ජලිං අකං - බුදුන් හමුවෙහි දසනඛසමොධානයෙන් (දෙඅතෙහි නියපොතු දහය එකට පිහිටන පරිදි දෙඅත්ල එකතුකර) බබළන ඇඳිලියෙන් වැන්දෙමි, එහි භද්දෙති මං අවච සා මෙ ආසුපසම්පදා - මා රහත්බවට පැමිණ බුදුන්ගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්වා සිටි කල්හි උන්වහන්සේ ‘භද්දා, මෙහි එන්න. භික්ෂුණී ආරාමයකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබාගන්න.’ යනුවෙන් වදාළහ. අවච - අණකළේය. බුදුන්ගේ ඒ ආඥාව මගේ උපසම්පදාවට කාරණ වූ හෙයින් උපසම්පදාව ආසි - විය.
චිණ්ණාතිආදිකා ද්වෙ ගාථා අඤ්ඤාබ්යාකරණගාථා. තත්ථ චිණ්ණා අඞ්ගා ච මගධාති යෙ ඉමෙ අඞ්ගා ච මගධා ච වජ්ජී ච කාසී ච කොසලා ච ජනපදා පුබ්බෙ සාණාය මයා රට්ඨපිණ්ඩං භුඤ්ජන්තියා චිණ්ණා චරිතා, තෙසුයෙව සත්ථාරා සමාගමතො පට්ඨාය අනණා නිද්දොසා අපගතකිලෙසා හුත්වා පඤ්ඤාස සංවච්ඡරානි රට්ඨපිණ්ඩං අභුඤ්ජිං අහං.
චිණ්ණා අඞ්ගා මගධං ච වජ්ජි කාසි කොසලාච - මේ ජනපදවල පෙර මා විසින් රටවැසියාගේ පිණ්ඩය වළඳන ලදී. චිණ්ණා - හැසිරිණ. එහිම බුදුන්වහන්සේ හමුවීමේ පටන් අනණා - නිදොස්ව, කෙලෙස් පහකර අවුරුදු පණහක් රටවැසියාගේ දානය වැළඳීමි.
යෙන අභිප්පසන්නමානසෙන උපාසකෙන අත්තනො චීවරං දින්නං, තස්ස පුඤ්ඤවිසෙසකිත්තනමුඛෙන අඤ්ඤං බ්යාකරොන්තී “පුඤ්ඤං වත පසවී බහු”න්ති ඔසානගාථමාහ. සා සුවිඤ්ඤෙය්යාව.
මා කෙරෙහි පැහැදුණු එක්තරා උවසුවකු විසින් සිවුරක් පූජාකරන ලදී. ඒ පිනෙහි අනුසස් ප්‍රකාශ කිරීම වශයෙන් අනෙකක් පවසමින් පුඤ්ඤං වත පසවි බහුං - යන අවසාන ගාථාව කීවාය. එය මැනැවින් දතයුත්තේමය.
භද්දාකුණ්ඩලකෙසාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
භද්දා කුණ්ඩලකේසාගේ ගාථා වර්ණනාව නිමි.