සොණථෙරීගාථාවණ්ණනා අට්ඨකථා
සොණථෙරීගාථාවණ්ණනා
සෝණා ථේරීගාථා වර්ණනාව
දස පුත්තෙ විජායිත්වාතිආදිකා සොණාය ථෙරියා ගාථා. අයම්පි පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ආරද්ධවීරියානං භික්ඛුනීනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා, අධිකාරකම්මං කත්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං පුඤ්ඤානි කත්වා, තතො චුතා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තා පතිකුලං ගතා දස පුත්තධීතරො ලභිත්වා බහුපුත්තිකාති පඤ්ඤායිත්ථ. සා සාමිකෙ පබ්බජිතෙ වයප්පත්තෙ පුත්තධීතරො ඝරාවාසෙ පතිට්ඨාපෙත්වා සබ්බං ධනං පුත්තානං විභජිත්වා අදාසි, න කිඤ්චි අත්තනො ඨපෙසි. තං පුත්තා ච ධීතරො ච කතිපාහමෙව උපට්ඨහිත්වා පරිභවං අකංසු. සා “කිං මය්හං ඉමෙහි පරිභවාය ඝරෙ වසන්තියා”ති භික්ඛුනියො උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තං භික්ඛුනියො පබ්බාජෙසුං. සා ලද්ධූපසම්පදා “අහං මහල්ලිකාකාලෙ පබ්බජිත්වා අප්පමත්තාය භවිතබ්බ”න්ති භික්ඛුනීනං වත්තපටිවත්තං කරොන්තී “සබ්බරත්තිං සමණධම්මං කරිස්සාමී”ති හෙට්ඨාපාසාදෙ එකථම්භං හත්ථෙන ගහෙත්වා තං අවිජහමානා සමණධම්මං කරොන්තී චඞ්කමමානාපි “අන්ධකාරෙ ඨානෙ රුක්ඛාදීසු යත්ථ කත්ථචි මෙ සීසං පටිහඤ්ඤෙය්යා”ති රුක්ඛං හත්ථෙන ගහෙත්වා තං අවිජහමානාව සමණධම්මං කරොති. තතො පට්ඨාය සා ආරද්ධවීරියතාය පාකටා අහොසි. සත්ථා තස්සා ඤාණපරිපාකං දිස්වා ගන්ධකුටියං නිසින්නොව ඔභාසං ඵරිත්වා සම්මුඛෙ නිසින්නො විය අත්තානං දස්සෙත්වා –
දසපුත්තෙ විජායිත්වා - මෙය සෝණා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපද වැඩී එක දවසක් බුදුන් සමීපයෙහි බණ අසන්නී බුදුන් එක්තරා භික්ෂුණියක් අත්නොහළ වීර්ය ඇති භික්ෂුණීන්ගෙන් අගතැනට පත්කරනු දැක අධිකාර්යකර්ම කොට තමාද ඒ තනතුරු පතා දිවිතෙක් පින්කම් කොට එයින් චුතව කප් සියදහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිර මේ බුදුපතෙහි සැවැත්නුවර කුලයක ඉපිද වැඩිවියට පැමිණ පතිකුලයට ගොස් පුතුන් දසදෙනෙකු ලබා, බහුපුත්‍රිකා - යන නමින් පළට වූවාය. ඕ සැමියා පැවිදිවූ කල්හි දූ දරුවන් වැඩිවිය පැමිණි කල්හි විවාහ ජීවිතයෙහි පිහිටුවා සියලු ධනය ඔවුන් අතර බෙදාදී කිසිවක් තමා සන්තකව තබා නොගත්තාය. ඒ දූපුත්තු දින කිහිපයක් ඇයට උවටැන්කොට පරිභව කළහ. ඕ මෙවැනි පරිභව විඳිමින් මෙහි විසීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා භික්ෂුණීන් වෙත ගොස් පැවිද්ද ඉල්ලුවාය. භික්ෂුණීහු ඇය පැවිදි කළහ. ලබනලද උපසම්පදාව ඇති ඕතොමෝ ‘මා මහඑකල පැවිදි වූ හෙයින් අප්‍රමාදව මහණදම් පුරන්නෙමැයි ප්‍රාසාදයෙහි පහළ කණුවක් අල්වාගෙන එය අල්වාගෙනම භාවනාවෙහි යෙදෙන්නී, පසුව සක්මණෙහි යෙදී සිටිනවිට අඳුරු තැන්වලදී ඇගේ හිස ගස් ආදියෙහි හැපෙතැයි ගහ අතින් අල්වාගෙනම භාවනා කරයි. එතැන් පටන් ඕතොමෝ දැඩිවීර්ය ඇත්තියකැයි ප්රකටවිය. බුදුහු ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැක ගඳකිළියෙහි හුන්නාහුම ආලෝක ධාරාවක් විහිදුවා ඇයගේ අභිමුවෙහි සිටින්නාක් මෙන් තමා දක්වා:
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො ධම්මමුත්තම”න්ති. (ධ· ප· 115) –
යො ච වස්සසතං ජීවෙ අපස්සං ධම්මමුත්තමං, එකාහං ජීවිතං සෙය්යො පස්සතො ධම්මමුත්තමං-
යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත්වේද එහෙත් උතුම් දහම දකිමින් එක දිනක් හෝ වෙසෙන තැනැත්තාගේ ජීවිතය එයට වඩා ශ්‍රේෂ්ඨ වේ,
ගාථං අභාසි. සා ගාථාපරියොසානෙ අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙරී 2.3.220-243) –
යන ගාථාව දෙසූහ. ගාථාව නිමවෙත්ම ඕතොමෝ රහත්පෙළෙහි පිහිටියාය. එහෙයින් කියනලදී අපදානයෙහි:
“පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ; ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්මයන්ගේ කෙළවරට පැමිණියා වූ දීපඞ්කර නම් බුදුවරයෙක් ලොව පහළ වූහ.
“තදා සෙට්ඨිකුලෙ ජාතා, සුඛිතා පූජිතා පියා; උපෙත්වා තං මුනිවරං, අස්සොසිං මධුරං වචං.
එකල මම සුඛිතමුදිත වූ සිටුකුලයෙක ඉපදී දිනක් ඒ බුදුවරයාගේ මිහිරි ධර්මය ඇසීමි.
“ආරද්ධවීරියානග්ගං, වණ්ණෙසි භික්ඛුනිං ජිනො; තං සුත්වා මුදිතා හුත්වා, කාරං කත්වාන සත්ථුනො.
එහිදී වීර්යවන්ත භික්ෂුණියක් අගතනතුරෙහි පිහිටුවනු දැක මම ඒ සඳහා ප්‍රාර්ථනා කළෙමි. බුදුන්වහන්සේට වැඳ මමද ඒ තනතුර ප්‍රාර්ථනා කළෙමි.
“අභිවාදිය සම්බුද්ධං, ඨානං තං පත්ථයිං තදා; අනුමොදි මහාවීරො, සිජ්ඣතං පණිධී තව.
ඒ මහාවීරයානන් වහන්සේ මගේ ප්‍රණිධිය සමෘද්ධවන බව ප්‍රකාශ
“සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
‘මෙයින් කල්ප සියක්දහසක් ගතවූ කල ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළවන්නාහ.’
“තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා; සොණාති නාම නාමෙන, හෙස්සති සත්ථු සාවිකා.
‘ඔබ එකල ඒ බුදුන්ගේ සසුනෙහි ධර්මයට දායාද වී සෝණා නමින් ශ්‍රාවිකාවක් වන්නීය.’
“තං සුත්වා මුදිතා හුත්වා, යාවජීවං තදා ජිනං; මෙත්තචිත්තා පරිචරිං, පච්චයෙහි විනායකං.
එය අසා අතිශය සතුටට පැමිණි මම ජීවිතාන්තය දක්වා මෙත් සිතින් ඒ බුදුන්වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කළෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
ඒ පින්කමෙහි අනුසසින් මම මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා සෙට්ඨිකුලෙ අහං; \සාවත්ථියං පුරවරෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
මගේ මේ අවසාන අත්බැවෙහි සැවැත් නුවර ධනවත් වූ සමෘද්ධිමත් සිටුකුලයක උපනිමි.
“යදා ච යොබ්බනප්පත්තා, ගන්ත්වා පතිකුලං අහං; දස පුත්තානි අජනිං, සුරූපානි විසෙසතො.
යෞවනයට පැමිණියා වූ මම පතිකුලයට ගොස් සුරූපී දරුවන් දසදෙනෙක් ලදිමි.
“සුඛෙධිතා ච තෙ සබ්බෙ, ජනනෙත්තමනොහරා; අමිත්තානම්පි රුචිතා, මම පගෙව තෙ සියා.
සියලු සැපසම්පත් දී ඇතිදැඩි කරනු ලැබූ ඔවුහු සියලුදෙනාට, සතුරන්ට පවා ප්‍රිය වූහ, මාගැන කියනුම කවරේද?
“තතො මය්හං අකාමාය, දසපුත්තපුරක්ඛතො; පබ්බජිත්ථ ස මෙ භත්තා, දෙවදෙවස්ස සාසනෙ.
ඉක්බිති මගේ කැමැත්තක් නැතිවම මගේ සැමියා බුදුන්ගේ සසුනෙහි පැවිදි විය.
“තදෙකිකා විචින්තෙසිං, ජීවිතෙනාලමත්ථු මෙ; චත්තාය පතිපුත්තෙහි, වුඩ්ඪාය ච වරාකියා.
එයින් හුදෙකලා වූ මම මගේ ජීවිතයෙන් පලක් නැතැයි සිතුවෙමි. සැමියා හා දරුවන්ගෙන් වෙන්වූ තලතුනාවූ අවාසනාවන්ත තැනැත්තියක් වීමි.
“අහම්පි තත්ථ ගච්ඡිස්සං, සම්පත්තො යත්ථ මෙ පති; එවාහං චින්තයිත්වාන, පබ්බජිං අනගාරියං.
මගේ සැමියා ගියාවූ ඒ ස්ථානයටම මමද යන්නෙමැයි සිතා අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.
“තතො ච මං භික්ඛුනියො, එකං භික්ඛුනුපස්සයෙ; විහාය ගච්ඡුමොවාදං, තාපෙහි උදකං ඉති.
ඉක්බිති භික්ෂුණීහු එක්තරා මෙහෙණ අරමක වෙසෙන මට වතුර ටිකක් උණු කරන්ට කියා ගියහ.
“තදා උදකමාහිත්වා, ඔකිරිත්වාන කුම්භියා; චුල්ලෙ ඨපෙත්වා ආසීනා, තතො චිත්තං සමාදහිං.
මම වතුර ගෙනවුත් භාජනයකට වත්කර ලිප තබා හුන්නෙමි, එහිදී මගේ සිත පිරිසිදුවිය.
“ඛන්ධෙ අනිච්චතො දිස්වා, දුක්ඛතො ච අනත්තතො; ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ, අරහත්තමපාපුණිං.
ඛන්ධයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දැක සියලු ආසව දුරුකර රහත්බවට පැමිණියෙමි.
“තදාගන්ත්වා භික්ඛුනියො, උණ්හොදකමපුච්ඡිසුං; තෙජොධාතුමධිට්ඨාය, ඛිප්පං සන්තාපයිං ජලං.
එකල්හි භික්ෂුණීහු පැමිණ උණුවතුර ගැන විමසූහ. එකෙණෙහිම මම තේජෝ ධාතුවට සමවැද වතුර උණුකරදීමි.
“විම්හිතා තා ජිනවරං, එතමත්ථමසාවයුං; තං සුත්වා මුදිතො නාථො, ඉමං ගාථං අභාසථ.
එයින් මවිත වූ මෙහෙණෝ ඒ බව බුදුන්ට දැන්වූහ. එය ඇසූ බුදුහු සතුටුවී මේ ගාථාව දෙසූහ.
“යො ච වස්සසතං ජීවෙ, කුසීතො හීනවීරියො; එකාහං ජීවිතං සෙය්යො, වීරියමාරභතො දළ්හං.
යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත්වේද එහෙත් දැඩි වීර්යයෙන් සමන්විතව එක දවසක් හෝ විසීම වඩා ශ්‍රේෂ්ඨය.
“ආරාධිතො මහාවීරො, මයා සුප්පටිපත්තියා; ආරද්ධවීරියානග්ගං, මමාහ ස මහාමුනි.
සතුටු කරනු ලැබුවා වූ ඒ මහාවීරයන් වහන්සේ මා දැඩි වීර්යයෙන් යුත් මෙහෙණගෙන් අග්‍රයයි දෙසූහ.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මා විසින් කෙලෙස් දවනලදී -පෙ- බුදුන්ගේ අවවාදය අනුගමනය කළෙමි.
අථ නං භගවා භික්ඛුනියො පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො ආරද්ධවීරියානං අග්ගට්ඨානෙ ඨපෙසි. සා එකදිවසං අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානවසෙන –
අනතුරුව බුදුන්වහන්සේ පිළිවෙළින් භික්ෂුණීන් අගතනතුරුවලට පත්කරන්නාහු අත්නොහරින වීර්යය ඇත්තවුන්ගෙන් ඕතොමෝ අග්‍රස්ථානයට පත්කරනු ලැබුවාය. එක දවසක ඕ තමාගේ ඒ පිළිවෙත බලා උදන් විසින් මෙසේ ප්‍රකාශ කළාය:
“දස පුත්තෙ විජායිත්වා, අස්මිං රූපසමුස්සයෙ; තතොහං දුබ්බලා ජිණ්ණා, භික්ඛුනිං උපසඞ්කමිං.
එවැනි රූසපුවකින් හෙබි මම පුතුන් දසදෙනෙකු බිහිකර දුර්වල වී දිරාගිය පසු භික්ෂුණීන් වෙත ගියෙමි.
“සා මෙ ධම්මමදෙසෙසි, ඛන්ධායතනධාතුයො; තස්සා ධම්මං සුණිත්වාන, කෙසෙ ඡෙත්වාන පබ්බජිං.
එක මෙහෙණක් මට ඛන්ධ ආයතන ධාතු ආදීන් පිළිබඳව ධර්මය දේශනා කළාය. ඒ ධර්මය අසා කෙස් බහා පැවිදිවීමි.
“තස්සා මෙ සික්ඛමානාය, දිබ්බචක්ඛු විසොධිතං; පුබ්බෙනිවාසං ජානාමි, යත්ථ මෙ වුසිතං පුරෙ.
එසේ හික්මෙන්නා වූ මම දිවැස පිරිසිදු කළෙමි. මම කලින් විසූ ආත්මභාවයන් දනිමි.
“අනිමිත්තඤ්ච භාවෙමි, එකග්ගා සුසමාහිතා; අනන්තරාවිමොක්ඛාසිං, අනුපාදාය නිබ්බුතා.
එකඟ වූ සිතින් භාවනාව වඩමි, ඒ සමගම මිදුණෙමි, කෙලෙස් නිවීමෙන් නිවුණෙමි.
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා, තිට්ඨන්ති ඡින්නමූලකා; ධි තවත්ථු ජරෙ ජම්මෙ, නත්ථි දානි පුනබ්භවො”ති. – ඉමා ගාථා අභාසි;
මැනවින් හඳුනාගත් පඤ්චස්කන්ධයෝ මුල්සුන්ව ඇත. ජරාව උපතට නින්දා වේවා. දැන් මට නැවත ඉපදීමක් නැත.
තත්ථ රූපසමුස්සයෙති රූපසඞ්ඛාතෙ සමුස්සයෙ. අයඤ්හි රූපසද්දො “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්තිආදීසු (සං· නි· 4.60) රූපායතනෙ ආගතො. “යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්තිආදීසු (අ· නි· 4.181) රූපක්ඛන්ධෙ. “පියරූපෙ සාතරූපෙ රජ්ජතී”තිආදීසු (ම· නි· 1.409) සභාවෙ. “බහිද්ධා රූපානි පස්සතී”තිආදීසු (දී· නි· 3.338; අ· නි· 1.427-434) කසිණායතනෙ. “රූපී රූපානි පස්සතී”තිආදීසු (දී· නි· 3.339; අ· නි· 1.435-442) රූපඣානෙ. “අට්ඨිඤ්ච පටිච්ච න්හාරුඤ්ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්ත්වෙව සඞ්ඛං ගච්ඡතී”තිආදීසු (ම· නි· 1.306) රූපකායෙ. ඉධාපි රූපකායෙව දට්ඨබ්බො. සමුස්සයසද්දොපි අට්ඨීනං සරීරස්ස පරියායො. “සතන්ති සමුස්සයා”තිආදීසු අට්ඨිසරීරපරියායෙ. “ආතුරං අසුචිං පූතිං, පස්ස නන්දෙ සමුස්සය”න්තිආදීසු (ථෙරගා· 19) සරීරෙ. ඉධාපි සරීරෙ එව දට්ඨබ්බො. තෙන වුත්තං – “රූපසමුස්සයෙ”ති, රූපසඞ්ඛාතෙ සමුස්සයෙ සරීරෙති අත්ථො. ඨත්වාති වචනසෙසො. අස්මිං රූපසමුස්සයෙති හි ඉමස්මිං රූපසමුස්සයෙ ඨත්වා ඉමං රූපකායං නිස්සාය දස පුත්තෙ විජායිත්වාති යොජනා. තතොති තස්මා දසපුත්තවිජායනහෙතු. සා හි පඨමවයං අතික්කමිත්වා පුත්තකෙ විජායන්තී අනුක්කමෙන දුබ්බලසරීරා ජරාජිණ්ණා ච අහොසි. තෙන වුත්තං “තතොහං දුබ්බලා ජිණ්ණා”ති.
එහි, රූපසමුස්සයෙ - රූපය සංඛ්‍යාත සිරුරෙහි (එක ගොඩෙහි) මේ රූපශබ්දය ‘ඇස පිළිබඳව ද රූපය පිළිබඳව ද චක්ඛු විඤ්ඤාණ යනුවෙන් යෙදෙයි. මේ ආදී තන්හි රූපායතනය ගැනෙයි.’ ‘යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන’ යනාදී තන්හි රූපස්කන්ධයෙහි යෙදෙයි. ‘ප්‍රිය රූපයන්හි රසවත් රූපයන්හි’ ආදී තන්හි ස්වභාවයෙහි යෙදෙයි. ‘බාහිර රූපයන් දකියි’ යනාදී තන්හි කසිණ අර්ථයෙහි යෙදෙයි. රූපය ඇත්තා රූපයන් දකියි’ යන තන්හි රූප ධ්‍යානයෙහි යෙදෙයි’. ඇට නහර සම් මස් පිළිබඳ අවකාශයෙන් වටවූ ස්කන්ධ සමවාය රුපය යන නාමය ගනියි. මේ ආදී තන්හි රූපකායයෙහි වැටෙයි. මේ ගාථාවෙහි ද රූපකායෙහිම යෙදී තිබෙන බව දත යුතුය. සමුස්සය ශබ්දය ද ‘ඇට සියගණනක් එක්වූ අවස්ථාව සරීරය යන නම ලබයි.’ මෙතැන්හි ඇට යන ශබ්දය සිරුර යන අර්ථය ගෙනදෙයි. ‘නන්දා, රෝගීවූ අපවිත්‍ර වූ, කුණුවූ මේ අස්ථි පඤ්ජරය බලන්න’ ආදී තන්හි සිරුර යන තේරුම ගෙනදෙයි. මෙහිද එය ශරීරාර්ථයෙහි යෙදෙන බව දත යුතුය. එහෙයින් රූපසමුස්සයෙ - යනුවෙන් ගෙන තිබෙන්නේ රූපසඞ්ඛ්යාත රාශියෙහි සරීරයෙහිම යුක්ත භාවය දතයුතුය. ඨත්වා - (සිට) යන වචනය බැහැරින් ගතයුතුය. අස්මිං රූපසමුස්සයෙ - මේ රූප එකතුවෙහි සිට ‘මේ රූපකාය ඇසුරුකර දරුවන් දසදෙනෙකු බිහිකර’ යනුවෙන් යොදාගත යුතුය. තතො එහෙයින්, දස පුතුන් බිහිකිරීම හේතුවෙන් යනුය. ඕතොමෝ ප්‍රථම වයස ඉක්මවා දරුවන් ලබන්නී ක්‍රමයෙන් සිරුර දුබල වී ජරාවෙන් දිරාගියා වෙයි. එහෙයින්, තතොහං දුබ්බලා ජීණ්ණා - යනුවෙන් කියන ලදී.
තස්සාති තතො, තස්සාති වා තස්සා සන්තිකෙ. පුන තස්සාති කරණෙ සාමිවචනං, තායාති අත්ථො. සික්ඛමානායාති තිස්සොපි සික්ඛා සික්ඛමානා.
එහෙයින් ඇයගේ යනුවෙන් ඇය සමීපයෙහි යනුවෙන් ද ගැනේ. තස්සා යනු කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති පදයකි. ඇය කරණකොට යන තේරුමය. සික්ඛාමානාය - ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මෙන්නී,
අනන්තරාවිමොක්ඛාසින්ති අග්ගමග්ගස්ස අනන්තරා උප්පන්නවිමොක්ඛා ආසිං. රූපී රූපානි පස්සතීතිආදයො හි අට්ඨපි විමොක්ඛා අනන්තරවිමොක්ඛා නාම න හොන්ති. මග්ගානන්තරං අනුප්පත්තා හි ඵලවිමොක්ඛා ඵලසමාපත්තිකාලෙ පවත්තමානාපි පඨමමග්ගානන්තරමෙව සමුප්පත්තිතො තං උපාදාය අනන්තරවිමොක්ඛා නාම, යථා මග්ගසමාධි ආනන්තරිකසමාධීති වුච්චති. අනුපාදාය නිබ්බුතාති රූපාදීසු කිඤ්චිපි අග්ගහෙත්වා කිලෙසපරිනිබ්බානෙන නිබ්බුතා ආසිං.
අන්තරාවිමොක්ඛාසිං - අග්රමාර්ගයෙන් පසුව ලැබුණු මෝක්ෂය (මිදීම) ඇත්ති වීමි. ‘රූපය ඇත්තේ රූපයන් දකියි’ ආදිය වනාහී අටවැදෑරුම් විමොක්ෂයන් ද අනන්තර විමොක්ෂ යනුවෙන් නොහැඳින්වේ. මාර්ගාවසානයේ දී ලබාගත්තා වූ ඵලවිමොක්ෂයන් ඵලසමාපත්ති අවස්ථාවෙහි පවන්නේ නමුදු ප්‍රථම මාර්ගයෙන් පසුව උපන් හෙයින් එයද අර්ථ වශයෙන් ගෙන අනන්තරවිමොක්ඛා යනුවෙන් හැඳින්විණ. මාර්ගානුසාරයෙන් ලබා ගන්නා සමාධිය ආනන්තරික සමාධිය යනුවෙන් හැඳින්වෙන්නාක් මෙනි, අනුපාදාය නිබ්බුතා - රූපාදි කිසිවක් නොගෙන කෙලෙස් තැවීමෙන් නිවුණෙම් වෙමි.
එවං විජ්ජාත්තයං විභාවෙත්වා අරහත්තඵලෙන කූටං ගණ්හන්තී උදානෙත්වා, ඉදානි ජරාය චිරකාලං උපද්දුතසරීරං විගරහන්තී සහ වත්ථුනා තස්ස සමතික්කන්තභාවං විභාවෙතුං “පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා”ති ඔසානගාථමාහ. තත්ථ ධි තවත්ථු ජරෙ ජම්මෙති අඞ්ගානං සිථිලභාවකරණාදිනා ජරෙ ජම්මෙ ලාමකෙ හීනෙ තව තුය්හං ධි අත්ථු ධිකාරො හොතු. නත්ථි දානි පුනබ්භවොති තස්මා ත්වං මයා අතික්කන්තා අභිභූතාසීති අධිප්පායො.
මෙසේ ත්‍රිවිද්‍යාව වඩා රහත්පෙලෙන් කුළුගන්වන්නී උදම් අනා දැන් ජරාවෙන් කලක සිට පෙළෙන සිරුරට නිග්‍රහ කරන්නී එය ඉක්මවා යන බව පැහැදිලි කරවීමට පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා යන අවසාන ගාථාව ප්‍රකාශ කළාය. එහි, ධීතවත්ථු ජරෙ ජම්මෙ - අඟපසඟ ලිහිල්වීමේ ආදියෙන් ජරාවෙන් යුක්ත වූ, ජම්මෙ - ලාමකවූ හීනවූ තව ඔබට, ධී අත්ථු - නින්දාවේවා, නත්ථිදානි පුනබ්භවො - එහෙයින් දැන් මා ඔබ ඉක්මවා ගොස්ය, ඔබ යටපත්කර ඇත්තෙමි යනු මෙහි අභිප්රාවය.
සොණාථෙරීගාථාවණ්ණනා නිට්ඨිතා.
සොණා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.